“ඒයි ඒයි, සිංහලෙන් කතාව නවත්තපං බං. අර ඉස්සරහින් එන මිනිහා ලංකාවේ මිනිහෙක්; සෙවලයෙක්.” කර වටේ දමාගෙන හිටි මෆ්ලරයෙන් මුහුණේ බාගයක් වහගන්න ගමනුයි, එයා කිව්වේ. “අපිත් ලංකාවෙන් කියල දැනගත්තොත් මළ කරදරේ බං.” එයාගේ කතාවෙන් වුණේ මිතුරිය එහෙම පිටින්ම නිශ්ශබ්ද වෙච්චි එක.
එහෙමයි, මට
තව පැරණි රසාංග ටිකක් අහගන්න තිබ්බ chance එක එදා නැති වුණේ.
බැරි වෙලාවත්- අනේ, ලංකාවේම අය නේද කියලා, මමත් එයාලට කතා කළා නං...
තවමත්
මට කල්පනා වෙන්නේ මාත් සෙවලයෙක් වෙන හැටි!
නහුතයකටත් වැඩියෙන්
වෙනස්කම්...(එකම දෙපාර්තමේන්තුවක නිල ඇඳුම්වල පාටේ පවා!) |
ගතිගුණ අතින් නම් ‘නහුතයකටත් වැඩියෙන් වෙනස්කම්’ අපේ අය අතර තිබෙයි! ඒවායින් වැඩි
හරියක් නං අජාසත්තය!!
Sofa කවර මහන job එක කෙරෙන දවස්වල රාත්තිරියක call එකක් දුන්නේ විල්මන්
ජයසිංහ මහත්තයායි. මතකයිනෙ, අපිත් එක්ක එකම ගුවන් යානයේ එංගලන්තයට ගිය ගුවන් විදුලියෙ එක්කෙනා.
“නිමල්, මගෙ යාළුවා මාව ලන්ඩන්වලට එක්කරගෙන එනවා... ලබන Monday. මං යාළුවට කිව්වා
ඔයාලගේ ගෙදරටත් ගිහිං එමු කියලා. අම්මගෙනුයි, ඩැඩාගෙනුයි අහන්න අපි ආවට
කමක් නැද්ද කියලා.”
ටෙලිෆෝනය අතින් වසාගෙන, අම්මාටත් ඩැඩාටත් ඇසෙන සේ මම ප්‍රශ්නය ප්‍රතිවාදනය කළෙමි.
“ඕක අහන්නත් දෙයක්ද දෙයියනේ? එන්නයි කියන්න රංජි.” කුස්සියේ
සිටි අම්මා දෙවරක් හිතන්නටවත් වෙලාවක් නොගෙනය, කිව්වේ.
ඊළඟට මං හැරුණේ ඩැඩා දිහාවටයි.
“Don’t look at me! දැනටමත් ගෙදර
ප්‍රධානියා කැමැත්ත දීල ඉවරයිනේ. I don’t have a place.” ඩැඩා උරහිස් දෙක
හකුළුවමින්; දෑත් දෙපසට විදහා පෙන්නමින් රැඟුවේය. ‘ලීලාගේ කතා ලීලාවෙන්ම’ එයා
උත්තරය තේරුම් අරගෙනය.
ඒකෙන්වත් අපේ අම්මාට ‘ඩැඩාගේ ඉඟිය’ තේරුණේ නැත. “රංජි, එයාට කියන්න ලංකාවේ විදිහට
කෑම ටිකකුත් කාලම යන්න බලාගෙන lunch එකට එන්නයි කියලා.”
හැම පිරිමියාම අපේක්ෂා
කරන්නේ යටහත්, සුවිනීත, කීකරු සහකාරියක ලැබීමට
නේද? |
“ලීලා, උඹ අනෙක් මිනිස්සුන්ට respect කරන්න දන්නෙ නෑ.
Sorry, දන්නෙ නෑ නෙවෙයි, කරන්නෙ නෑ... සමහර වෙලාවට උඹ මට වුණත් රෙස්පෙක්ට් කරන්නෙ
නෑ.” ඩැඩා
යෝජිත පිල වෙනුවෙන් පළමුවෙන් අදහස් පළ කළේය.
“ආාාාා ඇත්තද? මං උඹට රෙස්පෙක්ට් ක..ර..න්..නෙ..ම නැද්ද සැසිල්?” ප්‍රතියෝජක පිල
වෙනුවෙන් අපේ අම්මා විමසා සිටියාය.
යෝජක- ප්‍රතියෝජක දෙපිලටම සිටියේ එක්කෙනා බැගිනි. සාලයේ
සෙටියකට බර දීගෙන හිටි මට නැඟිට ගන්නට විදිහක් නැත. විවාදය පටන් ගනිද්දීම අනිල්
නැඟිට්ටේය. ‘මම wash එකක් දාගෙන එන්නං ලොකා’යි කියාගෙන උඩ තට්ටුවට ගියේය.
ඒ ප්‍රධාන නාන කාමරයටය. (ඒ තට්ටු නිවාස ඒකකයකට Bathrooms දෙකකි තිබ්බේ. ප්‍රධාන; ලොකු බාත්රූම් එක උඩ තට්ටුවේය. කුඩා වැසිකිළිය යට තට්ටුවේය.)
“ලී..ලා, ලීලා. You do that... උඹ මට ගො..ඩා..ක්
රෙස්පෙක්ට් කරනවා නේන්නං, එහෙම කෙරිල්ලෙන් උඹට වාසියක් වෙන වෙලාවට. නැත්තං මට
කියලා උඹේ වැඩක් කරවගන්න තියෙන වෙලාවට.” ඩැඩාගේ tone එක එතරම් ප්‍රහාරාත්මක එකක්
නොවේ. එහෙම වෙලාවට එයා කතා කරන්නෙත් ප්‍රතිවාදියා දිහාව කෙලින්ම බලලා නොවේ. ඇස්
පහතට යොමා ගෙනය.
එහෙම වෙන්නේ ආත්ම විශ්වාසය අඩුකම හින්දාද- නැත්තං සටනකට ඇති අකැමැතිකම හින්දාද?
එදාත් එහෙම කළා මදිවාට, ඒ මනුස්සයා ඒකමතිකවම විනිශ්චයකාරවරයෙකුත්
තෝරා පත් කර ගන්නට හැදුවේය.
“බලපං නිමොල් උඹලගේ අම්මගේ කතා. කොහෙද යන මිනිහෙකුට කෑමකටත් invite කරන්නෙ-
නිකමටවත් උඹෙන් ඇහුවද එදාට උඹ වැඩද කියලා... මගෙන් ඇහුවද මට වැඩක් තියෙනවද
කියලා... මට කියපං නිමොල්, එහෙමද අනිත් මිනිසුන්ට ගරු කරන්නේ. ස්පෙෂලි තමුන්ගේ
husbandට! හස්බන්ඩ් කියන දේට කීකරු වෙන්න ඕනි නේද, ගෑනු වුණාම.”
“ඔව්, ඔව්... එහෙම කරන්න බැරි නිසා වෙන්න ඇතිනෙ, ඔහෙගේ
කලින් wife ඔහෙගෙ එකම පුතත් අරං දාල යන්ඩ ඇත්තේ. බලාගෙන ගියාම කොයි පිරිමියත්
එකයි. සැසිල්, උඹල හැමෝටම ඕන කරන්නේ උඹලට වැඳගෙන ඉන්න ගෑනු.” රතිඤ්ඤා වැලක් පුපුරණ
ගාණටම අපේ අම්මා පුපුරා හැලුණාය.
“නිමොල්, I can’t understand උඹලගෙ අම්මගෙ මම්බල්-
ජම්බල්. You tell me, please. මොන කෙහෙල්මලක්ද මේ එයා කියන්නේ?” ඩැඩා කිව්වේ මටය.
ඔහු එවෙලේ නම් කිව්වේ දාර සයිස් බොරුවකි. අම්මාගේ ඉංගිරිසිය වියත් එකක් නොවේ. ඒත්
ඒ වෙලාවේ අම්මාගෙන් ‘worship to you’ වචන ටික කියවුණේය. (අවුරුදු හයක් අම්මාගේ
මම්බල්- ජම්බල් තේරුම් ගන්නට පුරුදුවී ඉන්නා) ඩැඩාට අපේ අම්මා කියන්නට තැත් කරන අදහස
අහුලා ගන්නට ඒ වචන තුන හොඳටම ප්‍රමාණවත් යැයි මට තේරෙයි.
අපේ ආච්චී නිතර කියන්නට පුරුදුවී හිටි සිංහල කවිය ඩැඩා දැනගෙන
හිටින්නට විදිහක් නැත.
‘ගෑනු ජාතිය, ජරා ජාතිය
ගලේ ගහලා මරා දාපිය
පිරිමි ජාතිය, උතුම් ජාතිය
කන්ට දීලා මල් පුදාපිය’
ඒත් ඒ අදහසම නේද ඒරොප්පේ උපන්; එහෙම හැදී වැඩුණු මේ බ්‍රිතාන්‍ය ජාතික පිරිමියාත්
දරන්නේ?
ගැහැනියක තම ස්වාමි පුරුෂයාගේ අණසකට යටත්වම විසිය යුතුද?
හැම පිරිමියාම අපේක්ෂා කරන්නේ යටහත්, සුවිනීත, කීකරු සහකාරියක ලැබීමට නේද?
සුමාන ගාණකට පස්සේ
ලංකාවේ විදිහට කෑවා. උස්මුරුත්තා වෙනකං. |
‘උඹත් කොහොම හරි කර ගනිං අර මඟුල් ඔපරේෂන් එක. උඹටත් ඕනි
ගෑ..නි..යෙ..ක් වෙන්නනේ. ඊට පස්සේ උඹටත් තේ..රෙ..යි පුතෝ ඒ..කෙ රඟේ.’
එතෙක් මට ඇතිවී නොතිබුණු සිතුවිල්ලක බීජයකි, එදා මගේ හිතේ රෝපණය වුණේ!
ඩැඩාගෙත් අම්මාගෙත් දබරයේ ලකුණක්වත් පහුවදා උදේ වෙද්දී
ඉතිරිව තිබුණේ නැත.
විල්මන් ජයසිංහ කියූ ලෙසම මිතුරාත් සමඟින් අපේ ගෙදර
ආවේය. ඒ එනකොටත් අපේ අම්මා උයලා අහවරය. අපේ ඩැඩා එයාගේ මිනි bar එකෙන් ගත් විස්කි
බෝතලයක් දෙමිතුරන් ඉදිරිපිටින් තැබුවේය.
“අපි එනවට උඹලා මෙච්චර කැමති බව දන්නවා නං මීට ඉස්සෙල්ලයි එන්නෙ...” විල්මන්
නොසෑහෙන තරමේ සතුටෙනි, කීවේ. “අපරාදේ නිමල්. උඹලගෙ මල්ලී අනිලුත් ඉන්නයි තිබ්බේ...
මට තනියෙන්මනේ drink එකක් ගන්න වෙන්නේ. කොහෙද මෙයාටත් බැහැලුනේ...”
“දේසේ හැටියට බාසේ තියෙන්න ඕනිනේ මචං! මෙහෙ ලංකාවේ වගේ
නෙවෙයිනෙ- චුට්ටක්වත් බීලා drive කරන්න බෑ. නැත්තං මාත්...” විල්මන්ගේ මිතුරාත්
අලගු තිබ්බේය. “හැබැයි ඒකටත් එක්ක හරි යන්න මම කන්නං. ලංකාවේ රසටම උයලා තියෙනවා
වෙන්න ඕනි. මේ කට්ලට්වල රසෙන්ම ඒක කියතෑකි.”
“අපේ සැසිල් ලංකාවේ කෑම ජාතිවලින් කන්නේ ඔච්චරයි. හැබැයි
අමුමිරිස් නොදා, ගම්මිරිස් කුඩු යන්තමට දාලා හදන්න ඕනි...” අම්මා ඔජ වඩයි.
“වෙන්ඩ බෑනෙ මිසිස් ශ්‍රෝඩර්. මේ කට්ලට් ගාණට සැරට
තියෙන්නේ. මිස්ටර් ශ්‍රෝඩරුත් මේව කෑවනේ...”
“නෑ නෑ යාළු. ලීලා මට වෙනමම හදනවා සැර අඩුවෙන්. She knows the way I liked.” එහෙම
වෙලාවට ආඩම්බරයෙන් පිම්බෙන්නටත් ඩැඩා අමතක නොකරයි.
“Thanks මිසිස් ශ්‍රෝඩර්! සුමාන ගාණකට පස්සේ ලංකාවේ විදිහට
කෑවා. උස්මුරුත්තා වෙනකං.” විල්මන් ජයසිංහ මහත්තයා අවසානයේදී කිව්වේය.
“තව සති දෙකකින් මම ආපහු යනවා. ඔයාලට මොනවා හරි ලංකාවට යවන්න තියෙනවා නං ලෑස්ති
කරල තියන්න. මහරගම කියන්නේ කොළඹ ඉඳල මහ දුරක් නෙවෙයිනෙ. මම ගෙදරටම ගෙනිහින්
දෙන්නං...”
“අනේ, කොච්චර එකක්ද විල්මන් මහත්තයා...”
“නිමොල්, උඹ ලියා ගනිං මිස්ටර් විල්මන්ව contact කරන්න ඕන number එක.” ඩැඩා මට
මතක් කළේය.
“මෙන්න නොම්මරේ, ලියා ගන්න නිමල්... xxxxxxx. හීත්‍රෝ එකට යන
ගමන්ම මං එනවා.” විල්මන් ජයසිංහ උන්නැහේ සහතික වුණේය.
අපට නොකියා; නොදන්වා
ඔහු පිට පාරෙන්ම ආපහු ලංකාවට ගිහිංය. |
ඊට පස්සේ කවරදාවත් මට ඔහු මුණ ගැසීලාත් නැත; කතා කරලාත් නැත. අපට නොකියා; නොදන්වා
ඔහු පිට පාරෙන්ම ආපහු ලංකාවට ගිහිංය.
එහෙම කළ එක එතරම් දෙයක් නොවේ. ඒත් ඒ සිද්දිය මතක් කරමින් අපේ ඩැඩා ‘ශ්‍රී ලංකාව’
හෙළා දකින වෙලාවට නං අපි නිරුත්තර වීමු!
ඒ අස්සෙම ඒ කළු වලාවේ රිදී ඉරකුත් අපේ ඩැඩා දැක තිබිණි.
“ඒ වුණාට නිමොල්, උඹ ලංකාවට ගියාම ඒ මනුස්සයව හොයාගෙන
ගිහිං thank කරපං. ගෙනියන්නං කියලා අපේ පාර්සලය අරගෙන ගිහිං එයාම ඒක තියා ගත්තා
නං... එහෙම රැවටිල්ලක් නොකළ එක වුණත් හොඳ වැඩක්නේ. He deserves a thank for it!” ඩැඩා
කිව්වේ ඇත්තටම වගෙය.
ඒ දවස් කිහිපයේ එය හිටියේ ටිකාක් විතර පසුබෑ ගතියකිනි. සෙටි කවර මැස්සවූ මිතුරා මට
ගෙවූ මුදල ප්‍රමාණවත් නැතැයි ඩැඩා
තැවෙමින් හිටි නිසාය ඒ.
“මං කිව්වා නේද රංජි, ඩැඩාගෙ බංකොලොත් යාළුවන්ගෙ තරම!
ඉන්නකො, මම එයාට පෙන්නන්නං මටත් කරන්න පුළුවන් තරම. මම මිසිස් බනාසේටයි, එයාලගේ
ලොකු පුතාටයි වචනයක් දාල තියෙන්නේ. ඒක හරි ගියොත් ඔයාට ආයෙ වෙන වැඩ හොය- හොයා
රස්තියාදු වෙන්න ඕනි වෙන්නේ නෑ.”
අම්මා කියූ ‘ඒක හරි ගියේ’ දවස් කිහියකට පස්සේය.
ඒත් ඊට ඉස්සෙල්ලා, අප පළමුවෙනි වතාවට Jumble Sale එකකට
යැවිණි. අපේ අම්මා මඟ බලමින් ඉඳලා තිබ්බේ ජම්බල් සේල් ගැන ආරංචියක් එන තුරුය.
“ඔන්න තියෙනවා.” Hounslow Informer පත්තරයෙන් ඒ ආරංචිය කියවූ අම්මා මටත් එය
පෙන්නුවාය. “මේ ඉරිදනේ... උදෙන්ම යන්න ඕනි. මල්ලියට කියලා පවුම් පහක විතර මාරු
සල්ලිත් ලැහැස්ති කර ගන්න, රංජි.”
“පවුම් පහක? ඒ ගාණට මොනවා ගන්නද අම්මෙ. ඊටත් මාරු
සල්ලි....”
“මට වැඩිය හොඳට මල්ලා දන්නවා. අහගන්නකො එයාගෙන්... ඒ එක්කම ඔයා ඩැඩාටත් කියල
තියන්න අපිව ඉරිදා උදේ එහෙට එක්ක යන්න ඕනියි කියලා.” අම්මා මල්ලියාටත්, මටත් ‘බෝල’
දෙකක්ම pass කළේ එකවරය.
“ඒ..ඒ..ඒ..ඒ හරි ෂෝක්. අපි ජම්බල් සේල් යනවා! Very nice. මටත්
සල්ලි තියෙනවා... I can buy lot of things!” චූටි නංගිත් උඩ පැන්නාය.
එදාත් ඊට පස්සෙත් Jumble
Sale කීපයකටම
ගිහිං අරගත්තු දේවල්වලින් තුන හතරක් තවමත් මේ දිසානායකයා සතුව තිබෙයි! |
“ඒකෙ හැම දේම තියෙනවා ලොකූ.” සමන්ති නංගිත් උනන්දුවෙනි.
“හුඟක්ම වෙලාවට Jumble Sale කරන්නේ charityවලට. කව්රු
හරි group එහෙකින්. ගොඩක් වෙලාවට ලොකූ, පල්ලියකුත් ඕකට හවුල්. ඒ ගොල්ලෝ ඔය සේල්
එකෙන් හම්බ වෙන සල්ලි සේරම පල්ලියට දෙනවා.... නැත්තං charityවලට
වියදං කරනවා.”
“පිං වැඩවලට වියදං කරන්න තරං සල්ලියක් හම්බ වෙන්න මොනවද
බොලේ ඔතන විකුණන්නෙ?” පුරුදු විදිහට සාලයේ සෙටිය ළඟින්ම බිම වාඩිවී හිටි අන්නාගේත්
කුහුල ඇවිළීලා වගෙය.
එංගලන්තයේ හැම ගෙදරකම, හැම කාමරයකම (නාන කාමරයේ පවා) බිමට පලස් අතුරා තිබෙන බවයි
මං දැක්කේ! දින කිහිපයකට වරක් හූවරයකින් දුහුවිලි ඉවත් කෙරෙන නිසා ඕනෑම තැනක බිම
වාඩි වුණත්, ඇඳුම් කිලිටි නොවෙයි.
එකිනෙකා පරයමින් සෑම්, දීපාල්, දීපානි තුන් දෙනාත් අන්නා
ළඟින්ම බිම වාඩිවී, ජම්බල් සේල් වරුණේ අපට කීවෝහ.
ඔවුන්ගෙන් කියැවුණු විදිහට, ඕනෑම කෙනෙකුට මුදල් ගෙවා
Sale භූමියේ ඉඩක් වෙන් කරවා ගත හැකිය. බොහෝ දෙනෙක් තමන්ගේ වාහනයේ ඩිකියේ හෝ පසුපස
තට්ටුවේ හෝ තියා ගෙනය, විකුණන බඩු ප්‍රදර්ශනය කරන්නේ.
“එහෙම හන්දා තමයි ලොකා, ජම්බල් සේල්වලට Car boot sale කියලත් කියන්නේ.”
“බඩු ගොඩක් තියෙන අය car එක ඉස්සරහින් ඉටි රෙද්දක් එලලා ඒක උඩත් බඩු ටික දානවා.”
“One can sell ඕනි නැති පරණ ඇඳුම්, books, toys වගේ දේවල් වුණත්.”
“ඇයි Sam, පොඩි පොඩි ඕනමන්ට්ස්, සෙරමික්ස්... මල් පැල...”
අනිලුත්, මාත් පුදුම වුණේ සේල් පොළේ ඇඳ- පුටු- මේස- අල්මාරි
පවා විකිණෙන විත්තිය කියවුණාමය.
“ඔයාලට කියන්න අනිල් අයියේ, මගෙ foot සයිකල් දෙකම ගත්තේ එහෙම සේල් එකකින්. හරිම
අඩුවට...”
ඊටත් වඩා අප පුදුම
වුණේ එහාට ගියාමය. සමන්තිලා කිව්වා හරිය. එතැන නැති ජාතියක් නැති තරම්ය. ඒත්
වැඩියෙන්ම තිබ්බේ ඇඳුම්ය.
“මේකනෙ ලොකූ, මෙහෙ හැම summer එකටම අලුත් ෆැෂන්ස්වල ඇඳුම් එනවා. ගිය අව්රුද්දෙ ආපු
fashions මේ අවුරුද්දේ අඳින්නේ දුප්පත් අය විතරයි. ඇඳුම් විතරක් නෙවෙයි, ඇඳුම්වල
තීම් colours වුණත් වෙනස්... ඉතිං කවුරුත් බලන්නේ පරණ ඒවා අයින් කරලා අලුත් ඒවා
ගන්න.”
“ඒ වුණාට සෑම්, මම දැක්කනේ tags පිටින්ම තියෙන ඇඳුනුත්.
ඒවා use කරලා නැති ඒවානේ.”
එතකොට චූටි දැරියක වුණු
අපේ චූටි නංගී දැන් උස්-මහත් වුණු දූ-පුතුන් පස් දෙනෙකුගේ අම්මෙකි. (නොබෝදා අපේ
පොඩි මස්සිනා සුදිත්ගේ 50වෙනි උපන් දිනය දවසේ....) |
ඒ එංගලන්තයේ උදවියයි: අපි නොවෙමු. එදාත් ඊට පස්සෙත් Jumble
Sale කීපයකටම ගිහිං අරගත්තු දේවල්වලින් තුන හතරක් තවමත් මේ දිසානායකයා සතුව
තිබෙයි! ඉහළින් තියෙන 5 වෙනි foto කෑල්ලේ දැක්වෙන්නේ ඒවාය..
ඒවායින් නිදිගෙ favourite අංකය වනුයේ, ළා නිල් පැහැති
චූටි ටෙඩි බෙයාර්ය.
අප ගිය ජම්බල් සේල් එකකින් ඒක අරගත්තු චූටි නංගී මාස දහයක් විතරම කාලයක් ඉතා
ආදරයෙන් ඌව සුරතල් කළාය; රැක බලා ගනිමින්- සෙනෙහස පාමින් ටෙඩියාට අම්මෙක් හා
මිතුරියක් වූවාය.
1986 ජනවාරියේ අප ආපසු ලංකාවට එන්නට සූදානම් වෙද්දී චූටි නංගී දීපානි එයාගේ චූටි
ඇස් දෙක කඳුළු උතුරා යන පොකුණක් කරගෙන; මාව වැලඳගෙන ඒ ටෙඩියාව මගෙ සුරතේ තිබ්බාය.
“ඔයා ලංකාවට ගියාම හැමදාම රෑට මේ ටෙඩීව ළඟ තියාගෙන නිඳා ගන්න ලොකූ, එතකොට
ඔයාට මාව මතක් වෙයි. හොඳේ!” එදා; එවෙලේ අපේ චූටියාගෙන් වහනය වුණු උණුහුම් සෙනෙහසේ සුවඳ
තවමත් මගේ පපු කුහරය ඇතුළේ කැරකෙයි. (එතකොට චූටි දැරියක වුණු අපේ චූටි නංගී දැන්
උස්-මහත් වුණු දූ-පුතුන් පස් දෙනෙකුගේ අම්මෙකි.)
ඉතිං Jumble Saleවලට ආපහු
යනකොටම මට මතක් වෙන්නේ, Van රියක පිටුපස ප්‍රදර්ශනය කරමින් තිබුණු රෙදි තොගයකි.
ඒවා කච්චි පිටින්මය විකුණන්නට තිබ්බේ.
(‘සේද රෙදි* කච්චිය ගැනත් ලියන්න අමතක වුණා හෙම නෙවෙයි හොඳේ.’ කියලා
පසුගිය
පෝස්ටුවෙදී කිව්වේ, මේ කාරණය
හින්දාය.)
“අම්මෙ, අම්මෙ... අර-
අර අතන විකුණන්න තියෙන්නෙත් ඩැඩාගෙ යාළුවා
සෝෆා කවර මහන්න ගෙනිහින් තිබුණ වගේ රෙදි පීස්නෙ...” ඒවා දුටු ගමන්ම අපේ අම්මා
කඩාගෙන ගියේ එතැනටය. ඒ ගණන් හිලවු අහගන්නටය.
“එදාම මම කිව්වේ. මේ වගේ තැනකින් තමයි මිනිහා එව්වා ගෙනියන්න ඇත්තේ. ඒවා හරිම
ලාබයි, අපිට වැඩක් නැතිව මිස.”
හොඳ වෙලාවටය, ඩැඩා අපේ අහලක නොහිටියේ. හිටියා නං අම්මා
එතනදීම ඩැඩාගේ යාළුවා ගැන කියා රණ්ඩුවක් පටන් ගන්නටත් ඉඩ තිබිණි.
Car එකෙන් අපව ජම්බල් සේල් එක තියෙන තැනකට එක්කරං ගියත් ඩැඩා එතැන විකුණන දේවල්
බලන්නටවත් එන්නේ නැත. ‘උඹල ගිහිං වරෙල්ල’යි කියලා- තේ, කෝපි, සැන්ඩ්විච් හා short
eats වර්ග විකුණන තැනකට වී කෝපි එකක් බොමින් කල් මරණවා විතරය.
à ඊළඟ කොටසට...
හරිම රසවත්
ReplyDeleteගොඩාරියක් සතුටුයි ඉයන්!
Deleteඅන්තිම කෑල්ල කියවනකොට
ReplyDeleteවාහනේකින් විකුණන මාර්ශ්මෙලෝස් දාපු හොට් චොක්ලට් මතක්වුනා.
ලංකාවේ නෙවෙයි නේද?
Deleteනෑ. නිමල් ලියල තියෙන්නෙ ලංකාව ගැන නෙමෙයිනෙ
Deleteමේක ගැන කලිනුත් ඇහැව්වා. මේ කියන "ආණ්ඩුවේ ප්ලැට්" එකක පෙනුම, සැලැස්ම තියෙන පිංතූරයක්/කටු සටහනක් නැත්ද?
ReplyDeleteළඟදීම දෙන්නං තව පොඩි විස්තරයකුත් එක්කම.
Deleteඅද කතාව නියමයි. ලීලාගේ "මම්බල්-ජම්බල්" වලිය නිසා,කතාව වෙනදටත් වැඩිය රසවත් වෙනවා. ගානට ලුණු-ඇඹුල් වැටිලා තියනවා.
ReplyDeleteවිල්මන් ජයසිංහ නියම "ගල් ආඳෙක්" පාටයි. උන්දෑ, ඔච්චර "ස්ට්‍රීට් වයිස්" නිමොල්වත් තැඹුව එකයි පුදුමෙ.
මාව තැම්බුවත් කාරී නෑ, උන්නැහේ නිසා අපේ රටේ නම්ට වෙච්චි කැළල ගැනයි දුක්. ඒ මදිවට ඊට පස්සේ තව කෙනෙකුත් එහෙම පජාති වැඩක් අම්මලට කළා!
Deleteගෙනියන්නං කියලා අපේ පාර්සලය අරගෙන ගිහිං එයාම ඒක තියා ගත්තා නං.//මමත් හිතන්නේ ඊ මනුස්සයට මෙහෙම කරන්න තිබුන,
ReplyDeleteතිබ්බා නේන්නං ලලිත්!
ReplyDeleteපොස්ටුව කෙටීද මන්ද.
ReplyDeleteඩැඩා සේල් එකට නොආවේ... ලොකුකම නිසාද මන්ද
වැස්සයි, වැඩ වැඩිකමයි නිසා ලියන්න ලැබෙන්නේ ටිකක් අඩුවෙන්, නමී.
Deleteලොකුකම නිසාද කියල ඊළඟට කියන්නන්. ඒ කාරණය මතු කළාට ස්තුතියි!
//ඒ අප ඔහු දුටු අන්තිම දවසය; ඉන්පසු ඔහු අපේ ඇමතුම්වලට උත්තර දුන්නේ නැත.
ReplyDeleteඊට පස්සේ කවරදාවත් මට ඔහු මුණ ගැසීලාත් නැත; කතා කරලාත් නැත. අපට නොකියා; නොදන්වා ඔහු පිට පාරෙන්ම ආපහු ලංකාවට ගිහිංය.//සාමාන්‍යයෙන් .වෙන දේවල්. 😀
ලංකාවේ අපට නම් ඕවා සාමාන්‍යයි තමා, අජිත් මහත්තයෝ. හැබැයි එහෙම නොවෙනවා නං නේද හොඳ.
Deleteඅපේ චැරිටි එක දාපු අලුත අපිත් ගෙවල් වල තියෙන බඩු අරන් ගිහින් දවසක් වික්කා. වැඩිය මුදල් හම්බවෙන ව්‍යායාමයක් නෙමේ හැබැයි.
ReplyDeleteඒත් සජිත්, ඔය වගේ වැඩවලින් ලැබෙන සතුට... සමාජ ආශ්‍රය... සම්බන්ධතා වගේ දේවලුත් count කරන්න ඕනිනේ.
Deleteකවුද යකූ සජිත් 😂
Deleteමොකද යකුනි තොප පිට්ටු නොකන්නේ
Deleteලුණු නැති පිට්ටුව, කොහොමද කන්නේ
උත්තරයේ, අ-යනු, ස-යනු මාරු වෙලානේ
පුවක් මලෙන් දෙකක්, තඩි බා පන්නේ
සිරස නමාලයි මෙහෙම කියන්නේ
Deleteවරදකි මා'තින් සිදුව තිබෙන්නේ
පුවක් මලෙන් දෙක නං දීපන්නේ
සමා වෙන්න කියලයි ඉල්ලන්නේ
//“ඔයා ලංකාවට ගියාම හැමදාම රෑට මේ ටෙඩීව ළඟ තියාගෙන නිඳා ගන්න ලොකූ, එතකොට ඔයාට මාව මතක් වෙයි. හොඳේ!” එදා; එවෙලේ අපේ චූටියාගෙන් වහනය වුණු උණුහුම් සෙනෙහසේ සුවඳ තවමත් මගේ පපු කුහරය ඇතුළේ කැරකෙයි.//
ReplyDeleteමේ කොටස කියවද්දී ඇත්තටම ඇස් කෙවනි තෙත්වෙනවා දැනුනා. අපේ වචනයෙන්ම කියනවානම් බොක්කටම වැදුනා..
කොළොම්පුරේ අසංග
සොයුරු පෙම කොහොමත් දැඩියි නේද අසංග.
Delete