‘...ගිනි පිඹිනා වින කරනා
මුදලින් නුඹට පඬුරු ලා
හෙණ
වදිනා පව් කරලා රහසින් ලොවක් රවටලා
දැන්
එන්නේ නුඹගේ සෙත පතලා...’ මනුරංග
විජේසේකර එහෙම ලියන්නේ කඳ සුරිඳුන්ගේ පිහිට පතා පැමිණෙන දුදනන් ගැනයි. තව දුරටත්
ස්කන්ධ කුමාරයාණන් වහන්සේට අයදිමින් මනුරංග ලියා දන්වන්නේ, දැන් එතුමන්ට
කැබිලිත්තේ සියඹලාවෙනුත් ඉකුත්ව යන්නට කාලය සපැමිණ ඇති බවයි.
බෝට්ටු තියෙන්නේ අපිට යන්න නෙවෙයි. Navy එකේ dutyවලටයි! |
“අම්මට සිරි! මේ වතාවෙත් ගඟේ වතුර වැඩියිනේ මචං.”
මඩමේතොටට පැමිණි ගමන්ම අපේ මිතුරෙකුට කියැවුණේය.
“මේ සැරේ නේවි එකෙනුත් බරට ඉන්නවනේ.”
“ඒ කියන්නේ හෙට උදේට අපි මෙතැනින්ම එගොඩ වෙනව කියන එක බොරු!”
“අපි සේරටම උඩහට ගිහිං කුඹුක්කන් ඔයෙන් එගොඩ වෙලා ආයෙම පහළට එන්නයි වෙන්නේ.”
“ඇයි අයියේ මෙතැනින්ම අනිත් පැත්තට යන්න බැරි? අර... බෝට්ටුත්
තියෙනවනේ.”
“Sam, බෝට්ටු තියෙන්නේ අපිට යන්න නෙවෙයි. Navy එකේ dutyවලටයි.”
“බලමුකෝ, ගිය වතාවේ වගේ මොකුත් කරවගන්න
බැරිද කියලා.” මම කෙඳිරුවෙමි.
සමන්ති නංගී කිරි තේ හදන අතරේ, නමී පොල් ගෙඩියක් ගෑවේය. ඊළඟට මං කළේ අග්ගලා
හැදීමයි.
“දිසානායක මේ, තමුසෙ අග්ගල දීලා නේවි එකේ අයව යාළු කර ගත්තට වැඩක් වෙන්නෙ නෑ හරකෝ.”
“පීරිස් මහත්තයා කියලා තියෙන්නේ ප්‍රතිඵලය ගැන නොහිතා කරන හොඳ වැඩේ කරන්නයි. ඒ
මිනිස්සු මෙතන දවස් දාහතරක් රාජකාරිය කරන එකම මදැයි. අග්ගලා දෙන්නේ එයාලව අගය
කරන්න මිසක්, පගාවක් විදිහට නෙවෙයි.”
“අනෙ අනේඃ! නිමල් දිසානායකගේ අපි නොදන්න මායම්....”
නාවික හමුදාවේ පිරිසටත් අග්ගලා පිරිනැමීමෙන් වුණේ
‘අග්ගලා මාමා’ නම තවත් ටිකක් තහවුරු වීමයි.
“මොනවද ලොකූ උයන්නේ?”
“බතුයි, පරිප්පු හරි අල හරියි උයමු. ප්‍රියන්තලා හදල දීපු බැදුම්, කරි ජාති එහෙම අද ඉවරයක්
කරන්න ඕනි. අච්චාරු එක විතරක් පස්සේ ගන්න තියා ගනිමු.”
“ඇයි නිමල් අයියේ, අපේ අලකොළ මාළුව...” තමිරත් මතක් කළේය.
“ඒකත් ගනිමු... තත්කාලි සලාදෙකුත් හදමු. බර
අඩු කර ගන්නත් ඕනිනේ. කෝ තක්කාලි ටික. තලා ගන්නේ නැතිව ගෙනාපු එකේ...”
මං එහෙම කිව්වත් ඒ වෙද්දී වැඩේ ‘වකූර්’ වෙලා
අහවරය.
තක්කාලි තියෙන බව නොතකා, ඒ ප්ලාස්ටික් බාල්දිය ඇතුළට තවත් බර පටෝලාය. තත්කාලී කිලෝ
දෙකෙන් එකක් විතරම අහක දාන්නට වුණේය.
අවංකවම කියතොත්, මේ ගමනේදී එකම එක වතාවක්-
මගේ සිරසට යක්ෂයා ආරූඪ වුණෙත් ඒ කුඩා කැබිලිත්ත දේවාල භූමියේදීය!
ගමනක්-
බිමනක් යද්දී ප්‍රායෝගික වෙන්නටත් ඕනෑය; කණ්ඩායමේ අනිත් උදවිය ගැනත් හිතන්නට ඕනෑය. |
“අනේ දිසානායක, කවුරුවත් මෙතන තියෙන දේවල් හොරකම් කරගෙන යන්න එන්නෑනෙ.”
“ඒ වුණාට අර ගස් උඩ ඉන්න එවුන්...”
එයින් එහාට යමක් කියා, එයාලව ඉස්සරහට
දැක්කීම මගේ සිරිත නොවේ. කට්ටියට උවමනා එක පොකුරට; එකටම ගිහිං වතුරට බහින්නටය.
ආතල් එක තියෙන්නේ එතකොට බව හැබෑය! ඒත් මට එහෙම බැරිය- ගමනක්- බිමනක් යද්දී ප්‍රායෝගික වෙන්නටත් ඕනෑය;
කණ්ඩායමේ අනිත් උදවිය ගැනත් හිතන්නට ඕනෑය.
උයලා ඉවර වෙන්නට ඔන්න-මෙන්න කියා තියෙද්දී
පස් දෙනෙක් නාන්නට ගියහ.
“ලොකූ, මාත් wash එකක් දාගන්න යන්නං, එහෙනං. සේරම wash කරලත් ඉවරයි.” මටත් වඩා දිය
කාවෙකු වෙන Sam අහයි. “ඔයාලා මෙතන ඉන්නවනේ අරගොල්ලෝ එනකල්...”
“ඔව්, ඔව් සෑම්. ඔයා යන්න.” මම කිව්වෙමි.
නමී නාන්නෙත් නැතිවම නින්දකය.
Sam සිත්සේ නාගෙන ආවාය. අර පස්දෙනා වගේ වගක්
නැතිව තවමත් වතුරේය. “ලොකූ, ඔයාලත් යන්න.”
ඒ වෙනකොටත් මගෙ රතු ඉර පනින්නට කිට්ටුය. “නමී... නමී... නැඟිටිනවා. නාගන්න
යන්නැද්ද?”
“මම නිඳා ගන්න කිට්ටුවයි නාගන්නේ, රෑ වුණාම. දාඩිය දානවා දැන්මම නෑවොත්!”
‘මං යන්නෑ...’ මගෙ මිමිණිල්ල කාටවත් ඇහෙන තරමේ එකක් නොවේ.
එතැන මැණික් ගඟේ ඉවුර එකම මඩ වගුරකි. එතනින්
වතුරට බහින එකත්- වතුරෙන් ගොඩ එන එකත් මං වහන්සේ වැනි ලෙඩ මරගාතයකට ලේසි නැත. ඒකට,
කවුරුන් හෝ හයි-හත්තිය ඇති කෙනෙකුගේ උදව් ගන්නම වෙනවාය. ‘මෙහෙම අයගෙන් උදව් ගන්න?
මේ මං...’
මා පුපුරණ තරමේ කේන්තියෙන් ඉන්නා බව සමන්ති
නොදනී. “යන්නකො ලොකා. I can...”
“මට ඕනි නං මම යන්නං.” ඒ tone එක නම් සමන්තිටත්, නමීටත් තේරුම් යන්නට ඇත! දැන්
දෙන්නාම සද්ද වහගෙනය.
කරුවල වැටෙන්නට ළං වෙද්දී අපේ පස්දෙනා
පොකුරට ගොඩ එති.
“දිසානායක තවම වාඩි වෙලා ඉන්නේ... නාගන්නෙ නැද්ද?”
“අපි නොනෑවට මොකද... ඔහෙලා නෑවම මදැයි...” මගේ කටෙන් පැන්නේ දෙන්නට හිතාගෙන හිටි
උත්තරයක් නොවේ. ඒ වචන පහ- හය ‘මුඛ බන්ධන මන්ත්‍රය’ක් වුණා වගෙය. කට්ටිය ඇඳුම් මාරු
කරන්නේ ගොළුවන් වගෙය.
අවුරුදු 35කටත් වඩා මගේ ඇවතුම්- පැවතුම් දැක
ඇති; ගතිගුණ දන්නා නෙවිල්ය, ප්‍රශ්නය නිරාකරණය කරන්නට පෙරමුණ ගත්තේ. ඒ තෙත ඇඳුම්
පිටින්මය.
මඩමේතොටට
අඳුරු වැටෙද්දී ඒ අටමඟලය... |
“ආ අග්ගලා මාමා නාන්න යන්නෙ දැන්ද...”
තරහක් හිතේ තියාගෙන හිටිල්ල මට නං ලේසි වැඩක් නොවේ. එහෙම තරහක් තියෙද්දී හිනා වෙන
එක ඊටත් වඩා අසීරුය. අරහෙම විමසූ නාවුක හමුදා සෙබලාට පිළිතුරු හිනාවක් පාද්දී, මගෙ
හිතේ තරහෙන් හොඳම චුට්ටකි ඉතිරිව තිබ්බේ. මට වතුරේ ඉන්නට වුණේත් චුට්ට වේලාවකි.
‘කිඹුලෙක්... කිඹුලෙක්...’ එක කටකින්
කියවුණු දෙයම තවත් කටවල්වලින් පුනරුච්ඡාරණය වෙයි.
“ඉක්මනට ගොඩට එන්නලු...” නෙවිලුත් මට කියයි.
නාවුක හමුදා භටයන් ඉවුරේ සිටින්නේ දියඹ දෙසට නෙත් දල්වා ගෙනයි.
බැතිමතුන්ට නාන්නට මැණික් ගඟේ ඉවුරට ආසන්නව ලණු ඇද කොටු කර තිබුණු කොටසේ නාමින්
සිටි හැමෝම ගොඩට දුවද්දී මට විතරක් ගඟේ ඉඳිත හැකිද? මාත් ගොඩට...
“නමී, රෑ වුණාම නං මචං. වතුරට බහින්න දෙන
එකක් නෑ, කොහෙත්ම. අරගොල්ලෝ කියනවා තව චුට්ටක් බැලුවට පස්සේ- ඉවුරට කිට්ටුවෙන්
ඉඳගෙන නාන්න දෙන්නං කියලා...”
සෙබළුන්ගෙන් එහෙමවත් අවසරයක් නොලැබුණා නං, එදා නමියාට නිඳා ගන්නට වෙන්නේ ‘හඩ්සන්’
කෙනෙකු වගෙය!
පාද යාත්‍රා ගමන යන පිරිසට එකිනෙකා හා අදහස්
හුවමාරුව පිණිස ‘fb group’ එකක් හදාගත් ගමන්ම මං ලිව්වේ ‘හැමෝම ටෝච් එකක් ලැහැස්ති
කර ගන්න.’ කියලායි.
අපේ ගෙදර තිබුණු විදුලි පන්දම බිම වැටිලා, ආබාධිතව හිටින බැවින්- ගමන යන කෙනෙකුට
කිව්වේ මටත් ටෝච් එකක් මිලදී ගෙනෙන ලෙසයි. උන්නැහේ වැඩි හොඳට විදුලි පන්දමක් නොව
‘ලයිට් පේළියක්ම ගෙනෙන්නටද?’ කියා ඇහුවේය; ගෙනාවේය; මඩමේතොටට අඳුරු වැටෙද්දී ඒ
අටමඟලය ඇටෙව්වේය. “එළිය හොඳයි නේද?” කියලාත් ඔජ වැඩුවේය.
විනාඩියක් ගියේ නැත. එළිය අතුරුදහන්ය.
දන්නවනෙ අපේ කට්ටියේ කටවල්. ‘මොකද මචං වුණේ? / test කරලා බලලා නෙවෙයිද ගත්තේ? /
ඩරාස් එකෙන් නේද මචං ගත්තයි කිව්වේ?’
අර අසරණයාට කෝචෝක් කරන්නට වගේ එතකොටම ආයෙත් එළිය විහිදූ ‘ආලෝක ප්‍රභවය’ නැවතත්
කළුවරටම ඉඩ දුන්නේය.
“අම්මට සිරි! ඒක නිවෙන පත්තුවෙන එකක්.”
කර බාගත් අර හාදයා කරුණු හොයන්නට ලයිට් එක ළඟට ගියා විතරකි; තත්ත්පර කිහිපෙකට
ආයෙමත් එළිය!
“නිකං එකක් නෙවෙයි මචං. ඒකෙ සෙන්සර් එකකුත් තියෙනවද කොහෙද. අඩෝ, උඹම ඕක ඉස්සරහින්
එහෙ-මෙහෙ යන job එක කරපං...”
ඕයි!
තව නැද්ද මේ වගේ බහුබූතයෝ... card කුට්ටමවත් අඳුරන්නේ නැති... |
දෙවෙනියා වුණෙත් උන්නැහේමය! ඒ මෙහෙමය.
“ගහමු නෙවිල් අයියේ ඕමි අතක්!”
“පසිඳු, ඔතන තියෙන මගෙ bag එකේ card pack එක තියෙනවා. කවුරු කවුරුද සෙල්ලම්
කරන්නේ?”
ඉදිරිපත් වුණේ තුන් දෙනෙකි. “දිසානායක, එනවකො හලෝ. හතර දෙනෙක් ඉන්නවා එතකොට.”
“මට බෑ තප්පලම් ගහගෙන වාඩි වෙන්න... අනෙක, මේ කළුවරේ... ගිනි ගොඩේ එළියෙන්?”
ඕමි ලෝලීන් තුන්දෙනා ඊළඟට හැරුණේ අර
‘අසරණයා’ දිහාවටයි. “උඹවත් වරෙන් මචං.”
“මම ඕමි සෙල්ලම් කරලා නෑ...”
“ඇයි බං, මළ ගෙදරක ගියාමවත්...”
“ඒකම තමයි. ඕක දැනගෙන හිටියම රෑ වෙනකල් මට සෙල්ලං කරන්න වෙනවනේ...”
“මේකව අදහන්න වටිනවනෙ මචං... අනේ දිසානායක, තමුසේ පොඩ්ඩක් මුගේ පිටිපස්සෙන් වාඩි
වෙලා කියනවකො සෙල්ලං කරන විදිහ.”
ඉස්කෝප්ප, කලාබර. හාරත, රුවිත වංශ හතරවත්
නොදන්නා ගොබිලෙකුටය- මට එදා උපදෙස් දෙන්නට වුණේ. ඒකත් වැඩි වෙලාවක් එන්නට කලින්
මටම එපා විණි. අර අසරණයා ඉස්කෝප්ප - කලාබර ලාංඡන දෙකවත් වෙන්කොට හඳුනා ගන්නට නොදන්නෙකි. (සමහරවිට එයාගේ අක්ෂි
දෝෂයක් තියෙනවද දන්නෙත් නෑ!)
“මට බෑ නෙවිල්!” මම පසෙකට වීමි.
“ඕයි! තව නැද්ද මේ වගේ බහුබූතයෝ... card කුට්ටමවත් අඳුරන්නේ නැති...”
මේ සිද්දිය ලිව්වේ කාටවත් ගරහන්නට නොවේ.
මගේ හැඟීම හැම කෙනෙකුම මෙවැනි විනෝද ක්‍රීඩාවක යෙදීම, පිහිනීම, තේ එකක් හදා ගැනීම,
බතක්- පරිප්පුවක් උයා ගැනීම වැනිදේ උගත යුතු බවයි. සමාජශීලී ජීවිතයකදී මෙවැනි දේ
අතිශයින් ප්‍රයෝජනවත් වෙයි.
“ඔය මදැයි
තමුසෙලා ඒ මනුස්සයව bite එකට ගත්තා. හොඳ හිතින් කාලා ඉන්නවලා. උදෙන්ම පිටත් වෙන්න
තියෙනවා. කඩල තම්බ ගන්නත් ඕනි. හතරහමාරටවත් නැඟිටින්න වෙයි- හයට කලින් පිටත් වෙන්න
නං...”
“මේ යකාගෙන්
අපිට බේරිල්ලක් ඇත්තෙම නැති හැටි. කාපං- නිදියපං- නැඟිටපං... #@$%x...”
“මේ! කන්න බැරි නං නිකං හිටපල්ලා. හොඳ හිතින් කියන්නේ. අන්තිමට කන අයට වළං- පිඟන්
සේරම හෝදලා තියන්න වෙයි! තමුසෙලා කීයට නිඳා ගත්තත් මට කමක් නෑ... උදේට තේ හදපු
ගමන් කූද්දනවා.”
ඒත් මට ඒ
කූද්දන රාජකාරිය කරන්නට නොලැබිණි. ප්‍රියන්ත තුනහමාර වෙද්දී වතුර රාස්පාන ළිපේ
තියලය. මං තේ හදද්දී අනෙක් අය ඇහැරලා ඉවරය. ඒ අනෙක් පාද යාත්‍රිකයන් හැමෝම වාගේ
අවදිවී සද්ද-බද්ද කරමින් හිටි හින්දාය.
එසේම
වෙනදා අප තරණය කළ බොහෝමයක් මඩ වගුරු මේ වතාවේ වියළී තිබ්බේය; පැළි-වළන්
පැළී තිබ්බේය. ඒ නිසා අපේ ගමන ටිකාක් හරි... |
“අරයා කැලේට ගියේ කෝප්ප දෙකක් අරං...” ඔත්තුවක් ලැබෙයි. වැඩියෙන් තේ- කෝපි බොන
උන්නැහේ තේ බොමින්ය, වන තරණය අරඹා තිබ්බේ.
උන්නැහේ
ආපහු ආවාම ආයෙමත් කෝප්ප දහය සම්පූර්ණ වුණේය. ඒත් අපේ Sam ගමනාන්තය තෙක්ම, ඒ කෝප්ප
දෙක වෙනම සිලි බෑගයක හිරකොට තිබ්බා මිස, ඒවා පාවිච්චියට ගන්නට ඉඩ දුන්නේ නැත. (අරුන්නැහේ
කැලෑ වැදුණේ වතුර බාල්දියකුත් අරගෙන බව සමන්ති නංගී විශ්වාස නොකළා වගෙය!)
ගිය වතාවේ
මෙන් නොව, මේ වතාවේ යාල block 2 ඉසව්වේ වතුර ටැංකි තබා- වතුරත් පුරවා තිබිණි.
හැබැයි, මගේ හැඟීම නං ඒ ටැංකි තියලා තිබ්බේ වෙනදාට වඩා දුර- පරතර වැඩිව; සංඛ්‍යාවෙන්
අඩුව බවයි.
එසේම වෙනදා අප තරණය කළ බොහෝමයක් මඩ වගුරු මේ වතාවේ වියළී තිබ්බේය; පැළි-වළන් පැළී
තිබ්බේය. ඒ නිසා අපේ ගමන ටිකාක් හරි කෙටිත් වුණේය.
“ඉක්මන්
කරලා යං... අව්ව සැර වෙන්න කලින්. ළිං තුනට යන්න එපැයි.”
“තව මොනවා සැර වෙන්ඩද? කලින් හතර වතාවටම වැඩිය රස්නේ වැඩියිනෙ.”
“වෙනදට මෙච්චර රස්නේ නැද්ද ලොකූ?”
“ඔව් සෑම්. මේ මාස දෙක තුනේ රටේම heat එක වැඩියි වගේ.”
“... අනෙක තමයි මේ ගමනේ අමාරුම හරියවල්වලින් ටිකක් තමයි අපි මේ යන්නෙ.”
“ඒ කිව්වේ
ලොකූ?”
“මේ හරියේ
පාරට හෙවණ දෙන ගස් අඩුයි. වැඩියෙන් තියෙන්නේ පඳුරු. ඒ වගේමයි මේ හරියේ පාරේ වැලි
තට්ටුව ඝනයි.”
“Yes, කකුලක් තියලා කකුලක් උස්සන්න අමාරුයි. එතකොට මගෙ shoes රත් වෙලා, heat එක සපත්තු
අස්සට දැනෙනවත් එක්ක.”
එවැනි
ඉසව්වකි, දහයමාර- එකොළහ විතර වෙද්දී අප පසු කරමින් හිටියේ. අපය කිව්වේ තමිරත්,
අයස්මන්තත් මාත්ය.
“දැන් නං බඩගිනියි.”
“ඉස්සර වෙලා ගිය කට්ටියට බඩගිනි නැද්ද දන්නෑ. කඩල බාල්දියයි පිඟනුයි එයාලා ළඟ.”
“අපරාදේ, කට්ටිය දෙකට කැඩුණේ... මෙහෙම වෙලාවට තමයි ඒකෙ අවාසිය තේරෙන්නෙ!”
අපේ ඒ
හිතුවිල්ල එයාලට දැනිලා වගෙය.
“ඔන්න ඔහෙලා කට්ටිය එනකල් අපි නැවතිලා; තේ හදන්න වතුරත් උණු වෙන්න තිබ්බා. කඩල කන්නත් මෙතන හොඳයි
නේද?”
“අපි හිතනකොටම ප්‍රියන්තට තේරෙනවනේ... කමු, කමු.”
රිෆ්‍රෙෂ්
වුණාට කමක් නෑ ළිං තුනටම ගියාට පස්සේ... |
“පොඩ්ඩක් හිටපං බං. නිමල් අයියට හපන්නෙ එයාගේ නංගී... අපි තවම කෑවෙත් නෑ. මෙයා තේ
හදන්න ලෑස්තිය.”
“කාල නෙවෙයි පීරා, මෙයාට කොටලා ගිල්ලවන්නයි වෙන්නේ. බලපං, කඩල බාල්දියෙනුත් බාගයයි
ඉවර- ඔක්කොටම බෙදලත්.”
“ඔයාලා කන
තරමක් කාලා ඉන්නවකො, ඉස්සෙල්ලම. පේන බලන්නේ.”
“මෙයා නං කියයි. උස්සගෙන එන්නෙ අපිනෙ මචං. මෙයා කාට කාට හරි බෙදල ඉවර කරයි, අපි
කොඳු කඩාගෙන උස්සගෙන ආවට පස්සේ.”
මේ වතාවෙත් ‘මගේ කෑම-බීම ගණන් හැදීම්’ එච්චරටම හොඳ නැති විත්තිය ඒ වෙද්දීත් මටම
වැටහී ඉවරය. ඒත් ඒ විත්තිය දැන්මම කිව යුතු නැත. ‘තව දවස් කිහිපයක් තියෙනවා නෙව.
අන්තිමටම කියනවා.’
ප්‍රියන්ත
කඩල බාල්දියත් අරගෙන පාර අයිනේ හිට ගත්තේය. දෝත පාන්නවුන්ට කඩල හැන්දක් බැගින්
බෙදන්නට පටන් ගත්තේය. විනාඩි කිහිපයකින් බාල්දිය හිස්ය.
“කොච්චර
පිනක්ද හලෝ අපි කර ගන්නේ... බලනවා, අර මිනිස්සු කඩල කකා පිං දිදී යන ලස්සන.
ඒක නෙවෙයි ප්‍රියන්ත- ඔයා දන්නවද, මේ දවස්වල දවසක් ඇර දවසක් මේ මිස්ටර් නෙවිල්
අනුරසිරි මාව කොට්ටාවට එක්ක ගිහිං ආපහු ගෙදරටත් ඇරලනවා. අපේ අම්මව බලන්න.”
“හැබෑද නෙවිල් අයියේ?” ප්‍රියන්ත අහන්නෙත් හංගාගත්තු හිනාව එළියට නොදෙමිනි.
“අනේද
කියන්නේ ප්‍රියන්ත. මේ දවස්වල නං මට මෙයාලගේ අම්මව විතරක් නෙවෙයි; අපේ මැරිච්ච
අම්මවත් මතක් වෙනවා. එයාටනේ ඕනි වුණේ මෙයාලගේ මානෙල් නංගිලගෙ ගෙදර කිට්ටුවෙන්
පදිංචි වෙන්න. ඒ දවස්වල මට තේරුණේ නැහැනේ මං හූනියමක් කර ගන්න යන බව. දැන් මම ඒකට
වන්දි ගෙවනව... මේ බහුබූතයව අඳුනා ගත්ත දවසේ ඉඳලම එහෙමයි.”
මට හිතෙන්නේ
අපේ කට්ටියේ ඔහොම දබර, වාද-විවාද ආදියෙන් අප යහමින් refresh වෙනවා විය යුතුය.
“මේ... රිෆ්‍රෙෂ්
වුණාට කමක් නෑ ළිං තුනටම ගියාට පස්සේ. යමු නේද?”
“ඔව්වොව්. යමු. මමයි නිමල් අයියයි පහුවෙලා එන්නං. ඔයාල යමු.”
“මමත් හෙමිහිට යන්න ඉන්නං!”
“නෑ නෑ නමී. ඔයත් යන්න. ඔයාගේ කකුලුත් තුවාල වෙලා තියෙන එකේ...” නමීගේ පිටි පතුල්
දෙක එතකොටත් ප්ලාස්ටර්වලින් වැහිලාය.
“ගිය සැරේ
අපි නැවතුණු වැලි තලාවේ තැනම අල්ල ගත්තැකි වෙයි, ඉක්මනට ළිං තුනට ගියොත්.”
අන්තිමටම බලද්දී ආයෙමත් අපි තිදෙනා එක නඩයක් වෙලාය. ටික වෙලාවකට පස්සේ අපි තුන්
දෙනාත් දෙකට බෙදෙන තැනට වැඩ සිද්ද වුණේය. අපට ඉදිරියෙන් ගිය පස් දෙනාත් ඒ වෙද්දී
නඩ තුනකට බෙදී හිටි විත්තිය අප දැනගත්තේ පස්සෙන් පහුය...
ටක්කෙටම
කියනවා නං අප අටදෙනා නඩ පහකට බෙදුණා නොවේ, බෙදෙන තැනට වැඩ සිදු වෙලාය... ඒ පොත්තන
කලපුව අසලදීය.
මේ වතාවේ අර දෙමළ බැතිමතියකට අලියා ගැහුවෙත් එහිදීය!
à ඊළඟ කොටසට...
අපරාදේ තත්කාලි, මේක පාද ට වඩා කන චාරිකාව කිව්වනම් හරි. පිස්සු හැදෙනවා නිදි ගේ කෑම වට්ටෝරුවට, අතීතයේ කැලේ ලී ඉරන වාඩියක කාපු ඒවා මතක් උනා.
ReplyDeleteමම විජේබාහු
ඔව් වාඩි කෑම කොහොමත් රහයි. පිරිමි උයන නිසාද, ඉන්න පරිසරය නිසාද මන්දා?
Deleteහැබෑ නෙවෙන්නන් ප්‍රසෝ. සෝස් ගන කල්පනාව ඔලුවට ආවේ නැහැනේ බොලේ!
Deleteබස්සෝ, ඔහෙත් දන්නවා නෙව ඕනිම රස්සාවක හොඳම විශේෂඥයන් පිරිමි බව...
අද කොටසේ මට නං කියන්න කිසිම වැරැද්දක් නෑ. එක හුස්මට කියවලා ඉවර කලා. මම කොහොමත් කෑම ගැන ලියනවට කැමතියි.
ReplyDeleteඅනේ, අපොයි අහිම්සක අටවන-මාටියා. 😂
අර උගතමනා ශිල්ප ගැන ලියල තියන දේ ගැන එකඟයි. මේක කියවද්දි හිතුනා, ගමන සමීප මිතුරන් අතර නොව, FB වන්දනා නඩයක් සමඟ ගිය ගමනක්ද කියන එක. 🤔
fb වන්දනා නඩයක් එක්කත් ගමනක් ගියා නෙව- රෝද දෙකේ රස්තියාදුවෝ එක්ක කල්පිටියට, මද්දාගේ ආරාධනාවෙන්. ඒ කට්ටිය නං හරිම එකමුතුයි, වාද විවාද නෑ...
Deleteඒකට අපි! පොඩ්ඩ මිස් වෙන්න බෑ, බුරා ගන්නවා. හැබැයි හපා ගන්නේ නැ.
තැලිච්ච තක්කාලි වලින් සෝස් එකක් හදන්න තිබ්බෙ.
ReplyDeleteනමිය.... ඕකා නාන එකෙක්යැ.
එහෙම කියන්න එපා මහත්තයෝ, එයා ඉඳල හිටලා නාන නෑවිල්ල හත්මුතු පරම්පරාවකට ඇති. (සභාවේ සිනා!)
Deleteනිදී මම තාම ලංකාවේ ලබන සෙනසුරාදා රෑ ෆ්ලයිට් එක, පොඩි දෙයක් දැනගන්න ඕනේ මහරගම දී පො ලිසියෙන් නිලධාරීන් මගින් මාර්ගයේදී බලපත්‍ර පරික්ෂා කරන අතරවාරයේ මාගෙ ගමනාන්තය හෝ කුමක් සඳහා යන්නේද යන්න ඔහුට/ඇයට ප්‍රශ්න කිරීමට හැකිද? එසේ ඇසූ විට අප අනිවාර්යයෙන්ම උත්තර දෙන්න ඕන ද? වැරදි උත්තර දුන්නොත් ප්‍රස්නයක් වෙනවාද? මේ ගැන උපදෙස් දෙන්න පුලුවන්ද?
ReplyDeleteමම දන්නා විධිහට සාධාරණ සැකයක් තියනවා නම් පුළුවන්. හැබැයි ඔයා නඩු දැම්මොත් "සාධාරණ සැකේ ආවේ කොහොමද " කියල ඔප්පු කරන්න ඕනේ. ගොඩක් අය ඕක කියල දානව
Deleteමගේ නොදන්නාකම නොකියන්න අවස්ථාවක් උදා කර දීම වෙනුවෙන් අජිත් මැතිඳුන්ට බෙහෙවින්ම ස්තුතියි.
Deleteපාද ගමන, කෑම ඉව්වෙ නිදියාය
ReplyDeleteනාන් නැතුව බුදියෑවේ නමියාය
කිලෝ එකක තක්කලි උන් තැලුවාය
අග්ගල කං නේවි පුතා කිව්වාය
ගමන ගියේ නමිය අපේ හොඳය හිතින්
Deleteඉල්ලන් කන්නේ නිදි මාමා ගෙන්ය ඉතින්
'ඉල්ලං' කණින්නේ මිණි කැට හොයනකොටයි
Deleteසමහරු නාන්නෙත් නැකතක් හොයාගෙනයි
නේවි පුතාලට සම්බුදු හිමි සරණයි
ඒ පිහිටෙන් නමියා නාගත්තු වගයි!
ඇත්ත නැත්ත නං දන්නේ නැහැ ඕවා
Deleteලිඳ ලඟ සංගමය ගෙනා බඩු මේවා
නිදිමතේම මැණික් ගඟට පත බෑවා
කිඹුල් මල්ලි, නමි කොලුගෙ පුප හැපුවා
බොලේ හැබෑමද බස්සෝ ඔය කීවා
Deleteමොකක් හරි වෙලා කියලා මං හිතුවා
පහු පහු වෙවී නමියා කොට කොට ආවා
කිඹුලගෙ දත් කැඩෙන්නැති සැකයක් නැතුවා!
එදා හිටන්දෝ නමියා විරවන්නේ
Deleteමම නං නෑ උන්දැට දොස් පවරන්නේ
කල්ලත් ලෑ, බොල්ලත් ලෑ කියමින්නේ
ආබාධිත කිඹුලෙක් ගඟ දිග යන්නේ
ඒක මරු බකුස්
Deleteඅපි එහෙත් දාමු කවි මඩුවක්. 😊
Deleteකොහොමට හිටියිද කියලා මැවිලා පෙනෙනවා- බ්ලොග් ලියන අයගේ හිටිවන කවි මඩුවක් තිබ්බොත්.
Deleteබොලාල ඉන්දියන් ක්‍රමයට නේ වැසිකිලි යන්නේ. 😀 හපොයි. මැණික් ගඟේ නාන එකත් මට නම් කරන්න බැරි වැඩක්. ගිය වෙලාවක කකුල දාල බැලුව. ඒකෙ වැඩි වතුරක් තිබ්බේ නැහැ. වතුර තනිකර සෙවල වගේ දියාරු කැඳක් වගේ. පස්සේ මට තේරුනා වතුර ජරා වෙලා කියල, කුණු දාල , නාල , අපද්‍රව්‍ය එකතු කරලා. ලෙඩ හැදෙන්නේ නැති එකනම් පුදුමයි. .
ReplyDeleteඔය අත්දැකීම මටත් තියෙනවා. හැබැයි අජිත්, යාල හරියේදී මැණික් ගඟ පිරිසිදුයි.
Deleteබස්සා මහත්තයත් පොස්ට් එකක් දාල තිබ්බ නෙව 'AliExpress, Temu සහ අටවන මාටින්ලා' කියලා. ගැජට් බැජට් ගැන.
ReplyDeleteමමත් ඒකට කමෙන්ට් එකක් දැම්මේමා පෝස්ටුවේ කියාපු light පොල්ල ගැනත් කියලා. වෙච්චි සංගදිය ගැන විස්තර සහසුද්දෙන්ම තියෙනවා එතන- නමී උන්නැහෙත් පැහැදිලි කරලා තියෙන නිසා.
ඇහැකි නං ගොහින් බලන්ට:
https://frozenlazyowl.blogspot.com/2023/07/aliexpress-temu.html#comment-form
කුඩා කැබිලිත්තට තුන් පාරක් විතර ගිහිල්ලා තියනව, කුමන පාලු ගමට ගියවෙලාවලදි. අපි දෙතුන්දෙනාහැර කිසිම කෙනෙක් හිටියෙ නෑ එක දවසකවත්. (ඒ හේතුව නිසාම තමයි මම එතනට ආස. හරිම නිස්කලංකයි ). වැටිල තිබුන ලොකු ගහ තාම තියනවද අයින් කරලද?
ReplyDeletePra Jay මහත්තයෝ, ඇහැකි නං මම කියනවට ඇදකුඹුක හරි කොස්ගස්මංකඩ හරි කෑම්පින් කරලා බලන්න.
Deleteඅච්චර දැවැන්ත ගහ ගැන නිච්චියක් නැති හැටි. ගිය වතාවේ නං තිබ්බා. මේ සැරෙත් තිබුන වගෙයි මතක.
කෑම්ප් කරන්න අකමැත්තක් නෑ. හොඳින් දන්න අය හතර පස් දෙනෙක් එක්ක.
Deleteඒ ගහ කුට්ටිකරල තිබුනෙ අන්තිම පාර යනකොට. එතන ඉඩ හැදෙන්න වෙන්න ඇති.
මට තජිකයේ වැඩ සටහනකට අගඟුණකොල පැලැස්ස පුහුණු මධ්‍යස්ජථානයට යනකොට රෝස්පාන් කන්න හදාගත්ත තක්කාලි සම්බෝලෙ මතක්වුණේ ඉබේටම!
ReplyDeleteඉමිහිරි මතක!
Delete