ඔන්න අගමැතිකම හිමි වුණු
ගමන්ම... (පලා බබෙකු වුණත් තනතුර ලැබුණු ගමන්ම යන්නේ....) |
විධායක ජනාධිපති ධුරයට
ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පත් වුණාට පස්සෙ අග්‍රාමාත්‍ය තනතුරට පත් වුණේ ආර්. ප්‍රේමදාස
මහත්මයයි. ඔන්න අගමැතිකම හිමි වුණු ගමන්ම ප්‍රේමදාස මහත්මයා ගියාලු එයාගෙ නක්ෂත්‍රකාරයව
හම්බ වෙන්න.
ප්‍රේමදාස මහත්මයා නම් තදින්ම
ඕවා විශ්වාස කළ කෙනෙක්ලුනේ. ඉතිං අර ජ්‍යොතිෂඥයාත් ප්‍රේමදාස මහත්තයාගේ කේන්දරේ-
අත ඔක්කොම බලලා, තරු
ගැනලා- ගණන් හදල හදලා අගමැතිතුමාගේ ප්‍රශ්නයට උත්තරේ දුන්නලු.
මතක බැරි වුණානෙ කියන්න!
ප්‍රේමදාස මහත්තයා අහල
තියෙන්නෙ “මට
කොච්චර කාලයක් මේ වගේ ඉහළම තානාන්තරවල ඉන්න පුළුවන්ද? ... මට අපල
තියෙනවා නං තියෙන්නෙ කාගෙන්ද?” කියලයි.
‘මහත්තයට
අපලේ තියෙන්නෙ ‘විජේ’ කියල එක්කෙනෙක්ගෙන්. එයාගේ දසාව
හොඳටම හොඳ වෙච්ච ගමන් මහත්තයගෙ පට්ටම් තානාන්තර ඔක්කොම නැති-බංගස්ථාන වෙලා යයි.’
ඕක තමයි සාස්තරේට කියැවුණේ.
දැන් ඔන්න ප්‍රේමදාස
මහත්මයාත් රැයක්- දවාලක් නැතිව අහස- පොළොව ගැට ගගහා හිතන්නෙ කවුද මේ ‘විජේ’ කියලා.
ඔය දවස්වලම දේශපාලනේ ගැන
හිතලවත් නොතිබුණු ‘විජේ’ කෙනෙක් දේශපාලනේට එන්න ලෑස්ති
වුණා. ඒ විතරයැ, අවුරුදු
විස්සක්- තිහක් දේශපාලනේටම තෙම්පරාදු වෙලා හිටි රොනී ද මැල් මහත්මයටත් ඇටෑක් කර
ගෙනයි, එයා
ෆීල්ඩ් එකට බැස්සෙත්.
දැන් මතකද කවුද කියලා?
උපාලි විජේවර්ධන!
විජය කුමාරණතුංග මහත්තයට
නාඳුනන තුවක්කුකාරයෙක් වෙඩි තියලා.... |
අනේ!
වැඩි කලක් යන්න ඉස්සෙල්ලා
උපාලි විජේවර්ධන මහත්මයා තව කට්ටියක් එක්කම ගුවන් ගමනකදී අතුරුදහන් වුණා.
අගමැතිතුමා අර ජ්‍යොතිෂඥයට
කතා කළාලු.
“නෑ...
නෑ... තවම ඒ ‘විජේ’ ඉන්නවා වගෙ පේනවා!” කියලයි උත්තරේ ලැබිලා
තියෙන්නෙ.
ඔහොම සෑහෙන දවසක් යද්දී තමයි
විජය කුමාරණතුංග මහත්තයට නාඳුනන තුවක්කුකාරයෙක් වෙඩි තියලා තිබුණේ. එතකොට ප්‍රේමදාස
මහත්තය හිතුවා, ‘එහෙනං
මෙයා තමයි අර කියපු විජේ වෙන්න ඇත්තේ’ කියලා.
“අපොයි
නෑ! එයාත් නෙවෙයි.” කියල
සාස්තරකාරයා කිව්වම ප්‍රේමදාස මහත්මයා ෆුල් හොල්මන් වුණා.
ඊටත් පස්සෙයි, ප්‍රේමදාස මහත්තයට තවත් විජේ
කෙනෙක් ගැන මතක් වුණේ. හැබැයි එයාවත් මැරුවට පස්සේ. ජනතා විමුක්ති පෙරමුණේ
නායකතුමා; රෝහණ
විජේවීර!
‘මට
කල්පනා වුණේම නැහැනෙ. රෝහණ විජේවීරගෙන් තමයි මට ලොකුම තර්ජනේ තියෙන්න ඇත්තේ!’
එහෙම හිතපු ප්‍රේමදාස
මහත්මයාට තරු පෙනුණේ සාස්තරකාරයා නියම විජේ එයාත් නොවෙයි කිව්වාම!!
ඒ විතරක් නෙවෙයි, නියම විජේ හමුදාවටත්
සම්බන්ධයි වගේ කියලා කිව්වා. දැන් ප්‍රේමදාස මහත්තයට තවත් අප්සෙට්.....
හැව්ලොක් පාර අද්දරදී තවත්
බොහොම ප්‍රසිද්ධ දේශපාලඥ විජේ කෙනෙක් බෝම්බෙකට.... |
ඊළඟට හැව්ලොක් පාර අද්දරදී
තවත් බොහොම ප්‍රසිද්ධ දේශපාලඥ විජේ කෙනෙක් බෝම්බෙකට අහු වුණානෙ, මතකද?
රන්ජන් විජේරත්න!
විජේරත්න මහත්මයාගේ මරණයෙන්
පස්සෙ ප්‍රේමදාස මහත්තයා හිතුවලු ‘මට
තර්ජනයක් වෙන්න පුළුවන් විජේලා තවත් නං ඉතිරි වෙලා නෑම තමයි!’ කියලා.
එතුමා සාස්තරකාරයාට ටෙලිෆෝන්
කළා. “දැන්
හරි නේද?”
“පිස්සුද
මහත්තයෝ. තවමත් නියම විජේ පණ පිටින් යහතින් ඉන්නවා. ඒක බොරු නං ඉතිං ජෝතිස්සාස්තරෙත්
බොරු!” කියලා
සාස්තරකාරයා දහ අතේ දිවුරලා කිව්වා.
දැන් මොකද කරන්නෙ.... ප්‍රේමදාස
මහත්තය තවම හිතනවා.... ‘කවුද
අම්මපා, මේ විජේ?’
ඔහොම හිත-හිතා ඉන්නකොට තමයි
ආමර් වීදියේදී මැයි පළමුවෙනිදා ජනාධිපති ප්‍රේමදාස මහත්මයාට බාබුගෙ බෝම්බ තෑග්ග
හම්බ වුණේ. හැබැයි, ඒකෙන්
එතුමා දිවංගත වුණා.
‘නියම
විජේ’ගේ හොඳම
කාලය උදා වුණේ ඒත් එක්කම.
එදාම හවස නියම විජේ; ඩී.බී. විජේතුංග මහත්තයා
ජනාධිපතිතුමා විදිහට දිවුරුම් දීපු හැටි! |
ඔය කතන්දරේ තමයි,
නිමල් දිසානායක ගත් කතුවරයා මුද්‍රණද්වාරයෙන් පළ කරපු
දෙවෙනි පොතේ මුලින්ම තිබුණේ; ‘නියම
විජේ’ නමින්.
මේ දෙවෙනි කතාවයි:
2. හුනි හූලිවල
ඇමෙරිකාවේ සංචාරයක යෙදුණු
මිසිස් දන්තනාරායන ආපසු ශ්‍රී ලංකාව බලා එමින් සිටියාය. ගුවන් යානයේ ඇයට යාබද
අසුනේ වාඩිවී සිටියේ අමෙරිකානුවෙකි.
“ඔයා
කොහේ ගිහින් එන ගමන්ද?”
“ඇමරිකාවට
ටුවර් එකක් ගියා.... හය මාසයක්!”
“ෂා, නියමයි! හොඳයිද?”
“හරි
ෂෝක්!”
“කොහෙද
වැඩිම කාලයක් හිටියේ?”
“සැන්
ජුසේවල....” මිසිස්
දන්තනාරායන ආඩම්බරයෙන් කීවාය. එය ඇසුණු විට අමෙරිකානුවා පළ කළේ අතිශය විනීත සිනහවකි.
ගුවන් යානයේ ඇයට යාබද අසුනේ
වාඩිවී සිටියේ අමෙරිකානුවෙකි. |
“හැබෑද?”
“කමක්
නෑ... කමක් නෑ. ඉතිං... කොයි කාලෙද සැන් හුසේවල හිටියේ?” අමෙරිකානුවා තෘප්තිමත්
අයුරින් විමසුවේය.
මිසිස් දන්තනාරායන මඳක්
කල්පනාකොට පිළිතුර දුන්නාය.
“හුනි
හූලිවල.”
කොරෝනා මෙතෙක් දුරට කර ඇති හරියත්,
කරන්නට ඉඩ තියෙන හරියත් පොඩි නැත. රටට විතරක් නොවේ;
ලෝකයටම... විශේෂයෙන්ම අපේ මනසට.... හිතට.... එහෙම
සිදුවෙන දේවල් දකිද්දී මට හිතුණේ, මේ මොහොතේදී
සතුට කොතරම් වටිනවාද කියලාය.
මේ මොහොතට විතරක් නොවේ;
හැමදාටමත් සතුට වටියි. ‘සන්තුට්ඨි
පරමං ධනං’ කියන්නට ඇත්තේ නිකම්මද?
හැමදාමත් ‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළන හිතාදර රසික Pra Jay මහත්තයා ‘ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස’ට කමෙන්ටුවක් යොදමින් මැයි 31 වෙනිදා, link එකක් එව්වේය.
ජුනි පළමුවෙනිදා මම ඒ කමෙන්ටුවට පහත දැක්වෙන
පිළිතුර පළ කළෙමි.
‘Pra Jay මහත්තයෝ,
link එකට ගියා....
එයින් අලුත් අදහසකුත් ආවා.... ඉක්මනටම ඔබතුමාටත් දැකගන්න ඇහැක් වෙයි....’
නැව් ගිනි ගැනීම, එන්නත් කෙරුවාව, උපන් දින සාද, පොලිසියේදී birthday කේක්
කැපිලි වගේ දේවල්... |
මේ වකවනුව වැඩියෙන් හිනා වෙන්නට අවැසි
කාලයකි.
එයට විහිළු අවශ්‍යය.
ඒ නිසාදෝ, අවිඥානිකව හෝ සවිඥානිකව හෝ මේ කාලයේ එක දිගට සම්භාවනීය විහිළු සහගත
දේවලුත් කෙරෙන එක වෙනම කතාවකි. නැව් ගිනි ගැනීම, එන්නත් කෙරුවාව, උපන් දින සාද, පොලිසියේදී birthday කේක්
කැපිලි වගේ දේවල් එමට කෙරෙද්දීය,
මං මේ 2007 සැප්තැම්බරයේ මුද්‍රණයෙන් ‘පහරවන ලද’ පොතක් යළි මතු කරන්නේ....
‘හිනා වෙන්න හිනා’
පොතට එදා මා ලියූ ‘පිවිසීම’ මෙහෙමය:
විහිළු කතන්දර, යාංහෑලි හෙවත් යාන්ස්
කියැවෙන්නේ සමවියෙහි මිතුරු-මිතුරියන් ඇසුරෙහිදීය. ඒවායින් බොහොමයක් ඉතා රසවත්ය.
එසේම බොහෝ දෙනෙකු විසින් කුණුහරුප ගණයටත් දමනසුලුය.
පළමුවෙනි වරට මා මෙවැනි කතාවක් ඇසුවේ දොළොස් හැවිරිදි වියේ පසු වෙද්දීය. මිතුරු සමරසිරිගෙනි. සමරසිරි (සුදු මල්ලී) අද කොහේදැයි නොදන්නාමුත්, ඔහු එදා ඒ කතාව කී අයුරු නම් අදත් මතකය. ඒ කතාවටත් ‘කුණුහරුපයක්’ ඇතුළත්ය. ඒකත් දෙමළ බසිනි.
ඒ නිර්මාතෘවරුන්ගේ කල්පනා
මහිමයටත්, නිර්මාණශීලීත්වයටත්, හාස්‍යෝත්පාදක භාවයටත්.... |
දොළොස් හැවිරිදි වියෙන් පටන්
ගත් මේ කතා හා විහිළු අසා- කියවා- රස විඳීම තවමත් කරන්නෙමි.
එනිසාම සමහර කතාවල නම්-ගම්
වෙනස්වී, සුළු-සුළු
වෙනස්කම් සහිතව යාවත්කාලීන වෙන අයුරුද අත්දැකීමෙන්ම දැනගත හැකි විය.
මේවා සියල්ලම නැතත්, සමහරක් හෝ කාලයේ වැලි තලාවේ
සදහටම වැළලී යනු ඇතැයි සිතෙන විට සියුම් දුකක්ද දැනෙයි. එවැනි විටෙක මේවා ලේඛනගත
කරන්නට සිතුණි. දැන් එය ක්‍රියාවට නඟන්නෙමි.
එහෙත් මේවා එකක්වත් මගේ
නිර්මාණ නොවේ. මේවා අඥාත කර්තෘක; කර්තෘ
නොදන්නා නිර්මාණයන්ය.
නම නොදන්නා ඒ නිර්මාතෘවරුන්ගේ
කල්පනා මහිමයටත්, නිර්මාණශීලීත්වයටත්, හාස්‍යෝත්පාදක භාවයටත් මගේ ප්‍රණාමය
වේවා!
මවිසින් ලේඛනගත කෙරුණු මෙම
කතාවක රසය සිඳී ඇතොත් එය මගේ වරදක් ලෙස සලකමි. ඒ ගැන කමනු මැනවි.
මේ කෘතියේ එන නිර්මාණ පමණක් නොව
තවත් රසබර කතන්දර රැසක්මත් මට කියූ, කියන
හිතවත් හැම දෙනාටමත්, මේ
මොහොතේදී තුති නොපුදතොත් එය අකෘතඥකමක් වෙයි.....
.... මෙහි එන සියලුම විහිළු
කතා ප්‍රබන්ධ මිස සත්‍ය ඒවා නොවන බැවින්, කිසිවෙකුටත්
මේ කෘතියෙන් සිත් තැවුලක්, අවමානයක්, අපහාසයක්
හෝ මදි පුංචිකමක් හෝ සිදු නොවෙන බව මගේ හැඟීමයි......
අරයට මෙයාට කිය-කියා නොඉඳ
මනමාලයම පොල් ගහකට නැංගා! |
කියවමුකො තව කතාවක්- දෙකක්.
3. තවම පැකින් කඩලත් නෑ
රස්සාවක් කරන්න නගරයට ආව
ගම්බද තරුණ හාදයෙක් හිටියා. ඇවිත් ටික දවසකින්ම මිනිහා නගරේ කෙල්ලෙකුත් එක්ක
සම්බන්ධයකුත් ඇති කර ගත්තයි කියමුකෝ. දෙන්නගෙම ගෙවල්වලටත් කියලා, දැන් ඔන්න විවාහ මංගල්ලෙත්
කරන්නයි ලෑස්තිය.
හෙටයි මනමාලිය කැන්දන් එන්න
තියෙන්නෙ.
මනමාලයාගේ ගෙදර බරටම වැඩ.
කැවුම් කොකිස් උයනවා, සරසනවා, අරව-මේවා....
ඔය අතරේ ගොක් අත්තක් ඕනෑ
වුණා. අරයට මෙයාට කිය-කියා නොඉඳ මනමාලයම පොල් ගහකට නැංගා; ගොක් අත්තක් කපලත් දැම්මා.
මිනිහා ගහෙන් බහින්න හදනකොටම
සරම බුරුල් වුණා. වටපිටේ කට්ටියත් ඉන්නවා.... සරම ගැලවෙන්න ඉස්සෙල්ලා බහින්නත්
ඕනෙ.
මිනිහා මොකද කළේ, ගහ බදාගෙන රූස් ගාලා පහළට
රූටලා ආවා.
ආවා තමයි!
.... පහුවදා
මොකුත්ම නොවිච්චි ගාණට මනමාලිව කැන්දන් එන්න ගියා. |
ඉක්මනට ඩිස්පෙන්සරියකට ගියා.
බෙහෙත් දාලා හොඳට බැන්ඩේජ් කෙරුවා.
මේක වුණයි කියලා මංගල්ලේ කල්
දාන්නයැ. පහුවදා මොකුත්ම නොවිච්චි ගාණට මනමාලිව කැන්දන් එන්න ගියා. ඒ වැඩ කටයුතු
ඉවර වෙලා ඔන්න දැන් අලුත් ජෝඩුව හනිමූන් එකටත් ගිහින්.
මනමාලි ඇඳුම් මාරු කරලා, ඇඟපත හෝදලා, ලස්සන රෝසපාට දුහුල්
නයිටියකින් සැරසිලා ඉටි රූපෙ වගෙ බබළ-බබළා ඇවිත් ඇඳේ වාඩි වුණා.
මනමාලයා කොච්චර වුණත් තවම ගමේ
ගතිය නිසා වෙච්චි ඇබැද්දිය නොකියා දහ අතේ කල්පනා කරනවා.
මනමාලිගෙ හිතේ මනමාලයගෙ
කුලෑටිකම නිසා තමයි මේ කියලා.
“ඔයා
ඇඟපත හෝදගන්නේ නැද්ද?” මනමාලි
එහෙම ඇහුවමයි මනමාලයා නාන කාමරේට ගිහින්, යාන්තමට
මූණ-කට හෝදගෙන සරමකුයි කමිසෙකුයි ඇඳලා ආපහු ආවේ.
ඒ ආවත් මිනිහා ඔහෙ ඉන්නවා
විතරයි.
මනමාලි ඇවිත් මිනිහගෙ ළඟින්ම
වාඩි වුණා.
“ලයිට්
එක නිවන්නද?”
“ඕනෙ නෑ!”
“ඔයා
දන්නවද? අද
වෙනකල් කවුරුවත්ම අත තියලවත් නෑ.”
මනමාලි ආයෙමත් කිව්වා.... |
“ඇත්තද....”
මනමාලයා ඕනෑවට එපාවට වගේ
ඇහුවා.
මනමාලි තවත් ටිකක් ශරීරෙ
නිරාවරණය කළා.
“මැස්සෙක්වත්
වහල නෑ....”
ඒත් මනමාලය කතා නෑ.
“ඔයා
දන්නවද? අද
වෙනකල් කවුරුවත්ම අත තියලවත් නෑ.” මනමාලි
ආයෙමත් කිව්වා.
“හ්ම්!” ඒත් මනමාලයා.
“නියපොත්තෙන්
තට්ටු කළත් ටිං ටිං ගානවා... තට්ටු කරල බලන්න...” මනමාලි
තවත් ටිකක් නයිටිය ඉහළට ඔසවන ගමන් ආඩම්බරෙන් කිව්වා.
දැන් නං මනමාලයාට මළ පැනලා.
මිනිහා එක පාරටම හිටගෙන, සරම
කඩලා පහළටම දැම්මා; දාලා
මෙහෙම කිව්වා.
“පේනවද? තවම පැකින් කඩලවත් නෑ!”
4. කොයි කාලෙද?
“මම ඕනෑම
තැනක දිවුරලා කියන්න කැමතියි, මේ
බෙහෙතෙන් වයසට යන එක නවතිනවා. අවුරුදු තුන්-හාරසීයක් ජීවත් වෙන්න පුළුවන් මේ ගුලි
පාවිච්චියට ගත්තොත්... මේක ඉරිසින්නාන්සේ කෙනෙක් දීපු රහස් වට්ටෝරුවක්....”
එතකොටමයි පොලීසියෙන් පැනලා
අවුසදහාමිව කුදලා ගත්තේ! |
එතකොටමයි පොලීසියෙන් පැනලා
අවුසදහාමිව කුදලා ගත්තේ!
මිනිහව උසාවියට දැම්මා. එයාගෙ
තිරිහන් ගුලිය ගැන රස පරීක්ෂක වාර්තාවක් එක්කම එයාව උසාවියට ඉදිරිපත් කරන්න නියම
වුණා.
ඊළඟ නඩු වාරයේදී අවුසදහාමිගෙ
තිරිහන් ගුලිය පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් ලැබිල තිබුණා.
“ස්වාමීනි, මේකට අනුව මේ තිරිහන් ගුලියේ
ඇති දෙයක් නෑ. සීනියි, පිටියි, තෙලුයි විතරයි...” පැමිණිල්ලෙන් කියැවුණේ
එහෙමයි.
“යුෂ්මතා
මෙහෙම ව්‍යාජ ඖෂධ අලෙවි කරලා අසරණ ජනතාව මුලා කිරීම බරපතල අපරාධයක්. තමාවත් තමාගෙ
මේ බෙහෙත පාවිච්චි කරනවද?”
“එහෙමයි
හාමුදුරුවනේ!” අවුසදහාමි
කිව්වා.
“මීට
කලිනුත් යුෂ්මතා මේ වැරැද්දම කරලා පොලිසියට අහු වෙලා තියෙනවද?” විනිසුරුතුමා ඇහුවා.
“එහෙමයි
හාමුදුරුවනේ....” අවුසදහාමි
කිව්වා.
“කී
පාරක්ද?”
“දෙපාරයි
හාමුදුරුවනේ...”
“කොයි
කාලෙද?”
“එකදාස්
අටසීයෙයි, එකදාස්
නවසිය පහෙයි.... ඊට පස්සේ මේ දෙදාස් හයේ තමා....”
ඉතිං, පොතේ පිටු හයක් පුරා තිබුණු යාන්ස්
ලියලා අහවරයි. හිනා යන්න නම් බලෙන් කිති කවා ගන්න වෙනවද? එහෙම වුණත්......... ඉතිරි
හරියත් කියවන්න එනවනේ.
එන්න! අපි එක්ව සිනාසෙමු!!
සිනහව බෝවෙනසුලුය!!!
බොහොම අපූරුයි. අරහෙ ඩ්‍රැකියා ගජබිනාලංකාරය ලියනවා. මේක හොඳ පටන් ගැනීමක්. ඉඳලා හිටලා හරි, සැහැල්ලු පෝස්ට් ලියවෙන්නම ඕනෙ.
ReplyDeleteටැක්නිකල් එපාද?
Delete//ටැක්නිකල් එපාද?//
Deleteනැතුව, නැතුව. එව්වා මගෙන් වෙන්න ඕනෙ යුතුකං නෙව?
ඔන්න තමුන්නාන්සේලා දෙන්නාටම ස්තුතියි කියලා උත්තර ලියන්න ගත්තා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅනේ අය්යේ ඔයා නම්... මේක කිව්වමයි මට මතක් වුනේ.මීට කාලෙකට ඉස්සර මං වැඩ කරපු ඉස්කෝලෙට ආවා England Shurburn village primary school එකේ teacherලා දෙන්නෙක්. ඉතින් අපි English වල "U"අකුරට "අ"sound pronounce කලාට එයාලා pronounce කරන්නේ "උ"sound එක . ඉතින් අපේ බස් වෙනුවට එයාලා බුස්. අපේ "hurry up වෙනුවට එයාලගෙ " හුරි අප්" අපේ husband වෙනුවට එයාලගේ හුස්බන්ඩ්.අපේ lunch වෙනුවට එයාලා ලුන්ච්. තව ඔයා මේ විදියට වචන හිතන්නකෝ.
ReplyDeletehttps://en.m.wikipedia.org/wiki/Yorkshire_dialect
Deletehttps://www.ef.com/wwen/blog/language/british-dialects-you-need-to-know/
යෝක්ෂයර් "යූ"
උදා:-
රුබිෂ් Rubbish. ජෙෆ්‍රිරි බෝයිකොට් හා ඩේවිඩ් ලොයිඩ්ගෙ ක්‍රිකට් කමෙන්ට්‍රීස්
දිමුතු සහ ප්‍රාජේ කියලා තියෙන පසුබිමට අදාල නොවුනත් buffet කියන වචනයත් ඔය වගේ. බුෆේ උච්චාරණය හුරු කෙනෙකුට තව කෙනෙක් බෆේ කියනව ඇහෙද්දි හොල්මන් වෙන්න පුලුවන්. ඒවගේම මම ටිකක් අමාරුවෙන් පුරුදු වුනු වචන දෙකක් තමයි fuel සහ Bvlgari උච්චාරණය (න, ණ හරිද?).
Deleteදිමුතු- ඔයාට ස්තුතියි ඒ කාරණය මතු කළාට...
Deleteපෙනෙනවා නේද Pra Jay - Lotus -වගේම බස්සා මහත්තයලා එහෙමත් මේ ගැන උනන්දු බව?
ප්‍රා ජේ මහත්තයාගේ links දෙකටත් ගියා....ඒ වගේ අපේ රටේ ප්‍රාදේශීය ව්‍යවහාර ගැනත් දැනුමැති අය ලියා තබනවා නං... මම දන්නා හැටියට එහෙම තියෙන්නේ ජේ.බී. දිසානායක මහාචාර්යතුමා ලියූ දේවල් තමයි...
Lotus, උච්චාරණය වචනයේ ණ අකුර තමයි යෙදෙන්නේ. ඔයා හරි!
Hurry up හුරි උප් නෙමෙයි ද? 😄
Deleteඒකත් හරි නේන්නං රන්දිල්!
Deleteඅන්තිම කතාව නම් කලින් අහල නැති එකක් ... ඔය පොතේ ලියපු ඉතිරි කතා ටිකත් ඉඳල හිටලා ලියල දාන්න නිදී !
ReplyDeleteඔව් පැතුම්, පොතම posts කීපෙකට ලියන්න හිතාගෙන ඉන්න නිසා තමයි පෝස්ට් එකේ අගට 'කුණ්ඩලිය' ලකුණ නොදැම්මේ.
DeletePost එකක් අගට මං එහෙම දාන්නේ, ඉස්සර පුස්කොළ පොත්වල තිබුණු පිළිවෙලටයි.
ආර් ප්‍රේමදාස මහත්තයාගේ නක්ෂත්‍ර කාරයා පියසේන රතුවිතාන (පැලැන්වත්ත, සිද්දමුල්ල පැත්තේ හිටියා වාගේ තමයි මතක) මහතා කියලයි මම අහලා තියෙන්නේ. උදේට නැගිටින්නෙත් රාහු කාලය මග හැරලාලු. ඇඳෙන් බිමට පය තියන්නෙත් මරු සිටින දිශාව මග හැරලාලු . ඔය මොනවා කලත්, ""මරුට නැතිය කිසිවිටකදී බාධා"" කියන එක කාටවත් වෙනස් කරන්න බැරි බව නම් විස්වාසයි.
ReplyDeleteඑක එක රටවල accent එක නම් ලොකු ප්‍රශ්න ඇති කරනවා. කලකට පෙර මම සේවය කල සමාගමේ ලොක්කා ස්කොට්ලන්තයේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන කෙනෙක්. ලොක්කා, අපිට හැම සඳුදා දිනකම උදේ රැස්වීමක් තියනවා. රැස්වීම ඉවර වෙලා ආපසු යනකොට හැම කෙනෙක්ම ළඟ ඉන්න තැනැත්තාගෙන් අහන්නේ, "පෝල්(ලොක්කා) මොනවද කිව්වේ????"
//ඒ විතරක් නෙවෙයි, නියම විජේ හමුදාවටත් සම්බන්ධයි වගේ කියලා කිව්වා. දැන් ප්‍රේමදාස මහත්තයට තවත් අප්සෙට්.....//
මේක කියවපු ගමන් හිතට ආවේ රන්ජන් විජේරත්න මහතා උනත්, DB මහත්තයාත් ඉස්සර පොලෝසියේ හිටියා කියලා මතක් උනේ පස්සෙයි.
‘හිනා වෙන්න හිනා’ පොත නමට ම හරියන එකක් වාගෙයි!
This comment has been removed by the author.
Deleteමේ ඇක්සෙන්ට් කතාව කිව්වාම මේක මතක් වුනා. බොහෝ කාලෙකට පෙර පන්නිපිටියේ තිබ්බ මාධ්‍ය ආයතනයක වැඩ කලා. ඒ ආයතනයක පටන් ගත්තෙ S'pore සමඟ හවුලෙ නිසා, මැනේජ්මන්ට් එකේ චීන්නු හිටියා. වැඩ සටහන් අංසෙ හිටපු චීනෙක් ගැන කතාවක් මේක. මේකා හැමදාම කතාව අවසානයෙ "ඤ්හ් නුඥ් ඤ්හ් ඤ්ක් ඤොහ්" කියනවලු. පස්සෙ තමා කස්ටිය හොයා ගෙන තියෙන්නෙ , ඒ කියල තියෙන්නෙ correct me , if I'm wrong කියන එක, නහයෙන් කියන චීන ඇක්සෙන්ට් එකෙන් බව.
Deleteස්තුතියි Sam, බස්සා දෙන්නාටම!
Deleteමෙහෙම කමෙන්ටුවලින් තවත් පොතක් ලියතහැකි තව කාට හරි..
විහිළු කතන්දර බ්ලොග් එකේ දාන්න ගත්ත එක හොඳයි. 'හිනා වෙන්න හිනා' කොටස ගත්තෙ ජිප්සීස්ලගෙ 'හිනා හිනා හිනා හිනා... වෙන්න හිනා' සින්දුවෙන්ද (නැත්නම් ඒගොල්ලො නිමල්ගෙන් ගත්තද).
ReplyDeleteඅනේ Lotus, ඒ ගැන නං අද වෙනකල් හිතුවේ නෑ. දැන් තමයි පෙනුණේ එහෙම සිංදුවකුත් තියෙනවනේ කියලා...
Deleteහැබැයි පොතට නම දාද්දී එකක් නං හිතුවා... මගේ කතා එකතුව ගොඩ නිසා පොත් කිහිපයක්ම ලියන්නයි හිටියේ. (එක ලිව්වම වෙච්චි දේවල් පස්සේ කියන්නං.) එතකොට හිනා වචන දෙක මැදට විතරක් වෙනස් වචනයක් යොදන්නයි හිතේ තිබ්බේ.
හිනා තවත් හිනා - තමයි දෙවෙනි පොතේ නම.
තුන්වෙනි එක ටයිප් සෙටින් කරලත් ඉවර වුණාමයි අසනීප වෙලා වැඩේ බකල් වුණේ!
Well English accent is kind of hard one, A sottish guy was working with me, I can understand his English 80% face to face, on the phone 50%, after couple of drinks 0%.
ReplyDeleteHow would an Indian pronounce David Maher?
Wijebahu
ඇයි විජේබාහු මහත්තයෝ, ස්කොට් මිත්තරයා එච්චරටම දොඩමළු වෙනවද ෂොට්ස් දෙකකින්ම?
DeleteCorrect, after few drinks he talk too much too fast.
Deleteකොබ්බෑකඩුව මහත්තයත් එක්ක විජය විමලරත්න මහත්තයත් බෝම්බෙට අහුවුණා කියල මතකයි. එයත් ආවනං විජේ ලැයිස්තුව තවත් ටිකක් දික් වෙනව.
ReplyDeleteහැබෑ නේන්නං ඩ්රැකී..... කතාව හදපු කෙනාට මඟ ඇරෙන්න ඇති.
Deleteඇත්තට අපි අහපු කියපු කතා ටික ලේඛනාරූඪ කළේ නැත්තං කාලෙකදි අමතක වෙලා යනව. ඔය වගේ කොලමක් තිබ්බ ඉස්සර ශ්‍රී සඟරාවල. මං ඒකක් කාලෙකට කලිං බ්ලොග් එකේ දැම්ම මතකයි. හොයල දාන්නං ලිංක් එක
ReplyDeleteමේ එකක්
Deleteඒක හොයද්දි තව එකක් හම්බුණා.
Deleteගොඩක් ස්තුතියි ඩ්රැකී....පුදුම හිතුණේ ඒ දවස්වල post එකට වැඩිය ලොකුවට තියෙන කමෙන්ට්ස් ගොඩ දැක්කම!
Deleteඔයා කියනවා වගේ මෙහෙම කතා නිකම්ම වැළලිලා යන්න දිය යුතු නෑ නේද?
ඔව්.ඒකාලේ මගෙ බ්ලොග් එකට වඩා කීප ගුණයක් කමෙන්ට් වැටුණු තවත් බ්ලොග් තිබුණා. ඒ ස්වර්ණමය යුගය...
Deleteමේ කතා ඉඩ ලැබෙන ලැබෙන තැන නිතර කීමෙන් ජන ගත කර සංරක්ෂණය කරන්න පුළුවන්
අන්න වැඩේ!
Deleteබොලාට මතකය ඔය ශ්‍රී සඟරාවෙ ගියා සකිරිපිංචිගෙ කතා කියලා කොලමක්? ඒ්ක හිනා කතාම නෙවෙයි, නිකං යාන්ස් කෑලි වගේ තිබුනෙ. මේ මට මතක එකක්.
Deleteකලාබර කියලා
රුයිතෙන් කොළේ වහලා
හාරතය ඇදලා
ඉස්කෝප්පෙන් තිබුනි කැපිලා
ඒ කාලෙ නවයුගය පත්තරේත් (සඟරාවෙ නෙවෙයි) ගියා නේ හිනා කොලම් එකක්. ඔවුවා කපලා අලෝලා තිබුන පොතක් තිබ්බා අපේ තාත්තලෑ මහගෙදර, දැන්නං කොහෙද දන්නෑ.
Buratino මැතිතුමාවත් සාදරයෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා!
Deleteසමා වෙන්න ඕනි මගේ මතකය වැරදියි නම්. මේ අඩවියේදී ඔබතුමාගේ නම දැක්ක නිච්චියක් නෑ, ඒකයි ආයුබෝවන් කිව්වේ. නිදහසක් තියේ නං ආයෙත් එන්න!
Buratino මැති කියන්නෙ කවුද මෙයා
Deleteමට කවුරුත් අමතන්නේ බුරා කියා
මමත් හිතන්නෙ මේ බ්ලොගෙ දාපු පළමුවෙනි කමේනට් එක තමා. කාලයක් තිස්සෙ බ්ලොග් ලෝකෙන් අහක්වෙලා ඉඳලා දැන් ආයෙමත් පොඩ්ඩක් එහෙන් මෙහෙන් බ්ලොග් බැලෙනවා නිදි.
ගොඩක් බ්ලොග් අඩවිවල බුරටිනෝ- බුරා නම කමෙන්ට්ස්වල දැකල තිබුණා. ඒවායේ කියැවුණු විදිහ දැකල ඇඳුනු image එක නිසයි 'මැතිතුමා' කිව්වේ.
Deleteඅනෙක මගේ නැහැදිච්චිකම. ඒ කිව්වේ හැදිලා නැතිකම. තවම මගෙන් කෙනෙකුට මචං කියලවත් කියවෙන්නේ නෑ. නාදාකමක් එක්ක නම කියවෙනවා මිස... ටික කලක් යනවා නම විතරක් වුණත් කියන්න...
කොහොම වුණත් අපි උත්සාහ ගනිමු තව අයත් බ්ලොග් කියවන තැනට ගෙනෙන්න.
ප්‍රේමදාස මහත්තයාගේ කතාව ඇත්තමද කියලත් හිතෙනවා මේ විජේලා පේළිය දැක්කහම 🙄
ReplyDeleteරන්දිල්, කතාව හදපු කෙනාගේ දක්ෂකම කොහොමද කියලා ඒ දවස්වල හිතම මාත් හිතපු දෙයක්.
Deleteවිජේලම කී දෙනෙක්ද.... මරු කතාව...
ReplyDeleteස්තුතියි මිතිල.
Delete