li Item

Monday, January 16, 2023

ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස

“... නිමල් අයියේ. ඉන්නවද, ඔයා දන්න කවුරු හරි?” අංජන මටම බෝලය pass කළේය.

“ම්.ම්.ම්..ම්...ම්... මේ වෙලාවේ නං මගේ ඔළුවට කෙනෙක්ව මතක් වෙන්නෑ මහත්තයෝ. මං ටිකක් නිවීහැනහිල්ලේ  හිතල බලන්නං.” මාත් එදා කළේ ප්‍රශ්නය පැත්තකින් තියන එකය.

වැඩිහිටි ගෑනු කෙනෙක් ලියන විදිහට... අපි කියමු ලොකු අම්මයි කියල.

“අර වැඩේට මොකද කරන්නේ?” ඊළඟ දවසේ press එකට ආවාම අංජන ඇසුවේය. එතකොටය මට ඒ ‘නිවීහැනහිල්ලේ හිතීම’ ගැන ආයෙම මතක් වුණෙත්. ‘ඉතිං මොකේදැයි දන් වළඳන්නේ’.

එතකොටමය මගේ මොළ ගෙඩිය ඇතුළෙන් විදුලියක් කෙටුවේ.
මං වහන්සේට එහෙමය. අයිඩියාස් එන්නේ හිටි ගමන්ය; ඔළුවට පොල්ලකින් ගහන්නා වගෙය; හෙණ ගහන්නා වගෙය!

“එහෙම කවුරුවත් ගැන මගෙ කල්පනාවට ආවෙ නෑනෙ අංජන මහත්තයෝ. ඒත්, මං හිතුවේ- ප්‍රශ්නවලට උත්තර දෙන විදිහට නෙවෙයි- ටිකක් උපදේශාත්මක කාරණා තියෙන පිටුවක් කළොත් නරකද කියලයි.”

“ඒ කිව්වේ...” අංජන විමසිලිමත් වෙයි.
“වැඩිහිටි ගෑනු කෙනෙක් ලියන විදිහට... අපි කියමු ලොකු අම්මයි කියල. ලොකු අම්මා කෙනෙක් පොඩි දුවෙකුට ලියන ලියුමක් විදිහට...”
“ඒකත් හොඳයි! අපේ පත්තරෙත් වැඩියෙන් යයි කියල හිතෙන්නේ නිදහස් වෙළෙඳ කලාපේ. ඒ නිසා ඒ වයසේ ගෑනු ළමයින්ව ටාගට් කරලා ලියමු. ඔයාටම පුළුවන්නෙ නිමල් අයියේ, ලොකු අම්මා වෙන්න.”

අන්තිමේදී මංම ලොකු අම්මා වුණේ එහෙමය.

මට ඒ ‘උපදේශාත්මක’ අදහස ආවේ, පේව්මන්ට් එකේ රජ වෙන සංදියේ මා විකිණූ කවි පොත් මතක් වීමෙනි.

හරියටම කියතොත්- මාලිගාකන්ද පාරේ ‘විද්‍යාලංකාර මුද්‍රණාලයේ’ අච්චු ගැහුණු පොත් පෙළක්ම හින්දාය. අම්මාගෙන් දුවට, තාත්තාගෙන් පුතාට වගේ ‘අවවාදාත්මක’ කවි පොත් සීරීස් එකක්ම එතැන තිබුණු බව මතකය. (පොතක්ය කිව්වාට, ඒවා පොත් පිංචවල්ය. ඩිමයි 1/8 සයිස්, පිටු අටේ පොත්ය.)
ඒ පොතක් අච්චු කන්තෝරුවෙන් අපට ලැබුණේ සත දෙකහමාරකටය.
පේව්මන්ට් කවිකාරයන් ඒ පොතක් වික්කේ සත විසි පහකටය. මං සත විසිපහට ඒ පොත් තුනක් දෙන ප්‍රතිපත්තියේය හිටියේ. එහෙම කරලා වුණත්, මම එකට දෙකකටත් වැඩි ලාභයක් ලැබීමි.

හැබැයි, අපේ එක්කෙනා ගේන්නේ... (තිලක් ප්‍රියන්ත හා දේවිකා නංගි)

එහෙම වැඩි ලාබයක් තියාගෙන විකුණන තවත් බඩුවක් ගැන ඊයේ පෙරේදාවක මට දැන ගන්නට ලැබිණි.

ඒ උම්බලකඩ කැබලි බෝතල්ය.
හිතවත් නෙවිල් ලවා Food Cityයකින් හදිසියේ ගෙන්වා ගත් උම්බලකඩ ග්‍රෑම් 100 බෝතලයක් දුටු අසල්වැසි දේවිකා නංගි, ඒ ගැන මගෙන් ඇසුවාය.

“ඕක කීයද නිමල් අයියේ?”
“රුපියල් 400/-යි!”

“ඇයි දෙයියනේ, අපේ ප්‍රියන්ත උම්බලකඩ ග්‍රෑම් 100 ඔය වගේම බෝතලයක් වත්තේගෙදර කඩයකින් ගේන්නේ රුපියල් 220/-ටනෙ.” දේවිකා නංගි කිව්වේ, ඇස් දෙක නළලේ තියා ගෙනය.
“මේ! ලේබල් එකෙත් ගහල තියෙනවනෙ 400/-යි කියලා.” මම මගේ කතාවට මුක්කුවකුත් ගැහුවෙමි.
දේවිකා නංගිත් එයාලගේ කුස්සියට දිව්වාය. උම්බලකඩ කුඩු බෝතලය උස්සාගෙන ආවාය. “මේකේ නං ගහල තියෙන්නේ 320/-යි කියලා. හැබැයි, අපේ එක්කෙනා ගේන්නේ 220/-ට.”

මාත් තිලක් ප්‍රියන්තට රුපියල් 660/-ක්දී එයින් බෝතල තුනක්ම ගෙන්නා ගෙන නෙවිල්ටත්, අපේ මානෙල් නංගිටත් දෙකක් දුන්නේ කොලිටිය අප්සෙට්දැයි දැන ගන්නටය. තත්ත්ව පරීක්ෂණවලින් ආ වාර්තා හොඳය!
ඒ අස්සේ අපේ ගෙවල් ළඟම සිල්ලර කඩේත් ඒ බෝතල් තියෙනවාදැයි බැලුවෙමි.
තිබිණි. එකක සිල්ලර මිල රුපියල් 320/කි.

මට තවමත් කල්පනා වෙන්නේ, අද්‍යතන ලංකාවේ සිද්ද වෙන ඔය විදිහේ සේරිවාණිජ වෙළෙඳාම් ගැනය.

අන්තිමේදී මංම ලොකු අම්මා වුණේ එහෙමය. -එහෙම කියලා පීල්ල මාරු කරපු මං වහන්සේ මේ දක්වා වචන 254ක් ලියලය. ඒ නිදිගෙ හැටිය!
ඉතිං ඊට පස්සේ: වචන 254ක් කෙටුවට පස්සේ- මෙන්න නිදි ආපහු ‘ලොකු අම්මගෙ කතන්දරේ’ට යනවා.

‘ලොකු අම්මාගෙන්’ යන නම ඒ විශේෂාංගයට ගැලපෙතැයි මට නොසිතිණි.

එහි මුල් වචන හතර ටිකාාාාක් වෙනස් කරලාය දඟකාරී මගෙ පුංචිම දෝණීනම...

එතැනදීත් මගේ පිහිටට ආවේ ගීයකි; ලූෂන් බුලත්සිංහල රචකයාණන්ගේ ගීතයකි. ඉන්ද්‍රාණි සේනාරත්න ගයන ‘දඟකාරී මං මද්දුම දෝණී - ඔබට අකීකරු නෑ අම්මේ!’ එහි මුල් වචන හතර ටිකාාාාක් වෙනස් කරලාය ‘දඟකාරී මගෙ පුංචිම දෝණී’ නම මං හදා ගත්තේ. ඒ අවුරුදු 20කට ඉස්සෙල්ලා 1998දීය.

ඊට වසර විස්සකට පස්සේ, 2018 වසරේදී ‘නිදිගෙ පංච තන්තරේ’ blog අඩවියේ ලිපි ‘ලේබල් කරන්නට; කැටගරි කරන්නට’ ගියාමත් මං වහන්සේ ‘මාතෘකා’ සොයා ගත්තේ සිංදුවලිනි!

පසුගිය පෝස්ටුව ආරම්භයේදීම යොදා තිබුණු ‘ලිපිය’ ඒ  ‘දඟකාරී මගෙ පුංචිම දෝණී’ විශේෂාංගයට මා ලියූ පළමුවැන්නයි. එය පළවී තිබ්බේ පිවිතුරු මංගල කලාපයේ 10වෙනි පිටුවේය.

පිවිතුරු දෙවෙනි කලාපයේ සිට, දිගටම 3වෙනි පිටුවේ පළ වුණු ‘දඟකාරී මගෙ පුංචිම දෝණී’ පත්තරය නවතින තුරුම, නැවත ස්ථාන මාරුවක් නොලද්දීය.
ඒ ගැන මට තිබෙන්නේ පොඩි පහේ ආඩම්බරයකි!
පත්තරයක හෝ සඟරාවක නිශ්චිත ස්ථානයක් යම්කිසි විශේෂාංගයකට ලැබෙන්නේ... (කියන්නත් දෙයක්ද? තරහ  නැතිව චුට්ටක් ඉන්න- මගේ කමිසයේ කොලරය උස්සා ගන්නකල්.)

“ඔන්න ලොකු අම්මටත් ලියුං මල්ලක් තියෙනවා!”
සිකුරු විජිතය නවකතාවේ දෙවනි කොටසත්, ලොකු අම්මා පුංචි දෝණීට ලියූ දෙවෙනි ලිපියත් අරගෙන ‘ඉමාෂි කන්තෝරුවට’ ගියාම අංජන කිව්වේය.
“ලොකු අම්මව දුවලගේ හිතට අල්ලලා ගිහිං වගෙයි.”

... පුතාලගෙ ලියුම් ගැන, ඊළඟ දවසේම අංජන ඉන්ද්‍රජිත්ට වාර්තා කළෙමි. පිවිතුරුපත්තරේ කතුතුමා එයානේ.
එතකොට ‘ඉමාෂි පබ්ලිකේෂන්ස්’ කාර්යාලය තිබ්බේ නුගේගොඩ, ගම්සභා හන්දිය ආසන්නයේය. සුභද්‍රාරාම පාරේ අංක 170 නිවසේය. ගංගොඩවිල උසාවියට අල්ලපු වත්තේ වගෙය.

අංජන මට බාර දුන් ඒ ලියුම් මිටිය ගෙදර ගෙනවිත්, කැඩුවාමය පෙනුණේ- දුවලා විතරක් නොව පුතාලාගේත් ආදරය ලොකු අම්මා දිනාගෙන ඇති බව. තරුණ පුතාලා කිහිප දෙනෙකුත් ඇයට ලියුම් එවලාය!

“හරි වැඩේනෙ අංජන මහත්තයෝ. කොල්ලොත් ලොකු අම්මට ලියුම් එවන්න අරංනෙ.” පුතාලගෙ ලියුම් ගැන, ඊළඟ දවසේම අංජන ඉන්ද්‍රජිත්ට වාර්තා කළෙමි. ‘පිවිතුරු’ පත්තරේ කතුතුමා එයානේ.
“ඉතිං තවත් හොඳයිනෙ, නිමල් අයියේ.” එයා කිව්වේය.
“මේකනෙ. ලොකු අම්මා දුවෙකුට ලියන ලියුමක් විදිහටනෙ මේක ලියවෙන්නෙ... ඒත් මෙහෙම ලියුම් එවන කොල්ලො  ගැනත් සඳහනක් හරි කරන්න ඕනි නේද? එහෙම නොකළොත් එයාලව නොතකා ඇරිය වගෙයිනෙ.”

අංජන මගේ තර්කය වටහා ගත්තේය.
“නිමල් අයියේ, පිටුවේ ටයිටල් එක වෙනස් නොකළට කමක් නෑ. ඒක එහෙමම තිබිද්දෙන්. ඔයා ඉදිරියෙදී පුතාලට හරි යන දේවලුත් ලියන්න හිතාගෙන ඉන්නවයි කියලා කියන්න. එතකොට ෂේප්නෙ.”

ඔහු කීවා නිවැරදිය.

විශේෂාංගයේ නම පිවිතුරු රසික-රසිකාවියන්ට කොහෙත්ම අවුලක් නොවිණි. තරුණ පුතාලාගෙනුත් ලොකු අම්මා වෙත දිගටම ලියුම් ලැබිණි. ඒත් වැඩිපුරම හසුන් පත් එවා තිබුණේ රසිකාවියන්ය. ඒ හසුන් පත් වැඩි හරියක් කියා පෑවේ සඟවා ගත් වේදනාවන්ය; දුක්ඛ දෝමනස්සයන්ය.
‘තමන් පෙලන පීඩාව’ විශ්වාසවන්ත කෙනෙකුට හෙළිදරව් කිරීමය, ඒ වැඩි දෙනෙකුගේ අභිලාෂය වූයේ.

පාලිගේ සිය දිවි නසා ගැනීමෙන් පස්සේ තමයි මට වැටහුණේ, සමහර දේවල් සමහර අයට දරා ගන්න අමාරු බව.

නිදිගෙ පංච තන්තරේ මුල ඉඳලම කියවපු අයට නම් මතක ඇති, මම ලිව්ව 88වෙනි පෝස්ටුව. අනේ පාලි, තව චුට්ටක්...’. ඒකෙදි මගෙ අතින් මෙහෙමත් ලියැවී තිබුණා.

‘... ඊට පැය බාගෙකට පස්සේ ආරංචියක් ආවා. පාලි වහ බීලා!

වහ බීලා බව දැනගත්තු ගමන් ගෙදර අය ඉක්මනට පොල්කිරි මිරිකලා ගෙනත් පාලිට පොවන්න. වහ බිව්වේ මැරෙන්නයි!කියලා පාලි පොල්කිරි කෝප්පෙට පයින් ගහලා.

අනේ පාලි, පාර ළඟදී තව චුට්ටක් බල කරලා මාව නවත්තාගෙන කතා කරන්නනේ තිබුණේ! හිතේ බර නිදහස් කර ගන්නනේ තිබුණේ. ඇයි එහෙම නොකළේ? ඉතින්.... පාලි මෙලොව අතෑරලා ගියා. ඇයි එයා වහ බීවේ කියලා කාටවත්ම කියලා තිබුණේ නැහැ. සටහනක්, ලියුමක් ලියලා තිබුණෙත් නැහැ. කසාද බඳින්න ඔන්න-මෙන්න තියෙද්දී, එහෙම වහ බොන්න තරම් හේතුවක් තිබුණය කියලා කාටවත්ම හිතා ගන්නවත් බැරි වුණා.’

පාලිගේ සිය දිවි නසා ගැනීමෙන් පස්සේ තමයි මට වැටහුණේ, සමහර දේවල් සමහර අයට දරා ගන්න අමාරු බව.

ඉතිං- දුකෙන්; පීඩාවෙන් ඉන්න දූලා පුතාලා එවන ලියුම්වලට ලොකු අම්මා විදිහට ප්‍රතිචාර දක්වද්දී, මට ගොඩාාාාාක් පරෙස්සම් වෙන්න වුණා. සැලකිලිමත් වෙන්න වුණා. ඒ අතරේම අවංක වෙන්නත් වුණා. එහෙම වෙද්දී, මගෙ හිත මටම දොස් කිව්ව වෙලාවලුත් තිබුණා!
‘නිකං හිටපං බං! පටන් ගනිද්දීමයි උඹ එයාලව රවට්ටන්න ගත්තේ. උඹ ගෑනියෙක්ද... අම්මෙක්ද... මහ ලොකු ලොකු අම්මා!’

ඒත් එතකොට පරක්කු වැඩි විත්තිය මටම තේරුණේය.
පෙරහර හොඳ සාර සුබාවට; ලස්සනට; විභූතිමත්ව ගමන් කරන්නට පටන් ගෙන ඉවරය. නිමලෝ, දැන් ඉතිං බැඳගත් බෙරය දිගටම ගහන්නට වෙයි!

මං වහන්සේ ලස්සන; පැහැදිලි අත් අකුරුවලට තදින්ම මනාපය. නවමු අදහස්වලටත්; පිළිවෙලට නිරවුල්ව ලියන දේටත් මනාපය.

ඔහොම වැඩ සිද්ද වීගෙන යන අතරේ, ඉතාම පැහැදිලි; ඉතාම හුරුබුහුටි අත් අකුරෙන් ලියැවුණු ලියුමක් ලොකු අම්මාට ලැබුණේය. එය ලියා තිබුණේ පිරිමි දරුවෙකි. (ඒ දරුවාව චමත් යැයි හඳුන්වා දෙන්නට අවසර! සත්‍ය නම කීම අනුචිත යැයි මා සිතන බැවිනි ඒ.)

දැනටමත් ඔබ දනියි. මං වහන්සේ ලස්සන; පැහැදිලි අත් අකුරුවලට තදින්ම මනාපය. නවමු අදහස්වලටත්; පිළිවෙලට නිරවුල්ව ලියන දේටත් මනාපය. එනිසාම චමත්ගේ ලිපිය එහෙම පිටින්ම මගේ හද බැඳ ගත්තේය.

පිවිතුරු තුන්වෙනි පිටුව හරහාම චමත් පුතණුවන්ට ලොකු අම්මාගෙන් උත්තර යැවිණි. චමත් පුතාත් දිගටම ලොකු අම්මාට ලියුම් ලියන්නට පටන් ගත්තේය.    

‘ආදරණීය ලොකු අම්මාට’ කියමිනි මුලදී ඒ ලිපි ඇරැඹී තිබ්බේ. ටික දවසකින්ම ඒ ඇමතුම ‘මගේම ආදරණීය අම්මා වෙතටයි’ ලෙස වෙනස් වුණේය. ඇත්තම කියතොත්, එයින් ඉහළම සතුටක් ලබන අතරේමය; මම දුක් වුණෙත්.
මා සතුටු වුණේ ‘මගෙ ලිවීම’ හෘදයාංගම එකකියි එයින් හැඟුණු බැවිනි. එමෙන්ම- වැඩිහිටි කාන්තාවක ලෙසින් මා ආරූඪ කර ගෙන හිටි චරිතය පිවිතුරු පාඨකයන්ට
නියමාකාරයෙන්ම ඒත්තු ගැන්වී තිබෙතියි හැඟුණු බැවිනි!
මා දුක් වුණේ චමත් වැනි දරුවන්ට හිත නිදහස් කර ගැනීමට ලැබෙන අවස්ථාවන් අල්ප බවක්, ඒ සිදු වීමෙන් මට වැටහුණු බැවිනි.

ඒ අල්ප අවස්ථාවන් පවා නොලැබීම නිසා, (පාලි මෙන්) සිය දිවි නසා ගන්නවුන් කොතරම්ද?

පසුගිය සතියේ දිනක වැඩිහිටි; එක් දරු මවක් (විනාඩි 33ක් තිස්සේ) ටෙලිෆෝනයෙන් මට ඇගේ දුක කිව්වාය; ඇඬුවාය. “අනේ ඇත්තමයි, නිමල් අයියේ. වෙලාවකට මට හිතෙනව වහ ටිකක් බොන්න. ඒ තරම් හිතට වේදනයි...” කියලත් ඒ වේදනාබර කතාවෙදී එයාගෙන් කියවුණා. මං ගොඩාක්ම කළේ ඇහුම්කන් දෙන එක. හැකිතාක් එයාව කතා කරවන එක.
හැබැයි, සුදුසු තැන් බලලා හූමිටි තියන අතරේ- විහිළුවකින් එයාගේ පරාජිත අදහස්වලට පහර දෙන්නටත් මං අමතක කළේ නෑ. (ඔයාලට ඇත්තම කියතොත්, එයාට ඇවිදින් තියෙන ප්‍රශ්නවලට වඩා බරපතල ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා! ඒත් ඒ විත්තිය ඒ වෙලාවේ එයාට කියන්නයැ.)

“අනේ නිමල් අයියේ, ඔයාට හරි මගේ මේ දුක් කන්දරාව කියා ගන්න ලැබිච්ච එක මගෙ වාසනාවක්!” එයා අන්තිමට කිව්වා.

ඇයි අපට හැබෑම විශ්වාසවන්ත හිත-මිතුරන් හිඟ? (මට නං එහෙම හිඟයක් නෑ! මේ දඹේතැන්න කඳවුරු බිමකදී...)

හැතැප්ම සිය ගාණක් ඈතින් ඉන්න මට ඇය ඒ වේදනාව කිව්වේ, ගෙදර පවුලේ සාමාජිකයන් හතරපස් දෙනෙක්ම ඉන්දදී. “අපේ ගමේ කොච්චර එවුන් හිටියත් ඒ එකෙක්වත් සත පහකට විශ්වාස නෑ අයියේ.” අපේ සංවාදය මැදදී ඇගෙන් කියැවිණි.

‘ඔයාට ඔයාලගෙ ගෙදර අයවත් විශ්වාස නැද්ද?’ මගෙ හිත ඇයගෙන් නිහඬව විමසුවේ එතකොට.

ඇයි අපට හැබෑම විශ්වාසවන්ත හිත-මිතුරන් හිඟ? මම අහන්නේ හිතාදර පාඨක ඔබෙන්...

මට නම් එහෙම අවංක මිතුරු-මිතුරියන්; හිතවතුන් ගොඩක් සිටින බව ඔබ හොඳින්ම දනියි. එහෙම වෙන්නෙ මම අදහන; අත්දුටු රහස් ප්‍රතිපත්තියක් නිසා වෙන්නැති කියලයි මට හිතෙන්නේ. ඔන්නං ඔයාලටත් කියන්නං ඒ රහස. මොකටද හංගන් ඉන්නේ...
‘මුලින්ම ඔබ හොඳ- විශ්වාසවන්ත මිතුරෙක් විය යුතුය. ඉක්මනින්ම ඔබට හොඳ- විශ්වාසවන්ත මිතුරු- මිතුරියන් රැසක් සිටිනු නිසැකය!’   

ටිකක් ඉන්නකො!
ලොකු අම්මව ගොඩාක්... ගොඩාාාාාරියක් විශ්වාස කරමින් ‘1999 සැප්තැම්බර් 04 වෙනිදා, නිවසේ සිට’  චමත් පුතා ලොකු අම්මාට ලියූ ලිපිය කියවන්නට ඔබත් කැමතිද? මෙන්න එහෙනම්. චමත් ලියා තිබුණු විදිහටම.
සෑහෙන වෙහෙසක් දරමින් වුවද, ලියුමේ එක අකුරකුදු වෙනස් නොකරමිනි- මා එය අකුරු කරන්නේ. (හැබැයි, දිග ඡේද විතරක් කඩනවා. එහෙම කරන්නේ ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය ඔයාලගේ ඇස් රිදෙනවට මං අකමැති නිසයි, හොඳේ.)

‘සම්මා සම්බුදු සරණයි!

මගේම ආදරණීය අම්මා වෙතය.

හිතට නිදහසක් ලැබුන හැම මොහොතකම ලොකු අම්මට ලියනවා මම. ඉතිං අදත් හිතේ තියෙන දේවල් වචන වලට නිරායාසයෙන්ම පෙරළේවි. ලොකු අම්මේ, ජීවිතේ තේරුම් ගන්න බැරි මායාවක් වගෙයි. මම එහෙම කියන්නේ මොකද කියලා, ලිපිය අවසානයේදී ලොකු අම්මට තේරේවි.

ලොකු අම්මට මතකද, මම ලොකු අම්මට ලියපු ලිපියක මගෙ ජීවිත කතාවම තිබුනා. ඒවගේම තවත් දේ තවත් දවසක ලියන්නම් කියලා මම ලොකු අම්මට පොරොන්දු වුනා. ඉතිං නොලියූ දෙයක් මෙහි සනිටුහන් කරන්නයි මේ සූදානම. මට මේ දේවල් මගේ සමීපතම මිතුරෙකුට ඇරෙන්න වෙන කිසිවෙකුටත් කියන්නත් බෑ. ලොකු අම්ම මගේ  ගැන මොනවා හිතාවිද කියල මට හිතෙනවා.

මට අහිමිවෙලා ගිය අයිය හැරුනාම තවත් අයියා කෙනෙක් ඉන්නවා. භීෂණ සමයේදි ඔහුගේ ජීවිතයත් බේරගත්තෙ...

ඒත් ලොකු අම්මෙ, මගේ පසුබිම ලොකු අම්මට ඇරෙන්න වෙන කිවිය යුතු තරම් සුදුස්සෙක් නැතිතරම් දැන්නම්.

ලොකු අම්ම මට ආදරෙයි නේද? ඒ වගේම මමත් ලොකු අම්මට ආදරෙයි. අම්ම කෙනෙකුට නොකිය ඉන්න තරම් දෙයක් දරුවෙකුට නැතිතරම්. ඉතිං එහෙනම් මම කියන්නම්.

මගේ පවුලෙ ජීවත්වෙන සාමාජිකයන් විවිධා කාරයි. වරෙක ඔවුන් කෙරෙහි සතුටක් මෙන්ම අසීමිත දුකක් ඇතිවෙන අවස්ථාද එමටයි. මම මෙච්චර දවස් ලොකු අම්මට නොලියූ දෙයක් මේ. මට අහිමිවෙලා ගිය අයිය හැරුනාම තවත් අයියා කෙනෙක් ඉන්නවා. භීෂණ සමයේදි ඔහුගේ ජීවිතයත් බේරගත්තෙ අපි නොවිඳුනා දුක් විඳලා.
එයාගේ ජීවිතේ බේරන්න අපි නොගත්ත උත්සාහයක් නැහැ. අම්මත් තාත්තත් අයියලට ගොඩාක් ආදරෙන් හිටියා. එයා නිසා අපට නැතිවුන දේ බොහොමයි.

එයා ඉගෙන ගත්තෙත් නෑ. මට හොඳට මතකයි. සාමාන්‍ය පෙළ විභාගෙ පටන් ගන්න දවසේ විභාගයට යන්නෙ නැතිව එයා මුරන්ඩු කමට නිදාගෙන හිටියා.
ඉගෙන ගත්තා හෝ නැතෑ හෝ අම්මා කෙනෙකුට කොයි දරුවත් එකයි. උණහපුළුවාගේ පැටියා ඌට අගෙයිලුනෙ නේද? ඉතිං එයාට මොනම අඩුවක්වත් කලේ  නැහැ. එයාට ඉල්ලන හැම දෙයක්ම දුන්නා.

ඒක එයාගේ විනාශයටම හේතුවුනා.....’

මෙච්චර වෙලා අකුරු කරලත් චමත් පුතාගේ ලියුමෙන් 1/3 යි තවම ඉවර. චමත්ගේ ලිපිය පිටු තුනක එකක්. මොකද කරන්නේ? අදට මෙතැනින් නවත්තන්නං.
ඊළඟ කොටස ලියුමේ ඊළඟ පිටුවෙන් පටන් ගන්නං, හොඳේ...

41 comments:

  1. සවන්දීම හා සානුකම්පිත වීම හරිම වැදගත්. මට මතකයි මං ගුරුවරයෙකු ලෙස සේවය කළ පළමු පාසැලේ පහ ශ්‍රේණියේ ළමයෙක් සියදිවි හානි කරගත්තා. පසුව දැනගන්නට ලැබුනේ පංතියේ ප්‍රථම ස්ථානය සඳහා තවත් ළමයෙක් සමග ඇතිවුන ගැටුමක ප්‍රතිඵලයක් කියලා.

    ReplyDelete
    Replies
    1. දෙයියෝ සාක්කි Litseeker!
      පහ වසරේ සිසුවෙක්...
      එක අතකට පුදුමත් නෑ, සමහර අම්මල තාත්තල ඉගැනීම පැත්තෙන් ළමයින්ට දෙන පීඩනය පොඩිපටු නෑ.

      මම දන්නා එක අම්මා කෙනෙකු එයාගේ දියණියව මම අඳුරන දොස්තර මහතෙකු ළඟට එක්කරගෙන ගිහිං තිබ්බේ, දුවගේ අප්‍රාණික ගතියට බෙහෙත් අරං දෙන්නයි.

      පස්සේ දවසක ඒ දොස්තර මහතා මට ඒ අම්මා ගැන කිව්වා.
      "නිමල් අයියේ, දුවට නෙවෙයි ඒ අම්මටයි බෙහෙත් දෙන්න ඕනි. ඒ ගෑනු දරුවා උදේ පාන්දරම swimming යවනවලු. එතැන ඉඳලා දවස පුරාම ඉස්කෝලේ- පන්ති- ටියුෂන්... අර අම්මට ඒත් මදි.
      ඒ දැරිවිට හුස්ම ගන්නවත් වෙලාවක් ඉතිරිවෙලා නැතිව තියෙද්දී අම්මා හදනවා තවත් මොකක්ද class එකකට යවන්න. ඒකට යන්න බැහැ, පණක් නැහැ කිව්වම තමයි, මේ දුවට බෙහෙත් අරං දෙන්න ආවේ."

      Delete
  2. ඔය ලොකු ලොකු සිටි වලින් ගන්න බඩුම ඒ කොලිටියෙන්ම පොඩි කඩවල්වල තියෙනව අඩු ගානට. මේ ළඟදි ගම්මිරිස් කුඩු සීන් එකකට මටත් ඔහොම උනා.


    //මුලින්ම ඔබ හොඳ- විශ්වාසවන්ත මිතුරෙක් විය යුතුය. ඉක්මනින්ම ඔබට හොඳ- විශ්වාසවන්ත මිතුරු- මිතුරියන් රැසක් සිටිනු නිසැකය// එහෙම වෙලත් ඇරල ගිය උං තමයි මටනං ගොඩක් හිටියෙ.

    ReplyDelete
    Replies
    1. //එහෙම වෙලත් ඇරල ගිය උං තමයි මටනං ගොඩක් හිටියෙ.//
      බොට විතරක් නොවෙයි අපටත් හිටියා... තව ඉන්නවා....

      Delete
    2. //එහෙම වෙලත් ඇරල ගිය උං තමයි මටනං ගොඩක් හිටියෙ.//
      ප්‍රසන්න, අසංග. එහෙම අමිහිරි අත්දැකීම් දුන් අයත් නැතිවාම නෙවෙයි- මටත්.
      හැබැයි ඉතාම වීරලයි. මට නං හිතෙන්නේ එතනදිත් වැරැද්ද තියෙන්නේ අපේ අතේම බවයි.

      හොඳට විග්‍රහ කරලා බලද්දී පෙනෙයි- අපි වැරදි තක්සේරුවක ඉඳල තියෙන බව.

      Delete
  3. නිදි ලොක්කා ඔහේත් පටන් ගත්තාද රූපවාහිනියේ පෙන්වන ඉංග්‍රීසි පිචැර් එකක් වාගේ වෙන්න..... හොඳම සීන් එකේදි ඇඩ් එකක් දැම්මා සමානයි නොවැ මේක....

    ReplyDelete
    Replies
    1. ඒකත් එක උපක්‍රමයක් තමයි අසංග.
      පත්තරවල කොටස් වශයෙන් පළවුණු චිත්‍රකතාවලින් ඉගෙන ගත්තු.

      Delete
  4. Replies
    1. Pra Jay මහත්තයාගේ 'වැටක්' spam වෙලා වගෙයි නේද?

      Delete
  5. එක පැත්තකින්... පොඩි කඩකාරයොත් මේ වෙලේ අසරණයි. ඩබල් ට්‍රිබල් වෙච්චි ලයිට්, ගෑස් බිල් ගෙවාගෙන ඉන්න එකා දෙන්නට පඩිත් ගෙවාගෙන තමුන්ගේ ව්‍යාපාරේ කරන් යන්නත් එපෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම නං තමයි, නමී.
      බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන විදිහ මතකයිනේ. හම්බ කරන ආදායම හතරකට බෙදලා එක කොටසක් පරිභෝජනයට ගන්න... ආදි වශයෙන්. මං දන්නා විදිහට නං, එයින් කියන්නේ තමන්ගේ යැපීමට අවශ්‍ය තරම වගේ හතර ගුණයක් හම්බ කරන්න කියලයි.

      නමුත් අද ඉන්න ව්‍යාපාරිකයන්- දේශපාලුවන් වගේම ජහමන අපිත් දත කන්නේ- මොන විදිහෙන් හරි පරම්පරා ගණනකට ඇති වෙන්න පොදි ගහන්න නේද?
      ඉතිං කෙරෙයිද සාධාරණ වෙළෙඳාමක්?

      Delete
  6. ලොකු අම්මත් එක්ක මොකද කරන්නේ කුණුහරප කවි ලියන නිමල්?

    ReplyDelete
    Replies
    1. හෙළි කරන්නට තරම් වටිනා නමක් තමන්ට නැතැයි සිතන මහතාණෙනි, මගෙ නමට යොදා තියෙන විශේෂණය සාවද්‍ය එකක් වුවත්- ඔබ එයින් සතුටක් ලබතැයි සිතමි. එය රෝගී තත්ත්වයක් නොවෙතියි සිතමි.

      එවන් විශේෂණයකින් ඔබම හඳුන්වන්නෙකුගේ ලේඛනයක් කියවීමට හා comment එකක් එවීමට තරම් කාලය හා ශ්‍රමය වැය කිරීම ගැන මගෙ නොවක් තුතිය ඔබට පිරිනමමි.

      Delete
  7. “දැනටමත් ඔබ දනියි. මං වහන්සේ ලස්සන; පැහැදිලි අත් අකුරුවලට තදින්ම මනාපය” - හොද වෙලාවට මම කොම්පියුටරෙන් කොටන්නේ . නැත්නම් මට ඉන්න වෙන්නේ නිමල්ගෙ අකැමැතු ලයිස්තුවේ පහලම තමා.

    ReplyDelete
    Replies
    1. මමනං ලිස්ට් එකෙන් කැපිලම යනව එහෙනං.

      Delete
    2. චමී, ප්‍රසන්න.
      ලස්සන අකුරුවලට විතරක් නෙවෙයි මොට්ට මම වහන්සේ තදින්ම මනාප. කඩවසම්- සුරූපී- කඩිසර- බුද්ධිමත්- බහුශ්‍රුත- එක එක දේට නිපුණ වගේ ගොඩක් දේවල් තියෙනවා, මං කැමති. වෙන එකක් තියා ලස්සන නමක් තියෙන අයටත් මම කැමතියි. (නම තියන්නේ අම්මයි තාත්තයිනේ. ඒ බව දැන දැනත් තමයි යස නමක් තියෙන කෙනෙකුට මම කැමති.)

      හැබැයි, එහෙම නොවෙන අයව වුණත් ඉවසන්නත්- මිතුරු දම් පවත්වන්නත් මට පුළුවනි. මොකද කියනවා නං මාත් 100%ක් පරිපූරණ නොවෙන- දුබලකම් සහිත කෙනෙක් නිසා.

      විශේෂයෙන්ම අර මොන හපන්කම් තිබුනත් වැඩක් නෑ - කෙනෙකු ළඟ හොඳ ගතිගුණ නැතිනං... එතකොට මිත්‍රත්වයක් පවත්වාගෙන යන්න අමාරුයි. (මට!)

      Delete
  8. “මුලින්ම ඔබ හොඳ- විශ්වාසවන්ත මිතුරෙක් විය යුතුය. ඉක්මනින්ම ඔබට හොඳ- විශ්වාසවන්ත මිතුරු- මිතුරියන් රැසක් සිටිනු නිසැකය!”. - හරිනේ. “What you get is what you give” කියලා සුද්දත් කියලා තියෙනවානේ .

    ReplyDelete
    Replies
    1. සුද්දත් කියල තියෙනවා නං බොරුවක් වෙන්ඩ ව්දිහක් නෑ නේද, චමී?

      Delete
    2. මොකෝ සුද්දා අමුතු ජාතියක්ද 😂😂😂😂

      Delete
    3. මොකද නවීන් නිකං ජාතියෙන් වගේ?

      Delete
    4. හැම දෙයක් ගැනම ගැඹුරින් හිතන්න එපා. ජාතියක් ද/ ජාතියෙන් දෙක ගැන හිතල බලන්න. ටෝන් එකත් එක්ක.

      Delete
    5. හෙ හෙ දැන් තේරුනා😃😄🤣

      Delete
  9. නිමල් ඒ තරම්ම හෘදයාංගමව ලියලා තමයි. පහුගිය පෝස්ට් එකේ දාපු කොටසින් ඒක හොඳට පෙනුනා.

    මේ චමත් ගැන කියවද්දි මට මතක් වුනේ නිමල් අර ඉස්සර පෝස්ට්ස් වල ලියපු සුනන්ද මහත්තයාව. වයස, අවස්තාව වෙනස් වුනත් එකම දේ නේද. තමන්ට ඇහුම් කම් දෙන, තමන්ට කරුනාවක් දක්වන කෙනෙක් හොයාගෙන යන අය. නිමල් කාන්තාවක් කියලනෙ දෙන්නම හිතුවෙත්. නිමල් දැන් මේ වගේ විශේෂාංගයක් කලත් ඔය වගේ හතර පස් ප්‍රමානෙකින් ලියුම් එයි. (දැන් නම් ඉතිං ලියුම් ලියන්න ඕනෙත් නෑනෙ).

    ReplyDelete
    Replies
    1. ලොකු අම්මගේ අත්දැකීම් ගැන ලියන්න හිතාගෙන පටන් ගත්තත්, මේ කාලේ සිද්ධ වෙන දේවල් ගැනත් නිකම්ම ලියවෙනවනේ Lotus. අද පරම්පරාව ප්‍රශ්නවලට මුහුණ දෙන විදිහ දකිනකොට.

      Delete
  10. ‘මුලින්ම ඔබ හොඳ- විශ්වාසවන්ත මිතුරෙක් විය යුතුය. ඉක්මනින්ම ඔබට හොඳ- විශ්වාසවන්ත මිතුරු- මිතුරියන් රැසක් සිටිනු නිසැකය!’ මේ කියලා තියෙන කාරණයට අමතරව, නිමල් ගැන නිමල් ලියලා තියෙන දේවලින් මම ඉගෙනගත්ත තව දෙයක් තියෙනවා. ඒ තමයි කෙනෙක් එක්ක කතා කරද්දි (හෝ යම් ගනුදෙනුවක් කරද්දි), තමන් ගැන තොරතුරු අනවශ්‍ය විදිහට අනිත් තැනැත්තාට හෙලි නොකර සිටීම. ප්‍රසන්න හා අසංග උඩින් කියලා තියෙනවා වගේ දේ මටත් වෙලා, මමනම් හිතලා හිතලා තේරුම් ගත්ත දෙයක් තමයි අපි ඕනාවට වඩා අවංක කියලා දැනගත්තම තමයි අනිත් අය අපිව යූස් කරන්නෙ කියන එක. ඒ නිසා හොඳම දේ තමයි පොතක් ඇරියා වගේ මිනිස්සුන්ට තමන් ගැන හැම දේම කියන්නෙ නැතුව, තමන් ඕනෙ වෙලාවක නොපැකිළව උදව් කරන්න ලෑස්ති කෙනෙක් බව නොපෙන්වා ඉඳීම. කොහොමත් ඔය කපටි මිනිස්සුන්ට විශේශ හැකියාවක් තියෙනවා අවංක මිනිස්සු- එහෙමත් නැත්නම් ලේසියෙන් රවට්ටගන්න පුලුවන් මිනිස්සු අඳුරගන්න. අපි කරන්න ඕනෙ ඒගොල්ලන්ට අපිව exploit කරන්න අවස්තා නොදී ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. //අපි කරන්න ඕනෙ ඒගොල්ලන්ට අපිව exploit කරන්න අවස්තා නොදී ඉන්න එක.// 100%ක් එකඟයි Lotus!
      එහෙම නැණවත් වෙනවා නං රැවටෙන අවස්ථා ඉතාම අඩු කර ගන්න ඇහැකියි.
      නිතරම මගේ වැරදි- අඩුපාඩු ගැන විමසිලිමත් වෙන එකයි මගෙ පුරුද්ද නම්. ඒ අනුව මම වෙනස් වෙනවා.
      වෙන අයව වෙනස් කරන්න අසීරුයිනෙ- අපිට.

      Delete
    2. අපිව use කරන අය පැහැදිලිව හඳුනා ගන්න එක ගැන පැහැදිලි කරන්නකො තව
      @නිදි මාමෙ, lotus

      සමහර වෙලාවට බොහොම අහිංසක අනුකම්පාසහත විදියට එන අයට උදව් කරාට පස්සෙ හිතෙනවා එයාලා මාව use කරාද මන්ද කියල😥

      Delete
    3. නවීන් පුතේ,
      //අපිව use කරන අය පැහැදිලිව හඳුනා ගන්න එක ගැන පැහැදිලි කරන්නකො තව// ගැනයි.
      අන්ධයෝ ඇතාව අතගාල උගේ හැටි තව කෙනෙකුට කිව්වා වගේ වැඩක් වෙන්නේ තව කියන්න ගියොත්. මට හිතෙන්නේ ඔයාට අත්දැකීමෙන්ම ඔව්වා වැටහෙයි- සමාජයේ ජීවත් වෙද්දී.

      Delete
    4. අන්ධයෝ සෙට් එකම කීවම යම් දැනුමක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා..🤔🤔

      Delete
  11. නස්රුදීන් කඩ මණ්ඩියෙ ඉද්දි දවසක් කතා බහක් ඇති වුණා, "සියලු දෙනාට සමානව සැලකිය යුතුද?" කියන මාතෘකාව ගැන.

    නස්රුදීන් කිව්වා, "මම ඕක ප්‍රායෝගිකව කරල බැලුවා... " කියලා. "... මම මගෙ බූරුවටයි, භාර්යාවටයි එක ම විදිහට සැලකුවා. අන්තිමේ මට ලැබුණෙ...

    ... හොඳ බූරුවෙක් සහ නරක බිරිඳක්... "

    ReplyDelete
    Replies
    1. සමාන කේස් එක කොහොමත් හරියන්නෙ නෑ නෙහ්.
      සාධාරණ වගේ එකක් හොඳයි නෙහ්

      Delete
    2. අනිත් එක සාමාන්‍යෙන් හොඳ බිරින්දෑවරු කියලා ජාතියක් ඉන්නවද හැබෑට🤔

      Delete
  12. එහෙම දේකුත් තියෙනවා නේන්නං, ඩ්‍රැකී.
    පරාණ එක්ක වැඩ කරද්දී ඔය මොන නියායක්වත් හරි නොයන වෙලාවලුත් තියෙනවා.

    ReplyDelete
  13. ++++++++++
    මේ දවස්වල අනන්‍යතා අර්බුදයක ඉන්නෙ. සුරුස්....

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල සිරි ලංකාවේ තියෙන අර්බුද එක්ක බලනකොට ඔයාලගේ- අපේ අර්බුදත් ප්‍රශ්නද ටොමී?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්