විප්ලවයෙන්
පසු අපේ පක්ෂය ලැබූ විශ්මිත ජයග්‍රහණ දෙස බලමු. |
‘සෝවියට්
සිහිනය (මෙය ඇමෙරිකානු සිහිනයට american dream එකට සමගාමීව
ලියුවකි) : මහා ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ සංවත්සරය සැමරීම සඳහා ප්‍රාදේශීය
කොමියුනිස්ට් පක්ෂ රැස්වීමක් පවත්වනු ලැබේ. සභාපතිවරයා කතාවක් පවත්වයි:
“දයාබර සහෝදරවරුනි! විප්ලවයෙන් පසු අපේ පක්ෂය
ලැබූ විශ්මිත ජයග්‍රහණ දෙස බලමු. උදාහරණයක් ලෙස, මරියා මෙහි, විප්ලවයට පෙර
ඇය කවුද? නූගත් ගෙවිලියක්; ඇයට තිබුණේ එක ඇඳුමක්. පාවහන් තිබ්බේ නැහැ, දැන් බලන්න? ඇය මුළු කලාපයම දන්නා ආදර්ශමත් කිරි දොවන්නියක් (මෙතැන
යටි අදහස ඇය වටේම පිරිමින්ව දන්නා කෙල්ලකි). නැත්නම් Ivan Andreev දිහා බලන්න. ඔහු මේ ගමේ සිටි දුප්පත්ම
මිනිසා ය; ඔහුට අශ්වයෙක්, එළදෙනක් හෝ පොරවක්වත් තිබුණේ නැත. දැන් ඔහු සපත්තු යුගල
දෙකක්ම හිමි ට්‍රැක්ටර් රියදුරෙක්!
බලන්න ට්‍රොෆිම් සෙමෙනොවිච් ඇලෙක්සෙව් දිහා - ඔහු අමු රස්තියාදු කාරයෙක්, බේබද්දෙක් සහ සල්ලාලයෙක්. ශීත ඍතුවේ හිම පතනයක් නොවීමට
තරම්වත් කිසිවෙකු ඔහුව විශ්වාස නොකරන්නේ, ඔහු අතට අසුවන ඕනෑම දෙයක් සොරකම් කරන
නිසා.
දැන් ඔහු අපේ පක්ෂ කමිටුවේ ලේකම්!"
(මේක ඉතින් සිරි ලංකාවට අදාල නැත්ද - පලා බබාල දිහා බැලුවම )’
අජිත් ධර්ම
මහත්තයෝ, අද හවස මේ post එක ලියන්න වාඩිවෙන්නට කලින් ඇහැ ගැහුණු ප්‍රවෘත්තියක් මේ.
මේවා ඇත්තටම සිදු වෙන (විසුලු සහගත) දේවල්, හැබැයි කියවලා අඬන්නයි හිතෙන්නේ!
ගෑස් =
දුර්ලභ ගිණි දල්වාලක / තැන තැන පිපිරුම්කාරක |
මේ වෙනස්ම විදිහේ කාලීන; නිර්මාණාත්මක කෙටි යෙදුම් ටික fb එකේ තිබුණේ සත්සර රත්නායකගේ වෝලයේ.
හෙළ බසට
එකතුවන නව වදන් #1
පොහොර = ශාක
පෝෂක
කෘමි නාශක = ශාක ආරක්ෂක
පොරොව = වෘක්ෂ කප්පාදුකාරක
වතුර = විජලන විකර්ශක
කෑම = කුසගිනි නිවාරක
ලාගර් = යන්තම් වෙරිකාරක
ස්ට්‍රෝන් = ගානට වෙරිකාරක
අරක්කු = හොඳටම වෙරිකාරක / කාලවල් නැති කාරක
රා = ස්වභාවික වෙරිකාරක
කසිප්පු = විසවුනොත් සෙත්තපෝච්චිකාරක
සිගරට් = ධූම පානක/ හිටිගමං හැංගිමුත්තංකාරක
ලයිටර් = ඉවරවෙන්න කලිං අතුරුදහන්කාරක/ කොහොමත් නැතිවෙනකාරක
ගංජා = චන්ද්‍ර ගමන්කාරක / වැව්වොත් හිරේ කාරක
දර = සුලභ ගිණි දල්වාලක
ගෑස් = දුර්ලභ ගිණි දල්වාලක / තැන තැන පිපිරුම්කාරක (මේක මං එකතු කළේ.)
සීනී = පෝලිමේ ඉඳන් ගන්න පැණිරසකාරක
මැටි = සුලභ ගොඩනැගිලි සැදුම්කාරක
සිමෙන්ති = දුර්ලභ ගොඩනැගිලි සැදුම්කාරක
ඩිටර්ජන් පවුඩර් = වස්ත්‍ර සේදුම්කාරක/ මහින්ද පතිරණකාරක
දැනට ඇති! හැරෙමුකො
පොතේ කතන්දර ටිකක් කියවන අතට.....
63. වාර්තාව බැලුවා!
“තමුසේ මහ
තකතිරුවෙක්නේ ඕයි!” රක්ෂණ සමාගමේ පරීක්ෂකවරයා නවක රක්ෂණ නියෝජිතවරයාගේ ඇඟට කඩා
පැන්නේය.
“.... ඇයි
සර්?”
මං
පහුගිය කාලෙ වාර්තා ඔක්කොම ස්ටඩි කරලා තියෙන්නේ නියමෙටම... |
“ඉතිං
සර්, මං එහෙම තමයි කළේ.” නවකයා උත්තර දුන්නේය.
“ඇයි මිනිහෝ,
මේ මිනිහට අවුරුදු අනූ අටයි! තමුසේ මිනිහව ඉන්ෂුවර් කරලා... මේ මිනිහා අද හෙට
මළාම...?” පරීක්ෂකවරයා ගිගිරුවේය.
“බය වෙන්ඩ
එපා සර්!
මං පහුගිය කාලෙ වාර්තා ඔක්කොම ස්ටඩි කරලා තියෙන්නේ නියමෙටම... අවුරුදු පනහකින්වත්
අවුරුදු අනූ අටේ කෙනෙක් මැරිලයි කියල රෙකෝඩ් වෙලා නෑ සර්!”
64. රතු කමිසයේ අරුමය
“අන්න නැවක්! සතුරු නැවක්....”
මහා සමුද්දරේ දිහා ඇසිපිය නොහෙළා බලමින් හිටිය නාවිකයෙක් කෑ ගැහුවා.
විනාඩියක් යනකොට නැවේ කපිතාන් ධුරය වගේම සේනාපති තානාන්තරෙත් උහුලන කෙනා නැව්
තට්ටුවට ආවා; විපරමින් බැලුවා. නාවිකයා කිව්වේ ඇත්ත.
“සටනට සැරසෙව්!”
සේනාධිපතියා අණ දුන්නා. “වහාම මගේ රතු උඩුකය වැස්ම ගෙනෙන්.” අතවැසියා දුවලා ගිහින්
රතු පාට බාච්චුව* (*කමිසය වගේ ඇඳුමක්) ගෙනාවා. සේනාධිපතියා ඒක ඇඳ ගත්තා.
එදා එයාලා සටනින් දිනුවා!
ඊළඟ දවසේ සතුරු නැව් දෙකක්... එක ළඟම.
එදාත් රතු බාච්චුව ඇඳගෙනයි සේනාධිපතියා සටනට ගියේ. එදත් එයාලා දිනුම්.
තුන්වෙනි දවසේ සතුරු නැව් තුනයි. පරණ සංතෑසියමයි.
සටනින් දිනලා විවේක ගනිද්දී එක නාවිකයෙක් ලොක්කා ළඟට කිට්ටු කළා.
“සේනාධිපතිතුමනි, ඔබතුමා ඇයි මේ හැම සටනකටම යන්න කලින් රතු පාට බාච්චුව ඇඳ ගන්නේ....
ඒකේ මොකුත් යුද්ධ දිනන ගුරුකමක්වත්....” මිනිහා බොහොම බය පක්සපාතව ඇහුවා.
“මොන ගුරුකමක්ද කොල්ලෝ? බැරි වෙලාවත් හිතමු යුද්ධ කරන අතරේ මගෙ පපුවටම කඩු පාරක්
හරි හෙල්ල පාරක් හරි එල්ල වුණා කියලා. රතු කමිසේ නිසා පපුව ලේවලින් නෑවුණත් ඒක කාටවත්
පේන්නෙ නෑ.
ඉතිං, මාව මැරිලා වැටෙනකල්ම මගේ සෙබළු බය වෙන්නේවත්, පසු බහින්නේවත් නෑ. රහස ඒකයි...”
සේනාධිපති කිව්වේ බොහොම ගාම්භීරව.
නැව්
තට්ටුව උඩ සෝදිසියෙන් ඉන්නා නාවිකයා දැක්කේ සතුරු නැව් දහයක්.... |
‘අපේ සේනාධිපතිතුමාගේ එඩිතරකම!’ හැමෝම සතුටු වුණා.
ඊළඟ දවසේ නැව් තට්ටුව උඩ සෝදිසියෙන් ඉන්නා නාවිකයා දැක්කේ සතුරු නැව් දහයක්
එක පෙළට එයාලා දිහාවට ගමන් කරන හැටි.
“සතුරු නැව් දහයයි!” මිනිහා කෑ ගැහුවා.
“සටනට සැරසියල්ලා. ඉක්මනට... ඉක්මනට... මගේ දුඹුරු පාට කලිසමත් ගෙනත් දියල්ලා...”
වෙන කවරදාටත් වැඩිය හයියෙන් නැව්පති සේනාපතියා කෑ ගැහුවා.
“ඇයි සෙන්පතිතුමනි, දුඹුරු පාට කලිසමම?” අතවැසියා ඇහුවා.
“යකෝ! රතු
කමිසේ ලේවලින් පෙඟුණත් පේන්නෙ නැහැ වගේම තමයි දුඹුරු පාට කලිසම ඇන්දාමත්....”
කප්පිත්තා උත්තර දුන්නේ තරහෙන්.
65. එකෙන්ම දෙකක්
සමරවික්‍රම
මුදලාලි අත ගහන හැම බිස්නස් එකක්ම වගේ හරි ගියා. සල්ලි ගලන්න ගත්තා. දැන් මුදලාලිට
සල්ලිවලින් නම් අඩු-පාඩුවක් නෑ.
“මුදලාලි
මහත්තයට දැන් තියෙන ලොකුම අඩුව ඉංග්‍රීසි ටිකක්....නරකද ඔය පැය තිහේ-හතළිහේ
පාඨමාලාවක්වත් ඉගෙන ගන්න ගියොත්...” හැම දේකටම මුදලාලිට අවවාද අනුශාසනා කරන ලියන
මහත්තයා කිව්වා.
“පිස්සුද
ලියන මහත්තයෝ? මේ තලතුනා වයසේ ඉන්න මට ඇහැකිය පැඟිරි කොල්ලො කෙල්ලො එක්කලා ඔය
පන්තිවලට යන්න....”
මුදලාලි ඒ ටික කියපු තාලෙන්ම ලියන මහත්තයට තේරුණා මුදලාලිත් ඉංග්‍රීසි ඉගෙන ගන්න
කැමැත්තෙන් ඉන්න බව. ඒ හින්දමයි මනුස්සයා ඊළඟ උපදේශය දුන්නේ.
“එහෙම නං
මුදලාලි මහත්තයෝ, ඔය අලුතෙන් ඇවිත් තියෙන ඉංගිරිසි පොතක්වත් අරං ඉගෙන ගනිමු!”
ඒ අදහස
හොඳ එකක් වගේ මුදලාලිටත් පෙනුණා. මුදලාලි හීන් සීරුවේ පොත් සාප්පුවකට ගියා.
දෙන්නම
එක ජාතියෙ. සාරියක්, ගවුමක්, රෙද්දක්
දැක්කොත් හෙලවෙන්නේ නැතුව ඉන්නවා! |
“මේ
තියෙන්නේ මුදලාලි. ‘මාස දෙකකදී ඉංග්‍රීසි කතාවට මඟ!’ හරිම ෂෝක් පොත.”
“එහෙනං
ළමයෝ ඕකෙන් පොත් දෙකක්ම දෙනවා... එතකොට මට මාස දෙකෙන් නෙවෙයි මාසෙන් ඉංගිරිස් ඉගෙන
ගත්තහැකි...” මුදලාලි කිව්වා.
66. අන්තඃපුරයේ රජ්ජුරුවෝ
ජාඩියට
මූඩිය වගේ නියමෙට මැච් වෙන යාළුවො දෙන්නෙක් හිටියා. මයිකලුයි අයිවනුයි. දෙන්නම එක
ජාතියෙ. සාරියක්, ගවුමක්, රෙද්දක් දැක්කොත් හෙලවෙන්නේ නැතුව ඉන්නවා කුප්පමේනිය
මුලකට දැපනේ වැටෙන පූසියෙකු වගේ.
“අපි රජ
කාලෙ උපන්නා නං අන්තඃපුරයක් දාගෙන ඉන්න තිබුණා නේද මචං....” අයිවන් තිස්සේම
කිව්වා.
ඔහොම
ඉන්නකොට ඔන්න අයිවන්ට මහ භයානක රෝගයක් හැදුණා. ‘මැකුවොත් හිරේ!’ - ඒඩ්ස්!! දන්නවනෙ
ඒඩ්ස්.
ඒඩ්ස් විෂබීජය ශරීරගත වෙලා තිබුණු කෙල්ලෙක් එක්ක ඉඳලයි අයිවන්ට ඒක හැදුණේ.
අනේ!
ලෙඩේ හැදිලා අවුරුද්දක්වත් ගියේ නෑ, අයිවන් පරලෝකප්‍රාප්ත වුණා.
දැන්
මයිකල්ට හරිම අප්සට්. එහෙන් ප්‍රාණසම මිත්‍රයා නෑ- අනෙක් අතට යාළුවාට වෙච්චි දේ
නිසා කොහේ යතත් පරෙස්සම් වෙන්නත් වෙලා.
ඔය අතරේදී
මයිකල්ට ආරංචි වුණා මාලබේ තලාහේන කියන හරියේ ඉන්න ළමිස්සියෙක් ගැන!
මියගිය
ආත්මය ගෙන්වා ගන්නට ඇහැකි වෙන නිසයි... |
මයිකල්ට පණිවුඩය කියපු කෙනා කිව්වා.
1976 දී අපේ තාත්තා සිය
දිවි නසා ගත්තාට පස්සේ, එයාගේ ආත්මය ගෙන්නාගෙන කතා කරන්න තලාහේනට ගිය ගමන ගැන
ඇත්තටම හිනා යන කතන්දරේ මං ඔයාලට කිව්වා මතකයිද ‘යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා’
postsවලින්. 2020 මාර්තුවල. අමතක නං මේ වචන උඩ ක්ලික් කරලා ඒ ටික කියවලා බලන්නකෝ!
මේ කියාගෙන එන විහිළු කතන්දරෙදී නං, මියගිය ආත්මය ගෙන්වා ගන්නට ඇහැකි වෙන නිසයි ඒ
විස්තරෙත් මතක් කෙරුවේ.
මයිකල්ටත්
හිතුණා අත්හදා බලන්නත් එක්ක එතැනට ගිහිල්ලා අයිවන්ගේ ආත්මය ගෙන්වලා බලන්න.
මැරිච්ච
යාළුවගේ ගැන මතක් කරලා පහනක් පත්තු කරල, පූජාව තියලා- පඬුරු දුන්නට පස්සේ ඔන්න අර
ළමිස්සි ආවේශ වුණා. පිස්සියෙක් වගේ ඔළුව කරකවලා- කරකවලා හිටි ගමන් නැවතුණා.
මෙන්න
බොලේ කෙල්ල හති දදා අයිවන්ගේ කටහඬින් කතා කරනවා.
“හල්ලෝ
මච්චාං! හව් ආ යූ... ඉත්තිං ඉතිං, කොහොමද මයිකල්.....”
යාළුවව
මතක් වෙලා මයිකල්ට කඳුළු ඉනුවා.
“වරදක් නෑ මචං.... ඉතිං... කොහොමද උඹට....”
මේ ලෝකේ ඉඳිද්දී
කරපු- කියපු දේවල්වල හැටියට, කවදාවත් අයිවන් හොඳ තැනක නං උපදින්න නැතිව ඇති කියලා
හිතුණත්, ඒ බවක් නොකියා මයිකල් ඇහුවා.
“ආෂික්
මචං!” අයිවන්ගේ ආත්මය කිව්වා.
“ආෂික්? ඇත්තටමද මචං...” මයිකල් පුදුමෙන් ඇහුවා.
“උඹ
දන්නවද මචං... මම දැන් ඉපදිලා ඉන්නේ අන්තඃපුරේක. මමයි ඒකෙ රජ්ජුරුවෝ... එකම රජා!”
මයිකල්ව
කරකවලා අතෑරියා වගේ.
දැන් බලාගෙන ගියාම පව්- පින් කියල දෙයක් නෑ වගේනෙ. අයිවන්ට අන්තඃපුරේක රජෙක් වෙලා
උපදින්න ලැබුණේ මොන පිනක් කඩා වැටිලද කියල මයිකල් හිතුවා.
උදේ
පාන්දරම නැඟිටින්න හම්බ වෙන්නෙ නෑ. කවුරු හරි නෑම්බියෙක් මගේ තුරුල්ලට පනිනවා.... |
ඒක ඉවර වෙලා.... උදේට කාලා ඉවර වෙන්න හම්බ වෙන්නේ නෑ, තව එකියෙක්....
දවල්ට- රෑට බලන බලන අතේ උං! මං විතරනේ මචං පිරිමි පරාණේකට ඉන්නෙත්... උන් පව්නේ
මචං! බොහොම අමාරුවෙන් තමයි මට ටිකාක් රෙස්ට් කරන්න වුණත් චාන්ස් එකක් හම්බ
වෙන්නෙත්...” අයිවන්ගේ ආත්මය කියවගෙන ගියා.
කටේ කෙළත්
හිඳිලා හිටපු මයිකල් බොහොම අමාරුවෙන් කට ඇරියා.
“උඹ කොහෙද මචං ඉන්නේ?”
“ඕස්ට්‍රේලියාවේ
මචං.”
“ඕස්ට්‍රේලියාවේ?
එහෙ රජවරු නෑනේ මචං.. උඹ මාව අන්දවන්න නේද අරහෙම කිව්වේ?” මයිකල් ඇහුවා.
“සහතිකයි
මචං.... මේ රැබිට්* ෆාම් එකේ පට්ටි දාන්න ඉන්න එකම හාවා මං... උන් මට කියන්නෙත්
king රැබිට් කියලා.” අයිවන්ගේ ආත්මය දිවුරුවා.
(*ඕස්ට්‍රේලියාවේ මස් පිණිස ඇති කරන හාවුන් වර්ගයකි.)
67. දිව්‍ය ලෝකෙ යන්න කැමතිද?
අමද්‍යප
සංවිධානයේ උද්යෝගිමත් සාමාජිකයෝ දෙදෙනෙක් තැබෑරුමකට ගොඩ වැදුණහ. තැබෑරුම මත්පැන්
පානය කරන්නන්ගෙන් පිරී තිබිණි.
“කරුණාකර
ඇහුම්කන් දෙන්න.... ඇටෙන්ෂන් ප්ලීස්....” එක් අමද්‍යපිකයෙක් හඬ නඟා කීවේය.
මේ නුපුරුදු
සිදු වීම නිසා හැම දෙනාම හිස් ඔසොවා බැලූහ.
ෂර්ලොක්
හෝම්ස් දිවියලෝක ගියාලුනෙ. ශක්‍රයාට ඕන වුණාලු.... |
සැවොම අත් එසවූහ. එහෙත් තැබෑරුමේ එක මුල්ලක සිටි අයෙක් පමණක් නිහඬව; හිඳගත් වනම
සිටියේය.
“ඇයි ඔය
මහත්තයා කැමති නැද්ද මරණෙන් පස්සේ දිව්‍ය ලෝකෙට යන්න?” අමද්‍යපිකයා ඔහු අසලට ගොස්
බෙහෙවින් ආචාරශීලීව ඇසුවේය.
“ංආ...
මළාට පස්සෙද? එහෙනං යං... මං බය වුණා මේ ඩ්‍රෑම් එක ඉවර වෙන්නත් කලින් එහාට එක්ක
යන්න හදනවයි කියලා.”
අපරාදේ කියන්න බෑ, අපේ
හිතාදර රසික කැළ comments ගොඩට එවන එකකට-එකක් නොදෙවෙනි යාන්ස්! එන්න එන්නම රසවත්
වෙනවා- හරබර වෙනවා- ඒ අතරේම මදිය නොකියන්න හාස්‍ය රසයත් වෑස්සෙනවා. ඒ හැමෝටම
ගොඩාක්- ගොඩාරියක් ස්තුතියි!
ටිකාක් වෙනස් දිවියලෝක කතාවකුත් පහුගිය කොටසට එවූ comments අතර තිබුණා. ජ්‍යොතිෂඥ අනුර ජිනදාස සහෘදයා එවූ ඒ කතාවට ෂර්ලොක් හෝම්ස් උන්නැහෙත් ඉන්නවා. ඒක මෙච්චර දවසක් කියවපු හිනා යාන්ස්වලට වඩා වෙනස්ම ප්‍රස්තුතයක්:
‘ෂර්ලොක්
හෝම්ස් දිවියලෝක ගියාලුනෙ. ශක්‍රයාට ඕන වුණාලු මිනිහට ප්‍රශ්න දාලා පරද්දවන්න. එයා
දුන්නලු චැලෙන්ජ් එකක්:
"මෙතන ඉන්නවා ගෑනු සීයක්. තමුසෙ එයාලා පරීක්ෂා කරල පුළුවන්නං මට ඊවා (ආදම්ගෙ
ගෑනි) හොයල දෙනවකො. එහෙම උණොත් මං තමුසෙ හොඳ තැනකට යවනවා. නැතිනං තමුසෙව යවන්නෙ
සාතන් ළඟට"
ෂර්ලොක් දක්ෂයානෙ. මිනිහා ඇහුවාලු "මට මේ අයගෙ ශරීරයෙ ඕනෙම තැනක් පරීක්ෂා කරන්න දෙනවද?"
ගෑනු සීයටම පෙළට හිටගෙන- ඇඳ සිටි ඇඳුම් පපුව විතරක් වැහෙන විධියට උඩට ඔසවා ගන්න කියල... |
ශක්‍රයට වැඩේ මීටර් වුණාලු, අර ඉළ ඇටෙන් අල්ලගන්න තමා හදන්නේ කියල. ඒ නිසා
හෝම්සුත්
හොඳයි කියල කීවලු, ගෑනු සීයටම පෙළට හිටගෙන- ඇඳ සිටි ඇඳුම් පපුව විතරක් වැහෙන
විධියට උඩට ඔසවා ගන්න කියල. ඒ කරල පෝලිම දිගේම බලාගෙන ගිහිං හරියටම ඊවාව තෝරා
ගත්තාලු...
දරුවො බිහි
කරපු අනික් ගෑනු වගේම, කේන් ඒබල් බිහි කරපු ඒවාව ස්ත්‍රී අධෝ භාගය බලල තෝරගත්ත එක
ගැන ශක්‍රයට මාර සතුටක්ලු.
"තමුසෙ හරිම දක්ෂයෙක්. කොහොමද හැබෑට ස්ත්‍රී නිමිත්ත බලල හරියටම තෝරගත්තෙ?"
"මං බලපු
ස්ත්‍රී නිමිත්තක් නෑ. අනික අනුන්ගෙ ගෑනුන්ගේ ඕව බලන්න මට ඕනෙකමක් නෑ. මං බැලුවෙ
පෙකණිවැල කපපු සලකුණක් තියෙනවද කියල විතරයි" හෝම්ස් හිනාවෙලා කීවලු.’
ඒ තේරීම කළේ ෂර්ලොක්
හෝම්ස් දිවිය ලෝකෙදී. මේ තේරීම කළාය කියන්නේ ශ්‍රී ලංකාවේදී ආර්. ප්‍රේමදාස
ජනාධිපතිතුමා.
68. අගමැති තේරීම
ආර්. ප්‍රේමදාස
මහත්තයා ජනාධිපති තනතුරට පත් වුණාට පස්සෙ තිබුණු පාර්ලිමේන්තු මැතිවරණෙ මතකද?
එක්සත් ජාතික පක්ෂයෙන් ඊළඟට පත්වෙන අගමැතිතුමා කවුද කියලා කාගෙ- කාගේත් හිතේ ලොකු
සැකයක් තිබුණා.
ලලිත්
ඇතුලත්මුදලි මහත්තයා හිතුවේ අගමැති තනතුර ලැබිය යුත්තේ එයාට කියලයි.
ගාමිණී දිසානායක මහත්තයා හිතුවෙත් ඒ විදිහටමයි. දෙන්නම තම-තමන්ගේ සුදුසුකම් ගැන
කරුණු-කාරණා ප්‍රසිද්ධ කළා. එයාලගේ කැචර්ලත් තම-තමුන්ගේ නායකයට අගමැතිකම අරං දෙන්න
පුළුවන් හැම දෙයක්ම කරන්න ගත්තා.
ප්‍රේමදාස
මහත්තයත් ඔය ගැන ඔක්කොම දැනගෙනයි හිටියේ. ඒත් මේ දෙන්නගෙන් එක්කෙනෙකුටවත් අගමැති
තනතුර නොදෙන්නයි උන්නැහේගේ කල්පනාව.
ප්‍රේමදාස
ජනාධිපතිතුමාගෙන් ලලිත් ඇතුලත්මුදලි මහත්තයාටයි, ගාමිණී දිසානායක මහත්තයාටයි
දෙන්නටම කැඳවීමක් ලැබුණා. දැන් දෙන්නම දන්නවා මේ ගමනෙදී අගමැති තනතුරේ ප්‍රශ්නය
තීන්දු වෙන බව.
ඉස්සෙල්ලම ප්‍රේමදාස ජනාධිපතිතුමාව හම්බ වුණේ ගාමිණී දිසානායක මහත්තයා.
“ගාමිණී,
එකයි එකයි එකට එකතු කළාම උත්තරේ කීයද?” ජනාධිපතිතුමා ඇහුවා.
“දෙකයිනේ ජනාධිපතිතුමා!”
“හ්ම්! එහෙනං පස්සේ හම්බ වෙමුකෝ!!” ප්‍රේමදාස ජනාධිපතිතුමා... |
ඊළඟ වාරේ
ලලිත් ඇතුලත්මුදලි මහත්තයට. ප්‍රශ්නය පරණ එකමයි. හැබැයි හම්බ වෙච්චි උත්තරේ වෙනස්.
“එකයි එකයි එකට එකතු කළාම එකොළහයි!”
“කොහොමද
එහෙම වෙන්නේ?” ජනාධිපතිතුමා ඇහුවා.
“මේ
තියෙන්නේ....” ඇතුලත්මුදලි මහත්තයා කොළයක එකයි එකයි එක ළඟින් ලියලා පෙන්නුවා.
“හ්ම්!
එහෙනං පස්සේ හම්බ වෙමුකෝ!!” ප්‍රේමදාස ජනාධිපතිතුමා ලලිත් මහත්තයවත් ආපහු එව්වා.
ඊළඟට
ජනාධිපතිතුමා කැඳෙව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයව. ‘අගමැතිකම රනිල්ට දෙන්නයි
හදන්නේ’ කියලා කතාවක් ගියා ඒ එක්කම... ප්‍රේමදාස මහත්තයා අහපු ප්‍රශ්නේ ගැනත්
රනිල් වික්‍රමසිංහ මහත්තයට ආරංචි වෙලයි තිබුණේ.
ප්‍රශ්නේ
ඇහුවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උත්තරේ කලින් දෙකටම වැඩිය වෙනස්.
“එකයි එකයි දෙකයි.... ඒකට තවත් එකක් එකතු කළාම තුනයි!”
රනිල්
වික්‍රමසිංහ මහත්තයා ආපහු එන්න හදද්දී, මෙන්න බොලේ සිරිසේන කුරේ මහත්තයත් එනවා.
‘ඔබතුමාටත්
එන්න කිව්වද?’ රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම ඇහුවත් සිරිසේන කුරේ මහත්තයා
උත්තරයක් දුන්නෙ නෑ. හීනි හිනාවක් දාලා ඇතුළට ගියා.
“එකයි
එකයි එකට එකතු කළාම උත්තරේ කීයද?” ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇහුවා.
“එකයි... එකයි... එකට.... හ්ම්.... එකසිය එකොළහයි සර්!” සිරිසේන කුරේ මහත්තයා
කීවා. ඒ උත්තරෙත් ජනාධිපතිතුමාට හරි ගිය බවක් පෙනුණෙ නෑ.
ඩී.බී.
විජේතුංග මහත්තයව කැඳෙව්වේ ඊටත් පස්සේ.
එයාගෙනුත් පුරුදු ප්‍රශ්නයම ඇහුවාම, විජේතුංග මහත්තයා වටපිට බැලුවා බොහොම අහිංසක
තාලෙට.
“උත්තර
හතරක් තියෙනවා, එකයි එකයි එකට එකතු කළාම. දෙකයි! ඒ එක උත්තරයක්. එකොළහයි, ඒ
අනික...
ඊළඟ උත්තරේ තුනයි...
අනිත් එක එකසිය එකොළහයි.... ඔන්න මං තමුසෙට හොඳටෝම ලේසි කළා. කෝකද හරි?” ප්‍රේමදාස
ජනාධිපතිතුමා එහෙම කියලා බලාගෙන හිටියා.
විනාඩි ගණනාවක්
කල්පනා කරමින් හිටිය ඩී.බී. විජේතුංග මහත්තයා මෙහෙම කිව්වා.
“සර් කියන ගණනම තමයි සර්!”
අගමැතිකම
හම්බ වුණේ විජේතුංග මහත්තයට!
හාමුදුරුවන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. උන් වහන්සේ... |
හාමුදුරුවන්
වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. උන් වහන්සේ බොහොම ශික්ෂාකාමී- සංසුන් විදිහට
පිණ්ඩපාතේ වැඩලා ආපහු පන්සලට වැඩියයි කියමුකෝ. දානේ වළඳලා ඉවර වුණාම අර හාමුදුරුවෝ
මෙහෙම ගාථාවක් කිව්වා.
‘අෂ්ට
පාදං - චතුඃ කණ්හං
ද්වි මුඛං - නච දුන්දු භිං
ගාම මජ්ජේ - අහං දිස්වා
අමනුස්සො -නච රාක්ෂසො’
පාලි
භාෂාව දන්නා හාමුදුරුවන්ට මේ ගාථාවේ තේරුම නම් වැටහුණා. ‘කකුල් අටකි, කන් සතරකි,
මුඛ දෙකකි, එහෙත් බෙරයක්ද නොවේ. ගම මැදදී පෙනුණි. අමනුස්සයෙකු හෝ රකුසෙකුද නොවේ!’.
අනිත්
හාමුදුරුවරු දහ අතේ කල්පනා කරද්දී තරුණ හාමුදුරු කෙනෙක් මෙහෙම කිව්වා.
“ඒකෝ සුනඛ
සංසර්ගෝ!”
සංසර්ග කියන්නේ ‘මෙවුන්දම් සේවනය’ට විතරක් නෙවෙයිනේ. එකතු වීම කියන අර්ථයත් එයින් කියවෙනවා. ඒ විදිහට හිතලයි හිතාදර රසික-රසිකාවියනට ඇරයුම් කරන්නේ ‘එහෙනම් ඊළඟ කොටසේදී ආයෙමත් අපි සංසර්ග වෙමු!’
දවසක් තරුණ කෙල්ලක් ගියා ලු රෙස්ටුරන්ට් එහෙකට. ඒක තිබුණෙ තට්ටු කීපයක බිල්ඩිමක උඩ තට්ටුවෙ. එතන කවුන්ටරෙන් ෂැම්පේන් එකක් අරන්, වාඩි වෙන්න ටේබල් එකක් බැලුවම, ඉඩ තිබුණෙ ජනේලෙයක් ගාව තිබුණ ටේබල් එකක් විතරයි. එකෙත් බොහොම කඩවසම් කොල්ලෙක් වාඩි වෙලා උන්නා.
ReplyDeleteඉතිං කෙල්ල ෂැම්පේන් ෂොට් එකත් අරන් එතනට ගිහින් එක්ස්කියුස් කරල වාඩි වුණා. දෙන්න කතාවට වැටුණා.
"ඇයි ඔයා බියර් බොන්නෙ?" කෙල්ල කොල්ලගෙන් ඇහුවා ඔය කතාව අතරෙදි.
"මේ බියර් බිව්වම පියාඹන්න පුළුවන්" කොල්ලා කිව්වා. ඊට පස්සෙ ඌ බියර් උගුරක් බීලා ජනේලෙන් එළියට පැනලා, වටයක් පියාඹලා ආවා.
කෙල්ලටත් හරි ආස හිතුණා පියාඹන්න. එයත් බියර් මග් එකෙන් උගුරු දෙකක් ම බීලා, ජනේලෙන් එළියට පැන්නා.
බාර් කීපර් ඒ දිහා බලාගෙන උන්නෙ සෑහෙන මළෙන්.
"බියර් ෂොට් එකක් දාගත්තම තෝ නං මහ බල්ලෙක් වෙනව සුපර්මෑන්...!" ඌ කෑ ගැහුවා.
පරණ එකක් 😂😂😂
Deleteඒ උනාට ඒක හෙණ කුතුහලාත්මක කතාවක් නේ.
Deleteඒ වගේමය් වෙනස් තේමාවකුත් නේද ඩ්රැකී.
Deleteඇම්ඩා මුළු සරුවාංගෙම්ම පව් කළත්, එක්තරා අවයවයකින් විතරක් පවු නොකළ නිසා, සෙසු කොටස් ටික අපායෙ යද්දි, අහවල් කොටස විතරක් දිවිය ලෝකෙ ගියා. ඒ ගිහිං ඉතින් පාවි පාවි තිබුණා. ඒක දැකපු දිවියාංගනාවො සෙට් එකක්, ඒක අල්ලලා, අතගාල බලලා, ඒකත් අරං ගියා සක්කර දෙයියො ගාවට. ගිහිං අහනව, (දිවිය ලෝකෙ කතා බහ ඔක්කොම කවි බසින්)
ReplyDelete"මේ මොකක්ද දෙයියනේ
මේක හරිම හයියනේ..."
කියල. සක්කර දෙයියො හොඳට පරීක්ෂා කරල බලල උත්තර දුන්නා.
"දන්නෙ නැද්ද කෙල්ලනේ
ඇම්ඩන් ගේ ###නේ"
(ගැළපෙන පරිදි කොටු තුන ට අකුරු තුනක් යෝජනා කරන්නලා)
https://allthatsinteresting.com/history-of-the-dildo
Delete😂😂😂😂😂😂
Deleteඩ්රැකීට: මගේ යෝජනාව- මල්ලි
DeletePra Jay: හොඳ link එකක්.
මහේෂ්ට:හිනා වෙනවා විතරයිද> කෝ අකුරු තුනේ නමක්වත්?
තුන් දෙනාටම ගොඩක් ස්තුතියි!
ඉංග්‍රීසි කතා කරන්න මොකටද, මාස දෙකක් පොත් කියවන්නෙ? ගල් බාගෙයක් හලා ගත්තනං දෙන්නෙ සට සට ගාලා...
ReplyDeleteඅඩෝ එළ එළ... ගසමු!
Deleteඅර, කුරුප්පු ආරච්චියත් ආවනං ගණ පූරණය හරි.
Deleteහෑ...? මට ද කිව්වෙ?
Deleteනත්තල් සීසන් එක හින්දද මන්දා ඇඩම්, ස්කෘෘලොකයියා එහෙමත් පිබිදිලා ඇවිත්..... කුරුප්පු ආරච්චි ගැනද ඉස්කුරුප්පු ආරච්චි පින්වතා ගැනද ඔය මතක් කලේ? උන්දැට නං ගෙවල් මාරු කළාට පස්සේ නිදහසක් ඇත්තෙම නැති වෙලා වගේ.
Deleteඅදත් සෝවියට් සිහිනය ගැන කියෙව්වාම පරණ රුසියානු කතාවක් මතක් උනා. මේක බොහෝ දෙනෙක් දන්නවාත් ඇති.
ReplyDeleteවිප්ලවයෙන් පසු, සමාජවාදය පිළිබඳව සාමාන්‍ය ජනතාවට කරුණු අවබෝධ කරවීම සඳහා කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයෙක් ගමට ආවා.
මූලික හඳුන්වා දීම් වලින් පසුව, ඔහු මෙසේ කිව්වා.
"සමාජවාදය කියන්නේ හැමදේම සමසේ බෙදී යාමයි. කාට හරි අශ්වයන් දහයක් ඉන්නවානම්, ඒ අශ්වයන් දහදෙනා පුද්ගලයන් දහ දෙනෙකු අතර බෙදී යා යුතුයි." මේක කිව්වා විතරයි රැස්වීමේ හිටපු හැමෝම උඩ පැනලා, අත්පුඩි ගහලා ඒක අනුමත කළා.
මෙයින් දිරිමත් උන කථිකයා, " සමාජවාදය කියන්නේ කාට හරි ඌරන් දහයක් ඉන්නවා නම් එවුන් මිනිසුන් දහ දෙනෙකු අතර බෙදා දීමටයි." කියා කිව්වාමත් ඒකටත් පෙර පරිදිම ඉහල අනුමැතියක් දැක්වෙන ප්‍රතිචාරයක් ලැබුනා.
තුන්වෙනි වරටත් මේ උදාහරණයම ඉදිරිපත් කරලා ජනතාව අතර ජනප්‍රිය වීමේ අරමුණෙන්, මේ කථිකයා මෙසේ කිව්වා.
" සමාජවාදය කියන්නේ කාට හරි කිකිළියන් දහයක් ඉන්නවා නම් එවුන් දහදෙනා මිනිසුන් දහ දෙනෙකු අතර බෙදා දීමටයි." කියලා කිව්වා. නමුත් ඒ කියමනට සභාවෙන් ලැබුනේ බොහොම ඇල් මැරුණු ප්‍රතිචාරයක්.
කොහොම හරි තම කතාව අවසාන කරලා දහවල් කෑමට ගමේ නායකයාගේ ගෙදරට ගියාම මේ නිලධාරියා මේ ගැන ගම් නායකයාගෙන් ඇහුවා.
"අශ්වයන් දහයක් බෙදන්න කිව්වාම මිනිස්සු සතුටින් උඩ පැන්නා. ඌරන් දහයකටත් එහෙමමයි. එත් කිකිළියන් දහයක් කියාපු ගමන් බොහොම දෙනෙක් නිශ්ශබ්ද උනා.මේකට හේතුව සහෝදරයට කියන්න පුලුවන්ද??"
ඒ නිශ්ශබ්ද වෙච්ච අයට කිකිළියන් දහයක් දොළහක් ඉන්නවානේ!
😂😂😂😂😂😂
Deleteසමාජවාදයට හැමෝම කැමතියි තමන්ට ලැබෙනකොට. තමන්ගෙන් දෙන්න වෙනකොට ඒක සමාජ වදයක් වෙනවනේ... Sam!
Deleteඅර අගමැති කතාව කලිං අහල නැතත් අවසානය ඒකයි කියල පූර්ව උපකල්පනයක් කළා 😂😂😂
ReplyDeleteඅන්තිම එක මරු හෙහේ...
මහේෂ්, ඒ දවස්වල ඔය අගමැති කතාව හැම තැනම කියවෙච්චි එකක්. අද වචනෙකින් කියනවා නං 'වයිරල්' වෙච්චි එකක්.
Deleteදවසක් යාළුවො දෙන්නෙක් එකට හම්බෙලා අඩියක් ගහන ගමං ළමයි ගැන පොඩි කයියක් ලු. යාලුවො වුණාට ඉතිං මං වගේ නට් ලූස් පොරවල් දෙකක්.
ReplyDeleteඑකෙක් අහනවලු
මචං අපේ උංට වඩා සුද්දන්ගෙ ළමයි හෙන බුද්ධිමත් නේද බං .. කියල
අනික ඇහුවලු ඇයි කියල.
එතකොට අනික් එකා කියනවා
ඇයි බං උංගෙ ළමයි ඉපදිලා අවුරුදු දෙක තුනක් යද්දි ඉංග්‍රිසි කතා කරනවනේ
කියල
ඇත්තනෙ බං
Deleteඔය වගේම තමයි, එංගලන්තේ, ඇමෙරිකාවේ එහෙම හිඟන්නෝ අඳින්නෙත් ටයි-කෝට් කියන එක.
Deleteකියෙව්වා. සුපුරුදු ලෙසටම, ඉස්සෙල්ලා කමෙන්ට් කියවලා තමයි කතාව කියෙව්වෙ. හොඳ කමෙන්ට් වැටෙන්න, කතාව අවශ්‍ය උත්තේජනය සපයා ඇතයි සිතෙනවා.🙏👌😊
ReplyDeleteඒක පුංචි ප්‍රශන්සාවකුත් වගෙයි බකුසුතුමෝ.
Deleteනියම විදිහටම කියනවා නම් ලියන ඕනිම කෙනෙකුට 'ප්‍රතිචාර දක්වන පාඨකයන්ගෙන් ලැබෙන comments වලින්' දැඩි උත්තේජනයක් හම්බ වෙනවා වගෙයි. ඒ වගේමයි අනෙක් පැත්තත්. කියවන රසිකයන්ව උත්තේජනය කරවීමත් රචකයෙකුගේ යුතුකමක්...
උත්තේජනය කිව්වාම ගොඩක් දේවල්.... දැනුවත් කරවීම; ඥානනය කරවීම; මතකය අවදි කරවීම; අලුතින් හිතන්නට පෙළඹවීම වගේ....
මම දකින විදිහට blog අඩවියක තියෙන හොඳම හරිය තමයි ඒ.
කොරනවන්ම් අන්න රක්සන.. එහෙමයි සර් කියාගෙන හිටියම කෝකටත් හොඳයි අර වගේ
ReplyDeleteසමහර දෙනාට එහෙම කරන්න බැරිකම තමා ප්‍රශ්නේ නමී. එයාලට උපදිනකොටම කශේරුකාවක් ලැබිලා නෙව.
Deleteහ්ම්........
Deleteතේරවිල්ල කෙරෙන්න ඇත්ත නාගර්ජුන හාමුදුරුවන්ගෙ කාලෙ වෙන්න ඕනෙ ඉන්දියාවෙදි නං. එහෙ සංස්කෘත භාවිත කරල තිබුණෙ ඒ කාලෙ.මාධ්‍යමික කාරිකාව එහෙම ලියැවුණ කාලෙ. වෛදික කාලෙත් සංස්කෘත තිබුණට හාමුදුරුවරු හිටිය නෑනෙ.
ReplyDeleteලංකාවෙදි වුණු එකක්නං දඹදෙනි යුගයෙ හරි පොළොන්නරු යුගයෙ හරි වෙන්න පුළුවන්. මොකද මෙහෙ සංස්කෘත භාවිත වුණේ ඒ කෑලෙ නිසා
මොකද කියල තියෙන ස්ලෝකය සංස්කෘත එකක් නිසා.
අනුර, අනුර, අනුර.
Deleteයාන් එකකිනුත් ඔච්චර දේවල් හොයා ගන්න ඇහැකිය කියලා හිතුනේ නං දැන්. ගොඩාරියක් ස්තුතියි!
නමියත් නියම කතා සෙට් එකක් ලියලා.
ReplyDeletehttps://namiyageweediya.blogspot.com/2021/12/blog-post.html
මට හිතෙන්නෙ නිදිගෙ කතා කියවල, හිරිඔතප් බිඳගෙන වගෙයි කියලයි. 😂🤣
ඔහොම කිව්වම නමී 'සාන්ත දාන්ත බෝ පැළයක්' වගේ වෙයිද මන්දා.
Deleteනමියගේ වීදියට ගොඩ වැදිලා, කියවලා, සෑහීමට පත් වෙලා ආවා....
මේ කවියකිනුත් සංග්‍රහ කරලා.
අපූරුය හරි අගෙයි නමියෝ ලියා තියෙනා රසකතා
බුම්මට්ටො වුව නියමෙට හිනාවෙති! කියෙව්වොත් නං මේ කතා
දුක හිතෙනවා දැකල රටටම සිද්ද වේගෙන යන කතා
එහෙව් සමයක අගය අමිලයි සතුට දනවන මේ කතා
හප්පේ.. ලැජ්ජ කොරන්ට නාකයි බස්පෝ..
Deleteෂා මරු කතා ට්ක....
ReplyDeleteස්තුතියි මිතිල!
Deleteඅන්න ජිනාත් බොග දමන්නෙක් වෙලා. ජිනා කිව්වේ ජ්‍යෝතිර්වේදී අනුර ජිනදාස සහෘදයාට. blog අඩවියේ නම 'ජිනාගේ කොලම'. එහාට ගිහිල්ලම බලන්නකෝ, මෙතැනින්:
ReplyDeletehttps://jinagekolama.blogspot.com
මාත් ඔන්ට ගොඩවුනෝ
Deleteඑහෙම නේන්නං කෙරෙන්න ඕනෑ!
Deleteඅන්න නියම තැනට සුදුසු නුවන යෙදුව කපිතාන් තැන.
ReplyDeleteයාත්රිකයන්ට තන්වැසි නුවණ තියෙනවානේ.
Deleteඅද කතා ටික මරුනේ.
ReplyDelete//ශ්‍රී ලංකාවේ මන්ත්‍රීතුමන්ලා 70%ක් එයාලගේ කාර්ය මණ්ඩලයට සේවකයන් විදිහට බඳවාගෙන තියෙන්නේ පවුලේම උදවියලු.// ලංකාවේ දේශපලනය කියන්නේ පරම්පරාව ගොඩ දාගන්න කරන එකක්නේ
දේශපාලනේට ඇවිත් ඇමතිකම් කරන කෙනෙක්ගෙන් දික්කසාදය ඉල්ලද්දී නෝනෙක් කිව්වා මතකයිද මහත්තයාගේ අයතා වත්කම් ගැන.... උසාවිවලදී. මොකද වුණේ කියලා දන්නවා නං මටත් කියන්නකෝ.....
Delete