පාර්ලිමේන්තු
රැස්වීමක් අතරේදී, යට
ඇඳුම පමණක් ඉතිරි වෙන සේ සියලු ඇඳුම් උනා
දමා... |
“ගොන් බිජ්ජෝ, මිනිස්සු හිනස්සන්නද හදන්නේ?” මං කියා ඉවර කරනවාත් එක්කම අපේ තාත්තා ගුගුරා හැළුණේය. “දෝතියයි හැට්ටෙයි ඇඳගෙන... දෝතියයි හැට්ටෙයි ඇඳගෙන.”
ඇඳුමකට මිනිසුන්
හිනස්සන්නට ඇහැකිද?
ඒ වෙලාවේ තරහෙන් හිටි මට කල්පනා වුණේ නැත. එහෙත් ඇඳුම්වලට ඊට වඩා බොහෝ දේ කරන්නට
හැකි විත්තිය මේ ළඟ දවසක, ධම්මික සමරතුංගගේ මුහුණු පොතෙන් දැක ගන්නට ලැබිණි.
" මේ
උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මාව මෙහෙම නිරුවතින් දකින්න ඔබ සියල්ල ලජ්ජා වෙනවා
ඇති. නමුත් මේ රටේ ජනතාවගේ මුදල් සහ ඔවුන්ට දියයුතු පහසුකම් ඔබලා සොරාගෙන ඔවුන්ව
වීදිවල නිරුවතින්, පාවහන්
නොමැතිව, රැකියා
විරහිතව, කුසගින්නෙන්
මංමුලාවෙලා ඉන්නවා දකින්න ඔබ සියලු දෙනා ලජ්ජා වෙන්නේ නැහැ..."
හා හා කලබල වෙන්න එපා! අපේ පාර්ලිමේන්තුවේ නම් මෙච්චර එඩිතර වැඩක් කරලා- ප්‍රකාශයක්
කරන්න තරම් කොන්ද පණ තියෙන; ඇම්මක් තියෙන කෙනෙක් ඉන්නවයි කියලා මට හිතෙන්නේ නෑ.
පාර්ලිමේන්තු රැස්වීමක්
අතරේදී, යට ඇඳුම පමණක් ඉතිරි වෙන සේ
සියලු ඇඳුම්
උනා දමා- එහෙම කිව්වේ මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ
Antonio Garcia මන්ත්‍රීතුමා... අපේ නම් එහෙම දෙයක් මේ
කපේදී සිද්ද වෙන්නේ නැති බව සහතිකයි. ඉන්න තරමක් අයගේ කිල්ලෝටවල හුණු තියෙද්දී,
කොහොමද අප්පොච්චියේ එච්චර එඩිතර වෙන්නේ?
රටේ හැම
මනුස්සයාගෙම සල්ලිවලින් නේද එහෙම වරප්‍රසාද දෙන්නේ? |
එහෙම කොහොමද නිමලෝ,
අවුරුදු පහක් හිටියොත් විතරයිනේ පෙන්ෂන් එක ලැබෙන්නේ! පහ පිරෙන්න කලින් අස් වුණාම
තමුසෙද ඒ මහත්තුරුන්ට පෙන්ෂන් ගෙවන්නේ?
හැබෑවම නේන්නං.
හැබැයි, තනි මගේ සල්ලිවලින් නොවුණත් රටේ හැම මනුස්සයාගෙම සල්ලිවලින් නේද එහෙම
ගෙවන්නේ... අපේ සල්ලිවලින් නේද ඒ හැමෝම ඔය වරප්‍රසාද; සැප-සම්පත් විඳින්නේ...
“බූරුවෝ, බලාපං උඹේ
පපුව දිහා...”
අපේ තාත්තාගේ කතාවෙන් මං වහන්සේ තක්බීර් වෙලා; වෙවුලා ගියා මතකය! සමරසිරි
කියූ පපුව වළ ගැසීමේ කතාවෙන් පස්සේ
වැඩියෙන් පරෙස්සම් වෙන්නටය, මං පුරුදුවී හිටියේ. විශේෂයෙන් තාත්තාට පපුව නොපෙනෙන
විදිහට.
කොච්චර හෙව්වත් මට නම් මගේ පපුවේ වළක් තියෙන බවක් පෙනුණේ නැත. ‘ඒත් පුතෝ, උඹට
තාත්තව තම්බන්න බැරි බව තේරෙනවනෙ, මේ කපේදී. කොයිකටත් කියලා ගෙදර ඉන්නකොටත්
බැනියමක්වත් ඇඳපං. ඒක ඇඟට ගුණයි.’ මං මටම උපදෙස් දීගෙනය හිටියේ...
ඒත් එවෙලේ මං හිටියේ
උඩුකය නිරුවතිනි.
හොඳ වෙලාවට තාත්තාම
ආයෙත් කතා කළේය.
“තොට දැන් පහළොවත් පැනලා. උඹට පේන්නෙ නැද්ද යකෝ, දැන් තොගෙ පපුවේ මයිල් වැවෙනවා...
උගුරු ඇටේත් කැඩිලයි කියලා. හෙටානිද්දා උඹේ සරුවාංගෙම මයිල් වැවෙයි. එතකොට මොනවා
ඇන්දත් උඹ කොල්ලෙක් කියලා පෙනෙයි.
මොට්ටයා! අර උඹේ ආසාව හින්දා තමයි මේ වෙලාවෙත් උඹට සුප්පා දේවිට අඳින්න දෙන්නෙ.
එතකොට වුණත් උඹට ඇඟ වැහෙන ඇඳුමක් මිස කොටි හම් ඇඳුමක් අන්දවලා මිනිස්සු හිනස්සන්න
තරං මේ ගුණපාල මෝඩ නෑ පුතේ!”
අපේ රටවල්වල තාත්තලාගේ
වෙනස ඒකය.
දීපාල්ගේ
හෝර්මෝන වහනය වේගවත් වෙමින් තියෙන විත්තියත් කියා, ඔහුට
හස්ත මෝචනය ගැන කියා දෙන්නැයි... |
නමුත් 1985දී අපේ බඩා මල්ලියාට; දීපාල්ට අවුරුදු 15 පිරෙන කාලයේ අපේ ඩැඩා ඒ ගැන
විමසිලිමත් වුණේ බෙහෙවින් බුද්ධිමත්වය. දීපාල්ගේ හෝර්මෝන වහනය වේගවත් වෙමින් තියෙන
විත්තියත් කියා, ඔහුට හස්ත මෝචනය ගැන කියා දෙන්නැයි ඩැඩා මට
කිව්වේය. ඒ එංගලන්තයේ සුළු පියෙකුගේ විදිහය.
තාත්තා කියන්නේ
ඇත්තකි. මම මගේ අත්පා දෙස බැලුවෙමි.
ඒවායේ සිහින් මයිල් ගස් මෝදු වෙමින් තිබෙයි. එහෙම වෙනවාට මගේ කිසිම කැමැත්තක් නැත.
ඒත් එව්වා වැවෙයි. (‘පැල මයිලා’ නම වැටෙනවාට බයේය, මා අභී අයියාගේ සොයුරු භානුට නතු වූයේ. දැන් නම්
එව්වා මතක් වෙද්දීත් හිනාය!)
“අපේ වැඩ ටික
නම් වෙලාවට කෙරෙයි මිස්ටර් එස්... දැනටම ගුහාව හදල ඉවරයි! තව තියෙන්නේ සුප්පා
දේවිටයි, සිංහසීවලීටයි
කොටි හමෙන් ඇඳුම් දෙක හදන එක විතරයි.” කියලා අපේ
තාත්තා එස් අයියාට කියූ සාඩම්බර කතාවත් එහෙම හිනා ගෙනෙන්නකි.
තාත්තා එසේ කියූ බව මා ඔබට කිව්වේ පසුගිය post එකේදීය.
ඒ වේදිකා සැරසිල්ල
හැදුවේ පියවර තුනකිනි.
1. රීප්ප කිහිපයකින් වට්ටුවක් (frame- රාමුවක් නොවේ, මැස්සක් වැනි අටම්පහුරක්) තනා
ගැනීම පළමු වැඩේය.
2. ගෝනි රෙද්දක් කළු පාටින් තීන්ත ගාලා කළු කර ගැනීම දෙවෙනි එකයි.
3. අර ෆ්‍රේම් එකට කළු ගෝනි රෙද්ද හයි කර ගන්නා එක ඊට පස්සේ වැඩේය.
“ඒක නාට්‍ය දවසේ stage එක උඩදීම පට ගාලා හයි කර ගන්න පුළුවනි. රංජි, මතක ඇතිව එදාට
ගෙනියන්න ඕනි බඩු ලැයිස්තුවට පොඩි මිටියකුයි, ඇණයි දෙකත් ලියා ගනිං.” බන්දුල
ජයකොඩිලා වට්ටුව හදලා බලලා, එය ගලවා, ආපහු රීප්ප ටික මිටියකට බඳින අතරේ තාත්තා මට
අණ කළේය.
නාට්‍ය
ප්‍රචාරක කටයුතුද පැවරුණේ අප කණ්ඩායමේ කිහිප දෙනෙකු වෙතය. එහි පෝස්ටර් ඇලවීම
බාරගත් පිරිස සමග... |
වඩු වැඩ, paint වැඩ, ප්‍රචාරක වැඩ විතරක් නොවේ; තේ හැදීම පවා. රූපාවත්, අපේ ලොකු
නංගීවත් එව්වාට ආවේ නැත.
ඒ කාලෙ විතරක් නොව, තවමත් එහෙමය කියලාය මට හිතෙන්නේ. එකම වෙනස දැන් නම් ගෑනු
ළමයිනුත් පිරිමි ළමයින් එක්ක හරි-හරියට ඒ වැඩවලට සම්මාදම් වීමයි.
“... නාට්‍ය ප්‍රචාරක
කටයුතුද පැවරුණේ අප කණ්ඩායමේ කිහිප දෙනෙකු වෙතය. එහි පෝස්ටර් ඇලවීම බාරගත් පිරිස
සමග මමද එක්වීමි. අගනුවර විවිධ ප්‍රදේශ බෙදාගත් අපි එම ප්‍රදේශවල පෝස්ටර් අලවන්නට
වීමු. මගේ අනෙක් සගයා වූයේ රොජර් සෙනෙවිරත්නය. අප දෙදෙනා ටවුන්හෝල් අසලට එන විට අළුයම
3 පමණ වී තිබිණි. මා තාප්පවල පාප්ප ගාද්දී රොජර් පෝස්ටර ඇලවීය.
පෝස්ටර් 10ක්
15 ඉතිරිව තිබියදී පාප්ප බාල්දියේ දියර ගතිය අඩු වී තිබිණි. ඒ වෙලාවේ උණුසුම් ජලය
ටිකක් ලබා ගැනීමට රෑ කඩයක් සෙව්වද සියල්ල වසා තිබිණි. කෙසේ හෝ ඉතිරි පෝස්ටර ටිකද
ඇලවිය යුතුය. උණු වතුරද නැත. අවසානයේ අප දෙදෙනාට කදිම අදහසක් පහළ විය. අපි උණු වතුර
සපයා ගත්තෙමු.
ඒ පාප්ප බඳුනට මුත්‍රා කිරීමෙනි.
කෝටු කැබල්ලකින් පිටි ගුලිය හොඳින් කලවම් කළ අපි "ඉන්දියාවේ අගමැති මොරාජි
දේසායිට හුජ්ජ බොන්නට හොඳ නම් අපිට පාප්ප හදන්න නරකදැයි" කියමින් මහ හඬින්
සිනාසෙමින් ඉතිරි පෝස්ටර් ටික අලවන්නට වීමු. මෙවැනි සිදුවීම් මතකයට එනවිට මගේ මුහුණේ
නොදැනුවත්වම සිනහවක් ඇඳී යන්නේය.”
එහෙම ලියා තිබුණේ සකල
කලා වල්ලභයෙකු වන ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා හිතවතායි.
ප්‍රියන්ජන් ඒ අත්දැකීම් ලබාගෙන තිබ්බේ 1985 ‘කලිගුලා’ නාට්‍යය කරද්දීය. කාලය
මොකක් වුණත් කලාකාමී රසවතුන්ට මුහුණ දෙන්නට වෙන්නේ එකම විදිහේ අබග්ගවලටය.
අවසානයේ
අපේ දෙවැනි ගමන සිදුවූයේ ලයනල් වෙන්ඩ්ට් වේදිකාවටය... (ඒ යුවල හා චිත්රූ දෝණි) |
‘... මාස දෙකක
පමණ පුහුණුවකින් පසු කලිගුලා 1985 මාර්තු 14 දින කොළඹ ලයනල් වෙන්ඩ්ට්
රඟහලේ වේදිකා ගත කිරීමට නියමිත විය.
ප්‍රශ්නය මතු වූයේ එවිටය.
මා විවාහ වූයේ 1985 මාර්තු 11 දිනය. මාර්තු 14 මගේ දෙවැනි ගමන යොදාගෙන තිබූ
දිනය විය. වේදිකා ගත කරන දිනය වෙනස් කළ නොහැකිදැයි මම මහාචාර්ය කොරෙන්ස්ගෙන්
විමසුවෙමි. ඒ සඳහා උත්සාහ කළද ලයනල් වෙන්ඩ්ට්හි වෙනත් දිනයක් නොමැති වූ බැවින් එය
කළ නොහැකි බව ඔහු මට පැවසීය.
මා සහය අධ්‍යක්ෂවරයා
වූ අතර නළු-නිළියන්ගේ රංග වස්ත්‍ර භාරව සිටියේ මගේ බිරිය (එකල පෙම්වතිය) වූ බැවින්
අප දෙදෙනා පත්වූයේ මහත් අකරතැබ්බයකටය.
අවසානයේ අපේ දෙවැනි ගමන සිදුවූයේ ලයනල්
වෙන්ඩ්ට් වේදිකාවටය....’
ප්‍රියන්ජන්ගේ ඒ සටහන සම්පූර්ණයෙන් කියවන වෙලාවේ
මට කල්පනා වුණේ අපේ ‘සිංහබාහු’ නාට්‍යයේ වැඩ කොයි තරම් ප්‍රාථමික; නොමේරූ මට්ටමේ
තිබිණිද කියලාය. වෙන එකක් තියා, ඔහු මෙහෙමත් කියා තිබිණි.
සකසන ලද
මෙවැනි සටහන් නිසා මගේ සහය වේදිකා පරිපාලකවරයාට..... |
සෑම දර්ශණයක් සඳහාම මවිසින් සකසන ලද මෙවැනි සටහන් නිසා මගේ සහය වේදිකා
පරිපාලකවරයාට ඒ ඒ දර්ශනවලදී පහසුවෙන් වේදිකා උපකරණ සැකසීමටද, ආලෝකය මෙහෙය වූ
පුද්ගලයාට එම අවස්ථාවට අවශ්‍ය ආලෝක ක්‍රම මොනවාද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක්
ලබා ගැනීමටද පහසු විය.’
විමානය හැදෙන්නේ යකාගේ
තරමටය!
අපේ වැඩ සේරම සිද්ද වුණේ ලියනෝරිස් මාමා නාවින්නේදීත්- තවත් පිරිසක් ගම්සභා හන්දියෙදීත් පෙන්වූ වෙසක්
නාට්‍යවලින් ඉගෙනගත් දේවල්වලට අනුකූලවය; මහරගම හන්දියෙදී අපේම පොසොන් නාට්‍ය
නටමින් එකතු කරගත් අත්දැකීම්වලට සීමා වෙමින්ය.
“පෝස්ටර් අච්චු ගහන
වැඩේ නං නොකර ඉන්න එක තමයි හොඳ.”
ගංගොඩවිල ‘ප්‍රසන්න’ අච්චු කන්තෝරුවේ සිසිර කුමාර මාණික්කආරච්චි මහත්තයාගෙන් ඒකට
මිල ගණන් අහගත්තට පස්සේ අපේ තාත්තා තීරණය කළේය. “අපි එච්චර ප්‍රසිද්ද ඈයොත්
නෙවෙයිනේ!”
“මෙහෙදි අපේ නාට්‍යවලට
අතින් ඇන්දා වගේ කරලා හරි යන්නෙත් නැති වෙයි...” බන්දුල ජයකොඩි කිව්වේය. “...නේද
සංජේ?”
“ඔව් ගුණපාල අයියේ. අපි දෙන්න රෙදි මෝලේ වැඩට යද්දී හැමදාම පේනවනෙ, ලුම්බිණියේ අරක
පෙන්නනවා- මේක පෙන්නනවා කියලා ගහල තියෙන පෝස්ටරුත්.... ඒවා නං ගති හැබැයි.”
ඒ විදියටය, මගේ තවත්
හැකියාවකට තැනක් නැතිව ගියේ!
රතු, කොළ පාට දෙක එකතු කරලා කළු
පාට හදා ගත්තත්, ආවේ කැත
අළු පාටකි. |
කුකුළු සායම් දිය කරගෙනය ඒවා ඇන්දේ. මට හොඳටම මතකය. කුකුළු සායම් තිබ්බේ පාට දෙකකින් විතරය. දම් පැහැයකට හුරු රතු පාටින් හා නිලට කිට්ටු කොළ පාටකින්ය. කළු පාට තිබ්බේ නැත. රතු, කොළ පාට දෙක එකතු කරලා කළු පාට හදා ගත්තත්, ආවේ කැත අළු පාටකි.
කුකුළු සායම්වලින් අඳින පෝස්ටර් වේළෙන්නටත් වරුවක් යයි. ඇලෙව්වාට පස්සේ වැස්සොත් හෙම අකුරු හේදිලාත් යයි.
ඒකටත් එක්ක දැන්!
‘ගෝඨා ගෝ ගමේ’දී පැය 68 උපවාසය කරන්නට ගියාම, මට
තැනක් වෙන්කොට දුන් ‘හිතවතා’ විනාඩි දහයක් යන්නටත් කලින් බෝඩ් එකක් ඇඳලා දුන්නේය. එහෙම
කළේ, වෙනින් කෙනෙකු බැනරයක් ඇඳගෙන එනතුරු පිරිමසා ගන්නටය. එහෙම වුණේ 2022 අප්‍රේල්
මාසයේදීය.
දැන් ආයෙම යන්නේ 1972 පසු භාගයටය.
“නිමල් මල්ලී, මෙන්න
ඔයාටම ගෙනාව සුපිරි තෑග්ගක්!” සිරි අයියා කිව්වේ, ඔතාගෙන ආ මොකක්දෝ පෙන්නමින්ය.
“තෑග්ගක්? මට... මොකක්ද සිරී?” සිරිසේන අයියාගේ අතින් පාර්සලය ගන්නට සැරසෙමින් මං
ඇහුවා මතකය.
“පිස්සුද... එහෙම
නිකම්ම මේක අතට ගන්න හොඳ නෑ. ටක් ගාලා ගිහින් දෙහි කෑල්ලක් ඔළුවෙයි, අත-පයෙයි
අතුල්ලලා මූණ හෝදගෙන එන්න.” සිරි අයියා කිව්වේ බැරෑරුම් විදිහටය.
මං හිතුවේ, ඒ යක්ෂයා එහෙම කියන්නේ කොලොප්පමකට කියලාය.
“එහෙනං යනව යන්න තමුසෙගෙ මහ ලොකු තෑග්ගත් අරං....”
“විහිළුවක් නෙවෙයි මල්ලි. මං කියනවට එහෙම කරල එන්නකො.”
ඉඳහිට යාළු මිත්තරයන්ට
චේතිය පන්නයේ බේගල් ඇද බෑවත්, සිරිසේන අයියා අපේ තාත්තාටත්, මටත් බොරු කියන්නේ
නැත.
ඒ වගේම ඒ හාදයාට ලොකු-ලොකු උදවිය එක්ක සම්බන්ධකමුත් තියෙයි. මාරක හී පහර නාට්‍යයෙදී
සිද්ද වූ නයි- වඳුරු හුටපටයට
මුල් වුණු ‘පුළුන් පිරවූ කොටියා’ ගෙනාවේ සිරි අයියාය. ඒ චිත්‍රපට
අධ්‍යක්ෂ කිංස්ලි රාජපක්ෂ මහතාගෙන්
ඉල්ලාගෙනයි.
මේකත් එසේ-මෙසේ දෙයක් නොවෙන්නට තියෙන ඉඩ වැඩිය!
සායි බාබා
තුමා ගැනත්, ප්‍රාතිහාර්යයක්
බඳු ‘සායි
රොටිය’ ගැනත්
සිරිසේන අයියා මට කීවේ.... |
ඒක තියෙන්නේ ළා දුඹුරු පාට දියරයකය. ඇස්වලින් විතරක් නෙවෙයි, කටෙනුත් බැලුවත් මට
තේරුම් ගන්නට බැරිය.
“මොකද්ද සිරී මේ?”
“හා හා නිමල් මල්ලී. එහෙම කියන්න එපා. මේ..ඒ..ඒ..ඒ..ක පූජා කරන දෙයක්. ඔයාටම
ගෙනාවේ.”
“මේකට පූජා කරන්න? පිස්සුවටද... ඉස්සෙල්ල කියනවකො මේ...ක මොකක්ද කියලා.”
භගවාන් සත්‍ය ශ්‍රී
සායි බාබා ගැන සිරිසේන අයියා මට කිව්වේ ඒ වේලාවේය.
“ඉන්දියාවේ පහළ වෙලා ඉන්න ඉරිසින්නාන්සේ කෙනෙක්. මාර වැඩ කරනවලු මල්ලි. එයාට වඳින
අදහන අයට ගොඩක් උදව් කරනවත් එක්කලු. සමහර වෙලාවට අහසට අත දික්කරලා රත්තරං චේන්,
වටින බෙහෙත් ජාති එහෙමත් මවල මිනිස්සුන්ට තෑගි කරනවලු!”
“ඒක නං වෙන්න බෑ සිරී!”
“මොකද මල්ලි වෙන්න බැරි? ඉන්දියාවේ ගිහින් ආපු මගේ යාළුවෙක් තමයි මටත් කිව්වේ. එයා
ඇහින්ම දැක්කලු විභූති අළු මවනවත්.”
“විභූති අළු?”
“අයියෝ මල්ලි, ඔයා විභූතිවත් දන්නෑනෙ. කතරගම දේවාලෙට ගියාම නළලෙ ගාන්නේ... සුදු
පාට අළු....” සිරි අයියා එහෙම ඇහුවත් එතකොට මං කතරගම ගිහින් තිබ්බෙත් එකම-එක
වතාවක් විතරය.
ඒ සුදු පාට අළු මොනවා හරි දෙයක් පුච්චලා හදා ගන්නා ජාතියක් නොවන බවත්, පොළොවෙන්
හාරා ගන්නා බවත්, කතරගම ඇසළ පෙරහැර කාලයට පෙර වල්ලිමලේ පෙදෙසේදී ඒ
නිධි මතුවෙන බවත් දැන් නම්
මා දැනුවත්ය!
හැබැයි අපි ඒවාට කියන්නේ ‘තින්නෝරු’ කියලාය.
“මම ඔයාට කීවද මං ලෝකෙ
තියෙන සේරම දේවල් දන්නවයි කියලා...කෙහෙල්මල් විභූති!” මගේ tone එකටය, සිරි අයියා
සරෙන්ඩර් වුණේ.
“නිමල් මල්ලිට මල පනිනවනෙ, ටක් ගාලා... ඔන්න මල්ලිටම බලා ගන්න පුළුවන් වෙයි
මේකෙන්, සායි බාබාතුමාගේ ඇත්ත....”
සායි බාබා තුමා ගැනත්,
ප්‍රාතිහාර්යයක් බඳු ‘සායි රොටිය’ ගැනත් සිරිසේන අයියා මට කීවේ එදාය. ඒ අදින්
අවරුදු 50කට කලින්ය.
මං වහන්සේ ඒ විස්තර ඔයාලට කියන්නේ සතියකට විතර පස්සෙය....
අපේ කට්ටියටනං ගලවන්න රෙද්දක් ඉතුරු වෙලා තියෙනවද මංද?
ReplyDeleteබබා ගැනනං කතා කරල වැඩක් නෑ. ඔච්චර බලයක් තියෙන මනුස්සය පොලිස් ආරක්ෂාව දාගෙන ඉන්නෙ මොකද.
https://newhumanist.org.uk/articles/2547/india-would-have-been-a-better-place-without-sathya-sai-baba
Delete// When Sathya Sai Baba died on 24 April 2011 at the age of 85 years, he proved once again that miracles and predictions fail. He had predicted at a public gathering at his head quarters in Puttaparthy, in 2000, and repeatedly many times, that he would die at the age of 96 only. And till the last moment, many of his devotees clung to his word and waited for a miracle. May it be an eye opener for the millions of gullible people whom he misguided .....................//
Pra Jay
ප්‍රසන්න මහත්තයෝ, රෙදි ගැලවෙනවා වුණත් අපේ සමහර කට්ටියට ඒවා දැනෙන්නේ - පෙනෙන්නේ හා මතක හිටින්නේ නැති එකනේ පුදුමේ!
Deleteස්තුතියි Pra Jay, වැඩි දුර විස්තරයට!
සෙන්නා ආපහු ලියලා...
ReplyDeletehttps://kurundha.blogspot.com/2022/07/blog-post.html
ඉතිං උඹත් ලියහංකො.
Deleteඉතිං උඹත් ලියහංකො.x 2
Deleteමේක නයාට -- ඉතිං උඹත් ලියහංකො
කොළොම්පුරේ අසංග
උඹත් ලියහංකො අසංග
Deleteගෙදර එන්න පැස්ටොල් නැත
Deleteපෝලිමේ තැපලා ෂෙඩ් එක ලගට ආවාම තෙල් නැත.
පාරට ආවාම බස් නැත
ගෙදර ආවාම විදුලිය නැත
විදුලිය ආවාම ඩේටා නැත
ඉතිං කෙසේ ලියන්නද බං
හිටාංකෝ කාංචනයාගේ තෙල් නැව ආවාම නයාට පැස්ටොප් ගැහැව්වා වාගේ ලියනවා ලිවිල්ලක් බලන උබලාගේ ඇස්වල පොටයන්න
කොළොම්පුරේ අසංග
අසනීය නිසා සිදු වුණු ලොකුම හොඳේ
Deleteඉන්නට කියපි වැඩි හරියක් නිඳා ඇඳේ
කිව්වට කරතැකිද ගොයියෝ, එව්ව හඳේ
විවේකය ගනිමි, ලියමින් සිදු වුණු දේ
ඩ්රැකී, සෙන්නගේ ලියවිල්ලත් කියවලයි මේ ආපහු ආවේ. ඒක මරු!
Delete"නයාට පැස්ටොප් ගැහැව්වා වාගේ ලියනවා" හරි.. ඒ කියන්නෙ අසංගගෙ කතාවක් ඉක්මනට එනවා
DeleteLotus, අසංග මහත්තයා අලුතෙන් ගෙයක් හදාගෙන පානදුරේට පදිංචියට ගියා විතරයි තෙල් නැති වෙන්න ගත්ත... ගමනාගමනය අසීරු වෙන්න ගත්තා... දැන් ලියන්න ඉඩ අඩුයිලු..
Delete//කාංචනයාගේ තෙල් නැව ආවාම නයාට පැස්ටොප් ගැහැව්වා වාගේ ලියනවා ලිවිල්ලක්// කියපු ගමන් මට නං හිතුණේ අසම්භාව්‍ය ක්‍රියාවක් නේද කියලයි!
මෙහෙත් දහනායක මැතිතුමා අමුඩයක් ගහගෙන පාර්ලිමේන්තු ගියා වගේ මතකයි...
ReplyDeleteඑච්චරම තමා ඩ්රැකී!
Deleteසායි බාබා ගැන ඒ දවස්වලම සිසිර කුමාර මාණික්ක ආරච්චි එක්ක කතා කළා නං අහගන්නව රෙද්ද පල්ලෙන් යන්ඩ...
ReplyDeleteඑහෙමද? ඒ දවස්වල - මම කියන්නේ 72 අපට දැනුවත් වෙන්න ඉඩ තිබුනේ බොහොම අඩුවෙන්..
Deleteසායි බබා මැජික් ට්‍රික්ස් දෙකතුනක් දැනගෙන මුළු ඉන්දියාවම ඇන්දුව මනුස්සයා.😄 හැබැයි අධිමානසික ශක්ථි තිබ්බ අය ඉන්නවා. එහෙම අය ගැන එදා ඉන්දියාව පාලනය කළ සුද්දන්ගෙ සමහර සටහන් වලත් තිබිල තියෙනව.
ReplyDeleteඔය අධිමානසික ශක්තිය ගැන තේරුම් ගන්න හොඳ කතාවක් තමයි 'ප්‍රඤවන්ත සමුරායි වරයා සටනින් බැහැරව සිටි' කියන කතාව.
කොහෙත් එහෙමයිනෙ නමී. රහතන් වහසේලා කවදාවත් කාටවත් කියන්නේ නැහැල්ලුනේ මං අරහත් කියලා! ඒකට මෙහෙ.......
Deleteඅනෙක බුදු හාමුදුරුවෝ වුණත් සෘධි ප්‍රාතිහාර්ය පාලා නැහැනෙ හැම තිස්සෙම. යමාමහ පෙළහර පාලා තියෙන්නේ දෙවතාවයි.
“රංජි, මතක ඇතිව එදාට ගෙනියන්න ඕනි බඩු ලැයිස්තුවට පොඩි මිටියකුයි, ඇණයි දෙකත් ලියා ගනිං.” - අපිත් රැලේ හිටපු වැඩිහිටියාට ඔහොම වැඩක් බාරදීලා ට්රිප් එකක් ගියා හබරන ඉදන් හපුතලේට. ගිනිපෙට්ටියේ ඉදන් ඔක්කොම තිතට තිබුනා. හැබැයි මැරිනේට් කරපු මස් මාලු ටික හබරණ . අපි හපුතලේ.
ReplyDeleteමිනිහත් දිසානායක කෙනෙක් වෙන්නැති.
Deleteදිසානායකලටත් වරදිනවා නේන්නං.... සැරයක් වස්ගමුවේ මැදපිටියට කෑම්පින් ගියා ගිනි පෙට්ටි ගෙනියන්නේ නැතිව.
Deleteඅපේ මෑන් කුමාරසිංහ කෙනෙක්. අවසනාවකට අද ජීවතුන් අතර නෑ .
Deleteවිභූති අළු දැකලා තියනවා වුනාට, කලින් නොදැණ හිටි විස්තර දැණගත්තා. නියමයි. 🙏👌
ReplyDeleteඑහෙමද? දැනුමක් බෙදා දෙන්න ලැබුණාට සතුටුයි බස්සා මහත්තයෝ!
Delete"ඒ විදියටය, මගේ තවත් හැකියාවකට තැනක් නැතිව ගියේ" එහෙමම හිතන්න එපා. එතකොට හැකියාවන් modify කරගන්න ඕනෙ කියලා තේරුම් ගන්න පුලුවන්නෙ.
ReplyDeleteඇඳුම් ගලවන්න දෙයක් නෑ වගේම, ගැලෙව්වත් මේ මෙක්සිකෝ මන්ත්‍රී දිහා වගේ ටිකක්වත් බලන්නවත් පුලුවන් වෙන එකක් නෑනෙ. ඇඳුම් ගැලවීම කොහොම වෙතත් ඔය කට්ටියටම නඩු දාන්න ඕනෙ මේ රටට කරපු දේට. මිනිස්සුන්ගෙ ජීවිත අනාරක්ෂිත කරලා, ජීවිතේ මූලික අයිතිවාසිකම් ඉටු කරගැනීමත් යුද්ධයක් කලාට- තාමත් ලාස්ට් චෑන්ස් කිය කිය ඉන්න හෙංචයියනුත් එක්කම.
ස්තුතියි Lotus, දිගටම බ්ලොගය කියවනවාට වගේම අදහසුත් ප්‍රකාශ කරනවාට, එඩිතරව!
ReplyDeleteමේ දේවල් ගැන බය නැතුව කතාකරන නිමල්ලා වගෙ අයනෙ එඩිතර අය.
Deleteඔයා මාර ප්‍රශංසාවක් කරන්නේ Lotus, ස්තුතියි!
Deleteබායි සබා කියන්නේ හොරෙක් කියල තමා දන්නේ. නිදි ඇඳලා තියෙන්නේ ෆෙන්මන් ඩයග්රම් වගේ (භෞතික විද්‍යාවේ පරමාණුක අනු අංශු ගමන් කරන ව්හිහක්) දැක්කේ ඉස්සෙල්ලම. දැනුමැති වැඩක් අක්රලා තියෙන්නේ.
ReplyDeleteඅජිත් මහත්තයො, ඒ ඩයග්‍රෑම් එක ප්‍රියන්ජන් සුරේෂ් හිතවාතා ඇඳපු එකක්... මං එච්චර වැද්දෙක් නෙවෙයිනේ.
Deleteසොරි, වැරද්දක්! /මං එච්චර වැඩ්ඩෙක් නෙවෙයිනේ./
Delete+++++++++😁💕
ReplyDeleteස්තුතියි නවීන්.
Delete