li Item

Wednesday, October 26, 2022

තිහේදී... -දෙවෙනි කොටස

කෑම මේසය මඟුල් මේසයක් තරම් සරුවට තිබිණි. ඒත් ඒ එකක්වත් එතරම් රහකට මට දැනුණේ නැත.

“මේ මොකෝ මහත්තයා? කාලත් ඉවරද... අපි මේ තාම ලැහැස්ති වෙනවා.”
“ධර්මේ අයියලා හෙමිහිට කාල එන්නකෝ...”

මෙහාටම වරෙන්, තොට කණ පැලෙන්න ගහන්න.... බ්රු බ්රු බ්රූෑෑෑෑෑෑෑ... ආවා මෙතන...

මං ඉක්මනින්ම ධර්මේ අයියලගෙ ගෙදරින් පිටතට ආවේ, පාරෙන් එහා පැත්තෙ ඉලක්කයට නෙත් යවමිනි.

හුටා! එතැන හිස්ය- එතැන කවුරුන්වත් නැත!

මගේ ලෝකයම කඩා වැටුණා ලෙසිනි එවෙලේ මට දැනුණේ.
මම එහෙම කිව්වාම, ඒ අතිශයෝක්තියට නංවා කියන කතාවකියි ඔබට සිතෙන්නට හැකිය. අපේ ජීවිතයේදී අනන්ත- අපරිමාණ සංඛ්‍යාවක් හමු වීම්, වෙන් වීම් සිදු වෙයි. මටත් එහෙමය. එහෙත් ඒ හැම එකක්ම එකම මට්ට්ටමකින් ගනින්නට බැරිය. සමහර ඒවා සුවිශේෂී වෙයි; ඔබට එසේ දැනෙයි; ඔබේ මනස අවුල් කරයි. එහෙම වෙන්නේ සසරේ කොතැනකදී හෝ හමු වුණු මතකයක් ඇති නිසා; සසරේ පුරුද්දක් ඇති නිසා වෙන්නටත් ඉඩ තිබේ.

ඒ ඇස ගැටීම එහෙම විශේෂ යමක් නිසා සිදු වූවකියි මට සිතේ.

ඉතිං, කොයියම්ම මොහොතක හෝ ‘ඔහුගේ දර්ශන මාත්‍රයක්’ යළිත් ලැබෙතැයි සිතමින්, පැය බාගයක් විතර වෙසක් කූඩුව ළඟම තාවර වෙවී හිටියත් වැඩක් වුණේ නැත. එදා වෙසක් සඳ එළියේ, මම පරාජිතව ගෙදර ආවෙමි.

ඒ බලාපොරොත්තු කඩවීම ඇති වුණේ මගේ හිතේය. උදේ බලද්දී වැඩියෙන් රිදිලා තිබුණේ ගතටය. වෙනදා විදිහට නොව පාන්දර පැදුරෙන් නැඟිට ගන්නටවත් බැරි තරමේ කෙඩෙත්තුවකි, ඒ හිමිදිරියේ මට දැනුණේ. මම පැදුරේ ඇලවුණු ගමන්ම සිටියෙමි.
“බ්රු bru broooooom! කරාස්!! ලොකූ, තේ හදලෝ!” බඩා මල්ලා කුම්භඝෝෂක duty එක කළේ පැදුර පාමුලටම ‘වාහනයෙන්’ ඇවිදින්ය.

“මෙහාටම වරෙන්, තොට කණ පැලෙන්න ගහන්න.... බ්රු බ්රු බ්රූෑෑෑෑෑෑෑ... ආවා මෙතන... ටිකක් නිඳා ගන්නවත් දෙන්නෑ.”
“හුරේ! ලොකාට තද වෙලෝඕඕඕඕඕ....” දීපාල් මල්ලියාට මගේ කේන්තියත් විහිළුවකි. ඒකා වත්ත වටේටම දුවමින් මගේ කේන්තියෙ පුවත ගයයි.

එබිකම් කරයි සඳ කොමළිය නිල් අහසේ

“උඹ අද මට අහු වෙයන්කෝ!”

මං ගෙදරට ගිහිං තේ එක බිව්වෙත්, ලෝකය එක්කම ඔරොප්පුවෙනි. දාවල ගෙවුණේත් ඒ තරහව එක්කමය. දන්නවනෙ, පවුලක වැඩිමලා වුණාම තියෙන ලොකුම වාසිය ‘එහෙම තරහවල්’ බාලයන්ගේ පිටින් යවන්නට ඉඩ ලැබීමයි. එදා නං මගේ අතින් ඒ පාපය නොසෑහෙන්නට වුණු බව අදටත් මට මතකය!
එහෙම කරලාවත් මගෙ හිත හරි ගියේ නැත.

එදා හවස් වෙද්දී වෙසක් කූඩුවේ නිවේදක රාජකාරියට යන්නට සූදානම් වුණේ නොකර බැරිකමටය.

දෙවෙනි දවස කියලා වෙනසක් නැත. කූඩුව විවෘත කරන්නේ උත්සවාකාරයෙනි.
සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, විදුලි ආලෝකය දැල්වීම වගේ දේවල් කෙරෙන්නේ විශේෂ ආරාධිතයන්ගේ සුරත්වලිනි. ඕනෑම නිවේදකයෙකු අමාරුවේ වැටෙන්නට වැඩිම ඉඩක් තියෙන වෙලාවකි ඒ.
එහෙම වෙලාවට නිවේදකයාගේ අතට ලැබෙන නම් ලැයිස්තුව හැතැප්මක් විතර දිග එකකි. ඒ මදිවාට අන්තිම මොහොතේත් අලුත් නම් ලැයිස්තුවට රිංගවා ගන්නට වෙයි; තිබුණු ඒවා හැළෙයි.

ඒ අලකලංචි සේරම මැද වුණත්, කාගේවත් හිත නොරිදෙන විදිහට; කාටවත් මදි පුංචිකමක් නොවෙන විදිහට සේරම balance කරගෙන යකඩ කටෙන් කියන්නත් ඕනෑය.

එබිකම් කරයි සඳ කොමළිය නිල්      අහසේ
ළං වෙයි සුබ මොහොත, ආසිරි මල් වැස්සේ
ආරාධිත අමුත්තනි පෙළ සැදී            මෙසේ
දල්වමු පහන්, කූඩුවෙ වැඩ ඇරඹෙන     සේ

“ඔව්! දැන් සුපින්වත් ඔබට පෙනෙන්නේ අපේ ගෞරවනීය ආරාධිත අමුත්තන් සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වන ආකාරයයි, මේ දර්ශනීය වෙසක් පහන් කූඩුවේ ප්‍රදර්ශන කටයුතු ඇරඹීම සඳහා... පින්බර ඔබෙත්- මගෙත්- අප සැමගේත් බුද්ධාලම්බන ප්‍රීතිය තවත් නංවමින් මේ සුන්දර වෙසක් කූඩුව අදත් මධ්‍යම රාත්‍රිය තෙක් ඔබ සනසනවා ඇති. අද මෙහි ප්‍රදර්ශන කටයුතු විවෘත කිරීමට දායක වූ වාසනාවන්ත සුවිශේෂ ආරාධිත මහත්ම මහත්මීන්ට, මේ දර්ශනීය වෙසක් කූඩුවේ නිර්මාතෘ ධර්මදාස දේවසුරේන්ද්‍ර මහතා වෙනුවෙන් මා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

සමහරුන්ගේ දොළදුක් ගැන නම් ඇත්තෙන්ම දුක හිතෙයි!
ඒ සමඟම ඒ සියලු ආරාධිත මහත්ම මහත්මීන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ධර්මදාස මහතා ඇතුළු පවුලේ පිරිස පිළියෙළ කර තිබෙන..... කර තිබෙන....”

‘තොට මඤ්ඤංද යකෝ. විහින් ලජ්ජා කර ගන්ඩ හදන්නේ... ඉස්සෙල්ලාම කරන්ඩ ආව රාජකාරිය කරලා හිටපං.’ කර තිබෙන කියලා තැටිය එකම තැන කැරකෙන්නට පටන් ගන්නාකොටම මගේ යටි හිත රතු එළි පත්තු කරගෙන- කරගෙන ගියේය.

මට පොට පැටලෙන්නට ගත්තේ; උතුර දකුණ අමතකව ගියේ ‘අර නාඳුනන හාදයා’ ඊයේ විදිහටම ඉන්නවා දැක්කාමය. යස අපූරුවට කෙළින් තියෙන තාප්පය වැටෙන්නට නොදී, එයාගේ සරුවාංගයෙන්ම මුක්කුවක් ගහගෙන ඉන්නවා දැක්කාමය.

‘අම්මපා, මූට පුදුම පොරසෝකයක්නෙ තියෙන්නේ.’ මගෙ කෙරුවාව කියවාගෙන එන කෙනෙකුට මේ මොහොතේදී හිතෙන්නට පුළුවන්ය. එහි වැරද්දක් නැත. අදහනු මැනවි!
එහෙත් එදා මට තිබුණේ කාමශාවක් සන්තර්පණය කර ගැනීමේ අවශ්‍යතාව නොවේ. මා අගය කරන්නෙකු ලෙස පෙනෙන ඔහු හඳුනා ගන්නටය මට උවමනාවී තිබුණේ. ඔහු හා කතා කරන්නටය මට දැඩිවම උවමනාවී තිබුණේ. හිටි ගමන් මට නම් ඔහොම දොළදුක් හැදෙයි.

එහෙම නේන්නං සංසාරේ... සමහරුන්ගේ දොළදුක් ගැන ඇත්තෙන්ම දුක හිතෙයි!

හැබැයි, කොහොම දුකක් හැදුණත්, මට නං- කරමින් ඉන්න වැඩේ අනා ගන්නට බැරිය. ඒ විත්තිය කල්පනාවට ගත් නිමල් දිසානායක ඇහැ අහකට ඇද ගත්තේය; ඒකා උගේ හිත අවුල් කරන ඒ ආරම්මණය දිහාවට ඊට පස්සේ, සෑහෙන වෙලාවක් යනතුරුම ඇහැ යැව්වේ නැත!

ඒ පැත්තට ඇහැ නොයවා නිවේදන වැඩ කරගෙන ගිහිං ගිහිං ගිහිං, බොදු බැති ගී දෙක තුනක් වාදනය කෙරෙන්නට සලස්සලාය, මං විවේකයක් ගත්තේ. දැන් නම් ඉතිං ඒ පැත්ත බැලුවාට කමක් නැත.
අම්මට සිරි!
දැන් එයා ඉන්නෙ තනියම නෙවෙයිනෙ; රින්ස්ලිත් එක්කලාය. මෙයා දන්න අයත් පමුණුවේ ඉන්නවා එහෙනං?
රින්ස්ලි මගේත් මිතුරෙකි.

මේ ගල් මූසලයා වැඩ ඇරිල එන වෙලාවට අපි සේරමල නිදි.

එවෙලේ රින්ස්ලි හිටියේ, අර හාදයාත් එක්ක ගජේ ගහගෙන- සිගරැට් උරමින්ය. ලවුඩ්ස්පීකරයෙන් සිංදුව යනවා ඇහෙනකොට දෙන්නාම මගේ පැත්තට හැරුණෝය. රින්ස්ලි හස්ත මුද්‍රාවෙන් මට කිව්වේ එතනට එන්නැයි කියලාය. මං සුනංගු වුණේ නැත.

“බලනවකො නිමල්, මේකගෙන් මට බේරිල්ලක් නෑ, ඔයාගේ කවි අහන්න යමු කියලා.” සාමාන්‍යයෙන් දොඩමලු නැති රින්ස්ලිය ඉස්සෙල්ලාම කතා කළේ. “මූ ඊයේ මහ රෑ වෙනකලුත් මෙතැන ලගා ගහං කවි ඇහුවලු. පිස්සු xත්තා! නිමල්ට මීට කලින් මේ දේමිත්තව හම්බ වෙලා නැද්ද?”
“මාත් කල්පනා කළේ....”
“කොහෙ හම්බ වෙන්නද? අපි වගෙ නෙවෙයි. මූ ot කාක්කෙක්. මේ ගල් මූසලයා වැඩ ඇරිල එන වෙලාවට අපි සේරමල නිදි. අද වුණත් මිත්තයා කලින් ඇවිත් තියෙන්නේ ඔයාගෙ කවිවලට වශී වෙලා හින්දලු.”

“අඩෝ අඩෝ... මාව එහෙමම කිච කරලා දාන්න එපා මචං. මං පව් බං! මේ යාළුව ආයෙ මාත් එක්ක හිනා වෙන එකක්වත් නෑ. නැද්ද යාළු?” දේමිත්තත් තැනට ගැලපෙන කතා ඇත්තෙකු වගෙය. හිනාවත් හොඳය.

“නිමල් එහෙම නෑ මචං... අඩෝ මේ මිත්තයා. ඔන්න මගෙ කොටස ඉවරයි.”
රින්ස්ලි එහෙම කියලා හැරුණේ, මගෙ පැත්තටය.

“මම මූට කිව්ව නිමල්, මං එන්න ඕනි නෑ කියල- ඔයාට කතා කරලා මගෙ නම කියන්නය කියලා. මුගේ තියෙන මනමාලකමට එහෙම බෑම කිව්වනෙ. මේ මචෝ. උඹට වගේ මට කවි අහන පිස්සුවක් නෑ... නිමල්, මෙන්න මේකට කවි දෙක-තුනක් කියන්නකො. උගේ පිස්සුව හොඳ වෙන්න. මචං, ඒත් මදි නං නිමල්ට කියපං උඹේ කනට කරලම කවි කියන්ඩ. නැත්තං කයි....”

දේමිත්ත රින්ස්ලිට ඉතිරි හරිය කියන්නට ඉඩ දුන්නේ නැත. ඉස්සරහට පැන රින්ස්ලිගේ කට මිරිකා හිරකොට ගත්තේය.

“අත ගනිං xත්තෝ. මාව මැරෙයි...” ග්‍රහණයෙන් මිදුණු රින්ස්ලි පිටත්ව ගියේ, දේමිත්ත වෙනුවෙන් කවියක් කියන්නැයි මට මතක් කරමිනි.

කූඩුවේ චිත්‍රවලට දාන්න හංසයෙක් ඉන්න කතාවක් හොයල දෙන්නකෝ!

රින්ස්ලි ඇතුළු සෑහෙන තරුණ පිරිසක් මට හමු වුණෙත් පමුණුව පාරේ ඉදි කෙරුණු වෙසක් කූඩුවක වැඩවලදීය. කූඩුව ගහන ආසාව මිස, ඒ කට්ටියටම නිවැරදි සැලැස්මක් පවා තිබුණේ නැත.

“නිමල් අයියේ, අපි කූඩුව ගහන්නේ හංසයෙකුගේ පිට උඩ තියෙන විදිහට. කූඩුවේ චිත්‍රවලට දාන්න හංසයෙක් ඉන්න කතාවක් හොයල දෙන්නකෝ.” පළමුවෙනි හමුවේදීම මට වැඩක් පැවරුණේය.

ස්වර්ණහංස ජාතකය මට සෑහෙන ලකුණු ගණනක් ලබා දෙමින්, පිහිටට ආවේය.

“කවුද දන්නේ මේ බතික් ගෙදර නිමල් අයියයි කියලා.
ඔයා නේද එහෙ බතික්වලට මෝස්‌තර අඳින්නෙ. බැයිද අපේ කූඩුවලට කැටයම් කපන්න මෝස්‌තර ටිකක් ඇඳලා දෙන්න.” ඒ පහන් කූඩුව හැදීමේ මහ මොළකරුවා ඊළඟ වතාවේ මගෙන් ඇහැව්වේය. (පස්සෙය දන්නේ! ඒ හාදයාත් ධර්මේ අයියලාගේ නෑයෙකි.) ඒ ඉල්ලීමත් ඉටු කළෙමි. කැටයම් කපන්නට පුළුවන් යැයි කියා තිබුණු වැඩි දෙනෙකු දන්නා මඟුලක් නැති බව එළි වුණාම, ඒ රාජකාරිය කරවන රාජකාරියත් මගේ පිටටම වැටුණේය.

ඒ කාලයේදීය, මං දැන ගත්තේ මහරගම කොයි තරං ‘ත්‍රෛලෝක විජයපත්‍ර’ අලෙවියක් තියෙනවාද කියා!
කූඩුවේ වැඩ කරන තරුණ පිරිසට හැමදාම රෑට ‘ගංජා මුල්’ එවනු ලැබීය. කන්නට දෙයක් නොලැබුණත් ඒවා නං වැරදුණේ නැත.
හැබැයි වැඩෙත් කෙරුණේය. කොච්චර සාර්ථකව ඒක කෙරුණාද කියනවා නම්, වෙසක් එකට පෙන්වන්නට හිතාගෙන ගැහූ කූඩුව, අඩපාඩු ගොඩක් එක්කලා හරි පෙන්නාගත හැකි වුණේ පොසොන් එකටය!

ඒ කාලය තුළදී, එකිනෙකාට රහසෙන් මගෙ පහස හෙවූ තරුණයන් කිහිප දෙනෙකුත් මට හමු විණි. රින්ස්ලිත් එයින් එක්කෙනෙකි.

කුඩු කතත් තිරිත්තමක් ඇතිවය මං කෑවේත්, කන්නෙත්! වෙලාවක්; කලාවක්; පිළිවෙලක් ඇතිව, මගේම රිස්ස පරිදි... මගේම නීති-රීතිවලට යටත්ව...
හැබැයි, එහෙමය කියලා bull කෙළින්නටත් මට අවසර නැත. ඉතා අවධානයෙන්, ඉතා සැලකිල්ලෙන් ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන අදරැති බුද්ධිමත් පාඨක ප්‍රජාවක් මා වටා රොක්වෙන බැවිනි, ඒ. වෙනෙකක් තබා මා යොදන ඡායාරූප ගැන පවා ඔවුහු විමසිලිමත් වෙති.

තිහේදී.. පළමුවෙනි කොටසට comment එකක් එවමින් Lotus මෙහෙම ප්‍රශ්නයක් විමසා තිබිණි.

වැඩිය ලොකුවට ප්ලෑන්ස් ගැන කතා නොකර වැඩේ හරියටම කරන අය මම නම් හරියටම...

“අන්තිම ෆොටෝ එකේ පිරිමි ළමයට සමාන ෆොටෝස් නිමල් දීඝායු හා සංජේ ගැන ලියපු පෝස්ට්ස්වලත් දැම්මා නේද. ඒ නිමල්ගෙ 'ටයිප්' එකද.

//වෙසක් දවස වෙන තුරුමවත් ධර්මේ අයියා කූඩුවක් හදන විත්තියක් ගමට පෙනුණේ නැත. ඒත් වෙසක් දවසේ පාන්දර වෙද්දී නම් ධර්මේ අයියලාගේ ගෙදර මිදුලේ ඇටවුමක් ඉදි වෙලාය//
ඒ වගේ වැඩිය ලොකුවට ප්ලෑන්ස් ගැන කතා නොකර වැඩේ හරියටම කරන අය මම නම් හරියටම අගය කරනවා.

ප්ලෑන් කරලා වැඩ කරන අය හොඳයි, නමුත් මෙහෙම අය විශේෂයි. මම හිතන්නෙ ඒගොල්ලන්ගෙ හිතින්ම විස්තරාත්මක ප්ලෑන්ස් හදා ගන්නවා- වැඩිය කියවන්නෙ නැතුව. ඒ මනුස්සයාට තරහ යනවා ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති. එකපාරටම කවුරු හරි මොනවා හරි කිව්වම stream of thoughts එකට බාධා වෙනවනෙ. (එච්චර සරලව තරහ යන එක විග්‍රහ කරන්න බෑ තමයි. මම නිකම් කිව්වෙ).”

Lotus, Lotus, Lotus. ඔයා නිකම් කිව්වත් කියලා තියෙන්නේ හරිම වැදගත් කාරණයක්; මනුස්ස චිත්ත සන්තානයේ හැටි සොබාව ගැන කාරණයක්නෙ ඔයා කියල තියෙන්නේ- ධර්මේ අයියා ගැන සඳහනෙන්.
මට ඒක වටින්නේ, මම තවමත් මගේ එදා සහ අද සිතිවිලි පහළ වෙන හැටි ගැන අවදියෙන් කල්පනා කරන නිසා.

එහෙම කරන්නේ මනුෂ්‍ය ස්වභාවය තව දුරටත් අවබෝධ කර ගැනීම සඳහා.

Postsවලට මම යොදන ෆොටෝස් ගැන නම් කියන්න තියෙන්නේ දිග කතාවක්.
මං විචිත්‍රත්වයට තියෙන කැමැත්ත මගෙ ලිපිවලින් වාගෙම යොදන fotoවලිනුත් පේනවා වගෙයි. අනෙක මං මහ තණ්හාධිපතියෙක්- එකතු කරන්නෙක්.

කල්ලි, ගැහැනු-තරුණ, ගැහැනු-වයසක, පිරිමි-තරුණ, පිරිමි-වයසක හා ළමයි ආදී වශයෙන්. මේ හිපි පවුලේ ෆොටෝව තිබ්බේ කල්ලි folder එකේ...

හැමදාම අන්තර්ජාලයේ සැරිසරන අතරේ හම්බ වෙන පින්තූර අතරින් ‘මට හොඳයි කියල හිතෙන ඒවා’ ගොනුවකට එකතු කර ගන්නවා. ඒවා වෙන-වෙනම මාතෘකා යෙදූ folders සිය ගණනකයි තියෙන්නේ; මට හොයා ගන්න ලේසි වෙන්න. ඒ ෆෝල්ඩර්ස්වල foto දහස් ගාණක් තියෙනවා.

සමහර වැකියක් ලියනකොටම සමහර foto එකක් හිතට ඇවිදිනුත් ඉවරයි.
එහෙම විශේෂයෙන්ම හිතට එන්නෙ ‘කතා කරන පින්තූර’යි.

මේ ඒ ගැන පැහැදිලි වෙන්න තව විස්තර ටිකක්.

‘මිනිස්සු’ කියන folder එකේ sub ෆෝල්ඩර්ස් 6ක් තියෙනවා, වර්ගීකරණය කරපු. කල්ලි, ගැහැනු-තරුණ, ගැහැනු-වයසක, පිරිමි-තරුණ, පිරිමි-වයසක හා ළමයි ආදී වශයෙන්.
අවශ්‍ය වෙලාවට foto තෝරද්දී ඒ එක post එකට යෙදෙන fotoවල වර්ණ- හැඟීම් එහෙමත් විවිධ විදිහට තියෙන්නයි මට ඕනි. ඒත් ඉතිං කරන්න වෙන්නේ තියෙන දෙයින් උපරිම පොරෝජනේ ගන්න එක තමයි. තුට්ටු දෙකේ අස්සයෙක් වුණත් වැටට උඩින් පන්නවා ගන්නයි වෙන්නේ.

ඉතිං එහෙම තෝරද්දී, මාත් නොදැනුවත්වම මගේ type එහෙමත් ඉස්සරහට එනව ඇති! එහෙමනේ අපේ යටි හිත වැඩ කරන්නේ. නමුත් අද වෙනකල් හිතල නං එහෙම foto තෝරාගෙන නෑ. ඖචිත්‍යයම සැලකුවා මිස.

ඒවා එක එක පාඨකයන් එක එක කෝණවලින් දකිනවා; ගන්නවා. අරගෙන ඒවාට ඔවුන්ගේ ප්‍රතිචාරත් දක්වනවා.

මේ රසිකයන් එක එක වයසේ, එක එක තරාතිරමේ, එක එක රටවල ඉන්න උදවියනෙ- ඒ හැමෝගෙම නිජබිම ලංකාව වුණත්! එහෙම පිරිසක් එක්ක මෙහෙම commentsවලින් අදහස් හුවමාරු වීමේ; සංවාද සිදු වීමේ වැදගත්කම ගැන- ඊයෙත් ‘ඉකොනොමැට්ටාගේ බොජුන් හළ’ අඩවියේසෝමාලියානු බදු ගෙවා ස්කැන්ඩිනේවියානු සුබසාධනය සෙවීම’ post එකේ කමෙන්ට්ස්වලදිත් කියවිලා තිබ්බා.

‘මගේ type’ කතාව මතු වුණු අවස්ථාවක් නිසා, දැන් මේ ටිකත් කිව යුතුය.

තවත් විටෙක අප රස ගුලාවෙකැයි මනසින් මවාගෙන සිටින කෙනෙක්....

කෙනෙකුට sexy විදිහට දැනෙන කෙනෙකු ගැන හැම කෙනෙකුටම එහෙම හිතෙන්නේ නැත. තව කෙනෙකුට එයාව ‘මෙලෝ ගතියක් නැති කෙනෙකු’ ලෙස හැඟෙන්නට වුණත් ඉඩ තිබේ.

තවත් විටෙක අප ‘රස ගුලාවෙකැ’යි මනසින් මවාගෙන සිටින කෙනෙක් ‘මෙලෝ රහක් නැති පිංගුත්තර මැටි ගුළියක්’ බව හදිසියේම හෙළිදරව් වෙන්නේ අප ගැනම සිනහ නැඟෙද්දීය.
තවත් සමහර විටෙක කිසිම වටනාකමක් නැතැයි බාහිරින් පෙනෙන පන් ගස් අතරින් ‘දඹ රන් කඳන්’ මතු වුණු වෙලාවලුත් (මට නං) තිබෙයි.

ඒ සේරම අස්සේ මේකත් නොකියා බැරිය. මං වහන්සේ තදින්ම විශ්වාස කරන දහමක් තිබෙයි. Variety is the Spice of Life! ජීවිතය රස කරවන්නේ විවිධත්වයයි!! ඒ මගේත් අවංක හැඟීමයි. (මට එය කියා දුන්නේ රාජමනී අංකල්ය.)

ඉදින් මටත් මගේ තේරීම් තිබුණේය. ප්‍රතික්ෂේප කරන්නට තරම් ඇරයුම් ගොඩකුත් තිබුණේය.

පෙනුමින් ඉතා ප්‍රියමනාප; සුදු; පිරිපුන් දේහයක් තිබුණු... තිබුණු.......

32 comments:

  1. යකෝ බලාගෙන ගියාම නිමල් අයිය බ්ලොග් ලියන වැඩේ සෑහෙන්න ප්ලෑන් කරල කරන වැඩක් වගේ.

    මට පේන හැටියට මිත්තයට කවි කියල විතරක් නැවතිලා නෑ වගේ. හැක්..

    ReplyDelete
    Replies
    1. මං කාල එන ඩිංගට මේ නයා ඇවිදින් ගිහින් නෙ... හැක් හැක්

      Delete
    2. කන වෙලාවට னයෙකුට බිත්තරක් අරන් දුන්නනං ඔහොම වෙන්නෑ. හැක්..

      Delete
    3. னයින්ට බිත්තර........ කිකිළි බිත්තර දාන්නෙත් ගණන් උස්සල කරල. එහෙම තියෙද්දි බොට දෙන්න. හුඃම්.. ඔනෙනං පරණ විස්කොත්තක් දෙන්නම්

      Delete
    4. ප්‍රසන්න, බ්ලොග්ස් ලියන්න එද්දී මං ඔය මොකුත් දැනගෙන හිටියේ නෑ. හැබැයි මගෙ ජීවිතේ අනිත් දේවල්වලදී වගේම අහුවෙන හැම දෙයක්ම ඉගෙන ගත්තා. තවමත් ඉගෙන ගන්නවා... හා ඒ ලබන දැනුම භාවිතයට ගන්නවා.

      අනෙක තමයි මම කොහොමත් සැලසුමකට අනුව වැඩ කරන්න කැමති එක. එතකොට වැඩ කිරීම පහසු නිසා.

      Delete
    5. හෙටානිද්දට නයින්ට බිත්තර නෙවෙයි දෙන්න වෙන්නේ කිකිළියෙක්... ඇති කරලා බිත්තර ගන්න කියලා. ඔන්න කිකිළියොත් නැති වේගෙන යනවලු.

      Delete
  2. //කුඩු කතත් තිරිත්තමක්// තේරුම මොකක්ද.... නිදි

    ReplyDelete
    Replies
    1. නිදි ට අමතරව බ්ලොග් වල ඔය වචනෙ පාවිච්චි කරල තියෙන්නෙ රවි අයිය විතරයි.

      Delete
    2. මෙතඩ්? පිලිවෙලක්? රීතියක්? ප්‍රමිතියක්?

      Delete
    3. තිරිත්තම කටට හුරුවට හැදුනු වචනයක්. ඒකෙ ප්රභවය එන්නෙ, චාරිත්‍රය >සිරිත> සිරිත්තම> තිරිත්තම

      සුප්‍රකට කියමනක්, "ගෙරි මස් කතත් තිරිත්තමකට..."

      ඕකෙ තේරුම, මොන පහත් වැඩේ කළත් පෙර සිරිත නොඉක්මවා, පමණ නොඉක්මවා කළ යුතු බව.

      Delete
    4. ස්තුතියි ඩ්රැකී පැහැදිලි කිරීම ගැන.
      අනෙක් වචනය ගැනත් කියන්න හිතුනා.

      අපේ ආච්චී කියපු විදිහට නං 'කුඩු' කිව්වේ හුන්සාල් බැදලා කුඩු කරගෙන හදා ගන්න ඒවට. ඒ කාලේ හැටියට දුප්පත්ම අය දුර ගමනක් යද්දී කෑමට ගෙනියන්නේ කුඩු. අන්තිම ලාබ කෑමක්. කලබලේට කන්න ගියොත් මූණේ; ඇඟේ හැටි කොහොමට පෙනෙයිද?

      Delete
    5. Pra Jay කියන සේරම වචනවල තේරුම්වලටත් තිරිත්තම ගැලපෙන බව පේනවා නේද.... එහෙම කියන්න හිතුණේ ඉස්සර ගැමි වහර කොච්චර පුළුල්ද කියලා උලුප්පන්නත් එක්කයි.

      Delete
    6. රවී අයියාත් ගමේ වෙන්නැති හැදුණේ, ප්‍රසන්න. රවී දැන් ඉන්න හරියත් නගරයකට වැඩිය 'ලොකු ගමක්' වගේනෙ. උන්නැහැ ලියන ඒවයෙනුත් මරු කෑලි අල්ල ගන්න ඇහැකි තමයි... කතාවේදී වගේම.

      Delete
    7. ස්තූතියි... සියලු පැහැදිලි කිරීම් වලට 🙏

      Delete
  3. තාප්පෙ ගැන කිව්වම මට උඩහමුල්ලේ තාප්ප මෝලා මතක් වුනා. ඕන දවසක ඕන වෙලාවක බැලුවත් පාර අයිනෙ තිබුණ ඒගොල්ලන්ගෙ ගෙදර තාප්පෙ උඩ ඉඳගෙන ඉන්න නිසා තමයි නම වැටුනෙ. නිදී එයාට දන්නව ඇති.

    ReplyDelete
    Replies
    1. නමෙන් නං දැන ගත්තේ ඉයන් මහත්තයෝ ඔයා කියනකොට. හරියටම දැන ගත්තහැකි හෙට නෙවිල්ව හමු වුණාම.
      හැබැයි මට එක පාරටම මතක් වුණේ, ඒ ඉසව්වේ තාප්ප අරක්ගෙන හිටි කිහිප දෙනෙක්.... ඉස්සර තිබ්බේ කොට තාප්ප නෙව.

      Delete
    2. ඉයන් මහත්තයෝ, මේ ටික ලියන්න හිතුණේ Pra Jay මහත්තයාගේ ඉතිහාස තොරතුරු පිපාසයටත් දිය පොදක් වෙන්නයි.
      දැන් අල් ගෆූරියා පාසල වටේ තියෙන තාප්පය නෙවෙයි ඒ කාලේ තිබ්බේ. (දැන් තියෙන තාප්පේ පේන්නෙත් නැති තරම්. ඒක දිගටම රෙදි කඩ හැදිලා නිසා.) ඉතිං මේ තාප්පේ හදන්න පරණ තාප්පය කැඩුවා. ඒක හදලා තිබුනේ ගොඩක් පරණ- ලොකුම ප්‍රමාණයේ හොඳම කබොක් ගල්වලින්. ඒ කබොක් ගල් අවට මිනිස්සු ගෙනිච්චේ පොර කකා. ධර්මේ අයියලට තමයි ලොකුම ලේසිය තිබ්බේ ඒවා ගන්න- එතැනම පාරෙන් එහා පැත්තෙ හිටි නිසා. ඒත් ධර්මේ අයියා එක කබොක් ගලක්වත් එහාට ගත්තේ නෑ.
      "ඒ තාප්පයේ ජීවිත කාලේ දැන් ඉවරයි. ඒක කඩන්නේ ඒ නිසා. ඒක හදල තියෙන කබොක් අපේ වත්තකට ගන්නවා කියන්නේ මැරිච්ච මිනියක් ගන්නවා වගේ වැඩක්නේ! මගෙ වත්තට මොකටද අනුන්ගේ මිනී?" කියලයි එයා ඒකට හේතු දැක්වුවේ.

      Delete
    3. නිදි අංකල් මම හිතන්නේ දැන් කාලේ ලංකාවේ විශේෂයෙන් කොළඹ නගර සීමාවේ නිවාස වල එහෙම තියෙන්නේ හරිම උස තාප්ප අනිත් පැත්තෙන් අපේ නව පරපුරේ තරුණ තරුණියන් ගොඩක් දුරට කාර්යබහුලයි ඉස්සර කාලේ වගේ විවේකය අඩු වෙලා ඒ නිසා රස්තියාදු චාරිකා අඩුයි ඒ වෙනුවට අපි රස්තා පාර දාන්නේ සයිබර් අවකාශයේ හහ් හා

      හැබැයි ඉතින් තරහ වෙන්න එපා මෙහෙම කියනවට ඔයාලත් අයිති වෙන වයසක පරම්පරාව ගැන අපට නම් විශ්වාස කරන්න බෑ මොකද විශේෂයෙන් ලංකාවේ පාර්ලිමේන්තුවේ හෙන උගත් වගේ පෙන්නගෙන ඉන්න හර්ෂ ද සිල්වා වගේ කට්ටිය උනත් බලන්න කිසිම ප්‍රතිපත්තියක් චාරයක් නැති නිකම්ම නිකන් රට ගොන් පාට් දානවා කියලා පේනවා මේ බදු කේස් එකට එහෙම කියන දෙකයි පණහේ දිව දෙකේ වැල් බයිලා දකිනකොට හර්ෂද සිල්වලා කියන්නේත් මහා රට ගොන් පොල් බූරු මීහරක් හැත්තක් බව දැන් හැමෝටම තියන ප්‍රශ්නයක් ඉතින් කෝමද රටටම ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කරන්නෙ?

      මම හිතන්නේ අලුත්ම තරුණ කණ්ඩායම් වලට ලංකාවේ නායකත්වය බාර ගන්න කටයුතු කළ යුතුයි ඉක්මනට නැතුව ලංකාවේ ඉන්න හොල්මන් මන්ද බුද්ධික කාලකන්නි විපක්ෂ කණ්ඩායම් වලට බලය ගියොත් අර නන්දසේන මුත්තාට එහා යන සීන් එකක් තියෙන්නේ නේද?

      මේ නිව්ස් එක දැක්කම මොකද හිතුනෙ?

      //ලංකාවේ පසුගිය කාලයේ පැවති අරගලයට නායකත්වය ලබා දුන් තරුණ තරුණියන් රාශියක් ඇතුළු නව සමාජ දේශපාලනික ක්‍රියාකාරී නායකයන් ගණනාවක් ද බිහිකරමින් වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටුවේ 40ක් ද රනිල් සමග පෙරට, රවුෆ් හකීම්ටත් රිෂාද් බදියුදීන්ටත් උතුරේ ඊපීඩීපී, තමිල් මක්කල් විඩුතලෛ සහ මූර්පාක්ක මුණ්ණණි ආදී පක්ෂ ගණනාවක් සඳහා රනිල්ගෙන් ආරාධනා

      මේ වන විටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල කණ්ඩායමක් ඉදිරි මහ මැතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ තරඟ වැදීමට සූදානමින් සිටින බව හැමෝම හොඳින් දන්නවා ඒ වගේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අද මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ එසේ ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස දැනට ආණ්ඩුවේ සිටින අයගෙන් හතළිහක පමණ පිරිසක් බව ද මේ පිළිබඳව එම කණ්ඩායම දැනටමත් අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ සිටින බවද තමාටද ඒ සමගම එකතු වෙලා කටයුතු කරන ලෙස බොහෝ දෙනෙක් ඉල්ලා සිටින බැවින් තමන්ට ද ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා විසින් ද ආරාධනා කර ඇති බවද පැවසූ ඔහු දැනට කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කරන විට පිල් මාරු කිරීම සුදුසු නැති නමුත් ඉදිරි මාස කිහිපය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉතාමත්ම සමීප සම්බන්ධයක් පැවැත්වීමට නියමිත අතර මේ ගැන ඉතා හොඳ අවබෝධයෙන් කටයුතු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේ මහනුවර දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.//

      මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන්ද? පොඩි බලාපොරොත්තුවක් තියෙනවා මේව දැක්කම නම් නේද?

      Delete
    4. අපේ වැඩිහිටි පරම්පරාවේ අයව ඔයාට විතරක් නෙවෙයි මටත් විශ්වාස කරන්න අමාරුයි! මොකටද තරහ ගන්නේ. අනෙක ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දරන්න අයිතියක් තියෙනවනේ.
      රට පුරාම හරක් රංචු පිටින් ඉඳිද්දී මේ තරම් අඩුවෙන් ගොන් පාට් අඩු එකයි මට පුදුම.
      ප්‍රවෘත්ති කියන්නේ 100%ක්ම ඇත්තද? හැම තැනම මාධ්‍ය ඒකක තියෙද්දී ඒ හැමෝම කියන්නේ ඇත්තද? කොච්චර වහනවද- කොච්චර කියනවද කියල ප්‍රමිතියක් තියෙනවද? අපි හැමෝම කියන්නේ අපිට කැමති හරිය විතරක්ද?

      ඊයේ පෙරේද සනත් නිශාන්ත මහත්තය සංවිධානය කළ 'අළු මතින් නැඟිටීමු' වැඩ සටහනට පැමිණි ජනකාය ගැන foto එකක්වත් ඔයා දැක්කද?

      Delete
  4. නිමල් කතා ටික කියාගෙන යන විදිහට ඉතා ඉක්මනින්ම ජීවිතේ 'variety සහ spice' ගැන ලියවෙයි කියලා මට හිතුනා.

    ෆොටෝස් තෝරන, දාන ක්‍රියාවලිය විස්තර කලාට ස්තුතියි. නිමල් හරිම පිලිවෙලට වැඩ කරන කෙනෙක් ප්‍රසන්නත් කියලා තියෙනවා වගේ.

    "මා අගය කරන්නෙකු ලෙස පෙනෙන ඔහු හඳුනා ගන්නටය මට උවමනාවී තිබුණේ". සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න පුලුවන් ඒ හැඟීම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus!
      ලොකු පැසසුමක්!!

      ඉස්සර බ්ලොග්ස්වලට; මේකටත් comments දැම්මා සිරිබිරිස් කියලා කෙනෙක්. ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. පෙරේදා උදේත් කතා කළා. එයාගෙන් නිතර යෙදෙන යෙදුමක් තියෙනවා. ඒක මතක් වුණා ඔයාගේ කමෙන්ටුවේ අන්තිම වැකිය කියවද්දී...
      එක ෆ්‍රීකුවන්සිය තියෙන උදවිය!

      Delete
    2. Frequncies (2013) film එක බලල තියෙනවදෝ😁😁

      Delete
    3. ට්‍රේලර් එක බැලුවා, නවීන්. හොඳයි වගේ....

      Delete
    4. ඒක බලන්න. මරු ඒක. බලල පෝස්ට් එකකුත් ලියන්න අමතක කරන්න එපා😁

      Delete
  5. ජීවිතය රස කරවන්නේ විවිධත්වයයි-- ඒක හරි

    ReplyDelete
    Replies
    1. අජිත්ට ආයෙත් වෙලාව ලැබිලා බ්ලොග්ස් කියවන්න!

      Delete
    2. ලංකාවේ ඉන්න කොට වෙලාවක් තිබ්බේ නැහැ කියහන්කෝ. ඒ පැත්තේ එන්නෙත් බැරිවුනා නිදි. සොරි වේවා.

      Delete
    3. හමු නොවුණත් ඔයාගේ ගමන සාර්ථකයි නෙව!

      Delete
  6. උඩ ඉදලා පහලට ඔක්කොම කියෝගෙන ආවම කියන්න තියෙන දේවලුත් අමතක වෙනවා😁


    හැබැයි කියන්න තරන් දෙයක් තිබුණද කියලත් මතක නෑ😂

    ReplyDelete
    Replies
    1. ඔය ටික ලියන්න මතක තිබිච්චම මදැයි!

      Delete
    2. ඒකත් ඇත්ත තමයි😂
      මගෙ මතකෙ හොඳයි එහෙනම්

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්