li Item

Saturday, January 9, 2021

පතාගෙන ඇවිත්... -අටවෙනි කොටස

යකෝ... බලාගෙන ගියාම මේ යක්කු හැමෝටම මට වැඩියෙන් තමුසෙව ලොකු වෙලානේ....

“යකෝ... බලාගෙන ගියාම මේ යක්කු හැමෝටම මට වැඩියෙන් තමුසෙව ලොකු වෙලානේ.... බඩ බැඳගෙන ඉන්න යාළුවො, නෑයෝ එකෙක්වත් නිකමටවත් මේ මඟුල ගැන මට කිව්වේ නැහැනෙ.” මුදල් බේරන ගමන් නෙවිල් කිව්වේ එච්චරය. ඒ වෙලාවේ.... 

වෙනින් කෙනෙකු නම් කොහොම ප්‍රතිචාරයක් දක්වාවිද? ලේසි පුතයෙකු මෙච්චරටම ඉවසන්නේ නැතිය. මේ හාදයා ක්ෂාන්තිවාදී ජාතකය කියවලා ඉගෙනගෙන තියෙනවා වෙන්නට බැරිය!

මේ උත්පත්තියෙන් ගෙනා ගතියකි! මනුස්සයාගේ උපන් ඉවසිලි ගතිය කරාටේ ඉගෙනීම නිසා තවත් ඔප-මට්ටම් වෙන්නට ඇති!

ඒ ගැන මා දැන ගත්තෙත් අහම්බෙනි.
එතකොට අප අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේය. පිරිපුන් සිරුරකින් හෙබි, සැහැල්ලු ඇඳුමක් ඇඳගත්, විනීත පෙනුමැති කෙනෙක් press එකට ආවේය. ඔහු සමඟම උස- කෙට්ටු-තරුණයෙක්ද පැමිණියේය. ඔවුන් දෙදෙනාම පැහැපත් අයයි!

ඒ දෙන්නා මුද්‍රණාලයේ දොරෙන් ඇතුළු වෙන විටම නෙවිල් ගරු-සරුවෙන් පෙර ගමන් ගියේය. යමින් ගමන ‘අපේ මාස්ටර් කෙනෙක්!’ යැයි මට කියාගෙනත් ගියේය.

ඇවිත් හිටියේ අජිත් ධම්මිත ජයකොඩි මහත්තයාත් සිසිරත්ය....
ඇවිත් හිටියේ අජිත් ධම්මිත ජයකොඩි මහත්තයාත් සිසිරත්ය.

“අපේ මාස්ටර්ට සොසේජ් පැකට් ලේබල්ස් වගයකුයි, කාඩ් වගයකුයි print කරවගන්න ඕනිලු...” අර දෙන්නාව හඳුන්නලා දෙමින් නෙවිල් කිව්වේය. එවෙලේම මම මිල ගණන් සෑදුවෙමි; කිව්වෙමි.
“අපි වැඩේ බාර දෙන්නම් දැන්මම... මට මේක ටිකක් හදිසියි, මිස්ටර් නිමල්.” අජිත් ධම්මිත මහතා කතා කළේ එතකොටය. එතෙක් වෙලා සියල්ලම කීවේ සිසිරය.

‘මාස්ටර්’ කිව්වාට නෙවිල්ගෙන් වෙන විස්තර කියැවුණේ නැතිය.
“ඔය ආවේ නෙවිල්ලගේ කරාටේ මාස්ටර්!” මට කිව්වේ කුමුදුලාල්ය. “ඒ යාළුවෝ set එකම කරාටි class යනවනෙ නිමල් අයියේ!”

“තමුසෙ කරාටි ගහන්නත් යනවලු නේද?” මං ඔලොක්කුවට නෙවිල්ගෙන් ඇහුවාත් එක්කය. පස්සේ ටිකෙන්-ටිකය හෙළිදරව් වුණේ. නුගේගොඩ තරුණ බෞද්ධ සමිති ශාලාවේ පැවැත්වුණු ‘කරාටේ පන්ති’වලට තලපත්පිටියෙනුත් ගොඩ දෙනෙකු යමින් ඉඳලාය.

නුගේගොඩ තරුණ බෞද්ධ සමිති ශාලාවේ පැවැත්වුණු ‘කරාටේ පන්ති’වලට තලපත්පිටියෙනුත් ගොඩ දෙනෙකු යමින් ඉඳලාය..... වාඩිවී සිටින අයගෙන් දෙවෙනියා අජන්තය.

දැනටමත් ඔබ දන්නා W.A.L. ප්‍රියන්ත, සාමණේරයන් වහන්සේ නමකට මහ රාත්‍රියේ ඌරු මස් දානයක් පිරිනැමූ දයානන්ද මුදලාලි, පැරැණි fotos ගොඩක් ලබාදුන් අජන්ත ගමගේ (අජන්ත ගැන තවම ලියවී නැතිම තරම්ය.) කාරිය ඒ අතරේ වූහ. 

අජිත්ලා ඉතා ඉක්මනින්ම මා හා කුළුපග වූහ. ඒ නිසාය ඉතාමත් රසවත් විස්තරයක් නිදිගෙ පංච තන්තරේට මෙසේ ලියන්නට පොටකුත් පෑදුණේ. කරුණු මගේ මතකයේ තිබ්බාටම මදිය.

එහෙම කොච්චර දේවල් මතකයේ තිබුණත්, හැකි හැම විටම ඒවා හාරා-පාරා-අවුස්සා-ගිවිස්සාගෙන ලිවීමය මගේ පුරුද්ද.

ඉතිං මම මේ විස්තර ගැනත් නෙවිල්ගෙන් ඇහුවෙමි.

“බලපන් ගවීන් මල්ලී.... මේකා දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ වැඩේ act කර-කර කිණ්ඩිය දානවා. ඒ මදිවට.... තමුසෙ ඒ සැරේ ඕකත් චීත්තවාහිනියට ලියන්නද යන්නේ? තව මගෙන්ම අහගෙන.... තමුසෙම හොයා ගන්නවා ඔන්නං.... කියන්නෑ වචනයක්! ඔන්න ගවීන් මල්ලී.... උඹත් අම්බානක කන්න ලැහැස්ති වෙලා හිටපං. මූත් එක්ක foto හොයන්න යනවට උඹටත් දෙන්නයි වෙන්නේ....” නෙවිල් තර්ජනයකුත් කරලා, මෞන වෘතය රැකගෙන උන්නේය. (එයාගේ තර්ජන, ගඳ නැති- හඬ ඇති අධෝවාතයන් වගෙය.)

මම මගේම මතකය පාරන්නට වීමි!

සිසිර කුමාර! සිසිර කුමාර!! ඒ නම මට මතක තිබුණු විදිහය. ‘අජිත් සර් නං කාලෙකට ඉස්සෙල්ල අන්තරා වුණාලු!’ කවුරුන් හෝ කලකට ඉහතදී පවසා තිබුණෙන්, හොයනවා නම් හොයන්නට වෙන්නේ සිසිර කුමාර ගැනය.

ජාලය පිහිටට ආවේ එතැනදීය.
අම්මට සිරි! ශ්‍රී ලංකා කරාටේ දෝ සංගමයේ 2020-2022 ගරු සභාපති ධුරය හොබවන්නේත් එච්.එම්. සිසිර කුමාර මහත්මා කෙනෙකි! අවුරුදු 35ක් විතර ගතවී තිබුණත් සිසිරගේ එතරම් වෙනසක් සිදු වී නැති පාටය. ඒත් සිසිර වැනි කෙනෙකුට මේ ලියන ඇටිකිත්තන් ගෙම්බාව මතක තියෙනවා ඇතිද? අහලා බලන්නටවත් ඔහුගේ ටෙලිෆෝන් නොම්මරයක් හොයා ගන්නේ කොහොමද?

ඒත් වැඩේ අල්ලලා දාන්නට හිතුණේ නැතිය.

FB එකෙන් තොරතුරු හොයද්දී ‘බ්ලොගර්ස් ඊව්’ එකේදී හඳුනාගත් ප්‍රසන්න මුදුන්කොටුව හිතවතාත් කරාටේ සංගමයට ‘like’ කරලාය....

FB එකෙන් තොරතුරු හොයද්දී ‘බ්ලොගර්ස් ඊව්’ එකේදී හඳුනාගත් ප්‍රසන්න මුදුන්කොටුව හිතවතාත් කරාටේ සංගමයට ‘like’ කරලාය.

මම වහාම ප්‍රසන්නට පණිවිඩයක් යැවීමි. කතන්දරය කිව්වෙමි.
ප්‍රසන්න අප්‍රමාදවම වෙහෙසී, රෝහණ ග්‍රිස්මන් මහත්මාගෙන් සිසිර කුමාර මහත්තයාගේ දුරකතන අංකය ලබාගෙන මට එව්වේය. අන්තර්ජාලයෙන් සිසිර මහතාගේ foto එකක් download කරගත් ගමන්ම ඒ පින්තූරය මම නෙවිල්ට යැවීමි. නිකම්මත් නොවේ. හෙණ චණ්ඩි talk එහෙකුත් එක්කලාය.

‘මෙයාව අඳුරන්න පුළුවන්ද? තියා ගන්නවා තමුසෙගෙ විස්තර. මම අදාළ කෙනාගෙන්ම අහලා මතක් කර ගන්නං!’ (මට එහෙම පාරම් බාන්නට හැකි වෙනසේ කළ මහඟු උපකාරයට ගොඩක් ස්තුතියි ප්‍රසන්න!)

සිසිර මහතාගෙන්ම ‘අහලා මතක් කර ගන්නං’ කීවේ මගේ සූර-වීර වික්‍රමයක් ගැනය!

ඒ පින්තූරය මම නෙවිල්ට යැවීමි. නිකම්මත් නොවේ. හෙණ චණ්ඩි talk එහෙකුත් එක්කලාය.....

කයිවාරු ගහන බාසාවෙන් කියනවා නම්, මේ පෙන්දයියා වගේ හිටියාට, මාත් එසේ-මෙසේ පුඟුලෙක් නොවේ. කරාටේ ශූරයෙකුගේ බඩට ගැහූ පොරක්මි; ගැහුවා විතරක් නොවේ, ගහලා ගුටි නොකා බේරුණු අයෙක්මි. ඒ කතාව මෙතැන ලියන බව සිසිර කුමාර මහතාට දුරකතන ඇමතුමකින් දන්වලාත්ය මේ ලියන්නේ.

අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයට සිසිර පැමිණි දවසක අපි පිළිසඳර කතාවක පසු වීමු. “ආරංචියි, සිසිර නං දවස තිස්සෙම ප්‍රැක්ටිස් කරන බව... ඔච්චර මහන්සි වෙද්දී අත-පය රිදෙන්නේ නැද්ද?” වගේ ප්‍රශ්නයක් මගෙන් ඇහුණේය.
“පුරුදු වෙද්දී සමහරු ගහන පාරවල් වදිනවත් ඇතිනේ.... එතකොටවත්...”

සිසිර විනීත හිනාවක් පෑවේය. “නිමල් අයියා කරාටේ ගහගෙන තියෙනවද?”

“මගේ ගහ ගැනිලි සේරම කටෙන් තමයි ඉතිං!”

සිසිර ඇඳගෙන උන් ටී ෂර්ටය පපුව තෙක් ඉස්සුවේය; එයාගේ ලෑලි පපුවත්, බඩත් පෙන්නුවේය. (එතකොට සිසිර කෙට්ටුය.) “මට පාරක් ගහලා බලන්න!” කියා කිව්වේය.
“ගහන්න? ඔයාට...”

‘හිටපං’ කියලා මට හිතෙන්නට ඇතිවා නිසැකය. ඉතිං, දකුණු අත මිට මොළවා හැකි උපරිම වීරියෙන්....

“කමක් නෑ. පුළුවන් තරං හයියෙන් ගහන්න....”

‘හිටපං’ කියලා මට හිතෙන්නට ඇතිවා නිසැකය.
ඉතිං, දකුණු අත මිට මොළවා හැකි උපරිම වීරියෙන් මම ඒ මනුස්සයාගේ බඩට ‘මුෂ්ටි ප්‍රහාරයක්’ එල්ල කළෙමි.

ඇත්තම කියනවා නං මට එවෙලේ කෙඳිරි ගෑවුණේය.
ඒ මොහොත මට කවදාවත් අමතක නොවේ. ගැහුවේ මාය; ගුටි කෑවේ සිසිරය. හොඳටම රිදුණේ මටය.

මගේ අත වැදුණේ සිසිරගේ බඩේ නොවේ; ඇඟේ නොවේ; යකඩ පවුරකය!
පෙනෙන්නේ චුට්ටං සිදුවීමක් වගේ වුණත් මට නම් එය ලෙහෙසියෙන් මතක නොවන්නකි.

සිසිර කුමාර සහෘදයාණෙනි, අමතක නොවන මේ අත්දැකීම ‘නිදිගෙ පංච තන්තරේ’ රසිකයන් වෙනුවෙන් ලියන්නට අවසර දීම වෙනුවෙන් ඔබට ඉතාම ස්තුතියි!

කරාටේ ගැන මං දැනගෙන හිටියේ ‘Enter the Dragon’ වගේ films වලින් විතරය. බ්රූස් ලී ගැන කියවෙන දේවල් විතරය.

ඊටත් ටික දවසකට පස්සෙය, ඒ පන්තියේ කරාටේ සංදර්ශනයක් ගැන සිසිරලාගෙන් කියැවුණේ.

“නිමල් අයියේ. අපි කරාටේ පන්තියේ අයගේ show එකක් කරනවා ටවර් හෝල් එකේ. ඒකට ස්වනියර් එකකුත් ගහනවා. ඔයාලටමයි වැඩේ බාර දෙන්නේ.... පුළුවන් තරම් ලස්සනටයි, ගාණ අඩුවෙනුයි තමා අපිට වැඩේ කරලා දෙන්න ඕනෑ.” සිසිර කිව්වේය.
වැඩ පටන් ගැනිණි. අවසානයේදී අපම මුද්‍රණය කළ ඇරයුම් පතක් මටත් පිරිනැමුණි.

“නිමල් අයියා විතරක් නෙවෙයි, press එකේ සේරටම එන්නයි ආරාධනා කරන්නේ වෙන-වෙනම කාඩ් නොදුන්නට!”

ඒ කාලයේ කවුරු-කවුරුනුත් කරාටේ ගැන උනන්දු වූහ. මට නම් එහෙම ගායක් තිබුණේ නැතිය. කරාටේ ගැන මං දැනගෙන හිටියේ ‘Enter the Dragon’ වගේ films වලින් විතරය. බ්රූස් ලී ගැන කියවෙන දේවල් විතරය.

නියමිත දවසේ අපි මරදානේ ටවර් රඟහල වෙත ගියෙමු. අපිය කිව්වේ කුමුදුලාල්, ඒකනායක හා මාය.
ශාලාවේ සෑහෙන තරම් පිරිසක් සිටියහ. සීනු නාදවී ශාලාව අඳුරු වුණා මතකය.

ධවල ඇඳුමෙන් සැරසුණු තරුණ පිරිසක් සීරුවෙන් වේදිකාවට ගොඩ වෙන්නට පටන් ගත්හ. හරියට කූඹි ගුලකින් මෙරු මතු වෙනවා වගෙය....

අඩ අඳුරේ සුදෝ සුදු; ධවල ඇඳුමෙන් සැරසුණු තරුණ පිරිසක් සීරුවෙන් වේදිකාවට ගොඩ වෙන්නට පටන් ගත්හ. හරියට කූඹි ගුලකින් මෙරු මතු වෙනවා වගෙය. හැබැයි කිසිම කලබලයකින් තොරව.

එහෙම සංවර තරුණ කොල්ලන් කන්දරාවක්!
වේදිකාව උඩ පෙළට... වේදිකාව පහළත් එක පෙළට.... එච්චරක්යැ?
ශාලාවේ ආසන පේළි අතරෙත්, හතර වටෙත් සුදෝ-සුදු කරාටේ ඇඳුමෙන් සැරසුණු තරුණයන්....

ඔන්න විදුලි ආලෝකය තවත් අඩු වෙයි. තුන්වෙනි සීනුව නාද වෙයි....
අර සියල්ලෝම දකුණත් ගුළි කරවා සීරුවෙන්, හෙමිහිට ඉදිරියට දිගු කරති. ඒ එක්කම ‘සූස්!’ සද්දයකුත් ආවේය!
‘ටවර් හෝල් එකට
කොහෙන්ද යකඩෝ නයි ආවේ’ තකතිරු මට හිතුණේය.
ඒ සද්දය හරියටම, කේන්තියෙන් පිපිරෙණ නාගයන් සීයක්-හමාරක් එක විඩේ සූස් කියා පිඹිනවා වගේමය.

දකුණත් හැකිළෙයි; වම් අත් ගුළි වෙයි; පෙරටම දික් වෙයි; සූස් සද්දේත් බරටම මතු වෙයි!

තවමත් මගේ හිනාව වාන් දොරටු ඇරියා වගේ පුපුරා හැළෙන තරම්ය!

විශ්වාස කළ මැනවි. මම තුවාල වෙන තරමට තදින් අත කොනිත්තා ගත්තෙමි. ඒ එතැනදී නිදහසේ පිට වෙන්නට ආ හිනාව නවත්තා ගැනීමටය!

තවමත් ඒ slow මෝෂන් ක්‍රියාවලිය මගේ දෙනෙතේ හිර වුණු ගමන්මය; තවමත් මගේ හිනාව වාන් දොරටු ඇරියා වගේ පුපුරා හැළෙන තරම්ය.

“තමුසෙව එදා පන්චින් බෑග් එකට ගන්නවා ඔහොම හිනාවෙන බව දන්නවා නං!” නෙවිල් රවමින් කියයි. එහෙම බනින එක සාධාරණය. පහුගිය අවුරුදු තිහේදී, මේ රචකයා අතින් යළි-යළිත් වැඩියෙන්ම රඟපා පෙන්වී තිබෙන්නේ ඒ දර්ශනයයි. Trip එකක් යන හැම විටෙකම වගේ ප්‍රේක්ෂකයෝ එය රඟ දක්වන්නැයි ඉල්ලති!

“තමුසෙ දන්න බ්‍රීතින් එක්සර්සයිස් එකක් තියෙනවද හලෝ? තමුසෙ ඔච්චර හිනා වෙන්නෙ තියෙන ගොබ්බකමට!”

ඇත්තම වෙන්නට පුළුවනිය. මා ශ්වසන ව්‍යායාම දන්නේ නැත; එහෙත් හිනා පහළ වෙන තැනදී හිනා වෙන්නට දනිමි.
එයින් පස්සේ වේදිකාව මත කෙරුණු හරඹ- සටන්- ගඩොල්, උළුකැට බිඳ දැමීම් එකක්වත් මගේ මනසේ රැඳී නැත. අර නයි පිඹීම විතරක්...

එතකොට අප හිටියේ දෙල්තොට WindLoft හෝටලයේය. සුමිතුරු ප්‍රියන්ත දෙසැම්බර් 23,24,25 දින සඳහා මුළු හෝටලයම වෙන් කරවාගෙන අපවත් එහාට කැන්දන් ගියේය. 30 දෙනෙක් විතර....

මේ 2020 දෙසැම්බර් 23 වෙනිදා හවසත් එවැනි හිනා වීමක් සිද්ධ වුණේය. එතකොට අප හිටියේ දෙල්තොට WindLoft හෝටලයේය. සුමිතුරු ප්‍රියන්ත දෙසැම්බර් 23,24,25 දින සඳහා මුළු හෝටලයම වෙන් කරවාගෙන අපවත් එහාට කැන්දන් ගියේය. 30 දෙනෙක් විතර.... (ගොඩක් ස්තුතියි ප්‍රියන්ත! ඉහළම සත්කාරයෙන් සපිරි, අතිශය සොඳුරු තෙදිනක්....)

“හරි වැඩේනේ හලෝ....” බිලියඩ් සෙල්ලම් කරමින් හිටි නෙවිල්, ටෙලිෆෝන් ඇමතුමක් ලැබුණු ගමන් කලබල වුණේය.

“මොකෝ නෙවිල්?”

“ඒකනෙ හලෝ. අපේ අම්මා පැදුරකුයි, කොට්ටෙකුයි අරගෙන ඉස්සරහ ගෙදරට ගිහිල්ලා....”

“ඈ? අම්මා ගේ අස්සෙම ඉන්නවා මිස ලේසියෙන් එළියට යන්නෙ නෑ නේද?” මගේ කල්පනාවට වැටුණේ ඒ කාරණයයි.

“ඒක නේන්නං වැඩේ... මේ first time.... ඉස්සරහ ගෙදරට ගිහින් කිව්වලු -මම විතරයි ගෙදර ඉන්නේ, චූටි ගමනක් ගිහින්. මට තනියම ගෙදර ඉන්න බයයි. අද ඔයාලගේ ගෙදර නිඳා ගන්නම්- කියලත්. ඒ මිනිස්සු මට කෝල් කළේ..”

නෙවිල් එවෙලේම පොඩි අයියා මෙරිල්ට දුරකතන ඇමතුමක් දුන්නේය. මෙරිල් එහි යන්නටත්, ඒ අවුල ළිහා දමන්නටත් එකඟ වුණේය. 

“හරි වැඩේනේ හලෝ....” බිලියඩ් සෙල්ලම් කරමින් හිටි නෙවිල්, ටෙලිෆෝන් ඇමතුමක් ලැබුණු ගමන් කලබල වුණේය.

“අදට නම් ප්‍රශ්නේ විසඳුනා.... ඒත් අපේ අම්ම එළියට යන එක ඔහොම පුරුද්දට ගියොත් නං.... මොකද මිනිහෝ හිනා වෙන්නේ... තමුසෙට හිනා... තමුසෙට හිනා... මෙච්චර ප්‍රශ්නයක් ඇවිල්ලත් තමුසෙට හිනා.... හෙණයක් ගැහුවත් තමුසෙට හිනා.”

අනුන්ට විපතක් සිදු වුණාම හිනාවීම නරක බව ඇත්තය. ඒත් එහි ඇති හාස්‍යජනක ස්වරූපය?
හැමදේම හිනාවෙන් බාර ගැනීම ඇත්තටම නරක පුරුද්දක්ද?

මට මතක් වෙන්නේ fb එකේ තිබුණු ඉතාම හරවත් පෝස්ටුවකි. දැන් සේරම උඩු-යටිකුරුවී; විපරිතවී අහවරය.

ජීවිතය රසවත් කර ගත යුත්තේ; විචිත්‍රවත් කර ගත යුත්තේ අප විසින්මය!

‘2020 ධනාත්මක වචනය = Negative
ඍනාත්මක වචනය = Positive’
කාලය විසින් හා අවස්ථාව විසින් යම්-යම් දේ දෙස අලුතින් බලන්නට අපට කියා දෙයි. අද අපට ජීවත් වෙන්නට සිදුවී තිබෙන්නේ අසුබවාදී වාතාවරණයක හැකිතාක් සුබවාදී ආකල්ප සහිතවය. බොරුද මං අහන්නේ?

ජීවිතය රසවත් කර ගත යුත්තේ; විචිත්‍රවත් කර ගත යුත්තේ අප විසින්මය. ඒ සඳහා ලොකු වැඩ කරන්නට ඕනෑ නැතිය. ඉතා සුලු දෙයින් පවා වැඩ ගත හැකිය. හොඳටම ඒ පාඩම මට කියා දුන් අය දෙදෙනෙකි.
එක්කෙනෙක් වන්නේ
රාජමනී අංකල්ය.

දෙවෙනියා නෙවිල්ලගේ ලොකු අයියා නිමල් විජේසිරිය.

දවසක් උදේ පාන්දරින් වැඩට යන අතරේ නිමල් විජේසිරි අයියාත්, රමණීත් දරු කැළතක්ම දක්කාගෙන ගමනකය. නව රෝහල බසයෙන් බැහැලා, මහරගම හන්දිය පැත්තටය එයාලා යමින් හිටියේ. “කොහෙද නිමල් පාන්දරින්ම?” විමසීම මගෙන්ය.

“මේ නිවාඩු කාලේ පොඩි එවුන් ටික කොහෙවත් එක්ක යන්න බැරි වුණා, නිමල් මල්ලී...”

“ඉතිං, මේ පයින්ම?”

දැන් මහරගමින් ආයෙම ඩබල් ඩෙකර් බස් එකක් දාලා තියෙනවා අවිස්සාවේල්ලට.... මෙයාලව one day ට්‍රිප් එකක් එක්කං යන්නයි ආවේ!

නිමල්ලාගේ දරු පැටවුන් විතරක් නොවේ, අහළ-පහළ දරු පැටියන් කීප දෙනෙක්මත් ඒ නඩයේ සිටිති.

“මල්ලී දන්නෙ නැත්ද, දැන් මහරගමින් ආයෙම ඩබල් ඩෙකර් බස් එකක් දාලා තියෙනවා අවිස්සාවේල්ලට.... මෙයාලව one day ට්‍රිප් එකක් එක්කං යන්නයි ආවේ! පව්නෙ මල්ලී!” එච්චරක් විතරක් නොවේ. අයියා මටත් අදහසක් දුන්නේය. “ලොකු වියදමක් නැතිව යන්න පුළුවන් ගමනක් මල්ලී. වෙලාවක ගිහින් බලන්න. අවිස්සාවේල්ල කෝච්චියේ ගමනත් ෂෝක්. කෝච්චියෙම ගිහින් ඒකෙම ආපහු එන්නත් පුළුවනි. සැන්ඩ්විච්, කට්ලට් ටිකක් හදාගෙන, තේ බෝතලයක් අරගෙන ගියාම මදැයි!”

“ආ! එව්වද මේ බරටම උස්සගෙන යන්නේ?”

නිමල් විජේසිරි දුන් අයිඩියා එක මටත් ප්‍රයෝජනවත් වුණේය. අපේ සමන්ති නංගිලා ලංකාවට ඇවිදින් හිටි දවසක අපි අවිස්සාවේල්ලට කැලණිවැලි කෝච්චියෙන් ගියෙමු; ගිහින් ආපසු ආවෙමු. ගමන බදුලු කෝච්චියේ ගිය තරමටම සුන්දරය! වියදම සොච්චමකි!!

බාසුරු උන්නැහේගේ; නෙවිල්ල තාත්තාගේ අයිඩියා ජාන ලොකු පුතණ්ඩියාට ලැබී තියෙන බව කිහිප වරක්ම මගෙන් කියැවිණි. එතැනදී මේ දවස ගැනත් නොකියා බැරිය.

‘සාලයෝ ඇඹුල් තියල’ දැක්කාම බෙදා ගන්නට ලෝබ හිතෙයි. හැන්දක් ඔබන්නට දුක හිතෙයි. ඒ තරමට අපූරුය; ලස්සනට අසුරලාය, උයා තිබුණේ!

අපේ අම්මා ඉදි කරවූ හොරණ තෙමහල් මන්දිරයේ සොබාවික ජල තටාකයක්ද විණි. සති අගදී කෑම-බීම හදාගෙන එහි ගොස් විවේකයෙන් ගත කර ඒමට අපි පුරුදුවී සිටියෙමු. එදා නෙවිල්ලගේ ලොකු අයියාත් සිය පවුල පිටින්ම එහි ආවේය. 

ඇති පදම් ජල ක්‍රීඩා කරලා ඉවර වෙලාය, අප කෑම කන්නට සැරසුණේ!

“චූටි මල්ලී, මේකත් දෙනවා ඔය මේසෙන්ම තියන්න” අයියා හදාගෙන ඇවිත් තිබුණු දේවල් නෙවිල්ට දුන්නේය. මේසය උඩ තිබුණු ‘සාලයෝ ඇඹුල් තියල’ දැක්කාම බෙදා ගන්නට ලෝබ හිතෙයි. හැන්දක් ඔබන්නට දුක හිතෙයි. ඒ තරමට අපූරුය; ලස්සනට අසුරලාය, උයා තිබුණේ!

අවුරුදු 50-60කට ඉස්සර ගොඩාරියක් ගෙවල්වල බිත්තියක් සැරසූ සැරසිල්ලක් තිබුණා මතකද?
ඒක හදලා තිබුණේ හිස් සිගරැට් පෙට්ටිවලින්ය.
ත්‍රී රෝසස්, Four Aces දහයේ පැකට්වලිනි.
ඒවා එක්තරා හැඩයකට කපා, එකිනෙක ඇතුළට බස්සවා.... අවානක් ලෙස හිටින්නට සකස් කිරීමෙනි, ඒ අත්කම හදා තිබ්බේ.

නිමල් විජේසිරිත් සාලයන්ගේ කරමල්, බොකු-බඩවැල් සීරුවෙන් ඉවත් කොට; සෝදාගෙන මිරිස් තුනපහ දැවටීමෙන් පස්සේ.... මැටි ඇතිලියක සර්පිලාකාරයෙන් සාලයො අඩුක් කොට තිබුණේ හරිම සීරුවටය.
“ඒක මතකයිද නෙවිල්?” ගිය සතියේ දවසක මට කියවුණේය.

අනුග්‍රහය තමයි! තව ඩිංගෙන් මට 2021 ලබන්නේ අණ්ඩක් කැඩිලා හරි ඔළුව පැළිලා හරි... අන්න ඒකට නං සාදර අනුග්‍රහේ නියමෙට දුන්නා නේද?

“හලෝ.... අපි එහෙම තමා. බලපං මචං පීරා! එහෙම සහෝදරයෝ හිටිය එකෙක් මේ නෙවිල්... මූට ඒවා මතක නෑ.... හැබැයි, තමුසෙගේත් cooking නම් හොඳයි හලෝ. නේද මචං... ප්‍රසන්ටේෂන් තමයි නිල්. අපි වගේ VIP පොරවල් set වෙන වෙලාවට බයිට් එකක් හදලා දුන්නට මදි. ඒප්‍රන් එකක් ඇඳලා, තොප්පියක් දාලා ටිකක් හිනාවෙලා මනුස්ස පාටට ඉඳගෙන ඒක කරනවා!”

“ඔව්, ඔව්. ඒ කතාවට නං අයස්මන්ත පීරිසුත් මනාපයක් දෙනවා, සාදර අනුග්‍රහයත් දක්වනවා.... ටිං ටිං!”

“අනුග්‍රහය තමයි! තව ඩිංගෙන් මට 2021 ලබන්නේ අණ්ඩක් කැඩිලා හරි ඔළුව පැළිලා හරි... අන්න ඒකට නං සාදර අනුග්‍රහේ නියමෙට දුන්නා නේද?” මම කඩා පැන්නෙමි. “නූලෙන් බේරුණේ!”

“Sorry සොරි. නිමා කොලුවෝ... මට ඒක කල්පනා වුණේ පස්සේ....”

කියාගෙන එන දෙයින් පිට පනිනවා නොවේ. විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දොස්තර අයස්මන්ත පීරිස්  මහත්තයාගේ ‘සාදර අනුග්‍රහයෙන් කෙරුණු අසමජ්ජාති වැඩ දෙකක්’ ගැනත් නොකියා බැරිය. වසරාවසානයේ වින්දිතයා වුණේ මං වහන්සේය. ඉස්සෙල්ලාම කියන්නේ ඒකය!.....

24 comments:

  1. අද නම් මේ පෝස්ට් එක දාලා විනාඩි දෙක තුනකදීම මට ගොඩ වෙන්න ලැබුනා. ඔය නෙගටිව් පොසිටිව් එකට (කොරෝනා කාලේ එන්න ඉස්සරත්) ඔය වගේ අර්ථ කතනයක් තිබුනා. ඒක බැඳපු සහ නොබැඳපු ජෝඩු අතර pregnancy ටෙස්ට් එක නෙගටිව් හෝ පොසිටිව් වීම. ප්‍රෙග්නන්ට් නොවේවා කියලා පතාගෙන රිසල්ට්ස් බලන අයට සුභ පැතුමකුත් සමග (congratulations කියලා), පොසිටිව් කීම ගැනයි එයින් කියවුනේ.
    ඔය සිගරට් පැකට් වලින් සැරසිල්ල හැදුවේ පැකට් එක, දෙකට මැදින් (අංශක අනූවට නොවෙයි, පැකට්ටුවේ මධ්‍ය ලක්ෂ්‍යය හරහා ඇදේට) කපලා එකින් එක ඇතුලට දැමීමෙනුයි. හිස් සිගරැට් පැකට් විතරක් නොවෙයි, ඒවායේ ඊයම් කොළ, ඊයම් කොලය අලවා තියන ටිෂූ කොලය (ඒක නම් ප්‍රයෝජනයට ගත්තේ හඳට යන අභ්‍යාවකාශ ගාමීන් මිසක් ළමයි නොවෙයි), වගේ දේවල් වලින් මොන තරම් නිර්මානාත්මක දේවල් කලාද?

    ReplyDelete
    Replies
    1. ඔයා හරි සෑම් මහත්තයෝ, සිගරැට් පකටු එක්තරා හැඩයකට කපලයි අර සැරසිල්ල හැදුවේ. ඒක කම්පියුටරෙන් ඇඳගන්න බැරි නිසා දාන්න වුණේ නෑ.

      දැන් තියෙන අත්කම් සේරම ෆොරින් එව්වනේ!

      ප්‍රෙග්නන්සි රිපෝර්ට් කතාවත් හරි නේන්නං...

      Delete
    2. අවාන මතක නෑ. Robot බල්ලො වගේ එකක් යන්තම් මතකයි.

      Delete
    3. https://www.hongkiat.com/blog/creative-recycled-cigarette-packs/

      Delete
    4. ස්තුතියි link එකට. දැකලා පුරුදු ඒවාට තිබ්බේ පුටුව හා බල්ලා තමයි. මෙහෙ හදපු අවාන නම් තිබුණේ නෑ Pra Jay!

      Delete
  2. බුදු අම්මෝ යාලුවා කරාටේ කාරයෙක් හින්දා වෙන්නැති ඇඹරිලා යන ටෝක් දාන්නේ. -අතින් පයින් නැතිව කටින් ගහන්න හොදටම දන්නවා.

    ReplyDelete
    Replies
    1. අසංග මහත්තයෝ, ඔයාගේ ප්‍රතිචාරේ ටොක්කක් විදිහට නැතිව ප්‍රශංසාවක් විදිහට ගත්තට කමක් නැහැනෙ. ස්තුතියි.

      Delete
    2. ඒක ප්‍රශංසාවක් තමා. අතින් පයින් ගුටි
      ඇනගන්නවාට වඩා ඇගටත් හොදයි නේ කටින් ගහලා බේරෙන එක.

      Delete
  3. https://www.amazon.com/Shito-Ryu-Karate-Neville-Billamoria/dp/B01GWDDY24

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, අපේ නෙවිල්වත් ඒ කල්ලියේ එක්කෙනෙක්වත් දැන් කරාටේ ගැන උනන්දු නෑ!

      Delete
  4. ස‘ මේ පෝස්ට් එක දැක්කොත් නිමල්ව රාජ්‍ය බුද්ධි සේවයට ගනියි.සයිබර් ආවේක්ෂණ ප්‍රධානී වගේ තනතුරකට.

    ඒ නැතත් නැතිඋන මිතුරන් සොයාදෙනු ලැබේ වගේ බිස්නස් එකකට ගියානම් ගොඩම තමා.

    ReplyDelete
    Replies
    1. ඔය සොයා දෙන රස්සාව කරන කෙනෙක් මගේ හිතවතෙක්ගේ මිතුරෙක්. කොරෝනා නිසා එයාලගේ වැඩ සේරම නැවතිලාලු ඉන්නේ.

      චමී, රාජ්‍ය බුද්ධි සේවයේ ඉන්නෙත් මං වගේ වැඩ බැරි දාසලාද?

      Delete
    2. ඔයානම් වැඩ බැරි දාස කෙනෙක් නෙවෙයි. රාජ්‍ය බුද්ධි අන්සේ අයනම් එහෙම වෙන්නැති. නැත්තම් පිස්සෙක් රටපුරා බෝම්බ ගහනකන් නිදිවදීයැ.

      Delete
    3. නිඳි වැදුණද වැද්දෙව්වද මන්දා චමී!

      Delete
  5. අජිත් ලාල් ඕන කෙනෙක් නිදි ගේ යාලුවෝ වෙනවා නේ. ඔන් නිදි මමත් ටයෙක්වොන්දෝ කරලා තියනව.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, හුඟක් හිතවතුන් ඇතිවීම නං මට දෛවයෙන්ම දීල තියෙන තෑග්ගක්.

      ලංකාවේ නම් ඔයා කියන ක්‍රමය උච්චාරණය කළේ ටයිකොන්ඩෝ කියල වගෙයි!

      Delete
    2. //ටයිකොන්ඩෝ// හරි බං ටයිප් කරන කොට ලියවුනේ එහෙම.

      Delete
    3. කව්දැයි අප්පේ දන්නෙ? කරාටේ- කරාතේ- කරාටි වගේ මේකත් වෙනස් වෙනස් විදිහට කියවෙනවා කියලයි හිතුවේ, අජිත් මහත්තයෝ!

      Delete
  6. කියවා ටිකක් කල්
    අම්මගෙ දානෙ තිබුණා
    ඒකෙන් ලියන්නත්
    වෙලා නැති වුණු නිසා දුක හිතේ

    කොහොමද ඒ කවිය?

    ReplyDelete
    Replies
    1. එළිවැට නැතිවත්
      නිදහස් අදහස්
      ලිව්වැකි කොහොමත්
      බස රසවත් නම්
      ඒකම කවියක්
      ලයකුත් ඇත්නම්
      තියේවි අගයක්!

      නොලියම නොම ඉඳ
      පරක්කු වී හෝ
      ලිවීම අනගියි
      ගොඩ ස්තුතියි!

      Delete
  7. ත්‍රී රෝසස්--ඕකේ රෝස මල වල තියන මිනිස් මුණු ගාන හොයන සෙල්ලමක් තිබුනා මතකද

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් නං ඇහුවේ අදයි සිරිබිරිස් උන්නැහේ! කාගෙන් හරි අහගන්ඩත් මටත් වැඩි මැන්ටලයක් වෙන්ට ඕනිනේ. මතකයත් තියෙන...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්