ඔය ලූප් වැඩේදී මේ පැත්තේ මිනිස්සු දොස්තරලා කියන දේ අහන්නේ නැති කාලයක් තියෙනවා... |
“ඒ වුණාට අයියේ ලූප් වැඩේදී......” කියලා මගේ හිතවතා උරහිස් උඩට හකුළා, දෙඅත්ල දෙපසට විහිදා, ඇස් උඩ යවා ‘යම් කිසි බැරෑරුම් දෙයක් ඇති බව’ හැඟෙව්වේය.
මේ
හිතවතාත් දොස්තර මහත්තයෙකි. නම ගම හෝ සේවය කරන පලාතවත් නොකියන්නැයි කියලාය; එතුමා
මට අපූරු තොරතුරක් දුන්නේ....
“ලූප්
වැඩේදී නම් ඩොක්ටර්ලා advise කළත් මේ පළාතේ මිනිස්සු නහයට අහන්නෙ නැති කාලයක්
තියෙනවා...”
“ඒ
කිව්වේ?”
“ඒ
කියන්නේ, අකුණු කොටලා වහින කාලෙට කලින්.... hospitle එකට සෑහෙන්න එනවා කපල්ස්,
ලූප් දාගෙන තියෙන එව්වා අයින් කරවාගන්න. අපි කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් ඒ
මිනිස්සු කනකට ගන්නෙ නෑ. ඒ නිසා, වැහි කාලේ ඉවර වෙනකොට සෑහෙන අම්මලා ගණනක් ප්‍රෙග්නන්ට්
වෙලා....”
එතකොටවත්
මට මොනවාවත් හිතා ගන්නට බැරි විණි. “තවමත් මට මීටර් වෙන්නෙ නෑ මහත්තයෝ. ඇයි ඒ
මිනිස්සු වැස්ස කාලෙට ලූප්ස් අයින් කරවාගන්නේ?”
මිනිස්සු බයයි, ලූප් එක හින්දා හෙණ වදින්න ඉඩ තියෙනවා කියලා.... |
“අයින් කරවා ගන්නේද? හෙණ වදින්න පුළුවන්ය කියලා.”
“මොකක්?”
“ඒක තමයි මටත් පුදුම, නිමල් අයියේ. ඔය ලූප් එකේ තියෙනවනේ පුංචි තඹ කෑල්ලක්.... ඒ නිසා අකුණු ගහන වෙලාවට ලූප් එක ගෑනු කෙනාගෙ ඇඟේ තියෙනවට මිනිස්සු බයයි. ඒකට බය වෙන්න එපැයි කියල කියන්න ගිහින්, එක මිනිහෙක් මගෙත් එක්ක පැටලෙන්නත් ආවා.....
‘මහත්තයට මොකෝ? හෙණයක්
පාත්වෙන වෙලාවට මමත් ළඟ හිටියොත් මටත් වදිනව නොව. මේ හත්තිලව්ව අයින් කරලා දාමු.
වැහි කාලෙන් පස්සේ බැරිය ආයෙමත් ඕක දම්මවා ගන්න.’ කියලා කියද්දී අපි බැහැ
කියන්නයැ?”
ඒ අතීතයේ සිද්ද වෙන දෙයක් නොවේ.
දැනුත් මේ සිරි ලංකාවේ පලාතක සිදු වෙන්නකි. ඒ වෙලාවට
නම් අප තවමත් ඉන්නේ ගල් යුගයේ වගෙය. ඒ නිසාදෝ සමහර හණ මිටි අතහරින්නට අප තවමත් අකැමැතිය.
දැන්
අප ‘අසිරිමත්වූ දේකි’ පොතේ පිටු 50ක්ම කියවා හමාරය. තව කියවන්නට ඇත්තේ ටිකකි. ඔන්න
එහෙනං පොතට......
ගැබ් ගෙලට පැලඳවිය හැකි ඩයප්‍රමය... හා පොතේ 52, 53,54 පිටුවල foto... |
“ලූපය නහර දිගේ ශරීරය පුරා යා හැකිද?
ඔබ ස්ත්‍රී ලිංගේන්ද්‍රිය
පද්ධතිය ගැන හොඳින් දන්නේ නම් මෙම ප්‍රශ්නයට උත්තර ඕනෑ නැහැ. ලූපය තැන්පත් කරන්නේ
ශරීරයේ කිසිම මාර්ගයකට සම්බන්ධ නැති ගර්භාෂයේයි.
ගර්භාෂයට සම්බන්ධ
අවයවයන් නම් යෝනි මාර්ගය තුළට වැටීමට පුළුවන්. ඉන් පසුව එය යෝනි මාර්ගයෙන් පිටතට
ඉබේම යනවා. සමහර අවස්ථාවල ලූපය පැලෝපීය නාලය දිගේ උදර කුහරය වෙතට සංක්‍රමණය විය
හැකියි. නමුත් එයට ඉන් පිටතට යාමට හැකිකමක් නෑ.
මීට අමතරව තවත් ක්‍රම
තිබෙනවද?
ශුක්‍රාණු ඇතුළුවීම
වැළැක්වීම සඳහා ගර්භාෂ මුඛය වැසීම සඳහා යොදාගත හැකි ඩයප්‍රම් නම්වූ රබර් මූඩි
යෙදීම මේවායින් එක ක්‍රමයක්.
එමෙන්ම ශුක්‍රාණු විනාශ
කිරීමට යෝනි මාර්ගයට ඇතුළු කළ හැකි ජෙලි සහ පෙන වර්ග නිපදවන පෙති භාවිතයද තවත් ක්‍රම
දෙකක්. එහෙත් භාවිතයට පුහුණුවක් හා දැනුමක් අවශ්‍ය නිසා, මේ ක්‍රම එතරම් සාර්ථක ක්‍රම
නම් නෙවෙයි.
වාසෙක්තමි කියන්නේ මොන
වගේ ක්‍රමයකටද?
වාසෙක්තමි කියන්නේ සුළු
ශල්‍ය කර්මයකට. ඔබට මතක ඇති අප මීට පෙර කිව්වා වෘෂණවලින් ශුක්‍රාණු ගෙන යන ශුක්‍ර
නාලය ගැන. වාසෙක්තමි ශල්‍ය කර්මයේදී කරන්නේ, මේ ශුක්‍ර නාලය කපලා කොන් දෙක තද
වෙන්නට බඳින එකයි.
වාසෙක්තමි සැත්කමේදී කෙරෙන්නේ......... |
මේක ඉතාම සුළු ශල්‍ය කර්මයක්.
ඔබ වෘෂණ කෝෂයේ වෘෂණවලට පිටුපස සිට ඉහළට දිවෙන මෙම ශුක්‍ර නාලය අතගා බැලුවොත්, වෘෂණ කෝෂ සම සිදුරු කිරීමෙන් ඉතා පහසුවෙන් මෙම නාලය ඉන් එළියට ගතහැකිවන බව ඔබට තේරුම් යනවා ඇති.
ශල්‍ය
කර්මයේදී ප්‍රථමයෙන් කරන්නේ සම හිරිවට්ටා, සිදුරු කර, එම සිදුර තුළින් මෙම නාලය
එළියට ගැනීමයි. ඉන් පසුව එම නාලය දෙකඩ කර විශේෂ නූල් වර්ගයකින් බැඳීමයි කෙරෙන්නේ.
මේ වැඩේට විනාඩි 5කට වඩා යන්නේ නෑ.
දින තුනකින් පමණ ඒ තුවාලයත්
හොඳටම හොඳ වෙනවා. දැන් වෘෂණවල නිපදවන ශුක්‍රාණු ශුක්‍ර කෝෂය වෙත ගෙනයාමට බැරි නිසා
සංසර්ගයේදී ශුක්‍රාණු පිටවන්නේ නෑ.”
“ශුක්‍රාණු! මොනවද කියලා
කියන්න ඕනෙ නෑනෙ. කතාව යන්නෙත් මෙන්න මේ ශුක්‍රාණුවක් නිසා වුන නස්පැත්තියක් ගැන. මේ
කතාව සත්‍ය සිදුවීම් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කතාව මෙහෙමයි. ඉන්දර්
කියන්නේ මේ කතාවේ ප්‍රධානියා. 1975 කාලයේ ඉන්දියාවේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්
කරනවා. මෙහිදී බැඳපු මිනිස්සු බලෙන් හෝ කැමැත්තෙන් ඇදගෙන ඇවිත් සැත්කමක් කරලා වඳ
කරනවා. රජය මැදිහත් වෙලා තමයි මේක කරන්නේ. කොහොම හරි ඉන්දර්කාරයත් ඉල්ලගෙන කාලා මේ
සැත්කමට අහු වෙනවා. කසාද බඳින්න දවස් දෙකයි ඉතුරු....”
බඳින්න දවස් තුනක් තියෙද්දී ඉන්දර්කාරයත් ඉල්ලගෙන කාලා වාසෙක්තමි ඔපරේෂන් එකට.... |
වාසෙක්තමි ගැන කියද්දී තමයි මට ඒ කතාව මතක් වුණේ.
2020 පෙබරවාරි 14 වෙනිදා;
වැලන්ටයින් දිනයේ, ඉන්දියාවේ ZEE5 චැනල් එකේ පෙන්නපු film එකක් ‘බයිස්කෝප්
සිංහලෙන්’ අඩවියේ තිබිලා, පහුගිය දොහක මාත් බැලුවා. ෆිලුම හින්දි. මං හින්දි දන්නේ
නැති වුණාට කිසි පරහක් හිටියේ නැහැ, රංග ප්‍රසන්න ඒකට යස අගේට සිංහල සබ්ස් දීලා
තිබුණු නිසා.
බයිස්කොප් සිංහලෙන් සයිට් එකට, Shukranu චිත්‍රපටය ගැන රංග ලියා තිබුණු හැඳින්වීමෙන් කොටසක් තමයි මං උපුටාගෙන, උඩින් දැම්මේ.
ඒ චිත්‍රපටයේ කියවෙන
විදියේ අලකලංචි ඒ කාලේ ලංකාවෙත් නොවුණා නෙවෙයි. ගොඩක්ම ඒ සිදුවීම්වලට මුල් වුණේ
රුපියල් 500/- දීමනාව.
වාසෙක්තමි සැත්කම කරවාගන්නා පුරුෂයෙකුට ඒ දිනවල රුපියල් 500/-ක දීමනාවකුත් ගෙවුවා. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ මූලස්ථානයට ඒ දවස්වල අපටත් නිතර යැවුණා, තජක වැඩ කටයුතු සඳහා.
එතැන ක්ලිනික් එකේදීත් මේ ‘ඇට කපන’ වැඩේ කෙරුණා. කලබල වෙන්න එපා! කවුරුවත් ඇට කැපුවේ නැතත් සමහරුන් කිව්වේ එහෙමයි. ඉතින්, ගැටවර අවධියේ හිටපු අපි එතනට යද්දී, අර සැත්කම කරවාගන්න ඇවිත් හිටි අය අපේ දිහා බලපු හැටි.......
වාසෙක්තමි සැත්කම කළේ විවාහක, දරුවන් ජනිත කරවා තිබුණු....... |
ඇස් ලොකු කරගෙන.... ‘රුපියල් පන්සීය ගන්න මේ යක්කු දැන්මම වඳ කරවාගන්න යනවද?’ කියන ප්‍රශ්නෙයි ඒ ඇස්වල තිබ්බේ.
වාසෙක්තමි සැත්කම කළේ
විවාහක පිරිමින්ට විතරයි. (මට මතක හැටියට) දරුවන් දෙන්නෙකුවත් ඉන්න අය වෙන්නත්
ඕනේ. ඒත් එක-එක විදිහට බොරු ලියකියවිලි හදාගෙන- සුදුසුකම් සපුරා නොගත් අයවත් සැත්කමට
බඳුන් කළාලු!
වෙලාවක් තියෙයි නම් අර
Shukranu චිත්‍රපටිය බලන්නකෝ, හිනා වෙන්නත් ඇහැකි. එහෙනං ඔන්න නෝනා මහත්වරුනේ,
පොතේ 52 පිටුවේ යටටම යනවා. (පොතට තියෙන්නේ පිටු 56යි.)
“මෙම ශල්‍ය කර්මයෙන් පසු
බර වැඩ කිරීම හොඳද?
ඇත්තෙන්ම මෙය දතක්
ගලවනවාටත් වඩා සුළු දෙයක්. ඒ නිසා සති 2කට පමණ පසුව බර වැඩක් කළත් කිසි හානියක්
වෙන්නේ නෑ.
මේ ශල්‍ය ක්‍රමය කළ වහාම
සංසර්ගයේ යෙදීම යෝග්‍යද?
ශල්‍ය කර්මයෙන් පසුව
තුවාලය හොඳ වුණාට පසු සංසර්ගයේ යෙදුණාට කමක් නෑ. නමුත් මාස තුනක් පමණ යන තුරු
(විසි වතාවක් පමණ ශුක්‍ර පිට කරන තුරු) ඔබ කොණ්ඩමයක් භාවිත කළ යුතුයි. මින් පසු
පරීක්ෂා කර ගැනීම නුවණට හුරුයි.”
නිඳි යහනෙ ඇයිද සෝක සිතින් කුමුදු රාජිනී..... |
මේ ශල්‍ය කර්මය කළ වහාම... කළ වහාම..... කළ වහාම? ඒ ප්‍රශ්නය අකුරු කරනවාත් එක්කම මගේ හිතට ආවේ තවත් ප්‍රශ්නයක්! සමාවෙන්න, මගේ අවිනීත වචන භාවිතය ගැන. ඔන්න මට හිතුණු ප්‍රශ්නය, හිතට ආව විදිහටම, අවිනීත වදන්වලින්.... ‘ඇයි ටික දවසක් ඉවසන්න බැරි තරමට පොරසෝකෙද?’
ඒ එක්කම විරුද්ධ
පාර්ශ්වය වෙනුවෙනුත් මගේ ජාගර චිත්තයාම කරුණු ගෙනහැර පෑවා.
‘ඇයි නිදියෝ, විවියන්ද
සිල්වා බොරලැස්සයි ධර්මදාස වල්පොලයි දෙන්නගේ සින්දුව ටිකක්
මතක් කරලා බලහංකො. එක දවසක්වත් ඉවසන්න බැරිය කියන්නේ මොකක් නැතිවද? සැනසීම කෝ එදාට
ඉතින්... සැනසීම.... ලස්සන වචනෙකින් අර සෝකේ හංගලා කියනවා නේද....’
පි: නිදි යහනෙ ඇයිද සෝක සිතින් කුමුදු රාජිනී
ගැ: මා ඔබෙ කුමුදු
රාජිනී
ඔබ නාවෙ ඊයෙ කිම්ද සොයා
ඔබගෙ රාජිනී
පි: නාඬා ඉන්න රාජිනී........
පි: පුර මාසෙ පොහො
දිනේ// ඔබගෙන් වෙන්ව යන්නෙමී
ඔබෙන් වෙන්ව යන්නෙමී
ගැ: සැනසීම කෝ එදාට
ඉතින්- නොයනු මා දයා
පි: පසු දින එමිය තී
සොයා
නරක නැහැ නේද? සින්දුව
හොඳයි. වැරැද්ද මං ඒ දිහා බලන වනචර විදිහේ වෙන්නැති.
කොහොමෙන් හරි කමක් නෑ,
අර කියපු වාසෙක්තමි සැත්කමෙන් පස්සෙත් ටික දවසක් යනතුරු පවුල් සැලසුම් ක්‍රමයක්
අනුගමනය කරන්න වෙනවා.....
ඔබට මතක ඇති අපි කතා කළා ශුක්‍ර කෝෂ හා නාල ගැන.... |
“ඒ ඇයි?
ඔබට මතක ඇති අපි කතා කළා
ශුක්‍ර කෝෂයක් ගැන. ශුක්‍රාණු තැන්පත් කරලා තියෙන්නෙ ඒ කෝෂයේ බවත් ඔබ දන්නවා.
නමුත් අපි ශුක්‍ර නාලය ගැටගසා ඇත්තේ ඊට පහළිනුයි. ඒ නිසා ශුක්‍ර කෝෂයේ හෝ නාලයේ
ඉහළ කොටසේ හෝ එකතුවී ඇති ශුක්‍රාණු සියල්ලම පිටවෙන තුරු ඔබ නොසිටියහොත්, ඒ ශුක්‍රාණුවලින්
ඔබේ බිරිඳ ගැබ් ගන්නට පුළුවන්.
මේ ශුක්‍රාණු තොගය සම්පූර්ණයෙන්ම
පිට කිරීමට මාස තුනක් පමණ යනවා. ඒ නිසයි මාස තුනක් යනතුරු කොණ්ඩම පාවිච්චි කරන්න
ඕන වෙන්නේ.
ශුක්‍ර නාලය බැඳ ඇති
නිසා සංසර්ගයේදී දියරයක් පිටවීමට බෑ නේද?
ඔබ දන්නවා ශුක්‍ර දියරයේ
වැඩියෙන්ම ඇත්තේ ප්‍රොස්ට්‍රෙට් ග්‍රන්ථිවලින් සහ ශුක්‍ර කෝෂයෙන් පිටවන ශ්‍රාවයක්
බව. ශල්‍ය කර්මය කළාට මේ ශ්‍රාවය ගැලීමට බාධාවක් නැහැ. ඒ නිසා සාමාන්‍ය විදිහටම ප්‍රමාණයෙන්
අඩුවක් නැතිවම දියරයක් පිට වෙනවා. ඒ දියරය පිටවන විට ඇතිවන සතුටෙත් කිසිම වෙනසක්
ඇති වෙන්නේ නෑ.
මේ ශල්‍ය කර්මයෙන් පසුව
පුරුෂ ලිංගය අඩපණ වීමක් සිදු විය හැකිද?
මේ ඔපරේෂන් එකෙන් පස්සේ පුරුෂ ලිංගය අඩපණ වීමක් හෙම.............. |
අප ඔබට ඉහත කියා ඇති, මෙවැනි දේ සිදු වෙන්නේ මානසික හේතු නිසා බව. ශල්‍ය කර්මයකින් එවැන්නක් කළ හැකි නම් එය වාර්තාගත වෙන දෙයක් වේවි. මේවා බොරු කතාවල්.
ගැහැනු අයටත් මෙවැනි
සැත්කම් තියෙනවද?
ඔව්. එයට කියන්නේ
ටියුබෙක්තමි කියලයි.
ටියුබෙක්තමි?
මෙහිදීත් සිදු කෙරෙන්නේ වාසෙක්තමි
සැත්කමේදී වගේම දෙයක්.
ඔබ දන්නවා ඩිම්බයක් පිට
වුණාම එය පැලෝපියන් නාලය දිගේ ගර්භාෂය කරා එන බව. මේ එන මාර්ගය අහුරන එකයි, මේ
සැත්කමෙන් කරන්නේ. එනම්, පැලෝපියන් නාලය මැදින් වෙන් කර මැහුමක් දානවා. දැන් ශුක්‍රාණුවකට
හෝ ඩිම්බයකට හෝ එය තුළින් යන්න බැහැ. ඒ නිසා ශුක්‍රාණුවකට ඩිම්බයක් හමු වන්නට
අවස්ථාවකුත් නෑ.
ටියුබෙක්තමි සැත්කමේදී පැලෝපියන් නාල කපා, වෙන් කර... |
මෙය සිදු කරන්නේ ස්ත්‍රියකගේ පෙකණියට පහළින්, උදරයේ අඟල් 1/2 පමණ සිදුරක් ඇති කිරීමෙනුයි. මෙය සිදු කරන්නෙත් වේදනා නැතිවෙන විදිහට බෙහෙතක් විදලයි. ඊට පසුව මේ සිදුර තුළින් පැලෝපියන් නාලයන් එළියට අරන්, එය මැදින් කපලා ඩිම්බ යන්න බැරි වෙන්න බඳිනවා. පස්සේ අර සමේ තුවාලයත් මහනවා.”
අදින් ‘අසිරිමත්වූ දේකි’
පෝස්ටු මාලාව අවසන් කෙරෙන නිසා මේ කාරණාවත් කියලා ඉන්නම වෙනවා.
තරුණ ජනගහන කමිටුවෙන් 70
දශකයේ මුද්‍රණය කෙරුණු මේ පොත, ඒ කාලය වෙද්දී බෙදා හැරලා අවසන් වෙලයි තිබ්බේ.
අන්තිම පොත් කිහිපය තමයි 80 දශකය මුලදී අපට ලැබුණේ.
ඉතින්, ආයෙම මේ පොත මුද්‍රණය
කරවන්නට යෝජනා වුණත් වැඩේ ඇදුණා, 1987 වෙනකල්ම.
ඒ අතරෙයි ජාතික තරුණ
සේවා සභාවෙන්, ඒ අවුරුද්දේ ‘යොවුන් පුරය’ පොලොන්නරුවේදී පැවැත්වෙන්න සංවිධානය
වෙමින් තිබ්බේ. අපටත් නිල වශයෙන්ම ආරාධනයක් ලැබුණා, ඒකට සහභාගී වෙන්නැයි කියමින්. එතකොට
ආයෙමත් පොතේ reprint යෝජනාව මතු වුණා.
‘අසිරිමත්වූ දේකි’ නැවත මුද්‍රණය කරනවා නම්, දවස් කිහිපෙකින් පොත අච්චු ගහන්න වෙනවා! තජකයෙදී කතා වුණා.
“මොකද කියන්නේ? නිමල්ලට පුළුවන්ද වැඩේ කරලා දෙන්න යොවුන් පුරේට ඉස්සෙල්ලා?” තජක කමිටු රැස්වීමේදී පම්මා ඇහුවා. පම්මා කිව්වේ 1987 තජක සභාපති ඩී.ඩී. පද්මසිරි. එතකොට නිදිත්, නෙවිල් අනුරසිරිත් ඒ කමිටු සාමාජිකයන්. හැබැයි, පම්මා අරහෙම ඇහුවේ ‘කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ තිබුණු- අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ කළමනාකාර තනතුර හෙබවූ නිමල් දිසානායකගෙන්.
ඒ මොට්ටයාත් ‘හඃ’ ගෑවා වැඩේ තිබුණු බැරෑරුම්කම නොහිතා, දුරදිග නොබලා.... වැඩේ පැවරුණා, පටන් ගැනුණා.
“එහෙනං හෙට නිමලුයි,
නෙවිලුයි පොතුත් අරන් යොවුන් පුරේට එන වාහනේම එනව නේද... ඔන්න අපි බලන් ඉන්නවා.”
තජක කට්ටිය අපට එහෙම කියලයි පිටත් වුණේ; අපි දෙන්නගේ ඇඳුම් බෑගුත් පටවාගෙන. ඒ
වෙද්දීත් අපි හැමෝම අච්චු කන්තෝරුවටම සින්න වෙලා, දවස් ගණනාවක් නිඳි මරලා හිටි බව නෙවිල්වත්,
මංවත් එයාලට ඇඟෙව්වෙ නෑ.
වෙච්චි පොරොන්දුවෙන්
බාගයයි අපට ඉටු කරන්න හැකි වුණේ. පොත් තොගය ගෙනියන වාහනේට නඟින්න තරම් පණක්
නෙවිල්ටවත්, මටවත් ඉතිරි වෙලා තිබ්බෙ නෑ. සුමානයක් විතර නිඳි මරලා හිටි ප්‍රෙස්
එකේ කට්ටිය ගෙවල්වලට ගියේ හිටගෙන නින්ද යද්දී!
නෙවිල්ටත් මටත් මේ පොත නිසා පොළොන්නරුවේ යොවුන් පුරයට යන්නට බැරිවිණි... ඒත්.... |
නෙවිල්ගේත්, මගෙත් පළමු යොවුන් පුර ගමන හබක් වෙලා ගියේ එහෙමයි!
ඒත් මොකෝ? පොත සංරක්ෂණය
වුණානෙ... ඒත් ඒ මුද්‍රණයේ පොතුත් දැන් ඉවරයි. ආයෙත් වතාවක් මේ විදිහට හරි
‘අසිරිමත්වූ දේකි’ අනාගතය වෙනුවෙන් සංරක්ෂණය වෙලා තියේවි! (ඒකට දායක වීම ගැන නම්
සෑහෙන සතුටකින් මගෙ හිත පිරිලා!) ඉතින්, මෙන්න පොතේ 55 පිටුවේ තියෙන චුට්ට. 56
පිටුව පුරාම තියෙන්නේ චිත්‍රයක්!
“මේ ක්‍රමවලින් පස්සේ
දරුවෙකු අවශ්‍ය වුවහොත් ලබා ගැනීමට පුළුවන්ද?
සාමාන්‍ය උත්තරය බැහැ
කියන එක තමයි. නමුත් දැන් මෙවැනි අවශ්‍යතාවක් පැමිණෙන විට, දක්ෂ වෛද්‍යවරුන්ට මෙම
කැපූ නාලය ආපසු පාස්සන්නට පුළුවන්. ඊට පස්සෙ පැලෝපියන් නාල හා ශුක්‍ර නාල පෙර තිබූ
විදියටම ඇති නිසා සාමාන්‍ය විදිහට දරුවන් ලබාගන්නත් පුළුවන්. මෙවැනි ශල්‍ය කර්ම
ලංකාවේ නම් බහුලව කෙරෙන්නේ නෑ.”
හැබැයි රජෝ, ඒ පොතේ
තිබුණු කරුණු ගොඩාරියක් අද වෙද්දී වෙනස් කරන්න වෙනවා. ඒ අවුරුදු හැට-හැත්තෑවක් තිස්සේ
ලෝකය ඉදිරියට ගිහින් නිසයි෴
ඔන්න මේ පෝස්ටුව උණූ උණුවෙම්ම කියෙව්වා. අර වාසෙක්ටමි සැත්කම කරවගන්න අලකලංචිය මට මතකයි ආර්. කේ. නාරායන්ගෙ කෙටිකතාවක තිබුණා. මල්ගුඩි දවසැ එකේ මම බැලුවා, කතුරු මුවාත් තියන මනුස්සයෙක් රවට්ටලා, බලෙම්ම තමා ඒකට ගෙනියන්නෙ. එතන තියෙන ඔපරේෂන් මේසෙ දැකලා එයා කියනව, "මේක තමා මට රස්සාව නැති වෙලා තියෙන්නෙ. ඇයි අප්පේ රටේ තියෙන තරමක් කතුරුයි, පිහියි මෙතන නෙ..."
ReplyDeleteසැක්...මම හිතුවේ ඩ්‍රැකියාගේ ඇට කපලා දාලා කියලා බැලින්නම් කතුරුමුවාත් කාරයෙක්ගේ නේ...
Deleteඇත්තටම වාසෙක්ටමි කරගන්නත් හිතිලා තියෙන්නෙ... හැක්!
Deleteදැන් ඔපරේෂන් කර ගත්තට සල්ලි දෙන්නෑ නේද?
Deleteනැද්ද? අපොයි... ඒකත් ඉවරයි.
Deleteඅර කංජිපානි අසංග එහෙම මාව ඇහුවොත් දැක්කෙ නෑ කියන්ඩ ඈ...
ReplyDeleteමේකා වෙලාසනින් මෙතනට රිංගලා නොවැ..
Deleteනෑ නෑ... මං ආවෙ නෑ.
Delete++++
ReplyDeleteස්තුතියි මිතිල.
Delete