li Item

Wednesday, May 25, 2022

සුප්පා දේවිගේ බඩේ මයිල් - සිව්වෙනි කොටස

ඔයා එනවකො ෆොටෝ එක ගන්න යන්න. ඔයාගේ කොණ්ඩෙත් ඔච්චර වැවිලා තියෙන එකේ, මොකා වුණත් රැවටෙනවා ෂුවර්!

“මරු? මරු විතරක් නෙවෙයි මල්ලී- තනිකරම මරණයක්. ඒකි මහ වේස බඩුවක්.... සේරම අඩව්- කස්තිරම් අල්ලපු අම්මණ්ඩියෙක්. තරහ කර ගෙනත් බෑ. එහෙමය කියලා කුණු ගොඩකට කර ගහන්නයැ. මම ඒකිට කිව්වා මට girl කෙනෙක් ඉන්නවයි කියලා. විස්වාස නැහැල්ලු! නිමල් මල්ලී මට ආවා මාර අයිඩියා එකක්... ඔයාවත් අල්ලගෙන කරන්න වැඩක්. හැබැයි රහසක්.....”

ඒ රහස් අයිඩියාව හිතාදර ඔයාලට දැන ගන්නට වෙන්නේ අදය!

“හෙමිනා වගේ ඉඳගෙන ඔයත් මාර වැඩනෙ කරන්න හදන්නේ.... ” මම සරත්ට කීවෙමි.
සරත් හිනා වුණේය. වැඩි කතා නැති කෙනෙකු වුණත් ඒ වෙලාවේ එයා මෙහෙමත් කිව්වේය. “හැමෝම හොර වැඩ කරනවා නිමල් මල්ලී... හැබැයි එයාලා හිතාගෙන ඉන්නේ එව්වා කවුරුවත් දන්නෙ නෑ කියලා.....”

ඒ මට එල්ල කළ ඇනුම් පදයක්වත්ද? සංජේ අපි දෙන්නා ගැන මොනවා හරි සරත්ට කියලාවත්ද? ‘මොනවා වුණත් නොදන්නා ගාණට ඉන්න එකයි, ඇඟට ගුණ!’

“ඉතිං කියනවකො සරත්, ඔයාගේ හොර වැඩේ!”
“මට ඕනි නිමල් මල්ලී, ඔයත් එක්ක foto එකක් ගන්න. ඊට පස්සේ මං ඒක අරං ගිහිං අර girlට පෙන්නනවා... මෙන්න මගේ love එක කියලා.”
සරත් එහෙම කියද්දී නම් මට හොඳටම හිනා ගියා මතකය. “ඇයි මනුස්සයෝ, මං කෙල්ලෙක්ය?”

“කෙල්ලෙක්යැ? ඔයා එනවකො ෆොටෝ එක ගන්න යන්න. ඔයාගේ කොණ්ඩෙත් ඔච්චර වැවිලා තියෙන එකේ, මොකා වුණත් රැවටෙනවා ෂුවර්!”

ඒ දවස්වල මං ගෙදරදීත් ටික-ටික බතික් කරන්නට පටන් අරගෙනය. ඉස්සෙල්ලාම වගේ කළේ අපේ ආච්චීට බතික් ඔසරියක් හරි ගස්සලා දීමය. ඒ විස්තර මතක් වෙද්දී  සිහි වෙන්නේ මගේ ලොකුම අකෘතඥකමකි.
සුරංගනී හාමුව මුණ ගස්සවා, මට බතික් ඉගෙන ගන්නට මඟ පාදා දුන්නේ අපේ අම්මායි. එච්චර දෙයක් කරලාත්, අම්මාට බතික් සාරියක්- ගවුමක් තියා බතික්වලින් ලේන්සුවක්වත් හදලා දෙන්නට ඕනෑය කියලා මට හිතුණේ නැති හැටි!

ඉතිං, ආච්චීට බතික් ඔසරිය හැදුවාට පස්සේ හැදුවේ පොන්චෝහතරකි.

අම්මාට විතරක් නොවේ, තාත්තා හා සීයා දෙන්නාටත් ඒ සත්කාරය කරන්නට මම අසමත් වීමි! එයාලට වෙන- වෙන ඇඳුම් අරං දුන්නා වුණත්, ඒ මදි නේදැයි වැටහෙන්නේ දැන්ය. පෙරහැර ගිහින් ඉවර වුණාට පස්සෙය.

ඉතිං, ආච්චීට බතික් ඔසරිය හැදුවාට පස්සේ හැදුවේ ‘Poncho’ හතරකි.
රෙදි යාරයකි, එක පොන්චෝ එකකට යන්නේ. වැඩියෙන් වැය කරන්නට වුණේ ශ්‍රමයයි. හතර පැත්තෙන්ම නූල් ඇරලා, ටසල්ස් හිටින විදිහට ගැට ගසන්නටය-  බතික් කරනවාටත් වඩා වෙලාවක් ගියේ.
ඒ දවස්වල පොන්චෝස්වලට හොඳ ඉල්ලුමකුත් තිබුණේය.

“නිමල් මල්ලී, foto එක ගන්නකල් අර පොන්චෝස්වලින් දෙකක් විකුණන්න හෙම එපා. අපි දෙන්න ඒවා ඇඳලයි ෆොටෝ ගන්න හිතුවේ...” සරත් සේරම හිතා බලලාය. මට තිබුණේ එයා කියන දෙයක් කිරීම විතරය. “... හැබැයි නුගේගොඩට යන්න වෙනවා. මගේ යාළුවෙක්ගෙ studio එකක් තියෙනවා. මම මිනිහටත් කියන්නයි ඉන්නෙ විස්තරේ...”

ස්ටුඩියෝ එක තිබ්බේ නුගේගොඩ ගුණවර්ධන ගොඩනැඟිල්ලේ උඩ තට්ටුවකය. ඒකෙ නමත් ‘NIMAL’ ය. සරත්ගේ හිතවතා ගත්තු අපේ ඡායාරූපයේ අංකය 3835 ය.

“වැඩේ කිරි ගහට හරි ගියා නිමල් මල්ලී. Foto එක පෙන්නුවට පස්සේ අරකි දැන් මට පේන්න එන්නෙවත් නෑනෙ!” ටික දවසකට පස්සේ සරත් රංචාගොඩ කිව්වේ සිනා සපිරි මුහුණකිනි.

ඒ සතුට නිමිති කරගෙන වෙන්නැති, සරත් අපේ තාත්තාට යෝජනාවක් කළේ. “ගුණපාලයියේ, නිමල් මල්ලී දැන් අවුරුදු ගණනාවක් තිස්සේ කොණ්ඩෙත් වවපු එකේ සුප්පා දේවිට රූපාව ගත්තම.....”
එදා රෑ සරතුත් තාත්තාත් හීනියට සප්පායම් වෙමින් හිටි අතරේය ඒ කතාව කෙරුණේ.
“තමුසෙ හිතන්නෙ සරත්, මම එච්චරටම හිතක්-පපුවක් නැති මනුස්සයෙක්ය කියලද? නෑ ඕයි! මට තේරෙනවා... මට තේරෙනවා....
රංජි! මෙහාට වරෙන්...”

දරුවෝ හදල තියෙන විදිහ!

“ඇයි තාත්තේ?”

“මේ මෙහාට වරෙන්... ළඟට... ළඟට වරෙන්. මොකද යකෝ බය...මට ත්රොම්බෝසිස් හැදිලා මහ ඉස්පිරිතාලේ ලැග්ගට, වෙන වසංගත නෑ බං. සරත්, තමුසෙටත් වෙන ලෙඩ නැහැනේ... කතා නැතිව ඉන්නෙ, කියනවකො ඕයි!” තාත්තාට වැඩියි වගෙය. සරත් ඉඟියෙන් කිව්වේ තාත්තා කියන්නක් කරන ලෙසයි.   

“කියපං. උඹට සුප්පා දේවිට act කරන ඕනිද?”
“ඒකට රූපා ඉන්නේ!”

“මං ඒක දන්නව ය...ක්....කෝ. අහන පුරස්නෙට උ....ත්....ත...ර දීපං. අහන ප්‍රශ්නෙට... එහෙම කරන්න කියලනෙ මම තොපිට උගන්නල තියෙන්නේ....” තාත්තා ගෙරෙව්වේය.
“තාත්ත කියනවා නං මං කරන්නං.....”
“ආන්න පේනවනේ මිස්ටර් රංචාගොඩ. මම දරුවෝ හදල තියෙන විදිහ. තාත්තා කියනවා නං කරන්නං! හරි, නාට්‍ටියේ show දෙකෙන් එකක සුප්පා දේවි උඹ. අනිකේ රූපා. ප්‍රශ්නේ ඉවරයි, මිස්ටර් රංචාගොඩ. ඉවරයි නේ....ද?”

එවෙලේ නම් කතා කෙරුවේ අපේ තාත්තා නොවේ, ‘සුදුවා’ය. වෙරි මරගාතේ කිව්වත් තාත්තාගේ ඒ කීම පස්සේ හරි වෙනස් වුණේ නැත.

දැන් තවත් චරිතයක් හිතාදර රසික පාඨක ඔබට හඳුන්වා දෙන්නට වෙයි. එස් අයියා! එක අතකින් බලද්දී නිදිගෙ පංච තන්තරේ මුල ඉඳලාම කියවාගෙන එන කෙනෙකුට නම් එස් අයියා අමුත්තෙක් නොවේ. 2018 අප්‍රේල් 1 වෙනිදා පළ කළ මුල්ම posts පහෙන් එකක එස් අයියා ගැන කියවුණේය. ඒ ‘වස් කවි කීම’ පෝස්ටුවලදීය.

එස් අයියාට උවමනා වුණේ දිගින්-දිගටම මං එයාගේ බතික් අංශයේ වැඩ කරනවා දකින්නටය. ආත්මාර්ථකාමී අරමුණක් වෙනුවෙනි, එස් අයියා මාව එතැනම හිර කර ගන්නට තැතනුවේ. අමු කැලේගෙ මුනුබුරා වුණු; නොදෙන්න හිටි රන් පදක්කමක් උපායෙන් ලබා දුන් ඩී.එච්. ගුණපාලගේ ලොකු පුතණ්ඩියා වුණු නිමල් දිසානායක, සීයා මෙන්ම නීච කුමන්ත්‍රණ පන්නයේ වික්‍රමයක් කොට වස් කවිත් කියවලාය, එතැන රස්සාවට ආයුබෝවන් කීවේ.

අක්ෂරය’ film එකේ එක සීන් එකක්වත් නොබලාම ඒක තහනම් කරන්න ඕනි යි කියූ ප්‍රසිද්ධ පොත් ප්‍රකාශක බෞද්ධ- සදාචාරවාදියෙකු ගැන මට තවම මතකය. එවන් සමාජයකට.... 
එහෙම කරලාවත් එස් අයියා මට නිදහසක් දෙන්නට හිතුවේ නැත. Out of sight, out of mind තියරිය විශ්වාස කළ එස් අයියා දින කිහිපයකට වතාවක් හරි අපේ ගෙදරටත් ආවේය. එහෙම ඇවිත්, විශේෂයෙන්ම අපේ තාත්තාව හොඳින් තියා ගත්තේය.

“තාත්තේ, Stage Drama එකක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. වියදම් කළාට විතරක් බෑ.  Publicity වැඩත් කරන්න වෙනවා. නිමල්ලගෙ තාත්තා කැමතියි නම් මමත් ඔයාලගේ වැඩේට හවුල් වෙන්න කැමතියි....” එස් අයියා කිව්වේය.

මට නම් එයාගේ ඒ සත්ත කරුණාව එපා වෙලාය තිබ්බේ. ඒත් ඒ විත්තිය තාත්තාට කිව්වාට වැඩක් නැත.

“හවුල් වෙන්නංය කිව්වෙ මහත්තයො?” අපේ තාත්තා තොත්ත බබා පාට් එකක් දැම්මා වගෙය.
“Producer විදිහට නිමල්ල තාත්තේ... නිෂ්පාදකයා විදිහට....” එස් අයියා කිව්වේය.
එයින් එහාට ඒ සංවාදයට කන් දෙන්නටවත් මට උවමනාවක් තිබ්බේ නැතිය. නමුත් එස් අයියා අපේ සිංහබාහු නාට්‍යයේ නිෂ්පාදක වුණේය.

ඒ මොන-මොන විදිහේ කොන්දේසි උඩදැයි මං හෙව්වේ නැත. මොනවා වුණත්, අන්තිමේදී ඒ මනුස්සයාට පාඩුවක් මිස ලාභයක් නම් නොවුණු බවයි, අදටත් මගේ විශ්වාසය.

ඉතිං, මගේ මතකය නිවැරදියි නම්- අනුමැතිය ලබා ගන්නට රැඟුම් පාලක මණ්ඩලයට නාට්‍ය පිටපත අරං ගියේ එස් අයියාය; හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහල වෙන් කරවා ගන්නට අපේ තාත්තා එක්ක ගියෙත් එයාමය. ඒවාට වියදම් වුණේත් එස් අයියාගේ සල්ලිය.

අශෝක හඳගමගේ ‘අක්ෂරය’ film එකේ එක සීන් එකක්වත් නොබලාම ‘ඒක තහනම් කරන්න ඕනි’යි කියූ ප්‍රසිද්ධ පොත් ප්‍රකාශක බෞද්ධ- සදාචාරවාදියෙකු ගැන මට තවම මතකය. එවන් සමාජයකට මෙවන් blog ලිපි ලියද්දී මා ප්‍රවේසම් විය යුතුමය....

ඒ ඒ පුද්ගලයන් ගැන ලියද්දී 100% ක්ම තොරතුරු හෙළි කරන්නටද මට හැකියාවක් නැත. විශේෂයෙන්ම සමාජ සම්මතවලට එපිටින් යන සිදුවීම්වලදී....

ඉදින්, මගේ සැබෑ ජීවිත කතාව ලියද්දී වුවද සමහර දේවල් කියන්නට වචන තෝරා ගැනීමත් පුදුමාකාර පරෙස්සමකින් කරන්නට වෙයි. නොසැලකිල්ලෙන් යෙදෙන වචන දෙක තුනකින් පවාමට කියන්නට උවමනා දේට වඩා එහෙම පිටින්ම වෙනස් දෙයක් කෙනෙකුට හැඟෙන්නට ඉඩ තිබේ. එසේම එකිනෙකාගේ කියවීමේ රටා- වටහා ගැනීමේ පුරුදු- රුචි-අරුචිකම් ආදියත් මෙතැනදී බල පාන්නට ඉඩ තිබේ.

එසේම ඒ ඒ වකවනු ගැන; ඒ ඒ සිදුවීම් ගැන; ඒ ඒ පුද්ගලයන් ගැන ලියද්දී 100% ක්ම තොරතුරු හෙළි කරන්නටද මට හැකියාවක් නැත. විශේෂයෙන්ම සමාජ සම්මතවලට එපිටින් යන සිදුවීම්වලදී....

ඒවාට සම්බන්ධ වුණු අනෙකුත් පාර්ශ්වයන්හි අනන්‍යතාව හෙළි නොවන තරමටය, මට සත්‍යවාදී විය හැක්කේ. ඒ සමහර උදවිය දැන් වියපත්ව / ජීවිතයෙනුත් සමුගෙන හමාර බව සැබෑය. ඒත් ඔවුනගේ දූ-දරුවෝ හා ඔවුන්ගෙන් පැවතෙන්නෝ පණ පිටින් සිටිති!

කොහොම වුණත් ‘මගේ මතකයන් ගොන්නේ’ තිබෙන ප්‍රබලතාව ගැන නම් මටත් පුදුමය.
ඒ සමහර සිදු වීම් සිදු වුණු තැන් පවා අද සම්පූර්ණයෙන්ම අතුරුදන්ව ගිහින්ය; වෙනස් වෙලාය. ඒත් ඒ තැන්- ඒවායේ ගහකොළ පවා තවමත් මගේ දෑසේ සජීවීව පවතියි. සමහර දෙනෙකුගේ වදන්- ඒවා උච්ඡාරණය කෙරුණු ස්වරයෙන්ම තවමත් මගේ දෙසවනේ නින්නාද වෙයි.

නමුදු සමහර වැදගත් දේවල් ගැන නම් මට මතකයක් තබා ඡායා මාත්‍රයක්වත් සිහියේ නැත. එස් අයියාගේ නිෂ්පාදක භූමිකාවේ මුදල් ගනුදෙනු එවැන්නකි! නමුදු එස් අයියාගේ මැදිහත් වීම් නිසා... මැදිහත් වීම් නිසා...

... සිද්ද වුණේ, දැනුම්- තේරුම් ඇති කෙනෙකු හැටියට අපේ කණ්ඩායමේ සංජේට තිබුණු තැන අහිමි වීමකි. සංජේ නාට්‍යයේ චරිතයක් රඟපෑවෙත් නැති නිසා, ඒ තත්ත්වයෙන් පහළ වැටීම වඩාත් ඉක්මනින් කෙරුණේය. ඒ බව සංජේටත් තේරිලාය.

එස් අයියාගේ නිෂ්පාදක භූමිකාවේ... (නව සිංහබාහු මුහුරත් උළෙල දවසේ....)

“ඔයාට විතරක් නෙවෙයි, ඔයාලගෙ තාත්තටත් දැන් අපිව ඕනි නැති වෙලා. සල්ලිකාර යාළුවො ඇවිල්ලනේ... මොකද දන්නෑ ඔයාගෙ පරණ බොසාටත් ඔයාව නැතුවම බැරි...” පතිරගොඩ ගමනෙන් පස්සේ සති දෙක තුනක්ම නෑවිත් හිටි සංජේ, ආපසු ආ දවසෙම මුණු-මුණු ගෑවේය.

“පව් කතා කියන්න එපා සංජේ.... ඔයා එන්නෙ නැතිව හිටියට මොකද මේ පැත්තෙ විස්තර නං ඔක්කොම හොයාගෙනනෙ...”
“ඔයාට මාව අගේ නැති වුණාට මට එහෙම නැහැනෙ...” කියන ටික හෙමින් කියලා, ඊටත් හෙමින්ය සංජේ ඊළඟ වචන කෙඳිරුවේ. “... මොන කරුමෙකටද මන්දා...”

“අනේ සංජේ... ඉඳල-ඉඳලා ඔයා ඇවිත් තියෙන්නේ රණ්ඩු කරන්නනෙ.”
“රණ්ඩු නොකර කොහොමද? මං එදාම ඔයාට කිව්වේ... ඔය අහපු හැටිද? ඒ මදිවට අරුත් එක්ක ජෝඩු දාලා ෆොටෝත් ගහලා.”

මාස කීපයකට කලින් සරතුත් එක්ක හවුල් වී මගේ පළමුවෙනි දිග කලිසම මස්සවලා දුන් සංජේ, සරත් එක්ක අමනාප වෙලාවත්ද. ඒත් ඒ විදිහට සංජේ කේන්තියෙන් පුපුරද්දී මට දැනුණේ පුදුමාකාර සතුටකි.

ඒ දවස්වල අන්‍යයන්ගේ අවධානයට ලක් වීමට- සැලකිල්ලට බඳුන් වීමට- අගය කිරීම්වලට නිමිත්ත වීමට මට තිබුණේ නොතිත් ආසාවකි.
ඒ කාලයේ face book තිබුණා නම්...
අද අපෙන් වැඩි දෙනා fb යන්නේ අන්‍යයන්ගේ අවධානය; සැලකිල්ල; අගය කිරීම බලාපොරොත්තුවෙන් නොවෙයිද?
මගේ ජීවිත කතාව ඔබට කීමෙන් මා අපේක්ෂා කරන්නේ කුමක්ද? ඔබේ ප්‍රතිචාර දකින මට සතුටක් දැනෙන්නේ ඇයි... බ්ලොගයේ Hit Counter එක ඉහළ යනවා දකිද්දී මා තෘප්තියට පත් වන්නේ ඇයි... එව්වා ගැන මගේ විතණ්ඩවාදී විග්‍රහයන් ඔබට අදාළ විය නොහැකි සෙයින්ම, ඔබේ සතුටටත් හේතුකාරක නොවිය හැකිය. (එහෙනම් ඉතිං ඒවා මෙතන නොලියා හිටපං නිදි!)

සංජේ මා ගැන කේන්ති අරගෙන තියෙන එකෙන් පෙනෙන්නේ, ඒ හාදයාගේ හිතේ මං ගැන සැලකිල්ලක් තියෙන බවය; එයා මගේ ගැන උනන්දු බවය; මගේ ගැන තැකීමක් කරන බවය.

සංජේ කේන්තියෙන් පුපුරද්දී මා සතුටු වුණේ එහෙයිනි!

මරණ දඬුවම ලිහිල් කරගැනීමට නැවත ආයාචනා කිරීමට අවස්ථාව තිබුණු නමුත් සොක්‍රටීස් දඬුවම පිළිගෙන වස කෝප්පය තමා විසින්ම පානය කරන ලදී.
සංජේ කේන්ති ගත්තේ ආදරය නිසාද, රාගය නිසාද, ආත්මාර්ථය නිසාද එහෙමත් නැතිනම් වෙනත් හැඟීමක් නිසාදැයි මට වැදගත් වුණේ නැත. මට වැදගත් වුණේ සංජේගෙ නොමඳ අවධානය මට ලැබීමය.

නමුත් ඒ වෙනුවෙන් වුවද නීති-රීතිවලට යටත් වීමට; මගේ ස්වාධීන බව නැති කරගෙන දීන වීමට මම අකැමැති වීමි. මට තිබෙන්නේ මගේම නීති-රීතිය. ඒවා අසාධාරණ නොවන; මානුෂීය වන නීති-රීති බව මගේ හෘදය සාක්ෂිය පවසන්නේ නම්, මට එය සෑහෙයි.

හෘදය සාක්ෂිය කියද්දී මට නිරතුරුවම මතක් වන්නේ ග්‍රීක දාර්ශනික සොක්‍රටීස් පඬිවරයායි. ඒ මගේ පරමාදර්ශය වන්නේ එතුමා බැවිනි.
ලෝකවාසී හැම කෙනෙකුටම සොක්‍රටීස් චරිතය උගැන්විය යුතු යැයි මට සිතෙයි. (කමනු මැනවි! මෙතැනදී මට උපුටා දැක්විය හැක්කේ එතුමන් පිළිබඳ කෙටි සඳහනක් පමණි.)

‘... සොක්‍රටීස්ගේ ඉගැන්වීම් තුළ ඔහු සෑමවිටම ප්‍රකාශ කළ දෙයක් වූයේ ඔහු තුළ දෙවියන්ගේ හඬක් පැවති බවයි. මෙම දෙවියන් යනු පෙර කී ලෝකය පිලිබඳ සියල්ල අවබෝධ කරගත හැකි තම තමන් තුළ ඇති බුද්ධිය යි. නමුත් මේ ඉගැන්වීම ඔහුගේ ඉරණම තීරණය කරන්නක් වුනා.
එපමණක් නොව ඔහු වටා එක්ව දර්ශනය හදාරන ලද ශිෂ්‍යයන් ද සිටි නිසා මේ ඉගැන්වීම් එතෙක් පැවති ඉගැන්වීම් ප්‍රශ්න කරන්නක් බවට පත්වීම ඇතැන්ස් පාලකයන්ගේ කෝපයට හේතු වූ නිසා ඔහුට
නව දෙවිවරුන් හඳුන්වා දීම, පිළිගත් දෙවිවරු ඇදහීමෙන් වැළකීම සහ තරුණයන් නොමග යැවීමයන චෝදනා ඔස්සේ පන්සියයක් වූ ජූරි සභාවක් මගින් වැරදිකරු කරන ලදී.

දඬුවම ලෙස මරණ දණ්ඩනය නියම විය.

මරණ දඬුවම ලිහිල් කරගැනීමට නැවත ආයාචනා කිරීමට අවස්ථාව තිබුණු නමුත් සොක්‍රටීස් දඬුවම පිළිගෙන වස කෝප්පය තමා විසින්ම පානය කරන ලදී.
දඬුවම ලිහිල් කරගැනීමට තමන් විශ්වාස කළ බුද්ධියේ සත්‍යය පාවා දීමට කිසිසේත්ම ඔහු ඉදිරිපත් නොවිය.

එසේ දඬුවම ලිහිල් කරගත්තේ නම් සොක්‍රටීස් පිළිබඳව එතැන් පටන් ගොඩනැගුණු මතවාදයන් මීට වඩා හාත්පසින් වෙනස් වීමට ඉඩ තිබුණි.

ඔබ කුමන ප්‍රතිචාරයක් දැක්වුවත් එසේ කරන්නේ, ඔබේ අභ්‍යන්තරයේ මා ගැන සැලකිල්ලක් තිබෙන නිසාවෙනි!

ලෝකය වෙනස් වූයේ සැමදා ඝනීභූත වූ මතයන් තුල මිනිසුන් සිර වී සිටීමෙන් නොව නව දේ අත්හදා බැලීමත් අලුත් මතවාදයන් ගොඩනැගීමත් නිසා බව අප ඉදිරියේ ඇති සත්‍යයකි. සොක්‍රටීස් පමණක් නොව ඊට සහශ්‍ර ගණනකට පසුව වුවද මේ ආකාරයේම කැපකිරීම් කළ මිනිසුන් අපට හමු වේ. 16 වන සියවසේදී ඉතාලියේ විසු ගියර්දානෝ බෘනෝ යනු ද මෑත කාලීනව අපට හමුවන තමන් විශ්වාස කළ මතයන් වෙනුවෙන් යටත් නොවී මරණය තෝරා ගත් දාර්ශනිකයෙකි...’

ඔවුන් අනුයන මට කවදත් වඩා වැදගත් වෙන්නේ මගේ හෘදය සාක්ෂියයි.

මම මගේ උපරිමයෙන්ම මට අවංක වන්නෙමි. අවංකව අතීතය හෙළි කරන්නෙමි.
නිදිගෙ පංච තන්තරේ කියවන දයාබර පාඨක ඔබ මා ගැන අවතක්සේරු කළත්; ගර්හා කළත්; හෙළා දැක්කත් එයින් නොසැලී සිටින්නට තරම් මුරණ්ඩු හිතක් මට තිබේ. ඔබ කුමන ප්‍රතිචාරයක් දැක්වුවත් එසේ කරන්නේ, ඔබේ අභ්‍යන්තරයේ මා ගැන සැලකිල්ලක් තිබෙන නිසාවෙනි! එහෙම වෙන්නට ඇත්තේ මා පාඨක ඔබට 100% ක්ම අවංක වී ඇති බැවින් විය යුතුය.

මේ ඒ වෙනුවෙන් මට ලැබුණු ගෞරව සම්මානයක් බඳු සටහනකි. සටහන ලියා තිබුනේ DGM බස්සා මහත්තයා විසින්බකමූණු කතා’ බ්ලොගයේ ය.

‘ඇනිටාගෙ ජීවන කතාව මට අල්ලලා ගිය අනිත් කාරනේ තමයි, ඇගේ කතාව අවංකයි කියල හිතිච්ච එක. අද ලෝකෙ විරල දෙයක් තමයි අවංකකම. සමහරු මටත් චෝදනා කරනවා, මම මගේ සම්පූර්ණ කතාව කියන්නෙ නෑ කියලා. ඇත්ත, එහෙම කියන්න ඇහැකි අර "සුප්පා දේවිට" විතරමයි. අනික තට්ටයා මහත්තයත් කිව්වා, එව්වරම අවංක වෙන්න අවශ්‍යම නෑ කියල. ඒත්, වෙන කව්රු හරි අවංක කතාවක් කියනවා නං, එය අගේ කරන්න, ඒක බාධාවක් වෙන්නෙ නෑ.’

ඒ දවස්වල සරස්වතියගේ ආශිර්වාදය ලද්දවුන් දිහා ලක්ෂ්මිය බැලුවේ කලාතුරකින් වගෙය.

සිංහබාහුටත් බාධාවන් නම් තිබ්බේ නැති තරම්ය. ඒත් වැඩ කටයුතු සිද්ද වුණේ හෙමි-හෙමින්ය.

නාට්‍යයක් / සංගීත සංදර්ශනයක් වගේ දෙයක් කරද්දී ‘සමරු කලාපයකුත්’ ගහනවාමය. වැඩේ කරන්නන් සමාජ සම්බන්ධතා ගොඩක් ඇති අය නම්, ස්වනියර් එකෙනුත් සෑහෙන මුදලක් හොයා ගැනෙයි. (අපේ නඩයේ හිටියේ ‘ලක්ෂ්මී දෙවඟන’ගෙ බැල්ම ලබන්නට පිං පිරූ උදවිය නොවේ. ඒ දවස්වල සරස්වතියගේ ආශිර්වාදය ලද්දවුන් දිහා ලක්ෂ්මිය බැලුවේ කලාතුරකින් වගෙය.)

“මොකද්ද ඕයි. මොනවද මේ හම්බ වෙලා තියෙන දැන්වීම්. පිටු කාලෙ එව්වා. එව්වත් කීයද තියෙන්නේ... තමුසෙලා කයිවාරු ගැහුවේ නං දාහක විතර ස්වනියර් එකක් ගහමු කියලනෙ.” සමරු කලාපයට දැන්වීම් එකතු කිරීමට අරගෙන ගිය ‘ඩමි’ කීපය පෙරලා බැලුවාම අපේ තාත්තාට යකා වැහුණේය.
“දැන් ඉතිං මේ රෙද්ද නොගහ අත අරින්නත් බැහැනෙ. බැඳ ගත්ත බෙරේ ගහන්නම එපැයි. රංජි.... හෙටම අච්චු කන්තෝරු දෙක තුනකට ගිහිල්ලා ගණන් අහගෙන වරෙන්කො බලන්න.”

“මටත් හෙට විශේෂ වැඩක් නෑ. මං එන්නං රංජි එක්ක යන්න.” සංජේ එතකොටම ඉදිරිපත් වුණේය.

පසුවදා අප දෙන්නා මුලින්ම ගියේ වත්තේගෙදර හන්දිය කිට්ටුව තිබුණු ‘හයිලෙවල් ප්‍රින්ටර්ස්’ එකටය. ඊළඟට දෙහිවල පාරේ විද්‍යාකර විද්‍යාලය කිට්ටුවම තිබුණු ‘ජයකොඩි මුද්‍රණාලය’ටය. එතැනින් පන්නිපිටියේ ‘සාහිත’ press එකටය. (Offset විදිහට පරිණාමය වී තවමත් පවත්වාගෙන යන්නේ සාහිත මුද්‍රණාලය පමණි. අනෙක් දෙකම Letter Press විදිහටම අවසන් ගමන් ගිහිල්ලාය.) 

“රංජි. මං එන ගමන් දැක්කා විජේරාම හන්දියෙත් අච්චු කන්තෝරුවක් තියෙනවා. මේ ගමන්ම එහාටත් ගිහින් බලමු!”
පන්නිපිටියෙන් බස් එකකට නඟින්නට ඉන්නා අතරේ සංජේ කිව්වේය.....

ඉතිං ඊට පස්සේ........

32 comments:

  1. පොන්චෝ ආවෙ 1960s-70s හිපී හෝ ලිබරල් සංස්කෘතියත් එක්කද?

    ReplyDelete
    Replies
    1. අර පරණ කව්බෝයි ෆිල්ම් වල, ඔහොම එකක් අඳිනව නේද?

      Delete
    2. https://outsider.com/entertainment/clint-eastwood-kept-iconic-poncho-dollars-trilogy-never-washed-heres-why/

      Delete
    3. The Good, The Bad and The ugly
      කොළොම්පුරේ අසංග

      Delete
    4. The Good The bad and The Ugly
      කොළොම්පුරේ අසංග

      Delete
    5. 70 ගණන්වල බතික්වලින් හදන පොන්චෝස් වලට හොඳ ඉල්ලුමක් තිබ්බ බව විතරයි මන් කියන්න දන්නෙ. කව්බෝයි filmsවලදීත් ඒවා දැක තිබෙනවා වුණාට විස්තර හෙව්වේ නෑනෙ.

      Delete
  2. අදත් දෙයක් ඉගෙන ගත්තා. "Poncho". ස්තූතියි .

    ReplyDelete
  3. “නොතිත්", ලස්සනම වචනයක්. (මාල වලලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්)

    ReplyDelete
    Replies
    1. චමී, නොතිත් කුලඟන කියලා පරිවර්තන පොතකුත් තියෙනවා. මට මතක හැටියට ගුණතිලක මැටියගනේ මහතායි පරිවර්තනය කළේ.

      Delete
  4. බේබිලගෙ පිංතූරෙ, මල් හතයි. ඈ? 😂🤣

    ReplyDelete
    Replies
    1. හෙට බිහි වන නායකයොත් පුංචි අපි තමයි. අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි. අපි හැදෙනවා රට...// මේ ෂින්දුව කියන්නෙ මේ බේබිල තුන්දෙනා..... බෂ්

      Delete
    2. සිරි ලංකාවේ හැම අම්ම තාත්තම ඒ වගේ දරුවෝ හදනවා නං රට කොහොමට හිටීවිද දෙයියනේ?

      Delete
  5. //අම්මාට බතික් සාරියක්- ගවුමක් තියා බතික්වලින් ලේන්සුවක්වත් හදලා දෙන්නට ඕනෑය කියලා මට හිතුණේ නැති හැටි!//

    තාම පරක්කු නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අනේ ඩ්රැකී, දැන් චන්ටින් එක අල්ලලා ඉටි කරන එක ගැන හිතන්නවත් බෑ. ඉතිං කොහෙද බතික් කරන්නේ?

      Delete
  6. බතික් ගැන පොස්ටුවක් ලියන්නනැයි ඉල්ලුවා නිදි ලොක්කාට අමතක වෙලා නැතිව ඇති. නොකලොත් දේවාල පාර ඉදිරියෙන් තප්පර 69 -1= 68 මාරාන්තික උපවාසයක් සංවිධානය කරනවා.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි අසංග. ඒ විස්තර තරමක් ලියවිලා තියෙනවනේ. හරියටම ඒ ගැන ලියන්නම්කො පස්සේ දවසක.

      Delete
    2. මාත් එනව අසංගගෙ තනියට.

      Delete
  7. මරු කැරලි කොන්ඩයක් නෙව. කෙල්ලක් වාගේ ඔහෝම කොන්ඩේ වවන් හිටියාම කොල්ලෝ පිස්සු වැටුන්නේ නැතිව තියේද?
    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. සිංහබාහු නාට්‍යයටනේ කොණ්ඩය වැව්වේ. හැබැයි අසංග, ඒ දවස්වල කොණ්ඩේ වවාගෙන ඉන්නකොට තිබ්බ කරදරේ නං... අනේ මන්දා ගෑනු උදවිය කොහොම ඒ කරදරේ දරාගෙන ඉන්නවද කියලා.

      Delete
  8. යකෝ අසංක කිව්වත් වගේ... කොන්ඩේ. අද ගොඩක් කෙල්ලො තමුන්ට තියෙන්නෙ බලු නගුටවල් කිය කියා උන් කෙඳිරි ගානවා.

    //අශෝක හඳගමගේ ‘අක්ෂරය’ film එකේ එක සීන් එකක්වත් නොබලාම ‘ඒක තහනම් කරන්න ඕනි // අපේ බහුතර උන්නාන්සේලාගේ හැටියක් නෙව... නිදි.

    ReplyDelete
    Replies
    1. නමී, අපේ ලොකු නංගීගේ කෝණය දිගම දිගයි බිම ගෑවෙන්න තරමට. ඒ වගේම ඝනයි. එයා වස බීලා සියදිවි හානි කර ගත්තාම, කළුබෝවිල ඉස්පිරිතාලේ මොචරියේ මිනිය තිබුනේ තනිකරම කොණ්ඩයෙන් වැහිලාලු!
      https://nidigepanchathanthare.blogspot.com/2020/01/not-vs-england_13.html
      අක්ෂරයෙ කතාවත් එක්ක මට මතක් වෙන්නේ නමී, ඔයාම දවසක කියපු 'අසූචි ඇඹුල් රහයි' කතන්දරේ!

      Delete
    2. එදාම කියූ අර ගෙදර කතාවත් මතක ඇති නෙ.... රනිල් ගැන කියවුනේ

      Delete
  9. යකෝ ඒ ෆොටෝ එකටනං ඕනම එකෙක් රැවටෙනව.

    ReplyDelete
  10. Hi Everyone,
    One of my good friends is volunteering for a development sector organization, ChildFund Sri Lanka, that has been working in Sri Lanka for last 40 years. Below is their Facebook page.

    https://www.facebook.com/ChildFundSL

    They are looking for donors with kind hearts, who can contribute, so that we can keep the programs continuing through these difficult times. Programs include nutrition, education and disability inclusion.

    Now that it is difficult to collect internally from Sri Lankans, they are looking for Sri Lankans who live abroad. Please check the website for more details

    https://childfundsrilanka.org/programs-and-impact/

    If you are willing to contribute or help ChildFund by connecting them with Sri Lankan community leaders (temples/ clubs/ associations) in your city, please do so.

    Thank You.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. පලවෙනි පින්තුරේ මට පේන්නේ හරියට විජේ කුමරතුන්ගයි මාලිනි ෆොන්සේකායි වගේ. (නිදී මහත්තය නම් මාලිනි වගේමයි)

    ReplyDelete
    Replies
    1. මහේෂ්, හොඳ වෙලාවට මාලිනී ෆොන්සේකා මහත්මිය blogs කියවන විත්තියක් ආරංචි නැත්තේ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්