නැත්නම් ඇන්න ගිහින් කූඩුවේ දානවා, හරිය........ |
“මෙයැයිලා ඔයැයිලාට කියන්නේ ගෙදරටම වෙලා ඉන්ඩලා, නැත්නම්
ඇන්න ගිහිං කූඩුවේ දානවා, හරිය!”
“කොහේවත් රෝන්දේ නොයා නාලා ගෙදර හිටු!”
එහෙම කිව්වාට මිනිස් සතා ගෙවල් අස්සෙම කූඩු වෙලා උන්නාද?
සමහරු ‘ඕනෑ යටිබඩක් වෙච්චාවේ’ කියලා ‘කූරියා බැරල්’ වගේ දේවල් හොයන්නට ගියහ. මං
කූරියා බැරල් ගැන දැනගත්තේ කොරෝනා හින්දය. ඔයාලටත් දැනගන්නට උවමනා නම් මෙතන ක්ලික් කරන්න.
උසේන් බෝල්ට් සූරයාත් මේ ළඟදී ඔය පරතර කතන්දරේ............ |
මෑත දිනයෙක උසේන් බෝල්ට් ධාවන ශූරයා සමාජයේ ගැවසෙන විට දෙදෙනෙකු අතර තබාගත යුතු පරතරය ගැන
පණිවිඩයක් දුන්නේය. ක්‍රීඩා ලෝලීන්ට පවා ඒ පණිවුඩය අමතකව ගියේ ‘බාර්’ ඇරපු දවසේය!
ඊට පස්සේ කියවුණේ සමාජ පරතරය තියාගෙන බස්වල, කෝච්චිවල යා
යුතු හැටි ගැනය. කිව්වට මොකෝ, ඒවා සැලසුම් කළ, ඒවා ගැන දේශනා කළ උන්නැහේලා
ආසාවටවත් ලංකාවේ කෝච්චියක, බස් එකක ගිහින් නැතිවා වෙන්ටැති. ඉතින් ආයුබොවන්ලා
දන්නවැයි, ඒ වැඩේ කෙරුණේ ‘රුයිතෙ’ටය.
මාක්ස්වාදය අවරට යද්දී මාස්ක්වාදය සීඝ්‍රයෙන් පැතිරුණත්......... |
මාස්ක් දමාගෙන හෝ නැතිව හෝ වුණත් සමහර වෙලාවට සෙන්ටි
මීටරයකවත් පරතරයක් තියා ගන්නට අපේ ඇත්තෝ අසමත් වූහ! ඇයි හත්වලාමේ, ගෙදර යන්න බස්
නැතිනම්; බඩුවක්- මුට්ටුවක් ගන්න තැන් අඩු නම් පරතරය අමතක වීම අරුමයක්ද?
ප්‍රතිඵලය, අපේ ඉම්බා දේවී තුමිය ‘කටේ නරිවාදන් රෙද්ද
පල්ලෙන් පෙරෙන්නට පටන්ගත් කයිවාරුකාරයාගේ’ තත්ත්වයට වැටීමය.
(ඉම්බා දේවී නම ණයට
ගත්තේ ‘නිදහස් සිතුවිලි’ බ්ලොගයේ රවී හිතවතාගෙනි.)
හුරේ! ඔන්න ශ්‍රී ලංකාව තව එහෙකින් ලෝකෙට ලොක්කා වෙලා...... |
කොරෝනා පැතිරීමේ වේගය අතින් ශ්‍රී ලංකාව ඉහළට ආවේ
දවසෙන්-දෙකෙන්ය!
ශ්‍රී ලංකාව ලෝකයේ නවවෙනි තැනට ආ වෙලාවේ ‘එව්වා අලින්ගේ
අපේ වැඩ’ය කියලා පම්පෝරි ගහපු අය දැන් ‘අවතැන් වී ඇත්තේ’ ආ-ගිය ලකුණක්වත් ඉතිරි
නොකොටය.
එහෙම වුණත් ‘නිර්මාණාත්මක දක්ෂයෝ’ තව-තවත් කලඑළියට එමින්
සිටිති.
ලියනාඩෝ ඩාවින්සි සිත්තරාත් පුනරුත්පත්තිය ලබලාද කොහෙදය! |
ඒ මැද්දස්සට ලියනාඩෝ ඩාවින්සි සිත්තරාත් පුනරුත්පත්තිය
ලබලාද කොහෙදය. කෙනෙකු මොනාලිසාට මාස්ක් දමලා, ඉනුත් නොනැවතී අතටත් ටොයිලට් රෝල්
දීලාය ........
තවත් සිත්තරෙක් මේ දිනවල ‘මීඩියා’ ක්‍රියාකාරිත්වය විග්‍රහ
කරන්නට ඒ ‘මොනාලිසා’වම උදව් කරගෙනය.
තවම නොදැක්කේ මයිකල් ආන්ජලෝගේ ‘ඩේවිඩ්’ව හරි
කජුරාවෝ ‘කැටයම්’ හරි කොරෝනාවට ආඳපු පෝස්ටුය.
සාරියේ colour එකට match වෙන මාස්ක් එකක් තියෙනවද? |
කොරෝනා නිසා කෙනෙක් ජීවිතයේ අනියත බව මෙනෙහි කරමින් කටයුතු කරන්නැයි
කියද්දී, රූබර අංගනාවක් සාරියේ පාටට ගැලපෙන mask එකක් හොයමින් ඇවිදියි.
ඒ ගැහැනු ගතියයි!
‘මගේ මහත්තයා ගෙට ආවේ දැන්. මම එයාව Dettolවලිනුයි, විනාකිරිවලිනුයි නාවලා- mouth washවලින් කටත් හෝදවලා... ඇඟ පුරාම කොලෝනුත් ගෑවා.
අනේ, එයාව තම්බන්නත් ඕනිද?’ තව එකියක් විමසන්නීය.
මහත්තයා එළියට ගිහින් ආවට පස්සේ හෝදලා, නාවලා තම්බන්නත් ඕනිද? |
මුහුණු පොතේ වැඩියෙන් දකින්නට ලැබෙන්නේ විවේචනාත්මක,
දැඩිව හෙළා දකින, නිශේධාත්මක (negative) පෝස්ට්ස්ය. කොරෝනා ගැන වුණත් එහෙමය.
ඒවා දැකලාම හෙම්බත් වුණු කෙනෙක් වෙනස්ම කෝණයකින් බලයි.
ඔහු දකින්නේ කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන සුදු
රුධිරාණුවකි! මේ අප කවුරුනුත් සුදු රුධිරාණුවලට වන්දනාමාන කළ යුතු සමයකි!!
දෙවියනි, ඔබ මැව් ලොව පුදුමයි! |
රතන සූත්‍රය සජ්ජායනා කිරීමෙන්, ‘ඕම් ටාරේ දුටාරේ ඩුරේ සෝභා’ ජප කිරීමෙන්
කොරෝනා මර්දනය කළ හැකි යැයි කියවෙද්දී ‘රහතුන් (යැයි කියා ගන්නා) වහන්සේ’ත් mask
පළඳිති. පරෙස්සමටය.
වන්නාටය හිමියනි. කළ යුත්තේ එසේමය.
වතිකානුව, මක්කම, දේවාල වසා දමලා තියෙද්දී- බොරු චණ්ඩි
වෙන්නට යන්නේ මෝඩයන්ය. නරක වෙලාවට මෝල් ගහත් පත්තු වෙන්නට පුළුවන්ය.
කාට විනේ කැටුණා වුණත් අපට නම්.......... |
ගෙදරදොර උදවියට, රටට, ජනතාවට කොච්චර විනේ කැටුණත් බාබෙද්දන්ටත් පොලිටික්කන්ටත් ඒකෙ වගක් නැතිය.
බාර් ඇරපු දවසේ සිද්ද වුණු දේවල් අපි මදිය නොකියන්නම
දැක්කෙමු.
මළමිනී මතින් හෝ පුළුවන් තරම් ඉක්මනින් මැතිවරණය පැවැත්වීම ගොඩක් දෙනාගේ
අභිලාෂයයි.
ඒ පෙරහර ළඟ බව කියමින් කසකරුවෝ කස පුපුරුවන්නට පටන් ගෙන
සිටිති.
හා හා හොරේ දැනුණා දැනුණා මට............ |
ඉස්සර හිටි කැපුවත් කොළ- කැපුවත් නිල්- සරුවාංගයම රතු
දේශපාලන පාක්ෂිකයන් දැන් අඩුය. දැන් ඉන්නේ තරමක් දුරට හෝ දේශපාලනය ගැන උනන්දු වෙන
පරම්පරාවකි. එයින් කෙනෙකු අවුරුදු තුනක් පරණ වාර්තාවක් ආයෙමත් එළියට අරගෙනය!
මෙච්චර බරක් මේ රටට- රටේ පුරවැසියන්ට දරාගත හැකිද?
කොරෝනා මර්දනයට ලැබුණු බව කියැවුණු ආධාර-විදේශාධාර
කප්පරකි!
ඔය ආධාර සේරම ගැන විනිවිද භාවයෙන් යුතුව කටයුතු කෙරෙයි. සද්දේ වහගෙන හිටපල්ලා! |
‘විදේශ ආයතන සහ රටවල් ගණනාවක් විසින් ලංකාවට ලබා දෙන බවට පොරොන්දු වී ඇති කිසිදු මුදලක් මේ වනවිටත් ශ්‍රී ලංකා මහ බැංකුවට බැර වී
නැති බව මුදල් අමාත්‍යාංශ ඉහළම ප්‍රකාශයකු විදෙස් මාධ්‍ය වෙත කියා සිටියා.’
ඒ බව පළවී තිබුණේ මැයි 2 වෙනිදා ‘ඉකොනොමැට්ටා’ ලියා තිබුණු හරිම අපූරු ‘පූර්ව කෝවිඩ් ලෝකය’ post එකේ කමෙන්ට් එකකයි.
අපරාදේ
කියන්න බැහැ, එව්වා හම්බ වෙච්චි ගමන් නිවේදනේ කරයි නොවැ, දේශීය ආධාර ගැන කියලා
නැතත්. ෆේස් බුක් හිතවතුන්ට තියෙන්නේ එතෙක් සද්දේ වහගෙන ඉන්න විතරයි.
ඒක නෙවෙයි. ඇත්තටම අපේ රටට ඕනෑ හමුදා ආණ්ඩුවක්ද? නියෝජිතයන්
අඩු පාර්ලිමේන්තුවක්ද?
රුසියාවේ, චීනේ නායකයනුත් වැඩ කළේ ඡන්දය දිහා බලාගෙනද? |
සමහරුන් ‘මෙහෙම හමුදා පාලනයක් හරි කමක් නැතිය’ කියන්නේ
තියෙන මජර දේශපාලන සංස්කෘතියේ නිරුවත ‘කොරෝනා’ විපත්තිය නිසා හොඳින් පෙනෙන්නට
ගත්තු හින්දාද? දේශපාලන හෙම්බිරිස්සාවක් හින්දාවත්ද ......
වෙනදා නම් අපේ රටේ ඇති-පැති අය කැස්සක්-කිඹිහුමක් ආවත්
ප්‍රතිකාර ගන්න පිටරට ගියානේ. දැන් එහෙම අයටත් පිහිට වෙන්නේ මෙරට රෝහල්ය!
එහෙම වුණත් අපේ මුහුණු පොතේ විද්වතුන් වැඩි දෙනෙකු
කියන්නේ කොරෝනා මර්දනයේදී අපේ ප්‍රතිපත්ති රුසියාවේ හෝ චීනයේ වාගේ දැඩි; දූරදර්ශී
ඒවා විය යුතු බවයි!
එහෙම නොවීමේ ප්‍රතිඵල අපි දැන් දකින්නෙමු.
ලෝකයේ වගේම අපේ කොදෙව්වෙත් ආසාදිතයන්- රෝගීන්- මරණයට පත්
වෙන්නවුන් අඩු වේවා!!!
ප්‍රාර්ථනා කරලා විතරක් මදිය. එය ඉබේම වෙතැයි හිතන්නටත්
බැරිය.
ඇමෙරිකාවේ වසංගත විද්‍යාඥයන් පිරිසක් පවසා තිබුණේ කොරෝනා වෛරසය
තව අවුරුදු දෙකක් තිස්සේ ව්‍යාප්ත වන
බවයි. එසේ නොවුණත් දැනටම සිදුවී ඇති විනාශය සුළුපටු නැත. දැනටම ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ හතලිස්හතර දහස ඉක්මවලාය.
මේ තත්ත්වයට මුහුණ දීම සඳහා අප එහෙම පිටින්ම වෙනස් විය යුතුය; රටත්, පාලකයනුත්, පුර වැසියනුත් අලුත් විය යුතුය.
මේ තත්ත්වයට මුහුණ දීම සඳහා අප එහෙම පිටින්ම වෙනස් විය යුතුය; රටත්, පාලකයනුත්, පුර වැසියනුත් අලුත් විය යුතුය.
පුරවැසියෙනි, අලුත් වෙමු! |
ඒ බව කියවෙන මේ වගේ posts තව-තවත් මුහුණු පොතට එන බව මට
විශ්වාසය.
එහෙම ආවත් මේ පෝස්ටු මාලාව දික් ගස්සන්නට බැරිය....
ලියන්නට තවත් දේ එමට
තියෙන හින්දාය.
නමුදු, මේ පැමිණි විපත්තිය ලෝකවාසීන්ට මෙන්ම සකල ශ්‍රී
ලංකා වාසීන්ටමත් සුපුරුදු විදියෙන් මිදී; අලුත් ජීවන රටාවකට හැඩ ගැසෙන්නට කියයි.
හැම
විටම සුබවාදීව හිතන්නට කැමැති මට පෙනෙන්නේ බුද්ධිමතුන් එසේ කරනවා ඇතැයි කියලාය.
ඉතින්, මේ ‘හමාර කියන්නේ’ හිතාදර රසික-රසිකාවන්ගෙන්;
ඔයාලා ඔක්කොමලාගෙන් ප්‍රශ්නයක් අසමිනි.
ඔබත් එවන් බුද්ධිමත් ජීවියෙක් නේද෴
අද බ්ලොගයේ තියෙන සේරම පින්තූර FB
එකේ තිබුණේ. ටිකක් ජාලයෙන්. ඒ නිර්මාණශීලී හපනුන්ට, ඒවා ෂෙයාර් කරගෙන තිබුණු උදවියට වගේම ඒවා මට එවූ හැමදෙනාටම ගොඩාරියක්
ස්තුතියි!!!
මේ වෙනස් වෙනස් බස් වැහරුම් දැක්කාම මට මතක් උනේ "මේ දෑස කුමටද" චිත්‍රපටය මාතර එස් කේ එකේ ජනප්‍රිය නොවුන නිසා "මේ දෑස මක්කටෙයි" කියලා පෝස්ටර් ගහපු කතාව. අපේ රටේ පලාතෙන් පලාතට තියන වැහරුම් වෙනස්කම් නිසා මරු වැඩ වෙනවා.
ReplyDeleteකොහොම උනත් ලංකාවේ තත්වය ටිකෙන් ටික හොඳ අතට හැරේවි කියලා පතනවා.
ප.ලි.
ඔය විදේශ ආධාර හෝ වෙනත් ආධාර ගැන කතා කරන්න එපා. ඒවා අවශ්‍ය අයට ලැබිලා ඇති.එහෙම ලැබුනේ නැති අයගේ අවාසනාවට අපිට කරන්න දෙයක් නැහැ. ඒ හැරත් ඕවා පාලනය කරන අය "මීයක් කඩන්නේ ඇත ලෙව කන්නද" කියන පිරුළ හොඳින්ම දන්නවා නේ. ලංකාවේ ඉන්නේ පවුල් මිලියන 5.5 උනාට දැනටම පවුලකට 5000 ගානේ දෙන දීමනාව පවුල් මිලියන හතකට දීලා කියන්නේ?
සෑම්, තවමත් ලංකාවේ පලාතෙන් පලාතට ආහාරවල පවා වෙනස්කම් ටික-ටික ඉතිරි වෙලා තියෙනවා.
Deleteමේ ළඟදී පොලොස් මාළුවක් කන්න ලැබුණා, බොහොම රස. විශේෂත්වය තමයි උලුප්පා ලොකු කෑලි කපපු පොල් කෑලිත් දාලයි උයලා තිබ්බේ.
'එයාලා ඒකට කිව්වේ 'පොල් වළලුත් කපලා දානවනේ' කියලයි.
ඔයා කියනවා වගේ තායි සෑම් මහත්තයෝ. 5000 ක් දෙනවා කිව්වා විතරයි මිනිස්සුන්ට සේරම අමතකයි. හොරාකාවට කමක් නැහැ අපටත් ටිකක් දීලා!
+++
ReplyDeleteස්තුතියි මිතිල!
Deleteඅර ලේන් එකට අලුතින් ආපු පවුල සහ ලේන් එකේ අනිත් අය අතර දැන් තියෙන සම්බන්ධතාවය මොනවගේද කියල දැනගන්න කැමතියි.
ReplyDeleteඑයාලා ඉන්නේ ලේන් එකේ කෙලවරේම ගෙදරක. තාප්පෙකින් වටවුණු තැනක්. ඉතින් එයාලා එකේ ඉන්නවා, තවම නම් වෙන අයත් එක්ක බජනෙකට ආවේ නැහැ වගෙයි, මා දන්නා තරමට. කුලී ගෙවාගන්න බැරිව ගෙවල් මාරු කල කතාව නම් අතේ රෝලක්. දැන් ඒ ගෙදර පිරිමි දෙන්නෙක්ම වැඩට යනවා.
Deleteහ්ම්ම්
ReplyDelete(කියන්න දෙයක් නැතිවුනත් බුද්ධිමත් ජීවියෙක් කියල පෙන්නන්න එපෑ)
ස්තුතියි Pra Jay!
Deleteතව ඩිංගෙන් කියවෙන්න ගියේ 'බුද්ධිමත් ජීවියා' කියලා.
ඔබට ෂතුටුයි ද දැන්
ReplyDeleteඅජිත් මහත්තයෝ. මම උපේක්ෂාවෙන් බලා ඉන්නවා.
Delete