li Item

Wednesday, April 5, 2023

තිස් එකේදී... -නවවෙනි කොටස

"තියා ගන්නවා, තමුසෙගෙ ආඩම්බරේ... මං ඔයාව drop කරන්නං කිව්වේ මට එහෙම කරන්න පුළුවන් නිසානේ. මචං, අපි යනවා එහෙනං...”

කාරයට නැඟී ටික දුරක් යනතුරුත් අශාන් හිටියේ බර කල්පනාවකය. එයා හිටිවනම ඒ නිහඬ mood එකෙන් මිදුණේය. හීනි සිනාවක් පා මගෙ දිහාව බැලුවේය; ඉන්පසු කතා කළේය.

අපි දෙන්නම අපි දෙන්නගෙන් සැටිස් sex life එකක් ගෙවන්නේ...

“නිමල් ඔයාට පුළුවන් ඕනි නං මේ ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්න වුණත්. ඒ උත්තරේ අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට බලපාන්නේ නෑ. හරි? මේකයි ප්‍රශ්නෙ. ඔයා හෝමෝද?
මමයි කයිසරුයි නං හෝමෝසෙක්ෂුවල් කපල් එකක් කියල ඔයා දන්නවනේ...”

ඒ දක්වාම මට අශාන්ව හමු වී තිබුණේ දෙවතාවක් පමණකි. මේ ඔහු හමු වුණු තුන්වෙනි වතාවයි. ඒ එකම හමු වීමකදීවත් අප අතර එතරම්ම කුලුපගකමක් ගොඩ නැඟෙන්නට ඉඩක් ලැබුණේ නැත. එසේ වී තිබියදී මා අශාන් ඉදිරියේ මගේ සැබෑ පෞද්ගලිකත්වය විදහා පෑ යුතුද?
(සාමාන්‍යයෙන් නම් මා එසේ කරන්නේ නැත.
අදටත් මා ඇසුරු කරන බොහෝ හිතවතුන්
මගේ දෙවෙනි විශ්වය ගැන නොදන්නවුන්ය!) 

මේ යක්ෂ පැටියාට මගේ හිත පෙනුණාවත්ද? “මට තේරෙනවා නිමල්. එච්චර නාඳුනන කෙනෙක්, එක පාරටම ඔහොම ප්‍රශ්නයක් ඇහුවම කාට වුණත් උත්තර දෙන්න අමාරුයි තමා.
You can trust me. මේ කතාව අපි දෙන්න අතරේ විතරයි.
අනෙක මටවත් කයිසර්ටවත් කිසි උවමනාවක් නෑ, තව කවුරු හරි අපේ අතරට ගෙන්න ගන්න. ඔයාවවත්! අපි දෙන්නම අපි දෙන්නගෙන් සැටිස් sex life එකක් ගෙවන්නේ. අපේ අතර හංගන්න රහසුත් නෑ. ඒ අතින් ඔය කසාද බැඳලා පවුල් කන ගෑනු- මිනිස්සුන්ට වැඩියෙන් අපි අවංකයි. මම ඔයාගෙන් අරහෙම ඇහුවේ, කාරණයක් කියන්න හිතුණු නිසා....”

එහෙමත් කියද්දී ඒ හාදයාව විශ්වාස නොකර කොහොමද?

මා සමලිංගික නැඹුරුවක් සහිත කෙනෙකු යැයි මට හැඟෙන බව මම අශාන්ට කිව්වෙමි. “ඒ කියන්නේ ඔයාවත් තවම ඔයාගේ sexual identity එක හරියටම දන්නෑ කියලද...” එතකොට අශාන් පෙරළා මගෙන් ඇහුවේය.

එවැනි ඍජු ප්‍රශ්න අහන අය මට හමු වී ඇත්තේම නැති තරම්ය. එතෙක් මට නොදැනී තිබුණු එඩිතර විවෘත ගතියක් මගේ හිත තුළටත් කාන්දු වෙනවා වගෙය, එවෙලේ මට දැනුණේ.
ඒ එක්කම ‘අශාන්ව විශ්වාස කරපං!’ යැයි මගේ යටිහිත මට කියන්නටත් පටන් ගෙනය. ‘උඹ වපුරණ දේවල්ම තමා උඹට ආපහු ලැබෙන්නේ.’ යටිහිත දිගටම මුරගායි.

“ඇත්තම කිව්වොත් අශාන්, මම ඉන්නේ පැටලිල්ලක. මටම මාව තේරුම් ගන්න අමාරුවෙන් මම ඉන්නේ.”

ඔන්නමට මළ පැනලාතදවෙලා දකින- දකින හැමෝටම බුරා පනින mood එකකින් ඉඳගෙන තියටර් එකට හරි ward එකට හරි යනවා!

අශාන් වාහනය පාරේ අයිනකින් නැවැත්තුවේය. අනුකම්පාව සපිරි දෙනෙතකින් යුතුව මා දිහා බැලුවේය. මගෙ අතක් මතින් ඔහුගේ අතක් තියා සෙමෙන් පිරිමැද්දේය.

“මට පේනවා. ඔන්න ඔයා මාව විශ්වාස කරන්න පටන් ගත්තේ දැනුයි. Thanks Nimal. ඒ ගැන ඔයා කවදාවත් පසුතැවෙන එකක් නෑ. අපි ටිකක් නැවතිල්ලේ කතා කරලා යමු... කමක් නැහැනෙ.”

එහෙම ඇසූ ඒ හාදයා මහ හයියෙන් සිවුරුහම් බාලා, අත්පොලසමක් දී හිනා වුණේය. ඒ මොහොතට කිසිසේත්ම නොගැලපුණු ඒ සේරම කෙරෙන අතරේ; එයා තැන්පත් වැඩිහිටියෙකුගේ සිට- කෙළිලොල් යෞවනයෙකු බවට පරිවර්තනය වුණේය. 

“දැන් ඉඳලා මම මගේ හිතේ නිමල් ගැන ඇති වුණු ප්‍රශ්න ඔයාගෙන් අහනවා. ඔයා අවංකවම අශාන් කියන යාළුවාට උත්තර දෙනවා. හරිද?
ඒ rule එකට ඔට්ටුයි නං විතරක්, අපි දෙන්න මේ game එක සෙල්ලම් කරමු!” (The Man
with the Answers මට හොඳටම වැදුණේ මේ අත්දැකීම නිසා බව, මා ඔබට කියන්නේ දැන්ය.)

ඒ හාදයාගේ කෙළිලොල් සැහැල්ලුව මටත් බෝ වෙලාද මංදා... “බෑ බෑ. ඒක සාධාරණ නෑ.” මට කියැවුණේ නිකම්ම නොවේ; ‘ආදර පූජාසනේ’ පෝස්ටුවලින් කියූ ආදර සංවාදවල යෙදුණු පුරුද්ද ඉස්මතු වෙමිනි: දඟකාර tone එකකිනි.
එතකොට නං හාංකවිසියක් නොදැන හිටියත්, දැන් නං එවෙලේ එහෙම වෙන්නට ඇති හේතුව මට වැටහෙයි.

පීරිස් මහත්තයා ‘ඒ හේතුව’ හඳුන්වන්නේ ‘Mirror Cells ඇතිවීම’ විදිහටය.

“නිමල් අයියේ, අපේ imotions අපිට විතරක් නෙවෙයි බලපාන්නේ. අපේ වටපිටාවේ ඉන්න අයටත් ඒවා තදබල විදිහට affect වෙනවා. විශේෂයෙන්ම අපි නායකයෙක් නං! Team Leader කෙනෙකුගේ හිතිවිලි පවා ඒ නායකයා යටතේ වැඩ කරන අයට බලපානවා!!
උදාහරණෙකට ගනිමුකෝ මාවම. ඔන්න, මට මළ පැනලා; තදවෙලා දකින- දකින හැමෝටම බුරා පනින mood එකකින් ඉඳගෙන තියටර් එකට හරි ward එකට හරි යනවා. එතකොට මගෙ සර්වාංගයේම තියන්නේ තරහින් පිරුණු සෛල. ඒ තරහෙන් පිරුණු සෛලවල බලපෑමක් නිසා.... මගෙත් එක්ක වැඩ කරන staff එකේ කට්ටියගේ ශරීරවලත් අර වගෙ තරහ සෛල ඇති වෙන්න පටන් ගන්නවා. එයාලට හම්බ වෙන ලෙඩ්ඩුන්ගේ සිරුරුවලත් ඒ වැඩේම වෙනව...
එහෙමයි, එක්කෙනෙක්
නිසා සිය ගණනකගේ වුණත් මූඩ් එක වෙනස් වෙන්නේ. දොස්තර අයස්මන්ත මහතා කීවේය.

ඔය මිරර් සෛල ඇතිවීම හොඳ පැත්තටත් බලපානවාලු.
“නිතරම සතුටින් ඉන්න කෙනෙක්- තමන්ගේ වටේ ඉන්න හැමෝටම සතුට ඇති කරවලා සතුට පතුරවනවා!” අයස්මන්ත මහතා, අවුරුදු කීපයකට කලින්ය, ඒ විස්තර මට කියා දුන්නේ.

 එදා අශාන් ඉන්නට ඇත්තේ ලොකු... 

Hounslow කරා යන අතරේ- පාරේ අයිනක වාහනය නැවැත්වූ එදා, අශාන් ඉන්නට ඇත්තේ ලොකු ප්‍රමෝදයකිනි. ඒ හැඟීම මටත් බෝ වෙලා වෙන්න ඇති, “බෑ බෑ. ඒක සාධාරණ නෑ.”  කියලා මට කියවෙන්නට ඇත්තේ.

“මොකක්ද unfair?”
“ඔයාට විතරක් නෙවෙයිනෙ අශාන්, මටත් ප්‍රශ්න අහන්න ඉඩක් තියෙන්න ඕනනේ...”
“හරි, දෙනවා! මෙන්න මගෙ පළමුවෙනි ප්‍රශ්නෙ. ඔයා අද උදේ ඇඬුවේ ඇයි?”

එදා උදේ දෙදණ අස්සේ හිස හොවාගෙන මං වැලපෙද්දී, අශාන් එතැනට ඇවිදින්ය.
“ඈත තියාම මම දැක්කේ. ඒත් disturb කරන්න හොඳ නැහැයි කියලා හිතුණු නිසා, ටික වෙලාවක් නොපෙනෙන්න බලා හිටියා. Painter ආපහු එයාගේ mood එකට ඇවිත් වැඩ පටන් ගත්තට පස්සේ, සද්ද නොකර මම ආපහු ගියා.
ඉතිං... ඇයි ඔයා ඇඬුවේ...”
“මට පුදුම විදිහට දුක හිතුණා...”
“මම හිතුවා!” අශාන් කරුණාභරිත හඬින් කීවේය. “එතකොට කාවද මතක් වුණේ?”

“තුන් හතර දෙනෙක්වම...” මම 100%ක්ම අවංක වීමි.

“තුන් හතර දෙනෙක්? ඒ කියන්නේ ඔයාට සීරියස් පාට්නර් කෙනෙක් නෑ?” අශාන් මගේ උරහිසට උඩින් අතක් දමමිනි; ඇසුවේ.
මම හිස දෙපසට වැනුවෙමි.

“Very sad! ඇයි ඒ... එදා රෝයි අයියල ගෙදරදී මට දැනුණා ඔයා හෝමෝ වගෙයි කියලා... ඉන්න, ඉන්න. ඔයා අහන්න හදන්නෙ කොහොමද දැනුණේ කියලනෙ. ඔයා දැකල තියෙනවද බොන මිනිස්සු. එහෙම කෙනෙක්ව ඕනෑම නොදන්නා තැනකට ගිහිං දාන්න. එයා ඉවෙන් වගේ හොයා ගන්නවා ලිකර් විකුණන්න තියෙන තැනක්.
Sex hunger කෙනෙක් ගණිකාවක් හොයා ගන්නෙත් ඒ වගෙයි.
Homosexualලටත් ඒ වගේ ඉවක් තියෙනවා ඇති. මොකක් හරි chemist එකක්...”

අශාන් නැවතීමක් ගත්තේය. “කමක් නැද්ද මං ඩීප්ලි මෙහෙම කතා කළාට?”
අලුත් දෙයක් දැන ගන්නට තිබෙන මගේ නොතිත් ආශාව ගැන මා ඔහුට කිව්වේ, එතකොටය.

“මාත් ඒ වගේ. කයිසරුත් ඒ වගේ. ඒ හින්දම දැන් මට හිතෙනවා නිමල්, අපි දෙන්නම ඔයාව ඈතින් තියා ගන්න එක අපි තුන් දෙනාටම හොඳයි වගේ කියලා.” එච්චර වෙලාවක් මගේ උරහිස උඩින් තිබුණු එයාගේ අත පැත්තකට ගනිමින් අශාන් කීවේය. “...You are a seductive guy. මටත් පරිස්සම් වෙන්න වෙනවා.” අශාන් එහෙම කිව්වත්- කිව්වේ විහිළුවක් කරන්නා සේ හරිම සැහැල්ලුවකිනි.

එතකොට නං මාත් සිටියේ සැහැල්ලුවෙහි උපරිම තලයේය. “මටත් පරිස්සම් වෙන්න ඕනි කියලා හිතෙනවා... ඔයා මගෙ type නොවුණත්...”

ළඟ ඉන්න අයගේ හිත ගැනත් තේරුම් ගන්න කෙනෙක්නෙ!

“Now, it’s time to stop. ඔව් නිමල්. අදට අපි මෙතැනින් නවත්තමු. මට ඔයා එක්ක තව කතා කරන්න තියෙනවා. මට ඔයා ගැන තව දැන ගන්න තියෙනවා. ඔයා හෙටත් වැඩනේ...?” වාහනය පණ ගන්වා පාරට දමන අතරේ අශාන් ඇසුවේය.

“කොහොමද හෙට උදේට ඔයා යන්නේ?”

“මං හිතන්නේ ඩැඩා මාව එක්කං යයි, අශාන්. ඕනි නෑ වගේ පෙන්නුවට එයාත් කැමැති ඇතිනෙ, වැඩේ කෙරෙන හැටි එක සැරයක් හරි බලන්නත්.”
“නිමල්.. නිමල්.. නිමල්. උඹ මම හිතුවට වඩා ළඟ ඉන්න අයගේ හිත ගැනත් තේරුම් ගන්න කෙනෙක්නෙ. හරි! හෙට හවසටත් මම එනව ඔයාව ගන්න. එන්න එපා කියන්නෙ හෙම නෑ ඔන්න... තේරුණාද?” Brookwood පාරේ council flats ළඟින් මා බැස්සවූ අශාන්, මෙහෙමත් කිව්වේ අභිමානයෙනි.

“එච්චර කැමැත්තකින් මාව පිළිනොගන්න ඔයාලගේ ඩැඩීව මොකටද තව තව තරහ ගස්සන්නේ. මම ගෙදරට නෑවිත් මෙහෙමම යනවා. හැබැයි එයාට කියන්නම ඕනි, මං ඔයාව මෙතනටම ගෙනත් ඇරලවපු බව...”
ඔව්! අශාන්ගේ ඒ ඍජු බව; කොන්දක් සහිත බව ගොඩ දෙනෙකුට නැත.

මේ blog ලිපි මාලාවේ අටවැන්නට comment එකක් එවමින් චමින්ද දිසානායක සහෘදයාත් ඒ බැව් කියා තිබ්බේ මෙලෙසිනි: Straight කියන තද පොරවලට නැති කොන්දක් homo කියන අශාන්ට තියෙන පාටයි.”

ඇත්තය! සත්තක ඇත්තය!!
Homo කෙනෙකු බව එළිපිටම කියූ අශාන්ට හොඳ පිට කොන්දක් මෙන්ම කරුණු තේරුම් ගැනීමට මනා හැකියාවකුත් තිබ්බේය.

ඩැඩා සාමාන්‍යයෙන් හවසට ගෙදරින් බැහැරට යයි. Hounslow බස් නැවතුම අසලවූ Coffee Shop එකකටය, ඩැඩා ඒ යන්නේ. ටයි- කෝට් සහිත full කිට්-බිට්වලින් සැරසීගත් පිරිසකි, ඒ වෙලාවේ එතනට ඇවිත් ඉන්නේ. ඒ හැමෝම ඔහුගේ මිතුරන්ය. ඔවුන් මුණ ගැසෙන ඩැඩා එයාලාත් එක්ක ටික වෙලාවක් භජනය දාගෙන සිටියි; කෝපි එකක් බොයි.
ඒ පුරුද්ද හරියටම අපේ මහරගම සීයාට කඩේකින් තේ බොන්නට තිබුණු පුරුද්ද වගෙය. ඒත් සීයා කළ ලෙසින් ‘එයා කන ඕනෑම ජාතියකින් බාගයක් සරමේ
මඩිස්සලේ දාගෙන ආච්චීට ගෙනෙන වැඩේ’ නං ඩැඩා කළේ නැත.

Tesco එක නං තවම තියෙනවා මචං. වුල්වර්ත් is gone!

නමුත් ඩැඩාත් ගෙදර එන්නේ හිස් අතින් නොවේ; බරටම උස්සා ගෙනය; උස්සා ගෙන එන්නේ expire වෙන්නට ඔන්න-මෙන්න කියා තියෙන කන-බොන දේවල්ය.

ඩැඩා ඒවා ගන්නට පුරුදුවී හිටියේ Tesco එකෙන් හෝ Woolworth එකෙන්ය.

ටෙස්කෝ, වුල්වර්ත් කිව්වේ (මා තේරුම් ගත් තරමින්) ඒ දවස්වල එංගලන්තයේ බෙහෙවින් පැතිරී තිබුණු සාප්පු සංකීර්ණ ජාල දෙකකි.

ඒවා තවමත් සක්‍රියදැයි එංගලන්තයේ සිටින අජිත් ධර්මකීර්ති හිතවතාගෙන් විමසීමි. (අජිත් මහතා අපට වඩා ප්‍රවීන blog කරුවෙකි; කොළඹ ගමයා අඩවියේ රචකයා ඔහුය!)
“ටෙස්කෝ එක නං තවම තියෙනවා මචං. වුල්වර්ත් is gone! ඒකෙ සාප්පු තියෙන්නේ එයාපෝට්ස්වලයි, big stationsවලයි විතරයි.” අජිත් නොපමාවම කියා එව්වේය. (ස්තුතියි අජිත් මහතාණෙනි!) 

එංගලන්තයේ නම් ආහාර-පානවල කල් ඉකුත් වීමේ; සිංහලෙන්ම කියනවා නම් ‘එක්ස්පයර් වීමේ’ දිනය හැම ආහාර ඇසුරුමකම දක්වා තිබෙයි. ඒ expire date එකට දිනයක් හෝ දෙකක් තියා ඒවායේ මිල අඩු කෙරෙයි. එහෙම මිල අඩු කෙරුණු පාන්, කේක්, ඇපල්, කෙසෙල්ගෙඩි වගේ ජාති ගොඩකි, අපේ ඩැඩා අරගෙන එන්නේ.

(ඒ රටේ එහෙම වුණත්, අපේ රටේ නම් එතනදීත් කෙරෙන ලොකුම වංචාවක වෘත්තීයමය කොටස්කරුවෙකු වෙන්නට මේ නසරානියාට සිද්ද වුණේය.)  

ඉතිං, අශාන් ඔහුගේ කාරයෙන් මාව ගෙදරට ඇරලවූ හැන්දෑවේ, අපේ ඩැඩා අර සුපුරුදු රූටින් එකට ගිහිං තිබ්බේ නැත. ගෙදරට වී; සැටියට බර දීගෙන බකන්නිලා හිටියේය.
ඒ වෙද්දී, මං ඩැඩාව තේරුම් ගෙන තිබුණු විදිහට නම්, එයා බලාගෙන හිටියේ නිකම් නොවේ; අශානුත් මාත් ගෙදර එනතුරුය. Painting වැඩේ ගැන අං-අඃ දක්වාම විස්තර දැන ගන්නටය.

“ඇයි උඹ තනියම? පයින්මද ආවේ... කෝ අර බොරුකාරයා?” ඒ ප්‍රශ්න තුනෙන්ම අපේ ඩැඩා අශාන් ගැන හිතාගෙන හිටි හැටි එළියට පැන්නේය. එහෙම අගතිගාමීව ඉන්නා කෙනෙක්ව ඇවිස්සීමෙන්- ප්‍රතිඋත්තර දීමෙන් ඇතිවෙන සුගතියක් නැත. “අශාන් මාව ගෙනත් බස්සලා ගියා. හදිසි වැඩක්ලු.”

“එහෙමද?” ඩැඩා කීවේ එච්චරය.
“ඔන්න නිමල්, අද මම උඹ කැමතිම ඩෙසර්ට් එක හැදුවා...” ඩැඩා එහෙම කරන්නේ නම් මා සතුටු කරන්නටය. අප එංගලන්තයට ගිය දවසේ සිටම ඩැඩා ස්වේච්ඡාවෙන්ම පවරා ගත් රාජකාරියකි, අතුරුපස වර්ගයක් තැනීම.

ඒවාට රුබාබ් ජෑම් යැයි කීම තරමක් දුරට අනුචිතය. ඒ ඇයිදැයි කියතොත්, ඒවා ජෑම් තරම්...

සමහර විටෙක කලින් දවසේ හැදූ අතුරුපසකින් කොටසක් ඉතිරිව තිබියදීම පවා, ඩැඩා වෙනත් ජාතියක් හදයි. කස්ටර්ඩ්, ජෙලි වැනි ඉතා ඉක්මනින් හදන ජාතියක් නොවුණු රුබාබ් ජෑම්ය; වැඩියෙන්ම මගේ සිත් ගත්තේ.

ඒවාට රුබාබ් ජෑම් යැයි කීම තරමක් දුරට අනුචිතය. ඒ ඇයිදැයි කියතොත්, ඒවා ජෑම් තරම් උකු නැත! Foto එකෙන් ඔබට එය පැහැදිලි වෙනු නියතය. (නුවරඑළියේ සංචාරයක ගිහිං තිබෙන අයට, එළවලු වර්ග ගැන උනන්දුව තිබෙන අයට මේ Rhubarb හමුවී තිබෙනවාත් ඇත.)

අන්තර්ජාලයෙන් රුබාබ් ෆොටෝ එකක් හොයද්දී, ඒ ගැන තවත් රසවත් තොරතුරකුත් මට කියවන්නට ලැබිණි.

තරමක් ඇඹුල් රසැති රුබාබ් එළවලුවක් ලෙසින් ගැණුනත් පළතුරක් ලෙසද සැලකේල!
තක්කාලි ඒකේ අනිත් පැත්තය. තක්කාලි පළතුරක් වුවද ගැණෙන්නේ එළවලුවක් ලෙසිනි.

මෙතෙක් කරගෙන ආ සිරිතේ හැටියට නං, මෙතනදී රුබාබ් ජෑම් හදන හැටිත් යන්තමින් හරි කියන්නම ඕනෑය. හැබැයි එහෙම කියන්නේ, ගොඩකවෙල Praසන්රසික හිතවතා මේවා කියවා හිනාවෙන හැටි මැවී පෙනෙද්දීය.‘තිස් එකේදී... -හත්වෙනි කොටස’ට comment කරමින් Praසන් කියා තිබුණේ ‘නිදි කොතනද කෑම එතන...’ කියලාය.
ප්‍රසෝ, තමුන්නාන්සේගේ කතාව සහතික ඇත්තය.

මා නම් එහෙම කරන්නේ නිකම්ම නොවේ!

අපි කවුරුනුත් වැඩියෙන්ම කරන්නේ වඩා හොඳින් අපට කළ හැකි දේවල්ය. එහෙම කරන්නේ අන්‍යයන්ගේ; ලෝකයාගේ අවධානය දිනාගෙන කැපී පෙනෙන්නටය; ‘මං පොර වෙන්නට’ය. එහෙම කිරීමේදී, එය සාධාරණව කරන්නේ නම්; අනුනට හිරිහැරයක් නොවෙන ලෙස කරන්නේ නම්; අන්‍යයන්ට පිළිකුලක් නූපදවයි නම් අවුලක් නැති බව මම විශ්වාස කරන්නෙමි.
එතනදී කෙනෙකුට සිදු විය හැකි ලොකුම වැරැද්ද ‘තමන් ගැන නිවැරදි තක්සේරුවක් කර ගැනීමට නොහැකි වීමයි’.

මාත් (නොදැන හෝ) ඒ වැරැද්ද කරන තකතිරුවෙක්ද?

ඉතිං, මං වහන්සේ විශ්වාස කරන විදිහට- මට ඉවුම්-පිහුම් ටිකක් හොඳට කළ හැකිය. අනෙක් අතට මගෙ රස නහරත් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේගේ තරමටම වාගේ හොඳට වැඩ කරයි.
ඒ නිසාම ඉඩක් තිබෙයි නං, මගේ අතින් පිසූ කෑම-බීමෙන් හිතවතුන්ට සංග්‍රහ කරන්නට මා කැමතිය. ‘හිත පිරෙන විදිහට බඩට කන්නට දීම කෙනෙකුගේ හිතට පිවිසෙන්නටත් හොඳ මාර්ගයක්’ය කියලා කතාවකුත් මට ඇසී තිබේ!

(මං ඉතිං ඔව්වායේ සත්ත හොයන ජාතියේ පුඟුලෙක් නෙව.)

ඒ දඬුවල පිට පොත්ත සූරා දමා ඒවා පොඩි කෑලිවලට...
අමු රුබාබ් අතු මිටියක් ගෙනෙන ඩැඩා, ඒකත් අරං කුස්සියට වැදෙයි; කුස්සිය බදු ගනියි. ඊළඟට ඒ අතුවල කොළ කොටස් අයින් කර, දඬු කොටස් හොඳින් සෝදා ගනියි; ඒ දඬුවල පිට පොත්ත සූරා දමා ඒවා පොඩි කෑලිවලට කපයි. ඇති පමණ වතුර එකතුකොට ළිපේ තියා හොඳින් තම්බයි; හැඳි ගායි. දැන් ඒක තරමක් උකු තලපයක් වගේය. පදමට ලුණු සුඟකුත්, සීනි යහමිනුත් එකතු කර නටවා ගත්තාම වැඩේ finishය.

“අපෝ ලොකූ, කාටද ඔව්වා කන්න පුළුවන්? Too sweet!” මාත්තෙක්කලා රහසින් කිව්වාට නංගිලා- මල්ලිලා කවුරුන්වත් ඒ විත්තිය ඩැඩාට කියන්නට යන්නේ නැත.

ලංකාවේ හිටිද්දී- පොඩි ඉඩක් හරි ලැබුණු ගමන් සීනි බෝතලෙන් හැන්දක් හොරෙන් කටේ ඔබාගත්, එයාලා එංගලන්තයේදී සීනි ඇබ්බැහියෙන් මිදී හිටියේ එහෙමය!

රුබාබ් dessert එකට මගේ රුචිය වැඩි බව දැනගත් ඩැඩා සතියකට සැරයක්වත් ඒවා හැදුවේය. ඒ අවුළුපතින් තුන්කාලක් විතරම වළඳන්නට සිද්ද වුණේ මටමය. එදාත් “ඔන්න නිමල්, අද මම උඹ කැමතිම ඩෙසර්ට් එක හැදුවා...”යි ඇමක් දාලා පූර්විකාව හමාර කළ ඩැඩා ප්‍රස්තුතයට පිවිසුණේය.
“අරයා තනියෙන්මද ආවේ... යාළුවත් ආවද... කොහොමද වාහනේ අයිති යාළුවා...”
à ඊළඟ කොටසට...

35 comments:

  1. //‘හිත පිරෙන විදිහට බඩට කන්නට දීම කෙනෙකුගේ හිතට පිවිසෙන්නටත් හොඳ මාර්ගයක්’ය කියලා කතාවකුත් මට ඇසී තිබේ!//
    The path to man's heat is through his stomach, but there are women who know a shorter way.

    What is the path of blood from stomach to heart?
    The splenic vein drains the stomach, the superior mesenteric vein drains the upper small intestine, while the inferior mesenteric vein drains the distal portions of the colon. These three tributaries drain into the portal vein, which supplies the liver whose venous effluent is delivered back to the heart
    - කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි අසංග මහත්තයෝ.
      //but there are women who know a shorter way.//
      ගත යුත්තක් තියෙන කාතාවක්!

      Delete
  2. සීනි හා ලුණු කෑම මමත් නතර කරලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. නතර කරලා? අනේ ලලිත්... මට ඔච්චර වික්රමයක් බැහැ නෙව.

      Delete
  3. Woolworths ඕස්ට්‍රේලියානු සමාගමකි. මෙහේ නම් හැම තැන ම ඇත.
    https://en.wikipedia.org/wiki/Woolworths_Supermarkets

    ReplyDelete
    Replies
    1. nope. ඇමෙරිකන් සමාගමක්.

      Delete
    2. On October 20, 2001, the company changed names again; taking the name of its top retail performer and became Foot Locker, Inc., which Woolworth started in 1974 under Kinney Shoes. Foot Locker, Inc. is the legal continuation of the original Woolworth; it retains Woolworth's pre-1997 stock price history.

      Delete
    3. The first Woolworth store was opened by Frank Winfield Woolworth on February 22, 1879, as "Woolworth's Great Five Cent Store" in Utica, New York. Though it initially appeared to be successful, the store soon failed.[1] When Woolworth searched for a new location, a friend suggested Lancaster, Pennsylvania. Using the sign from the Utica store, Woolworth opened his first successful "Woolworth's Great Five Cent Store" on July 18, 1879, in Lancaster. He brought his brother, Charles Sumner Woolworth, into the business.

      Delete
    4. ඕස්ට්‍රේලියන් කම්පැනි එකක් ගෘප් එකක්ලු. එහෙම වෙළඳ නාමයක් ගත්තේ කොහොමද කියන එක මම දන්නේ නැහැ

      Delete
    5. රසික, අජිත් මහත්වරුන් දෙපළටම ස්තුති කරනවා- මේ තොරතුරු ඉදිරිපත් කිරීම වෙනුවෙන්.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. // ඉවෙන් වගේ හොයා ගන්නවා...// හොදම උදාහරනේ දාන- මල ගෙවල්.

    ඩාඩා එහෙම කෙනෙක් නොවුනත්... නිදිලොක්කව එයා ඉවෙන් වගේ හඳුනාගෙනවත්දෝ මන්ද

    ReplyDelete
    Replies
    1. ඩැඩා හෙණ මොළකාරයා නමී. කොටස් වෙළෙඳ පොලේ තැරැව්කරුවෙක් විදිහට නෙව වැඩි කලක් වැඩ කරලා තිබ්බේ. දවසක් මාවත් එතනට එක්ක ගිහිං විස්තර පෙන්නලා දන්නා.

      Delete
  6. ඉව එහෙම නැත්නම් Instinct සමහර වෙලාවට ප්ලැසිබෝ එෆෙකට් එකක් වෙන්න පුළුවන් ඒත් ගොඩක් වෙලාවට මේ වගේ පොඩි දේවල් ගැන විවිධ විශ්වාසයන් ඇතිවෙනවා ඔහොම තමයි ඉතින් ටසිරිලක පොලිතීසියන්වරු විතරක් නෙවෙයි ගොඩක් උගතූන් කියාගන්න උන්, සමහරක් මහාචාර්යවරු ආණ්ඩුවේ නිලධාරීන් කලවැදි හමුදා නිලධාරීන් ආගමික පූජ්‍ය පක්ෂයේ කට්ටිය විතරක් නෙමෙයි හිටපු විගණකාධිපති පවා ගොඩක් වෙලාවට පදනමක් නැති විවිධාකාර මනස්ගාත මතවාද සමාජගත කරලා තියෙන්නේ ඒවා වෙනස් කරන්න හරි අමාරුයි නමුත් නිමල් අංකල් මේ වගේ දේවල් ප්‍රශ්න කරන එක ගැන මමත් සතුටුයි facts based මතවාද සංවාදයට බදුන් විය යුතු යි

    නිදී අංකල් මේ බ්ලොග් එකෙන් කියන දේවල් පවා දැඩි ලෙස ප්‍රශ්න කිරීමට භාජනය වී සාකච්ඡාවෙන් සම්මුතියෙන් සමාජ ගතවිය යුතුයි මොකද එක පුද්ගලයෙක්ට වැරදුනා උනත් සමූහයකට වරදින්න තියෙන චාන්ස් එක අඩුයි නේද? මට හිතෙන්නේ එහෙමයි

    පහුගිය කාලේ ලංකාවේ කැම්පේන් හරහා මවපු රැල්ලක් ඇවිත් දැන් ආපහු වැල්ලට පාවෙමින් කුඡීත වෙලා යමින් පවතින අනුර කුමාර දිසානායක රැල්ලේ මහ හූරා නැත්නම් මාලිමාවේ ලොක්ක කලකට පෙර 2004 දී කෘෂිකර්ම ඇමති විදියට මාස කීපයක් කෙටි කලක් හිටපු කාලේ ලංකාවේ වී අස්වැන්න අම්බානක වැඩි කලා සහ මිල්කෝ එක අධික ලෙස ලාබ කලා කියලා කෙබරයක් සමාජ ජාල වල දාල හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කෙනෙක් ලෙස වැඩ කරා කියලා මොකෙක්ද පොල් බූරු ගෝතයෙක් ගජ බින්න ටිකක් අතහැරිය විට බුකියේ ගොඩක් අය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ රෙකෝඩ් වලින් සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්නුවා ඒ යකා කියන්නේ කිසිම පදනමක් නැති බොරු බයිලා බව.. ඒ අනුව ලංකාවේ වී අස්වැන්න වැඩිවෙලා තියෙන්නේ යුද්දෙන් පස්සෙ උතුරේ මහවැලි කලාපයේ ඉඩම් ජලසම්පාදන වැඩි වීමත් එක්ක, ඒ වගේම මිල්කෝ එක වැඩියෙන් ලාබ ලබමින් ශක්තිමත් සහ බලවත් වෙලා තියෙන්නේ සීබී රත්නායක නාකියා යටතේ, ආයේ මෝඩ නන්දසේන ගෝතකරුමෙගේ කාලේ ගොඩක් ලොකු ලාබ ලැබුවේ ආනයන සීමා වී තරගයක් නැතිවුණ නිසා නමුත් අරකාලේ නිදහස් වෙළද පොළ තුල ආනයනික කිරිපිටි සමග තරගකාරී ලෙස ලාබ ලබපු කාලයක්

    ඒ නිසා මම හිතන්නේ ලංකාවේ politics කරන එවුන්ට ලංකාවේ එවුන්ව අන්දන එක nothing. ඕකුන් අනිවා පොඩි මයිනා කියන පර බල්ලවත් (නාමලුත්) ඔය රටේ ජනාධිපති කරන එක කරනවා දැන් බුකියේ බැන බැන හිටියට, ඔන්න බලපන් බොරුනම්, ඕකුන් ඔක්කොම එකම කල්ලියක් මාලිමාවේ නායක ලප රිලවා රනිල් හාමුට බදු වැඩි කර ගන්න ලයිට් බිල වැඩි කරන්න අවශ්‍ය වාතාවරණයක් හදන්න බොරුවට පහුගිය කාලෙ ප්‍රාදේශීය සභා ඡන්දේ ප්‍රමෝට් කරලා බොරු නාඩගමක් නැටුවා, මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට අරන් ගියා සාර්ථකව, ආයේ තව ටික දවසකින් තව නැටුමක් නටයි, ඒ අස්සේ වසන්ත මුදලිගේ ගොන් වැද්දා කියන මලහත්වලාම බොරුවට පොලීසියෙන් ගේම ඉල්ලලා සැලසුම් සහගත ලෙස හිරේ ඇතුලට ගිහින් ආයේ එලියට එනවා සැරින් සැරේ, උන්ට රෙදි නැතුවම කඩේ යන මෝඩ මීහරක් ටිකක් ෆෝම් කරනවා පාරේ ගිහින් විලාප තියලා නාලා එන උන් සෙට් එකක්... ඒ අස්සේ සජිත් ජලනි බලවේගයේ නායක පුතාණෝ මලහොල්මන රනිලා එක්ක ඩීල් එකක් දාලා තව ටික දවසකින් ෂේප් එකේ දිනේස නාකියා වෙනුවට සජබෙන් ඇවිත් රටේ අගමැති වෙලා අවදානම් අඩුවෙන් ලෝ රිස්ක් ගේමක් දෙන්න හදනවා රනිලාගේ පැත්තට වගකීම බාර දීලා, පොහොට්ටු හොර රැලේ උනුත් එක එක ජල්තර දානවා ඊළඟ ඡන්දේ සීට් එක බේරා ගැනීමට බූරුවංස ගම්මන්පිල වාසිදේව කල්ලිය සිරිසේන ගමරාලගේ එල්ලිලා ඉන්න ගමන් තවත් ගේමක් දෙන්න ට්‍රයි එකක් දෙනවා චීන සමූහාණ්ඩුවේ ආධාර උපකාර මත... රටේ පාලනය බාර ගන්න පොනීල් තරම් වත් හැකියාවක් ඇති එකෙක් වත් නෑ, පාටලී හරි පොඩි මයිනර් (නාමෝල් හොරා) හරි තමයි ඊළඟට ගේම ගහන්න තරමක් හරි ගට්ස් තියෙන බව පේන්නේ අනිත් උන්ගේ බොරු කයීයයි පඩ ගඳයි පොයියයි ගජබින්නයි විතරයි මෙලෝ හසරක් ඇති බවක් පෙනෙන්නට නැත, ඒ නිසා රටින් පිට පලයව් පුළුවන් නම් එච්චරයි කියන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඕනෑම මතයක් අදහස ගැන සවිස්තරාත්මකව කතා කිරීම ගැන මම නම් සතුටුයි Anonymous!
      අදහස් ගැටෙන එක කොච්චර හොඳයිද- අදහස් දරන්නා එක්ක නොගැටී.

      Delete
  7. ඉනෙස් නිතර හදන එකක් රුබාබ් කොම්පොට් එක. ඕක ඇත්තටම ජෑම් එක්ක නෙමෙයි. කොම්පොට් එකක්, වතුර අඩු කලහම පොඩි තලප ගතියක් ආවහම කස්ටඩ් එක්ක තමා කන්නේ. (ඉනෙස් හදන විධිහට

    ReplyDelete
    Replies
    1. කොම්පොට් නම ඩැඩා කියන්නත් ඇති අජිත්- මට මතක නැතිවට. මම ජෑම් වචනේ යෙදුවේ සීනියෙන් තම්බල හදපු නිසායි, ඩැඩා ඒ ඩෙසර්ට් එක සර්ව් කළේ අයිස්ක්‍රීම් හෝ කස්ටර්ඩ් එක්ක තමයි.

      ඔයාගේ මේ එකතු කිරීමෙන් මට නං මාර සතුටක් ඇති වුණේ. රුබාබ් කොම්පොට් හදන හැටි එකම එක සැරයයි මම බලා හිටියේ, ඒ අවුරුදු තිස් අටකට ඉස්සර, ඒ මතකෙන් ලිව්වේ. මගෙ මතකය ගොඩක් හොඳය කියලා ඔයාගේ එකතු කිරීමෙන් මට ඒත්තු ගියා.

      Delete
  8. නිමල්,

    අපි කවුරුවත් ලියන්න හොර වෙලා හිටිය කාලෙක දිගටම ලිව්ව සහ ලියන එක ගැන ස්තූතියි.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුති කලාට ගොඩක් ස්තුතියි රවී!

      දිගටම යහමින් posts ලියවෙන blog අඩවි දෙකක් මම නිරතුරු කියවනවා. එකක් 'ඉකොනොමැට්ටාගේ බොජුන් හළ' අනෙක 'මාතලන්'. ඒවාටත් ස්තුතියක් දෙමු!

      Delete
    2. එතකොට අපි මෙච්චර කල් ලිව්වේ මැල්ලුම් ද යකෝ ? 🤬 මගේ බ්ලොග් එකෙට එන්නේ නිදි වගේ වෙන එකෙක්ද? 😁

      Delete
    3. ජෝතිගේ සින්දුවක කියනවා, අජිත් මහත්තයෝ- ඔච්චර කේන්ති ගත්තෝතින් නාකි වෙයි ඔයා - කියල පදයක්....

      Delete
    4. උඹත් එක්ක තරහ යන්නේ නැහැ බං 😀 යකෝ ඉමොජිත් දාල තියෙන්නේ

      Delete
    5. කවුද අප්පේ දන්නේ, ඔය කිව්වට. තමුන්නාන්සෙ වලි කුකුළු කුලේ වගේනෙ! 😀😀😀

      Delete
  9. අනෙහ්.. නිමල් අයිය කොච්චර කෑම ගැන ලිව්වත් මගේ අමනාපයක් නෑ.
    හොඳ දෙයක් තිබ්බොත් අපිටත් බැරියැ හදල බලන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රසෝ, ඔබතුමාගේ අදහස් දැක්වීමයි වටින්නේ. සමහර වෙලාවට ඒවා වොලිබෝල්වල බෝලය උස්සලා දීමක් වගේ- ඩෑෂ් පාරක් ගහන්න. ඒකට ස්තුති නොකරම බැහැ.

      Delete
  10. +++++++ස්තුතියි+++++++ Pra Jay මහත්තයෝ!

    ReplyDelete
  11. මම හොඳටම පරක්කු වෙලා ආවේ.

    ආයස්මන්ත කියලා තියෙන mirror cells කතාව නේද Oneness කියලා Thich Nhat Hanhගෙ පොත්වල තියෙන්නෙ. Dr Bryan Weissගෙ පොත්වලත් we are one කියන අදහස නිතරම කියවෙනවා වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus, ඔයා කියල තියෙන කරුණු ගැන දොස්තර මහතාගෙන්ම අහ ගන්නන්.
      ඔය We are One කතාව පරමාත්මය වගෙය කියලත් මට හිතෙනවා....

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්