ඒ අතරේම
වලව්ව තුළට ගිය ධනුෂ්ක... |
ඒ අතරේම වලව්ව තුළට ගිය ධනුෂ්ක මවගේ නිදන කාමරයට හිස පෙව්වේය. “මාමල බෑනල අරහේ.... අම්මල දූල මෙහේ... මොකෝ සතර කන් මන්ත්‍රණයක්ද? මිලින්දයා කිව්වා හරි තමා...”
“කොහෙද තමුසෙලා ගියේ?”
“අපි ගියේ කෙල්ලෙක් බලන්නනෙ.... ඇයි අපෙ අම්මා තමුසෙට කිව්වේ නැද්ද?
කියන්නකො අම්මා....” ධනුෂ්ක විහිළු කළේ
තරහෙනි. සොහොයුරියගේ නොවුවමනා ඇඟිලි ගැසීම් ඔහු නොරුස්සයි.
“එහෙම ගිහින් බලලා එන චාරිත්තරයක් නැහැනෙ.... අපෙ අම්මා හොයල දෙයි
තමුසෙට, ඉක්මනටම. එතකල් ඉවසලා ඉන්නවකො අපිත් හිටියා වගේ!”
“ආ! එහෙනං මෙයා මේ ඒක කියන්නද කලබලේම කඩා පාත් වෙලා තියෙන්නෙ... මේ,
මම එකක් කියන්නං! තමුසේ තමුසෙගෙ වැඩක් බලා ගන්නවා... මට පුළුවන්
මගේ වැඩ බලා ගන්න, ඔය කවුරුවත් නැතුවට. එච්චරයි!”
පුතුත්, දියණියත් විහිළුවකින් ඇරඹූ කතාව මේ
තරම් දුර-දිග යතැයි කුමාරිහාමි බලාපොරොත්තු නොවූවාය. එවැනි සැකයක් හෝ තිබුණා නම්
මුලදීම මැදිහත්වී ඔවුන් සංසිඳුවාලීම ඇගේ සිරිතකි.
කළු වලා
අතරේ රිදී රේඛාත් නැතිවා නොවේ! |
“දැන්මම මේවා මෙහෙම නං වෙන්නේ, අපි නැති කාලෙක
උඹලා කොහොම කර ගනීවිද මංදා....” කුමාරිහාමි සුසුමක් හෙළා
කඳුළු පිස දැමුවාය.
දන්තුරේ වලව්වෙ කුමාරිහාමි මෙන් කඳුළු හෙළුවේ නැති වුණත්, යහමින් සුසුම්
හෙළන බවක් පෙනෙන පිරිසකුත් මේ රටේ ඉන්නවදෝ කියා මට හිතෙයි.
(‘පැමිණි දුක් පැණි රසයි’ කියා සැනසෙන්නටය, මේ ලියන්නා නං පුරුදුවී ඉන්නේ. නමුත්
හැමෝම එහෙම නොවෙති.) පොත් ප්‍රකාශනය ගැන පසුගිය posts කිහිපයේ comments ගොඩ
කියවද්දීය මට එහෙම හිතුණේ.
ඇත්තය!
ලංකාවේ පොත් ලියන සමහර කතුවරුන්ට අත් විඳින්නට වෙන ගැහැට අපමණය. අනෙක් අතට මේක රටේ
වැරැද්දය. මොනවා කරන්නට ගියත් ගැහැටක් විඳින්නට නොවන්නේ කොහෙදීද? කොතනදීද?
එහෙත් කළු වලා අතරේ රිදී රේඛාත් නැතිවා නොවේ.
යුවති කිරිල්ලී පළවී මාස කිහිපයක් යනකොටම මට තැපැල් පතක් ආවේය. එයින්
කියැවී තිබුණේ, ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ - ලේක් හවුස් පොත් හලට ‘යුවති
කිරිල්ලී’ පොත් ටිකක් අලෙවියට ලබා දෙන ලෙසයි! (ඒ පොත් සාප්පුව තිබුණේ; -තවමත්
තියෙනවා විය යුතුය!- රීගල් සිනමා ශාලාව අසලයි.) මම ඒ තැපැල් පත ගිහාන් ශ්‍රීනාත්
අල්විස්ට දුන්නෙමි.
“නිමල් අයියේ, පොතේ ප්‍රකාශක විදිහට දාලා තියෙන්නේ ‘ලහිරු ප්‍රකාශන’
කියලනේ. දන්නවනේ ඔය ලොකු තැන්වල වැඩ කෙරෙන විදිහ. වැඩිය හොඳයි ඔයාම එහාට ගිහින්
බලන්න. ඊට පස්සේ යන්න වුණොත් මට යත හැකි බෙදාහරින එක්කෙනා විදිහට.... යනකොට පොත්
25 විතරත් අරගෙන යන්න. මතක ඇතිව, Lahiru Publishers ලෙටර් හෙඩ්ස් දෙක තුනකුත්
අරගෙන යන්න. බිලක් දෙන්න වුණොත් ඒකක ලියතෑකිනෙ....” අත්දැකීම් බහුල ගිහාන් නිර්ලෝභීව
මට මඟ-හසර පෙන්නුවේය.
තිලාන් Dancing
Group එකක්
පවත්වාගෙන යමින් සිටියේය. ඒ කණ්ඩායමේ නම ‘ආපෙජීවෝ’ය. |
ටිකාක් විතර හතරැස් මුහුණක් තියෙන, ගිනිකූරු cut රැවුලක් තිබුණු තරුණ
හාදයෙක් විදිහටය තිලාන්ව මට මතක තියෙන්නේ.
“මිස්ටර් නිමල්ගේ පොත ගැන මං පත්තරෙන් දැක්කා. අලුතින්ම ලියන කෙනෙක් හින්දා පොඩි
support එකක් හරි දෙන්න ඕනියි කියලා හිතුණා. ඒකයි පෝස්ට් කාඩ් එකක් එව්වෙ....”
තිලාන් මලිගැස්ප සහෘදයා කිව්වේය;
විකුණා මුදල් ගෙවීමේ පදනමින් මගේ පොත එහාට ගන්නටත් සියලු කටයුතු පිළියෙළ කොට
දුන්නේය!
මතක හැටියට යුවති කිරිල්ලී පොතෙන් දෙතුන්-සීයක් ලේක් හවුස් පොත් හලේදී
විකිණුනේය; මුදලුත් ලැබුණේය. මා නම් එහි ගියේ දෙවතාවක් පමණි....
තිලාන්ව හමුවී තියෙන්නෙත් ඒ දෙවතාවේ විතරය. නමුත් තවමත් මට තිලාන්ව මතකය. ඒ
තමන් කරන රැකියාවට ඔහුගේ තිබුණු අවංක කැපවීම නිසාය! පොත් සාප්පුවක වැඩ කරන කෙනෙකු
හැටියට, පොත් ලියන- පළ කරන අය වෙත තිලාන් දැක්වූ කරුණාව නිසාය!!
එච්චරකුත් නොවේ. තිලාන්ගේ නමත් විශේෂය....
මට හමුවී ඇති එකම මලිගැස්පවරයා තිලාන්ය.
තිලාන්ට සම්බන්ධ අනෙක් නම ඊටත් හපන්ය. ‘ආපෙජීවෝ’. ඒ නම වැරදියි නම් මට
සමාවිය යුතුය. තිලාන් Dancing Group එකක් පවත්වාගෙන යමින් සිටියේය. ඒ කණ්ඩායමේ නම
‘ආපෙජීවෝ’ය. (මා මේ විස්තර ලියන්නේ මතකයෙනි. අවුරුදු 20කට විතර ඉස්සර, ඒවා දැනගත්තේ
සරසවිය පුවත්පතෙනි.)
ළඟ එන ‘හොරා අංකල්’ film එකේ නර්තන නිර්මාණය තිලාන් මලිගැස්ප කරන බවයි. |
සමහරවිට දැන් තිලාන් පූර්ණකාලීනව නර්තනය කරනවා වෙන්නැති.
(තිලාන්ට මෙහෙම ස්තුතියක් කෙරුණු බව දන්වන්නටවත් ක්‍රමයක් මට නැතිය. මේ පෝස්ටුව
කියවන ඔහුට හිතවත්; දන්නා කෙනෙකු වෙතොත්.... කරුණාවෙන්, මේ බව තිලාන්ට කියනවා
නේද?)
මේවා සටහන් කර තිබ්බාය කියලා තිලාන්ට නම් සිදුවෙන අමුතු වාසියක් නැතිය; මටත්
එහෙමය. නමුත් මනුස්සකම මතු වුණු මෙහෙම අවස්ථාවන්; අයවලුන් ගැන ලොවටම කිව යුතුය. ජාතියක්
වශයෙන්ම අප විවේචනයෙදී නිර්භයව පෙරට එන්නෙමු. නමුත් තුති මල් කළඹක් පුදා; ප්‍රශංසාවක්
කළ යුතු තැනදී ‘වාලධිය පශ්චාත් භාගයේ සඟවා ගන්නා කුක්කුරයෝ’ වන්නෙමු.
තිලාන් වැන්නවුන් පොත් සාප්පුවල ඉන්නේ නම්....
Pra Jay කියා තිබුණාසේ ‘.... පොත් කඩවල
වැඩ කරන අයගේ අකාර්යක්ෂමබවත් බලපානවා. ශෙල්ෆ් එකේ පොත් නෑ, කම්පියුටර් එකේ පෙන්නනවා. පබ්ලිෂර්ගෙන් ඕඩර් කරන්නෙ නෑ.’ යැයි නොකියවෙනු ඇත;
කට්ටකාඩුවේ ලොකු මල්ලීත්
මෙවැනි චෝදනා නොනඟනු ඇත.
‘ප්‍රා ජේ ගෙ කමෙන්ටුවත් එක්ක මාත් එකඟයි. දවසක් ආණ්ඩුවේ පොත් විකුණන තැනකට
ගිහින් එතැන ඉන්න කැෂියර් නෝනා බත් කාලා අත හෝදගෙන එනකල් මට ඉන්ඩ උනා. තවත් දවසක එතැනම
මට ඉතුරු සල්ලි දුන්නේ ඉඳුල් අතින්. එතන කාඩ්වලින් ගෙවීමේ පහසුකම නෑ කියල කියන්ඩ
ඕන නෑ නෙ....’
එවැනි
අයට දිරි ගැන්වෙන වදනක් දෙඩීම හෝ තුති මල් කලබක් පිදීම යුතුකමක් සේ..... |
‘පොතක් හොයා ගන්ඩ
ඇත්තටම උදව් වෙන සහායකයෝ මට තාම හම්බ වෙලා තියෙන්නෙ මරදානේ සූරිය ප්‍රකාශකයො ගාවයි
තර්ස්ටන් එක ඉස්සරහ විජිත යාපා එකෙයි විතරයි....
තාම පිට පලාත්වල තියෙන හොඳ පොත් කඩේකට මට හම්බ වෙලා තියෙන්නෙ අම්පාරෙ වැලිගම පොත්
හල. මම මේ කියන්නෙ 2005 දි විතර. 2016 විතර අම්පාර හරහා යන වෙලාවක ඒ පොත් කඩේට ගොඩ වෙන්ඩ හැදුවත් මට පොත් කඩේ
හොයා ගන්ඩ බැරි උනා. සමහර විට වහල දාලාද දන්නෙ නෑ!!’
(බ්ලොගයත් මුහුණු පොතත්
හරහා මා සමඟින් මිතුරු වුණු චලන සුධීර ඉන්නේ අම්පාරේය. වැලිගම පොත් සාප්පුව ගැන
හොයා බලන්නටත්, එහි දුරකථන අංකය ඉල්ලාගෙන එවන්නටත් මම චලනට කියා යැව්වෙමි.
එහෙම
කළෙත් එවැනි අයට දිරි ගැන්වෙන වදනක් හෝ දෙඩීම යුතුකමක් සේ මා සලකන බැවිනි.
-නිමල් අයියේ, වැලිගම පොත් සාප්පුව තියෙනවා! ටෙලිෆෝන් නොම්මරේ එවන්නං!! දැනටමත්
චලන කියා එවලාය.)
කාටවත් දොස් කියනවාට වඩා ගුණ කීම අගනේය. විවේචනය රාත්තලකට වඩා ප්‍රශංසාව
අවුන්සයක් වටිනවාලුනෙ!
19
“මම කවදාවත් ධනුෂ්ක අප්පොට දොස් කියන්නෙ නෑ. අප්පො මට
වැරැද්දක් කරලා නැහැ දෙයියනේ.... මමයි වරද්දගත්තේ. ඒකයි මං කවදාවත්... මගේ පණ
තියෙනකල්මත් ධනුෂ්ක අප්පොට දොස් නොකියන්නේ...”
මාලතීගේ කතාව නැවතුණේ නැඟී ආ ඉකියකට ඉඩ ලබා දෙමිනි.
තවත් බොහෝ දේවල් ඔහුට කියන්නට ඉතිරි වී තිබේ. මෙතෙක්
දිනක් ඒවා ඔහුට කිව යුතු යැයි ඇය සිතුවේ නැත. හදවත් ගැබේ අඳුරු පතුලේම නිදන්
කොටගෙන සිටි මේ වේදනාවන් ඔහුට කිව යුතුය. මුතු බෙල්ලෙකුගේ කුසට ඇතුළු වූ වැලි
කැටයක් ඌට වේදනා දෙමින් කැවෙන්නාසේ, මේ වේදනාවන් මාලතීව දවා ලූයේ සති ගණනාවක සිටය.
පිං
සිද්ද වෙයි ධනුෂ්ක අප්පෝ,
මාව නවත්තන්ඩ නං එපා! |
ඈ වෙර ගත්තාය. අදම මේවා කියන්නට නොලැබුණහොත් ඒ සඳහා නැවත
අවස්ථාවක් උදා නොවනු ඇත. මෙතෙක් දිනක් බලා සිටි ඒ මොහොත උදා වී ඇත. කඳුළකට හෝ
ඉකියකට හෝ ඒ අවස්ථාව පැහැර ගැනීමට ඉඩ නොදිය යුතුය. තමා දුර්වල විය යුතු නැති බව, ඈ
සිතට ඒත්තු ගැන්වූවාය.
“පිං සිද්ද වෙයි ධනුෂ්ක අප්පෝ, මාව නවත්තන්ඩ නං එපා.
මේවා තවත් හිතේ හිර කරගෙන හිටියොත් නං මට පිස්සු හැදෙයි. අද විතරයි.... අද විතරයි...
අද විතරයි, මම මේවා අප්පොට කියන්නේ. අපේ අම්මා- අප්පච්චි- අයියා.... ඔක්කොමල්ලම එක
දවසෙම සදාකාලෙට නැති වෙච්චි කාලකන්නි කෙල්ලක් මං.... එහෙම කාලකන්නි එකියකුට අප්පො
වගේ කෙනෙකුත් නැති වෙන එක එච්චර දෙයක් නෙවෙයි අප්පෝ! මට ඕනෑ මේවා ඔක්කොම ඉවරයක්
වෙනවා දකින්ඩ...”
ධනුෂ්ක අසා සිටියේය.
‘කෙල්ලේ.... එච්චර ලේසියෙන් මේවයෙ ඉවරයක් දකින්න පුළුවන්
නම් මමත් කොච්චර ආසයිද කියලා උඹට හීනෙකින්වත් හිතාගන්න බෑ. වැරැද්ද මේවා අපි-අපිටම
ලෙහාගන්න බැරි තරමට පැටලිලා තියෙන එකයි. මාත් ඔයා වගේම අසරණ වෙලා මාලතී!’ ඔහු ඒවා
එකක්වත් කීවේ නැත; ආවේශ වූ එකියක ලෙස කියවන මාලතී දෙස බලා සිටියා පමණි.
කඳුළෙන් තෙමී ඇති ඇයගේ දෙනෙත් වඩාත් පියකරුය. අනන්ත
ආකාසයේ කොනක දිදුලන තරු කැට දෙකක් ලෙසින් ඒවා දිලිසෙයි. කෝපයෙනුත්, වේදනාවෙනුත්
රත් පැහැ වී ඇති දෙකොපුල ඇගේ රූමත් බව නංවාලයි.
‘මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් උඹට ඕවද පේන්නෙ ධනුෂ්ක?’ ධනුෂ්කට තමා ගැනම සිනා
නැඟුණි. එය දුක්බර සිනාවක් වුවත්....
.... ඒ සිනහව දුටු මාලතී වඩාත් කෝප වූවාය.
“හිනාවෙන්ඩ ධනුෂ්ක අප්පෝ, තවත් හිනාවෙන්ඩ! මගේ මෝඩකමට...
පට්ට පල් මෝඩියෙක් වෙලා අප්පො වගේ උත්තමයෙකුට ආදරේ කළාට මට හිනාවෙන්ඩ වටිනවා තමයි....”
අපේ මෝඩකම්වලට හිනා වෙන්න වටිනවා තමයි. ඒත්.... ඒත් මම
හිනා වුණේ..... |
“මං ඔයාට හිනා වුණේ නෑ මාලතී... මම හිනා වුණේ මටමයි.
මගේ.... අපේ මෝඩකම්වලට හිනා වෙන්න වටිනවා තමයි. ඒත්.... ඒත් මම හිනා වුණේ මටමයි
කෙල්ලේ, ඔයාට නෙවෙයි... මාව විශ්වාස කරන්න මාලතී....”
ඔහුගේ කෝපාවේගය නිමා වී ඇති බවට දෙස් දෙමින් ධනුෂ්කගේ
කටහඬ මෘදු ස්වරයක් ගෙන තිබිණි. මාලතී හිස ඔසොවා බැලුවාය.
ඔහුගේ කමිසයේ බොත්තම් කිහිපයක් පියැවී තිබුණේ නැත. ඒ
අතරින් ධනුෂ්කගේ පපු පෙදෙස මාලතීට පෙනෙයි. රෝමයෙන් වැසී ඇති ඒ ළය මඬලෙහි මුහුණ
හොවාගෙන සිත්සේ හඬා වැටෙන්නට; ඒ උණුසුමට තුරුලු වෙන්නට ඇති වූ ආශාව මාලතී මැඬ
ගත්තාය. ‘ධනුෂ්ක අප්පෝ වෙන කෙනෙකුට අයිති වස්තුවක්.’ ඇගේ යටි හිත හඬගා කියයි.
“කෝ, ඔයා කියලා ඉවරද මාලතී?”
“ධනුෂ්ක අප්පෝ! අප්පො වගෙ උත්තමයෙකුට කෑ ගැහුවට මට සමා
වෙන්ඩ දෙයියෝ.... මාත් එක්ක තරහ වෙන්ඩ එපා....” මාලතීගේ කටහඬද වඩාත් ශෝකී බවක් ගෙන
තිබිණි.
“... ආදරේ කියන එක අපේ හිතට එන්නෙ කලින් කිය-කියා
නෙවෙයි. කවුරුවත් කියපු වෙලාවටත් නෙවෙයි, ඉබේ! මටත් ඒකමයි වුණේ.... අප්පොව දැක්කම;
අප්පොත් එක්ක කතා කරන්ඩ වුණාම මට ඒක එක පාරටම තේරුණේ නෑ... ඒත් පස්සෙ-පස්සේ
අප්පොගේ මූණ නොදැක ඉන්න එක නරකාදියක ඉන්නවා වගේ දැනෙද්දී මට තේරුණා, මං අප්පොට
ආදරේ බව.
එතකොට මට අනිත් ඔක්කොම අමතක වෙලා තිබුණේ!
මට හිතුණේ, ඇස් දෙක ඇතුළෙ වාගෙම අප්පොගේ හිත ඇතුළෙත් මගෙ
රූපේ ඇති කියලයි.....! |
-කවුද දෙයියනේ හිතුවෙ, අප්පො මගේ ඇස් දිහා බලාගෙන හිටියේ
මගේ ඇසුත් අර සුදු කෙල්ලගේ වගෙම නිසා බව? ඇයි දෙයියනේ, අප්පෝ මගේ නිල්පාට ඇස් ගැන
නිතරෝම කියද්දීවත් මට ඔහොම දෙයක් නොහිතුණේ.... ඇයි දෙයියනේ, මට මේ වගේ පව්කාර
නිල්පාට ඇස් දෙකක් හම්බ වුණේ...?”
ඈ මොහොතක් වැලපුණාය. ඊළඟ මොහොතේ වඩාත් එඩිතර හඬකින් කතා
කරන්නට වුණාය.
“අර ලියුම කියෝපුවම තමයි මගේ ඇස් දෙක පෑදුණේ! එතකොටයි මට
තේරුණේ, අප්පො මා දිහා බලාගෙන හිටියට හිතේ තිබ්බේ රෝසි ගැන බව... කිරි අම්මගෙ
වැරදි නිසා ආරෙට ඇවිත්, මට මේ වගෙ ඇස් දෙකක් ලැබිච්චි නිසා, තව ඩිංගෙන් අපේ
අප්පච්චී අපෙ අම්මවත් අත්හැර දාලා යනවා.... මම උපන් දවසේ ඉඳලාම මේ කෙහෙල්මල් ඇස්
දෙක හින්දා වුණේ විනාසයක් විතරයි... ඇයි දෙයියනේ එහෙම වුණේ...?”
මාලතී හිස දෙදණ අතරේ හොවා ගත්තාය.
නොකඩවා කඳුළැලි ගලා එයි. ඒවා නැවත්වීමට වෙර දැරීම නැඟෙන
හිරු දෑතින් මුවාකොට නවතන්නට වෑයම් කිරීමක් මෙනි. ඈ දිගටම සිත්සේ හැඬුවාය.
කාල-වේලාව ගතවෙන බවක්වත් මාලතීට හැඟුණේ නැත.
උරහිස මතට අතක් තබනු දැනී මාලතී තිගැස්සුණාය. හිස එසවූ ඈ
දුටුවේ චන්ද්‍රක්කාගේ සානුකම්පික මුහුණයි.
“ගෙදර යමං.....”
“.......”
උඹ
නැතුවට බලන්ඩ ආවා! රෑ වෙනවා.... ඔය මදැයි ඇඬුවා... යමං... |
“කෝ ධනුෂ්ක අප්පෝ?”
“මං එනකොට හිටපු අප්පෙක් නෑ!”
ධනුෂ්ක නික්ම ගොස් තිබුණේ, මාලතීට කිසිවක් නොකියා-
ඉඟියකිනුදු ඇඟවීමක් පවා නොකොටය.
********
ඉඹුල් කිරිබත් තසිම අතට ගත් කුමාරිහාමි එකක් හැන්දට ගෙන,
ධනුෂ්කගේ පිඟානට බෙදීමට සැරසුණාය. ඔහු අතින් පිඟාන මුවා කරගෙන, හිස සලා ‘ඇති’ යැයි
ඇඟෙව්වේය.
මේසය මත ඔහුගේ කිරි තේ කෝප්පය, පීරිසියෙන් වසා තැබූ
ලෙසමය. ධනුෂ්ක අත සෝදද්දී කුමාරිහාමි පීරිසිය උඩු අතට හරවා, කෝප්පය ඒ මතින්
තැබුවාය.
ළඟ එන මාරුතයක ඉව ධනුෂ්කට දැනී තිබිණ.
“මයෙ පුතේ, අපි ලබන ඉරිදා නිල්ගල වලව්වට යන්ඩ දින
යොදාගත්තා... පුතා පූර්ණිමාව දන්නවා නෙව?”
තිගැස්සුණු ධනුෂ්ක තත්ත්පර කිහිපයකට ගල් ගැසුණේය. සිතේ
මතු වුණු නොරිස්සීම මවට පෙන්වීමට ඔහු කැමති නැත. ඇය ඉන් වේදනාවට පත් වෙන බව ඔහු
දනියි.
ඇගේ රෝගී තත්ත්වයෙන් පසු වලව්වේ කවුරුත් කුමාරිහාමිට හදිසි කෝපයක්; වේදනාවක් හෝ
කම්පනයක් හෝ අත් නොවෙනසේ කටයුතු කිරීමට ප්‍රවේසම් වෙති.
“ඇයි අපෙ අම්මා, අම්මට තේරෙන්නෙ නැත්තේ.... මට දැන්මම
ඔව්වා ඕනෑ නැතිය කියන එක. මම එදාත් කිව්වනේ, ඉතිං.... හොඳ අම්මා වගේ මට වද නොකර
පාඩුවේ ඉන්න අරින්නකෝ!” ධනුෂ්ක හැකිතාක් ඉවසීමෙන් හා චාටු ලීලාවෙන් කීවේය.
අම්පාරේ චලන සුධීර හිතවතා අද උදැහැනක්කෙම, වැලිගම
පොත්හලේ දුරකථන අංකත්, ඡායාරූපයකුත් මට එවලා! |
“නෑ අපෙ අම්මා.... කවුද දන්නෙ අම්මට ඉස්සෙල්ලා මාව
මැරෙන්න ඉරණමේ ලියවිල තියෙනවද කියලා...” ධනුෂ්ක මවට බාධා කළ ලෙසින්ම, කුමාරිහාමිද
පුතුට බාධා කළාය. එසේ කිරීමේදී ඇයගෙන් පළ වූ නොඉවසිල්ල නිසාම ඒ මොහොතේ ධනුෂ්කගේ
දෑසේ වූ තියුණු බැල්ම ඇයට නොපෙනිණි.
මෙන්න බොලේ- අම්පාරේ චලන සුධීර හිතවතා අද උදැහැනක්කෙම, වැලිගම පොත්හලේ
දුරකථන අංක දෙකත්, ඡායාරූපයකුත් මට එවලා!
ඒ මොහොතේම මම කට්ටකාඩුවේ ලොකු මල්ලීට දුර ඇමතුමක් ගත්තෙමි. පොත් සාප්පුවේ
අංක දෙකත් ඔහුට දුන්නෙමි.
වැලිගම පොත්හල ආරම්භ කරලා තියෙන්නේ 1967 බව මට පෙනුණේ foto එකෙන්ය.
“ලොකා, මං ඒ පොත් සාප්පුවට ගියේ අවුරුදු පහළොවකට-විස්සකට විතර ඉස්සර. අපි පොත්
සාප්පුවකට ගිහින් මොකක් හරි පොතක් ගැන ඇහුවම, ඒකෙ ඉන්න කෙනෙක් ඒ පොත හොයලා දෙන
විදිහටනේ ඒ කාලේ හුඟාක් පොත් සාප්පු තිබුණේ; විශේෂෙන්ම දුර පලාත්වල.... නමුත්,
වැලිගම එකේ එහෙම නෙවෙයි තිබ්බේ!
අපිටම ඇතුළට ගිහින්, අපිට ඕනි පොතක් තෝරාගන්න පුළුවන් විදිහටයි.... කවුරුවත් අපේ
පස්සෙන් පොලිස්කාරයාගේ වැඩේ කරන්න හිටියෙත් නෑ!” කට්ටකාඩුවේ ලොකු මල්ලී කීවේය;
පොත් සාප්පුවේ වරුණේ කියමින් සැටිපිකේට් එහෙකුත් දුන්නේය.
බලාගෙන ගියාම අම්පාරේ උදවිය ගැන සෑහෙන්නට ආඩම්බර වෙන්නට ඇහැකි නෙව. ඒ
පැත්තේ හොරුන් නැතිවා වෙන්නට ඕනිය. 1967 පටන් ගත් පොත් සාප්පුවක්, ලොකූ ඒ කියාපු
ක්‍රමයට කරලා, තවමත් යහතින් තියෙන එක කොච්චර දෙයක්ද?
මට තියෙන්නට ඇත්තේ වැරදි හැඟීමකි. අම්පාර පැත්තේ ඉන්නේ ලොකු කම්හල් වගේ එව්වාත්
හොරා කන උදවිය නිසා, මං හිතාගෙන හිටියේ එහෙ ඉන්නා සේරම කම්බ හොරුයි කියලාය!
සීනි
හොරු ගැන ‘සංඛියා ලේකන අඩංගු පිංතූර’ නිසා මොළේ කොළොප්පන් වුණාම... |
ඔව්වා ලියාගෙන යද්දී ‘කට්ටකාඩුවේ ලොක්කා’ ලියා තිබුණු පෝස්ටුවක් ගැනත් මගේ
කරඬු පොත කීං-කීං ගාන්නට වුණේය. ඒ හාදයා ඒක ලියලා තිබ්බේ අවුරුදු දෙහෙකට කලින්ය.
2019 පෙබරවාරි 2 වෙනිදාය.
ඒ ලියමනේ හොරු ගැනත්, සිංහයන් ගැනත් තිබුණාය.
ඒ මතකය අලුත් වෙන්නට ඇත්තේ අද උදේ දැකපු සීනි හොරු ගැන ‘සංඛියා ලේකන අඩංගු පිංතූර’
නිසා මොළේ කොළොප්පන් වුණාම වෙන්නැති.... එහෙමත් නැතිනං පිල් මාරු කර-කර අපට
කෙළවමින්; ඔහේ කෙළින; සිංහ සෙයියාවෙන් වැජඹෙන සුනඛ මහතුඟලාගේ රඟ කල්පනා වුණු
නිසාවත්ද?
මේං තියෙනවා අර පෝස්ටුවෙන් ටිකාක් විතර:
‘.... මං අහල තියෙන්නෙ
සිංහයා හෙණ කම්මැලි සතෙක් කියල. ඌ පැත්තකට වෙලා ඉන්නවලු. ගෑනිලු කන්ඩ ගෙනැල්ලා
දෙන්නෙ. නේද?
නෑ. ඒකත් ඇත්තම නෙවෙයි.
සිංහයෝ ක්‍රම තුනකට ගොදුරු හොයා ගන්නවා.
එක: අනුන් මරපු ගොදුරක් හොරකං කරන එක.
දෙක: පොඩි මුවෝ වගේ සූපිං ගොදුරු අල්ලා ගන්න එක.
තුන: අලි, කුලු හරක්, රයිනෝලා වගේ ඩූ ඕ ඩයි ගේම්. මෙන්න මේ තුන්වෙනි ටයිප් එකේදි නං පිරිමි සිංහයොත්
ගේම් එකට එන්ටර් වෙනවා. අනික ඉතිං අපිත් ඒ වගේමනේ.
සිංහයොත්
හොරකං කරනවද මචං? |
ඇයි මනුස්සයෝ රටක්
විදිහට ලංකාවත් යැපෙන්නේ අපේ රටේ කාන්තාවො දහදුක් විඳල හම්බ කරල ගේන සල්ලිවලින්
නේ. ඒ අතිනුත් අපිට සිංහයා ගැලපෙනවා. ඒ මදිවට ගෙදරක උනත් උයල පිහල කන්ඩ ටික හදල
දෙන්නෙ බවලත් උදවියනේ. ලංකාවෙ නර්ස්ලගෙන්, ගුරුවරුන්ගෙන් 70% ට වඩා ඉන්නෙත් කාන්තාවො. තව ටික කාලෙකින් අනිත් ජොබ්වලත්
වැඩි ප්‍රමාණයක් ඉඳියි ඒ කට්ටිය.
සිංහයොත් හොරකං කරනවද
මචං?
ඔය පොත්වල තියෙන්නෙ... උන්ගෙයි
අපෙයි හොරකමේ නං වෙනසක් තියනවා.
ඒ මොකද්ද?
කිසිම සතෙක් ගොඩ ගහන්ඩ
හොරකං කරන්නෙ නෑ. උං හොරකං කරන්නෙ ජීවත් වෙන්ඩ ඕන මූලික දේවල් ටික ලබා ගන්ඩ. ඒක
අපි කරනවට වඩා අහිංසක හොරකමක්. තමුන්ටයි තමුන්ගෙ පවුලටයි කන්ඩ බොන්ඩ දෙන්ඩ තමයි
උන් හොරකං කරන්නෙ.....’
ඉල්ලංකාවේ අල්පේසාක්කිය- මහේසාක්කිය හොරකං ගැනත්;
සාක්කි නැති නිසා; තාක්ෂණික දෝෂ නිසා වීසිවෙන තම-තමුන්නේ නඩු ගැනත්, හිතන්න ඉඩ
දීලා ඔන්න අදට නවතිනවා.... මටත් එව්වා ගැන හිතන්න ඕනි! දැන්වත් ඒවා ආදුරුසේට අරන්
හැදෙන්නවත්....
https://www.tripmondo.com/sri-lanka/southern-province/maligaspe/
ReplyDeleteගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ!
Deletehttps://www.namespedia.com/details/Maligaspe
ReplyDeletePra Jay මහත්තයා දකුණෙද?
Deleteමලිගස්පෙ කියන්නෙ නිකම්ම වාසගමක් විතරක් නෙවෙයි කියලා දැනගත්තේ ඔබතුමාගේ links වලට ගිහින් බැලුවාමයි!
ඕක දාපු වෙලාවෙ හිටියෙ ගූග්ල් එකේ, දකුණෙ නෙමෙයි,
Deleteහරි නේන්නං!
Deleteමේක ලියද්දී මං ඉන්නෙත් පුටුවෙනේ!!
පොත් ප්‍රකාශකයන් කියන්නෙත් බිස්නස් කාරයෝ නේ . පොතේ අන්තර්ගතය වත්, කතෘ ගේ නවක/ජනප්‍රිය භාවයවත් හොයන්න ඉස්සෙල්ලා ඒ ගොල්ලෝ හොයනවා ඇත්තේ තමන්ට මේ බිස්නස් එකෙන් ලාභයක් ලැබේවිද කියන එකනේ!. බිස්නස් කාරයෙකුගෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඉතින් නවක කතුවරුන්ට අත දීලා පාඩු විඳින්න උනොත්, ඒකට වගකියන්නේ කව්ද? මම මෙහෙම ලිව්වේ මේ දේ හරි නිසා නොවෙයි, නමුත් රුපියල් සත වලින් ලෝකය මනින අපේ රටේ, පොත් ප්‍රකාශකයන් පමණක් නොවෙයි, නව නිෂ්පාදනයක් කරපු එහෙම නැතිනම් අලුත් වැඩක් කරපු හැමෝටමත් මේ කාරනාව පොදුයි කියලා (පහත)ලියවුන වාක්‍යය හරියටම හරි කියලා පෙන්නුම් කරන්නයි .
ReplyDelete//ලංකාවේ පොත් ලියන සමහර කතුවරුන්ට අත් විඳින්නට වෙන ගැහැට අපමණය. අනෙක් අතට මේක රටේ වැරැද්දය. මොනවා කරන්නට ගියත් ගැහැටක් විඳින්නට නොවන්නේ කොහෙදීද? කොතනදීද?//
සෑම් මහත්තයෝ, ව්‍යාපාරිකයෙක් ලාභය ගැන, අලෙවිය ගැන, වාසිය ගැන නොහිතනවා නං වෙන්නේ බංකොලොත් වීමනේ. ඒ නිසා ඔය කරුණු ගැන සැලකිලිමත් වීම වරදක් විදිහට මම දකින්නේ නැහැ.
Deleteහැබැයි අසීමිත තණ්හාවෙන් යුතුව වැඩ කිරීම නං කවුරු කළත් හොඳ නැහැ කියලයි මං හිතන්නේ.
ඒ වගේම කොච්චර කළත්, දැනුමැති අයටත් වරදින්නටත් ඉඩ තියෙනවා- පොත් ප්‍රකාශනයේදීත්. මට මතක විදිහට 'හැරී පොටර්' එකත් මුලදී ප්‍රකාශන ආයතනයකින් ප්‍රතික්ෂේප වුණු එකක් නේද?
“ගෙදර යමං.....” “මං එනකොට හිටපු අප්පෙක් නෑ!” : චන්ද්‍රා තමයි මම කැමතිම චරිතය. කාටවත් බය නැති, නියම බුලට් එක (අපහාසයට නෙවෙයි ඒ වචනය පාවිච්චි කලේ)
ReplyDelete"අප්පොගේ ඇස් දෙක ඇතුළෙ මගේ රූපෙත් තියෙනවා": මට මතක් වුනේ 'සසල නොවී ඔබ හිඳින තුරා -පෙනෙයි මා ඔබේ නෙතින්' ලක්‍ෂමන් විජේසේකර/යමුනා මාලිනි සින්දුව. නිමල්ගෙ ලිවීම හරිම romantic. ආදරය මෙච්චර සුන්දරද කියලා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර නේද ඇහුව කියලා කලින් කොටසක ලියලා තිබුනෙ.
හොයාගෙනම ගිහින් මේ වගේ ස්තුති කරන එකනම් ඉතාම හොඳ දෙයක්. සාමාන්‍යයෙන් කියන්නෙ අපි තව කෙනෙක්ගෙ දකින 'නරක' අපි තුලත් ඉතාම සුලු වශයෙන් හෝ තියෙනවා, හොඳත් ඒ වගේමයි- අපි තව කෙනෙක් තුලින් දකින්නෙ අපි තුලම තියෙන හොඳ. ඒනිසා තවත් කෙනෙක්ගෙ හොඳ වැඩියෙන් දකින්න පුරුදු වෙනවා කියන්නෙ අපි තුල තියෙන අපේ හොඳ වැඩි කරගන්න උදව් වෙන දෙයක් කියලා.
Lotus,
ReplyDeleteගොඩක් ස්තුතියි නිතරම හිතන්නත් යමක් ලියනවාට. ත්න්වෙනි කරණය ගැන ඉස්සෙල්ලාම. ඒක මට වැඩිය කල්පනා නොවුණු කරුණක්. ගොඩක් හිතන්න; විග්‍රහ කරලා බලන්න වටිනා දෙයක්!
කලින් කමෙන්ටුවකදී මගෙන් ලියවුනාත් එක්ක, මම ආසාම චරිතයත් චන්ද්‍රා. වඩාත් සාර්ථකව ගොඩනැඟිලා තියෙන්නේ එයාවයි. පොත ලිව්වට පස්සෙයි කල්පනා වුණේ, මම චන්ද්‍රාට දීලා තියෙන ගති-පැවතුම්, ආකල්ප හා ස්වභාවය.... වගේ දේවල්වලින් 90%ක් විතරම දසනායක රත්නවතී; අපේ මහරගම ආච්චී; අපේ තාත්තගේ අම්මාගෙන් ගත්තු ඒවා.
මට නම් ආදරය ඉතාම සුන්දරයි. හැබැයි ඒ ගැන හරිම ව්යාකූලයි.... යුවති කිරිල්ලී ලියන්නට වස්තු බීජය වුණෙත් ඒ දවස්වල හිතේම හිර කරගෙන තියාගන්නට වුණු රහසක් හා ආදරබර හැඟීමක් බව මුල් post එකකදී- පොතේ පෙරවදනේදී ලිව්වා. එහෙම ප්රෙමාතුර වෙලා හිටි නිසා වෙන්නැති මෙච්චර බොළඳ-ආදරණීය හා ළයාන්විත වෙන්න ඇත්තේ; මම නෙවෙයි- ලියවිල්ල.
ස්තුති කිරීම ගැන වෙනම පෝස්ටුවක් ලියන්නට හිත කියමින් ඉන්නවා....
නිමල් ඒ තුන්වෙනි කාරනය මං මුලින්ම ඇහුවෙ අජාන් බ්‍රහ්ම්ගෙ (Ajahn Brahm) කතාවක. එතුමා කිව්වා 'අපි වතුර දානකොට මල් පැල වලට මිසක් වල් පැල වලට දාන්නෙ නැහැනෙ හැබැයි අපි වල් පැලත් හොය හොය වතුර දැම්මොත් මල් පැල වගේම හොදට වල් පැලත් හැදිල එයි' කියලා. ඒක හොඳ උපමාවක් අපි ජීවිතේ attention දෙන්නෙ යම් දෙයකටද ඒ දෙය වැඩි දියුනු වෙනවා කියන එකට. මට මතක විදිහට අජාන් බ්‍රහ්ම් එදා නම් කතා කලේ තමන්ගෙ ජීවිත සහකරු හෝ කාරියගේ වැරදිම හොයන්නෙ නැතුව හොඳ දකින එකේ වැදගත්කමයි. නමුත් ඒක ඕන කෙනෙකුට අදාලයි.
Deleteඅපි අවටින් දකින්නෙත් අපිමයි කියන එක ස්වභාව දර්මයේ නීතියක් Law of Projection කියලා විස්තර කෙරෙන. ඒ ගැන අන්තර්ජාලයෙන් හා යූටියුබ් වල හුඟක් විස්තර තියෙනවා (නිමල් ස්තුති කිරීම ගැන පෝස්ට් එකක් ලිව්වොත් පොඩි හෝ ප්‍රයෝජනයක් වෙයි කියලා මේ ටික ටයිප් කළේ).
අනිවා ප්‍රයෝජනවත්.
Deleteස්තුතියි Lotus!
එක පැත්තකිං මාලතියයි විරහ දුකයි
ReplyDeleteතව පැත්තකිං වැලිගම පොත් කඩේ හොඳයි
වෙන පැත්තකිං හොරකම් කළ පාලකයොයි
තුන් පැත්තකිං නිදියා ඉඳ අප නටවයි
නැටෙව්වත් හොඳය-නැටුවත් වැරදි නැත
Deleteනටවන්නොයි ඉන්නෙ බලනා හතර අත
සීනි කකා- බුර්කා ඇඳ හදන් හිත
නටරජ නැටුම නටනා හැටි බලමු කැත
වැලිගම පොත් කඩේ මතක් වෙච්ච වෙලාවෙ තවත් ලස්සන කතාවක් මතක් උනා. ලගදි ලියන්නංකො ඒ ගැනත් කට්ටකාඩුවේ. ස්තූතියි ලොකා මහන්සි වෙලා පොත් කඩේ ගැන හොයල දුන්නට.
ReplyDeleteවෙන්න ඕනි එහෙම තමයි. හොඳ කළ කෙනෙකුට පැසසුවාම ඒ වගේ දේවල් නැවත කරන්නට අපි එයාලව උත්තේජනය කරනවා වගෙයි නෙ. ඒකටයි මං උදව් වුණේ.
Deleteලොකූ, අලුතින් ලියවෙන පොස්ටුවත් කියවන්න බලං ඉන්නවා ඔන්න.