අනුර ජිනදාස කතා කළේ හෙනහුරයි, රාහුයි
දෙන්නම වෙනුවෙන්. |
ඇවිද්දවන්නෙ රාහු. එයා හරි ඔළුවක් නැති
කෙනෙක්. නිකං වටපිට බලබලා ඇවිදින එක විතරයි. ඵලයක් හරිම අඩුයි.
අමාරුවෙන් උණත් මේ ටික කෙටුවෙ වැරදි දේවල්
සමාජගතවීම වලක්වන අදහසින් මිස බ්ලොගයට අනතුරක් කරන අදහසකින් එහෙම නෙවෙයි.
මේ වගේ දේවල් කියන්න පුළුවන්කම ලැබෙන්නෙත්
අරෙහෙම දේවල් නිසා තමා. ඒකට පිං!’
මේ post එකේ පළමුවෙනි කොටස
අපේ හිතවතා අනුර කියවලා තියෙන්නේ ඊයේ. අනුර ජිනදාසත්
දැන් ‘බොග දාන්නෙක්’. දන්නවනෙ, ‘ජිනාගේ කොලම’.
ඊයෙයි මාත් දැන ගත්තේ අනුරට පොඩි අනතුරක් වෙලා! මං හවස එයාට කතා කරන්නයි හිටියේ.
ඒ අස්සේ සති ගණනාවක් පෙරුම් පුරමින් ඉඳලා,
නමියාත් නමෝ විත්තියෙන්ම ආවා නිදිව හම්බ වෙන්න. ඔව්, ඔව්. එයාත් blog රචකයෙක්. ‘නමියගෙ වීදිය’ ලියන්නෙ එයා.
අපේ දිගම දිග රසබර අල්ලාප-සල්ලාපය හිටි ගමන් නවත්තන්න වුණේ ‘හරියටම කෙරුණ’ විදුලිය
කැපිල්ලෙන්. ඊයේ කැපිල්ල පැය දෙකක්!
නමී ආපහු යන්න ලැහැස්ති වුණා.
‘බාගෙට කරුවලේ මූණට මූණ හරියට පෙනෙන්නැතිව කතා කරාට ගතියකුත් නැහැනේ!’ මං නමීට සමු
දුන්නා.
දිග වෙලාවකට කරන්ට් කපනවා නං මම කරන්නේ නිඳා ගැනිල්ල. ඒකෙන් අනුරට කතා කරන්න බැරි
වුණා. මෙන්න බොලේ අද උදේම එයා මට කතා කරනවා. කතා කළේ හෙනහුරයි, රාහුයි දෙන්නම
වෙනුවෙන්.
බෝතල් අඩංගු කාඩ්බෝඩ් පෙට්ටිය හිස මුඳුනේ
තියාගෙන වැඩමවුවේ නෙවිල්ය! (foto- වෙනුජ තේජාන් හා සඳසරා පීරිස්) |
අපි බත්තලංගුණ්ඩුවට ගිහිල්ලම
බත් කමු නේද? දැන්... තව මොනවත් ප්‍රශ්න තියෙනවද?” ප්‍රියංකර අපෙන් ඇහුවා කියලයි පහුගිය කොටහ
ඉවර කළේ. මේං එතැන ඉඳලා:
මට නං ප්‍රශ්නයක් තිබ්බේය. ඒත් ඒක කාගෙන්වත් අහලා වැඩක්
නැති එකකි.
නෙවිල්ගෙන් හරි හැටියට උපදෙස් නොලැබුණු නිසා මගේ ඇඳුම් බෑගයේ, පළමු දවසට ගැනීමට
වෙන-වෙනම ඇඳුම් අසුරා තිබුණේ නැත. මේ කලබලේ, දැන් කොහොම ඇඳුම් වෙන් කර ආපහු
අසුරන්නද?
“අයියෝ නිමල්...ඔයා කරදර වෙන්න එපා. ඔච්චර පුංචි bag
එකකද ඔයාගේ ඇඳුම් සේරම තියෙන්නේ. ඕක ඔහොමම අරගෙන යමු!” මගේ ඇබින්දං ඇඳුම් බෑගය
දැකලා ප්‍රියන්ත කිව්වේය. “ඕකෙන් බෝට්ටුවල ඉඩකඩේ ප්‍රශ්නයක් වෙන එකක් නෑ.”
අපේ නඩය බෝට්ටු තිබෙන හරියට එක්කරගෙන යන අතරේ, ප්‍රියංකරගේ
සගයන් දූපතට ගෙනයා යුතු දේ යුහුසුළුව රැස් කරන්නට පටන් අරගෙනය. අපේ ඇත්තන් වැඩියත්ම
පරෙස්සමෙන් බෝට්ටු වෙත වැඩම්මුවේ බෝතල් අඩංගු කාඩ්බෝඩ් පෙට්ටියකි. සධාතුක කරඬුවක්
මෙන් හිස මුඳුනේ තියාගෙන ඒ පෙට්ටිය වැඩමවුවේ නෙවිල්ය.
Atara Lagoon කෑම ශාලාවේදී ප්‍රියංකර කියූ කාරණයක
බරපතළකම අපට පෙනෙන්නට ගත්තේ වෙරළේදීය.
“සර්ලට බොන්න වතුර සේරම අපි කල්පිටියෙන්ම අරගෙන යනවා.
බත්තලංගුණ්ඩුවේදී නම් සර්ලට නාන්න වෙන්නේ මුහුදෙන්. හැබැයි එහෙම නාලා ආවම කරිජ්ජ
හෝදගන්න ඕනි තරං වතුර අපි දෙනවා..”
28 දෙනෙකුට බොන්නට වුණත් උවමනා වෙන්නේ පොඩි වතුර කන්දරාවක් නොවේ.
වතුර බූලි විතරක්ද? ටෙන්ට්ස්.... තව-තව අඩුම-කුඩුම bags බෝට්ටු අසලට ගෙනවිත් ගොඩ
ගැසෙයි.... සගයෝ තවත් ලට්ට-ලොට්ට අරගෙන එති!
නෑ නෑ... පොඩ්ඩක් ඉන්න මැඩම්, බෝට්ටුවේ
වහලේ දිග අරිනකල්... එතකොට... (foto- W.A. වෙනුජ තේජාන්) |
“අනේ අම්මේ... පැයක්- හමාරක් කට්ට අව්වේ පිච්චි-පිච්චී
යන්න ගියාම එපා වෙයි...” ඡවි කල්‍යාණය ගැන සැලකිලිමත් වෙන්නියක් කෙඳිරි ගෑවේ
එතැනදීය.
‘එක්කෙනාට එක කුඩේ ගානේවත් තිබ්බා නං.....’ ඒ මැසිවිල්ල බෝට්ටුකරුවන්ටත් ඇහිලාය.
“නෑ නෑ... පොඩ්ඩක් ඉන්න මැඩම්, බෝට්ටුවේ වහලේ දිග
අරිනකල්... එතකොට කුඩ ඕනි වෙන්නේ නෑ. හෙවණයි.”
එහෙම කියවුණාම නම් අපටත් සතුටුය. කල්පිටියේ කාෂ්ටක අව්ව සිරුරම දවා ලන්නකි!
“අර වේලෙන්න දාලා තියෙන මාළු, මේ අව්වට එක දවසෙන් කරවල වෙනවා ඇති!”
එතැනදී අමාරුවෙන්ම බෝට්ටුවට නඟින්නට වුණේ මටය.
බෝට්ටුවේ ගැට්ටට පස්ස තියලා කකුල උස්සන්නට හදද්දී කකුලේ කෙණ්ඩ පෙරළෙන්නට ගනියි. මොන
හැටියකින්වත් කකුල උස්සා ගන්නට බැරිය. මගේ අමාරුව දැකලා අපේ නඩෙන් කෙනෙකු උදව්වට
එන්නට කලින්, අපේ බෝට්ටුව පදවන්නා එතනට ආවේය. ‘ඉන්න සර්!’ කියලා මාව හරහට වඩාගෙන
බෝට්ටුව ඇතුළෙන් තිබ්බේය.
“ස්තුතියි මල්ලී!”
බත්තලංගුණ්ඩුවේ සිට වෙන්නැති, අප වගේම විනෝදකාමියෝ
රොත්තක් බෝට්ටුවකින් ඇවිත් වෙරළට ගොඩ බසිති. ඒ හැම දෙනාම ජීවිතාරක්ෂක කබා හැඳගෙන
සිටිති. අපේ අයටත් එව්වා මතක් වුණේ එතකොටය.
“අපිට අර වගේ life jackets දෙන්නෙ නැද්ද?”
“දෙනවා දෙනවා. මැඩම්ලා බෝට්ටුවලට නඟින අතරේ හැමෝටම ජැකට්ස් දෙනවා. අපේ බෝට්ටු තාම
වැල්ලෙනේ තියෙන්නෙ, අම්මෝ...” ප්‍රියංකර කිව්වේ සද්දෙන් හිනා වෙමිනි; ජැකට්ස්
තොගයක් උස්සාගෙන එන වැඩිහිටි යුවලක් දෙස බලමිනි.
“මැණිකේ... අර තාත්තලා ගේන ජැකට්ස් මේ නෝනලට දීපං මචං!”
මෙහෙ තව මැණිකේ කෙනෙක් ඉන්නවා... (වමේ
සිට- දිලිනි, මල්කාන්ති, මැණිකේ, සනුති, බබීතා, රසිකා, ගයා හා අතුල (foto- සෙරාන්
එච්. ගමගේ) |
“ප්‍රියංකර අයියා මට කියපු නම සර් එක පාරෙන්ම අල්ල ගෙනනේ... මං හර්ෂ!”
ඒ පිරිසේ අයගෙන් ප්‍රියංකර ළඟට ඉන්නා කතාකාරයා
‘මැණිකේ’ය. කොච්චර- කාගෙ නම් මතක තියාගත්තත් ‘මැණිකේ’ නම මිස ‘හර්ෂ’ නම මට මතකයේ
පැලපදියං වුණේ නැති හැටි! ගමන පුරාවටම ‘හර්ෂ’ වෙනුවට සුරේෂ්, මහේෂ් වගේ නම්
කීපයක්ම ඒ හාදයාට මගෙන් කියැවිණි.
ගමන නිමාවී ආවාට පසුව, මෙහෙම බ්ලොගයක් ලියන්නට සැරසෙන අතරේ Priyankara Thalmedhaට
මුහුණු පොත හරහා පණිවිඩයක් යවලාත්; දුරකථනයෙනුත් ‘හර්ෂ’ගේ නම තහවුරු කර ගත්තෙමි.
මතකයිනෙ? කලිනුත් දවසක කිව්වා:
ලෝකේ ඉන්නා ඕනෑම කෙනෙක් අහ ගන්නට වඩාත්ම කැමති වචනය
මොකක්ද කියලා මතකයි නේද? ‘අම්මගේ රෙද්දෙ මමාස්’ post එකේදී මං ඒ විස්තර ලිව්වනේ.
අනෙක් බෝට්ටු දෙක පැදෙව්වේ නිහඬ ‘බියුටස්’ හා ප්‍රියංකරගෙ
තාත්තායි. ඒ දෙන්නාම අඩු කතාකාරයන්ය. (ප්‍රියංකරගේ සගයන් තිදෙනාම වැඩිහිටියාට
ඇමතුවේ මාමා කියමිනි. මමත් ඒ ඇමතුමම අහුලා ගත්තෙමි.) මාමා උග්‍ර කිතුණු බැතිමතෙකු
විය යුතුය. ඔහු තිස්ස දෙවේලේම කුරුසය ලකුණු කර ගනියි; කොඳුරා යමක් මතුරයි.
ඔන්න, කිය-කියා හිටි කතන්දරෙන් හැරුණු තැනට ආපහු. Life
Jacketsවලට!
ඒ පටි දෙකත් සවි කරගත්තාම ‘පරම්පරා
කුට්ටම’ හිර වෙලා වගෙ දැනුණු හින්දාය! |
අපේ නඩේ හිටි කොල්ලන් ‘තල+තුනා’ ගත්තවුන් වගේ වුණේ එහෙම කරන්නට ගියාමය.
වැඩි දෙනෙකු එදා ඒ උපදෙස් පිළිපැද්දේ අකමැත්තෙනි. පහත
කෙළවරේ එල්ලෙන ඒ පටි දෙකත් සවි කරගත්තාම ‘පරම්පරා කුට්ටම’ හිර වෙලා වගෙ දැනෙයි!
අපට එහෙම දැනුණා නම්, දිග ගවුම්- සාය ඇඳගෙන හිටි බවලතුන්ට කොහොම දැනෙන්නට ඇද්ද?
ඒ රහස දන්නා හින්දාද කොහෙද, මෙදා ප්‍රියංකර නං ‘ඒ පටි
දෙක තද කර ගැනීමේ’ උපදෙස නිකුත් කළේ නැත.
ඒ, මේ දවස්වල එකේක බලධාරීන්ගෙන් නිතර පිටවෙන පටි තද කර
ගැනීමේ උපදෙස් ඇහුණාම හුදී ජනතාවට කියවෙන දේවල් ප්‍රියංකරටත් ඇහිලා තියෙන නිසා
වෙන්නැතිය. හුදී ජනතාව එහෙම වෙලාවට ‘ටෞකන්න’ කතාව කියා පාති! නිකම්ම නොවේ, හොඳ-හොඳ
විශේෂණ පද එක්කමය.
AC මාලිගා; මන්දිරවල වෙසෙන- වීදුරු කාමරවලම වැඩ කරන-
වැරදිලාවත් පොළොවේ පය නොගහන ලොකු-ලොක්කන්ට ‘ජහමනයා’ගේ නාඩි වැටෙන හැටි තේරෙන්නේ
නැතිකමේ වැරැද්දය ඒ!!
මේ දවස්වල එයාලා පටි තද කර ගන්නැයි- සීමා පනවා ගන්නැයි අපට කියන ‘තකතීරු’ කතාවල කෙළවරක් නැත. සිපෙට්කෝ සභාපතිතුමා කියන්නේ ඉන්ධන මිල වැඩි කරන්නේ පරිභෝජනය සීමා කරවන්නටය කියලාය.
මැති-ඇමතිවරුනුත් මාසෙකට
වතාවක් විතර බයිසිකල්වලින් ගමන් කරනු ඇතැයි…. |
බයිසිකල්වලින් නොවේ, බෝට්ටුවලින් ගැඹුරු මුහුදේ වේගයෙන්
ගමනේ යද්දී ලොකු දිය රැල්ලක් මතු වෙයි. ඒ බෝට්ටුව පිටුපස්සෙන් එන දෙවෙනි බෝට්ටුව
අර දිය රැල්ල මඟහැර පදවන්නේ නැති නම්, එය මතින්ම යයි නම් දෙවෙනි බෝට්ටුවේ ගැස්සීම
වැඩිය; උඩ-පහත වැටීම වැඩිය. පළමු වතාවේ අපේ බෝට්ටුව උඩ ගොස් පහත වැටුණා විතරය.
අනේ අම්මෝ!/ හීඊඊඊඊඊඊඊඊඊඊඊඊයා!!/ අනේඒඒඒ!!!
ගයා- මල්කාන්ති- බබීතා හා සනෝලි හතර දෙනාම යටි ගිරියෙන් කෑ ගැසූහ.
සංචාරයක් අංග සම්පූර්ණ වෙන්නට නම් එහි සතුට- විනෝදය
මෙන්ම බිය හා ත්‍රාසයත් තිබිය යුතුමය. අපේ බෝට්ටුට පැදවූ හර්ෂ නම් ඒ විත්තිය හොඳටම
දැන හිටියා වගේය.
අර සද්ද ඇහුණාම ඇට්ටර හිනාවක් දෙතොල් අතරේ හංගා ගත්තේය.
ඒ හාදයා ඊට පස්සේ උවමනාවෙන්ම අපේ බෝට්ටුව ගැස්සුවේය; වංගු ගත්තේය; පැද්දුවේය.
ඒවායින් හොඳටම හෙම්බත් වුණේ බබීතාය.
“අපෝ නිමල් අයියේ, එනකොට මම මේ මනුස්සයාගේ බෝට්ටුවට නං
නඟින්නෙ නෑ කීයටවත්!” ඉස්පාසුවක් ලැබුණු හැටියේම බබීතා නංගී නිවේදනය කළාය.
ඒ ‘ගැස්සිලි- පැද්දිලි සෙල්ලම’ මගේ අවාසනාවත් ඉක්මනින්ම ළඟා
කර දුන්නේය.
ඒත් අනෙක් අය කලබල වෙතියි බියෙන් මම දත්මිටි කාගෙන ඉවසුවෙමි... ඉවසුවෙමි. ‘අම්මෙඃ!’ වේදනාව ඉවසාගෙන සිට බැරිම තැන මට
කෙඳිරි ගෑවිණි.
“ඇයි... ඇයි නිමල් අයියේ...” මගේ දෙපැත්තෙන් වාඩිවී සිටි
අතුලත්, හරිශ්චන්ද්‍රත් මාව අල්ලා ගත්හ. ‘කෙණ්ඩ පෙරළෙනවද- මසාජ් කරන්නද?’
කොච්චර කියලා මසාජ් කරන්නද? දෙකකුල්- පිට- ළපැත්ත- දෙවුර...සර්වාංගයේම මස්
පෙරළෙයි. ඊට පස්සේ, එතන සිට දූපතට යන තුරුම අපේ කට්ටියට මා ගැන බලනවා විනා වෙන
වැඩක් තිබුණේ නැත.
“තව
විනාඩියක් දෙන්න සර්! මම plastic
මේසෙකුයි පුටු ටිකකුයි ගේනකල්...” ප්‍රියංකර
හර්ෂත් එක්කම පිටත්වී.... |
“මේ දූපත්වල ඉන්නේ සංචාරක ධීවරයෝ.... පවුල් 1500- 2000 විතර ඉන්නවා. එක පොලිස්
මුරපොළකුත් තියෙනවා...”
මේ ප්‍රියංකර හාදයාගෙන් එක දිගට යමක් අසා ගන්නට වෙලාවක්
ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ මනුස්සයාට ඒ තරමට වැඩය.
මට පෙනුණු විදිහට නම් ප්‍රියංකරලා එදා දවසේ අප වැනිම
කණ්ඩායම් තුනක් බත්තලංගුණ්ඩුවට කැඳවාගෙන ඇවිත්ය. ඒ කණ්ඩායම් තුනේම ඕනෑ එපාකම්
සපුරන්නට ප්‍රියංකරත්, සගයනුත් එහා-මෙහා දුවති. එක කණ්ඩායමකටවත් අඩුවක් වෙනවාට
බයෙන්ය.
“තාත්තේ, මේ බෝට්ටු දෙකක මැද්දට ටාපොලින් රෙද්ද ගැට ගහලා
මේ සර්ලට හෙවණක් හදලා දීලා ඉඳිමු. සර්ලට බඩගිනිත් ඇතිනේ.... චුට්ටක් ඉන්න සර්....
අපි පට ගාලා මේක ගැට ගහනකල්...”
ප්‍රියංකර කියද්දී, බියුටස් ටාපොලින් රෙද්ද දිග හරියි. තවත් කෙනෙක් දිග රිටක්
අරගෙන එයි. අපේ කට්ටියත් එයාලටම එකතුවී බෝට්ටු දෙකකට ඒ රෙද්ද ගැට ගහති.
නොකිව්වාට කාටත් බඩගිනිවත්ද? කලබලය ඒ තරමටය.
‘ඔය ලීය මැදින් තියලා ඉස්සුවාම හරි!’ කලබලකාරයෙකු යෝජනා
කරයි.
මොන හරියක්ද?
තවත් හදිස්සිකාරයෙකු අර ලීය රෙද්දට යටින් තියලා එසෙව්වා
විතරය. ‘බරාස්!’ රෙද්ද මැදින් ඉරාගෙන මුක්කුව නිල් අහස හොයාගෙන ගියේය. අර හාදයාගේ දැන්
සූදානම ලීය වෙනින් තැනකට මානන්නටය.
“ඔය ලීය උස වැඩියි මනුස්සයෝ. එක්කෝ ලීයේ කෙළවරට පොල් කටුවක් තියාගන්නවා.”
“ප්ලාස්ටික් බෝතලයක් කපලා යට බාගේ තියමුද?” ප්‍රියන්ත අහයි.
“නෙවිල්, ඒ ගොල්ලෝ ඒක කරයි.... තමුසේ මෙහාට ඇවිත් අරවා ලෑස්ති කර ගන්නවකො!” කෙනෙකුගෙන් රහසෙන් වගේ කියවෙන්නේ, නෙවිල්ටය.
තවත් කෙනෙක් දිග රිටක් අරගෙන
එයි. අපේ කට්ටියත් එයාලටම එකතුවී බෝට්ටු දෙකකට ඒ රෙද්ද... (foto- W.A. වෙනුජ
තේජාන්) |
අපේ සද්ධිවිහාරික පුරුෂයන්ගේ කඩිමුඩිය ඇයිදැයි මට මීටර්
වුණේ ඊට පස්සෙය.
“ලේඩීස්ලා, ඔයාලට බඩගිනි නං කන්නලා... අපි කනකල් බඩගින්නේ බලා ඉන්න එපා!”
“තව විනාඩියක් දෙන්න සර්! මම plastic මේසෙකුයි පුටු
ටිකකුයි ගේනකල්...” ප්‍රියංකර හර්ෂත් එක්කම පිටත්වී ගිහින් ආවේ මේසයක් හා පුටු
අරගෙනය. එතකොට ටාපොලින් හෙවණ හදලාත් ඉවරය. ප්ලාස්ටික් මේසය සින්න කර ගත්තේ අපේ මජ්ජපාන
සංගමයයි.
අපි බත් පාර්සල් දිග හැර ගත්තෙමු.
‘ඇපල් කෑල්ලක් දියං මචං/ මේකට යන්නෙ ස්ප්‍රයිට් නෙවෙයි,
සෝඩා/ ලලිත්ට බියර් එක කෝ’ වගේ පසුබිම් කථනයන් අපේ බතට ලුණු-ඇඹුල් සපයයි!
“ඒයි මචං, සනෝලි sweets. අද මුරුක්කු ගෙනල්ලා නැද්ද
මචං...” කෙනෙක් අසයි.
“ගෙනාවා. ගෙනාවා.” අතුල කියයි.
Trip එකකට එනවා නම් අතුල රසකැවිලි, බයිට්ස්වලට මුරුක්කු, තල, දොදොල්, මස්කට්
විතරක් නොවේ බුල්ටෝත් මදිය නොකියන්නම අරගෙන එයි. අතුල එවැනි නිෂ්පාදන
බෙදාහරින්නෙකි.
“Please මචං, ඔය අපේ නෝනට කියපංකො මුරුක්කු බෝතලයක්
ගේන්නයි කියලා.”
“ගයා... ඔයා මුරුක්කු ගෙනෙනකොටම අපිට බත් කාලා කන්න බුල්ටොත් ගේන්න.” ගයා පිටත්ව
යන්නට හදද්දී අපේ කාන්තා පාර්ශ්වයෙනුත් ඉල්ලීමකි.
Atara Lagoon එකේදී
අපේ නඩයට... (foto- W.A. වෙනුජ
තේජාන්) |
“ඒයි මචං, මේ පැත්තෙ කජු තියෙනවලු. ලාබ ඇති...”
“සරත්, ඇහුවා නේද මොනවද එයා ගණනේ ගෙනෙන්න ඕනි කියලා. අන්න, කජු ටිකක් ගෙනාව නම්
හරි....” /
“වැඩිය එපා. කිලෝ එකක් විතර ගෙනෙන් මචං.” /
“තේ හරි ගස්සනකොට ගිහින් එන්නත් පුළුවන්, සරත්!”/
ඉතිං බැහැයි කියන්නද? සරත් පිටත්ව ගියේ තව දෙන්නෙකුත් එක්කය. එයාලා වැඩිය සුනංගු
නොවී කජු කිලෝවකුත් අරගෙන ආවෝහ.
කීප දෙනෙකුගේම අත් කජු bag එකට රිංගයි; මිට මොළවාගෙන
එළියට එයි...
“කන්න කලින් බලන්නලා... සත්තු ඉන්න පුළුවන්!”
ඒ කිව්වා වගේමය. ‘මෙන්න මේකේ මැද ගුල්ලෙක්!’ / ‘මේ කජු
මදය මැද්දේ මැස්සෙක්.’
එතැන් සිට කවුරුනුත් කජු මද වැළඳුවේ ඒවා දෙපියල් කරමින් මැද පිරික්සා බලමිනි. කජු
ගෙඩියක් සේ පෙනෙන්නට පියලි දෙකක් මැදට පාප්ප ගාලා ඇලවූ, ඒ කජු කිලෝවක් රුපියක්
4,500/කි.
“කෝ සරත්, අර ගුල්ලෝ ගහපු කජු ඉවරයිද?” වෙරළේදී ආයෙමත්
කජු මතක් වෙලාය!
“කජු! ඒවා ඉවර වුණේ එවෙලෙමයි!”
“යකෝ... කිලෝ එකම?”
බෝතල දෙක තුනක් අලෙවි වෙද්දී පුංචි බත්තලංගුණ්ඩුව
තාවකාලික කූඩාරම යට සංවාද/විවාද මණ්ඩපය දිගටම උණුසුම් වුණේය. දැනටමත් ශ්‍රී
ලංකාවාසීන්ට අමතක පර්ල් එස්ප්‍රස් ගින්න, රසායනික පොහොර තහනම, ඉන්ධන ප්‍රශ්නය,
විදුලි කප්පාදුව, උණ්ඩියල් ක්‍රම, අකුදි වගේ අටෝරාශියක් මාතෘකා තියෙද්දී...
කතාකාරයන්ට ප්‍රස්තුත මාතෘකාද හිඟ?
මද්‍යසාර ගන්නා විට ලජ්ජා නහර අක්‍රිය වෙනවා වගෙය; මතකය
දුබල වෙනවා වගෙය.
සමහරු එකම දේ නැවත- නැවත වදාරති; එකෙකු කතා කොට අවසන් වෙනතුරු නොඉවසති; අදාළ නොවෙන
දේත් පවසති.
මේ විසූක දස්සන දැකලා පුරුදු නිසා, එතැන
වැඩි වෙලාවක් රැඳෙන්නට මට හිතුණේ නැත. අනෙක එදා උදේ දෙකහමාරට පිබිදුණු නිසා
නිඳිමතත් දැඩිව දැනෙයි.
අන්දරේ මරණ මංචකයේ සැතපුණු සෙයියාවෙන්
අයස්මන්ත පීරිස් මහතා එයින් එකක දපලාය. (foto- සඳසරා
පීරිස්) |
මමත් තව tent එකක් බද්දට ගත්තෙමි.
කොතෙක් වෙහෙසවී හිටියත් මට එදා නින්ද ගියේ ටික වේලාවකි.
තාලය බිඳිමින් දර්බග් එකක් වැයෙනවා ඇහෙයි. ඒ අපතාලයට අනුව යමින් කීප දෙනෙක් ගීත
ගයති. ගැයෙන්නේ ගීතයෙන් බාගයක් විතරය. තවත් එකක් ඇරඹෙයි. එයට කන් දෙමින්
නැඟිටින්නට හදද්දීය මං වැටී උන් සකල අමාරුව මට තේරුම් ගියේ.
නිඳාගෙන උන්නේ උසක නම් මට දෙපා බිම තියලා සිට ගැනීම
අසීරු නැත. බිම නිඳා ගත්තාම මට ඒ වාසිය නැත. (ගෙදරදී හදිසියේ හෝ බිම නිඳා ගන්නවා
නම්, මං එහෙම කරන්නේ පුටු දෙකක් දෙපැත්තේ ළඟින් තියා ගෙනය. එවිට ඒවා අල්ලාගෙන;
ඒවාට වාරුවී නැඟිට ගන්නට ඇහැකිය. කූඩාරමේ එහෙම අල්ලා ගන්නට තරං සවිමත් දෙයක් නැත!)
මම එහාට පෙරළී බැලුවෙමි; මෙහාට පෙරළී බැලුවෙමි. ම්හු! වීරිය කරනවාත් සමඟම මස් පිඬු
වේදනා දෙන්නට ගනියි.
අපේ නඩයේ කට්ටිය සිටින්නේ ඈතින්ය. එයාලා මුහුදට බහින්නට
සැරසෙනවා වගෙය. අනන්ත ආකාසයම රතු පාටින් හැඩ වෙලාය. ‘නැඟිටලා එනවා!’ තද කහ පාටින්
දිදුලන සූරිය දිවිය රාජයාත් මට අඬ ගසයි. ඒත් මට නැඟිට ගන්නට වාරු නැත.
‘තොට හොඳ වැඩේ නිදියෝ! බැරි මරගාතේ ගෙදර නොඉඳ කෑම්පින්වලටත් එනවට.’
මගේ වෙලාව එච්චරටම නරක නැත. අනෙක් කූඩාරමේ නිඳාගෙන හිටි
අයස්මන්ත මහත්තයා නැඟිටලා එතැනින් යන්නට ආවේ එතකොටමය.
“පීරිස්! මට නැඟිටින්න අත දීලා යන්නකෝ.”
ඒ වාරුවෙන් නැඟිටගත් මේ ලෙඩා නාන කලිසමක් ඇඳගෙන වෙරළට
යද්දී, ඇඹුල්දෙනිය තෙත වැල්ලේ වැතිරී- සියොලඟම වැල්ලෙන් වසා ගෙනය.
“නිමල් අයියේ, මුහුදේ නානවට වැඩිය ආතල් මෙහෙම වැල්ලෙන් නාන එක. ඇඟටත් ගුණයි....”
ඇඹුල්දෙනිය කියයි. වෙන්නැති! ඒත් ආයෙම වතාවක් නිකම්ම බිම පෙරළෙන්නට?
මොකුත්ම නොකියා මා රැල්ලට බැස්සේ, හිනාවකින් ඇඹුලාට සංග්‍රහ කරමිනි.
රැල්ල සැරය. වැල්ලට ඇවිත් ආපිට යන්නේ මාවත් ඇදගෙනය.
හිටගෙන ඉන්නට අමාරුය. එතැන සිට නිමල් දිසානායකයා වැල්ලේ පෙරළී රැල්ලෙන් නෑවේය. එදා
සැරේ මං නැඟිට ගත්තේ හරිශ්චන්ද්‍රගෙ උදව්ව ඉල්ලා ගෙනය. මේවා ලියන්නේ, තව වැඩි
දවසක් මට චණ්ඩියා වගේ ඉන්නට නොලැබෙන බවට එව්වා සාක්කි නිසාය. කොයි ජගතාටත් එහෙමය.
ඔන්න ප්‍රියංකරෝ, තරහ වෙන්න එපා. නඩුවක් කියන්නයි
ලැහැස්ති වෙන්නේ.
කට්ටිය කරිජ්ජෙන් නාගෙන ගොඩට එද්දී ලුණු සෝදා හරින්නට ‘ඇති පදම්’ වතුර ලැබුණාය
කියලා නම් මට පෙනුණේ නැත. වතුර බූලිවලින් පොඩි ජෝගුවකට අරගෙනය, අපේ අය ඔළුවට හළා
ගත්තේ.
“නිමල් අයියේ. ලුණු වතුර හෝදල දාන්න එපා. ඔයාට හොඳයි
තියෙන්න අරින එක. කෙණ්ඩ පෙරළෙන එක අඩු වෙයි..” ඇඹුල්දෙනිය උපදෙස් දෙයි. ඒ වතාවේ මම
ඔහුට කීකරු වීමි.
“සර්ලට බාබකිව් එකක් තියෙනවා... රෑ කීයට විතරද කෑම ඕනි
කරන්නේ. බාබකිව් එකෙන් පස්සේ නූඩ්ල්ස්!” ප්‍රියංකර ප්‍රියන්තගෙන් අහනකොටත් හර්ෂ
බාබකිව් උදුන් පිළියෙළ කරන්නට පටන් ගෙනය.
අපේ ඇත්තනුත් දවසේ දෙවෙනි ‘මඳ පමණට ගැනීමේ සැසිය’සඳහා සූදානම් වෙන්නට පටන් ගෙනය.
ඒ අතරේ මගේ පිට පැත්තෙන් උහුලා ගන්නට බැරි තරමේ වේදනාවක්
ඇවිළෙයි.
“පීරිස් මහත්තයෝ... නැද්ද මොකුත් බේතක්? ඉන්න බැරි තරම් කැක්කුමයි!”
“කරලක් දෙන්නං. ඒක හරි යනවා නං පැය බාගෙන් pain එක අඩු
වෙයි.”
පැය බාගෙන් අඩු නොවුණොත් කියලා මං නිකමටවත් හිතුවේ නැත. එහෙම හිතන්නේ negative
උදවියයි!
ඊට පස්සේ..... ඊළඟ කොටසින් කියවමු!
https://edition.cnn.com/travel/article/sand-bathing-ibusuki-beach-japan/index.html
ReplyDeletehttps://theculturetrip.com/africa/morocco/articles/sand-bath-therapy-in-the-sahara-a-self-care-regimen-worth-booking-a-flight-for/
ගොඩක් ස්තුතියි Pra jay මහත්තයෝ. උඩ links වලට ගිහින් බලලා,
Deleteදැන් තමයි දැනගත්තේ වැලි නාන වැඩේටත් දිගු ඉතිහාසයක් වගේම, ලොකු බලපෑමක් කරන්නට හැකියාවක් තිබෙන බව!
සංචාරය කරන හැමෝටම නොගිය අයට චිත්තරූප මැවෙන විදිහට ලියන්න බෑ. නිමල්ට ඒක හොඳට පුලුවන්. තවත් චාරිකාවල යෙදෙන්නත්, ඒ විස්තර ලියන්නත් සවිය ලැබේවා.
ReplyDeleteසුබ පැතුමට ගොඩක් ස්තුතියි චමී! එයින් දිරියක් ලැබෙනවා!!
Deleteමද්‍යසාර ගන්නා විට ලජ්ජා නහර අක්‍රිය වෙනවා වගෙය; මතකය දුබල වෙනවා වගෙය - ඒ උනාට නිදි අපේ අය ඒකට කැමතියි වගෙය.....
ReplyDeleteචමින්ද කීව වාගේ රූප මැවෙන විදිහට ලියල තියේ යසටම.... නිදි
මං හිතන්නේ නමී අපේ අය ඒකට කැමති 'රිසි විදිහට පිස්සු නටන්නත්- කතා කරන්නත්' එයින් ඉඩ ලැබෙන නිසා වගෙයි.
Deleteනිදහසටත් කාරනාවක්නේ!
A Separation බාගත්තා. බලන්නයි ඉන්නේ.
හ්ම්.. හොඳා නිදි නිස්කාන්සුවේ බලන්ටකෝ........
Deletehttps://sithiwilimanpetha.blogspot.com/2022/02/7.html?showComment=1645800195687#c713656283710744133
Deleteනමී, ස්තුතියි link එකට. ගිහින් ලිපි තුනක් බලලා මේ කවියත් ලියල ආවා.
Deleteනමී කියා තිබ්බා මෙහි එන විදිය
කවි ලිපිවලින් උපදයි විසිතුරු රසය
ලියවෙන්නට තවත් බෝ දේ ඇති හැඩය
සුපතමි සොයුරියේ, සරසවි ඔබ වෙතය!
ඔයා කියාපු නිස්කාන්සුව තවම ආවෙ නෑ!
හොඳමයි. ඔන්න 23වෙනිදාම පොත කියවල ඉවරකරා නිදි....
Deleteඅත පොවන මානේ පොතක් තියෙන එකේ වාසිය ඔන්න ඕකයි, නමී. ඒ ගැන පස්සේ හරි කතා කරමුකෝ... වෙලාවක් ලැබුණම.
Deleteඑලස්
ReplyDeleteස්තුතියි!
Deleteනම නං ටිකාක් නුහුරුයි.
අවුරුදු එකහමාරකින්ම සිතුවිලි ගාල් කරලා නැත්තේ මොකෝ? වාරකන්වත්ද...
ආයෙත් එන්න!
යුද්දෙ හින්දා කියවන එකත් අඩුයි. ඒත් ඉක්මනට කියෙව්වා.🙏👌
ReplyDeleteබස්තුමා යුද්දෙට ගියාද?
Deleteඅතිගරු බස්තුමා, හෝතඹුවහන්සේගෙ කාමරේ ආක්‍රමණය කලාද? මිස්ටර් තෝමස් කාගෙ පැත්තෙද? නරිමොට්ස් නියුට්‍රල්ද?
මං හිතුවේ ඇණ යුගයෙන් පස්සෙ බස්තුමාගෙ යුදවාදී ප්‍රවණතාවයන් ගිලා බැහැලයි කියලනෙ
යුද්දේ නිසාද මන්දා, බස්සා මහත්තය උත්තර දෙන්න පරක්කු. Pra Jay මහත්තයෝ, නැත්තන් මෙලහකටත් බකුසු ප්‍රහාරයක් ලැබිලා!
Deleteකරන්න දෙයක් නැති වුනත්, මගේ වැරැද්දක් නෙමෙයි වුනත්, මේවා දකින කොට හිතට අමාරුයි. කොරෝනා නිසා විනාස වෙච්ච ලෝකෙට තව යුද්ධත් ඕනෙද?😒
Deleteමටත් දුකයි, වැඩියත්ම දුක අපිට කරන්න කිසිම දෙයක් නැති එක ගැන. Helpless!
Deleteකොරෝනාවලින් වුණත් ලෝක ජනගහනය අඩු වුණා මදිද මන්දා......
අර තෙල්මෙදාද අල්මේදාද නම ගැන ඇහුවෙ නැහැ???
ReplyDelete++++++++++
Deleteඇහුවා නේන්නං, නමී.
Deleteනමී, Pra Jay වගේ ඒ ගැන උනන්දු වුණු හැමෝම වෙනුවෙන්....
අහපු ගමන් තල්මේදා ගොයියා හැක්-හැක් ගාල විනාඩියක් විතර මකර හිනාවක් දැම්මා. ඊට පස්සේ කිව්වනේ 'අපි වැඩි දෙනෙක් කලවම් ලේ තියෙන අයනේ නිමල් අයියේ' කියලා.
"එක එක රටවලින් ආව ගොඩක් අය තමයි අපේ මුතුන් මිත්තෝ. එයාලගෙන් හම්බ වෙච්ච නම් තමයි මේ - ටික ටික වෙනස් වෙවී තියෙන්නේ." කියලත් කිව්වා. එතකොට මට වෙන මොකුත් අහන්න හිතුනේ නෑ.
ඔව් ඉස්සරම ඈයො කෙසේ වෙතත් අපි කලවම් මැල්ලුම් හා සමයි නොවැ.....
Deleteනමී, නිකමට බලන්නකෝ ලංකාවේ අපි දහ දෙනෙක් දිහා. දහ විදිහක්. මොන බාහිර ලකුනුවලින්ද කියන්න ඇහැකි අපි ලාංකිකයන් කියලා....
Deleteඔය ගිහිල්ල කන එකයි බොන එකයි විතරමද කළේ කට්ටිය. කොහෙවත් ඇවිද්දෙ නැද්ද?
ReplyDeleteවැඩිමනත්ම නං එව්වා තමයි කළේ, ප්‍රසන්න.
Deleteතව මුහුදේ නෑවා ගොඩක් වෙලා. වෙරළ දිගේ හැතැප්ම ගාණක් ඇවිදින්න ගියා සමහරු. මං ඇවිදින්න ගිය විස්තර ලියවෙයි.
අනෙක කල්පිටියෙදීම ප්‍රියංකර තල්මේදා අපට අනතුරු අඟවලා තිබ්බේ දූපතේ කට්ටියට වුණත් කොරෝනා තියෙන්න හැකි බව.
'මේවා ලියන්නේ, තව වැඩි දවසක් මට චණ්ඩියා වගේ ඉන්නට නොලැබෙන බවට එව්වා සාක්කි නිසාය' එහෙම කොහොමද! ඉස්සෙල්ලම පෝස්ට්ස් ටික ලියන්නකො වෙන ඒවා හිතන්නෙ නැතුව.
ReplyDelete'බාබකිව් එකෙන් පස්සේ නූඩ්ල්ස්' අම්මෝ.. ඔහොමත් කන්න පුලුවන්ද. දවල්ටත් බත් කාලා. අනිත් එක කට්ටිය ඇවිදින එක වගේ ඇඟ වෙහෙසෙන දෙයක් කලෙත් නෑ නේද.
Lotus, එහෙම කොහොමද තමයි, පණ කෙන්ද බේරාගෙන ඉතිරි හරියත් ලියලා ඉවර කරන්නමයි හිතෙන්නේ ඔයාලගේ දිරි ගැන්වීම් දකිද්දී! ස්තුතියි!
Deleteඅපේ ගොඩක් අය යකඩ කෑවත් දිරවන ජාතියෙ, ඔය විස්තරත් ලියන්නම සැරසිලා ඉන්නේ ඊළඟට.
නිදිට හුඟක් අඹ යාළුවො ඉන්නහැඩයි.
ReplyDeleteඉන්නවා නේන්නං යාත්‍රිකයෝ.
Deleteමගේ ජීවන යාත්‍රා ගමන පුරාම අඹ යහළුවන් විතරක් නෙවෙයි යෙහෙළියනුත් ගොඩාරියක් ලැබිලා ඉන්නවා. එයාලා වැඩි දෙනෙක් යාළුවන්ටත් වැඩිය සහෝදර-සහෝදරියෝ වගේ.
මතකයි නේද, මම ලිව්වා- මට මල්ටිපල් මයෙලෝමාව කියලා කියවෙච්ච ගමන් මෙයාලා සිය ගණනක් එකතු වෙලා තලපත්පිටිය පන්සලේ, සුභද්‍රාරාම පන්සලේ එහෙම කළ බෝධි පූජා.
එයාලම බාර-හාර වෙලා, එයාලගේ වියදමෙන්ම කතරගමට, ජය සිරිමා බෝධියට, දොළොස්බාගේ දේවාලයකට.... එහෙම මාව එක්කන් ගිහින් බාර ඔප්පු කළ ඒවා හෙමත්.
ඒ යක්කු සේරමලාත් මට මැරෙන්න නොදී ඉන්නේ!
හෙනහුරා එක්ක ඇඳල තියෙන්න නං රාහු නෙවෙයි කේතුනෙ.
ReplyDeleteදැන වළඳං නොදැන ගොවිකං කියන්නෙ ඒකට තමා!
අනුර මහත්තයෝ, ජාලය පීරද්දී හිතට හරි යන රාහු කෙනෙක් හොයා ගත්තේ මෙතැනින්.
Deletehttps://mawbima.lk/feature/5/feature-more/1451
ඒකේ හෙඩිම තියෙන්නේ 'හිස නැති රාහු චණ්ඩ කුජ සංයෝග වේ' කියලා. මමත් ලනුව කෑවා, එහෙනං. දැන් ඉතිං ඒ වැරැද්ද හදන්න කියලය?
තවම යවහන් නැති කවියක් ලියන්න හිතන්නෙ නෑ වගේ.පෝස්ටුව හොඳට එවුවා වගේම කමෙන්ටුත් උනන්දුවෙන්ම එවන්න එපැයි!
ReplyDeleteඅම්මෝ, ඕකට ඉතිං හොඬවැලෙන් උස්සලා පොළොවේ ගැහුවම හරි යනවද? මම පව්නේ.
Deleteහිටි ගමන් කවි ලියවෙද්දී යවහන් දොස් ගැන මතක් වෙන්නේ නෑ, අනුර. අනෙක ඔයා වගේ සෙත් කවි ලියන කෙනෙකුත් නෙවෙයිනේ මං.
ඒත් පුළුවන් තරම් පරෙස්සම් වෙන්න බලන්නම්කෝ, වැරදි අඩුවෙන් කරලා.
post එක ලියනවාටත් වඩා හොඳින්- සැලකිල්ලෙන් කමෙන්ටුවලට පිළිතූරු දීම තමයි මගේ ක්‍රමය. මොකද ඒකයි අපේ හිතාදර රසික-රසිකාවන්ට කරන්න පුළුවන් ලොකුම ගෞරවය! ඒ බව කියන්න මඟ පාදා දුන්නාට ස්තුතියි!
😁👌
ReplyDelete