1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!

Saturday, October 19, 2019

හරෝහරා! - දහතුන්වෙනි කොටස

මම මට පුළුවන් උපරිමයෙන්..............
..... මේ අම්මාව මෙහෙ තියාගන්නත් බැහැ. පහසුකම් හා දැනුම මට නැහැ. මූලික පිළියෙළ කිරීමකින් පසු ඇයව ත්‍රිකුණාමලය ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉක්මනින් යවන්න ඕනි....

එතැනින් තමයි ගියවර පෝස්ටුව නැවැත්තුවේ. ඉතින් ඊට පස්සේ....

‘..... අතරමඟ සියලු රෝහල්වලට කතා කළත් ගිලන් රථයක් ගන්න නැහැ. මොකද කරන්නේ? මම යන්තම් අවුරුදු දෙකකට වැඩි කාලයක් සේවා කළ කෙනෙක් පමණයි. මම කලකිරීමෙන් රෝහලෙන් එළියට ආවා.

-නගරයම නිඳි, හොඳටම නිඳි. තමන්ගේ උප්පැන්න සහතික,විවාහ සහතික, හැඳුනුම් පත්, සල්ලි, අත්‍යවශ්‍ය ඇඳුම් පැළඳුම් ගුළි අරගෙන; තුරුල් කරගෙන නිඳි. 

ලයිට් නැති නිසා ජෙනිය දිගටම වැඩ. හෙට ගිලන් රථය නාවොත් ඉස්පිරිතාලේම කළුවරේ ඩීසල් හිඟ වීමෙන්.

හෙට ඇම්බියුලන්ස් එක නාවොත් මුළු ඉස්පිරිතාලේම කළුවරේ!
-සහස් සුවහස් තරු අහසේ සිට විපරම් කෙරුවා. මම රෝහල ඉදිරිපිට ජෑම් ගස යට බංකුවේ ඉඳගෙන වෙද නළාව සුරතින් ගෙන ඔහෙ බලාගෙන හිටියා, පාළු නගරය දිහා. ඈත බල්ලෙක් බුරනවා. කොහෙන්දෝ වෙඩි හඬකුත් ඇහෙනවා. කට්ට පරිච්චාන් වෙන්න ඇති.

-මොකද කරන්නේ? අම්මා විළිරුදාවෙන් විලාප තියනවා. 

-අපේ කුලුඳුල් දරුවා කුසේ දරාගෙන මගේ ප්‍රියාවිය කොළඹ නිඳි ඇති සුවසේ..... කරන්න දෙයක් නෑ, මම නැඟිට්ටා. 
පුළුවන් උපරිම දේ කරනවා.

-එදා රෑ මගේ ජීවිතේටම අමතක නොවේවි නිමල් අයියේ.
අපි උපරිම වෙහෙසක් දරලා අම්මාවත්, දරුවාවත් බේරාගත්තා.
දවස් දෙකකින් ගෙදරත් ඇරියා. දරුවාගේ ගෙල වටා පෙකණිවැල දෙවරක් එතී තිබුණා. Cord around Neck. 
නමුත් ඔවුන් නොමැරී බේරුණේ කොහොමද? ඒ ග්‍රාමීය රෝහලේ... මට අදටත් උත්තර නෑ.’
ජීවිතේ කියන්නේ ඒකම නේද? 


දරුවාගේ ගෙල වටා පෙකණිවැල දෙවරක් එතිලා තිබුණා.........
‘ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි, මරුව ළඟා වෙනවා - සිතුදේ නොම වෙයි, නොසිතූ දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා’ කියල කේ. හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් එදා ලියලා තිබුණේ ඒකනේ, ‘අහංකාර ස්ත්‍රී’ film එකට. ඒ.එම්. රාජා අපූරුවට ගයලා තිබුණේ ආර්. මුත්තුසාමි මාස්ටර්ගේ සංගීතයට.  

මගේ පුංචි බැඳීමකුත් තියනවා ඒ චිත්‍රපටයට. 

1954 සැප්තැම්බර් 17 වෙනිදා තිරගත වුණු ඒක තමයි මං බලපු පළමු ෆිල්ම් එක. අම්මා බිලිඳු මාව වඩාගෙනයි ඒක බලන්න ගිහින් තියෙන්නේ. 

“ඔයා චුට්ටක්වත් ඇඬුවේ නෑ. නිඳාගත්තෙත් නැතිව තිරේ දිහාම බල-බලා හිටියා!”  

‘කරුමෙ හිස දරා උපදිනවා අපි කවුරුත් එකා වගේ - දුක හා සැපතා ලැබේවී අපේ පවත් පිනත් වාගේ’ ඒ දමිළ යුවතියටත්, දරුවාටත් වාසනාව; පින තියෙන්න ඇති තවත් කාලයක් ජීවත් වෙන්න.

අපටත් වාසනාව තියෙනවා දොස්තර අයස්මන්ත පීරිස් මහත්තයාගේ අත්දැකීමේ ඉතිරි හරියත් දැනගන්න.

උතුරේ වැඩ කළ තරුණ වෛද්‍යවරුන්ට, හමුදාවේ- පොලීසියේ ළමයින්ට මෙහෙම අත්දැකීම්.......
‘ඒ දවස්වල එහෙ වැඩ කළ හමුදාවේ, පොලිසියේ ළමයින්ට, තරුණ වෛද්‍යවරුන්ට මේ අත්දැකීම් නිරතුරුවම ලැබුණා.
එහෙම නැතිව, මටම සුවිශේෂී අත්දැකීම් නෙවෙයි මේවා.

-ඒ ආරක්ෂක අංශවල කෙල්ලන්ටත්, කොල්ලන්ටත්, අපටත් මේ අත්දැකීම් ප්‍රචණ්ඩ සාගරයක  ගමන් කරන නෞකාවකට මඟ පෙන්වන ප්‍රදීපාගාර වගේ, අපේ ජීවිත ආලෝකවත් කර මඟ පෙන්වනු ඇතැයි හිතෙනවා.

-මම ගැන මමම ලිව්වා කියලා හිතන්න එපා නිමල් අයියේ. 

-ඒත් මේ වගේ අත්දැකීමුත් කියන්න ඕනිනේ. එතකොට තේරේවි ඇයි මම අපේ ළඟටම අඬගහලා අර වියපත් දෙමළ නඩයේ අයට ඉඩ හදලා දුන්නේ කියලා. 

-නමුත් එහෙම කියන්නේ ඔයාලට වඩා මම සිරා/ බුද්ධිමත්/ කරුණාවන්ත/ හැඟීම්බර/ Holier than thou attitude (අනෙක් අයට වඩා පූජනීය ගතියක්) වගේ එකක් සංනිවේදනය කරන්න මට අවශ්‍ය නැති නිසා. 
අනෙක් හැමෝම වගේ මමත් පව්-පින් දෙකම කරන සාමාන්‍ය කෙනෙක්. ඔයා ඒක හොඳටම දන්නවනේ.....’

මගේ මනුස්සකම එළියට ආව දෙවතාවකම .........
දොස්තර මහත්තයට දැන් තියාම කියන්න ඕනේ, තමුන්නැහෙලා සේරම, පළමුවර පාද යාත්‍රා ගමනේදීම මගේ මනුස්සකම එළියට ආව දෙවතාවකම මාව තනි කරපු හැටි මට අමතක නැහැ! ඒවා පස්සේ කියන්නං අප්පුහාමි, 
ඔහෙගෙ ලියවිල්ල මෙතැන ලියලා අහක වෙලා. හොඳේ!

‘ලියන්න දේවල් නම් දහස් ගානක් ඔළුවට එනවා. ඒත් තව එකම එක කාරණයක් ලියලා නවතින්නයි හදන්නේ.

-නාසි වධ බන්ධනවලට ලක්ව සිය පවුල ඇතුළු දහස් ගණනක් සමූහ ඝාතනය වෙද්දීත් තමා බේරීමට වාසනාව ලද ඕස්ට්‍රියන් ජාතික ස්නායු හා මනෝ වෛද්‍ය වික්ටර් ෆ්‍රැන්කල්ගේ ප්‍රකාශයක් මේ!

-“සිර කඳවුරේ කුටියෙන් කුටියට පියමං කරමින්, තමන්ගේ අවසන් පාන් කැබැල්ල උනුන් හා බෙදා ගනිමින් - ඔවුන්ගේ දුක; වේදනාව බෙදාගත් සිරකරුවන් පිළිබඳ මතකය අමරණීය වෙනු නිසැකය. 
ගණනින් අතලොස්සක්වූ ඒ සිරකරුවෝ මිනිසකු සතු සියල්ල බලහත්කාරයෙන් උදුරා ගත්තද එක් දෙයක් ඔවුන්ගෙන් උදුරාගත නොහැකි බව මොනොවට පසක් කළහ.

-මිනිස් නිදහසේ අංශු මාත්‍රයක්වත් බලෙන් පැහැරගත නොහැකිය. 
ඕනෑම දුෂ්කර මොහොතක වුව මිනිසකු දරන ආකල්පය කිසිවකුට පැහැරගත නොහැකිය. ඒ චින්තන නිදහස මානවයා සතු අපූර්වතම වස්තුවකි.”

නාසි වධ කඳවුරුවල දහස් ගණන් ඝාතනය වෙද්දී Viktor Frankl පණ බේරාගෙන...........
සුදු මිනිසුන් නැත. කළුම කළු මිනිසුනුත් නැත. 
එයාලා හිටියේ ඉස්සර පික්චර්වලය. ඉස්සරෝම ලියැවුණු අපේ නවකතාවලත් එහෙමය. අපේ විදග්ධ විචාරකයන් එහෙම චරිතවලට කියන්නේ ‘පැතලි’ චරිත කියලාය. 
හැබෑ ජීවිතයේදී අපි විටෙක බෝධිසත්වයන් වෙන්නෙමු. ඒ වගේම දේවදත්තලාත් වෙන්නෙමු!  

වරහනදී දෙමළ නඩයට එච්චර අනුකම්පා කළේ පීරිස් මහත්තයාය. දුෂ්ටයා වුණේ මේ ලියවිල්ල කොටන මංය. 

එහෙම වුණාට ප්‍රසූතිකාගාරයෙන් එළියට ආවාට පස්සේ පීරිස් මහත්තයාගේ චිත්ත සන්තානයේ අඳුරු මුල්ලක හැංගී හිටි සර්පයාත් අවදි වෙලාය.

“මට මොන යකා වැහුණද මන්දා නිමල් අයියේ...... බෙල්ල වටේ පෙකනිවැල එතුණු ළමයි බේරෙන්නේ කලාතුරකින්. දරුවාගේ පණ බේරලා දුන්නයි කියලා අර දෙමළ කෙල්ල මට පිං දෙද්දී මට කියවුණේ මහා නරුම කතාවක්. තවම ලැජ්ජයි. 
මං කිව්වනේ ‘ඔව්, දැන් ඉතින් ළමයව ඉක්මනට ලොකු කරලා අපිටම වෙඩි තියන්න එවතහැකිනෙ.’ කියලා." 

මනුස්සකම කියන්නේ මේකටද?

වරහනට එන්නට කලින් දවසේ අප හිටියේ වතුර ටැංකියක් ළඟය. ඒ ළිං තුන මඟහැරුණු හින්දාය. එතැනට එන්නට කලින් අප අන්දුන්-කුන්දුන්වී හිටි හැටිත්, ‘කොඤ්ඤං කොඤ්ඤං සිංගල තෙරියුමා’ වුණු සසිදරන් හා දිනේෂ් කුමාර දෙමළ ගැටවුන් දෙන්නා ගැනත් කිව්වෙමි. 


මගේ යහළුවෙකු මගේම under wear එක උගේ වගේ ඇඳගෙන............
මගේම යහළුවෙකු මගේම under wear එක උගේ වගේ ඇඳගත්තෙත් එතැනදීය. 

“අපිත් එක්කම නවතින්න. ඔයාලා දෙන්නට විතරක් තනියම කැළේ මැද්දේ ඉන්න බැහැනේ. අපි ඔයාලටත් කන්න දේකුත් දෙන්නම්.” රැලෙන් අත්හැරී හිටි ඒ දෙමළ ගැටවුන් දෙන්නාටත් අප සමඟම ඉන්නැයි මා කිව්වේ අනුකම්පාවෙනි.

“පොර ලෙඩක් දාගත්තා වගෙයි!” අපේ එක්කෙනෙක් කෙඳිරුවේය.

එතැන හිටි හමුදා සොහොයුරෝත් අර දෙමළ ගැටවරයන් දෙන්නාත් අප එක්කම ආවාද, එයාලා කවුද වගේ දේවල් අපෙන් ඇහුවෝය. 

‘මෙයා තමයි එයාලට කතා කළේ’ කියා මාව පෙන්වූ මිත්තරයෝ එකිනෙකාට ඉඟි මරාගත්තෙත් එළිපිටමය. එයාලා එහෙම කළේ මාව පාවා දෙන්නට නං නොවේ; කේන්ති ගස්සන්නටය.

මාත් එච්චර මෝඩ නැත. කළේ, එයාලගෙ ඉඟි පයිසේකටවත් මායිම් නොකර සිටීමය!

එදා රෑ කෑමට තිබුණේ ක්ෂණික නූඩ්ල්ස්ය. ඒවා හැදුවෙත් ක්ෂණිකම තාලයටමය. පැකට්ටුව බැගින් කඩලා එක-එක පිඟානටම හලලා ඊට නටන උණුවතුර වත් කරලාය. 

වතුර උණු කරගත්තෙත් සාස්පාන ගිනිගොඩට හේත්තුවෙන්නට තියලාය. එහෙම කරලා බලද්දී එක ගැටයෙක් නැත. අනෙකාගෙන් ඇහුවත් ඒකා සිංහල දන්නේ නැත.

තමුසෙට කිව්වා. මෙතැන අහක යන සර්පයො රෙද්ද අස්සේ දාගෙන.............
“තමුසෙට කිව්වා... අහක යන සර්පයො ඇදල අරන් රෙද්ද අස්සේ දාගන්නවා!”

“කොයිකටත් රෑට බෑග් ටික ළඟින්ම තියාගෙන නිඳාගන්නවලා.” Warnings ගොඩකි.

කොල්ලා ආවේ ටික වෙලාවකට පස්සෙය. නූඩ්ල්ස් ටික කෑවාට පස්සෙත් ඒකා ‘මිසින්’ය. ‘මේ යක්ෂයා කොහෙද මේ වන්නිකරේ අතුරුදහන් වෙන්නේ.... බඩේ අජීරණයක්වත්ද?”

“ඔයාලටත් කරදර වෙයි මිනිහා අන්තරස්දාන වුණොත් නං .... දෙමළනෙ... අපිත් watch එකේ හිටියේ.” හමුදා භටයෙකුත් ඇහැ ගහගෙන ඉඳලාය. 

ඒත් ඒකා පැය බාගයකින් විතර ආපහු ආවේය. අප සමඟම නිඳාගෙන හිටියත්, පහුවදා පාන්දරත් මේ යක්ෂයා නැතිය. මිනිහාටත් තේ එකක් තියලා මම බැද්දට රිංගුවෙමි; ශරීර කෘත්‍යය සඳහා.

ඈතින් කැලෑ මණ්ඩියක් අයිනේ ඒ ගැටයාය. වැඩේ තේරුණේ ඒකා උඩු හුළඟට අහුවෙන විදියට හිටි නිසාය. කොල්ලා හිටියේ ‘යකෙකු පුච්චමිනි!’
කොල්ලා හිටියේ යකෙක් පුච්චමිනි; සූස්තියක් අදිමිනි...........
පාද යාත්‍රාවේ යෙදෙන සමහර වැඩිහිටි දමිළයෝ නම් ‘ත්‍රෛලෝක විජයපත්‍රම්’ පාවිච්චි කරති. ඒත් මෙච්චර අඩු වයසේ එකෙකුත්.... 
ඊටත් හිමිදිරි පාන්දර.... ඊට කලින් දෙමටගොඩ රේල්වේ workshop එකේ කැන්ටිමේදීත් මහ පාන්දර එහෙම ‘දවසේ වැඩ අල්ලන’ සූස්තිකාරයන් දැකලා තිබුණු නිසාය මට පුදුම නොහිතුණේ!

එතැනින් පිටත් වුණාට පස්සේ ගැටවු දෙන්නා ආවේ අපට කිට්ටුවෙන්ම නොවේ. ඈතින්මත් නොවේ!

ඒ පළමු වතාවේ පා ගමනේ යද්දීය. ඊළඟ සිදුවීම වුණෙත් ඒ සැරේමය; වරහනදීමය.

“එක සැරේම රෑටත් එක්කම උයන්නං. කට්ටියම උදව් කළොත් පට ගාලා උයා ගත්තෑකි.” වතුරේ බැහැගෙන ඉඳිද්දී මම කිව්වෙමි. ඒ අර පුදුමාකාර වැස්සට පස්සෙය. කඩවර අප්පච්චිට පඬුරක් ගැට ගැහුවාට පස්සෙය.

ඉතින්, ඒකෙත් සුල-මුල ළෙහා දීලා ඉන්න වෙනවාය. ගිය වතාවේ පෝස්ටුව publish කළාටත් පස්සෙය මගේ හිතට විචිකිච්ඡාවක් ඇති වුණේ. වැස්ස නවත්තන්නට මර්වින්ලා බාරයක් වුණේ කඩවර දෙවියන්ටය. 

2013 ඉඳලා ඒ වෙනතුරුමත් ඒ ගැන අහගන්නට ඕනේ යැයි මට හිතුණේ නැති හැටි. එවෙලෙම ඒ සිදුවීමේ කතා නායකයාට ටෙලිෆෝන් කර විමසුවෙමි.

එතකොට දෙයියන්ටත් අතවැසිකම් කරන සුළුපටු දෙවිවරු ඉන්නවා? එයාලත් පනින එවුන්ද?
“නිමලෝ, කතරගම දෙවියන්ගේ ගොඩාක් වැඩ කටයුතු බලා-කියා ගන්නේ කඩවර දෙවියෝ... කතරගම දෙවියන්ගේ ප්‍රධාන සෙනෙවියා.... උන්නාන්සේට සෙනෙවි කඩවර කියලත් කියන්නේ ඒකයි.”

කිරි අප්පට බල්ලො පැනපි! 

එක සැරේම මට හිතුණේ එහෙමය. එතකොට දෙවියන්ටත් අතවැසි දෙවිවරු ඉන්නවා! අපේ මැති-ඇමතිලට වගේ!! ඒ අන්තේවාසිකයන් වගේම තමයි... කඩවර අප්පච්චිත් රැස්පොට් පෙන්වාගෙන ඉන්නා දෙවියෙක්. 

මේ කවියේ විදිහට නං එහෙම බවයි පෙනෙන්නේ.

     මහ මුහුදේ රළ නවතා වෙරළ දිගට           වැඩමවන්ඩ
     අලුයම් සත් පැයක් තියා කඩවර දෙවි         වැඩමවන්ඩ
     රන්කෙඳි ගෙතුවා විලසට හැඩ පලු පිට මැද  කෙළින්ඩ
     කන්දස්සාමිටවත් බැරි ගොටුව නොදී         වළක්වන්ඩ
                     (සිංහල දේව පුරාණය- 1994 මුද්‍රණය - 165 පිටුව - කේ.එන්.ඕ. ධර්මදාස, එච්.එම්.එස්. තුන්දෙනිය- රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව)

දේවාල භූමියේම තියෙන කඩවර බෝධියත් බොහොම අනුහස් තියෙන............
“කතරගම දේවාල බිමේම තියෙන කඩවර බෝධියත් බොහොම අනුහස් තියෙන තැනක්.....” මර්වින් කිව්වේය. එදා ඒවා කොහොම දැනගන්නද? පාද යාත්‍රාවේ ඇවිත් හෙම්බත්ව ඉන්නා නිසා හැම වතාවෙම මං කළේ පැත්තකින් වාඩිවෙලා ඉඳිල්ලය. 

සේරම පුද සත්කාර කරන්නේ මර්විනුත් පීරිසුත්ය. නෙවිලුත් දෙවියන්ට කරදර කරන්නේ නැති ගොබිලෙකි!

කඩවර දෙවියන්ටවත් නොපෙනෙණු වැඩකුත් එදාම; පළමු පාද යාත්‍රා ගමනේ වරහනේදීම සිදු වුණේය. එදා දහවල් සුන්බත්වී, බඩගින්නෙම ගඟට බැහැගත්තත් කාගෙත් ඔළුවේ තිබුණේ දවල්ට නොකෑ විත්තියයි.

“නිමා කොලුවා.... ඇහුවට තරහ වෙන්න එපා මහත්තයෝ- ගහන්නත් එපා! අද උයන ඩියුටිය මං කරන්නද?”

“උඹ උයනවා නං මං support කරන්නං පීරා.” මර්විනුත් ‘වහෙන් ඔරෝ’ කතාවක් කිව්වේ ඉඟි මරමිනි.

ඒ දෙන්නාගේම උයමන දන්නා හින්දාම මම වතුරෙන් ගොඩට ආවෙමි. මටත් බඩගිනිය. අපේ සුනිලුත් ඒ එක්කම. “මං දර ටිකක් හොයන්නං. යමුද නිශාන්ත?”

එක සැරේම රෑටත් එක්කලාම උයාගත්තම............
“අප්පුහාමිලාටත් වතුරෙන් එන්න වෙයි. රෑටත් එක්කම උයමු.” 

එහෙම වෙලාවට අණක් නොදී බැරිය. හැබැයි දුන්නත් වැරැදිය; නොදුන්නත් වැරැදිය.

“ඔන්න පටන් ගත්තා. ඔන්න පටන් ගත්තා. මළ වදේ.... යකෝ එක දවසකට හරි තනියෙන් උයපන්කෝ, අපිව නොකා.” එහෙම කිව්වත් කට්ටියම ගොඩට ආවෝය. 
“යං යං, නැත්තං මේකා මහ සද්දෙට අසභ්‍ය වචනයෙන් ජාතිය අමතන්න පටන් ගත්තොත් හමුදාවේ එවුන් අපිව මෙතනින් පන්නනවා.”

වළන්-පිඟන්, හාල්-පොල්-තුනපහ, ඇඳුම් බෑග් වැඩි හරියක් තෙමිලාය. 
සුනිල් දුවගෙන ගිහින් ඉටි රෙද්දකින් ඒවා වැහුවත්, හදිසියේ ඇද හැලුණු ‘දඬුවම් වැස්සෙන්’ ඒවා සෑහෙන්නට තෙමිලාය.

“තෙමිච්ච හාල් එහෙම ඉස්සෙල්ලා ගන්න වෙයි. 
මම මේවා තෝරාගන්නකං පූ වළක් හාරලා වතුර ටිකක් ගන්නවද? 
ඉස්සෙල්ලාම තේ ටිකක් බීලා ඉඳිමු.”

මේ වගේ ගමනකදී ‘පූ වළක්’ ලොකුම උදව්වකි. ගඟේ වැල්ලේ වළක් හාරාගත්තාම ඒකට වතුර උනා එයි, කිසි පරක්කුවක් නැතිවම. 


පැළිවලං පැලුණු ඉසව්වක් පහු කරලා ඇවිත් මැණික් ගං වැල්ලේ පූ වළක් හාරා... (foto- දමිත් සංජය)  
ගඟේ ගලන්නේ බොර වතුර වුණත් පූ වළට උනන්නේ පෑදි දියයි; බොර වතුර නෙවේ. වතුර filter එකකින් කෙරෙන රාජකාරිය වැලි තලාවෙන් ‘ලෙසටම’ කෙරෙයි!

අනුරාධපුරේ යන ගොඩක් අය වෙහෙර-විහාර වන්දනා කරනවා මිස කෞතුකාගාරවලට යන්නේ නැත. විස්තර හොයන්නේ නැත. අප වුණත් එහෙමමය. 

ගවේෂණශීලී විදිහට අනුරපුර යන්නැයි මට කිව්වේ ‘කූචු කුචයියෝ’ පෝස්ටුවේදී කියවුණු කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහත්තයාය. ඒ දවස්වලම  මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහත්තයාගේ ‘පුරාණ අනුරාධපුරය’ මහ විශාල පොතත්, ස්වර්ණසිංහ මහත්තයාගේ ‘අනුරාධපුරය' පොතත් අච්චු ගැහෙමින් තිබිණි.

මගේ සුමිතුරා; ‘වල්ලි මෑණියන්ගේ දිය රෙද්ද’ ගැන කියූ නොසන්ඩාල නෙවිලුත් ඒ දවස්වලමය, කාර් එකක් මිලදී ගත්තේ.

“යමුද අනුරාධපුරේ.... ගොඩක් දේවල් තියෙනවාලු බලන්න.”

'පුරාණ අනුරාධපුරය'  හා 'අනුරාධපුරය' පොත් දෙකම ඒ දිනවල මුද්‍රණය කරමින් තිබුණු නිසා..........
නෙවිල් හිටියෙත් කාර් එකේ යන්න-එන්නට පිරිසක් නැතිකමෙන් වෙන්නෝනිය. කැමැත්ත දුන්නේය. අපේ සුනිලුත්, මර්විනුත්, මාත්ය පිරිවර වුණේ. 

විශ්වාස කරන්න. 

දවස් තුන ගණනේ තුන් වාරයක් ගිහිල්ලාත් අපට සේරම cover කරගන්නට බැරි විණි. ඒ හැමෝම යන තැන්වලට කාලය මිඩංගු කරන්නේ නැතිවත්ය.

“නිමල් මහත්තයා, ගියාම නොවරදවාම කටු ගෙවල් දෙක තුනටම යන්න. ජේතවනාරාමේ, අභයගිරියේ, මිරිසවැටියේ.... හැම තැනටම ගිහින් බලන්න... 
ඉස්සර අනුරාධපුරේ ස්වාමීන් වහන්සේලා 5,000ක් ඉඳලා තියෙනවා. 
නිකමට හිතන්නකෝ පන්දාහක් මුත්‍රා කරන්න ගියාම පොළොවේ වතුර කොච්චර දූෂණය වේවිද කියලා. 
මුත්‍රා කරන තැන්වල, පොළොවට යටින් වැලි, දර අඟුරු, මැටි කෑලි පුරවපු මැටි බරණි වළලලා තිබුණා. ඒවායින් පෙරිලා පිරිසිදු වෙච්චි මුත්‍රා විතරයි පොළොවට එකතු වුණේ.....” ස්වර්ණසිංහ මහත්තයා මගේ කුතුහලය අවුළුවා ලූයේ එහෙමය.

දැන් හරිය. මම ඔබටත් ඒ ‘ගුළිය ගිල්ලෙව්වා’ය කියලා හිතෙයි. 
පූ වළකදී අඟුරු නැතිවාට පිරිසිදු වතුර ලැබෙයි. අප බිව්වේ, තේ හැදුවේ, ඉව්වේ ඒ වතුරවලිනි.

මං තේ හදන්නට ලැහැස්ති වුණා විතරය!
තේ හදන්නට ලැහැස්ති වුණා විතරය. නිශාන්ත හමුදා ගැටවුන් දෙන්නෙකු එක්කලා ආවේය.

“නිමල් අයියේ.... මෙයාලට තේ කොළ ටිකක් දෙන්න පුළුවන්ද? මං අඳුනන මල්ලිලා දෙන්නෙක්.”

“තේ කොළ විතරක් නෙවෙයි, සීනිත් දෙන්නම්.” විහිළුවෙන්ම කියලාය, මං එයාලට බිස්කට් පැකට්ටුවකුත් දුන්නේ! 
“අන්න දැක්කද? දැක්කද මචං... උන් දෙන්නා හිනා වුණා විතරයි, මූ ප්‍රේමෙන් වෙළී ගියා.... දැන් අපිට කෝ බිස්කට්?” 
ගැටවුන් දෙන්නා එගොඩට යන්නත් කලින්ම විවේචනාත්මක ප්‍රහාරයකි.

“හපොයි මෙහෙමත් දුෂ්ට රැලක්.... පව් නේද යකෝ. 
අපි ගෙනාපුවගෙන් ගොඩක් ඉතිරි වෙලා තියෙනවා... 
ඕනේ කෙනෙකුට දුන්නම පිනක්නේ... ආයේ උස්සගෙන යනවට වැඩිය.... තව දවසනෙ. වරහන ඉඳලා කතරගමටම කිලෝ මීටර් විස්සනේ තියෙන්නෙ.”

කටගමුවේ ඉඳලා  යන්න තියෙන්නේ කැළේ මැදින්මත් නෙවෙයි...... (foto- දමිත් සංජය)
මෙවැනි ගමන්වලදී එවැනි අවදානමක් ගතයුතු නොවන බව අයස්මන්ත මහත්තයා පහදා දුන්නේ එවෙලේය.

“ඒ වුණාට නිමල් අයියේ.... මෙහෙම යනකොට අපි කොයි දේටත් සූදානම් වෙලා ඉන්න ඕනේ! Last minute එක වෙනකල්ම.”

ඒ කතාව සහතික ඇත්තය. පානම්පත්තුවේ මිනිස්සු මෙහෙම ගමන්වලදී ඉලක්කයන් ගැන කියන්නේ නැත; time tables, ෂෙඩූල්ස් හදන්නේ නැත. කොයි වෙලේ මොන අකරතැබ්බයක් වේද කියා කිව හැක්කේ කාටද?

එහෙමය කියලා මං කළ මරිමෝඩ තකතිරුකමක් ගමන ඉවර වෙන්නට කලින්ම එළිවෙන්නට ඉඩදෙන්නත් බැරිය. 

දැනටමත් අපේ මහත්තැන්ලාට ඒ ගැන යාන්තම් දැනිලාත් වගෙය. සුනිල්ට විශේෂයෙන්ම. “මොකක්ද අයියේ.... දවස් තුනක්ම ගිහිල්ලත්, මේ උස්සගෙන යන මලුවල බර නම් අඩුවෙලා නැහැ වගෙයිනෙ....”

“සහතික ඇත්ත සුනිල් අයියේ... මේ මොට්ට වහන්සේ ගමකටම කන්න දෙන්න බඩු ගෙනල්ලා වගේ!”

කළු ඉංගිරියාව ලොකු කරගෙන රවා බලාගෙන ඉඳලා............
නෙවිල් සුදු ඉංගිරියාව නොපෙනෙන තරමටම කළු ඉංගිරියාව ලොකු කර බලා කිව්වේය.

‘මිනිස් සිරුරේ රුධිරය ගමන් නොකරන එකම තැන කළු ඉංගිරියාවය. ඒකට අවශ්‍ය ඔක්සිජන් වාතය ලැබෙන්නේ පරිසරයෙන්ය; කෙලින්මය.’ ඔය විද්‍යාත්මක පණ්ඩිතකම කියන්නට ගියොත් කතාව ඇවිස්සෙන්නට පුළුවන්ය. ඊට වඩා....

එතකොටත් නෙවිල් අලගු තියමින්ය. 
“.... මිනිහට නං මොකෝ. එයාගේ බෑග් එකේ තියෙන්නේ සාස්පාන් ටිකයි, පිඟන් ටිකයි විතරනේ. එව්වා බරයැ?”

“මේ, මේ. දැන් ඒවා හගිස්සන්න එන්න එපා. හරිද? මටත් යකා නඟිනවා. මං මුලදීම කිව්වා මේ බෑග් එකේ බර අඩුයි, හැබැයි ලොකුයි කියලා. තමුසෙලාමනේ කිව්වේ බර වැඩි වුණාට පුංචි බෑග් අරන් යන එක ලේසියි කියලා.....”

සටනක් නොකරම ඒ වෙලාවේ කටෙන් ගහලා දිනුවත්................
ඒ වෙලාවේ කටෙන් ගහලා දිනුව එක ඇත්තය. 

ඒත් මගේ හිතට හරි නැත. වැඩියත්ම එහෙම දැනුණේ පළමු පාද යාත්‍රා ගමන නිමාවී ගෙදර ඇවිත් බලද්දීය; මගේ ගණනය කිරීම් අනුව ගමනට ගෙනගොස් ඉතිරි වුණු බඩු අස්-පස් කරද්දීය; කිලෝ දහයක හාල් බෑගයකුත් කුමන පිවිසුමේ ඉඳලාම අපේ නඩයේ කාගෙ-කාගේ හරි පිටේ නැඟී ගමන නිමා කරලා ආපහුත් ඇවිදින්ය.

මගේ එක හොඳක් තියෙන්නේ, එහෙම දේවල් හංගාගෙන ඉන්නට බැරිකමය.

ආතල් එකට, ඒ පට්ටන්දරේ කිව්වාම එක-එකා කියූ කතා මෙතැන නොලියන්නේ බවලත් උදවියත් මේ බ්ලොගය කියවන නිසාය; ඒ හරුපවලින්ම කාන්තාවන් බඩ-ගැබ්බර වෙන්නට පුළුවන් හින්දාය!

“#@$5#%$$!”

7 comments:

  1. හාල් කිලෝ 10 කුත් නිමල් අයියලත් එක්ක පාදයාත්‍රාවෙ ගිහිල්ල ඇවිල්ල එහෙනං.

    අනුරාධපුරේ නෙමෙයි කොහේ ගියත් අපේ වැඩි දෙනෙක් කරන්නෙ ඔ‍හේ උඩිං පල්ලෙන් බලල එන එක තමයි. ඕකට ප්‍රධාන හේතුව ඔය අප්‍රකට තැන් ගැන මිනිස්සු දැනුවත් කරන්න හරි මාර්ගයක් නොමැති වීම.

    ReplyDelete
    Replies
    1. වැඩියත්ම ප්‍රසන්න, අපේ ගොඩක් අයට අතීතය ගැන දැනගන්න ඕනේ කමක් නැහැ. හොයනවා නං සෑහෙන්න හොයා ගත්තහැකි.

      හාල් කිලෝ දහය ආයෙම ආවේ පළමු වතාවේ. ඊට පස්සේත් ඒ ගොන්කම නොකෙරුණා නෙවෙයි. කෙරුණේ අඩුවෙන්.

      Delete
  2. දොළොස් දෙනෙකුට ඇතිවෙන්න ගෙනියපු කෑම බීම වලින් හාල් කිලෝ දහයක්ම ඉතුරු උනා නම් ඒ අනුපාතයට ඉතුරු වෙච්ච අනිකුත් දේවල් ඊටත් වඩා බර වෙන්න ඕනෑ නේද ?? කතරගමටම යනකොටත් බඩු මලු වල බර අඩු නොවිච්ච එක පුදුමයක් නොවෙයිනේ! ඔයා නම් සාස්පාන් ටික විතරක් අරගෙන ගියාට අනික් එකොලොස්දෙනා සෑහෙන්න බර ඇදලා තියනවා වගේ.

    ReplyDelete
    Replies
    1. පළමු වතාවේ ගියේ හය දෙනයි. මේ සැරේ පස් දෙනයි. මේ වතාවේ තවත් හත් දෙනෙක් මඟදී අපට එකතු වුණා.

      හය දෙනාට ගෙනිච්ච ඒවයින් තමයි හාල්ම 10ක් ඉතිරි වුණේ. අනෙක්වා ටික-ටික ඉතිරි වුණේ. හරියට රෙට්ටේට ගණන් බලලා ගෙනියන්න බැහැනේ සෑම්. කාට හරි කෑම කටක් දෙන්නත් හැකි වෙන්න ඕනිනේ. හැම වතාවෙම එහෙමත් දෙවුනා.

      Delete
  3. ඔය ගමනේදි කට වැරදිම් එහෙම සිද්ධවුනේ නැතිද?

    කතරගම දෙවියන් ගැන ලොකු ගවේශණයක් කරන්න ආසාවක් ඇතිවුනා. ඒ විස්තර ලියැවුනු පොත් පත් එහෙම මොනවාද?

    ReplyDelete
    Replies
    1. වරහන ළඟදී කට වරද්දාගෙන තෙමුණු එකම මදිද? ගමන යනවට වැඩිය අමාරුවෙනුයි අසංග, අපේ නෙවිල් උන්නහැට 'මුකවාඩම්' දාගෙන ගියේ.

      ගවේෂණයක් කරනවා නම් පොත්වලට වැඩිය හොඳ අන්තර්ජාලය. මාස ගානකටවත් කියවලා ඉවර කරගන්න බැරි තරම් තොරතුරු තියෙනවා.

      අනෙක එක-එක්කෙනා කියන- අදහන දේවල්. මේ ගමන්වලදීම මං වුණත් දැනගත් දේවල්..........

      Delete
  4. https://mo.co.za/other/theseus.pdf
    https://www.myinterestingfacts.com/the-minotaur-facts/

    ReplyDelete