තමුන්නාන්සේ වේලාසනින්ම
නිඳාගෙන නේද හිටියේ? මඟුලකටද යක්ෂයො.... (foto-
සඳසරා පීරිස්) |
සීරුවෙන් පා ඔසවමින් කූඩාරමෙන් එළියට ආවත් ටෝච් එක
නොදල්වා tent එකෙන් ඈතට යන්නේ කොහොමද? එහෙම ගිහින් සුළු දිය බාලා, ආපහු කූඩාරමට
එද්දී හක්ස්ලිත් ඇහැරිලාය. “වෙලාව කීයද නිමල් අය්යේ?”
අපේ කතා සද්දය නිසා අර ‘පරිසර ලෝලීන්ගේ
සංවාද මණ්ඩපය’ විසුරුවා හැරියා වගෙය.
“ප්‍රියංකර, අද පාන්දර මෙහෙම කතාවක් මගේ කනට වැටුණනෙ....” කියන තැනින් පටන් ගෙන- පාන්දර
storyය කියලා, එයාගෙනුත් ඒ විස්තර
ඇසුවෙමි.
මොන? ප්‍රියංකර ගල් ආඳෙකි! යන්තමින් තොරතුරු කිව්වා මිස කාටවත් දැඩි විවේචනයක්
එල්ල නොකරන්නට පරෙස්සම් වුණා වගෙය, මට පෙනුණේ. ඔහු කියන විදිහට සමහර කණ්ඩායම්
විනෝදයට නොව, පරිසර අධ්‍යයනයන් සඳහාය බත්තලංගුණ්ඩුවට එන්නේ. “එහෙම සර්ලා ටිකක්
වෙන්ඩ ඇති!”
“හැබැයි සර්! තව ටික කාලයක් යනකොට මේ හරියත්
මූදටම ගිහින් තියේවි කියල නං අපිත් බයෙන් ඉන්නේ!”
ඒසා උඩ දමන ‘සංවර්ධන සැලසුම්’ රට පුරා ක්‍රියාත්මක
කෙරෙන්නේ ඇත්තටම පරිසර හානි ගැනත් කෙරෙන නිසි අධ්‍යයනවලින් පසුවද?
“ඊයේ රෑ නිමල් අයියට ඇහැරවන්නත් හිතිලා ආයේම
නිකං හිටියා.” හර්ෂ තේ කේතලය අරගෙන එන අතරේ අයස්මන්ත කිව්වේය.
“තමුන්නාන්සේ වේලාසනින්ම නිඳාගෙන නේද හිටියේ? මඟුලකටද යක්ෂයො මගේ නින්ද කඩන්න
හැදුවේ... මං නිඳා ගන්න ගියේ එකොළහට විතරනේ.” මම සිරිත් ලෙසම කඩා පැන්නෙමි.
අර පේනව නේද? මිල්කි වේ නොබලා නෙවිලාවතී
නිඳාගෙන තියෙන්නේ බෝට්ටුවක් ඇතුළේ, සීට්
එකක් උඩ! (foto- සඳසරා
පීරිස්) |
රෑ ඇහැරිලා උඩ බැලුවම නිමල් අයියේ, Milky Way එක නියමෙට දැක්කා. මතකයිනෙ, පාද යාත්‍රාවේ ගිහින් ඉද්දි.... ඊටත් වැඩිය ක්ලියර්.
-ඒකයි යුෂ්මතාටත් කූද්දන්න හිතුණේ. හරිශයා වැල්ලෙ රෙද්දක් එළාගෙන නිඳාගෙන හිටිය. මමත්
එතැනම ඇල වෙලා සෑහෙන වෙලාවක් අහස දිහා බලන් හිටිය. දන්නෙම නැතිව මටත් නින්ද ගිහින්...”
එදා අපේ gentsලා වැඩි දෙනෙකුට නිඳා ගත්තේ කොහේදැයි නිනව් නැත.
“අර පේනව නේද? මිල්කි වේ නොබලා නෙවිලාවතී නිඳාගෙන තියෙන්නේ බෝට්ටුවක් ඇතුළේ, සීට්
එකක් උඩ! ඒයි.... තේ බොන්න එනවා...”
නිදි ගැට කඩමින් ඒ හාදයා උජාරු කතා කියයි. “Bed tea එක ළඟට ගේන්න ඕනිනේ මචං...”
“බෙඩ් ටී එක ගේන්න තමුසේ ඉන්නෙ ඇඳකද? කුණු වෙන්න බීල බෝට්ටු සීට් එක උඩ නිඳා
ගන්නකොට පෙනුණේ ඇඳක් වගේද? අර තව එකෙක්. බලනවකො බෝට්ටුව පතුළේ ගුළි වෙලා නිඳාගෙන
ඉන්න ලස්සන....”
“කවුද හලෝ කුණු වෙන්න බිව්වේ. අපි මඳ
පමණට... මඳ පමණට... බුදුහාමුරුවොත් දේසනා කළේ- මොකක්ද? දන්නවද... මජ්ජපමා...”
මෙහෙව් එකෙකු එක්කලා කොහේ කතා කරන්නද?
අපේ ගෝරිය නිවෙනකල්ය, සාන්ත බලා ඉඳලා
තියෙන්නේ.
“මොකක්ද පීරා මිල්කි වේ කිව්වේ?”
“කියනව වගේ නෙවෙයි සාන්ත, ඒක බලන්නම ඕනි දෙයක්!”
අයස්මන්ත ‘අහස් ගඟ’ ගැන විස්තරය කියයි. හැම දෙයකදීම පාහේ සිංදුවක්- පොතක්- film
එකක්- නාට්‍යයක් සිහියට එන මට කල්පනා වුණේ ‘අහස් ගඟ’ ගැන ලියවී තියෙන්නේ එකම-එක
ගීතයක බවයි. ‘යොවුන් වසන්තයේ දුහුල් වලාකුළේ’.... තව සිංදු තියෙනවද?
ඒ වැල්ල පිවිතුරුය; නොකිළිටිය.... |
“අපි නං ඔතෙන්ට රිංගන්න බලා හිටියේ නෑ.
ඉන්දියාවටම ගියා. කිසි කරදරයක් නැතිව චූන් එකේ වැඩේ කරගෙන ආවා!” ඒ ඔජ වැඩිල්ල මගේ
හිතටත් වැදුණේය. “කොහොමද.... එහෙ අවුලක් නැද්ද?”
“නියමයි... මුහුදු හුළං වැදි-වැදී....”
ඒ විස්තරයෙන් පස්සේ, සාන්තත් මාත් දෙන්නාම
වෙරළ දිගේ අනන්තයට ඇවිදගෙන ගියෙමු.
ඒ වැල්ල පිවිතුරුය; නොකිළිටිය; එහෙත් බෑවුම වැඩිය.
පිවිතුරුය- නොකිළිටිය!
ඒ කීම බොරු කරන සාක්කි තිබ්බේ ගොඩකරයට වෙන්නටය. ‘ඔක්කොම කුණු බේරුවල් බොක්කට’
නෙවෙයි වගෙය... සාගරයට වෙන්නට ඇතිය.
‘උඹලගෙ කුණු මට මොකටද?’ සයුර සිතනවා වෙන්නැති. හෝමෝසේපියන් සතා ඉවක්- බවක්, ලවක්-
දෙවක්, අනුකම්පාවක් නැතිව මුහුදට දාන කුණු සේරම ‘සිඳු ළඳ’ ආපසු ගෙනෙන්නේ බත්තලංගුණ්ඩුවටද?
වැල්ලෙන් ගොඩට වෙන්නට එකම ප්ලාස්ටික් කසළ
අංගණයකි!
බිම් තඹුරු වැල්, පුංචි පුංචි පඳුරු,
ප්ලාස්ටික් ගොඩවල් විතරක් නොවේ වීදුරු බෝතලත් මඟ හරිමින්ය අපි ‘සුදුසු ඉසව්ව’ක් කරා ගියේ. ගොහින් ‘ලොකු
වැඩේ’ කර ගත්තේ.
“උදේ අර පැත්තට ගියාම මං දැක්කා ප්‍රියංකර,
එක ළඟ තියලා තියෙනව ලොකු ප්ලාස්ටික් බූලි ගොඩ-ගොඩ. තැනින් තැන. ඒ හරියේ ලොකු
වළවලුත් තිබ්බා... මොනවද මහත්තයො, ඒ?”
“ඒ නිමල් අයියේ, වතුර බූලි.
දූපතේ අයට බොන්න වතුර ගෙන්න ගන්නෙත් කල්පිටියෙන්. ගෙදර වැඩවලට- හෝදන්න කරන්න දූපතේ
අය මිරිජ්ජ වතුර ගන්නෙ වැල්ලෙ වළවල් හාරලා.... එක වළක් හාර ගත්තම ඒකෙන් වතුර ලීටර්
20-30ක් ගත්තැකි. ඊට පස්සේ කරිජ්ජ උනන්න ගන්නවා. එතකොට තව වළක් හාරා ගන්නව.”
ඒ විදිහට බලද්දී දූපත්වාසීන් විඳිනවා ඇත්තේ සුළු-පටු කරදරයක් නොවේ.
ඔයා තමයි මෙයාට කියන්න ඇත්තේ
ගිහින් tent එකෙන්
නිඳා ගනිං කියලා.... (foto- වෙනුජ තේජාන්) |
අතුලම ඇහුවේ සාන්තගෙනි. මං කළේ අහගෙන
ඉඳිල්ලය. උත්තර දෙන්නේ සාන්තගේ ඇඹණියයි.
“තව මොකද වුණේ කියලත් අහන ලස්සන.
මේ අතුල... කට වහගෙන නොහිටියොත් ඔයාව උස්සගෙන ගිහින් මුහුද මැදට දානවා. ඔයා තමයි
මෙයාට කියන්න ඇත්තේ ගිහින් tent එකෙන් නිඳා ගනිං කියලා.... ඔව් නිමල් අය්යේ,
කවදාවත් නැතිව සාන්ත ඊයේ රෑ කූඩාරම ඇතුළට ඇවිත් මැද්දෙම පෙරළුණා. අපිට ඉඩක් නෑ... ඉතිං
අපි නිඳා ගත්තේ එළියේ...”
“වැරදි වැඩේ මචං, උඹ පවුලව එළියට දැම්මේ!
චුට්ටක් හිතන්න එපැයි බං. ඒ මදිවට උඹ පුතාගේ කලිසමලු ඇඳගත්තෙත්....” අතුල බබීතාව
තවත් අවුස්සන්නට බලයි.
“වෙනදට මම එහෙම වැඩි වෙන්න ගන්නෙ නෑනෙ මචං... ඊයේ කවලම් වුණු නිසා වෙන්නැති...
වැදුණා! ඒක තේරිච්ච ගමන් තමයි මං ගිහින් ඇල වුණේ...
දැන් නං බඩගිනියි.... කන්න මොකුත් නැද්ද බබිතා?” සාන්ත අසයි,
එතකොටත් මේසය උඩට පෙති පාන් ගෙඩි ගොඩක් ready
පිටය. “ප්‍රියංකරලා මාළු කරියකුයි, පොල් සම්බෝලයි ගේනව කිව්වා. එතකල් ඉන්න ඔයාට
බැරි නං, අපි ගෙනාව ජෑම්- බටර් එහෙමත් තියෙනවා...”
“එහෙනං ටිකක් වෙලා බලං ඉන්න වටිනවනේ!” සාන්ත
විතරක් නොවේ, අපිත් බලා සිටියෙමු.
“ඒ මාළු හොද්දත් මරු- පොල් සම්බෝලෙත් මරු!”
මං කිව්වේ පාතරාසය රස විඳින අතරේය.
“මං ඔය ඇහුවමයි නිමල් අයියා වෙන කෙනෙක් උයපු දේකට හොඳයි කිව්වා...” නන්ද කුමාර
මාවත් අවුස්සන්නට හදයි.
අපේ ගමන්වලදී වෙලාව යනවා දැනෙන්නේ නැත්තේ මෙහෙම රණ්ඩු හින්දාය; කොහොමෙන් හරි එකිනෙකාව
පටලවා ගන්නා හින්දාය. හැම මොහොතක්ම ‘සුහද වලි’වලින් පිරී’තිරෙන හින්දාය!
දත් වහල්ල හොඳටෝම දිරා ගිහින් තියෙන නිමල්
දිසානායකයා මුලින්ම කන්නට පටන් ගත්තත්, කෑම ඉවර කරන්නේ අන්තිමයාටය. එවේලේත් එහෙමය.
ඒකා කාලා ඉවර වෙනකොට කූඩාරම් හකුළලා; bags අසුරලා බෝට්ටුවලට බඩු පටවලාත් අහවරය.
පව්නේ සර්! ඉන්ඩ දෙමු!! අපිට
මේ බෝට්ටුව තල්ලු කරගන්න පුළුවන්නෙ. (foto-සෙරාන්
එච්. ගමගේ) |
රෑ වැටුණු වළට දවලුත් වැටෙනවා නම් ඒ ඇට මෝඩයෙකි. මෙදා සැරේ බෝට්ටුවට නැංගාම, මං වාඩි වුණේ සීට් එකක නොවේ. බෝට්ටුව පතුළේය. එහෙම කළේ එතකොට කකුල් දිග හරින්නට; ඉරියව් මාරු කරන්නට පහසු නිසාවෙනි. ගොඩටම ඇදලා තිබුණු බෝට්ටුවකට නැඟගන්නට ඉඩ ලැබීම මට වැඩියත් ලේසියක් වුණේය.
“සර්! මේක දාලා වාඩි වෙන්න.” මගේ
හෙයියම්මාරුව දුටු ‘මාමා’ බෝට්ටුවේ තිබණු මොකක්දෝ පොදියක් මට දුන්නේය. පුංචි
බත්තලංගුණ්ඩුවේ සිට එන ගමනේදී අපේ බෝට්ටුව පැදෙව්වේ ප්‍රියංකරගේ තාත්තා; ‘මාමා’ය.
“මේ මොකද මේ? බෝට්ටුව මුහුදට තල්ලු කරන්නත්
කලින් මේගොල්ලෝ නැඟලා.... බහිනවා, බහිනවා...” අපේ කල්ලියේ එකෙකුගෙන් ගෝරනාඩුවකි.
ඒ, ladiesලා දෙන්නෙකුත් මං එක්කම බෝට්ටුවට නැඟගෙන හිටි නිසාය.
“පව්නේ සර්! ඉන්ඩ දෙමු!! අපිට මේ බෝට්ටුව
තල්ලු කරගන්න පුළුවන්නෙ.”
“පුළුවන් වුණාට, බෝට්ටුව කරකවන්නත් වෙනවනේ....”
ඒ කතාවට හිනාවෙන් උත්තර දීලා ... බෝට්ටුව මුහුදට තල්ල කරන්නට පිරිස මෙහෙයවූයේ ප්‍රියංකරයි.
“කතා කරලා අල්ලමු. ඔන්න... ඕඩි හෙළෙයි!”
‘හෙළෙයි හෙළෙයි/ ඕඩි හෙළෙයි/ හෙළෙයි...’
තත්ත්පර ගණනකින් බෝට්ටුව වතුරේය. සිරිත් පරිදිම බෝට්ටු හතර පිටත් වෙන්නේ එකටමය!
“අපි දැන් යන්නෙ ගඟේ වාඩියටලු!” හරිශ්චන්ද්‍ර
වාර්තා කරයි. “නිමල්ට ඔහොම යනකොට අමාරු නැද්ද?”
“මෙහෙම ලේසියි.”
වැඩි වෙලාවක් යන්නට කලින් බෝට්ටු හතරම වම්
පැත්තට හැරිණි. අප පිවිසුණේ ගංගාවකටයි. ඉවුරුවලින් එපිට පෙනෙන්නේ කොළ පාටින්
බැබළෙන කැලෑ මණ්ඩිය. නාවික හමුදාවේ මුර පොළින් අපේ බෝට්ටු ලියාපදිංචි කරගත්තාට
පස්සේ.... අප පිවිසුණේ එළුවන්කුලම ඉසව්වේ ‘ගඟේ වාඩිය’ හරියටය.
ගඟේ අතු-ඉති දිගේ ඉහළට අපේ බෝට්ටු මන්දගාමීව ඇදෙයි. ප්‍රියංකරලා මේ සොයන්නේ හොඳ
හෙවණකි; අපේ ලොකු නඩයට පැය කීපයක් තැග් ගැහෙන්නට තරම් ඉඩ තියෙන වැලි තලාවකි.
දවස් දෙක තුනක් නැවතිලා, අපිට
මෙහේ camping කරන්නත්
අවසර දෙනවද? (foto- වෙනුජ
තේජාන්) |
“මොකක්ද මේ ගඟ?”
“දවස් දෙක තුනක් නැවතිලා මෙහේ camping කරන්නත් අවසර දෙනවද?” එක-එක්කෙනාට එක-එක ප්‍රශ්නය.
ප්‍රශ්න ඕනෑවට වඩා වැඩි වුණාම කෙරෙන්නේ එකකටවත් උත්තර නොලැබී යාමයි. මේ දවස්වල අපේ
රට පුරාම වෙන්නෙත් ඒකය!
පුරස්න විතරය; උත්තර නැත!!
බැලූ බැලූ පැත්තේ රුක් ගොමුය; ලතා මඬුලුය;
පුලින තලාවන්ටත් ඉඩ දෙමින් නිසංසලේ පහළට ඇදෙන කලා ඔයේ අතු-ඉතිය. රාජාංගණය හෙමත්
පහු කර ගෙන ආව නිසාදෝ, දැන් කලා ඔයට කිසිම හදිස්සියක් නැත.
“සර්ලා මැඩම්ලා පරෙස්සමින් බැහැගන්න. මෙතැන
හොඳයි නේද? නාලා, දවල්ට කෑවට පස්සේ අපි අටාරා ලැගූන් එකට යං... එතකං අපේ තාත්තයි,
බියුටසුයි සර්ල එක්ක මෙතන ඉඳියි.
මචං හර්ෂ... lunch පාර්සල්ස් තියෙන පෙට්ටියත් මේ නවතින බෝට්ටුවක නේද කියල බලපං....”
ප්‍රියංකර ඉක්-ඉක්මනින් විමසයි- හොයයි- බලයි!
එයාලා තවත් කට්ටියක් ප්‍රවාහනය කරන්නට
සැරසෙන පාටය.
“මචං නෙවිල්... බඩු කොයි බෝට්ටුවේද?” අපේ උනන්දුවෙක් ඒ අස්සේ විමසයි.
“හඃ හඃ, එව්වා රෙඩි. මේ නෙවිල්ට එව්වා මිස්
වෙන්නෙ නෑ. බොරුද කියලා මේ මිස්ටර් දිසානායකගෙන් අහල බලපං විශ්වාස නැත්තං!”
“මේ! මගේ කට අවුස්සා ගන්නෙ නැතිව, තමුසෙලා කරන මඟුලක් පාඩුවේ කර ගන්නවා....” මගේ
බොරු තරහව හර්ෂලටත් සිනහ ගෙනෙයි. “විශ්වාස නැත්තං...”
“පව්නේ නිමල් සර්! අපි ඒ මහත්තුරුන්ට
මේසෙකුයි පුටු ටිකකුයි දීලම යන්නං!”
“ආන්න නියම අයිඩියා එකක්... You see...එහෙමනේ ඉන්න ඕනි! දෙන්න මල්ලී.”
පුටු අර ගන්නට අපේ නඩේ ‘බාලයා’ හක්ස්ලිත් ඉදිරියටම ඇවිත්ය. “මට නෙවෙයි... මේ තරුණ
කොල්ලන්ට වැඩි වෙලාවක් හිටගෙන ඉන්න පණ නැහැලු!”
බයිට්ස්වල මදි පාඩුවට, විටින්-විට අපේම සගයෙක් bite වෙයි! (foto-සෙරාන්
එච්. ගමගේ) |
ඒ පුටු තියලා තිබුණේ අඩියක් විතර වතුරේය.
පුටුවල වාඩි වුණාම කලා ඔයේ සිහිල් දිය දහරා අපේ දෙපා දෝවනය කරමින් නිසංසලේ ඇදී යයි.
වරින්-වර ළඟට එමින්; ඈතට දුවමින් මාළු රෑන් (පඩි නැතිවම) අපේ දෙපා කිති කවති.
‘සිටින්න, ඇයට පමණද සිසිල දිය හැක්කේ, ඇයි මට?’ හමා එන මඳ නල රැල් කොඳුරා අසමින්
නදිය හා තරගයකට අවතීර්ණ වෙලාය.
‘ඔය කවුරුත් කරයි මං නැත්තං!’ විසල් කුඹුක්
තුරුත් දොඩමළුව සිටිති!
ඒ අතරේ අපේ කොල්ලො-කෙල්ලෝ එතැනම දියට පනිති.
“ඒයි, අතන ගැඹුරුයි.” වතුරේ පිහිනා ගිය එක්කෙනෙක් අනෙක් අයට අනතුරු අඟවයි.
බෝතලවලටත්, කඩල- මුරුක්කුවලටත් කාඩ්බෝඩ්
පෙට්ටියෙන් එළියට එන්නට හදිසි වෙලාය. වීදුරුවලටත් ඒ කඩිනම බෝ වුණා වගෙය.
බයිට්ස්වල මදි පාඩුවට, විටින්-විට අපේම සගයෙක් bite වෙයි!
“යුද්දේ දවස්වල උඹ මොකද්ද මචං පාවිච්චි කළේ?
බැටන් පොල්ලද?”
“එහෙමද හිතන්නේ? මම ඔය හැම වෙපන් එකක්ම පාවිච්චි කරලා තියෙනවා.... හඃ!”
සෙරාන් එතැන සිදු වුණු දේවලුත් වීඩියෝ කරලා තිබුණත්, කියවෙන දේවල් හරිහැටි තෝරා
ගන්නට බැරිය. අපේ කට්ටියත් දියවන්නා මන්දිරයේ සාමාජිකයන් වගේමය. කිසිම විනයක් නැත.
එක්කෙනෙකු කතා කරන අස්සේ තවත් අය කතා කරති.
අපේ ආච්චී නං එහෙම වෙලාවට අප ආම්බං කළේ
ඇනුම් පදයක් කියමිනි; ‘මොකද යක්ෂයිනේ, සක්කිළි පඩි ගත්ත වගේ!’
දැන් එහෙම කියන්නට- අහන්නට බැරිය. උත්තමයන්ට අපහාස කළැයි නඩු පැවරුවොත්.....
අශෝක හඳගම ‘සක්කිළි’ කතන්දර සේරම ඒ චිත්‍රපටයේ යස
රඟට ප්‍රතිනිර්මාණය කර තිබෙයි. |
“හරි, හරි! ඔයා හරියට එයා අහන දේ තේරුම්
අරගෙන නෑ. xxx කියන්නේ ඔයා හමුදාවට සුදුසු නෑ කියලා. ඔයා හිටියේ ආමි එකේද නැත්තං
සැල්වේෂන් ආමි එකේද කියලයි එයා අහන්නේ...”
“චී, චී.. අපේ කොල්ලට එහෙම කිණ්ඩිය දාන්න එපා!”
මං මේ ගළපා ගන්නේ මට තේරුම් ගත හැකි ටිකක් විතරය.
“මං පොඩි ප්‍රශ්නයක් අහන්නං. අම්මප,
නොදන්නකමටමයි අහන්නේ... T 56 මැගසින් එකේ බුලට්ස් කීයක් තියෙනවද?”
‘කියන්ඩ නං එපා මචං. / එයාට මොකටද එව්වා? / ඔය අහන්නේ JVP කතාවක් / ඔව්වට අහු
වෙන්න එපා මචං! / මෙයාට කියන්ඩ එපා.’ කලින්ම කතා කරගෙන එක සම්මුතියකට ආවා වගෙය;
දැන් බයිට් එකට ගැනෙන්නේ තවත් කෙනෙකි!
ඒවා සේරම මෙතැන ලියන්නට ගියෝතිං නම්, පංච තන්තරේ ‘මහා පදරංගයක්’ වෙනවා සිකුරුය!
හිතේ හැටියට නාලා- කාලා- බොන අය බීලා ආයෙම
බෝට්ටුවලට -> කල්පිටියට -> අටාරා ලැගූන් එකට. අප කල්පිටියට එනකොටත් තව නඩයක්
ප්‍රියංකරලා එක්ක මුහුදට යන්නට පොරොත්තුවෙන්, පොල් රුප්පාවක ගීත සාජ්ජයකය.
අපරාදේ! අපේ හතරවෙනි බෝට්ටුවත් වෙරළට සේන්දු වෙනවා දුටු ගමන්ම එයාලගේ සිංදු
නැවතුණේ.... ඒ කට්ටිය ගීයට ඒ තරම්ම හපනුන්ය!
අපි ස්විමින් පූල් එකට
බහින්නයි යන්නෙ.... (foto-සෙරාන් එච්. ගමගේ) |
“අයියේ, අපි නං දැන් පිටත් වෙනවා. හෙට මට
වැඩ වගයක් තියෙනව කියල මම කිව්වේ!” අයස්මන්තගේ සූදානම පිටත් වෙන්නටය. එයාලා හතර
දෙනා අපට සමු දුන්නේ එබැවිනි.
“නෙවිල්. මම ඇහුවට කියන්නේ නෑ.... ඔයා අහනවකො
බබිතගෙන්...! එක්කෙනෙකුට බර ගණනක් වෙනව ඇති... කොටසක්වත් ගන්න කිව්වොත්...”
සමහර දවසකට විතරය, ප්‍රියන්ත ගමනේ වියදමෙන් කොටසක් පවා ගෙවන්නට අපට ඉඩ දෙන්නේ.
අවුරුදු දෙක-තුනක සිටම මට නම් රුපියලක්වත් ගෙවන්නට අපේ කට්ටිය ඉඩ දෙන්නේ නැත. මට
නොකියාම එයාලා කතිකා කර ගෙන මගේ බර පැන උසුලති!
ඇති-පැති කලණ මිතුරන් ලැබුවාම එහෙමය.
මේ වතාවෙත් මගේත්, තව කීප දෙනෙකුගේත් ගමනේ
බරපැන දැරුවේ හිතවත් ප්‍රියන්තය. ඉතිං, අපට කළ හැක්කේ හෘදයංගමව ස්තුතිවන්ත වෙමින්,
ප්‍රියන්තට පිං දීම පමණකි! (සමාවෙන්න ප්‍රියන්ත, මෙහෙම ලියනවාට ඔබ අකැමැති බව දැන-දැනම
ලිවීම වෙනුවෙන්.)
Atara Lagoon එකේ සුව පහසු කාමරවලට ‘නිඳි
බන්ධනය’ක් කරලා වගෙය, මට දැනෙන්නේ. අපේ පිරිසෙන් වැඩිම දෙනෙකු කාමරවලට වැදුණු
පමාවෙන් ඇඳන්වලය; කෙටි නින්දකට වැටිලාය.... මාත් එහෙමය.
“නැඟිටිනවා! අපි ස්විමින් පූල් එකට බහින්නයි
යන්නෙ....” කව්දෝ මගේ කකුලෙන් අදියි.
“මට නිඳිමතයි!” වදින තැනකට වදින්නට කකුලෙන්ම ඇනලා, මම ඇඳේ ඉහත්තාවට ගුළි ගැසුණෙමි.
ඒත් වැඩි වෙලාවක් එහෙම වකුටුවී ඉන්නට ලැබුණේ නැත. ‘තේ හදලා.... නිමල් අය්යේ තේ
බොන්න එන්න!’
එතකොට නොගිහින් ඉන්නද? තේ බොනවා නං උණුවෙන්ම
තිබිය යුතුය!
කොරෝනා හින්දා මිෂාන් ලොකුවට
වෙඩින් එක ගන්න නැතිව ඇති. |
‘අනේ අම්මේ... අරගොල්ලෝ කපල් එකට දෙන වදයක්!’ අපේ කෙනෙක් විස්සෝප වෙනවත් එක්කය..
‘ඒකනෙ වැඩේ! නිකං නෙවෙයි, ඔහොම වද දෙන්නෙ
මඟුල් ජෝඩුවෙන් සල්ලිත් අය කරගෙන...’
එදා නං එහාට-මෙහාට දිව්වේ, පුටු උඩට නැංගේ, බිම දිගා වුණේ කැමරා කණ්ඩායමේ අය විතරය. “තව ටික දවසකින් ජෝඩුවලටත් ඒවා කරන්න
වෙනව මචං!”
“මර්වින්. අපේ යාළුව මිෂාන් රන්දිකගෙ ෆොටෝ
shoot එක එයාම කර ගත්තද දන්නෙ නෑ නේද...” අප හා ගමන් රැසකටම එකතු වූ මිෂාන් හොඳ
ෆොටෝග්‍රැෆර් කෙනෙකි; විවාහ වුණේ මෑතකය.
“මහිතේ, කොරෝනා හින්දා මිෂාන් ලොකුවට වෙඩින්
එක ගන්න නැතිව ඇති.”
“කොරෝනා... නෙවෙයි දැන් තියෙන්නේ ඔමික්‍රෝන්නෙ... අද ප්‍රියංකර කිව්වා,
බත්තලංගුණ්ඩුවේ යන්න තිබණු බුකින් එකකුත් කැන්සල් වුණයි කියලා. ඒ කට්ටියේ කීප
දෙනෙකුටම ඔමික්‍රෝන් හැදිලලු!”
එහෙම අශුභවාදී කතන්දරවලට අපට ඉඩක් නැත.
වැඩිහිටි කට්ටියට සම වයසේ අයත් එක්ක, හිතේ හැටියට පිස්සු නටන්නට ලැබුණු අවස්ථාවක්
නිසාය; ඒ. ඒ කෝලම් සේරම ලියන්නට ගියෝතින් නං මට විසුමක් වෙන්නේ නැත. එහෙම වෙන්නේ
මේ වැඩිහිටි මිත්තරයින්ගෙන් නොවේ; එයාලාගේ දුවල-පුතාලාගෙන්ය.
(ඒ කෝලම්වලට හොඳම සාක්කියක් විදිහට ‘වෙනුජ තේජාන්’ගෙ, මේ තත්ත්පර දහයේ වීඩියෝව
විතරක් මෙතැනට ඔබමි!)
අඩහ කෑම දහස් වටී
නිඳි මැරුවා දහස් වටී
ඇවිද්ද පය දහස් වටී
ඉවසු බලේ දහස් වටී- කියලාය අපේ පැරණි උදවිය නං කිව්වේ. Atara
Lagoon කෑම ශාලාවේ නං තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් අදහසක් දෙන කියමනක් පෙන්වන පුවරුවකි.
‘One cannot think well, LOVE well, Sleep well, if one has not dined WELL’
කියලාය එහි තිබ්බේ.
හොඳට
හිතන්නත්
ආලෙ කරන්නත්
සුවෙන් නිඳන්නත්
ඇහැකියි කෑවොත්! කියලාය මං ඒ අදහස කවියට නඟන්නේ.
පුරාණ කවිය නොව, ඉංගිරිස් අදහස ඉස් මුඳුනින්
පිළිගත්තා වගෙය අපේ උදවිය එදා රෑත්- පහුවදා උදෙත්- දවාලෙත් ‘අටාරා ලැගූන්’ එකේ
කෑමවල රස වින්දේ!
ඒවායේ රුව- ගුණ- රස වනන්නට නොයා, පහුගිය
post එකේ අවසානයට හිතාදර රසික-රසිකාවන් කැඳවාගෙන යන්නටය, දැන් මගේ සූදානම.
‘මේ posts මාලාවට නම යෙදුවේ ‘හෙනහුරු
ගුණ්ඩු...’ කෑල්ලකුත් එක්කලාය. ඒත් ඒ මාතෘකාව අරුත් ගන්වමින් හැබෑම හෙනහුරු කතන්දර
දිගාරින්නට වෙන්නේ, ඊළඟ; අවසන් කොටසේදීය.
ඒකත් කියවන්නට එනවා නේද?’ මම එදා ඇසුවෙමි. දැන්
කියන්නට යන්නේ ඒ හෙනහුරු කතන්දරයයි.
ඉංගිරිස් අදහස ඉස් මුඳුනින්
පිළිගත්තා වගෙය අපේ උදවිය එදා රෑත්- පහුවදා උදෙත්- දවාලෙත් ‘අටාරා ලැගූන්’ එකේ කෑමවල රස වින්දේ! (foto- වෙනුජ
තේජාන්) |
හෙනහුරා කල්පිටියේ කට්ටියට කරුණාව පෑවත්, කොළඹින් ගිය අපට නම් සලකා තිබුණේ දයානුකම්පා විරහිත ලෙසකිනි.
ගමන ගිහින් එද්දීම සමහරුනගෙ ඇඟ රිදෙන්නට
පටන් ගෙනය. සමහරුනට උණ ගතියක් ඇති වෙලාය.
පෙබරවාරි 6 වෙනිදා උදේ ආරංචි වුණේ අපේ 28
දෙනාගෙන් 20 දෙනෙකුටම උණ, හෙම්බිරිස්සා ගතිය, තදින් ඇඟ රිදීම, කෑම අරුචිය, කැස්ස
වාගේ රෝග ලක්ෂණ එක-දෙකක්වත් ඇතිවී තිබෙන බවයි.
‘වෛරස් උණද දන්නෙත් නැහැනේ.’ සමහර දෙනෙකු
දොස්තර මහත්වරුන්ටත් ඉස්සෙල්ලා ‘රෝග විනිශ්චය’ කරන්නට සමත් වෙලාය.
“වෛරස් උණෙන් කමක් නෑ. පරෙස්සම් වෙන එකයි තියෙන්නේ, මේ දවස්වල හැම තැනම... ඕමික්‍රෝන්
වෙන්න තියෙන ඉඩ වැඩියි.... කොරෝනාවලදී කරපු විදිහටම නිරෝධායනේ වෙන්න... මේක
පැතිරෙනවා වැඩියි.... ගෙවල්වල අයටත් බෝ වෙයි!”
එන්නත් ලබාගෙන ඉඳලාත්ය මේ!
‘අපේ 28 දෙනා’ දින තුනක් තිස්සේ වාහනවල
යද්දී විටින්-විට මිශ්‍ර වූහ. බෝට්ටුවල යද්දීත් එහෙමය. කන-බොන- නිඳන තැන්වලදීත්
එහෙමය. එහෙම වෙලාත් 8 දෙනෙකුට මේ රෝගාබාධය වැළඳී තිබ්බේ නැත.
මොන හේතුවකින් හෝ මටත් ඒ අමාරුකම් කිසිවක්ම
හැදුණේ නැත. මං වහන්සේ ඊට කලින් දෙමාසයේම වගේ ලෙඩ මරගාතේ හිටි නිසා වෙන්නැති!
දැන් නං කොයිකටත් කියලා, මං සූදානං වෙන්නේ ඉක්මනින්ම ‘බූස්ටර් එන්නත’ත් විද
ගන්නටය෴
+++++++++++🙏👌😊
ReplyDeleteටිකිලාධිපති දැන් ගහන්නෙ වැට නෙමෙයි, __________ ඔන්න ඔහොම එකක්.🤔
ඒක සංකීර්ණ භාෂාවක්.
Deletehttps://www.schoolnet.org.za/PILAfrica/en/webs/c008243f/san_language.htm වගේ
හ්ම්.. මට ඒත් හිතුනා, මේකත් ඩාවින්චි කෝඩ් එක වගේ වෙන්ටෑ කියලා.🤔
Deleteඅම්මට සිරිගජ!
Deleteඔය බාසාවෙන්ම post එකකුත් ලියන්න හිතුනා....
කොහොමත් මං ඒ ෆිල්ම් එකේ බැලුවෙ ඒ සනීපාරක්ෂක කම්කරු සංස්කෘතිය සහ 1920/30 ගණන්වල වැල්ලවත්ත , කොලඹ ගැන තියෙයි කියල විතරයි. ඒත් ඉතිං යාලුවෙක් ටිකටුත් අරන් එක්කගෙන ගිය නිසා. මං දන්න තරමට ඔයිට වඩා බලන්න පුලුවන් ෆිල්ම් එකක් හදන්න තිබුන නෙරූඩාගෙ ලංකාවෙ අත්දැකීම් නෙරූඩා ලියල තියන විදිහට හැදුවනම්. ඒත් ඕන වෙන්න ඇත්තෙ අධ්‍යක්ෂකට ඕනෙ සම්භාව්‍ය කතාවක් හදන්න වෙන්න ඇති.
ReplyDeleteසංබාව්ව ඇල්බොරාදා බලල දැන් ආස හිතෙන සීමිත (8) සීරීස් එකක් බලනව https://en.m.wikipedia.org/wiki/Pieces_of_Her_(TV_series)
දුප්පත් අපට නැට්-ෆිලික්ස් නෑ අපෙ හාංදුරුවනේ.
Deleteමං ප්‍රාග් අයිතිහාසික බස්තුමනි. මං බලන්නෙ DVD. හැබැයි රු 70. හොරු නේද?
Deleteбаланна оне спасиба пра
Deleteබස්සට හුඩු! රුසියානු සිංහල? ඇයි, පුටියගෙ ලිස්ට් එකේ ලංකාවත් තියනවද? වෙලාව බලල, ගවගාලට එකක්....
Deleteමතක විදිහට, කස්ටිය සොඳුරු ආඥාදායකයෙක් හොය, හොය නේද හිටියෙ? ආන්න බාර දෙනව නං - වැඩොල්ෆ් පුට්ලර්. රූබලේ, රුපියල තරම්ම බාල්දු වෙලා නෑ නේද?
Deleteතමුන්නාන්සේලාගෙ comment දැක්කම නිකම්ම තේරෙනවා ලෝකේ පුංචි වෙලා තියෙන තරම!
Deleteхари хари тнваришь басса 😀
Deleteහරි පූටට දුන් නම් අඹර වල ගන්නවා ලංකාව , දුන්නේ ඩුප්ලිකේට් එකෙකුටනේ
Deleteමිනිස්සු එහෙම නොකරයිද මහත්තයෝ, නාග ලෝකෙනුත් කැලණියට වැඩලා කිව්වකොට....
Delete//බුදුහාමුරුවොත් දේසනා කළේ- මොකක්ද? දන්නවද... //
ReplyDeleteමජ්ජපමා දට්ඨාණා වේ-රමණී...
මදයට, පමාවට හේතුවන දේ වලින් වැළකී සිටීම........
Deleteනෑ යකො. මද පමණට දස්ට කිරීම රමණීය වේ.
Deleteවේ රමණී නෙවෙයි වේ මරණී!
Deleteහෙහ්.. මුන්ට වෙනම පාලි බාසාවක්
Deleteහ්ම්.. අල්බෝරදා බලන්නට ඕන.... ඔබේ බටේට දා හැටියෙ.
ReplyDeleteඑහෙම හරි බලන්නකෝ. හැබැයි හෝල් එකක බලනකොට එන ගතිය වෙනයි නේද?
Deleteඒකනම් ඇත්ත ඉතීම්.....
Deleteනියමයි ඈ . වෙලාවක නිදි අයිය එකක් ට්‍රිපක් යන්න ඕනේ.
ReplyDeleteවැල්ලේ හොර වැඩේ ගැන කියද්දී මතක් වුනේ ඒ දවස් වල සින්දුවක්
ජෝතිපාල වැල්ලේ .... ඔන්න ඔහොම එකක්.
ඔරිජිනල් එක නං තිබ්බේ හින්දි ආරාධනා film එකේ. සිංහල කොපිය 'අභිරහස' film එකේ. සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි යළී
Deleteඅජිත්ටත් හොඳ හොඳ එව්වා මතකයි නේද?
දැන් නං trip එකක් යන්න පස් මහ බැලුම් බලන්න වෙයි වගේ!
http://transyl2014.blogspot.com/2022/03/sri-lankan-version.html
ReplyDelete'බස්සෝ, තරහයි හොඳටම තරහයි පාර පෙන්නුවට ලියල උඩින්
ReplyDeleteටිකක් හෙම නෙවෙය් තලන්න හිතෙනව තමුන්නාන්සෙට මඩු වලිගෙන්'
ගැස්සුණාද හිත එහෙම කියද්දී, කිව්වේ බොරුවට බොරු තරහෙන්
කවුරුත් එහාට යන්න වටිනවා, ලිපියත් වටිනව මල් මසුරන්!
මට මේක දැක්කම මතක් වුනේ නිදිව. මේ ඔත්තුව දාන්න හොඳම තැන මෙතන කියලත් හිතුනා.
Deleteමෙතන ගැන එච්චර ව්ශ්වාසයක් තිබ්බට ස්තුතියි. ඒ කතාවට උපහාරයක් විදිහටයි මේක දාන්නෙ.
Deletehttps://www.lankahotnews.net/2022/03/namal-denies-involvement-in-puttalam.html
කල්පිටියට යන ගමනක් කියලත් කියනවා.
Deleteඅගෙයි අගෙයි ගමන.
ReplyDeleteගොඩක් ස්තුතියි ප්‍රසන්න.
Deletehttps://www.youtube.com/watch?v=W31eOj81EIk
ReplyDeleteස්තුතියි ඩ්රැකී.
Deleteඑයාලා වගේ අයට සපෝර්ට් කරන්න වටිනවා: ඉතිං මෙහෙම ලිව්වා.
සාරයි චමත්කාරයි සේරම කදිමයි
එන්නෙන්නෙම වැඩේ නැඟලා යන පාටයි
කොලිටිය හොඳයි; අදහස් එහෙමත් මාරයි
'හොඳටම කළේ' ඔහෙලලු කියනව ඇත්තෙයි?