‘මගේ හිතට ඇල්ලුවා’ කිව්වේ කවුරුන් ගැනද? |
එදා දිවාහාර වෙලාවෙත් අපට සංග්‍රහ කරන
අතරවාරයේ, ඇය නෙවිල්ගේ පිඟානට කෑම කොත ගැහුවාය....!
“අර වැඩේට මූ කිසි උනන්දුවක් නැහැ වගෙයි
නිමලෝ!” අපේ හිතවතා ඊට පස්සේ දවසක කිව්වේය. ඒ සිදුවීම් වෙලා දැන් හුඟ කල්ය.
තවමත් අප දෙන්නාම තනිකඩයන් වීම ගැන ‘කොළොම්පුරේ’ බ්ලොගය ලියන අසංග රණසිංහආරච්චි
හිතවතා වෙනස්ම අදහසක් කියා එවලාය!
“මේ යාළුවො කට්ටියගේ සිරිතනේ අනිකාව බයිට් කිරීම.
කෙල්ලෙක් සෙට් උනාම හරි, හිත ගියාම හරි අනිත් උන් බයිට් කරන්න ගන්නවා. ඉතිං කොල්ලා
වැඩේ අතහරිනවා. ඒකෙන් දෙන්නාම තනිකඩයෝ...”
කට්ටියම එකතු වෙලා අනෙක් අයව බයිට් එකට
ගන්නා අපේ පුරුද්ද නං ඇත්තය. ඒ වගේම අපේ නඩයේ කිහිප දෙනෙකුම සෑහෙන්නට පමාවී ‘හිර’ගත්තු
එකත් ඇත්තය. ඒ හුඟ දෙනෙකුම අධ්‍යාපනය පැත්තෙන්; රැකියාව පැත්තෙන් වඩා ස්ථාවර
වෙනතුරු ඉවසාගෙන හිටි නිසා කියලාය මට හිතෙන්නේ.
ඒ කටයුතු ගැන ‘නිදිගෙ පැත්ත’ නම් තවමත් හරියට
කියලා නැතිය! එළිවෙන ජාමයෙදී පෙන්වන්නට හොඳ-හොඳ සෙල්ලම් ඉතිරි කර ගැනීම ‘හොඳ
කට්ටඩි ගුරුන්නාන්සේලා’ කරන දෙයකි. ඉතිං ආයෙමත්,
නෙවිල් ගැන කියාගෙන ආ කතාවම ඇදලා ගන්නවා නං.....
‘තොට අසහනේද යකෝ? තොගෙ අම්මත් ගෑනියෙක් නේද? තොගෙ වයසට හරි යන එකියක් හොයා ගනිං’ |
මේ
කොටස කොටන්නට කලින් මම ‘මුහුණු පොත’ පැත්තේ ගිහින් ආවෙමි. (2021 පෙබරවාරි 10
උදේ...) නෙවිල් attachment එකක් එවලාය. කාන්තා රූපයක් එක්කලා වැකියකි. ‘නැන්දව
ටච් කරන්න!’
Touch
කළා විතරය; නැන්දා ඉස්සරහට හැරුණාය. ‘තොට අසහනේද යකෝ? තොගෙ අම්මත් ගෑනියෙක්
නේද? තොගෙ වයසට හරි යන එකියක් හොයා ගනිං’ කියලා අවවාදයකුත් දෙනවාය....
නැන්දා එහෙම කිව්වත්, එය හැමෝටම වලංගු
නැතිය. මට හිතෙන්නේ එක-එක්කෙනාගේ රුචි-අරුචිකම් වෙනස් කියලාය.
මතකයි නේද ‘මාර
දුහිතෘෘන් තිදෙනා’ පිරිමින්ගේ විවිධ රුචිකම් ගැන
කියාපු දේවල්.... නෙවිල්ට ඒ තියරි ආදේශ කරලා බැලුවොත්....
එහෙම
හිතෙන්නේ, අර ඇටෑච්මන්ට් එකට අපේම හිතවතුන් දෙදෙනෙකු දුන් කමෙන්ට්ස් හා එව්වාට
නෙවිල් උන්නැහේ දී තිබුණු reply දැක්කාමය.
‘අපි ඉතින් ඔය ටිපර් වගේ බර වාහන subject එකේ නෑනෙ ඕං!’ ඒ
පළමුවෙනි කමෙන්ටුවයි.
එයට නෙවිල් කියා තිබුණේ මේකය: ‘බර වාහන ලයිසන් ලෝකෙ ඕන තැනක පිළිගන්නවා මල්ලි.’
තුන්වෙනියා අහන්නේ ‘බර වාහනවල බ්‍රේක් හොඳද අයියේ?’ කියලාය.
ඒ තර්ජන-ගර්ජනවලට පයිසෙක තරම්වත් බයක් නැතිවය.... |
'මම මයික් ටයිසන්ගෙ ගේම් එකක් බල බල ඉන්නෙ. මෙදා සැරේ ඕවා දැම්මොත් ටිකක් කරදර
වෙයි. ගොනිකා කොළ ටිකකුත් වවන්න වෙයි ඉස්සරහින්.’
ඒ තර්ජන-ගර්ජනවලට පයිසෙක තරම්වත් බයක් නැතිවය මේවා ලියන්නේ!
මොකද
කියනවා නං, වාහන ගැන කිසිම දෙයක් නොදන්නා මට- ඔය කියන බර වාහන කතන්දර අප්‍රභංශය.
වැටහෙන කෙනෙකුගෙන් නිවිහැනහිල්ලේ අහගන්නටවත් ඕනෑය.
තවත්
වැදගත් කාරණයකුත් ‘ගොනිකා’ නිසා ලියන්නට හිතෙයි.
සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය මඟින් 80 දශකයේ ව්‍යාපෘති රැසක්ම ක්‍රියාත්මක
කෙරිණි. එයින් එකකි, ඔසු උයන. කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථාන භූමියේ හිස් ඉඩම්
කොටස්වල විවිධ වර්ගයේ දුර්ලභ ඖෂධීය පැලෑටි වවමින්; ඒවා රැක බලා ගනිමින්; ඒ ඒ
බෙහෙත් වර්ග සොයාගෙන එන්නන්ට ඒවා බෙදා දෙන්නටය; ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ. එහි ව්‍යාපෘති නියාමක වුණේ නෙවිල්ය.
“අනේ
මල්ලී... අහන්ඩකො ඕනිම ඔසු පැලයක් ගැන මගෙන්... අද මෙහෙම හිටියට, අමද්‍යපේ ඔසු
උයනක් පාලනේ කළ කොල්ලෙක් මං.” හිටි ගමන් මේ හාදයා මතක් කරයි!
“ඒ
වුණාට අමද්‍යපේ හිටිය කෙනෙකුට ගැළපෙන විදිහට නෙවෙයිනේ අයියා දැන් බොන්නෙ?” අරහෙම
කියැවුණු වෙලාවක කවුරුන් හරි ඇහුවොත්....
“අනේද මල්ලී.... තවමත් අමද්‍යප වෙලා ඉන්න මෙයාලගෙ (මිනිහා ඒක කියන්නේ මාව
පෙන්වමිනි.) වැඩ දකිනකොට තමයි මේ බොන හරියත් මදියි කියලා හිතෙන්නේ.... දාගනිමු
මල්ලී තව ෂොට් එකක්.... ඒවා මතක නැති වෙන්න.” කියලා කිසිම පැකිළීමක් නැතිව
උත්තරේකුත් දෙයි.
එහෙම වෙලාවට නං මටත් යකා නඟියි. ඒ අමද්‍යප තරුණ සංවිධානයට මදි පුංචිකමක් කෙරෙනවා
කියා හිතෙන හින්දාය.
එහෙම උඩ යා යුත්තේ බොරු කකුල් බැඳගෙන නං නොවේ. |
අනෙක් අතට මේකත් කිව යුතුය. මේ කියන්නේ මට හමුවී ඇති අය නිසා මා බැසගත් නිගමනයකි. මෙය
හැම විටම සාධාරණ නොවෙන්නටත් ඉඩ තිබෙයි!
‘කන බොන උදවියගේ බොක්ක හොඳය; හිතත් හොඳය. නිර්මාංශික- අමද්‍යපික- සුසිල්වතුන් යැයි
කියාගන්නා උදවියගේ ළඟ නරක වැඩිය!’
ආයෙමත්
ගොනිකා කතාවටම යන්නේ ‘මා පයිසේකටවත් බය නැති හේතුව’ත් කියන්නටය. අපේ මිදුලේ
‘ගොනිකා වැල්’ කිහිපයකුත් වවා තිබෙයි. සතියකට දවස් දෙක-තුනක්වත් අපේ ගෙදරට ගොඩ
වැදිලා ගියත්, මේ ඔසු උයන් පාලකයා මෙතෙක් ඒ ගොනිකා වැල් දැක නැතිවා විය යුතුය.
ඉතිං, මෙහෙම ගියෝතින් නං ‘පතාගෙන ඇවිත්’ posts 30-40ක් වුණත් ලියන්නට පුළුවනිය.
ඒත් මගේ අදහස අදින් මේ පෝස්ටු පෙළ අවසන් කරන්නටය. කොටස් 14ක්... මටම පුදුමය. පටන්
ගනිද්දී හිතුණේ ‘පෝස්ටු දෙක-තුනකට විතර යනවා’ කියලාය. ඒත්...
ඒ හින්දාම වෙන්නැති, නිදිගෙ පංච තන්තරේ නිත්‍ය පාඨක ‘ඩ්රැකී’ උන්නැහෙත්
මෙහෙම කියා තිබ්බේ:
‘නිදි ලියනා චීත්තවාහිනිය බලා
නෙවිල් අපේ නොදුටු මිතුරුතුමෙක් වෙලා
මෙහෙම ගියොත් පංච තන්තරේ මැකිලා
නෙවිල් මයා ඉස්මතු වෙයි හෝ ගාලා...’
නෙවිල් විතරක් නොවේ- මගේ වටේ ඉන්නා අය විතරක් නොවේ- මා නන්නාඳුනන අය වුණත්
ඉස්මතු වෙනවාට; සාර්ථක වෙනවාට; ජය කෙහෙළි නංවනවාට මං කැමැතිය. මට සතුරු කෙනෙකු වුව
දියුණු වෙනවාට මං කැමැතිය. (හැබැයි එහෙම උඩ යා යුත්තේ බොරු කකුල් බැඳගෙන නං නොවේ.)
ඒ මගේ හැටිය. ඉතිං, නෙවිල්ට ගොඩක් ණයගැති මා...
තවමත් ඒ සබඳතා ජාලය පුළුල් වෙමින්.... (foto එකට ස්තුතියි චනුල්!) |
මේ ගෙදර හදාගන්නට plan එක ඇඳලා දුන්නේ
නෙවිල්ගේ සුමිතුරු ලලිත් ප්‍රියන්තය. වැඩේ කෙරෙන හැටි අධීක්ෂණය කළෙත් එයාමය. ඒ සත
පහක්වත් අය කරලා නොවේ. අතින් වියදම් කරගෙන ඇවිදින්ය.
ප්‍රියන්ත නොහිටින්නට පසුගිය අවුරුදු 30 තිස්සේ, මෙතෙක් මා ගිහින් තිබෙන සංචාරවලිනුත්
70%ක් විතරම යැවෙන්නේ නැතිය.
ප්‍රියන්තගේ සොහොයුරු නලින් ප්‍රියදර්ශන නොවෙන්නට අයස්මන්ත, ශිරන්ත, චමින්ද
(පෝල්), අරුණලාල්, ඩොනල්ඩ් ආදීන්ගේ batch එකේ- එක වෛද්‍යවරයෙකුවත් මගේ හිතවතුන්
වන්නේ නැත.
එහෙම වුණා නං මල්ටිපල් මයෙලොමාවෙන් මෙලහටත් මා අඩි හයක් යට වැළලී ගොඩ කල්ය.
තලපත්පිටියේ කට්ටිය හරහා මා හඳුනාගත් පිරිස 100කටත් වැඩිය.... තවමත් ඒ
සබඳතා ජාලය පුළුල් වෙමින් පවතී. (අද හවසත් ප්‍රියන්තලාගේ ලොකු අම්මාගේ; නදී-මාලිකා
දෙදෙනාගේ ආදරණීය මවගේ; අයිරින්ගේ උපන් දින සාදයට යන්නට වෙයි.) මට වඩාත් වටින්නේ
ඔවුන් හරහා මා ලබා ඇති රසවත්-විචිත්‍ර අත්දැකීම් සමුදායයි. එයින් බොහොමයක් මවිසින්
තවමත් ලියා නොමැතිය.
ඒ පිරිස නම් වශයෙන් ලියන්නට යන්නැත්තේ (මං සකල අමාරුවක වැටෙන්නට ඉඩ තියෙන
නිසා) ඇඟ බේරා ගන්නටය.
හ්ම්! පෝස්ටුවේ මේ හරිය කොටන්නට අත තියනවාත් එක්කම මට තවත් වතාවක්
හීල්ලුණේය. ජයලාල් රෝහණ කලාකරුවාණනුත් යන්නට ගිහින්ය. ඒ අවුරුදු 56ක් වැනි කෙටි
ආයු කාලයක් ගෙවා දැමූ පසුවය. 56 කියන්නේ මහා ලොකු කාලයක් නොවේ!
මං නම් හිතාගෙන හිටියේ 55න් යන්නටය. ඒත් දෛවය මට දිග
බෝනස් එකක් දීලා, මා වට්ටන්නට දෝ මල්ටිපල් මයෙලොමාවත් දුන්නේය.
ඒක නං හරියටම කුස්සියට හොරෙන් රිංගූ බල්ලාට පොල් බෑයෙන් ගැහුවා වගේ වුණේය. එතෙක්
‘මිස්ටර් කලබල’ වෙලා හිටි මට එක තැනක ඉන්නට වුණේය; මගේ කඩි කුලප්පුව නැති කර ගන්නට
වුණේය.
අද උදේ ජයලාල් පිළිබඳව මා දුටු කිසිදු සටහනක ‘ලෝකා’ ගැන.... |
“පේනවා නේද? දවස ගෙවාගන්න කම්පියුටරේ කොච්චර උදව්වක්ද කියලා... ඒ දවස්වලම
මම කීවනේ ඔය ළමයගේ ජීවිත කතාව ලියන්නය කියලා... ඇහුවයැ?” බලහත්කාරයෙන්ම පරිගණකයක් මගේ ගෙදරට ලැබෙන්නට සැලැස්සූ
ඩී.බී. කුරුප්පු මහත්තයා වෙනින් ලෝකයක ඉඳගෙන අහනවා-අහනවා වගේ ඇහෙයි.
2009 දී කොම්පියුටරය අපේ ගෙදරට සැපත් වුණත්, මං සිංහලෙන් ලියන්නට පටන් ගත්තේ 2018
බ්ලොගය රචනා කරද්දීය.
කුරුප්පු මහත්තයෝ, ඔබතුමා නිසා- ඔබතුමා ලබා දුන් පරිගණකය නිසා මගේ ජීවිත
කතාව ලියවෙයි. නොදැනුවත්වම දවසත් ගෙවෙයි. සමහර දේවල් ඒ විදිහෙන් සංරක්ෂණයකුත් කෙරෙයි.
කොච්චර එකක්ද?
1887 වික්ටෝරියා රැජන ලංකාවට ආවාද- නැද්ද කියන විත්තිය පවා ඇවිස්සුණේ පුංචි
සටහනකිනි.
ජයලාල් රෝහණ නළුවා, අදියුරුවරයා, කතුවරයා මා පුද්ගලිකව හඳුනන්නේ නැත.
පළමුවරට මට ඔහු දැක ගන්නට ලැබුණේ, හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේදීය. (මගේ මතකය
හරි නම් ‘ජාතික තරුණ සේවා සභාවේ’ යෞවන සම්මාන, නාට්‍ය තරගයට ‘ලෝකා’ ඉදිරිපත් කළ
දවසේදීය.) එතැන් පටන්ම ඔහුගේ ප්‍රතිභාව රට මුළුල්ලේ සුවඳ විහිදුවන්නට විය!
එහෙත්, අද උදේ ජයලාල් පිළිබඳව මා දුටු කිසිදු සටහනක ‘ලෝකා’ ගැන වචනයක්වත් නොවිණි.
හිතවත් ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ලියා තිබුණු සටහනේ පවා.... (හැකි නම් ඒ ගැන
ලියන්නැයි ඉල්ලීමකුත් මම ප්‍රියන්ජන්ට යැවීමි.)
ඉතිහාසයේ සටහන් වෙන්නෙත් ලියන්නන්ගේ රිස්ස විතරය.
නෙවිල් ‘කලා උණෙන්’ පෙළෙන්නෙකු නොවුණු
බවත්... |
ඒවා සියල්ලම බලන්නට තරම් නෙවිල් ‘කලා උණෙන්’ පෙළෙන්නෙකු නොවුණු බවත් කියන්නට වෙයි.
එතැනදී මගේ වාසියට හිටියේ ‘කිසිම කෙනෙකුට- මොනම දේකට හෝ, නෑ- බෑ කියන්නට’ ඒ
මනුස්සයාගේ තිබෙන නොහැකියාවයි.
මට හොඳටම මතකය!ඒ දිනවල යෞවන සම්මාන- රාජ්‍ය නාට්‍ය සම්මාන සඳහා අවසන් වටයට
තරග වදින සියලුම නාට්‍ය එකක් නෑර නරඹන්නට මට ඕනෑය.
“තමුසෙට තියෙන රුදාව ඒවයේ විනිශ්චය මණ්ඩලේටවත් නැතිව ඇති හලෝ!” කියමින්
වුණත් ලුම්බිණියට හෝ ජෝන් ද සිල්වා සමරු රඟහලට හෝ යොවුන් රඟහලට හෝ යන්නට ‘මේ
ගොබිලාට’ transport දීමටත් නෙවිල් පතාගෙන ඇවිත් තිබුණා වෙන්නැතිය!
හරි යන්නේ නැතිය. නෙවිල් ගැන වෙනම ලිවීම මෙතැනිං නිමා කළ යුතුමය. මොනවා මඟ
හැරිලා වුණත් කමක් නැතිය. පංච තන්ත්‍ර ආකෘතිය එහෙම මඟ හැරුණු දේවල් වුණත්, පස්සේ
ලියන්නට ඉඩක් දෙනු ඇතිය.
නෙවිල්,
මගේ වැරදිවලට එකඟ නොවුණා මිස; ඒවා විවේචනය කරමින් මා හා ගැටුණා මිස; බිඳක්වත් වෙනස් වෙන්නැයි ඔබ මට කියා නැත. මට හිතෙන්නේ මා නම් එහි අනෙක්
පැත්ත බවයි, මා තරමක් දරදඬුය.
ඒත් අන්‍යොන්‍ය මත ගැටුම් නිසාවත්, අප දෙදෙනාම තවමත්
වෙනස්වී නැති තරම්ය.
එහෙමත් නැතිනම් වෙනස්වී ඇත්තේ යාන්තම්ය.
දැන හෝ නොදැන හෝ ඔබ අනුගමනය කරන්නේ හොඳ මාර්ගයකි!! |
මටත් වඩා අපේ පවුලේ අයගේ දුක් ගැනවිලි- අඬදබර- ප්‍රශ්නවලට කන්දී තිබෙන්නේ ඔබයි.
‘තමුසෙලා දැන් වැඩිහිටියෝ. තමුසෙලගෙ ප්‍රශ්න මගේ ඔළුවට දාගන්න මම කැමැති නෑ.
තමුසෙලම ඒවාට උත්තර හොයා ගන්නවා...’ යැයි මා කියද්දීත් ඒවාට සවන් යොමන්නේ ඔබයි;
නෙවිල්. (මර්වින්, ඉන්දිරා දෙන්නාත් ඒ ගොඩේමය.)
මා මෙතෙක් කියූ-නොකියූ දේවල් සේරම පැත්තකට කළත්, අපේ පවුලේ හැමෝටම හිතවතෙක්
වීම වෙනුවෙන් විතරක් වුණත් නෙවිල්ට ස්තුති කරන්නට මට වචන මදිය! දැන හෝ නොදැන හෝ ඔබ
අනුගමනය කරන්නේ හොඳ මාර්ගයකි!!
සමාවිය යුතුය. එච්චර ස්තුති පිදුවත්- විරුද්ධ විය යුතු යැයි මට හැඟෙන ඕනෑම විටෙකදී මම ඔබට; නෙවිල්ට විරුද්ධ වන්නෙමි; විවේචනය කරන්නෙමි. කෙළෙහි ගුණ දක්වනවා කියන්නේ; අගය කරනවා කියන්නේ හිතවතෙකුගේ වැරදි වුණත් අනුමත කරමින්- එක්කෝ නිහඬ වෙමින්; ඒවාට අනුබල දීම නෙවෙයිනේ෴
ඔබ හමුවිය බ්ලොගය හින්දා
ReplyDeleteඔහු හමුවිය ඔබ හමුවුණු හින්දා
ගැයුමේ හපනෙකි මනදොල රන්දා
හොද මහතෙකි පපුව හොද හින්දා
කියමි ඔහුට
Deleteඔබ කී කව
ගයමු එක්ව
දිනකදි ළඟ!
මාත් එනකන් ඉන්න මහත්වරුනි (මාත් එකනං ඉඳපියව්)
Deleteළඟදී එන්න අදහසක් තියේද?
Deleteදවසින් දවස නෙවිල් මහ ගසක් මෙන් චීත්තවාහිනිය වසා පැතිරුනේය. මෙවන් මිතුරන් ලැබෙන්නේ පෙර කල පිනට මිසක් වෙන හේතුවකට නොවේය. දුක මෙවැනි උත්තුංග මිනිසුන් ගේ හිග බවය. අපිටත් එන්ඩ කිව්වොත් නෙවිල් බලන්නට මාරි පැකට් එකකුත් අරං එනවාය.
Deleteලොකු!
Deleteමාරි පැකට් එක අරන් තියාගන්නකෝ!
ඔසු උයනක් පාලනය කලාට නෙවිල් ගොනිකා වැල් අඳුනන්නේ නැතිවා වගෙයි. හැබැයි, ඒක කෙලින්ම කියලා කාඩ් කුඩු කරන්නේ නැතිව, ඒක නොදැකපු බව කිව්වා කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteඅයස්මන්ත දොස්තර මහත්තයා කොළඹ ෆැකල්ටියේද? එහෙම නම් 'වෙස්ලි' ව දන්නවාද අහන්න!
සෑම්, ඔසු උයනේ ගොනිකා වැල් තිබ්බේ නැති බව නං මට හොඳටම මතකයි. ඒවා තිබ්බාද ඇහුවත් මතක නැහැ කියයි. ඒ හාදයාට තියෙන්නේ සිංහලයන්ගේ දෙසතියක මතකයක්.
Deleteඅනෙක ඇහේ හැපෙන්නම ඕනි යමක් පෙනෙන්න....
පීරිස් මහත්තයලා කට්ටියම හිටියේ කොළඹ. වෙස්ලි ගැන අහලා කියන්නම්!
නෙවිල් (සහ නිමල්) series එක හරි රසවත්. පරන crushes ගැන කියන්න ගත්ත නිසා තව ටිකක් ලිව්වනම් හොඳයි. B&S වගේ N&Nනුත් brand එකක් වෙයිද.
ReplyDelete'තවමත් අප දෙන්නාම තනිකඩයන් වීම ගැන': 'තවමත්' කියන වචනය එතනට යොදපු එක ඉතාම හොඳයි, බලාපොරොත්තු සහගතබව. බලමුකො දැන් නිමල් 'එළිවෙන ජාමයෙදී' ඒවා දෙනකොට.
ගොඩක් ස්තුතියි Lotus!
Deleteඔයා වගේ අය නිසා මං ලියන වචන ගැන තව-තවත් පරෙස්සම් වෙනවා.
'බර වාහන' කතන්දරය නිසා මම අහලා තියෙන දෙයක් මතක් වුනා. මම අහලා තියෙන්නෙ ඉන්ග්‍රීසියෙන් නිසා එහෙම්ම ටයිප් කරනවා. "There are first class people, second class people and third class people in the world. Every one, through their actions and words, shows the 'class' to which they belong to".
ReplyDeleteඑතකොට අහන්නට ලැබෙන හැමෝගෙම වදන්- යෙදුම් අහුලාගන්න; හැකි විටෙක ඒවා භාවිතයටත් ගන්නා මාව දාන්න වෙන්නේ මොන class එකටද මන්දා!
ReplyDeleteWithout any doubt, in the class that starts with the letter F.
Delete(මම එතන to දෙකක් ටයිප් කරලා, එකක් අයින් වෙන්න ඕනෙ)
Lotus, මගේ ඉංග්‍රීසි දුර්වලයි... කාගෙන් හරි අහගන්නන්.... අකුරු තුන හතරක වචනයක්ද නැත්තං අට-නවයක වගේ දිග වචනයක්ද කියල කිව්වා නං මට ලේසි වෙන්නත් තිබ්බ...
Deleteකොහොම වුණත් ස්තුතියි!
//ඒ කටයුතු ගැන ‘නිදිගෙ පැත්ත’ නම් තවමත් හරියට කියලා නැතිය! එළිවෙන ජාමයෙදී පෙන්වන්නට හොඳ-හොඳ සෙල්ලම් ඉතිරි කර ගැනීම ‘හොඳ කට්ටඩි ගුරුන්නාන්සේලා’ කරන දෙයකි. ඉතිං ආයෙමත්,
ReplyDeleteනෙවිල් ගැන කියාගෙන ආ කතාවම ඇදලා ගන්නවා නං.....//
නෙවිල් කියන්නෙ කොයිතරම් ප්‍රයෝජනවත් චරිතයක්ද කියන එකට තව උදාහරණයක් මේක.
(හොඳ වෙලාවට මට නෙවිල්ව මුණ ගැහිලා තියෙන්නෙ. නැත්තං මට හිතෙන්නෙ ගුරුන්නාන්සෙගෙ සෙල්ලම් නොලියා සිටීමට හෝ ඒ සෙල්ලම් වෙන අයෙක්ගේ කියල ලිවීමට භාවිතාකරන උපක්‍රමික ඉමැජිනරි චරිතයක් කියල )
බලාගෙන ගියාම නෙවිල්ගේ ගැන ලිව්වයි කියලා එයාගෙන් බැනුම් අහ-අහ මම කරලා තියෙන වැඩක්.... මනුස්සයව ලෙජන්ඩ් එකක් කරලාද මන්දා... Pra Jay මහත්තයෝ!
Deleteනිත්‍ය පාඨක ත් ආවා
ReplyDeleteජයලාල් සර් හද දෑවා
ඔහුට සුභ ගමන් වේවා
ආයෙත් නෙවිලා ඒවා
ඩ්රැකී,
Deleteපරක්කු මොකදැයි බැලුවා
වැඩ ඇතිනේ තව ඒවා
ලියන විටදී හුඟ ඒවා
නෙවිලුත් ගන්නම වෙනවා
අද ඔය කියන ගුණ ගරුක මිනිහෙක් වගේ හැදිලා ඉන්නේ පොඩි කාලේ පෙර පාසල් යන අවදියේ පටන් අපගේ අවවාද අනුසාසන පිලි මාව පැදලා ආදර්ශයට ගත්ත නිසා හොදේ
ReplyDeleteනැතුව නැතුව. පෙර පාසල් කාලෙදී ඔබතුමන්ලා පුරුදු-පුහුණු කෙරෙව්ව පුරුදු නෙවිල් උන්නැහේට තාම අත අරගන්න බෑ නේන්නං!
Deleteහක්ස්ලි මහත්තයෝ, මේ සති අන්තයේදී හමු වුණාම කතා කරමුකෝ, ලුණු-ඇඹුල් ඇතිවම.