ඉඩකඩයි, අවස්ථාවයි, පහසුකමුයි තියෙනවා නං ‘වනචර’ වෙන්නට අකැමැති අයත් ඉන්නවද?
බැරි වෙලාවත් එහෙම අකැමැත්තක් තියෙනවා නං තියෙන්නට හැක්කේ ‘අතපය හතර වාරු නැති-
ඇස් නොපෙනෙන- හැඟීම් දැනීම් නොදැනෙන- නාඩි නොවැටෙන- වීතරාගී’ අයට විතරකි.
මැණිකේ, සරත් දෙන්නා දෙදරු
මවුපියෝ වෙති. ලොකු පුතා හේෂාන්ය; දියණිය මිත්මාය... |
‘නිදි, මෙහෙම වෙලාවක අනුන් ගැන කියනවට වැඩිය හොඳයි නේද තමුන් ගැන කියන එක.’ ඔව් නේන්නං!
ඉතිං මගේ ගැන සත්තක ඇත්ත නොසංගා කියනවා නං මෙහෙමය. නිතරෝම වුණත්, වනචර වෙන්නට ලැබෙනවා
නං, මං වහන්සේ හරී..ඊ..ඊ..ඊ..ම සතුටුය! ඒත් දුකට කාරණය, හිතෙන- හිතෙන හැටියට, හිතේ
හැටියට නිතර-
නිතර වනචර වෙන්නට අවස්ථා- ඉඩකඩ මං වහන්සේට නොලැබෙන එක ගැනය.
බොලේ!
බැලූ බැල්මට ‘වනචර’ වචනෙට තේරුම් දෙකක් තියෙනවා නෙව.
කොයිකටත් කියලා, සිරි ලියනගේ මහත්තයගෙ ‘නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය’ දැවැන්ත
පොත අතට අරගෙන පිටු පෙරළුවා. 960 වෙනි පිටුවේ මෙහෙමයි තියෙන්නෙ.
‘වනචර. (සං. වනචර) අ. කැලෑවේ වාසය කරන, වනයෙහි හැසිරෙන. ආ.
ආචාර ධර්ම නොතකන, අශීලාචාර.’
දැන්
නං මට පේනව පේනවා වගෙයි, මේ post එක කියවන වැඩි දෙනෙකුගේ මූණෙ මේ වෙලාවේ තියෙන හොර
හිනාව. වනචර වෙනවයි කියල කිව්වම ඔයාල හිතුවේ ‘වැඩිහිටියන්ට පමණයි’ එහෙමත් නැත්තං ‘X
rated’ කතන්දරයක් කියලනේ!
ආයෙ ‘නැහැ’ කියන්න ඕනිය. අපට ඇහෙන එකක්යැ...
මගේ ආදරණීය පාඨකයන්ව හිටි ගමන්- මෙහෙම චුට්ටක් අවුස්සලා- නන්නත්තාර කරන්නටත් ‘නසරානි’
මං කැමතිය. අන්දොස් වැඩවලට අමුත්තෙකු නොවෙන මට ඉඳහිටවත් එහෙම නොහිතෙනවා
නං නෙව පුදුම...
ඉතිං,
අද ලියන්නට යන්නේ ‘වන+චර = වනයෙහි හැසිරෙන’; වනචර වෙන්නට ගිය ගමනක කතන්දරයකි!
“නිමල්
අයියේ, ඔන්න දැන් තියලම කියන්නෙ. බැහැයි කියන්න නං එපා. අපේ හේෂාන් ලංකාවට එනවනෙ වෙඩින්
එක ගන්න. ඔයයි නෙවිල් අයියයි දෙන්නම wedding එකටයි, පොඩියට ගන්න හිතාගෙන ඉන්න home
coming එකටයි දෙකටම එන්න ඕනෙ. ඒ වගේම අයියේ, අපි යන්න ලැහැස්ති කරන tripවලටත් එන්නම
ඕනි. ඔන්න ලියල තියාගන්න දවස් ටික... ඒ දවස්වල අසනීප එහෙම හදා ගන්න නං එපා නිමල් අයියේ.”
මැණිකේ නංගී මට ඒ ටික කිව්වේ මේ අවුරුද්දේ පෙබරවාරියේද කොහෙදය.
“මම නෙවිල් අයියටත් කියන්නං. ඔයාත් එයාට දවස් ටික මතක් කරන්න හොඳේ.”
මැණිකේ
නංගි කියන්නේ‘චිත්තම්මා’ගෙ බාලම දියණියටය; අපේ සුමිතුරු W A L ප්‍රියන්තගේ නැඟණියටය.
මැණිකේ, සරත් දෙන්නා දෙදරු මවුපියෝ වෙති. ලොකු පුතා හේෂාන්ය; දියණිය මිත්මාය. දැන්
හේෂාන් ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙකි. හේෂාන් සඳුනි විවාහය ‘ඒ පුරවැසිකම ලැබෙන තෙක්’
කලක් තිස්සේ පෙරුම් පුරමින් ඉඳලා කෙරෙන්නකි!
2023 මැයි 25 වෙනිදා සුබ
මොහොතින් හේෂාන් පුතා සඳුනිගෙ අත ගත්තේය. |
“ෆේවරිට් තැනක්? අපේ...”
“ඔව්! අයියම දවසක් කිව්වේ, එක දිගට අවුරුදු පහළොවක්ම ඔයාල
සිංහල අවුරුදු දවස්වල හිටියේ මැදපිටියෙයි කියලා. අපි වස්ගමුවටනෙ අයියේ යන්න හදන්නෙ...”
එතකොටත් ඒ trip එක යන්නට සුදුසු තැන් කිහිපයක් ගැනම මැණිකේ නංගි මගෙන් විමසා තිබිණි.
එහෙම සොයා බලන්නට වුණේ- ගමන යන්නට හිටි පිරිස පුංචි නොවුණු බැවිනි.
“ගඟේ වාඩියේ යන්න
ආසයි. ඒත් අයියේ, ප්‍රියංකර කිව්වා වැස්ස ගැන. පොඩි කට්ටියක් නෙවෙයිනෙ යන්න හදන්නෙ.
වැස්සොත් ගමනම චොර වෙනවා. වස්ගමුවට නං ඒ දවස්වල පායනවනේ.”
Trip
එකට යන පිරිස වැඩි නම්, අපේ සුපුරුදු උපක්‍රමය ක්‍රියාවට නංවන්නටත් පහසුම
හා සුදුසුම තැනකි; වස්ගමුවේ මැදපිටිය. “අපි හිතාන ඉන්නේ නිමල් අයියේ- උල්පත් හතයි,
මැදපිටිය එක- දෙකයි sites තුනම බුක් කර ගන්න.”
“බස් එකකද යන්නෙ?”
“Bus එකක යනව නං තමයි ජොලි. අපෙ අයියත් එක්ක බැහැනෙ. එයා බස්වල යන ට්‍රිප්වලට
එන්නැති එකකුත් තියනවනෙ....”
ඒ සේරම පස්මහ බැලුම් බලලාය, වස්ගමුවේ යන්නට සැලසුම් කෙරුණේ!
ඊට කලින්
2023 මැයි 25 වෙනිදා සුබ මොහොතින් හේෂාන් පුතා සඳුනිගෙ අත ගත්තේය. 27 වෙනිදා Home
Coming එකත් තිබුණේය. ගෙදරදී, පොඩියට ගන්නවා යයි කියවුණු හෝම් කමින් එකත් පොඩි නොවුණේය.
එහෙම වුණු එකේ පුදුමයකුත් නැත. මැණිකේ නංගිලාගේ හතර වරිගයේ කිට්ටුම නෑදෑයන් විතරක්
වුණත් සිය ගණනකි. (මට පිළිකාවක් වැළඳී ඇතැයි දැනගත් විගසම, මේ ලියන්නාට සෙත් පතා- චිත්තම්මලා සංවිධානය
කළ බෝධි පූජා පින්කමටත් ‘මැණිකෙලාගෙ මව් පාර්ශ්වයේ නෑදෑයෝ’ සීයකට වැඩියෙන් සහභාගී වූහ.)
ඉතිං
අර හෝම් කමින් සාදයේ යුද්ධය මැද්දේ...
සිද්ද වුණු දෙයකුත් නොකියා බැරිය. පිරිස යහමින් ඉන්නා විටෙක සාදයක ගී ගංගාව පිටාර ගලා
යවන්නට නම් කළ යුත්තේ පිල් දෙකකට බෙදවීමයි!
(තන්වැසි නුවණින් අඩු පුරවස්සන් වන අපට නොදැනෙන අයුරින්, අතිදක්ෂ ලෙස අවුරුදු 75කටත්
වැඩි කාලයක් තිස්සේ ‘බලය’ ලබා ගැනීමටත් දේශපාලුවෝ ‘මේ බෙදවීම’ යොදා ගනිති. අපි ඔවුන්ගේ
‘දිරච්ච ලණු කන්නට’ත්; කාලා ඒවායින් ඇවිස්සෙන්නටත්; ඇවිස්සී මහීෂයන් වෙන්නටත්
රුසියෝ වෙමු.)
එදාත්
කව්රුන් ‘ඒ බෙදීම’ යෝජනා කළාදැයි මට නිච්චියක් නැත. ‘නුවරින් එක සිංදුවයි, කොළඹින් එකයි කියමු...
මාරුවෙන් මාරුවට...’ වගෙය, අදහස මතුව ආයේ. එතෙක් වෙලා එක පොකුරට ගී ගැයුවෝ එසැණින්
දෙපිලකට බෙදෙන්නට වූහ.
පිල්වලට බෙදීමේ-
බෙදවීමේ ආනිශංසය එතරම් කදිම අයුරින් ඉතා මෑත දිනෙක මං දුටුවේ එදාය! |
ඒ අතරවාරයේය,
ඉසිඹුවක් ලද වහාම, මැණිකේ නංගී මට කතා කළේ. “නිමල් අයියේ, ජුනි මාසෙ දෙවෙනි සුමානේ
අන්තිමට තමයි අපේ ගමන දාගන්න හදන්නෙ ඔන්න.”
“අනේ very sorry නංගී, ඒ දවස්වලම තමයි පාද යාත්‍රාව පටන් ගන්නෙත්...
අපි නැතිවට කමක් නෑනෙ... ඔයාල ගිහින් එන්න.”
“එහෙම බෑ නිමල්... ඔයාල කවදද පාද යාත්‍රාවේ ගිහිං එවෙන්නේ...” එතැන හිටි ප්‍රියන්තත්
අපේ කතාවට සම්බන්ධ වුණේ එතකොටය.
“ජුනි
16 විතර වෙයි, ප්‍රියන්ත...”
“එහෙනං මැණිකේ, trip එක ඊළඟ වීක්එන්ඩ් එකට දාගනිමු.”
නෙවිලුත් මාත් නිසා ඒ සංචාරය සති දෙකක් පමා කෙරෙන්නට කටයුතු යෙදුණේ එහෙමය. හරියටම ගණන්
තියාගෙන හිටියේ නැතත් කියන්නට හැක්කේ තිස්-හතළිස් වතාවක්ම මැදපිටිය camping site
එකට ගිහිං තිබිලාත්, මං වහන්සේ නොසිඳුණු
උද්යෝගයකින් යුතුව එහාට
යන්නට ලක-ලැහැස්ති වුණු බවයි!
“මොනවද
නංගී මගෙන් කෙරෙන්න ඕනි?” මං මැණිකේ නංගිගෙන් ඇහුවේ වෙනදා පුරුද්දටය. “කී දෙනෙක් විතර
යනවද ගමනට... උදේට... දවල්ට කෑම හදාගෙන යනවද?” ජුනි 20 වෙනිදා, සනෝලි ස්වීට්ස් අතුලලාගේ
ගෙදරදීය මං ඇහුවේ. (අතුලලාගේ ගෙදරදී කලින් දිනයෙක තිබුණු රාත්‍රී
භෝජන සංග්‍රහයකදීමය, වැඩිම ප්‍රතිචාර රැසක් ලද අතිසංවේදී post එකක් ලියන්නට නිමිත්තක්
මට ලැබුණේත්! අතුල, ප්‍රියන්ත දෙන්නාටම ඒ වෙනුවෙන් ගොඩක් ස්තුතියි!!)
“උදේ පහට පිටත් වෙන්න හදන්නෙ. උදේටයි දවල්ටයි උයාගෙන යන්නයි හිතුවෙ නිමල් අයියේ. පීරිස්
අයියලාගේ කට්ටියත් එනවා නං තිහක්...”
“මැණි... නිමල් අයියට කියමුද එහෙනං උදේට පරිප්පුව හදන්න.”
“අනේ
එපා පොඩි අක්කේ...” මැණිකෙ නංගී බබිතාට කිව්වේ, ඒ රාජකාරි බරත් එයාගෙ කර පිටටම ගනිමිනි.
“ඒකත් මං හදන්නං. ඔයා මහන්සි වෙන්න එපා
නිමල් අයියෙ. අවුරුදු trip එක යන්න නෑවිත් හිටිය වගේ කරන්නෙ නැතිව, ගමන යන්න එන්නකෝ
නොවැරදීම- ඒ ඇති!”
“ඔව් ඔව් මැණි. කොහෙද... මෙයා පොඩ්ඩ බැරි වෙච්ච ගමන් පස්ස ගහනවනෙ.”
“බැරි බැරි ගානෙ ගිහිං අනිත් අයටත් කරදරයක් වෙන්න බෑනෙ බබිත නංගි.” මගේ නිදහසට කාරණය
ඒකය.
“අනේ මොන කරදරයක්ද අයියෙ. අපේ එක්කෙනාත් තවම කියන්නෙ ඔයා ඒ trip එකට ආවෙ නැත්තේ අපරාදෙ
කියලයි.” ප්‍රියන්තගේ ඇඹණිය; රසිකා නංගිත් නෝක්කාඩු කිව්වේ දයාබරවය.
වස්ගමු ගමනේ බලධරයන්ට සෙස්සන්ගේ
කෙඳිරිලි ඇහිලාය. පාර අද්දර මයිල ගස් හෙවණක වාහන ගාල් කෙරිණි. |
“දඹුල්ලටත්
ඇවිත්... තවම බඩගිනි නැද්ද මචං. මට නං අම්බානකට බඩගිනියි. කවුරු හරි බලධරයෙක්ගෙන් අහපල්ලකො උදේට
කන්නැද්ද කියලා.” එකෙකු කෙඳිරි ගෑවේ බැරිම විටය.
“බකමූණ හරියේදී තමයි කන්න හිතාගෙන ආවෙ නං. වතුර තියෙන ලස්සන තැනක නවත්තලා...”
“එතකොට අපේ පණ ගිහිං තියෙයි. බලනවකො... තැනින් තැන පාර හදන්න ලැහැස්ති වෙන හැටි.
දැනටමත් කොච්චර වෙලා ගියාද- මේ කැඩිලා තියෙන පාරේ ගාට ගාට ඇවිත්... ඊට හපන් දූවිල්ල...”
“ඒක
ඇත්ත! මෙහාට පායලා තියෙන හැටියට නං, ඔය කිව්ව විදිහේ වතුර තියෙන ලස්සන තැනකට තියෙන්නෙ
මොරගහකන්දම තමයි. එහෙනං එහාටම යං...”
කිරි
එරෙන්නේ හැඬුවාමය.
අපේ රට කරවන බලධරයන් වගේ නොවේ, වස්ගමු ගමනේ බලධරයන්ට සෙස්සන්ගේ කෙඳිරිලි ඇහිලාය. පාර
අද්දර මයිල ගස් හෙවණක වාහන ගාල් කෙරිණි.
පානුත්, බත් බාල්දියකුත්, පරිප්පුත්, පොල් සම්බෝලත්, බැදුමකුත් එළියට වැඩමවිණි.
“වතුර තමයි අඩු. බෝතල් තුන හතරයි තියෙන්නෙ...” කිට්ටුව තිබුණු කඩ සේරමත් වහලාය.
ගෙවල්වලත් කිසිවෙකු ඉන්න පාටක් නැත. අපට කරන්නට වුණේ පිරිමසා ගැනිල්ලය.
“මෙන්න
නංගි. මං කෙසෙල් ගෙඩි ටිකකුත් ගෙනාවා, අතුරුපසට.” හරිශ්චන්ද්‍ර ලොකු bag එකක් කෑම තිබෙන
තැනින් තබයි.
‘අඩෝ,
වත්තෙ තව කෙහෙල් ගහක් හුළඟට කඩා වැටුණද? / ඒයි මෙන්න හරිශ්චන්ද්‍ර අයියා කඩන් වැටිච්ච ගහක
කෙසෙල් ගෙඩි ගෙනැල්ලා. / ඔව්වත් කෙසෙල්ද මචං. රිලා xයි ඔයිට වැඩිය ලොකුයි.’ හිටු කියලා
card වැදෙන්නට පටන් ගැනෙයි.
හරිශ් පුරුදු විදිහෙන්ම සංවරව උත්තර දෙයි; කෙසෙල් ගෙඩි ටික ආපසු බෑගයටම දමන්නටත් සැරසෙයි.
“මම එහෙම හරි ගෙනාවනේ මචං... උඹලට කන්න බැරි නං නොකා ඉඳිමු. එතකොට ඉවරයිනෙ.”
“පව්
මචං, මනුස්සයා මහන්සි වෙලා ගෙනාව එකනෙ. එකක් දෙකක් කමු. අනෙක මල්කාන්ති අක්කත් ඉන්නවනේ...”
“මල්කාන්ති දන්නවා උඹලගෙ හැටි. මම එයාට කියලයි තියෙන්නේ.”
උදේට සූදානම් කරගෙන ඇවිත් තිබුණු කෑම රසවත්ය. ඒත් ඒවායින් බඩ පිරුණත්, මෙහෙම රසවත්
වාද-විවාද නැතිනම් අපේ කණ්ඩායමේ උදවියගේ හිත පිරෙන්නේ නැත.
“කවුද
නංගි අර මිත්මාත් එක්ක ඉන්න දුවල තුන් දෙනා? මීට කලින් මං එයාලව දැකල නැහැනෙ.” මං ඇසුවේ
ගමනට සහභාගි වී හිටි විසිපස් දෙනා අතරේ ආගන්තුක මුහුණු තුනකුත් තිබුණු බැවිනි. කෑම
භාජන, පිඟන් ආදිය අහුරමින් සිටින අතරේමය මැණිකේ මට උත්තර දුන්නේ.
“ඒ අපෙ මික්කගේ යාළුවො තුන් දෙනෙක්. එයාල කව්රුවත් camping trips ගිහින් නෑ.
ඉස්සෙල්ලම සැරේටයි අයියේ, මේ එයාලා කැලේක කෑම්පින් කරන්න යන්නේ.”
එතැනින්
පිටත් වුණාට පස්සේ හෙට්ටිපොළට යනතුරුම අප අතරමඟ නැවතුණේ නැත. එහෙම කරන්නට වුණාය කියලා
වෙහෙසක් දැනුණේ නැත්තේත් ඒ හරියේ ලස්සන හින්දාමය. “මේ හරියේ නං පාරවලුත් නියමයි...
ඇරල යන්න පුළුවන්.” (ඉහතින් ඇති සෙරාන් එච් ගමගේ පුතුගේ වීඩියෝව බලන්න.)
“ඉක්මනට
යන එක හොඳයි සරත්. මැදපිටියට ගිය ගමන්ම අපිට දවල්ට බතක් උයා ගන්නත් වෙනවා.”
“බත් ඉව්වෙත් නැත්තං මොනවද ඊයේ රෑ තිස්සේ නිඳා ගන්නෙත් නැතිව පණ දාගෙන උය-උයා හිටියේ...”
“බලන්නකො නිමල් අයියේ. අපෙ සරත් කියන කතා. ඕක මහ දෙයක්යැ අනේ. බතක් උයා ගත්තම උණු උණුවේ බඩ පිරෙන්න කතෑකි නේද? හෙට්ටිපොළින් එළවලු ටික විතරයි ගන්න තියෙන්නේ. අපි ටක් ගාලා ඒ ටික ගන්නංකො.”
“ගනියි, ගනියි ටක් ගාලා...”
“ඒ ගැන
නං වද වෙන්න එපා සරත්... ඔයාලගෙ යාළුවො සෝඩා, ස්ප්‍රයිට් එහෙම හොයාගෙන එනකොට
මැණිකෙලට එක සැරේට දෙපාරක් එළවලු ගන්න පුළුවනි.”
“කොහෙද ඉතිං. නිමල් අයියත් ගන්නෙම මෙයාලගේ පැත්තනෙ.”
“පේනව
නේද නිමල් අයියේ. ඔයා අපේ පැත්ත ගන්නවලු. ඔන්න, මීට පස්සේ මෙයාලට බයිට් හෙම හදල දෙන්න
එපා.”
එහෙම
කතන්දර මැද්දේ හෙට්ටිපොළ ටවුමට යද්දී, එකොළහමාරට විතරය. දැන් ඒ නගරයත් ගොඩක් වෙනස්ය.
අවුරුදු තිහ-තිස්පහකට විතර කලින් තිබණු විදිහේ කේඩෑරි නගරයක් නොවේ, දැන් තියෙන්නේ. එහිත් පාරවල්
පුළුල්ය; කඩසාප්පු එහෙමත්
ඉස්සරට වැඩියෙන් නවීකරණය වෙලාය.
“අන්න තියෙනවා එකක්. එළවලු ජාතිත් ගොඩක් තියෙන... තොග කඩයක්ද මන්දා...”
“අපි ගන්න යන්නෙත් තොග නේන්නං. දෙසිය පනහ ගාණේයැ... එනවකො යන්න.” සරත් ඉස්සර වුණේය.
හිස්
කරන්නට යන ‘වෙනිවැල්ගැට’ පාන බෝතල්වල සැර බාල කරන්නට අවශ්‍ය ෂැන්ඩි වර්ගත්, අනෙක් අඩුම-කුඩුමත්
සොයන්නට කට්ටියක් නික්මුණහ.
මැණිකේත්, සරතුත් එළවලු තෝරද්දී මමත් ටිකක් උදව් වුණෙමි.
‘අම්මට සිරි! මඩු
පියලි.’ |
මගේ නෙත ඇද ගත්තේ ධාන්‍ය වෙළෙඳසලකි. ඊළඟ මොහොතේ
මගේ දෙපා ඒ වෙළෙඳසලේය. කව්පී, තල, මුංඇට ගෝනි ජාති අස්සේ වඩාත් ඇස නොගැටෙන පොඩි ගෝනියකි.
‘අම්මට
සිරි! මඩු පියලි.’
එහෙම තැනකට ගියාම ගන්නට ඕනෑ දෙය මොකක්දැයි කෙලින්ම පෙන්නීම මෝඩකමකි. විශේෂයෙන්ම මිල
ගණන් ප්‍රදර්ශනය නොකොට තිබෙන තැනකදී. “මේ රතු
කව්පී කීයද?” ඒකට උත්තරය දෙන විටම ඊළඟ ප්‍රශ්නය. “මුංඇට...?”
ඒ කඩේ
හිටියේ පියකරු පැහැපත් ලලනාවකි. මට දැනුණු විදිහට නං ඒ වෙළෙඳසලේ හිමිකාරියයි; ඇය
නියම බිස්නස්කාරියකි! මං වහන්සේ ඇයව තක්සේරු කරන අතරවාරයේ ඇයත් ඒ කාරියම කරලාය.
“මහත්තයල මෙහෙ නෙවෙයිනෙ... කොහේ යන ගමන්ද?”
“වස්ගමුවේ... මට මුංඇට කිලෝ එකක් දෙන්න...” කියලාය, මං බබා part එකෙන් ‘මඩු පියලි’
කුඩා ගෝනිය දිහාවට හැරුණේ.
“මේ
මොනවද?”
දසනායක රත්නවතීට; අපේ මහරගම ආච්චීට පිං සිදු වේවා!
මඩු පිට්ටු, හල් පිට්ටු, අල කොළ මාළුව වගේ දේවල් ඉස්සෙල්ලම මා රස බලා තිබෙන්නේ ඇය සාදා
දුන් විටයි. ඒ දැනුම කොච්චර ප්‍රයෝජනවත් වේදැයි මට දැනුණේ ‘කූචු කුචයියෝ’ පෝස්ටුවේදී
කියූ තන්තිරිමලේ ගමනේදීය; මහාචාර්ය සුනිල්
ආරියරත්න- මහාචාර්ය ජේ.බී. දිසානායක- නන්දා මාලිනී- බන්දුල පද්මකුමාර යුවල-
සිරිසුමන ගොඩගේ යුවල- කේ.එම්.අයි. ස්වර්ණසිංහ ආදී රසවතුන් රැසක්මත් ‘හල් හැලප’ අගය
කළාමය.
“ඔය
මඩු පියලි.”
“මොනවටද ගන්නේ?” මං අහන්නේ නිරහංකාරවය; අනෙකිය කතාවට පොළොඹවන ස්වරයකින්ය.
“ඕවා හොඳට හෝදලා, වේලලා කුඩු කර ගත්තම රොටි, පිට්ටු එහෙම හදන්න පුළුවන්!”
“කිලෝවක්
කීයද?”
“රුපියල් දෙසීයයි.”
“එයිනුත් කිලෝ දෙකක් දෙන්න...”
“කිලෝ දෙකක්!
ඔයින් කිලෝ දෙකකුත් ඉක්මනට මේ මහත්තයට කිරල දෙන්න...” අර අංගනාව කිව්වේ එතකොට කඩයට
පැමිණි ගැමි කතකු දෙස බලමිනි.
දැන්
ඔබ මට අවසර දිය යුතුය. ඒ ගමන ගිහින් ආවාට පස්සේ සිද්ද වුණු හරියකුත් දැන්මම කියලා අහවර
කරන්නට.
ගෙදර
පැමිණි ඉක්මනින් මං කළේ මඩු පියලි කිලෝ දෙක හොඳින් සෝදා, වේලාගෙන මානෙල්ලාගේ ගෙදරට
අරන් යෑමයි. “මානෙල්, මේ මඩු පියලි ටික මෝලට යවල කුඩු කරවල තියන්න.”
“මඩු?”
“හ්ම්! ඔව්වත් හරියට හල් වගේ නැති වෙලා යන දෙයක්, මානෙල්. මතකයිද පොඩ්ඩලා බෝකුන්දර
හිටිද්දී මල්ලිකා හල් හැලප හදලා එව්වා. දැන් එහෙත් හල් ගස් කපලනෙ. මඩු ගසුත් ඒ වගේම
තමයි...”
එයා කියනවා මේ නං හල් නෙවෙයි කියලා! ඔව්වොව්, මේ ගෙඩි හැදුණු මඩු ගසකි!! |
“මෝලේ
මනුස්සයා මගෙන් ඇහුවනෙ ලොකා මොනවද මේ කියලා. ඒ මනුස්සයත් මීට කලින් මේවා දැකල නෑලු.
මම මානෙල්ට කෝල් එකක් දීල විස්තර ඇහුවා. මෙයා කියපි ‘හල්’ කියලා. මම දන්න ‘හල’ක් නෑනෙ ලොකා. ඒක එයාට
කිව්වම ඒ මනුස්සයට හිනා. එයා කියනවා මේ නං හල් නෙවෙයි කියලා!”
ඒවා
එහෙම වෙන අස්සේ, මං වහන්සේ කළේ ‘ගුණසේන සූප ශාස්ත්‍රය’ පොත පෙරලීමයි.
‘මඩු පිට්ටු රස වුණාට පුතේ, තනිකර හදල කෑවොත් මත් වෙනවා. එකට එකක් හාල් පිටිත් කලවම්
කරලයි හදන්න ඕනි.’ අපේ ආච්චී කියා දුන්නා යන්තමට මතකයේ තිබුණු නිසාය, මං පොතෙනුත් හෙව්වේ.
‘මත් වෙන කතාවක්’ සූප ශාස්ත්‍ර පොතෙත් නැත. එහෙත් මඩු පිටි රාත්තල් 1කට හාල් සේරු ½ ක පිටි කලවම් කර ගන්නැයි උපදෙසක් නම්
දී තිබෙයි!
“මානි,
අනිද්දට අපි එනකොට එකට එකක් හාල් පිටිත් කලවම් කරලම පිට්ටු හදල තියනවකො බලන්න.”
පිට්ටු හැදුව දවසේ මං කොට්ටාවේ ගියේ නෙවිලුත් එක්කලාය. “රසයි... ඒත් හලෝ ඔය වෙනම flavour
එක එච්චර තදට දැනුන්නෑනෙ.” මඩු පිට්ටු වැළඳූ
නෙවිල් අනුමෝදනා කතාවෙදී කීවේය.
“කොයිකටත්
කියලා ඔයා කියන ෆ්ලෙවර් එක එන්න හාල් පිටි අඩුවෙන් දාලත් හදලා කන්න දීලා බලන්නංකො.”
“කාටද දීලා බලන්නෙ?”
“වෙන කාටද ඉතිං... ඔය අප්පුහාමිටම තමයි... මත් වුණත් තමුසෙමනේ...”
“පේනවද මානෙල් ඔයාල ලොකාගේ බලුකම. මේ යකා ඔහොමමනේ.”
ඊළඟ
ටික දෙවෙනි කොටසෙන් කියවමු, හොඳේ...
නිමල් මානසික ව්‍යාධියකින් පෙලෙනවද
ReplyDeleteඒකට ඍජු උත්තරයක් දෙන්න සුදුසුකම් මට නැහැනෙ.
Deleteනමුත් බණේ කියවෙන 'සබ්බේ සත්තා උන්මත්තකා' කියන එක මං හිතන්නේ ඇත්ත කියලයි.
අමුතුවෙන් වෙන්න දෙයක් නෑ අනේ.
ReplyDeleteඉඩ ලද සැමවිටම වනයේ සරමි.
This comment has been removed by the author.
Deleteරසික,
Deleteඑලෙස වනයේ සැරීමට තව තවත් අවස්ථා ඔබට ලැබේවා!
බෙදෙනවා කියන එක අපේ අප්පලට ඉතිං ඊසි නොවැ. ජාතියට එහෙන් බෙදෙනව, අයේ කුලමල, පාට පංති, ගෑණු- පිරිමි... ඒත් අන්තිමට එක වලේ.
ReplyDeleteසත්තුන්ට වනචර කිව්වට කැලෙන් ආවයි කියන අපි... උන්ට වඩා අශිෂ්ටද මන්ද
නමී,
Deleteසත්තු තවත් සතෙක් මරතොත් මරන්නේ ආහාරයට ගන්න නේද? ඒත් අපි...
ඇත්තටම අපි උන්ට වඩා අශිෂ්ටයි තමා.
අතී සාර්ථක පඳුර වටේ තැලීමක්, හෙඩිම අදාලම නැත. මඩු දළු නම් කාල තීයෙනවා, මඩු පිට්ටු නම් කල නැ.
ReplyDeleteමම ව්ජෙබාහු
ස්තුතියි විජේබාහු මහත්තයෝ.
Deleteමඩු ගස්වල ගෙඩි හැදෙන්නේ එක කාලයකට විතරයිලු. ඉතිං මඩු පිට්ටු කන්න ලැබෙන එකත් දුලබ වාසනාවක් වගෙයි.
හප්පේ... ඒ ගමන වනචර කෑම සීරීස් එකක්. :D
ReplyDeleteහෙහ් හෙහ්,
Deleteඑහෙමම තමයි ප්‍රසෝ!
මම නං කැමතියි මේ කෑම ගැන විස්තරේ සහිත සංචාරෙට. අනික මඩු ගහේ සහ ගෙඩි වල පිංතූරත් දාලා. ඒත් හෙඩිම නං.....🙊
ReplyDeleteබකුසුතුමෝ,
Deleteමට නං post එකක හෙඩිමත් 'කුතුහලය දනවන- අවුස්සන- හොයාගෙන ඇවිත් කියවන්නට සිතක් ඇති කරවන' එකක් වීම වැදගත්ය කියලයි හිතෙන්නේ. මිනිහා කියන්නෙ පිට ඔපය තකන- සලකන සතෙක්ම නෙව.
ගෙවෙන දවසේ බ්ලොගය කියවන්නට ඇවිත් තියෙනවා 184ක්, දැනට. (තවම දවස ගෙවිලා ඉවර නෑ.) එයින් ආදරණීය පාඨකයන් 83 දෙනෙක්ම මේ post එක කියවීමට පැමිණි අය.
//වනචර වෙමුද?//
Delete//බකමූණ හරියේදී තමයි//
අපි නං ඊට් එහාට ගියා Pra Jay
Deleteඅපි නං ඊට් එහාට ගියා Pra Jay මහත්තයෝ!
Deleteමාත් හරි ආසයි වනචර වැඩ කරන්න.......
ReplyDeleteතිලින,
Deleteඔයා ඔහොම හිතන විත්තිය කිව්වත් ඇති, ඔයාව වනචරයෙක් විදිහට හංවඩු ගැහෙන්න.