li Item

Saturday, August 13, 2022

මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස

 ගොඩට පැන්න විතරයි, මේ අනිත් පැත්තෙන් වලස් තඩියෙක් ඇඟට පනින්නේ. හොඳ වෙලාවට ආවේ, උඹට දෙන්නං කියල, උගෙ ඉස්සරහ ගාත් දෙක දෑතින් උස්සලා, මර අඬ දෙනකං මිරිකුව. මිරිකල, හයින් හාමතේ පණ යනකම්ම මේ තාලෙට අල්ලගෙන හිටිය. හිනැහෙන්න වැඩේ නේද?

නෑ! නෑ!! දවස් ගාණක් ගියෙ නෑ. උගෙ කකුල් ලෙව කන්න නොදී තිබ්බොත් සුළු වෙලාවයි පණ අල්ල හිටින්නේ. මේ දඩයමෙන් පස්සේ වලස්සු කාගෙත් මට බයපස්සකමක් තියෙනව. එකෙක්වත් බොරුවට ඇඟේ හැපෙන්න එන්නෙ නෑ!

අතේ තිබිච්ච කසයෙනුත් මිනිහ ආකාසේ පුදුම රටාවක් හරි ගස්සනව, ඉංගිරිසි ජී. ආර්. අකුරු දෙක... (G R කිව්වේ?)

දහසයවෙනි පිම්ම
මුහුද මැද

වරුස එකදාස් හත්සිය හැත්තෑ හතේදී මම කපිතන් හැමිල්ටන් එක්කල එංගලන්තෙ ඉඳල නැගෙනහිර ඉන්දියා කොදෙව්වලට ගියා.

ඔය ගමන පිටත් වෙන්න ඉස්සර වෙල, මහ රජාණන් වහන්සේ නයිකස්රීන් විරාජමානව මංගල රතෙන් පාර්ලිමේන්තු මන්දිරේට යහපත් වෙනව දැක ගන්න ලැබුණ. රතේ ඉස්සරහින් ඉඳගෙන දක්කගෙන ගියෙ සද්දන්ත කුලේ මිනිහෙක්.
එයාගෙ යටි රැවුලෙ කැටයම් කරල තියෙනව එංගලන්තෙ රාජ ලාංචනේ.
අතේ තිබිච්ච කසයෙනුත් මිනිහ ආකාසේ පුදුම රටාවක් හරි ගස්සනව, ඉංගිරිසි ජී. ආර්. අකුරු දෙක හිටින්න.

රජ්ජුරුවෝ එන බව කියන්න කියාපු සූත්තරේ!

නැව් නඟිද්දී මම ගෙනිච්ච දඩයම් හොයා දෙන කදිම බල්ලෙක්.
උගෙ බරට රත්තරං දුන්නත් විකුණන්න බැරි සතෙක්. ඒ තරමට මට උදව් කරල ඇති!

දවසක්දා ගොඩබිමට හැතැප්ම තුන් සීයක් විත‍ර තියෙද්දී, මේ බල්ල එකම පැත්තට හැරිල බුරනව. පැයක් විතරම මේ ඉරියව්වෙන් ඉන්න ඇති. මම කපිතන්ට එහෙම කිව්ව, අඩමාන නැතුව අපි ගොඩබිමකට කිට්ටු කරල ඇතෙයි කියල- මොකද, මගෙ බල්ලට දඩයමක ඉව වැටිලා තියෙනව කියල.

මැංචෝසන් සාමිතුමා ඉව කියනකොට...!
ඉව තියෙන්නේ කකුල් හතරේ දඩ බල්ලන්ට විතරක් නෙවෙයි, කියලා මේ ලියන මානුස්ප සතාට කල්පනා වෙනවනෙ රත්තරනේ. (රත්තරං කිව්ව ගමන්ම මතක් වෙන්නේ... කාරි නෑ... ඔහේ මතක් වෙච්චාවේ. මෙන්න මෙහෙ බලු කතාවට වරෙං නිදි... ආවා ආවා. මෙන්න ආවා.)
කකුල් දෙකේ දඩ; දඩෝරි බල්ලන්ටත් සුපිරි ඉවක් තියෙනවා! හැබැයි, ඒ ඉව පාරට අහු වෙන්නෙ ඇටිකිත්තෝ ගිය පාරවල් විතරයි, වගේ! උන්ට හරිම quick action තියෙන්නෙත් සමහර වෙලාවලදි විතරයි නෙව.

‘නොදනිමි කාගෙ දොසා’ කියනවා ඇරෙන්ඩ, මං වගේ පුංචි සිංඤෝ කෙනෙක්ට කරන්ඩ ඇහැකි ලොකුම දේ තමා මේ; ජනතාවට මේවා මතක් කිරීම!

....දඩ; දඩෝරි බල්ලන්ටත් සුපිරි ඉවක් තියෙනවා! හැබැයි, ඒ ඉව පාරට අහු වෙන්නෙ...

ජනපෙති මන්දිරේ තිබිලා හොයා ගත්තු කෝටි දාහතහමාරකට වැඩි 5,000 නෝට්ටු ගණන් කරපු උදවිය පස්සෙන් අමුතු ඇටේ පොලිසිය පන්නලා. ජනපෙති පුටුවේ වාඩි වෙලා සෙල්ෆි ගහපු මහා අපරාධකාරයන්වත් හොයා ගෙන. හැබැයි නීත්‍යානුකූලව අර කෝටි ගාණක සල්ලිවලට කළ යුතුදේ මාසයක් යනකල්වත් කෙරිලා නෑ. නොකරපු එකට- එකාට නඩුත් නෑ!

තව ලස්සන ආරංචියක් මට මතක් වෙනවා, ජනාධිපති මන්දිරේ ගැනම.

එහෙ තිබිච්චි ගොඩාරියක් වටින පෞරාණික බඩු-මුට්ටුත් හරි විදිහට වාර්තාගත කරලා නැතිලු. අනේ, මම නං නෙවෙයි එහෙම කියන්නේ.

‘... ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ පෞරාණික භාණඩ ලේඛන ගත නොකිරීම නිසා එහි තිබූ පෞරාණික භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් අස්ථානගත වී ඇත්දැයි අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරින්ට ලිඛිතව දැනුම් දී ඇත. ජනාධිපති ගැසට් නොකිරීමෙන් එහි තිබූ පෞරාණික භාණ්ඩ සම්බන්ධයෙන් නිවැරැදි ලේඛනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නොමැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අරගලකරුවන් ඉකුත් 9 වැනිදා අත්පත් කරගෙන සිටි කොටුව ජනාධිපති මන්දිර ගොඩනැගිල්ලට හානියක් සිදුව නොමැති බවත්, එහෙත් එම ගොඩනැගිල්ලේ බිත්ති මත කුරුටුගෑම්, පළුදු කිරීම් වැනි හානි සිදුවී ඇති බවට මෙතෙක් කළ විමර්ශනයේ දී අනාවරණය වූ බවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට දැනුම් දී ඇත. ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ පෞරාණික ගෘහභාණ්ඩ කිහිපයකට හානි සිදුව ඇති අතර එහි ප්‍රධාන පියගැට පෙළේ අත්වැට කැඩී විනාශ වී ඇති බවත්...’

අර අත්වැටත් එසේ-මෙසේ එකක් වෙන්ඩ බෑ. කෝටි ගාණක පාඩුවක් කියලත් කියලා තිබ්බේ- ඒක රත්තරං එකක් වෙන්නැති.

මං වහන්සේ බලාගෙන ඉන්නවා; තවම නං දැක්කේ නෑ.
ජනාධිපති ලේකම් කාර්ය මණ්ඩලයේ ඉඳගෙන ලක්ෂ ගණනින් පඩි කන උදවිය අච්චර පුංචි ‘ලැයිස්තු හදන රාජකාරිය’ වගේ එකක්වත් නොකළැයි කියලා කිසිම නඩුවක් නැහැ නෙව. ‘රාජකාරි පැහැර හැරීම දැන් කාලෙ වැරැද්දක් නොවෙනවාවාවත්ද?

මේ ගැන දිග සාකච්ඡාවක්. මගෙ අදහසට විරුද්දව සැරේට කතා කළා!

හැබෑටම කාටවත් ඒ රාජකාරි කරන්ඩ උවමනා නොවුණෙ, ඒ ගොඩක් වටින බඩු-භාණ්ඩ වැඩි පරෙස්සමට ‘කන්ටේනර්වල දාලා අහසෙන්; රහසෙම උගන්ඩාවට යවපු’ නිසා වෙන්නත් ඇති!

ඕවා කල්පනා කරන්ඩ එක මොළයක් මදි අප්පා... මොළ හතක්වත්... ටික-ටික ජනතාවට ඔව්වා අමතක වේගෙන යන අව්වස්සේ ඒවා ආයේ මතක් කරන්න එපා, යකෝ!
තොගේ වැඩක් බලාගෙන හිටු!! 

ඔන්නොන්න, ඒ කල්පනාවලින් මිදිලා මැංචෝසන් උන්නැහෙගෙ දඩ බල්ලාගෙ ඉව ගැන ආරංචිය  කපිතන්ලට කියාපු තෙනට යනවා. එතකොට හරි නේද?

ආරංචියට දුන්නු තෑග්ග මොකක්ද?
කොක් හඬ දීල හිනා උණා විතරයි. ඒ ගොල්ල සමච්චල් කෙරුවට මගෙ බල්ල මට විස්වාසයි.

මේ ගැන දිග සාකච්ඡාවක්. මගෙ අදහසට විරුද්දව සැරේට කතා කළා. අන්තිමේදී මම තේරන බාසාවෙන්ම කපිතන්ට කිව්ව, නැවේ ඉන්න නැවියෝ හැමෝගෙම ඇස්වලට වඩා මගෙ බලු කුක්කගෙ නාහේ මට විස්වාසයි කියල.
ගිනි සීයක ඔට්ටුවකුත් ඇල්ලුව, පැය බාගයක් යන්න කලියෙන් දඩයමක් අහු වෙනවට. මුළු ගමනටම වියදමට මා සන්තකව තිබුණෙ එච්චරයි!

කපිතන් හොඳ මනුස්සය, බක-බක ගාල හිනැහිල නැවේ දොස්තරට කියනව මගෙ නාඩි අල්ලල බලන්න. එයාත් නාඩි බලල මට ඇති අසනීපයක් නෑ කියල කියපි. දෙන්න එක්ක රහසෙන් කතා කරන්න පටන් ගත්ත.
එහෙන්-මෙහෙන් කෑල්ලක් දෙකක් මමත් අහ ගත්ත.

‘මිනිහගෙ සිහිය හොඳ නෑ! ඒ ඔට්ටුව බාර ගන්න එක මගෙ හිතට මදි.’ කපිතන් කියනව.
‘මම නං ඔහෙගෙ වචනේ කොහෙත්ම පිළිගන්නෙ නෑ.’ කියලයි දොස්තර කියන්නෙ. ‘සාමිවරයට ඇති ලෙඩක් නෑ. මූදු යාත්තරාව ගැන අපේ මුලාදෑනි දන්නා දේට වැඩිය බල්ලගෙ නාහෙට වැටෙන ඉව ගැන විස්වාස කරන එකයි මෙතැන තියෙන්නෙ. ඔට්ටුව පැරදුණහම මිනිහ මට්ටු වෙයි.’

කොබෙයියො මේ හබකෙට අහු වෙලා කොයි තරං කල් යන්න ඇද්ද කියනව නං...

‘එහෙම ඔට්ටුවක් ගන්න එක යුතුකමක් නෙවෙයි, කොහෙත්ම. නම්බුකාර විදිහට මේකෙන් බේරෙන්න පුළුවන් ඔට්ටුව අල්ලල දිනුවහම පගා ඇරල.’ කියලා කපිතන් ආයෙත් කියනව ඇහුණා.

මේ කතාව ඉවර වෙනකනුත් බල්ලා හෙල්ලුණේ නෑ. මට තවත් හිතට සත්තිය ආව. ආයිත් සැරයක් ඔට්ටුව ඇල්ලුව, එයත් බාර ගත්ත.

‘ඔට්ටුයි’ කියල කට ගන්න උණේ නෑ, පැත්තක පුංචි ඔරුවක් බාගෙන මාළු අල්ල අල්ල හිටිය නැවියො කීප දෙනෙක් විසාල මෝරෙක් අල්ල ගත්ත. හනික නැව් තට්ටුවට ඇදගෙන කපල බැලූකොට, මෙන්න උගෙ බඩේ ඉඳල කොබෙයි ජෝඩු හයක් ඉගිල්ලෙනව!

කොබෙයියො මේ හබකෙට අහු වෙලා කොයි තරං කල් යන්න ඇද්ද කියනව නං, එක කිරිල්ලක් බිත්තර පහක් දාලා රැක රැකයි හිටියෙ. කිරිල්ල නිදහස් වෙනකොටම කොබෙයි පැටියෙකුත් බිත්තරේකින් එළියට ආව.

ඔයිට විනාඩියකට දෙකකට ඉස්සෙල්ල ඉපදිච්ච බළල් පැටව් රංචුවටම දාලා, කොබෙයි පැටවුන්වත් ඇති කළා. පූසිත් තමන්ගේම පැටවුන්ට තරම්ම ආදරෙන් උන්ව රැක බලා ගත්ත.
එකෙක් අහකට ඉගිල්ලිල, ආපහු එන්න පරක්කු උණොත් පූසිට ඉවසුම් නෑ.

මේ පැටවුන්ගෙන් හතර දෙනෙක් කිරිල්ලියෝ. කොයි වෙලාවෙත් එකෙක්වත් බිජු රක්කවන්න අපි වග බලා ගත්ත.

ඔයින් මෙයින් එක වේලක්වත් අපිට මස් වැරදුණේ නෑ!

ගිනි සීයක් දිනා දුන්නු මගෙ බල්ලටත් ලේ රහට මොකුත් කන්න ලැබුණ. අපි කන කොබෙයියන්ගේ ඇටකටු ඌටයි. ඉඳහිටල වේලක් ගෙඩි පිටින් කොබෙයියෙකුත් දුන්න.

මේ බල්ලා, මං සැන්ට් පීටර්ස්බර්ග් නුවරට ගිය වතාවක යාළුවෙක් දීපු තෑග්ගක්. ඌ මළේ හරිම අවාසනාවන්ත විදිහකට. තුවක්කුව හරිහැටි අටවගන්න බැරි දඩයක්කාරයෙක් කොබෙයි රෑනකට වෙඩි තියන්න ගිහින්, මූව මරා දැම්ම.

Film එකේදි බැරන්තුමාව වේශ නිරූපණය කරද්දීත්, ඒ චිත්‍රවලින් කොයි තරං ආභාෂයක් ලැබිල තියෙනවද?

දැන් මම ඇඳගෙන ඉන්න යට කබාය මස්ස ගත්තේ උගෙ හමෙන්.

මේක ඇඳන් දොට්ට බැස්සොත් දඩයම් වරදින්නෙ නෑ. කබාය මාව කොහොම හරි ඇදගෙන යන්නෙ සත්තු ඉන්න හරියකට. වෙඩි වදින සෙව්වට යන පරක්කුවෙන් බොත්තමක් ගැලවිල රූං ගාල දුවනව සතා ඉන්න අහට.

තුවක්කුව කොයි වෙලාවෙත් සූදානම් කරගෙන ඉන්න හින්දා, සතාව බිම දාගන්න එක මට වතුර බොන්න වාගෙ වැඩක්!

දැන් මගෙ කබායේ ඉතුරු වෙලා තියෙන්නේ බොත්තම් තුනයි. දඩයමේ යන කාලෙ ළං වෙනකොට දිගටම බොත්තම් දෙපේළියක් දා ගන්නව. එතකොට මාත් එක්ක ආවොත් මොක මොකවත් බලා ගත්තැකි!

මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටහෙදී මං වහන්සේ මංතුමාගේ ආදරණීය රසික - රසිකාවන්ට කිව්වා නෙව, මේ පොත ආස්සරෙන් හදාපු ෆිලුම ගැන. ඒක හරියටම ‘ඉස්සෙල්ල ආපු කණට වඩා පස්සේ ආපු අඟ ලොකු වුණා’ වගේ දෙයක්නෙ කියලත් පස්සේ මට කල්පනා වුණා.

කමක් නෑ. මං මෙව්වා ලියන්නෙ පංච තන්තරේ ආකෘතියට නෙව; අනෙක මම ඒ කතන්දර කියන්නෙත් A to Z පිළිවෙලටම නෙවෙයිනෙ.

‘මැංචෝසන් චාරිකා’ මුල් වරට පළ වෙද්දී, ඒ පොතේ තිබුණා රොබට් හන්ට් ශිල්පියා ඇන්ද හරි අපූරු චිත්‍ර 53ක්. (ඒ සේරම සැරෙන්-සැරේ මම ලියාපු postවලටත් ඇතුළු කළා/ කරන්ඩත් තියෙනව.)
ඉතිං ඒ චිත්‍රවලින් ‘Baron මැංචෝසන්’ උන්නැහෙව නිරූපණය වෙච්චි විදිහ බලන්නකෝ ජුන්ඩක්! Film එකේදි බැරන්තුමාව වේශ නිරූපණය කරද්දීත්, ඒ චිත්‍රවලින් කොයිතරං ආභාෂයක් ලැබිල තියෙනවද කියලා හිතන්න ඇහැකි නං...

නිදිගෙ හිතිවිලි පරම්පරාව- චිත්ත වීදිය නං මහා වංකගිරියක්නෙ. උදාහරණෙකට තමුන්නැහැලට කියන්නං චුට්ට වෙලාවකට කලින් මගේ කල්පනාවට ආව දෙයක්. Baron වචනේ කොටද්දී...

මේ අකුරු ටික මට නං සිංහලෙන් කියවෙනවා ‘බාරොන්’ විදිහටත්...

(එහෙම කියවෙන්නේ මාත් බාසා වෙල්ලෙක් හින්දාවත්ද? Blog අඩවි කීපෙකටම මගේ නමින්, ඉතාමත් නිර්මාණශීලීව; අමු කුණු හරුපෙන් කාව්‍ය නිර්මාණ යොමු කරමින් විනෝදයක් ලබන කෙනා නිසයි, මාත් බාසා වෙල්ලෙක් වගේ සමහරුන්ට විතරක් නෙවෙයි මටමත් හිතෙන්නේ.
ඒ ගැන මටම හිනා වෙමින්, මේ චුට්ට ලිව්වේ, ‘තාක්ෂණික දැනීමත් එක්ක (වැද්දෙකුට- waddekuta කියලා සිංග්ලිෂ්වලින් කොටද්දී පෙන්නන්නේ එහෙමයි) වැඩ්ඩෙකුට කරන්න පුළුවන් වැඩ’ කියලා මවිත වෙමින්.
ඔයාලා දන්නවනෙ ගොබ්බ මගේ තාක්ෂණික දැනීම ගැන!

හීනෙනුත් ඇවිදින එකයි මගෙ වැඩේ!

ඉතිං වියතුනේ, සමහර වචනවල උප්පත්තිය හොයන තමුන්නැහෙලටයි, මේ ඔත්තුව දුන්නේ. ‘බාරොන්’ නම ගැන. (මේ බාරොන් වෙනයි, පිරිත්වල කියවෙන ‘බාරා නැසියං ඉසිපතනෙ’ කියද්දී සඳහන් වෙන බාරා වෙනයි හොඳේ!)

දාහත්වෙනි පිම්ම
එක පිම්මට අප්‍රිකාවට

එංගලන්තෙට වෙලා ටිකක් හති අරින්න පටන් ගත්ත. කෝ - අබිංකාරයට අබිං නොකා හිටියහැකැ?

හීනෙනුත් ඇවිදින එකයි මගෙ වැඩේ. අප්‍රිකාව පැත්තටයි මේ පාර මගෙ ඔළුව හැරෙන්නෙ. එහෙ ගොඩකරේට වෙන්න මොන තරම් දේවල් තියෙනවද, කාගෙවත් දෑහැට නොපෙනිච්ච? ආණ්ඩුවෙනුත් පුළුවන් ආදාරයක් ඉල්ලගෙන නයිල් ගඟ උඩහට ගමන් කරන්නයි මගෙ සූදානම.

රට ඇතුළෙ පලාත්වල ආණ්ඩුකාරකමක්වත් කඩා ගන්න බැරියැ. නැත්තං මොනොමොටාපා රාජ්ජෙවත් අල්ල ගන්න බැරි වේයැ!

රජ වාසල බලගතු උත්තමයෙක් එක්ක ළඟින්ම ආස්සරේ කරපු එක මගෙ වාසියට හිටිය. එයාට මම කියන්නං හිලාරෝ කියල. හැබෑ නම කිව්වොත් නං මිනිහව දන්නවත් ඇති. අපි දෙන්න අතරෙ බාවිතා උණේ වෙනම බාසාවක්.
මොකද -බැරිද එහෙම කරන්න?

මේ මඟුල් සක්වළ පුරාම කරක් ගහපු මට කතා කරන්න පුළුවන්, කිසිම අඩුවක් වැඩියක් නැතුව බාසා නවසිය අනූ නවයක්!
ඇයි, අමුතු හිනාවක්? මම විකාරෙන් දොඩවනව කියලද හිතේ?
හොඳා! මේ මිනීමරු මනුස්ස ලෝකෙ නෑ කියමු, ඔය තරම් බාසා ගණනක්. එතකොට මම හඳට එහෙම ගිහිල්ල පොල් ගෑවද?

අප්‍රිකාවෙදි මට දකින්න ලැබෙන දේවල් ගැන හිත හිතා නිඳි නැතුවම රාත්තිරියක් ගත කරල, මගෙ යාළු හිලාරොගේ මන්දිරේට ගියා.
මේ පාර පනින්න යන පිම්ම ගැන මම තදින්ම මිනිහට කිව්ව. මට කන් දීලා, ටික වෙලාවක් බරට කල්පනා කර කර ඉඳල හිලාරෝ කියනව:
  ‘ඔලෞ, මා ගෙනේසෙට්, ඉස්ටුම් පුල්ලානාහ්,
  කුම් දේරා කර්ගෝස් බෙල්ගරාසන්
  ඒ සියුම් බල්ගෝ බර්තිගොස් ත්රියංගුලිස්සිමුස්!’

මේක- රටේ ඉන්න තරම් ලස්සන ළමිස්සියන්ගෙ ඇස්...
ඒ කියල ආයිත්, මේ යන්න අර අඳින ගමනෙදි ඇති වෙන්න පුළුවන් අතුරු අන්තරා ගැන හොඳින් දන්න නිසා, සාමිවරයා කොතෙනදීත් සිහි කල්පනාවෙන් හොඳ සූදානමෙන් වැඩ කරාවිය කියල හිතන බවත් කිව්ව.

කාරණා කටයුතු සම්පූර්ණ කර ගෙන, ගමන ගැන ගන්න ඕනැ උපදෙස් හෙම අරගත්තයින් පස්සෙ, හිලාරෝ මාව එක්කගෙන ගියා සුරංගනා ලෝකෙ අග්‍ර මහේසිකාවුන්ගෙ මංගල රතේ ගාවට!
ගැලුම් තුන් හාරසීයක් අල්ලන පීප්පෙකට වඩා ඉඩ පහසු තියෙන විසාල රථයක් ඒක. කොට්ට- පොලේක හැඩහුරුකමයි.

ඇත්තටම, හිතන්න බැරි තරම් ලොකුවට පිම්බිච්ච කොට්ට- පොලයක්ම තමා. ඒ තාලෙම පුංචි පණුවෙක් ඒකෙ හිලක් විදල. ඔය දොරටුවෙන්ම මාවත් ඇතුළට එක්ක ගියා.
අස්ස කරත්තෙක දොරටුව තරං ලොකුයි. මම මැදින්ම වාඩි ගත්ත. මගෙ ආසනේ නූලකවත් ආධාරයක් නැතුව විහින්ම නියම උසට පිහිටලා තියෙනව. කටුවෙ ඇතුළු බිත්තියෙ සම්පූර්ණ ගිරහ මණ්ඩලේ වැජඹෙනවා- තාරකා ඔක්කොමයි, ගිරහ තාරුකායි. ඒ අස්සෙ වල්ග තාරුකාවකුයි. තරුවක් අපේ සාමිගොල්ලො පළඳින එකක් තරම හිටීවි. වල්ග තරුව නං බලන්න බෑ. ඇස් කඩා හැලෙනව.

මේක- රටේ ඉන්න තරම් ලස්සන ළමිස්සියන්ගෙ ඇස් උගුල්ලන් ඇවිත්, මොනර පිල වගෙ ගොනු කරල හදාපු එකක්වද්ද කියලත් මට හිතුණ. පන්දුවකුයි ඒකට හයි කරපු, බූසිය තියෙන වල්ගයකුයි... අගට යන්න යන්න හීන් වෙන විදිහට!

රතේ හැම අලංකාරයක්ම බැලුවහම පුදුමයි; පිරීතියි. මේ නං පුංචි පහේ දිවිය ලෝකයක් කියල මට ඉබේටම කියවුණ. කොටින්ම තෝන් ලණුවත් අතට අරං යන්නයි සූදානම.

රතේ දක්කන්න ඉස්සෙල්ල, කොහොම උණත් මේකෙ අනිත් අඩුවැඩිය ගැනත් කියන්නම්.

සස්සිරීක මේ කොදෙව්වේ අපට නං සවු(බාගෙ) උදාවෙලා තියෙන තරම...

හෝව් හෝව් මැංචෝසන් උන්නැහේ, පොඩ්ඩක් හෝව්!

තමුන්නැහේට නං සුරංගනා ලෝකෙ අග්‍ර මහේසිකාවුන්ගෙ මංගල රතේ මහ ලොකු ඉටි ගෙඩියක් වෙන්නැති; ඔය තරම වරුණේ කියන්න සැරසෙන්නේ.
සස්සිරීක මේ කොදෙව්වේ අපට නං සවු(බාගෙ) උදාවෙලා තියෙන තරම ‘රථයක කතන්දරේකින්ම’ ඔහෙටත්  ඇද නැතුවම කියා දෙන්නයි මේ තනන්නෙ. තරහ වෙන්න නං ඔට්ටු නෑ ඕං. පලිච්චි කරනවා නෙවෙයි; සත්තක ඇත්ත තත්ත්වේ කියනවා විතරයි.

ගෝඨාභය මහත්තයාගේ සාදර අනුග්‍රහයෙන් හා පොහොට්ටුවේ අනුමැතියෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති තනතුරට පත් කෙරුණ නෙව මුලින්ම. ඒ තනතුරේ එතුමා වැඩ කරමින් හිටින අතරේ එතුමන්ගේ පුද්ගලික නිවාසෙටයි, නිල රතේටයි අලාභ හානි කෙරුණනේ... ඔන්න්න ඔ...න්...න දැන් ඒ අලාභ-හානි තක්සේරු කරගෙන යනවලු.

ගෙදරට වෙලා තියෙන හානිය රුපියල් මිලියන 205ක්ලු... (කෝටි 20කට වැඩියිනෙ එතකොට.) එහෙම බලනකොට මම මොට්ටයා වගේ ‘ගෙදරට’කියලා කිව්ව එක සුදුසු නෑ. භවනට කියලා කීමයි ගැළපෙන්නෙ.
නිල රථයට විතරක් රුපියල් මිලියන 191ක (කෝටි 19ක) හානියක් වෙලා කියලයි නීතිපතිතුමා කොළඹ කොටුවේ මහේස්ත්‍රාත්තුමාට
දැනුම් දීලා තියෙන්නේ. (එහෙම බලද්දී ඔය රතේ වටිනාකම කීයක් විතර වෙන්නැද්ද? එව්වට ගෙව්වේ කවුරු වෙන්න පුළුවන්ද?)

නැති බැරි පුංචි සිඤ්ඤෝලට ඔව්වා මහ ලොකු ගණන් වගේ පෙනුණට අපේ මහතැන් පළි නැහැනෙ. එතුමන්ලාට තව-තව කිරි ඉතිරෙන්න ඕනෑ, වැඩි වැඩියෙන් සැප සම්පත් ලැබෙන්න ඕනෑ!

අච්චර පාඩුවක් වෙලා තියෙද්දීත් උන්නැහෙගෙ පතළ මහා කරුණාව. ‘මහ බැංකුව කඩපු හොරා කියලා ගිරිය පුප්පන් මොර දුන්නු කට්ටිය එක්ක දැන් එක පතේ කනවා!’ ඒ ගොල්ලන්ට තමන්ගේ වියදමෙන්ම තේ පාටිත් දෙනවා!!

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම රුපියල් 272,000/-කියි වාර්තාවී තිබේ. (දැන් පාන් ගෙඩියක් රුපියල් දෙසීයකි!)

ඒකටම හරි යන්න, අතොරක් නැතිව රනිල් උන්නැහෙට ‘බැංකු හොරා’ කියපු උදවියත්- පහුගිය දොහේ දොහොත් එකතු කරලා; සිරස නමලා එයාගෙන් තානාන්තර බාර ගත්තේ... (මක්කැයි දෙඩුවේ? රෙදි ඇඳගෙන... රෙදි ඇඳගෙන ගිහිං නොවෙන්නං; උන්නැහෙලට මොක නැතත් xජ්ජ කියලා එකක් තියෙනව බොලව්.) ඊටත්, මැති- ඇමැති- අගමැති පට්ටම් දෙන්නෙ ගරු ගම්භීර තාලෙට 'නැකත් පතේ' විදිහටනෙ!)

හූණු බිජ්ජක තරං අහිතක් නැතුවයි ඒ විත්ති, මේ ලියා ඔප්පු කරන්නේ...

‘පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික මුදලින් ගෙවීමට කටයුතු කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය දන්වා තිබේ.

ඒ අනුව රුපියල් 272,000ක බිල ජනපතිගෙ පුද්ගලික මුදලින් ගෙවීමට කටයුතු කර ඇත.

ජනපතිවරයා වෙනුවෙන් එම මුදල ගෙවා ඇත්තේ ජනපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් මහාචාර්ය අශු මාරසිංහ බවද සඳහන්වේ.’

ඉතිං ඔහොම අප්‍රභංස, විලම්බීත, කෙරුවාවල් අස්සේ වුණත් අපි කියාගෙන ආව කතාවත් කියන්න ඕනි නෙව. හැබැයි දැන් නෙවෙයි. මේ posts මාලාවේ ඊළඟ; අවසාන කොටසින්!

55 comments:

  1. නිමල් ගේ එකවුන්ට් එකෙන් කොහොමද වෙනත් කෙනෙක් කමෙන්ට් කරන්නේ?

    ReplyDelete
  2. මම දැනුමැති කෙනෙකුගෙන් ඒ ගැන ඇහුවත් එක්ක. එයා මට පෙන්නලා දුන්න ඒක කරන විදිහත්. ඔය වැඩේ මගේ නමෙන් විතරක් නෙවෙයි, තව කීප දෙනෙකුගේ නමෙනුත් කෙරෙනවා. ඩේටා හා කාලය වැය කරගෙන කරන්නේ, කාගෙ හරි ආසාවට නෙව, කුමාර.

    ReplyDelete
    Replies
    1. ඒක නවත්වන්න ක්‍රමයක් නැද්ද?

      Delete
    2. දැලේ හිල් වලින් රිංගල ගිහින් කරන වැඩක් නෙව. ඒ නිසා ඔය වැඩේ නවත්තන්ට ඇහැක් වෙන්නෙ ගූගල්තුමාලම මේ හිල් වහන්ට පියවර ගත්තොත් තමයි

      Delete
    3. කුමාර, නමී කියන දේමයි මටත් කියන්න තියෙන්නේ.

      Delete
  3. මේ අමුතු ඇටේ වෙන
    වැඩ හරි අමුතුයි බොල
    ඉන්න උනුත් හෙන
    ගොන් අලියන් නෙව.......

    ReplyDelete
    Replies
    1. කවියයි හද බස
      ඒකට බැස්සද?
      ලියමු ලියමු කවි
      රස උපදන්නට!

      Delete
  4. posts මාලාවේ ඊළඟ; අවසාන කොටසින්! - ඒකනම් හිතට සතුටක්. හොඳ ලිපි සැට් එකක් එන්නෙ නැතෑ

    ReplyDelete
    Replies
    1. මන්චෝසන් පොත හිතට ඇල්ලුවේ නෑ..... නිදිතුමෝ

      Delete
    2. දෙන්නටම ස්තුතියි, සමහර දෙනෙක් හොඳයි කිව්වත් මගේ හිතට නොවැදුණු කලා නිර්මාණ මටත් හමුවී තියෙනවා. ඒ නිසා ඔබේ ආකල්පය තේරුම් ගත හැකියි.
      අදහස ඍජුව කීම ගැන ගොඩක් සතුටුයි!

      Delete
    3. මාත් ඕක කලිං කිව්වා. හඳට යාම, සුරංගනාවියන්ගෙ කතා වගේ අතිශයෝකිතිය වැඩි වෙච්ච හරිය තමා මට නං නීරස වුණේ. මුල හරිය හොඳා.

      Delete
    4. අතිශයෝකිතිය කියන්නෙ මොකද්ද? හුකෑස්!

      Delete
    5. මූ නැති තැනක් නෑනෙ. අර ප්‍රසන්னයා තව හොඳා.

      Delete
    6. ඌට ටෝච් වලින්ම කෙලලා දැන් ඌ ටොච් නයා වෙලා.

      Delete
  5. Replies
    1. මමත් ඉස්සෙල්ලාම බැලුවෙ GR බැක්ග්‍රවුන්ඩ් එක.

      Delete
    2. link එකට ස්තුතියි Pra Jay මහත්තයෝ... G R අලුත් වර්ෂන් එකත් විකිපීඩියා වගේ තැනක තියෙද දන්නෑ.
      හොයා ගත්තොත් කියන්න ඕනි ඔන්න.

      Delete
  6. https://en.m.wikipedia.org/wiki/Royal_cypher

    ReplyDelete
    Replies
    1. දැන් තමයි තේරෙන්නේ Pra Jay ඉතිහාසය අවුස්සන්න කැමති ඇයි කියලා... ඒ තරමට විචිත්‍රයි!

      Delete
  7. පෞද්ගලික මුදලින් නෙහ්..
    අපි එහෙම හිතාගන්නංකො.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතනව ඇරෙන්න වෙන මොනා කරන්නද ප්‍රසෝ? කියල තියෙන්නේ වැදගත් තැනකින් නෙව...

      Delete
    2. හැම බොක් කාරයෙක්ම බොග දමන්නේ උගේ තියෙන ඇම්මට පුද්ගලික මුදල් ඩේටා පුච්චන් අතින් කයිට් කරන් තමයි.

      Delete
    3. මේ මේ මේ... අපිව අර ගොඩටම දාලා බාල්දු කරන්න නං එපා... හොඳේ!

      Delete
  8. මැන්චෝසං මෑනි කෙනෙක්ගෙ වැඩසටහනක් දැක්කා ඇඟ ලොමු දැහැ ගැන්වෙන. බිත්තර කෙලින් කරනවා, කඩන්න බෑ කියනවා, කඩනවා... ජාතික රූපවාහිනියෙ වැඩ සටහන් වලට ඒ වගේ අය ගෙන්වලා ප්‍රසිද්ධිය දෙන්නෙ පිස්සුද මන්දා. දැනටම කට්ටිය යනවා ඇති දේවාල වන්දනාවෙ.

    "මං වගේ පුංචි සිංඤෝ කෙනෙක්ට කරන්ඩ ඇහැකි ලොකුම දේ තමා මේ; ජනතාවට මේවා මතක් කිරීම!" ජනතාව ඒ දවස්වල කරා වගේ දේශපාලකයින්ව සත පහකට ගනන් නොගෙන, විවෘත කිරීම් උත්සව වලට දේශපාලකයින්ට ආරාධනා නොකර, අසාධාරණයට විරුද්ධව සුලු හෝ හඬක් නඟන එක දිගටම කරගෙන ගියොත් ඒකත් ලොකු දෙයක්. අරගලයේ ජයග්‍රහණ ඒවා තමයි.

    ReplyDelete
    Replies
    1. Lotus, ඒ ගැන නං දුකත් හිතුණා ජුලි 22 උදේ. මෙදා සැරෙත් පාද යාත්‍රාවේ යන්න පටන් ගනිද්දී. කුමනින් ගේට්ටුව විවෘත කරන්න දේශපාලුවෝ ආවේ නෑ; හැබැයි නිලධර ලොක්කො ආවා- සුපුරුදු විදිහටම පරක්කු වෙලා. මට එවෙලේ හිතුනේ අරගලයේ ජයග්‍රහණ දැනටම අමතක වෙමින් යනවද කියලයි.

      Delete
    2. අමතක වෙන්නයි ගියේ, Lotus - ලොකු හාහෝවක් යන නිසා පොල් ගෙඩිය කෙලින් කරන හරිය බැලුවා. කෙලින් කරනවා කියන්නේ මොකක්ද කියලවත් ඒ මෑණි නොදන්නවා වගේ නේද?

      Delete
  9. ඊයෙ උදේ ම කියෙව්වා. කියන්ඩ දෙයක් හිතාගන්ඩ බැරි උනා. මොකක් හරි මතක් උනොත් ආපහු ඇවිත් කියන්නං.

    ReplyDelete
    Replies
    1. අනේ පල යන්ඩ! ඔය වගේ කමෙන්ට් අපටත් දාන්ඩ පුළුවං. මනුස්සයෙක් නිදි මරාගෙන පත හෑල්ලක් ලිව්වහම උන්දැ ධෛර්යමත් වෙන්ඩ කමෙන්ට් එකක් දාන්ඩ තියෙන කම්මැළීකම...

      Delete
    2. එයිට වඩා හොඳයි මං කරපු එක. මං මේක කියෙව්වෙත් නෑ. කමෙන්ට් කළෙත් නෑ.

      Delete
    3. තොපි එනවද මට කමෙන්ට් කරන හැටි උගන්නන්ඩ? කියවලා හෙමිහිට ලිස්සල යනවට වඩා හොඳ නැද්ද මං වගේ අවංකව කමෙන්ට් කරන එක?

      Delete
    4. අනේ තමුසෙගෙ අවංකකම... ලියනවකො ඕයි තව කතාවක්. කොයිතරං නං තියෙනවද මගෙ සූර වීරකම් ගැන ලියන්න.?

      Delete
    5. මයෙ හිතේ නුවරඑළියෙ ප්‍රාදේශීය භාෂාවෙ වෙන්ඩැති වෙන පළාත්වල කම්මැළීකම කියන එකට, අවංකකම කියල කියන්නෙ..

      Delete
    6. අඩෝ අඩෝ... පට්ට ඈ. දාහං පහක්!

      Delete
    7. තොපි එන්ඩ එපා නුවරඑළිය පැත්තෙ!

      Delete
    8. බය වෙන්ඩ දෙයක් නෑනෙ. අපි නුවරඑළියෙ ඇවිත් සතියක් දෙකක් ඉඳල ගියත්, මූ අපිට මොකුත් කරන්නෑ, කම්මැළීකමට.

      Delete
    9. අඩෝ ඔහෙම ආතල් දෙන්ඩ එපා බං...! හීතලට ඕකා ඇකිළිලා ඇත්තෙ.

      Delete
    10. කටිං චණ්ඩි තමා ඉතිං. ඔය වගේ එවුං ස්ට්‍රෝෙබරි පඳුරකට පයිං ගැහුවත් දාහක් විතර විසික් වෙනව.

      Delete
    11. ගාඩන් එකේ ස්ට්‍රෝෙබරි පඳුරක් තිබ්බ. පයිං ගහල බලන්ඩ ඕනෙ වෙලාවක...

      Delete
    12. ඒ පඳුරෙ නම කියවන්නෙ කොහොමද කියල කල්පනා කරන මම...

      Delete
    13. පඳුරෙ නම පැත්තක තියලා ගසමුද ? මොකද කියන්නෙ?

      Delete
    14. ගැසීම කොයි හැටි වෙතත්, දහතුන නරකයි. ඒකයි මං මේ කමෙන්ට් එක දැම්මෙ.

      Delete
    15. මාව නිකං කරකවල අත ඇරියා වගේ.... හමුදාවකටම උත්තර බඳින්නේ කොහොමෙයි? ජය වේවා කියන්නන් - සේරටම.

      Delete
    16. ගම කෑම කලාවක් වේ නම්, ඩ්‍රැකි සෙට් එක නින්ජා ටර්ටල්ස් ය.

      Delete
    17. අඩෝ මේ මාත් මේකේ ඉන්නවා..

      Delete
    18. කොහෙද යකො ගිහිං උන්නෙ?

      Delete
    19. වරෙං වරෙං කොමියා. නවත්තපු තැනිං පටං ගමු...

      Delete
    20. බුදාම්මෝ! මට පිස්සුදෝ....

      Delete
  10. මං එන්න පොඩ්ඩක් පරමාද උන ටිකේ මුන් මේකේ රගලා.

    ReplyDelete
    Replies
    1. තනියම රඟන්න අමාරුම නං.. මාත් සුප්පා දේවිට එහෙම රඟපු කෙනෙක් ඈ.........

      Delete
  11. මාත් ආවෙ කාලෙකින්... මුලක ඉඳං කියවන්න තියෙනව මේකෙ.

    ReplyDelete
    Replies
    1. තාරාත් ඇවිත්! කොහොමෙයි.... එනවද අලුත් වික්රමෙකින්?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්