li Item

Thursday, October 14, 2021

හිනා තවත් හිනා - සිව්වෙනි කොටස

ගෑස් මිල ඉහළ ගියාට නහයෙන් අඬන්න එපාලු!  ඇත්ත නේන්නං...

“කවදාවත්ම ගුද මාර්ගික සංසර්ගයක ප්‍රතිඵලය විදිහට දරුවෙක් පිළිසිඳ ගන්නෙ නෑ!”

ඒ සමඟම නැඟී සිටි වියපත් තැනැත්තෙක් ඊට එරෙහි වූවේය.
“එහෙම නං කියනවා, කොහොමද මේ ජාතියේ පොලිටීෂියන්ස්ලා මෙච්චර ඉපදෙන්නේ?”

වැදගත් ප්‍රශ්නයක් අහපුවාම ඒකට ගැළපෙන විදිහේ උත්තරයක් ගළපා ගන්නත් සෑහෙන කාලයක් යනවනේ... එකට ඉඩ සලස්වලා අදට නවතින්නං, හොඳේ.... 

එහෙමයි ගිය වතාවේ කොටස ඉවර කළේ... පුදුමේ කියන්නේ කවුරුන්වත් ඒ ප්‍රශ්නෙට මොකුත්ම කියලා තිබුණෙ නෑනෙ. ඇත්තටම අපේ ආදරණීය පාඨකයන් ඒ පොලිටීෂියන් සත්තු ජාතිය ගැන කතා කරන්නවත් කැමති නැතිවා වෙන්නත් ඇති, ඒ ප්‍රශ්නය නොතකා හරියේ!

Don't complain about gas going up. See the bright side of it. අද ආවා මැසේජ් එකක් ඉංගිරීසි හෙඩිමක් සහිතව. ගෑස් මිල ඉහළ ගියාට නහයෙන් අඬන්න එපාලු!  ඇත්ත නේන්නං... පෙරළුණු පිට නේන්නං හොඳම එක!!

‘දර ළිපේ ඇති වාසි.. 😁

  01. ගෑස් ළිපේ මෙන් නොව හෙමීට හෙමීට ඉදෙන නිසා කෑමවල රස ගුණ වැඩියි. ඉදෙන්නට යන වෙලාව අතරතුර අඹු සැමියන්ට මුලුතැන් ගෙයි ප්‍රේම කරන්නට වැඩි අවස්ථාවක් උදා වේ.
  02. මේ දවස්වල ගේ ඇතුළටම වෙලා ඉඳලා සුදුමැලිව සිටින භාර්යාව දර ළිප අවට ගැවසීම නිසා රන්වන් පාටට හැරේ.
  03. දර ළිපේ දුමට ඇස්වලින් කඳුළු එන නිසා ඇස් වඩාත් පැහැපත් වේ.

වේවැල් කෝටු නාරං සියඹලා අතු ආදි සියල්ල දවා අළු කළ පසු දරුවන්ට...

  04. ස්වාමි පුරුෂයාට දර පැලීමේ කටයුත්ත බාර වෙන නිසා අඹු සැමියන් අතර අන්‍යෝන්‍ය සහයෝගය වර්ධනය වේ.
  05. දර පැලීමෙන් අනතුරුව හන්දිපත් රුදාවට ප්‍රතිකාර කර ගැනීමට ස්වාමි පුරුෂයාට අමතර ප්‍රතිපාදන අනුමත වන හෙයින් ඔහුගේ ආත්මාභිමානය වර්ධනය වී නිවසේ සාමය සුරක්ෂිත වේ.

  06. ගේ වටේ තියෙන ගිනිසීරියා දඬු විතරක් නොදා, පරණ කොහු මිටවල් ඉදල් මිටවල් ආදි සියල්ල දවා අළු කළ පසු, සුවාමි පුරුෂයාට සිය ජීවිත ආරක්ෂාව ගැන ඇති බය සැක දුරුවී පූර්ණ විමුක්තිය උදා වේ.
  07. වත්තේ තියෙන වේවැල් කෝටු නාරං සියඹලා අතු ආදි සියල්ල දවා අළු කළ පසු දරුවන්ට සහ බල්ලන්ට භාර්යාවගෙන් හම්බෙන දෛනික කෝටුපාරවල් ගාන අඩු වී ඔවුන්ටද නිදහස ලැබෙන අතර, ඒ හේතුවෙන්ම ස්වාමි පුරුෂයාගේ ලේ කෝප වීමද පාලනය වේ.

  08. වත්තේ තියෙන පොල්කටු, පොල්ලෙලි සියල්ල ළිපට වැටෙන නිසා ඩෙංගු මදුරුවාගේ උවදුරෙන් ගැලවිය හැකි වේ.
  09. දර ළිපේ දුමට මැස්සන් මදුරුවන් පමණක් නොව ගෙම්බන් කැරපොත්තන් ද ගැරඬියාද අහලකවත් නොසිට පලා යයි.

  10. ගෑස් ආනයනය කිරීමට යන රජයේ වියදම් අඩු වී, විදෙස් සංචිතය ආරක්ෂා වී, අමාරුවෙන් පිහිටුවා ගත් ආණ්ඩුවට විඳින්නට සිදුවන අපහාස උපහාස අඩු වී රට දිනෙන් දින සෞභාග්‍යය කරා ගමන් කරයි.
  11. බඩේ රුදාව වැනි රෝග සඳහා සුදු ළූණු පුච්චා කෑමට පහසු වීම.
  12. දත් බෙහෙත් සඳහා යන මුදල ඉතිරි කරගෙන, ඒ වෙනුවට දත් මැදීමට අඟුරු භාවිත කළ හැක.’

ඉහතින් තියෙන කරුණු සලකා බැලුවාම ‘ගෑස් මිල වැඩි වෙනවා’ කියන්නේ ‘වාසි කඳ වෙන’ සිහින සැබෑ වෙන වැඩක් නේන්නං.

‘හිනා තවත් හිනා’ පොතේ ඊළඟ කතාවයි මේ.

“නෑ! ඒකට කියන්නේ හදිසි අනතුරක් කියලනේ...” ජනාධිපතිතුමා එසේ පවසා...
23. සිහින සැබෑ වීම

ජනාධිපතිතුමාගේ හෙලිකොප්ටරය පාසල් ක්‍රීඩාංගණයට පහත් කරන ලද්දේ අනපේක්ෂිත අයුරිනි.
එතුමා පාසලට පැමිණෙන බව කිසිවෙකුට හෝ දන්වා නොතිබිණි. විදුහල්පතිතුමා යුහුව ජනාධිපතිතුමා හමු වීමට පෙර ගමන් ගියේය.

“මට හදිසියේම හිතුණා ඔබතුමාගෙ පාසල පරීක්ෂා කරලා බලන්න. අපේ තාත්තත් ඉගෙන ගත්තේ මේ ඉස්කෝලෙනෙ.” ජනාධිපතිතුමා කීවේය.

“රටේ මිනිස්සුන්ට දැන් මෙයාව තිත්ත වෙලා. මේ එන්නෙ බොරුවට රටට පේන්න. ඡන්ද ගුණ්ඩු!” ගුරුවරු රහසේ කෙඳිරූහ.
ඒ අතරේ ජනාධිපතිතුමා පන්තියෙන් පන්තියට යමින් ළමුන් හා කතාබස් කළේය.
එක් පන්ති කාමරයකදී ළමුන්ගේ සිංහල දැනුම පරීක්ෂා කරන බව ඔහු පැවසුවේ හදිසියේමය.

“මේ ළමයින්ට පුළුවන්ද මට තේරුම් කරලා දෙන්න, මොකක්ද ඛේදවාචකයක් කියන්නේ කියල?”

“පාරේ යන කෙනෙක් හයි ස්පීඩ් එන වාහනේක හැප්පුණොත්...” එක් සිසුවෙක් කීවේය.

“නෑ! ඒකට කියන්නේ හදිසි අනතුරක් කියලනේ...” ජනාධිපතිතුමා එසේ පවසා නැවතත් ළමුන් දෙස බැලුවේය. තවත් සිසුවෙක් නැඟිට්ටේය.
“මං දන්නවා සර්!”

“හොඳයි කියන්න බලන්න.”
“ස්කූල් බස් එකකට මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් පැනලා... ළමයින්වත් මරාගෙන මැරෙන එක....”

ජනාධිපතිතුමා හිස දෙපසට වැනුවේය. “නෑ දරුවෝ. ඒක ඛේදවාචාකයක් නෙවෙයි, ජාතික අපරාධයක්...”

ළමෝ කල්පනාවට වැටුණහ.
එක් අතක් එසවුණේ මඳ වෙලාවකිනි.

“දන්නවද, තමුසෙ මාර ලකී ඕයි.” 
“හොඳයි, ඔය අත උස්සපු දරුවට කියන්න පුළුවන්ද ඛේදවාචකයකට ගැළපෙන උදාහරණයක්....”

අත එසවූ ළමයා නැඟිට්ටේය.
“ඔබතුමා ආපහු යනකොට අර හෙලිකොප්ටරේට ත්‍රස්තවාදීන්ගේ මිසයිල් එකක් වැදිලා ඔබතුමා මැරුණොත්....”

“ආන්න හරි! එහෙම හදිසියේ ඔයාලගේ ජනාධිපතිතුමා අභාවප්‍රාප්ත වීම ඛේදවාචකයක්. තේරුණාද?” ජනාධිපතිතුමා එසේ පවසා පන්තිය සිසාරා බැලුවේය.
තවත් අතක් එසවී තිබිණි.

“ආ. අන්න තව එක්කෙනෙක්... ඔය දරුවට මොකක්ද කියන්න තියෙන්නේ?”

ළමයා නැඟිට්ටේය.
“සර්! ඒක ඛේදවාචකයක් නෙවෙයිනේ. රටේ මිනිස්සුන්ගෙ හීන හැබෑ වීමක් නේද?”

24. වාසනාව

පාරේ හරි පැත්තෙන්, අයිනෙන් ගිහිල්ලත් ගුණේරිස්ට වැරදුණා. බයිසිකලයක් ඇවිත් ඇඟේ හැප්පුණා!

“බුදු අම්මෝ!”

බිම වැටිච්ච ගුණේරිස්ව නැඟිට්ටුවෙත් බයිසිකලේ පැදගෙන ආව ඩොනල්ඩ්. “දන්නවද, තමුසෙ මාර ලකී ඕයි.”

“ලකී... මගෙන් කුණුහරුප අහගන්න එපා. තමුසෙ මාව බයිසිකලේ හැප්පුවා මදිවට තව ලකී කියන්නත් එනවද?”

“ඕකනේ කියන්නේ. බලනවා තමුසෙගෙ හොඳ වෙලාවට නෙවෙයිද, අද මං බයිසිකලේක ආවේ. වෙනදට මං එළවන්නේ ලොරියක්.” ඩොනල්ඩ් කීවා.
“එහෙම වුණා නං?”

සමහර දේවල් හොඳින් හඳුනා ගන්න ඒ ඒ දේවල්වල වර්ණය උදව් වෙනවා...
25. නිරීක්ෂණයේ අරුමය

මහාචාර්යතුමා දේශනය ආරම්භ කළා.
“අද දේශනයේ මාතෘකාව ‘නිරීක්ෂණය’යි!”

දේශනයට සවන් දීගෙන හිටියේ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක්.

“... නිරීක්ෂණය කිරීම උඩයි අපට යම්-යම් දේ පිළිබඳව නිගමනය කළ හැකි වන්නේ. සාමාන්‍ය කෙනෙකුටත් වඩා වෛද්‍යවරයෙකුට  යම්-යම් දේවල් ඉතා සැලකිල්ලෙන් නිරීක්ෂණය කිරීමට සිදු වෙනව. එහෙම නැතිව රෝගයක් ගැන තීරණ තීන්දුවලට එළඹෙන්න බැහැ... පැහැදිලියි නේද?”

ශිෂ්‍ය-ශිෂ්‍යාවෝ හැමෝම එකඟ වෙන බව පෙන්නුවා. මහාචාර්යතුමා ඊළඟට අතට ගත්තේ වීදුරු භාජනයක්.

“... සමහර දේවල් හොඳින් හඳුනා ගන්න ඒ ඒ දේවල්වල වර්ණය උදව් වෙනවා... ඒ වගේම ඒවාට ආවේණික ගඳ- සුවඳ, රස වගේ දේවල් වුණත් උදව් කර ගන්න පුළුවන්... තේරුණාද? මේ තියෙන්නේ මිනිස් මුත්‍ර සාම්පලයක්..”
මහාචාර්යතුමා වීදුරු භාජනය තරමක් ඉහළට උස්සලා පෙන්නුවා. ඊළඟට ඒක ඉඹලා බැලුවා. ඊටත් පස්සේ ඒකට ඇඟිල්ලක් එබුවා. ඊළඟට ඇඟිල්ල දිවේ ගානවා දැකපු සිසු-සිසුවියෝ රොත්තම මුහුණු ඇඹුල් කර ගත්තා.

“දැන් අපි බලමු ඔබලා මොනවද නිරීක්ෂණය කළේ... නිරීක්ෂණය කරන්නේ කියලා...” එහෙම කියපු මහාචාර්යතුමා වීදුරු භාජනය දුන්නා ළඟින්ම හිටපු සිසුවියට.

ඒ ළමයාත් බොහොම අප්පිරියාවෙන් ඒක ඉඹලා බැලුවා. ඊළඟට ඇඟිල්ලක් ඔබලා අරන් දිවේ ගාල බැලුවා; බොහොම පිළිකුලෙන්!
ඔය විදිහට වීදුරු භාජනය අතින්-අත ගියා.
හැමෝම නොකර බැරිකමටම මුත්‍ර භාජනය ඉඹලා, ඇඟිල්ල දාලා- දිවේ ගාලා බැලුවා.

පහනෙන් දුම් දාගෙන භූතයා මතු වුණා!
අන්තිමටම මුත්‍ර භාජනය මහාචාර්යතුමාගේ අතටම ආවා.

“.. මම ඉතාමත් කනගාටු වෙනවා... පැයක් තිස්සේ නිරීක්ෂණය පිළිබඳව මා පැවැත්වූ දේශනයට සවන් දුන් ඔබ කිසිම කෙනෙක්, එහිදී කියැවුණු සියලුම දේ නිවැරදිව ග්‍රහණය කර ගෙන නැති වීම ගැන...
ඔබ හොඳින් නිරීක්ෂණය කළා නම් දකින්න තිබුණා, මා මුත්‍ර භාජනයට මැදඟිල්ල ඔබා- දබරැඟිල්ල දිවේ ගා බැලූ බව....” මහාචාර්යතුමා පැවසුවා.

පොතේ තියෙන කතන්දර අස්සට මං අලුත් කතන්දරත්  ඔබන්නේ කාලීන වෙන්න ඕනි නිසා වගේම අහුපෑවතත් වැඩි කරගන්නයි... හොඳේ. මේ එහෙම එකක්!

භූතයාටත් ප්‍රශ්නයක්!

විසි එක්වෙනි සියවසේ හාදයෙකුට ලැබුණා කියමුකෝ, අර ‘පුදුම පහන’.
දන්නවනේ, ඇතුළේ  භූතයෙක් හිර කරලා තියෙන පහන. ඔන්න අපේ වීරයාත් පොඩ්ඩක්වත් late නොවී පුදුම පහන ඇතිල්ලුවා, අත් දෙකෙන්ම.

පුදුම පහනෙන් දුම් දාගෙන මතු වුණා භූතයා.

“ස්වාමිනී, මම ඔබතුමාගේ සේවය සඳහා සූදානම්. මවිසින් ඉටු කළ යුතු යම් මෙහෙවරක් ඇතිනම් නොලස්ව පවසනු මැනවි!” කොල්ලාට ඔළුව නවාගෙන භූතයා කිව්වා, බොහොම ගරු-සරුවෙන්.

“ම් ම් ම් ම්.... මම කැමැතියි ඇමෙරිකාවේ නිව්යෝක්වල ඉඳලා රුසියාවේ මොස්කව්වලට යනකල් විදුලි දුම්රියක් දුවනවා දකින්න!” නූතන කොල්ලා කිව්වා.

භූතයා තත්ත්පර ගාණක් ඇස් වහගෙන හිටියා.

“තරහ අවසරයි ස්වාමීනි. ඔබතුමා කැමති වෙනත් ප්‍රාර්ථනයක් හෙම...” භූතයා  පැකිළෙමින් කියා හිටියා.

“What’s ද ප්‍රොබ්ලම්, මචං?” කොල්ලා ඇහුවා. “.... ඒක අමාරුයිද?”

මං ආසයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව හරියටම තේරුම් ගන්න.
“එ..ඒක ටි...ටි...කාක් විශාල වැඩක්නෙ උතුමාණෙනි තනි මට... ඊට වඩා සාධාරණ ඉල්ලීමක්...” භූතයා කලින්ටත් වඩා පැකිළෙමිනුයි කියා හිටියේ.

“O.K. එහෙනං මෙන්න simple කේස් එකක්... මං ආසයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව හරියටම තේරුම් ගන්න...”

කොල්ලා එහෙම කියනවාත් එක්කම, භූතයා මෙහෙම ඇහුවා. “සොරි! කලින් ඔබතුමා දකින්න අදහස් කළේ සිංගල් ලයින් රේල් ට්‍රැක් එකක්ද, double ලයින් track එකක්ද?”

මහාද්වීප දෙකක් යා කරන ඒ කතන්දරෙන් පස්සේ අපි යමු, කාන්තාරයකට... 

26. කාන්තාර ජීවියා

හරියකට නොකා- නොබී කල්පනා කරමින් හිටිය ඔටු පුතා ගැන ඔටු අම්මගේ හිතට කරදරයි. ඉවසල-ඉවසලා බැරිම තැනයි ඔටු අම්මා පුතාට කතා කළේ.

“මොකද ළමයෝ මේ? තිස්සේම කල්පනාව. මොනවද ඔච්චරටම කල්පනා කරන්නේ...”

වද කර- කර අහනකොට ඔටු පුතා කතාව පටන් ගත්තා.
“මොකටද අම්මේ අපේ පිටේ විතරක් මේ මොල්ලියක් තියෙන්නේ?”

“අයියෝ, ඕකද ඔයා මෙච්චර දවස් කල්පනා කළේ... ඇයි ළමයෝ අපි කාන්තාර සත්තුනේ. කාන්තාරවල වතුර හිඟයිනෙ... ඉතිං අපිට පුළුවන් අපේ මොල්ලියේ වතුර ගබඩා කරලා තියාගෙන, ඕනෑ- ඕනෑ වෙලාවට ප්‍රයෝජනේට ගන්න. වෙන කිසිම සතෙක්ට මෙහෙම පිහිටලා නෑ පුතේ.” ඔටු අම්මා හරිම ආඩම්බරෙන් කිව්වා.

“ඒක හරිය කියමුකෝ.... එතකොට ඇයි අම්මේ අපේ කකුල් මෙච්චර දිග?” ඔටු පුතා ඊළඟට ඇහුවා.

“ඒකත් කාන්තාරෙට ඔබින විදිහටයි. කාන්තාරවල වැල්ලේ ඇවිදින්න ලේසි වෙන විදිහටයි අපේ දිග කකුල් හතරයි, ඒවාගේ කුරයි පිහිටලා තියෙන්නේ...” ඔටු අම්මා උත්තර දුන්නා.

පේනව නේද කාන්තාරවලටම ඔබින විදිහට අපි ඉපදිලා ඉන්න හැටි!
“ඒ විතරක් නෙවෙයිනේ අම්මේ... අපේ ඇහි පිහාටුත් ගොඩාරියක් දිගයිනේ...” ඔටු පුතා තුන්වෙනි ප්‍රශ්නෙත් ඇහුවා.

“කාන්තාරවල හිටි ගමන් වැලි කුණාටු හටගන්නවා... ඒ වෙලාවට තමයි අපේ දිග ඇහි පිහාටුවලින් ප්‍රයෝජනේ තියෙන්නේ. ඒවා නිසා අපේ ඇස්වලට වැලි නොවැටී බේරෙනවා... පේනව නේද කාන්තාරවලටම ඔබින විදිහට අපි ඉපදිලා ඉන්න හැටි!”
ඔටු අම්මා ආඩම්බරෙන් කියද්දී, ඔටු පුතාට ‘මළ පැන්නා!’

“එහෙනං මොන මළ හත්තිලව්වකටද අම්මේ, අපි මේ සත්තු වත්තේ කොටු වෙලා ඉන්නේ? යංකො කාන්තාරෙකට.” ඔටු පුතා කීවා.

27. ශ්‍රී ලංකාවේ ලොක්කා කවුද?

නුවර දළදා පෙරහර දන්නව නේද? ලෝකෙම ප්‍රසිද්ධ සංස්කෘතික සංදර්ශනයක්නේ. ඒක බලන්නම දේශ- දීපංකරවල ඉඳලත් ලොකු ලොකු බලවත්තු, පෝසත්තු, ප්‍රසිද්ධ අය එනවා. අපේම රටේ අයත් පවුල් පිටිනුයි නුවර පෙරහර බලන්න එන්නෙ. ඔය විදිහට දාස් ගණනින් නුවර පෙරහර බලන්න සෙනඟ එක්-රොක් වෙන නිසා පොලිසියටත් නහුතයක් රාජකාරි පැවරෙනවා. වැඩියත්ම රථවාහන හසුරුවන්නයි, සෙනඟ හසුරුවන්නයි.

ඔහොම ඩියුටි වැටිච්චි පොලිසියෙ සාජන්ට් මහත්තයෙකුටයි, කොස්තාපල් මහත්තයෙකුටයි පරණ පිනක් කඩා වැටුණා;
පෙරහර බලන්න ආව යාළුවො කට්ටියක් එයාලට මුණ ගැහුණා!

කොච්චර ‘මතට තිත’ වුණත් හුඟක් අයට මේ වගේ ගමන්-බිමන්වලදී ලාවට හරි අඩියක්-පුඩියක් නැත්තං හිතට මදි. අර යාළුවොත් බොහොම  හොරෙන් අරක්කු බෝතල් කීපයක්ම අරන් ඇවිත් තිබුණා.
හැබැයි, ‘ඔන් ඩියුටි’ පිට බොන්නත් මෙයාලට තහනම්.
ඒත් ඉතිං නොබී ඉන්නේ මොන හිතකින්ද? පොලිසියේ දෙන්නත් හීනි අඩියක් ගැහුවා ‘යාළුවන්ගෙ පෙරැත්තය හින්දා’මයි කියලා.... එක දෙක වුණා. දෙක තුන වුණා.

නුවර දළදා පෙරහර දන්නව නේද? ලෝකෙම ප්‍රසිද්ධ සංස්කෘතික සංදර්ශනයක්නේ.
දැන් ඔන්න සාජන්ට් මහත්තයට ඩිංගක් සූර්! මිනිහා කොස්තාපල්වරයාට කතා කළා.

“රාළහාමි... මං මේ බීලා අහනවයි කියලා හිතන්ඩ එපා... තමුසෙ ද...න්...න...ව....ද කව්ද අපේ රටේ ලොක්කා කියල...?”
“ඕක කවුරුත් දන්නවනේ සාජන්ට් මහත්තයෝ... ජනාධිපතිතුමානේ.” රාළහාමි කිව්වා.

“එයා කොහොමද ඕයි, රටේම ලොක්කා වෙන්නේ... තමුසෙ වැ..ර..දි..යි..”සාජන්ට් එහෙම කිව්වම රාළහාමි කල්පනාවට වැටුණා.

“එහෙනම් අගමැතිතුමාද?”
“තමුසෙට පයිත්තියං... අගමැතිකම පියුන්කමක් වගෙයි කියල ඔය කව්ද ලොක්කෙක්ම කියල තිබුණ මතක නැද්ද?”

සාජන්ට්ගේ කතාව අතරේ කොස්තාපල්වරයාට හිතුණා මේ ප්‍රශ්නෙට උත්තරේ ‘නුවර පෙරහර’ටත් සම්බන්ධ එකක් වෙන්ඩ ඇතියි කියලා.

“... දැනුයි මතක් වුණේ... මල්වත්තේ නායක හාමුදුරුවෝ!”

“එයාට අයිති මල්වතු පාර්ශවේ විතරයිනෙ අ..යි...සේ! අඩු ගානේ අස්ගිරි පාර්ශ්වෙට ලොක්කත් වෙන කෙනෙක්නෙ. ම..ට... පේන්නෙ තමුසේට නං මේ ක....පේ....දි මගේ ප්‍රශ්නෙට උත්තරේ හොයා ගන්න බැරි වෙයි වගේ.”

“හරි හරි. දැන් මතක් වුණා සාජන්ට් මහත්තයෝ. දියවඩන නිලමේතුමා.” රාළහාමි කිව්වේ ඔළුව කස-කසා.

“තමුසෙගෙ සාමාන්‍ය දැනීම නිල් අයිසෙ...” සාජන්ට් මහත්තයා හිනා වෙලා කිව්වා. “ත...මු...සේ තමයි ලංකාවේ ලොක්කා. ලො...කු...ම ලොක්කා!”

ඇමැතිතුමාලා අගමැතිතුමාට බයයි. අගමැතිතුමා ජනාධිපතිතුමාට බයයි.
‘මූට නං හොඳටම වෙරි වගේ.’ රාළහාමි තමන්ටම කියා ගත්තා; හිතෙන්. “සාජන්ට් මහත්තයට ටිකාක් වැඩියි වගේ... හුළං වදිනකොටනේ කරන්ට් එක දැනෙන්න ගන්නේ.... නේද?”

“තමුසෙ හිතුවෙ මට වෙරි කියලද?..
ඔන්න බලනවා!
තමුසෙලා; රාළහාමිලා අපිට බයයි. ඒ කියන්නේ සාජන්ට්ලට.
සාජන්ට් බයයි එස්.අයි. මහත්තයට.....
එයා ඉන්ස්පෙක්ටර් මහත්තයට බයයි... හරිද?”

“හරි! බයයි..” රාළහාමි ඔළුව වැනුවා.

“කොච්චර ලොකු ඉන්ස්පැක්ටර් මහත්තයෙක් වුණත් එච්.කිව්.අයි.ට බයයි.
එයා ඒ.එස්.පී. මහත්තයට බයයි.
එයා එස්.පී. මහත්තයට බයයි... බොරුද?”

සාජන්ට්ගේ කතාව රාළහාමිත් අනුමත කළා.

“එතකොට.... එස්.පී. මහත්තුරු කාටද බය?”
“ඩී.අයි.ජී. මහත්තුරුන්ට.”

“ඔය තේරෙන්නේ..... ඩී.අයි.ජී.ලා බයයි අයි.ජී.පී. මහත්තයට.
එයාලා උප ඇමතිතුමාට බයයි. තේරුණා නේද?”

සාජන්ට් මහත්තයට කන්දීගෙන හිටපු රාළහාමිගේ කට ඇරුණේ ඉබේම.

“උප ඇමතිතුමා බය ඇමතිතුමාටනේ...”

“හරියට හරි! ඒත් රාළහාමි, ඇමැතිතුමාලා අගමැතිතුමාට බයයි. අගමැතිතුමා ජනාධිපතිතුමාට බයයි. දැන්වත් තේරුණාද?”

“ඒකනෙ සාජන්ට් මහත්තයා, මං ඉස්සෙල්ලම කිව්වේ ලංකාවේ ලොක්ක ජනාධිපතිතුමාය කියලා....” රාළහාමි හීන් සීරුවේ මතක් කළා.

“මං තවම ඉවර නෑ අයිසෙ. ජනාධිපතිතුමාත් බයයිනේ ජනතාවට....
ජනතාව බය තමුසෙටනෙ... එතකොට තමුසෙ නෙවෙයිද  ශ්‍රී ලංකාවේ ලොක්කා?”

“ෆුල් නයිට් එකට පහළොස්දාහයි!” ඇයත් ඍජුවම පිළිතුරු දුන්නාය.
28. ශක්තිවන්තයා

“හායි!”

ශිහාන් රූමත් ටෙක්ලාට ඇමතුවේය. ඒ රාත්‍රී සමාජ ශාලාවකදීය. ඇය ඉහළ පැලැන්තියේ අයගේ ඇසුර පැතූ අබිසරු ලියකි.

“හායි!” ටෙක්ලාත් පෙරළා සිනාසුණාය.

“අද රෑ මාත් එක්ක යමු.” ශිහාන් කෙලින්ම මාතෘකාවට බැස්සේය.

“ෆුල් නයිට් එකට පහළොස්දාහයි!” ඇයත් ඍජුවම පිළිතුරු දුන්නාය.

“ඕ.කේ. හැබැයි මගෙනුත් පුංචි කොන්දේසියක් තියෙනවා... කාමරේ තනිකර කළුවරෙයි තියන්නේ.” ශිහාන් කීවේය. ටෙක්ලා එකඟ වූවාය.

ඔවුහු ශිහාන්ගේ කාමරයට ගියහ. ඔහුගේ කොන්දේසියට අනුවම කාමරයේ සියලුම විදුලි පහන් නිවා දමන ලදී.
ඔවුන්ගේ පළමු ලිංගික එක්වීමෙන් අනතුරුව ශිහාන් නැඟිට්ටේය. “පොඩ්ඩක් රෙස්ට් කරන්න. මං බාත්රූම් එකට ගිහිල්ල එන්නං.....”

අඳුරේම ආපසු පැමිණි ඔහුට අවනත වීමට ටෙක්ලාට සිදු විය. ඉන්පසු ඔහු නැවතත් නාන කාමරයට ගොස් ආපසු පැමිණියේය.
මේ සිදු වීම නැවත නැවතත් සිදු විණි.

හොඳටම හෙම්බත්වී සිටි ටෙක්ලා අන්තිමේදී කතා කළාය.

“මෙච්චර කාලෙකට මට ඔයා වගේ කෙනෙක් මුණ ගැහිලා නෑ, ශිහාන්. ඔයා එන්න-එන්නම ශක්තිමත් වෙනවා... හරිම පුදුමයි.... ඒත් මම නං බාගෙට මැරිලා....”

“ශිහාන්?” වෙනස් පිරිමි කටහඬක් නැඟුණේ අඳුරෙනි.
“... මම ජනක. ශිහාන් අන්න එළියෙන් වාඩි වෙලා පෝලිමේ එන අපෙන් දහදාහ ගානේ අය කරනවා.”

මං ශිහාන්ට වැඩිය වෙනස්. ඔයාලව හිනස්සවනවට සල්ලි ගන්නේ නෑ. හැබැයි කැමති අයගෙන් විතරක් උදව්වක් ඉල්ලා ගන්නයි හදන්නේ; ‘ඔක්තෝබරයේ කියවීමේ මාසයෙදී’. මෙන්න කළ යුතුදේ:

එහෙනම් අදට ආයුබෝවන් කියන්නම්!

37 comments:

  1. ++++++++++
    ඔන්න ගැහැව්වා වැට, නමෝ විත්තියෙන්ම. මේකයි, තට්ටකොලමයි දෙකම රෑට කියවන්න තියාගත්තා.

    හිනා කතා.🙏😊😂🤣🤗

    ReplyDelete
    Replies
    1. කියෙව්වා. සුපුරුදු ලෙසටම, නියමයි.:)

      Delete
    2. ගොඩාරියක් ස්තුතියි ටොමියො!

      Delete
  2. අපි ඔය කොන්ත්‍රත් එක හැටට හැටේ දැන් කරනවා නේ

    ReplyDelete
    Replies
    1. එහෙනම්! අද විජේබාහු මහත්තයා කලින්ම ඇවිත්.... ස්තුතියි මහත්තයෝ.

      Delete
  3. /09. දර ළිපේ දුමට මැස්සන් මදුරුවන් පමණක් නොව ගෙම්බන් කැරපොත්තන් ද ගැරඬියාද අහලකවත් නොසිට පලා යයි./

    ඉඳපිය, ප්‍රසන්න!

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න පරක්කුයි වගේ... ඒ මනුස්සයා එක්ක තියෙන අරෝවක් ඩ්රැකීලට.

      Delete
  4. ගුණේරිස් හප්පපු අයියට තට්ටයක් තිබුණද?

    ReplyDelete
    Replies
    1. තට්ටයක්ද ඩ්රැකී පට්ටියක්ද?

      Delete
  5. මේං මං දැකල තියෙන ජොලි ම බූතෙය...

    ReplyDelete
    Replies
    1. බාගන්න ඕනෙ, මම දැනන් හිටියෙ නෑ මෙච්චර හොඳයි කියලා.

      මේ ඩ්‍රැකී, දෙවනි පෝස්ට් එක ටෙස්ට් රන්. ඇවිත් අඩුපාඩු ලියල තියහං. හෙට උදේ බලල හදන්නම්.

      ආං බුරය්, නයයි එහෙ:)

      Delete
    2. ඔ්ක හොඳයි තමයි. මං ආස ම අන්තිමේ කියනව බූතය, "get your own Jam..." කියල... ආං ඒක.

      Delete
    3. A husband and wife in their sixties were coming up on their 40th wedding anniversary.
      Knowing his wIfe loved antiques, he bought a beautiful old brass oil lamp for her.
      When she unwrapped it, a genie appeared.
      He thanked them and gave each of them one wish.
      The wife wished for an all expenses paid, first class, around the world cruise with her husband.
      Shazam!
      Instantly she was presented with tickets for the entire journey, plus expensive side trips, dinners, shopping, etc.
      The husband, however, wished he had a female companion who was 30 years younger.
      Shazam!
      Instantly he turned 93 years old.

      Delete
    4. https://www.youtube.com/watch?v=go6GEIrcvFY

      Delete
    5. ඉවසපන් පපුව කියලා බුක් මාර්ක් කරගත්තා විතරයි. පහුගිය සතිය ජල ප්‍රශ්නයක් නිසා අවිවේකී වුණා. මේ සතියට වැඩ ගොඩක් දැන්මම පෙළ ගැහිලා.

      ඒත් ඔයාලට ගොඩක් ස්තුතියි.
      Shazam!

      Pra jay, මහත්තයෝ,වෙලාවක් ලැබුනොත් ඉංගිරිසි යාන් එක සිංහලට දාන්නන්.

      Delete
    6. ඊයෙත් වෝටර් බෝඩ් එකෙන් ආවේ නෑ, මූඩ් එක බැහැලා තිබුණු නිසා Shazam බැලුවා.

      සශාම් කියලා කියැවුණු නිසාද දන්නෑ අද උදේ නවයට එනවලු, ජල සැපයුම් දෙන්න!

      Delete
  6. https://kalplanthaya.wordpress.com

    ReplyDelete
    Replies
    1. එහාට කලිනුත් ගියා. කමෙන්ටුවක් එහෙම දාන්න ගියාම එන වද කප්පරයි, ඒත් බැරි වුණා.

      Delete
  7. අප්පොච්චියේ ශිහාන් ගෙ තරම

    ReplyDelete
  8. ඔය භුතයාගේ කතාව ගැහැණු පැත්තට වගේම පිරිමි පැත්තටත් කැපිල්ල දාන ආකාරයට මම අහලා තියනවා.

    තරුණියකට භූතයා හම්බ උනාම, ඇයට ලැබුන වරයට ඇයගේ ඉල්ලීම උනේ, ලෝක සිතියමක, මැද පෙරදිග රටවල් ටික පෙන්නලා, මේ රට වලට සාමය උදා කරදෙන්න කියන එකයි.
    භූතයා "උං වසර දහස් ගණනක් තිස්සේ කා කොටා ගන්නා එවුන්, ඕකුන්ව කොහොමවත් සමගි කරලා තියන්න බෑ" කියලා කියපුවාම, තරුණිය ඉල්ලා හිටියේ, "එහෙනම් මට හොඳ හස්බන්ඩ් කෙනෙක් ලබා දෙන්න" කියලයි. කොහොම කෙනෙක්ද? කියලා භූතයා ඇහුවාම, කරුණාවන්ත, ආදරවන්ත, සුරා සූදුවෙන් තොර, ගෙදර වැඩපල කරන, අවංක කෙනෙක් තමයි මට ඕනෑ කියලා කියපුවාම,
    "අන්න අර කෙහෙම්මල් මැප් එක දිග ඇරලා මට රටවල් ටික පෙන්නපං" කියලා බුතයා කිව්වලු.

    ReplyDelete
    Replies
    1. හැබැයි පිරිමි පැත්තට කැපිල්ල දාන කතා බොහොම අඩුයි නේද Sam?

      Delete
    2. ඒකට හේතුව, ඔය වගේ කතා වැඩිපුරම කියන්නෙත්, ලියන්නෙත් පිරිමි වීම නිසා කියලයි මම කියන්නේ.

      එහෙම නැතිව ගැහැණුන්ගේ අඩුපාඩු/වැරදි පිරිමින්ට වඩා වැඩි නිසා කියලා, නොමිලේ ලැබෙන දං සලාකෙට කෙලවා ගන්න කැමති කව්ද??

      Delete

  9. නිමල් අයිය සර්, භූතයො වගේම ගෙම්බොත් මරු වැඩ කරලා තියෙනවලු.

    මේ මට ආපු එකක්.

    දවසක් ගෑණු කෙනෙක් ගෙයි පිටිපස්සෙ කැලේ සුද්ද කරගෙන ඉන්නකොට, ගෙම්බෙක් පොඩි ලීයකට යටවෙලා ඉන්නව දැක්කා.

    "ඔයා මේ ලීය අයිං කරල මගෙ ජීවිතේ බේරුවොත්, මම ඔයාට වර තුනක් දෙනවා" කියල ගෙම්බ කිව්වා.

    ඉතිං ඒ ගෑණු කෙනත් ලීය අයිං කරල ගෙම්බගෙ ජීවිතේ බේරල දුන්නා.

    "ඔයාට ගොඩාක් ස්තුතියි නෝනා. ඒත් ඔයාට එක කොන්දේසියක් කියන්න මට අමතකවුනා".
    " ඔයා මොන වරයක් ඉල්ලුවත් ඒ වගේ දහගුණයක් ඔයාගෙ මහත්තයටත් ලැබෙනවා" කියල ගෙම්බා කිව්වා.

    ආ ඒකට කමක් නෑ ගෙම්බෝ කියල ගෑණු කෙනා කිව්වා.

    පළවෙනි වරය හැටියට " මාව මේ ලෝකෙ ලස්සනම කාන්තාව කරන්න" කියල ගෑණු කෙනා ඉල්ලුවා.

    ඒ ගැන ගෙම්බා ගෑණු කෙනාට...

    " ඔයා හොඳට හිතල බලන්න, ඔය වරයෙන් ඔයාගෙ මහත්තය ඔයාට වඩා දහගුණයකින් ලස්සන වෙලා, ගෑණු එයාගෙ වටේ රංචු ගැහිල කැරකේවී" කියල ගෙම්බ අනතුරු ඇඟෙව්වා.

    "ඒකට කමක් නෑ,. මම දන්නව එයාගෙ හැටි, මම මේ ලෝකෙ ලස්සනම කාන්තාව උනාම එයා මගේ පස්සෙන් වැටිල ඉඳීවි" කියල ගෑණු කෙනා කිව්වා.

    "ඒස්වාහ්ඃ පුහ්ඃ" කියල ගෙම්බා මතුරල ගෑණු කෙනාව ලස්සන කරල වරය ක්‍රියාත්මක කෙරුවා.

    දෙවෙනි වරය හැටියට " මාව මේ ලෝකෙන්ම පළවෙනි සල්ලි කාරයා කරන්න" කියල ගෙම්බගෙන් ඉල්ලුවා.

    ගෙම්බා ආයෙත් සැරයක්....

    "ඒ වරයෙනුත් නෝනා! ඔයාගෙ මහත්තය ඔයාට වඩා දහගුණයකින් පෝසත් වෙනවා, හොඳට හිතල බලල කියන්න" ගෙම්බා කිව්වා.

    "ඒක අවුලක් නෑ ගෙම්බෝ, ඒයාගෙ දේවල් මොනවද ඒ මගේ දේවල්. මගේ දේවල් මොනවද ඒ එයාගෙ දේවල්. අපි අතරෙ බේදයක් නෑ" කියල ගෑණු කෙනා කිව්වා.

    "ඒස්වාහ්ඃ පුහ්ඃ" කියල මතුරල ගෑණු කෙනාව මේ ලෝකෙ පෝසත්ම කෙනා කරල වරය ක්‍රියාත්මක කෙරුවා.

    "තුන්වෙනි වරයට මොනවද නෝනට ඕන" කියල ගෙම්බ ඇහුවා.

    "මට ළාවට වගේ පොඩි හාර්ට් ඇටෑක් එකක් දෙන්න"

    ReplyDelete
  10. දිග කතාවක් කොටලා අපට සංග්‍රහයක් කළාට ගොඩාරියක් ස්තුතියි හැට්ටර් මල්ලී, තවත් ස්තුතියි අයියා කෑල්ල ඉතිරි වෙද්දී සර් කෑල්ල හලනවා නං, මට කතා කරද්දී.

    ReplyDelete
  11. පාඨකයින්ගෙ කමෙන්ට්ස්වල විහිලු කතා නිමල්ගෙ කතාවලට නොදෙවෙනියි.

    අර ගෑස් හා දර ගැන විස්තරේ උපහාසය තුල තියෙන 'වේදනාව' කතා අංක 23- සිහින සබෑවීම සමග හොඳට ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. Lotus, මට නං කමෙන්ට්ස්වල තියෙන කතා හුඟාක් අලුත් ඒවා. ඒ නිසා රසේ වැඩියි! විවිධයි!!

      ලංකාවේ ඉන්න -පොළොවේ පය ගහලා සිටින මිනිසුන් ඇසුරු කරන කෙනෙකුටම තමයි තේරුම් ගන්න ලේසි ඔය සිහින සැබෑ නොවීමේ වේදනාව!

      Delete
  12. අර නිරීක්ෂණය ගැන මං අහපු කතාවක තිබ්බෙ මහාචාර්යවරයා මිනියක් විච්චේදනය කරමින් හිටපු බවත් ඔහු මිනියේ ගුද මාර්ගයට ඇගිල්ල දමා පසුව කටේ දමා උරවා සිසුන්‍ටත් කරන්ඩ කියපු බවත්!!!
    ඊගාවට අර බූතයා ඩ්‍රැකී හම්බ වෙන්ඩ යන ගමන් මට කියලා ගියේ ඇත්තම කතාව උනේ වෙන විදිහකට කියලා.ඒ තමයි. ඉලංදාරියෙක් ඉල්ලුවලු මකරෙක්. බූතයා කිව්වලු...අනේ නෙවිල් ඒකනං අමාරුයි වෙන දෙයක් කියන්ඩ කියල. නෙවිල් ඊගාවට ඉල්ලුවලු අනේ එහෙනං මටයි ලොකාටයි කවදාවත් වරදේ නොබැදෙන කාන්තාවො දෙන්නෙක් හොයල දෙන්ඩ කියල....බූතයා කිව්වලු මෙහෙම...අනේ නෙවිල් මං ගිනි පිඹින මකරෙක්ද හොයල දෙන්ඩ ඕන තටු තියෙන එකෙද්ද කියල!!

    ReplyDelete
    Replies
    1. නිමල්ගෙ හිනා කතාවලට උත්ප්‍රේරකයක්. ලොකු මලයත් මඩ ගහන්න දන්නෙම නෑ:)

      Delete
    2. බකුසුතුමෝ, මම මේ කල්පනා කරන්නෙ ඔය බූතයත් එක්ක කතාව වෙච්චි වෙලාවේ කට්ටකාඩුවේ ලොකාත් කොහොමද එතැන හිටියේ කියලා. මටත් බලය තියෙනවා නං වහාම කොමිසමක් පත් කරනවා හොයන්න.

      නෙව්ල්ලා ගැන වැඩිය මොකුත් ලිව්වේ නැති නිසා තමයි ඔය අවුස්සනවා ඇත්තේ!

      Delete
  13. මගේ ලෝකය ලියපු කළණ(ආටියා) යන්න ගිහිල්ලා. සුභ ගමන්, නොදුටු මිත්‍රයා.😢😒

    ReplyDelete
    Replies
    1. කොළොම්පුරේ අසංග කීවා, Pra Jayත් පණිවිඩේ ඒවා තිබුණා. කලණගේ ගමන්වල විස්තර එක්ක තියෙන foto! ලොකු කනගාටුවක් ඒ වගේ බ්ලොග් රචකයෙක් අහිමි වීම... ඒත් ඉතිං අඬගහන වෙලාවට යන්න එපැයි, බෑ කියන්නයැ.
      මාරයාත් මොකද දන්නෙ නෑ මං වගේ නාකි-ලෙඩ පරාණ අත හැරලා අඩු වයසේ අයට කතා කරන්නේ?

      Delete
  14. නදී අර කිව්ව විදිහෙ ෆිල්ම් සීන් එකක් ගනහ්ට් ලියන්ටකෝ ඒ කාලේ වෙච්ච

    ReplyDelete
    Replies
    1. මීට කලින් තුන්-හතර පොලක ඒවා ලියලා තියෙනවා. ඔයා මුල හිට කියවලා නැති නිසයි නොදන්නේ, මම ඒ තැන් හොයලා links දෙන්නං, හැබැයි සෙනසුරාදායින් පස්සේ. හෙට සිට සෙනසුරාදා තෙක් ගෙදර නැහැ. ඒකයි නමී.

      Delete
    2. පිස්සා නොකිව්වට නිදි කිව්ව විදිහට පිස්සුවක් තමා. මටනම් ගොඩක්ම වැඩි classic ශානයරයේ ඒවා බලන්න. එහෙම එකක් බලල ඉවර උනාම යම් අමුතු හැඟීමක් එනවා. මන් හිතන්නෙ කලාවෙන් මිනිස්සුන්ට මාර සන්නිවේදනයක්, ඤානනයක් කරන්න පුළුවන්./ හරි මන් පීරලා එකක් හොයා ගන්නම්කො නිදි

      Delete
  15. ඔන්න නමී, පොරොන්දුව ඉටු කරනවා.
    http://nidigepanchathanthare.blogspot.com/2018/04/blog-post_9.html

    http://nidigepanchathanthare.blogspot.com/2018/10/_17.html
    http://nidigepanchathanthare.blogspot.com/2019/04/blog-post_12.html
    https://nidigepanchathanthare.blogspot.com/2020/06/blog-post_23.html
    https://nidigepanchathanthare.blogspot.com/2021/09/blog-post.html

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්