ඒක ගයනවා
මදිවට, කට්ටියක් එක්ක සිංදු කියන ගොඩ වෙලාවක නම් ඒ සිංදු තුනෙන් අච්චාරුවකුත්
දානවා. |
“ඉතින් බාන්ස්, 'අහිංසක
ප්‍රයෝගය' කියන්නෙ 'මිස්
මේරි' ෆිල්ම් එක එහෙම්මම සිංහල හඬ
කවලා පෙන්නපු එකක් නේ. ඒකෙ කරන්න කිබ්බෙ සිංහලෙන් දෙබස් කවන එකයි, සින්දු ටිකට පදවැල් දාන එකයි විතරයි.” කියලා.
හරි නේන්නං, දෙබස් කවන වෘතාන්ත චිත්‍රපටයක සංවාදවලට වගේම
ගීතවලටත් වෙනින් අරුත් දෙතහැකියැ?
එතෙන්දි කාටවත් මතක් වෙලා තිබ්බේ නෑනෙ ‘ඇල් හේනෙ පැල් රකිද්දී - කුඹුරේ කරල් කපද්දී’
සිංදුව. අර තනුවටම ජී.එස්.බී.රාණි පෙරේරා ගායිකාව එක්ක අංකුර ගායක එච්.ආර්. ජෝතිපාල
ගයපු ගීතය.
ඒ තනුවට; ඒ ගීයට මේ ලියන නිදි කොච්චර ආසයිද කියනවා නං ඒක ගයනවා මදිවට,
කට්ටියක් එක්ක සිංදු කියන ගොඩ වෙලාවක නම් ඒ සිංදු තුනෙන් අච්චාරුවකුත් දානවා.
ඔව්, ඔව්. එහෙම වෙලාවට අනෙක් කට්ටියෙ හුඟ දෙනා බීලා හිටියට මං බීලා නෙවෙයි
ඉන්නෙ...
මක් කිව්වා.... බීල නෙවෙයි නං, සිංදු දෙකක් නොවී- තුනක් වුණේ කොහොමද?
හැබෑ නේන්නං. මං තවම ලියල තියෙන්නේ සිංදු දෙකක් ගැන විතරයිනේ.
මං කියල තියෙනවනේ නෙවිල් අනුරසිරියි, නිමල් දිසානායකයි හුඟක්
groupස්වල ඉන්නවයි කියලා. Trips යන්න, පැදුරු පාටි දාන්න එහෙමත් එකතු වෙන කණ්ඩායම්.
මගේ සමහර හිතවතුන් ඒ කට්ටි දෙක තුනකමත් ඉන්නවා, මර්වින් බොතේජු වගේ අය. සමහරුන් එක
group එකකට විතරයි...
එහෙම එක group එකකට අයිතියි සුමිතුරු උදේනි දසනායකයි, සිනෙත් බැද්දගේයි
දෙන්නත්. ඒ දෙන්නමත් හොඳ ගායකයෝ, වදකයෝ! වාක්‍යය කොටලා බලද්දී පෙනුණා වාදකයෝ
වෙනුවට කෙටිලා තියෙන්නේ ‘වදකයෝ’ කියලා. කම්පියුටරේ මට මතක් කරලා දෙනවද කොහෙද....
ඒ වදකයෝ දෙන්නත් ඉන්න තැනක මුහුං වුණාම ගැලවිලි බොරු.
කොච්චර තැන්වල අපි මහ පාන්දර වෙනතුරු
ගිනිමැල ගහගෙන සිංදු කියමින් ඉඳලා තියෙනවද... |
හෙනානිගල වැව අද්දර, රාජාංගනයේ වැව ඉවුරේ, කළු ගඟේ මොරගහකන්දට යට වුණු
ඉසව්වක, දෝතළුගල- බෝඹුරුඇල්ල- රන්දෙනිගල වගේ කඳවුරු බිම්.... කොච්චර තැන්වල අපි මහ පාන්දර වෙනතුරු ගිනිමැල ගහගෙන සිංදු කියමින් ඉඳලා තියෙනවද...
උදේනිත් එක්කලා trip එකක් යද්දී, බස් එකේ වෙනම සීට් එකක් සංගීත භාණ්ඩවලට වෙන්
කෙරෙනවා.
ඒ වගේමයි, අපේ සුසංයෝජනය කොතරම් ප්‍රනීතද කියනවා නං, උදේනි කිසිම trip එකක් යන්න
දින යොදා ගන්නෙත් නෑ සිනෙත්ටයි, නෙවිල්ටයි, මටයි යන්න පුළුවන්ද කියලා හොයාගෙන
මිසක්.
ඔයාලට හිනහත් යයි මේ පම්පෝරිය ගැහුවම. අපි පුරා දවස් 3-4-5 ගතවෙන සංචාරවල
ගියත් ප්‍රතිපත්තියක් විදිහටම එක ගීය දෙවතාවක් ගයන්නේ නෑ. කොහොමට ඇතිද අපේ සජීවී
ගී තැටි ගබඩාව?
උදේනි ගැන මට කියන්න තියෙන්නේ, උපදින්න ඕනි කාලෙට කලින් ඉපදුණු මනුස්සයෙක්
කියන එකයි. අදට අවුරුදු විස්සකට විතර කලින් උපන්නා නං.... උදේනිට රියැලිටි
showවලින්ම තරුවක් වෙන්න තිබුණා.
ලෝකේ රටවල්වලින් දෙවෙනියට ජාතික ගුවන් විදුලියක් අරඹලා තියෙන ශ්‍රී ලංකාවේ (ඒ විස්තරේ මට කිව්වේ ජ්‍යොතිෂඥ අනුර ජිනදාස සහෘදයා) වෙළෙඳ සේවයෙන් පවත්වපු ‘පිබිදෙන ගායක පරපුර’ තරගයකින් උදේනි දෙවෙනි තැන දිනලා. එහි ප්‍රථම ස්ථානය දිනාගෙන තිබ්බේ පුණ්‍යා කත්‍රිආරච්චි!
රත්තරං හැන්දක් කටේ ගහගෙන උපන්නා වගේ ලෝකයට පෙන්නන පම්පෝරිකාර මිනිසුන් වැඩියෙන් ඉන්නා රටක 2021
දෙසැම්බර් 4 වෙනිදා රාත්‍රියේ අපූරු නිහතමානී ගායකයෙකුගේ පණිවිඩයක් ශ්‍රවණය කරන්නත් වාසනාව අපට ලැබුණා.
ගායකයෙකු
වීම පසෙක තබා රස්සාවට ගිය අපේ උදේනි කුටුම්බ සංරක්ෂණයට... (උදේනි පවුලේ අය) |
‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ වැඩ
සටහනේදී කීර්ති පැස්කුවෙල් මහතාට ඒ පණිවිඩය එවා තිබ්බේ ‘විශාරද එඩ්වඩ් ජයකොඩි’
ගායකයාණන්ය.
රටකට අවශ්‍ය වන්නේ මෙවන් නිහතමානී කලාකරුවන් නොවේද?
ඉතිං, ගායකයෙකු වීම පසෙක තබා රස්සාවට ගිය අපේ උදේනි කුටුම්බ සංරක්ෂණයට මුල් තැන
දුන්නේය. උදේනිගේ ලොකු පුතයි, දුවයි
දෙන්නගෙම විවාහ මංගල්‍ය උත්සවවලදී මගේ කන් දෙක පිරිලා තිබ්බේ. සින්දුවලින් වගේම
නෝක්කාඩුවකින්.
“බලපන් නිමලෝ.... අපේ ළමයින්ට තාත්තෙක් නෑ වගේනේ.... මෙච්චර වැඩ තියෙද්දී
අපේ මනුස්සයා stage එකේ.... උත්සවේට එන අයට ආයුබෝවන් කියන්නත් නෑවිත් සිංදු
කිය-කියා ඉන්නේ... අද වගේ දවසකවත් ඕක නොකර හිටියම මොකද වෙන්නේ?” හිතවත් ගීතාට
මැසිවිලි කියවෙන තරමටම උදේනි දසනායක ගායන පිස්සෙකි.
“... එහෙම වුණාම සමහර නෑදෑයෝ හිත නරක් කර ගන්නවනේ බං...”
අර මුලින් කියාගෙන ආ තුන්වෙනි ගීතය අපේ පැදුරකට මුලින්ම ගෙනාවේ මෙකී
උදේනිය. මෙන්න ඒ ගීතය, උදේනිගේ හඬින් නොව ගායක කිංස්ලි පීරිස්ගේ හඬින්.
පළමුවරට ඒ ගීතයේ පද මාලාව, කිසිම අසීරුවක් නැතිව ‘ඕ රාත්‍රියේ මෙ යාමේ’ තනුවටම- අපට ගයා පෙන්නුවේ උදේනිය. එයින් පස්සෙය, copy රයිට්ස් ගැන නොතකා, අපි ඒ සිංදු තුනේ remix කරන්නට පටන් ගත්තේ.
කියන්නට යන ප්‍රධාන කතාව පටන් ගන්නට කලින් මේ චුට්ටත් කියලම ඉන්නං...
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ප්‍රචාරක වැඩ සටහන්වලට තජකයෙන් ලංකාව පුරා
යන දවස්වල, වාහනයේදී අපෙන් නොවැරදී ගැයුණු ගීත කිහිපයකින් එකක් නසරානි; කඩප්පුලි
මට මතක් වුණේය. ඒ අර කමෙන්ටු ගොන්නේ තිබුණු
Sam Perera රසික මහතාගේ comment එක දැක්කාමය.
“ජනප්‍රිය ගීත
බොහොමයකට මුල් රචකයාගේ පද මාලාවට අමතරව කොල්ලෝ හදාපු ලෝකල් ගීතයකුත් තියනවානේ. ඒ
සමහර ඒවාත් (අසභ්‍ය ඒවා උනත්) මුල් ගීතයට වඩා නිර්මාණශීලීයි....”
කිස්මත් කේ ඛේල් නිරාලේ මේරේ භයියා// |
ගීතයේ ප්‍රසිද්ධ ඔරිජිනල් එක බෙග්-ජී.එස්.බී. රාණි ගයන ‘රැල්ලේ කිරි වැල්ලේ’ ගීතයයි. (එහි cover වර්ෂනය අපට ගෙනාවේ ‘ඇක්වයිනාස් විදුහලේ’ උගනිමින් සිටි හාදයන් තිදෙනෙකි!) අපූරුම යෙදුම තිබුණේ ‘දැනගෙන රහස අපේ - කෙකටිය කැකුළු පිපේ’ තැන 4-6 වචන වෙනුවටය. ඒ වදන් තුනේ මාත්‍රා දහයකි. ලඝු 8+ ගුරු 1. ඒ මාත්‍රා ගණනටම වෙනත් වචන තුනකි, ඔවුන් යෙදුවේ.පළමුවෙනි වචනය සුනඛයනුත් යන අරුත් දෙන සමූහවාචී පදයකි.
දෙවැන්න බහු වචන ආඛ්‍යාතයකි; ක්‍රියා පදයකි.
තෙවැනි වචනය ‘අතේ’ ය.
අපේ කුඩා අවදියේදී ‘ගීත’ කියලා කිව්වේ චිත්‍රපටි
ගීතවලට විතරක් වගේය. සිංදු ටික මල් හතයි නං ෆිලුමත් දිව්වේය. ඒකට හොඳම උදාහරණයක්
ගැනය අද මගේ මතකය අවුස්සන්නේ! සංගීතඥයෙකු නොවෙන මට වුණත් ඒ සඳහා අවසර තියෙන එක
කොච්චර හොඳද?
‘කෑමක රස බලන්න කෝකියෙක්ම වෙන්න ඕනි නෑ!’ යි
කියමනකි. ඇත්තය. දිවේ රසාංකුර නිසි පරිදි පිහිටා තිබේ නම්, ආඝ්‍රාණ ආබාධ නැති නම්,
හොඳින් ඇස් පෙනීම තිබේ නම් කෑමක රසය උපරිමයෙන්ම විඳ ගන්නට හැකි යයි මම අදහමි.
එසේම, රස නාඳුනන කෙනෙකුට; සුවඳ නාඳුනන කෙනෙකුට; ඇස් පෙනීම දුර්වල කෙනෙකුට හොඳ
කෝකියෙකු වීමට නොහැකිය කියාත් අදහමි.
සංගීතඥයන් වෙනුවෙනුත් ඒ තියරිය වලංගුයි වගෙය.
මේ ගීතය අහලා තියෙනවාද?
කිස්මත් කේ ඛේල් නිරාලේ මේරේ භයියා//
කිස්මත් කා ලිඛා කෞන් ටාලේ මේරේ භයියා
කිස්මත් කේ ඛේල් නිරාලේ මේරේ භයියා
(මේ දෛවය අරුමැසි එකකි//
දෛවයේ ලියවී ඇති දේ කිසිවෙකුට වෙනස් කළ නොහැකිය.)
ඒ ගීතය තිබුණේ 1969 තිරගත වුණු ‘ඒක් ඵූල් දෝ මාලි’ film එකේ. |
ඒත් බයිස්කෝප් සිංහලෙන් site එකේ මේ ෆිලුමටත් සිංහල subs දීලා තියෙනවා
දැක්කාම පැය 2 විනාඩි 38 තත්පර 51 ක් දිග මේ film එකයි, සබ්ස්තුයි බාලා හමස්
පෙට්ටියේ දාගෙන ඉන්නවා තණ්හාවට.
ෆිලුමට නියමෙට ගැලපෙන අමාවන් සිංහල උපසිරැසි සපයා තිබුණේ ‘දහරා මුතු අමා’ විසින්.
ඒ එයාගේ 137 වෙනි උපසිරැසි සැපයීම. දහරා මුතු අමා වගේ තවත් සිය ගණනක් මෙහෙම
ෆිල්ම්ස්වලට subs දෙන්නෙ ස්වේච්ඡාවෙන්; තියෙන ඇම්මට!
ඉතිං ඉතිං.... ඒ ෆිලුමෙදී අපූරු භාවාත්මක හඬකින් මේ ගීතය ගැයෙන අතරෙයි නාමාවලිය තිරයේ පතිත වුණේ. රවි ශංකර් ෂර්මා! එයා තමයි ඒ අපූරු ගීතයේ ගායකයා. පස්සේ කාලෙකයි දැන ගත්තේ, ඒ film එකේ සංගීත අධ්‍යක්ෂකත් එයාමයි කියලා.
ලිඛිතාගේ ‘කඩදාසි කොළේ’ පෝස්ටුවටත්, ඩ්රැකීගෙ අඩවියේ posts දෙකක් හා බකමූණු කතා අඩවියේ ‘අපි නොදන්න රාග තාල’ පෝස්ටුවටත්, මේකේ පළමුවෙනි කොටසටත් අනුප්‍රාණය ලැබුණේ තට්ටයාගේ කොළමෙ පළ වුණු ‘මී පැණි වන් ගී තනු’ post එකෙන්.
දැනට ලියවිලා තියෙන ඒ ගීතමය පෝස්ටු කීපයේදී
ඔයාලා මේ පහත දැක්වෙන ගීවලටත් කන් දෙන්න ඇති; ඒවා ගැන විස්තර කියවන්න ඇති. එහෙම
සඳහන් නොවුණු, අපට සමීප වුණු ගී දෙක-තුනකුත් මේ ලැයිස්තුවේ තියෙන බව ඔන්න දැන්මම
කියනවා.
පැතුම් මල්ලකී ජීවිතේ, මධුර යාමේ සුවදෙ
සාමේ, දෑස පා සිනා- කියන රහස තේරුණා, හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල-බලා, නින්ද
නේන රාත්‍රියේ, මේ නොනිමෙන දිවි ගමනේ.... මේ වගේ ගීත තනු දහස් ගණනක් නිමැවුණේ, ඒ
‘රස හඳුනන අපූරු කෝකියාගේ අතින්’. ගායනය, වාදනය දෙකට වගේම සංගීත නිර්මාණයේදීත්
සුහුරු හපන්කම් පෙන්නපු ‘රවි ශංකර් ෂර්මා’ කලාකරුවාණන්ගේ වෙහෙසින්....
අඩ පැයක් සිංදු සඳහායි. සාමාන්‍යයෙන්
සිංදු දහයක් තිබිය යුතු ය. තවත් අඩ පැයක්... |
saiya
le gayi jiya teri pehli najar//
kaisa jadu kina tune mope o jadugar
(පෙම්වත, ඔබ දුටු පළමු දිනයේම
මගේ හදවතේ ආදරයක් උපන්නේය!)
දන්නවද, ඉස්සර සිංහල කතානාද චිත්‍රපට
හැදෙද්දී බොහෝවිට copy කරලා තියෙන්නේ එකම වට්ටෝරුවක්.
“චිත්‍රපටයක ධාවන කාලයෙන් පැය භාගයක් ගීත
සඳහා වෙන්කොට තිබිණි. කඩවුණු පොරොන්දුව නිෂ්පාදනය කිරීමේදී බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න
තමා ලද අත්දැකීම් විස්තර කරමින් 1964 දී සරසවිය පුවත්පතට කරන ලද ප්‍රකාශයකින්
උපුටා ගැනුණු ඡේදයක් මතු දැක්වේ.
‘අපේ නාට්‍ය මෙන්ම මුල දී නිපද වූ මේ චිත්‍රපට
ද පැය දෙකහමාරක් පෙන්වීම සඳහා සකස්වුණු ඒවාය. මේ චිත්‍රපට සඳහා සංයෝජනයක් තිබුණු
බව කිව යුතුය. පැය දෙකහමාරෙන් එක පැයක් කතාවේ දෙබස් සහිත දර්ශන සඳහා විය. අඩ පැයක්
සිංදු සඳහායි. සාමාන්‍යයෙන් සිංදු දහයක් තිබිය යුතු ය. තවත් අඩ පැයක් නිශ්ශබ්ද
පසුබිම් දර්ශන සඳහා විය. විවේක කාලය මිනිත්තු පහළොවකි. මේ සංයෝජනය සහිත ව පැය
දෙකහමාර පුරවන ලදී.’” (51 පිටුව- සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යය- සමන්ත හේරත්-
ගොඩගේ ප්‍රකාශනයකි.)
ඒ වට්ටෝරුව; සංයෝජනය තවමත් තියෙනවද?
මට නං ඒකෙ වැරැද්දක් පෙනෙන්නෙත් නෑ. හැබැයි
ගැළපෙන විදිහට කවලම් කරලා, හදන එකක් රහට හිටින්න හැදීමයිනෙ කළ යුත්තේ.
ඔය වෛවාරන්න කේක් ජාති හදද්දී වුණත් මූලිකවම බිත්තර, බටර්, පිටි, සීනි ජාති හතර
ගන්නවාමනේ. ඒවාට යොදන අනෙක් අඩුවැඩිය අනුව තමා වෙන-වෙනස් රස ගන්නෙ. එහෙම කෙරෙන එක
ෆිල්ම්ස්වලටත් ඔට්ටුයිනෙ.
ඉතිං ‘ඒක් ඵූල් දෝ
මාලි’ film එකත් අර වට්ටෝරුව එහෙම පිටින්ම වගේ අනුගමනය
කෙරුණු එකක්. කොච්චර ලස්සනට ඒ රාජකාරිය කෙරිලාද කියනවා නං, film එකේ පළමු පැයේදී
‘මී පැණි වන් ගී තනු’ රැගත් සිංදු 4 ½ ක් අපට දැක
ගන්න පුළුවන්.
ගීතය පටන් ගනිද්දී කොල්ලයි, කෙල්ලයි යාළු වෙන්න හිතලවත් නෑ. සමහර
වෙලාවට දෙන්නට දෙන්නා ඔරොප්පුවෙන් ඉන්නෙත්. හැබැයි සිංදුව ඉවර වෙනකොට... |
1. ජීවන දහම කියවෙන ගීය
2. ප්‍රීතිමත් කාන්තා ගීතය
3. ජෝඩුව set වෙන ගීතය- (මෙන්න මේකෙදී ගීතය පටන් ගනිද්දී කොල්ලයි, කෙල්ලයි යාළු
වෙන්න හිතලවත් නෑ. සමහර වෙලාවට දෙන්නට දෙන්නා ඔරොප්පුවෙන් ඉන්නෙත්. හැබැයි සිංදුව
ඉවර වෙනකොට දෙන්නා පෙම්වතුන්.)
4. වෙනස් හැඟීම් ජනනය කරමින් කඩින් කඩ ගැයෙන ගීතය
5. නැටුම් ගීතය
මේ ලැයිස්තුවේ ගීතවලින් දෙකක් අපි ඇහුවනේ.
මෙන්න බලන්නකෝ couple එක set වෙන යුගල ගීතය. ‘යේ පර්දා හටාදෝ - ස(z)රා මුඛ්ඩා දිඛා දෝ’... ගයන්නේ මොහමඩ් රාෆි - ආශා භෝස්ලේ.
(අහේතුව මොකක්ද
කියන්න නං මං දන්නෙ නෑ. මේ පළමු මියුරු ගී තුනෙන් එකක්වත් මම දන්නා තරමින් සිංහලට
කොපි කෙරිලා නෑ!)
කොල්ලා කියනවා
‘ඔයාගේ පර්දාව අයින් කරලා මට ඔය සොඳුරු මූණ පෙන්වන්නකො. මං පිට කෙනෙක්යැ?’. කෙල්ල
උත්තර දෙන්නෙ මෙහෙම කියමින්; ‘ආදර පිස්සෝ! මගේ පස්සෙන් එන්න එපා. මට ආදරේ කරන්න
හිතුවත් ඔයා ලොකු අමාරුවක වැටෙයි!’.
එතරම් හින්දි
චිත්‍රපට ලෝලියෙකු නොවෙන අපේ හිතවත් රංගධර මිතුරා නෙවිල් අනුරසිරි වුණත්
‘සයියා ලේ ගයෙ ජියා’, ‘යෙ පරදා හටාදෝ’ සිංදු දෙකට හරි කැමතියි. “සාධනා මාර හුරතල්
ඇඹරිල්ලක්නේ දාන්නෙ!” ඒ ගීත දෙක බලද්දී ඒ හාදයාට කියැවුණේ නිතැතින්මය.
කෛලාශ් බාබු
පොහොසතෙකි. ඔහුගේ බිරිය දරු ප්‍රසූතියකදී මියයන්නීය. බිලිඳාත් මරු වසඟ වෙයි... ඒ
ආරංචිය දරාගත නුහුණු කෛලාශ් බාබු ක්ලාන්තවී ඇද වැටී; පඩි පෙළකින් පහළට
පෙරළෙයි. ඒ අනතුරේ ප්‍රතිඵලය වන්නේ ඔහුට
ලිංගික ශක්තිය අහිමිවී යාමයි.
එයින් කලකිරෙන ඔහුට උපදෙස් ලැබෙන්නේ ‘හිමාල අඩවියේ රැකියාවකට යාම සුදුසු බව’ටයි.
කසාද බඳින දවසට කලින් දවසේ ගෙදර සරසන අතරේ
මනමාලයා ඉණිමඟකින් වැටෙනවා. එතකොට එයාට පිරිමියෙක් විදිහට හැසිරෙන්න තියෙන ශක්තිය
නැති වෙලා යනවා..... |
ඒ දවස්වල ‘Ek Phool Do Mali’ බලද්දී අර තරප්පු පේළියෙන් වැටීම ‘ලිංගික බෙලහීනත්වය’ ඇති කරවන තරම්
දරුණු එකක් යැයි මට හිතුණේ නැත. එහෙම හිතෙන්නට නං හින්දි බස දැනගෙන ඉන්න එපැයි! ඒ
ගැන දැන ගත්තේ පසු කාලයක සිංහල සබ්ස් එක්ක ෆිලුම බලද්දීය. ඒ දවස්වල; 1969 විතර
කාලයේ ඔහොම දේවල් කියන පමාවෙන් පිළිගන්නට සාමාන්‍ය චිත්‍රපට ලෝලීහු වුවද සැරසී
සිටියහ.
‘වැඩිහිටියන්ට
පමණයි’ වූ පළමු සිංහල film එකට පාදක වෙන්නෙත් අර වාගේම අනතුරකි. එතකොට; 1964දී
පොඩිහිටියෙකුව සිටි මට ‘සුබ සරණ සැප සිතේ’ බලන්නට විදිහක් තිබුණේ නැත.
“කසාද බඳින දවසට කලින් දවසේ ගෙදර සරසන අතරේ මනමාලයා ඉණිමඟකින් වැටෙනවා. එතකොට එයාට
පිරිමියෙක් විදිහට හැසිරෙන්න තියෙන ශක්තිය නැති වෙලා යනවා.....” චිත්‍රපටයේ කතාව
මට කිව්වෙ කොටුවේ ආච්චිගේ පුතණුවන්වූ චන්දරේ මාමාය; ඕවිටේ වැඩ කරන අතරේය
කිව්වේ.
(සුබ සරණ සැප සිතේ film එකෙත් ආර්. මුත්තුසාමි මාස්ටර් සංගීතවත් කළ ස්වතන්ත්‍ර තනු රැගත් ගීත අටක් විණි.)
දැන් නං
‘නිදිගෙ පංච තන්තරේ’ කියවන රසික හිතවතුන්- හිතවතියන් සේරම හිතාගෙන ඇත්තේ නිමල්
දිසානායක චිත්‍රපට විශාරද- සංගීත විශාරද- හින්දි ඔස්තාද් කෙනෙක් කියලයි!
අනේ නෑ! මං චිත්‍රපට- සංගීත විකාරද කෙනෙක් විතරයි. හින්දි ගැන කියන්න තියෙන්නේ,
‘පුංචි කාලෙ නං හින්ගියේ ජලක්’ තියෙන්නැති’ කියලයි.
‘එහෙනං හින්දි
ගීතවල පදමාලාත් post එකට ඔබලා තියෙන්නේ?’
ඔබ අසනු ඇති!
මං කලින් කියලා
තියෙනවනේ මුද්‍රණ කර්මාන්තයේ හිටි නිසා ලංකාවේ වැදගත්, උගත්, විවිධ මට්ටමේ අය
කොච්චරක් දැන-හඳුනා ගන්න ලැබුණද කියලා. 2005 අවුරුද්දේ ජුලි මාසයේ දවසක press
එකට ආවා කීප දෙනෙක්; ‘පියසිරි ප්‍රින්ටින් ප්‍රෙස්’ අච්චු කන්තෝරුවට නිතර ආ-ගිය
කඩදාසි සැපයුම්කරුවෙකු වුණු Mr. මහේෂ් එක්කලා.
ටිකකට පස්සේ අපේ බොස් මට කතා කළා. “මේ ස්වනියර් එක හදිස්සියි. ට්‍රේසින්ස් සේරම
ගෙනල්ලා. මේ මහත්තුරු අද හවසට කවරේ පොසිටිව්ස් ගෙනෙනවලු.... දැන්ම plan කරවමු....
පාලිත මහත්තයාට තව මොනවා හරි කියන්න තියෙනවා නං නිමල් අයියට කියන්න. වැඩේ කරවයි!”
හින්දි චිත්‍රපට ගීත රසික සංගමයේ නිර්මාතෘ
ප්‍රියන්ත ගමගේ මහතාගේ සංවිධායකත්වයෙන් පළ කෙරුණු ‘ගීත් මාධුරී - අංක 1’ |
“Mr. පාලිත.
නිමල් අයියා වැඩේ කරවයි.... මේ පොතේ දොරට වැඩුමයි, හින්දි සිංදු කියන show එකකුයි
තියෙනවා 31 වෙනිදා. නිමල් අයියට පාලිත මහත්තයව අඳුනාගෙන ඉන්න එක හොඳයි. පාලිත
මහත්තයා තමයි, මේ පොත ප්‍රින්ට් කරවලා දෙන්න බාරගෙන තියෙන්නේ.” Mr. මහේෂ් කිව්වේය.
මට පාලිත ලියනගේ මහතා හමු වුණේ එහෙමය.
හිංදි චිත්‍රපට
ගීත රසික සංගමය මඟින් පළ කෙරුණු ‘ගීත් මාධුරී - අංක 1’පොතයි, එදා අපට මුද්‍රණයට
භාර දුන්නේ.
ඒ සංගමයේ ප්‍රධාන
සංවිධායක ධුරය ඉසිලුවේ ප්‍රියන්ත ගමගේ මහතායි. ප්‍රවීන ගායක සිසිර සේනාරත්න, සිරි
කහවල හා බලන්ගොඩ සරත් මධු වැනි කිහිප
දෙනෙක්ම එහි අනුශාසකවරු අතර වූහ. සභාපති තනතුර උපාලි එම්. බණ්ඩාර මහතාත්, ලේකම්
ධුරය රසික පෙරේරා මහතාත් ඉසිළූහ.
‘ගීත් මාධුරී
1’ පිට කවරය නිර්මාණය කර තිබුණේ සිනෙත් බැද්දගේය!
(ඒ දිනවල සිනෙත් බැද්දගේව මං දැනගෙන හිටියේ චිත්‍රකතා ශිල්පියෙකු වශයෙනි. ඒකත් නමෙන්
විතරය. ගීත් මාධුරී නිසා; හින්දි චිත්‍රපට ගීත සංගමය නිසා; අප හඳුනාගත් විදිහත්
වට්ටෝරු film එකක ‘අහම්බකාරක’ කතාවකි.
නෙවිල් අනුරසිරිව හඳුනා ගත්තාට දෙවෙනි නැති
පැටලිලි ගොඩකි!)
තට්ටයා මහත්තයා ‘මී පැණි වන් ගී තනු’ එකට අදාළව ලියන්නැයි කිව්වේ එක post එකකි. එය ලිවීමට පටන් ගනිද්දීවත් මේ කාරණා තොගයත් ඊට අදාළ යැයි මට මතක් වුණේ නැත. දැන් කොටි වලිගය අල්ලා ගෙන හමාරය. තව පෝස්ටුවක්... දෙකක්වත් ලියන්නට තරම් මතකයේ පෙළ ගැහුණු කරුණු ඉතිරිය.... එහෙනං...
ඔය කුණුහපර සින්දු ටික නම පිත් කිව්වා ඒ කළේ , "සුමනා එනකොට නියර දිගෙන් " කියන සින්දුව එහම , හොන්ඩ යාලුවෝ සෙට් එක
ReplyDeleteසිංදු ගැන මගෙ දැනුම දුර්වල නිසා සමහර සිංදුවල මං මුලින් අහල තිබුනෙ ඒ වර්ශන් එක. පස්සෙ තමයි සභ්‍ය සිංදුවක් තියනවයි කියල දන්නෙ.
Deleteනරක දේවල් නේන්නං අපට වැඩියත්ම හිතට අල්ලන්නේ හා මතකේ රැඳෙන්නේ!
Deleteඑහෙම නොවෙනවා නං තමා පුදුම. නේද අජිත්, Pra Jay.
ඒකෙත් හැටි බලන්නකෝ! මෙච්චර සාර ඝර්භ දීර්ඝ ලිපියක් ලියා තිබුනත් මගෙත් මතකය නැවතුනේ ඔය අජිත් අයියා කියල තියෙන තැනෙන්ම මයි! අපි ඉස්කෝලෙ යන කාලේ (ශුවර් එකටම ගියා!) අපෙත් තිබුනා පොඩි පහේ ගීත සාහිත්‍යයක්. ඒවා රචනා කලේ මමත් මගේ හිතාදර මිත්‍ර ආර්. කේ ශාන්තකුමාර කියන සොයිසා පුර මහල් නිවාස වල හිටපු මිත්‍රයෙකුත්. සුනිල් ශාන්තගේ "කෝකිලයන්ගේ කෝකිල නාදේ", තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ "සෝබාවදේ මෙපුර සිරිවිසිතුරු බලනු මිතුර" වගේ ගීත හය හතකටම අප වචන යොදලා තිබ්බා! බොහෝ තැණ් වල කෂ්ඨිය සෙට මෝල් වෙලා සාම්ප්‍රදායික නව ගීත වර්ශන් ගයන කොට අප ගැයුවේ ස්ව්තන්ත්‍ර ගී පදමාලා!
ReplyDeleteඔය "ඒක් පුල් දෝ මාලි" හරි ලස්සන චිත්‍ර පටයක්.
තට්ටයා මහත්තයෝ, අජිත් Pra Jay දෙන්නටම කියපු දේ තමයි තමුන්නාන්සේටත් කියන්න තියෙන්නේ.
Deleteඅපේ හිත්වල කැත නේද?
නන්දසේන හරි ජයසිංහ හරි කියන රථාචාය්‍යර් මහත්තුරු පදවන 260 හයි ඒස් එකේදි නිමල් අරුණ පත්මෙ සහ ඉඳහිට අනුරත් අසෝකත් කියපු සින්දුවලට"ඔය සින්ඳු වලට අපේ කැමැත්ත නැති කරන්න එපා" යනුවෙන් ලාල් අයියාගෙන් එන කමෙන්ට් එක මතක් වෙනකොට ඒවාට සහීඩ් අයියාගෙ ගීතයෙන්ම දෙන ප්‍රතිචාරෙ මතකද?
ReplyDeleteඒවානෙ හැබෑ රස කථා.
එව්වා ලිව්වොත් අනුර මහත්තයෝ...
Deleteමහ රෑක මට කෝල් එකක් ආවා..අඩෝ මෙන්ඩා මම පත්තරේ...මම හෙට උදේ ලන්කාවට එනවා..එනගමන් උබලාගේ ගෙදර එනවා...මු ඒයාපෝර්ට් එකේන් බැහැලා වයිපරේ එක්ක අපේ ගෙදර දොරකොඩ..
ReplyDeleteටයි කෝට් දාපු මහත්තයෙක් බලාගෙන හිටියේ මම...
බුලත්විටක් හපහප...ඉරිච්ච ඩෙනිම්ක් ඇදගෙන අපේ ගෙදරට ගොඩවෙලා...මෙන්ඩා මට බඩගිනි කන්න මොනවද තියෙන්නේ?
මචෝ....එහම ලොකු දේවල් නෑ..කරෝල තෙල් දාලා පොල් සම්බෝල විතරයි..
දිපන් පිගානක්..නෑ ඔනේ නෑ තෝ හිටු මම ගන්නම් කුස්සියෙන්...
පිගනක් අරගෙන වලන් වලින් බෙදාගෙන කාලා ගියේ...
සදුයි මමයි ඇස් උඩ තියාගෙන බලාගෙන හිටියේ....
මිනිස්සු සිම්පල් වෙනවා කිව්වට එච්චර බොක්කක් මම දැකලා නෑ...
ආදරේයි සිනෙත් උබට
එහෙනං මෙන්ඩත් සිනෙත්ව අඳුරනවා!
Deleteතාමත් ඒ හාදයා ඒ වගේම තමයි..... සිම්පල් කියන්නේ.... අමුම!
සිනෙත්‍ර රදම්පල හා සිනෙත් බැද්දගේ පැටලැවීමක්
DeletePra Jay මහත්තයෝ, ස්තුතියි. පටලැවිල්ල ගැන කිව්වට. මම සිනෙත්ගෙන් අහන්නයි හිටියේ .... හැබැයි පෙනෙන විදිහට නම් සිනේත්‍ර - සිනෙත් දෙන්නම එක වල්ලේ පොල් වගෙයි!
Deleteමම හැමදාමත් කැමැති....බ්ලොග් සෙට් එක ඒ නම් වලින් අදුරගෙන ඉන්න...ඇත්තනම් වලට වඩා ඒ නම් සුන්දරයි...
Deleteචෙෆා...ප්‍රා...කමි..ලොකු පුතා..ඇවිද්දපය...තට්ටයා..නිදි...ඩ්‍රෑකි...බ්‍රා මෙන්ඩා....කොච්චර ලස්සනද?
මගෙත් ඔහොම ෆැන්ටසි තියෙනවා. හැමෝටමත් ඇති කියලයි හිතෙන්නේ...
Delete// හරි නේන්නං, දෙබස් කවන වෘතාන්ත චිත්‍රපටයක සංවාදවලට වගේම ගීතවලටත් වෙනින් අරුත් දෙතහැකියැ? //
ReplyDeleteනිදිට මතකද, ඔය මිස් මේරි ෆිල්ම් එකේ 'Yeh mard bade dil sard, bade' සිංදුව අහිංසක ප්‍රයෝගය ෆිල්ම් එකට හඬ කවද්දි හරිම යාන්ත්‍රික විදියට 'නිල් මැණික මගේ සැනසෙන්න පනේ' කියලා පද රචනය කරලා තිවුනා.
ඒ වුනාට ඔය තනුවම යොදාගෙන, දෙයියන්නෙ රටේ ෆිල්ම් එකට ලස්සන සිංදුවක් නිර්මාණය වුනා 'සිරිපාද හිමේ දෙයියන්නෙ රටේ මේ ශාන්ත උදේ සූර්යෝදේ' කියලා.
ලෙසටම මතකයි. බුරටිනෝ මහත්තයෝ.
Deleteදෙයියන්නෙ රටේ ගී පදමාලාවල හොඳම එකක් විදිහටයි මට 'සිරිපාද හිමේ' මතකේ තියෙන්නේ.
'බෑන සමනොළ කුණුදිය පර්වත ගවරගිරේ මහ කන්දේ
ඔද තෙද මහ සිහ රජ බැම්ම වාගේ....'
හරිම ලස්සන පැරණි සිංදු ටිකක් දීලා තියනවා. පෝස්ට් එක, එක පාරටම දිරව ගන්න අමාරුයි. සයිඩර් ටිකක් බීලා, ආයෙ එන්නං.
ReplyDeleteසයිඩර් වැඩි වුණාවත්ද බස්සා මහත්තයට..
Deleteනෑ, නෑ මේක එහෙම සයිඩර් එකක් නෙමෙයි. කෑම දිරවන්න ගන්න, පැනිරස සයිඩර් එකක්.😂
Deleteඒක මිස!
Deleteපරණ හින්දි පිච්චර නං ... අම්මෝ... මරු. සිංදුත් ඒ වගේමයි. ඒ වගේයැ ඒ ෆිල්ම් බලද්දි යන සිංදු සෙට් එක ගත්තොත් අඩුම එක ෆිල්ම් එක්කිං එක සිංහල සිංදුවක් හරි තියේ. 😃😃 අපේ අය ඒ තරං ඒ සිංදු වලට කැමති වෙන්න ඇති කියල හිතෙනව.
ReplyDeleteවැඩිපුරම ඇත්තෙත් ජෝති කියපුව වෙන්ඩෝන.
ඇත්තටම මහේෂ්, සින්දුවලින්ම films දිවෙව්වා වගේ තමයි. ඒ දවස්වල ගැජට්-බැජට් තිබ්බෙත් නැහැනේ හිතේ හැටියට සිංදු අහගන්න....
Deleteසරල ගීත්හ කිව්වෙත් වැඩි හරියක්ම ශාස්ත්‍රීය පැත්තට බර එව්වටනේ...
ජෝතිගේ හඬේ තිබුණු විශේෂත්වයත් film songs වලට බලපෑවා වගෙයි. ඕනිම නළුවෙකුට ඒ හඬ ගැලපුනානේ...
එඩ්වඩ් ජයකොඩි සහ ලක්ෂ්මන් විජේසේකර, මට මතකයි අමරදේව සහ නන්දාගෙ "මුනි සිරිපා සිඹිමින්නේ" සිංදුවෙ අත්වැල් ගායනා කරනව... මේ තියෙන්නෙ වීඩියෝ
ReplyDeleteමට එඩ්වඩ් ජයකොඩි ගායකයා මතක හිටියේ 'අන්ගාරා ගඟ ගලා බසී' නාට්‍යයේ ගායක කණ්ඩායමේ ගයනකොටයි! මං නෙවෙයි, එඩ්වඩ්!
Deleteඒ සිංදුව දැක්කාම කගාටුවකුත් ආවා. ඉස්සර අපේ ජෝක් එකක් තිබ්බා, අමරදේව මාස්ටර් අතට ඉඳි කටුවක් දුන්නා නං, සිංදුව ඉවරවෙන කොට ඇඳුමක්ම මහල ඉවරයි කියලා.
Deleteඒ වගේම තවත් විහිළුවක් තිබුණා බස්සා මහත්තයෝ, අමරදේව ශූරීන් ගැන.
Deleteසිංදුවක් කියන්න තියෙනවා නං එතුමා ගෙදරදී බාගෙට නාලා තමයි යන්නෙ කියලා. ස්ටුඩියෝ එකට යනකොට හෙම්බිරිස්සාව හැදෙන විදිහට.
බය නැතව මෙහෙම දේවල් කියන්න ඇහැකි එතුමා හොඳ හාස්‍ය රසය දන්නා රසවතෙක්ව හිටි නිසයි.
ගීතවලට ලෝකල් පද ගහන්ඩ උපං පුතා තමා අපේ අයිය. මෙන්න උදාහරණ:
ReplyDeleteපළවෙනි එක මං හඳුන්වන්න කැමතියි යථාර්තථවාදී ගීතයක් කියල. ක්ලැරන්ස් සහ ජැක්සන් කියන සිංදුව පොර කියන්නෙ "දෑස පියාගත් කල මට මොකුත් පේන් නැතෝ..." කියල. ඇත්තනෙ ඉතිං.
දෙවෙනි උදාහරණය ජොලි සීයගෙ සොඳුරිය. අයිය කියන්නෙ, "සොඳුරිය ප්‍රේමිය දයාවි අම්මට හුකපිය" කියල.
හුදෙක් ඒ ඒ කාලවල නැගල ගිය හැම සිංදුවකට ම පොරට තිබ්බ ලෝකල් පද මාලාවක්.
මනුසතා ලෝකේ ඉපදි මට#$% ඇරියා මගදි..
Deleteඌ ඇරිය පාර වැරදි...මගේ #&^& මැහුම් හතකි
ඔරිජිනල් එව්වට වැඩිය ලෝකල් නැඟලා යන්නෙ මොකෝ?
Deleteමෙන්ඩො, කෝ මනුස්සයෝ කමී, නිඳිද?
ගීත් මාධුරි පොත එළිදක්වපු වැඩසටහනට අපේ තාත්තත් ආව. නිමල් අයිය දකින්නත් ඇති.
ReplyDeleteඒකත් එහෙමද? තාත්තත් හින්දි රසිකයෙක්ද ඩ්රැකී.
Deleteමට නං තදින්ම හිතට වැදිල තියෙන්නෙ කළු සුදු චිත්‍රපටි දෙකක් වුණු මධුමතී චිත්‍රපටියේ සහ දෝස්ති චිත්‍රපටියේ ගීත දෙකක්.
ReplyDeleteමධුමතී කියන්නෙ ගීත දහතුනක් තිබුණු චිත්‍ර පටියක්නෙ.ඒකෙ ලතාජි ගයන ආජාරේ ගීතය රත්තරන් තැටියකට කවා ඇයට තිළින කිරීමට මැදපෙරදිග වෙසෙන ඉන්දීය ජාතිකයින් පිරිසක් පෙළැඹුණාලු. එය රටතුළට ගෙන ඒම රේගුවෙන් තහනම් කළාලු. අගමැතිනි ගාන්ධි මැතිණිය මැදිහත් වෙලා ඒකට ඉඩ ලබා දුන්නාලු. එහෙමයි එහෙ කෙරෙන්නෙ.
ඒත් ඒ චිත්‍රපටියෙ මං කැමතිම ගීතය ටූටේ හුවෙ ක්‍යා භෝනේ. එහි රූප රාමුත් ගී තනුවත් වෙනමම ලොවකට ගෙනයනවා වගෙයි.
දෝස්ති චිත්‍රපටියේ චාහුංගමේතුජෙ ආජ සවේරේ ගීතය. එහි මුලින්ම ඇසෙන බටනලා හඬ හරිම මිහිරක් ගෙන එනවා.
මට නං හිතට වැදුණු ගීත ගොඩක් තියෙනවා. මෙ දෙක 'කති පතන්' film එකෙන්.
ReplyDeletehttps://www.youtube.com/watch?v=enn7jX2-vIQ
https://www.youtube.com/watch?v=cCbErvTrZJg
මේ දෛවය අරුමැසි එකකි. මටත් කීන්න තීනේ එච්චරය...... පසුව අනිත් ටික වමාරමි
ReplyDeleteඔච්චරක් හරි කීන්න තීන එකත් කොච්චර එකක්ද නමී!
Delete