“... අහනවද මැඩම්.” බනාසේ නෝනා එතෙක් මොකුත් නොකීවාට පසුබැස්සේ අපේ අම්මා නොවේ.
“ලීලා,
ලීලා...” ඒ වයෝවෘද්ධ ගැහැනිය තරවටු බැල්මකින් අපේ අම්මා දිහා බලලා, ඊළඟ විනාඩියේ
වත පුරා විහිදුණු හිනාවකින් මුව සරසා ගත්තාය. “මම මොකටද ලීලා ඒක අහන්නේ... ඕක අහල
බලන්නයි කියලා, උඹ අපේ ලොකු බේටාටත් තව ටිකකින් කියනවා
නේද?” බනාසේ මැඩම් දඟ ලීලාවෙන් ඒ ටික කිව්වේ
හින්දි නිළියක් වගේ රඟමිනි.
ඕනෑම
කෙනෙකුගේ කියුම්- කෙරුම්- හැසිරීම් දෙස විමසිල්ලෙන් බලනවා නම් එයාගේ චර්යාව තේරුම්
ගැනිල්ල අමාරු දෙයක් නොවේ. බනාසේ මැඩම් ඒ ටික දන්නවා වගෙය.
අපි අතරින් බොහොම ටික
දෙනෙකුට විතරයි ඒ සේවය කරන්න පුලුවන්... |
“රංජි. බනාසේ මහත්තයාත් ලොකු පුතා එක්ක ඔයා ගැන හොඳ කියල තියෙනවා වගේ!”
“කොහොමද අම්ම හරියටම දන්නේ?”
“ලොකු පුතා හිනා වෙච්ච විදිහ හොඳයි. අනෙක රංජි, එයාලට ඔයාව හිතට ඇල්ලුවේ නැත්තං
ඔයාට දිගටම එන්න කියල කියයිද- මම නැති දවස් තුනට.”
සුමානෙකට
දවස් තුනක් මට බනාසේ නිවසට යන්නට වුණේ, ආන්න ඒ විදිහටය. ගෙවීමක් කෙරෙන බව කිව්වත්,
ඇත්තෙන්ම ඒ රාජකාරිය මට ඒ තරම් ප්‍රසන්න එකක් නොවිණි.
‘පඩියට කළත් ලෙඩෙකුට සත්කාර කරන එක පිනක්
නිමල්. සල්ලිවලට උනත් ඒ දේ කරන්න ලොකු හදවතක් තියෙන්න ඕන. අපි අතරින් බොහොම ටික
දෙනෙකුට විතරයි ඒ සේවය කරන්න පුලුවන්...’ කියලා පසුගිය post එකට
දිග comment එකක් එවමින් චමින්ද දිසානායක හිතවතා කියා තිබිණි. එහෙම පින්සාර
කමෙන්ටුවක් කල් ඇතිවම ලැබී තිබියදී වුණත්, එදා මට හිතුණු දේවල් වැසැංගීමට
නොසිතෙයි.
ඒත් එක්කම ගිලානෝපස්ථානය ගැන යහමින් සමාජගතවී තිබෙන මතයක් පිළිබඳවත් මට සිහි වෙයි. ඒ ගැන විස්තර දැනගනු රිසි අයටය, මේ ඔත්තුව!
දුගඳ
හමන මළ මුත්‍රාවලින් වැකුණු ඇඳ ඇතිරිල්ලක් මත අසරණව වැතිරී හිඳින බනාසේ මහතා දුටු
මනතින් මට නම් ඇති වුණේ පොඩි පටු පිළිකුලක් නොවේ!
‘අම්මත් එක්ක ආව දවස්වල මට මෙච්චර අපුලක් නොදැනුණු එකනෙ පුදුමෙ... හරි නේන්නං! මං
හිටියේ ඈතින්නෙ... දැනූත් එහෙම කරන්නයැ. ඔන්න වැඩේ කරන්න බාර ගත්ත නං පුතෝ කරන
එකයි තියෙන්නේ... අම්මව දෙනවයි කියලා
කිව්වා
නං තාත්තව ගස් බැඳලා හරි දෙන්නනෙ තියෙන්නේ...’ එහෙම කරන්නට මට ඉගැන්නුවේ අපේ
තාත්තාමය!
මට
මෙවන් පිළිකුල් සහගත තත්ත්වයකට මුහුණ දෙන්නට වෙන බව ඒ ගෙදර ඇත්තනුත් දැනගෙන හිටියා
විය යුතුය. මං එහාට යන විටත් බනාසේලා මා එනතුරු බලා සිටියහ. ඒ කිව්වේ බනාසේ ලොකු
පුතාත්, මැඩමුත්.
“මා, let Nimal finish his breakfast first. එන්ජෝයි යුවර් බ්‍රෙක්ෆස්ට් නිමල්...
ඊට පස්සේ උඹට පුළුවන් ඩියුටිය පටන් ගන්න.” ලොකු පුතා කිව්වේය.
ඇත්තෙන්ම,
ඒ ක්‍රමය මගේ වාසියට හිටියේය.
බනාසේ
මහතාව පිරිසුදු කළායින් පස්සේ එදා දහවල් ආහාරයක් ගන්නට මට නොසිතිණි; මට දැනෙමින්
තිබ්බේ පුදුමාකාර අපුලකි. මුව වැස්මක් බැඳගෙන; රබර් අත්වැසුම් (ග්ලවුස්) දමාගෙන ඒ
පිරිසුදු කිරීම් කළත් මදි විත්තියකි, මට දැනුණේ.
පළමු Microwave උදුන
අඩි හයක් උස, රාත්තල් 750ක් බර දැවැන්තයෙක් වුණේල. දෙවෙනි ලෝක
යුද්ධයෙන් පස්සේ ඒක පුංචි වී; හැන්ඩි වී ගෙවල්වලට ආවේලු. (1970 දැන්වීමක foto එකකි.) |
කොතරම් අසීරු වුණත් යම් තත්ත්වයකට මුහුණ දෙන්නට පටන්ගත් විට අපි එයට හුරු
වෙන්නෙමු. ඒ මනුෂ්‍ය ස්වභාවය විය යුතුය. මට නං වුණේ ඒකය.
මේ
අප්‍රසන්න තත්ත්වය ඇති වෙන බව බනාසේලා හොඳින්ම දැන සිටි බවයි, මට පසුව හොඳටම තහවුරු වුණේ.
මං උදේ එහාට යනකොටත් බනාසේ මැඩම් මට කෑමට දෙයක් සූදානම් කරන්නට පටන් ගෙනය. එහෙම
සූදානං කරනවා කිව්වාට ඒවා, කලින් දවසේ හදලා- ඉතුරු වී තිබෙන හොදි- මාළුපිනිය. පෙරදා
රාත්‍රියේ ශීතකරණයේ තැබෙන ඒවා, උදෙන් එළියට ගෙන තැබෙයි.
එහෙම
ඉතිරි වී තිබෙන ව්‍යංජන වුණත් හතර-පස් දෙනෙකුට සෑහෙයි. (ඒ බව දැකීමෙන් මගේ හිතට
ආවේ අදහස් දෙකකි. පළමුවැන්න බනාසේලාගේ ඉසුරුමත් බවයි. දෙවැන්න එංගලන්තයේ සාමාන්‍ය
කෑම බීම වර්ග මිලෙන් අඩු බවයි.)
මගේ
පිට කබාය ගලවා එල්ලන්නටත් කලින් මැඩම් ඒ වෑංජන මයික්‍රෝවේව් උදුනෙන් රත් කරන්නට
පටන් ගනී.
(ලෝකේ
වෙනස් වෙලා තියෙන හැටි.
අවුරුදු අසූවකට කලින් මයික්‍රෝවේව් ovens තිබ්බේ නැත. ඊට පස්සේ හැදුණු පළමු
Microwave උදුන අඩි හයක් උස, රාත්තල් 750ක් බර දැවැන්තයෙක් වුණේල. දෙවෙනි ලෝක
යුද්ධයෙන් පස්සේ ඒක පුංචි වී; හැන්ඩි වී ගෙවල්වලට ආවේලු. 1985 විතර එංගලන්තයේ හැම
ගෙදරකම තිබුණු මයික්‍රෝවේව් අවන් එක ලංකාවේ සාමාන්‍ය ගෙවල් බහුතරයකට තවමත් රිංගලා
නැත.)
මුලින්ම
මං හිතුවේ ඇය එසේ ‘මගේ උදේ ආහාරය කඩිනම් කරන්නේ’ ආගන්තුක සත්කාරයට ඇති ලැදියාව
නිසා කියලයි. ‘මං වගේ ගොන් ගහක්.’ සති කීපයකට පස්සේ දවසකය හැබෑම තත්ත්වය මා දැන
ගත්තේ; එයාම ඇත්ත කිව්වාට පස්සේ.
“මැඩම්,
Thanks a lot for your kindness. මම එනකොටම ඔයා මං ගැන වොරි වෙනවා...” උදයක මං
කිව්වේ ඒ මාතාව ගැන කරුණාවෙන්. ඒක ඇහිච්ච ගමන් බනාසේ මැඩම් ඔළුව උස්සල මගේ දිහාව
බැලුවා. ඒ ඇස් දෙකේම පිටාර ගලන්නට කිට්ටු කඳුළු...
නැත්තං පාන් හරි Crumpets හරි
එක්කය. එහේ හැම Super Market එකකම කලින් පිසූ එවැනි කෑම වර්ග... |
“හොඳ
වෙලාවට අපේ ගෙදර සේරම අද function එකකට ගිහිං... මට බය නැතිවම කතා කළ හැකි. අපි
කවදාවත් හිතුවෙ නෑ දරුවෝ, අපිට මෙහෙම දෙයක් වේවිය කියලා. අපි එංගලන්තෙට ආවට පස්සේ
බනාසේ මහත්තයා හම්බ කළා- කළා- කළා. ඒ සල්ලිවලින් අපි ළමයින්ට පුළුවන් තරම්
ඉගැන්නුවා; සැප දුන්නා. සල්ලිවලට ගන්න පුළුවන් හැම දේම අපි එයාලට අරං දුන්නා.
හැබැයි, පවුලක් කියන්නේ මොකක්ද කියලා හ..රි..ය..ට..ම අපේ ළමයින්ට කියල දෙන්න අපිට බැරි
වුණා. දැන් අපේ දරුවොත් සේරම දේවල් සල්ලිවලටයි අපට අරං දෙන්න හදන්නේ...”
ඇය
කියන්නේ මොනවාදැයි මට මුලින්ම වැටහුණේ නැත.
“...
මෙච්චර දවසක් වුණා. උඹ එක දවසක්වත් දැක්කද අපේ ළමයි හරි එයාලගේ පවුල්වල අය හරි අපේ
මහත්තයාගේ කාමරේට යනවා. අපෙ ලොකු පුතා විතරයි කලාතුරකින් හරි එහාට ගියත් යන්නෙ. ඒක
කරන්නෙත් කාමරේ දොරකඩ ඉඳගෙන ‘මොනවද ඕනි’ කියල තාත්තගෙන් අහන්න.
මමය කියල මොනව කරන්නද දරුවෝ? මාත් ලෙඩා. හැමදාම එයා ළඟට ගියාම මට දුකේ බෑ.
මට පුළුවනිද එයාව උස්සන්න... wheel chair එකට ගන්න... ඉතිං මම ඉවසිල්ලක් නැතිව
ඉන්නවා උඹ හරි ලීලා හරි එනකල්. ඒ හින්දයි ළමයෝ, මම උඹලගේ උදේ කෑම ටික ඉක්මනට හරි
ගස්සල දෙන්නේ. එතකොට උඹලා හරි, ඉක්මනට එයාව හෝදලා අලුත් ඇඳුම් අන්දවනවනේ...”
මට
තවමත් පුදුමය. අප එකිනෙකාගේ ජීවන වියමන් මෙලෙස විවිධාකාරයෙන් ගෙත්තම් කරන්නේ කවුරුන්
හෝ කෙනෙක්ද? එහෙමත් නැතිනම් බලවේගයක්ද?
ඉතිං,
බනාසේ මැඩම් රත් කළ වෑංජන පාවිච්චියට ගැනෙන්නේ චපාති එක්කලාය; එහෙමත් නැතිනම් රොටි
වැනි දෙයක් එක්කය. නැත්තං පාන් හරි Crumpets හරි එක්කය. එහේ හැම Super Market එකකම
කලින් පිසූ එවැනි කෑම වර්ග packet කරලා තියෙයි. Packing කඩලා අරගෙන රත් කර ගන්නට
විතරකි, තියෙන්නේ.
එහෙම වුණත් බනාසේ මැඩම් ඒවාම පාවිච්චියට ගන්නෙත් නැත. මට දැනුණු විදිහට ඒ අංගනාවත්
මං වහන්සේ වගේම කෑම හැදීමෙන් සංතෝස වෙන ජාතියේය.
එහෙමවත් එයාට උදව්වක්
වෙන්න ඕනිනේ... |
“අතට
ඕනි විදිහට ජීවත් වෙලා බෑ නමී! මොනවා හරි ලේසි කෑමක් හදනවා. මානෙල්ට අම්මලාගේ වැඩ
අස්සේ ඔය එකේක ජාති හදන්න වෙලාවක් නැහැනේ. වෙනසකටත් එක්ක මං යනකොට මොනවා හරි හදන්
යන්නෙ ඒකයි. එහෙමවත් එයාට උදව්වක් වෙන්න ඕනිනේ... ඒ වැඩ හින්දා මේ දවස්වල blog එක
ලියන්න හම්බ වෙන වෙලාව තමයි අඩු වෙන්නෙ...”
“ඒකනෙ! මොනව හරි තියෙනවද නිදි, මටත් කරල දෙන්න පුළුවන්?” නමී ඇහුවේ නිකංම නොවේ.
කලින් දෙවතාවක්ම පොල් ගාල දීලා පුරුදු හින්දාය.
(ඒ
අයස්මන්තලා එන දවස්වලදීය. ගිය අවුරුද්දේ පාද යාත්‍රාවේ යද්දී අහම්බෙන් අපේ නඩයට
set වූ නමීත් දැන් එයාලගේ හිතවතෙකු වී; ඒ group එකේ නිත්‍ය සාමාජිකයෙකුත් වී
සිටියි. ඒ කට්ටිය set වෙනකොට දැන් එයාලා නමීටත් ආරාධනය කරති. ගවීන් එංගලන්තයට සංක්‍රමණය
වුණු බැවින්, නමීගෙන් ඒ අඩුවත් සපිරෙයි.)
එයාලාට පොල් සම්බෝල ඕනිමය. එහෙම සෙටමෝල් වෙන දවසට නෙවිලුත්- නමීත් ටිකක් කලින් ඇවිත් කන-බොන දෙයක් හදන්නට මට උදව් දෙති. නෙවිල්ය මස්- මාළු- එළවලු කපන්නේ. නමී පොල් ගායි.
“නෑ නමී. ඇහුවටත් ස්තුතියි. මම තවම හදන දෙයක් හිතුවෙ නෑ!”
නමී
ගෙදර ගියාට පස්සේ මගේ හිතට ආවේ පෑන් කේක්ය! මසාලා තෝසේය!!
ලංකාවේ
අපට නම් පෑන් කේක් කියන්නේ මැදට පැණිපොල් දැමූ කැවිල්ලයි. එයින් රොටියත්, මසාල
තෝසේ එකේ කරියත් දෙකය, මං එකතු කළේ.
කරිය හැදුවේ තම්බාගත් හිඟුරල අලත්, කැරට්- ගෝවා හා පෙති කපා බැදගත් සොසේජසුත් මිශ්‍ර
කරමිනි. වෙනසකට කළේ, ඒ කරිය තෙම්පරාදු කරද්දී තලාගත් සූදුරු ඇට ටිකක් යහමින් එකතු
කිරීමය.
ඒ ඉන්දියානු රසයක් දුන් මසාලා පෑන් කේක් අපේ අම්මාටත්, මානෙල්ලටත් අල්ලලා ගිහිංය.
ඒ විත්තිය ‘නිදිගෙ පංච තන්තරේ’ හිතාදර පාඨක ඔබටත් කියන්නේ පොඩි ආඩම්බරයකුත් එක්කය;
කැමති නම් අත්හදා බලන්නයි ආරාධනයකුත් කරන්නටය.
ඒ
පුරාණයේ හොඳම කොටස ආවේ, හොඳටම රෑ බෝවී ආපහු එන්නට හදද්දීය. Pick Me එකක් හොයා
ගන්නට නැත. ආයෙත් තෙල් නැති වෙලාය. රෝසිත්, ගාමිණීත් පැය බාගයක් විතර අරයාට- මෙයාට
කතා කරලය; three වීලරයක් හොයා ගත්තේ!
දයාවන්ත චමින්ද
දිසානායක සහෘදයා කියා තිබුණු ‘ලොකු හදවතක්’... |
ඉතා ක්‍රමවත්- කාර්යක්ෂම පොදු බස් රථ සේවාවක් නිරතුරුව ක්‍රියාත්මක වුණු
එංගලන්තයේදී අපට බනාසේ ගෙදරට යන ගමනට පැය දෙකක් විතර ගත වුණැයි, කලින් කොටසකදී මම
ඔබට කියුවෙමි. ‘තිස් එකේදී... -දහනවවෙනි කොටස’ට comment එකක් එවමින් Anonymous මහත්මයෙකු මෙසේ විමසා තිබිණි.
‘Nidi, 2 hours by bus from Hounslow is
probably the other end of London lol dare I ask where exactly were you
commuting to work???’ ඒ මහත්මා ලන්ඩනය ගැන
හොඳින්ම දන්නා කෙනෙකු යැයි මට හැඟුණු නිසාමය, මා මේ පිළිතුර දුන්නේ.
‘ලන්ඩන්වල
අනිත් කොනේ වෙන්න ඇති. පැය දෙකේ වෙලාව නං මට හොඳටම මතකයි- ඩැඩාගේ ලොකුම තර්කයත්
වුණේ ඒක. පැය හතරක් ට්‍රැවල් කරලා- පැය හත-අටක් වැඩ කරලා ලැබෙන ගතමනාව මදිය කීම.
අනේ මහත්තයෝ, ඒ කොහෙද කියලා අහගන්න
දැන් අපේ අම්මට කල්පනාව නෑ. එහෙ ගිය තැන්වලින් මගෙ මතකයේ තියෙන්නේ South Hall විතරයි, වැඩිම කාලයක් ආව-ගියේ
එහාට නිසා.’
එහෙම
කාලයක් ගත කරලා හරි, එහාට යන්නට මට හිතුණේ එදා බනාසේ මැඩම්ගේ කතාවෙන් පස්සේය;
දයාවන්ත චමින්ද දිසානායක සහෘදයා කියා තිබුණු ‘ලොකු හදවතක්’ මගේ උරස් කුහරයේ
ස්ථාපනය වෙන්නට ඇත්තේත් ඊට පස්සේ වෙන්නැති.
බනාසේ නෝනට නං එතකොටත් ලොකු හදවතක් තිබුණු බව ටික දවසකින්ම මට තේරුම් ගියේය; ඒ
මව්වත් අංගනාව, ඒ ගෙදර හැදෙන; එහාට ලැබෙන ඕනෑම විශේෂ කෑමකින් කොටසක් වෙනම පරෙස්සම්
කර තියාගෙන, මට දෙන්නට පුරුදු වුණු බැවිනි, මට එහෙම හිතෙන්නේ.
“අනේ
ඔව් රංජි. බනාසේ මැඩම්ට තව තව හරි යන්න ඕනේ. ඔයා දන්නවද? ඒ මනුස්සයා ලොකු පුතාට
හොරෙන්, හිටි ගමන් පවුම් විස්සක් විසිපහක් විතර මට දෙනවා. එයා ලෝබත් නෑ, ගෙදර
අනිත් අය වගේ. වැඩේ කියන්නේ, ඒ ගෙදර ඒ මනුස්සයා දෙකේ කොළේට වැටිලා ඉන්න එක.”
බනාසේ නෝනගේ හැටි ගැන අපේ අම්මාට කිව්වම- අම්මාත් මට කිව්වාය.
... ලෝකයේ විශාලම උද්භිද උද්‍යානයද, ලන්ඩනයේ
වඩාත් ජනප්‍රිය ආකර්ෂණීය අංගයක්ද වෙයි. |
එයාට
ලොකු හදවතක් තිබුණාය කිව්වේ නිකංම නොවේ. හේතු ඇතිවය.
National තියටර් එකේ නාට්‍ය බලන්නට ගිය ගමනෙන් පස්සේ, අපේ අම්මා නීලියාට එච්චර හොඳ
මුහුණක් පෙන්නුවේ නැතත් නීලියා ඒක ගණන් ගත්තේ නැත. කලින් වගේම ඉඳහිට අපේ ගෙදර
ආවාය. සමහර දවසක අස්වර් එක්කත්... “එයාගේ මූඩ් එක ටික දවසකින් වෙනස් වෙයි නිමල්!
හැමදාම බුම්මගෙන ඉන්නයැ. ලීලගෙයි මගෙයි යාළුකම මොකක්ද, මට එයා ගැන ඔච්චර දෙයක්වත්
තේරුම් ගන්න බැරි නං..” කියලා මගෙත්තෙක්කත් රහසෙන් කිව්වාය.
“Thanks my dear! කිව් ගාර්ඩ්න්ස් බලන්න
යන්නම වටින තැනක් නේන්නං. Neeliya, are you coming with us?” නීලියාගේ යෝජනාව
සම්මත කරමින් ඩැඩා ඇහුවේය.
“මොකද නීලියා ඔයයි ඩැඩියි දෙන්නම ‘ගාර්ඩ්න්ස්’
කියලා බහු වචනෙන් කියන්නේ? ඒක තනි එකක් නෙවෙයිද?” මං ඇහුවේ මගේ අතිපණ්ඩිතකම
පෙන්නන්නට නොවේ; වැරද්දක් දැක්ක නිසාය.
“මේ හාදයා එක්ක බෑ Cecil. බලපං, ඕනිවට වැඩිය හැම දේම හොයනවා...” නීලියා මිහිරි
නෝක්කාඩුවකින්ම ප්‍රතිප්‍රහාර දෙන්නට පටන් ගත්තාය.
“මම නං ඔච්චර දේවල් හොයන්නෑ නිමල්. Attractive දෙයක් දැක්කම හොඳට බලනවා... මේ උඹේ
හැටිනෙ. Wait! එහෙට ගියාම උඹට බ්‍රෝචර්ස්, leaflets ගොඩක් හම්බ වෙයි Kew Gardens
විස්තර තියෙන.”
අනේ! එදා එහෙදී හම්බ වුණු හා මිලදී ගත්තු
එංගලන්තයේ විස්තර පත්‍රිකා තොගය බහා තිබුණු කාඩ්බෝඩ් පෙට්ටියම, ශ්‍රී ලංකාවේ නසරානි;
පරවාදී; නාස්තිකාර වේයන්ට රස ආහාරයක් වෙලාය.
රෝහණ බැද්දගේ මහත්තයා අපූරු සිංදුවකින් ගයන තාලයටම කියනවා නං... උන් ‘කන්න
දෙයක් නැතිව වාගෙ
-පෙට්ටිය- කාලා’ ය. හත් වලාමෙ වෙච්චි දේට මක් කරන්නද?
ලේසියෙන් හොයා ගන්නට අන්තර්ජාලයේත් විස්තර
නොතිබ්බා නං හෙම ‘හුප්පේ’ තමා!
Internet එකේ එක තැනක ඒ විස්තරය තියෙන්නේ
මෙහෙමය: ‘Kew Gardens includes more than 50,000 different plants in its living
collection and over 7 million preserved specimens. Over
750,000 volumes and
illustrations are contained in its library. A UNESCO World Heritage Site, it's
also one of London's most popular attractions.’
පෘථිවි ගෝලයේ එකේක පෙදෙස්වලින් ලබාගත් විවිධ
පැල වර්ග 50,000ක්... ඔව්! ඊටත් වඩා ශාක සංඛ්‍යාවක් නිරිතදිග London ඉසව්වේ, අක්කර
300ක බිම් පෙදෙසක් පුරා පැතිරුණු මේ ‘රාජකීය උද්භිද උද්‍යානයේ’ තිබෙයි. එය ලෝකයේ
විශාලම උද්භිද උද්‍යානයද, ලන්ඩනයේ වඩාත් ජනප්‍රිය ආකර්ෂණීය අංගයක්ද වෙයි.
“ඔහොම නෙවෙයි! මෙහෙම...”
à ඊළඟ
කොටසට...
එක හුස්මට කියවන් ගියා ,, අතීත මතක හරිම රසවත්.....
ReplyDeleteගොදාරියක් ස්තුතියි ලලිත්!
Deleteමොනා උනත් නිදි ලොක්කගෙ ඩැඩා හොඳ මනුස්සයෙක්! අන්තිම වෙනකම්... එයාගෙ පළමු පවුල හම්බුවෙන්න ගියෙ නැද්ද ඩැඩා
ReplyDeleteමම දන්න තරමින් නම් නෑ.
Deleteයකඩෝ නමී. දැනුයි කල්පනා වුණේ- 1992 ඔය වගේම අනුවේදනීය තාත්තෙක්- පුතෙක් අතර සිදුවීම් වැලකට මාත් මැදි වුණා. ඒ මනුස්සයව මහරගම සුසාන භූමියේ මිහිදන් කළෙත් අපි- අපේ අසල්වාසීන් හා මං. ඒ කතන්දරෙත් කියවනවද?
http://nidigepanchathanthare.blogspot.com/2019/09/blog-post_16.html දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
https://nidigepanchathanthare.blogspot.com/2019/09/blog-post_23.html දෙපා 2
http://nidigepanchathanthare.blogspot.com/2019/10/blog-post_6.html දෙපා 3
https://nidigepanchathanthare.blogspot.com/2019/10/blog-post_14.html දෙපා 4
මං ඔකේ කොටස් දෙකක් වාගේ කියෙව්වද කොහෙද නිදි ලොක්ක... මගෑරිච්ච් ඒවා පහු වෙලාවක බලන්නම්
Deleteහොඳමයි!
Delete++++++
ReplyDelete++++++ ස්තුතියි ඉයන්! ++++++
Delete+++++++
ReplyDelete+++++++ ස්තුතියි බස්සෝ! +++++++
Deleteවැටාධිපතිතුමෝ, දැන්මම වැටට පේටන්ට් අයිතිය අරගෙන තියා ගනිමු- නේද?
කිව් ගාඩ්න් කීවම මතක් වුනේ. 2004 සුනාමි එකේදී මමයි යාලුවෝ ටිකකුයි ලංකාවට උදව් කළා. පස්ස දෙමාපියෝ නැති ළමයි ටිකකට 20-25 විතර ශිෂ්යත්ව දුන්න. ඒකට එකතු වුන එක්කෙනක් මොනිකා ශෆර් ෆේර කියන ජර්මන් කාන්තාව. එයා වැඩ කලේ කිව් ගාඩ්න් එකේ. එනිසා පේ පවුලම නිකන් ඒක බලන්න එක්ක ගියා කිහිප වතාවක්. තවමත් ලංකාවේ දරුවෙක්ව ස්පොන්සර් කරනවා. එයා ගොඩක් ලංකාවේ පිඑච්ඩි ශිෂ්‍යයන් එයාගේ භාරයට ගන්නවා.
ReplyDeleteමේ පොත එඩිට් කලේ එයා. A Revised Handbook to the Flora of Ceylon, Vol. XV, Part A: Ferns and Fern-Allies
20 වෙනි කොටසේ ඔයාගේ comment එකට කියපු දේම තමයි කියන්නේ... අජිත් මහත්තයෝ. අනිවා 22 කොටස බලන්න - හොඳේ!
Deleteමානෙල් නුයි ඔයයි අම්මට උපස්ථාන කරන එක ගොඩක් හොඳයි. මට කණගාටුයි මට නිතරම අම්ම ගාව ඉන්න බැරිවෙන එක ගැන.
ReplyDeleteඑහෙම කණගාටු වුණත්, අජිත් මහත්තයෝ ඔයා අම්මා වෙනුවෙන් ප්‍රායෝගිකව කරන්න පුළුවන් උපරිමය කරනවනේ. ඒ ගැන සතුටු වෙන්න හැකියි නේද?
Deleteමතක බැරි වුණා.
Deleteමාත් අම්මට උපස්තානේකට කරන්නේ කන්න දෙයක් හදාගෙන යන එකයි; පැයක් දෙකක් පාලු කපන එකයි විතරයි- අජිත්!
ලෙඩ වීම සහ ලෙඩ උන අයට සත්කාර කිරීම කියන්නේ ජිවිතේ ගැන හෙන ගැඹුරින් හිතන්න දෙන හොඳ අවස්ථා
ReplyDeleteඑකෙන්ම පැතුම්!
Deleteඔයා 2019 මම ලියපු දෙපා අවසඟ පාපන්දු පිස්සා ලිපි 4 කියවලා තියෙනවද? නැත්තන්- ඉඩක් තියේ නං බලන්නකෝ, තරහ නැතිව. උඩ නමීට දුන් පිළිතුර එක්ක links 4 දාල තියෙනවා.
ඒ රාජමනී අංකල් අපේ ගෙදරට එවුනෙත් රෝද පුටුවට වැටුනට පස්සේ...
ලංකාවෙ. :-
ReplyDeleteමයික්‍රෝවේව් ඕනෙ නෑ.
https://masgourmet.market/products/happy-home-ready-to-eat-chicken-curry-250g
https://masgourmet.market/products/planters-kitchen-heat-eat-curry-beef-curry-250g
Pra Jay මහත්තයෝ, අපේ ගෙදර මයික්‍රෝවෙව් නෑ.
Deleteඅර link දෙකේ තියෙන එව්වයෙ ගණන්...?
හෑ ගෙදර මයික්‍රෝවෙව් එකක් නෑ. 😮
Deleteදන්න පරිසරය ගැන සංවේදී කෙනෙක් හිටියා, ශීතකරණයක් නැති. හැමදාම කඩෙන් අලුත් එලවලු ටිකක් ගෙනත්, එදාම උයන. එහෙම කැපවීමක් හරි, නැත්නම් වත්තෙන් අලුත් එලවලු, පලතුරු එන අයට නං ඇහැකි. 🤔
කොළ එළවලු ජාති නං හත අටක්ම අපේ පුංචි ගෙවත්තෙන්මයි කඩා ගන්නේ. කොච්චි - හීන් නාරන් හෙමත්...
Deleteමයික්‍රෝවේව් එක නැත්තේ මම හැකි උපරිමයෙන්ම බහු භාණ්ඩික නොවෙන නිසයි.
ගොඩක් ස්තුතියි ඔයාගේ විස්තරවලට. එයින් දෙක තුනක් ගැන චුට්ට චුට්ට ලියවෙයි- ඉදිරියෙදී.
ReplyDeleteස්ට්‍රෝබෙරි ගැන නං ටිකක් දිග කතාවක් තියෙනවා ලියන්න.
ReplyDelete