මේ පිටවෙන රුධිරය හටගන්නේ කොහෙද?..
‘අසිරිමත්වූ දේකි’පොතේ 29 පිටුවේ යටින් ඇති ඒ
ප්‍රශ්නය ළඟින් තමයි අපි පසුගිය කොටස නැවැත්තුවේ.
ඉතින් ඒ ප්‍රශ්නයට දෙන උත්තරයෙන්ම අද කොටස පටන් ගනිමු.
‘මේ රුධිරය හටගන්නේ ගර්භාෂයේ ඇතුළත
බිත්තියෙයි. සංසේචනය සිදු නොවූ විට තවදුරටත් හෝමෝන පිටවීම අඩුවී යන නිසා
ගර්භාෂයෙහි ඇතුළත බිත්තියේ ස්ථාවර භාවය ක්‍රමයෙන් අඩුවී යනවා. මෙහි ප්‍රතිඵලය
වන්නේ ඒ හේතුවෙන් එම සිවිය (ඇතුළත බිත්තිය) බිඳ වැටීමයි. මේ බිඳ වැටීමත් සමඟම
ගර්භාෂ බිත්තියෙන් ලේ පිටවීමට පටන් ගන්නවා.
ඉතින් ඍතුවීමෙන් පස්සේ ගර්භාෂයේ ඇතුළත
තුවාලයක් වගේ නේද?
ඔව්. නමුත් ඩිම්බයක් පිටවීමත් සමඟම වාගේ තවත්
ඩිම්බයක් වර්ධනය වීමට පටන් ගන්නවා. ඒ එක්කම නැවත හෝමෝන නිෂ්පාදනයත් සිදු වෙනවා. මේ
හෝමෝනවල බලපෑම නිසා නැවතත් ගර්භාෂයේ ඇතුළත බිත්තිත් වර්ධනය වීමට පටන් ගන්නවා.
ඩිම්බය වර්ධනය වී පිටවීමට ළංවන විට ගර්භාෂය ඇතුළත අලුත් බිත්තියක් වර්ධනය වී
අවසානයි. ඩිම්බය සංසේචනය වුවහොත් එය තැන්පත් වීමටත් මෙම අලුත් බිත්තිය දැන්
සූදානම්.
ඉතින් සංසේචනය වූ ඩිම්බය ගර්භාෂයේ තැන්පත් වූ
විට ඍතුවීම ඇති වුවහොත්?
සොබාවිකවම හෝමෝනවල බලපෑම නිසා කළලය පරෙස්සම් වෙන විදිහටයි........ |
එවැන්නක් සිදු විය නොහැකි බව මා ඔබට මීට
කලින් මතක් කර දුන්නා. හේතුව මෙසේ තැන්පත් වන කළලයද හෝමෝන නිෂ්පාදනය කිරීමට පටන්
ගන්නා නිසයි. කළලයෙන් පිට කරන හෝමෝනවල ක්‍රියාකාරිත්වය හරියටම ඩිම්බ කෝෂයෙන් පිට
කරන හෝමෝන වගේමයි. ඒ නිසා ගර්භාෂයේ ඇතුළත බිත්තිය බිඳ වැටීම නවතිනවා. එය ආරක්ෂා
වෙනවා. ගැබ්ගත් පසු ඍතුවීම නොවන්නේ මෙම හෝමෝනවල බලපෑම නිසයි.’
සොබාවිකවම හෝමෝනවල බලපෑම නිසා කළලය පරෙස්සම්
වෙන විදියටයි වැඩ සිද්ධ වෙන්නේ. ඒ බව ඉස්සර අපේ ගමේ-ගොඩේ වැඩිහිටි කාන්තාවන් නම්
ටක්කෙටම දැනගෙන හිටියා.
හයක්-හතරක් නොදැන හිටියේ
පොඩොස්සියෝ විතරයි.
එයාලා කසාදෙට ලැහැස්ති වෙනකල්මත් ලිංගික ජීවිතය ගැන මෙලෝ හසරක්
දැනගෙන හිටියේ නැති නිසානේ ‘අර පොත’ කියවන්න සිදු
වුණේ;
කියවලා ‘වැඩිහිටියන්ට පමණයි’ දේවල් ඉගෙන ගන්න සිදු වුණේ. සිරිබිරිස් උන්නැහෙයි,
මං තුමායි හිතාපු විදිහටම, අද තව වෙනකල් ඒ ‘පුස්තක රත්නය’ ගැන වචන මාත්‍රයක
ආරංචියක් ඇවිදින් නැතිය.
අනේ, පාරම්පරික යන්තර-මන්තර, බෙහෙත්-හේත්,
කෙම්-පහන් ක්‍රම ලියවිලා තිබිච්ච පුස්කොළ පොත් පවා අතීතයේම වැළලිලා ගිහින්
තියෙද්දී.... මේ එක-එක්කෙනා අතින්- එක්සයිස් පොත්වල පිටපත් කරගත්තු පොත් ඉතිරි
වේවියැ?
දැන් පොත් කියවන පුරුද්ද අඩුයි..... ඒත් පොත් පෙරළන පුරුද්ද නම්.......... |
පොත් කියවීමේ පුරුද්ද අඩු කරමින්,
වැඩි-වැඩියෙන් පොත් පෙරලන්න පටන් ගත්තු ජාතියක් ඉන්න කොදෙව්වක එහෙම නොවී තියේ නම්
තමයි පුදුම!
ඉතින් මොකුත් නොදැන කසාද බැන්දත්, ඒ
පොඩොස්සියන් ඉක්මනටම කරුණු-කාරණ ඉගෙනගත්තා, අර දැනුමැති වැඩිහිටි කාන්තාවන්ගෙන්.
මතකයි නේද, අපේ අම්මා ගැන මං කියපු කතාව. බාල වයසින්; දාහතේදී; බොරු වයසක්
දමලා කසාද බැඳලා, දෙමාසයක් යනකොටම බඩගැබ්බරත් වුණා. ඒ වෙලාවේ තමයි අපේ අම්මගෙ
අම්මා; බදුල්ලෙ ආච්චි එයාගේ දැනුම පාවිච්චි කරන්න හැදුවයි කියන්නේ. ‘ගර්භාෂ
බිත්තියේ තැන්පත් වුණු කළලය’ දේශීය ඖෂධ හා එඬරු නැටි භාවිතයෙන් ‘ගස්සලා යවන්න’.
(ඒක කෙරුණා නං අද මේක ලියන්න මං නෑ.)
ඔන්න පරණ පට්ටන්දරේ නවත්තලා ආයෙම ‘පොත’ට.
‘එසේ නම් පිටතින් හෝමෝන ශරීරගත වුවහොත්
ඍතුවීම නැවතිය යුතුයි නේද?
ඔව්. මෙම හෝමෝන ශරීරගත කළහොත් ඍතුවීම ඒතාක්
කල් ඇන හිටිනවා. පවුල් සංවිධාන පෙතිවල තියෙන්නේත් මේ හෝමෝනමයි. ඉතින් මේ පෙති
දිගටම භාවිත කළහොත් ඍතුවීම නවතීවි.
ගිලින පෙතිවල තියෙන්නෙත් මේ හෝමෝනමයි............. |
ඍතුවීම නැවත්වීම ශරීරයට අහිතකර ද?
නෑ. ඍතුවීම නැවැත්වීමෙන් ශරීරයට කිසිම
හානියක් සිදු වෙන්නේ නෑ. යම්කිසි හේතුවක් නිසා (එනම් මලල ක්‍රීඩාවකට සහභාගී වීම
වැනි) මාස් ශුද්ධිය පමා කළ යුතුව ඇත්නම් වෛද්‍ය උපදේශ මත පවුල් සංවිධාන පෙති
නැතහොත් හෝමෝන භාවිත කිරීමෙන් මෙය කළ හැකියි. මෙම පෙති භාවිත කරන තුරු මාස්
ශුද්ධිය සිදු වන්නේ නෑ. සාමාන්‍යයෙන් ඍතුවීම සිදු වීමට බලාපොරොත්තු වන දිනට
සතියකට පමණ පෙර මෙම පෙති භාවිතය පටන් ගන්න
ඕන. දිනකට එක පෙත්තක් බැගින් තම කාර්යය
අවසාන වනතුරු ගන්න, පෙති නවතා දින තුනකින් පමණ සාමාන්‍ය විදියට ඍතුවීම ඇති වේවි.
ඍතුවීම හරියටම දිනයටම සිදු නොවීම රෝගයක් ද?
නෑ. සෑම කෙනෙකුගේම ඍතුවීම හරියටම දිනයටම සිදු
වන්නේ නැහැ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මෙය සිදු වන්නේ ඩිම්බයේ
වර්ධනයත් සමඟ බව දැන් ඔබ දන්නවා. සමහර අවස්ථාවල දී ඩිම්බයේ වර්ධනය පමා වුවහොත්
මාස් ශුද්ධියත් පමා වෙනවා. ඉක්මන් වුවහොත් ඉක්මන් වෙනවා. මේ වගේ පමා වීම හෝ ඉක්මන්
වීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. මේ නිසා මෙය රෝගයක් නොවෙයි.
හෝමෝනවල බලපෑම නිසාම, 28වෙනි දවස වෙනකොට ඍතු වීම පටන් ගන්නවා.................. |
ඩිම්බය වැඩීමට දින කීයක් ගත වෙනවා ද?
මෙය හරියටම කීමට බැහැ.
මෙය එක් කෙනෙකුගෙන් තව
කෙනෙකුටත්, එකම පුද්ගලයාගේ වුණත් මාසයෙන් මාසයටත් වෙනස් වීමට පුළුවන්. නමුත්
ඩිම්බය පිට වී හරියටම දින 14කින් ඍතුවීම සිදු වෙනවා. එය ස්ථිරයි.
ඒ නිසා මාස් ශුද්ධිය ඇති වීමට දින 14කට ප්‍රථමයෙන්
ඩිම්බයක් පිට වන බව හරියටම කියන්න පුළුවන්.
මෙහි වැදගත්කම අපි ඔබට කියන්න ඕනෑ.
ඍතුවීම ඇති වීමට දින 14කට පෙර සංසර්ගයෙහි යෙදුණොත් අනිවාර්යයෙන්ම ශුක්‍රාණුවකට
ඩිම්බයක් මුණ ගැසීමට අවස්ථාව සැලසෙනවා. එනම් ඍතුවීමට දින 14කට පෙර සංසර්ගයෙහි
යෙදුණහොත් ගැබ් ගැනීමක් ඇතිවිය හැකියි.’
කැලුම්සිරිගේ නංගිගේ තාත්තා පන්සලේ ලොකු
හාමුදුරුන් වහන්සේද?
වෙස් මුහුණු බැඳන් වීදි නාට්‍ය කරපු ළමිස්සිය
3%ටත් කෙළවන්නමද ආවේ?
ඊයේ රෑ ඉඳන් අපේ දැවෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ
ඒවායි. (අද 2020 මැයි 11 උදේ හිටං ඇඳිරි නීතිය ලිහිල් වීම නෙවෙයි. කොළඹ දිස්ත්‍රික්කයේ-
මහරගම ඉන්නා අපට නම් මේ ගෙවෙන්නේ මාර්තු 24 වෙනිදා ඉඳන් නොකඩවා පැවැත්වෙන ඇඳිරි
නීති සමය.)
වීදි නාට්‍ය කරපු ළමිස්සිය තණමල්විලට එව්වේ 3% ට කෙළවන්නද? (සිත්තම-චාමර සෙනරත්) |
කැලුම්සිරි; දැන් සිරිරතන හාමුදුරුවන් වහන්සේ
ඉන්නේ ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍යයේ. ඉස්සර ගම්තුලානක- ගංගොඩක රහසක් කියලා
දෙයක් තිබ්බෙම නැති තරම්. ඒ නිසා වෙන්නැති, මේ හුටපටෙත් ගම්මු දැනගෙන ඉන්න ඇත්තේ.
කැලුම්සිරිලගේ අම්මා කොහොමද දැනගෙන හිටියේ
‘දෝණියන්දෑගේ’ පීතෘත්වය?
ඒ කාරණය හොඳට විග්‍රහ කරලා බලනවා නම්, තේරුම් ගන්න ඇහැකි
දේ මේකයි. ‘කාන්තාවක ගැබ් ගන්නේ මොන දවස්වල සංසර්ගයේ යෙදීමෙන්ද කියලා ඇය නිශ්චිතවම
දැනුවත්ව සිටින්නට ඇත.’ ඒ ගැන, අසිරිමත්වූ දේකි පොතෙන් එදා තරුණ පෙළ දැනුවත්
කෙරුණේ මෙහෙමයි.
‘එසේ නම් මාස් ශුද්ධියට දින 14කට දින කීපයකට
පෙර හා පසු සංසර්ගයේ නොයෙදී සිටියහොත් ගැබ් ගැනීම වැළක්වීමට පුළුවන්ද?
ඔව්. නමුත් ඒ ඔබට ඍතුවීම වන දිනය කල් තියා
කිව හැකි නම් පමණයි. එනම්, ඔබ ඍතුවීම වන දින ගැන පැහැදිලි අවබෝධයකින් කාලයක්
තිස්සේ ගණන් තියාගෙන සිටියහොත් විතරයි. කොහොම වුණත් ඩිම්බයක් පිට වීම සිදු වේ යයි
ඔබ බලාපොරොත්තු වෙන දිනයට සුමානයක් පෙර හා සුමානයක් පසුව කාලයෙදී සංසර්ගයේ නොයෙදී
ඉතිරි කාලයේ දී සංසර්ගයේ යෙදුණාට වැරැද්දක් නෑ.
පොතේ 31,32,33 පිටු..... දරුවෙකු පිළිසිඳගන්නට හැකි කාලය............. |
ඍතුවීම ඇති කාලය තුළ සංසර්ගයේ යෙදීම හොඳද?
ඇත්තෙන්ම ඍතුවීම ඇති කාලයේ සංසර්ගයේ යෙදීමේ
ඇති වරදක් නෑ. මෙම කාලය කිලිටු කාලයක් ලෙස සැලකීම අප අතර ඇති දෙයක්. නමුත් මෙහි
ඇති කිලුටක් නැති බව අප දැන් දන්නවා. ගර්භාෂයෙන් පිට වෙන රුධිරය හා වෙනත්
අවස්ථාවලදී පිට කරන රුධිරයේ කිසිම වෙනසක් නෑ.
කන්‍යාවන් ප්‍රථම වරට යෙදෙන
සංසර්ගයේදී පිට කරන රුධිරය සහිතව ඒ කාර්යයේ යෙදීමට ඔබ අප්‍රිය නොකරනවා නම් මෙහි
විතරක් ඇති වැරැද්ද කුමක්ද?
ඇත්තෙන්ම මෙම කාලය තුළදී සමහර ස්ත්‍රීන්ගේ කාමුක
ආශාවන් තරමක් වැඩි වෙන බවද සොයාගෙන තියෙනව.
ඍතුවීම ඇතිවන කාලය තුළදී නෑම අගුණද?
මෙය අප අතර ඇති මිත්‍යා මතයක් හෙවත් බොරු
විශ්වාසයක්. නෑමේදී ශරීරය ශීතල වීම නිසා තරමක් දුරට රුධිර වහනය අඩු වීමට පුළුවන්.
නමුත් එයින් ශරීරයට කිසිම අගුණයක් නෑ. ඇත්තෙන්ම මෙම කාලයේදී තම යටි බඩ පෙදෙස වඩාත්
පිරිසිදුව තබා ගැනීම වැදගත්. ඒ නිසා නෑම ඉතාමත්ම හිතකර බව වෛද්‍යවරුන්ගේ
විශ්වාසයයි.’
දින දෙකක් නාන්න එපා කියන බමුණු මතය ගැන අපි කලිනුත් කතා කළා............. |
බමුණු මත ගැන ගිය වතාවෙත් මගෙන් කියවුණා.
තවමත් අපේ සමහරුන් අඟහරුවාදා - සිකුරාදා දවස් දෙකේ ‘ජල භීතිකාව’ හැදිච්චි අය වගෙයි
ඉන්නේ.
ඔය ගැන ‘වාසිතය බ්ලොග් අඩවියෙන්’ මිතිල අපූරු ලිපියක් ලියලා තිබුණා කියල මේ දැන්
කල්පනා වුණා. මේ මිතිලගේම වචන:
“ප්‍රසන්න - සර්, සාමාන්‍යයෙන් ගම්වල කෙනෙක් මැරුණම අඟහරුවාදා සිකුරාදා වගේ දවස්වල ආදාහනය
කරන්නෙ නෑ නේද?
ඉස්කෝලෙ මහත්තයා - ගම්වල
ඈයොන්ගෙ එහෙම සිරිතක් නම් තියෙනවා තමා.
ප්‍රසන්න - ඒත් ඇයි එහෙම
කරන්නේ?
ඉස්කෝලෙ මහත්තයා - අදටත්
ඉන්දියාවේ සිරිතක් තියෙනවා මනුස්සයෙක් මැරුණහම එයාගෙ මිනී අළු ගංගා නම් ගඟේ පා
කරනවා. ඉස්සර ඉන්දියාවේ හිටපු නිගන්ටයින් නාන්නේ සතියට දවස් දෙකයි. ඒ අඟහරුවාදටයි
සිකුරාදටයි විතරයි. ඉතින් ඒ දවස් වලට ඉන්දියාවේ කාටවත් ගංගා නම් ගඟේ මිනී අළු පා
කරන්න තහනම්. ඔන්න ඕක නිසා තමා අඟහරුවාදටයි සිකුරාදටයි මිනී වළදාන්න එපා කියල
කියන්නේ.
ඉතින් ඒක ලංකාවට අදාළ වෙන්නෙ නැහැනේ.... (1870 නුවර) |
සහන් - ඉතින් ඒක ලංකාවට
අදාළ වෙන්නෙ නෑනේ. ඇයි අපිත් ඒක කරන්නේ?
ඉස්කෝලෙ මහත්තයා - මේකනෙ
දරුවෝ. අම්මා තාත්තා ආච්චී සීයා පරම්පරාවෙන් එකදිගට පවත්වගෙන ආපු චාරිත්‍ර අපිත්
හොයල බලන්නෙ නැතුව කරන්න පුරුදුවෙලා ඉන්නවා. පරම්පරාවෙන් ආපු චාරිත්‍රයක් වුනත්
පළක් නැත්නම් අත අරින්න ඕන.’
ඒ අතින් නම් අප ඉන්නේ
ඉතාම ඉදිරියෙනි. අප කරන්නේ සේරම අතහැර දැමීමය..... පලක් ඇති එව්වාත් අතහැර දැමීමය!
ඇත්තෙන්ම කවුරුන් කොහොම කිව්වත් යමක් පිළිගන්නට හෝ බැහැර කරන්නට හෝ කලින් ඒ ගැන
යළි-යළිත් විමසා-සිතා-සොයා බැලිය යුතුය. එදා නම් තොරතුරු ගලා ආවේ හරිම හෙමින්ය. අද
එහෙම නෙවෙන බව මටත් වඩා හොඳින් ඔබ හැම දෙනාම දනියි.
ඉතින් බොරු තොරතුරුත් ගලාගෙන
එයි.
ඉස්සර තරුණියන් බිය
වැද්දූ රෝගයක් ගැන ඒ කාලයේ පත්තරවල දැන්වීම් වැරදුණේ නැත. ‘ඇඟ උණු කරවා යනවාද’
ඒවායින් අසා තිබිණි. දැන් පත්තරයක එහෙම දැන්වීමක් තිබුණොත්.....
‘සුදයාම හෝ සුදු පැහැති දියරයක් යෝනි
මාර්ගයෙන් ගැලීම ඍතුවීම වැනි දෙයක්ද?
වෙනදාටත් වඩා පිරිසිදුව ඉන්න! |
නෑ. බොහෝ අවස්ථාවලදී අපිරිසිදුතාව මෙයට හේතු
වෙනවා. මෙවැනි ලක්ෂණයක් ඇත්නම් එම පෙදෙස පිරිසුදුව තබා ගැනීම ඉතාම වැදගත්. මල්වර
වූ අවිවාහක බාල තරුණියන්ගේ මෙය සමහර විට දක්නට ලැබෙනවා. එය ස්වභාවික දෙයක්. ඇඟ උණු
කරවා යාම කියන්නෙත් මෙයටමයි. ගර්භාෂ මුඛයෙන් හා යෝනි මාර්ගයෙන් වැඩිපුර ගලන ශ්‍රාවයක්
නිසයි එය සිදු වන්නේ.
ඒ නිසා එය ගැන කලබල වෙන්න හෝ බිය වෙන්න හේතුවක් නෑ.
නමුත් විවාපත් වූවන්ගේ මෙවැනි ලක්ෂණ ඇති නම්
වෛද්‍යවරයකු හමුවීම වැදගත්. විවාපත් වූවන්ගේ සමහර රෝග නිසා සුද යාම සිදු වෙන්න ඉඩ
තිබෙන නිසයි ඒ.
කුඩා දැරියන්ගේ එනම්, මල්වර වීමටත් ප්‍රථම මෙවැනි සුද යාමක් ඇත්නම්
ඒ සඳහාත් වෛද්‍යවරයෙකු හමු වෙන්න ඕනෑ.
මල්වර වෙනවා කියන්නේ?
මල්වර වෙනවා කියන්නේ ගැහැනියකගේ ජීවිතයේ ප්‍රථම
වතාවට ඍතු වීම ඇති වීමයි.
ළමා විය පසු කර ගැහැනු ළමයෙකු තරුණ වියට පා තැබූ විට හෝමෝන
නිෂ්පාදනයක් සිදු වෙන බව අපි දන්නවා. මෙම හෝමෝනවල ක්‍රියාකාරිත්වය ගර්භාෂ බිත්තියට
බලපාන නිසයි ඍතු වීම පටන් ගන්නේ. ප්‍රථමයෙන් සිදු වන මෙම ඍතු වීමත් සමඟම ඩිම්බ
නිෂ්පාදනයක් සිදු වෙනවා කියලා හරියටම කියන්න බෑ. ඒත් මේ කාලයේදී ඇය ඩිම්බ
නිෂ්පාදනයට සුදුසුයි. ඒ කියන්නේ දරු ගැබක් ඇති වීමට සුදුසු තත්ත්වයකට ඈ දැන් පත්
වෙලා.....’
ලංකාවේ මල්වර මංගල්‍ය සිරිත් හරි අපූරුවට........ |
මල්වර වීම කියනකොටම අපේ නිළි රැජන මාලිනී
සෙනෙහෙලතා ෆොන්සේකාව මගේ පලෝලේ කට්ටියට සිහිවෙන්නේ නිකම්මයි. 1977 මැයි මාසයේ 25
වෙනිදා............
එදා තමයි ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටය
තිරගත වීම ඇරඹුණේ. ලංකාවේ මල්වර මංගල්‍ය සිරිත්-විරිත් ඒ තරම් හොඳට වාර්තා චිත්‍රපටයකවත්
තිබුණාද මන්දා.
පංච කල්‍යාණයෙන් එකක් වෙන ‘වයඃ කල්‍යාණය’ මාලිනිය සතුව තිබෙන බවත්
ඒ film එකෙන් තහවුරු වුණා. ඒකනේ 1947 උපන් මාලිනී ‘එයා දැන් ලොකු ළමයෙක්’ එකේදී
යොවුන් යුවතියක් විදිහට රඟපාද්දී වුණත් රසිකයන්ට අවුලක් නොදැනුණේ.
ඒ වගේම වැදගත් දෙයක් තමයි ලංකාවේ නිළියක්
ඉස්සෙල්ලාම අන්තර් ජාතික සිනමා උළෙලකදී සම්මානයකට පාත්‍ර වුණෙත් ඒ ෆිලුමෙන්; 1977
මොස්කව් අන්තර් ජාතික සිනමා උළෙලේදී මාලිනියට ඩිප්ලෝමා සම්මානයක් හිමි වීමෙන්.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම වෙනුවෙන්
ධර්මසේන පතිරාජ කලාකරුවාණනුත් ඒ උළෙලේදීම ඩිප්ලෝමා සම්මානයෙන් පිදුම් ලැබුවා.
යෞවනියක් මල්වර වීම සමරන්නේ හැකි-හැකි විදිහට
චාරිත්‍ර කරලා පොඩියට හරි උත්සවාකාරයෙන්. මේ උත්සවය පැවැත්වීම කෙරෙන්නේ වැදගත්ම
දවස පහුවෙලාත් දවස් ගණනක් ගියාට පස්සෙනෙ.
මල්වර වුණු දැරියක් එක පාරම ඇලක- දොලක- ළිඳක- ගඟක- මුහුදක නාවන්නෙ නැහැ......... |
අපේ චූටි නංගිගේ ෂැනන් දෝණියන්දගේ මල්වර මංගල්ලේ තිබුණේ සති දෙක-තුනකට
කලින්නේ. ඒ ගැන කියද්දීත් මට මේ ප්‍රශ්නය ඔළුවට ආවා. නමුත් ‘මගේ පණ්ඩිතකම් දොඩවලා,
එයාලගෙ හිත චාන්-චඃ කරවන්නේ මොකටද?’ කියලා ‘දොඩන් නැතිව’ හිටියා!
අදට දොඩන හරිය එච්චරයි!
+++++++++++++++
ReplyDeleteස්තුතියි මහත්තයෝ.
Deleteඔය ලිංගික කරුණු ළමයින්ට උනත් පොඩි කාලෙ ඉදන් ඉගෙනගන්න පුලුවන් වෙන ක්‍රමයක් හැදෙන්න ඕන... එතකොට මේවා මැජික් නොවී තියේවි...
ReplyDeleteසත්තෙන්ම. හංගලා තියෙනකොට, ඔජ වඩනකොට කුතුහලය වැඩිවෙනවානේ.....
DeleteIt cross my mind, why Lokuhamuduruwo ask to see Kalumsiris's sister. Hmmmmmm NiDi has point (Wijebahu)
ReplyDeleteඅද ඉන්න පරම්පරාවේ උදවියට අපට වඩා ඉක්මනින් ඔය වගේ දේවල් මීටර් වෙනවා.
Deleteවිජේබාහු මහත්තයාට මතකද කලින් වතාවක මේ තරුණියගේ පළමු සැමියා; සංඛගේ අම්මා ඇවිත් දබර කරද්දී කියන කතන්දර.... ලොකු හාමුදුරුවන්ගේ ඉල්ලීමයි, ඒ කතන්දරයි දෙකම තමයි ගලපා ගන්න වෙන්නේ.
I remember the fight, but not all the words spoken. I must pay more attention to understand the finer details of the drama. Thanks NiDi (Wijebahu)
Deleteඒ දවස්වල මටනම් ඕක මීටර් වුනා කියල ආඩම්බරයෙන් කියන්න කැමතියි, අක්කලදෙන්න කියල දුන්න පොත ගැන
ReplyDeleteඔයාට තියෙන වාසනාව හැමෝටම ලැබෙන්නේ නැහැ අජිත් මහත්තයෝ!
Deleteසොරි මචං අප්සෙට් කරන්න නෙවේ කිව්වේ . අම්මල නංගිලා කට්ටිය් ගැන කෝල් එකක් දීල හෙම බලන්න ඕනේ නම් කියන්න
Deleteඅවුලක් නැහැ අජිත්. මම තේරුම් ගත්තේ ඔයාගේ අක්කලා දෙන්නා 'ස්ත්‍රී චිකිත්සාවලිය' පොත ගැන කිව්වා කියලයි.
Deleteස්තුතියි, අපේ අම්මලා, නංගිලා ගැනත් සිහි වුනාට. එයාලා සතියකට හතර-පස් වතාවක්ම මට කතා කරනවා.... අම්මාටත් යන්තමට ඩිමෙන්ෂියාවද මන්දා, කතා කරලා පැයකින් විතරත් ආයෙම කතා කරනවා- අමතක වෙලා.
අර චිත්‍රපටිය හොයන්න පටං ගත්තා.
ReplyDeleteඉක්මනින් හමු වේවා!
Deleteඒ ලෙවල් බයෝලොජි ක්ලාස් එකේ ඉගෙනගත්තට පස්සේ මේ ඔය ගැන සටහනක් කියෙව්වමයි. මතකය අලුත් උනා.
ReplyDeleteඒකත් ලොකු දෙයක්නේ, නැද්ද මං අහන්නේ?
Delete