එහෙ තිබුණු Coconut Cream මට නං හරි ගියෙම
නැත. ඒවා දැම්මාම හොද්දෙන් ආවේ කිරි රසයක් නොවේ, තෙල් රසයකි.
Hounslow ඉන්දියන් කඩයක පොලුත් තිබිණි. ඒ දවස්වල පොල් ගෙඩියක් පවුමකි. වැරැද්ද ඒ
පොල් හොඳටම කරුකුට්ටන් වෙලා තිබුණු එකය. ඒ පොල් බෑයකින් බාගයක් ගාන්නටත් කලින්ම
කටුවෙන් ගැලවෙයි...
කවුරුත් බලන්නෙ පොඩි ගණනකට වැඩේ කර ගන්න! |
ට්‍රීන් ට්‍රීන්... ට්‍රීන් ට්‍රීන්... එතකොටය ටෙලිෆෝනය නාද වෙනවා ඇහුණේ. “Nimal, it’s for you.” ඩැඩා කීවේ මුහුණ නොරොක් කර ගත් ගමන්මය. ටෙලිෆෝන් කර තිබ්බේ අශාන්ය. “ඔයාට හොඳට අකුරු අඳින්න පුළුවන් කියල අද දවල් කිව්ව නේද? මට ඇත්තම කියන්න ඕනි... බැරි නං ඒක කෙලින්ම කියන්න. ඒක තමයි මෙහෙ විදිහ. ලංකාවේදී නං අපි බැරි දෙයක් වුණත් බැහැයි නොකිය කරන්න කර ගහනවනේ.” අශාන් කිව්වේ පොල්ලකින් ගහන්නා වගෙය; වහෙන් ඔරෝ නැතුව- කෙලින්මය.
“මම ලංකාවේදී නං අකුරු ඇඳල තියෙනවා... අශාන්! හොඳයි කියලත් සමහරු කියල තියෙනවා!!”
“මේකයි නිමල්. කයිසර්ගේ බිස්නස් යාළුවෙකුගේ van එකක්
තියෙනවා. මිනිහට ඒකෙ එයාලගෙ බිස්නස් එකේ නම paint කරවගන්න කෙනෙක්ව හොයනව. අපි ඔයා
ගැන කතා කර-කර යනකොටයි කයිසර් මට ඕක මතක් කළේ. හැබැයි, England ආර්ටිස්ට් කෙනෙකුට
ගෙවන ගණන නං ගෙවන එකක් නෑ. ඔයා දන්නවනෙ, work permit එකක් නැති අයගෙන් වැඩ ගන්න
කවුරුත් බලන්නෙ, පොඩි ගණනකට වැඩේ කර ගන්න.
ඔයාලගේ ඩැඩා වගේ සුද්දො නං එහෙමවත් වැඩක් දෙන්නෙ නෑනෙ, නීති කඩන්න බය හින්දා.
ඉන්දියන්, පකිස්තාන්, අරාබි එවුන් තමයි ඔහොම අඩු ගාණකට හරි වැඩ කරවගන්නේ... ”
(අශාන්ලා මොනවද මගෙ ගැන කතා කර-කර ගියේ?) ඒ ප්‍රශ්නය
හිතේම තියාගෙනය මං උත්තර දුන්නේ.
“මම බැනර් කීපයක්ම ඇඳල තියෙනවා!
වතාවක් මොරටුමුල්ලේ ලී බඩු කඩේක බෝඩ්
එකකුත් ඇන්දා.”
“සිංහලෙන්ද...”
“බැනර් නං සිංහල, ඉංග්‍රීසි, දෙමළ තුනෙන්ම... ලී බඩු කඩේ එක ඉංග්‍රීසියෙන්.” මං
එහෙම කිව්වාම නං අශාන් පැළෙන්න තරං සද්දෙට හිනා වෙනවා ඇසිණි. “ ඔය තියෙන්නේ. එහෙනං
මොකටද බය වෙන්නේ. දෙමළ අකුරුත් ඇන්දා නං ආයෙ මොනවද... වැඩේ set කරන්නං.”
එංගලන්තයේදී මට කරන්නට සිදු වුණු පළමු job එක ඒකය.
ඒ ගැන කතා කර ගන්නට, එයාලගේ යහළුවාව මුණ ගැස්වීම සඳහා අශානුත් කයිසරුත් මා
කැඳවාගෙන ගියහ. ඒ වෙනුවෙන්ම එහි යන්නට; එයාලගේ වාහනයෙන්ම අපේ ගෙදරටත් ආවෝහ.
උඹල England ඇවිත්
ගොඩක් කල්ද දීපාල්? (මේ foto එක ගත්තේ දීපාල්ලා එංගලන්තයට යන දවසේ දහවල්ය.
වමේ සිට: පසු පෙළ- නිදි, සුනිල්, අනිල්, අජිත් -දෙවෙනි පෙළ-අම්මා මානෙල්, සමන්ති
-ඉදිරියෙන්ම- දීපානි හා දීපාල්) |
සැටියට බර දීගෙන, උඩ බලාගෙන- මෞන ව්‍රතය රකිමින් ‘තමන්ට
නොවේ’ වගේ හිටි අපේ ඩැඩා එතකොට නම් කතාවට මැදිහත් වුණේය! (බලනකොට එයත් මොනවද වෙන්න
යන්නෙ කියලා හෙවිල්ලෙනුයි ඉඳල තියෙන්නේ.)
“නිමොල්. දැන් උඹල යනකොට දීපාල්වත් එක්ක යන්නයි තියෙන්නේ. මිනිහා මේ ඒරියා එකේම
පාරවල් දන්නවා. එතකොට උඹට ආයෙම එතැනට යන්න ඕන වුණාම එයත් එක්ක ගියෑකි.”
“සැසිල් තමයි දවසකටවත් මිනිහා. එයාට අපි දෙන්නව
අල්ලන්නෙම නැති හැඩයි...” කාර් එක පාරට ගනිද්දී අශාන් කිව්වේ සිනාසෙමිනි. කයිසරුත්
හිස සොලවා ඒ අනුමැතිය දුන්නේ, මා දෙසත් බලමිනි. “උඹල England ඇවිත් ගොඩක් කල්ද
දීපාල්?”
“අවුරුදු දෙකකට විතර කලින්...”
“එතකොට උඹ කොහොමද මෙච්චර ඉක්මනට මෙහෙ පාරවල් දැනගත්තේ?”
“මිස්ටර් කයිසර්, මම Hounslow News පත්තරේ බෙදුවා ඒරියාස් දෙක තුනකම.”
Hounslow News කිව්වාට, මං එහෙම කිව්වේ
අනුමාන කරලාය. නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය පාඨකයනට ලියද්දී එහෙම අනුමාන කිරීම
මගේ පුරුද්ද නොවේ. හැකි උපරිමයෙන්ම සොයා බලා, තොරතුරු විමසා, තහවුරු කර ගන්නට
උපරිමයෙන්ම වෙහෙසී ලිවීමය- මං කරන්නේ.
මිනිත්තු කිහිපයකට කලිනුත් පිස්සු මං වහන්සේ කළේ ඒකය.
අන්තර්ජාලයේ එහෙම පත්තරයක් ගැන තොරතුරු නැත. නමුත් 2016
ජනවාරි 29 වැනිදා නිකුත් කෙරුණු Hounslow Chronicle පත්තරයක foto එකක් නම් මට හමු
විණි. එවිටත් ඒ පත්තර නොමිලයේ බෙදා හැරුණු බව ඒ foto එකෙන්ම තහවුරු වෙයි. පත්තරයේ
නමට ඉහළින්, දකුණු කෙළවරේ ඉහළින්ම තියෙන වැකියකිනි, ඒ බව සනාථ වෙන්නේ. ‘Pick me
up, I’m FREE’
ඒ වැකියයි.
මට නම් ඒ foto එකෙන් තවත් තොරතුරු සිතා ගන්නට හැකිය. ඒ
පත්තර දැන් පත්තර කඩවලටත් දමා තිබෙන බව... මහා බ්‍රිතාන්‍යයේත් පත්තර කියවන ජනතාව
අඩු වී තිබෙන බව...
(ඊට වඩා අලුත් ෆොටෝස් එතැන නැත්තේ දැන් ඒ පත්තර අච්චු ගැහිල්ලත් නැවතිලාවත්ද?)
කොරෝනා වසංගතයත්, ආර්ථික අහේනියත්, මුද්‍රණ වියදම් ඉහළ යාමත්, මුද්‍රිත පතපොත
කියවීමේ පුරුද්ද අඩු වීමත් නිසා ශ්‍රී ලංකාවේ නම් පත්තර ගණනාවක්ම අභාවයට ගියේය. ඊට
අමතරව (මගේ හැඟීමේ හැටියට නම්) අපේ පත්තරවල අන්තර්ගතයේ කොලිටිය හිටු කියලා ‘Down ද
පල්ලම්’ යාමත්, ඒ අභාවයන්ට බලපාන්නට ඇත.
පිටු 50ක් 60ක් තිබුණු, අතක් බර ඒ දැවැන්ත පත්තරවල news තිබුණේ තුන හතරකි. අනෙක් සේරම... |
ඉතිං ආයෙමත් නියමිත පීල්ලට සම්ප්‍රාප්ත වී Hounslow
පත්තරවලට යමු නේද?
පිටු 50ක් 60ක් තිබුණු, අතක් බර ඒ දැවැන්ත පත්තරවල news තිබුණේ
තුන හතරකි. අනෙක් සේරම වෙළෙඳ දැන්වීම්ය. හැම පෙදෙසකටම වෙන් වුණු පත්තරයක් බැගින්
වෙනම මුද්‍රණය කෙරිණි. ඒ පත්තරය බැගින් හැම ගෙදරකටම නොමිලේ බෙදා දෙනු ලැබිණි.
එංගලන්තයේ බොහෝ පිරිමි ළමෝ අතිරේක මුදලක් උපයා ගැනීම සඳහා, පාසල් යන අතරේම මේ
පුවත්පත් බෙදාහැරීම කළහ.
“එහෙනං දීපාල්, ඔන්න පාර මතක තියා ගනිං.
නිමල්- අපි එහාට ගියාම, මුගේ යාළුවා අහයි වැඩේ කරනවට කීයක් ඕනිද කියලා. ඔයා ගණනක්
කියන්න එපා. කයිසර් ඒක බලා ගනියි, ඔයාට අසාධාරණයක් නොවෙන විදිහට. එහෙම හොඳයි නේද
කයිසර්?” මට කේවල් කිරීමට බැරි විත්තිය අශාන්ටම තේරුම් ගිහිං වගෙය.
“හ්ම්! මම එයාටම කියන්නං අශාන්, ඕනි කරන තීන්ත බ්‍රුෂ්
එහෙමත් supply කරන්න කියලා.”
“ඒක නං ගොඩක් හොඳයි කයිසර්. වාහනේක නම paint කරන්න ගන්න තීන්ත මොනවද කියලවත් මම
දන්නෙ නෑනෙ. ඒකයි!”
“මට පෙනෙන්නෙ මචං, මෙයාට මේ job එක අරං දෙනවට වැඩිය හොඳයි වගේ අපිම ඒක අරගෙන-
මෙයාට sub දෙන එක...” අශාන් විහිළුවටමද එහෙම කිව්වේ?
අශානුත්, කයිසරුත් ‘ඒ වාහනයේ නම පින්තාරු කිරීමේ රස්සාව’
මටම පට්ටල් කර දෙන්නට දැරූ වෑයම සාර්ථක විණි. ‘එංගලන්තයේදී මට කරන්නට සිදු වුණු
පළමු job එක ඒකය.’ කියලා මේ post එකේ මුල් හරියේදී කියන්නට ඉඩ ලැබුණේ එහෙයිනි.
ම්...ම්...ම්...! ඊළඟ ටික ලියන්නට කලින් නිරාකරණය කර ගන්නට ප්‍රශ්නයක් තිබෙයි.
මට ඒ නම පින්තාරු කරන්නට වුණේ වාහනය එළිමහනේ තිබියදීය. Summer
එක වෙලාත් එහෙ තිබුණේ පට්ට සීතලකි. (ඒ, මට දැනුණු විදිහ වෙන්නත් ඇති!) සීතලේ
ගැහෙමින්ය, මට ඒ රාජකාරිය කරන්නට වුණේ. මට හොඳටම
මතකය!
Van එක නවතා තිබ්බේ එළිමනකය; පාරක් අද්දරය.
එතෙක් කිසිම දිනෙක
නොදැනුණු තනිකමක් මට එවෙලේ දැනුණි. හැබෑම තනිකමක්... |
ඊයේ Pra Jay හිතවතා හා කෙරුණු පිළිසඳර කතාවෙදී, වැඩියත්ම
මතු වුණේ එංගලන්තයේ නිවාසවල ගරාජයන් හා වාහන නවත්වා තබන ක්‍රම ගැනයි.
“නිමල්, එහෙ හුඟක් ගෙවල්වලට වෙනම ගැරේජ් එකක් නෑ. ගෙදරට
කිට්ටුව පාරේම තැනක තමයි වාහනේ park කරන්න වෙන්නේ. හැබැයි, ඒ වෙනුවෙනුත් pay කරන්න
වෙනවා. සැරයක් මම එහෙ ගිය වෙලාවක, නැවතුණු ගෙදරක ඉඳල විනාඩි පහක විතර ඇවිදින
දුරකින් තමයි එයාලගෙ car එක park කරල තිබුණේ.” ප්‍රා ජේ කීවේය.
“දෙයියෝ සාක්කි ප්‍රා ජේ මහත්තයෝ. දැනුයිනෙ මතක් වුණේ.
අපේ කවුන්සිල් ගෙදර ඉඳල ඩැඩාගේ car එක තිබ්බ තැනටත් ටික දුරක් ඇවිදගෙන යන්න
වුණානෙ...” (ස්තුතියි Pra Jay, අවශ්‍යම වෙලාවකය ඔබ මට ඇමතුවේ; තොරතුරු මතක්
කෙරෙව්වේ!)
මේ එළිමහනේ ඉඳගෙන- සීතලේ ගැහි-ගැහී අකුරු අඳින්නද වෙන්නේ?
මට එදා හිතුණේ එහෙමය. ඒ ඩැඩාත් දීපාලුත් මාව එතනට ඇරලවලා ආපසු ගියාමය.
අප එතැනට යද්දී කයිසර්ගේ මිතුරා අවශ්‍ය කරන උපකරණ, තීන්ත ආදී සියලුම දේ පෙට්ටියක
බහා ගේ දොරකඩින් තබා පිටත්ව ගිහින්ය; Note එකකුත් එක්කම. එයින් කියැවුණේ ඔහු දවල් දෙක
වෙද්දී ආපහු එන විත්තියයි. එතෙක් නොසිට වැඩ ආරම්භ කරන ලෙසත් ඔහු ලියා තිබිණි.
“ලොකා, මෙහෙ හැටි ඔහොම තමයි. ඔයා වැඩේ පටන් ගන්න. මං
ගෙදර ගිහිං සැන්ඩ්විච් එකකුයි තේ බොට්ල් එකකුයි හදාගෙන ගේන්නං.” බඩා මල්ලියා
කිව්වේය.
“ඩැඩා ආපහු එන්න හා කියයිද...”
“පිස්සුද ලොකා. එයා මොකටද... මම බයිසිකලේ එන්නං. එතකොට ඔයාට උදව්වකුත් කරලා, ටිකක්
තනියටත් ඉඳලම යන්න පුළුවනිනේ.”
එතෙක් කිසිම දිනෙක නොදැනුණු තනිකමකි; මට එවෙලේ දැනුණි.
හැබෑම තනිකමක්...
නෑසියන්ගෙන්; මිතුරන්ගෙන්; ගමෙන්; උපන් බිමෙන් ඈත්වී
නොරටකට ගිය පළමුවෙනියා මං නොවේ. ඒ බොහෝ දෙනා ගිහිං තිබ්බේ තනිවමය. නොදන්නා පිරිසක්
මැදටය. මම එහෙමද? අපේම පවුලේ පිරිසක් මැද ඉඳලාත් මට මෙතරම් තනිකමක් දැනෙනවා නං...
එක්කෙනෙකුවත් එතැන
සුනංගු වෙන්නට නොසිටියහ; තමන්ගේ පපුතුරෙහි මගෙ හිස හොවාගෙන ඇති පදම් හඬන්නැයි... |
උණු කඳුළැල් මගේ දෙකොපුල් තෙමාලන අතරේ, මම ඉකි ගසමින් හඬන්නට
වීමි.
අනේ, පද්මේ ළඟ හිටියා නම්.... සංජේ ළඟ හිටියා නම්...
දේමිත්ත ළඟ හිටියා නම්... එහෙම ගොඩ දෙනෙක් මගේ මතකයට ආවෝහ. එහෙත් ඒ එක්කෙනෙකුවත් එතැන
සුනංගු වෙන්නට නොසිටියහ; තමන්ගේ පපුතුරෙහි මගෙ හිස හොවාගෙන ඇති පදම් හඬන්නැයි
නොකීහ. පැමිණි සැණින්ම වාගේ පිටත්ව ගියහ.
අන්තිමේදී කඳුළුවලටම මගේ දෙනෙත් එපා වෙන්නැති. මගේ දුකටම
මා එපා වෙන්නැති.
ඊටත් මොන ගොන්කමක්ද නිදි මේ? ඇඬුවා කියා ප්‍රශ්න විසඳුනු තැනක් කොහෙද තියෙන්නේ...
නැඟිටපං ඉතිං, අඬ-අඬා හිටියට වැඩේ කෙරෙනවද...
අර මනුස්සයා දෙකට විතර ආවම බලයි නේද- වැඩේ කෙරිලා තියෙන හැටිත්...
මම දත කාගෙන, වැඩ පටන් ගත්තෙමි.
නම පින්තාරු කළ යුතු ඉසව්ව සලකුණු කර ගත්තෙමි. හරස් අතට පැන්සල් ඉරි ගසා ගෙන
අකුරුවල දළ සටහන අඳින්නට ගත්තෙමි.
බඩා මල්ලියා එයාගේ foot සයිකලයෙන් ආවේ ඊට පසුවය.
“Come on ලොකූ... Let’s have a Tea!” මල්ලියා සයිකලයෙන් බැස්සෙම එසේ කියාගෙනය.
“එතකොට සීතලත් මැකෙයි.”
“ඊට කලින් මේ අකුරු ටික හොඳද කියලා බලල ඉන්නවකො.”
“Good! ඒක නෙවෙයි ලොකූ, There is a big news! අපේ ඩැඩාට ලජ්ජා හිතිලා...” මල්ලියා
සැන්ඩ්විච් පෙත්තක් මට දෙමින් කීවේ, ප්‍රීතිමත් උද්දාමයකිනි.
“ඒ මොකටද, මල්ලා?”
“අපේ ගෙදර යන ගමන් එයාමයි කිව්වේ! ඔයාට මොකක් හරි job එකක් හොයල දෙන්න එයාට බැරි
වුණාලු, සුද්දෙක් වෙලත්.”
සුද්දෙක් කියන්නෙත්
මනුස්සයෙක්නෙ. දෙවියෙක් නෙවෙයිනෙ! |
“ඒ වුණාට ලොකූ, එයාට දැනිලා තියෙන්නෙ එයා second වුණා වගෙයි කියලා. Don’t වොරි.
ඒකත් ඔයාට වාසියක් වෙයි වගේ. ඩැඩාට ඕනිලු ඔයාට මීට වැඩිය හොඳ වැඩක් දෙකක් set කරල
දෙන්න.”
“අනේ සාදු. එහෙනං ඒකෙනුත් මට යහපතක් වෙන්නයි යන්නෙ.
එතකොට අනිල්ට වගේ මටත් කීයක් හරි ඉතිරි කරන් යතහැකියිනේ. මේ වැඩේ ඕන්නං දවස් දෙකක්
අල්ලයි. එච්චර වෙන්නෙත් මල්ලෝ, සීතලේට ඇඟිලි තුඩු ගල් වෙලා වගේ නිසා...”
“ඇයි ලොකා ඔයාගේ ග්ලවුස් දෙක ගලෝගෙන ඉන්නේ. එව්වා දාගත්තම හරිනේ.”
“බෑ මල්ලා, ඒවා දාගෙන පින්සල හරියට අල්ල ගන්න බෑ. මට නුහුරුයි වගේ.”
කයිසර්ගේ මිතුරා එනකොටත් දීපාල් මාත් එක්කමය.
“වැඩේ හොඳට යනවා. නිමල්ගේ මල්ලිත් ඇවිත් ඉන්නේ තනියට. අපි තේ එකක් බොමු.” වාහනයේ
ඇඳ තිබූ අකුරු දුටු ඔහු සෑහීමට පත් වුණු බවයි, පෙනුණේ. “උඹ වැඩේ කරගෙන පලයං නිමල්.
මම තේ හදලා කතා කරන්නං. දීපාල්, උඹත් හිටපං.”
“ඔව්, ඔව්. මම කොහොමත් හවස් වෙනකල්ම ඉන්නවා, ලොකූ එක්කම යන්න බලාගෙන.”
අප තිදෙනා තේ පානය කරද්දීය, අශාන් ටෙලිෆෝන් කළේ.
“හොඳයි, හොඳයි... මිනිහා වැඩේ හරියට කරයි... හවසට නිමල්
ආපහු යන්නෙද, ඒක නං ප්‍රශ්නයක් වෙන එකක්
නෑ, අශාන්.. නිමල්ගේ මල්ලී ඇවිත් ඉන්නවා, නිමල්ව එක්ක යන්නත් ඉන්නවය කියල
කිව්වා...
හා... කාටද ෆෝන් එක දෙන්න ඕනි?
නිමල්, මෙන්න අශාන් උඹට කතා කරනවා...” මිතුරා මට ටෙලිෆෝනය දුන්නේය.
අශාන් කතා කළේ හදිසියෙන් වගෙය. “දීපාල් ආවේ සයිකලෙන්
කිව්ව නේද? එයාව යවන්න. මම හවසට ඔහෙට එනවා. එතකොට ඔයාවත් ගෙදරට drop කරන්නං. යාළුවට
ඔයාගේ වැඩ හිතට අල්ලලා...”
ඒ ආරංචිය ඇහුවාට පස්සේ දීපාල් ඉක්මනින් ගෙදර ගියේය.
මම යළිත් වාහනයේ අකුරු පින්තාරු කිරීම පටන් ගත්තෙමි. හය විතර වෙද්දී අශාන් ආවේය.
එතකොටත් හොඳටම එළියය!
එංගලන්තයේ හැටි එහෙමය. Summer කාලයේදී; ග්‍රීෂ්ම ඍතුවේදී
දහවල දීර්ඝය. උදේ තුන-හතර වෙද්දී හිරු එළිය වැටෙයි. රාත්‍රී දහය විතර වෙනකල්ම
අඳුරු නොවැටෙයි.
සීත ඍතුවේදී වෙන්නේ මෙහිම අනිත් පැත්තයි. සවස හතර විතර වෙද්දී අඳුරු වැටෙයි.
පසුවදාට පහන් වී හිරු එළිය වැටෙන්නේ උදේ නවයහමාර- දහය විතර වෙනකොටය.
එදා ඒ සොබාවික සංසිද්ධි පවා දැනුණේ; පෙනුණේ... |
“Mr. Painter, අදට වැඩේ නවත්තමු නේද, එහෙනං. මං ඔයාව ඩ්‍රොප්
කරන්නත් ඕනිනේ.” Van එක වටේටම රවුමක් ගිය අශාන් යෝජනා කළේය.
“ඔයාට වැඩක් නං මාව Bus Stop එකකට දැම්මත් ඇති, අශාන්. Hounslow බස් ස්ටෑන්ඩ් එකේ
ඉඳල තනියම වුණත් අපේ ගෙදරට යන්න මට පුළුවන්.”
“තියා ගන්නවා, තමුසෙගෙ ආඩම්බරේ... මං ඔයාව drop කරන්නං කිව්වේ මට එහෙම කරන්න
පුළුවන් නිසානේ. මචං, අපි යනවා එහෙනං...”
කාරයට නැඟී ටික දුරක් යනතුරුත් අශාන් හිටියේ බර කල්පනාවකය.
එයා හිටිවනම ඒ නිහඬ mood එකෙන් මිදුණේය. හීනි සිනාවක් පා මගෙ දිහාව බැලුවේය;
ඉන්පසු කතා කළේය.
“නිමල් ඔයාට පුළුවන් ඕනි නං මේ ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්න වුණත්. ඒ උත්තරේ අපේ ෆ්‍රෙන්ඩ්ෂිප්
එකට බලපාන්නේ නෑ. හරි? මේකයි ප්‍රශ්නෙ. ඔයා හෝමෝද?
මමයි කයිසරුයි නං හෝමෝසෙක්ෂුවල් කපල් එකක් කියල ඔයා දන්නවනේ...”
à ඊළඟ කොටසට...
අහා කයිසාරු වත්තේ මුදියන්සේ, පොල් පැලේ වටේ කැරකෙනව වගේ? අද කොටසත්, හිටගෙනම කිව්වා, හොඳයි.🙏👌😊
ReplyDeleteස්තුතියි බස්සා මහත්තයෝ.
Deleteහොඳ වෙලාවට ඒ කාලෙ එංගලන්තෙවත් ඩිජිටල් ප්‍රින්ටිං තිබිල නෑ.
ReplyDeleteඅපේ ගෙදරටත් පත්තර ගන්න වැඩේ කොරෝන වලින් පස්සෙ නැවතිලා ගියා. උංගෙ ගණං වල හැටියට පත්තරවල බලන්න දෙයක් තියා කොල වත් නෑ.
ඔව්නේ ප්‍රසෝ! ඩිජිටල් ප්‍රින්ටින්, ස්ටිකර් ප්‍රින්ටින් එහෙම එන්න ඇත්තේ ඊට පස්සේ.
Deleteඅනේ සිංහල පත්තර.... සත පහේ විශ්ව විද්යාලයෙ සිට.....
නිදි,මතක විදියට සත දහයේ විශ්ව විද්‍යාලය කීවේ සිළුමිණට මාටින් වික්‍රමසිංහ මහත්තයා කතෘව ඉන්න කාලේ
Deleteඔව් ඔව් සිරිබිරිස් උන්නැහේ, සිළුමිණ තමා!
Delete+++++++
ReplyDelete++ස්තුතියි ඉයන්++
Deleteනිමල්ට කියන්න තිබ්බේ මම හෝමෝසේපියන් (homosapien) කියලා.
ReplyDeleteචමී, අරහෙම ප්‍රශ්න ඇහුවම එක පාරටම shock වෙනවා මිස ඔහොම අපූරු උත්තර මගෙ ඔළුවට නං එන්නෙ නෑනෙ.
DeleteStraight කියන තද පොරවල්ට නැති කොන්දක් homo කියන අශාන්ට තියෙන පාටයි.
ReplyDeleteසත්තකින්ම! ඊළඟ කොටසෙන් තව ලියැවෙනවා අශාන් ගැන.
Deleteඔබ ලිවීමට දක්වන මහන්සියටයි කියවන්නාට උපරිම සාධාරණයක් කරන්න දරන උත්සාහයටයි ගරු කරන බවනම් නොකියාම බෑ.
ReplyDeleteස්තුතියි චමී, සතුට දනවන පැසසුමක්!
Delete🤗👌👌
ReplyDelete
Delete🤗👌👌ස්තුතියි!🤗👌👌
ඩඩා මොන ජොබ් එකක් සෙට් කරයිද ?
ReplyDeleteඒවාත් ලියන්න තියෙනවා, ලලිත්. පස්සේ.
Deleteපොල් ඔයතරම් ප්‍රශ්නයක් වෙන එක මට නම් නෑ. මම එක දිගට පිටරට ඉඳල තියන උපරිම කාලය මාසයකි. ඒ මාසය ඇතුලෙ මට නම් ලංකාවෙ කෑම මිස් වුනේ නෑ. බොහොම කැමැත්තෙන් වෙනස් කෑම රසබැලුවා අත්හදා බැලුවා. කොහොමත් බලන්න ආස තැන් තියන ට්‍රිප් එකක් ගියාම ගෙදර ඉන්නකොට කනව වගේ කන්න ඕනෙකමක් නෑ මට. ලංකාවෙ ඉන්නකොටත් සමහරුන්ට වගේ හැමදාම ඕනෙ පරිප්පු සම්බෝල වගේ කෑම නෑ මට නම්. බත්කනකොට අමු ලූණු තියනවනම් හොඳයි .එච්චරයි. පිටරටදි නම් කෑම අමුතුවෙන තරමට මම කැමතියි. සමහරවිට මාස6ක් විතර ඉන්නවනම් ඉතින් පොල් සම්බෝල වගේ ඒවා තිබුනොත් හොඳයි කියල හිතෙයි.
ReplyDeleteමාසයක් දෙකක් වගේ නම් කොහෙත්ම මිස් වෙන්නෙ නෑ.
මට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ පිටරටදි ලංකාවෙන් ආපු යාලුවෙගෙ ගෙදර ගියාම ඒගොල්ලො මට කියල ලංකාවෙ කෑම හදන එක. මම ඉතිං පොලයිට්ලි කියනව මට ඕවා එපාවෙනකම් තව ටික දවසකින් ලැබෙයි මෙහෙ ඒවා කමු කියලා.
මටනම් ඉන්ගලන්තෙ නෑයො නෑ. යාලුවන් ඉන්නව. ඒත් එහෙ ඇවිදපු තැන්වලින් බාගයක් විතර තනියම. තනිකමක් දැනුනෙ නෑ. ඉන්ටරෙස්ටින් දෙයක් දැක්කාම ඒ ඉන්ටරෙස්ට් එක තියන යාලුවෙකුත් එතන හිටියනම් හොඳයි කියල හිතෙනව විතරයි. එතකොට ෆෝටෝ හෝ විඩියෝ කරල යවනව හෝ පස්සෙ පෙන්නනව.
Deleteමම ඉතිං introvert නෙ?
Pra Jay මහත්තයෝ, මමත් ඔයාගේ බෝට්ටුවෙ. මටත් එක එක කෑම ජාති දිරවගන්න පුළුවන්, ඒකට කැමතිත් එක්ක. දැනට එකම ජාතියයි දකිනකොටම එපා වෙලා තියෙන්නේ. බෙල්ලෝ. මට්ටි නෙවෙයි- ඔයිස්ටර්ස්. (අමු බිත්තර සාරු වගේ මදේ) ඔයිස්ටර්ලා තිබ්බේ Sea Food රෙස්ටෝරන්ට් එකක තඩි dish එකක. ලංකාවේ.
Deleteදැන් England ඉන්න අරවින්ද ඉන්ද්‍රසිංහ හිතවතා තමයි අපිට ඒ dinner එක දුන්නේ.
ලංකාවේ විදිහටම කන්න ඕනි වුණේ, අපේ අනිල්ටයි. සුනිල්ටත් මෙහෙ කෑම නැතිව බැරි තරං.
Nidi, were you around Hounslow West, Central or East?
ReplyDeleteඒක නම් මට හරියටම නිච්චි නෑ, අජිත් මහත්තයෝ. ලිපිනයේ තියෙන්නේ මෙහෙමයි: Brookwood Road, Hounslow, Middx.
Deleteඅජිත් කියලා ඔබතුමාට කිව්වේ වැරදීමකින්. සමාවෙන්න ඕනි. හොඳේ.
DeleteNo issue whatsoever. I know the area well, you have been living just a stone throw from Lampton Park- the location for “Bend it like Beckham” . Very close to Hounslow Central Tube station and to the High Street
Deleteතවමත් අපේ අම්මා ඉන්නේ ඒ ගෙදරමයි!
Deleteස්තුතියි විස්තර මතක් කරන එක වෙනුවෙන්!
Gosh, over 40 years in Brookwood Estate, thanks to Thatchernomics and right to buy Council flats can be bought by the tenants. Hope she did that ! Ask her how Hounslow has changed. However two pubs in your vicinity remain, The Bulstrode and the Black Horse. Remember?
Deleteඔය ඇස්ඩ එක ගාවනේ . මම දන්නා කෙනෙකුත් ඉන්නවා ඔය හරියෙම වගේ
Deleteඒ පැත්තේ ගෙවල් ගණන් ගියේ අඩුවෙන් කියලයි මම අහල තියෙන්නේ. හීත්‍රෝ එක ළඟ නිසා
DeleteNot anymore Ajith, Hounslow prices have risen very fast in the last few years.
DeleteAnonymous, අම්මාගෙන් නම් දැන් තොරතුරු අහ ගන්න විදිහක් නැහැ. ගොඩක් කල්පනාව නැහැ. රෝගීව ඉන්නේ මාස කීපයක් තිස්සේ. ඩිමෙන්ෂියා.
Deleteඩැඩා pubs දෙක තුනකටම මාව එක්ක ගියා. කොහේද, එතකොට දන්නේ නැහැනේ මේවා මෙහෙම ලියන්න වෙයි කියලා. ඒ පබ්ස්වල නම් හෙම බලාගත්තේ නෑ. දැනුයි ඒ පාඩුව තේරෙන්නෙ.
අජිත්, හීත්‍රෝ කිට්ටුව තිබීම නිසා ඒ ගෙවල්වලට තිබුණු බලපෑම- ශබ්ද දූෂණය වැඩියි. ඒ නිසයි ඉල්ලුම අඩුව තිබ්බේ.
Deletehttps://hounslowherald.com/
ReplyDeleteLink එකට ගිහිං බලද්දී ආයෙම මොහොතකට එහාට ගියා වගෙයි!
Deleteඅනිත් පත්තරේ https://www.yourlocalguardian.co.uk/news/local/hounslowchiswick/
ReplyDeleteස්තුතියි අජිත් මහත්තයෝ. කාරණයක් දෙකක් දැනගන්න ඕනි. මම inbox අහගන්නන්.
Deleteබැරි නං බෑ කියන්න, දන්නැත්තන් දන්නෑ කියන්න අපේ අයට දිව නැමෙන්නෙ හරි අඩුවෙන්නෙ... හිටන්
ReplyDeleteලොක්ක ඒ රටේ කපල් එක කඩාකප්පල් කරාවත් ද 😂
මම එහෙම දුෂ්ට වැඩ කරන කෙනෙක් වගේද පෙනෙන්නේ?
DeleteInteresting trivia Nidi, did you know that Bend it like Beckham was made in to West End production in 2015 and two of the cast members were of Sri Lankan descent! Surath Tony Jayawardena and Natasha Jayetileke
ReplyDeleteගොඩාරියක් ස්තුතියි විස්තරවලට.
Deleteටෝනි, නටාෂා දෙන්නා ගැන විස්තරත් හොයල බලලම හිටියා, උත්තර ලියන්න.
//තියා ගන්නවා, තමුසෙගෙ ආඩම්බරේ
ReplyDeleteඅම්මපා බෝ නං දසමයක් වෙනස් වෙලා නෑ
Delete//අපේ පත්තරවල අන්තර්ගතයේ කොලිටිය හිටු කියලා ‘Down ද පල්ලම්’ යාමත්
එකම පත්තර කන්තෝරුවේ සිංහල පත්තරෙයි ඉංග්‍රීසි පත්තරෙයි අන්තර්ගතයේ
වෙනස අහසයි පොළොවයි වගේ.
සිංහල කියවන්නේ බූරුවෝ කියලද දන්නෑ උන්දලා හිතාගෙන ඉන්නේ.
දශම භාගයක් විතර වෙනස් වෙලා කියලයි බොලේ, මං හිතං උන්නේ!
Deleteඇත්තටම හොඳ කාරණයක් සිරිබිරිස් උන්නැහේ මතු කළේ. එකම කන්තෝරුවෙන් ගහන ඉංග්‍රීසි පත්තරේ තියෙන විස්තරවලින් භාගයක්වත් සිංහල පත්තරේ නෑ නේන්නං.
හැබැයි, මෙහෙම දෙයකුත් තියනවා. සිංහල කියවන අය ගොඩ දෙනෙකුට news කියන්නේ මිනීමැරුම්, දික්කසාද, හොර මඟුල් වගේ දේවල්නෙ.
//news කියන්නේ මිනීමැරුම්, දික්කසාද, හොර මඟුල්
Deleteහ්ම්, හිතන්න වටින කාරණයක් කොහොමද එහෙම වුනේ කියල
සිරිබිරිස් උන්නැහේ, ඕකට අපේ අයස්මන්ත මහත්තය කියනවා අපූරු කතාවක්. 'ලංකාවේ මිනිස්සුන්ට හැම තිස්සෙම ඕන කරන්නේ drama' කියලා.
Delete