එයාව
බලෙන්ම ඉස්කෝලෙට දක්කනවා වෙනුවට.... |
විකී බෝම් නෝනා
මහත්තයා...
එක්කෝ ඒවා ඊළඟ කොටසෙන්ම කියන්නංකො! කියලයි දෙවෙනි
කොටස අවසන් කළේ.
විකී බෝම් නෝනා පොඩි
කාලේ ඉඳලා තියෙන්නේ ඔස්ට්‍රියාවේ, වියානාවල. 1888 ඉපදුණු ඒ නෝනා ඉගෙන ගන්න කම්මැළි
දැරියක් වෙලාලු හිටියේ. ඉතිං, අපේ රටේ අම්මල-තාත්තල වගේ නෙවෙයි, එයාගේ දෙමවුපියන්
එයාව බලෙන්ම ඉස්කෝලෙට දක්කනවා වෙනුවට නිදහස දීලා.
“ඔයා ඉගෙනගන්න කැමති දෙයක් තෝරගන්න දුවේ. අපි ඔයාව එහෙම තැනකට යවන්නං.” අම්මලා
විකීට කියලා.
අන්න මොළේ ඇති දෙමවුපියෝ. හැම ළමයම දොස්තර කෙනෙක් වෙන්න හරි ඉංජිනේරුවෙක් වෙන්න හරි
ඉපදිලා ඉන්න එකක්යැ?
ඉතිං, අවුරුදු අටේදී
වීණා වාදනේ ඉගෙන ගැනීම තෝරගත්තු ඒ දැරිවිය, අවුරුදු පහළොව වෙද්දී- අපූරුවට ඉගෙනගෙන
ලේඛිකාවක් වෙලත් ඉවරයි. මටත් ඒ නෝනාව හම්බ වුණේ පොතකින්. හරියටම කියනවා නං 1959
සිංහලෙන් පළ වුණු අනුවාදිත පොතකින්. (ඒ පොතේ දෙවෙනි මුද්‍රණයකුත් ගොඩගේ එකෙන් 2001 වසරේදී පළ වුණා.)
ඒ රස
වෑහෙන නවකතා පොතේ ප්‍රධාන චරිතය.... |
ඒ රස වෑහෙන නවකතා පොතේ ප්‍රධාන චරිතය
‘රබර්’; වැලපෙන ගහේ කඳුළු!
‘මේ මැයි මාසේ පස්වෙනිදා
- අපවත් තනි කෙරුණා
ගෙවල් අස්සටම - වෙලා ඉඳපියව්! නොකිය කියා හිටියා!’ විතරයි අම්මෝ, එක-එක දේවල්
වෙන්න පෙළ ගැහුණා; හරිම වේගයෙන්. ඒවා වාර්තා කරලා තියන්න වටිනවා. මොකද ඒ හැම
සිදුවීමකම ප්‍රධාන භූමිකාව ‘කොරෝනා’.
අවුරුදු පනහකටත් එහා පැත්තේ කියවපු අර පොත;
(සිරිබිරිස් උන්නැහෙයි මායි හොයන
‘ඇක්සයිස් පොතක අතින් ලියාගෙන රටේ තැනින් තැන සංසරණය වුණු ලිංගික උපදෙස් සහිත පොත’ නෙවෙයි, හොඳේ!)
හොඳටම හිතට
කාවැදුණු අර දැවැන්ත පොත තමයි, මේ posts කීපය ලියන්න පාර පෙන්නුවේ.
ඒ පොතේ රබර් වගේ, මේ පෝස්ටු පෙළේ ප්‍රධාන චරිතේ ‘කොරෝනා’!
ස්තුතියි විකී බෝම්
මැතිණියනි, අනුවාදක ගරු ඌරාපොළ හිමියනි- ජී. හේමපාල විජයවර්ධන මහත්මානෙනි!
ඉතිං, මැයි පස්වෙනිදා
හැන්දෑවේ ‘කොරෝනා’ තවත් හොර වැඩක් කරලා.... හොර වැඩක් කිව්වේ කොරෝනාගේ මැදිහත් වීම
අනියමින් කෙරුණු නිසා. ඒ ගැන අපව දැනුවත් කෙරිලා තිබුණේ මහ රෑ මැද ආපු දුරකථන
ඇමතුමකින්!
ඒ ළමයගේ
වෙඩින් එක නේද... (foto- අපේ අනිල් මල්ලිගේ බාලම දියණිය සචිනිගේ මංගල ඡායාරූපවලිනි.) |
“...ඒකෙන් වුණේ මට හරියට නිඳා ගන්නවත් බැරි වුණු එක නිමල් අයියේ. ඒ ළමයව කරාපිටියේ
කාගෙ වාට්ටුවටද දැම්මේ, කවුද ඉන්නේ සේරම හොයා ගත්තා රෑම. එයාලට විජේගේ දුව ගැන ටිකක්
බලන්න කියල කියන්න ඕනිනෙ!”
“අනේ දෙයියනේ!
ඒ ළමයගේ
වෙඩින් එක නේද මේ මාසේ ගන්න හිටියේ..... ඊයේ රෑත් කොත්තු කඩේදී අසංග කිව්වේ-
මනමාලයා ලංකාවට ඇවිත් දවස් ගාණක් තිස්සේ කොරන්ටයින් වෙවීය ඉන්නේ කියලත්...” මට
කියැවුණේය.
“.... මාස තුන-හතරකට කලින් විජේ පමුණුවටත් ඇවිත් ගියා නෝනයි, ඔය ගෑනු ළමයයි එක්ක
කර්ට්න් වගයක් හොයන්න. පීරිස් දන්නවද, එදා එයාලා අපේ ගෙදරත් ආවා. එතකොටත් කියවුණා, අක්කල දෙන්නගෙ
මඟුල් වගේම හරි ජයට එයාගෙ වෙඩින් එකත් ගන්න ඕනියි කියලා.”
“ඒක නේන්නං මනුස්සයො....
විජේ හොඳටම අඬනවා. කෙල්ල හරි හිතේ අමාරුවෙන් ඉඳලා තියෙන්නේ. කොරෝනා නිසා මංගල්ලේ
සරුවට ගන්න බැරි වෙයි කියලා.....
ඒකමලු පහුගිය කාලේ දවස තිස්සෙම කල්පනා කර-කර
හිටියේ. මතකනේ.... ගිය සැරේ මඟුලටත් එක්දාස් පන්සීයක් විතර හිටියනේ.....”
මොළේ ලේ
නහරයක් පුපුරලා අභ්‍යන්තර රුධිර වහනයක් වෙලා! |
“තත්ත්වය එච්චර හොඳ නෑ අයියේ.... මොළේ ලේ නහරයක් පුපුරලා අභ්‍යන්තර රුධිර වහනයක්
වෙලා තියෙන්නේ..... සමහර වෙලාවට මොළේට කාන්දු වෙලා තියෙන ලේ අයින් කරන්න operation
එකක්ම කරන්න වෙයි. දන්නවනේ, ඒවා සිරා ඔපරේෂන්.... ඔපරේට් කරන්න තරමට තත්ත්වේ දරුණු
නොවේවා කියලා ප්‍රාර්ථනා කරන එක විතරයි අපිටත් දැන් කරන්න පුළුවන්.....”
ඉතිං හිතන්නකෝ, එහෙම
දේවල්ය මැයි 6 වෙනිදා උදේ, අපට නිඳි ඇඳන්වලින් බහින්නේවත් නැතිව කතා කරන්නට වුණේ. අපට තේ ගෙනාවේ, හරියටම
ඒ හෝරාවේය.
“මචං, අද තේ එක නං වෙනදටත්
වැඩිය රසයි වගෙ නේද?” නෙවිල් තේ කෝප්පයේ වරුණ කිව්වේ, තොලට තියා ගන්නටත් කලින්ය.
සගයා ඊට හපන් එකෙක් නෙවැ.
“රසයි නේදත් අහනවා. ගාණට කහට... ගාණට සීනි... හොඳ ගාණට රස්නෙත්...” එයාත් උඩගෙඩි
දෙයි. කාමරයේ තිදෙනෙකු නැවතිලා සිටින නිසා තේ තුනක්ම ගෙනැවිදිනි. මගේ ‘ෆාස්ටින්
බ්ලඩ් ෂුගර් test’ එකකුත් කෙරෙන්නට තිබියදී මට තේ බොන්නට ඉඩක් නැත.
ඒ වග පත්තරේ දමලා
නැහැනෙ, ඒකයි- තේ තුනක් ගෙනෙන්න ඇත්තේ!
“හලෝ දොස්තරයෝ. දැන්
තමුසෙම කිය-කියා හිටියා නේද මානසික අවපීඩනේ ගැන. ප්‍රශ්න ගැන දිගට කල්පනා කරන්න
හොඳ නැතිය කියල... එච්චර දන්න තමුසෙලත් දැන් හදන්නේ, මාව පිස්සෙක් කරන්නනේ.....
ඕනි බම්බුවක්! පිස්සෙක් වෙනවට වැඩිය හොඳයි, test රිපොර්ට්ස් අල කර ගන්නවා.... ඔන්න
මාත් මගෙ තේ එක බොනවා!!”
මගේ රංගනය කොතරම් තාත්වික වීද යත් දොස්තර මහත්තයා හොඳටම කලබල වුණේය.
... සමාජ පරතරය පවත්වා ගැනීම කොරෝනා මර්දනයේදී අතිශය වැදගත්ය! (චමින්ද දිසානායකගේ නිර්මාණයකි.) |
එයාලා හිතන තරමටම මං
වහන්සේ මෝඩ නැත; හිතුවක්කාරත් නැත; පරෙස්සම් නොවී ඉන්නෙත් නැත.
සැර කොරෝනා වයිරස ප්‍රභේද
පැතිරෙමින් තිබෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිය
නිවෙස්වලට වී..... දැඩි ලෙස පරෙස්සම් විය යුතුය!
එහෙම කියලා තිබුණේ පොඩි කෙනෙක් නෙවෙයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා,ප්‍රතිශක්තවේද හා සෛල
ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහත්තයා.
ඒ වගේ තත්ත්වෙකුත්
තියෙද්දීය, අපට හම්බන්තොට යන්න වුණේ.
“මේකයිනෙ නිමල් අයියෙ.
කොරෝනා කියලා අනෙක් ලෙඩවලට බෙහෙත් නොකර හිටියොත් හරි යන්නෑනෙ. මිනිස්සු කී දෙනෙකුට
දැනටමත් දියවැඩියාව වැඩි වෙලා තියෙනවා ඇද්ද.... ඇස්වල සුද හොඳටම වැඩි වෙලා ඇද්ද?
හාට් පේෂන්ට්ලා... ඒ අස්සේ විජේගෙ කෙල්ල වගේ තව කී දාහක් stress එක නිසා එක-එක ලෙඩ
හදාගෙන ඇද්ද? කොරෝනා- කොරෝනා කිය-කියා ඒකෙම ටැපලිලා හිටියම හරි යන්නෙ නැහැනෙ
අයියේ....”
ඒකත් ඇත්තය! ඒ වගේම තව
වැදගත් ඇත්තකුත් තිබේ.
අප නොහිතන විදිහේ මැරෑටි හපන්කම් කරවන්නටත් කොරෝනාවට ඇහැකිය.
“ලොකා ඔයාට චූටි නංගී
කතා කළාද?” අපේ මානෙල් නංගී ඇහුවේ අප හම්බන්තොට එන්නට කලින්ය.
“නෑ මානි! ඇයි,
හදිස්සියක්ද?”
“ඒකිට පිස්සු ලොකා.... තවම සමන්තිටවත් කියල නෑ, මං හිතන්නේ. චූටිමයි මට
කිව්වේ....” සමන්ති, දීපානි දෙන්නාම එංගලන්තයේ හිටියත් නිතරම මානෙල් එක්ක කතා
කරති; ඒ අක්ක-නඟාලගෙ රහස්- උවන්දිරම් සේරම හුවමාරු කර ගනිති. අන්තිමට එවැනි දේවල්
(මතකයි නේද? අලුත් මනාල ජෝඩුවම
හවුලේ ගිලින පෙති බිව්ව හැටි!)
මට ළඟා වෙන්නේ මානෙල් හරහාය.
මට කොරෝනා
හැදුණොත් මගේ ළමයි පස්දෙනා- කියලා චූටි නංගිට හෝ ගාලා ඇඬිලා! |
“චූටිගෙ උගුර කසන්න අරං... හෙම්බිරිස්සා ගතියකුත් දැනුණලු. ඒකිට දෙයියෝ සිහි වෙලා...
-අනේ! මටත් කොරෝන හැදෙන්න තමයි එන්නෙ, අනෙ, අනේ... එහෙම වුණොත් මගේ ළමයි පස්දෙනා-
කියලා ඒකිට හෝ ගාලා ඇඬිලා.... ලොකා දන්නවද ඒ සැරේ මේ මොට්ටි කරල තියෙන දේ?”
“එයා තමුසෙටනේ කියල තියෙන්නෙ, ඉතිං, මං කොහොමද යකෝ දන්නෙ?” මං
එහෙම ‘යකෝ’ වගේ දේවල් කියන්නේ තරහෙන් නොවේ. නළවා-ලෙළවා ආදරණීය tone එකකිනි. (මගේ ඒ
නිපුණතාව ගැන ‘ආදර පූජාසනේ’ posts කියවූ ඔබට යළිදු කිව
යුතු නැත.)
“...චූටි නංගී හොරෙන්ම
සැනිටයිසර් බෝතලෙන් ටිකක් උගුරට විදගෙන....”
වාසනාවටය
මොකුත් වෙලා නැත්තේ. චූටියා මේ තරමටම ළිං ගෙම්බියක්ද?
එංගලන්තයේ සන්නිවේදන ක්‍රම අපට වඩා දියුණුය; යාවත්කාලීනය; තොරතුරු හංගනවා අඩුය;
විවෘතය.
එහෙම රටක ඉඳගෙනත්, දරු පස් දෙනෙකුගේ අම්මා වෙලත් දීපානි නංගී තවමත් පරිණත වෙලා
නැද්ද?
“කොහෙද? ඒකිට වෙලාවක්
තියෙනවය, ලෝකේ වෙන දේවල් ගැන දැනගන්න.... චූටිගෙ වැඩේම සුදිත්ටයි, ළමයින්ටයි
කැමැති-කැමති දේවල් උය-උයා දිදී ඉන්න එකනෙ... ලංකාවේ වුණත් අපේ අම්මණ්ඩිලා වැඩි
හරියක් එහෙමනෙ. දවසම උයයි.... එක්කො තමුසෙ වගේ කෙහෙල්මල් ටෙලි නාට්‍ය බල-බලා
ඉඳියි!”
“අනේ, ඔයා කියන තරං මම
ඔව්වා බලන්නෙ නෑ ලොකා.... ඔයා වගේ ලෝකෙ වටේම වෙන දේවල් හෙව්වේ නැතත්, මට මේ
ගමේ-වටේ තියෙන කෝලං දැනගත්තම ඇති ලොකා!” මානෙල් නංගිත් ඉඳහිට ඔහොම hints පාස්
කරන්නියකි!
මිනිස්
සංහතියම හැකිතාක් දැනුමෙන් පෝෂණය විය යුතුය.... |
දැනුමෙන් පෝෂණය!
අපට රැකෙන්නට; පවතින්නට හැකි වෙන්නේ එහෙම දැනුවත් වීමෙන් පමණකි.
මැයි 6 වෙනිදා උදේ කෑම
ගන්නා අතරේදී, මගේ දෙනෙත් සතුටු කඳුළෙන් නෑවුණේ එහෙම දැනුමැති පුතෙක් ගැන ඇහුවාමය.
අයස්මන්ත, නෙවිල් දෙන්නා කෑම මේසයට වාඩි වෙද්දී මං කළේ, කෑම බෙදාගෙන සුජානි
නංගිලාගේ සාලයෙන් වාඩි වෙන එකය.
“ඇයි නිමල් අයියේ, ඔයාත්
අර මේසෙටම වාඩි වෙලා බෙදාගෙන කන්නකෝ!” සුජානි නංගී ඇහුවේ මං එහෙම ඈතින් වාඩි වෙනවා
දැකලාය.
“ඉස්සර වගේ නෙවෙයි නංගී.
දැන් කාටවත් පෙනෙන්න ඉඳගෙන කෑම කන්න මං අකැමතියි. ඇඟිලි ලෙඩ දෙන හින්දා හැන්දෙන්
කෑම කෑවත්- හැට පැයක් හපන්නත් වෙලානෙ තියෙන්නේ දත් වහල්ල දුර්වල නිසා! දකින
කෙනෙකුට අප්‍රසන්න බව දැනගත්තාම, තමුන් දැන ගන්න ඕනිනෙ මොනවද කරන්න ඕනි කියලා....”
“ඔයාට නං පිස්සු නිමල්
අයියේ.... ඉන්නකො එහෙනං මාත් මෙහෙන් වාඩි වෙන්න. අපි දෙන්නා අඹ කයියක් දාගෙන
කමු..... ඔයාට තව මොනවා හරි ඕනි නං මට කියන්න, හොඳේ!” කියලා සුජානි නංගී මට තනි
රකින්න ගත්තා.
අද රටට
ඕනෑ කරන්නේ Sanjula වැනි දරුවන්ය. |
“අපිටත් හරි සතුටුයි නිමල්
අයියේ. ඔයාට කියන්න කොල්ලා ඉගෙන ගන්න හරි දක්ෂයා! ඔයා දන්නවද මේකා මොන්ටිසෝරියේ
final දවසෙ කියපු කතාව?
-දැන් මොන්ටිසෝරි ඉවරයි! ඊළඟට ඉස්කෝලේ. ඊට පස්සේ campus නේ තාත්තේ.-
එච්චරට උනන්දුවෙන් හිටියේ studiesවලට....”
ඒ කතාව මගේ බොක්කටම
වැදුණේය!
පහුවදා උදෙන්ම මං කළේ Sanjula Gathsara ගැන fb එකෙන් සොයා බැලීමය.
එහෙම කළේ සංජුල ගැන
විස්තරයක්, මේ බ්ලොගයෙන් හිතාදර පාඨක ඔබටත් කියන්නට හිතුණු නිසාය; හරියටම කියනවා
නං Sanjula ගැන නොවේ- ඒ දරුවාගේ කෙරුවාව ගැන කියන්නටය.
දැනටමත් ඔබ දනියි.
පමුණුව කිව්වාම රට පුරාම ප්‍රසිද්ධය. මුලදී නිකම්ම තිබුණු පමුණුව ‘පාංකඩ පමුණුව’
වුණෙත්, ටිකෙන්-ටික ‘පාංකඩ’ විශේෂණය හැළී ගියෙත්, මගේ ඇස් පනාපිටය.
එහෙම ප්‍රසිද්ධවූ පමුණුවේ රෙදි බිස්නස් කරන්නට බැස්ස උදවියගේ පවුල්වලින් බිහිවෙන
වැඩි හරියකුත් එයින් එහාට නොගිය බව මම දුටුවෙමි.
අපේ රට පුරා ත්‍රී වීල් රස්සාව කරන අයගෙත් එහෙමය. නිකමට හොයා බලන්න. තාත්තාගේ තුන්සකේ
රස්සාවටමය පුතාලාත් බහින්නේ.
හෙට රටට නොව, අද රටටත්
ඕනෑ කරන්නේ එවැනියන් නොව Sanjula වැනි දරුවන්ය.
විද්‍යා ශිෂ්‍ය සංගමයේ
උප ලේකම්- නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක- තාරකා විද්‍යා සංගමයේ ලේකම් වගේ
තනතුරු-වගකීම් උසුලන අතරේමය, මාතර රාහුල විද්‍යාලයයේ උගත් සංජුල පුතා ගණිත අංශයෙන්
සිරි ලංකාවේම 18 වෙනියා වෙමින්, මාතර දිස්ත්‍රික්කයෙන් තෙවෙනියා ලෙස අපොස උසස් පෙළ
සමත්වී තියෙන්නේ.
ඒ වාර්තා
දැක්කාම..... |
“නියමයි, සුජානි නංගී...” මට හීල්ලුණේ නිකම්මය.
“ඇයි නිමල් අයියේ....
හූල්ලන්නේ?”
“එහෙම වෙලා, කවදා හරි ඒ දරුවත් අන්තිමට නවතින්නේ පිටරටක තමයි.... මට ඒක කල්පනා
වුණා!”
“ඉගෙනගෙන පිටරටකට නොයා මෙහෙ මොනව කරන්නද? ඉගෙන ගත්ත තරමටම ගැළපෙන රස්සාවල් හම්බ
වෙනවද අයියෙ මේ රටේ. රස්සාවක් හම්බ වුණත් කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න ඉඩක්...?”
ඒ ප්‍රශ්නයට උත්තර නං දෙයියන්වත් දන්නවා වෙන්නට බැරිය. සමහර විටෙක සංජුල දන්නවා විය හැකිය, දැන්ම නොකිව්වාට. මට එහෙම හිතුණේ 2021 මැයි 5 වෙනිදා හැන්දෑවේ සංජුල පුතා මුහුණු පොතේ මෙවන් සටහනක් ලියා තිබෙනු දුටුවාමය!
‘8 A’S
and 1 C for O/L’s…. It’s nothing…. This is A/L…. Come and Enjoy….. Go beyond
the system….. It tries to drive you but you drive it…. Think Different! Be
dIFFERENT!’
මට නම් මසුරං වටින්නේ මෙවැනි එඩිතර උදානයන්ය!
ඒ පුතණ්ඩියා එවන් වාර්තා තියද්දී අපට විතරක් නිකං ඉන්නට පුළුවන්ද? අපිත් ඔන්නොහේ වාර්තා තැබුවෙමු. ඒ වෛද්‍ය වාර්තාය. ඒවා දැක්කාම......
ඔව්, ඔව්! උදේ දහයාමාරට
විතර ඒවා දැක්කාම අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස් මහත්තයාගේ සිරසට යක්ෂ
සේනාධිපතියෙකුම ආරූඪ වුණේය.
“ඈ xත්තො, තෝ අපට
හොරෙනුත් බීල-බීලා, බතුත් කෙළලා ඇරලත් තොගේ රිපොර්ට්ස්සුත් මෙහෙට ආවම හොඳයි. මුගෙ
ඊට හපන්.... මූත් පැණිරස ගිලලා; මුගෙ හූනියන්කාර ආදරණීය මානෙල් නංගි අපිටත් ගිල්ලවන
පිටි-සීනි කෑම සේරම කාලා ඇවිල්ලත් මුගෙ reportsසුත් හොඳයි..... යකෝ.... බලාගෙන
ගියාම මටනේ පිස්සු!”
දොස්තර මහතාට එලෙස
කියවුණා වුණත්, එහෙම වෙන්නට ඇත්තේ කිමද කියා වටහාගන්නට වෙර දැරීමක නියැළෙන්නටත්
අපි අමතක නොකළෙමු.
කොරන්ටයින්
අවදියේදී හුදෙකලාව මකා ගැනීමට ගස්-ගල්-බිත්ති අමතා හෝ කතා කිරීම සාමාන්‍ය දෙයකි.
එහෙත් ඒවා ප්‍රතිඋත්තර දුන්නොත්..... |
“ඕයි. කිරාත කියන්නේ හීන් බිං කොහොඹ. කොරෝනාවලට හදන සිංහල බෙහෙත්වලත් වැඩියෙන්ම තියෙන්නේ ඒවාලු.... සීනි බහින එකම විතරක් නෙවෙයි, කිරාතවල තියෙනවය කියන්නේ... අනික ඔය තමුසෙලා බනින තරමට මම කෑදර නෑ. හැබැයි, කවුරු හිටියත් මට යමක් කන්න හිතුණොත් කනවා... ඒත්, දන්නවද මම කී දවසක් පැය 16 ගණනේ fasting කරනවද කියලා....”
ඒ වෙලාවේ මගේ උත්තරේ තවත් දිගය. ඒ සේරම මෙතැනට අදාළ නැත. “....එහෙනං නෙවිල්... තමුසෙම කියනවකො තමුසෙගෙ රිපොර්ට්ස් හොඳ වුණේ කොහොමද කියලා. තමුසෙ මොනාද කළේ?”
“ඇති, ඇති.....
යුෂ්මතාලගෙ කයිවාරුව! තොපි දෙන්නම එකයි..... නෙවිලෝ, මේකට නං කියල වැඩක් නෑ මචං...
මම කල්පනා කළේ...., උඹේ blood pressure එක නඟින්නෙ රස්සාවයි, අම්මයි දෙකම හින්දා
වෙන්න පුළුවන්.....” පීරිස් කිව්වේ බැරෑරුම් හඬකිනි.
“වෙන්නත් පුළුවන් පීරා!
දන්නවද... මේ දවස්වල අපේ සයිට් එකට ඇවිත් ඉන්නේ xxxxxxx පැත්තේ ගමක set එකක්.
කිසිම උගත්කමක් නෑ මචං. එදා-එදා විතරයි ජීවත් වෙන්නේ... ගෙවල්වලට යනකොට ගෙනියන්න
කීයක් හරි ඉතිරි කරගනිල්ල කිව්වට අහන්නෙත් නෑ..... වියදම් සල්ලි නෙවෙයි, දවසේ පඩියම
දුන්නත් උන්ට මදි. පට ගාලා වියදම් කර ගන්නවා.
දවස තිස්සෙම නැහිල-නැහිලා ගන්න සල්ලිත් වියදම් කරගෙන හවසට බොනවා.... බීලා කෙළ
ගන්නවා.
කොහෙන් හොයා ගන්නවද මන්දා මචං.... උන් ගමේ ඉඳලා ඇවිත් දවසෙන්-දෙකෙන් ගංජත් හොයා
ගන්නව වෙන්ඩෝනෙ මෙහෙන්....
උන්ගෙන් වැඩක් ගන්න නං පස්සෙන්ම ඉන්න ඕනි... ඒ මදිවට, හරියට සිංහලවත් බෑ. තෙලිඟුලු....”
එයාලා
එන්නැත්තෙ අහිගුණ්ටික ගමකින් වෙන්නැති! |
“... යුද්දෙ කරලා ගෙදර
යනකොට අම්මා! මම බයේ ඉන්නේ මචං... කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ බං.
වත්තෙ ගස්වල මල් කඩාගෙන අහල-පහළ ගෙවල්වලට යනවා බෙදන්න... ඒ මිනිස්සුන්ට පූජා කරන්න
මල් නැහැල්ලු. හැබැයි, අපේ එක්කෙනා මලක්-පහනක් පූජා කරන්නෑ මතක ඇති දවසක....
ඔහොම ගිහිල්ලා වැටිල ඔත්පොල වුණොත්! ..... ඇඳේමයි විඳවලා මැරෙන්න වෙන්නේ.... එපා
කිව්වම අහන්නනෙ බැරි.
මට යකා නැඟපු තැන, මම වත්තේ තිබිච්ච මල් ගස් සේරම කපල දැම්මත් එක්ක....”
කාලෙකට පස්සේ, නෙවිල්
එච්චර දිගට කතා කරනවා පෙනුණේ එදාය.
“...සේරටම හපන් පීරා, දැන් ගොඩක් වෙලාවට එයාගෙ මතකෙත් මාව නෑ. හවසට බලාගෙන ඉන්නෙත් මං එනකල් නෙවෙයි. මම ගෙනියන බනිස් දකිනකල්.... දැක්ක ගමන් අහන්නේ -බනිස් ගෙනාවද- කියල විතරයි.....”
අනිච්චේ, දුක්ඛේ,
සංසාරේ! ඒ උදාහරණය කොට්ටාවෙනි.
මේ පමුණුවෙනි!
ලාවතී අක්කා ඉන්නේ අපේ පාරෙමය.
(‘ලාවතී’ කියව්වේ නමෙන් කෑල්ලක් විතරය.) ඒ මනුස්සයා ඇහැරෙන්නේ හිමිදිරි පාන්දරය.
First of all ඒ අංගනාව අපේ අතුරු පාර ඉස්සරහටම යයි.
අපේ පාරේ උදවිය ගෙවල්වල
කුණු ගෙනිහින් දමන්නේ
එතැනටය.
පමුණුව පාරේ වාහනවලින් යනෙන ‘හැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෝ කොටසකුත්’ සාඩම්බරයෙන්
එයාලගේ කුණු මලු අර කුණු ගොඩටම වීසි කරගෙන යති. ලාවතී අක්කා එතැනට පාද යාත්‍රාවේ
යෙදෙන්නී අර කුණු මලු සියල්ල එකක් නෑර පිරික්සා බලන්නටය.
ඈ එලෙස යන්නී, එක හැරමිටියක් හා එක අත් වාරුවක් බැගින් දෑතේ රුවාගෙනය; ගාටමින්ය; කොන්ද වකුටු කරගෙනය. එතැන......
එකටම ඇවිත් කියවන්නට ලැබුණා ය
ReplyDeleteකිරාතා ගැණත් වතගොත හෙව්වා ය
වෙන මොක නැතත් කට කෑවත් කිව යුතුය
අදනං චීත්තවාහිනියක් ලියලා ය
දැනගෙන මෙලෙස ලියවෙන බව හුටප්පර
Deleteමුලදීම කියා, සතියක බව ලකුණු කර
ලිව්වේ විත්ති, covid ලොකු චරිතෙ කර
පේනව නේද තත්ත්වේ අතිභයංකර
කෝවිඩ් නිසා සාමාන්‍යයෙන් ලංකාවේ මගුල් හා අවමගුල්වලට කරන අති විශාල වියදම්නම් අඩු වුනා නේද?
ReplyDeleteමටත් වෙඩින් ඉන්විටේශන් නොලැබීම හා ලැබුනත් නොයාම වගේ හොඳක් වුනා. අකමැතිම දෙයක් වෙඩින් (ට්‍රිප් එකක් වගේ යන කොළඹින් ඈත පැතිවල තියන ඒවා හැර )
මගේ විශ්වාසය නම් Pra Jay, විවාහය කුඩා උත්සවයක් ලෙස ගෙන, අඩුම ගානෙ දෙවෙනි සංවත්සරයවත් එළඹෙන තෙක් හිඳ ලොකු උත්සවයක් ගත යුතු බවයි. කැමතිම නං- සල්ලිත් තියෙනවා නම්. එහෙම කියන්නට හේතුවත්, මෙන්න ඇත්ත කතාවකින්ම.
Deleteමගේ සුමිතුරු ඡායාරූප ශිල්පී උදේනි අල්විස් වතාවක් කිව්වා, සමහර කපල්ස්වල 'මංගල ඡායාරූප ඇල්බමය' හදාගෙන යනකොට එයාලා ඩිවෝස් වෙලත් ඉවරයි කියලා.
(හැබැයි, එයා එහෙම කියපු තැන හිටි අපි දෙන්නගෙම යාලුවෙක් එතකොට කිව්වා -මචං, උඹ සමහර ඇල්බම් ඉවර කරගෙන යනකොට ඒ මිනිස්සුන්ගෙ දරුවොත් බඳින වයසට ඇවිත්නේ- කියලත්!)
මටත් හුඟාක් වෙඩින්ස් හරිම බෝරින්, වැඩියත්ම කණ පැලෙන සද්ද නිසා..
මේ කාලේ කසාද බඳින කපල් හෙන ලකී. අපි වෙඩින් වලට ගත්තු ලෝන් තාම ගෙවනවා හෙහ් හෙහ් ..
ReplyDeleteපැතුම්, අද foto එක දැම්මට සචිනි-ෂෙහාන් දෙන්නගෙ දෙවෙනි වෙඩින් ඇනිවසරි එකයි අද තියෙන්නේ.
Deleteමනාලියගේ වමත පැත්තෙන් ලඟින්ම ඉන්නේ ඒ පවුලේ දෙවෙනියා; ප්‍රමෝද්‍ය. ඊළඟට ලොක්කා, අකලංක. එයා තමයි මේ බ්ලොග් සයිට් එක හදලා දුන්නේ සහ සේරම කියලා දුන්නේ.
වඩා වැදගත් ඒවා නෙවෙයි.
මේ අප්‍රේල්වල සචිනිට- අකලංකට- එයාගේ බිරිඳට; තුන් දෙනාටම කොරෝනා හැදුණා. එයාලගේ අම්මා ආසාදිත වෙලා ඉන්න අතරේ මේ ගෙවල් දෙකටම ඇවිත්. ජෝඩු දෙකටම බිලිඳු දරුවෝ දෙන්නෙකුත්... අම්මයි, පුතයි, ලේලියි, දුවයි හතරදෙනා නිරෝධායන මධ්‍යස්ථාන තුනක කොටු කෙරුණා!
ගිය වතාවේ පෝස්ටුවෙන් කියපු අපේ මිතුරන් දෙන්නා වගේ නෙවෙයි, අකලංක දන්නා හැමෝටම කොරෝනා පණිවිඩේ දුන්නා.... මටත් කිව්වා මේ අවට හැමෝටමත් ඒ විත්තිය කියන්න කියලා. එයාලා ඉන්නේ අපට lane එකකට එහායින්- එක්සත් සුබසාධක මාවතේ.
චූටි නංගි රටේ ලෝකේ දේවල් හොඳට දැනගෙන තමයි සැනටයිසර් ගහන්න ඇත්තේ. ඒක ට්‍රම්ප් මහත්තයා රෙකමදාරු කරපු බෙහෙතක්නේ!. ඉතින් පොඩ්ඩක් උගුරට ස්ප්‍රේ කලාට වරදක් වෙන එකක් නැහැ.
ReplyDeleteමටත් කොරෝනා එන්නත ලබා ගන්න කියලා ලිපියක් එවලා තිබුනා. දැන් අවුරුදු 50-59 අතර මැන්ටල් වලට තමයි එන්නත දෙන්නේ. ඉතිං, මමත් පෙරේදා ගිහින් ගහ ගත්තා. ඒක නිසා මට සති අන්තේ සැනටයිසර් ටිකක් උගුරට දාගන්න තියන වරප්‍රසාදයත් අහිමි උනා.
ගෙදර ඉන්න මටත් සැනිටයිසර් බෝතල කිහිපයක්ම ලැබුණා. මං ඒවා හොඳ වෙලාවට වෙන-වෙන අයට දීලා දැම්මේ. නැත්තං බීලා බලන්න හිතෙයි... ට්‍රම්ප් උන්නැහේත් කිව්වා නං නාක් වෙන්න බැහැනෙ.
DeleteSam, 50-59 කියන්නේ මැන්ටල් වයසක්ද? ඔහොම ඒවා රහසේ කියනවා මිස මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න එපා, මහත්තයෝ. එහෙම කිව්වාම අපිට මොනවද වෙන්නේ...
එන්නත් මාත්‍රා දෙකම විද්දාට පස්සේ ඇගපත රුදාව මහන්සිය අතේ කැක්කුමක් වැනි අටෝ රාසියක් අතුරුආබාධ ගොඩදෙනෙකුට ඇවිල්ලා කියලා කියනවා. මටත් ඔය රෝග එකක් දෙකක් දැනෙනවා. නිරන්තරයෙන් මුඛාවරණ දමන් ඉදිල්ලෙන් මොළයට සිරුරට අවශ්‍ය ඔක්සිජන් අඩුවෙන් ලැබිමත් එන්නතේ අතුරුආබාධ ගොන්නට එක හේතුවක් වෙන්න ඇති.
ReplyDeleteඅසංග, එක-එක්කෙනාට ආපු අතුරු ආබාධ එක-එක විදිහයි. (එකම දවසේ එන්නත ගත් හුඟ දෙනෙකු දන්නා-හඳුනන, තොරතුරු කතාබහ කරගන්නා උදවිය නිසා චීත්තවාහිනියට සේරම තොරතුරු වාර්තා වුණා. දෙවැන්න ගත්තාමත් එහෙමයි.)
Deleteඅපේ කට්ටියගෙන් නම් කාටවත්ම එච්චර අසීරුතා දැනුණේ නෑ. ඒ තියා මේ හංකඩේ වගේ ඉන්න මාත් ඔරොත්තු දුන්නනේ!
අසංග, එන්නතේ අතුරු අබාධත් මේ රෝගය වගේම තමා. කිසිම වේදනාවක් අපහසුතාවයක් නැති තත්වයේ සිට මරණය දක්වා පරාසයක මේ රෝගය සහ එන්නතේ අතුරු ආබාධ පැතිරී තියනවා. මගේ ලොක්කාට එන්නත ගහලා දවස් දෙකක් අත හොල්ලන්න බැරුව හිටියා. ඒ උනාට මට එන්නත ගහනකොටවත්, (කටුවෙන් අනින කොට එන වේදනාව දරා ගැනීමට සුදානම් උනත්, 'ඔක්කොම හරි' කියලා නර්ස් කියනකනුත් මට ඉඳි කටුව අතට ඇනෙනවා වත් තේරුනේ නැහැ), ඉන් පසුව වත් අමාරුවක් තිබුනෙම නැති තරම්. ඒ උනාට මේ වෙනකොටත් ඕස්ට්‍රේලියාවේ 26 දෙනෙක් විතර එන්නත නිසා රෝහල්ගත කරලා තියනවා.
Deleteලංකාවේ මේ රෝගය සහ එන්නත් වල හොඳ නරක ගැන මහජනතාවට උපදෙස් දෙන්නේ උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ හාල්පාරුවන් උනත්, ඕස්ට්‍රේලියාවේ මේ ගැන හොඳ නරක වාර්තා කරන වැඩ සටහන් වලට කරුණු ඉදිරිපත් කරන දෙතුන්දෙනා අතර මහාචාර්ය සංජය සේනානායක කියලා ඔසියෙකුත් ඉඳීම අපිට ආඩම්බරයක්.
ඔය කියල තියෙන සාමාන්‍යයි කියලයි කියන්නෙ. ඒත් බොහොම සුළු පිරිසකට, ඇත්තම අතුරු ආබාධ ඇවිත් තියනවා. තමන් ඒ සුළු පිරිසට අයිතිද, නැත්ද කියල දැණගන්න වෙන්නෙ එන්නත් විදගත්තාම තමා.
ReplyDeleteඔයා හරි බස්සා මහත්තයෝ! සීයට ගණන් වශයෙන් කියන්න දැනුම මදි. අපට එන්නත් කළ මධ්‍යස්ථානයෙන් බෙහෙත විදගත් එක්කෙනෙකුට නං දිගටම පාචනය තිබුණු බව ආරංචි වුණා... දන්නවනේ මගේ හැටි, මට හිතුණේ ඒ මනුස්සයා ගූ බයේ ඉන්න ඇති කියලයි.
Deleteපීනන්න වෙන්නේ වතුරට බැහැලමනේ!
නිමල්ගෙ චූටි නංගිගේ විස්තරේට පස්සෙ සංජුල ගැන විස්තර ලියපු එක හොඳයි. සමහර වෙලාවට වැඩිහිටියන්ට අමතක වෙනවා පොඩි අයගෙන් අපට ඉගෙනගන්න පුලුවන් දේවල් තියෙන බව.
ReplyDeleteගැහැනු ලමයින්ගෙ ඔලුවට පොඩි කාලෙදිම ජීවිතේ එකම අරමුණ හොඳ විවාහයක් කරගෙන ලස්සන පවුලක් හදාගෙන ඉන්න එක කියලා දාන එකත් ඔය වගේ පස්සෙ කාලෙක රට තොට ගැන අවබෝධයක් නැතුව ටෙලි නාට්ටියක් විතරක් බලාගෙන ඉන්න යොමු වෙන්න හේතුවක්. ඒක හොඳ අරමුණක් තමයි, නමුත් ඊට වඩා higher purpose එකක් ජීවිත් තියෙන්න පුලුවන් කියලා තේරුම් ගන්නෙ නැති නිසා ඒගොල්ලො stuck වෙන්න පුලුවන්. තමන් තනියම ඉන්න කාලෙ කරපු විනෝදාංශ, වෙනත් දක්ශතා වගේ දේවලුත් විවාහයේ නමින් සමහරු අත් හරින නිසා ඒ සයිඩ් එකෙන් සතුටක් ලැබෙන එකත් නැති වෙනවා. Voice SL බලද්දි මම ඉතාම අගය කරන දෙයක් තමයි පොඩි ලමයි තමන් කැමති දේ කරන්න, කැමති විදිහට අදින්න, කොන්ඩෙ කපන්න යම් ප්‍රමාණයකට නිදහසක් ලැබිලා තියෙන එක වගේම- ඒක ඒගොල්ලන් සංගීතය වගේ දෙයක් pursue කරන්න යොදවලා තියෙන එක.
ඇත්තටම Lotus, අපේ චූටි නංගී, සංජුල ගැන වගේම අර xxxxxxන් ඇවිත් වැඩ කරන පිරිස ගැනත් එකම දවසේ කියන්න ලැබීම වාසනාවක්. ඒවා එක ළඟ දවස් දෙකකදී කියැවුණු තොරතුරුනේ. මානෙල් නංගී ගැනත්...
Deleteචුට්ටක් හිතනකොටම මට පේන්නේ ඒ ඒ අයගේ ජීවිත අරමුණුවල වෙනස....
ලංකාවේ හුඟ දෙනෙකු හිතන්නේ එයාලා ඉපදිලා ඉන්නේ කසාදයක් බඳින්න- දරුවෝ හදන්න - එයාලගේ අනාගතය හදලා දෙන්න කියලා විතරයි. තමන්ටත් හරවත්- රසවත් දිවියක් ගෙවන්න අයිතියක් තියෙනවා කියලා හිතන්නේ කීයෙන්-කී දෙනාද?
ඇත්තමයි, මොන්ටිසෝරි අධ්‍යාපනය ඉවර වෙන දවසේ; ඒ වයසේදී sanjula කිව්ව කැම්පස් කතාව මොන තරම් අධිෂ්ඨානශීලී එකක්ද?
මම හරිම ආසයි අපේ දරුවෝ හැමෝම ඒ වගේ අය වෙනවා නං...
This comment has been removed by the author.
ReplyDeleteකොරෝනා දවස්වල ststress ආව තව දන්න අය ඉන්නවද අය්යේ
ReplyDeleteStress ආව අය.
ReplyDeleteමෙහෙමයි දිමුතු නංගි, මේ ලියන්නේ සුමානෙක විස්තරනෙ. ඒ දවස් හතේ වෙච්චි දේවල්වලින් හොඳම හරිය- අරන් ලියන්නේ නීරස නොවෙන්න.
Deleteඉතිං සමහර ඒවා පිළිවෙලටම නෙවෙයි, කරුණු අනුව ගලපන්නත් වෙනවා. හරිම විදිහට බලනවා නං තවම කියැවුණේ මැයි 5 හා 6 දින දෙක ගැන- 6 වෙනිදායිනුත් කොටසක් ගැන විතරයි. ඉස්සරහට තව තියෙනවා..... එතකොට බලන්නකො....
“ඉගෙන ගත්ත තරමටම ගැළපෙන රස්සාවල් හම්බ වෙනවද අයියෙ මේ රටේ” - අනිවාර්යයෙන්ම වෙනස්විය යුතු දෙයක්. ඉගෙනෙගෙන රස්සාවක් ගන්න නෙවෙයි රස්සාවල් ගොඩක් දෙන්න අපි දරුවන් උනන්දුකල යුතුයි. ඉගෙනීම තුලින් වුර්තිකයන් (Proffesionals) විතරක් හදලා මදි. ව්‍යවසායකයිනුත් (Entrepreneurs) හදන්න ඕන
ReplyDeleteචමි, අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යන කතාවක් දැක්කා.... දරුවෙකුගේ ඉගෙනීමේ කාලයත් අවුරුදු 12 කට සීමා වෙනවලු.
Deleteහැබැයි ඔය නීති හදන අය මව්කිරි බීපු, ඉගෙනගත්තු, පොළොවේ පය ගහලා ඉන්න අය වෙයිද මන්දා.
මට හිතෙන විදිහට ලමයින්ට පොලොවේ පයගහලා ජීවත්වෙන්න පුරුදු නොකරන්නේ දෙමවුපියෝ. අද ලමයින්ව හදාවඩන්නේ කූඩුකරපු වටිනා කුරුල්ලෝ වගේ. දෙමවුපියෝ නැතිදාක ලමයි ජීවිතේට කොහොම මුනදෙයිද කියලා දෙමාපියෝ හිතන්නේ නෑ.
Deleteදැන් ඉන්න මිනිස්සු මැරෙන බවක් නොදන්නා අයනෙ චමි!
Deleteඅමතක වුණා, ඔයාගේ පෝස්ටර් නිර්මාණයට ස්තුතියි, හොඳේ.
මිනිස්සු බය උනාම අපේ ලොකු කතා අදාළ නෑ.. හරක් ගොම නාන්න, හරක් මුත්‍රා බොන්න, පැණි බොන්න, අරිෂ්ට බොන්න, ස්ටීම් කරන්න, නැත්නම් ඔය ඔක්කම කලවමේ කරන්න විතරක් නෙවෙයි සනිටයිසර් උගුරට ගහන්න, සබන් වතුරෙන් තත්පර විස්සක් උගුර හෝදන්න ඔය වගේ ඕනි විගඩමක් කරන්න පුළුවන්. නිවැරදිව දැනුවත් කිරීම් කරන එක, පැහැදිලි උපදෙස් ලබාදීම, ජනතාවගේ විශ්වාසය දිනාගත්ත පිරිසක් මේ දේවල් සම්බන්දව කටයුතු කිරීම වගේ දේවල් තමයි ඕකට විසඳුම. අනික රජයෙන් ගන්න ඇක්ෂන් වල විනිවිදභාවය. 'අපිව බලාගන්න කවුරුත් නෑනේ' කියල හිතුනොත් තමයි මිනිස්සු පුළු පුළුවන් විදියට තම තමන්ව බලාගන්න යන්නේ
ReplyDeleteඅනේ මහත්තයෝ, දැනුවත් වීම පැත්තෙන් නං අපි ඉන්නේ ලෝකේ හොඳම තැනක.
Delete2021 මැයි 10, නිවේදන අංක-21/115 යටතේ ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් වුනු වාර්තාවට අනුව රුපියල් 67,543,967.00ක් කොරෝනා දැනුවත් කිරීමේ වැඩ සටහන්වලට වියදම් කරලාලු!
ඉතිං මොකටද බය වෙන්නේ....
ඒ නිවේදනයේ හැටියට 'කෝවිඩ් -19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රු.1,752,402,793.24ක් ලැබිලා තියෙද්දී තමයි අරහෙම වියදම් කරලා තියෙන්නේ.