1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස

Sunday, December 29, 2019

හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා! - දෙවෙනි කොටස

තාප්ප සරසන්නට එකතු වුණු වාසු, AKD වැනි දේශපාලඥයන්ගේ foto සමාජ ජාලයන්ට එකතු වුණේ....
මේ රැල්ල ගැන ලියන්නට කතන්දර ගොඩාරියක් තිබෙන බව මම පසුගිය පෝස්ටුව අවසානයේදී කිව්වෙමි.

ඒවා මගේම වචනවලින් කියනවාට වඩා තව අයගේ වදන්වලිනුත් ලිව්වාම වැඩියෙන් ලස්සනය. ඒ හින්දාය ‘රුවන් සංජය තිලකරත්න’ගේ වචන ණයට අරගන්නේ!

“....... මේකෙන් රටක් ලස්සන වෙනව කියන්නෙ තව අවුරුද්දක්වත් මේක මේ විදිහට තියා ගන්න මේ දේපළ භාවිතා කරන මිනිස්සු වෙනස් කර ගන්න පුළුවන් නම් ඒක තමයි අපි හැමෝගෙම දිනුම...❤❤🙏🙏

මෙතන ඉන්න බොහෝම දෙනෙක්ව පුද්ගලිකව දන්නෙ නෑ.. අපි එන්න කියල ආපු අයත් නෙවෙයි.. අඳුරන්නෙ නෑ... 
මගේ ඉස්කෝලෙ ඉගෙන ගත්ත කොල්ලො ටිකකුත් හිටිය.. ඉස්කෝලෙ යන කාලෙ ඉස්කෝලවලට බෙදිල ගහමරාගත්ත යුගයක මේ තරුණ කොල්ලො එකතුවෙලා රෑ 10-12 වෙනකම් වැඩ කරනව දැක්කම අනාගතේදිවත් අපේ රට ලස්සන වෙයි කියල පුංචි බලාපොරොත්තුවක් හිතට එනව.. 

මේ එකතු උනා වගේ එකතු වෙලා උඹල වෙන වෙනම වැඩ කරන් පලයන් මල්ලි.. එතකොට තමයි රටක් හදන්න පුලුවන්❤❤🙏🙏...

තවත් අලුත් රැල්ලක් පානදුරෙන්........
සමහරු කියන්න පුළුවන්.. මේව එකකට එකක් ගැළපෙන්නෙ නෑ කියල... හැබැයි, ඔබට හිතන්න පුළුවන්ද ඔබේම ළඟින් ඉන්න මිනිහ, ඔබේම සහෝදරය, යාළුව ඔබ වගේමයි කියල.. බෑ.. හරි වෙනස්... 

ඒ වගේ තමයි මෙතනත්.. නොගැළපෙන දේවල් තියෙනවනම් ගළප ගන්න... 
පණිවිඩයක් තියෙනවනම් ඒක ජීවිතේට ගන්න... කලාත්මක බවක් තියෙනවනම් ඒක විඳගන්න... මොකද, ජීවිතය කියන්නෙ ඒ හැමදේකම එකතුවක්...❤❤🙏🙏

එන්න... අපි හැමෝම අපේ නගරය වෙනස් කරමු...

අපේ රට වෙනස් කරමු...
❤❤🙏🙏

අපේ දරුවන්ගේ; තරුණයන්ගේ ඒ එකමුතුව ගජමුතුවලටත් වැඩියෙන්.........
අපේ දරුවන්ගේ; අපේ තරුණයන්ගේ ඒ එකමුතුකම ගජමුතුවලටත් වැඩියෙන් බබලයි; දිමුතු මුතු වගේ වටියි.

“එතකොට දරුවෝ ඔයාලගේ කට්ටිය, මෙච්චර ගොඩක් එකතු වුණේ කොහොමද? සේරමලා එකම ඉස්කොලේකද?” පන්නිපිටියේ එකතුවෙලා ඉන්න කට්ටියගෙන් මං ඇහුවා.

“මචං තමුදිත, උඹනේ ලීඩර්.... මේ අංකල් අහන ඒවාට උත්තර දීපන්කො ඇවිත්.”

තමුදිත නායකත්වය දුන්නාට කටකාරයෙකු නොවෙයි වගෙය. නිවිහැනහිල්ලේ- හෙමින් කතා කළ තමුදිතගේ වේගය මදි වගෙය කියලා හිතුණේ මට පමණක් නොවේ; එයාලටමත්ය. දිල්ශාන් මධුශංඛ, දිනිඳු ලක්ෂාන් ඇතුළු තවත් දෙන්නෙක් තමුදිතගේ අඩුවටත් එක්කම කතා කළෝය.

“අංකල්, මෙතැන ඉස්කෝල තුනක ළමයි ඉන්නවා. කොට්ටාවේ ධර්මපාලෙයි, කොට්ටාවේ ආනන්දෙයි, ඩී.එස්. සේනානායක කොලේජ් එකෙයි....”

වීදි චිත්‍ර කලාව හරිම පරෙස්සමෙන් අත ගැසිය යුතු කලාවක්- සිතුම් සුධාර ....
“ඩී.එස්. කිව්වේ බොරැල්ලේ?”

“ඔවු! ඒත් අපි හැමෝම වගේ මේ කිට්ටුව පැතිවල අය. තමුදිත තමයි මෙහෙම කරමු කියලා වැඩේට මුල පිරුවේ.”

තාප්පය දිගේම රබර් ඇහැ දමාගෙන ගිය වෙලාවේ මට හිතුණේ මෙයාලට නිසි උපදෙස් ටිකකුත් ලැබිලා තිබුණා නම් කියලාය. ගියවර පෝස්ටුවෙදී මා සඳහන් කළ සිතුම් සුධාරකත් එවැනි දේවල් කිහිපයක් ගැනම අවධාරණය කර තිබිණි.

“..... වීදි චිත්‍ර කලාව හරි පරෙස්සමින් අත ගහන්න ඕනේ කලාවක් හැටියටයි මම දකින්නේ. නගරයකදී ජනතාව දකින්න ඕනෙ හොඳ හැඟීම් ජනිත කරවන සිත නිවන චිත්‍ර. 
තද වර්ණ සහිත කඨෝර චිත්‍ර මිනිසුන් ගොරහැඩි කරන්න හේතු වෙන්න පුළුවන්. 
මගේ ඉල්ලීම සෞම්‍ය වර්ණ පාවිච්චි කරලා රටට ගැළපෙන ජාතික හැඟීම උද්දීපනය වන චිත්‍රවලින් ලංකාව සරසන්න කියන එකයි.

පවතින ක්‍රමය විවේචනය කරමින් ඉරාකයේ මුසල්මානු යුවතියක් වීදි චිත්‍රයක් ....
..... ලංකාවේ තරුණ අය පාරේ චිත්‍ර අඳිනවා කිව්වොත් ඒක කොපමණ වටිනවද? ඒ අය මෙතෙක් වෙන දේවලට යොමු වෙලානෙ හිටියෙ, පින්සලක් අතට ගත්තොත් ආයේ ඒ අතට ආයුධයක් ගැනීම වෙන්නේ නැහැනෙ.....”

ඉරාකයේ පාලන තන්ත්‍රයට විරුද්ධව අදහස් දක්වමින් තාප්පවල චිත්‍ර අඳින යුවතියන් පිළිබඳව පුවතක් අද උදේ කියවීමි. කොතරම් වෙනසක්ද?


තරුණ පරපුර අතිධාවනකාරීය; ඉවසිලි රහිතය. තමන්ගේ තරුණ කාලය ගෙවුණෙත් එහෙම බව අමතක කරන වත්මන් වැඩිහිටියන් සේරම දකින්නේ ඇදේටය. 

“අනේ, අපේ කාලේ නම් එහෙම නැහැ!” කියලා කියන ගොඩ දෙනෙකු හරියට මැරිලා ඉපදිලා වගෙය. එක්කෝ එයාලට අතීතය මතක නැත; එහෙමත් නැතිනම් කියන්නේ පට්ට බොරුය.

“අපිට සල්ලි තිබුණෙත් නැහැ අංකල්. කැට දාලා සල්ලි එකතු කරලා තමයි මුලින්ම වැඩේ පටන් ගත්තේ. ඒකටත් සමහරු බැන්නා. බොරුවට සල්ලි එකතු කරනවයි කියලා. සමහර අය නම් හිනාවෙලා සල්ලි දාලා ගියා.”


එහෙම බැන්නේ ආන්න අර සිංහ මුහුණ ඇන්දය කියලයි!
“ඒ වුණාට බැනලා ගිය අයත් දැන් මෙතැන වැඩේ කෙරෙනවා දැක්කම හොඳ කියනවා ඇතිනේ!”

“දැන් එයාලා දොස් කියන්නේ අඳින ඒවට... එතකොට නම් අංකල් මේකට අත තිබ්බ මෝඩකම කියලා හිතෙනවා. සමහරු වාහනත් නවත්තලා බැනලා ගියා.... ඒ බැන්නෙ ආන්න අර සිංහ මුහුණ ඇන්දයි කියලා!”

එක සැරේටම හත්-අට දෙනෙකුම එහෙම කිව්වාම මට හිතුණේ ඒ තුරුණු හිත් කොතරම් පෑරී ඇතිද කියලාය.

ඒ එක්කම මතක් වුණේ අපේ පළමු නාට්‍යය මෙන්ම,
ආධාර එකතු කරන්නට ගියාම ලැබුණු ප්‍රතිචාරයි. 

අපටත් අවලාද කියූ අය නොහිටියා නොවේ. එහෙම කියූ අය එක්කෙනෙකු ගැනවත් මගේ නම් මතකයේ නැතිය.
එවන් කුඩා දිරිගැන්වීමක් වුණත් කොච්චර අනුස්මරණීය මතකයක් .........
එහෙත් අදටත්, අවුරුදු පනහකට පස්සෙත්- 
නාට්‍යය දවසේ තම්බාගන්නට කොස් ගෙඩි කිහිපයක් දුන් ‘නුගේගොඩ ඇන්ටි’ ගැන, නාට්‍යය වේදිකාගත වෙද්දී සතුටට පත්වී 
අපට ඔරේන්ජ් බාර්ලි බෝතල ගෙනැවිත් දුන් 
ඔවුනට නිවන් සැප ලැබේවා! 

එවන් පුංචි දිරිගැන්වීමක් කොයි තරම් වටිනවාද? අනුස්මරණීයද?

පම්පෝරියක් කියනවා නොවේ. 
ඒ මතකයන් කොතරම් මිහිරට මගේ හදවත පතුලේ තැන්පත්ව තිබුණේද කියන්නට හොඳම සාක්ෂිය නිදිගෙ පංච තන්තරේ ලියන්නට පටන් ගත් 2018 අප්‍රේල් මාසයේදීම ලියැවුණු
අජාසත්ත’ පෝස්ටු.  

සම්මාදම් එකතු කරන හොරුනුත් නැතිවා නොවේ. එකතු කරන මුදල් අවභාවිත කරන අයත් නැතිවා නොවේ. එහෙම නම් රට කරවන අය කොච්චරක් කියා සල්ලි කඳු පිල්ලි ඇරලා තිබෙනවාද? මකර කටට යවලා තියෙනවාද?

අඳින ලද සිතුවම්වලට හානි පැමිණවූ කඩප්පුලියන් ගැනත්........
බැනලා විතරක් ඔවුනගේ විරෝධය නතර වේවා! අඳින ලද සිතුවම් විනාශ කළ අවස්ථා දෙකක් ගැනත් දැනටම දැනගන්නට ඇත.

රැස් වෙහෙරට ගිහින් තියෙනවාද? එහෙමත් නැති නම් බුදුරුවගලට.

මේ සිද්ධස්ථාන දෙකේම තිබෙන සෙල්මුවා ප්‍රතිමා එතරම් කලාත්මක නැත; පිරිපුන් නැත. ඒවායේ ආධුනික ලක්ෂණ බහුලය. 
“ඒ පුදබිම්වල ප්‍රතිමා නෙළා තිබෙන්නේ පුහුණුවීමට බවයි පෙනෙන්නේ.”

ඒ අනුමානය සත්‍ය නම්, පුරාතන කාලයේත් ආධුනික ශිල්පීන් එතරම් කලාත්මක නොවෙන නිමවුම් කරලාය- අත හුරුව ලබාගෙන තියෙන්නේ.

මේ වීදි සිත්තරුන් ප්‍රවීනයන් නොවේ. ඔවුනටත් වරදින්නට ඉඩ තිබෙයි. 
තුරුණු සිත්තරුන්ට නිසි මඟ පෙන්වා, එයාලාව ප්‍රවීනයන් බවට පත් කරගන්නට ඉඩ ලදොත්....... 

එහෙත් ඔවුන්; මේ තුරුණුවන් ප්‍රවීනයන්ගේ අදහස් තුනුරුවන් මෙන් පිළිගනු ඇත්තේ ‘සංවර්ධනාත්මක විවේචනයක්’ සද් චේතනාවෙන් යුතුව කෙරෙන විටකදීය. 
නිකම්ම බැන වදිනකොට නම් නොවේ.

තාප්ප සරසන රැල්ල 2016දී අනුර කුමාර දිසානායකලා පටන්ගත් බවය Oshala Herath මුහුණු පොතේදී කියන්නේ!
නූතන තරුණයන්ගේ මේ පිබිදීමට හේතුව කුමක්ද? 
ඒ පිටුපස හැංගී තිබෙන්නේ කුමනාකාර දේවල්ද? 
මේවා සංවිධානය කරන්නේ; මේවාට නායකත්වය සපයන්නේ කවුරුන්ද?

“ඕක මේ ගෝඨගේ කට්ටියකගේ වැඩක්නේ....” සමහරු කීහ. 

තවත් සමහරුන් හිතුවේ සජිත්ලගේ වැඩක් කියලාය. 

Oshala Herath කියන්නේ මේ රැල්ල 2016දී පටන් ගත්තු බවය. 

තවත් අය තවත් අදහස් දරනවාට කිසිම සැකයක් නැත. මගේ අදහස නම් මේ රැල්ල පිටුපස්සේ එවන් සංවිධානාත්මක ‘අදිසි මෙහෙයුම් කණ්ඩායමක්’ නොමැති බවයි.

එහෙත් එහි බලපෑමෙන් මිදෙන්නට; ඊට පිටුපා යන්නට අපේ ඇටුවන් බැසගත් දේශපාලඥයන්ට පවා නොහැකිවී තිබේ. 
තාප්ප සැරසිල්ලට දායකවුණු වාසු, AKDගේ පින්තූර සමාජ මාධ්‍යවලට එකතු වුණේ එබැවිනි.

මොකා අනුන්ගේ ළමුන්ට උප්පැන්න ලියාගන්නට ආවත්, එහි credit එකෙන් සෑහෙන පංගුවක් මුහුණු පොතට; FB එකට හිමිවනු ඇත.

මට හැඟෙන හැටියට නම් සිදුවුණේ ‘පුදුමාකාර; ක්ෂණික අනුකාරක රැල්ලක්’ ගහන්නට පටන් ගැනීමයි.

අපේ තරුණ පරම්පරාවට ඔවුන්ගේ දස්කම් පෙන්වන්නට, කැපී පෙනෙන්නට තිබෙන්නේ ඉතා සීමිත අවකාශයකි.

රියලිටි Shows හැරුණු විට ඔවුනට ලොකු ඉඩක් පෑදුණු අවස්ථාවකි මේ! 
කවුරුන් බැන්නත් ඇත්ත ඒකය!!

රැස් වෙහෙර, බුදුරුවගල වැනි තැන්වල තිබෙන්නේ ආධුනික ශිල්පීන් පුහුණුවීමෙදී නිමැවූ පිළිම බව........
“එහෙම බැනලා යන අතරේ, ඉඳහිට හරි කෙනෙක් හිනාවෙලා වචනයක් කියලා යනකොටත් මාර ගටක් එනවා අංකල්!”

ආයෙමත් නිදිගෙ චිත්තයා වද දෙන්නට පටන් ගත්තේ පන්නිපිටියේදී ඒක ඇහුණාමය.

 “..... මෙහෙම දේවල් ටිකක් ඒ ළමයින්ගෙන් කියවුණාම මට හිතුණා වෙලාවක එයාලට කෑම ටිකක් හරි, තේ ටිකක් හරි ගෙනිහින් දෙන්න. එයාලට ධෛර්යයක්නේ.... මිනිස්සුන්ගේ කතා හින්දා සමහරු මෙන්ටලි වැටිලයි ඉන්නේ.” මම හිතවතුන් හතර දෙනෙකුට කිව්වෙමි.

හතරෙන් තුනකගේ ප්‍රතිචාර positive ඒවාය; 
එකක් negative ය. “ඇත්තටම තමුසෙට කරන්න වැඩ නැද්ද හලෝ?” එයා එහෙම කියලා නතර වුණේත් නැත.

“තමුසෙට කහනවා නං පාර සුද්ද කරනවකෝ!” සමහරුන් එහෙමය.
තව සමහරුන් ඊටත් අන්තය!!

තාප්පවල චිත්‍ර අඳින තරුණ පෙළට උදව් කරන්නට රිසි බව කියා.....
“මාත් දැක්කා fb එකේ ගොඩාක් අය කියලා තියෙනවා චිත්‍ර අඳින අයට තීන්ත අරන් දෙන්න කැමතිය; වියදම් කරන්න කැමතිය කියලා. ඔයාලා ඒවාට කතා කරලා බැලුවේ නැත්ද?”

“ඔය ගොඩක් අය බොරුවට කියන්නේ අංකල්.... සමහරු නම් කියනවා වෙන කට්ටියකට සල්ලි දුන්නයි කියලත්. අපට නම් දෙරණින් හම්බ වුණු උදව්ව විතරයි.....”

‘මේ හාදයන්ට පුංචියට හරි උදව්වක් කරන්නට ඕනේ’ යයි මගේ හිත කියන්නට විණි.

වැඩේට සම්මාදම් වෙන කට්ටියගේ උපරිමය 30ක් විතර වෙන බවත් කතා කරද්දී කියැවිලා තිබිණි. ඒ පිරිසෙන් එකම කෙනෙකුගේ මෝබයිල් ෆෝන් අංකයත්, දෙන්නෙකුගේ fb ලින්කුත් පමණි මා ඉල්ලාගෙන තිබුණේ.

මම ඒ දුරකථන අංකයට ඇමතුවෙමි. “දරුවෝ මම අහවලා.... මම කැමතියි ඔයාලා අඳින වෙලාවක කට්ටියට පොඩි ට්‍රීට් එකක් ගෙනත් දෙන්න..... 
තේ බනිස් ටිකක්... මගේ යාළුවො දෙතුන් දෙනෙකුත් එක්ක හෙට රෑ අටෙන් පස්සේ අපි එනවා. ඔයාලා හෙට ඉන්නවද?”

හාදයා ‘ඔව්’ කිව්වේය.

දියවිනි ඇල්ල පාමුල පන්සලේ දහම් පාසලට උදව් කරන්නට............
බක්කරේගේ pork දානයේදී’ ඔබට හමුවුණු දයානන්ද මුදලාලි සහන මිලකට කිඹුලා බනිස් 60ක් හදවලා දුන්නේය. 
ඉතින් කිරි තේත් සූදානම් කරගෙන නෙවිලුත්, ගවීනුත්, පාලිත ලියනාරච්චිත්, මාත් පිටත් වුණෙමු.

කෙරෙන්නට යන සත්කාර්යය ගැන ඇහුව ගමන්ම පාලිත සූදානම් වුණේ ‘වියදමෙන් කොටහකට’ කරගහන්නටය.

“තැන්ක්ස් පාලිත. මුලින්ම ඔයාලා එන්න.... ඊළඟට හිතෙනවා නම් එයාලට support එකක් දෙන්න. ඒකටම තමයි ඔයාලව මේ එක්ක යන්නේ. 
අපරාදේ, මර්වින් මේ දවස්වල ලංකාවේ නැත්තේ. 
හිටියා නං අද මනුස්සයාවත් මේකට එක්ක එනවා.”

ඒ මගේ ක්‍රමයයි. එක්ගල්ඔය පන්සලට උදව්  කළ වෙලාවෙත්, 
දියවින්නේ දහම් පාසලට උදව් කළ වෙලාවෙත් 
යෝජනාව කළේ මා නොවේ. තිරයෙන් පිටිපස්සේ හිටි මගෙන් කෙරුණේ එක කොටසක් විතරය!

කවුද හලෝ රෑ වෙලාවක වැඩ කරන අයට පැණි රහ දේවල් ගෙනියන්නේ? තමුසෙට මඤ්ඤංද .........
“කවුද හලෝ රෑ වෙලාවක වැඩ කරන අයට පැණි රහ දේවල් ගෙනියන්නේ? තමුසෙට මඤ්ඤංද? ඕන්න මචං අතිපණ්ඩිත බ්ලොග්කාරයාගේ මොළේ.  මාළුපාන් ටිකක් නේද හදවන්න තිබ්බේ.”

පන්නිපිටියට යන අතරේම නෙවිල් වදේ ගහන්නට පටන් ගත්තේය.

“තමුසේ එයාලට කිව්වද අද එනවය කියලා. උදේ මම එතනින් එද්දී නම් කවුරුවත් හිටියේ නැහැ.”

“හිතුවද මං අමුම තකතිරුවෙක් කියලා... හවස හතරට විතරත් ....... ට කතා කරලා කිව්වා....”

“ඒක මිසක්... නැතිනම් අපි හතරදෙනා කිඹුලෝ හැටක් කන්න කියලය....”

“ඇයි මචං... කිරි තේ ටික....”

එදා ඉඳලාම මට වෙන්නේ අකරතැබ්බයන්ය... පුවක් ගහකට ගියත්.......
එදා ඉඳලාම මට වෙන්නේ අකරතැබ්බයන්මය. 
පුවක් ගහකට නඟින්නට ගියත් එහි දෙබලක් තියෙයි. 
ඒකෙ ලොකුම වාසිය මගේ බ්ලොගය කියවන හිතාදර පාඨකයන්ටය. ප්‍රබන්ධයකට වඩා විසිතුරු කතන්දර ගොඩක්; සහතික ඇත්ත කතන්දර ගොඩක් මට ලියන්නට ලැබෙන්නේ ඒ හින්දාය.

කොටස් දෙකකින් නිමා කරන්නට හිටි මේ පෝස්ටුව තව චුට්ටක් ඇදෙන්නේ ඒ නොසිතූ අහම්බකාරක හේතුවෙනි.

“කෝ තමුසෙගෙ මහ ලොකු චිත්‍ර ශිල්පියෝ..... මං කිව්වේ.... බලපන් මචං එක ඔළුවේ අමාරුකාරයෙක් හින්දා අපි තුන්දෙනාටත් වැඩ ඇරිලා ගෙදර යන්නෙත් නැතිව කන්න වෙච්ච පරිප්පුව!” 
නෙවිල්ය, ඉස්සෙල්ලාම හොරණෑව පිඹින්නට පටන් ගත්තේ.

එදා රාත්‍රී අටහමාර වෙද්දී පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ තාප්පය ළඟ කට්ට කළුවරය.

එතැන සිතුවම් අඳින එක්කෙනෙක්වත් හිටියේ නැත; සිත්තම් ඇඳීම ඉවර වෙලා තිබුණේත් නැත. 

මේ හාදයන්ට මොකද වුණේ? කොහේ ගියාද?
මේ හාදයන්ට මොකද වුණේ?

“තමුසේ හවසත් කෝල් එකක් දුන්නයි කියලා නේද කිව්වේ. ආයෙත් කතා කරලා බලනවකො, දැන්....” 
නෙවිල් එන්නෙම කොක්කටය. 

ගවීන්- පාලිත දෙන්නටත් හිනා වෙනවා ඇරෙන්නට වෙන වැඩක් නැති හැටි! බලද්දී ටෙලිෆෝන් අංකය ලියූ පොත මේසය උඩම තියෙද්දිය, මං ඇවිත් තියෙන්නේ. 
“ගෙදරට ගියාමයි කෝල් එකක් දෙන්න වෙන්නේ...”

“ඉතින් බලපන් මචං, මම කියන්නේ බොරුද කියලා.... දිසානායකගේ මෝඩකම් ලැයිස්තුවට ඔන්න තවත් එකක් .... ගනිං මචං මුගෙ යාළු දොස්තරයට කෝල් එකක්. ඌටත් මේ ගොන්කම කියනකල් මට ඉවසිල්ලක් නැහැ.....”

“තමුසේ ඒ මනුස්සයට කියලා ඕනේ මඟුලක් කරගන්නවා. දැන් හරවගන්නවකෝ කාර් එක....”

අතිශයින්ම නිර්මාණාත්මක වීදි චිත්‍රයක් ..... හිතා බලා ....
“ඔහොම කේන්ති අරන් කොහොමද? මොකද නිමල් අයියේ කරන්නේ.... කිඹුලෝ හැටක්....”

පිටතට නොපෙන්නුවාට මගේ ඔළුකටුව ඇතුළේ ඒ වෙද්දීත් plan එකක් හැඩ ගැහෙමින් තිබුණේය! 

වඩාත් හොඳින් හිතා බලන්නට ඕනේ යමක් වැරදී ගියාමය. එතකොට යකා නටලා හරියන්නේ නැත!!........


Wednesday, December 25, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - විසිහත්වෙනි කොටස

රාජ-පස්සක් නැති නිදිට එදා වුණේ පට්ට අලකලන්චියකි ............
.... එදා මට දෙන්නට තිබුණේ හොඳින් කුෂන් කළ සීට් එකක් තියෙන සයිකලයකි. එහෙමත් නැතිනම් ගමන යන්නට කලින් මොට්ට නිදිගෙ පස්ස කුෂන් කරලා ඉන්නට තිබිණි! 
ඒ දෙකම නොවුණු නිසා............ 
ඒ ටික තිබුණේ පහුගිය කොටසේය. ඉතින් ඒ කාරණාවල් ද්විත්වයම ඉටුවී නොතිබීම කෙලින්ම; ඍජුවම බලපා තිබුණේ ‘රාජපස්සක්’ නොවුණු නිමල් දිසානායකගේ පස්සටය; හරියටම කිව්වොත් ඉකිළි දෙකටය. 
එහෙම වුණත් හංවැල්ලේ පන්සලට යනකල්ම, පටිසන් දෙන්නට යන කරුමය ගැන නිනව්වක් මට තිබුණේ නැත. 
කේන්දර බලන (පළින නොවේ!) උන්නාන්සේ අපේ සුන්නාව සාදරයෙන් පිළිගත්තෝය. අපට ඉස්තරම් තේ පැන් සංග්‍රහයකුත් ලැහැස්ති කෙරුණේය! “මහරගම ඉඳලාම සයිකල් පැදලා මේ මහත්තයාට නම් හොඳටම මහන්සියි, අමාරුයි වගේ.”
ඒ වෙද්දී බේරී වුණු මුහුණත් එල්ලාගෙන වාඩිවී හිටි ..................
ඒ වෙද්දී මා මිටි බංකුවක වාඩිවී හිටියෙත් පස්ස රිදෙද්දී- මුහුණත් බෙරි කරගෙනය. රිදුණාට මොකද, හරියටම අමාරුව තේරුම් ගියේ ආපහු සයිකලයට නැඟිලා වාඩිවෙන්නට හදද්දීය. 
“ඌයි!” 
“මොකද රංජි අයියේ?” මහතුන් ඇහුවේය. 
ඒ පමාවෙන්ම අපේ සුන්නාටත් කතා කළේය. “සුනිල් අයියේ, ලොකු අයියට අමාරුයි වගේ.” 
සුනිල්ටත් ඉස්සෙල්ලා එතැනට කඩා පැන්නේ සෝමවීරයි. 
“හඃ ලොක්කට කෙළවෙලාද?” ඔලොක්කුවට හිනාවෙමින් එහෙම අහද්දී මට වගේම අපේ සුන්නාටත් යකා නැංගේය. 
“නොදකින් බූරුවා.... මොකද අයියේ.... අමාරුයිද?”
කාටවත් කළ නොහැකියි නම් චීනුන් එය කරනු ඇත!
“කෙනෙකුට යම් දෙයක් කළ හැකිද? එහෙනම් ඔබටත් එය කළ හැකිය! කාටවත් කළ නොහැකි දෙයක් නම් ඔබ එය කළ යුතුමය. - ජපනුන් එහෙම කියනවාලු!   
ඉන්දියානුවන් කියන්නේ මෙහෙමලු: “ කාට හරි යමක් කරන්න පුළුවනි නම්, කරන්න දෙන්න! ඒත් කාටවත්ම බැරි නම් මං මොනවා කරන්නද?” 
ශ්‍රී ලාංකිකයන් කියන්නේ:
“කාට හරි යමක් කරන්න පුළුවනි නම් කීයටවත් මිනිහට ඒක කරන්න දෙන්න එපා. හැබැයි කාටවත් කරන්න බැරි දෙයක් තියෙනවා නං චීන්නු ඒක කරයි!”  කියලාලු. 
ෂෙහාන් සචිත් share කරගත් පෝස්ටුවක් මගෙත් අවධානයට එවා තිබුණේය. උඩින් එබුවේ එහි මගේ පරිවර්තනයයි. සෝමවීරත් ශ්‍රී ලාංකිකයෙකු හින්දා වෙන්නැතිය, එදා මට කෙඳිරි ගෑවෙද්දී සතුටින් ඔකඳ වුණේ. 
නොදැන වුණත් සෝමයා එදා මට කළේ ‘නව ජීවයක් දීම’ය. 
“මට සයිකලේ උඩ වාඩිවෙන්න බැහැ වගෙයි සුනිල්. මොනා කරන්නද.... ආවා නං යන්නත් එපැයි.... හැබැයි, හෙමින් තමයි පදින්න වෙන්නේ.”
රේස් එකක් පදිනවා නෙවෙයිනෙ රංජි අයියේ.....
පැපිලියානේ රංජිතුත් ඒ වෙලාවේ හිටියේ කේන්තියෙනි. 
“රේස් එකක් නෙවෙයිනේ රංජි අයියේ, හෙමින් හරි යමු. සෝමේ අයියට පේන්නත් එක්ක.”
පස්ස ලෙලි ගියත් මහරගමටම සයිකලය පදින්නට හිතාගෙනය, මං වහන්සේ ඒකට නැඟගත්තේ. 
ඒත් ලෙහෙසි වුණේ නැතිය. මේ චණ්ඩි පුතයා ආයෙ ඒකෙන් නොබැස්සේ නම් ලජ්ජා විඳින්නට බැරි හින්දාමය. 

මගේ අම්මෝ එහෙම දුකක්! එහෙම දුකක් විඳගෙන හරි සයිකලය පැද්දත්, හයිලෙවල් පාරේ දික් හැතප්මට එද්දී මට නිඳිමතකුත් ආවේය. නිදිගෙ නිඳිමත ගැන ඔයාලා දන්නවානේ..... 

“අයියේ.... අයියේ... ඇස් වහගෙන කොහෙද තමුසේ ඔය පදින්නේ?” සුනිල්ගේ කෑගැහිල්ල හින්දය මං ඇස් ඇරියේ.
එතැන ඉඳලා සුනිල්ලාට මාව ගාඩ් කරගෙන යනවාට අමතරව තවත් රාජකාරියක් පැවරුණේය. ඒ මාව අවදියෙන් තියාගෙන යන්නටත්ය. කොහොම වුණත් ගෙදර ඇවිත් සතියක් ගිහිල්ලාවත් මගේ ඉකිළි යථා තත්ත්වයට පත් වුණේ නැත.
කෝකි බාස්ලා තෝරාගන්නට ගිය වෙලාවේ සෝමයාගේ උජාරු ගතිය අපේ වාසියට හිට්ටේය!
එහෙම පජාති වැඩ කළත් සෝමවීර නරකම කෙනෙකුත් නොවේ. 
හැම කෙනා ළඟම හොඳ- නරක දෙකම තියෙනවානේ. ඉතින් කැන්ටිමට කෝකි බාස්ලා ගන්නා හැම වතාවෙම ‘ඉන්ටර්විව් බෝඩ්’ එකේ රාජකාරිය කරමින් සෝමයා අපට උදව් කළේය. එය වඩාත් ලෙහෙසියක් වුණේ උස-මහත සෝමවීරට තිබුණු පොලිස්කාර පෙනුම හින්දාය.
පොලිසියේ සමහරුන් වගේම, බොරුවට පපුව පුම්බාගෙන උජාරුවට පෙන්නන්නටත් මනුස්සයා දක්ෂ බව මගේ හැඟීමයි. 
ඒ මොනවා කළත් ඒකාට නොගැළපුණු දෙයකුත් තිබුණේය. 
එළුවා ආඩතෝඩවලට, පෝටා වැල්වලට තියෙනවා යැයි කියන පෙරේතකම වගේ ආශාවක් සෝමයා ළඟ බුලත් විටට තිබුණු හින්දාය, මිනිහාට ඒ පෙනුම ලැබුණේ. 
“කොහේ, කොහෙද වැඩ කරලා තියෙන්නේ?” 
රැකියාව සොයා ආ කෙනාගෙන්, සෝමයා බුලත් විටකුත් හපන අතරේ ගම්භීර හඬකින් අහයි. 
සරමක්, කමිසයක් ඇඳගෙන- සිමෙන්ති කඩදාසියෙන් තැනූ බෑගයක ඉතිරි ඇඳුම් දෙක තුනත් දමාගෙන ‘රැකියාවක් හොයා පැමිණි මනුස්සයා’ පිළිතුරු දෙන්නේ බයාදු ගතියකිනි. “අතන මෙච්චර කාලයයි, මෙතන මෙච්චර කාලයයි....”
කුළු හරකුන් වගේ නාහෙට-නාහන.... (foto- විල්පත්තුවෙදී මිෂාන් රන්දික ගත්තකි.)
සෝමවීරගේ කරුමයටද, කළු අක්කාගේත් මගෙත් කරුමයටද මන්දා එහෙම බයාදු-නිවට ගති පෙන්නා කැන්ටිමේ වැඩට එන කෝකියෝ දවසෙන්-දෙකෙන්ම වෙනස් වුණෝය. 
තුත්තිරි ගස් අල්ලාගෙනවත් නැඟිටගන්නට බැහැ වගේ හිටි ඒකලා, සද්දන්ත වනස්පතීන් වුණත් පෙරලන්නට සමත් හස්ති රාජයෝ බවට රූපාන්තරණය වූහ! 
කුළු හරකුන් වගේ නාහෙට-නාහන නුරුස්සන්නෝ වූහ.
“කළු අක්කේ, ඔයාගෙත් හොඳ හිත වැඩියි. මුගේත් එහෙමයි.... යකෝ... ඔය ඔයා- මෙයා- බාස් උන්නැහේ යාප්පු කතන්දර උන්ට හරියන්නෙ නැහැ බං. උන් එතකොට කරේ නඟිනවා. තොගේ අම්මට කියලා ඉඳහිටලාවත් කියනවා නං .....” 
සෝමයා උපදෙස් දුන්නත් අපෙන් එව්වා කෙරුණේ නැතිය. 
නමුත් බොහොමයක් දෙනාට තේරෙන්නෙත් ඒ බාසාවම වගෙය. අද වටපිට බලද්දිත් පෙන්නේ එහෙම බවකි!
අලුත් ජනාධිපතිතුමා පත්වෙනවාත් එක්කම රටේ මිනිසුනුත් අලුතින් විනීත; නීතිගරුක; යහපත් පුරවැස්සන්-පුරවැස්සියන් වෙලා වගේ නැත්ද?
අලුතින් පත් වුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩ අල්ලන්ටත් කලින්ම රටේ මිනිසුන් වෙනස් වුණේ....
“ඒ බයට යකෝ!” එක මිත්‍රයෙක් කිව්වේය.
“එයාලගෙ පක්ෂෙන් හිංදා.” තවකෙක් කියයි. මාව කරකවලා අත හැරියා වගෙය. ‘එතකොට මිනිසුන් වෙනස් වෙලා නැතිද? සතර අග‍තිය... ඡන්දා- දෝෂා- භයා- මෝහා හරියට හරි නේද?’ 
වැරැද්ද විශ්ලේෂණය කරගන්නටවත් අපට ඉඩක් ලැබුණේ නැතිය. 
මාස දෙක යන්නටත් කලින් කෝකියන් පස්-හය දෙනෙකුම රස්සාවට ගන්නට සිදු වුණේය. එකෙකු යනකොට තව එකෙකු..... 
ඒ මිනිසුන් එහෙම රස්සාව දමා ගහලා යන හේතුව අපට තේරුම් ගියේ ටිකෙන්-ටිකය. ඒකෙ කූඨප්‍රාප්තිය; තේරෙන සිංහලෙන් කියනවා නම් climax එක උදාවුණේ අලුවා හැදිල්ලකදීය!
ආයතන කැන්ටිමක් කරද්දී බත්-මාළුපිනි-තේ වගේ දේවල් විතරක් විකුණලා හරි යන්නේ නැත. ටෙන්ඩරය ලබාගන්නා විටම ඒවාට නිශ්චිත මිලකුත් තීරණයවී හමාරය.
ලැයිස්තුවේ නැති, ඉක්මනට යන අයිටම්ස් ටිකකින් තමයි කීයක් හරි ...........
“කිරි මාළු නැඟල යනවා.... සව් දොදොල්වලටත් මෙයාලා කැමතියි.
-අලුවා... මසල වඩේ, හැලප වගේ අයිටම්ස් ටිකක් හැමදාම හදවන්නම වෙනවා නිමල් මල්ලී....ඒවායෙන් තමයි පොඩි හරි ලාබයක් එන්නේ......” සූර වෙළෙඳ ව්‍යාපාරිකාවක වුණු කළු අක්කා සතියෙන්-දෙකෙන් යෝජනා කළාය. 
ඉතින්, එදා කෝකි බාස් උන්නැහේ අලුවා හදන්නට ගත්තේය. 
මනුස්සයා ඉල්ලලා තිබුණු සීනි, හාල් පිටි, මහදුරුත් ගෙන්වලා දුන් මම ටික වෙලාවක් එතැනම රැඳී උන්නෙමි. 
කෝකි බාස් හිටියේ පැණි උණු කරන්නට සැරසෙමිනි. 
ලොකු තාච්චිය රත්වී තිබියදීත් මිනිහා තාවර වෙවී හිඳීම මගේ හිතට ඇල්ලුවේ නැත. වැඩියත්ම, මිනිහාගේ හොරගල් ඇහිඳීමය! 
ඒකා කල් මරන්නේ මං එතැනින් යන තුරු බව මට හොඳාකාරවම පෙනුණේය. මේකාට මාව එතැනින් යවාගන්නට ඕනේ ඇයි? මමත් නොගියෙමි. ඒ විතරක් නොවේ නොයන බව පෙන්නුවාත් එක්කය!
මං එතැනින් පිටත් වෙන තුරු ඒකා කල් මරමින් ඉන්නා බව හොඳටම පෙනුණේය.....
“බාස් උන්නැහේ, තාච්චිය නං රත්වෙලා.... තවත් ළිප උඩම තියෙන්න ඇරියොත් ඒක පිච්චිලා යයි! සීනි ටික පත්පැණි කර ගන්නනේ තියෙන්නේ.......” 
මං එහෙම කිව්වේ මට උන්දෑගෙන් අලුවා හැදිල්ල ඉගෙන ගන්නට ඕනේ නැති බව පෙන්වන්නටය. අපේ ආච්චිට; දසනායක රත්නවතීට පින්සිදු වෙන්නට මා ඒවා ඉගෙනගත්තේ අවුරුදු පහළොවක් වෙන්නටත් කලිනි.
“ඔව් මහත්තයා... මං විටක් කටේ දාගෙන ඉන්නයි හැදුවේ....” කියමින් මිනිහා තාච්චිය ළිපෙන් බෑවේය. විටක් ඒදා ගන්නට පටන්ගත්තේය. 
එතකොට එකට විතර ඇත. මෙහෙම ගියොත් නං මේ සම්මජ්ජාතියෙදී අද තේ වෙලාවට අලුවා හැදෙන්නේ නැත. 
මම කැෂියර් මේසය ළඟට ගියෙමි. ඒත් එහෙම ගියේ මගේ කන්දෙකම කුස්සියෙන් නවත්තා තියලාය. විනාඩියක් ගියේ නැත..... අන්න තාච්චිය ළිපේ.... ආයෙමත් ඒක රත්වෙන්නට වෙලාව දීලා නිමල් කුස්සියට.... 
බාස් උන්නැහේ සීනි බෑගය අතට ගත්තා විතරය. මං එතැනය. මිනිහා දැම්මේ නොපහන් බැල්මකි! 
එතකොටය මේ මොට්ටයාට ගණ දෙයියෝ නුවණ දුන්නේ!
ඊළඟට සීනි ටික සේරම තාච්චියට හැලුවේ මගේ මූණට ගහනවා වගෙය. 
දත කාගෙන, මොට්ට අහිංසක මුහුණ පාගෙන එතැනම දැවටුණා මිස මාත් මෑත් වුණේ නැත්තේ හොරයක් ගැන හිත කී නිසාවෙනි. මිනිහා ආයෙමත් තාවර වෙයි......
එතකොටය මට නුවණක් පහළ වුණේ. 
කැන්ටිමේ තේ කවුන්ටරය ළඟ තිබෙන කවුළුවෙන් කුස්සියේ සිදුවෙන දේවල් බලාගන්නට පුළුවනිය. මම කුස්සියෙන් පිටතට විත්, හීන්සීරුවේ තේ කවුළුව ‘සී මැදුරු කවුළුවක්’ කරගත්තෙමි. එහෙම කළේ කෝකියාට නොපෙනෙන විදිහට පරෙස්සම් වෙමිනි. 
වටපිට බැලුවත් මිනිහාට තේ කවුළුව හරහා බලන්නට කල්පනා නොවිණි. 
ඒකා දඩිබිඩියේ පැණි හැඳි හත-අටක් ළිප ළඟම තිබුණු අළු ගොඩට හැලුවේය. තාච්චිය ළිපෙන් බාලා පිටි කවලම් කරමින් අලුවා හදන්නට මුල පිරුවේය. 
“ඔන්න කළු අක්කේ වෙච්චි වැඩේ! උන් කියන තරම් ගෙන්නලා දෙනවා මිසක්, අපි ගණන් හිලවු බැලුවේ නැහැනේ. අද සීනි-පිටිවලට ගිය ගණනත් එක්ක අලුවා හදනවට වැඩිය ලාබයි නොහදා නිකම් ඉන්නවා නම්..... මොකද මේකට කරන්නේ?”
වෙන මොනවද? පර බල්ලට කණට දෙකක් දීලා...........
“වෙන මොනවද? පර බල්ලට කණට ගහලා එළවනවා මිසක්?” 
අපේ සාකච්ඡාව ඇති වුණේ බාස්ලා අපේ කැන්ටිමේ එක දිගට නොරඳන කරුණ ගැනය. කැන්ටිම වඩා විශාල නැති නිසා උන්ට හොරකම් කරන්නට ලැබෙන්නේ අඩුවෙනි. එයාලා පඩියටත් වැඩියෙන් උපයන බවක් පෙනුණේ හොරකමෙනි! එයට ඉඩ ඇහිරෙයි නම්.... එය ප්‍රමාණවත් නැති නම්......... 
“එතකොට තව බාස් කෙනෙක් අරගන්න ආයෙම පත්තරේට දැන්වීමක් දාලා, දවස් ගණනක් බලා ඉන්න වෙනවනේ කළු අක්කේ....”
“හරි... තව දවස් දෙකක් දෙන්න. වෙස්ලි එකට එළවලු දාන වැඩෙයි, අනිත්වයි පිළිවෙලක් කරලා මමත් එනවා කැන්ටිමේ නවතින්න.... සුමානෙකට විතර. ඒ අතරෙ නිමල් මල්ලිට උගන්වන්නම් උයන විදිහ.
-සේපාල, රංජි වගේ කට්ටියට වැඩකුත් නැහැනේ කැන්ටිම වැහුවට පස්සේ. 
-එයාලට කියමු එළවලු සුද්ද කරලා, කපල කොටල දෙන්න. උන් දෙන්නට තව කීයක් හරි දුන්නත් මොකද මල්ලී, කෝකි පඩිය ඉතිරි වෙනවනේ.....”
අපේ ආච්චිගෙන් කොණ්ඩ කැවුම් හදන්නට පවා ඉගෙනගෙන හිටි ..........
මේ ලියන නිමල් දිසානායකයා උයන්නට ඉගෙනගත්තේ එතැන හිටය. 
ඊට කලින් අපේ ආච්චීගෙන් කොණ්ඩ කැවුම් පවා හදන්නට ඉගෙනගෙන තිබුණත්, මං බතක් මාළු-පින්නක් පිසින හැටි අහගෙන තිබ්බේ නැත. ඉතින්, කළු අක්කේ- ඔයාට පිං, අඩු නැතිව ශිල්ප දුන්නාට! 
කැන්ටිමට අවශ්‍ය ඉඳියාප්ප තැම්බුවේ පැපිලියානේ රංජිය. දවල්ට තේ පැන්ට්‍රියේ වැඩ කරන රංජි කෝටුකිතයියෙකි. 
හැබැයි යකාටවත් බය නැති, කඩිසර, විශ්වාසවන්තයෙකි. 
දෙමටගොඩ කැන්ටිමේ අපේ පාරිභෝගිකයන් අතුරෙන් කිහිප දෙනෙකු කැන්ටිමේම පදිංචිවී හිටියා යැයි කිව්වත් වැරදි නැති තරම්ය. එයාලා කැන්ටිම අරිනකොටම එති, එහා කොණටමවී හිමිදිරි පාන්දරම සූස්ති උරති; අටහමාරට විතර වැඩපළට ගිහින් පැය භාගයකින් විතර ආයෙමත් එති. 
ඇත්තටම වැඩක් කියලා දෙයක් නම් නොකරපු ගානය. 
මා දුටු විදිහට නම් එයාලගේ ලොකුම රාජකාරිය- දේවකාරිය තිබුණේ ‘ත්‍රෛලෝක විජයපත්‍ර’ එක්කය.
එයාලා කළ ලොකුම රාජකාරිය දවස තිස්සෙම 'මල්'............
“අනේ බුදු අයියේ.... අර තේ දාන යකාට කියලා තියන්නකෝ අපිට තේ දාද්දි සීනි ටිකක් වැඩියෙන් දාලා දෙන්න කියලා.....” 
තේ ටෝකන් ගනිද්දී එයාලාගෙන් කියවෙනවාමය. එහෙම වෙලාවට මගෙනුත් රංජිට උපදෙස් ලැබෙයි. ඉතින්, රංජි කරන්නේ තේ හැන්ද සීනි එකේ ඔබලා එය ජෝගුවට දිය කිරීමය.
යකුන් පුච්චන; මල් ගහන උදවියට ඒත් මදිය! 
“මල්ලී.... තමුසේ සීනි ටිකක් වැඩියෙන් දාන්න ඔච්චර ලෝබ නං වෙලාවක මම තමුසෙගෙ මූණට තේ කෝප්පේ එවනවා.” බැරිම තැන එකෙක් රංජිට කිව්වේ සපිරිවරින් ඉන්නා වෙලාවකය. 
වැඩි හිනා-කතා නැති රංජි කට කොණක් අද කරලා කිව්වේ මෙච්චරය.
“එතකොට මගේ ගණනේ අයියලගෙ මූණටම එන පියාඹන පීරිසි බලාගන්න පුළුවන් වෙයි.”
එතකොට මගේ ගණනේ පියාඹන පීරිසි.........
ඒ කතාවෙන් පස්සේ කැන්ටිමට ආ-ගිය ගනුදෙනුකරුවෝ කවුරුත් රංජි එක්ක පැටලෙන්නට නොගොස් සිටියහ! 
“නිමල්, මෙච්චර කාලෙකට මෙහේ කැන්ටිම කරපු හැමෝම ගියේ එක සැරයක් හරි කාගෙන් හරි ගුටි කාලා. 
-මම දන්නා තරමට නං එහෙම ගෝරියකට පටලැවෙන්නේ නැතිව කැන්ටිම කරලා යන්නේ ඔයාලා විතරයි!” දෙමටගොඩින් සමු ගනිද්දී, එහෙම කියලා අපට ලැබුණු හොඳම සහතිකය දුන්නේ හිතාදර ටියුඩර්ය. 
“මේ යකා පොල්කුඩු අහක දාන්න නං පුදුම විදිහට ලෝබයි මචං! මං කියන්නේ, මේ ඉඹුල් කිරිබත් මැද්දේ තියෙන්නෙත් පොල්කුඩුවලින් හදපු පැණිපොල් වෙන්නෝනි.” 
ළඟදී දවසක හඟුරන්කෙතට යන අතරේ නෙවිල් එහෙම කියූ බවට සාක්කි ඕනේ නම්, Pra Jay- සිරිබිරිස්- රවී තුන්දෙනාගෙන් අහන්න. ඊට වඩා සාක්කිකාරයන් කැන්දන්නට ඉඩ නැත්තේ Pra Jayගෙ කාර් එකේ ඉඩ නොතිබුණු නිසා මඟියන් සීමා කරන්නට වුණු බැවිනි!
රජ කාලයේ ගල් බෝලයක් හොයාගෙන හඟුරන්කෙතට ගිය ගමනකදී........
මගේ කට කොකියද්දී, නෙවිල්ගේ කීමට ප්‍රතිඋත්තර නොදී, ඒ වෙලාවේ හිනාවෙලා විතරක් මා නිකං හිටියේ නිකම්ම නොවේ. 
ඒ පැණිපොල්වලට පිරිසිදු වතුරේ සෝදා මිරිකාගත් පොල් ටිකකුත් කවලම් කරලා තිබුණු නිසාය. 
එවෙලේ ඇත්ත කිව්වා නම් විතරය, අහන අයට බඩේ ලෙඩ හැදෙන්නේ! 
ඇත්තම කිව්වොත් මට ඒ පුරුද්ද ආවේ දෙමටගොඩ කැන්ටිම කරන කාලයේය; මසල වඩේ හදද්දිය. 
එළවලු කරි, කිරි මාළු, අල කරි වගේ එව්වාට කිරි මිරිකාගත්තාට පස්සේ ඉතිරිවෙන කුඩු, වඩේ මිශ්‍රණයට දැම්මාම වැඩි රසයක් එයි. කැමති නම් ඔබත් ඒ ගුරුකම අත්හදා බලන එක ගැන මගේ කිසිම අහිතක් නැත. 
යාපනේ උදවියත් ගොඩක් එළවලු ව්‍යංජන හදන්නේ පොල් මිරිකලා කිරි අරගෙන නොවේ. අඹරලා හොද්දට එකතු කිරීමෙනි. එවිට හොද්ද උකුය. Thick ග්‍රේවි එකක්..... ආටෝපය වැඩි හොද්දක්! 
එයින් පොල් පිරිමැහෙනවා විතරක් නොවේ. ආහාරයට fiber- කෙඳි ටිකකුත් එකතු වෙයි!
එතකොටත් බතික් වැඩ අත්හැරී නොතිබුණු නිසා ..........
“නිමල් අයියා හදන වඩේ රහයිනේ!” කියමින්, දවල් දෙකට විතර කැන්ටිමෙන් තේ බොන්නට පැමිණි; ඒවා අනුභව කළ කවුරුනුත් මගේ ‘රහස් කුකරි වැඩේ’ දැනගන්නේ අදය. 
ඓතිහාසික ගල් බෝලයක් හොයන්නට ගිය අසම්පූර්ණ ගමනකදී, සාර්ථක ලෙස ඉඹුල් කිරිබත් වැළඳුව අයත් මේ පෝස්ටුව කියෙව්වාම ‘නිදිගේ පඩත්තල පුරුද්දක්’ ගැන දැනගනු ඇත. 
ගල් බෝලයකට වැඩි බෝලයක් ගිලගෙන, උහුලාගන්නට වුණු කාරණයකුත් කියන්නට දැනටම පරක්කු වැඩිය. 
දෙමටගොඩ කැන්ටිමෙන් එතරම් ලාභයක් ලැබුණේ නැත. 
අපේ මූලික අරමුණ වුණෙත් පළපුරුද්ද හා කැන්ටිමක් කළ බවට සහතිකයක් ලබාගැනීම විතරය. 

බතික් වැඩත් ගොඩක් නැතත්, යම් තරමකට හරි කරමින් තිබුණු නිසා, ඉරිදාවක මම මොරටුවට ගියෙමි. ඒ රිකී මහත්තයා හමුවෙන්නටය. 

රිකී මහත්තයා යළි නොඑන්නටම ගිහින් තිබුණේ සිරුරට ගිනි තබාගෙනය!
අපට ලැබෙන්නට තිබුණු ණයෙන් කොටසක් හරි ඉල්ලාගන්නටය. 

සෙවීම සාර්ථක වුණේය; ගෙදර හමු වුණේය; නෝනා මහත්තයාත් හමු වුණේය; මාව දුටු ගමන් ඇගේ දෙකොපුල් කඳුළෙන් තෙමෙන්නටත් වුණේය! 
රිකී මහත්තයා ගිහින්ය. ඔහු යළි නොඑන්නටම ගිහින් තිබුණේ සිරුරට ගිනි තබාගෙන බවය ඇගෙන් කියැවුණේ!! 
ඉතින්......

චිත්තම්මා