යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි! |
රේඩියෝවෙන් ඒ ජිංගල් එක ඇහෙන්න ගත්තු දවසේ ඉඳලම මම පෙරුම් පිරුවා කිව්වමයි ගැළපෙන්නෙ, ඒ චිත්‍රපටිය බලන්න යන්න. ඒකට හේතු ගණනාවක් තිබ්බා.
සෙනරත් බණ්ඩාර ආනන්ද
කුලතිලක විජයතුංගගෙ ආකර්ශනීය පෞරුෂවත් කටහඬින් නරක film එකක් උස්සලා තියන්නෙ නැති
බවට තිබුණු විශ්වාසය තමයි, ප්‍රධානම දේ.
අනෙක මෙයා ගමේ මනුස්සයනෙ.
මහරගම, පමුණුව පාර
දිගේ ඇවිත් වනාත පාරට හැරිලා ටික දුරක් ගියාම තමයි, S.B.A.K. විජයතුංග හෙවත් ආනන්ද
කේ. විජයතුංග හෙවත් බණ්ඩාර විජයතුංග හිටියෙත්. ගමේකම නිසාමත් නෙවෙයි, මට නං මේ
බණ්ඩාර ගැන විශ්වාසය ඇති වෙලා තිබුණේ. ඒ දවස්වල හිටිය ගුවන් විදුලි නිවේදකයන්
කවුරුවත්, ආවට-ගියාට තමන්ගේ හැකියාවන් වික්කේ නෑ. කොන්ද කෙලින් තියාගෙන හිටියා. (ඉතිං
එයාලා වගේ අය අපට පූර්වාදර්ශයන් වුණා!
ඒ නිසාම එයාලට සමාජයේ හොඳ පිළිගැනීමක්- හොඳ තැනක් හිමි වෙලා තිබ්බා.
-පස්සෙ පස්සේ තමයි-
සේරම උඩු-යටිකුරු වෙවී හඩ්ඩන්ට තැන එන්න පටන් ගත්තේ. එයාලා ‘උගේ ස්වාමියාගේ හඬ’
බවට පත් වුණේ.)
මට දැනුණු ඊළඟ
විශේෂත්වය තමයි, ‘උතුමාණෙනි’තිර නාටකය ලිව්වෙත් මහරගම වැසියෙක් වීම. ඇල්හේන පාරේ පදිංචිව
හිටි හර්බට් රංජිත් පීරිස් තමයි, ඒ තිර රචක ගම්වැසියා!
1966දී ‘පරසතු මල්’
ෆිලුම අධ්‍යක්ෂණය කරලා අවුරුදු 14 යනතුරුමත්, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ආයෙත්
චිත්‍රපට අධ්‍යක්ෂණ රාජකාරියට අත ගැහුවෙ නෑ. ඉතිං එහෙම ඉඳල-ඉඳලා කරන්න ගන්න ඇත්තේ
පොඩිපටු වැඩක් වෙන්න බැහැනෙ.
ඉස්සර film එකක මුහුරත් උළෙල දවසේ හිටමයි, ප්‍රචාරක කටයුතු දියත් වෙනවා වගේ
පෙනුණේ. නමුත් උතුමාණෙනි හදලා ඉවර වෙන තුරුමත් ඒ ගැන වැඩිය තොරතුරු එළියට ආවේ නැති
බවයි, මගේ මතකෙ තියෙන්නේ.
ඒ මදිවට ඒ film එක පස්වෙනි; සම්භාව්‍ය මණ්ඩලයේ සිනමා ශාලාවලටයි මුදා හැරුණෙත්. ඒ
හින්දා ෆිල්ම් එක බලන්න නුගේගොඩ මෙට්‍රෝ හෝල් එකට යන්නත් අපට සිද්ද වුණා.
බලවතුන් ඉදිරියේ නීතියේ
ආධිපත්‍යය ගිලිහෙන හැටි; කෙළෙසෙන
හැටි.... |
ඉතිං මං ‘උතුමාණෙනි’
බැලුවා!
සිරිපාලගේ නංගී පුෂ්පාව,
ගමේ කෙරුම්කාරයෙකු වෙන බේබි මහත්තයා ඇතුළු පිරිස දූෂණය කරනවා. එහෙම කරන්නේ
පළිගැනීමක් විදිහටයි. පුෂ්පාට නෙවෙයි නීතියේ පිහිට හා රැකවරණය ලැබෙන්නේ... එයාට
ලැබෙන්නේ අවමානය විතරයි! අන්තිමේදී සිරිපාල වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න නීතිය අතට
ගන්නවා.
එහෙම කතාවක් තිබුණු ‘උතුමාණෙනි’
විශිෂ්ට චිත්‍රපටයක්.
බලවතුන් ඉදිරියේ නීතියේ ආධිපත්‍යය ගිලිහෙන හැටි; කෙළෙසෙන හැටි හරිම අපූරුවට; හිතට
වැදෙන විදිහට ඒ චිත්‍රපටයෙන් පෙන්නුම් කළා.
අනේ! ආයෙමත් ඒ ෆිලුම බලන්න ඇත්නම්.......
ඒ film එක තිරගත වුණේ
1980 ජනවාරි 25 වෙනිදායි.
දළ වශයෙන් දැනට අවුරුදු 42කට කලින්!
හැබැයි එච්චර කාලයක්
ගිහිල්ලත් බලවන්තයන් ඉදිරියේ නැවෙන නීතිය, එදා වගේම පුංචි සිංඤෝලා ඉස්සරහදී සිංහ
වෙස් පානවා. තවමත් ඒ කැත සිරිත් වෙනස් වෙලා නැහැ වගෙයි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු
වගේ උදවියව අත් අඩංගුවට ගන්නැයි නියෝග ලැබුණට පස්සෙත්, හොයා ගන්න බැරි තරමට අපේ
පොලීසිය අසමත් එකක්.
එහෙව් පොලීසිය ගැන කරුණාවෙන් අරගලකරුවන් හත් දෙනෙක් අත් අඩංගුවට පත්වීම සඳහා කොටුව
පොලිසියට ගියා, ගතවුණු සතියේ දවසක. ඒ පොදු දේපලවලට හානි කිරීම යන චෝදනාව ඔවුන්ට
විරුද්ධව නඟා තිබුණු බැවින්. කොටුව පොලිසියේ ඉඩ නැති නිසා මරදාන පොලිසියට යන්නට
අරගලකරුවන්ට උපදෙස් ලැබිලා.
එයාලා වීරයන් වගේ එහාටම
ගිහින් බාර වෙලා.
අරගලකරුවන් හත් දෙනෙක් අත්
අඩංගුවට පත්වීම සඳහා කොටුව පොලිසියට ගියා... |
“මරදාන
පොලිසියේදී ප්‍රකාශ සටහන් කර ගත්තට පස්සේ අත්අඩංගුවට ගත් තරුණයින් හය දෙනාව
විනිසුරුවරයාගේ නිවසට එක්ක ගියා.
පොලිසියේදී සුහද මුහුණ පෙන්වූ නිළධාරීන් එක පාරටම කිව්වා විමර්ශන කටයුතුවලට බාධා
කළා කියලා. ඡායාරූප ගන්න, ඇඟිලි සලකුණු
ගන්න ඉඩ දුන්නේ නෑ කිව්වා... අපි ඇහුවා කොහොමද එහෙම කියන්නේ ඔයාලා ෆොටෝස් ගත්තනේ
කියලා.. “
“ඒ වගේම
පොලිසියේදී 67,000/-ක් වුණු දේපළ අලාභය විනිසුරුවරයා ළඟට යනවිට රුපියල් එක් ලක්ෂ
හැටහත්දාහක් වෙනකම් වැඩි වෙලත් තිබ්බා... එහෙම දේපළ අලාභහානි දඩ මුදල ඉහළ ගියා
කියලා අපි දන්නෙත් නෑ.”
“ඒ විතරක්
නෙමෙයි පාරේ සුදු ඉරිවල ඇන්දා කියන අත් සටහන්, පා සටහන්වලින් තුන්කාලක්ම දැනටත්
මැකිලා ඉවරයි... අන්න ඒ තීන්ත ටිකට තමයි ලක්ෂෙකට වැඩි මුදලක් දාලා තියෙන්නේ..”
මනෝජ් නානායක්කාර නීතිඥ මහත්තයාගෙ මේ ප්‍රකාශය ඔයාලට
දැනෙන්නෙ කොහොමද? මතක් වෙන්නෙ මොනවද?
මට නං මතක් වෙන්නේ පොලීසියේ පැමිණිලි ලියාගන්නා පොත්වල කොළ ඉරා දැමීම්, පොත්
පිටින් අන්තරස්දාන වීම් වගේ අරුම දේවල්....
ආසියාවේ රටවලදී නීතිය
වෛශ්‍යා වෘත්තියේ යෙදවෙන විත්තිය ප්‍රසිද්ධ රහසක්.
මට හිතා ගන්නවත් බෑ ඒකට හේතුව නම්. මිනිස්සුන්ගේ නූගත්කමද- නැතිනං බියගුළුකමද- එහෙමත්
නැත්තං නිවටකමද?
හැබැයි ‘අරගලයට පිං සිදු වෙන්න’ දැන් දැන් මිනිස්සු නැඟිටින්න පටන් අරං! මුළු
ගැන්නිලා හිටිය කාන්තාවන් පවා සටන්කාමිනියන් වෙලා!!
මේ කතන්දරේ ගැන හැදිච්ච මරේ-මරු film එකක් ගැන... |
එහේ කුල භේදය ඉතාම තදින් තියෙනවනේ. පහත් යයි සම්මත කුලවල අයට තහංචි- සීමා නිමක්
නැතිව තියෙනවා. ඉතාම පහත් යයි සැලකෙන දලිත් කුලයේ අයට උපතින්ම හිමි වෙන්නේ අතිශයින්ම
පීඩිත; දුක්බර ජීවිතයක්.
නිවට විදිහට හිස නවාගෙන හැම මදි-පුංචිකමක්ම, හැම නින්දා අපහාසයක්ම ඉවසාගෙන ඉඳලා...
එක දවසක ඌෂා නාරායන් (Usha Narayane) එක්ක එඩිතරව
කෙලින් හිටගත්තු කාන්තාවන් දෙසීයක් ගැන කතන්දරයක් මේ. කස්තුරි වගේ සුවඳ ගහන; ඒ
වගේම වටිනා මේ කතන්දරේ සිද්ද වුණේ කස්තුර්බා නගර්වලදී.
මං ඉතිං අන්දොස් -
නසරානි මෝඩයෙක් වගේම චිත්‍රපට පිස්සෙකුත් නෙව. මේ සත්‍ය කතාව බැලුව දවසේ හිටම ඒ
ගැන ඔයාලට කියන්නයි හිටියේ.
මේ කතන්දරේ ගැන හැදිච්ච
මරේ-මරු film එකක් තමයි මේ. 200 Halla Ho. හින්දි එකක්. සිංහල එව්වා ඇර, අනෙක්
භාෂාවලින් තියෙන හොඳ films මම බලන්නේ subs එක්ක.
දේශපාලනේ එහෙම කරන බාසා වෙල්ලෝ නොවෙන අපි වගේ අහිංසකයන්ට එතැනදී ගොඩක් උදව් වෙන්නේ
‘බයිස්කෝප් සිංහලෙන්’
අඩවියයි. ‘200 හල්ලා හෝ’ ෆිලුමත් මං හොයා ගත්තේ එතැනින්,
උප සිරැසිත් එක්ක.
මතකයි නේද, The Shape of Water... The Man with The Answers වගේ මගෙ
ජීවිතයටත් සමීප කාරණා තිබුණු films කීපයක් ගැනත් මං විඩෙන්-විඩේ ලිව්වා.
මේ film එකට සිංහල
subs දීලා තිබ්බේ M.T.R. තරිඳු රුක්ෂාන් පෙරේරා සහෘදයා. (වැඩේ නියමයි කොල්ලො!
ස්තුතියි ගොඩක්!)
දිගින් දිගටම නීතිය වල්
වැදෙන්න ගත්තාම පීඩිතයන් හැමදාමත් ඉවසගෙන ඉන්නෙ නෑ. |
නාග්පූර් දිස්ත්‍රික් උසාවි භූමිය තුළදී.
මුහුණු ආවරණය කර ගත්තු දලිත් කාන්තාවන් 200ක් පොලු- මුගුරු- කැති- පිහි- මන්නාත්
අරගෙන එදා උසාවියට කඩා වදිනවා, කුණාටුවක් වගේ.
ඔවුන් අතේ මිරිස් කුඩුත්!!! මිරිස් කුඩු ප්‍රහාරයකින් ආරක්ෂකයන් මර්දනය කරන ඒ
කාන්තාවන්- එතැනදීම Akku Yadav මරා දමනවා. අක්කු
යාදව් ඝාතනය කොට, ඔහුගේ රහසඟ හා අතපය පවා කැබලි කරන්නට ඒ කතුන්ට ගත වෙන්නේ විනාඩි
පහළොවක්!
ඇයි මේ ගැහැනුන් නීතිය
අතට ගෙන, අක්කු යාදව්ට අනීතික මරණ දණ්ඩනය හිමි කරමින් ඒ මිනී මැරීම කළේ?
Akku
Yadav වයස අවුරුදු 12 සිටම ස්ත්‍රී දූෂණයේ යෙදුණු
කුලීනයෙක් වෙච්ච නිසා. ඔහුට විරුද්ධව කෙරෙන පැමිණිලි පවා පොලිසිය බාර නොගත් නිසා. දලිත්
කතුන් රැසක්ම දූෂණය කරලත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවුණු නිසා.
200 Halla Ho ෆිලුමට පාදක
වෙන්නේ ඒ සිදුවීම් මාලාවයි.
දන්නවද? ඒ ඝාතනය වෙනුවෙන්
එකම කාන්තාවකටවත් දඬුවම් කෙරුණේ නෑ!
ලංකාවේ නීතීඥ ප්‍රජාව, නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවන්න මැදිහත් වෙමින්.... |
පුරවැසියන් නීතිය අතට ගත්තාම වෙන විනාසේ අපේ රටේ උදවිය හොඳට දැකලා තියෙනවා. මාත්
දැකලා තියෙනවා, කීප විටක්ම. ඒ හින්දමයි මම එහෙම වෙනවාට අකැමැතිත්.
එහෙම වෙන එක ටිකක් හරි
පරක්කු වෙන්නේ ලංකාවේ නීතීඥ ප්‍රජාව, නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවන්න මැදිහත්
වෙමින් සිටින නිසා.
අරගලකරුවන් 7 දෙනාගේ සිද්ධියේදී මැදිහත්
වුණු, ඒ නීතීඥ මහත්ම මහත්මීන්ට- නිදිගෙ පංච තන්තරේ කියවන හිතාදර රසික-රසිකාවන්
වෙනුවෙන් මගේ ප්‍රණාමය පුදන්නත් මම අමතක කරන්නෙ නෑ. ඔබ සැමට ස්තුතියි, නොමිලයේම කරන උදාර
මෙහෙවර වෙනුවෙන්.
අරගලයත්, අරගලයේ
නියුතු තරුණ- තරුණියනුත් දැන් අපේ රටේ ඇත්තන්ට ගොඩක් හොඳ පාඩම් උගන්වන ආදර්ශවත්
ගුරුවරු වෙලා.
කෙසේ වෙතත් තමන් සමගම අත් අඩංගුවට පත්වූ සෙසු තිදෙනාටත්... |
‘ඔවා දෙනු පරහට
තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත දනන් දෙන
ඔවා වැද්දන් කියන බණ වැනි’
මං මුලින් කියාගෙන
ආවනෙ, මරදානේ පොලිසියට බාර වෙච්ච අරගලකරුවන් 7 දෙනා ගැන. මෙන්න ඊට පස්සේ සිද්ද
වුණු දේ ගැන වාර්තාවකින් කොටසක්.
‘අරගලකරුවන් 4
දෙනෙකුට ඇප ලැබෙයි. සෙසු අයට ලැබෙන තුරු ඔවුනුත් නතර වෙයි!
ජුනි 09 සහ 10
යන දිනවල පැවති විරෝධතා උද්ඝෝෂණ දෙකක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත
බන්ධනාගාරගත කර සිටි 07 දෙනා අතරින් ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, එරංග ගුණසේකර සහ
ධම්මික මුණසිංහ යන සිව්දෙනා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද
(24) නියෝග කර තිබේ.
එම සිද්ධීන්ට
අදාළවම අත් අඩංගුවට ගෙන සිටින රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න, රත්කරව්වේ ජිනරතන හිමි
සහ ළහිරු වීරසේකර යන අය ජුලි 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි
අධිකරණය නියෝග කර ඇත්තේ.
කෙසේ වෙතත් තමන් සමගම අත් අඩංගුවට පත්වූ සෙසු තිදෙනාටත් ඇප ලැබෙන තුරු ඇප තැන්පත් නොකර බන්ධනාගාරගතවම සිටීමට මනුවර්ණ, ජෙහාන්, ධම්මික සහ එරංග තීරණය කර ඇති බවත් වාර්තා වේ.’
සාමූහිකත්වය!
සැප- දුක දෙකෙහිදීම සාමූහිකව සිටීමේ මහඟු ප්‍රතිපත්තිය අරගලකරුවන් ආදර්ශයෙන්ම අපට
කියා දෙන්නෙ එහෙමයි.
බවුසරේ එනකම් ඒ බලාන ඉන්න
මිනිස්සුන්ට කන්න බොන්න දෙන සෙඩ් අයිතිකාරයෙක් ඉන්නවා කිව්වම, අදහන්න බෑ නේද... විශ්වාස
කරපං.❤ මේ ඌරුගල... |
පුංචි සාධනීය දෙයක්
වුණත් දකිනකොට උද්දාමයට පත් වෙන්නයි මං වහන්සේ පුරුදු වෙලා තියෙන්නේ. එහෙම දේවල්
අගය කරන්නත් මේ ලියන නිදි ලෝබ නෑ.
ඒ නිසාමයි අද උදේ මුහුණු පොතෙන් දැකපු මේ ෆොටෝ එකයි, විස්තරෙයි මෙතෙන්ට ඔබන්නේ. ඔයාලගෙත් හිතට සතුටක් ගෙනෙන්න. ඒ post එක පළ කළ අයට වගේම ඒකට comments එවපු අය අතර ඉන්න Pubudu Asinsa වගේ, ඔයාලටත් සතුටු වෙන්න ඇහැකි වෙයි කියලා හිතාගෙන.
For
the Public Service
තෙල් ගහන්න ආවම... බවුසරේ එනකම් ඒ බලාන ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න දෙන සෙඩ්
අයිතිකාරයෙක් ඉන්නවා කිව්වම, අදහන්න බෑ නේද... විශ්වාස කරපං.❤ මේ ඌරුගල...
Pubudu
Asinsa
මෙහෙම පෝස්ට් එකක්
දැක්කත් හිතට සනීපයක් දැනෙනෝ, අනේ ලංකාවේ
තවමත් හොඳ මිනිස්සුන් ඉතුරු වෙලා ඉන්නවා කියලා...
මන් මේ දවස් 5ක් ශෙඩ්වල
එක තෙල් බිංදුවක් නැතුව ගෙදර ආවා...
ශෙඩ් එකේ මැනේජර්ම උදව් කරලා, පෝලිම් පැනලා, එකම වාහනේ තුන් හතර පාර ගහගෙන, දවස් 3ක් එක දිගට ඉඳපු මිනිස්සුන්ට තෙල් නැති උනා... වැස්සේ තෙමි තෙමී, අව්වට කර වෙවී, දුක් විඳලා ගෙදර ආවා... රස්සාවට යන්න විදියක් නැතුව... හිතට හරිම කළකිරීමක් දැනෙනවා... එහෙම වෙලාවට මෙහෙම පෝස්ට් එකක්...’෴
Jai Bhim චිත්‍රපටියත් මෙතැනට ගැළපෙන එකක්. ඉන්දියාවේ බොහෝ දුරට නිර්මාණ කරන්න නිදහස තියනවා සමාජ අසාධාරණය ගැන. Newton වගේ එකක් ලංකාවේ හැදුනොත් පෙන්නන්න දෙයි ද?
ReplyDeleteThe beauty is Jai Bhim film is based on a true story. In sri lanka is there any such selfless legends at least in the history? Those people sacrificed their life for the future prospects of the society.
Deleteඔව්මයි Litseeker, ජායි භිම් ෆිලුමත් ඉතා හොඳ එකක්. බයිස්කෝප් අඩවියෙන්ම අරන් ඒක බැලුවෙත් බ්ලොගයකින් ඒ ගැන විස්තරයක් කියෙව්වට පස්සේ. මාස හත අටකට කලින් නිසා, මතක නැහැ කොතනින්ද කියෙව්වේ කියලා.
Deleteccm, 200 Halla Ho ෆිලුමට පාදක වෙන්නෙත් සත්‍ය සිදුවීමක්නේ.
ඇත්තටම අපේ ඉතිහාසයෙන් මේ වගේ පරහිතකාමී; පරිත්‍යාගශීලී අය හොයා ගන්න බැරිද? අපි ටිකක් ගවේෂණශීලී නැතිද මන්දා. හසලක ගාමිණී වගේ
රණ විරුවෙකු තරම්වත් ඇගයීමක් නොලද ජීවිතයම පුදා වීරකම් කළ කී දෙනෙකුව අපි අමතක කරලා ඉවරද?
අරපුලන් දේවි චිත්‍රපටය
Deleteඔව් අජිත්, ඒ වගේ ගොඩක් films ඉන්දියාවෙන්ම හමු වුණා මට නම්.
DeleteLitseeker අද උදේ ලෝකයෙ විස්තර බලද්දී දැක්කා ජායි භිම් සම්මානවලින් පුද ලද විස්තරයක්.
Delete// මෙවර උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගැනීමට හැකි වූයේ සූරියා ප්‍රධාන චරිතය රඟපෑ Jai Bhim සිනමා නිර්මාණයටයි. හොඳම නිළිය, හොඳම සහාය නලුවා ඇතුළු සම්මාන ගණනාවක්ම ඊට හිමි වුනා.
උත්සවයේ සුවිශේෂී අවධානයක් දිනා ගත් Best Director of the Decade සම්මානය පිරිනැමුනේ අධ්‍යක්ෂක වෙට්‍රිමාරන් හටයි. ඔහු ඉන්දීය ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ අතිශය දක්ෂ සිනමා නිර්මාණකරුවෙක්…
බොහෝ දෙනෙක් අපේක්ෂා කළ පරිදිම හොඳම දුෂ්ඨ චරිතය වෙනුවෙන් Maanadu චිත්‍රපටයේ රඟපෑ S. J. Suriyah සම්මාන ලැබුවා. Vignesh Shivan හොඳම අධ්‍යක්ෂකවරයා බවටත්, Yuvan Shankar Raja හොඳම සංගීත අධ්‍යක්ෂකවරයා බවටත් පත්වුනා. උළෙලේ විශිෂ්ටතම නිළියට හිමි සම්මානය ලැබුනේ Jai Bhim චිත්‍රපටයෙන් කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළ Lijomolටයි.
තෙළිඟු, දමිළ, මලයාලම්, කන්නඩ ආදී විවිධ ප්‍රාන්තීය සිනමා කර්මාන්ත නියෝජනය කරමින් දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් – සංගීතඥයින් – අධ්‍යක්ෂකවරුන් රැසක් Behindwoods Gold Medals සඳහා ...///
http://cinema.lk/behindwoods-gold-medals-2022-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b8/
+++++++
ReplyDeletePra Jay මහත්තයෝ, ඔයාගෙයි අජිත්ගෙයි comments දෙකක් මෙතන පෙන්නන්නේ නැතිව තිබුණා. එව්වා මෙතනට එන විදිහට Spam කරන්න කියල දුන්නා නමී. එයට ස්තුතිවන්ත වෙන ගමන් මේ ලිව්වේ.
Deleteනිදි මාමෙ මටත් කියන්නකො ඒක කරන විදිය🤔
Deleteඔයාගේ blogger comments තීරුවේ උඩින්ම All වචනයට පස්සේ පහතට හැරුණු ඊතලයක් පෙන්වනවා. ඒක උඩ click කලාම තීරු හතරක සටහනක් දිස්වෙයි. හතරවැන්න Spam. ඒ තීරුවේ කියවෙනවා ස්පෑම් වෙලා තියෙන comments ගණනත්. Spam උඩ click කලාම පෙන්නයි පළවී නැති comments. ඒවා publish කරන්න click කරලා.
Deleteමට තේරෙන විදිහටයි නවීන් ඔය කිව්වේ.
මීට වසර කිහිපයකට පෙර වනාන්තරයෙන් හොරෙන් අල්ලා ගත් අලි පැටවෙකුට කුඨ ලියවිලි සාදා නීති විරෝධීව තම සන්තකයේ තබා ගෙන අසු උන විනිසුරු කෙනෙක් හිටියා නේද?? එයාව ඒ කාලයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුවනේ.
ReplyDeleteපස්සේ කාලෙක, වෙනත් රජයක් බලයට ආවාම, ඒ අලියා කාසල් එකේ හරි ලයින් හෝම් එකේ හරි ඉපදිච්ච එකෙක් මිසක් කැලේ උපන් එකෙක් නොවෙයි, බර්ත් සැටිපිකේට් එහෙම තියන අලියෙක්, ඌ සිය කැමැත්තෙන්ම මේ ගෙදරට ආවා මිසක් හොරෙන් ගෙනාපු එකෙක් නොවෙයි කියලා ඒ නඩුව උසික්කා කරලා දැම්මනේ.
දැන් මේ කියන හත් දෙනාගෙන් හතර දෙනෙකුට ඇප දුන්න විනිසුරු ගේ නම නිකං අහලා පුරුදු නමක් වගේ දැනුනේ නැද්ද?
දැනුණා දැනුණා Sam,
Deleteඒත් කරුණු ගණනාවක් නිසා නිකම්වත් ඒ ගැන සඳහනක් නොකළේ.
1. මේ එයාමද කියන සැකේ.
2. අතීතයෙදී වැරදි කළ කෙනෙක්ට වුණත් පසුව හෝ හරි මඟට යොමු වෙන්න පුළුවන් නිසා.
3. පෙර වැරදි සහිත කෙනෙකු වුණත් යහපත් වැඩක් කළාම එය හොඳයි කියා පිළිගත යුතු නිසා.
ස්තුතියි, මතකය අවදි කෙරෙව්වාට.
මේ යන විදියටනං මිනිස්සු නීතිය අතට ගන්න තව වැඩි දවසක් යන එකක් නෑ වගේ.
ReplyDeleteෂෙඩ් එකේ කෑම දීපු එක වගේම ඔය මහරගම පැත්තෙ එකක භූමිතෙල් ලීටර් 6600 ක් නිකං බෙදල දුන්නයි කියලත් නිවුස් එකක් තියෙනව නේද?
ප්‍රසන්න, භූමිතෙල් දන්සැලේ කතාව ඇත්ත. මං දන්නා කෙනෙකුත් ලීටර් පහක් ලබාගෙන තිබ්බා.
Deleteනමුත් එයාලා ටික දෙනෙකුට විතරක් තෙල් බෙදලා භාගයක් හොර පාරෙන් පිටට ගෙනිච්චා කියලත් කතාවක් තියෙනවා.
“ආසියාවේ රටවලදී නීතිය වෛශ්‍යා වෘත්තියේ යෙදවෙන විත්තිය ප්‍රසිද්ධ රහසක්” - ආසියාවේ විතරක් නෙවේ නිදි. ලෝකෙ පුරාම ඔහොම තමයි. නීතිය යනු පාලකයාගේ කැමැත්ත කියනවානේ.
ReplyDeleteචමී, මගේ දත්ත ගබඩාවේ තියෙනවා රොනල්ඩ් රේගන් මහතා කියූ දෙයක්:
Deleteදේශපාලනය ලොව දෙවෙනියට පැරණි වෘත්තිය බව කියනු ලැබේ. එය පළමුවැන්නට අතිශයින්ම සමාන බව පසුව මට වැටහිණි.
හොද කියමනක්
Deleteස්තුතියි චමී.
Deleteමේ දවස්වල ක්‍රියාත්මක වන ප්‍රචාරණ ව්‍යාපාරය බොහොම ශක්තිමත් සහ දියුණුයි. හැම දාකම ෂෙඩ්වල ගහ මරා ගැනිලි පෙන්නීමෙන්, මහජනතාවගේ කෝපය ඊට වගකිවයුතු පාර්ශ්වය වෙත එල්ලවීම වළක්වලා, තම තමන් අතර පතුරුවා හරින්න පොළඹවනවා. මේක අපි අපි අතරෙ තිබිය යුතු ගැටුමක් නෙවෙයි. සෞඛ්‍ය සේවකයො, පරිපාලන බලධාරීන් සහ ත්‍රීවීල් කරුවන් වෙත යොමු වන විරෝධය සාමූහිකව එල්ල විය යුත්තේ මේ තත්ත්වයට රට පත් කරපු උදවිය වෙත...
ReplyDeleteඩ්‍රැකී,
Deleteඅනිවාරෙන්ම. මිනිස්සු ගොඩක් ආවේගශීලී වෙලා. මිනිස්සු මිනිස්සු මරා ගන්න තැනටත් ඇවිල්ලා. ඒක නතර උනේ නැත්නම් ලොකු අවුලක් වෙයි වගේ නේද?
ඩ්රැකී, නවීන්. ඔයාලා දෙන්නා එක්කම එකඟයි.
Deleteඑහෙම කරන්නේ වගකිව යුත්තන් මේ කිසිම දෙයක් නොදන්නා ගානට ගත යුතු පියවර නොගනිමින් සිටින නිසා.
සුබවාදී දෙයක් උනත් එක පොඩි නම් අපේ අයට හිතට මදි නෙව...
ReplyDeleteමේ අරගල එක්ක... අපේ සංස්කෘතික, සදාචාර වෙනසකුත් වෙන්න ඕන. නැතිනං කවදාවත් මෙතැනින් රට ඉහලට යෑමක් ගැන හිතාගන්න බෑ
නමී, අරගලය එක්කම කොච්චර සංස්කෘතික, සදාචාර වෙනසකුත් වෙලාද කියලා හිතද්දී මට නං පුදුමත් හිතෙන තරම්!
Deleteකුල භේදය කියද්දී මතක් උනේ ඉන්දීය නිදහස් සටනේ තවත් එක් කෙනෙක් වුනු අම්බෙට්කාර් මහතාව... ඔහුත් මේ කුල වාදවලට තදින් එරෙහි වූනා නෙව
ReplyDeleteමට මතක හැට්යට නම් අම්බ්ඩෙකාර් තමයි කුලහීනයන් වෙනුවෙන් නැඟිට සිටි සටනේ පුරෝගාමියා.
Delete+++++++
ReplyDeleteස්තුතියි!
Deleteසාධාරණයක් කොහෙවත්ම නැති බව තමයි මගේ අදහස නම් සරලවම.
ReplyDeleteඔයාගේ වයසෙදී ඔච්චරම... ටිකාක් හොඳට බලන්න නවීන්. මට නම් සුබවාදී දේවලුත් පෙනෙනවා... මගේ කෝණය වැරදි වෙන්නත් ඇහැකි, හැබැයි.
Deleteනිදි මාමෙ😁,
Deleteජීව විද්‍යාමක කයේ වයස එච්චරම වැදගත් නෑ නේද?
System එකේ සාමාණ්ය විදිය තමයි අසාධාරණය, අපිට සාධාරණය ඕනි නම් සටන් කරන්න ඕනි. එහෙම තමයි ඒක ගන්න වෙලා තියෙන්නෙ.
ඒක එහෙම නෙමේද🤔
ජීව විද්‍යාත්මකව කයේ වයස වැදගත් වෙන්නේ අත්දැකීම් ලබමින් පරිනත වෙන්න වෙන නිසා. එහෙමයි මට හිතෙන්නේ.
Deleteඅවැසි තැනදී එඩිතරව නැඟී සිට සටන් කළ යුතුයි නේන්නං!
අපිට ලොකේ තියෙන හැමදේකම අත්දැකීම් ලබන්න අමාරුයි නෙහ්. හැබැයි අපිට පුලුවන් නෙහ් අපිට කලින් ඒ අත්දැකීම් ලබපු අයගෙන අහල බලන්නවත්, ඒකෙන් ලොකූ වටිනාකමක් ලබා ගන්න පුලුවන් කියලා මට නම් හිතෙන්නෙ🤔
Deleteමං අලුතින් පටන් ගත්තු blog එකටත් ඇවිල්ලා යන්න එන්න කට්ටියම 🤗
ReplyDeletehttps://naveensandeepakumara.blogspot.com/2022/06/galleface.html?m=1
(මෙය දැන්වීමකි😂)
දැන්වීම බලලා එහෙට ගියාම මෙහෙම නොලියා බැරි වුණානෙ නවීන්.
Delete'ඩලස් මහත්තයා ගැන දන්නෙ නැතය කියලා කිව්ව නිසා මතක් කරන්නේ. උන්නැහේ විකල්ප ධාරාවේ පත්තරවලට හෙම ලියන මාධ්‍යවෙදියෙක්ව ඉඳලා දේශපාලනේට ඇවිත් ටික කාලෙකින් 'මේ දේශපාලනේ තිත්තයි' කියලා දේශපාලන මඩ වළෙන් ගොඩට ඇවිත්, සිය පවූල පිටින්ම විදේශ ගතවුණා.
ඊටත් කාලෙකට පස්සේ ආපහු ඇවිත්, එතකොට අශූචි වළක් වෙලා තිබුණු දේශපාලනේ තවම කොරනවා!
මගේ මතකය අවුල්ද මන්දා......'
හොඳ වෙලාවට මේකෙත් දැම්මෙ. මට email එක ආවා නමුත් blog එකේ ඒ comment එක වැටිලා නෑ😪
Deleteමාත් මේ කතාව නම් අහලා තියෙනවා. වෙන මොකුත් නම් දන්නෙ නෑ ඉතින්.
අච්චර ගොඩක් දේවල් තිබුණ එ post එකේ, මේක ගැන විතරක් ලියන්න හිතුනෙ ඇයි නිදි මාමෙ🤔
හරියට හරි , වීරවංස වගේම තවත් එකෙක් ඩලස් කියන්නේ
Deleteනවීන්, post එකක් කියෙව්වාම හිතෙන හැම දේම ලියන්න හැකි නම් වටිනවා. ඒත් මගේ තියෙන වැඩ කන්දරාවත් එක්ක තෝරා ගැනීම් කරන්න වෙනවනේ..
Deleteඒකත් ඇත්ත නෙහ්. හරි හරී🤗
Delete++++++++++++++
ReplyDeleteවැට යනු කෙටියෙන් ලියන දිග කමෙන්ට් එකකි.
- වැටාධිපති -
තව කාලයක් යනකොට වැට ගැන විශ්ව විද්‍යාල පර්යේෂණයක් කෙරෙයි වගේ බකුසුතුමෝ.
Deleteආයි අහලා? වැට දවසක බුදු වෙනවා
Deleteමිටියයි ඇණයි සැරියුත්-මුගලන් වෙනවා
අර අනිත් මාත්තියට ඔන්දයි, යෙපිලට තමා පුෂ්,පුෂ්
Deleteහා හා පිඹින්න එපා. නයි අල්ලන්නද නම් දන්නෙ නෑ- දැන් හැම පැත්තේම දේශපාලන අහිගුණ්ටිකයො....
Delete🤣😂🙏👌
Deleteවැටවල් නැති ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි කියන්න තිබ්බෙ. වික්ටර් රත්නායක කියන 'වැට, කොටු බැමි නැති කොහේද කොහේද අපේ ලොවක්' සිංදුව ඕකට සම්බන්දයක් තියෙනවද (පෝස්ට් එක මොකක් ගැනද, මම කමෙන්ට් කරන්නෙ මොකක් ගැනද).
ReplyDelete"හැබැයි එච්චර කාලයක් ගිහිල්ලත් බලවන්තයන් ඉදිරියේ නැවෙන නීතිය" මිනිස්සුන්ට තමන්ගෙ අයිතිවාසිකම් ගැන අවබෝදය අඩු වීමත් ඒකට හේතුවක් වෙන්න ඇති (පේනවනෙ අර පීතෘ ටෙලි නාට්ටිය ඉවර වුනු හැටි. 'අනේ ඒ තාත්තගෙ ආදරේ කියලා' නැලවෙන එක මිසක් සමහර අය එතනින් එහාට දකින විදිහක් පේන්නෙ නෑ.
ඒ ලෝකය හොයාගෙන මඩොල් දූවට ගියේ උපාලිලානේ.
DeleteLotus, ඇත්තටම මට පීතෘ තිර රචනය කළ නාමල් එක්ක කේන්තිත් ආවා. තාත්තා, දුව, නැන්දා, ශානක, තාත්තාගෙ මිතුරු යුවල, මිතුරා වගේ හැමෝම කිසිම දෙයක් ගැන සැක නොසිතීම ගැන.වැඩි දෙනා හැසිරුනේ බබ්බ්බු වගේ.
හොඳ ලිපියක් නිදි. අද අර විරසේකරට මිනිස්සු කියපු කතා ටික ඇහුනනේ . මේ ගිනි කන්ද පුපුරන්න ලඟයි
ReplyDeleteගිනි කන්ද නොපුපුරා පමා වීම නිසා පුපුරද්දී වෙන්න පුළුවන් විනාශය වැඩි වෙයි නේද, අජිත් මහත්තයෝ...
ReplyDeleteවීරසේකරට කියූ දේ දැක්කේ නෑනේ.
Delete