“කිරි? මේ හද්ද කැලේට කොහෙන්ද යකෝ කිරි...?”
“බඩු have! බඩු හෑව්!! Fresh Milk...”
“ගමකට තියෙනවා නිමල් අංකල්!” පසිඳුත් කියයි....
අපි තේ
බොන්නට නැවතුණේ වින්ඩ් සර්ෆින්වලට ප්‍රසිද්ධ අරුගම්බේ.... |
ඒ අරගෙන ඇවිත් තිබුණේ Fresh Milk පැකට්ස්ය! ගමකට තියෙනවා
යැයි පසිඳු කිව්වේ ඒවාය.
“මාමේ, කිරි පැකට්ස් දෙකක්ම දෙන්නද?” පසිඳු අයස්මන්තගෙන්
ඇහුවේය.
“එකක් ඇති...” මම කීවෙමි. “එහෙනං, වතුර වෙනම උණු කරන අතරේ, කිරි ටික වෙනම සාස්පානක
තියලා රත් කර ගන්න වෙයි.”
“ඒ කිව්වෙ නිමල් අයියේ?” කරුණු නොදන්නා කෙනෙක් ඇසුවේය.
“කිරි දාපු සාස්පාන කෙළින්ම ළිපේ තිබ්බොත් අඩිය අල්ලනවා. ටිකක් ලොකු සාස්පානකට
වතුර ටිකක් දාලා, ඒක මැදින් කිරි දාපු පොඩි සාස්පාන තියලා- ළිපෙන් තිබ්බම හරි!”
පසුගිය කොටසට comment එකක් එවමින් ප්‍රසන්න සහෘදයා කියා
තිබුණේ ‘ගිය ගමන වගේම
මේ ගමනත් මොනව නැතත් කෑම ගැන නං ඇති පදං විස්තර තියෙනව’ යනුවෙනි. සහතික ඇත්තකි!
සමහරු
ජීවත් වෙන්නට කති. තවත් සමහරු කන්නටම ජීවත් වෙති! |
මං වහන්සේ ඔය ගොඩවල් දෙකටම වැටෙන කෙනෙකි. හැම තිස්සෙම නැතත්, සමහර වෙලාවට නම් මා
කෑම ගැන ඕනෑවටත් වඩා සැලකිලිමත්ය. විශේෂයෙන් තව පිරිසක් එක්ක ඉන්න වෙලාවට...
කෝකියාත් මං නම්, මං හිතන්නේ එතැන ඉන්නා හැමෝම කන්නටම ජීවත් වෙන අය විදිහටය.
ඉතිං, ළිං තුනේදී මගෙ උපදෙස් ඒ විදිහටම පිළිපැදලා කෝපි
හැදුවයි කියමුකෝ... ඒවා බොද්දී හම්බ වුණෙත් හොඳ ප්‍රතිචාරය.
එහෙම ප්‍රතිචාර ලැබිලාත්...
ඊට පහුවදා රාත්‍රියේ වරහන නැවතුණාමත් කිරි කෝපි හැදුණේය. ඒ කිරි සාස්පාන කෙළින්ම
ළිපේ තියලාය. (ඒ සාස්පානෙ අඩිය අල්ලලා තිබුණු හින්දා, හෝදන්නටත් වරුවක්ම ගියාද
කොහෙදය!) කෝපි කෝප්පයෙන් උගුරක් බීපු ගමන්ම “මේ කිරිකෝපිද?” කියලා විස්මයෙන් අහපු
තමීර දෙවෙනි කෝපි උගුරක් බිව්වේ නැත!
අපි පාඩම් ඉගෙන ගන්නෝ වෙමුද; ඉගෙන ගන්නා පාඩම් මතක තබා ගන්නෝ වෙමුද; ඒවායින් පල
නෙළා ගන්නෝ වෙමුද?
නොදන්නා යමක් ඉගෙන ගන්නට නම් ඒ පිළිබඳව විමසා බලන්නට
වෙයි; කල්පනා කරන්නට වෙයි.
“පීරිස්, අපි සිංදු කිව්වට මොකද මගෙ හිතට නම් හරි මදි!” අපේ වැඩ ගැන එහෙම විමසා
බලද්දී මට කියැවිණි.
“අයියේ, අපි බයිලා කිව්වේ නැහැනෙ. බොහොම නිසංසලේ කියවෙන
ඒවා විතරයිනේ ඔයා තේරුවෙත්... අපි මෙහෙම බලමු. ඇයි මිනිස්සු දෙයියන්ට පූජා
පවත්වන්නේ... මොකක්ද පින කියන්නේ- මම අහන්නේ ඕවට පොතේ තියෙන දේ එහෙම නෙවෙයි, ඔයාගෙ
මතය.”
“මාර ප්‍රශ්න දෙකක්නෙ පීරිස් අහන්නේ.”
පින
කියන්නේ යම්කිසි යහපත් ක්‍රියාවක් කිරීමෙන් අප ලබන සතුටටය. |
“නිමල් අයියේ, මේ ළඟකදී මෙතනට match වෙන දේවල් දෙකක් මම
කියෙව්වා. Remember, that you can touch so many lives by simply being in joy!’
අපි සතුටෙන් ඉන්න එකෙන් තව ගොඩක් අයවත් සතුටු කරවන්න පුළුවනි නං, ඒකෙන් දෙයියොත්
සතුටු නොවී ඉඳියිද? The greatest gift you ever give another person is your own
happiness. බැලූ බැල්මට නං ජෝක් එකක් වගෙත් පේනවා. තමන් සතුටෙන් සිටීම කොහොමද තව
කෙනෙකුට දෙන තෑග්ගක් වෙන්නෙ?”
ඒ කතාවේ ගැඹුර කල්පනා වෙන්නේ දැන්ය; කල් ගත වෙන්නට-
වෙන්නටය; නැවත නැවත මෙනෙහි කරද්දීය.
සතුටෙන් නොසිටින කෙනෙක් වසංගත රෝගියෙකු වැනිය. එයා
අනුනටත් අසතුට බෙදා දෙයි; අතෘප්තිය පතුරවමින් සමාජයම ලෙඩ කරවයි.
තමන් සතුටෙන් නොසිටින පාලකයන් නිසා විතරක්ම වුණත්, සසිරිබර
සිරි ලංකාද්වීපයේ පුරවැසි අපට ගෙවන්නට සිදුවී තිබෙන වන්දිය පොඩිපටු එකක් නොවේ!
අපේ පින සිංගල්ය; කරුමේ ඩබල්ය!!
(නෙවිල්ලගේ බණ පිංකම දවසේ, ඒ යෙදුම මට කියා දුන්නාට සුමිතුරු උදේනි දසනායකට පිං!)
සතුටෙන් සිටීම පිනක් නම් අසතුටෙන් සිටීම පවක් විය යුතුය.
උගේ
ගතිය ඌ නාරී මැරූවත්! |
සිංදු කියමින් සතුටුවී හිඳ, රෑ වෙලා නිඳාගත්තත් පාන්දර
තුනහමාර වෙද්දී මට ඇහැරෙන්නට සිද්ද වුණේය. “මාමේ... නැඟිටින්න වෙලාව හරි!” ඉන්දික
මගේ කකුලකින් අදිමින් හෙමිහිට කියයි.
පිහිල්ලේ දියට කළයක් නැමූවත්
නොපිරේ කළය
හැට පැයකින් බැලූවත්
ගුණ නැති එකා
බණ දහමින් වෙළූවත්
උගේ ගතිය ඌ
නාරී මැරූවත්
කවිය නිකම්ම මට මතක් වුණේ එතකොටය. ඉන්දික හෙමින් කතා කෙරුවත්, ඒ සද්දෙට ප්‍රියන්ත,
ජයා දෙන්නත් නැඟිටලාය.
ඊට පස්සේ, ගිනි මැලයෙන්ම අඟුරු ටිකක් අරං
ළිප පත්තු කරලා, මං කියන විදිහටම කරමින් ‘කැඳ එක ගැහුවේ’ ඒ දෙන්නාය. ගහලා, අපි
දහදෙනාට ඇතිවෙන තරමට ‘කන්ජි’ එකෙන් කොටසක් සාස්පානට දැම්මෙත් එයාලාමය.
ඒවා කරන්නට කලින්ම bed tea එක හදා දීලා හිටියත්, අපේ කට්ටියගෙන් වැඩි හරියක් තවමත්
හාන්සි වීගත් ගමන්මය. එහෙම වෙලාවට නම්, මගෙ හිතේ නිඳාගෙන ඉන්නා ආලවක යක්ෂ
සේනාධිපතියා ඇඟමැලි කඩා; හිරි ඇර නැඟිටියි!
“මෙන්න, මේ කැඳ සාස්පාන හිච්චිලට ගෙනිහිං
දෙන්නයි තියෙන්නේ!” මං වහන්සේ පොදුවේ ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළේ, එතකොටය. ඒත්
එකෙකුගෙන්වත් ප්‍රතිචාරයක් නැත. එයාලා තම-තමුන්ගේ වැඩවලය.
දැන් ආලවකයා මගේ ඉස්මුඳුනටම නැඟලා අහවරය. වළන්
අල්ලන රෙදි කෑලි දෙකත් අරගෙන මම නැඟිට්ටෙමි.
“අනේ ප්‍රියන්ත, මේ සාස්පානේ පැත්තකින් අල්ලනවද! තවම රස්නෙයි... අපි දෙන්නවත් මෙන්න
මේ ඉලව්ව ගෙනිහිං දෙමු.” රෙදි කෑල්ල දික් කරමින් මං කියනකොටත්, ප්‍රියන්ත එතැනය.
මම සාස්පානේ අනෙත් පැත්තෙන් අල්ලා ගත්තෙමි.
උණු උණු ලොකු කැඳ සාස්පානකුත් උස්සගෙන, ටෝච් එළියෙන් එච්චර දුරක් යන්නට එදා නම් මට
හයිය දුන්නේ ‘මගේ නිම්හිම් නැති කේන්තිය’යි.
ඔය
කොහෙද ඔයාල යන්නෙ? ඔය
පැත්තට ගියොත් ආපහු යැවෙන්නෙ කුමන පැත්තටනෙ... (foto- පසිඳු බණ්ඩාර) |
හැබෑ ලෙසම කේන්තියකින් ඉඳිද්දී මට කතා කර ගන්නට අමාරුය.
ඒ කේන්තියෙ තරම එදා නමීටවත් පෙනිලා නැත.
එහෙම පෙනුණා නං - මේ posts මාලාවේ දෙවැන්නට නමියා මෙහෙම comment කරන එකක් නැත. ‘වැඩිය
කේන්ති ගිය නැති ගමන්වලින් එකක් නේද නිදිතුමෝ... මේක ඔහෙගෙ?’
නමී තේරුම් නොගත්තත් අනෙක් අය නිදිගෙ
කේන්තිය වටහා ගත්තා වෙන්නැති.
ඊට පස්සේ අපේ නඩය පට-පට ගාලා සූදානම් වුණේය. කොච්චර ඉක්මනින්ද කියනවා නං, අරුණලු
වැටෙන්නටත් කලින් පිටත් වෙන්නට අපටත් හැකි විණි. හැබැයි, කතාබතා හරිම අඩුවෙන්-
තිත්ත කසායක් බීලා වාගේ...
ඒ නිසාමද කොහෙද, කිසිම විමසා බැලීමකින් තොරව- ඉස්සරහින් ගිය එකා පස්සේ යමින්- අපි
ගිහිං තිබ්බේ වැරදි පැත්තකටය.
“නිමල් අයියල කට්ටිය නේද මේ?... ඔය කොහෙද
ඔයාල යන්නෙ? ඔය පැත්තට ගියොත් ආපහු යැවෙන්නෙ කුමන පැත්තටනෙ...” දෙවියන් අපට අත
පෑවේ ‘චානකගේ වේශයෙන්’ ඇවිදින්ය.
“අනේ චානක, ගොඩාරියක් පින්! අපිට එහා
පැත්තෙන් ඉඳලත්, තේ බිව්වට පස්සෙම ඔයාව දැක්කෙ නැහැනෙ. චානකගෙන් ෆෝන් number එකවත්
ඉල්ල ගන්නයි හිටියෙ.”
“මටත් ඔයාගේ නම්බර් එක ඕනි. අද අපි දෙගොල්ලෝ ආපහු මුණ ගැහෙයිනෙ දවල්ට. එතකොට
ගන්නං!” චානක කිව්වේය. ඊළඟට එයා පෙන්නූ පැත්තට ගිහිං අපි හරි පාරට වැටුණෙමු.
නමුත් දෙයියන්නේ අඩවියෙදී කට ඉස්සර කර
ගත්තොත් වරදින බව තහවුරු කරමිනි, එදා වැඩ සිද්ද වුණේ.
කිසිම
අව් රැල්ලක් වැටිලා නැති වෙලාවේ, උපරිම
දුරක් යා ගන්නට... (foto- අනුර පල්ලිමුල්ල) |
චානකගේ මඟ පෙන්වීම ඔස්සේ දෙපා නඟද්දී, අඳුර
විනිවිදගෙන ආවේ රබානක් වැයෙන හඬයි. ඒ තාලයටම ගැයෙන ‘හරෝහරා හරෝහරා - වේල් මුරුගා
හරෝහරා’ භජන්ය. “අපිත් එයාලට කිට්ටුවෙන්ම යං... ඒ සද්දෙට මෙලෝ සතෙක් නං කිට්ටුවට
එන්නෑ.”
“ඒකම තමයි එයාල ඔච්චර සද්දෙන් රබාන ගහනව ඇත්තෙත්...”
... “අම්මට සිරි! සද්දේ තිබ්බට එතැන ඉන්නෙ තුන් දෙනයිනෙ!”
පැයක් යනතුරුම මං ‘නවතිමුද’ කියලා ඇහුවේ
නැත. කීප සැරයක්ම ‘නිමල් අයියට අමාරුයි නං ටිකක් නැවතිලා යමු’ කියල යෝජනා වුවත් මං
ඒවාට කීකරු වුණෙත් නැත. කිසිම අව් රැල්ලක් වැටිලා නැති වෙලාවේ, උපරිම දුරක් යා
ගන්නටය මට උවමනා වුණේ.
හැබැයි, අපේ නඩයෙන් තුන් දෙනෙක් අමාරුවේ
වැටිලාය. ඒ එයාලා ටිකක් විතර පමා වුණු නිසාය.
“ඔක්කොමලම ඉස්සර වෙලා... ජයයි- ප්‍රියන්තයි මායි විතරක් පහු වෙලා... bags තොගේකුත්
අපි ළඟ.” ගවීන් කිව්වේ පස්සේ වෙලාවක ඉස්පාසුවක් ගනිද්දීය. “... පොල්ලක් හොයාගෙන
ඒවා සේරම ඒකට අමුණගෙන අපි එන්න ගත්තා... අම්මට සිරි, turn එක මාරු කර ගන්නත් තව
එකෙක් නැහැනෙ පෙනෙන හරියක හිටියේ.”
“හොඳ වැඩේ! ඔහොම පොල්ලක දාලා බඩු bag බඩු
ගෙනියන එක ලේසියි කියල මං කිව්වනෙ මුලින්ම. කොහෙද? අර පණ්ඩිත අප්පුහාමි ඤැක්-බැක්
ගෑවනෙ කියනකොටම...”
“ඔව් නිමල් අංකල්, මෙහෙම ගෙනියන එක වැඩිය ලේසියි!” එයින් පස්සේ නම් වැඩි දෙනෙක් ඊට
සම්මාදම් වූහ. මට තවමත් විසඳා ගන්නට බැරි වුණු ඒ හා අදාළ ප්‍රශ්නයකුත් තිබේ.
Difficult roads lead to beautiful destinations! |
සමහර විට එයාලා ‘Difficult roads lead to beautiful destinations!’ කියන එක විශ්වාස කරන
නිසා එහෙම අමාරුවෙන් බඩු උස්සගෙන යනවා වෙන්නත් ඇති. (ඒ ඉංග්‍රීසි කියමන, පහුගිය
කොටසට Lotus රසිකාවිය එවූ comment එකකින්ය ගත්තේ. ස්තුතියි Lotus!)
ම්... ම්... ම්... ඒ හරිය ලියාගෙන යද්දී කල්පනා වුණු දෙයකි මේ. භක්තියකින් යුතුව;
කැපවීමෙන් කරද්දී අමාරු වැඩක් වුණත් ලෙහෙසියට දැනෙනවාවද්ද?
එහෙම වෙන්නැති!
ගිය වතාවේ ළිං තුනේ සිට වරුවක් ඇවිදගෙන ඇවිදිනුත්, කටුපිල ආරට එන්නට අපට බැරි විය.
ඇඳිරි වැටුණු නිසාත්, තවත් ඇවිද ගන්නට බැරි මට්ටමක හිටි නිසාත් අපට අතරමඟ නවතින්නට සිද්ද වුණේය.
මේ වතාවේ උදේ දහයමාර වෙද්දී අප කටුපිල ආර ළඟය.
“අම්මට සිරි මාමේ! මෙදා සැරේ දන්සලත් දෙන්න පටන් අරං...”
“ඒක නේන්නං. කලින් ආව තුන් වතාවෙම අපි මෙතන පහු කරගෙන යද්දී දන්සල පටන් අරං තිබ්බෙ
නෑනෙ.”
“යමු මාමේ. දන්සලෙන් බත් කමු!”
එතකොටත් හිච්චිලගේ නඩේ දෙතුන් දෙනෙකුත්, අපේ නඩේ දේවාල
මාමාත් වැඩ අල්ලලාය.
“හිච්චිලා යං! මඟදී ඔයාලගේ කඩල කාල තවම වැඩි වෙලාවකුත් නැහැනෙ...” මං කිව්වේ බාග
ඇත්තකි. වතුර නැති හින්දා එදා උදේ දත් වහල්ල මැදගෙන කට හෝදා ගන්නට විතරකි, මට
පුළුවන් වුණේ. ඉතිං, මට මාවම හිරිකිතේය හිටියේ.
“ඔන්න මහත්තයෝ දැන්මම කිව්වා. මැණික් ගඟ දකින පළවෙනි තැනදීම මම නවතිනවා. නාල මිසක්
මම නං එතැනින් ඉස්සරහට යන්නෑ.” කියලා තරයේ කියමිනි මං එතෙක් දුර හරි ආවේ.
ඉස්සෙල්ලාම දන්සලෙන් බත් කාලා ඉවර වුණු මර්වින්, තව බත්
එකක් බෙදවාගෙනත් ඇවිත්ය. “නිමලෝ, උඹට හරි පීරිස්ට හරි කතහැකි. බැරි නං ඔතාගෙන යමු,
මඟදි කන්න... උඹල දැන්ම කනව නං තව එකක් ගේන්නං...”
ඔන්න
මහත්තයෝ දැන්මම කිව්වා. මැණික් ගඟ දකින පළවෙනි තැනදීම මම නවතිනවා. නාල මිසක්... |
‘අන්න... අන්න... tv එකකින් ඇවිල්ලා... / බස්නායක
නිලමෙත් ඉන්නවා වගෙයි / කපු මහත්තුරුත්...’ වටපිටාවේ හිටි පිරිසක් කලබල වෙලාය.
සමහරුන් රූප රාමුවලට මූණු ඔබා ගන්නට කලබලයෙනි.
“හිච්චි මාමේ. ඔහෙ කපු මහත්තුරුන්වත් අඳුරන කෙනා වෙච්චි එකේ, ගිහිං කිව්වොත්
හොඳයිනෙ තවම වතුර දීලා නැති එක...” කවුරුන්දෝ යෝජනා කරයි.
“කියන්න ගියොත් නං, මොනවා කියවෙයිද විශ්වාස නෑ. පොඩි
කරදරයක්ද මේ මිනිස්සුයි, අපියි වින්දේ ඊයේ දවස පුරාම...”
“ඒක නේන්නං. ඔහෙ ගිහිං කිව්වම හොඳ... අපි වගෙ කෙනෙක් කියනවට වැඩිය වදින තැනකට
වදියි!”
හිච්චි කතරගම ජනමත නායකයකු විත්තිය අප දැනගත්තේ එතකොටය. පහුගිය වතාවේ, කතරගම
දේවාලයේ මුරුතැන් පූජාව පිළියෙළ කරන තැනට මේ ලියන්නාව එක්කාසු කරගෙන ගිහිං
පෙන්වද්දී, මං හිතා ගත්තේ හිච්චි කපු මහත්වරුන් හැමෝම අඳුරන බවයි. දැන් පෙනෙන්නේ ඒ
අඩවියේ හැමෝමත් ඔහු දන්නා- හඳුනන බවයි!
“නිමල් මාමේ... හිච්චි මාමා ටීවී කැමරා ඉස්සරහම අරුන්
ඔක්කොටම දෙහි කැපුවා!” කියලාය එතනදී සිදු වුණු දේ ගැන වාර්තාව මට ආවේ.
“අන්න සම්පත් කිව්වා පීරිස්වයි- නිමල්වයි දෙන්නවත් newsවලට පෙන්නනවා දැක්කයි
කියලා...” කතරගමට ආවාට පස්සෙ අපටත් ආරංචි වුණේය.
“අපි මොනවත් කියන්නවත් ගියායැ? පැත්තකට වෙලා වාඩි වෙල හිටිය මිසක්. හිච්චිනෙ කතරගම
ලොක්කොන්වයි- කපු මහත්තුරුන්වයි පතුරු ගැහුවා කිව්වේ...”
අපි එහෙම කිව්වත්, ජනමාධ්‍යවල පළ වෙන්නේ වැදගත්ය කියලා ඔවුන් සිතන දේවල්ය; ඔවුන්ට
හැඟෙන දේවල්ය.
කටුපිල ආර දන්සල ළඟදී අපිත් වැඩි සැලකිල්ලක් දැක්වුවේ
එකම එක කාරණයක් ගැන පමණකි!
වන ජීවී එකෙන් වසා දමලා තියෙන අඩි පාර!
මේ
සැරේවත්... ඒ පාරෙන් ගියොත් ගොඩක් ලේසියි. (foto- අනුර
පල්ලිමුල්ල) |
“දෙමළ කට්ටියක් යන පස්සෙන් යමු! ඒ මිනිස්සු ඔය පාරවල් දන්නවා...”
ඒ අතරේ ප්‍රියන්තත් පොලිසියේ සගයෙකුගෙන් තොරතුරු අහගෙන ඇවිදින්ය. “කටුපිල පහු කරලා
ටිකක් දුර යනකොට, කැලේ මැදින් දකුණට තියෙනවලු අඩි පාරක්...”
“අන්න අන්න... දෙමළ නඩයක් පිටත් වුණා. යං යං අපිත් ඒ
පස්සෙන්ම යං... ඉක්මන් කරමු. ඒ නඩේ පේන දුරෙන් අපිත් යමු!”
කාලයකට ඉහතදීම ඒ අඩි පාර අවහිර කොට වසා දැමූ බව කලින්
වතාවක අපට කීවේ වනජීවියේ නියාමකවරයෙකු ලෙස සේවය කළ නිශාන්තය. “ඒ හරියේ ගංජා හේන්
ගොඩක්ම අහු වුණා. ඒකලු පාර block කළේ...”
“එතකොට තවත් හොඳයිනෙ ගංජා හේන්කාරයන්ට. කාටවත් පේන්නෙම නැහැනෙ...”
“ඒ ඔහෙට හිතෙන විදිහනේ නිමල් අයියේ...” එහෙම කියූ නිශාන්ත හිතා-මතාම වගේ ඒ පාර
හොයා ගන්නට බැරි බව අපට කීවේය!
“මේ සැරේවත්... ඒ පාරෙන් ගියොත් ගොඩක් ලේසියි. අඩුම ගණනේ
පැයක දෙකක් වෙලාවවත් ඉතිරියි.” අප ගණන් බලා තිබ්බේ එහෙමය; එහෙම කීම කට වරද්දා
ගැනිල්ලක් බව අපට නොසිතුණි.
“අන්න හැරුණා... හැරුණා...”
මේ... මේ. කොළ අතුත් කඩල දාලා. ඒවා තවම මැලවිලාත් නෑ...”
“පස්සෙන් එන අයට ලේසි වෙන්නයි ඔහොම අතු කඩල දාන්නේ..” සමහර තැනක රතුපාට රෙදි පටිත්
අතුවල ගැට ගහලාය. “මේ රෙදි පටි ගැට ගහල තියෙන්නෙත් පාර හොයා ගන්න ලේසි වෙන්නම
තමයි.”
ඒ කැලය එතරම්ම ඝන කැලයකුත් නොවේ. රූස්ස ගස් නැතිම තරම්ය.
ඒත් ඉහට උඩින් වැවුණු කටු පඳුරුය. කටු පඳුරුවලින් බේරෙමින්- රිංගමින් යන අපේ ගමන
හොඳටම හෙමින්ය.
මේ මොකෝ? ඉස්සරහින් ගිය කිහිප දෙනා නැවතිලාය!
“ඇයි නැවතුණේ?”
“අලි බෙටි!”
“අලි නෙවෙයිනෙ... බෙටි විතරනෙ...”
“ඒක නෙවෙයිලු... පාරවල් දෙකක්ම තියෙනවා... දෙකටම කොළ අතු කඩල දාලා. මොකෙන්ද යන්නෙ
කියල හිතා ගන්න බැරිව...”
“හරෝහරා! මුරුගන් සාමී!!” දැන් ඔවුහු දෙවියන් යදිති. |
“අන්න අන්න... අර පාර දිගේ ගිය කට්ටියක් ආපහු එනවා...”
“ඒ පාර මඟදි ඉවර වෙන එකක්ලු.”
“එහෙනං ඒ පැත්තට තියෙන අතු කඩල දාපුවා අයින් කරලා මේකෙන් යං!” එහෙම ගිහිනුත්
අමාරුවේ වැටෙන්නටය අපට වුණේ.
“මෙතැනින් එහාටත් පාරක් නෑ!” දැන් අප ඉන්නේ එක-එක අතට
විහිදුණු අඩි පාරවල් ගොඩක් මැද වංකගිරියකය.
“කෝ හිච්චිලා?”
“එයාලා ආවේ අපිට පස්සෙන්...”
“එතකොට අපේ කට්ටිය...? පොඩ්ඩක් බලලා කට්ටියම එකතු වුණාම එකට යං.” අපේ දහ දෙනාත්,
පාරක් නොදන්නා දමිළ නඩයත් දැන් ලඳු කැලෑව මැද්දේ එක තැනක හිර වෙලාය. හිච්චිලාට
වෙච්චි දෙයක් නැත.
“අපිව අතරමං වෙලාද මචං?”
“හිටපං බං... ඉස්සරහට ගියොත් නං අර උස ගස් පේළිය අහු වෙයි!”
“ඔව්, ඔව්! ඒ පේන්නේ මැණික් ගඟේ ඉවුරේ තියෙන ගස් වෙන්නෝනෙ.”
“උස ගස් තමයි තිබ්බෙ, ගං ඉවුර දිගේ.”
“මේ ආරක් දිගේ ගියොත්... මේවා වැස්ස කාලෙට වතුර ගලාගෙන ගිය එව්වනේ...” එකේක කතන්දර
අදහස් මැද්දේ අයස්මන්ත පීරිස් මහත්තයා ඉස්සර වුණේය. “ළඟින්ම එනවලා!” ...
ayama ennm
ReplyDeleteකියෝල පල!
Deleteමෙන්ඩා දැන් සිංහලෙන්ම comment කරනවා නේද ඩ්රැකී?
Deleteනිදිතුමෝ... ඔහෙ කේන්තියකින් කැඳ හැලිය ඇන්න ගිය බවක් නම් තේරුණා. ඒත් කේන්තිය ගොඩක් වෙලා තිබ්බ බවක් නම් ඇත්තටම දැනුනේ නෑ... මංවහන්දෑට
ReplyDeleteකේන්තිය ගොඩක් වෙලා තියා ගත්තොත් ලේ නරක් වෙන්නේ මගෙනේ නමී.
Deleteඅපි පාඩම් ඉගෙන ගන්නෝ වෙමුද; ඉගෙන ගන්නා පාඩම් මතක තබා ගන්නෝ වෙමුද; ඒවායින් පල නෙළා ගන්නෝ වෙමුද?// - ජීවිතේ බොහෝ වෙලාවල් වලදි අපි අපෙන් විමසන්න ඕන ප්‍රශ්නයක්...
ReplyDeleteතෝරගත්ත සිංදු ටිකක් කිව්ව නිසා... මටත් එකේ වරදක් දැනෙන්නේ නැහැ. මොකද දැන් දේවයාතිකා උනත් මෙලඩි අරෙහෙමෙහෙ දාල හරි අගේට පල්ලි ඇතුළේ හෙම ගායනා කරන්නෙ.
එහෙම දේවල් ගැන කතාබහ කිරීමෙන් ගොඩක් අදහස් දැනගන්න ඇහැකිනෙ... ඒ නිසා ඒවා විමසා බලන එකයි මගෙ විදිහ....
Deleteමගෙ පදම බලන හැකියාව එච්චර හොඳ මදි..... ඒ නිසා මංනම් අර කිරිකොපි එක ගැහුවා. ඒකෙ අවුලක් දැනුනෙත් නෑ😂
ReplyDeleteඒකෙදි නං රජෝ මම වෙනස්. තවම මගෙ පසිඳුරන් හොඳටම වැඩ කරනවා. ඒ කිරි කෝපි එක අජපල්!
Deleteරටවටේ බයිසිකලෙන් කියවන්න ගිහිනුත් තව පොඩ්ඩෙන් අතරමං සීන් එකක් කියවලා ආවෙ. හරෝහරේ තවත් අතරමං සීන් එකක්...
ReplyDeleteතට්ටයා මහතාට හරී මට හරි ටෙලිපති සීන් එකක් වැඩ කරලාවත්ද ඩ්රැකී?
Deleteටෙලිපති කිව්වෙ රූපවාහිනි සංස්ථාවෙ ලොක්ක නේද?
Deleteඑතකොටයි මතක් වුණේ, එහෙම කෙනෙකුත් ඉන්නවද ඩ්රැකී?
Deletehttps://www.britannica.com/art/plainsong-music
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Head-carrying
ස්තුතියි Pra Jay.
Deleteඔළුව උඩ තියාගෙන බර ගෙනියන එක ගැන මෙච්චර විස්තර තියෙනවයි කියලා නිකමටවත් හිතුණේ නෑනෙ.
දෙවෙනි පාර කිරි කෝපි අඩිය අල්ලපු සාස්පාන හේදුවෙ නිදි නං වෙන්න බෑ. :D
ReplyDeleteමේ සැරේ ගමනේදී එකම වෙලාවකවත් වළන්- පිඟන්- භාජන මට හෝදන්න වුණේ නෑ, ප්‍රසන්න. අපරාදේ කියන්න බෑ, ඒවා සේරම අනිත් අයයි කළේ- කියන්නත් කලින්.
Deleteදෙමළ මිනිස්සුංගෙ අසීමිත භක්තිය නිසා ඔළුව උඩ තියාගෙන යන ඒවගෙ බර දැනෙන්නැතුව ඇති හෝ ඉවසනව ඇති.
ReplyDeleteප්‍රසෝ, ඉඩක් තියේ නං Pra Jay මහත්තයා උඩින් දාලා තියෙන දෙවෙනි link එකට ගිහිං බලන්නකො.
Deleteරජෙකු තම මාලිගාවේ විවේකී සුවෙන් සිටින විට, ජනේලයෙන් දෙසින් කටහඬක්
ReplyDeleteඇසුනා.
"රස ඇපල්!
රස ඇපල්....
දෙව්ලොව රස ඇපල්"
වයසක මිනිසෙක් අශ්ව කරත්තයක ඇපල් විකුණන බව ඔහු දුටුවා. අවට ගණුදෙණුකරුවන් බොහෝය. රජු තම ප්‍රධාන අමාත්‍ය වරයා කැඳවීය.
"මෙන්න ඔබට රන් කාසි 5ක්, දුවලා ගිහින් මට ඇපල් ගෙඩියක් මිලදී ගන්න."
ප්‍රධාන අමාත්‍යවරයා එක් වාසල ඇමතියෙකු කැඳවා,
"මෙන්න රන් කාසි 4 ක්, දුවලා ගිහින් ඇපල් ගෙඩියක් මිලදී ගන්න."
ඔහු මාලිගාවේ නිළධාරියෙකු කැඳවීය.
"මෙන්න ඔබට රන් කාසි 3 ක්. දුවලා ගිහින් ඇපල් ගෙඩියක් මිලදී ගන්න..."
මාලිගාවේ නිළධාරියා සෙන්පතියා කැඳවා,
"ආ ඔබට රන්කාසි 2 ක්. දුවලා ගිහින් ඇපල් ගෙඩියක් මිලදී ගන්න."
සෙන්පතියා මුර සෙබළකු කැඳවා;
"ආ ඔබට රන් කාසි 1 ක්. දුව ගොස් ඇපල් ගෙඩියක් මිලදී ගන්න."
මුර සෙබළා මහලු වෙළෙන්ඳා කරපටියෙන් අල්ලාගෙන,
“ඒයි, තමුන් මොකද කෑගහන්නේ?
මේක තානායමක්ද මාලිගාවක්ද?
මේ මඟුලෙන් අයින් වෙන්න. මම ඔබේ කරත්තය සහ ඇපල් රාජසන්තක කරනවා."
මුර සෙබළා සෙන්පතියා වෙත හැරී,
"මෙන්න, රන් කාසිය සඳහා ඇපල් කරත්ත භාගයක්."
සෙන්පතියා මාලිගාවේ නිලධාරියා දෙසට හැරී
"මෙන්න, රන්කාසි 2 සඳහා ඇපල් ගෝනියක්."
මාලිගාවේ නිලධාරියා ඇමති වෙත හැරී;
"මෙන්න, රන්කාසි 3 සඳහා ඇපල් මල්ලක්."
ඇමතියා මහඇමතියා වෙතහැරී
"මෙන්න, රන්කාසි 4 සඳහා ඇපල් මල්ලකින් අඩක්."
මහ ඇමති රජු ඉදිරියේ පෙනී සිටියේය.
"මෙන්න, මම රන් කාසි 5 කට ඇපල් පහක් ගත්තා මගේ රජතුමනි. ඔබ ඇණවුම් කළ ආකාරයටම."
රජු වාඩි වී කල්පනා කළේය,
"ඇපල් පහක් - රන් කාසි පහකට?
ඒ කියන්නෙ පුරවැසියන්ගේ තත්වය ඉතා හොඳයි. වහාම බදු වැඩි කළ යුතුයි...!!!"
නියමයි
Deleteස්තුතියි නමී. ඔය කතාවම පොඩි පොඩි වෙනස්කම් එක්ක හිනා තවත් හිනා post එකකදි ලියවුනු බව මතකයි.
Deleteනිදි කොහොමඩ් අප්පා මැණික් ගඟේ නාන්නේ . මම අසූ ගණන්වල යනකොටත් .....නානවා ටියා පයක් දාන්න හිතෙන්නේ නැහැ
ReplyDeleteයාල කැලය ඇතුළේදී මැණික් ගඟ අහු වෙන්නේ පරණ තොටුපලේ සිට වරහන දක්වා යන ටිකේදීයි අජිත් මහත්තයෝ. ඒ හරියේදී ගඟ දිය ගොඩක් පිරිසිදුයි. අපි බොන්න වගේම උයාගන්න වතුර ගත්තෙත් ඒ වැල්ලේදී පූ වළවල් හාරලයි.
Deleteසතුටෙන් සිටීම ආගමට අනුකූල නෑ කියන එක කොහෙන් හරි අපේ ඔලුවලට පොඩි කාලෙ ඉඳලම දාලා තියෙනවා නේද. ඒ උනත් බුදු හාමුදුරුවො පෙන්නලා දීලා තියෙන්නෙ ජීවිතේ 'පරම සතුට'' සොයා ගන්න විදිහ. සමහරවිට ධර්මයේ හරය මිනිස්සු තේරුම් අරගෙන ජීවිතේ වඩා සුන්දර කරගනියි කියලා බය වෙච්ච බක පන්ඩිතයො හදපු මතවාද වෙන්න ඇති ඕවා.
ReplyDelete"The greatest gift you ever give another person is your own happiness" ඒක ඇත්ත. Queen Elizabeth II පිලිපැද්දා කියන Never complain-Never explain කරන්න පුරුදු වුනොත් ඒකත් සතුටින් ඉන්න උදව් වෙනවා. හැබැයි ඉතින් සමහර දේ ගැන නම් කතා නොකර ඉන්න එක හොඳ නෑ.
ඔබේ අදහස් වල පැහැදිලි තේරුමක් නෑ වගේ නේද පේන්නේ මට නම් හිතෙන්නෙ එහෙමයි
Deleteසතුටින් ඉන්න එක බෞද්ධ ආගමට අනූකූල නෑ කියලා කවුරුවත් හිතන්නෙ නෑ මම දන්න තරමින්
දුක්ඛ කියලා කියන්නේ හැමදෙයක්ම ගත්තොත් ඒ හැම එකකම එක්තරා ආකාරයක සතුටක් වගේම අනිත් පැත්තෙන් දුක්ඛ එහෙම නැත්නම් suffering දුක් සහිත බවකුත් ගැබ්වී ඇති බව තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත්
ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං
විස්වාස පරමා ඥාති
නිබ්බාන පරමං සුඛං
වගේ සතුට යනු වඩාත්ම වැදගත් වත්කම් (ධනං) බවයි සිදුහත් ගෞතම පවසන්නේ
Happiness gift කරන ආකාරය සහ never explain never complain කියන කතාවත් මට නම් පිළිගන්න බැහැ පැටලිලි සහගත කතා, ඒ වගේම පෞද්ගලික වශයෙන් මම ගැන කියනවනම් මා ද්විත්ව් පුරවැසියෙකු වුවද එය ද ලංකාවේ රුපියල බාල්දු වන කාලවලදී ඉතාමත් අඩුමිලට ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ යම් යම් ඉඩම් මිලදීගෙන නැවත වතාවක් රුපියල ශක්තිමත් වෙද්දී සහ ඉඩම් මිල ඉහළ යද්දී ඒවා විකුණලා විශාල ලාභ සහිතව එය ඔස්ට්‍රේලියානු ඩොලර් බවට හරවා ගැනීම, ලංකාවට නිවාඩු එන කාලවලදී දේශීය පුරවැසියෙක් ලෙස ඉතා අඩු මුදලකට ලංකාවේ සේවාවන් ලබා ගැනීමට ආදී මගේ පෞද්ගලික වාසි ගණනාවක් තකා ශ්‍රීලංකා රජයට මුදල් ගෙවා ලබාගත්තෙකි. එවකට පැවති ලිහිල් සංක්‍රමණ නීති වලට පින්සිදු වන්නට 1998 ජනවාරියේ සිට ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් ද වෙමි. කෙසේ නමුත් එම ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය මට ලබා දෙන විට මගේ ලංකාවේ පුරවැසි භාවය අහිමි වී ගියා. නමුත් මා ඒ ගැන නැවත නැවතත් කල්පනා කර වාසි ගැන සොයා බලා අවශ්‍ය පරිදි ගණනය කිරීම් කර ලංකාවේ පුරවැසි භාවය ඉතා සුළු මුදලක් ලංකාවේ රජයට ගෙවා මිලදී ගැනීම මගින් විශාල වශයෙන් මූල්‍ය සහ වෙනත් වාසි ඇති බව හොයා ගත්තා, ඒ අනුවයි මා සුළු මුදලක් වැය කර ගත හැකිවූ එම ලංකාවේ අහිමි වී තිබුණ පුරවැසි භාවය නැවතත් ලබා ගත්තේ.
දැන් මම ගැන ඔබේ අදහස කුමක්ද?
මාත් මැදිහත් වුනාට කමක් නැහැ නේද?
Deleteඔබ ගැන මගෙ අදහස නම් මේකයි: තවමත් ඔබතුමා හෘදය සාක්ෂිය දොඩමලුව පවතින කෙනෙකි!
පොල්ලක බැදගෙන බඩු අරගෙන යනකොට ඒක ලේසි වෙන්නෙ කොහොමද?🤔
ReplyDeleteනවීන්, මේ පොස්ට් එකේ 5 වෙනි foto එක බලන්නකෝ. පොල්ලක බැඳගෙන බඩු ගෙනිච්චද කියලා.
Deleteඅහ් හරි හරී😁😁😁😁
Delete