li Item

Thursday, July 29, 2021

හිනා වෙන්න හිනා - නවවෙනි කොටස

ඔන්න කියනවා ඩෙල්ටා ප්‍රභේදයත් රට වටේම ගිහින්....

ඒ වාතෙ යන වෙලාවට මිස්ටර්ට ගඳක් දැනෙන්නේ නෑ කිව්වනේ...
මිස්ටර්! මෙච්චර වෙලා කාමරේ ගඳ ගහන-ගහන සැරේට ඒක ඉවසගෙන ඉඳලා; කුණු බිත්තර ගඳ උහුලාගෙන ඉඳලා දැන් මට ඔළුවේ කැක්කුමකුත් හැදිලයි තියෙන්නේ.... ඔහොම ගඳකුත් නොදැනෙන්නේ මිස්ටර්ගේ නාසයේ; ආඝ්‍රාණ පද්ධතියේත් බරපතල ආබාධයක් තියෙන නිසා... එතකොට ලෙඩ දෙකයි.

වාතෙ පිටවෙන එකත් එක්ක ලෙඩ තුනයි. ලෙඩ තුනෙන් කොයිකටද ඉස්සෙල්ලම බෙහෙත් කරන්න ඕනේ?” 

මතකයි නේද පහුගිය කොටස එහෙම ඉවර කළා.

කොයි කාට වුණත් හොඳ මතකයක් හිටින්නේ කොහොමද, මිහිතලවාසී හැම-සියලු දෙනාම ‘කොරෝනා’ නිසා හොඳටම අන්ද-මන්ද වෙලා ඉඳිද්දී.
දැන් හැමෝම එකතුවෙලා එක විදිහක සටනක ඉන්නේ මේ වසංගතේට එරෙහිව. ඔන්න කියනවා ‘ඩෙල්ටා ප්‍රභේදය’ත් රට වටේම ගිහින් වගේලු!
‘පිම්බුවාට බඩ - මල්ලි, ගෙම්බගෙ නෑ හැඩ
දැම්මොත් බොරු ලෙඩ - මල්ලි, අතින් පයින් වැඩ’ බයිලාව මතකද? දැන් ඒක සොබා දරුමයා විසින් ‘හෝමෝ සේපියන් අපිලාට’ කියනවා වගෙය කියලයි මට හිතෙන්නේ.

කොරෝනාවට විසඳුමක් හොයා ගන්නත් ඉස්සෙල්ලා, තව-තව ප්‍රභේද පැතිරෙන්න පටන් අරන්නෙ, පරෙස්සමෙන් හොඳේ...

යුතුකමක් කෙරෙන්න තියෙන වෙලාවක පස්ස ගහන්නේ නැති එකයි එඩිතරකම; වීරකම! (තංගල්ල ගුරු උද්ඝෝෂණයේදී....)

ඉතිං මොනවද ‘පුංචි සිඤ්ඤෝලා-  සිම්පල් සයිමන්ලා’ වෙන අපට දැන් කරන්න ඉතිරි වෙලා තියෙන්නේ?

අපට රෝගය බෝ නොවෙන විදිහට වගේම, තව අයට රෝගය පැතිරෙන්නේ නැති වෙන විදිහට කටයුතු කිරීම. ඒක මනුස්ස සංහතිය වෙනුවෙන්ම කෙරෙන යුතුකමක්!
යුතුකමක් කෙරෙන්න තියෙන වෙලාවක පස්ස ගහන්නේ නැති එකයි එඩිතරකම; වීරකම!

පෞද්ගලිකව ගන්නවා නං, මං වඩාත්ම විශ්වාසය තියාගෙන ඉන්නේ ‘මගේ සිරුරෙන්ම ඇතිවෙන ප්‍රතිශක්තිය’ ගැනයි. එන්නත් දෙකම විදපු අයටත් කොරෝනා හැදුනයි කියනවනේ....
ඉඟුරු- කොත්තමල්ලි- තිප්පිලි බැදලා කුඩු කරගෙන, වෙනිවැල්ගැට කුඩුත් එක්ක කලවම් කරලා තියාගෙන... තේ වගේ හදලා බොන එක හුඟාක් හොඳයි වගේ; මට නං!

මේවා වගේම හරිම බලවත් බෙහෙතක් තමයි ‘ආත්ම විශ්වාසය’... චිත්ත ශක්තිය!
සතුටින් සිටීම.

ඒකට උදව්වක් වෙන්නයි, මේ වකවානුවේදී ‘හිනා වෙන්න හිනා’ පොත ඉදිරිපත් කරන්න හිතුවේත්.
මේ දවස්වල හිතාදර සහෘද blog අඩවිවලත් මනස සැහැල්ලු කරන දේවල් වැඩියෙන් ලියවෙනවා, Comments හැටියටත්...
D.G.M. බස්සා මහත්තයාගේ ‘බකමූණු කතා’ බ්ලොගයේ තිබ්බා
‘හිතේ ඇඳුනු කෙටි කතාවක්’ කියලා පෝස්ටුවක්.

‘ඔරිජිනල් රියල් ඩ්‍රැකී’ ඒකට එවපු කමෙන්ටුවේ තිබ්බ රස වෑහෙන කතාවක් මේ.

ටීචර්ට මාර ගැටලුවක් මේ ඩ්‍රැකී පැට්ටාගේ රචනාව ගැන.

‘ඩුප්ලිකෙට් ඩ්‍රැකියාගේ පුතණ්ඩියාගේ පන්තියේ ටීචර් කිව්වාලු ළමයින්ට ඇට සැකිල්ල ගැන රචනාවක් ලියාගෙන එන්ඩ කියලා. මුලින්ම ඩ්‍රැකී පැට්ටාට කිව්වා තමන් ලිව්ව රචනාව පන්තියටම ඇහෙන්න කියවන්න කියා.

"මේක අපේ පරම්පරාවෙන් එන දෙයක් කියලා අම්මා කීවා. මේක සීයාටත් තිබුණාලු. අපේ තාත්තාටත් තියෙනවා. ළඟදි ඉඳන් අපේ අයියාටත් තියෙනවා. අම්මා කිව්වා, මම තාම පොඩි හින්දයි නැත්තේ- ලොකු වෙනකොට ඒවි කියලා... අම්මයි අක්කයි ගෑනු හින්දා මේක නෑ."

ටීචර්ට මාර ගැටලුවක් මේ ඩ්‍රැකී පැට්ටාගේ රචනාව ගැන. ටීචර් පොඩි එකාගේ කණ මිරිකලා ඇහුවා
"ඈ බොල මේ මොකක් ගැනද කියන්නේ".
පොඩි එකා අඬ-අඬ කිව්වා "ඇයි ටීචර් බෝඩ් එකේ දැම්ම එක ගැනයි ලිව්වේ".

ටීචර් බෝඩ් එක දිහා බැලුවා. ටීචර් ඔළුවේ අත ගහගත්තා. බෝඩ් එකේ ලියලා තියෙන්නේ ‘ඇට කැසිල්ල’ කියලා....”

ඒ ‘කැසිල්ලේ’ කතන්දරේ කියවපුවාම මට නං හිනාව ඉස්පොල්ලෙත් ගියා, ඕං!
ඒකෙන් කමක් නෑ.... ඔන්න පොතෙන් තවත් ටිකක්...

57. ඒක සිම්පල්!

“මෙච්චර කාලයක් අපි දෙන්නා බොහොම සාර්ථක විවාහ ජීවිතයක් ගත කළේ කොහොමද කියලයි හැමෝම අහන්නේ.... ඒක එච්චර දෙයක් නෙවෙයි...” ඔහු කියාගෙන ගියේය.

“.... මම වැරදියි කියලා තේරුණු හැම වෙලාවේම, මම වැරැද්ද පිළිඅරන් සමාව ඉල්ලුවා....” ඔහු හුස්මක් ගත්තේය.

මෙහෙම හිටියට මං කුමාරිකාවක්! නපුරු රාස්සයෙක් මාව ගෙම්බියෙක් කෙරුවා....

“... මගේ හාමිනේත් එහෙමයි.... එයා වැරැද්දක් කරපු හැම සැරේම මට සමාව දුන්නා!” මහාචාර්යවරයා තම මිතුරන්ට කියා දුන්නේය.

58. ගෙඹි කුමාරිකාව

කරටිය කැඩෙන්නම බීපු මහත්තයෙක් දවසක්දා පොද වැස්සෙම, බාර් එකෙන් එළියට බැස්සා. දැන් මහත්තයට පොද වැස්ස නෙවෙයි මුරුගසං වැස්ස වුණත් ගණනක් නැති තරං. ඔහොම එද්දි, පාාාාාාළු මණ්ඩියකදී මෙන්න බොලේ මහත්තයට ඇහෙනවා සද්දයක්.....!

“ෂ්.. ෂ්... මහත්තයා....”

මහත්තය ඉස්සරහ බැලුවා... කවුරුවත් නෑ. පිටිපස්ස බැලුවා... ඒත් කවුරුවත් නෑ. පාරේ වම් පැත්තේ- දකුණු පැත්තේ දෙකේමත් කවුරුවත්ම නෑ.
ඒ වුණාට මෙන්න බොලේ, අයෙමත් අර සද්දෙ!

“ෂ්.... ෂ්.... මේ මෙහෙ... මම ....”

බීලා වැඩි වෙලා හින්දද කියල හිතලා මහත්තයා කොනිත්තා ගත්තා. ‘රිදෙනවා! එච්චර වෙරි නෑ.’ එයාම හිතා ගත්තා.

“මම.... මම... මම මෙහෙ.”

මහත්තයා දකුණු අතේ මැදඟිල්ල දිහා බැලුවා. ඒක නං දෙක වෙලා පේනවා. එහෙම පෙනුණට මෙහෙම සද්ද ඇහෙන්නේ කොහොමද?

“මේ මෙහෙ!”

හීනි ලස්සන ගෑනු කටහඬක්. මහත්තයා දැනුයි දැක්කේ... පුංචි ගෙම්බියක්....! කතා කරන ගෙම්බියක්...!!

“උඹද මේ කතා කළේ?”

“ඔව් මහත්තයා...”

මට හාද්දක් දුන්නොත් මට පුළුවන් ආපහු...

“අම්මට සිරිගජ! මේ ගෙම්බිට කතා කරන්නත් පුළුවන්නෙ...” මහත්තයාට කියවුණා.

“ඔව්, ඔව්. මට කතා කරන්නත් පුළුවන්.... තව ගොඩාරියක් දේවලුත් පුළුවන්!” ගෙම්බි කිව්වා.

“ඉත්තිං..... ඉ..ත්....තිං?” මහත්තයා වැනි-වැනී ඇහුවා.

“මට පුළුවන් මහත්තයා හීනෙකින්වත් නොහිතන දේවල් කරන්න. මෙහෙම හිටියට මං කුමාරිකාවක්! නපුරු රාස්සයෙක් මාව ගෙම්බියෙක් කෙරුවා....
මහත්තයා මාව වඩාගෙන මට හාද්දක් දුන්නොත් මට පුළුවන් ආපහු රාජ කුමාරිකාවක් වෙන්න. එතකොට මට පුළුවන් මහත්තයට ආාාාාදරෙන් සලකන්න...
උයල-පිහල දෙන්න.... ගෙදර-දොරේ වැඩ ටික ඔක්කොම කරලා දෙන්න...” එහෙම කියලා ගෙම්බි පැන-පැන මහත්තයා ළඟට ආවා.

මහත්තයා එක පාරටම ගෙම්බිව අල්ලලා සාක්කුවේ දාගෙන, ගෙදර යන්න පටන් ගත්තා.

“ඔය මොකද කරන්නේ? මාව ඉඹලා හාද්දක් දෙන්න..... එතකොටයි මං කුමාරිකාවක් වෙන්නේ....” ගෙම්බි හයියෙන් කෑ ගහලා කිව්වා.

“පිස්සුද ගෙම්බියේ.... උඹ හිතුවද මම එච්චරටම මෝඩයෙක් කියලා. කුමාරිකාවෝ, ගෑනු, වැඩකාරියෝ ඕනෑ තරං හොයා ගත්තැකි. ඒ වුණාට කතා කරන ගෙම්බියෙක් කොහෙන් හොයා ගන්නද? උඹව පෙන්නලා මට තව-තව දේවලුත් හොයා ගන්න පුළුවන්... තේරුණාද?”

මහත්තයා එහෙම කිව්වාමයි, ගෙම්බිට එයා වැටිච්ච අමාරුවෙ තරම තේරුණේ!

ඒකාකාරී විදිහටම ලිංගික කටයුතුවල යෙදිලා... (සුනඛ පූට්ටුවක foto එකක් මෙතනට නොදා හංස පූට්ටුවක් දාන්නෙ ඒක ඊට වඩා කලාත්මක නිසා!)

59. සුනඛ පූට්ටුව

සමරසිරි කසාද බැන්දේ හය මාසයකට විතර කලින්. සමරසිරිගේ බිරින්දෑ; සුජාතාත් අපරාදේ කියන්න බෑ හොඳ ගුණ-යහපත් හැදිච්ච කෙල්ල. සමරසිරිට නං සුජාතා උපාසිකාවක් වගේ වීම ගැන හිතට හරි නෑ.
කසාද මනුස්සයා වුණාට මොකෝ, සමරසිරි ඉස්සරහ පිට ඇඳුමක් මාරු කරන්නවත් සුජාතා කැමති නෑ. ඒ තරමට හැදිච්චිකම!

බැඳලා හය මාසයක් වෙලත්, හැමදාම බොහොම ඒකාකාරී විදිහටම ලිංගික කටයුතුවල යෙදිලා සමරසිරිට ඇති වෙලා! දන්නවනේ, තරුණ සැමියෙකු වුණාම, එක-එක විදිහේ ආසාවල් ඇති වෙනවනේ....

සමරෙගෙ හිතෙත් දැන් ලොකු ආසාවක්!

ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකට සුජාතා කැමති වෙයිද කියන එක. අනික, ඕක කොහොමද සුජාතාට කියන්නේ? ඒකට හොඳ විදිහක් සමරෙගෙ ඔළුවට එන්නෙම නෑ.

ඔහොම ඉන්දදී ඔන්න අපූරු පොටක් පෑදුණා.
සමරෙගෙ ගෙදර පිළිකන්නේ සුනඛ ජෝඩුවක් සංසර්ගයෙ යෙදිලා!

ඉක්මනට සුජාතාව ඇදගෙන ආව සමරසිරි, ජනේලයෙන් සුජාතාට බලු ජෝඩුව පෙන්නුවා.

එදා ඉඳලා සුජාතාට නිවනක් නෑ. උදේ- දවල්- රෑ හැම තිස්සෙම සමරසිරිගේ කංකෙඳිරිය ‘අනේ අපිත් අර විදිහට ඉමුකො!’ කියා-කියා.

ඉවසල- ඉවසලා බැරිම තැන, ඔන්න සුජාතා සමරසිරිට කැමැත්ත දුන්නේ මෙහෙම කියලයි.

“තමුසෙට ඕනි විදිහකට, ඕනි මඟුලක් කර ගන්නවා. හැබැයි අර බල්ලා බැල්ලිට කළා වගේ මාවත් කෑ ගස්ස- ගස්සා ගෙදර වටේ ඇදගෙන දුවන්න නං බැහැ ඕං! මිනිස්සු දකියි...”

කොච්චර ලොක්කො වුණත්, ඔන්න දැන් හැන්දෑවට පාර්ලිමේන්තු  ක්‍රීඩාංගණයේ දුවනවා.

60. වාසනාවන්තයා

“ආදරය කරලා ජීවිතේ වාසනාවන්ත කර ගත්ත කෙනාට කියන නම දන්නවද?”

“අපොයි ඔව්, අවිවාහකයා!”

61. කවුද හරි?

දැන් හැමෝටම දියවැඩියාව, අධික රුධිර පීඩනය එහෙමත් නැත්තං කොලෙස්ටරෝල්! එක්කෝ ගැස්ට්‍රයිටිස්.... මොනවා හරි ලෙඩක්! දොස්තරලටත් ඔව්වයෙන් බේරෙන්න බැරිකොට අනිත් අය ගැන කියන්න දෙයක් නැහැනෙ.

වෛද්‍ය විශේෂඥ මහත්තුරුන් දෙන්නෙකුටත් කොලෙස්ටරෝල් වැඩි නිසා යහමින් ව්‍යායාම කරන්නයි, කෑම-බීම පාලනයකුයි කරන්න වුණා.
එක්කෙනෙක් මොළය පිළිබඳ විශේෂඥයෙක්.
අනිත් එක්කෙනා ළමා රෝග පිළිබඳ විශේෂඥයෙක්.
කොච්චර ලොක්කො වුණත්, ඔන්න දැන් දෙන්නම හැමදාම වගේ හැන්දෑවට පාර්ලිමේන්තු  ක්‍රීඩාංගණයේ දුවනවා.

එදත් ඔන්න දෙන්නම දුවනවා... බොහොම හෙමිං-හෙමිං දුවලා හති වැටුණම නැවතිලා, පොඩ්ඩක් කතා කර-කර ඉන්නවා. ඔහොම කතා කරන අතරේ ඈත කළුවරෙන් මතු වෙච්චි මනුස්සයෙක් බොහොම අසාමාන්‍ය විදිහට ඇවිදිනවා මෙයාලට පෙනුණා.

“අන්න...පේනව නේද පුංචි කාලේ කලට-වෙලාවට පෝලියෝ ඉන්ජෙක්ෂන් එක විද්දේ නැතුවම වෙන දේ! මිනිහට පුංචි කාලෙදිම පෝලියෝ හැදිලා. ඒකයි මිනිහා ඔහොම ඇවිදින්නේ...” ළමා රෝග විශේෂඥයා මිතුරාට කිව්වා.

“ඒක නං වෙන්න බෑ ඩොක්ටර්... මට පෙනෙන විදිහට ඕක මොළයට වෙච්ච හානියක්.
අපේ ශරීරයේ අවයව ක්‍රියා කරවන්නේ මොළයෙන්. මොළයට මොකක් හරි ක්‍රමේකින් පුංචි හානියක් වෙච්ච නිසා තමයි මිනිහා ඔය නුහුරට වගේ ඇවිදින්නේ...”

එක්කෙනෙක්වත් අනෙකාගේ මතය පිළිගන්න ලෑස්ති නෑ! 

දොස්තරලා දෙන්නම දැන් තම- තමන්ගේ මතයම තහවුරු කරන්න කරුණු ඉදිරිපත් කරනවා. එක්කෙනෙක්වත් අනෙකාගේ මතය පිළිගන්න ලෑස්ති නෑ!

“අපි මිනිහගෙන්ම අහමු!”
එක්කෙනෙක් යෝජනා කළා. අනෙක් එක්කෙනත් එකඟ වුණා. දෙන්නම ඉක්මනට අර මනුස්සයා ළඟට දිව්වා.
එතකොටත් මිනිහා අර විදිහටම හෙමි-හෙමීට යනවා.

“මේ... මේ. අපිට පොඩි කාරණයක් තියෙනවා දැන ගන්න. කරුණාකරලා කියනවද, පුංචි කාලේ ඔහෙට පෝලියෝ හැදුණද කියලා.” ළමා රෝග විශේෂඥයා ඇහුවා.

“මහත්තයට ඔල්මාදද? මට පෝලියෝ හැදිලා නෑ.”

දැන් මොළය පිළිබඳ විශේෂඥයාගේ කට කනේ!

“ඒකනෙ මං ඩොක්ටර්ට කිව්වේ... මේ උන්නැහේ, ඔහේගේ මොළයට මොනවා හරි වුණානේ...?”

“මගේ නෙවෙයි, මහත්තයාගේ මොළේට නම් මොනවා හරි වෙලා. නැත්තං මෙහෙම පයිත්තියං කතන්දර කියාවිද?”
මිනිහා යන්නයි ලෑස්තිය.

“නෑ... නෑ. තරහ ගන්න එපා. අපිට එහෙනම් වැරදිලා. අපි දෙන්නා ඔහේ නුහුරට ඇවිදින විදිහ දැකලයි, එහෙම වෙන්න හේතුව හිතන්න ගත්තේ....” දොස්තරලා කිව්වා.

ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම, නුවණක්කාරම කෙල්ල!

“එහෙම කිව්ව නං ඉවරයිනෙ මහත්තයෝ... ඔන්න, මහත්තයලත් ඇත්තම කිව්ව නිසයි මේ කියන්නේ.

අද දවල් කාපු මොනවා හරි අජීරණ වෙලා, හිටි ගමන් බඩ පෙරළෙන්න ගත්තා. පොල් මුඩ්ඩක් ගහගන්නයැ මහත්තයෝ? අර පඳුරු ගොල්ලට ගියා.
වතුර ටිකක් තියෙන තැනක් හොය-හොයයි මේ යන්නේ, ජරාව සරමේ නොගෑවෙන විදිහට.” මිනිහා උත්තර දුන්නා.

62. සුපිරි කෙල්ල

“ඩාලිං ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම, නුවණක්කාරම කෙල්ල!”

“අනේ යන්න. මං එහෙමම නොවුණත් ඔයා ඔහොමම කියනවා නේද?”

“ඔයාට තේරෙන්නෙ නෑෑෑෑෑනෙ... මං එහෙම නොකිව්වත් ඔයාාාා එහෙම නේද හිතන්නේ?”

63. නිඳා ගැනීම

එම චිත්‍රපට ශාලාවේ තිරගත වෙමින් තිබුණේ අලුත්ම සිංහල චිත්‍රපටයකි. පෙරේරා තම අසුනේම වාඩිවී නිඳා ගත්තා පමණක් නොව මහ හඬින් ගොරවන්නටද විය.

“මේ හලෝ, මෙතැන නිඳා ගන්නේ නැතිව නැඟිටිනවා.... තමුසෙගෙ ඔය ගෙරවිල්ල බොහොම සද්ද වැඩියි!” අසල අසුනේ සිටි තැනැත්තා ඉමහත් කේන්තියෙන් යුතුව පෙරේරාව ඇහැරවා කීවේය.

“නිඳා ගන්නේ නැතිව මේ කසිකබල් දහ ජරාව බලන්නද තමුසෙ මට කියන්නේ?” පෙරේරා ඇසුවේය.

“කවුද තමුසෙට එහෙම කරන්න කිව්වේ? මං කිව්වේ, තමුසෙ ඔච්චර සද්දෙට ගොරවනකොට මම කොහොමද නිඳා ගන්නේ කියලයි.”

හැබෑද කාන්තාවන්ගේ මුඛයේ ප්‍රමාණයයි, ලිංගේන්ද්‍රියේ ප්‍රමාණයයි දෙකම...

64. නියම සයිස් එක

කාලයිල් කුරේරා විධායක නිලධාරියෙකි. ඔහුගේ ලේකම්වරිය වූ ටාරා රූමතියක් වුවද මහ හඬින් කතා කරන්නියකි. මේ හඬ නඟා කෙරෙන කතාව කාලයිල්ට හිසරදයක් වූයෙන් ඔහු ඒ සඳහා පිළියම් සොයමින් සිටියේය.

හිතවත්ම මිතුරෙකුට මේ බව පැවසූ විට, ඔහු නොවරදින ගුරුකමක් කියා දුන්නේය.

ඒ අනුව කාලයිල් කුරේරා අතිශය කුළුපග බවක් පෙන්නා, ටාරාගෙන් ප්‍රශ්නයක් විමසුවේය.

එදා සිටම ටාරා මුව මඳක් විවර කර ඉතා සෙමින්- සෙමින් කතා කරනවා විනා හඬ නඟා කතා නොකළාය.

කාලයිල් ටාරාගෙන් විමසුවේ එකම එක ප්‍රශ්නයකි

“හැබෑද ටාරා කාන්තාවන්ගේ මුඛයේ ප්‍රමාණයයි, ලිංගේන්ද්‍රියේ ප්‍රමාණයයි දෙකම එකක්ය කියන්නේ?”

65. ටීචර්ට තෑග්ගක්

“ඔයාලගේ ටීචර් ලබන සතියෙ ඉඳලාාාාාා වෙනින් ඉස්කෝලෙකට මාරු වෙලා යනවනෙ.... ඉතිං ඔයාලටත් ගොඩාාාාාක් දුක ඇතිනේ.... මටත් එහෙමයි.
ඒත් ඉතිං නොයා බැහැනෙ, ට්‍රාන්සර් කළාම.
මීට ඉස්සෙල්ලා මං හිටපු ඉස්කෝලෙන් එනකොටත් ඒ ළමයි මට ගොඩාාාාාරියක් තෑගි දුන්නා. ඔයාලත් එහෙම තෑගි මොනවත් ගෙනෙනවා නං හෙටම ගේ....න්න, හොඳේ!”

ගුරුතුමී පන්තියේ ළමයින්ට කිව්වා.

ඊළඟ දවසේ උදෙන්ම ටීචර් ළඟට ආවේ හන්දියේ රත්තරං බඩු සාප්පුව අයිතිකාරයාගේ දුව. එයා අතේ පුංචි හුරුබුහුටි පාර්සලයක්...

පැටවුනුත් නෑ, කිරිත් නෑ. හැබැයි, රුපියල් දහ දාහයි....

“රත්තරන් බඩුවක් නේඒඒඒඒඒඒඒද? තැන්කියු දූෳෳෳෳ!” ටීචර් තෑග්ග බාර ගත්තා.

දෙවෙනියට ආවේ රෙදි සාප්පුකාරයගෙ දුව. එයාගෙන් ලැබුණේ ලොකු පාර්සලයක්.

“ඔයාලගේ ගෙදරින් ගොඩාාාාක් රෙදි එවලා!”
ගුරුතුමී සතුටින් ඉපිලිලා කිව්වා.

හන්දියේ වයින් ස්ටෝර්ස් අයිතිකාරයාගේ දුව ඊළඟට ආවේ ලොකු, බර පෙට්ටියක් උස්සගෙන. ඒකෙ කෙළවරක් ටිකක් තෙමිලත් තිබුණා.

ගුරුතුමී ඒ තෙමුණු තැනට ඇඟිල තියලා අරං දිව ගාලත් බැලුවා.

“විස්කිද... ෂැම්පේන්ද?” ගුරුතුමී ශිෂ්‍යාවට හාද්දකුත් දීලා ඇහුවා.

“නෑ මිස්, බලු පැටියෙක්!”

66. චරිතේ

එළදෙනෙකු මිලදී ගැනීම සඳහා පැමිණි ගැනුම්කරුවා ගව පට්ටි හිමියා සමඟ කතාවට වැටුණේය.

“මේ එළදෙනගේ ගණන කොහොමද?”

“මේකිට මාස තුනක පැටියෙක් ඉන්නවා. දවසකට කිරි බෝතල් දහයක් දොවා ගත්තැකි...”

“ගාණ....?”

“රුපියල් හය දාහයි!”

“ඔච්චර? හය දාහට වැඩියි.... බොහොම වැඩියි....”

“එහෙනං අර එළදෙනව බලමුද... කිරි බෝතල දොළහක් ගන්න පුළුවන්. පැටවු දෙන්නෙක්ම ඉන්නවා. හැබැයි රුපියල් හත් දාහයි!”

“ඔහේගෙ එළදෙන්නු හරි ගණන්නෙ...අර සීදේවී පාට එළදෙන කොහොමද?”

“වෙන කෙනෙකුට නං දෙන්නෙත් නෑ! මහත්තයට ඕනිම නං දෙන්නං. පැටවුනුත් නෑ, කිරිත් නෑ. හැබැයි, රුපියල් දහ දාහයි..”

“මගෙ අම්මෝ! මොකද දහ දාහක්?”

“ඇයි මහත්තයා, මෙයාගේ චරිතේ හොඳයිනේ!”

ඇයි අපි දිගින්-දිගටම බොරුවලට රැවටෙන්නේ?

හුඟාක් යාන්ස්වලින් උපහාසයට ලක් කෙරෙන්නේ රජ- මැති- ඇමති- දේශපාලක වගේ චරිත. සමාජයේ ප්‍රබල චරිත. එහෙමත් නැතිනං සුචරිතය වගේ දේවල්; විශ්වාස.... එතැනදී මට නං පෙනෙන්නේ මෙහෙම දෙයක්. ඒ විදිහට උපහාසයට ලක් කෙරෙන්නේ බොරුව හෝ බොරුකාරයන්වයි. කොච්චර බොරුකාරයන්ගෙන් පිරුණු සමාජයක වුණත් ‘බොරුව’ උස්සලා තියන්නේ නැහැනෙ, බොරුව හෙළා දකිනවා මිසක්!

එහෙම වාතාවරණයක් තියෙද්දී ඇයි අපි දිගින්-දිගටම බොරුවලට රැවටෙන්නේ? දිගින්-දිගටම බොරුකාරයන්ටම, හොරුන්ටම රැවටෙන්නේ...
රෑ වැටුණු වළේ දවල්ටත් වැටෙන්නේ?

මම තවමත් හිතන්නේ ඒ ගැන.

67. දෙන්නවම පාස් කරලා

ඉස්සර අපේ රජවරු දහස් ගණන් බිසෝවරු අන්තඃපුරවල තියාගෙන රජ සැප වින්දා. තවමත් සමහරුන් එහෙම සැප විඳිනවා. එකම වෙනස අන්තඃපුරවල් නැති එක විතරයි.
එහෙම නැතිවත් දකින-දකින ඕනෑම සායක්-චීත්තයක්- ගවුමක්- සාරියක් අයිතිකාරියෙකුට යන්න නොදෙන වරිගයේ අයත් ඉඳලා තියෙනවා. මේක ඒ වගේ සල්ලාල පෝසතෙක් ගැන කතාවක්.

දවසක්දා එයා, එයා වගේම තව යාළුවෙක් එක්ක වාදෙකට පැටලුණා, ගෑනු ගැන!
දෙන්නම කියනවා තමුන් තමයි වැඩිම ගෑනු ගාණක් ආස්සරේ කරල තියෙන්නේ කියලා.

‘කොහොමද අපි මේක බේරා ගන්නෙ?’ දෙන්නාම කතා වුණා.

“මං කියන්නං. අපි ලෑස්ති කරමු ග්‍රෑන්ඩ් පාටියක්. උඹ ආස්සරේ කරපු ගෑනුන්ටයි, එයාලගෙ මහත්තයලටයි එන්න කියමු ඒකට. මමත් එහෙම කරන්නං. එතකොට අපි දෙන්නටම බලා ගන්න පුළුවන් කාටද වැඩි කියලා....” එක්කෙනෙක් කිව්වා.

දෙන්නම ඒකට එකඟ වුණා.
දෙන්නම කෝටිපතියෝ; වලව්කාරයෝ. වකාරෙට සල්ලි! ඉතිං ඔහොම පාටියක් ලැහැස්ති කරන එක එයාලට මහ කජ්ජක් නෙවෙයි. වැඩේ ජයටම සංවිධානය කෙරුණා.

මාර වැඩේනෙ... ඔක්කොම පාටියට ඇවිත් ඉවරයි වගේ!
පාටියට සිය ගණනක් දෙනා ආවා. උත්සව ශාලාවට පිවිසෙන තැන එක ළඟින්ම හිටගත්ත යාළුවො දෙන්නා එන හැමෝටම හිනා වෙලා ආචාර කරනවා.

ඒ ගමන්ම ඒ දෙන්නා එයාලට විතරක් ඇහෙන විදිහට ‘අසුර’ ගහනවා. දෙන්නම ඒ ගැන කතා වෙලයි තිබුණේ.

“මම පාස් කරපු එක්කෙනෙක් ඇතුළට එනකොටම මම අසුරක් ගහනවා. උඹත් එහෙමම කළාම හරි. අපිට පුළුවන් ගණන එකතු කර ගන්න.... මම උඹේ ගාණ එකතු කරනවා... උඹ මගේ අසුර පාරවල් ගණන එකතු කරපං.”
දෙන්නම ගජ යාළුවො හින්දා දන්නවා එක්කෙනෙක්වත් බොරු නොකරන බවත්!

ඔන්න දැන් දෙන්නගෙම අසුර ගහන ‘මීටර්’ පට ගාලා වැඩ කරනවා. ඔහොම ගිහින්-ගිහින් දැන් දෙන්නම සමාන ලකුණු ගණනක් අරං තියෙන්නේ...

“මාර වැඩේනෙ... ඔක්කොම ඇවිත් ඉවරයි වගේ... අපි දෙන්නම ටයි- ටයි.” එක්කෙනෙක් දුකෙන් වගේ කිව්වා. අනිත් එක්කෙනා බොහොම සතුටු මූඩ් එකකින් හිනා වුණා.

“මම දිනනවා ෂුවර් මචං!”

“ඒ කොහොමද?”

“ඇයි මචං, මට හොඳටම ෂුවර් ලකුණක් මඟ එනවා...”

අම්මවයි දුවවයි දෙන්නමත්....

යාළුවා එහෙම කිව්වම අනෙක් යාළුවා කට වහ ගත්තා.
එතකොටම තඩි කාර් එකක් ඇවිත් නැවැත්තුවා.
හිනා වෙවී හිටපු යාළුවාගේ කට කණේ. කාර් එකෙන් ලස්සන මැදි වියේ ගෑනු කෙනෙකුයි, ගිනි කිරිල්ලී වගේ ළමිස්සියෙකුයි බැස්සා. එයාලා හිනා වීගෙනම ශාලාවට ආවා.

හිනා වෙවී  හිටි යාළුවා එක සැරයක් අසුර ගහලා හිනා වෙලා, ආඩම්බරෙන් මිත්‍රයා දිහාව බැලුවා.
මිත්‍රයා ඊටත් වඩා ආඩම්බරෙන් දෙපාරක්ම අසුර ගැහුවා.
ඒ සද්දෙ ඇහුණු ගමන්ම හුළං බැහැපු හිනා වෙවී හිටිය යාළුවා, අනෙකාගේ කණට කෙඳිරුවා.

“ඈ බං.... උඹ එහෙනං මගෙ ගෑනිවයි දුවවයි දෙන්නමත් පාස් කරලා!”

146 comments:

  1. ඔක්කොම කියෙව්වා. කමෙන්ට් බලන්න ආයෙ එන්නම්.හිනා කතා අතරම, දුන්න සෞඛ්‍ය උපදෙස් ටිකත් වටිනවා.

    ReplyDelete
    Replies
    1. සරමේ නොගෑවී ඇව්දින ක්‍රමයද?

      Delete
    2. නැතුව, නැතුව😂

      Delete
    3. බස්සො, ‌පහළ අසංග කියනව වගේ, මේකෙත් සෙන්චරිය ගහමු ද?

      Delete
    4. ගහමු, ගහමු.
      පත්තරේ දැම්මට තාම වේලුනෙත් නෑ නෙව? තව කස්ටිය ඇවිත්, නිදි රිප්ලයි කලාම, සෙන්චරිය සෙට් වේවි.

      Delete
    5. හැබෑට! එ පත්තරේ දාපු සීන් එක කොමික් එකක තිබුණා. හොයල දාන්නං මෙතන...

      Delete
    6. උන්දැ එනකොට මෙතන සීය පන්නතෑකි අපට.

      Delete
    7. එනකොට හොඳ කෙළි
      ගිනි විජ්ජුම්බර
      සෙන්චරියකටත් කිට්ටුයි
      අම්මප!
      ස්තුති කරමින්
      ලියන්න උත්තර
      පටන් ගන්නවා
      දෝතම එක්කර!

      Delete
    8. පේමන්ට් රංජි
      කැංටින් රංජි
      බතික් රංජි
      විරධිර රංජි

      Delete
    9. මැණික් ගැරිල්ලෙදි
      සුදු අයියා
      ප්රින්ටින්වලදී නිමලයියා
      රංජිගෙ රංජන
      ඌටත් හිතුණේ
      කවියෙන් කිව්වම
      කොමිටලයා!

      Delete
  2. කෝ මේ ඩ්‍රැකී රොත්ත? බලමු කොමෙන්ට් සීය පන්නන්න පුලුවන්ද කියලා.

    ReplyDelete
    Replies
    1. ඇවිල්ලා ඉන්නේ... කෝ .. මේ ඩුප්ලිකේටායි වම්බොට්ටායි අලුත් කොමිටායි.

      Delete
    2. මාත් ආව. ඇයි අසංග?

      Delete
    3. ඇයි අසංග? මොනවද වෙන්ඩ ඔනෙ? නන්චාකුවක් එහෙම උවමනයි ද?

      Delete
    4. ඌට අර නේල් කටර් එකේ තියෙන පිහි තලෙත් ඇති හරියට ඇනගන්ඩ

      Delete
    5. වහාම ක්‍රියාත්මක වන පදිරි ප්‍රථමාධාර පෙට්ටියක් මිලදී ගන්නට මිල ගණන් කැඳ වන්නයි යන්නේ! චීනෙන්!!

      Delete
    6. ඊට වැඩිය හොඳ නැද්ද නිදි තුන්දෙනෙක්ව දාන්න පුලුවං මිනී පෙට්ටියක් ඕඩර් කරන එක. හැක්..

      Delete
    7. https://www.youtube.com/watch?v=nhB7_1uix0o

      Delete
    8. ඉමිහිරි පැරැණි මතකයකට පාර පෙන්නුවාට තුති ඩ්රැකී!
      ප්‍රසන්න... වැම්පයරයෝ එකම පෙට්ටියකට දැම්මොත් වෙනද අමතක වුනාද?

      Delete
  3. මේ කතාව සිද්දවුනේ 87 - 89 භීෂන කාලේ අපේ ඩ්‍රැකියාගේ මන්ද පුංච් අම්මාටලු.
    ඒ කාලේ අර පක්ශේ සාමාජිකයින්ව අල්ලන් ගිහින් අතුරුදහන් කරන හින්දා හැමෝම හිටියේ මර බියෙන්. ඔන්න දවසක් පොලිසියෙන් ආවා ත්‍රස්තවාදී වැඩට සම්බන්දයි කියලා සැකපිට ඩ්‍රැකියාගේ මන්ද පුංචි අම්මාගෙ පුතාව අල්ලා ගන්න. අරන් ගියොත් ටයර් මාලේ බෙල්ලේ කියලා දැන්ගත්තු කොල්ලා පැනලා මාරු උනා. පොලිස් කට්ටියට කොල්ලාව අල්ල ගන්න බැරිඋනු එකට මාර ජුවල්. පොලිස් ලොක්කා කිව්වා ගෙදර ඉන්න උන් ඔක්කෝම අරන් යමු එතකොට ඌ පොලීසියට එයි.පොලිස් ජීජ් එකට දගත්තා කොල්ලාගේ අම්මවයි නංගිවයි ආච්චිවයි. දැන් පොලිස් ලොක්කා ඉස්සරා සීට් එකේ යනවා පිටිපස්සේ පොලිස්ක්කකාරයෝ එක්ක ආච්චියි නංගියි අම්මයි යනවා. දන්නවානේ ගෙනිච්චම පොලිසියේ උන් පෝලිමක් එහෙම දාන කතා අහලා තිබුනු හින්දා නංගි හොදටම බය වෙලා උන්නේ. නංගි වෙවුව වෙවුලා උන්නේ දැන් මුන්ව බය කරන්න හිතාගෙන කොස්තාපල් කෙනෙක් ලොක්කාගෙන් ඇහුව " සර් පොලිසියට ගෙනිච්චාම මේ කෙල්ලව දුෂනේ කරනවාද " පොලිස් ලොක්කා කරට උඩින් පිටිපස්සට හැරිලා කෙල්ල දිහා උඩ ඉදන් යටට හොදට බැලුවා "නැතුව නැතුව" කිව්වා. කෙල්ල තවත් බය උනා.. ටික වේලාවකින් කොස්තාපල් ආයෙමත් දැහුවා" සර් මේ කොල්ලාගේ අම්මවත් අපි දුෂ්නේ කරනවාද?" ලොක්කා ආයෙත් පස්ස හැරිලා කෙල්ලගේ අම්මා දිහා හොදට බලලා"නැතුව නැතුව " කීවා.. කෙල්ලගේ අම්මත් හොදටම බයවෙලා අඩන්න ගත්තා. ආයෙමත් සැරයක් කොස්සා ඇහුවා" සර් මේ ආච්චිට මොකද කරන්නේ ආච්චිවත්.." කතාව ඉවර කරන්නත් කලියෙන් මැදට පැන්න ආච්චි" මේ මොනාද මේ පොලිස් මත්තයා මේ අහන්නේ.. නැතුව නැතුව " කීවා...

    ReplyDelete
    Replies
    1. කොංගෝ වනාන්තරේ අතරමං වෙච්ච (අසංග) දඩයක්කාරයෙක්, පාර හොයාගෙන ඒ් මේ අත යද්දි, ලස්සන කෑල්ලක්, කොළ අතු ඇඳගෙන, දරමිටියකුත් ඔලුවෙ තියාගෙන, ඉස්සරහට හම්බුණා.

      අසංග තුවක්කුව පෙන්නල, අර කෙල්ලට කිව්වා,

      "මට පාර පෙන්නපං, නැත්තං මං තෝ දූෂණය කරනව! (දෙපැත්තටම)" කියල.

      අර කෙල්ල දරමිටියත් බිමට අතෑරලා කිව්ව,

      "‌පාර පෙන්නන්නෙ ම නෑ" කියල

      Delete
    2. ඔන්න දවසක් අසංග රණසිංහ ආරච්චි කියල කොල්ලෙක්ට විරුද්ධව ගංසභා උසාවියෙ නඩුවක් දාල කෙල්ලෙක්, එයාගෙ බයිසිකලේ පැහැරගත්ත කියල.

      නඩුව කතා කරපු වෙලේ, කොල්ල දීපු කටඋත්තරේ...

      “මං ඔය කියන දවසෙ කැළැවක් මැදිං වැටිච්ච දෙවට පාරක් දිගේ යනව. අනික් පැත්තෙං බයිසිකලෙත් පැදගෙන ඔය කෙල්ල ආව. මං ගාවට ආවට පස්සෙ එයා බයිසිකලෙං බැහැල, මාවත් එක්කගෙන කැළෑව ඇතුලට ගියා. ටිකක ඉඩ තියෙන, හතරවටෙම්ම ආවරණය වෙච්ච තැනකට ආවට පස්සෙ කෙල්ල එයාගෙ ඇඳුං එක එක ගළවන්න ගත්ත. ඔක්කොම ගළවල පැත්තකිං තියල එයා මට කියනව, “දැං ඉතිං ඔයා මගෙං ඕනෙම දෙයක් ගන්ඩ“ කියල...“

      උසාවිය හා හූම් නැතුව අහගෙන ඉන්නව. වයසක නඩුකාරය තමා ඔක්කොටම හපං. ඕ අකුරෙ හැඩේට ඇරිච්ච කට දෙපැත්තෙං කෙළත් බේරෙනව...

      “ඉතිං මං කල්පනා කළා. මෙයාගෙ බ්ලවුස් එක මට අඳින්ඩ බෑ. බ්‍රා එකත් මට වැඩක් නෑ. එයාගෙ ෂෝට මට කොටයි - පොඩියි. පෑන්ටියත් මට වැඩක් නෑ. මට වැඩකට ඇති එකම දේ එයාගෙ බයිසිකලේ විතරයි. ඉතිං මං ඒකත් අරං ආව එන්ඩ...“

      Delete
    3. යකෝ! මහ දවල් මංකොල්ල කනව කියන්නෙ ඔව්වට තමයි. මේ තියෙන්නෙ මං ඔය කතාව කමෙන්ට් එකක් හැටියට දාපු තැන.

      Delete
    4. ඇයි? උඹ තැනක කමෙන්ට් කළා කියල, ඒ කතාව උඹට අයිති වෙනවද? අපි ඔය කතාව කොච්චර නං මළ ගෙවල්වල නයිට් ගහද්දි කියල තියෙනවද?

      Delete
    5. ඒකනෙ බං. අපි කොච්චර නං මළ ගෙවල්වල මහ ගිණි මද්දහනෙ නයිට් ගහල තියෙනවද?

      Delete
    6. අඩෝ නයිට් ගහද්දි ගහපුවයෙ හැටියට ඒ ගිණි මද්දහනද කියලවත් නිච්චියක් නෑ යකෝ!

      Delete
    7. ඔන්න අපේ ඩ්‍රැකියා ඩ්‍රැකියානි කරකාර බදින්න ඉස්සර මහ වැඩේ පුරුදු වෙන්න කියලා අහල පහල ගෙදරක හොර කොටුවක් පනින්න පටන්ගත්තා. ඒ ගෙදර උන්නේ ආච්චියි කෙල්ලයි විතරයි. බබාලව නලවන්න මහ අම්මන්ඩි ඩුබායි ගිහින් හින්දා තාත්තා වෙන බබෙක් නලවන්න ගිහිල්ලා. දැන් අපේ ඩ්‍රැකියා රෑ පානේ හැමදාම රහෙට රිංගනවා. කිහිප දවසක්ම වැඩේ කෙරේද්දී ආච්චිට වැඩේ මිටර් උනා. ආච්චි ඉතිං කෙල්ල කාලේ හොදම නැටිලිකාරි කම්බි වැටේ හත් පොටට උඩින් පැනලා වැටේ කම්බියෙ පැටලැවිලා ගැට අන්නාසියි සතකුප්තයි කුකුල් ලේ වලින් ගොඩගිය එයාට දැන් කාලේ උන් හැරෙන කොට දන්නවා මොකක්ද මේ වෙන්නේ කියලා. දවසක් ආච්චි ගෙමක් සෙට් කලා කෙල්ලට.
      "කෙල්ලේ උඹ අද මාගේ කාමරේ බුදියපං "
      ආච්චි කීවා. කෙල්ලට ඩ්‍රැකියාට පනිවිඩේ දීගන්න ත් බෑ මොකද දැන් කාලේ වාගේ ජංගම පොන් කෑලි තිබුන එකක්යෑ. කෙල්ලත් ඉතිං කරබාගෙන ගියා ආච්චිගේ කාමරයට. ආච්චි කෙල්ලගේ කාමරේ ඇදේ බුදියාගෙන මුලු ඇගම රෙද්දතිං වහාගෙන නිදා උන්නා. අපේ එකා මහ පාන්දර චූ බරට ඉහලට ඉස්සුනු අහවල් එකත් කරතියාගෙන කෙල්ලගේ කාමරේට පැන්නා. කෙල්ල ඔලුවේ හිටන් පෙරවාගෙන බුදි. මුගේ තිබුනු තදියමට මොන ෆෝ ප්ලේද කලුවරේම රෙද්ද ඉස්සුවා දැම්මා පටාන්ගත්තා. වෙනදාවාගේ තදයකුත් නෑ නන්දන වින්දන වෙලාද දන්නේ නෑ කියලා ඩ්‍රැකියාට හිතුනාමත් නොමේ. එත් ඌ වැඩේ නතරකොලේ නෑ. වැඩේ යන අතරේ රෙද්ද පාත් කරලා තොලක් දැම්මා අප්පට හුඩු ලොඹු කටේ තොල් දෙකම ඩ්‍රැකියාගේ කටේ.
      ඩ්‍රැකියා ඇහැව්වා
      "ආච්චිද?"
      "හුම් හුම් "
      ආච්චි කීවා.
      "එළියට ගන්නද?" ඩ්‍රැකියා ඇහැව්වා.
      "මුහු මුහු"
      දෙපැත්තට ඔලුව වනලා ආච්චි එපා කියලා කීවා. කවුද අනේ එපා කීවාම නවත්වන්නේ කියලා
      ඉතිං අපේ එකා හැමදාත් ආච්චිගේ කාමරේට රිංගුවාලු.

      Delete
    8. ඊය යකෝ...! උදේ බීපු කෝපි එකත් පිත්තල රහ වුණා.

      Delete
    9. ඔය එළිවෙන්නේ ඩුප්ලිකේටාගේ හපන්කම්. නොදකින් Granny F##%ker.

      Delete
    10. ඔය පරණ කතන්දර කියාගන්නෙ පරෙස්සමින්. දැන් ඔන්න හිටු කියලා සබ්බියත්වේ රකින්න වෑයම් කොරනවලු... අනිත් සේරම කරලා අහවර හින්දා...
      අතීතෙටත් බලපාන නීති හදපු රටේ ඔහෙලවත් කුදලාගෙන ගොහින් අච්චු කළොත් කවුද අප්පේ කමෙන්ටු දාන්නේ...

      ඇඩම් ඩ්රේක් ඇන්ඩර්සන් උන්නැහේ... ඉතිං ඉතිං.... මොකෑ වෙන්නේ?

      Delete
    11. ඉතිං ඉතිං... නිමල් පුතා කොහොමද? අර එදා වැටුණු පුවක් කෑල්ල අහුලගත්තද ඉතිං?

      Delete
    12. අහුලගන්න එපා අහුලගන්න වාගේ ඉන්න කියලා තින්නේ

      Delete
    13. යකඩෝ මං වගේ මෝඩ ගහක්! ඇඩම් රජෝ.... ඔයා කිව්වමයි ආයෙම එතනට ගිහින් පුවක් කෑල්ල අහුලගත්තද කියපු එක හෙව්වේ.... මහලු නිමල්.... ඕක එදා මට මීටර් වුණේ නැහැනෙ....

      කොමිටල් ඩ්රැකී, ඇඩම් දෙන්නම මට උදව කරන්නෝනි ඇත්තම කියල මට අපහාස කරාපු ඔය තරුණ කොල්ලට වැඩක් දෙන්න...

      Delete
  4. රියල් පොරගේ රියල් කතාව දමලා අපිටත් පොරසිද්දිය දුන්නට මිස්ටර් නිමල් ලොකු අයියා මහත්තයාට රොම්බ ඉස්තූතියි.අරිගතෝ ගොසයිමසු..

    ReplyDelete
    Replies
    1. සමුරායි ඩ්‍රැකී

      Delete
    2. වයිකින් ඩරැකී

      Delete
    3. තෝ නිකං ඉදියාප්පෙයක් වගේ තූ ඉතරක්! දැනගං!

      Delete
    4. මගෙ හැටි කියන්නෙ, බලපියකො තොගෙ හැටි, කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ල වගේ...

      Delete
    5. කැන්ඩිඩේට් ඩ්‍රැකී

      Delete
    6. කාඩින් (ලේබ්ලින්) ප්‍රා...

      Delete

    7. https://en.m.wikipedia.org/wiki/Carding

      https://en.m.wikipedia.org/wiki/Carding_(fraud)

      Delete
    8. හා... "උප්පැන්න විවාහ මරණ රෙජිස්ට්‍රාර් ප්‍රා" එහෙනං

      Delete
    9. මම ඩ්‍රැකී නෙමෙයි. ඌ ලියන්නැතුව අතරමං වෙච්ච අසරණයෙක් මං.

      Delete
    10. ඒක භාෂා පරමේෂ්වර, උපහාස කලා වල්ලභ,අසූ කෙළෙක් ඉන්සල්ට් ඩික්ෂනරි වචන ඇති, ඒ කෙළෙඹිපුත්තරයානෝ කඩු හරඹයට අසම-සම බව, සඤ්ඤක බස්සෝ නං දන්නෝයැ.

      Delete
    11. අනේ අහිංසකයා. බොලං වැම්පයර්, ඔන්නොහෙ ලියල දාහං. අර බවලතාට තාම සිහිය නෑ, මෙයාගෙ ඇඟ උඩ.

      Delete
    12. කැකුළිගෙ පොජ්ජට ගිහිල්ලා, කාඩින් හොයලා එහෙම එන්නැයි පරක්කු වුණේ. අපරාදේ ඒ වගේ අඩවි නැවතිලා තියෙන්නේ..... රස ගුලා!

      සේරෝටම වැඩියෙන් බකුසු මහත්තයෝ, මටත් පුදුමයක් Pra Jay උන්නැහේගේ සෙවුම් යන්තරේ ගැන.
      අසංග, ඩ්රැකී ඔන්න හොඳ කතාවකට නිමිත්තක්!

      Delete
    13. ඇඩම්... ඉක්මනින්ම ඩ්රැකී උන්නැහේ ඔහේ ගැන ලියයි මයෙ හිතේ!

      Delete
    14. බස්සො වගේ sky eels හෝ හුලං ආදො නොවෙන අපිට මොකක් හරි වචනයක් දාල ශේප් වෙන්න වෙනව

      Delete
    15. ගුවන් ආඳා, මරු නම බස්සට...

      Delete
  5. සුනඛ පූට්ටුවට තවත් කතාවක් මම අහලා තියනවා. බැංකුවකට අලුතෙන් නිල ලාංඡනයක් හදන්න තරඟයක් පැවත්වුනාලු. අවසාන වටයට තේරුණ තරඟ කරුවන් එකිනෙකා සභාව ඉදිරියට ගෙන්නලා, ලාංචනයේ අර්ථය පැහැදිලි කල යුතු උනාලු. එක ලාංඡනයක තිබුනේ බලු පූට්ටුවක්ලු. අර්ථය පැහැදිලි කරමින් තරඟ කරු මෙහෙම කිව්වලු.
    මේක මේ බැංකුව වගේ තමයි, බොහොම සුලභයි. හැම නගරයකම වාගේ දකින්න පුළුවන්.
    මේ බැංකුවට ලේසියෙන්ම සල්ලි දාන්න පුළුවන්. හරියට මේ බල්ලා දැම්මා වාගේ!
    මේ බැංකුවෙන් ලේසියෙන් සල්ලි ආපහු ගන්න බැහැ. දැන් මේ බල්ලට වෙලා තියන දෙයින් පෙන්නුම් කරන්නේ ඒකයි !
    විනිශ්චය මණ්ඩලය මුළු තරඟයම අවලංගු කරලා දැම්මලු.

    පතිවෘතා ව රැකපු එළදෙනගේ කතාව කියෙව්වාම, එළ දෙන්නු ගැබ් ගන්වන්න ගිය පශු වෛද්‍යවරයාට කලිසම එල්ලන්න ඇනයක් ගහලා තිබුන කතාව මතක් උනා.

    //ඉඟුරු- කොත්තමල්ලි- තිප්පිලි බැදලා කුඩු කරගෙන, වෙනිවැල්ගැට කුඩුත් එක්ක කලවම් කරලා තියාගෙන... තේ වගේ හදලා බොන එක හුඟාක් හොඳයි වගේ; මට නං!//
    ස්කොට්ලන්තේ හිටපු පුරාණ සෘෂීවරුන් බාර්ලි ඇට පැළවෙන්න ඇරලා, ඒවා වේලලා කැබලි කරලා ඊට නොයෙකුත් කෙම් පහන් කරලා, ඒවායින් හදාපු තරල සාරය තමයි මට නම් ගැලපෙන්නේ. එයින් අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි නසන බවත් (දෙසිය තුනක් අතුරු ආන්තරා, මේ බෙහෙත් වලින් නැති වෙනවද, ඇති වෙනවද කියලා මට ෂුවර් නැහැ) අත්දුටුවයි සත්තයි.

    ReplyDelete
    Replies
    1. මෙක්සිකෝවෙ පතොක්වුනත් නරක නෑ.

      Delete
    2. "ලස්සන වසිලීස්සා" පොතේ, අර මාර්යා මොරේව්නා රැජිණ ගෙ කතාවෙ ඉන්න නොමැරෙන කසේයි රාක්සයගෙ අස්සය වරක් කියනව,

      "ඉවාන් කුමාරයා අල්ලගන්න, අපි දැන් සී සාලා, බාර්ලි වපුරලා, බාර්ලි හැදෙනකං ඉඳලා, අස්වැන්න නෙලලා, බියර් පෙරලා, වෙරි වෙනකං බීලා, නටලා, නිදාගෙන ඉඳලා, නැගිටලා ගියත් අල්ලගන්න පුළුවන්" කියලා...

      Delete
    3. අඩෝ! මාර්යා මොරේව්නා රැජිණ තමා මගෙ බාලාංශ කාලේ ෆස්ට් ලව් එක!!

      Delete
    4. ෆල යන්ඩ! තෝ ඒකටත් ආවද කෙල හළාගෙන?

      Delete
    5. ඉවාන් බයිට් විතරයි

      Delete
    6. ඔය කිව්වෙ අපේ ලව්පූස ගැන ද?

      Delete
    7. ඔව් දැන් එෆ්බී එකේ ලව් බයිට්

      Delete
    8. හපොයි එෆ්බී ගිය කාලෙයක් මතක නෑ...

      Delete
    9. ඔබට මතක නෑ
      මට අමතක නෑ
      මතක් උනත් මතක නෑ
      සිරාවට අමතක නෑ

      Delete
    10. සෑම් පෙරේරගෙ කතාව සිරාවට ම ඇත්ත ඈ... ඒක සිරා කතාව

      Delete
    11. අහෝ අපේ ලව්පූස්! මෙහෙ ඉන්න කාලෙ යස අගේට හිටියා

      Delete
    12. මහා දිග කාලෙකට පස්සේ අපේ විද්වත් සජ්ජන මිත්‍ර සංගමේ ඊයේ රෑ දෙකාමාර විතර වෙනතුරු නිඳි මැරුවා... දැන් නං හැමෝම වැඩි දෙකම විදගෙන තියෙන නිසා එහෙම දේකට ඉඩ හැදුණේ. එතකොටත් එයාලා මට නිර්දේශ කළා ඔහොම තරල සාර වර්ග...
      මං ඉතිං හන මිටීම කර තියාන ඉන්නා පුඟුලා නෙව...

      Delete
    13. අපේ නිර්මාංශ ඩොක්ටර් කෙනෙකුත් කිව්ව දවසකට බියර් එක බෝතලයක් බිව්වට කමක් නෑ කියල.

      Delete
    14. හරකා වෙජිටේරියන් හින්දා හරක් මසුත් වෙජිටේරියන්

      Delete
    15. ඒකනෙ දැන් දෙපාරක් තුන්පාරක් විතරම හරක් මැරිල්ල නැවැත්තුවේ...

      Delete
  6. ඔය අන්තිම කතාව සිද්ධ වුණේ ජෝන් කොතලාවලයි, බණ්ඩාරනායකයි අතරෙ.

    දෙන්නා මැරිලා, මළ ආත්ම දෙක, මරදානෙ ස්ටේසම ළඟ ගාඩර් ඒක උඩ ඉන්න ගමං, ඔට්ටුවක් ඇල්ලුවලු, කවුද වැඩිම බඩු කාරෙය කියල දැනගන්න. අර කිව්ව වගේම, මෙව්ව කරපු කෑල්ලක් එතනිං ගියොත් අසුරක් ගහන්න.

    ඔ්ං ඒතනිං පොෂ් කෑල්ලක් ගියාම, ජෝන් අසුරක් ගැහුවලු, ඒ් එක්ක ම බණ්ඩාරනායකත් ගැහුවලු.

    තව පාරක් ලස්සන කොල්ලෙක් ගියා ලු, බණ්ඩාරනායක අසුරක් ගැහුවලු.

    ඔහොම ඔය සෙල්ලම කෙරීගෙන යද්දි සිරිමයි, චන්ද්‍රිකයි, සුනේත්‍රයි ගියාලු.

    බණ්ඩාරනායක අසුරක් ගැහුවලු,

    කොතලාවල අසුරු තුනක් ගැහුවලු.

    බණ්ඩාරනායකට මළ පැනල, ගාඩර් එකෙන් බිමට පැනල, සරමත් පිටිපස්සෙං උස්සගෙන ඉස්සරහට නැමිලා,

    "තෝ මේකටත් ගහල, මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කරපං" කියල අසුරු හතරක් ම ගහල පෙන්නුවලු.

    ReplyDelete
    Replies
    1. ටෝ මගෙ කතාව ලියල හිටං, උවමනා තරමක් මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කරපන්

      Delete
    2. අම්මට සිරි!

      අඩෝ ඩ්‍රැකෝ, බොට බැයිනං මං ලියන්ඩද මුගෙ පට්ටන්දරේ?

      Delete
    3. තෝ ලියල මටත් පාරෙ බැහැල යන්ඩ බැරි කරපිය!

      ඩ්‍රේක්,
      ඉතිං උඹම ලියාගනිංකො. උඹටත් බ්ලොග් එකක් පටං ගෙන උඹ ම ලියාගනිං, "මගේ චූන් - මටම චූන්" කියල...

      Delete
    4. මං ලියනව තමා, තව සතියක් දෙකක් බලල. මොන මගුලද්ද මේ, අටේ පංතියෙ කෙල්ලො වගේ ගණං උස්ස උස්ස ඉන්නෙ?

      Delete
    5. අනේ ලියනවා නං, මාවත් ගිණි මැලයක් උඩින් තියල ටිකක් රත් කොරලම ගනින්. අමුර්ත වඩියක් දෙනව නං, ඒත් කාරියක් නෑ.

      Delete
    6. අමුර්ත සුරා වඩියක් ගහමු?

      අර සල්පිලේ කිව්ව වගේ,

      "වඩිය පැහෙනවා ඒකාගෙ ඇල පාමුල..."

      Delete
    7. ඔයාලා හැමෝටම රොම්බ තැන්ක්ස්!
      ෂුවර් එකටම අල්ලපු ගෙදරින් අහනවා 'මොකද නිමල් අයියේ, තනියම හිනා වෙන්නේ?' කියලා.හිනා වෙන්න ලෝබ නැති නිසා නිතර ඔය ප්‍රශ්නේ ඇහෙනවා. අදත් උදේ පාන්දර ඉඳලා මං හිනා වෙවී ඉන්නේ.... ඔයාලා නිසා.

      මෙහෙම මෙහෙම...
      මගේ ගොන්කමටද, වනචරකමටද මන්දා මට ඔහොම දේවල් කියවනකොටම 'මනෝ චිත්‍ර' ඇඳෙනවා නෙව!

      Delete
    8. මෙහෙම මෙහෙම කතාව කොහොමත් කරල පෙන්නමින් කියන කතාවක් තමයි. ඔයවගේ විෂුවල් කතා තව කොච්චර තියෙනවද? ඇම්ඩගෙ එයා පෝට් එක තනිකරම කරල පෙන්නන්න තියෙන කතාවක්.

      Delete
    9. මතක තියාගෙන ඉන්නන්... ඇම්ඩගේ එයාර්පෝට්...

      Delete
  7. නිදි දන්නවද?

    විවාහය යන පදයේ අනාගත කාල පදය කුමක්ද?

    - දික්කසාදය

    ReplyDelete
    Replies
    1. ඔව්ව විහිලුද? කොතනටද හිනාවෙන්ඩ තියෙන්නෙ?

      Delete
    2. අඩෝ! ඒක විහිලුවක්ද?

      Delete
    3. ඒක විහිලු පිළිබඳ "ප්‍රසිද්ධ විහිලු පාළක මණ්ඩලේට" දාල අනුමැතිය අරං මෙතන ලිව්වෙ. තොපි ඔක්කොම හිනාවෙන්න නීතියෙන් බැඳිලා ඉන්නව. නැත්තං ගෙවපියව් "විනෝද දඩ"

      Delete
    4. ඒකට හිනා වෙනවට වඩා හොඳයි බොල දඩ ගෙවන්නැතුව හිරේ ලගින එක...

      Delete
    5. එල්ලුං ගස් ගියත් කමක් නෑ බං ඒකාතකට...

      Delete
    6. තොපි හිතුවද, තොපිටත් සංස්ථා සභාපතිකමක් ලැබෙයි කියල?

      Delete
    7. ඇයි එකෙක්ට ලැබුනේ කැන්ඩිඑළියේ අල කොමසාරිස් පදවිය

      Delete
    8. හෑ අල කොමසාරිස්? මොන අලද? කුකුල-ලද?

      "ගෝනි" එනවලු, පිටිපස්සෙන් ගෙදෙට්ටම.

      Delete
    9. හෑ එතකොට රෑට රෑට රුටරුට හාරපුවා

      Delete
    10. සමහරුන්ට හිනා වෙන්න බෑ තමයි හැම දේවල්වලටම. ගෘහස්ත ඇඩ්මින්ලත් ඉන්නවා ඇතිනේ....

      Delete
    11. නිකං නෙවෙයි, “වීර“ අලකේශ්වර...

      Delete
    12. වීර කෙසේ වෙතත් අලවීම වැඩිනම් තමා අල + කේස් + වර

      Delete
    13. ඔහොම වෙන්නේ මොන හන්දියට අනුවද?
      සිංහලේ සන්ධි තව වැඩි කරන්නයි වෙන්නේ.

      Delete
    14. අල කොමික් සාර්.

      Delete
  8. අර කතා කරන ගෙම්බිට තිබුණෙ, අරූ තව කාට හරි පෙන්නද්දි, කතා නොකර ඉන්ඩ හරියට අර ශ්‍රෙක් ගෙ බූරුව වගේ...

    ReplyDelete
    Replies
    1. මාත් ඒක හිතුව බං.

      ඔය කතා කරන ගෙම්බිගෙ කතාව තිබුණ අපි නොදන්න ලයිව් එකේ, "සුදු මල්ලිගෙ නිර්මල සුරංගනා කතාව" එකේ...

      Delete
    2. හෙහ්, හෙහ් අම්මපා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති හැටි.😂

      Delete
    3. බස්නායක ට කියන්ඩ... අපි ශ්‍රෙක් දෙවෙනි ෆිල්ම් එක බැලුවෙ විසිල් ගහ ගහ... අර තඩි ඉඟුරු පාං යෝදය එන හරිය...

      Delete
    4. එපාවෙන්නෙ නැති ෆිල්ම් එකක් පාවෙන අය ගැන

      https://en.m.wikipedia.org/wiki/Legend_of_the_Guardians:_The_Owls_of_Ga%27Hoole

      Delete
    5. හෑ! ගාඩියන්ස් ෆිල්ම් තව තියෙනවද? මම බැලුවෙ ජැක් ෆ්‍රොස්ට් විතරයි.

      Delete
    6. මේක අර එයාර් ස්ලිපිං අය ගැන. දෙවනි එකත් මේ අවුරුද්දේ එයි කියනව.
      තව ඉතිං ගාඩියන්ස්ලා ඕනෙනම් මාවල් ගාඩියන්ස් ඔෆ් ද ගැලක්සි

      Delete
    7. හිම බස්සගෙ මූණ බිත්‍තර ආප්පයක් වගේ නේද?

      Delete
    8. කමෙන්ට් කියවන එකත්, උත්තර ලියන එකත් විතරක් කර-කර ඉන්න වෙයිද මන්දා.... බ්ලොග් ලිවිල්ල පැත්තක දාලා... අරහෙන් අජිත් මහත්තයා සීරීස් නිර්දේශ කරනවා...
      මෙහෙන් තව ෆිල්ම්ස් මතක් කරනවා.... ශ්රෙක්, ගාඩියන්ස්...
      ඒ අස්සේ පරණ පොතුත්...

      ඔහෙලාම කියාපු films දෙක තුනක් ට්විශේෂ උදව්- උපදෙස් අරගෙන; තෙපර බාලා බාගත්තා කියන්නත් ඕනිනේ. මයෙ හිතේ Lotus, Sam එහෙම කියපුවාද කොහෙද... ඒවා බලන්නත් තියෙනවා...

      අන්තිමට ඇඩම් ඩ්රෙක්ට වෙච්චි ටිකම මගේ යටත් වෙයිද මන්දා....

      Delete
    9. හිම බස්ස නං පේන්ඩ බෑ මට. බිත්තර ආප්ප නං කන්ඩැහැකි දහයක් විතර එක පාර.

      Delete
    10. වාටිය තියෙන ඒවාද නැති ඒවද?

      Delete
    11. කොහොම වුණත් ආප්ප ආප්පමනේ....
      ඉක්මනට තව ආප්ප පාටියක් දාන්නවත් කෙනෙක් එනවා නං....

      Delete
  9. තොපි දෙන්නත් යක්කු, මැරෙන්නෙ නැති ඌත් යකා. ඉතිං මොකටෑ යකුනේ මරාගන්නෙ?🤣

    ReplyDelete
    Replies
    1. අඩෝ බකුස්... උඹත් ආවද? කියමුද සිංදුවක්, නිදිය ඇහැරෙන්ඩ...?

      Delete
    2. මරා ගන්න එක තමා ආතල්. අමරණීය උන් මරා ගන්න කොට තවත් ආතල්. බස්ස පැත්තකට වෙයං. උඹ මේවට මැදිහත් වෙන්ඩ එපා.

      Delete
    3. ඔය කඩු සෙල්ලම වගේ නෙවෙයි ගොයියෝ ටෝච් පාර. ඕකලා එන්නෙ ටෝච් අරං. අර දෙමල නයාත් ලුහුටලා ගියේ ඒකයි.😜

      Delete
    4. ඒකට මං ගාව තියෙනව ලයිට් සේබර්...

      (මං බැලුවෙ තව ටිහකිං තාරා දෙවඟනත් එයිද කියල. ඔහොම ගිහිං ලූක් අහසෙ ඇවිදිනත් එයිද දන්නෑ?)

      Delete
    5. මෙතෙන්ට හොද ඈත අතීතයේ හිටපු පත්තරමල්ලිඅයිය වගේ කැකුණාවරු.

      Delete
    6. අසංග කියල නාවිකයෙක් උන්නලු හොඳට බොන. පොරගෙ බේබදු කම හින්දම සැරයක් වෛෆ් තරහ වෙලා අම්මලෑ ගෙදර ගියාලු. ඉතිං අසංගටත් පට්ට තරහයි ලු තමන් එක්කම. තමුංගෙ බීමත් කම නිසානෙ වෛෆ් ගියෙ කියල. ඉතිං පොර ගියා ලු පිළිකන්නට. පිලිකන්නෙ ගොඩ ගහල තියෙනවලු බීපු හිස් බෝතල්. එව්ව එකිං එක අතට අරං,

      "තෝ හින්ද තමයි මගෙ ජීවිතේ කාළකන්ණි වුණේ"

      "තෝ හින්ද තමයි මගෙ වෛෆ් මාව දාල ගියෙ"

      "තෝ හින්ද තමයි මං හම්බුකරපුව නාස්ති වුණේ"

      කිය කියා පොළොවෙ ගහනවලු. කේන්තිය නිවෙන්න.

      ඔය අතරෙ අසංගට හම්බුණා ලු හිස් බෝතල් ගොඩ අතරෙ තිබිලා, සීල් කඩපු නැති බ්‍රැන්ඩි බෝතලයක්. අසංග ඒ්කත් අතට අරං ටික වෙලාවක් බලං හිටියලු.

      "උඹ මෙව්වට වගකියන්ඩ ඔ්න්නෑ. මම උඹ බීල ම නෑනෙ. උඹ මෙව්වට මැදිහත් වෙන්ඩ එපා" කියල අරං ගිහිං ගෙදර මිනි බාර් එකේ කැබිනට් එකෙන් තිබ්බලු.

      Delete
    7. සැටිපිකෙට් ඇත්ත. ඕකා බොන්න පෙරේතයා.

      Delete
    8. අඩේ ඩ්‍රැකියො ඒක පට්ට. අනූ නමයායි..

      Delete
    9. ටෝච් කතාවත් කියෝලා ඇවිත් පහළට යනකොට මිනි බාර්..... අද නං මගේ හුස්ම හිරවෙලා මැරෙනවා... හිනාවටම...

      Delete
    10. අපේ ගෙදරත් තිනවා මිනී බාර් එකක්. ලේ බොන්න ඔනේ උනාම එකෙන් මිනිහෙක් ඇදලා අරන් බීලා දානවා.

      Delete
  10. ඔන්න හාෆ් සෙන්චරිය ගැහුවා. මං යනව යන්ඩ.

    ReplyDelete
    Replies
    1. මාත් යනව බුදියන්න, දවල්ට. ආයෙ එඤ්ඤං සෑට කමෙන්ට් බලන්න.

      Delete
    2. නොව ගෝචර
      වී ජල්තර
      ඇත කලුවර
      අපි නිසාචර

      Delete
    3. ඔව්
      මං ආවෙත්
      සඟක් දාගෙන
      පොලරොයිඩ්

      Delete
    4. රයිඩ් රයිඩ්
      යන්න ගයිඩ්
      කෙනෙක් එක්ක
      තියන් සයිඩ්

      චර චර චර
      නිශාවෙ චර
      නැති වනචර
      නැත ජල්තර

      Delete
  11. පෝස්ට් එක කියවලා හිනාවෙලා, කමෙන්ට්ස් කියවලා තවත් හිනාවෙලා මම කල්පනා කලේ ලංකාව සතුටින් ඉන්න රටවල් දර්ශකයේ තව ටිකක් උඩින් ඉන්න ඕනෙ නැද්ද කියලා.

    (කමෙන්ට්ස් දාන්න කම්මැලිකමේ හිටියේ නිමල්ට කමෙන්ට්ස් සීයක් දෙන්න කට්ටිය කතාවෙන නිසා එකක් දැම්මා).

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ වර්චුවලි තමයි සතුටින් ඉන්න වෙන්නෙ. රියල් ලයිෆ් එකේ හිනායන ට්‍රැජිකොමඩිනම් ඕනෙතරම් මෙහෙ තියනව නෙලුං මිය/ මෙනවිය / වහන්ස.

      Delete
    2. නෙලුම් අක්කේ... සෝ සොරි නෝනේ.. හුටා වැරදුනා .. නෙලුම් මැඩම්.. ලංකාවේ කොමඩි පොලිටීෂන්ලාගේ කොමඩි සීන් ඕනේ තරම් වෙනවා අපිලාට හිනායන්නෑ ඇඩෙනවා විතරයි.

      Delete
    3. අම්මා පොතේ නිකොලායි ඉවානවිච් කියනව "වැඩිපුර ම හිනාවෙන්නෙ, වැඩිපුරම හිත රිදිච්ච මිනිස්සු" කියල

      Delete
    4. මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
      හිනාවෙන්න හිනාවෙන්න එතකොට තරවෙන්න
      කෙට්ටුවෙන්න මොටද ජිම් දුවන්නේ
      ඔරවන්න ඔරවන්න එතකොට ස්ලිම් වෙන්න

      Delete
    5. ස...ස...ස...ස... ගරිගෙන මොනවද වෙන්නේ

      Delete
  12. හිතාදර ඔයාලා හැමෝටම හද පිරි සෙනෙහසින් යුතුව ස්තුති කරමින් 111 වෙනි කමෙන්ටුව කොටන්නේ! ස්තුතියි ගොඩාක්!!!

    Lotus, ටික දවසකින් නේද?

    ලංකාවේ සිදු වෙන දේවල්වලට අඬන්න ඕනිද, හිනා වෙන්න ඕනිද එහෙමත් නැත්තං ඇඬෙනකල් හිනා වෙන්න ඕනිද කියල හිතා ගන්න බැරිවයි මං නම් ඉන්නේ!

    ReplyDelete
  13. Replies
    1. දැකලා තිබුණේ නෑ. foto එකක් නං බාගත්තා බ්ලොග් එකට.

      Delete
  14. අපොයි හොඳටම පරක්කුයි.
    කමක් නෑ තව ඩ්‍රැකීල හතරපස්දෙනෙක් මතුඋනාම ආවනං ඇති.

    කොහොම හරි අර නු.ප.පා.ස.කො. ඩ්‍රැකියට කෙලවෙනවනං එච්චරයි වෙන්න ඕන.
    -னයා-

    ReplyDelete
    Replies
    1. බලං හිටු! කෙළවෙනකං!

      Delete
    2. ටෝච් එකේ බැස්ටි බැහැලාද?
      අල කොමසාරිසා බලං ඉන්නේ කෙලවෙනකම් නොවේ අල බහිනකම්

      Delete
    3. ඒක සිරා කාඩ් එක. “අල කොමසාරිස්“

      Delete
    4. අල බහින කොට වැල මැරෙනවා. මුගෙත් ඉන්නල දෙක බැහැලා වැල මැරෙන්න පන අදිනවා.

      Delete
    5. නුපපාසකො ඩ්රැකියා!
      අල කොමසාරිස්!!
      දෙකම මල්.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්