“දේවාල මාමා?”
“ඇයි මාමේ... අර ම... ම...”
“මර්වින්ද?”
“අන්න හරි මාමේ. එයා තමා. ගිය සැරේ ඒ මාමා නියමෙට පූජාව තිබ්බා. මේ සැරෙත් අං දේවාලෙට
කරන පූජාව ඒ මාමට කියල තියවා ගන්න ඕනි. කපුවෝ කැලේ ඒ මාමා එක්ක බලද්දී... මර්වින්
මාමටත් තියෙන්නේ කපුවෙක් වෙන්න...”
අපි නං අර එගොඩ වෙලා ආව
කලපුවට ආපහු ගිහිං නාගෙන එන්නයි හදන්නේ... (foto- අනුර පල්ලිමුල්ල) |
“වෙන්න දෙයක් නෑ ඉන්දික. එයා දැනටමත් එහෙම තමයි... අපේ කාට හරි පිරිත් ටිකක්
කියෝගන්න, බාරයක් වෙන්න එහෙම ඕනි වුණොත් හෙම, මනුස්සයා බොක්කෙන්ම ඒක කරන්නේ- හරි
සර්ධාවෙන්.” මං කිව්වේ බොරුවටම නොවේ.
“නිමල් අයියේ, අපි ළිං තුනෙන් නාන්නයි
යන්නෙ. යමුද?” දන්සලෙන් බත් කාලා ඇවිත් හාන්සි වෙනකොටමය, ඒ ප්‍රශ්නය නැඟුණේ.
“මෙතන ඉඳලා මේ පට්ට අව්වේ එතනට ගිහිං,
පෝලිමේත් ඉඳලා වතුර බාල්දි පහක් නාගෙන එන්න...?” මගේ උත්තරයත් ප්‍රශ්නයකි.
“කම්මැලිකමට පේන බලන්නේ, යමං යකෝ! අපි තමුසෙට නාගන්න වතුර ඇදලා දෙන්නං!”
“ඕනි නං නාවන්නං...” පීරිස්, නෙවිල් හා මර්වින් වදේ ගැහුවත් මං එහෙම්ම ඇලවී හිටියා
විතරය.
“මහප්පේ, අපි නං අර එගොඩ වෙලා ආව කලපුවට
ආපහු ගිහිං නාගෙන එන්නයි හදන්නේ...” ජයශංඛ මට කිව්වේ ඒ අස්සේය.
“කවුද අපි? කිලෝ මීටර් දෙකක් විතර ආපහු ගිහිං එන්න.... පිස්සුද ඕයි?”
“නිදිට බැරි නං අපි යනවා!” අපි නියෝජනය කරමින් පෙරට ආ නමීත් කිව්වේය. ගවීනුත්,
තමිරත්, පසිඳුත් එයාලට එකතු වුණාද කොහෙදය. අන්තිමට බලද්දී එදා නොනා හිටියේ මං
වහන්සේ විතරය.
“නිමල් අයියා අපි ගෙනාව බොර වතුර ගැලුමෙන්
ඇඟ තෙමා ගන්න. මං පස්සේ ළිඳකින් හරි වතුර ගේන්නං...” ප්‍රියන්තට නං මේ අසරණයා ගැන
දුකත් හිතිලාය.
“මිනිහට ඉන්න අරින්න ප්‍රියන්ත හඩු පෙරාගෙන...”
එදා මට තිබුණු ‘ජල භීතිකා තුරුම්පුව’ මේ
දවස්වල එයාලා තවමත් එළියට අදිති!
මිනිස්සු බලයි මෙතැන ස්ත්‍රී
දූෂණයක් වෙනවයි කියලා... තමුසෙ ඔහොම කෑ ගහනකොට! |
“කෑ ගහනවා නෙවෙයි යකෝ... නිකම්ම කෑ ගැහෙන්න්න්න්න්.... අම්මොහ්හ්හ්හ්... ඌයි...”
මට ආයෙමත් කෑ ගැස්සෙයි.
වුණේ මේකය!
අයස්මන්ත නාගෙන ආ ගමන්ම කළේ බෙහෙත් bags එළියට
ඇද ගැනිල්ලය. “එනවා, යුෂ්මතාට ඊයේ වගේම මසාජ් පාරක් දීලා, ස්ට්‍රෙචින් ටිකක්
කරවන්න ඕනි. කිව්වම අහලා වරෙන් xxතෝ! මූණ xක කරගෙන ඉන්නේ...”
“අන්න හරි Doctor, මාත් ඔයාට suggest
කරන්නමයි හිටියෙ. අදත් මහප්ප වැඩි හරියක්ම ඇවිද්දේ ඇලේට. පොරට මතක් වෙච්ච වෙලාවට
විතරයි, කෙළින් ඇවිදින්නෙ...” එතකොට අපේ චූටි පුතාත් යහමින් පොහොර දැම්මේය.
අපේ උත්තරීතර පාලකයන් වහන්සේලා ඩොලර් මිලියන
හයක වන්දියකුත් ගෙවලා චීනයෙන් ගෙන්න ගත්තු අශූචි පොහොර ගොඩෙන් ටිකක් ඌටත් දීලද කොහෙදය.
මටත් මඤ්ඤංය; වන්දිය ගෙව්වාට තවමත් බඩු ඇවිදින් නැති එකේ... මොනවායින් ටිකක් දෙන්නද? මොකෝ, කාට කාට හරි
කොමිස් කුට්ටි හම්බ වුණා කියලයැ....
“විහිළු නෙවෙයි අයියේ. මසාජ් එක වගේම වැදගත්
ස්ට්‍රෙචින් එක්සර්සයිස් කරන එකත්... ඔයාටම තේරෙන්න ඇතිනේ, ඊයේ ගමන පටන් ගත්ත වගේම
fresh ගතියකින් නේද අදත් ඔයා ආවේ. ඊයේ රෑ දුන්නු treatmentsවල රිසල්ට් තමයි ඒ.”
අයස්මන්ත කියන්නේ නම් සත්‍යය බව මමත්
දන්නෙමි. ඒත්...
මොනවාදෝ ක්‍රීම් වර්ගයක් තවරලා, දෙකකුල්වල
මස් පිඬු මසාජ් කරද්දී උහුලාගෙන හිටිල්ල අසීරු නැත. ඊට පස්සේ කෙරෙන හරිය...
මුනින්තලාව වැතිරුණු මගේ අතපය එහාට-මෙහාට අඹරවමින්, නවමින්, අදිමින් කෙරෙන සුමේ
ඉවසන්නේ කොහොමද- කෙඳිරි නොගා...
දත්මිටි කාගෙන හීනියට කෙඳිරි ගාමින් හිටි මගේ දෙකකුල් නවා- ඒ යක්ෂ පැටියා ඒවා උඩ
වාඩි වුණත් එක්කය. එතකොටය මට තදටම කෑ ගැස්සුණේ... ‘අනේ... ඇති ඇතීඊඊඊඊහ්හ්...’
දැනටමත් ඊළඟ වතාවේ පාද යාත්‍රා
ගමනට එකතු වෙනවාමයි කියන හිතවතුන්... (foto- පසිඳු බණ්ඩාර) |
(ඒ කෝන්තර පිරිමැසීම කලින් දවසේ රාත්තිරියේත් සිද්ද වුණේය. තුන්වෙනි දවසේ රාත්‍රියේත්...)
මෙව්වා ලියන්නේ ආලවට්ටං දාලා- අතින් එකතු
කරලා නෙවේ. හැබැයි- වෙච්ච දේවල්, මතක් වෙන- මතක් වෙන හැටියටය. ඉස්සර නං මෙහෙම
ගමන්වලදී, සමහර වෙලාවකට විතරක්වත්, සමහර දේවල් ලියා ගන්නා පුරුද්දක් මට තිබිණි.
දැන් ඒකත් අත ඇරිලාය... හරියටම කියනවා නං අත අරින්නට වෙලාය. තදේටම අත වෙවුලන
හින්දා, මං ලියන දේවල් කියවා ගන්නට මටම බැරි තරම් අජූවය.
ඒ නිසා මට යැපෙන්නට වෙන්නේ, මගේ මතකය මතමය.
කුඩා කැබිලිත්ත දේවාලය අබියස නැවතී හිටි
රාත්‍රියේ කෙරුණු ‘වෛද්‍ය සත්කාරය’ ගැන කලින් නොලියවුණේ ‘ඒ මතක අමතක වීම’කිනි.
එහෙම මතක බැරි වෙමින් හරි මගෙන් කෙරෙන මේ
ලියවිලි, කියවන රසිකයන් කීප දෙනෙකුව හරි අවුස්සයි!
එලෙස ඇවිස්සී, දැනටමත් ඊළඟ වතාවේ පාද යාත්‍රා ගමනට එකතු වෙනවාමයි කියන හිතවතුන්
ගොඩාරියකි. ඒ අනුව ගණන් බලද්දී, මට හිතෙන්නේ මේ postsවල පළමුවැන්නේදී කිව්වා වගේ ‘කුඩා කුඩා නඩ කීපයකින් සුසැදි’ ලොකු නඩයක්
එක්ක ඊළඟ පාද යාත්‍රා ගමන එන්නට වෙයි කියලාය.
එහෙමත් නැත්තං මහරගම ඉඳලා කතරගමට යන පාද
යාත්‍රාවක් organize කළොත්...
මටත් ලෝක ලොකු සාමි කෙනෙක් වෙන්නට ඇහැකිය.
දකුණේ හිට කොළඹට සාර්ථක පාද යාත්‍රාවක් සංවිධානය කළ එක්කෙනෙකු නැවතුණේ, සිරි ලඞකාද්වීපයේ විතරක් නොව ආසියාවෙමත් කුසුප්‍රකට ප්‍රකෝටිපතියෙකු
වෙමිනි.
පුදුම කටු තොගයක්නේ
සෙරෙප්පුවල ඇනෙන්නෙ. මම නං දිගටම සෙරෙප්පු දෙකේ අඩියේ ඇමිණිල තියෙන කටු අයින් කර-කර
ආවේ. (මුල් foto- අනුර පල්ලිමුල්ල) |
ඉතිං හිච්චිලාගේ නඩේ හිරූත්, අපේ නඩේ දොස්තර මහත්තයාගේ
වෛද්‍ය කඳවුරෙන් සේවය ලබා ගත්තේය; දෙනෙත්ගේ මල්ලී දෙව්ෂානුත්... කකුල්වල යටටම ඇනී
තිබුණු කටු අයින් කළ අයස්මන්තට, කොර ගහමින් හිටි හිරූගේ කකුලක් ක්‍රේප් බැන්ඩේජ්
එකකින් වෙළන්නටත් සිද්ද වුණේය.
“පුදුම කටු තොගයක්නේ සෙරෙප්පුවල ඇනෙන්නෙ. මම නං නැවතෙන
හැම තැනදීම සෙරෙප්පු දෙකේ අඩියේ ඇමිණිල තියෙන කටු අයින් කර කර ආවේ.” ගවීන් වාර්තා
කළේ ‘කටු attacks’ ගැනය.
“මල්ලි උඹ ආවෙම යක් කටු පඳුරු උඩින්. ඒකයි ඒ.” සෙරෙප්පු දාගෙන ඇවිත් හිටියත්
නෙවිල් කටුවලින් බේරිලාය; දිය පට්ටවලිනුත් බේරිලාය.
“ඒකනේ ගවීන් මල්ලී මෙදා පොටේ මේ සාදර අනුග්‍රාහක ටිං ටිං ඩොක්ටර් අයස්මන්ත පීරිස්
ට්වීසර් එකකුත් අරගෙන ආවේ!” දොස්තර මහත්තයා හිරූගේ කකුල වෙළමින්ම රඟයි.
“නිමල් අයියේ... මම මේගොල්ලන්ගේ ට්‍රීට්මන්ට්ස් ඉවර
කරනකල් බකන්නිලන් ඉන්නැතුව යුෂ්මතාගේ කහ-පොල්තෙල් සාත්තුවත් ලැහැස්ති කරනවා... ඒක
වැඩ කරනව නේද? මගෙත් දිය පට්ට කීපයක් ඇවිල්ලා.”
කලින් වතාවලදීත් ඒ අත් බෙහෙත නියමෙටම ප්‍රතිපල ගෙන දුන්නේය.
“අනේ ප්‍රියන්ත, එහෙනං අර සාස්පාන් තියෙන bag එක මෙහාට අරං දෙන්නකෝ..”
“නෑ නෑ නිමල් අයියේ, ඔයා ඔහොමම ඉඳලා මට කියන්නකො මොනවද කරල දෙන්න ඕනි කියල.”
ප්‍රියන්ත කිව්වේ වඩාත් ප්‍රායෝගික වෙමිනි; එතකොටත්
වැතිරගත් වනම හිටි මගේ දිහාව අනුකම්පාවෙන් බලමිනි. “එහෙම නම් ප්‍රියන්ත, හොඳ
මහත්තය වගේ කහ කුඩු ටිකක් සාස්පාන් පියනකට දාලා, ඒ ටික පොල්තෙල් හැඳි දෙක තුනකින්
දිය කරලා අර ළිපට උඩින් අල්ලලා ටිකක් රත් කරල ගන්නවද?”
මෛත්‍රී භාවනාවේදී වුණත් කියල
තියෙන්නේ ඉස්සෙල්ලම තමන්ට මෛත්‍රී කරගන්න කියලනෙ. (foto- නමී) |
“ඉතිං මොකෝ. මෛත්‍රී භාවනාවේදී වුණත් කියල තියෙන්නේ ඉස්සෙල්ලම තමන්ට මෛත්‍රී
කරගන්න කියලනෙ. මා ඇතුළු සියලු සත්ත්වයෝ... මා ඇතුළු සියලු සත්ත්වයො...” වැදෙන
තැනකට වැදෙන්නට කියලා, ප්‍රතිප්‍රහාර දෙන ගමන්මය මේ ලියන්නා උගේ දෙකකුල්වල ‘දිය
පට්ටාවලට ගුණ දෙන කහ-පොල්තෙල් මිශ්‍රණය’
තවරාගත්තේ; ඊළඟට පීරිස්, හිරූ, තමීර වගේ අයගෙත් එව්වා ගෑවේ.
“නමීටත් කෙළවෙලා නේද ඉන්නේ. ගාමුද මෙයින් ටිකක්?”
“එපා නිදි. මගෙ ළඟ ප්ලාස්ටර් තියෙනවා!”
කොයි තරම් ඇවිදලා පුරුදු වුණත් මේ ගමනේදී දිය පට්ටා එන
එක වළක්වා ගන්නට අසීරු තරම්ය.
“ඔයාලා first time හින්දයි කියන්නේ. ගමන යද්දී දාන්න හිතාගෙන ඉන්න සෙරෙප්පු හරි
සපත්තු හරි දාගෙනම ඇවිදින්න එන්න. එතකොට වඩාත් හොඳයි!” පෙර සූදානමේදී මං අපේ
අප්පුහාමිල්ලාට කිව්වත් උන්දලා ඒක මායිම් නොකළාවත්ද?
අනිත් අතට ඒ සේරම විස්තර අතැඹුලක්සේ දන්නා පණ්ඩිතයන්
දෙපළක් වන පීරිස්ගෙත්, මගෙත්; දෙන්නාගෙමත් දිය පට්ට ඇවිත්ය. ඒකත් යටි පතුල්වල
නොවේ; ඇඟිලිවල උඩින්ය!
“මං ඇවිදින්න පුරුදු වෙද්දී දාගෙන හිටි ස්ලිපර්ස් ජෝඩුව
කැඩුණා!” තමිර කිව්වේය. නමීටත් ඒ ජාතියේම විපතක් සිදු වෙලාය. නමුත්, ඒ දෙන්නාටම
ලැබී තිබුණේ එකම result එකකි.
සෙරෙප්පුවල පටි දෙකකුල්වලට තද වෙන තැන්වල දිගට දිගේ දිය පට්ට මතු වෙලාය! අපේ නමිනං ගොයියා නං ඒකට අලුත්ම පන්නේ ප්‍රතිකාරයක් හොයා
ගෙන තිබිණි!! සෙරෙප්පුවේ පටි ප්ලාස්ටර්වලින් වෙළීම... ඒ බේත වැඩ කළාදැයි බලන්නට මේ
ලියන මට අමතක වීම වස වැරැද්දකි.
“නිමල් අයියා හරිම වැරදියි මචං. එයා පාද යාත්‍රා ගමනේ
blogs ලියන්නේ අතිනුත් දාලා.” 2022 අගෝස්තු 26 වෙනිදා රාත්‍රියේ පාලිත කරුණාරච්චි සහෘදයා xxxට කිව්වේ මගේ
ඉස්සරහදීමය. “බොසා පාද යාත්‍රාව ගැන ලියන සේරම මම කියවනවා, මචං. කියෝනකොට නං හෙණ
ආතල් තමයි. උඹල කට්ට කාගෙන ගිය එව්වා කොහොමද බං ඔච්චර ආතල් වෙන්නේ.”
නෙවිල්ලගේ අම්මා අන්තරාවී
තුන් මාසයේ බණ පිංකමට... (මෙරිල් හා නෙවිල්) |
“මර්වින් අයියත් ඔය ගමන ගියානේ. මට මර්වින් අයියමයි
කිව්වේ -නිමලයට නං ආතල් තමයි. ඌ බර උස්සගෙන ගිය එකක්යැ. උගේ බරත් උස්සගෙන ගියේ
අපිනෙ- කියලා.” එතකොට පාලිත උත්තර බැන්දේ track එක මාරු කරමිනි.
“ඔව් මචං, මෙයා මේ ඔක්කොම ලියන එකෙන් මටත් මාර ලෙඩක් වැටෙනවා තව පොඩ්ඩෙන්. මම මචං
ගමන යන්න නිවාඩු ගත්තේ බොරුවක් කියලනේ. අපේ බොසුත් මෙයා රස කර-කර ලියපු එව්වා
කියවලා. ලියනව මදිවට මෙයා ගමනේ ෆොටෝසුත් blog එකට දාලනෙ. පොර මගෙන් නෝමල් එකේ
ඇහුවා -xxx, පාද යාත්‍රාවේ යන කෙනෙකුට වලහෙක් attack කරලා නේද- කියලා. මම ෂේප් එකේ
‘ආ ඇත්තද?’ කියලා මාරු වුණා!” xxxත් කියයි.
“හැබැයි මචං මෙයාට වෙන දේවල් මෙයා ලියන්නෑ...”
හිතාදර රසික- රසිකාවනි. ඒ චෝදනාව ඇත්තමද?
ඊට පසුවදා හැන්දෑවේ; අද සෙනසුරාදා මේ හරිය ලියද්දීය, පූර්වාපර සන්ධි ගැලපී- කරුණු පැහැදිලි වෙන්නට පටන් ගත්තේ.
ඊයේ අපි කට්ටියම හිටියේ නෙවිල්ලගේ ගෙදරය. නෙවිල්ලගේ
අම්මා අන්තරාවී තුන් මාසයේ බණ පිංකමට සහභාගී වෙන්නට ගිහිල්ලාය.
2013 නෙවිල් අලුත් ගෙදර හදාගෙන අම්මාත් එක්ක ගෙයි පදිංචියට යන්නට නැකත් බැලුවාමය, අපේ පළමුවෙනි පාද යාත්‍රාව දියත් කිරීම පිණිස අපට
සම්‍යක් ප්‍රයෝගයක් යොදන්නට වුණේ.
ගෙට ගෙවැදෙන නැකත යෙදී තිබ්බේ, හරියටම පාද යාත්‍රාව පටන් ගන්නා දවසේය...
අවුරුදු නවයක් ඇතුළත ඒ
ආදරණීය අම්මා ඩිමෙන්ෂියා රෝගයට ගොදුරුවී; චූටි පුතාගෙන් සත්කාර ලබමින් ගෙවූ දිවියේ
තතුත් ‘නිදිගෙ පංච තන්තරේ’ හරහා මම ඔබට කීවෙමි.
අර සේරම කතා සිද්ද වුණේ නෙවිල්ල අම්මාගේ මතක බණ දේශනාව ඉවර වුණාට පස්සෙය. නෙවිල්ලගේ
ගෙදරට අල්ලපු ගෙදරදීය.
සද්ධර්ම දේශනා පින්කමට එන උපාසක මහත්තැන්ලාට ‘අති විශේෂ සංග්‍රහ’ කරන්නට සූදානං
කරලා තිබ්බේ එහිදීය.
ඒ අල්ල-පනල්ලේ මං වහන්සේත්
එතැනට හොම්බ දැම්මාම... |
පාද පරිචාරිකා ඩිලානි එක්කම ආවා වුණත්- පාලිත සළු වෙලා අරගොල්ලන්වත් යාන්තං පදම් කොට- උන්දැලගේ dutyය හරියට
කරන්නට නොදුන්නාවත්ද? ඒ අල්ල-පනල්ලේ මං වහන්සේත් එතැනට හොම්බ දැම්මාම, බයිට් එකට ගැනුණේ
‘අහිංසක නිදිගෙ පංච තන්තරේ’ය.
අපේ ගමන පුරාමත් ඔහොම bite කිරීම් කෙළවරක් නැත!
“එනවකො දිසානායක ඕමියක් ගහන්න!” ඊයේ රෑ ගහන්නට බැරි වුණු
ඕමිය, මහ දවාලේ ළිං තුනේදීවත් ගහන්නටය නෙවිල්ගේත්, ගවීන්ගේත් සූදානම. බිමින්
තප්පලම් ගහගෙන වාඩිවී කාඩ් ගහනවාට වැඩියෙන් මෙහෙම වැතිරී සිටීම සනීපයකි. මට නං
මෙහෙම අලස සුවය විඳින්නට ඉඩක් ලැබෙන්නේත් ඉතා කලාතුරකිනි.
“අපි දෙන්නත් එන්නං.” දෙනෙත්ගේ මල්ලී දෙව්ෂානුත්, හිරූගේ
මල්ලී තරූෂත් ස්වේච්ඡාවෙන් පෙරටම...
“ඔන්න දෙව්ෂානුයි, තරූෂයි එනවලු...” මම ඇඟ බේරා ගත්තෙමි.
“අඩේ! මාමාට අපේ නම් දෙකත් මතක හිටලනේ!” කොලු ගැටවුන් දෙන්නාගේ උද්දාමය මට යළිදු
සිහිපත් කෙරෙව්වේ පැරණි පාඩමකි. ‘ඕනෑම කෙනෙකු අනුන්ගේ මුවෙන් තමන්ගේ නම කියවෙනවා අසන්නට ඉතා කැමතිය. ඔබට වැඩි
පිරිසකගේ සුහදත්වය දිනාගත යුතු නම් ඔවුන්ගේ නම් හොඳින් මතක තබා ගන්න!’.
“ඔන්න මාමේ, ලබන සැරෙත් ඔයාලා එනකල්ම අපි දෙන්නගෙ නම්
දෙක මතක තියා ගන්න ඕනි, හොඳේ!” මට කියලාය ඒ දෙන්නා ඕමියට වාඩි වුණේ.
කොල්ලන් දෙන්න ‘ඇම්ඩන්ලා’ය. අපේ අනභිභවනීය ඕමි ඔස්තාද්ලාට මදි නොකියන්නම වැදෙන්න
ගත්තේය. ගැටවරයන් දෙන්නාම දෙනෙත්, හිරූ අයියලට වඩා කටකාරය- දොඩමලුය- නවීනය.
කතරගම දෙයි හාමුදුරුවොන්ගේ
බැල්ම මල්ලිට තියෙනවා දැන්! |
අමනුෂ්‍ය බලපෑමකින් ඇති කෙරුණු රෝගයක් දෙව්ෂාන්ට වැළඳීලාය; වෛද්‍යවරුන්ට රෝගය හොයා
ගන්නටවත් නොහැකි විණිල. බාරහාර වීමෙන් පසුව රෝගය විතැන් වෙලාය! “දෙයි
හාමුදුරුවොන්ගේ බැල්ම මල්ලිට තියෙනවා දැන්!”
ඇත්තය! ඒ බැල්ම තිබුණු හින්දාදෝ, ඒ ඇඹිටිල්ලන් ඇට්ටරයන්
දෙන්නා ගවීන්ටත් නෙවිල්ටත් නොසෑහෙන්නට බැට දුන්නෝය!
මං නින්දේ ඉන්නා අතරේ, මර්වින් කපු මහතාගේ ප්‍රධානත්වයෙන්-
අං දේවාලයේදී කෙරුණු පුද සත්කාර සියල්ල අකුරටම ඉෂ්ට කෙරිලාය.
“මර්වින් මාමා නියමෙට වැඩේ කළා මාමේ. මාමට කියන්න, ගිය වතාවේ අපි බාර වෙද්දී හිතාගෙන හිටිය
දේවල් සේරම කතරගම දෙයි හාමදුරුවෝ අපට ඉෂ්ට කරලා දුන්නා.” සහතිකය දුන්නේ ඉන්දිකය.
නිතර කතා නැති බානිත් ඒ කතාවට රුකුල් දෙයි.
“ඒකනෙ මාමේ!”
“කෝ, මාමල එන්නෙ නැතෙයි අපේ අහ ළඟට? නේද, ඉන්දික මල්ලී.
අපි මාමලට ප්ලේස් එකකුත් අල්ලගෙන ඉන්නෙ...” හිච්චිත් විමසයි.
ඒ ගොල්ලන් හිටියේ ගස් මණ්ඩියකය. හතර වටෙන්ම ගස්ය; තවත්
පාද යාත්‍රා නඩ ගොඩක්ය. එතැන දැක්කාමත් මට දැනුණේ හිර කෙටුණු ගතියකි.
අප තෝරාගත් තැන ඊට වඩා විවෘතය; නිස්කලංකය; සොඳුරුය. තුන් පැත්තකින්ම ඈතින්- ඈතට
අවට පෙනෙයි.
හතර වටෙන්ම තාප්ප බැඳගෙන, විහින් හදාගත් හිර ගෙවල්වල හිරවී හිටින අපි- මෙහෙම ගමනක්
ආවාමවත් හිරවෙන්නේ නැතිව හිටින්නට ඕනෑ නේද?
මෙතැන
ඊට වඩා විවෘතය; නිස්කලංකය; සොඳුරුය!!! |
“එහෙනම් දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් හෙට උදෙන්ම ගමන පටන් ගන්න බලාගෙන....”
කියාගෙනය හිච්චිලා පිටත්ව ගියේ.
ගිය සැරේ පාද යාත්‍රා 3 post එක කියවපු කට්ටකාඩුවේ ලොකා මට ටෙලිෆෝන් කරලා සෑහෙන
වෙලාවක් සතුටු සාමීචියේ යෙදුණේය. නිකම්ම නෙවෙයි, වටිනා තොරතුරු ගොඩක් (එයා
නොදැනුවත්වම) මට කියා දෙමින්. එකක් කෙලින්ම අදාළයි, පාද යාත්‍රාව යන අතරේ ‘ඉලක්ක
ගැන නොකියා හිඳීම’ට.
“නිදි දන්නවද මුස්ලිම් උදවිය අතරේ තියෙන දෙයක්? එයාලා දවසට කී සැරයක් යාඥා කළත්, ඒ
හැම වතාවක්ම අන්තිම යාඥා වතාවය කියල හිතාගෙනයි- එයාලා එහෙම කරන්නේ...” ලොකා
කිව්වේය.
“ඒ කියන්නේ?”
“ඒ කියන්නේ ඊළඟ යාඥා වෙලාවට කලින් තමුන් මැරෙන්න වුණත් පුළුවන්ය කියලා හිතනව වගේ
දෙයක්, ලොකූ...”
“එහෙම බලනකොට ලොකා, මුස්ලිම් උදවිය බුද්ධාගමේ අපටත් වැඩියෙන් මරණානුස්සතිය වඩනවා
වගේනෙ.” මට කියැවුණේ නිකම්ම.
“හරියට හරි ලොකා.”
අප දෙන්නාගේ සංවාදය වෙලාවකට හරි විහිළුවක්
වගෙය. මං වහන්සේ එයාට ලොකා කියයි. එතුමා මට ලොකා කියයි. (අපේ නංගිලා මල්ලිලා
සේරමලා මට කියන්නේ ලොකා හෝ ලොකූ හෝ නම් දෙකින් එකකි.) “තව තියෙනවා...” කට්ටකාඩුවේ
ලොකා කියාගෙන ගියේය.
“ඒ ගොල්ලෝ දෙන්නෙක් හමු වෙලා- කතාබහ කරලා පිටත් වෙනකොටත් ‘ආයේ හම්බ වෙමු’, ‘See
you soon’ වගේ දේවල් කියන්නෙ නෑලු!”
කට්ටකාඩුවේ ලොකා දුන් ඔත්තුව ඔස්සේ යමින් ‘මුයින් කුටිලාන්’
මහත්තයාගෙන් විස්තර අහලා බැලුවාම, කතාව ඇත්තය. (කුටිලාන් මහත්තයලාය, අපේ ගෙදර උඩ
තට්ටුවේ පදිංචි වී ඉන්නේ.)
“ඔව් මිස්ටර් නිමල්. අපි දෙන්නෙක් කතා කරලා යනකොට කියන්නේ ‘ඉන්ෂා අල්ලාහ්’
කියලයි... ඒ කියන්නේ ‘අල්ලාහ්ගේ පිහිටෙන්!; අල්ලාහ්ගේ කැමැත්ත ඒක නම් අපි ආයේ හමු
වෙයි...’ වගේ දෙයක්.”
(මේ තාක් කල් නොදැන හිටි එවන් දේවල් ගොඩක් මට ඉගැන්නූ කට්ටකාඩුවේ ලොකාටත්, කුටිලාන්
මහත්තයාටත් මෙන්න ගොඩක් ලොකු ස්තුතියක්!)
ඒ නඩේ ඇතුළේ ගින්දර වැඩියත්ම
පිටතට දුන්නේ තියුණු ගැහැනු හඬකිනි. |
“මදැයි! අපට වුණත් කොහොමටවත් බත් නං උයන්න විදිහක් නෑ,
වතුර නැතුව. රොටියක් පුච්චමු. ලුණුමිරිසක් එක්ක තමයි රොටි කන්න වෙන්නේ...”
ඉතිං, අපේ එදා රෑ වේල පිරිමැහෙන්නට තීන්දු වුණේ එහෙමය....
‘ඔව්! කියනවා තමයි. / අපි උඹලව දාල ආවෙ නෑ යකෝ. / ඒ
කිව්වට බලු වැඩක් උඹල කළේ. / එකට ආව නං එකටම එන්න ඕනි නේද? / ආයෙ නං උඹලත් එක්ක
ගමන් නෑ. / තමුසෙලට
වටිනවද එහෙම කරන්න?’
උච්ච- මධ්‍ය- මන්ද්‍ර සප්තක තුනෙන්ම ආවේගී ප්‍රකාශ රැසක් කෙරෙනවා ඇහෙයි. සද්දය එන
පැත්තට ඇස් යැව්වත්, කළුවර වැටිලා නිසා මොකවත් පැහැදිලිව පෙනෙන්නේ නැත.
හැබැයි, දියවන්නාවේ රැස්වීමක් තියෙද්දී වගෙය. එක විඩේ කීප දෙනෙක්ම කතා කරති. එකෙකු
කතාව ඉවර කරන තුරුවත් අනෙකා බලාගෙන ඉන්නේ නැත.
සිද්ද වෙලා තියෙන්නේ මොකක්දැයි තේරුම් ගන්නට ප්‍රශ්න,
උත්තර, වාක්‍ය, වාක්‍යාංශ හා වහසි බස් කන්දරාවකට කන් දෙමින් ඉන්නට සිදු විණි.
ඒ නඩේ ඇතුළේ ගින්දර වැඩියත්ම පිටතට දුන්නේ තියුණු ගැහැනු හඬකිනි.
ඒ චරෝ-බරෝව සෑහෙන වෙලාවක් තිස්සේ අපේ කන් පිරෙව්වේය. අපි
රොටි පුච්චන අතරේය, ඒ. අපේ ළිපේ ගින්දරවලටත් වැඩියෙන් සැරේට ඇවිළුණු අර කෝපාග්නිය
ටික වෙලාවකින් බාලවීගෙන ගියේය.
‘මර්වින් ගහපු බාලදක්ෂ ගිනි මැලේ එළිය අර කට්ටියටත් වැටෙන හින්දයි රණ්ඩුව
නැවතුණේ!’
“මාමේ ඉන්දික අහගෙන එන්නයි කිව්වා, මාමා උදේට කැඳ හදනවද
කියල...” හිරූ පණිවිඩයක් අරගෙන ආවේය. “... හදනවා නං එයා ගෙනාව රට ඉඳියි, මුද්දරප්පලමුයි දෙන්නංලු...”
“හිරූ, ඒවා ගේන්න කලින් අන්නරහෙන් වාඩි වෙනව යාළුවත්
එක්කම, රොටියක් කාලා යන්න.”
“එපා මාමේ. අපි බත් කාල ආවේ...”
“බත් කෑවට රොටියකුත් කන්න බැරිද මිනිහෝ... අපිට මදි වෙයි කියල බය වෙන්න එපා. පිටි
කිලෝ දෙකක රොටි හැදුවා... මෙන්න මේ ඉලන්දාරි දෙන්නටත් රොටි දෙමුකො... නෙවිල්.” මගෙ
ජංගම පුටුවේ වාඩිගත් ගමන්ම හිටිමින්, මං එහෙම කිව්වා විතරය. තවත් කටක් ඇරුණේය.
ඔයාලා කාල ඉවර වෙලා තව...
(මෙයාලට වැඩියෙන් කන අය අපේ රටේ ඉන්නවා! හැබැයි ඉන්නෙ සුදු ඇඳගෙන....) |
“හිරූ, ඔයාලා කාල ඉවර වෙලා තව ලොකූ උදව්වකුත් කරන්න ඕනි.
අපි දෙගොල්ලටම ඇති වෙන්න කැඳ හදන්න තරං සාස්පානක් අපි ළඟ නෑ. ඔයාලා ගෙනත් තියෙන
ලොකුම සාස්පානත් අපිට ගෙනත් දෙන්නෝනි, රට ඉඳි ගේනකොටම...”
“ෂුවර් මාමේ, ගේන්නං...”
ජාතික වනෝද්‍යාන ඇතුළේදී සිංදු කීමට හා සංගීත භාණ්ඩ
වාදනය කිරීමට අවසර නැත. සංචාරක බංගලාවක හෝ camping site එකකදී හෝ විතරකි,
වාහනයෙන් බැස හිඳින්නට ඉඩ දෙන්නෙත්. පාද යාත්‍රාවේ යෙදෙන්නන්ට ඒ තහනම් දෙකම නැත.
බොහෝ දමිළ බැතිමතුන් පාද යාත්‍රාවේ යන්නේ රබානක් වයමිනි; බැති ගී- භජන් ගයමිනි.
‘මිනිස්සුන්ගේ සද්දෙ ඇහෙනකොට සත්තු ඈතට යනවා!’යිත් විශ්වාසයකි.
“ලාවට සිංදුවක් කියමුද?” යෝජනා කෙරෙයි. විරෝධතා නැත.
“දිසානායක, එනවකො! දවල් නාන්නෙත් නැතිව තමුසෙ ඇති පදං
නිඳා ගත්තනේ!” නෙවිල් පමාවී නින්දට යන්නෙකි. දවාලේ පොඩි කොල්ලන්ගෙන් අම්බානකට කාපු
හින්දාද කොහෙද, ඕමි එපා වෙලා වගෙය.
“මම ආවට, මොකකටද හලෝ තට්ටුවක්වත් දාන්නේ?” අපේ නිත්‍ය වාදක නෙවිල්ගේ congo drum එක
ගෙදර බව සිහියට නංවමින්ය මම කිව්වේ.
“සාස්පානක් ගනිමු!”
“දර ළිප් උඩ තියපු නිසා ඒවයේ දැලි!”
“ඔන්න ඔය pකෝරිස්ව මෙහාට ඇදල ගනිං මචං... යකෝ! ඌ
සාස්පානට ගහල ඉවර වෙලා දැලි හෝද ගනියි! මේ xකයටනෙ අමාරුව.”
ඉතා සංයමයෙන්; කාරුණිකව කෙරුණු ඒ ඉල්ලීමට හා හේතු දැක්වීමට පිටුපාන්නේ මොන හිතකින්ද?
කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන් -
සීත සමීරෙන් චන්දන කල්කෙන්... |
සීත සමීරෙන් චන්දන කල්කෙන් සතුට උදා වේවා
මිහිර බෙදා දේවා’
(මෙහෙම වෙලාවට ගීත තෝරන රාජකාරිය වැඩියෙන්ම කෙරෙන්නේ මං වහන්සේ අතින්ය. මගේ තේරීම් වන්නේ වැඩි දෙනෙකුට ගායනා කරන්නට පහසු ගීතයි.)
“ඔව් හිතාදර සංගීතකාමී ගීත ලෝලී අසන්නනි. මේ රාත්‍රියේ...
යාල කැලයේ, ළිං තුන අඩවියේ සිට ඔබේ රසාස්වාදය සඳහා ඉදිරිපත් කෙරෙන ගී සැන්දෑවේ පළමු
ගීතයයි ඒ. ගායනය නිමල් දිසානායක ඇතුළු පිරිසෙන්. වාදනය අසහාය
සාස්පාන් වාදක නෙවිල් මහතා... මචංලා, රිලව් වගෙ නිකං බලාගෙන ඉන්නෙ ගහපියව්කො අපිට
අප්පුඩියක්.” හීනියට අත් පොළසන්!චූටි පුතා; ජයශංඛට නිවේදන හැකියාවක් තිබෙන විත්තිය අප දැනගත්තේ එදාය!
“ඔව්, මහප්පා... sorry, දිසානායක මහතාණෙනි. ඔබතුමාගේ ඊළඟ තේරීම....”
අපේ පැදුර වටපිටාවේ හිටි නඩවල අයගෙත් ප්‍රසාදය දිනා ගත්තා
වෙන්නැති. වෙනින් සද්ද- බද්ද අඩු වුණේය. එයාලාත් සවන් යොමා සිටින හැටියක් ප්‍රදර්ශනය
වුණේය; සෑහෙන වෙලාවක් තිස්සෙම...
“ඔව් අසන්නෙනි, අපි කෙටි tea break එකක් ගන්නටයි සූදානම්
වෙන්නේ... වෛද්‍ය අයස්මන්ත පීරිස් මහතාට කෝපි පිපාසයක්...”
“ටී බ්රේක් එකේ කෝපි බොන්න. ජයෝ, මඤ්ඤංද?” ඒ ප්‍රශ්නයට උත්තර නොදී, ජයා
හදන්නේ වතුර ළිපේ තියන්නටය.
“නෑ... නෑ... මම වතුර ළිපේ තියන්නං... ඔයාල නවත්තන්නෙ
නැතුව වැඩේ කරගෙන යන්න...” කවුදෝ ජයාව නවත්තයි.
“කිරි කෝපි හදනවා නං කිරිත් උණු කරන්න වෙනවද නිමල්
අයියේ...” අතුරු ප්‍රශ්නයකි!
“කිරි? මේ හද්ද කැලේට කොහෙන්ද යකෝ උණු කරන්න කිරි...?”
“බඩු have! බඩු හෑව්!! Fresh Milk තියෙනවා...”
“ගමකට තියෙනවා නිමල් අංකල්!” පසිඳුත් කියයි.......
ගිය ගමන වගේම මේ ගමනත් මොනව නැතත් කෑම ගැනනං ඇති පදං විස්තර තියෙනව.
ReplyDeleteඑහෙම හිතුනද? ආයෙම කියවලා බලන්නන්.... අදහසට ස්තුතියි ප්‍රසෝ!
Deleteදේවාල මාමා හෙවත් පන්සල් ආතා කොච්චර සැදෑවත්ද කියලා එදා නෙවිල් අයියාගේ බණ ගෙදරදී හොදහැටි බලාගත්තා.. ඒකට නමියත් සාක්කි දෙයි. අර කවුදෝ ආපු වාහනයක් දැකලා හාමුදුරුවෝ වැඩියා කියලා එහෙට මෙහෙට දුවලා නටපු සෙල්ලම මතකද?
ReplyDeleteකොලොම්පූර්, මර්වින්තුමා වෙන අයට පොඩ්ඩෙන් මිස් වෙන දේ මතකෙ තියන් කරා. මං දැකල තියෙනව ඔක්කොම ලැහැත්ති කරලා අන්තිමට හාමුදුරුවන්ගෙ කකුල් හෝදන භාජනේ නෑ. හාමුදුරුවෝ වැඩිය වෙලේ... ඔක්කොම අය පුක දාච්ච කාඩියො වගේ දඟලනවා
Deleteමර්වින්ගේ සැදැහැවත් කඩි කුලප්පුවේ හොඳම හරියක් තව ඉස්සරහට ලියන්න තියෙනවා.
Delete//සෙරෙප්පුවේ පටි ප්ලාස්ටර්වලින් වෙළීම//. පටි කකුලේ ගෑවෙන හරිය ප්ලාස්ටර් කරන් ගියා. දොස්තර මහත්තය ප්ලාස්ටර් ගමකට ගෙනත් තිවන නිසා හොඳා
ReplyDeleteඕමි සෙල්ලමින් නෙවිල්තුමා පැරදුණේ නෑ නේ??
//ගායනය නිමල් දිසානායක ඇතුළු පිරිසෙන්// වාදනය අසහාය විතරද... නෙවිල්තුමත් ගැයුවේ යස අගේට
එදා නෙවිල්ලගේ දවස නෙවෙයි. ඊටත් දෙව්ශාන්ලා අන්කූරෝ...
Deleteනෙවිල් වාදනේ සපයන ගමන් අපූරුවට ගායනෙත් කරනවා නේන්නං. /ඇතුළු පිරිස/ කිව්වම එයත් ඇතුලත්නේ නමී.
හැබැයි තව අප්පුහාමි කෙනෙකුත් හීනියට සම්මාදම් වුණා ගායනෙට. මනුස්සයා පාද යාත්‍රාවේ යන ගමනත් සිංදු කොඳුර-කොඳුරා ගියේ.
අර කෑ ගහගත්ත සැට් එකේ හිටිය කස්ටිය... වැඩියත්ම ගෑණු උන්ද.
ReplyDeleteප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගැන කතා කරන, රජයේ වැරදි විවේචනය කරන- හෙලා දකින, යුක්තිය හොයන- ඒව ගැන කතා කරන, සැට් එකක් වාගේ පෙනුණේ... දවල් වරුවේ හා එන අතරෙ කතා බහින්, හැසිරීමෙන්. රෑ උන් උන් මරා ගන්නවා. වැරදි එක එකාට කියාගෙන. වැරැද්ද බාර ගන්න එකෙක්වත් නෑ. ඔන්න ඔය සාම්පලේ තමයි රටේ හැමතැනම දකින්න වැඩිමනත් තියෙන්නෙ. කතාව යුක්තිය- සාධාරණය. ඒ උනත් වැඩක් කරන්න ගිහාම... මං කරනවානම් අරය නොකරන්නේ මොකෝ. වගකීම මගෙ විතරද, ඔය වාගේ කතා.
හැබැයි අපි ගිය සැට් එකේ අර කීව විදිහෙ යුක්තිය- සාධාරණය පුහු හෙවීම කරන අය හිටියෙ නැති තරම්. කෙනෙක්ට දෙයක් ගෙනියන්න අමාරු නම්, අනෙක් කෙනා ඒක ගෙනියන්න ඉදිරිපත් උනා. පංගුපේරු තිබ්බෙ නැ. අනෙකා ගැන හොයා බැලුව. ඒක නිසා අපි ගිය සැට් එකේ ප්‍රශ්නයක් ඇති උනේම නැති තරම්.
බහුතරේ කියවන්න ගිහාම එකයි කරන්න ගිහාම එකයි. අර සැට් එක මට ආපහු ඒක ඔප්පු කළා.
ගහ ගත්තද කියල නං මට නෝටිස් වුණේ නෑ, නමී. රොටිවලට පිටි අනල- ලුණුමිරිස හදමින් හිටිද්දී ඇහුන ටික විතරයි දන්නේ.
Deleteඇහුවට මොකුත් හිතන්න එපා. මොකක් හරි කෝන්තරයක් හෙම හිතේ තියෙනවද - අරවගේ කට්ටි එක්ක?
ගහ ගත්තද නෙමේ. 'කෑ ගහගත්තා' කියලා කෙටුවේ බොල.
Deleteකෝන්තරයක්// - අඳුරන්නෙවත් නැති අය එක්කලා කෝන්තර තියා ගන්නවා කියන්නෙ... ලෝකේ කරගහගත්ත වගේ වැඩක්. පොඩි කලකිරීමක් තියේ හැබැයි
බරපතල නොසැලකිලිමත් කියවීමක්නෙ මගෙන් වෙලා තියෙන්නේ.... සමාවෙන්න නමී.
Deleteආහ්.. කම්නැත කම්නැත.... නිදි😂😂
Deleteමේ වගේ යම් 'අපහසුතා', 'දුෂ්කරතා' මැද ගිහින්, ඒ විඳපු අපහසුතා ඔක්කොම worth කියලා ලොකු සතුටක් හිතට දැනෙන යම් නිශ්චිත මොහොතක් තියෙනවද-උදාහරනයක් විදිහට අන්තිම දවසෙ දේවාලෙට ඇතුල් වෙන කොට වගේ- එහෙම නැත්නම් ගමන පුරාම යම් කිසි විශ්වාසයක් මතද යන්නෙ මේ වගේ අපහසුතා ඉවසාගන්න පුලුවන්කම ලබා දෙන.
ReplyDeleteටික දවසකට පස්සේ වගෙයි Lotus!
Deleteසුවෙන්, සතුටෙන් නේද?
මට නං එහෙම නිශ්චිත මොහොතක් හෝ ඉලක්කයක් ගැන කල්පනා වෙන්නේ නෑ කියන එකයි ඇත්ත. ඒ ඒ මොහොතට මුහුණ දෙනවා; එළඹෙන මොහොතට මහුණ දෙනවා වගේ දෙයක් වෙන්නැති මගෙන් කෙරෙන්නේ. හැබැයි Lotus මම නිතරම සූදානමින් ඉන්නවත් වගෙයි. විශේෂයෙන් තව අය එක්ක වැඩ කරද්දී. එයාලා ගැනත් හිතන්න ඕනිම නෙ.
මට තියෙන ලොකුම විශ්වාසය තමයි 'මට යහපතක්ම තමයි වෙන්නේ' කියන එක. ඒක තව තවත් වැඩි කරනවා වටේට ඉන්න ප්‍රාණසම මිත්‍රයෝ.
පාද යාත්‍රාව ගිහිං ආවම ප්‍රියන්තලා set එකම අපේ ගෙදර ආවා, විශේෂයෙන් ඒ ගැන අහන්න- කතා කරන්න.
"දැන් නිමල්ට තේරෙනව නේද ඔයා හිතනවටත් වැඩිය ශක්තියක් ඔයාට තියෙන බව. ඒ නිසා තව ගොඩක් කල් ඉන්න ඕනි. අපි හැමෝම මැරෙනවා තමයි කවද හරි. ඒ වුනත් අපි යාළුවො ටික එක ළඟ-ළඟ යමු! ඒකනෙ හොඳ!!' කියල කිව්වා.
ඊළඟට ලියන්න තියෙනවා අයස්මන්ත මහතාගේ ගමන් බෑගය ගැන... ඒවා ඊළඟ කොටසෙන්.
ම් ම් ම් සතුට කියන එක ගැනත් මගෙ හැඟීම කිව යුතුමයි කියලා හිතුනා.
Deleteවැඩියත්ම සතුට තියෙන්නේ යම් දෙයක් ලබන- විඳින- කරන මොහොතේ නෙවෙයි. ඊට පස්සේ ඒ ගැන මෙනෙහි කරන විටයි. මතක් කරන විටයි!
මගෙ මතකයේ ගොඩක්ම රැඳෙන්නේ යමක් අසීරුවෙන්- දුෂ්කරතා මැද - අපි කියන්නේ කට්ට කාල කරනවා කියලා... කළ-කී-හිමි කරගත් දේවල් ගැනයි.
ඔය සේරම මං ගැන හොඳේ!
කියමනක් තියෙනවා අහලා තියෙනවා නේද Difficult roads lead to beautiful destinations කියලා. නිමල්ගෙ ආකල්පය හොඳට ගැලපෙනවා ඒ කියමනත් එක්ක.
Delete(ඔව් මම හොඳින්. බොහොම ස්තුතියි නිමල්).
අත්දැකීම් සහ අපි මතක තියාගන්න දේවල් දෙකක්ලු. ඉතින් ගොඩක් වෙලාවට වේදනාත්මක් අත්දැකීමක් උනත් හොඳ අත්දැකීමක් විදියට මතක තියාගන්න පුලුවන්. (මේකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන්)
ReplyDelete(අර වින්ද දුක ගැන මෙහෙම ආතල් එකෙ ලියන්න පුලුවන්ද කියපු එක ගැන😁)
නවීන්, අත්දැකීම් හිතලාම මතක තියාගන්නේ නං නෑ මම. ඒවා මතක හිටිනවා නිකම්ම.
Deleteඔයාගේ comment එක කියවලා තිබ්බේ නෑ Lotus ට උත්තර ලියද්දී.
ඔව් ඒක හරි නිදි මාමෙ, අපි හිතල මතක තියාගන්නවා නෙමෙ. ඒත් මතක හිටිය විදිය ගැනයි කීවෙ😁
Deleteඑහෙමද?
Deletehttps://www.ted.com/talks/daniel_kahneman_the_riddle_of_experience_vs_memory?language=en
ReplyDeleteLink එකටත් ස්තුතියි! නවීන්.
Deleteනවීන් දාලා තියෙන ලින්ක් එකට ගිහින් ඒ කතාවෙ කොටසක් ඇහුවා. ඒක හරිම වැදගත් කතාවක්. ඉතුරු ටිකත් ඉක්මනින් අහන්න ඕනෙ.
Delete+++++++++++++++
ReplyDeleteස්තුතියි!
Delete+++++++
ReplyDeleteස්තුතියි!
Deleteමේ වගේ ගමන් නම් කීයටවත් යන්නේ නැහැ. යකෝ අර ඒ කාලේ සිරී පාදේ ගියා වගේනේ. නිදි අන්තිම කැමැත්ත ලියලද ගියේ. එන්ෂල්ලාහ්
ReplyDeleteඅජිත්, කිසිම වෙහෙසක් නැතිව ගිහිං, සැපට ඉඳලා කාළා- බීල ආව ගමන් ගැන මට නම් මතක් වෙන්නෙවත් නැති තරම්. මෙහෙම ගමන් තමයි හොඳට මතක හිටින්නේ. අනික ඉතිං ඔයාලා යන විදිහේ ගමන් අපට එෆෝර්ඩබල් ඒවත් නෙවෙයිනෙ.
ReplyDeleteහැබෑටම, අන්තිම කැමැත්තකුත් ලියන්න ඔනි තමයි!
එන්ෂල්ලාහ් ද වචනේ? මම ඒක මුස්ලිම් කෙනෙකුට පෙන්නලයි තහවුරු කර ගත්තේ.