සිරිලක සවුදම කියන්න නොහැකිය, මෙහෙම කවියකින් දෙකකින් නම් |
පපුවට ගස-ගස රට දැය රකින්න නහයෙන් අඬ-අඬ පතා වරම්
බලයට ඇවිදින් කරනා බලු වැඩ -මහ මිහිකත නූසුලන තරම්
කියන්න ලජ්ජයි, ඒත් කියන්නට දෙන්න මහතුනේ මෙමට වරම්
සිරිලක සවුදම කියන්න නොහැකිය,
මෙහෙම කවියකින් දෙකකින් නම්
දකුණ කරන දේ වම දන්නේ නෑ, වමතේ කෙරුවාවත් එහෙමයි
සාමූහික බව නං වචනෙට විතරයි - ගාල කඩා ගත්තා වාගෙයි
රටේම සම්පත් විකුණන්නට නං - එකා වගේ බැම්මෙන් බැඳෙතෙයි
එතකොට නම් මේ රොත්තම සමඟියි,
භේද තියෙන්නේ අප අතරෙයි!
අන්තිමෙ බලද්දි නඩුත් බඩුත්
සේරෝම තියෙන්නේ උන්ගෙ අතේ |
නැව් ගිනි ගත්තා; සත්තුත් මැරුණා - දත්තත් මැකිලා ගිහින්
අනේ
වන්දිත් ඔහෙ නෑ පාඩුව රටටයි - කාටද ඒකෙන් සෙතක් වුණේ
කාගෙන් කියලා අහගන්නටදෝ රටට වෙලා ඇති විනේ අනේ
දන්නව නං මට කියලා දෙන්නකෝ සතර වරම් දෙවි හාමුදුරුවනේ
තැන තැන පිපුරුවෙ ගෑස් සිලින්ඩර වැරැද්ද මහ ජනතාව අතේ
අන්තිමෙ බලද්දි නඩුත් බඩුත් සේරෝම තියෙන්නේ උන්ගෙ අතේ
එකම රටක එක නීතිය තියෙන්නෙ
ලොකු- තඩි පොත්වල තමයි පුතේ
නඩු විසඳෙන්නේ අනාගතෙයි; මතු බුදුවන දවසක බුදුන් මෙතේ
මිලියන තිහක්ම උපද්දගෙන ඇත -
අනේ හිරිකිතක් උන්ට නැතී |
හොරට වෙනස් කර ගෑස් සංයුතිය, ලද ලාභය පොඩ්ඩක් නොවෙතී
මිලියන තිහක්ම උපද්දගෙන ඇත - අනේ හිරිකිතක් උන්ට
නැතී
ගලේ පහරලා වාගෙයි ඉන්නේ, බකන් නිලාගෙන බඩ උලතී
ලජ්ජා නැතිකම ලොකුම වත්කමයි, එහෙමයි මේ මහතුන්ගෙ ගතී
ලයිට් කපනවා/ නෑ නෑ නෑමයි තප්පුලනව කියමින් බේගල්
දවසක් යද්දී උන්ට මතක නෑ - උන්ම දොඩා තියෙනා දේවල්
කැවිලද මන්දා මුන් රොත්තටමත් - දෙවියන් වෙනුවෙන් පිදුව සහල්
ඇතුළෙත් ගැට - පිට පැත්තෙත් ගැට ගැට,
මණ්ඩලයත් හොඳටෝම කචල්
‘දෙසිය විසි පහම අවුරුද්දකදී’ පොත් තුන්සීයක් ඇත කියවා |
තොපි වවපල්ලා පොහොර කාබනික විතරක් දාලා තොපෙ වැවිලී
කොහොම වවපුවද ගෙන්වන්නේ කියලා නම් නැත්තේ කිසි හෙවිලී
වස කෑවත් ඇයි, පොඩි මිනිසුන් නෙව ගියදෙන් නැති වීලා වැළලී
සදා හිඳින්නයි උන්ගේ අදිටන - වැජඹීලා බැබළී බැබළී
රට කරවන්නට උගතුන්, වියතුන් පත්කොට දියවන්නාවෙ යවා
පුස්ස බින්ද වගෙ තකතිරුකම් නං, අනේ අපිත් මදි නැත කෙරුවා
‘දෙසිය විසි පහම අවුරුද්දකදී’ පොත් තුන්සීයක් ඇත කියවා
එයිනුත් වැඩියක් ‘නිකං කතන්දර’ වාර්තාවකින් ඇත පෙන්වා
ගනුදෙනුවලදී කොමිස් ඉල්ලලා, ලොවක්
ඉදිරියේ නීච වෙතී |
වේල කන්න නැත හයින්-හාමතේ; බඩ ගින්නෙයි මිනිසුන් ඉන්නේ
දිවිය ලෝක සැප ගන්නයි ගුවනින් ගිහිල්ල මල් ඉහලා එන්නේ
එව්වට වියදම කෝටි ගණන් වැය අම්ම-අප්පගෙන් නැත ගන්නේ
‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
සිරි ලංකාවේ චේතිය රජවරු ගණනක් නැතිවම බොරු කියතී
ගනුදෙනුවලදී කොමිස් ඉල්ලලා, ලොවක් ඉදිරියේ නීච වෙතී
එව්ව හෙළි වුණත් වගේ-වගක් නෑ, action ගන්නෑ ඔහෙ ඉඳිතී
කපුවෝ හිටගෙන ජරා කරද්දී ගෝලයො දුව-දුව එය කරතී
‘වජු බිල්ලම’ එක අතින් වසාගෙන පෙරහරකට වුව එක් වෙන්නා |
නමේ ගරුත්වය- නමේම නම්බුව පෙරටු කරන් ඉන්නා ජපනා
වරදක් විණි නම් ‘හරාකිරි’ කරන්, තම අභිමානය රැක ගන්නා
ඕන්න ඒකට අපේ ගොයියො නං, රෙද්ද ගැලවුණත් නොතකන්නා
‘වජු බිල්ලම’ එක අතින් වසාගෙන පෙරහරකට වුව එක් වෙන්නා
‘වතුර බිල හිඟයි - කපන්න වෙනවා’ දුගී අයට පණිවිඩ එවතී
මැති- ඇමතින්ලා කෝටි ගණන්වල පොලු තියලා ඇති බව කියතී
‘අය කර ගන්නව- නීති ප්‍රකාරව’ හයියෙන් පුරසාරම් දොඩතී
කටින් බතල කොළ හිටවන්නට මේ වාගේ හපන්නු ලොවෙත් නැතී
අද වෙනකල්මත් ඉන්නව ලොක්කෝ, කටක්
අරින්නෑ ඒ වෙනුවෙන් |
උගන්ඩාවටත් printed කඩදහි ටොන් ගණනක් යවලා ගුවනින්
අද වෙනකල්මත් ඉන්නව ලොක්කෝ, කටක් අරින්නෑ ඒ වෙනුවෙන්
ඉතිං බංකොලොත් නොවී තියේවිද ‘ධර්මද්වීපය’ ඔය විදිහෙන්
තව කොහෙ යවලා ඇතිද හොරා කෑ-
සල්ලි පිල්ලි ගහපුව අපගෙන්
කටේ නරි
වදන් පෙරෙනව රෙද්දෙන් - කියවෙයි අලුත්ම ප්‍රවුර්තියෙන්
ලංකාවත් ඇත දූෂිත රටවල් ගොන්නේ ඉහළම තැන් ගනිමින්
‘සැපයි නෙවෙද දැන්’ කියල අහන්නට
වගකිව යුත්තොත් කොහෙද ඉතිං
උන්දැල සේරම ‘පැලෙන්න කාලා උස්මුරුත්ත වෙල’ සනීපයෙන්
‘සැපයි නෙවෙද දැන්’ කියලා අහන්න වගකිව යුත්තොත් කොහෙද
ඉතිං |
උන්ටත් දුන්නා උන් කෙරුවෙත් නැත - රිස්ස ගිහින් තිබ්බා
විතරයි
මුන්ටත් දුන්නා මුන් කෙරුවෙත් නැත -
දෙගොල්ලගෙම කෙරුවා එකමයි
තට්ටු මාරුවට හැත්තෑ වසරක් ගෙවුණා, රටට යහපතක් සිදුව නැතෙයි
දැන්වත් අලුතින් හිතමුද මහතුනි, මේ ඒකට නිසි කාලෙ තමයි!
!!!!!!!!!!!!!!!!!!!!!!
‘නමියගේ වීදිය’ blog අඩවියේ රචක සහෘදයාගේ ඇරයුම පිළිගෙන- මහරගම, පමුණුවේ පදිංචි නිමල් දිසානායක විසින් ප්‍රබන්ධ කරන ලද්දකි෴
බැන්නත් හොදැටි උන්ට
ReplyDeleteරැවටෙත් කපටි බසට
තිබ්බොත් චන්දය හෙට
කතිරත් ගසයි උන්ට
රට වැසියන්ට ගැලපෙන රජවරු ලැබුම
Deleteවෙනවා කියන වටිනා ඉසිවර කියුම
අදහමි- අපේ පුරවැසියන්ගේ දැනුම
දැන් දියුණුයි; හොඳයි කියලත් සිතමි මම
මරු කවි පන්තිය.
ReplyDeleteමේක කවි කොලයක් හැටියට මුද්‍රණය කළා නම් බොහොම ජනප්‍රිය වෙනවා!
Sam, ඒ කාලෙ කවිකොළවලට තිබ්බ ඩිමාන්ඩ් එකක්. මං 'පේව්මන්ට් එකේ රජ වෙන' කාලෙ කවි කොළයක් සත දෙකහමාරට තමයි press එකෙන් ගත්තේ.
Deleteසමහරුන් ඒවා වික්කේ එකක් සත විසිපහට. මං වික්කේ සත දහයට.
ඒක පට්ට...
ReplyDeleteඕව ගැන කතා කරල වැඩක් නෑ. දැකල කතා කරලම තිිත්ත වෙලා තිායන්නෙ
ඔයා හරි! ඒත් මහේෂ් මං හොඳටම දන්නා දැන-උගත්-වෘත්තික මිතුරු නොදරුවොත් අපි අතරේම ඉන්න නිසා, හිතෙනවා ඇස්වල කොරපොතු තියෙන අයත් තාම ඉන්න බව. ඒ වගේ අයවත් දැනුවත් කරන්නයි මෙහෙම ලියන්න හිතුණේ.
Deleteඇස්වල කොරපොතු කං වල ගෝන ඇට 😒😒😒
Deleteසහතිකයි මහේෂ්!
Deleteමසුරං කවි නිදියෝ......
ReplyDeleteමේ කවි කොලේ සෙත් කවියක් වී රටට සෙත්වේවා කියල තමයි ඉතින් අපිට ප්‍රාත්තනා කොරන්න හිටන් තියෙන්නෙ.
හරියට හරි නමී!
Delete'රටට සෙත් වේවා' තමයි මගෙත් පළමු පැතුම!
නිදි කතාවෙ කොටහත් ලියවෙනවා නෙ...
Deleteනැතිව නැතිව, ඒක කියන්නම ඕනිනේ නමී.
Deleteඅන්න කවි.
ReplyDeleteඅර කෝටි 4 ගැන නිදි මහත්තය මොකුත් දන්නෙ නැතෙයි. :D
ප්‍රසන්න එක්ක යකා නඟිනවා ඔන්න.
Deleteඔහෙ දැක්කේ නැතැයි, අපේ රත්තරං නාමල් බේබි කියලා තියෙනවා එහෙම හොරකමක් වෙලාය කියලා ඒ කිරි සප්පයා දන්නෙත් මීඩියාවලින් දැක්කමයි කියලා. තව මොනවද හගිස්සන්න තියෙන්නේ.
ඔච්චර සල්ලියක් එතුමන්ලාට තියෙන්න විදිහකුත් නැහැනේ. වලව්වට වෙනින් ආදායම් ගලනවය?
මාව විශ්වාස නැත්තං, මෙන විස්තරේ තියෙනතන. ගිහින් බලන එකයි ඇත්තේ....
Deletehttps://www.economyhub.info/2022/01/26/namal-rajapaksa-contact-number/
අනෙක් වලව් වගේ නෙවෙයි. ඒවා ඇස්බැස්ටෝස් වහල මොඩ් වලව්.
Deleteලොක්ක ගෙවන දසාවත් හොඳ නැති නිසා
රටටත් අපල වෙන කාලයක් නුදුරු අනාගතේත් වෙන්න තියෙනවා
මොන දසාව තිබ්බත් ඒ මහත්තැන්ලා ගොඩ යනවා, එව්වාත් වාසියට හැරෙනවා. අනුර මහත්තයෝ.
Deleteසුනාමි- ගංවතුර- නාය වගේ ස්වභාවික ආපදා-විපත්ති ආවත් එතුමන්ලාට රිදුනද?
ඔබවැනි මහතුන් කොපමන හැදුවත් උන්ගේ ඇස්ගෙඩි පාදන්ට
ReplyDeleteතණකොළ නොබුදින ජහමණ ගවරැල වඩා කැමැති රැවටී ඉන්ට
ආගම ජාතිය පක්ෂය මුල්කොට දෙපිල බෙදී ගිනි අවුලන්ට
ඇත්නම් වෙන මොන සැපතද ඕනෑ බහුතරයක් ලිං මැඩියන්ට
පෙනෙන ඇත්ත දැක නිවටව නිහඬව හිටින්න බැහැ, ලේ කකියනවා
Deleteපුළුවන් දේවත් කරපං! කියලා මිහිමඬලත් සිහි ගන්වනවා
මං පය ගහලා හිටින උපන් බිම වෙනුවෙන් මේ ණය පියවනවා
එකම පිලක් වී රට දිනවන්නට දැන් පුරවැසියන් සැරසෙනවා!
වැඩි දෙනෙකු කියවිය යුතු වටිනා පෝස්ට් එකක්. ඉක්මනට මුහුණුපොතටත් දාමු නේද.
ReplyDeleteඔව් චමී, පෝස්ටුව එහෙම පිටින්ම මුහුණු පොතටත් දාන්නයි අදහස. Lay out එක තමයි වෙනස් වෙන්නේ. Links යොදන්නත් බැහැනේ blog siteවල වගේ..
Deleteඔන්න චමී, මුළු post එකම fb එකටත් දැම්මා!
Deleteඅනේ මන්දා? ඉන්න හොරු යනවා, අලුත් හොරු ටිකක් එනවා. ගිය එවුන්, ගිහින් "දැන් සැපද?" කියල අහනවා. ඊට පස්සෙ අයෙත් උන්ම එනවා. විශම චක්‍රයක්. හැම එකාම ඉල්ලන්නෙ බලය, ඒත් එකෙක් ගාවවත් විසඳුමක් නෑ.
ReplyDeleteමේක පිටින් පේනව වඩා සංකීර්ණ ප්‍රශ්ණයක් කියලයි මට හිතෙන්නෙ. නිදහසෙන් පස්සෙ, රටක් ජාතියක් විදිහට අපි පුරුදු වුනේ නිකන් කන්න, එදා වේල ටුවර්ස් දුවන්න. දූෂිත දේශපාලනය , මේ ප්‍රශ්ණෙ එක සාධකයක් පමණයි, කියලයි මට හිතෙන්නෙ.
හරියට හරි බස්පා.. අපිත් වෙනස් වෙලා වෙනසකට් මුල පුරන්න ඕන. අනික අපි රස්සාව, පාසල වගේ දේවල් නිසා දෙසපාලුවගෙ හෙන්ච්යිලය වෙන එක අතාරින්න ඕන.
Deleteබකුසුතුමෝ, නමී.
Deleteමම නං විශ්වාස කරනවා තරුණ පරම්පරාව අපි හිතාගෙන ඉන්නවට වැඩිය බුද්ධිමත්ය කියලා. දැන් මිනිස්සු ඉස්සරට වඩා දැනුවත් වෙනවත් එක්ක.... ආත්මාර්ථකාමී වෙන එකත් අඩු වෙනවා නං...
විෂම චක්‍ර ගණනාවක්ම බිඳින්න වෙනවා. නූගත්කමේ- දුප්පත්කමේ- වහල් බවේ වගේ!
අපි අපට හැකි ටික කරමු!
මහතැනට හොඳටම තරහ ගිහින් වගේ
ReplyDeleteකවුද අජිත් මහත්තයො මහතැන?
Deleteකාට වුණත් තරහක් නෙවෙයි වේදනාවක් නං එන්න ඕනි නේද මේ සිද්ද වෙන දේවල් දකිද්දී?
නිදි , ඒ දවස්වල බැදුම්කර ප්‍රශ්නෙටත් සමහර බ්ලොග්කාරයෝ , ඇනෝ කාරයෝ බැන්නේ මට බං. දැන් උනුත් නැහැ. ඒ බැදුම්කර හොරු ඇල්ලුවෙත් නැහැ. අලුත් සෙට් එකකුත් ඇවිල්ල. අපි තවම එතැන. හිනා වෙලා සොමියේ ඉන්නවා ඇරෙන්න මොනවා කරන්නද?
Deleteඅජිත්, ඔයාට මතක් කරලා දෙන්න ඕනි නැහැ නේද 'වැඩි දෙනෙක් ටික කලකටද, ටික දෙනෙක් වැඩි කලකටද රැවටිය හැකි වෙතත් හැම දෙනා හැමකල් රැවටිය නොහැකිය' කියන කතාව.
Deleteමෙන්න හොඳම උදාහරණේ.
දවස් දෙකක කතා:
https://www.lankahotnews.net/2022/01/chamal-rajapaksa.html
අපේ හෘදය සාක්ෂියට එකඟව වැඩ කලාම අපිට බය ඇතිව හිනා වෙලා ඉන්න ඇහැකි! ඔය හුඟක් මහත්තුරුන් කරන්නේ හිනා වෙන එක නෙවෙයිනේ- අපේ ආදිතමයන් වගේ විරිත්තන එක නෙව.
Deletehttps://ladyleader.lk/news/6839-2022-01-26-20-40-06
ReplyDeletePra Jay මහත්තයෝ, ඔබතුමා එවූ link එකට ස්තුතියි.
Deleteනිකමට දැන ගන්න ආසාවට අහන්නේ, නොදැක්ක නිසා.
ඊයේ පෙරේදා 'ජය පිරිත' සජ්ජායන කරන්න හාමුදුරුවරුන් වහන්සේලා කී නමක් වැඩම කෙරෙව්වද, ව්යදම කීයද- කාගෙන්ද කියලා විස්තර හෙම කොහෙවත් දැක්කද?
ලංකාවෙ සල්ලි නාස්තිය නැති වෙන එකක් නෙමෙයි.
Deleteඕනෙ පිරිතක් ලවුඩ් ස්පීකර් දාල කණ පලන්නෙ නැතුව ඕනෙ එවුන් ලඟට ගිහින් අහ ගන්නවනම් මට ඒ ඇති
This comment has been removed by the author.
ReplyDeleteසව්දම් නාඩගම් තමයි අපට බලන්න තියෙන්නෙ ඉදිරියටත්, අපි හරි තීරණ නොගතහොත්. නියම කවි සෙට් එක නිදි
ReplyDeleteYes Sir!
Deleteස්තුතියි, අපි අපේ ශක්තිය නිවැරදි දේ වෙනුවෙන් යොදවමු!
මේ දේවල් නිවැරදි වෙන්න පරම්පරා ගාණක් යන්න පුලුවන්. ඒ අතරෙ මිනිස්සුන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා- අනිත් අයගෙන් වගවීම ඉල්ලන්න කලින් පෞද්ගලිකව තමන් කරන දේට වගවීම (accountability) ගන්න එක, (තමන්ගෙ ඇර) අනිත් අයගෙ අයිතිවාසිකම් කඩවෙනකොට සතුටු නොවීම, සමාජයේ හැමෝම එක හා සමාන විදිහට සැලකීම. විශේෂයෙන්ම කහ සිවුරට දැනට එක් තැන් වෙලා තියෙනා බලය අඩු කර ගැනීම. කෙනෙකුට අවශ්‍ය නැතිතරමෙ බලයක් ඒ අය වටා එකතු වුනාම වැඩිපුර තියෙන බලය මුදා හැරෙන්නෙ අනිත් අයට පීඩාවක් වෙන විදිහට.
ReplyDeleteමේ තත්වයේදී මම දකින හොඳ දේ තමයි යම් වෘත්තීය සුදුසුකම්, නිපුණතා තියෙන අය පිටරටකින් රස්සාවල් හොයාගන්න දැඩි සේ උත්සාහ කිරීම. අඩුම තරමෙ ඒ යන අයගෙ පවුල් වලටවත් යම් සහනයක් ලැබෙයිනෙ. වඩා වැදගත් ඒ යන අයගෙ දෙවෙනි පරම්පරාවවත් සමානාත්මතාවය, ගරුත්වය (හතර ගාතෙන් තමන්ට වඩා බලවත් අයට වැඳ වැටීම නෙවෙයි) අයිතිවාසිකම්, යුතුකම් ගැන වඩා හොඳින් ඉගෙන ගනීවි.
පරම්පරා ගණනාවක්ම ගියත් Lotus, දැන්වත් පටන් ගන්න ඕනිනේ. ඊලඟ පරම්පරාවලට හරි ඉන්න රටක් ඉතිරි වෙලා තියෙන්න එපැයි!
Deleteමමත් ඔයා එක්ක 100%ක් එකඟයි. මේ මොනවා කිව්වත්- කළත් අපිත් අපිටම අවංක වෙන්න ඕනෑ. වැඩි බලය දූෂණයට හේතුවක් තමා- තමා- තමා. 'දැනුවත්; හෘදය සාක්ෂියක් හා සවිමත් කශේරුකාවක් සහිත මිනිසුන් වැඩිවීම තුලින් තමයි හොඳ රටක් ගොඩ නැඟෙන්නේ' කියලයි මං අදහන්නේ.