1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස

Wednesday, February 6, 2019

සැවුළු සංහාරය - පස්වෙනි කොටස


‘දුවන පුහුල්’ එක්කයි, කළුකුම්ලා එක්කයි විතරද මිනිස්සු තරහ?
ඔන්න,ටික දවසක් තියෙනවා උත්තර හොයන්න! එහෙමයි ගිය වතාවේ පෝස්ටුව නැවැත්තුවේ.

ඉතින් උත්තර හෙව්වද?

මිනිස්සු හිතන විදිය ගැන කියන්න පුළුවන් කාටද?
ඇත්තට වෙනමම විශේෂ අධ්‍යයනයක් කරන්න වටිනවා මිනිස් චිත්ත සන්තානයේ හැටි ගැන. මේ සත්ත්ව කරුණාව සම්බන්ධයෙන්. 
හරකා, ඌරා, මුවා වගේ සතුන්ගේ මස් කන අයත්, ගොවියන්ට වින කටින තරමටම බෝවෙලා තියෙන වඳුරන්ගේ මස් කනවට විරුද්ධයි. 
කුකුළු මස් කන ගොඩක් අයත් මොනර මාළු කන්නෙ නැහැ. ඔය කිව්ව මොන මසක්වත් නොකන අය මාළු කනවා; බිත්තර කනවා.

ඒ සේරම ජාති නොකන පට්ට වෙජිටේරියන්ලා වැඩි හරියක් මිනිසුන්ව නොමරා මරණ තරම් කුහකයෝ! 
කොහොමත් පිටින් උපාසකකම් පෙන්නන වැඩිම දෙනා ළඟ කුහකකම් වැඩි බවයි මං දැකලා තියෙන්නේ. සමහරවිට ඒ මට හමු වුණු අයගේ හැටි වෙන්නැති. ඒක පොදුවේ හැමොන්ටම ආදේශ කරන්න පුළුවන්ද මන්දා!

සතෙක් ලොකු වෙන්න-වෙන්න ඌට මිනිසුන්ගෙ හිතේ තියෙන කරුණාව වැඩිවෙනවා. සතා පුංචි වෙන්න-වෙන්න ඒ කරුණාව අඩු වෙනවද. එක වේලකට කෙනෙක් හාල්මැස්සන් කෑමට ගන්නවා නම් අඩුම තරමින් හාල්මැස්සන් 15-20 ක්වත් කනවනේ. ජීවිත ගණනින් බැලුවොත් කීයක්ද. හාල්මැස්සෝ - කුකුළෝ මැරුවට කමක් නැහැ; හරක් මරණවට විරුද්ධයි! මොකක්ද ඒකෙ තියෙන logic එක? තර්කානුකූලකම?

හාල්මැස්සෝ මැරුවාම අඩුවෙන්ද පව් සිද්ද වෙන්නේ?
ඔය හරක් මරනවාට විරුද්ධ පිංවතුන් සමහර වෙලාවට තව අහිංසකයනුත් සම්මාදම් කරගෙන දහස් ගණනක් එකතු කරලා ‘මරන්නට නියමවූ ගවයෙක් නිදහස් කරගැනීමේ’ පුණ්‍ය කටයුත්තක් කරනවනේ. ඒ ගැන අමතක නොවෙන අත්දැකීම් කිහිපයක්ම මට ලැබුණේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයෙදියි.

ඔව්, ඔව්. මාදුළුවාවේ සෝභිත හාමදුරුවන් වහන්සේගේ පන්සලේදී තමයි. ‘මංජුලගේ මරියාට මම පැටලුණෙමි’, ‘කෙළින් සනා’, ‘නැණ ලැබ ගත්තෙමි වගේ පෝස්ටුවලදී ටික-ටිකනෙ මගේ ප්‍රින්ටින් ජීවිතේ කීවේ. ශ්‍රී නාග විහාරයේ, අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ කළමනාකරු විදියට හත් අවුරුද්දක් තිස්සේ ලබපු අත්දැකීම්වලින් එකක් තමයි මේ. (අනෙක් ඒවා ගැන වෙනමම ලියන්න වෙනවා, ඉදිරියේදී).

ඉතින් අර පින්වන්තයෝ දහස් ගණන් ගෙවලා මරණයෙන් මුදා ගන්න ගවයන් ඉන්නේ කොහෙද, කන්න-බොන්න දෙන්නේ කවුද වගේ ප්‍රශ්නවලට මුලදීම උත්තර හොයන්නෙ නැතිවද මන්දා. ශ්‍රී නාග විහාරයටත් එහෙම හරක් ගෙනත් දමන්න මුලින්ම තීරණය කරලා තිබුණද කියලත් මං දන්නේ නැහැ. ගෙනත් දැම්මා! රංචු පිටින් නෙවෙයි. වරින්-වර, එකා-දෙන්නා!!

මං දැකපු හැටියට නම් සෝභිත හාමුදුරුවන් වහන්සේ හරිම ලේසියෙන් ‘ගැටවලට’ අහුවෙනවා. ‘බිල්ලට යනවා’. මේ 1992 ට කලින් මං දැකපු දේවල් අනුවයි. ඊට පස්සේ දේවල් ගැන මං කොහොමද දන්නේ, මං ප්‍රෙස් එකෙන් අස් වුණානේ. 

මේ ‘හරක්’ ප්‍රශ්නෙදීත් උන්නාන්සේගේ චේතනාව ඉතාම යහපත් එකක් වෙන්නැති. හරකුන් ගෙනත් දැම්මට කවුද උන්ව බලා ගන්නේ? උන් මොනවද කන්නෙ? උන් මොනවද බොන්නේ? අඩු තරමින් තණකොළ ටිකක්..... පුන්නක්කු ටිකක්? මොකෝ උන් හම්බ කරන් කනවයැ?

මං දැක්ක හැටියට නම් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් වහන්සේත් හරි ලේසියෙන් ..............
ප්‍රෙස් එකේ රාජකාරි කරනවා මිස දවස තිස්සේ ඔව්වා හොයා-බලන්න මට ඉඩක් තිබුණේ නැහැ. ඒත් (දැන් ධර්ම ශාලාව තියෙන හරියේ, එතකොට තිබුණු පොල්වත්තේ) උදේට අපි වැඩට යද්දී පොල් ගහක බැඳලා ඉන්න හරකෙක් හවස් වෙනකල්ම කාගේවත් හවුහරණයක් නැතිව ඉන්න හැටි දකින්න නම් මට ඉඩ තිබුණා. 
හරකට උලාකන්න නම් තිබුණේ ලණුව දිග හරියේ බාගෙට වේලිච්ච තණකොළ විතරයි. අනේ, ඌ හිටියේ බාගෙට හාමතේ. ඒ හරියේ පයිප්ප තිබ්බෙ නැහැ. තිබුණත් හරකෙකුට පුළුවනැයි කරාම ඇරගන්න.

උගේ දිය තත්තෙට පිහිට වුණේ අපි. අපය කිව්වේ කුමුදු, ඒකනායක, නෙවිල්, වසන්ත, විජිත, ප්‍රියන්ත වගේ ප්‍රෙස් එකේ පුහුණුව ලබමින්, වැඩ කරමින් හිටි කෙනෙක්. 

එයාලා වතුර බාල්දි ගණනින් හරකුන්ට ඇද්දේ කවුරුන්වත් කියලා නෙවෙයි. උන් ගැන කරුණාවෙන්. මගේ දර්ශනය නම් උන්ව නිදහස් නොකර මැරෙන්න ඇරියා නම් වඩා හොඳය කියන එකයි! 

ඒ කාලේ පන්සලේ හිටි, එතකොට උපසම්පදා වෙලාවත් නොහිටි; උඩහමුල්ලේ රේවත - වතුරුවිල සිරි සුජාත - උඩුවේ ධම්මාලෝක වගේ හාමුදුරුවන් වහන්සේලාත් මෙව්වා දැක්කද, දැකලා මොනවා හිතුවද මන්දා?

මට අනුව නම් ‘දිගටම දුක් විඳිමින් ඉන්නවාට වඩා මරණය සැපක්!’. ගොඩ වෙලාවට අපි මරණය දුකක් විදියට හිතනවා. ඒත් මේ පින්තුරය බලන්න. මේ උස්සගෙන යන්නේ මිනී පෙට්ටියක්. විසිතුරු; ප්‍රීතිමත් අවමංගල්‍ය උත්සව ඝානාවේ සුලභ දෙයක්!

මරණය දුකක් නම් මෙච්චර විසිතුරු මිනී පෙට්ටි..............
අපේ අජිත් මල්ලී ඇති කරමින් හිටි කළුකුම්ලට, ගිනිකුකුළන්ට, තාරාවන්ට, කුකුළන්ට නම් පින තිබුණා හිතේ හැටියට හතර වටේ ගිහින්, පහුරු ගාලා කෑම හොයාගන්න. අජියාත් උන්ට කුකුළු කෑම දුන්නා. හැබැයි, උන්ටත් තහංචියක් තිබුණා. තිරිසනුන්ට මොළයක් තියෙනවාය තහංචි මතක තියාගෙන ඉන්න. 

ඒත් උන් අකීකොරු වෙච්ච ගමන් ඕවිටේ සොපිහාමි; කොටුවේ ආච්චි (අනේ කොටුවේ ආච්චිත් නිවන් දකින්න ඕනේ. උදලු ගාන තණකොළ එක්ක තිබ්බ මුකුණුවැන්න ටික තෝරලා අරන් විකුණගන්න මට ඉඩ දුන්නේ එයා. ඉස්සෙල්ලාම මට ‘මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්ද’ව හඳුන්නලා දුන්නේ එයාගේ පුතා චන්ද්‍රසේන. මතකයිද, ඒවා ‘අජාසත්ත - 3’ පෝස්ටුවේ තිබුණා.) අපේ ආච්චිට නඩු කියන්න ආවා.

“බලනවකො ඕයි. අදත් මේ වසංගතේ ඕවිටට පැනලානේ. සේරම පහුරු ගාලා. අනේ ඕයි..... අජියට කියනවකො.......” 

එහෙම වෙලාවටය අපේ ආච්චී අපේ අම්මාට ‘වේස’ පට්ටම දෙන්නේ. “මං කොච්චරවත් කියනවා සොපිහාමි අපේ මේ වේසිගෙ පුතාට. කෝ කිව්වට අහනවයැ? මුන්ව කූඩුවේ තියාගෙන කන්න දීපිය කියලා....” බණින්නේ කාටවත්. වැදෙන්නේ තව කාටවත්. ඒ වගේමයි, අර බනින ටෝන් එක කොටුවේ ආච්චිගේත් හොම්බටම අනිනවා වගෙයි.

(ඒ නැන්දම්මයි ලේලියි; ඒ කියන්නේ අපේ ආච්චියි- අම්මයි දෙන්නම තකට-තක. ගල් ආඳියෝ!  අපේ family හිස්ට්‍රි එකේ කොයියම්ම වෙලාවකවත් ඒ දෙන්නා එළිපිට වලි දාගෙන නෑ. ඒ වගේමයි, මං කලිනුත් කිව්වා වගේ ඔච්චර නීතිකාර, දරදඬු, කෙළින් මනුස්සයා වෙලත් අපේ තාත්තට මැරෙණකල්මත් බැරිවුණානේ ආච්චිලටත් එක්ක එක බත් හැළියක් අපේ ගෙදර උයවන්න. මං කිහිප සැරේ කිව්වත් එක්ක. අපේ තාත්තා ආච්චිලගේ එකම පුතා වෙලත්, ගෙවල් දෙකම එක මිදුලේ තිබ්බා වුණත් ඒ වැඩේ කෙරුණේ නැහැ. ඒක නම් අපේ අම්මාගෙ හපන්කමය කියලයි මට අදත් හිතෙන්නේ! )

එහෙම කොටුවේ ආච්චිගේ සම්ප්‍රාප්තියක් සිද්ද වුණාම සතුන් සේරම දවසක් දෙකක් නිවාස අඩස්සියේය. 

බොහෝ විට තුන්වෙනි දවසේ උන් නිදහස්ය. දැන්ය මට වැටහෙන්නේ, සමහරවිට එහෙම ගෝරියක් වැටුණු දවසක අපේ අජිතයා ඔරොප්පු මූඩ් එකක හිටියා වෙන්නැති. ‘හොයන්න දෙයක් නැහැ. ගෙදර කුකුල්ලු විතරක් නෙවෙයි, කළුකුම්ලත් ඉන්නේ.’ කියලා කිව්වේ, රබන් ගහලා ගමටම කියන්නා වගේ මහ සද්දෙන්.

රබන් ගහලා ගමටම කියනවා වගේ මහ සද්දෙන්............
මිනිහා අනුමැතිය දුන්නත් කොහොමද උන්ව මරන්නෙ නැතිව මස් කරන්නේ. මගේ පුරුද්ද ප්‍රශ්න කල් දමමින් ඉඳීම නොවේ. එවෙලේම නිරාකරණය කරගැනීමය. “තමුසේ කිව්වට කොහොමද උන්ව මරන්නෙ?”

දිසානායක හේවගේ චාර්ල්ස් නොහොත් අපේ සීයා පවුලේ ‘කැබිනට් මණ්ඩලය’ට එයි. (වැඩිමලාත් එයානේ.) හැබැයි වැඩියෙන් කතා නොකරයි. කතා කළත් බොහෝ විට අනෙක් අයගේ අවධානය ලැබෙන්නේ නැත. (සලකන්නේ මැටි-පොල්කුඩු ගණනටය.) 
ජාතික ලැයිස්තුවෙන් පත් කරන අයටත් ඊට වඩා සැලකිලිය. ඒත් එදා මගේ ප්‍රශ්නය ඇහුවාම නම් සීයා කතා කළේය. ඒ අනෙක් හැමෝම නිහඬව හිටි නිසා වෙන්නැති. 
“ළමයෝ, කුකුළු මස් කඩේට ගෙනිහින් උන්ව මස් කරවා ගත්තැකි!”

“එතකොට ඉවරයිනේ.”
“එහෙම කොහොමද ඉවර වෙන්නේ?” මම ඇසීමි. මං එහෙම ඇහුවේ සීයාගේ කතාව නොතේරී නොවේ!

“ඒ මිනිස්සු ඒක කරලා දෙයි, සල්ලි දෙනවා නම්!” සීයාම උත්තර බැන්දේය. 

උදේ හවා බුදුන් පුදන මහෝපාසිකා අපේ ආච්චීත්, මහෝපාසක අපේ අජිතුත් ‘මුඛ බන්ධනය’කට අහුවෙලාය. අනෙක් අයත් ඒ බෝට්ටුවෙමය. නිහඬව ඉන්නවා කියන්නේ ‘තූෂ්ණිම්භූතව’ ඉන්නවා කියනේකය.

තුෂ්ණිම්භූතව වැඩ හිඳිනවාය කියන්නේ .............
“නිමල් අයියේ, හරිම ලස්සනට බණ පොත්වල පාවිච්චි කරලා තියෙන එකක් තමයි තූෂ්ණිම්භූත කියන වචනේ. බුදුහාමුදුරුවෝ මොකකට හරි අකැමැති වුණත්, කැමැති වුණත් කළා වගේ පෙනෙන්නේ ‘තූෂ්ණිම්භූතව වැඩ සිටීම’.” 
අපේ අල්ලාප-සල්ලාපයකදී සුමිතුරු අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා කිව්වේය. එදාය මාත් මේ තත්ත්වය හරි හැටි හිතන්නට ගත්තේ.    

මූ   ණා     බක බැකිසියට අනුරාග    දෙතී
ලේ නා    එදැක වඳුරෙකුහට කියයි   නිතී
තේ නා    මාමෙ බකුසා රජ වුවත්      ඉතී
  නා   රිති උගේ මුහුණේ බකුසු     ගතී -

කියලා කවියකිනුත් කියන්නැහේ, තත්ත්වේ තේරුම් ගත්තත් මට නම් ඔය ‘තූෂ්ණිම්භූතව ඉඳිල්ල නං අරහංය’. හැබෑට, යමක් දැක්කම කට පොපියනවා. ඉතින් කොහොමද පියාගෙන ඉන්නේ? පුරුදු ගතිය ඉස්සරහට එනවා-එනවාමයි.

ඔය දවස් වෙද්දී රෝහිණී අක්කාටත් එයාගේ පුරුදු ගතිය ඉස්සරහට ඇවිත් තිබුණා. “ඔන්න නිමල් මල්ලී, මං ගෙදරත් කලර් වොෂ් කෙරෙව්වා. හරි නැහැනේ මල්ලී..... පරණ පාටට තිබුණාම. අපේ එකාටනේ හොඳ මදි.” 
ඉස්සෙල්ලාත් කිව්ව විදියටම ලොකු ජයසූරිය අයියාත් ‘ඔව් නෝනෙ’ කියලා අනුමත කරන්නට ඇත. එහෙම කළාය කීවාට ඒ සඳහා රෝහිණී අක්කලා අපෙන් සත පහක්වත් නොගන්නා බව සහතිකය. ඇත්තම කිව්වොත්, 
එහෙම තීන්ත ගෑවාට වියදම් ඉල්ලුවත් දෙන තරම් හයියක් අපට ඒ දවස්වල තිබ්බෙත් නැත. 
අපට සිද්ධවී තිබුණේ ‘කඩුල්ලේ තරම දැනගෙන කද බඳින්නට’ය.

මූණා බක බැකිසියට අනුරාග දෙතී................
ඔහොම විය-පැහැදම් කළත්, ලංකාවේ ඉන්නා තාක් කල් රෝහිණී අක්කලා හිටියේ කුලී ගෙවල්වලය. හැමදාම වගේ එයාලට ‘අය’ට වැඩියෙන් තිබුණේ ‘වැය’ය. 
නිදහසෙන් ටික කාලෙකට පස්සේ අපේ ආණ්ඩු සේරටම හැදුණු මහා භයානක; දුස්සාධ්‍ය අසනීපයත් ඒකමය. අය ශීර්ෂයට වඩා වැය ශීර්ෂය ලොකුය. අපේ රටේදි වගේම ඉතාලියෙදිත් ඔයාලගෙ ගෙදරට තවම ඒ ලෙඩේ තියෙනවද රෝහිණී අක්කේ?

ඒ විදියට රෝහිණී අක්කා මානෙල් නංගිගේ මංගල්ලයේ කටයුතුවලින් භාගයකට සිය කැමැත්තෙන්ම කර ගැහුවා වගේම හිටි හැම ගෙදරකම, වැඩවලින් වැඩි හරියකටමත් කර ගැහුවාය. ගෙවල් හිමියෝ වැඩි දෙනෙක්ම එයාලට ගෙවල් කුලියට දෙන්නට හරි කැමැත්තකින් හිටියෝය. කුලියට හිටි ඕනෑම ගෙදරකින් යන්නට පෙර, රෝහිණී අක්කා එයාගේ වියදමෙන්ම ගෙයි තීන්ත ගාවයි! 

එච්චර මරි-වැඩ කරන ජෝඩුවක් මෙච්චර කාලෙකට මං නම් දැකලා නැත.

අනේ, අපට එතරම් උදව් කරලත් එයාලගේ වැඩ ගැන මට තූෂ්ණිම්භූතව ඉන්නට බැරි හැටි. ඉතින් අපේ සීයා “ඒ මිනිස්සු ඒක කරලා දෙයි, සල්ලි දෙනවා නම්!” කීවාමත් මගේ හිතමිතුරු ආලවකයා මගේ හිස මුදුනටම; කරටියටම නැංගේය! 
අපේ ගෙදර අය නම් ඒකට කිව්වේ ‘මූලග්ගින්න තද වෙනවා’ කියලාය. සීයාත්, තාත්තාත් දෙන්නාටම ඒ අසනීපය තිබුණු නිසා මටත් ඒක දායාද වෙලාය කියලා එයාලා හිතන්නැති! තිස්සෙම හැදුවේ මට ‘කටු පිටින් කොහිල අල’ ගිල්ලවන්නටය.

එයාලා කිව්වේ මට කටු පිටින්ම කොහිල අල දෙන්නට ඕනෑය .............
ඒ තියා මගේ ගොඩක් යහළුවන් තවම හිතන්නෙත් ඒ විදියටය! මගෙ මොකෝ!! හිතන දෙයක් හිතා ගන්න ඇරලා ඊළඟ කොටහට යන්නම්, හොඳේ!!!

10 comments:

  1. //යමක් දැක්කම කට පොපියනවා. ඉතින් කොහොමද පියාගෙන ඉන්නේ? පුරුදු ගතිය ඉස්සරහට එනවා-එනවාමයි.//.....................අපට කෙලවෙන්නෙම ඔය හන්දා තමයි

    ReplyDelete
    Replies
    1. ජන්ම ගතිය කොහොමද මහත්තයෝ අතහැරගන්නේ, අවාසි වුණත්? අනෙක මොකටද බොරුවෙන් ජීවත් වෙන්නේ, හිතෙන් විඳව-විඳවා.

      Delete
  2. අපිට මොකද අපි අටසිල් උපාසක
    ඉබ්බන්ගේ පුච්චන්නේ අනික් පිට

    ReplyDelete
    Replies
    1. ඉතින් කොහොමද ලොකු. මං නම් ඔයා කියන පන්නේ උපාසක කෙනෙක් නෙවෙයි ඔන්න.

      Delete
  3. මස් කන එකවත් මසට මරණ එකවත් නෙමෙයි මෙහෙ ප්‍රශ්නෙ.
    මරණ ක්‍රම නොදියුණු , වේදනාකාරීවීම. හුඟක් රටවල අවම වේදනාවෙන් මරණක්‍රම යොදනවා. මෙහෙ සමහරවෙලාවට උපරිම වේදනාව

    ReplyDelete
    Replies
    1. සතුන්ට කරුණාවක් තියේයැ මනුස්සයෝ ගැනවත් එහෙම හැඟීමක් නැති අයගේ හිතේ. Pra, එහෙම අවම වේදනාව දෙන ක්‍රම මෙහෙ කෙරෙන්නේ නැත්තේ හේතු දෙකක් නිසා කියලයි මට හිතෙන්නේ.
      අවසන් මොහොතේ සතා බියවීම නිසා උගේ රුධිරයේ නිපදවෙන විෂ රසායන ගැන අපේ අයට අවබෝධයක් නැහැ. බුද්ධාගම්කාරයො වුණාට ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ ගැන හෙමත් අපි දන්නවය?
      දෙවෙනි එක වියදම. සේරම කරන්න බලන්නේ අවම වියදමෙන්නෙ.

      Delete
  4. හාල්මැස්සෝ කනකොට කරත්ත ඇන්ජින් වගේ නොවේය ... පව් සිද්ද වෙන්නේම නැත ... සිද්ද උනත් ලුණු දමා තියෙන නිසා එක කැපිල යනවාය :)

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට අනෙක වාරයක් පින් කණ්ඩො, ඉහ-නිකට පැහෙනකල් නොදැන හිටි කෙරෙමයක් කියා දුන්නට. ලුණුවලින් පව් කැපෙන හින්දා තේ හදනකොටත් මීට පස්සේ ලුණු දාන්නයි කම්පනාව.

      Delete

චිත්තම්මා