එහෙමත් නැතිනම් ඔහුගේ ලිංගික සහකරුවා ගැන තිබෙන ආදර
කරුණාවකින්ද? ඒ දවස්වල නම් මා සිතුවේ.... |
ඒ අතින් බැලුවත් අභී අයියා greatය.
මා මේ කරන්නේ ඔහුට හිමි ගෞරවය දීමකි.
“පොඩ්ඩක්
ඉන්න රංජි...”
අභී අයියා ඔහුගේ සරමෙන්
මගේ මුළු සිරුරම සීරුවට පිස දැම්මේය. විශේෂයෙන් දෙකලවා! “හරි, දැන් මල්ලිගේ කලිසම
ඇඳ ගන්න.”
එයා එහෙම කළේ ඇයිදැයි වැටහුණේ පසු කාලයකය. සුළු අත්වැරදීමකින් හෝ රහස හෙළිවීමෙන් තමා අමාරුවේ නොවැටෙන්නටය, ඔහු එසේ කරන්නට ඇත්තේ. එහෙමත් නැතිනම් ඔහුගේ ලිංගික සහකරුවා ගැන තිබෙන ආදර කරුණාවකින්ද? ඒ දවස්වල නම් මා සිතුවේ ඇත්තටම අභී අයියා මට ආදරේ බවය. ලෝකයක් තරමට ආදරේ බවය.
ආදරේ!
අවුරුදු දහතුනත් ආදරය
තේරුම් ගැනීමට හැකි වයසක්ද?
මට මේ පණ්ඩිත විග්‍රහයන් කරන්නට හැකියාව ලැබුණේ ගොඩ කාලයකට පසුවය. විවිධාකාර අත්දැකීම් රැසක්ම ලබාගත්තාටත් පස්සෙය. ඒවා ගැන ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ළබැඳි පාඨක ඔබට කියන්නට වෙන්නෙත් තව කරුණු රැසක්ම කීවාට පසුවය.
අභී අයියාත් මාත් අතරවූ
ඒ සබඳකම අවුරුද්දක්- එකහමාරක් විතරම පණ ගසමින් තිබුණේය. ටේලර් අයියා කලිසම් දෙක
මසා දෙනතුරු විතරක් නොවේ, ඊට පසුවත් නොයෙක් දේවල් සඳහා යන බවට බොරු කියමින් මම අභී
අයියා හමුවීමි.
අර නියරත්, ගල් තැල්ලත් සාක්කිය! වසන්තය නිමාවෙන බව කියැවුණේත් එතැනදීමය.
ඇත්තටම අභී අයියා මට ආදරෙයි නම්, තවත් තරුණියක් විවාහ කරගන්නේ කොහොමද? |
කසාදය... විවාහය...
එහෙමත් දේවල් ලෝකයේ තිබෙයි. ඇත්තටම අභී අයියා මට ආදරෙයි නම්, තවත් තරුණියක් විවාහ
කරගන්නේ කොහොමද?
‘පහුගිය මාස ගණනාව තිස්සේ අභී අයියා කී සැරයක් -මං රංජි මල්ලිට ගොඩාක් ආදරෙයි- කියලා කියා තියෙනවද? එයා මට එහෙම කිව්වේ බොරුවටද? එයා මටත් ආදරෙයි කියලා, තව ගෑනු කෙනෙක්ව බැඳගන්න යන්නෙ, ඒ මනුස්සයටත් ආදරයක් තියෙන හින්දද?’ ඔහොම දාහක් දේවල් මට පිස්සු හැදෙව්වා වගෙය.
“රංජි මල්ලී මටත්
ආදරේද?”
සමහර දවසක අභී අයියා
විමසයි. “හ්ම්!” මට කියවෙයි.
“එහෙම බෑ! කොච්චරක් විතර ආදරෙයිද කියන්න ඕනෑ....” අභී අයියා අහන්නේ මගේ මුහුණටම
එබෙමිනි. කළුවරේ වුණත් ඒ ඇස්දෙක දිළිසෙනවා පෙනේ.
“අනේ, මට තේරෙන්නෙ නෑ!”
එහෙම දේවල් ගැන ඊට පස්සේ
මට හිතුණේ නැති තරම්ය. ඒත් අභී අයියා විවාහ වෙනවාය කියන ආරංචියෙන් නම් මම සසල
වීමි. මටත් නොදැනී මොකක්දෝ මහ විශාල දුක් කන්දක් මගේ හිතට කඩා වැටිලාය. ඒත් කාගෙත්
එක්ක ඒ ගැන කියන්නද; කතා කරන්නද?
මිනිසුන් විවාහ වෙන්නම ඕනිද?
අඩුම තරමින් සුදු මල්ලී; සමරසිරි සමඟින්වත් අභී අයියා ගැන රහස හෙළි කරන්නට බැරිය.
ඉඳහිට සුදු මල්ලී මගේ පහස පැතුවත්, ලැබුවත් එය රාගාන්විත එකක් මිස ප්‍රේමනීය එකක්
වුණේ නැත.
මොකෝ, අද උඹේ මූලග්ගින්න තද වෙලාද බං... |
“ආ.... ඔන්න අපේ ලොක්කා කිව්වා වරද්දන්නෙ නැතිවම මේ ඉලන්දාරියාවත් මඟුල් ගෙදර එද්දී එක්කං එන්න කියන්නයි කියල.... මේ දෙන්නා හොඳ යාළුවොනේ.” ඇය එහෙම පණිවිඩයකුත් ගෙනා බව ඇත්තය. ඒත් ඒ වෙනවිටත් මා එහි නොයන්නට තීරණය කොට හමාරය.
“රංජි, උඹත් මඟුල් ගෙදර යනවද සීයත් එක්ක...” තාත්තා ඇසුවේය. “ගියා නං නේද හොඳ.... ඒ හාදයා උඹට කලිසං වගේකුත් මස්සල දුන්නනෙ...”
“මඟුල් ගෙදරක යන්න
කියන්නේ මේ පඩංගු ඇඳගෙනද? එයා ඒකටත් සූට් එකක් එවනවයැ?” මට කියැවුණේ තරහෙනි.
“මොකෝ, අද උඹේ මූලග්ගින්න තද වෙලාද බං. උඹට බැරි නං නිකා හිටහං... මගෙ මොකෝ? මට උඹ
ඒ මංගල්ලෙට ගියත් එකයි, නැතත් එකයි. නොගියොත් රුපියල් පහක් හරි ගෙදරට ඉතිරියිනෙ.....
ඒකත් ජයසිරි මංගලං!” කියලාය තාත්තා නිහඬ වුණේ.
ඒ කාලය වෙද්දී අපේ
තාත්තා ගමේ මඟුල්-තුලාවලට ගියේම නැත. යා යුතුම තැනකට නම් ගියේ අම්මාය. ආච්චිලාටත්
ආරාධනා කෙරිලා නම්, ඒ කටයුත්තට ගියේ අපේ සීයා; චාලි නානා හෙවත් ‘චෙම්බආස්සල
පීඑයා ජලා හුකා හුකා පරියා’ය.
අන්ජිසාම් පැකට් විකුණන්නට
යද්දී, මුස්ලිම් වතුවල ගැහැනු අයවත්- කොලු කුරුට්ටනුත් හිනස්සලා ආකර්ෂණය කරගන්නට
එහෙම පිස්සු නැටුවත්, සීයා මඟුල් ගෙදරකට නං ගියේ ‘හෙණම ඩීසන්ට්’ විදිහටය.
සරමත්,
කමිසයත් ඇඳ- ඊට උඩින් කෝට් එකත් දමාගන්නා විට ආච්චීත් readyය. ඒ සීයාගේ කෝට් එකේ
සාක්කුව තුළට, පිළිවෙලට නැවූ ලේන්සුවක් ඔබන්නටය; නැතිනං රෝස පොහොට්ටුවක් එක්ක
පෝන්ස කිනිත්තක් රඳවන්නටය.
ගැටවර වියේදී හා වියපත් අවදියේදී අපේ තාත්තා.... |
(ඒ රෙදි මිලදී ගන්නටත්, වෙනදාට වඩා මහන්සිවී- වැඩි වාර ගණනාවක් ‘පේව්මන්ට් එකේ රජ වෙන්නට’ වුණේ මටය.) සුනිල්ටත්, මටත් ඉස්කෝලේ යන්නට ගෙදරදීම- පුළුවන් විදිහෙන් කොට කලිසම් මැහුවෙත් අම්මාමය!
තාත්තා අඳින සුදු සරමත්, කමිසයත් තදටම බොර පාට ගැහුණාම විතරය; එයාගේ සූට් එක අලුත් වුණේ!
ඉතිං, අභී අයියාගේ මඟුල්
ගෙදර ගියේ අපේ සීයා විතරය!
අම්මලා, ආච්චිලා ගිය මඟුල් ගෙදරක වුණත්- මළ ගෙදරක වුණත් සම්පූර්ණ විස්තර විකාශන
කිහිපයක්ම අපේ ගෙදරදී සිදු වෙනවාමය. ඒ අතින් අපේ සීයා ‘නිස්සද්ද විලියම්’ කෙනෙකි.
‘අබිං කන මිනිස්සු තිස්සෙම ඉන්නේ බාගෙට නිඳිමතේ වගෙනෙ’ සීයාගේ නිහඬ වත ආච්චී
ඉවසුවේ එහෙම කියමිනි.
එයින්-මෙයින් අභී අයියගෙ
මඟුල ගැන මෙලෝ දානයක් දැනගන්ට බැරි වීමය, වුණේ. ඒ මනමාලිය දැකගන්නට අවස්ථාවක්වත්;
අභී අයියාගේ බිරිය හෝ දරුවන් හෝ දැක ගන්නට අවස්ථාවක්වත් අද වෙනතුරුම නොඑළඹුණු
හැටි!
කලාතුරකින් හෝ මට ඒ ගැන සිහි වෙන්නේ ඇයි?
අභී අයියා කෙරෙහි මගේ
සිතෙහි තිබුණේ ආකර්ශනයක්ද- අනුරාගයක්ද- ආදරයක්ද- නැතිනම් ඒ දෙකතුනේම මුසුවක්ද?
හැම දේකම අරුත හොයන;
ගැඹුර හොයන මට මගේ උඩුහිතේ මෙන්ම යටිහිතේත් අහුමුලු හොයන්නට සිතුණු වාර අනන්තය;
ඒකට වෙහෙසුණු වාර අනන්තය.
මම තවමත් ඒ ප්‍රයාමයේ යෙදෙන්නෙක්මි.
බැඳීම්
රැකෙන්නේ තෝරා ගැනීම් මත නොව තේරුම් ගැනීම් මතයි! |
1. physical: තව කෙනෙක් hot, sexy නිසා ඇතිවෙන ආකර්ශනය
2. financial: කෙනෙක් ලොකු රස්සාවක්
කිරීම, හොඳ university/school එකකින් ඉගෙන තිබීම
නිසා වෙන ආකර්ශනය
3. mental: තව කෙනෙක් තමන් වගේම
හිතනව කියල තේරිල ඇති වෙන ආකර්ශනය
4. emotional : කරුණාව, මෛත්‍රිය, අන් අයට උදව් කිරීම වගෙ ගුණධර්ම තව කෙනෙකුට
තිබීම සහ තමන්ටත් ඒවා තිබීම නිසා වෙන ආකර්ශනය
5. spiritual : ඉතාම deep-level connection එකක්, කෙනෙක් ළඟ ඉන්නකොට තමන්ගෙ සිතේ ඇතිවන
සන්සුන්, ඒකාත්මික බව (peace and harmony) නිසා වෙන ආකර්ශනය.
ඒ facilitator කිව්වෙ ඉහත 1, 2, 3 තමයි අපි සාමාන්‍යයෙන් 'chemistry' කියල කියන්නෙ කියල. හුඟ දෙනෙක් relationships ඇති කර ගන්නකොට වැඩියම අවධානය දෙන්නෙ ඒ 1,2,3 ට.
නමුත් කාලයක් යද්දි ඒ relationship එකේ 4, 5 නැතිවුණොත් ඒව toxic relationships වෙනව.
කෙනෙක් බැඳලා හිටියත්, ළමයි හිටියත්, සීය හරි ආච්චි වුණත්, ඔය ආකර්ශනවලින් එකක් හෝ කීපයක් හෝ ඕන වෙලාවක තව කෙනෙක් ගැන ඇති වෙන්න පුළුවන්.
නමුත් අපි ඒ ආකර්ශන පස්සෙ යන එක අපේ moral values අනුව තීරණය කරන්න වෙනව. (ඒකෙන් කියන්නෙ නැහැ ඒ පස්සෙ යන අය නරකයි කියලා).
කොහොමෙන් හරි සමහර වෙලාවට කෙනෙක් ගැන
ආකර්ෂණයක්, බැඳීමක්
ඇති වෙන්නේ ඇයි කියලා... |
ඇල අකුරෙන් තියෙන සේරම විස්තරේ ලිව්වේ මං නෙවෙයි. Lotus! නිදිගෙ පංච තන්තරේ රසිකාවියක්. ඇය එහෙම ලියා එව්වෙ නිකම්ම නෙවෙයි. 2020 ඔක්තෝබර් මාසයේ මම ලියපු ‘ආදර පූජාසනේ- 9’ පෝස්ටුවට කමෙන්ට් එකක් එවමින්.
මං ඒකට උත්තරේකුත් පළ කළා, මෙහෙම:
‘Lotus, ගොඩාරියක්
ස්තුතියි සාරවත් විස්තරේට. ඒක ගොඩක් අර්ථවත්. හැබැයි, මගේ ගැන හිතද්දී නම් 'පතාගෙන ආ හැටි', 'සසර පුරුදු අය' වගේ දේකුත් තියෙනවා.
නිදහසේ මේ කරුණු 5 තව ටිකක් විග්‍රහ කරලා හිතන්න ඕනි, ඒ කරුණුත් මේවාට ගැනෙනවද
කියලා.
කොහොමෙන් හරි සමහර වෙලාවට කෙනෙක් ගැන ආකර්ෂණයක්, බැඳීමක් ඇති වෙන්නේ ඇයි කියලා නං හිතා
ගන්නවත් බැරි වෙනවා.... මට!’
සමහර වෙලාවට බ්ලොග් ලිපි කියවද්දී, ලිපිය
වගේම රසවත්; හරවත්; උනන්දුව ජනිත කරවන දේවල් commentsවල පළ වෙනවා. සංවාදත් ඇති
වෙනවා. වැඩි විස්තර අඩංගු ලිපිවල, තැන්වල links එහෙමත් එවනවා. (හුඟාක්ම Pra Jay
මහත්තයා!)
අපරාදේ කියන්න බෑ. මගේ උත්තරේට Lotus
මෙහෙමත් කියා එවලා තිබුණා:
ඒ කාලයේ
මෙහෙම දේවල් ගැන කිසිම දැනුමක් මට තිබුණේ නැත! |
1966-67 කාලයේ මෙහෙම දේවල් ගැන කිසිම දැනුමක් මට තිබුණේ නැත. මට විතරක් නොවේ, මා දන්නා කිසිවෙකුට හෝ වුවද එවැනි දැනුමක් නොතිබුණා විය යුතුය.
අභී අයියාගේ බාලම සොහොයුරාට; භානුට නම් එවැනි බරසාර දැනුමක් කොහෙත්ම නොතිබුණත්, අපේ රහස් හුටපටය ගැන ඉව වැටිලාය. කොහොම ඒක වුණා දැයි අදටවත් මං දන්නේ නැත. ඔහු ඒ ගැන දැනගෙන උන් බව මං දැන ගත්තෙත් ඊට දෙවසරකට විතර පස්සෙය. මට 15 වුණාමය; 1969දීය.
අභී අයියා විවාහ වුණු පසුව මහගෙදර පදිංචියට පැමිණි බවට ලකුණක්වත් නොතිබිණි.. ඒ ගැන විපරම් කරන්නටවත් මට උවමනාවක් තිබුණේ නැත. කොටින්ම, අභී අයියා යනු ‘සිහිනෙන් ගෑ සුවඳක්’ බවට පත් වුණේය. ඒ මතක සුවඳ ආයෙමත් අලුත් කරවන දෙයක් සිදු වුණේ හැටනවය අවුරුද්දෙය.
මගේ ගණන් බැලීම් අනුව නම් මා ඒ වෙද්දී හිටියේ 9 වසරේය; SSC ප්‍රෙප් එකේය. භානු ඇතුළු සිසු පිරිසක්ම අපේ පාසලට; විද්‍යාකර විද්‍යාලයට ආවෝය; බුවෙනකබාවෙන් වෙන්නට ඇති. මගේ දැනීමේ හැටියට නම් බුවෙනකබා විදුහලේ ‘විද්‍යා අංශයක්’ තිබුණේ නැති නිසාය. (සියලු සයන්ස්කාරයෝ නැසෙන සුලු නිසාද කොහෙද- අදටත් නැත.)
අප අයිති වුණේ Science
කරන ගොඩටය. විද්‍යාකරය විද්‍යා- කලා- වාණිජ පන්ති සේරම පැවැත්වුණු පාසලකි.
කොරල සුන්දරී, දඩෝරියා, A ස්වර්ණා, බට්ටි හෙවත් B ස්වර්ණා හා බට්ටා හෙවත් මා
අයිති වුණේ එක කල්ලියකටය. |
1966 සිට, අවුරුදු
ගණනාවක්ම පොසොන්වලට අප මහරගම හන්දියෙදී අජාසත්ත, විධුර, මාරක හී පහර වගේ නාට්‍ය පෙන්වලා
තිබුණත්- එහෙම දේකටවත් භානුගෙන්වත්, ඒ ගෙදර කිසිවෙකුගෙන්වත් විශේෂ උදව්වක් ලැබී
තිබුණේ නැත. ආධාර එකතු කරන විටෙක එහාටත් ගියාම දෙන කීයක් හරි විතරය.
(විධුර නාට්‍යය ගැන ‘දිව්‍ය අංගනිසේ මම සැරසී’ පෝස්ටුවලිනුත්, ‘මාරක හී පහර’ නාට්‍යය ගැන එනමින්ම යුතු පෝස්ටුවලිනුත් හිතවත් රසිකයනට කලින් කියා තිබේ.)
පාරේදී හදිසියෙන් හම්බ
වුණත් නොදැක්කා වගේ යන්නටය භානු පුරුදුවී හිටියේ. අපේ පන්තියටම ආවාය කියලාත් එහි වෙනසක් වුණේ නැත.
එයා එයාගේ පාඩුවේ, මම
මගේ පාඩුවේ.
ඕනෑම පන්තියක ළමයින් ඉන්නේ කල්ලි කිහිපයකට බෙදිලාය. කොරල සුන්දරී ක්වින්ටස්, දඩෝරියා ජයතිලක, A ස්වර්ණා, බට්ටි හෙවත් B ස්වර්ණා හා බට්ටා හෙවත් මා අයිති වුණේ එක කල්ලියකටය. අදටත් පුදුමය, ස්වර්ණලා දෙන්නාගේම අත්අකුරු එක වාගෙමය. මට මතක හැටියට නම් අපෙන් ඉගෙනීමට වඩාත්ම දක්ෂ වුණේ A ස්වර්ණාය.
කල් තබාම කිව යුතුය.
ක්වින්ටස් ගැන නම් ස්තුති පූර්වකව මීට කලින් කියවී තිබේ. O/L
විභාගයෙන් මං වහන්සේ ‘ගණිතය විෂය ගොඩ දමා ගත්තේ’ ක්වින්ටස්ගෙන් දවස් කිහිපයක ගුරු-හරුකම් ලබාගෙනය.
සීමාවක්-කෙළවරක් නැතිව කෙරෙන විට විහිළුව හිංසනයක් බවට පෙරළෙනවා නේද? |
‘දාහතර වෙද්දී’ යනුවෙන් පෝස්ටුවක් ලියන බව මා කිව්වේ 2020 නොවැම්බර් මාසයේදීය. ‘දොළහ වෙද්දී’ පෝස්ටුව අවසානයේදීය.
ඒ බව කියා මෙතරම් කල් ගතවී ඇතැයි පෙනෙන්නේ දැන්ය. (තව
වැඩි දොහක් යන්නට කලින් ඒ පෝස්ටුව අකුරු කළ යුතුමය. එතෙක් කියමි. එහිදී මේ 5 කල්ලිය
යළි ඔබට හමුවෙනු ඇත!)
සිසු කල්ලි පැත්තෙන් බලනවා නම්, භානුත් වැටුණේ උස-මහතින්
වැඩි කල්ලියටය. ඔවුන්ගේ දඩබ්බරකම් නිසාත්, ඔළමොළකම් නිසාත් මට ඒ හාදයන් පෙන්නන්නට
බැරිවය හිටියේ.... වැඩියත්ම B ස්වර්ණාත් මාත් ජෝඩු කරමින් ‘බට්ටයි- බට්ටියි’ කියූ
නිසා....
සමහරුන් කරන්නේ විහිළු නොවේ! විහිළුවකට සීමාවක් තිබේ; තැනක් තිබේ. එහෙම
තැනක්-නොතැනක් නැතිව, ඉවක්-බවක් නැතිව, සීමාවක්-කෙළවරක් නැතිව කෙරෙන විට විහිළුව
හිංසනයක් බවට පෙරළෙනවා නේද?
බට්ටයි-බට්ටියි කතාවට වුණේ ඒකය!
ඉදිරියේදී කියවෙන කතාවකට අදාළ නිසා වැඩිදුර නොකියා
කියමි: අපේ පන්තියේ සිසුවියක ඇගේ පෙම්වතාට ලියූ ලිපියක් ගෙනගොස් දීම බාර වුණේ මේ
මටය. මා එය කළේ සද්භාවයෙන්මය. ඒ ලියුම මගේ අතේ තිබියදී භානු උදුරා ගත්තේය; ඒ
නොසිතූ වෙලාවක නොසිතූ විලසිනි.
හැඩිදැඩි භානුගෙන් එය උදුරා ගැනීම මට කළ හැකි දෙයක් නොවිණි. ගලිවර භානු ඉදිරියේ මා
ලිලිපුට්ටෙකු වගෙය.
“දුන් නැත්තං?”
මගේ කටින් වචන පැන්නේ නොහිතූ විදිහටය. “නොදුන්නොත්, මම අභී අයියට කියනවා!”
භානු පෑවේ සමච්චල් හිනාවකි. “එහෙමද? පොඩ්ඩක් ළඟට
එනවා.... රහසක් කියන්න.” ඒ ටික කියැවුණේ විහිළුවක් විදිහට නොවේ. සීරියස් විදිහටය.
“බට්ටො මේ..... කොහොමද මම තමුසෙලා තාත්තට මේ ලියුම
ගිහින් දුන්නොත්..... ඒ ගමන්ම තාත්තට කිව්වොත් තමුසෙට අපේ ලොකු අයියා කපපු.....”
ඔබටම හිතා ගන්නට පුළුවන් නිසා, මා ඒ මොහොතේ මගේ හැඟීම් කියන්නට වෙහෙසෙන්නේ නැත.
“පිං සිද්ද වෙයි භානු, ඕක දෙනවා. පව් වැඩ කරන්න එපා!”
එක වතාවක් කුරුලු කූඩුවක් කඩා ඉහිරවන්නට සම්මාදම් වුණු පාපය,
යළිත් කරගන්නට අකැමැත්තෙන් මම ආයාචනා කළෙමි!
“දෙන්නං.... දුන්නම මට මොනවද දෙන්නේ?” භානු අර
තීරණාත්මක- සිහින්- රහස් හඬින් විමසුවේය....
“......” වෙලාව ගෙවුණා මිස මගෙන් හඬක් පිටවුණේ නැත.
“ආ!” භානු ලියුම ආපසු දික් කළේය. එය ගන්නට සමීප වෙද්දී මගේ අතින් ඇද කිට්ටුවට ගෙන
රහසක් කෙඳිරුවේය. “මම වෙලාව කියන්නං.... ආවේ නැත්තං තාත්තට.....” කියා ලිපිය මට
දුන්නේය. මගේ අත මුදා හැරියේය.
මට හිතුණෙම ඒ ‘වෙලාව කියන කතාව’ විහිළුවක් බවයි. ඒ ඊට
පස්සේ, සති ගණනාවක්ම යන තුරුත්....
ඒ ගැන ඉඟියක්වත් නැති වුණු බැවිනි.
මට වැරදිලාය! හොඳටම වැරදිලාය...
සිව්වෙනි ජයග්‍රාහී වසරට පා තැබූ පංච තන්ත්‍රයට තව දිගු ගමනක් සඳහා සුභ පතනවා.
ReplyDeleteඔය කියන ආකර්ෂණ වර්ග පහට ලංකාවේ නිෂ්පාදනයක් හැටියට 'දේශපාලන ආකර්ෂණය' ත් එකතු කරන්න පුළුවන්.
අහි අයියා romantic approach එකක් ගත්තාට භානු ගේ approach එක බොහොම දරදඬු එකක් වෙන හැඩයි.
සුබ පැතුමට ගොඩක් ස්තුතියි සෑම්!
Deleteදේශපාලන ආකර්ෂණය! මරු!! ඒක තනිකරම කෘත්‍රිම එකක්ද මන්දා....
භානු ගැන ඊළඟ කොටසේදී කියනවා.... එතකොට බලන්නකො.
'දේශපාලන ආකර්ෂණය'- අති විශිෂ්ඨ එකතු කිරීමක්. (හැබැයි ආකර්ෂණය කියන වචනය පොඩි වැඩියිද මන්දා එතෙන්ට).
Deleteසිනහා සුසුමත් කදුලත් රැදුව
ReplyDeleteජීවන අන්දර අතරේ අප කැටුව
තෙවසරක් නොදැනීම ඇත ගතව
සුබ පතමි සිව් වසරට පා තැබුව
සිනහව, සුසුම, කඳුලත් නිබඳව රැඳෙන
Deleteජීවිත තමයි පෙනෙනුයෙ හැම අත බලන
සමහරු අකමැතිය ඒ බව පෙන්වන්න
නිහඬව සිටිති, කඩතිර ඇද වසාගෙන
අනෙක් අතට හැමටම 'ලියමන' බැරිය
හැකි අයටත් 'ගට' ඇත්තේ අඩුවෙන්ය
'හෘදය සාක්ෂිය' මගෙ 'ධන නිධානය'
අණ කළ නිසා ලියැවෙයි 'දිවි අන්දරය'
බ්ලොගය නිසා හඳුනාගෙන, කතා කොට
දවසක ඇවිත් හිතවත්කම් වගා කොට
උපදෙස් ගොඩක් දී ලිපි හැඩ කරන්නට,
සුපතනවටත් තුති පුද දෙන්නෙමි ඔබට!
අති සාර්ථකව හතරවෙනි අවුරුද්දට පිවිසීම ගැන උනුසුම් සුබ පැතුම්!!!
ReplyDeleteමඟුල් ගෙදරට ගිහිලා 'මට අභී අය්ය නැතුව බෑ' කියලා අඬලා, පොඩි tantrum එකක් එහෙම නිමල් දාලා ආවා නම් කොහොමද. හැබැයි ඉතින් ඒවගේ දෙයකින් නිමල් සහ අර විවාහවුනු කාන්තාව විතරක් අපහසුතාවයට පත්වෙන්න විතරයි ඉඩ තියෙන්නෙ. අභී වගේ මිනිස්සු තමන්ව ආවරණය කරගැනීම හෙවත් Cover Your Axx කියන මූලධර්මය ඉතා හොදින් පිළිපදින අය (නරක විදිහට).
ආකර්ෂණය ගැන මම ඒ කමෙන්ට් එක දානකොට ඒක කිව්වෙ කවුද කියලා නොදාපු එක මගෙ වැරැද්දක්. ඒ යූ ටියුබ් වැඩසටහන කලේ Jay Shetty කියලා බ්‍රිතාන්‍ය-ඉන්දීය සම්භවයක් ඇති ඔයවගේ ජීවිතය පිලිබඳ කාරනා ගැන කතා කරන කෙනෙක් (author and coach). ඔහුගේ කතා එකක් දෙකකට වඩා මම අහලා නැහැ. නමුත් මේක රසවත් විග්‍රහයක් නිසා මතක තියා ගත්තා.
සුබ පැතුමට ස්තුතියි Lotus!
Deleteඅභී අයියගෙ මඟුල් ගෙදර තිබුණු දවස් ගැන හොඳම මතකය තමයි එහෙම කිසිම තැනට යන්න තරම් ගැළපෙන ඇඳුමක් මට නොතිබීම.
දොස්තර මේරි රත්නම් අනුස්මරණය කෙරෙමින් 1967 පැවැත්වුණු 'සමස්ත ලංකා පාසල් කථික තරගාවලියේ' කනිෂ්ට අංශයේ දෙවෙනි තැන දිනුවාම ත්‍යාග ප්‍රදානය තිබ්බේ කොල්ලුපිටියේ තේ ප්‍රචාරක ආයතන ශාලාවේ. එදාත් මම ඒකට ගියේ අපේ අම්මා 'Blue line චෛනීස් පොප්ලින් රෙදිවලින් මහලා දුන්නු ආරිය සිංහල ඇඳුමක් ඇඳන්. (එතකොට ඒ රෙදි සමූපෙන් සලාක පොත්වලට බෙදුවා.)
1972 හෝ 73 සිංහ සමාජයෙන් පැවැත්වුවා බතික් නිර්මාණ තරගයක්. එයිනුත් මට දෙවෙනි තෑග්ග ලැබුණා. තෑග්ග රුපියල් 500/- (පන්සීයක්) හා සහතිකයක්. මම ඉදිරිපත් කල බතික් බිත්ති සැරසිල්ලේ වටිනාකමත් පන්සීයක්. තෑග්ග හා සහතිකය දුන්නේ සෙලින්කෝ ආකාස කඩේ ඉස්තරම් භෝජන සංග්‍රහයකදී. ඒකටත් මම ඇන්දේ අම්මා මහපු සුදු නැෂනල් කිට් එක. මාත් එක්ක එහෙ ගිය අම්මා ඇඳගෙන ගියේ කාගෙන්දෝ ඉල්ලාගත්තු සාරියක්.
ඒ විස්තර ලිව්වේ ඒ දිනවල මගේ මනෝ භාවයන් වටහා ගැනීමට රුකුලක් වේය කියලා හිතාගෙනයි.
Jay Shetty මහතාගේ නම අපි කාටත් උදව්වක් වෙනව සිකුරුයි. ඒ ගැනත් ස්තුතියි!
හතරවන අවුරුද්ද දක්වා පැමිණීම පිළිබඳව සුබපැතුම්, නිදි!
ReplyDeleteගොඩක් ස්තුතියි ඉකොනෝ!
Delete(ඉකොනොමැට්ටා බ්ලොගයකට හොඳ නමක් තමයි. ඒත් මැට්ටා කෑල්ල ඔයාට කොහෙත්ම ගැළපෙන්නෙ නැහැනෙ!)
https://www.medicalnewstoday.com/articles/bisexual-vs-pansexual
ReplyDeleteගොඩක් ස්තුතියි Pra Jay!
Deleteමේ තොරතුරුත් ප්‍රයෝජනවත්!
නිමල්, මේ කියන විස්තර අනුව මේ අභී අය්ය කියන කෙනා Pedo කෙනෙක් නේද. මේ විදිහට ඔහු තවත් ලමයින්ව අමාරුවෙ දාල ඇති. යම් හේතු නිසා නිමල් ඒ 'ආදරය' කියලා හිතුවත් මේ වගේ අත්දැකිම් තවත් ලමයෙකුට traumatising වෙන්න පුලුවන්- පෞරුෂය, ඉදිරි කාලයක විවාහය වගේ හැම දේටම බලපාන. ඒ නිසා මට හිතෙනවා නිමල් මේ සීරිස් එක ඉවරවෙද්දි යම් කිසි warning එකක් හෝ disclaimer එකක් දැම්මොත් හොදයි කියලා මේ වගේ තත්වයකට මූන දෙන්න වුනොත් ලමයෙකුට තමන්ගෙ විශ්වාශවන්ත වැඩිහිටියෙකුට ඒ ගැන කියන එක තමයි සුදුසුම දේ කියලා. (කියවන්න පුලුවන් වයසක ඉන්න ඕනෙ කෙනෙක් මේ පෝස්ට්ස් කියවන්න ඉඩ තියෙනවා කියන උපකල්පනය මත). නිමල් දැනටම එහෙම ප්ලෑන් කරලා ඇති බොහෝ දුරට. මේ අදහසක් විතරයි.
ReplyDeleteLotus,
Deleteඅභී අයියා බාල වයස්කාර දරුවන් අපයෝජනය කරන්නේක්ය කියලා මටත් හිතුණා. ඒ දවස්වල නෙවෙයි. පසුව. වැඩියත්ම මේ පොස්ටුවල මුලදී කිව්වා වගේ දැන් පාර අයිනේ හිටගෙන බලන විදිහ නිසා. සමහරවිට මං වැරදි වෙන්නත් පුළුවන්. හැබැයි, මට හරියටම කියන්න බැරි, ඒ ගැන නිශ්චිතවම යමක් නොදන්නා නිසා.
මෙවැනි අත්දැකීම් ළමයෙකුට 'බියකරු අත්දැකීමක්' එහෙමත් නැතිනම් බියකරු සිහිනයක් ... විදිහට අනාගතයට බලපාන්නටත් ඉඩ තියෙන බව මාත් පසුකාලීනව දැනගත්තා, පතපොතින්.
හැබැයි Lotus ඉදිරියේදීවත් කෙළින්ම අවවාද දීමක්වත්, අනතුරු ඇඟවීමක්වත් මගෙන් කෙරෙයි කියලා නම් මට හිතෙන්නේ නෑ. ඒ මම නිතරම හිතන්නේ මා උපමාකොට හින්දයි.
මං කලිනුත් කියා ඇති පරිදි, මම කියවන දෙයින්; අසන- නරඹන- දකින හැම දෙකින්ම යමක් ඉගෙන ගන්න එකයි කරන්නේ. ඔයාලා ලියන කමෙන්ටුවලින් පවා. film එකකිනුත් මට ගන්න දේවල් තියෙනවා. මං හැඩ ගැහිලා ඉන්නේ ඒවායේ යටින් තියෙන- ඍජුව නොකියවෙන දේවල් වටහාගන්න try කරන්නැයි. ඒ ක්‍රමයට කැමති නිසා, ඒ ක්‍රමය වඩාත් සාර්ථක නිසයි මං කෙළින්ම අවවාද දෙන්නට අකමැති.
නමුත් මගේ අත්දැකීම් තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවාට නම් මම හරිම කැමතියි. ඒවායින් ගත යුත්තක් තිබෙනවා නම් , මටත් ආඩම්බරයක්.
ලංකාවේ මිනිස්සු බණ අහන තරමට ඒවා තේරුම් ගන්නවාද? ඒවායින් යමක් ජීවිතයට එකතු කර ගන්නවාද? දැනීම ප්‍රායෝගිකව භාවිතයට ගන්නවාද කියලයි මට හිතෙන්නේ.
නිකමට හිතන්නකෝ, අපේ තාත්තා ගැන. එයා වගේ ගොඩක් දැනුවත් කෙනෙකුට වුණත් බොරු කරන්න මට පුළුවන් වුණු එක ගැන. නොදනුවත්කමද නැතිනම් නොතැකීමද වෙන්න ඇත්තේ.
ඔයාගේ අදහස උතුම්!
ඒත් අමනාප නැහැනෙ මගේ හැඟීමත් කිව්වට.
අනෙක බ්ලොගය පටන්ගත් දවස්වලම මගේ සමහර හිතවතුන් ඇහුවා 'ලජ්ජා නැත්ද, හැම දෙයක්ම ලියන්න?' කියලත්. ඒ දැන් ඒවාට වඩා සැර අඩු දේවල් ලියද්දී. එහෙම අය බ්ලොගය කියවන්නෙත් නැතිව ඇති කියලයි මට හිතෙන්නේ.
අනෙක් අයගේ බ්ලොග් අඩවි කියවද්දීත්; ප්‍රතිචාර දකිද්දීත් මට හිතුණේ, මේවා කියවන්නේ වැඩිහිටි අය කියලයි.
හතරවෙනි අවුරුද්ද වෙනුවෙන් කට්ටකාඩුවේ සුභ පැතුම් පිලිගන්න ලොකා!!
ReplyDeleteකැම්පස් ඉන්න කාලේ ලව් වර්ග පහක් තියෙනවා කියල පාඩම් කරනවා. ඒ ගැන පස්සෙ දවසක ලියන්නං.
ස්තුතියි ලොකු!
Deleteඉතා රසවත් පෝස්ටුවක් ඉක්මනටම ඔබෙන් ලියැවේවි කියලා සහතිකයි!
සුභ පැතුම්!!
ReplyDeleteසිව් වස් පුර්ණය සැමරිය යුතු බවට තරයේ යෝජනා කරමින්ආ සිරි පතමි.
ජයවේවා!!💞
This comment has been removed by the author.
ReplyDeleteනිදි මචෝ , මම දන්නේ නැහැ ඇයි බ්ලොග් පෝස්ටු ලියන අයට මේක නොපෙනුනද කියල. අභි අයියා කියන එකා එංගලන්තේ හිටියනම් දැන් යන කේස් වල හැටියට අවුරුදු 5 වත් අඩුම ගානේ යනවමයි ඇතුලට ළමා අපයෝජනයට, උඹ පව් මචන්. . ඕවගේ එවුන් ඉන්නවා. ළමයින්ව අපයෝජනය කරලා කසාද බැඳලා ඊළඟට ඒ ළමයින්ව අපයෝජනය කරන. ලංකාවේ වැඩියි කියලත් අහල තියනවා ඒ වගේ නිරික්ෂනය කරල වලක්වන්න හදන යහළුවන්ගෙ රිපෝට් මම බලල තියනවා.
Deleteඅවුරුදු පනහකටත් එහා වෙච්චි දෙයක්නේ අජිත් මහත්තයෝ මම මේ කිව්වේ..... බලහත්කාරයක් තිබුණේත් නැති නිසා මට අභී අයියා ගැන අහිතක් හිතෙන්නේ නෑ. (එක වැරදි වෙන්නත් ඇහැකි. මගේ හැඟීමයි කිව්වේ.)
DeleteThis comment has been removed by the author.
Deleteසොරි මගේ ටයිපින් අවුල්. ලෝටස් ගේ කොමෙන්ට් එක දැනුයි දැක්කේ. නැහැ මචන්, ඕක ස්ටොක්හෝම් සින්ද්‍රොම් එක වගේ වෙන්න ඇති, ඔයාට එහෙම හිතෙන්නේ. ඒක බලහත්කාරයක් නෙමේ තමා. මොකද අවුරුදු 12 -13 කියන්නේ ලිංගිකව පිබිදෙන අවධිය නිසා. ඒ කාලෙට grooming කරන්න ලේසියි. එයා කලේ ඒක .ඔයා කැමති වුන එක වෙන දෙයක්. ඔයා ඔයාගේ ජිවිතේ තේරුම් ගන්න හදන වයස ඒක. මේක ඔයට අවුරුදු 16 දී වත් වුනානම් අවුලක් නැහැ. අනික අර කලින් පොස්ට් වගේ තම වයසේ ළමයෙක් එක්ක වුනානම් එතන අපයෝජනයක් නැහැ. එතැන තියෙන්නේ කුතුහලයක් හෝ සම ලිංගික චර්යාවක්. ඒක ස්වභාවිකයි. ඔය දෙක පටල ගන්න හොඳ නැහැ.
Deleteහරවත් විග්‍රහයට බොහොම ස්තුතියි අජිත් මහත්තයෝ.
Deleteමේ posts පළ කෙරෙන දවස්වල ඔයා ලංකාවට ඇවිත් හිටිය නිසා, සංවාදයට බඳුන් විය යුතු කරුණු ටිකක් මඟ හැරුණු බවයි දැන් හිතෙන්නේ.
කසිම බ්ලොග් එකකට තියා මගේ බ්ලොග් එකවත් යාවත්කාලින කරන්න බැරි වුනා. ක්ලයන්ට් ල හෙම එක්ක මීටින් දාගත්තම දවල් 2 ඉඳන් රෑ 8 -9 වෙනකන් වැඩ ලංකාවේ වේලාවෙන්. ඊට පස්සේ කම්මැලියි. ඒ මදිවට උදේ පහට විතර පිරිත් අහන්න නැගිට්ටවෙලා සෝවාන් වෙලා ආපහු නිදා ගන්නවා. මොන බ්ලොග්ද
Delete