1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස

Monday, June 10, 2019

දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස

ඒ දවස්වල මට හරි-හමන් ඉස්පාසුවක්, නිවනක් තිබ්බේ නැත. 

සේරම වියදම්වලට ඇතිවෙන්නට සල්ලි ගෙනෙන්නම් කියලා ටැයියා කිව් එක හැබෑය. ඒත් ස්ටැන්ලිට වුණත් ඕනෑවට වඩා බාල්දු වෙන්නට බැරිය. මගේ අතට තව කීයක් හරි හොයාගන්නට මට තිබුණේ එකම ක්‍රමයකි; ආච්චිලාගේ අන්ජිසාම් ව්‍යාපාරයේ වැඩ වැඩියෙන් කිරීමයි.

අපේ ආච්චී දවස තිස්සෙම සුමේකොට හෙම්බත්වී..............
“රංජි පුතේ, දැන් ඔය ඇති නේද මයියොක්කා කැපුවා. උඹ කපන තරමක් බැදලා මිස මටත් ඇහැ පියා ගත්තැකියැ.” අපේ ආච්චී දවස තිස්සෙම කුස්සියේ සුමේකොට බැරිම තැනදී මට කිව්වාය. 
“මඤ්ඤොක්කා තම්බලා බෑව ගමන් වහලා තිබ්බට පිළුණු වෙන්නෙ නැහැ පුතේ. කැපුවට පස්සේ නම් නොබැද තියන්න බැහැ..... පිළුන් වෙනවා.”

ආච්චී කිව්වේ ඇත්තය. යාන්තමට තම්බාගත් මයියොක්කා තීරු කපනවිට හොඳටම අත-පත ගෑවෙයි. බදින්නේ නැතිව වැඩි වෙලාවක් ගත වුණෝතින් ඒවා පිළුණු වෙයි.

අමුවෙන් බදින කොස් වුණත් තීරු කළ පසු ඉක්මනින් බදින්නට ඕනෑය. නැතිනම් හුළං වැදෙනවාය. දෙල්, බතල දෙකම කපන පමාවෙන්ම කහට පිපෙයි. ඉතින් අපේ ආච්චී කරන්නේ එහෙම තීරු-පෙති කපන ඒවා බාගෙට බදින එකය. එතකොට හරිය. 
පිළුණු වීමක් නැත; හුළං වැදීමක් නැත; කහට පිපී අවපැහැ ගැනීමකුත් නැත. බාගෙට බැදගත් ඒවායින්, අවශ්‍ය වෙලාවට අවශ්‍ය තරමක් නැවත බැදගන්නා එකය, ඇත්තේ.

අමුවෙන්ම තීරු කර බැදගන්නා කොස් වුණත් කැපූ පමාවෙන්.............
ඔහොම බාගෙට බැදගන්නා සේරම දාගන්නට හැකි තරමේ ලොකු-බර පෙට්ටගමකුත් ආච්චිලගේ ගෙදර තිබුණේය. 

දෙන්නෙකුට වුණත් ඒක ඇතුළේ හැංගිලා ඉන්නට පුළුවන් තරමට විශාලය. පාමුල් පෙට්ටි කිව්වේ ඒවාට කියලාය මං හිතන්නේ. තඩි කොස් ලෑලිවලින් හදා තිබුණු ඒ පෙට්ටගමට කකුල් හතරකුත් තිබුණේය.

“ආච්චියෙ, තව ටික දවසකින් මට මේවා කපලා දෙන්න විදිහක් නැතිවෙනවා. ඒ හින්ද පෙට්ටගම පිරෙන්නම බැදලා තියාගනිමු. ආච්චිට නිඳිමතයි නම් නිඳාගන්න. මං ටිහකින් කූද්දන්නම්!”

එහෙම කිව්වාම වුණත් ආච්චී පැදුරක ඇලවෙන්නේ බැරිම තැනය. 

එයාත් වැඩියෙන් වැඩ කරනවාය කියලා එදා කිව්වත්, සුනිල්ට ඒකේ වගක් නැත. මිනිහා කොස්, දෙල්, බතල, මඤ්ඤොක්කා කපන්නට ආවේ යලට-මහට වගෙය. 

ඔයින්-මෙයින් අප පැනලා යන දවස තීරණය වුණේය! තැන තීරණය වුණේය. “දුන්හිඳ හොඳයි. තිලක්ලට වුණත් වැවක් හම්බ වුණේ නැතිනං මාර ප්‍රශ්නයක්නේ වෙන්නේ. වතුර ඕනෙමයි. නාන්න බොන්න වවාගන්න සේරටම වතුර එපායැ.”

නැතිවම බැරි වතුර. අපට අගය දැනෙන්නේ නැති වතුර!
වතුර..... ජලය.... උදක රකුසන් ගැන හෙම අහලා තියෙනවාද? මතකයි නේද, අපි උදක රකුසකු ගැනත් කතා කළා. ඒ දවස්වල නම් අපට වතුරෙන් කිසිම හිඟ-පාඩුවක් තිබුණේ නැත. 

බදුල්ලේ ගෙදර පිටුපස්සේ; කඳුරේ තිබුණු කිතුල්- පුවක්- උණ පීලි දිගේ රෑ-දාවල් වෙනසක් නැතිව වතුර ගැලුවේය. එක්සත් සුභ සාධක මාවතේ මහ ගෙදර වත්ත වුණත් තිබ්බේ කොටුවෙ ආච්චිගේ ඕවිට අද්දරමය. අපේ ළිඳෙත් අඩි දෙකකින් පහළදී වතුරය. දැන්.... දැන් නම් බදුල්ලේ පුංචි අම්මලාත්, කොටුවෙ ආච්චිගේ ඕවිටේ තියෙන ගෙවල්වල අයත් වතුර ගන්නේ පයිප්පවලිනි.

වැඩුණු මිනිසෙකුගේ මොළයේ 85%ක් ම ඇත්තේ වතුරය! 

ප්‍රමාණවත් තරම් වතුර නැතිවිට අපට විඩා දැනෙයි; මතකය අවුල් වෙයි; රුධිර පීඩනය ව්‍යාකූල වෙයි; ආහාර දිරවීමේ අවුල් .... තව ගොඩක් ලෙඩ හැදෙයි. එහෙම වෙලාත් අප ජලය සම්පතක් කොට සලකන්නේ නැත; සුරකින්නේ නැත. දියුණුව කියන්නෙත් ඒකටම වගේය! විහින් ප්‍රශ්න හදාගැනීම වගේය.

එදා වුණත් මට කල්පනා වුණේ ජලය කොච්චර වටිනවාද කියලා නොවේ; වෙන කාරණයකි. “යකෝ.... දැනුයි මතක් වුණේ. මොකෙන්ද අපි වතුර ගේන්නේ? බාල්දියක් හරි කළ ගෙඩියක් හරිත් ඕනිනෙ.”

..... ඔහොම කරන්න ගියොත් නං දුන්හිඳට බූමිතෙල් කරත්තෙකුත් අරන් යන්න ...............
“අ අ අ අන්නේ ම් ම් ම් මේ රංජි..... ම් ම් ම් මචං උඹට ඕනෙ විදිහට කරන්න ගියොත් අපිට කැළේට යන්න වෙන්නේ භූමිතෙල් කරත්තෙකුත් අරන්. ඒවා පස්සේ ටික-ටික ගත්තැකි මචං. අපිට ඕනෙ බඩු අරගන්න ටවුමකට යන්නම වෙනවනේ. අපි කැළේ ඉන්නේ අතරමං වෙලා නෙවෙයිනෙ.”

ටැයියා එහෙම කිව්වත් ඒ වෙද්දීත් මං එකතු කරලා තිබුණු අඩුම-කුඩුම ටික සූට්කේස් දෙක තුනකටවත් දමාගන්නට බැරිය. අනේ, මං වගේ හරකෙක්! දහ අට මාසේ කොස් ඇට, මයියොක්කා දඬු, බතල කරටි, නිවිති- බණ්ඩක්කා- මෑ- දඹල ඇට වගේ හැටහුටහමාරක් ජාති ඒ වෙද්දීත් මං එකතු කරගෙන ඉවරය! ඒ මදිවාට, නිදහස් වෙලාවට කියවීමට පොත් හත-අටකුත් ඒ අතරය. පේව්මන්ට් එකේ රජවෙන කාලයේ පාවිච්චියට ගත් සූට්කේස් එක විතරය මට තිබුණේ. සුන්නාටත් එහෙමය. ඉස්කෝලේ ගෙනියන එක.

දහ -දොළොස් පාර හිතමින්ය; මං බඩු ලැයිස්තුව සංශෝධනය කළේ. ආයුර්වේද වෙදකමේදී පත අට එකට හින්දනවා වගේ...... සූට්කේස් එකට විතරක් හරියන තරමට.

ආයුර්වේද වෙදකමේදී පත අට එකට හින්දනවා වගේ .................
අපේ ගමන යන විදිහත් තීරණය වුණේය. “උදේ පහට විතර බදුල්ලේ බස් එකක් යනවා, මහරගම හරහා. අපිට ඒකේ යතෑකි. අපි සීතක්කලගෙ ගේ ගාව වෙල ළඟදි හම්බ වෙමු! කවුරු හරි එතනින් යන්න ආවත් හැංගෙන්න තරම් එතැන ලන්දක් තියෙනවනේ.” අපි පස්මහ බැලුම් බැලුවෙමු.

“මොකා එනවද මචං ඒ පාන්දර වෙලෙන් එගොඩ වෙන්න?”

මහරගම සිට පමුණුව පාරෙන් එන්න. අල් ගෆූරියා පාසලේ දොරටුව පහු කර ටිකක් එද්දී වමට පාරක් තිබේ. එක්සත් සුභසාධක මාවත. දැන් ඒ පාරෙන් දිගටම ගියොත් ඔයාලට දුම්රිය මාවතටම යන්නට හැකිය. ඉස්සර එහෙම බැරිය; පාර වෙල ලඟින් ඉවර වුණේය.

පාර දික් ගැහෙද්දී වෙල? දැන් වෙලෙන් ඉතිරිවී තියෙන්නේ නෂ්ටාවශේෂ විතරය. වෙල් යායම ගොඩකොට තට්ටු ගෙවල් හිට හදලාය. ගුරු පාර දිගටම එගොඩට ඇදීගෙන යමින් තාර පාරක් වෙද්දී, විවේකාරාම පන්සල් වත්ත කෙළවරේ තිබුණු පිං ළිඳ එහෙමත් පාරට යටවෙලාය. හැබැයි තවමත් කළු සීතක්කා ඒ නිවසේම දිවි ගෙවයි!

අල් ගෆූරියා පාසලේ ගේට්ටුව පසුකොට ටික දුරක්.........
“ඒත් ටැයියෝ, එතැන ඕනෙවට වැඩිය වෙලාවක් ඉන්න එක ඩේන්ජර්. කොරනේලිස් මාමා ලියැදි බලන්න ආවොත්?”
“හරි බං. ඒ එන්නේ එළිය වැටෙද්දිනේ. එතකොට අපි රත්නපුරේ දිහාවට ගිහින් ඉඳියි.”
“උඹ නං කියයි. පැනල ගිහින් පුරුදු එකානෙ. අපිව තාත්තට මාට්ටු වුණොත් නං...”

දවස උදා වුණේය. දැන් ඉතිරිව තියෙන්නේ තැනින්-තැන එකතු-පහදු කරලා තියෙන අඩුම-කුඩුම සූට්කේස් දෙකට අහුරා ගැනිල්ල විතරය. සුන්නාත්, මාත් එදා දවසේ අවසන් වතාවටත් ස්ටැන්ලිව මුණ ගැහුණෙමු. 

“.... එහෙනං මචං .... හෙට මේ වෙලාව වෙනකොට අපි තුන්දෙනා දුන්හිඳ කැළේ.” ටැයියා උදම් ඇනුවේ සේරම හරි නිසාය.

ඒ අස්සේ අපේ සීයා එදා බතල ගෝනි කිහිපයක්ම ගෙනැල්ලාය. මගේ බඩ-පපුව දාගෙන ගියේ ඒවා දැක්කාමය. ආච්චීට විතරක් ඒ තරම් බතල තොගයක් තනිවම කපලා, බැදගන්නට ලැබෙන්නේ නැත. ෂුවර් එකටම බතලවලින් බාගයක්ම අහක දමන්නට සිදුවෙයි. පව්! 

“සුනිල්, එනවා..... මේවයින් පුළුවන් තරම් ටිකක් කපලා දෙමු, ආච්චිට මේවා තනියම කපන්න බෑ. අහක යයි.” මොන? මං මොනවා කිව්වත් එච්චර බරක්-පතළක් නොතේරුණු සුනිල් ඒ රාජකාරියට ආවේ දුටහට වගෙය.

එච්චර බරක්-පතළක් නොත්රුණු අපේ සුන්නා...........
‘අනේ.... හෙටින් පස්සේ සීයලාට උදව් වෙන්නේ කවුද?

සුන්නයි, මායි දෙන්නාම නැති වුණාම නෝනා විතරක් කොහොමද නංගිලා මල්ලිලා පස් දෙනෙක්ව බලා ගන්නේ? (අපේ පවුලේ තෙවැන්නිය නෝනා හෙවත් පුෂ්පා රංජනී දිසානායකය. 1971 වෙද්දී එයාට අවුරුදු දොළහකි.)

හීනි දුකකින් හිත ඔද්දල් වුණත් වචනය බොරු කරන්නට බැරිය; පොරොන්දුව ඉටු කළ යුතුය. හිතේ අමාරුව මඟ හැරගන්නටත් එක්ක මා කළේ බතල කපන වේගය වැඩි කරන එකය.

ඒ දවස්වල අපේ ආච්චිලා, අම්මලා කවුරුනුත් මැල්ලුමට කොළපලා ටික කැපුවෙත් chopping board එකක තියලා නොවේ; හිරමණයක නැතිනං කොලොම්බු කොටයක වාඩිවෙලා- කැත්ත, මන්නය හරි පිහිය හරි කකුලෙන් පාගලා හිර කරගෙන මැල්ලුම් ලිවීමය. 
ඒ පන්කොළ ඇතුළුපතක් උඩටටය; නැත්තං කුල්ලකටය. එය කල්පනාවෙන් කළ යුතු කාරියකි. 

ඕනෑවට වඩා අත තද කළොත්, සමහර වෙලාවට මහපට ඇඟිල්ලත් කැපෙයි!

එහෙම වාඩිවී ඉඳගෙන දවසම බතල කුලු ගණනාවක්ම කැපුවේ හිත දහ අතේ යද්දීය. අදටත් මගේ හිත ගෙදරට බැඳී තියෙයි. trip එකක් ගියාම කොහේ ඉන්නවාද කියලා වගක් නැතත් කිට්ටුව-පාතක ඉන්නවා නම් මට ගෙදර දුවන්නට ඕනෑය. 

මරාගෙන මැරෙන කුරිරු ත්‍රස්තවාදීන්ගෙ හිතේ අන්තිම පැයේ, අන්තිම මිනිත්තුවේ මොන-මොන විදිහේ සිතුවිලි පහළ වෙනවා ඇතිද? නෑසිය මිතුරන්, ගෙදර-ගම-රට දමා යන්නට දුකක් හිතෙන්නේ නැතිද? එයාලා ඉන්නේ පියවි සිහියෙන් නෙවෙයිද?

මරාගෙන මැරෙන; බෝම්බ පුපුරුවන මිනිස්සුන්ගෙ හිතේ............ 
මං වගේ මෝලෙක්. අහන ප්‍රශ්න. පියවි සිහිය, සම්මා සතිය තියෙනවා නම්; හිතක් පපුවක් තියෙනවා නම් මනුස්සයෙකුට එහෙම තිරශ්චීන ඝාතන කරන්න පුළුවන්යැ.

එදා රාත්‍රියේ අපේ සුනිලුත් මාත් හත්-අට වතාවකටත් වැඩියෙන් ඇහැරෙන්නට ඇත. ඒත් පාන්දර වෙලා තිබුණේ නැත. (ආච්චිලාගේ ටයිම්පීස් ඔරලෝසුවත් අප රැගෙන යන බඩු ගොඩේය. ඒක නැතිව කොහොමද? කැළේ හිටියත් වෙලාව බලාගන්න ඕනැනේ.) 

එලාම් එක තිබ්බා නම් ලෙහෙසිය; ඒත් එහෙම කළා නම් අවදිවෙන්නේ අප විතරක් නොවෙයිනේ. නැඟිටින වාරයක් ගානේ ‘තවම රෑ’ කියා කොඳුරාගෙන ආපහු පැදුරට වැටෙන එකය, අප දෙන්නා කළේ.

අප නිඳාගැනීමේදී එකම තැනක නිඳියන පුරුද්දක් තිබුණේ නැතිවීම අපේ වාසියට හිට්ටේය. සල්ගල ආරණ්‍ය සේනාසන ගමන දවසේ (මගේ චූස් මටම චූස්) අපේ සුනිල්ට වාසියක් වුණේ ඒ පුරුද්දය. පොඩිවුන් කැලතක් ඉන්නා ගෙවල් කොයිකෙත් තත්ත්වය ඒකම වෙන්නැතිය. ඒ හැමෝම නින්දට යන්නේ එකම වෙලාවක නොවේ; එක-එකා එක-එක වෙලාවටය; හිතුණු-හිතුණු තැනය. 

එදා සුන්නාත් මාත් නිඳාගෙන හිටියේ ආච්චිලගේ ගෙදර, එක ළඟම එළාගත් පැදුරු කෑලි දෙකකය.

එදා නං කුකුළා හැඬලුවේ ශක්‍රයාගෙ හොර මඟුලට උදව් කරන්නට නොවේ!

“දැන් නම් හතරට කිට්ටුයි. නැඟිටහන්....” නිඳිමරා හිටි සුනිල් නැඟිට්ටේ කෙඳිරිගාමිනි. යන්තම් වතුර චුට්ටකින් දෑත තෙමා මුහුණේ අතුල්ලාගෙන අපි සූට්වලට බැස්සෙමු! (මූණ හෝදන්නට ගිහින් අනෙක් අයට කූද්දන්නද?) සූට් කිව්වාට- කොට කලිසමයි, කමිසයයි, බාටා සෙරෙප්පු ජෝඩුවයි විතරය; සිම්පල්ය.

විනාඩි පහෙන්; හතරහමාර විතර වෙද්දී අප දෙන්නා කළු සීතක්කලාගේ ගෙදර ළඟ වෙලේ නියර උඩය! ඒත්.... ස්ටැන්ලි නැත.

“මාර වැඩේනේ ලොකා. අරූ තාම නැහැනේ.” ටිකක් වෙලා බලාගෙන හිටි සුනිල් කිව්වේය.
“ටැයියට නින්ද ගිහින්වත්ද?”

කරන්නට දෙයක් නැත. නියර උඩම වකුටුවී අපි මදුරුවන් තලන්නට පටන් ගත්තෙමු. විනාඩි පහක් ගෙවුණේය. දහයක් ගෙවුණේය. පහළොවක්.... පැය භාගයක්.... ටැයියාගේ හාන්කවිසියක් නැත. එයාලගෙ ගෙවල් පැත්තේ එළියක්වත් පත්තු වුණෙත් නැත. 

ගිහින් ගෙදරින් අහන්න කියලයැ.

ආං කොරනේලිස් මාමලගෙ ගෙදරත් ලාම්පුවක් පත්තු වුණා!
දැන් නම් සුනිල්ගේ සද්දෙත් හොඳ නැත. “මොකක්ද බං කරන්නේ?”.

සහන් එළියත් වැටීගෙන එන පාටය. කුකුළනුත් එකා-දෙන්නා උදාන ගී ගැයීම පටන් අරන්ය. එදා නම් උන් හැඬලුවේ සක්කරයාගේ හොර මඟුලේ උදව්වට නොවේ; අපට උදව්වටය.

“ටැයියට නින්ද ගිහින් වෙන්නැති. දැන් බදුලු බස් එකත් ගිහිල්ලා ඇති ෂුවර් එකටම..... ආං කොරනේලිස් මාමාලගේ ගෙදරත් ලාම්පුවක් පත්තු වුණා. මෙතැන හිටියොත් අපි දෙන්නව නිකම්ම අහු වෙනවා. ටක් ගාලා ගෙදර යමු.” 

සුනිලා මීක් කියලාවත් කිව්වේ නැත. එයාගේ සූට්කේස් එක උස්සා ගත්තේය. මං මගේ එක....

ආවට වඩා සීරුවෙන් ගිහිල්ලාය, අප දෙන්නා ආයෙමත් ගෙදරට රිංගුවේ. ඇඳුම් ගලවා තියා, කලින් දවසේ රාත්තිරියේ හිටි හැටියටම අපි පැදුරට වැටුණෙමු. 

අපේ වාසනාවටදෝ අපේ ගෙවල් දෙකෙන් එකකවත්, කවුරුන්වත් අවදි වී හිටියේ නැත.

ආච්චී මගේ නළලට අත තියා මට උණ දැයි බලද්දී මං හිටියේ දුන්හිඳ අද්දරය.
“රංජි.... රංජි.... මොකද ළමයෝ අද තවම නිඳි. හතත් වෙලා. සනීප නැද්ද?” ආච්චී මගේ නළලටත් අත තියලා බලද්දී මං හිටියේ දුන්හිඳ අද්දරය. නිඳි මරගාතේ වුණත් මගේ හිතට ආවේ එකම එක ප්‍රශ්නයකි. ‘ටැයියාට මොකද වුණේ?”

20 comments:

  1. අර විදියට බාගෙට බැදලා ඔය කියන ජාති ගොඩක් කල් තියාගන්න පුළුවන්ද?
    බදුල්ලෙ වතුර ගැන කිව්වම මට මතක් උනේ නුවර අපේ මහත්තයගෙ ගෙවල් පැත්තෙ වතුර වලට ගිහින් තියෙන කල ගැන. දැනට අවුරුදු විස්සකට විතර කලිනුත් එයාලගෙ ගෙවල්වලට වතුර ගත්තෙ ටැප් වතුර විදියට. ඒකත් සතියට දවස් තුනයි. වික්ටෝරියා වේල්ල බැන්දට පස්සෙ ඒ පැත්තට වතුර නැතිවුනා කියලා තමයි අහන්න ලැබුනෙ. හැබැයි ඊට ටිකක් උඩහට ගියාම හොඳටම දිය සීරාව. මිදුල හරහා වතුර ගලනවා ගේ පිටිපස්සෙ උස් බිම්වල ඉඳලා. ඒවට පිහිලි හයි කරලා තමයි එදිනෙදා වැඩ වලට වතුර එකතු කරගත්තෙ ඒ පැත්තෙ මිනිස්සු. ඒත් දැන් අවුරුදු තුනකට විතර කලින් යනකොට අර දිය සීරාව එහෙම පිටින්ම වේලිලා ගිහිල්ලා. කලින් ටැප් වතුර ලැබුනු අයට දැන් ටැප් වතුරත් නෑ. බවුසර්වලට ගෙවලා ගෙන්නගෙන ටැංකි හදලා ඒවට පුරවා ගන්න එක තමයි කරන්නෙ. හරිම වියලි ගතියක් තියෙන්නෙ.
    ආච්චි ගැන කියනකොට මගේ අත්තම්මවත් මතක් වෙලා හරිම දුක හිතුනා.
    මේකෙ මුල කොටස් දෙකත් සොයාගෙන කියවන්න යන ගමන්...

    ReplyDelete
    Replies
    1. මියුරු, අපේ ආච්චී ඒවා දැම්මේ ලී පෙට්ටගමක. තිබ්බේ සුමානයක් විතර. පුස් ඇල්ලුවේ නැහැ.
      මං අදටත් හිතුණාම එහෙම බාගෙට බැදලා ෆ්‍රිජ් එකේ උඩ කොටසේ තියාගන්නවා. මාස දෙක තුන තිබ්බත් මොකුත් වෙන්නේ නැහැ.
      වික්ටෝරියා වේල්ල බැන්දට පස්සේ, පෙයාර්ස් වගේ පළතුරු වගාවනුත් වැටුණය කියල වාර්තා වුණා, වායුගෝලයේ තෙතමනය (ආර්ද්‍රතාව) ඉහළ ගිය නිසා.
      අපේ ආච්චී මගේ ලොකුම වීරවරියක්. එයා ගැන පොස්ටු තිහ-හතළිහකම වරින්-වර ලියැවුණා, මියුරු!

      Delete
    2. https://www.tripadvisor.com/ShowUserReviews-g190745-d9816068-r361824430-Sabina_s-Newbury_Berkshire_England.html

      Delete
    3. මට මේ කතා කියවනකොට 'මයිනා'ගෙ කතා මතක් වෙනවා. ඒකෙත් තියෙන්නෙ මේ වගේ එව්වමයි. හැබැයි හිනාවෙලා පණ යනවා.

      http://mynagekatha.blogspot.com/

      Delete
    4. ස්තුතියි Pra Jay.

      මියුරු, ඒවාත් ඇත්තමද? මාත් කිහිපයක් නම් කියවලා තියෙනවා.

      Delete
    5. ඔව්, ඇත්තම ඒවා. බෙල්ල ගහල යන වැඩ. කියවලා බලන්න. නිදිට නම් බොහොම සමීප බවක් දැනේවි.

      Delete
  2. ඇතුළුපතක් කියන්නෙ වට්ටියද?

    ටැයියට මක් උනාද?

    ReplyDelete
    Replies
    1. ඇතුලුපත කියන්නේ හතරැස්- පැතලි- වට්ටියක් වගේ එකකට. පන්, වැටකෙයියා කොළ හෝ පොල්කොලවලිනුත් වියාගන්නවා.
      හුඟක්ම එක පාවිච්චි වුණේ ඔය මැල්ලුම්, කොස්-පොළොස් වගේ ඒවා කපාගනිද්දී.
      මධූ, අහලා තියෙනවද 'බත බෝ කරගන්නවා'? බත තැම්බූණාම කූරූ ගාලා ඇතුල්පතට දමලා තුනී කරනවා, හැඳි මිටෙන් බත හොඳට ලිහාගන්න ගමන්. එතකොට බතේ ඇට වෙන්වෙලා මල් වගේ තියෙනවා. අහුපෑවත වැඩියි. එහෙම කරගත්තු බත බෙදාගන්නත් ලෙහෙසියි. අද හුඟක් ගෙවල්වල බත හරියට කූරූ ගාන්නෙත් නැති නිසා ලොකු කුට්ටි තමා බෙදාගන්නේ.

      Delete
    2. ටැයියාට වෙච්ච දේ හින්දා තමා මං පණ පිටින් මෙහෙම ඉන්නේ. ඉස්සරහට බලන්නකෝ.

      Delete
    3. //බත තැම්බූණාම කූරූ ගාලා ඇතුල්පතට දමලා තුනී කරනවා// අම්ම එහෙම කරනව පොල් කොල වලින් වියාපු වට්ටියක් තමා ගන්නෙ.

      Delete
  3. හොඳ වෙලාවට ටැයියා ආවේ නැත්තේ . නැතිනම් හිස මුඩු කරලා දිය ඇල්ලෙන් නාල මහන කෙනෙක් වෙලා ඉන්න තිබුන මැෂිමක් හම්බ උනානම් නේද !!!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං හක්ස්ලි මහත්තයෝ! එහෙම වුණා නං ඔයාලව හම්බ වෙන්නෙත් නැහැ.

      Delete
  4. මට හිතෙන්නේ ටැයියා ගෙදරට අහුවෙලා කියලයි. බලමුකෝ ඊළඟ කොටසින් මොකද උනේ කියලා.
    මේ සිද්ධිය උනේ 1971 දීද ?? එහෙම නම් අප්‍රේල් වලට ඉස්සෙල්ලා වෙන්න ඕනෑ . මොකද ඊට පස්සේ නම් ගෙදරින් පැනලා යන්න තියා මහරගම හන්දියට යන්න තරම්වත් සුදුසු වටපිටාවක් තිබුනේ නැහැනේ!
    'ඇතුල්පත' හෙවත් 'මලිපිට' පැතලි නැහැ නේද ?? ඒකේ මුළු හතර ඉහලට එසවී තියන නිසා වටේ මායිම් (perimeter) උනත් ටිකක් ඉස්සිලා නේද තියෙන්නේ ?? ඒ කියන්නේ පැතලි පැදුරක් වගේ දෙයකට දමන දෙයක් (කොස් මදුළු වැනි) ඉහිරී පිටතට යාම සිදු උනත් ඇතුල්පතකට දාන දෙයක් පිටතට ඉහිරී යාමක් සිදු වෙන්නේ නැහැ නේද??

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි සෑම්, ඒ දවස්වල අපේ තකතිරුකම කොච්චරද කියලා පේනවනේ. ගියේ අප්‍රේල්වලට පස්සේ. මාස දෙක තුනකින්ම මේ පැත්තේ කලබල අඩු වුණානෙ.
      ඔයා හරි. මලුපිටේ කොන් හතර ටිකක් උඩට නැවිලා- මතුවෙලා තිබුණේ. ලොකු නිසාම දාර ටික පැතලිවෙලා වගේ පෙනුණේ. හැකි වුනොත් ඊළඟ කොටසට ෆොටෝ එකක් දාන්නන්. එකට දමන දේවල් පිටතට ඉහිරෙන්නේ නැහැ තමයි.

      Delete
  5. මදෑ වැඩේ හබක් වෙලානෙ.
    අග්‍රගන්‍ය වීර කතාවක් අහන්න තිබ්බ අවස්ථාව ටැයියා විනාස කරල දාලනෙ.

    ReplyDelete
    Replies
    1. තවම වෙච්චි හරිය සේරම කිව්වේ නැහැනේ. ඊළඟට බලන්නකෝ ප්‍රසන්න. අපි වැඩක් කරන්න ගියාම වෙන්නෙ මරු වැඩනේ.

      Delete
  6. මේ මහරගම ඉඳන්ද බදුලු යන්න හදන්නේ...ගියානම් ආයේ හෙවිලි බොරු.. මේකට සෙට් වෙන්නෙ "වන ගත ළමෝ" නෙමේ "මඩොල් දූව" නේද?.

    ReplyDelete
    Replies
    1. ඇයි සෙන්නා? තවමත් මහරගම හරහා බදුලු බස් යන්නේ. ඇත්තටම මටත් හිතාගන්න බැරි 'මඩොල් දූව' අපට වැදුණේ නැති එක ගැන.

      Delete
    2. නෑ මම කිව්වේ දුර නිසා... ඔව් නේද මටත් ම්ඩොල් දූව එච්චර ඇල්ලුවෙ නැති පොතක්.. ඒකෙ භාෂා ශෛලියද මංදා හේතුව..

      Delete
    3. මාත් එහෙම හිතනවා, සෙන්නා. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ලිවීම විදග්ධ පැත්තට බරයි වගේනෙ.

      Delete