අපි
ස්කෑන් කෙරෙව්වා අම්මා! |
මිලින්ද කීවේ බරක්-පතලක් ගැන සිතා-බලා නොවේ. එහෙත් ධනුෂ්ක ඒ පොරොන්දුව විශ්වාස කළේය. මිලින්ද එවැනි පොරොන්දුවක් නොදුන්නත් තමාගේ රහස තවෙකෙකුට පවසා සිත සැහැල්ලු කර ගැනීමේ ආශාවෙන් දැවුණු ධනුෂ්ක ඔහුට සියල්ල පවසනු නිසැකය.
මිලින්ද විස්මයෙන් දෑස් පමණක් නොව මුවද අයාගෙන අසා සිටිද්දී ධනුෂ්ක කතා කිරීමට පටන් ගත්තේය.
********
එදින
සන්ධ්‍යාවේ එරන්දතීත්, දමින්දත් දන්තුරේ වලව්වට පැමිණියහ. ඒ තවත් සුබාරංචියක් සමඟිනි. එරන්දතීට
ලැබෙන්නට සිටින්නේ පුතෙකු බව ඔවුහු තිර ලෙසින්ම දැනගෙන තිබුණෝය.
“කොහොමද මයෙ දුවේ සහසුද්දෙන්ම කියන්නෙ?”
“අපි ස්කෑන් කෙරෙව්වා අම්මා!”
දන්තුරේ
බණ්ඩාරත් වැඩිදුර විස්තර දැනගැනීමේ ආසාවෙන් කන්දීගෙන සිටියේය. පළමුවෙන්ම
මුණුබුරෙකුගේ මුහුණ දකින්නට ලැබීම වාසනාවකියි ඔහු සිතුවේය.
“මෙහෙම ස්කෑන් කළාම කියතෑකි බබා පිරිමි ළමයෙක්ද ගෑනු
ළමයෙක්ද කියලා.... අපෙ දමින්දට ඉවසිල්ලක් නැතිව හිටියේ ස්තීරෙටම දැන ගන්නකල්!”
දෑවැද්ද
අත-කණ-කර නැතිව දුවලව දීග දෙන්න බැහැයිලුනේ එහේ...... |
“ඒ වුණාට නැන්දා, දැන් ඉන්දියාවේ හුඟක් අම්මලා මේ විදිහට ලැබෙන්න ඉන්න
දරුවා පුතෙක්ද කියලා බලවගෙන දුවෙක් නං එහෙම, ඉක්මනටම නැති කරවා ගන්නවලු!”
“අනේ දෙයි හාමුදුරුවනේ! ඒ මොන අපරාධයක්ද?”
“ඉන්දියාවේ දුවෙක් ඉපදෙනවය කියන්නෙ අම්මල තාත්තලට බරක්ලු
මැණිකේ! දෑවැද්ද අත-කණ-කර නැතිව දුවලව දීග දෙන්න බැහැයිලුනේ එහේ......” අප්පෝත් තමාගේ දැනුවත්කම පෙන්වමින් කිව්වේය.
“ඒ හින්දම තමයිලු අප්පච්චි ඔහොම ගෑනු ළමයින්ව කුසේදීම
නැති කරලා දාන්නේ...”
“අනේ මයෙ දුවේ, ඔය කතාවල් ඔයාගෙ කණකට ගන්ඩවත් එපා මේ දවස්වල.....
දරුවෙක් කුසේ ඉන්දැද්දී අහන්ඩ-දකින්ඩ ඕනි හිත සන්තෝස වෙන, හිත පිරිසිදු වෙන දේවල් මිසක් ඔය වගේ එව්වා නෙවේ!”
මිලින්දත්
ධනුෂ්කත් ඇඳිරි වැටෙන තුරුම, අරමුණකින් තොරව ඔහේ ඇවිදගෙන ගියෝය. තේ වත්තක් මැදින් වැටී තිබුණු
පාරක් දිගේ ගිය ඔවුන් ආපසු හැරී වලව්වට
ආවෙත් ඉබේ පාවෙන්නාක් මෙනි.
“මේ මොකද මේ? දෙන්නම නිකං මලානික වෙලා....”
ධනුෂ්කගේ
හිත අභ්‍යන්තරය දවමින් තිබුණු රහස මිලින්දට දරාගත නොහැකි තරමේ එකකි. එය දැනගත්
පසුව කර-කියාගත හැකි කිසිම දෙයක් නොවැටහුණෙන් මිලින්ද වඩාත් අසරණව සිටියේය.
යන තරම්ම
දුරක් ආපහු එන්නත් වෙන එක අමුතුවෙන් ඉගෙනගන්න දෙයක්ද? නෙවෙයිනෙ.... |
“යන තරම්ම දුරක් ආපහු එන්නත් වෙන එක අමුතුවෙන් ඉගෙනගන්න
දෙයක් නෙවෙයිනෙ.....”එරන්දතී ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඇනුම් පදයක් එල්ල කළාය.
“පටන් ගත්තද ඒ පාර?” කුමාරිහාමි සැර වූයේ බොරු තරහක් මවා පාමිනි. දෙමිතුරන්
කාමරයට ගියේ පිරිසේ අල්ලාප-සල්ලාපයට ඉඩ සලසාලමිනි.
“මල්ලී නිල්ගල වලව්වට යන්ඩ කැමති වුණා මයෙ දුව!” කුමාරිහාමි කසුකුසුවෙන් දියණියට කීවාය.
“අම්මා මල්ලිට කිව්වද ඒ ගමනින් පස්සේ අම්මත් අපෙ ගෙදර යන බව, ටික දවසකට......”
“ඕනි නෑ මයෙ දුවේ! යන්ඩ ඕනි නෑ. දැන් මට සනීපයි නෙව!”
“මේං බලන්ඩකො අප්පච්චි.... එදා අපෙ අම්මා පොරොන්දු වුණා
නිල්ගල වලව්වට ගිහින් ආවට පස්සෙ අපෙ ගෙදර එනවය කියලා. දැන් බෑ කියනවා....” එරන්දතී කාමරයේ සිටම කෑ ගසා කීවාය.
කොළඹ
පිළිගත් වෛද්‍ය විශේෂඥයෙකු ලවා කුමාරිහාමිව සෝදිසි කරවා බැලීමට අප්පෝ දියණියත්, බෑණාත් සමඟ කටයුතු යොදා තිබුණේ රහසෙනි. “ඕක දැන ගත්තොත් දූලගෙ අම්මා බය වෙන්ඩත් බැරි නෑ අමාරු
ලෙඩක්වත්ද කියලා..... එහෙ ගිහින් ඉන්දැද්දී නිකමට වගෙ එක්ක යන්ඩ පුළුවනිනෙ දොස්තර
මහත්තය ළඟට....”
“හරි නං දැන් මයෙ දුවයි මෙහෙ ඇවිල්ලා ඉන්ඩ ඕනි. කුළුඳුල්
දරුවනේ..... ඒකයි චාරිත්තරේ දුවේ....”
“අනේ අපෙ අම්මා, ඒ චාරිත්තරෙන් කමක් නෑ! මොනවා හරි හදිස්සියක් වුණත්, හොඳ දොස්තරලා ඉන්නෙත් එහෙ.... හොඳ ඉස්පිරිතාල තියෙන්නෙත්
එහෙ... මේ හිමේ ඉඳලා හදිසියට දොස්තර කෙනෙක් ළඟට යනකොට ඉතිං වෙන්ඩ ඕනි හරිය ඔක්කොම
වෙලා තියෙයි!”
අව්වට
වේලෙන,
වැස්සට තෙමෙන,
දුහුවිලි කන බහුතරයක් දෙනා ලෙඩ
රෝගවලට ඔරොත්තු දීමේදී .... |
නමුදු දුර-බැහැර පිරිසට වැඩි වාසියකුත් තිබිණි.
දුෂ්කර ජීවිත ගෙවන; අව්වට වේලෙන, වැස්සට තෙමෙන, දුහුවිලි කන බහුතරයක් දෙනා
ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේදී හපන්නු වෙති. පසුගිය අවුරුදු එකහමාරක කාලය තුළදී
‘කොරෝනා’ ඇවිත් මොනවට පැහැදිලි කළේ ඒ කාරණයයි.
වැඩි සැප-පහසු ජීවිත හිමියැයි කියූ දියුණු රටවල පුරවැසියන්
යහමින් කොරෝනාවෙන් ආසාදනය වූහ.
අඩු වරප්‍රසාද සහිතව දිවි ගෙවමින්, නිරන්තරව ජීවිත අරගලයට මුහුණ දෙන වතුකරයේ ගැබිණි මව්වරුන් හා බිලිඳුන් ගැන මේ අත්දැකීම වෛද්‍ය නන්දනී විජයබණ්ඩාරගෙනි.
‘.... මට මතකයි මම බදුල්ල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේදය අංශයෙ මගේ මුල්ම
පත්වීම ලැබිලා, වැඩ කරන කාලෙ වතු දෙමළ අම්මලා ප්‍රසූතිය සඳහා
එනව. ඔවුන් ඇතැමුන්ගෙ අසීරු ප්‍රසූතියකින් පස්සෙ දරුවො අඬන්නෙ නැතිව ඉන්නව. එතකොට
මම දරුවට ස්වසන බට දාන්න උත්සාහ කරද්දි ඉතාම පලපුරුදු වින්නඹු අම්මල කියනවා
"නෑ ඩොක්ටර් මේ දරුව කීයට හරි අඬනවා. විනාඩි 4ක් ඇතුළත නොහැඬුවත් මෙයාලගෙ මොළේ
මැරෙන්නෙ නැහැ. මෙයාල ගලේ ගැහුවත් මැරෙන්නෙ නැහැ.... දළු කඩන අම්මලාගෙ මේ දරුවො
බඩේදිම හැම දුකක්ම දරාගන්න පුරුදු වෙලා එන්නෙ." කියල.
ඔවුන් ඒ හැම විටෙකම වගේ නිවැරදි වුණා.’
දන්තුරේ වලව්වෙ ලොකු කුමාරිහාමිත් ඒ සත්‍යය දැනගෙන හිටියා වගෙය.
කොස්
කිරිල්ල කොහොම වෙතත් එකල ගම්වල කොස් කැපිල්ල නම් කෙරුණේ සාමූහිකවය. |
“ඒකෙන් කමක් නෑ! අපෙ අම්මා මයෙ ළඟ ඉන්ඩම ඕනෑ. දමින්දල
අම්මට වුණත් අපෙ ගෙදර ඇවිල්ල ඉන්ඩ බැහැනේ. ඔන්න අපෙ අම්මත් බැහැයි කිව්වොත් නං...”
“අම්මා එයි ළමයෝ!” එතැනට පැමිණි දන්තුරේ බණ්ඩාර එරන්දතීට ඉඟියක් කරමින්-
තීන්දුව දුන්නේ,
කුමාරිහාමිට විරෝධයක් පාන්නට
ඉඩ නොදෙමිනි.
********
ඉරිදා
පැමිණෙන බව දන්වමින් චන්දන එවා තිබුණු ලිපිය තැපෑලේදී ප්‍රමාද වී තිබිණි.
සෙනසුරාදා දහවල් ලිපිය ලද පසුත්, මාලතී ඒ ගැන අමුතු සැලකිල්ලක් දැක්වූයේ නැත. හදවතේ කොණකින් කුමක්දෝ සියුම්
වේදනාවක් මතු වී ඔඩු දුවනු ඇයට දැනෙයි.
කොස්
ගෙඩිය දෙපලු කළ මාලතී, එය කැබලිවලට කැපුවාය. වහලු කපා තබන ලද කොස් කැබලිවල වූ කොහොල්ලෑ ගුළියකට
එකතු කළ චන්ද්‍රා, ඒවා දුමේ කොණක ඇලවූවාය.
“මෙහාට දියං දුවේ.... මං ඔය හෙරලි මදුලු ටික ගලවලා
දෙන්නං.”
“ඕනෑ නෑ කිරි අම්මේ.... අපිට පුළුවනි!”
“උඹලට බැරුවට නෙවෙයි දුවේ! නිකම්ම ඉන්ඩත් වස කම්මැලියිනේ.
ඒකයි....”
කිරි
අම්මා කොස් මදුලු ගලවන්නට වූවාය. වැඩෙහි යෙදෙන අතරේම චන්ද්‍රා චන්දනගේ ගමන ගැන
සිහිපත් කළාය.
කන් ඇසීම
දුර්වල ඈට ඇසෙන්නේ කෑ ගසා, මහ සද්දෙට කියන දේවල්.... |
“එහෙනං ඉතිං මෙයින්ම කොස් ටිකක් ඉතිරි කරලා තියමු
හෙටටත්... ඔය කරෝල කටු හොද්දකුත් හදපුවාම මදැයි, නේද?”
කිසිත්
නොකියූ මාලතී පොල් ගෙඩියක් ගෙන, එයින් කොස් ඇට තලන්නට පටන් ගත්තාය. “බලාගෙනයි මාලතී. වෙනින් කල්පනාවක ඉඳගෙන තලලා පුළුවනි නං
ඇඟිලිත් තලා ගනිං!”
මාලතීත්
චන්ද්‍රාත් අතරේ කෙරෙන කතාබහ කිරි අම්මා නොදනී. ඇගේ කන් ඇසීම දුර්වල හෙයින් ඇයට
ඇසෙන්නේ හඬ නඟා කියන දෙයක් පමණි.
“පොඩ්ඩ වෙලාවක් එක තැන හිටියත් කකුල් හිරි වැටෙනවා දුවේ!” නැඟිටගත් කිරි අම්මා බිත්තියට අතක් තබා වාරු ගත්තාය.
කොස් කටු කුල්ල ගත් මාලතී, එය රැගෙන ගොස් හඳීගේ ළඟින් හැළුවාය.
කන්පට ගසමින් හිස සෙලවූ හඳීට අත
ලෙවකන්නට ඉඩ හළ මාලතී වැස්සියගේ මුහුණ සිප ගත්තාය.
“හැමදාම චන්ද්‍රක්කටත් මෙහෙ ඉන්ඩ බෑනේ! මට තේරෙනවා.... මම
ඔන්න ඔහෙ චන්දනට කැමති වෙනවා...”
“මේ මාලතී. මට කරදරයක්ද නැද්ද කියන එක නෙවෙයි, මෙතන තියෙන
ප්‍රශ්නේ. උඹ ඇත්තටම චන්දනට කැමතිද නැද්ද කියන එකයි.... නංගියෙ, මට කියන්ඩ තියෙන්නේ උඹ චන්දනට අකැමතිම නං නිකා ඉඳින්....
හැබැයි ඉතිං,
අකමැත්තක් නැති නං.... පස්සෙ
කැමැත්තක් ඇති වෙන්ඩත් පුළුවනිනේ......”
“පූර්ණිමා ලස්සනයිද මල්ලී?” එරන්දතී ඉඟියක් පා.... |
“මට දැන්මම මොකුත් කියන්ඩ බෑ අක්කා.... පස්සේ කියන්නං
කියලා කියමු!”
“යකෝ! ඔය අත්වල තියෙන කොහොල්ලෑ මගේ චීත්තෙ ගෑවෙනවා...
එහාට වෙයං,
කිව්වම අහලා එහාට වෙයං
මාලතී....”
චන්ද්‍රාත් බොරු තරහවකින් කෑ
ගැසුවාය.
********
“පූර්ණිමා ලස්සනයිද මල්ලී?”
එරන්දතී
ඉඟියක් පා ඇසුවාය. දමින්ද වාහනයේ කන්නාඩියෙන් ධනුෂ්ක දෙස බැලුවේය. දන්තුරේ බණ්ඩාර
ඉදිරිපසම බලාගෙන කිසිවක් නොදන්නා සේ සිටියා මිස කෙළි-කවට කතාවලට සහභාගී වූයේ නැත.
“මයෙ පුතා කැමතී!.... නේද පුතා?”
මවගේ
කතාවට වුවද ධනුෂ්කගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි.
සැමටම
රහසින් ධනුෂ්කගේ අතක් අල්ලා මිරිකූ මිලින්ද ළබැඳි මිතුරාට සහාය පළ කළේය. ධනුෂ්කගේ
සිතෙහි පවත්නා චිත්ත පීඩාව දැන සිටියේ මිලින්ද පමණකි.
“මට නං පේන්නේ මල්ලිට පූර්ණිමාව වැඩිය හිතට අල්ලලා නැහැ
වගේ. ඒකයි සද්ද නැත්තේ...” එරන්දතී පහසුවෙන් පසුබා යන්නියක නොවේ!
“මම ඔයාව බලන්න ආව දවසෙත් ඔය වගේ තමයි හිටියේ....” දමින්ද සැවොම සිනා ගන්වමින් කීවේය.
දමින්දගේ
වාහනය නොපෙනී යනතුරු ඉවසා බලා සිටි ධනුෂ්ක කාමරයට වැදී... |
කුමාරිහාමි
වාහනයට නැඟුණු පසුවත් සිළිඳු මැණිකාට උපදෙස් දුන්නාය.
“පුංචි අප්පොලා ගැන බය වෙන්ඩ දෙයක් නෑ වලව්වේ හාමුදුරුවනේ...
අප්පොටයි, පුංචි අප්පොලටයි ඕනෑ විදිහ අපි දන්නවනෙ.... නේද රාමන්
අයියේ?”
රාමන්ද
හිස වනා ස්වාමි දුවට සෙනෙහස පළ කළේය.
දමින්දගේ
වාහනය නොපෙනී යනතුරු ඉවසා බලා සිටි ධනුෂ්ක කාමරයට වැදී ඇඳුම් පිටින්ම ඇඳේ
වැතිරුණේය.
“ඒයි.... මොකෝ මචං....?”
“මට අමාරුයි.... උණ වගේ....!”
මිලින්ද
ධනුෂ්කගේ නළලට අත තබා බැලුවේය. ‘හොඳටම උණ!’ ධනුෂ්කගේ කමිසය ගැලවූ මිලින්ද, ඔහුට සරමක් ඇඳ ගැනීමට සහාය වුණේය.
පුටුවක්
මතට ඇද වැටුණු මිලින්ද අත් හිසේ ගසා ගත්තේය... ඔහුගේ දෙනෙතේ වූ තුනී කඳුළු පටලය
අතරින් ධනුෂ්කගේ රුව පෙනුණේ බොඳවී ගිය සිතුවමක් මෙනි.
ධනුෂ්කට
උණ ගැනී ඇති බව අප්පෝට දන්වන ලද්දේ හොඳටම රෑ බෝවූ පසුවය. උණ අඩු වෙතියි
අපේක්ෂාවෙන් බලා සිටියද, එසේ වීමට ඉඩක් නැතැයි මිලින්ද අනුමාන කළේය.
“මේකාට සහලෝලා උණ දෙයියනේ!” දන්තුරේ බණ්ඩාරට කෑ ගැසුණි. සිළිඳු මැණිකා විනාකිරෙන්
පෙඟවූ පාන්කඩයක් ධනුෂ්කගේ නළල මත එලුවාය.
අපි
දොස්තර මහත්තයෙකුට කතා කරමු! |
“එපා මාමා, එපා....!” මිලින්ද භීතියට පත් වී සිටියේය.
“මේකාට හොඳටෝම උණනෙ පුතේ... ආයෙ රෑට තව අමාරු වුණොත්? මම දැන් ටෙලිෆෝන් කරන්නං...”
මිලින්ද
හඬා වැටුණේය!
“වඳින්නම් මාමා.... කාටවත් ටෙලිෆෝන් කරන්න එපා....
දෙයියන්නේ නාමෙට එපා....”
අප්පො
මිලින්දගේ හඬේ වූ භීතිය වටහා ගත්තේය. වහාම ඉදිරියට පැනගත් දන්තුරේ බණ්ඩාර
මිලින්දගේ දෙවුරින් අල්ලාගෙන සොලවන්නට වූවේ උමතුවෙන් මෙනි.
“කියාපං....
මොකක්ද මේ පාත් වෙලා තියෙන හෙණ ගෙඩිය කියලා මට කියපං පුතේ! වඳින්නං, මට ඇත්තම කියපං
පුතේ!!”
මිලින්දගේ
දෙනෙතින් නොකඩවාම කඳුළු ගලා හැළෙමින් තිබිණි. විපිළිසර වූ අප්පෝ ඇඳෙහි වැතිරගත්
ගමන්ම සිටින ධනුෂ්ක දෙසත්, මිලින්ද දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය.
“ම්.... ම්.... මා...ල...තී!”
ධනුෂ්ක
රුවන් දන්තුරේ බණ්ඩාරගේ ශෝකී දුර්වල කෙඳිරිය රැයේ නිහඬතාව බිඳිමින් කාමරය පුරා
විසිරී වායු ගෝලයට එකතු වූයේය!
21
කම්පනයට පත්ව සිටි මිලින්දගේ කටහඬ කෙඳිරියක් මෙනි.
“මට බයයි මාමා!”
කොතැනක හෝ බරපතළ වරදක් සිදු වී තිබේ. එය නැවත හරිගස්සා
ගත හැක්කක්දයි නොදැනේ. සියල්ලටම පළමුවෙන් සිදු වී ඇති දෙය ඒ හැටියෙන්ම දැනගත යුතු යැයි
දන්තුරේ බණ්ඩාර අප්පොට වැටහී තිබිණි.
පොරොන්දුවක්
වුණා නම් ඒක රකින්න ඕනි නේන්නං! |
තමාගේ හදවතෙහි තම එකම පුතු කෙරෙහි මෙතරම් සෙනෙහසක් ඇතැයි
අප්පෝට කවරදාකවත් සිතී තිබුණේ නැත. ධනුෂ්ක ඇඳේ වැතිරී සිටින්නේ මළකඳක් ලෙසිනි.
කෝපයෙන් මිලින්දට බැණ අඬගසා පලක් නැති බව අප්පෝ වටහාගෙන සිටියේය. කුමාරිහාමි ජීවිත
කාලයක් තිස්සේ කියූ පරිදි ඉවසා සිටිය යුතු බව ඔහුට හැඟිණි.
මිලින්ද සිතින් සටනක නියැළී හිඳියි.
එදා ධනුෂ්ක ඔහුට සියල්ල කීවේ ‘රහස් හෙළි නොකරන බවට,
විශේෂයෙන්ම ධනුෂ්කගේ පණ නල තිබෙන තුරු මේ රහස් හෙළි නොකරන බවට’ ඔහුව පොරොන්දු
කරවාගත් පසුවය. දැන් ධනුෂ්කගේ පියාම ඒ රහස් හෙළි කරන ලෙස ඉල්ලා සිටී.
සියල්ල හෙළි කරනවා හැර වෙනත් විකල්පයක් නැත.
වෛද්‍ය සිසුවෙකු ලෙස මිලින්දට මෙවැනි රෝග පිළිබඳව අන්
අයට වඩා අවබෝධයක් තිබේ. විසිඑක්වැනි සියවසෙහිදී මුළු මිහිතල වාසීන්ම ‘ඒඩ්ස්’
පිළිබඳව දැන සිටීම අනිවාර්යය වනු ඇත!
“ඒඩ්ස් හැදිච්චි අයගෙන් වැඩි දෙනෙක් ඒකෙන්ම මැරිලා යනවා,
මාමේ....”
දන්තුරේ බණ්ඩාර විස්තර අසාගෙන සිටියේ සිහිනයකට; බියකරු
සිහිනයකට මැදිවී සිටින්නාක් මෙනි.
“මයෙ කොල්ලව ගොඩ ගන්න මං මගෙ මුළු සේසතම හරි විකුණලා බෙහෙත් කරවන්නං පුතේ!” ඒඩ්ස් රෝගයට තවමත් කිසිදු ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති බව අප්පෝ දැන සිටියේ නැත.
ඊට
අවුරුදු කිහිපයකට කලින් එංගලන්තයට ගිය අපේ සමන්ති, දීපානි, දීපාල් තුන්දෙනා.... |
මා එලෙස කියන්නේ, ඒ වකවනුවේ තජකය මඟින් රට පුරා පැවැත්වුණු ‘නායකත්වය, මානව ලිංගිකත්වය- ප්‍රජනනය හා
පවුල් සැලසුම’ වැඩ සටහන් ගැනත් මතකයට නංවා ගනිමිනි.
ඒ වැඩ සටහනට ‘ලිංගාශ්‍රිත රෝග’ ගැනත් දේශනයක් ඇතුළත් විණි. කොළඹට තදාසන්න
පෙදෙස්වලදී ඒ දේශනය පැවැත්වූවේ කොළඹ මහ රෝහලේ ‘33 කාමරයට’ සම්බන්ධ වෛද්‍යවරයෙකු
විසිනි.
(ඒ කාලයේ ශ්‍රී ලංකාව ‘ජනගහනයට සාපේක්ෂව බලද්දී (සමාජ රෝග) ලිංගික ආශ්‍රයෙන් බෝවෙන රෝග ව්‍යාප්තිය’ අතින් ලෝකයෙන්ම පළමු තැනට ඇවිත් cup එක දිනලා හිටියේය.)
එහෙම වෙලාත් අර දේශනවලට ‘ඒඩ්ස්’ ගැන වචනයක්වත් ඇතුළත් නොවිණි.
හැබැයි ‘සිරිලක සමාජ රෝගීන් සංඛ්‍යාව ගැන හෝ පැතිරීම ගැන හෝ නිල සංඛ්‍යා
ලේඛන ප්‍රසිද්ධ නොකරන්නැයි නොනිල තහනමක්’ නම් අදාළ අංශවලට පැනවී තිබිණි!
අපි එහෙමය; ලංකාවේ ඉන්නා සතෙකුගේ නොවුණත් ‘පැස්බරාගේ ආදර්ශය’ අපි නිතර ප්‍රයෝජනයට
ගන්නෙමු!
ප්‍රශ්නයක් පැමිණි විට පැස්බරා ඔළුව වැල්ලේ සඟවා ගන්නේල. එවිට ‘තමන්ගේ මුළු
සිරුරම නිරාවරණයවී ඇතැයි’ ඌ නොදන්නේල!
ඒ
විස්තරය අවසානයේ ජෝන් ෆොර්සයිත්, ජෝන් කොලින්ස්, ලින්ඩා එවන්ස්, රොක් හඩ්සන් එහෙම.... |
TV එකේ Soap Operaවලටත්.
“ලොකූ.... අද Dynasty....” දවසක් සෑම් කීවාය. එතැනින් නොනැවතී, පැයක්-දෙකක් තිස්සේ
එතෙක් කතාවත් මට කියලා දුන්නාය. අපේ ළඟින්ම හිටි දීපානි නංගීත් කතාවෙන් අංශු
මාත්තරයක්වත් මඟ හැරෙන්නට ඉඩ නොදී මතක් කළාය. මාර පර්සනල්ටියක් තියෙන ජෝන්
ෆොර්සයිත්, sexy ජෝන් කොලින්ස්, අහිංසක ලින්ඩා එවන්ස්, handy රොක් හඩ්සන්....
සමන්තිගේ අර විස්තරය අවසානයේ මගෙත් මිතුරන් වෙලා ඉවරය.
මමත් ‘ඩිනස්ටි’ ලෝලියෙක් වීමි; ඒ මදිවාට, ඊට තරගයක් දෙමින් විකාශයවූ ‘ඩලස්’
සෝප් ඔපෙරාවත් බලන්නට පුරුදු වීමි!
ඉතිං.... ඔය විදිහට මාස කිහිපයක් යද්දී හෙණ ගෙඩියක් පාත් වුණේය...; බෝම්බයක් පිපිරුණේය....
රොක් හඩ්සන්ගෙ ඇත්‍ත නම හුගක් දෙනා දැනගත්තෙ එයා ඒඩ්ස්වලින් මියගියාට පස්සෙ ලියවුනු ලිපිවලින්
ReplyDeleteඔව් Pra jay මහත්තයෝ. ඒ වගේම ඒඩ්ස් ගැනත් ලෝකයම දැනුවත් වීම පටන් ගත්තා....
Deleteමට මතක විදිහට රැ දහයෙන් හෝ එකලොහෙන් පස්සේ රුපවාහිනියේ ඩිනස්ටි විකාශයවුනේ වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි තේමාව යටතේ. එකටත් අපේ සුචරිතවාදියෝ ප්‍රමඛ ගණින්නාස්සේලා බොහෝමයක් විරුද්ධවෙලා පත්තරවලත් ගියා නේද? වැඩි හිටියන්ට කිව්වාම නැට්ටට කිරි උනාගෙන එන වයසේ උන්නු අපිටත් තිබුනේ මාර කුතුහලයක් තමයි කොහොම හරි මේක බලන්න. එක ඇදේ ඉන්න සීන් හා ලිප් කිස් එකක් ඇරෙන්නට මහලොකු බක්කක් නොතිබුනු එකට ඔච්චර බයවුනේ ඇයිද කියලත් හිතෙනවා දැන් යන පෙන්වන කතන්දරත් එක්ක. එහෙන්මෙහෙන් කෑල්ලක් කොටසක් බැලුවා මිසක් දිගට බලන්න අවසරයක් හෝ චෑන්ස් එකක් තිබුනේ නෑ.
ReplyDeleteඒ දවස්වල මට රූපවාහිනියක් තිබුණේ නෑ, අසංග. කුලී කාමරයක හිටියේ. අනෙක ඒ ගමනෙදී මම එංගලන්තයේ මාස එකොළහක් ඉඳලා, අපේ මානෙල් නංගිගේ පළමු දරුවා ලැබෙන්නට කිට්ටු වෙනකොටයි ලංකාවට ආවේ. ඒ නිසා ඩිනස්ටි එකට මෙහෙන් තිබුණු ප්‍රතිචාර ගැන දැනගත්තේ දැන්, ඔයාගෙන්...
Deleteනිමල් එකක් පසුපස එකක් tragedy දෙනවනෙ මේ කතාවෙ. අය්යෝ.. ධනුශ්කගේ රෝග ලක්ෂණ මේ අනුමාන කරන ලෙඩේ නැතුව වෙන දෙයක් වුනොත් හොඳයි.
ReplyDelete'වැඩි සැප-පහසු ජීවිත හිමියැයි කියූ දියුණු රටවල පුරවැසියන් යහමින් කොරෝනාවෙන් ආසාදනය වූහ'. මේක හරිද. මම දන්න විදිහට නම් බෝවීම වැඩි පහල සමාජ ස්ථර සහ ජනගහන ඝනත්වය වැඩි පලාත්වල. උදාහරණයකට අපි ජීවත්වන ප්‍රාන්තයේ කොවිඩ් මුලින්ම හැදුනෙ high class suburb එකක ජීවත්වෙන වෛද්‍යවරයෙකුට (USA ඇතුලු රටවල් කීපෙක සංචාරය කරලා ඇවිල්ලා). නමුත් ඒක පොකුරක් වුනේ නැහැ. අපේ ප්‍රාන්තය ලොක්ඩවුන් කරන්න ආසන්නම හේතුව වුනේ හොටේල් quarantine වලදි සිකුරිටි ගාඩ්ස් කීපදෙනෙකුට බෝවීම සහ ඒ හා සමඟ අඩු ආදායම් ලාභීන් ජීවත් වෙන public housing schemes දෙකක් ලොක්ඩවුන් කිරිමෙන්. අවාසනාවට වැඩියෙන් රෝගින් හමුවුනේ ටිකක් පහල ජීවන තත්ව තියෙන පලාත් වලින්. 'දුෂ්කර ජීවිත ගෙවන; අව්වට වේලෙන, වැස්සට තෙමෙන, දුහුවිලි කන බහුතරයක් දෙනා' ගැන නිමල් කියන දේ කොච්චර හරිද කියලා මටනම් sure නැහැ. අපිට වඩා දන්න කෙනෙක් නිවැරදිකරයි කියලා හිතමු, if so.
සමහර විට මම වැරදි වෙන්න ඇති. එහෙමත් නැතිනං මට කියන්නට අවැසි දේ ඒ විදිහට ලියවී නැතිව ඇති, හිතේ තිබුනාට.
DeleteLotus, මට විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනෑ වුණේ මේකයි: පමණටත් වඩා දරුවන් පරෙස්සම් කිරීම අහිතකර බවයි.
ඉතා ආරක්ෂාකාරීව, වතුරත් උණුකොට නිවලා පොවන ළමයින්ට වඩා පහසුකම් අඩු - ඕනෑම දෙයක් කන-බොන - අව්වට වැස්සට විවෘත ළමයින්ගේ ප්‍රතිශක්තිය; ඔරොත්තු දීමේ හැකියාව වැඩියිලු. කොරෝනාවලදිත් මේක එහෙමම නෙවෙයිද කියල සංඛ්‍යා දත්ත අනුව නම් මට දැනුමක් නැහැ. තොරතුරු මැනවින් දන්නා කෙනෙක් විස්තර එවනවා නම් මාත් ඉතා සතුටුයි.
Lotus, අමතක වුණා ඔයා මතුකොට තිබුණු පළමු කාරණය ගැන කියන්නට.
Deleteමා වඩාත් කැමති සංවේදී අවසානයක් තියෙන නිර්මාණවලට. ඒවා වඩාත් මතකයේ රැඳෙන බවයි මගේ අදහස. මේ පොත මම ලිව්වේ 1996 වුණාට, බලන්නකො තවමත් නොසැලකිලිමත් රියදුරන්.... පස්සර බස් අනතුරින් මියගියවුන්...
රෝග ලක්ෂණ ගැන ඔයා කරන සඳහන අනුව නම් පෙනෙන්නේ ඒඩ්ස් ගැන දැනුවත් බවයි. තව කොටස් දෙක-තුනක් ඉවසනවා නේද තරහ නැතිව?
අනවශ්‍යය පරිස්සම ගැන නිමල් කියනදේට එකඟ වෙන්න පුලුවන්. මට කියන්න ඕනෙ වුනේ කොවිඩ් ගැන ඒ වගේ දෙයක් කියද්දි ටිකක් පරිස්සම් වෙන්න ඕනෙ කියලා වසංගත තත්වයක් නිසා.
Deleteකතාව නම් සතුටු හිතෙන විදිහට ඉවරවෙයි කියලා හිතෙනවා නිමල් ඔය කිව්වට. නැත්නම් කියවපු අය ආදරය මෙච්චර සුන්දරද කියලා අහයිද. මම හිතෙන් හදාගෙන ඉන්න අවසානය නම් ධනුෂ්කගෙ diagnosis එක වැරදියි, එහෙමත් නැත්නම් ධනුශ්කගේ තත්වය දැනගෙන මාලතිත් ඇවිල්ල දෙන්නට දෙන්න කොච්චර ආදරයිද කියලා දැනගෙන ධනුශ්කගෙ හිත සුවපත් වෙනවා වගේ. ඔන්න ඔයවගේ සතුටු හිතෙන දේවල්.
සමාජ ලෙඩ ගැන කිසිම අදහසක් මේ වන තුරු නෑ කියලා
ReplyDeleteධනුෂ්ක අප්පොට කෙලවෙන ලකුණක් හදිසියේම ඇත ලියලා
හිතාගන්න බෑ මේ වෙන දේ ගැන කුමක් කියන්ටද කියලා
මාලතියා වෙන මොනව කරන්නද චන්දන බඳිනව ඇරලා
කතා රසය රැකගන්නට, කුතුහල දනවන්නට ඕනෑ හින්දා
ReplyDeleteසමාජ ලෙඩ ගැන කිව්වෙ නැහැ තමයි, දැන් කිව්වම වැරදිද මන්දා
ඒඩ්ස් රෝගෙ ගැන තව වැඩි විස්තර ඉදිරියෙදිත් ලියවෙන හින්දා
බලං ඉන්නකෝ, විස්තර නොදෙන්නෙ කතාවෙ අවසන ළඟ හින්දා