“ඔව් මාත්තියා.... යේකි අරී ෂන්තෝස තමා වුණා....” |
********
“රාමන්, පුංචි අප්පොගේ පණිවිඩේ කිව්වද?”
කාමරයේ ජනෙල් හැර දමමින් සිටි රාමන් හැරී බැලුවේය.
මිලින්ද කාමරය සිසාරා නෙත් යැව්වේය. ධනුෂ්ක පිටවී ගිය පසු මේ කාමරය නිතරම වසා තැබෙන බව ඔහු දනියි. අමුත්තන් පැමිණි විටෙකදී වුවද ඔවුන්ට නැවතීම සඳහා ධනුෂ්කගේ කාමරය නොලැබේ.
“යේක පුංචි අප්පොයි, මාත්තියායි විතරයි තමා මේකෙ ඉන්නවා...” රාමන් මිලින්ද දෙසට හැරී කියුවේය.
“කෝ... උඹ අර පණිවිඩේ කිව්වද? පුංචි අප්පෝ මාලතීට කියන්න කියපු පණිවිඩේ.” මිලින්ද කතා කළේ පිටතට නෑසෙන තරම් සෙමිනි. රාමන් කතා කළේ ඊටත් වඩා සෙමිනි.
“ඔව් මාත්තියා.... යේකි අරී ෂන්තෝස තමා වුණා....”
“ඇත්තද? උඹට බැරිද අද හවසටත් පණිවිඩයක් තියෙනවා කියන්න.”
‘මිලින්ද මාතියා මොක්කටද යේ කෙල්ල හම්බ වෙන්ට යනවා... චී.... චී... චී! පෝම කෙතයි!! පෝම කෙතයි!!!’ |
“කියාපං හෙට හරි අනිද්දා හරි මං දිය ඇල්ල ළඟදි එයාව හම්බ වෙන්න එනවා කියලා...”
රාමන් මිලින්ද දෙස බැලුවේ පුදුමයෙනි. ‘මිලින්ද මාතියා මොක්කටද යේ කෙල්ල හම්බ වෙන්ට යනවා... චී.... චී... චී! පෝම කෙතයි!! පෝම කෙතයි!!!’ ඔහු සිතීය.
“මොනවද උඹ කල්පනා කරන්නේ? උඹ හිතුවේ, මාත් මොකටද ඒ කෙල්ල හම්බ වෙන්නෙ කියලද?”
රාමන් තැති ගත්තේය. “නෙ......නේ... නේ මාතියා. මේ රාමන් ඒම හිතුවේ නේ... ඒම හිතුවේ නේ!”
“එහෙනං ඉතිං කමක් නෑ. උඹ එයාට කියපංකො මගෙ පණිවිඩේ!”
රාමන්ට තවත් යමක් කියන්නට ඉඩ නොලැබුණේ සිළිඳු මැණිකා පැමිණි නිසාවෙනි. “අන්න මිලින්ද මහත්තයාවත් හොයනවා තේ බොන්ඩ.”
“මම තවම මූණ හෝද ගත්තෙවත් නෑ.... කමක් නෑ. තේ බීලම හෝදා ගන්නවා... යං!”
********
කුමාරිහාමි එරන්දතීව තේ මේසයට කැඳවා ගෙන ආවේ මනා සැලකිල්ලකින් යුතුවය; ප්‍රවේසමිනි. ඒ වෙනවිටත් වාඩි වී දමින්ද අප්පෝ දෙස හොරැහින් බැලුවේය. මිලින්ද මේ සියල්ලම දුටුවත් නොදුටුවාසේ අමුත්තක් නොපෙන්වා උන්නේය.
ඒ මල් වට්ටියක් පූජාවට අතින්-අත යවන්නාක් වැනි හැඟීමකිනි. |
“මොකද මැණිකේ?”
සෙස්සන්ගේ නිහඬතාවත්, සංහිඳියාවත් තේරුම් ගැනීමට අපහසු වූයෙන් දන්තුරේ බණ්ඩාර බිරිඳ විමසීය. කුමාරිහාමිගේ මුහුණේ සිනහ මලක් පිබිදී තිබිණි. ඈ සැමියා දෙස බැලුවේ උජාරුවෙනි.
“මං දූලගෙ අප්පච්චිට කිව්වේ... පහුගිය දවස් ටිකේම මං නයෙක්ව හීනෙන් දැක්කය කියලා.... මයෙ දූට දළදා හාමුදුරුවන්ගෙ පිහිටාරස්සාවයි!”
කුමාරිහාමි සෙනෙහසින් දියණියගේ හිස සිප ගත්තාය. මේසයේ ආවතේවයට සැරසී සිටි සිළිඳු මැණිකා ප්‍රීතිදායක ආරංචිය සවනට වැටෙත්ම නැඟුණු සතුටු කඳුළු හැට්ට අතින් පිස දැමුවාය.
“මෙච්චර ඉක්මනට මේවාත් කොහොමද හැදුවේ?” මිලින්ද හැලපයක කැන්ද කොළය ගලවා දමමින් සිළිඳු මැණිකා දෙසට හැරුණේය.
“පුංචි කුමාරිහාමිලා එන්ඩත් කලින් අපි හදන්ඩ අරන් තිබුණේ... ඉදිච්ච පුවාලු කැනකුත් තියෙන හින්දා මහත්තයලගේත් වාසනාව!”
“එහෙනං ඉන්ස්ටන්ට් හැලප නෙවෙයි!” දමින්දත් කතාවට හවුල් වූවේය. “ඒ පලාත්වල නං ආප්ප, ඉඳියාප්පත් ඉන්ස්ටන්ට් වෙලා තියෙන්නේ...”
අපි හෙට පාන්දරින්ම දළදා මාළිගාවට ගිහිල්ලා, සුදු නෙළුම් වට්ටි හතක් පූජා කරලා.... බාරයක් වෙලා එමු... |
“අපරාදෙ කියන්න බෑ. සිළිඳු මැණිකා මොනවා හැදුවත් හරි රසයි... නේද අයියා?” මිලින්දගේ ප්‍රශ්නයට දමින්දත් හිස වනා එකඟත්වය පළ කළේය.
“ඈ මැණිකේ, දැන් අපි මොකද කරන්නේ?”
දන්තුරේ බණ්ඩාරගේ කටහඬෙහිත් සැබෑම සතුටක් ගැබ් වී තිබුණි.
තම එකම දියණියගේ පළමු දරු සම්පත පිළිබඳ පණිවුඩය මේ තරම් පමා වෙන විට දන්තුරේ බණ්ඩාර යුවලම සිටියේ කණස්සල්ලෙනි. විවාහයෙන් දෙවසරක් ගතවීත් ඒ සුබ පුවත අසන්නට නොලැබුණු විට ඔවුහු වඩාත් නොඉවසිලිමත් වූහ.
යුවලක් විවාපත් වූ විගසම දරුවන් නොලබා වසර කිහිපයක් යුග දිවියේ මිහිර විඳගත යුතුයැයි දමින්ද ඇදහූ බව ඔවුනට රහසක් විය.
එරන්දතීත් රහසින් සැමියාගේ අදහසට එකඟත්වය පළ කළා මව්පියන්ට කිසිවක් නොකීවාය.
“අපිත් මෙච්චර කාලයක් බල-බලා හිටියේ මේ ආරංචිය කවදා අහන්ඩ ලැබෙයිද කියල...... නේද, දූලගෙ අප්පච්චි? අපි හෙට පාන්දරින්ම දළදා මාළිගාවට ගිහිල්ලා, සුදු නෙළුම් වට්ටි හතක් පූජා කරලා.... බාරයක් වෙලා එමු. ....නේද මයෙ දුවේ?”
මෙතෙක් නොදුටු රූමත් බවක් මාලතීගෙන් පළ වෙයි. |
********
මාළුන්ට පොරි විසි කරමින් සිටි තරුණයා දුටු මාලතී තිගැස්සුණාය. චන්ද්‍රා මාලතී දෙසට හැරුණාය. ඇගේ දෑසෙහි විමසිලිමත් බැල්මකි.
“මිලින්ද මහත්තයා!”
ළා රෝස පැහැති පසුබිමක පුංචි රත් පැහැ මල් විසිරුණු ඔසරිය මාලතීට කදිමට ගැලපී තිබිණි. ඇයගේ අතෙහි වූ රතු නෙළුම් මල් කිහිපය දෙසට යොමු වී තිබුණු මුහුණත් රත් පැහැ ගැන්වී ඇතැයි මිලින්ද සිතුවේය. ධනුෂ්ක කෙරෙහි ඊර්ෂ්‍යාවක් වැනි හැඟීමක් ඇති වෙනු දැනී ඔහු ළතැවුණේය.
මෙතෙක් නොදුටු රූමත් බවක් මාලතීගෙන් පළ වෙයි.
“මොකද කරන්නේ? කතා කරනවා නං දැන්මම... අප්පච්චිත් එයි තව ටිකකින්...” චන්ද්‍රා මාලතීට කොඳුරා කීවාය.
විවාහය සඳහා නැකැත් බලා තිබුණු බැවින් ඒ සඳහා ලක-ලැහැස්ති විය යුතුව තිබිණි. වික්‍රමට නිවාඩු ලැබී පැමිණන දිනයක් ගැන නිශ්චිතවම කිව නොහැකි බැවින්, චන්ද්‍රාගේ ඇඳුම් ආදිය කල් තබා මිලදී ගැනීමට සිදු විය. මුදලිහාමිත්, චන්ද්‍රාත් ඒ සඳහා මාලතීත් කැටුව ආහ. සියල්ලටම පළමුව මාළිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදාගෙන සිටිය යුතු යැයි මුදලිහාමි යෝජනා කළේය. පාන්දරින්ම පැමිණ තිබුණු බැවින්, නුවර කඩසාප්පු විවෘත කෙරෙන තුරු ඔවුනට වෙනත් කළ යුතු දෙයක්ද නොවීය
ඔහු මෙතෙක් වෙලා කතා කළේද දෙගිඩියාවකිනි. චන්ද්‍රා මේ විස්තර දන්නවා දැයි ඔහු නොදනී. |
“මිලින්ද මහත්තයා...”
“මේ කොහෙද ඔයාලා?” මිලින්ද සුහද සිනහවක් පෑවේය.
“අපි නුවර ආවා. මේ චන්ද්‍රක්කා.... අපේ අයියව බඳින්න ඉන්නේ. එයාට ඇඳුම් ගන්න ආව ගමන්ම මාළිගාවටත් ආවා... මිලින්ද මහත්තයා තනියම...?”
“තනියෙන්ම නෙවෙයි.... එරන්දතී අක්කයි අයියයි අප්පොලයි ඔක්කොම ආවා.... මං ඊයේ රාමන්ගේ අතේ මාලතීට පණිවිඩයකුත් ඇරියා....”
“මං ඊයේ ඇල්ලට ආවෙ නෑ මහත්තයා!”
“ඒක තමයි එහෙනම් රාමන්ට මුණ ගැහුණෙ නැත්තේ...”
මිලින්ද යමක් කල්පනා කරන බව පෙනුණි. ඔහු මෙතෙක් වෙලා කතා කළේද දෙගිඩියාවකිනි. චන්ද්‍රා මේ විස්තර දන්නවා දැයි ඔහු නොදනී. එහෙත් මාලතී කිසිදු පැකිළීමකින්, සැඟවීමකින් තොරව විවෘතව කතා කළේ අමුත්තක් නැති විලසිනි.
“මෙයා...?”
“චන්ද්‍රක්කා ඔක්කොම දන්නවා!”
ලස්සන දේක ලස්සන බලන එකේවත්, ඒ ලස්සන නිසා ආසා හිතෙන එකේවත්.... |
“ධනුෂ්ක එවල තිබුණේ....”
මාලතී ලිපිය ළමැදෙහි සඟවා ගත්තාය. “මහත්තයට ගොඩාක් පිං ... අපි යන්නං මහත්තයා. මේ අක්කලගේ අප්පච්චිත් දැන් එයි!”
“අපේ අයියලත් එයි!” මිලින්ද සිනා වුණේය.
චන්ද්‍රා මිතුරියට වැලමිටෙන් ඇන්නාය. “අන්න අප්පච්චි එනවා...”
යුවතියෝ දෙදෙන ඉවතට පා නඟා නැවතුණහ. මුදලිහාමි පැමිණි පසුව තිදෙනාම දළදා මාළිගාවේ පිය ගැට පෙළ නැඟ යන අයුරු මිලින්ද බලා සිටියේය. ආපසු හැරුණු ඔහු, අතේ ඉතිරිව තිබුණු පොරි සියල්ල එක වරම දියට දැමුවේය.
වරින්-වර මැවී පෙනෙන මාලතීගේ රුව ඔහුගේ සිතෙහි ඇති කරවන්නේ කැළඹිල්ලකි. මිලින්ද තමා ගැනම පසුතැවිලි වුණේය; ලජ්ජා වුණේය. ‘එක අතකට ලජ්ජා වෙන්න තරං වැරැද්දක් මං කළාය... ලස්සන දේක ලස්සන බලන එකේවත්, ඒ ලස්සන නිසා ආසා හිතෙන එකේවත් පුදුමයක් නෑ... වැරැද්ද ධනුෂ්ක ගැන දැන-දැනත් මං ඕනිවට වඩා කිට්ටු වුණා නං... ලියුමත් දීපු එකේ අදම අක්කලත් එක්ක කොළඹ යනවා... මෙහෙ ඉන්නවට වඩා ඒක හොඳයි!’
********
මගේ කොන්දේසි ඉදිරිපත් කෙරුණේ ඒ පදනම මත්තේය. |
‘යුවති කිරිල්ලී’ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන්නට එකඟ වී හිටියේ, රංජිත් ඩයස් මහත්මාය. ඒ ‘සුදසුන ප්‍රොඩක්ෂන්ස්’ වෙනුවෙනි. කොටුගොඩ, මිනුවන්ගොඩ සිටි රංජිත් මහතා ඉස්සෙල්ලාම මා සමඟින් කතා කළේ දුරකථනයෙනි. ඊළඟට ටෙලියේ නිෂ්පාදකවරයාත්, අධ්‍යක්ෂවරයාත් දෙන්නාම මා හමු වුණෝය.
ඒ වෙද්දී ටෙලි නාට්‍ය බොහොමයක් පටන් ගැනෙමින් තිබිණි. එයින් වැඩි හරියක් අවසන් නොකෙරෙන බවත් මගේ අවධානයට ලක්වී තිබිණි. ඒ හින්දාම එක්වරම ‘කොටුවක හිර වීමට’ මම අකමැති වීමි! මගේ කොන්දේසි ඉදිරිපත් කෙරුණේ ඒ පදනම මත්තේය.
අපේ ගිවිසුම් පතෙන් චුට්ටක් මෙතනට ඔබන්නේ, මේ ලියන මොට්ටයාගේ ‘දුර දක්නා නුවණේ මහිමය’ විදහා පාන්නටත් එක්කය.
01. මෙම නවකතාවෙන් මුල් වරට ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකාවේ වලංගු මුදලින් රුපියල් තිස්පන් දහස (රු.35,000/-) ක් ගෙවා මිලට ගැනීමට රංජිත් ඩයස් කැමැත්ත පළ කර, ගිවිසුම් අත්සන් කරන අද දින රුපියල් දහ දහස (රු. 10,000/-) ක් කතුවර නිමල් දිසානායකට ගෙවීමටත්, ඉතිරි මුදලින් රු.15,000 ක් (රු.පහළොස් දහසක්) ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ කිරීමට පෙරත්, ඉතිරි රු.10,000/- නිෂ්පාදිත ටෙලි නාට්‍යය ප්‍රදර්ශනය කිරීමට පෙරත් කොටස් දෙකකින් ගෙවීමට පොරොන්දු වෙයි.
කූඹියාට හුලිජ්ජ පාරත් විශාල ගංගාවකි!! මගේ පළමු මුද්‍රිත නවකතාව ගැන මා හිතාගෙන හිටියෙත් හරිම ලොකුවටය!!! |
ලජ්ජාවෙන් යුතුව හෝ ඇත්තම කියනවා නම්, ටෙලියකට හෝ film එකකට හෝ ගන්නට තිබෙන හොඳම හා එකම පොත ‘යුවති කිරිල්ලී’ කියලාය, මං හිතාගෙන හිටියේ.
ඒ නිසාමය ගිවිසුම් පතට ඇතුළත් 3 වෙනි කොන්දේසිය මෙහෙම එකතු වුණේ.
02. ‘යුවති කිරිල්ලී’ නවකතාව ආශ්‍රයෙන් රංජිත් ඩයස් නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යය ප්‍රථම වරට රූපවාහිනී නාලිකාවක පෙන්වා එක වසරකට පසුව හෝ, අද දින සිට වසර හතරකට පසුව හෝ මෙම නවකතාව චිත්‍රපටයක් වශයෙන් නිෂ්පාදනයට විකිණීමට අවසර නිමල් දිසානායකට හිමි වෙයි. ටෙලි නාට්‍යය පෙන්වා වසර හතරකට පසුව මෙම නවකතාව යළිත් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට විකිණීමේ අයිතියද නිමල් දිසානායකට හිමි වෙයි.
ඉතිං 2002 නොවැම්බර් 22 වෙනිදා, විජේරාමේ පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් ආයතනයේදීම අපි ගිවිසුම් අත්සන් කළෙමු! මට රුපියල් 10,000/-ක් ගෙවනු ලැබිණි.
එහෙම කෙරුණේ නාට්‍යයේ මුහුරත් උළෙලට කලින්ය. ඒ උත්සවය පැවැත්වුණේ නාවින්නේ සනාතන මන්දිරයේදීය. “ඔය උත්සවේ තියෙන දවසට නම් මට එන්න වෙයිද කියලා සැකයි.... මම උපරිම උත්සාහ ගන්නවා එන්න... මේ දවස්වල වැඩ හොඳටම හිර වෙලා නිසා තමයි සැක!” මම කීවෙමි. කිව්වත් වගේම මට ඒ උත්සවයට යාගන්නටත් ඉඩ ලැබුණේ නැතිය.
සෝමපාල ලැනරෝල් මහතාගේ ‘යුවති කිරිල්ලී’ ඇතුළු ටෙලි නාට්‍ය 30 ක් පමණ.... |
‘චානකගේ නැන්දනිය වන දමිතා සළුවඩනගේ මඟ පෙන්වීම මත 2000 වසරේ ශ්‍රියානි අමරසේන මහත්මියගේ ‘මැගී’ ටෙලි නාට්‍යයේ සුනිමල්ගේ චරිතයෙන් පුංචි තිරය ජය ගත් ඔහු මම නෙමෙයි මම, මැණික් මාලිගා, හද පුදසුන, ටූ ඉන් වන්, රෝස තටු, හිතට වහල් වීමි, වසුදා, සරා, පස්මල් පෙති මෙන්ම ඔහුගේ දිවියට පහන් ටැඹක් වූ සෝමපාල ලැනරෝල් මහතාගේ යුවති කිරිල්ලී ඇතුළු ටෙලි නාට්‍ය 30 ක් පමණ ඔහුගේ රංගනයෙන් හැඩ විය’.
මා දන්නා තරමින් නම් ‘යුවති කිරිල්ලී’ ටෙලිය තටු සලා ඉගිල්ලුණේ නැත. කළලය අවදියේදීම ගබ්සා වුණේය.
ඒ සෝමපාල ලැනරෝල් මහත්මා 2005 වසරෙදී අභාවප්‍රාප්ත වුණු බැවිනි! එහෙත් දිවමන් කල ඒ මහත්මාගෙන් පළ වුණු ‘තවත් නිර්මාණකරුවෙකුට අවංක වීමේ ගුණය’ පිළිබඳ මතකය නම් තවමත් මේ නිමල් දිසානායකගේ හද ගැබ තුළ දීප්තිමත්ව දැල්වෙයි!
ස්තුතියි කිව්වාට මදිය. සෝමපාල ලැනරෝල් මහතාට නෑසෙන බැවිනි! එහෙත් එතුමන් තවත් කෙනෙකුට ආදර්ශයක් වන්නට හෝ හැකි බැවින් මෙසේ ලියා තබමි!! |
ඒ අස්සෙම ලොකුම හිනාවකුත් මගේ මුවග’ට නැඟෙයි! ඊට පස්සේ කිසිම කිසි කෙනෙක් මගේ ‘උත්කෘෂ්ට නවකතා පොතෙන්’ ටෙලි හෝ film හදන්නට ඇහුවේ නැත. (හොඳ වැඩේ! උඹ නාඬන්- උඹ නාඬන්, උඹට ඕව හොඳ පාඩම්....!! හිතාගෙන හිටියේ මහ බක්කක් විදිහටනේ.)
“අප්පෝ!”
මුදලිහාමි උර මතින් දමාගෙන සිටි තුවාය අතට ගෙන එය ගුළි කර අල්ලා ගත්තේය. දන්තුරේ බණ්ඩාර මුදලිහාමි දෙස අභිමානවත් බැල්මකින් යුතුව බැලුවේය. කුමාරිහාමිත්, එරන්දතීත්, දමින්දත් ඉදිරියට පැමිණ අප්පෝ අසලම නැවතුණහ.
“උඹලත් දළදා හාමුදුරුවෝ වඳින්න ආවද?”
“එහෙමයි අප්පො...”
“හොඳා.... හොඳා... දෝණියන්දැලත් ඇවිත් තියෙන්නේ!” දන්තුරේ බණ්ඩාර යුවතියන් දෙසද බැලුවේය.
“මේ ඉන්නෙ මගේ දුව අප්පෝ! මේ අර විල්මට්ගෙ කෙලී...”
යුවතියෝ හිස ඔසොවා නොබලාම මඳ සිනා නැඟූහ.
“විල්මට්ය කිව්වේ... අර සිසිලියානගෙ...”
ඒ කෙල්ල... අර රෝස පාට ඔසරිය ඇඳලා හිටියේ... හරි සිරියාවන්තයි නේද අම්මා? |
මොහොතක නිහැඬියාවක් පැතිර ගියේය. කුමාරිහාමි නිහඬතාව බින්දාය. “එහෙනං වැඳ පුදාගෙන වරෙල්ලකෝ...දූලගෙ අප්පච්චි. අපි යං... මෙලහකටත් මිලින්ද පුතා බලාගෙන ඇති අපි සුනංගු මක්කද කියලා...”
මුදලිහාමිලා නික්ම ගියෝය.
“ඒ කෙල්ල... අර රෝස පාට ඔසරිය ඇඳලා හිටියේ... හරි සිරියාවන්තයි නේද අම්මා?” එරන්දතී කීවාය. අප්පෝ දිගු කල්පනාවක ගැලිලාය.
“බලාගෙනයි මයෙ දූ! පරිස්සමින් යට මළුවට බහින්නේ...” කුමාරිහාමි කතාව වෙනතකට හැරෙව්වාය. “ඉස්සර වාගේ පරෙස්සමක් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව වැඩ කරලා බෑ දැන්... තේරුණාද මයෙ දූ...”
දන්තුරේ බණ්ඩාර බිරිඳ දෙස බැලුවේ ඇය තමාට ඇණුම් පද කියනවාවත්දෝයි සැක සිතුණු බැවිනි.
10
‘මාලතී,
හදිස්සියෙම මම ආපහු එංගලන්තයට ආවා. ඔයාට කියලා එන්නවත්, ඔයාව හමු වෙන්න එන්නවත් බැරි වුණා. තරහ වෙන්න එපා. අපේ අම්මලා අප්පච්චිලා වුණත් මගේ මේ හදිසි ආපහු ඒම ගැන පුදුම වුණා. ඔයාටත් පුදුම ඇති. ඒත් මාලතී, මට මේවා ගැනත් දැන්මම ලියන්න බැහැ. ඒ ගැන අහිතක් හිතන්න එපා. ඉක්මනින්ම හිත හදාගෙන, මේ ඔක්කොම දේවල් ගැන මම ඔයාට ලියනවා ලියනවාමයි.
මම දන්නෙ නැහැ, මිලින්ද මේ ලියුම ඔයාට කොහොම දෙයිද කියලා. හැමදාමත් මිලින්දට එහෙම කරන්න බැරි බව... |
ඔයාට පුළුවනි නම් මේ ලියුමේ ලියලා තියෙන ලිපිනයට මටත් ලියන්න. මම දන්නෙ නැහැ, මිලින්ද මේ ලියුම ඔයාට කොහොම දෙයිද කියලා. හැමදාමත් මිලින්දට එහෙම කරන්න බැරි බව මම දන්නවා. ඔයාටත් ඒක තේරෙනවනේ. ඒ නිසා කොහොම හරි ඔයාට කෙළින්ම ලියුමක් එවන්නට විදියකුත් ලියලා එවන්න.
මාලතී, ඔයා විශ්වාස කරන එකක් නැහැ. පහුගිය දවස්වල ඔයාව හමු වුණාම, ඔයා එක්කලා කතා කළාම, ඔයාගෙ නිල්පාට ඇස් දෙකෙන්... යටින් මා දිහා බැලුවාම... ඒ හැම දේකින්ම මට අලුත් පණක් ලැබුණා.
වතුර පොදක්වත් නැතිව, පුංචිම පුංචි තෙතමනයක්වත් නැතිව හොඳටෝම හේ බාලා තියෙන තනි වෙච්ච පුංචි පැලයක් වගෙයි මම හිටියේ. එහෙම ඉන්දදී ඔයා මගේ ජීවිතේට ආවේ පිනි පොද වැස්සක් වගේ. මාව මැරෙන්න නොදී යාන්තං පණ ගහගන්න පුළුවන් තරම් තෙතමනයක් විතරක් ඔයා මට දුන්නා.
ඇයි මාලතී, මහ වැස්සක් වගේ- කුණාටුවකුත් එක්ක විදුලි කොටලා ධාරාණිපාත වර්ෂාවක් වගේ ඇවිල්ලා ඔක්කොම යට වෙලා මැරිලා යන තරමට වහින්නෙ නැත්තේ?
ඇත්තටම කෙල්ලේ, දැන් මගේ හුස්ම පොද වැටෙන්නෙත් ඔයා ගැන හිතන වෙලාවට දැනෙන උණුහුමෙන්. ඔයාගෙ උණුහුම.....! ඔයාට හිතා ගන්න පුළුවන්ද?
ඒ සුවඳ හැමදාමත් මගේ ළඟ තියේවි. ඔයා ඈතින් ඈතට ගිහින් හිටියත්, කවදාවත් මගේ ළඟට නොආවත් ...
දවසක් ඔයාටත් හොරෙන් ඔයාගේ ළඟටම කිට්ටු වුණාම මට ඔයාගේ සුවඳ දැනුණා. ඒ සුවඳ හැමදාමත් මගේ ළඟ තියේවි. ඔයා ඈතින් ඈතට ගිහින් හිටියත්, කවදාවත් මගේ ළඟට නොආවත් ... එහෙම එන්න වාසනාවක් නැහැනෙ කෙල්ලේ... නේද?
ඔයා ඈතින් ඉඳගෙන මගේ අන්තිම හුස්ම පොද වැටෙන තුරු එළිය දේවි. හරියට පහන් තාරකාව වගේ. ඉර උදාවෙන්න කිට්ටුව විතරක් පායන පහන් තාරකාව නොවී... ඔයා මට හැමදාම- හැම වෙලාවේම එළිය දෙන තාරකාවක්. යුගෙන් යුගේට එළිය දෙන යුග තාරකාවක් වෙන්න මාලතී.
ඉතිං මාලතී දැන් මටම බයයි.මම ඔයාව හම්බ වෙච්ච හැම වෙලාවේම කිව්වෙත් ප්‍රහේලිකා වගේ දේවල්...... මගෙන් දැන් ලියවෙන්නෙත් ඒවා වගෙමයි.
ඒ නිසයි මම ලියුම මෙතනිං නවත්තන්නේ. තරහ නැතිව මට ලියුමක් එවන්න.
මාලතී, ඔයාට දළදා සමිඳු පිහිටයි!
මම,
ධනුෂ්ක’
සුභ නව වසරක් වේවා!
ReplyDeleteසරසවිය පත්තරේ තිබුන පුවතේ තියන මේ වාක්‍යයෙන්
// පස්මල් පෙති මෙන්ම ඔහුගේ දිවියට පහන් ටැඹක් වූ සෝමපාල ලැනරෝල් මහතාගේ යුවති කිරිල්ලී ඇතුළු ටෙලි නාට්‍ය 30//
මෙයින් දැනෙන්නේ ''යුවති කිරිල්ලී" නිෂ්පාදනය අවසන් කළා වගේ හැඟීමක් නේද?
කොහොම උනත් ඔයා කියන ආකාරයට සෝමපාල ලැනරෝල් කියන්නේ හොඳ මහත්මයෙකු බව මේ සරසවිය පත්තරේ පුවතත් සාක්කි.
ගිවිසුම අනුව චිත්‍රපටයක් සඳහා මේ කතාව වෙනත් කෙනෙකුට ලබා දිය හැකි උනත්, ටෙලිනාට්‍යයකට දෙන්න අවසර නැහැ නේද ?
පත්තරවල ලියවෙන දේවල් සමහර වෙලාවට ටිකක් විතර සාවද්‍යයි. කියන විදිහ- ඇහෙන විදිහ- සටහන් තබා ගන්න විදිහ- වගේම ඒ තොරතුරු ලබා ගන්නා විදිහත් අනුව යම්-යම් වැරදීම් වෙන්න තියෙන ඉඩකඩ අඩු-වැඩි වෙනවා.
Deleteසෑම් මහත්තයෝ. දැන් සිටින පත්තර ලේඛකයන් ගොඩ දෙනෙකු අතින් දැකිය හැකි දුර්වලතාවක් තමයි දැක්වෙන නොසැලකිල්ල. පළපුරුදු මාධ්‍යවේදීන් පවා සිංහල ව්‍යාකරණ වරද්දමින් (සරල නීති පවා නොතකමින්) ලියන හැටි පත්තරයක් රැගෙන බලද්දී පෙනෙනවා. ඉතිං තරුණ අය වැරදි ආදර්ශ නොගෙන හිඳීවිද?
මා දන්නා තරමින් නම් ටෙලියේ වැඩ අවසන් වුණේ නෑ.
සෝමපාල මහත්තයාගේ මා දුටු අවංකකම දකින්න අමාරු උතුම් දෙයක්!
ඔන්න බලන්න මගේ ගොන්කමක හැටි! ඔබතුමා පෙන්නා දුන්නාට පස්සේ තමයි වැටහෙන්නේ.... ගිවිසුම කියවා බැලුවාම- පොත ටෙලියකට දෙන්න අවසර නැ වගෙයි. ඒ ප්‍රශ්නේ එන්නේ ගන්න කෙනෙකු හිටියොත්නේ.
එහෙම ආවොතින් ගැලවිල්ලට තියෙන්නේ ගිවිසුමේ තියෙන එක වැකියක් විතරයි. 'මේ පිළිබඳව මෙම ගිවිසුමට අමතරව උද්ගත වන යම්-යම් ප්‍රශ්න සුහදශීලීව නිරාකරණය කර ගැනීමට දෙදෙනාම එකඟ වෙති.'
ගොඩාරියක් ස්තුතියි, වැදගත් point එකක් පෙන්වා දුන්නාට. (නීතියද කරන්නේ?)
This comment has been removed by the author.
ReplyDeleteමහරගම ගැන ඩොකියුමෙන්ටරි එකක්වත් කරමු
DeletePra Jay මහත්තයෝ, ඔබතුමා නං....
Deleteකොරෝන තිබ්බත් කමක් නැහැ. පෙබරවාරිවල ආකයිව්ස් යන්න උදව් කරන්නකෝ. පාන්කඩ පමුණුව ගැන දන්නා විස්තර තහවුරු කරගෙන ලියන්නංකො.
පැනි බේරෙන ආදරවදන් දිහා බැලුවම නිමලුත් සියඹලා ගෙනල්ල නැත්තේම නෑ වගේ.
ReplyDeleteචමී, මතකයි නේද, පළමු බතික් වැඩපොලේදී පානේ මිතුරෙකුට පෙම් හසුන් ලිව්වා හැටි කියුවා. ආදර පූජාසනේ post වලදී පෙම් කවි ලියන්නත් ඉගෙන ගත්තා.
Deleteයන්තමට හරි කලාවට බර මම වගේ කලාරිට්ටෝ ආදරයට- ශ්රුන්ගාරයට බරයි වෙන්නැති.
(මේක අතුරු ප්‍රශ්නයක් විතරයි. සියඹලා ඉදෙන්න කලින්- හොඳට පැහිලා තියෙද්දී ඇඹුල් රසක් එක්කම මාර ගති; පැණි රහකුත් තියෙනවා නේද?)
නැතුව නැතුව. දන්නෝ දනිති.
Delete"යන්තමට හරි කලාවට බර මම වගේ කලාරිට්ටෝ ආදරයට- ශ්රුන්ගාරයට බරයි වෙන්නැති" - අනිවාර්යයෙන්ම. සුනිල් ආරියරත්න මහාචාර්යතුමා විතරක් ගත්තත් ඇති උදාහරණයකට.
Deleteමාත්තෙක්ක පරණ කෝන්තරයක්වත් තියෙනවද චමී, එරමිණියා ගාලකට තල්ලු කරන්න හදන්නේ?
Deleteඅම්මෝ නෑ නෑ.
Deleteචමී, දැනුයි වැඩි වෙලා තිබ්බ පපුව ඩිග් ඩිග් ගෑවිල්ල අඩු වුණේ!
Deleteකියවීමට වඩා වැඩිය - දැකීම ප්‍රිය උපදවයි
ReplyDeleteඑයින් අහෝ ටෙලියේ වැඩ - ඉවර නොවීමත් දුකයි
මාලතියගෙ පෙම් කතාව - හැබෑ නොවන බව හැඟෙයි
ඒබව දැන දැන ගෙනයන - ඇගෙ ප්‍රේමය ගැඹුරු වෙයි
ඔබ හරි ඩ්රැකී - නරඹන එක රසවත්මයි
Deleteඑනමුදු ටෙලිය නොකෙරිණි ඒ ගැනද දුකයි
පෙම් හුටපටේ නං ඉස්සරහටත් ඇදෙයි
හැම ප්‍රේමයම බොළඳයි වාගෙම ගැඹුරුයි!
මග හැරුණු ගොඩක් ඒවා තියෙනවා ඔක්කොම එක පාර කියවන්න ඕනි.
ReplyDeleteආං හොඳා!
Delete