li Item

Friday, June 11, 2021

ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස

දැනුම කොල්ලකාගන ගොස් ඉන් සිය රටවල් සංවර්ධිත කරන්න උදව් ගෙන......

හිරෝශීමා- නාගසාකී නගරවලට බෝම්බ වැටීදෙවෙනි ලෝක යුද්ධයෙන් නටබුන් වීත්, අදහාගත නොහැකි කාලයකදි සංවර්ධිත රටක් උන ඔවුන්, රටම කම්පා කල සුනාමි ව්‍යසනවලින්වත් පරාද නූනේ ඒකයි.

ඔයා නෙදර්ලන්තය (ඕලන්දය)ෆින්ලන්තය වගේ රටකට ගියොත්? අපි දකින්නේ පුස්තකාලවල විවේක කාලය ගත කරන මිනිස්සුඑහෙම නැත්නම් උද්‍යානවල වැතිරී පොත්පත් කියවන පවුල්දේශපාලනය, කලාව ගැන හරවත් වාද විවාද කරගන්නා කෝපිහල්වල කෝපි බොන්නන්.

මොවුන් ශතවර්ශ ගනනාවකට කලින් අප රටවල්වලට කඩාවැදවටිනාකියන සම්පත්දැනුම කොල්ලකාගන ගොස් ඉන් සිය රටවල් සංවර්ධිත කරන්න උදව් ගෙන......; අද වෙද්දී ලෝකයේ ඉහලින්ම වැජඹෙනධනවත්ශිශ්ට රටවල් වෙලා.

ඒත් ...... ‘ඔවුන්ගේ වෙලාවට වැඩ කිරීමමහන්සි වී වැඩ කිරීම සහ නීතියට ගරු කිරීම වගේ පුරුදු’ තමයි මම ඒ රටවල ආර්ථික දියුනුවට හා යහපත් ජීවන තත්වවලට හේතු ලෙස දකින්නේ.

එදා අපිට එහෙම කල අය; අද ඔවුන් විනාශ කල රටවල්වලම ජනවාර්ගික ආදී නොයෙක් ගැටුම් විසඳීමේ පරම බලය අතට ගෙනඉතා සූක්ශමව තව දුරටත් ඒ ප්‍රශ්න ඔඩු දුවවමින් සිය පැවැත්ම තහවුරු කර ගන්නවා.
දැන් මූනිස්සම් නාස්තියක් නැති තරම්.

ජාතියක් වශයෙන්ම අපි මෙච්චරට මොට්ටයිද?

බාධා කරනවා නං කනගාටුයි, පීරිස් මහත්තයෝ.

මේවා අපේම මෝඩකම් නේද? එතැනදී වගකීම් රහිතව වැඩ කරලා තියෙන්නේ අපිම නේද? ජාතියක් වශයෙන්ම අපි මෙච්චරට මොට්ටයිද?
අනෙක් අතට, මේ වගේ දේවල් අර diලගෙ අම්මා වගේ අය හීනෙන්වත් කල්පනා කරනවද? මෙහෙම අපි දෙතුන්-දෙනෙක් විතරක් මේවා කල්පනා කළාට ජාතියක් හැදෙයිද; වෙනස් වෙයිද....

ඔයා දන්නවද? සුමාන දෙක-තුනකට කලින් අපේ රටේ ජනතාවගෙන් වැඩිම දෙනාට බලපාමින්  තිබුණු ප්‍රශ්නය මොකක්ද කියල... නිකං දෙන පන්දාහ!
මට හිතා ගන්නවත් බෑ මහත්තයෝ..... සහතිකයි. ගෙදර ගෑනියි, මිනිහයි දෙන්නම රස්සාව කරන අයත් සුමාන දෙකක් lockdown වෙච්චි ගමන් හිඳිලා; පතුලටම වැටිලා.... සල්ලි නැහැල්ලු.

මම හොඳටම දැක්කා, ගිය අවුරුද්දේ පන්දාහ ගත්තු දුප්පත්තු 4,000/-ට බෝතලේ ගානේ ගෙන්නගත්තු හැටි.... වැඩි ගණනට.
ඔන්න, මෙදා සැරේත් පන්දාහ කවදද දෙන්නේ කියන ප්‍රශ්නය උඩට මතු වෙවී ආවයි කියමුකෝ.....
එන්නත් දෙන විදිහ ගැනත් ප්‍රශ්න පිට ප්‍රශ්න ඇති වුණා....
ඒ අස්සෙයි ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැව ගිනි ගත්තේ....
රටේ කතාබහ උණුහුම් වෙවී තිබුණේ!

මාළු මැරෙනකොට; වෙරළට සුන්බුන් ගොඩ ගහනකොට; අම්ල වැහි වැටෙන්න පුළුවන් නිසා ‘වැස්සට තෙමෙන්නවත් එපා’ කියලා කියනකොට මිනිසුන්ගේත් ඇඟේ මාළු ගඟේ නටන්න පටන් ගත්තා... 

අනෙත් ප්‍රශ්න සේරම දැන් රටට අමතකයි. පියුමි හංසමාලිගෙ කතන්දරේ විතරයි.....

මෙන්න බොලේ, එතකොටම චන්දිමාල් ජයසිංහ උපන් දින උත්සවයක් සංවිධානය කළා, ෂැන්ග්‍රිල්ලා හෝටලේ. ප්‍රසිද්ධ නිළියො, ගායකයෝ, නිරූපිකාවෝ එහෙමත් ඒකට ඇවිත්.

වැඩේ පත්තු වුණා.

අනෙත් ප්‍රශ්න සේරම දැන් රටට අමතකයි.
පියුමි හංසමාලිගෙ කතන්දරේ විතරයි කතා වෙන්නේ.... හැබැයි
පියුමිම ජුනි 3 වෙනිදා කියලා තිබුණු දේවල් දහයකින් එකක් ගැනවත් එච්චර උනන්දුවක් නෑ.

1. කොවිඩ් අරමුදලේ මුදල් වියදම් වූ අයුරු සැකසහිත වීම

2. පාඩු ලබන ලාෆ් ගෑස් සමාගමෙන් 40%ක් රක්ෂණ සංස්ථාව හරහා මිලදී ගැනීමට හා ඒ හරහා අත යට ගනුදෙනුවක් සිදුවිය හැකි වීම

3. මුස්ලිම් විරෝධයක් සහිතව පැමිණි "තනි සිංහල ආණ්ඩුව" මුස්ලිම් රටක් වන බංග්ලාදේශයෙන් ණය ලබා ගැනීම

4.පාස්කු ප්‍රහාරයේ සැබෑ මොළකරුවන් අනාවරණය නොකිරීම

5. උදයංග වීරතුංග යුක්රේනයෙන් සංචාරකයන් රැගෙන ඒම ‘කෝවිඩ් පැතිරීම අත්හදාබැලීමට කරන්නක්’ බව ප්‍රකාශ කර ජනතාව "පරීක්ෂණාගාර මීයන්" බවට පත් කිරීම

6. මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් 20 සම්මත කිරීම

කොවිඩ් තත්වය දැක-දැක හොර රහසේ මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට සැරසීම හා....

7. දූෂිත පුද්ගලයින්ට එරෙහිව ගොනු කළ නඩු ඉල්ලා අස්කරවා ගැනීම හා "නිදොස් කොට නිදහස්" රැල්ල ඇති වීම

8. සයිනොෆාම් එන්නත ආනයනයේදී එක් එන්නතකින් ඩොලර් 5ක වංචාවක් වූ බවට ඇති සැකය

9. පාතාලයන් පසුපස සිටින සැබෑ දේශපාලන ජාවාරම්කරුවන් හඳුනා ගැනීමට පෙර පාතාලයන්ට "ආයුධ පෙන්වන්නට යාම"

10. කොවිඩ් තත්වය දැක-දැක හොර රහසේ මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට සැරසීම හා එය අවලංගු කරන බව පැවසුවද, ලංකා බැංකුව LC open කර තිබීම නිසා ඇති වෙන තත්වය

දැන-දැනම අපි තව කොච්චර කාලයක් මේ උගුල්වලට අහු වෙන්න ඕනිද? කොතැනද අපට වැරදිලා තියෙන්නේ.... කියලයි පීරිස් මහත්තයෝ මං මේ කල්පනා කරන්නේ.

ඒකම තමා, මමත් කියන්න හදන්නෙ අයියේ!
හැම රටකටම, තනි තනි පුද්ගලයන්ගෙ
mood එක, වෙනත් පුරුදු එකට එකතු වෙලා හැදෙන common mood එක (විශාදියට බර, විනෝදයට බර), නීතියට ගරු කිරීම හෝ නොකිරීම, තම තමන්ගෙ කාර්යයන් නොපිරිහෙලා කිරීම, ලමයින්ගේ- වැඩිහිටියන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ශාව හා සුබසිද්ධිය ගැන බරපතලව හිතීම වැනි පුරුදුවල අඳුනාගත හැකි රටා දක්නට ලැබෙනවා.
එයාලගේ හැසිරීමෙන් වුනත් රට ගැන කියන්න පුලුවන් ඕන නම්.

අභියෝග හමුවේ පන්නරය තියුණු වෙවී ජීවිතයට මූණ දෙන යුවතියකගේ කතාව,ලෝක පූජිත මෙගා ටෙලි නාට්‍යයක් සේ.....

බෞද්ධ රටක් වන ජපානය ඔෂින් වැනිඅභියෝග හමුවේ පන්නරය තියුනු වෙවී ජීවිතයට මූන දෙන යුවතියකගේ කතාවලෝක පූජිත මෙගා ටෙලි නාට්‍යයක් සේ ලෝකයට ගෙන හැර පාද්දී ඉන්දියාවේලංකාවේ මෙගා නාට්‍යවල ගෙන හැර පාන දර්ශනය මොකද්ද අයියේ?

අඩු ගනනෙ බුද්ධ චරිතය මෙගා නාට්‍යයකට ගනිද්දිවත් මෙයාලට පුලුවන්ද එහි පූජනීය බව නොනසා ඒක කරන්න?

දාර්ශනික එලඹුම් පැත්තකින් තියමු:
ටෙලියක කෙනෙක් කලන්තෙ දාන සරල උදාහරනයක් ගමු.
අපි එහෙම වෙලාවක ඉක්මනින්ම කල යුත්තෙ ඒ කෙනාව ඇඳක- නැත්නම් වහාම බිම හරි දිගා කරවන එක
(මොකද- කලන්තෙ දාන්නෙ මොලයට යන ලේ ගමනය අඩු වෙන නිසා.) ... ලෙඩාව දිගා කරවලා කකුල් පැත්ත උස්සනව නම් ඉක්මනට සාමාන්‍ය අතට හැරෙනව!

ඊට පසු ඇඳුම් බුරුල් කරලවාතාශ්‍රය වැඩි කරලහැකියාවක් තියේ නම් නිවසෙදි රුධිර සීනි මනින උපකරනයක්; ග්ලූකොමීටරයක් තියේ නම් සීනි මැනල බලන්න පුලුවන්.
සීනි වැඩිනම් එවෙලේම බය වෙන්න දෙයක් නෑ.
සීනි සාමාන්‍ය හෝ අඩුනම්, සීනි දැමූ කිරි තේ එකක් දෙන්න පුලුවන්- මේ සියල්ල අපි පාසැල් කාලෙ ඉගෙනගත්ත දේ.

පොදුවේ අපි දැන හිටිය යුතු ප්‍රථමාධාර දැනුමයි මේ.

නුමුත් අපේ ප්‍රධාන සන්නිවේදන අවියක් වන ටෙලිවල අපි දකින්නෙ මොනවද? පුටුවක ඉඳගෙන ඉන්දැද්දි කලන්තෙ දැම්ම උනත් කෙනෙකුට එහෙමම ඉන්න ඉඩ දීම; එහෙම නැත්නම් දෙවුර සොලවමින් හඬා වැලපෙන එක නෙවීද කරන්නේ? ඒ අතරෙ තව අයෙක් දුරකථනයකින් ඇමතුම් ගනිමින් වෙච්ච නස්පැත්තියට වැලපෙන්න තවත් අයත් සම්මාදම් කරගනු දැකල තියේද අයියා?

මැයි 25 වෙනිදාත්- ජුනි 3 වෙනිදාත් අතරතුර කාලයේ, කොළඹ මහ රෝහලට පවුල් ආරවුල් නිසාඅනතුරට ලක් වූවන් 160 දෙනෙකු...

කෙනෙක්ට සෙට් එකක් බැහැල මරන තර්ජනය කලොත්?
අපි නම් මොකද කරන්නෙ? විසඳුමක් හොයාගන යන්නෙ නැද්ද119 අමතා පොලීසියට කියන්න බය නම් වෙනත් බලවත් කෙනෙකුගෙ ආධාරය හොයා යන්නෙ නැද්ද?
ටෙලිවලදි නම් වෙන්නෙ ඒක පුන පුනා පෙන්නමින් වැලලෙන එක නෙමේද?

ඒවායින් කෙරෙන බලපෑම කොයි තරම්ද?
2021 මැයි 17 වෙනදා උදෙන්ම ‘චීත්තවාහිනිය’ට වාර්තා වුණු පමුණුවේ ඛේදවාචකයක් හින්දයි, ටිකක් පරණ තවත් කේස් එකක් හින්දයි අහන්න හිතුණේ, මේ අස්සෙම.... ඇහුවට කමක් නැහැනෙ.
Depression නිසා අපරාධ වැඩි වෙන්න ඉඩක් තියෙනවද?

පසුගිය අප්‍රේල් 25 වෙනිදා අපි විල්පත්තුවේ trip එකක් ගිහින් එනකොට අල්ලපු වත්තේ ගෙදරක තරුණ පිරිමි හාදයෙක් bed sheet එකකින් එල්ලිලා මැරිලා. අවුරුදු 29යි....
ඊයේ හැන්දෑවේ තරුණ සැමියෙක් තමන්ගේ බිරියට පහර දීලා; බෙල්ල මිරිකලා ඝාතනය කරලලු. ඒකත් වෙලා තියෙන්නේ අපේ ගෙදරට පෙනෙන මානයේ ගෙදරකයි.

ඔය දෙකම නිශේධනීය ප්‍රවෘත්ති. මං නම් කතා කරන්නවත් කැමති නෑ. ඒත් ‘යම්කිසි රටාවක්’ තියෙනවද කියල තේරුම් ගන්නයි අහන්නේ.

(අපේ රටේ සංඛ්‍යා ලේඛන ගැන එතරම් විශ්වාසයක් නැතත්,) මේ කියන්නේ, 2021 ජුනි 4 වෙනිදා කියවන්න ලැබුණු පුවතක්.
මැයි 25 වෙනිදාත්- ජුනි 3 වෙනිදාත් අතරතුර කාලයේ, කොළඹ මහ රෝහලට ‘
පවුල් ආරවුල් නිසා’ අනතුරට ලක් වූවන් 160 දෙනෙකු ඇතුළත් කෙරිලා තියෙනවාලු.  

සිදු වෙන ඕන දේකටඅසාධාරනයටබලය පෙන්නීමට එරෙහිවඅතපය හකුලුවාගන දාර්ශනික පල් වාක්‍ය කියකිය....

සංචරණය සීමා කෙරිලා තිබුණු ඒ දිනවලදී විතරක් ‘හදිසි අනතුරුවලින්’ 1339 දෙනෙකු මහ රෝහලට ගෙනත්....
ඒකයි, මම හොයන්නේ...

නිමල් අයියේ, මම ගත්ත උදාහරන එතරම් ඒත්තු ගන්වනසුලු (convincing) උදාහරන නොවෙන්න පුලුවන්. ඒත් මම කියන්න හදන දේ ඔබට තේරෙනවා.
සාංදෘශ්ඨිකවාදී
depression and resigning into fate අපේ කලා මාධ්‍යවලටත් විසරනය වෙලා ගිහින්.
සිදු වෙන ඕන දේකට
අසාධාරනයටබලය පෙන්නීමට එරෙහිවඅතපය හකුලුවාගන දාර්ශනික පල් වාක්‍ය කියකිය ගොලුබෙල්ලන් සේ කටු ඇතුලට රිංගන චරිතයි අපි දකින්නෙ. සාමාන්‍ය මෙගා නාට්‍ය ගත්තත්; කලාත්මකවිශිශ්ට පෙල- නලු නිලි රැඟුම්- අධ්‍යක්ශනය නිශ්පාදනය තිබුනත්, ඒවයේ පවා පවතින සාපේක්‍ශ යතාර්ථය පෙන්නනවා විනා ඉන් ඔබ්බට යා හැකි බවට බලාපොරොත්තුවක්වත් දෙන්නෙ නෑ!

තරහ වෙන්න එපා අයියේඔයා ආස බොහෝ විදග්ධ ටෙලි පවා එහෙම තමා. මේවා ඉතා බරපතල විදියට සාමාන්‍ය ජනතාවගේ මනස් එහෙම හිතන්න පතන්න programe කරනවා.

ටෝල්ස්ටෝයිගෙ ඇනා කරෙනිනා නවකතාවෙ, ඇනා කැරෙනිනා හා රොන්ස්කිගෙ හාද වීම නිසා පවුල් විනාශ වෙන හැටි මනාව නිරූපනය කෙරෙනවා.
ඒත් ඉන් ඔබ්බට
, වඩා ලස්සන අනාගතයකට ඉඟියක් දෙන්නෙ ලෙවින් හා කැතරීන් ශ'බැට්ස්කි යුවල.
ඒ විතරක්ද
, නවකථාව ආරම්බයේදිම ටෝල්ස්ටෝයි අනතුරු අඟවනවා; මේ කාගෙවත් ක්‍රියා අවර ක්‍රියා ලෙස විනිශ්චය කරන්න ඔහු අපට ඉඩ දෙන්නෙ නැති වගබයිබලයෙ වාක්‍යයක් ඇද බාමින්; justice is mine; I shall repay.

සිදුවන වෙනස්වීම් අල්ලා නොගෙන උපේක්ෂාශීලීව දැක ඒ එක්කම සක්‍රියව ක්‍රියා කරන හැටි ටෝල්ස්ටෝයිගෙ චරිත....

ඔහුගෙ ‘යුද්ධය හා සාමය’ මම එතෙක් මෙතෙක් කියවපු ලොව විශිශ්ටතම නවකතාව; ඒකෙ එකසිය ගනනක් වන චරිත අතරෙ ඉතිහාසයෙ සුවිශේශ කාර්යබාරයන් කල ලෝක ඉතිහාසයේ අග්‍රගන්‍යම යුධ සෙන්පති ලෙස සැලකෙන නැපෝලියන් බොනපාට්, ඔහුව උපක්‍රමයෙන් පරාද කරන රුසියානු අග සෙන්පති ජෙනරාල් කුටුසොව් වැනි ප්‍රසිද්ධ චරිත පවා තිබුනත්,
කතාවේ වීරයා වෙන්නේ දහතුන් වියෙන් කතාවට එලඹෙන නතාශා රොස්ටොව් සිටුවරිය.

ඇගේත් පියරේ බෙසූකොව්ගේත් ජීවිත විවිධ හැල හැප්පිලි මැදින් ඈතින් ඈතට ගොසින් අවසන එක් වන්නේ ජීවිතය විඳවන්න සිදු උනත්, මිනිස් ජීවිතය ලස්සනයි කියන එක කාවද්දමින්.

කාලෙන් කාලෙට සිදුවන වෙනස්වීම් අල්ලා නොගෙන උපේක්ශාශීලීව දැක ඒ එක්කම සක්‍රියව ක්‍රියා කරන හැටි ටෝල්ස්ටෝයිගෙ චරිත අපට කියා දෙනවා-
අමිහිරි යථාර්තයන් පෙන්නන ගමන්.

චෙකොව්දස්තයෙව්ස්කි උනත් එහෙම නෙමේද?අපරාධය හා දඬුවමේ’ මිනීමරු රස්කොල්නිකොව් ගනිකා දුවක් වන සෝනියාට දන ගසා වඳින අවස්ථාව කඳුලු උනා නොගෙන කියවන්න මට අදටත් අමාරුයි.

ඒවා දුක් කඳුලු නෙමේ... හිතැතියෙකුගෙ ආත්ම විශෝධනයත් සමග එන මහා සැහැල්ලුව, සහානුභූතිය (empathy) නිසා මටත් දැනෙන හින්දා උනන සතුටු කඳුලු.

අපරාධය හා දඬුවමේමිනීමරු රස්කොල්නිකොව් ගණිකා දුවක් වන සෝනියාට දණ ගසා වඳින අවස්ථාව....
මම මේ ගත්තෙ ලෝක ඉතිහාසයෙ ඉතාම depressive යුගයක,
අවසාන රුසියානු සාර් රජුගෙ පාලනයෙ අඳුරුතම යුගයෙ හිටි යුග පුරුශයින්- දියසෙන් කුමාරවරුන්- ලේඛකයො හැටියට වෙස් වලාගනලෙනින් හරහා ඔක්තෝබර් විප්ලවයට යන්න පාර කපපු හැටි- ඒ දුක් පීඩා හා ඊට හේතුභූත උන සමාජ දේශපාලන තත්ව මඩේ දදා කුනු රසයෙන් සමාජය මත් කරන්නෙ නැතිව.

ඔතනත් මහත්තයෝ අපට වැරදිච්චි තැනක්.
යුද්ධය හා සාමය!
අපේ මානෙල් නංගිලා වගේ අයට, diලගෙ අම්මලා වගේ අයට විතරක් නෙවෙයි මහත්තයෝ, ඔයා-මම දන්න කී දෙනෙකුට පුළුවන්ද ඒ වගේ තඩි පොතක් කියවන්න....
කියෙව්වත් දිරවගන්න.... ඒ එපා!
සරලම ලියවිල්ලක හරි යටි පෙළ තේරුම් යන්නේ කාටද?

ඔයාට වැඩියෙන් හම්බ වෙනවා ඇති උගත්- බුද්ධිමත් අය.

මගේ වටේ නං මට එහෙම අයව හම්බ වෙන්නේ අඩුවෙන්. ඇත්තම කිව්වොත් blog එකෙනුත් මට වෙච්ච ලොකුම වාසියක් තමයි එහෙම පුළුල් දැනීමක් ඇති අය කීප දෙනෙක්ව හරි අඳුරගන්න පුළුවන් වෙච්චි එක....
(ඔයාව මුරුංගා අත්තට නග්ගනවා එහෙම නෙවෙයි පීරිස් මහත්තයෝ.....)

නිකමට හිතන්නකො, මෙහෙම දේවල් කතා කරන්න පුළුවන්; තේරුම් ගන්න පුළුවන්; සේරටම වැඩියෙන් එහෙම කරන්න තරම් උවමනාවක්වත් තියෙන කී දෙනෙක් අපේ වටේ ඉන්නවද?
හැබැයි බම්බු දේශපාලනේ ගැන කතන්දර දෙසා බාන්න- ගිරව් වගේ කියවන්න නම් අපේ සමාජේ ඕනි තරම් හපන්නු!

ඕවට කියන්නේ dinner discussions කියල. අන්නපානය ලැබෙනකම්...

ඔන්න ආයෙමත් කියනවා! ‘කිව්වට තරහ වෙන්න එපා’. අපේ අප්පුහාමිලට මේ සේරම මතක් වෙන්නේ; රට- ජාතිය- ආගම ඕනි වෙන්නේ බයිට් එකට විතරයි!

මම දන්නවා අයියේ- ඕවට කියන්නේ dinner discussions කියල. අන්නපානය ලැබෙනකම්, ලැබුනු පසු දිරවනකම් කරන කතා බහ; කොහේදි උනත් ඒ කතා ඒ වෙලාවට විතරයි.

හැබැයි අපි හොඳින් පිරික්සා බැලුවොත් ඔය ශ්‍රේශ්ඨ කෙටිකතා නවකතාවල ප්‍රචාරකවාදී බවක් කොහෙත්ම නැහැ!
ඇත්තේ වඩා හොඳ ලෝකයක් ගැන ප්‍රසන්න හැඟීමක් ඇති කිරීමත්
, එය කල හැකි දෙයක්ය යන්න පෙන්නීමත් පමනයි.

නිමල් අයියේ. මම නැවතත් කියනවා;
දැන් ඔයා ඔක්කොම පැත්තකින් තියල මම සමාජවාදියෙක්ද ධනවාදි විරෝධියෙක්ද කියල හොයන්න යන්න නම් එපා; ඒක ඇඟිල්ලෙන් හඳ පෙන්නද්දි ඒ දිහා නොබලා ඇඟිල්ල නරඹා නිගමනවලට එනව වගේ දෙයක්.

මම කියන්න පටන් ගත්තේ මේ කොරෝනා සමයේ පොදු ප්‍රතිශක්තිය අඩු නිසා ලක්ශ විස්සකට එන සංකූලතා මග අරවන්නඉතුරු ලක්ශ 190ක්ම ලොක්ඩවුන් කරලා හිර කලාම මානසික විශාදය  ආදී බෝ නොවන රෝග වැඩි වෙන බව (NCD: Non Communicable Diseases). අපිට epidemics, pandemics වලට ඔරොත්තු දෙන්න අපේ ප්‍රතිශක්තිය වැඩි කරන ජාතික ප්‍රතිපත්තියක් එන්න ඕන;
නැතුව මෙහෙම වසර ගනනකට සැරයක් නැවත-නැවත
lockdown කරන්න වුණොත්?

හරියට diලගෙ අම්මට වුනා වගේ වෙයි!

ඔයාලගේ ගෙට පොඩ්ඩක් එහා ගෙදරකදී වුනා වගේ, සැමියා බිරියට ගහලා බෙල්ල මිරිකලා මරල දායි!

ඊට පස්සෙ අපි ඒකට මුහුණ පාලා එයින් ගොඩ එන්නම ඕන......! 

අපේ ආර්ථිකය, කෘශිකර්මය, අධ්‍යාපනය නැති බංග වෙනව ඊට අමතරව. ඒ ලක්ශ විස්සක් විය හැකි රෝගීන් ගොඩේ ඔබ මම අපේ දෙමවුපියෝ මිතුරෝ හිටියත් නොහිටියත් අපි ඒ දේ කරන්න එපායැ.
මේ ගානට හිර උනාම මෙහෙම lockdown කරන්න වෙනවා තමයි. නමුත් ඒක පැලැස්තර විසඳුමක් පමනයි.

ඊට පස්සෙ අපි ගොඩ එන්නම ඕනහිරෝශීමා- නාගසාකී බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ ජපානය ගොඩ ආ පරිද්දෙන්. ඒ කාර්ය සාධනයට අපේ ජාතික ලකුන වන් ඓතිහාසික ඔතෑනි ‘අනේ ඔන්න ඔහේ ඕන දෙයක්’ ආකල්පය හරි යන්නෙ නෑ.
පරම්පරාවක් දුක් විඳින්න වෙයි. අපේ ආහාර රටා වෙනස් කරන්නත් වෙයි. වෙනත් එවන් ව්‍යසනවලින් සාර්ථකව ගොඩ ආ රටවල් හදාරා ප්‍රතිපත්ති හදන්න වෙයි.

අපි තනි තනියෙන් හරි ගොඩ යන්න අධිශ්ඨාන කරගෙන ක්‍රියාත්මක උනත් ඒක ආරම්බයක් වේවි. එහෙම නේද, නිමල් අයියේ?

සභාවෙන් අවසරයි.
මා මේ අවස්ථාවේ නැඟී සිටින්නේ, අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ දොස්තර අයස්මන්ත පීරිස් මහත්මයා විසින් ඉදිරිපත් කරන ලද ඒ ‘අපි සැවොම හැකිතාක් දැනුවත්ව, අධිෂ්ඨානශීලීව ජීවිතයට මුහුණ දෙමු!’ යන යෝජනාව ස්ථිර කිරීමටයි. ස්තුතියි෴

22 comments:

  1. ++++++++++++
    ඔන්න ගැහුවා වැටක්, නිකං වැටක් නොවේ මල් වැටක්.
    (වැටාධිපතිතුමා තරහා වෙයිද මන්දා)

    ReplyDelete
  2. ලොකු පොත් කිව්වාම මතක් වුනේ. මට වයස 13-15ක් විතර කාලේ පුස්තකාලෙකින් අරන් ගියා ජේම්ස් ජොයිස්ගේ යුලිසස් පොත. නම දැකලා ගත්තෙ හෝමර් ගේ කතාව වගේ වෙන්න ඇති කියලා. බුදු අම්මෝ එදායින් පස්සෙ හොදට බලන්නෙ නැතුව පොත් ගත්තෙ නෑ.
    https://en.m.wikipedia.org/wiki/Ulysses_(novel)
    දැන් කියෙව්වොත් සමහරවිට කැමතිවෙයි. ඒත් තාම බය වුන trauma එක තියන නිසාද මංදා ට්‍රයි කලේ නෑ.

    හැබැයි මං කෙටි කතාවලට වඩා දිග නවකතාවලට කැමතියි, මං ආස වර්ගවල ඒවා නම්.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ Pra Jay මහත්තයෝ, මාත් අහලා තියෙනවා යුලිසිස් කියවීමට ඉතා අසීරු පොතක් බව.

      පොතක් ලොකු වුණාට- දිග වුණාට නම් මටත් ගණනක් නෑ. හැබැයි පියදෝර් දොස්තවුස්කිගේ 'The Idiot' පොතේ පරිවර්තනය 'නිවටයා' පොත නං කියවාගන්න හරිම අමාරු වුණා.

      Delete
    2. යුලිසිස් එකට මම හෙන කැමතියි , ඒ වයසේදීම තමා කියෙව්වේ. පරිවර්තනය

      Delete
  3. මොන තරමක් නම් දෙයක් දැන ගන්නවද අප්පා.චීත්තවහිනියක් කියන වචනෙ වෙනස් කරලා දැනුම්වාහිනී කියන නම දාන්න සභාතොමෝගෙන් අවසර ගන්න අය්යේ. මං ස්ථිර කරන්නම්

    ReplyDelete
    Replies
    1. දිමුතු නංගී, සභාව රැස් වෙච්චි වෙලාවක ඔයාම යෝජනාව දාලා බලන්නකො... මගේ පඩික්කන් කටෙන් කියවෙන දේවල හැටියට නං, එයාලා කියන ඒවා තව හොඳයි.

      Delete
  4. ජපානයට බෝම්බ ගහලත් ෆීනික්ස් කුරුල්ලා වගේ අළු මතින් නැගිට්ටනේ. එස් පහ ක්‍රමයත් එයාලගෙනේ. අපිට ඒවයින් ඉගෙනගන්න දේවල් බොහොමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තයි මිතිල, අපට ඉගෙන ගන්න බොහෝ දේ එක-එක රටවල තියෙනවා. අපි ඒවා නොගැනීමයි වැරැද්ද....
      මට නං ජපන් ජාතිකයන්ගෙන් පෙනෙන ලොකුම උදාර ගුණය 'ජීවිතයටත් වඩා අභිමානය උසස් කොට තැකීම'යි.

      Delete
  5. හ්ම්...+++++++++++

    පුස්තකාලෙත් එක්ක මගේ තිබ්බෙ බොහොම සොඳුරු අත් දැකීමක්. අපේ තුං හුලස් පුස්තකාලෙ තිබ්බෙ ලස්සන තැනක. ගාලුපාර ,පාලම, ගඟ පරිසරයක්. දෙකට බෙදලා තිබුන පුස්තකාලෙ හිංගල, ඉංග්‍රිසි තිවුනෙ කොටස් දෙකකට. කාර්-බාර් වලින් ඇවිත් බැහැපු ඉහල පැලැන්තියෙ දැකුම්කලු කලි පොඩිත්තියො සට-පට ගාලා කඩු වන,වන ඉංග්‍රිසි අන්සෙට ගියා. සිංහල අන්සෙ පෞරාණික පොත් රාක්ක අස්සෙන් බකුසු ඇස් දෙකක් එයාල දෙස ඉතා බඩගින්නෙන් බලාගෙන හිටිය බව, කාටවත් දැණුනෙ නෑ.

    බරපතල පොතක් කරේ තියාගෙන පුස්තකාලෙට යන එකත් වෙනමම ආතල් එකක්. අපරාධ සහ දඩුවම, කරමසෝව් සහෝදරයෝ, පික්වික් පේපර්ස් ආසාවෙන් කියවපු පොත්, ඒත් දැන් මෙලෝ අල බෝලයක් මතක නෑ. ඒත් පිටරට මැගසීන් වල දැකපු පාට-පාට කොල තිබ්බ ලස්සන ඝන කැලෑ මැදින් පීත්ත පටි වගේ තියෙන පාරවල්, සුඛොපභෝගී නාන-කාමර වල හිටි ... පිංතූර නං අද වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. හූම් එකයි වැටයි දෙකම...

      Delete
    2. ප්‍රාජේගෙන් තමා ඉගෙන ගත්තෙ, වැට උඩ ඉඳගෙන "හූම්" කියන්න.

      Delete
    3. බස්සා මහත්තයෝ, පික්වික් පේපර්ස් පොතේ පරිවර්තනය 'ලෝක විචාරය' පොත මං කියෙව්වේ ලංගම බස් එහෙක අනුරාධපුරයට යන ගමන්... මට තවම මහකයි, ඒක කියවද්දී හිතේ හැටියට හිනා වෙන්න බැරිව- කඳුළු එනකල්ම හිනාව තද කරගෙන හිටි හැටි.

      වැට උඩ ඉඳගෙන හූම් කියන කතන්දරේ දකිද්දී මතක් වුණේ, දරුවා කාගෙද film එකේ නන්දා මාලිනී, සුධර්මා, විජිත කුසුම් ලියනගේ තිදෙනා කියන මී මැස්සා රූං රූං සින්දුවේ මෙහෙම තියෙනවා.

      බකමූණා හූම් හූම්
      හිඹුටු කඩයි හූම් හූම්
      බුම්මාගෙන හූම් හූම්
      ඔක්කොටම හූම් හූම්

      සිංදුව අහලා නැත්තං මේ link එකට ගිහින්- නන්දා මාලිනීගේ 309 වෙනි ගීතය... http://www.infolanka.com/miyuru_gee/

      Delete
    4. අමතක වුණා කියන්න. ලස්සන ළමා ගීයක්!

      Delete
  6. මට මතකයි මං ඔ්ලෙවල් ඉවර වෙලා ගෙදර ඉන්න කාලෙ පුස්තකාලෙකට බැඳිලා, දවස් දෙකෙන් දෙකට පුස්තකාලෙ ගියා. දවස් දෙකෙන් දෙකට ගියෙත්, දවස ගානෙ යන ඒක හරි නෑ කියල හිතල. ඉතිං ගේන්ගෙ ඒදා දවසෙ හම්බ වෙන ‌ලොකුම පොත් දෙක. එහෙම වෙලත් යුද්ධය හා සාමය පොත් තුනකට වඩා කියවන්න බැරි වුණා. මොකද, කියවගෙන යද්දි මුල හරිය අමතක වෙනව. කොහොම වෙතත්, දොස්කොවුස්කි, තෝල්ස්තෝයි, ෂෙකෝව් වගේ කියවන්න හරිම අමාරුයි. එයිට වඩා පුෂ්කින්, ගොගොල්, ඇනටෝල් ෆ්‍රාන්ස්, ජැක් ලන්ඩන් ආදි අය කියවන්න ලේසියි සහ ප්‍රිය මනාපයි.

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී උන්නැහේ...
      දැන් නං මටත් හිතෙනවා- හිතෙනවා ටික දවසකට හරි ලියන එක නවත්තලා ආයෙම පරණ පොත් ටිකක් කියවලා ඉන්නත්.... අලුත් ඒවාත් ගොඩක් කියවන්න තියෙද්දී එහම හිතෙන්නෙ...

      Delete
  7. මානසික පීඩනය
    ළමයින්ගෙ ඉගෙනීම ය
    රටතොට විඳීම ය
    මෙහැම ඇවිරී පිස්සු වාගෙ ය

    ReplyDelete
    Replies
    1. පිස්සුව පොදුය කාටත්
      තියෙනා බවක් නොදනිත්
      කොරෝනා ආවත්
      හරි, එළියට ඇවිත්!

      Delete
  8. පුස්තකාල වලනම් ඇතිවෙන්න කරක් ගැහුවා. පුස්තකාල දෙකක් පොත් කියවලම ඉවර කළා , ඊට පස්සේ ගියේ පබ්ලික් ලයිබ්‍රරි එකට. අලුත් එකටයි පරණ එකටයි. ගෑනු ළමයි හම්බවෙන්න ගත්තට පස්සේ කියවන එකට පොඩ්ඩක් කෙලවෙලා ගියා. මේ දවස් වල ගෙවල් වල හිංසන වැඩියි මෙහෙත්. මිනිසුන්ට ඇතුලේ හිර වෙලා ඉන්න බැහැ

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, ඔයාලගේ කමෙන්ට්ස් කියවද්දී දුකයි, මට පුස්තකාලවලට යන්න වෙලාවක් තිබ්බෙම නැහැනෙ... අවුරුදු 12 ඉඳලා රස්සාවල් කරන්න ගත්තනේ....

      Delete
    2. මට කැමතිම මතකය තියන පුස්තකාලය බ්‍රිටිශ් කවුන්සිල් එකේ පරණ පුස්තකාලය. ගාලු පාරෙ ඇමරිකන් එම්බසි එක හා ස්විමින් ක්ලබ් එක අතර පරණ බිල්ඩින් එකක තිබුනෙ

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්