li Item

Sunday, December 27, 2020

යුවති කිරිල්ලී - නවවෙනි කොටස

ඒවා එතකොට බලා ගනිමුකෝ.... මං ඉපදුණේ උඹට ඉස්සෙල්ලනේ නංගියේ....

ඒවා එතකොට බලා ගනිමුකෝ.... මං ඉපදුණේ උඹට ඉස්සෙල්ලනේ නංගියේ.... ඉතිං උඹට බෑ මං කරන්ඩ ඕනි එව්වා කියා දෙන්න.... මෙතැන පැහෙන්ඩ හදනවා....වික්‍රම සොහොයුරියව හොඳ හැටි මැඬෙව්වේය..... 

8

පුතුගේ හදිසි එංගලන්ත ගමන කුමාරිහාමි බෙහෙවින් කම්පාවට පත් කළ එකක් වූයේය. නිතරම කල්පනාවට වැටී සිටි ඇය කඳුළු පිරි දෙනෙතින් යුතුව ඔහේ බලා සිටින්නටද පුරුදු වූවාය. දන්තුරේ බණ්ඩාර අප්පෝ මේ තත්ත්වය ඉවසා සිටියේ අපහසුවෙනි.

“මැණිකේ.... මේ වෙලාවේ සන්තෝස වෙන්ඩයි ඕනේ...ළමයි ලොකු මහත් වෙලා අපෙන් ඈත්වෙන එක තමයි සොබාවේ. උන්ට හැමදාම අපි ගාවම ඉන්ඩ පුළුවන....? අනික පුතා ගියේ මහ කාලෙකටය. ඉගෙනගැනිල්ල හමාර වෙච්චි ගමන්ම ආයෙ එනවනේ...”

දන්තුරේ බණ්ඩාර කෙසේ කියුවද කුමාරිහාමිට ළඟ එන විපතක ඉව දැනී තිබුණා මෙනි. “මට තේරෙනවා.... ඒ වුණාට දෙයියනේ මගෙ හිත වාවන්නෙ නෑ. මට තේරෙනවා, මොකක්දෝ විපත්තියක් නං අත ළඟම වග!”

ආයෙ මං නරක මිනිහයි කියන්ඩ එපා!...(ස්තුතියි උදේනි! foto එක ගත්තාට, තවම ඔයාගේ කොටස් ලිව්වේ නෑ....)

“ඔය විදිහට තිස්සෙම හූල්ල-හූල්ලා ඉන්ඩයි, කඳුළු වක් කරන්ඩයි ගත්තොත් ආයෙ මං නරක මිනිහයි කියන්ඩ එපා!... මම ලියුමක් යවනවා ඔක්කොම අල්ලා දාලා අම්මගෙ තුරුල්ලට වරෙන් පුතේ කියලා.... තේරුණාද?”

සැමියා කීවේ විහිළුවට නොවන වග කුමාරිහාමි දනියි. පුතුගේ අධ්‍යාපනයද එයින් කඩාකප්පල්වී යා හැකිය. ඇය අමාරුවෙන් ඉවසා සිටින්නට වූවාය. වාවාගත නොහැකිම තැන ඇය හඬා වැටුණේද රහසිනි; ඒද අප්පො වලව්වේ නැති වෙලාවකය.

********

“තවම ඔය වන කෙටිලා නැද්ද මයෙ දුවේ?”

මාලතී මෝල් ගහ ඉවතට ගෙන වංගෙඩියේ වූ මඩු පිටි ටිකක් අතට ගෙන බැලුවාය. “කෝ.... දීපං දුවේ. ඔය ටික හලලා ඉමු....” සිසිලියානා හැන්දකින් වංගෙඩියේ වූ පිටි පෙනේරයට දමන්නට වූවාය.

“අම්මටත් ඉතිං පුතා, පුතා, පුතාම විතරයි!”

“මොකද බං නහයෙන් අඬන්නේ?”

මොකද අහන්නේ.... අයියට විතරයි අම්මලත් ආදරේ....

“මොකද අහන්නේ.... අයියට විතරයි අම්මලත් ආදරේ.... අපේ පණ යනවා...” මාලතීගේ ආඩපාලි සිසිලියානා ගණනකටවත් ගත්තේ නැත.

“මට අයියත් එකයි, උඹත් එකයි.... ඇයි බං දුවේ, අයියා දැන් හෙටානිද්දා ගියාම ආයෙ කවදා එන්ඩ වෙයිද දන්නවයැ?”

“මොකද, අම්මලාද මට නිවාඩු දෙන්න හදන්නේ? පිස්සුද මන්දා....” කමිසයක් ඇඳ ගනිමින් වික්‍රම දුම්ගෙට ඇතුළු වූයේය.

“මොකද මෙයා බුම්මාගෙන?”

“නංගී කියනවා මං උඹට විතරයිලු සලකන්නේ.... ආවදා ඉඳලම අරව-මේව හදල දෙනවලු උඹටය කියලා...”

“ඊරිසියාකාරි!” වික්‍රම තරහෙන් මෙන් කියා සොහොයුරියට ටොක්කක් ඇන්නේය. “මෝඩි! අපි ඔක්කොම ආදරේ උඹටනේ.... මොකෝ ම‍ටත් වෙන අයියල අක්කල ඉන්නවය? ඒ ඔක්කොටම හරියන්න මට ඉන්නෙ උඹ විතරයිනෙ...”

“චාටු කතා!” මාලතී තරහෙන් මෙන් හිස ගස්සා පසෙකට හැරුණාය.

“අපෙ අම්මා දන්නවද මේකි මේ පුම්බාගෙන ඉන්නෙ මොකද කියලා.....” වික්‍රම මව දෙස බලමින් ඉඟි මැරුවේය. සිසිලියානා පුතුගේ හැටි දන්නී, ඔහු උසි ගැන්වූවාය.

...ඉක්මනටම මෙයාට මනමාලයෙක් හොයන්න ඕනිය කියලා... මේකිට දැන් තරහයි.....

“මොකද පුතේ?”

“මං එදා කිව්වනේ ඉක්මනටම මෙයාට මනමාලයෙක් හොයන්න ඕනිය කියලා... මේකිට දැන් තරහයි මං තාම ඒක කළේ නැහැයි කියලා.....”

“බලන්නකෝ අපෙ අම්මා.....!” හඬා වැටුණු මාලතී ගෙට දිව්වාය.

“ඒකිට ලජ්ජා හිතුණා මයෙ පුතේ... පව් අහිංසකී!”

දින කිහිපයකින්ම ධනුෂ්ක දිය ඇල්ලට නොපැමිණි බැවින් මාලතී දවස ගෙවූයේ ශෝකයෙන් දැවෙමිනි. මෙවැනි අවස්ථාවන් ඉවහල් කොටගෙන සොහොයුරාටත්, මවටත් ඇගේ ළතැවිල්ල වසං කිරීමට මාලතී පුරුදු වී ඇති බව ඔවුහු නොදනිති. “මං යනවා අම්මේ, චන්ද්‍රලගෙ ගෙදරට ගිහින් එන්න.... දවල්ටත් එහෙ කෑම හදනවය කිව්වා....!”

“ඇයි මයෙ පුතේ... අපිත් මේ මඩු පිට්ටු ටිකක් හදන්ඩ ගත්තේ පුතාටමය කියලා...”

“රෑට කන්නං අම්මා. හෙට පාන්දරින් ආයෙ යන්නත් එපැයි.”

වික්‍රම නික්ම යමින්; ඇඳ මත වූ කොට්ටයක් ගෙන, වැතිරී සිටි මාලතීට දමා ගැසුවේය. ඇය හිස ඔසොවා බැලුවේවත්, ඔහු සමඟ දබරයට ගියේවත් නැත.

********

“ඇයි චන්ද්‍රක්කේ.... අප්පො එහෙම කළේ....?”

පව් අසරණී! දුක ඇති....
වාවාගත නොහැකි සොවින් වැලපෙන මාලතී චන්ද්‍රාගේ උකුලෙහි මුහුණ හොවා ගත්තාය. “පව් අසරණී! දුක ඇති....” චන්ද්‍රා කිසිත් කියුවේ නැත.

ධනුෂ්ක නැවතත් එංගලන්තයට ගිය බව ගම්මුන් දැනගත්තේ සතියකටත් වඩා ගත වී ගිය පසුවය. එහෙත් ඔහු හදිසියේම ඔහු එසේ ගියේ මන්දැයි කිසිවෙක් නොදත්හ.

“යේක පුංචි අප්පොට ලියුමක් තමා ආවා... ඉත්තිං අදිසියේම තමා ගියා අප්පා....” රාමන් කියා තිබුණු බව පසුව ආරංචි වුණේය.

“අප්පො මගෙන් අවසර ගන්ඩ ඕනෙ නෑ.... ඒත් මේ දුප්පත් එකීටත් කියල යන්ඩ ධනුෂ්ක අප්පොට යුතුකමක් තිබුණා නේද අක්කේ? මේ පපු කැනත්ත ඇතුළේ අප්පොට කොයි තරං සෙනෙහසක් නං තියෙනවද කියල අප්පො දන්නෑ අක්කා....”

මාලතී දිගටම කියවූවාය.

“නංගියෙ.... සල්ලිකාර හුඟාක් අයට ආදරේය කියල දෙයක් නෑ බං... ආසාවක් මිසක්. විසේසෙන්ම පිරිමින්ට... ගෑනු අපි තමා ආදරේ මත්තේ නැහෙන්නේ... අපි ඕක මහා මේරුවක් තරමට ගණන් ගත්තට, හුඟක් පිරිමින්ට ආදරේය කියන්නෙ සෙල්ලමක්...”

සිතිවිල්ලේ සිටි චන්ද්‍රා නැවතත් කතා කළේ හීන් හඬකිනි. “කවුද දන්නේ, අප්පොත් මහ එකා වගේමද කියලා....”

රොෂාන් කැමතියි ධනුෂ්කගේ role එක කරන්න.... විල්මට්ගේ චරිතෙට බුද්ධි වික්‍රමව ගන්න....

“අනේ චන්ද්‍රක්කේ... අප්පොට එහෙම කියන්ඩ පව් අක්කේ...”

“එතකොට ධනුෂ්කටත් එක්කෙනෙක් තෝරාගෙන ඉවරයිද?” මම සෝමපාල ලැනරෝල් මහතාගෙන් ඇසුවෙමි. මාලතී මෙසේ විය යුතු යැයි මගේ හිතේ රුවක් ඇඳී තිබුණේ නැත. සමන්ති ලැනරෝල් සිසිලියානාගේ චරිතයට එතරම් ගැලපේ යැයි මට සිතුණේ නැති බව එදා නොකීවත් දැන් කිව යුතුය.

“මිස්ටර් නිමල් රොෂාන් පිලපිටියගේ ටෙලීස් දැකල ඇතිනේ.... රොෂාන් කැමතියි ධනුෂ්කගේ role එක කරන්න. අපි තවම හිතේ තියාගෙන ඉන්නේ තව එක නළුවෙක්ව විතරයි... ඒ විල්මට්ගේ චරිතෙට බුද්ධි වික්‍රමව ගන්න.... කොහොමද? ඔයා මොනවද හිතන්නේ අපේ නළු-නිළි තේරීම ගැන......”

“අනේ මිස්ටර් ලැනරෝල්, පොත ලියලා ඉවර වුණාම මගේ part එක ඉවරයි. මම මට ඕනි හැටියට පොත ලිව්වා. ඒක ටෙලියකට හරි film එකකට හරි කෙරෙනවා නං, මම ඒකට ඇඟිලි ගහන්න කැමති නෑ. පොත මගේ වුණත් කියවන හැම කෙනාටම එකම විදිහට නෙවෙයිනේ, කියවද්දී චිත්ත රූප මැවෙන්නේ. එක-එක චරිත වුණත්...! මට තියෙන ප්‍රශ්නේ එක නෙවෙයි...” මම ඇත්තම කීවෙමි. සෝමපාල ලැනරෝල් මහත්තයා කලබල වුණේ එතකොටය.

“ඇයි, මිස්ටර් නිමල් කැමති නැද්ද පොත අපට දෙන්න...”

අද කාලේ කෙරෙන ලජ්ජා නැති වැඩවල හැටියට.... (අද විතරක් නොවේ, හැමදාමත් මෙහෙමය!)

“නෑ නෑ, එහෙම කැමති-අකමැති ප්‍රශ්නයක් නෙවෙයි. අද කාලේ කෙරෙන ලජ්ජා නැති වැඩවල හැටියට මට හරි පුදුමයි, ඔබතුමා මෙහෙම මාව හොයාගෙනම ආවට.... වෙන කෙනෙක් නං සද්ද නැතිව මගේ කතාව කොපි කරලා.... පොඩ්ඩක් වෙනස් කරලා ටෙලිය කරනවානේ.... අවසර ගන්න රස්තියාදු වෙන්නෙත් නෑ- වියදම් කරන්නෙත් නෑ!”

ඇත්තෙන්ම ලැනරෝල් මහතා ගැන මම ඒ වනවිටත් බෙහෙවින් impressවී උන්නෙමි; පැහැදී උන්නෙමි.

“එහෙම අයත් field එකේ ඇති... මම නම් එහෙම වංචා සහගත දේවල් කරන්න කැමති නෑ. එහෙම හොරු නිසා තමයි අවංකවම කලාව කරන මිනිස්සුන්ටත් පිළිගැනීමක් නැතිවෙලා තියෙන්නේ.... ඔයාත් කරලා තියෙන්නේ නිර්මාණයක්.... ඒක වෙනත් නිර්මාණයක් විදිහට කරනවා නම් ඔබතුමාටත් නිසි ගෞරවය දීලා- අවසරය අරගෙන- ගෙවීමකුත් කරලා තමයි කරන්න ඕනේ.” ලැනරෝල් මහතා සුසුමක් පා කළේය. “ඉතිං මිස්ටර් නිමල් අපට පොත පවරන්න කැමතියි නං මම අපේ producer මහත්තයාවත් එක්කගෙන එන්නම් ඔයාව හමුවෙන්න....එතකොට ඔබතුමාම ගණන් හිලව් එහෙම කතා කරගෙන....”

යුවති කිරිල්ලී පොත ටෙලියකට නඟද්දී එහි නිෂ්පාදකවරයා වෙන්නට කැමැත්තෙන් සිටි ව්‍යාපාරික මහතා සමඟින් සාකච්ඡාවකට මේ ලියන්නාට මඟ පෑදුණේ එහෙමය.

මගේ පසුබිම් කතාවෙන් අදට කියන්නේ එච්චරය. නැවතත්....

ඔන්න, මගේ පසුබිම් කතාවෙන් අදට කියන්නේ එච්චරය. නැවතත් පොතේ කතාවට යන්නෙමි.

“ඔය බලපං ඉතිං... උඹේ තියෙන ආදරේ තරමටම ධනුෂ්ක අප්පොත් උඹට ආදරෙයි නං...”

මාලතීට ඉතිරිය ඇසුණේ නැත. ඈ වෙවුලා ගියාය. “ධනුෂ්ක අප්පො මෙච්චර කාලෙකට මට ආදරේය කියලා නෑ. කවදාවත්... කවදාවත්ම මට කියල නෑ අප්පොත් මට ආදරේ කරනවය කියලා... මමයි අප්පොට ආදරෙයි කියල කිව්වේ......” සිතුණු දේවල් චන්ද්‍රක්කාට කීමෙහි තේරුමක් නැත.

මේ තත්ත්වය ඇයට වටහා ගැනීමට අසීරු එකක් බව මාලතීට සහතිකය.

ආදරයත්, එහි සුඛ-දුක්ඛ වේදනාවනුත් චන්ද්‍රාට නුහුරු දේවල් නොවේ. ඒවා කාටත් පොදුය..... චන්ද්‍රා ඒ බව දනියි. වෙනසකට ඇත්තේ ඇයගේ එවන් හැඟීම් ගැන මාලතීට පවසා නොතිබීම පමණි.

“මට තේරෙනවා නංගියෙ, උඹ අඩුම ගානේ මුල ඉඳලම දන්නවා උඹ දුවන්නෙ මිරිඟුවක් පස්සෙය කියලා. එහෙම දැන-දැනත් පස්සෙන් දුවලා උඹ අද අඬනවා.... පොඩ්ඩක් හිතපං මං ගැන.. උඹට වුණත් කවදාවත් හිතිලා තියෙනවද මං කොච්චර අඬන්ඩ ඕනෙද කියලා...”

යුවතියකගේ වේදනාවන් හමුවෙහි තවත් සෙනෙහැති යුවතියකගේ හදවත් අගාධය පත්ලේම නිදන්ව පැවති වේදනාවන් උතුරන්නට පටන් ගෙන තිබිණි. වියළී යන කඳුළැලින් යුතු මාලතී, කඳුළින් පෙඟී දිලිසෙන චන්ද්‍රාගේ දෑස් දෙස බලා සිටියාය.

“.... උපාධිකාරයෝ රස්සාවල් නැතිව වේළෙද්දී අපිට කොහෙද රස්සාවල් තියෙන්නෙ...?” හමුදා රැකියාවට ඉල්ලුම් පත් දැමූ දිනයේ...
“මං උඹලගේ අයියට ආදරේ කළේ ඉස්කෝලේ යන කාලේ ඉඳල... වික්‍රමත් එහෙමයි... දවසක් දෙකක් - මාසයක් දෙකක් නෙවෙයි, අවුරුදු අටක්... ඒ ලෙවල් පාස් කරගෙන කොහොම හරි රස්සාවක් හොයාගෙන එකතු වෙන්ඩයි අපි බලං හිටියේ... ඒත් මොකද වුණේ...?”

උසස් පෙළ සමත් වුවද රැකියාවක් ලබා ගැනීමට වික්‍රම සමත් වූයේ නැත. ‘තරුණ පරපුරට තැන දෙනවා’ යැයි දෙසන වැඩිමහල්ලන් වැජඹෙන රටක වික්‍රමලා දහස් ගණනක් අසහනයෙන් දැවී දිවි ගෙවති. ඔවුනගේ හෙට දවසද සිහිනයක්ම පමණක් නොවේද? වික්‍රම නිවසටම වී කාලය කා දැමූයේ කොතරම් අසීරුවෙන්දැයි මාලතීට මතකය.

“පුංචි කාලෙම තේ වත්තෙ වැඩට ගියා නං මීට හොඳයි.... උපාධිකාරයෝ රස්සාවල් නැතිව වේළෙද්දී අපිට කොහෙද රස්සාවල් තියෙන්නෙ...?” වික්‍රම තාත්තා සමඟින් වාද කළේ හමුදා රැකියාවට ඉල්ලුම් පත් දැමූ දිනයේය.

සියලු දෙනාම විරුද්ධ වුවද වික්‍රම ඒ ගැන තැකුවේ නැත. උගත්කම නැතත්, උස- මහත- නිරෝගී බව තිබුණු තරුණයෙකුට ලබා ගැනීමට පහසුම රැකියාව ඔහු තෝරා ගත්තේය.

අපි දෙන්නගේ ඔක්කොම බලාපොරොත්තු; හීන ගොඩනැඟිල තියෙන්නෙ බලාපොරොත්තු නැතිකම මත්තේ...

“අයියා හමුදාවට බැඳුණේ ආසාවෙන් නෙවෙයි. මාත් කැමති වුණේ නෑ. ඒත් මම එපා කිව්වෙත් නෑ... මම දන්නවා වික්‍රමට වෙනින් කරන්ඩ කිසිම දෙයක් තිබුණෙ නෑ. අපි දෙන්නගේ ඔක්කොම බලාපොරොත්තු; හීන ගොඩනැඟිල තියෙන්නෙ බලාපොරොත්තු නැතිකම මත්තේ...”

බොහෝ වෙලාවක් කතා කළේ චන්ද්‍රා පමණි. අසා සිටිනවා විනා කිවයුතු යමක් මාලතීට වැටහුණේ නැත.

“හඳහන් බැලුවට, වෙලාවල් බැලුවට, නැකත් හැදුවට කවුද දන්නේ හෙට මොනවා වෙයිද කියලා... හැමදාම පත්තරේ තියෙන්නේ, ටී.වී එකේ පෙන්නන්නේ හමුදාවල අය රට වෙනුවෙන් ජීවිතේ පූජා කරලා තියෙන හැටි! ඒත් වික්‍රමල වගේ අයම තමයි නංගියෙ.....”

මෙතෙක් වෙලා නොහඬා සිටි චන්ද්‍රා හඬා වැටුණාය.... දෙදෙනාම එක අයෙකු වෙනුවෙන් හඬා වැටෙති, එක යුවතියකු සොහොයුරා වෙනුවෙන් හඬද්දී, අනෙක් එකිය පෙම්වතා වෙනුවෙන් හඬන්නීය....

********
දැන් මාලතී දිය ඇල්ලට යන්නේ නොයා බැරි බැවිනි!

මතක තෝතැන්න පමණක් ඉතිරිව තිබියදී ඔහු සමු නොගෙනම පිටවී ගොසිනි!

නැවතත් වතාවක් දිය ඇල්ල අසලදී ධනුෂ්ක අප්පොව හමු වීම සිහිනයක් පමණෙකියි මාලතී දනියි. ඔහු වාඩි වී සිටි ගල් කුළ තවමත් එතැනමය. එහෙත් ඔහු නැත. ඔහුගේ සුවඳක් පවා ඉතිරි නොකොට, හදිසියේ පැමිණි ලෙසින් හදිසියේම ඔහු පිටවී ගොස් ඇත.

ඔවුන්ගේ මිහිරි මතකයන් සියල්ලේම කේන්ද්‍රස්ථානය තවමත් එසේමය. මතක තෝතැන්න පමණක් ඉතිරිව තිබියදී ඔහු සමු නොගෙනම පිටවී ගොසිනි; ඈතින් ඈතට ගොසිනි.

මානා පඳුරු යායම තම සුසුම්වලින් ලෙළවී යනු බලා සිටි මාලතීට හීල්ලුණි.

“මාලතී, ඔයා කවදා හරි දවසක මට සාප කරාවි!”

“නැහැ ධනුෂ්ක අප්පො! කවදාවත්ම නැහැ.... මං කවදාවත්ම අප්පොට සාප කරන්නෙ නෑ.... අප්පො මට කිසිම වැරද්දක් කරලා නැතිකොට...”

“මං ඔයාට මේ කරන වැරැද්දම ඇති කෙල්ලෙ...”

එවනි අවස්ථාවක හැමදාමත් ඔහු පුරුදු වී සිටියේ නිහඬ වීමටය; සුසුම් හෙළීමටය. ඔහු එතැනින් එහාට කිසිවක් කීවේ නැත. ධනුෂ්ක සඟවාගෙන සිටියේ කුමක්දැයි දැනගන්නට මඟක් මාලතීට තිබුණේ නැත.

දවසක හදිස්සියේම මට ඔයාව හම්බ වුණා. එදා නං....

“මං අප්පොව දකින්ඩ ආසයි. අප්පොත් එක්ක කතා කරන්ඩ ආසයි.ඒ හින්දයි මම හැමදාම මේ වෙලාවට දුවගෙන එන්නෙ.  පුළුවන් තාක් කල් මම ඒක කරනවා....” එදා දඟකාර එඩිතර බවකින් තමා කියූ හැටි ඇයට මතකය.

“දවසක හදිස්සියේම මට ඔයාව හම්බ වුණා. එදා නං මං හිතාගෙන ආවෙ නෑ ඔයාව හමුවෙන්න. ඒත් අපි හම්බ වුණා... ඊට පස්සේ මේ දිය ඇල්ල ළඟට ආව හැම වතාවෙම මං ආවේ ඔයාව හමුවෙන්න බලාගෙන.... ඒ වුණාට මාලතී මට හැමදාම මෙතැනට එන්න ලැබෙන්නෙ නෑ. මට එහෙම බැරි වෙන දවසකුත් ඒවි..... එදාට.... එදාට ... ඔයාට පුළුවන් නම් මාව බලන්න එන්න!”

ධනුෂ්කගේ මුහුණෙහි ඒ මොහොතේ රැඳී තිබුණු ගුප්ත ස්වභාවය මාලතීට කිසි විටෙකත් අමතක නොවන්නකි.

‘මං කොහොමද ධනුෂ්ක අප්පෝ හැතැප්ම දාස් ගාණක් ඈතට එන්නෙ...? අහස් යාත්තරාවක, නැවක නැඟලා එන්ඩ තරං හයියක් මට නැති බව මං දන්නව දෙයියනේ.....’

තවත් සුසුමක් හෙළූ මාලතී නැඟිට්ටාය. අඩි පාරේ මඳ දුරක් ගිය ඈ, අත් පොළසන් හඬක් ඇසී නැවතුණාය. කවුදෝ ඈතින් සිට යමක් කියයි. ඒ දෙසට යාමට බිය වූ යුවතිය එසේ නොකළාය.

ඈ දෙසට එමින් සිටියේ රාමන්ය.

“යේක පුංචි අප්පෝ පයිණ්ඩ තමා කිව්වා.... උම්බට!”

ලොවම අහිමි වූ එකියක ලෙස දිය ඇල්ලට ගිය මාලතී ආපසු ආවේ ලෝකයම හිමි වූ එකියක ලෙස තෘප්තියෙනි.

සවන් අදහාගත නොහැකි වූ යුවතිය එතැනම ගල් ගැසුණාය. සිනහ මලක් මුහුණේ පිපෙද්දී ඈ ආසාවෙන් අසා සිටියාය. තම ළය මඬල වේගයෙන් උස් පහත් වෙනු ඇයට දැනිණි. ආශ්වාස ප්‍රාශ්වාසය රාමන්ටත් ඇසෙන තරම් යැයි සිතුණු ඈ ආයාසයෙන් හුස්ම නොහෙළා සිටියාය.

“පුංචි අප්පො අදීසියෙ තමා ගියා කීන්න කිව්වා.... පයිණ්ඩ පස්සෙ තමා එවනවා කීවා...”

ලොවම අහිමි වූ එකියක ලෙස දිය ඇල්ලට ගිය මාලතී ආපසු ආවේ ලෝකයම හිමි වූ එකියක ලෙස තෘප්තියෙනි.

9

වාහනයක් පැමිණි හඬ ඇසුණද දන්තුරේ බණ්ඩාර නෙත් හැර බැලුවේ නැත. ඔහු තදින් නෙත් පියාගෙන ඇළයට හැරුණේය. බරාඳය දෙසින් කාගේදෝ කතා - සිනා හඬ නැඟේ. ඒ සියල්ලම පරයමින් සිළිඳු මැණිකාගේ හඬ මතු වී ආවේය. අප්පොට නිසි ලෙස ඇසුණේ ඈ රාමන්ට කතා කළ බව පමණි. වියන් ඇඳෙන් බැසගත් දන්තුරේ බණ්ඩාර වතුර උගුරකින් කට කුඹුස්සා පඩික්කමට හැළුවේය.

“අපෙ අම්මා...” එරන්දතී මවගේ පාමුල වැඳ වැටුණාය. දමින්දත්, මිලින්දත් සිනාසෙමින් බලා සිටිති. දියණියගේ හිස සිපගත් කුමාරිහාමි ඈ වලව්ව තුළට කැඳවාගෙන ආවාය.

“කොච්චර එකක්ද මයෙ දූලා ආව එක.... යං පුතේ වාඩි වෙන්ඩ. මොකෝ මිලින්ද පුතේ අමුත්තෙක් වගේ ඔතෙන්ට වෙලා...?”

අප්පච්චිටම ඇහැරුණු එක හොඳයි. නැත්තං ඉතිං රජ්ජුරුවො ආවයි කිව්වත්....
“කොහෙන්ද නැන්දා මේ මල් පෝච්චිය? ඉස්සර මේක මෙතැන තිබුණේ නෑනෙ... මේක හොයා ගන්න අමාරු ෆර්න් එකක්....” මිලින්ද මීවන පඳුර අත ගා බැලීය.

“අප්පච්චිට කවුද ඇහැරෙව්වේ?”

දන්තුරේ බණ්ඩාර සාලයට පිවිසෙත්ම එරන්දතී ඔහු ඉදිරිපිට පහත් වී වැන්දාය. “සිළිඳු මැණිකා රාමන්ට මොනවදෝ කලබලෙන් කියනවා ඇහුණා... වාහනේ සද්දෙත් ඇහුණට මම මුලින්ම ගණන් ගත්තෙ නෑ....”

“අප්පච්චිටම ඇහැරුණු එක හොඳයි. නැත්තං ඉතිං රජ්ජුරුවො ආවයි කිව්වත් වලව්වෙ කවුරුවත් අප්පච්චිව කූද්දන්න යන එකක්යැ....”

දිනක් ධනුෂ්කත් එරන්දතීත් සිත්සේ දබර කර ගත්හ. කුමාරිහාමි වලව්වේ නොසිටි වෙලාවක් වූ බැවින් දබරය නැවත්වීමට සිටියේ සිළිඳු මැණිකා පමණි. සොයුරු-සොයුරියෝ ඇයගේ මැදිහත් වීම ගණනකට නොගත්හ. ධනුෂ්කගෙන් පහර කෑ එරන්දතී මහ හඬින් හඬමින් පියාට පැමිණිලි කිරීමට දිව ගියාය. සිළිඳු මැණිකාට එරන්දතී නැවත්වීමට වෙලාවක් නොවීය. අප්පෝ නින්දේ පසුවෙන බව දත් සිළිඳු මැණිකා බියෙන් මුසපත් වී බලා සිටියාය.
අඩ නින්දෙන් පිබිදුණු දන්තුරේ බණ්ඩාර බෙහෙවින්ම කෝපයට පත් වූයේය. දබර කර ගැනීම ගැන නොව, තමාගේ නින්දට බාධා කිරීම පිළිබඳව ඔහු ඉවසුවේ නැත. ධනුෂ්කටත් එරන්දතීටත් වේවැල් පහර කීපය බැගින් දුන් ඔහු එරන්දතීට වැඩියෙන් තැළුවේය.

“ළමයි දැන ගන්ඩ ඕනි මං නිදි වෙලාවට බාධා නොකරන්ඩ....!”කෑ ගැසූ ඔහු දරුවන්ව ගලවා ගැනීමට පැමිණි සිළිඳු මැණිකාවත් එලවා ගත්තේය.

“අපෙ අම්මා, පොඩ්ඩකට මෙහාට ආවා නං!එරන්දතී විළිබර සිනහවක් පා...
අතීතය සිහිපත් වුණු දන්තුරේ බණ්ඩාරටද සිනහ නැඟුණි. “මැණිකෙගෙ දෝණියැන්දගේ වැඩේ ඉතිං අප්පච්චිටම නෝක්කාඩු කියන එකනෙ.... බොලා එකෙක්වත් මයෙ පැත්තට කතා කරන්නෙ නෑනෙ එදා ඉඳලමවත් ...”

“අප්පච්චි වගේම තමයි දූයි පුතයි දෙන්නමත්.... කේන්තිකාරයෝ... ඒ ගොල්ලොත් අප්පච්චිට ආදරේ පෙන්නන්නෙ නෑ! අප්පොත් ඒ කාලේ ඉඳලම ඔහොමයි. මං කොහොමය ඔව්වා වෙනස් කරවන්නේ?”

“මදැයි! මැණිකෙත් දෝණියැන්දත් එක්ක එකතු වුණා තවත් නොක්කාඩුවක් කියාගෙන...” දන්තුරේ බණ්ඩාර කීවේ සැවොම සිනහ ගන්වමිනි.

“මං උණු වතුර දැම්මා වලව්වෙ හාමුදුරුවනේ....” සිළිඳු මැණිකා ආචාරශීලීව පිරිසගේ කතාවට බාධා කළාය. “වතුරත් පැහෙනවා. තේ මේසේ අරින්න නං...”

“ඔව්, ඔව්. අනේ සිළිඳු මැණිකා. රාමන්ට කියාපන් අර කාමරේත් පොඩ්ඩක් අස්පස් කරලා දාන්ඩ.... මිලින්ද මහත්තයට. යං යං. පුතාල ඉස්සෙල්ලාම මූණ කට හෝදගෙන තේ බීලා ඉඳිමු! ඊට පස්සෙ බැරිය කතා කරන්ඩ.”

කුමාරිහාමි පෙරමුණ ගත්තාය.

“අපෙ අම්මා, පොඩ්ඩකට මෙහාට ආවා නං!” එරන්දතී විළිබර සිනහවක් පා ඇතුළු ගෙට පියවර නැඟුවාය. කුතුහලයෙන් පිරුණු කුමාරිහාමි දියණියව අනුගමනය කළාය.

14 comments:

  1. අද තවම කවුරුවත් කොමෙන්ට් දාලා නැත්තේ නත්තල ජයටම සමරපු නිසාද?.
    ලබන්නාවූ 2021 වසරට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයෝ, ඔයා ඇතුළු රසික පාඨක හැමටත්- ලෝ වාසී සියල්ලන්ටත් 2021 වසර සුබ පලදායී එකක්ම වේවා!

      මේ ටිකේ බ්ලොගයට පිවිසුම් ගණනත් ටිකක් අඩුයි. නිවාඩු වැඩි හින්දා වෙන්නැති. පිටස්තර ගමන් යැවෙනවාත් වැඩියිනේ. කමෙන්ට්ස් අඩුත් ඒ නිසා වෙන්නැති.

      Delete
  2. ලොකා සුභ නත්තලක්...ඒ එක්කම සුභ අලුත් අවුරුද්දක්....සුභ උපන් දිනයකුත් වේවා....මං කිව්වෙ ඊලග උපන්දිනෙත් තව ටික දවසකින් ලබනවානේ...ඔන්න මං තමයි ලොකාගේ ඊලග උපන් දිනයට කලින්ම සුභ පැතුවේ....

    ReplyDelete
    Replies
    1. දස මාසයක්ම කලින් උපන් දින සුබ පැතුම් පිරිනමන චාරිත්තරෙකුත් ඩ්රැකී උන්නැහේ පටන් ගත්තාය කියමුකෝ එහෙනම්!

      ස්තුති පත්තරයක්ම ලියන්නයි වෙන්නේ!!

      Delete
    2. එතකොට සුභ පැතුවෙ ඩ්‍රැකී??!!!

      Delete
    3. දැන් නම් ලොකූ මටත් බය හිතෙනවා මෙහෙම වැරදි වෙද්දී.... මටත් අමතක වෙනවා- වරදිනවා වැඩියි වගේ නේද?
      අනේ සමාවෙන්න. මේ දවස්වල බෙහෙත් නිසා මම ඉන්නෙත් බාගෙට මත් වෙලා වගේ... blood count එක බැහැලා වගෙයි. ඒක ඉක්මනට හරි ගස්සා ගන්නවා!
      නිදහසට කරනු කියනවාම නෙවෙයි, ලොකූ. ඔයාගේ හිත හැදෙන්නයි, මගේ අතින් දෙපාරක්ම ඔයාට මේ වැරැද්ද වුණේ!
      සමාවෙන්න.

      Delete
    4. අයියෝ පොඩි විහිලුවක්නෙ කලේ...ඔය වගේ දේවල් වලින් හිත රිදව ගන්නෙ පොඩි කාලෙනෙ...මගෙ ජ්‍යේෂ්ට උත්තමයෙක් වෙච්ච වරුණ රත්නභාරතී අද ෆේස් බුක් සටහනක් තබමින් කියනවා මෙච්චර ලොකු ලෝකෙක අපි වගේ මිනිස්සු නමක් වෙනුවෙන් මැරෙන්ඩ හදන එක පට්ට ගොන් වැඩක්...ඒ හින්ද එයා ලියන ඕන දෙයක් කොපි කරගත්තට එයාගේ අහිතක් නෑ කියල...අපි මේ දැං හිටියට ඊලග මොහොතෙ යන්ඩ පුලුවන් මිනිස්සු....නමක් වෙනුවෙන් හිත රිදවගන්න එක කොච්චර මෝඩ වැඩක්ද? මගෙ ප්‍රශ්නෙ හිංද ලොකාගෙ හිත රිදුන නං සමා වෙන්ඩ ඕන දහස් වාරයක්...

      Delete
    5. ඇත්තමයි ලොකූ, හිත රිදුණේ නම් නැහැ, මගේ ගැනම තරහක් ආවා. මම දැන් ටිකාක් විතර නොසැලකිලිමත් වේගෙන යනවාවත්ද කියලා. මෙහෙම පෙන්වලා දෙන එකට ගොඩක් ස්තුතියි. පොඩි වැරදි ගණන් නොගෙන හිටියොත්, මට වරදින්නේ නෑ කියලා ඉදිමිලා හිටියොත් තමා ලොකු වැරදි වෙන්නේ. ඒ නිසා ඔයාගේ සඳහනට මං හරිම කැමතියි.

      තව විකාර කල්පනවකුත් හිසට ආවා, ලොකූ. දන්නවනේ, මගේ හිත පිස්සිගේ පලා මල්ල වගෙය කියලා.

      මගේ ලොකූ නම ඔයාටත් තියෙන එක ගැන අවිඥානිකව හරි මගේ යටි හිතේ හරි පුංචි ඉරිසියාවක්වත් හැංගිලා තියෙනවාවත්ද? මාත් පුහුදුන් කෙනෙක්නෙ!

      Delete
  3. ළගන්නා සුළු ගතියත්
    මැවෙන්නා වූ රූපත්
    මේ කතාවේ බොහෝ ඇත්
    ටෙලියක් නැති වීම දුක් ගෙන දෙත්

    ReplyDelete
    Replies
    1. දුක නම් මටත්
      දැනුණා බොහොම තදටත්
      කරන්නට දෙයක් නැත්
      පෙරළුණු පිටම හොඳ වෙත්

      Delete
  4. අප්පෝ මොකද නොකියාම රට පැන්නේ
    කියවන අප සිත් තුල කුහුලකි හටගන්නේ
    මාලතිය ඇල්ලට වී කදුලැලි බොන්නේ
    මිලින්දයා නෙවෙද ඈ කරකාරෙට ගන්නේ

    ReplyDelete
    Replies
    1. අප්පොට තියෙනවා රහසක් කිව නොහැකි
      හිතේ තියාගෙන ඉඳුමත් මහ බරකි
      සදාටම රැකෙන රහසක් විය නොහැකි
      ඉවසා බලමු- කරකාරය ගැනත් සකි

      Delete
  5. Replies
    1. ගොඩාරියක් ස්තුතියි Pra Jay මහත්තයෝ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්