“නමී, මේ සැරේ මම නං පාද යාත්‍රාව ගැන ලියන්නේ නැති වෙයි. ඔයා ලියනවා නං සිද්ද වෙන ඒවා මතක තියා ගන්න වෙයි!” ගමන පටන් ගන්නකොටම මං නමීට කිව්වා.
‘නිමලෝසන්
සාමි පාදයාත්‍රා ගැනත් ලියයිනෙ.’... නඩ
දෙකෙන් කොටහක් (foto- නමී) |
මගෙන් ගමන් ගැන නොලියවෙතැයි කියවුණත් ගමන ගිහින් ඇවිදින්, publish කරපු පළමුවෙනි post එකට හම්බ වෙච්චි පළමු comment එක දැක්කම ‘මගේ අදහස’ සසල වුණා... Pra Jay හිතවතා මෙහෙමයි මාව පොළඹවා තිබ්බේ: ‘නිමලෝසන් සාමි පාදයාත්‍රා ගැනත් ලියයිනෙ.’
“අයියේ, පාද යාත්‍රාවේ යන අතරේ කාට වුණත්
කරන ඕනිම උදව්වක් දෙයියන්ට කරන පූජාවක් විදිහටයි සලකන්නේ. මේ ගමන යන සාමිලා- අම්මල
කාගෙන් උදව්වක් ඉල්ලුවත් කරන්න ඕනි. ඒ කරන්නෙ දෙවියන් වෙනුවෙන්... ඒකයි දෙමළ අයට
උදව්වක් කළත් ස්තුතියි නොකියන්නෙ.
දන්නවද? අපේ පන්සිල් පද පහ වගේමයි හින්දු ආගමේත් ප්‍රතිපත්ති. සත්තු මරන්නෙපා-
හොරකම් කරන්නෙපා- කාමයෙ වරදවා හැසිරෙන්නෙපා- තෑගි ගන්නෙපා- තෑගි දෙන්නෙපා... හිතල
බලන්න වටිනවා නේද?” අයස්මන්ත මහතා කියා තිබුණේ කලින් වතාවකදීය.
පාද යාත්‍රාවේ යෙදෙන සේරම පිරිමි ‘සාමි’ලා. ගැහැනු ‘අම්ම’ලා. ගිය වතාවේ පෝස්ටුවල ඒ විස්තර ලියපු හැටිත් Pra Jayට මතක නිසාම වෙන්නෝනි මට ‘සාමි’ කෑල්ල ලියන්න ඇත්තෙත්.
තංගප්පුවේ නතර වෙන්න ඉඩ නොදී, ‘කෝබට්ස්
ගැප්’ දක්වා
කිලෝ මීටර් හතහමාරම.... |
ගිය අවුරුද්දේ අප්‍රේල්වල ‘රෝයල් මවුන්ටන් එජ්’ නවාතැනට අපිව එක්ක ගියෙත් ප්‍රියන්ත.
“නිමල්ට නඟින්න පුළුවන්.... ඔයාට පුළුවන් speed එකෙන් යමු. අපට හදිස්සියක් නැහැනෙ!”
කියලා මට තංගප්පුවේ නතර වෙන්න ඉඩ නොදී, ‘කෝබට්ස් ගැප්’ දක්වා (කිලෝ මීටර් හතහමාර x
2) පයින්ම hike එක ගිහින් එන්න මාව දිරි ගැන්නුවෙත් ප්‍රියන්ත.
ඒ ගමනෙදී නකල්ස් කඳු පාරේ මට තනි රකිමින් ගියෙත් ප්‍රියන්තගේ පුතාලා දෙන්නා
කවිජයි, වෙනුජයි. පල්ලම් බහිද්දී අයස්මන්ත- නෙවිල් දෙන්නා ඒ වගකීම බාර ගත්තා.
(ස්තුතියි ඔයාලා හැමෝටම!)
“නිමල් අයියේ, නෙවිල්ට කතා කළාට පස්සේ ප්‍රියන්ත
අයියා මටත් call කරලා විස්තර ඇහුවා. අරගලේට ගිහින් උපවාස කරපුවා ලිව්ව වගේම මේවත්
ලියන්න වටිනව කියලයි ප්‍රියන්ත අයිය කියන්නෙ.” අයස්මන්තත් මට වාර්තා කළේය.
ඉතිං කොහොමෙයි පෝස්ටුවක් ලියන්න බැහැ කියන්නේ;
මට මේ කෙළි කෙළින්නට; හපන්කම් පෙන්වන්නට පිට්ටනි- වේදිකා තනා දෙන; දිරි දෙන එවන්
හිතවතුන්ගේ ඇරයුම් ගණන් නොගෙන ඉන්නේ. ‘මේවා තව කෙනෙකුගේ moral එක up කරවනවනෙ!’
ඔවුහු කියති... එබැවින් මම ලියන්නෙමි; ඔවුන් සැමට ප්‍රණාම ලෙසින්.
පහුගිය අවුරුදු තුනේම අපට පාද යාත්‍රාවේ යන්න බැරි වුණානෙ.
බැරි වුණා නෙවෙයි; බැරි කළා. කොරෝනා විසින්. තව ඩිංගෙන් මේ වතාවෙත් ඒකමයි වෙන්නේ.
“අපේ සර්ලා එහෙම එකතු වෙලා මේ සැරෙත් පාද යාත්‍රාවේ එනවා
නේද, නිමල් මහත්තයෝ.” වන ජීවී එකේ පියනන්ද මහත්තයා දෙමාසේකට විතර ඉස්සර
දොහක මගෙන් ඇහුවා.
“පියනන්ද මහත්තයො. මේ සැරේ සංවිධාන වැඩ පටන් ගෙනද?” මං ඇහුවේ එතකොට.
කොච්චර ආසාව තිබුණා වුණත් කිසිම උදව්වක් නැතිව; හව්හරණයක් නැතිව කිලෝ මීටර් 100ක්
බර-බද්දල් සේරම උස්සාගෙන යෑම පොඩි නැහැනේ.
ඊටත් වනෝද්‍යාන තුනක් මැදින්- දවස් 5කට ඕනි කරන හාල්-තුනපහ සේරමත් අරං....
(වැරදුණා! දවස් හයකට.
මේ ගමන යද්දීත් ඉලක්ක, වෙලාවල් වගේ දේවල් නිශ්චිතවම කියන්නේ නෑ. අපි හිතනවට වඩා
වෙනස් දේවල් සිද්ද වෙන්න තියෙන ඉඩ වැඩියිනෙ.)
“එව්වා කෙරෙයි නිමල් මහත්තයෝ. අද යාපනෙන් කට්ටිය ගමන
පටන් ගත්තා.” පියනන්ද මහත්තයා තොරතුරු කිව්වා. ඒ දමිළ පිරිස ඔකඳ දේවාලයට ළඟා
වෙන්නේ දවස් 45කට පස්සෙය.
“දොස්තර මහත්තයා ආවාම මං එයා එක්කත් කතා කරන්නංකො. මේ
වතාවේ ඔකඳට එනකල් එන එකත් අපිට ප්‍රශ්නයක් වෙයි... තෙල් නැති එකේ. පහුගිය දවසක
දොස්තර මහත්තයා රත්නපුරේ ඉඳලා ගෙදර එන අතරේ මඟදී තෙල් ඉවර වෙලා අකරතැබ්බයකුත් වෙලා
තිබුණා.”
“ඇත්තෙයි? මහත්තයල එනව නං මං මේ වතාවෙත් මට පුළුවන් උපරිමයෙන් උදව් කරනවා. අපේ
දොස්තර මහත්තය වෙනුවෙන්.... Wild Life එකේම කී දෙනෙකුට අපේ අයස්මන්ත සර් බෙහෙත්
කරල තියෙනවද”
පියනන්ද මහත්තයාගෙ භක්තිය උතුරයි! ඒ නිසාමය අපට
බොක්කෙන්ම උදව් කරන්නට සැරසෙන්නේ.
“අපි කොහොම හරි යං අයියෙ! අවුරුදු තුනක්ම මිස් වුණානෙ.”
පීරිස් ප්‍රතිචාර දැක්වූවේ එහෙමය.
“ඒ වුණාට පීරිස්, තෙල්?”
“වාහනේ වැඩේ මම බලා ගන්නං.”
“අපි වාහනයක් හොයා ගත්තත්, පාර දෙපැත්තෙ වතුර ටැංකි තියන්න හමුදාවට එහෙම ඩීසල්
තියෙයිද? රටේ කලබල...”
‘මසුරං වටිනා කියමනක්’ මැසේජ් කරලා, අයස්මන්ත මහත්තයා ඉඟියකින් මට හීනි ටොක්කකුත් ඇනල තිබුණ! |
එහෙම කිව්වට පස්සේ ‘මසුරං වටිනා කියමනක්’ මැසේජ් කරලා, අයස්මන්ත
මහත්තයා ඉඟියකින් මට හීනි ටොක්කකුත් ඇනල තිබුණාය. එයා මොනවා අදහස් කළාද කියන්න නං
මම දන්නෙ නෑ. ඒ ‘උපුටනය’ මං වහන්සේ තේරුම් ගත්තේ මෙහෙමය:
‘හේතුවාදියා ලෝකයට අනුව වෙනස් වෙද්දී, ප්‍රඥාවන්තයා තමන්ට ගැලපෙන ලෙස ලෝකය වෙනස් කරවා ගනියි.
එබැවිනි, ලෝකයේ වෙනස්වීම; ප්‍රගතිය හා දියුණුව ප්‍රඥාවන්තයන් මත රඳා පවත්නේ!’
සමහර අයට ඉඟියෙන් කිව්වත් මදිය. කෙළ මෝලෙන්ම අනින්නට
වෙයි. ඔයාලාට හිතෙන විදිහට මං වහන්සේ අයිති වෙන්නේ මොන ගොඩටද?
මොන ගොඩට අයිති වුණත් නිහඬව හිටිල්ල නං මේ පුතයාට නුහුරුය.
ගමනට අවශ්‍ය වාහනයත්, ඩීසලුත් හොයා ගන්නට යන්නේ පීරිස්ය.
පෙර ගමන්වලදී- පසු ගමන්වලදී නවාතැන්, කෑම්-බීම් ආදියට බර පැන දරන්නේත් පීරිස්මය. ඒ
තියා, මගේ ගමන් සපත්තු දෙක අබලන්වී තිබුණු බැවින් රුපියල් පනස්දාහකට කිට්ටු මුදලක්
වැයකොට අලුත්ම සපත්තු ජෝඩුවක් අරං දුන්නෙත් එයාමය.
මට තියෙන්නේ ගමන යන්නටය.
“එතකොට
මූට ඉඩක් නැති වෙනවනෙ, අපෙන්
වැඩ ගන්න....” පීරිස්
කසිලි-බිසිලි රැඟුමක් රඟා පෙන්නයි. “දර
හොයපං- වතුර ගෙනෙන්- කිය-කිය පරල වෙන්න....” |
“කට වහගෙන පැත්තකට වෙලා....”
“අයියෝ, එතකොට මූට ඉඩක් නැති වෙනවනෙ නෙවිල් අයියේ, අපෙන් වැඩ ගන්න....” පීරිස් කසිලි-බිසිලි රැඟුමක් රඟා පෙන්නයි. “දර හොයපං- වතුර ගෙනෙන්- කිය-කිය පරල වෙන්න....”
මේ යක්කුන්ට මාව අවුස්සන්නටත් ඕනෑමය!
“හරි! කවුරු කවුරුද එතකොට යන්නෙ?”
“ගිය සැරේ ගිය අයම. ගවියයි, තමිරයි දෙන්නත් එනවයි කිය-කියාමනෙ ඉන්නෙ. හැබැයි ගොන් xජ්ජෝ,
තමුසෙට තමයි ප්‍රශ්නේ වෙන්නේ.....” දොස්තර මහත්තයා සමහර වෙලාවට හොඳටෝම කාරුණිකය.
“ගවීන් දැන් කොට්ටාවේ ඉඳලා වැඩට යන්නෙ-එන්නෙ foot සයිකලේකින්. තමිරටත් සෑහෙන දුරක්
පයින් යැවෙනවලු මේ දවස්වල. මර්විනුත් එහෙමයි....”
“ඒ විතරක් නෙවෙයි මචං, මාත් එහෙමයි. උදේ හවස කොට්ටාවේ
ඉඳලා පයින්මයි ගෙදට්ට යන්නෙ. Three වීලුත් නැහැනෙ, පීරා.” නෙවිලුත් අලගු තිබ්බේය.
“දිසානායක නං ගෙදරටම වෙලා චීත්තවාහිනියට ඕපදූප ලිය-ලියා ඉන්නවා...”
“තුන් වේලටම බතුත් ගිල ගිල....” අයස්මන්ත පීරිස් ඌණ
පූරණය කළේය. “විහිළු නෙවෙයි නිමල් අයියේ, මාසයක්වත් ඇවිදලා practice කරන්න වෙයි-
ඔයාට නං! ජයශංඛත් එයි නේද?”
“මිනිහ පහුගිය ටිකේ කීප සැරයක්ම පොඩි පොඩි පොලු කීපයක්ම තිබ්බා. එනවයි කියලා
මේකටත් නෑවිත් ඉඳියිද දන්නෙත් නෑ.... මගේ ඔළුවේ තියෙනවා ඔටුවෝ දෙන්නෙක් ගැන. අපෙ අකලංකයි, blog ලියන නමීයි ගැන.”
“අපිට ගැලපෙන ඕනි කෙනෙක්. හැබැයි අපිත් එක්ක සති දෙක තුනක්වත් ඇවිදල පුරුදු වෙන්න
ඉඩ තියෙන කෙනෙක් වෙන්නෝනි. සති දෙකක්වත් පේ වෙන්නත් ඕනි. එහෙම නැත්තන් එපා!
අකලංකගෙ wifeට දෙවෙනි බබා හම්බ වෙලත් මාස තුනක්වත් නැහැ නේද... දවස් පහ-හයක්
ගෙදරින් පිට ඉන්න අඬ ගහන එක....”
පීරිස්ගෙ ඒ කතාවත් ඇත්තය. මං නමීට කතා කළෙමි.
මේ සැරෙත් හාල් කිලෝ දහයක්
විතර ආපහු උස්ස ගෙන එන්න නං ලැහැස්ති කරන්න එපා. |
හම්බන්තොටින් අසංගත්, තිස්සමහාරාමයෙන් ප්‍රියන්තත් පාද
යාත්‍රාවට එකතු වෙන බව පීරිස් මහතා පෙරහුරු දවසක කිව්වේය. “... අපේ නංගිගෙ පුතා
පසිඳුත් එක්කගෙන යන හින්දයි අද කොල්ලවත් එක්ක ආවේ!”
“හැබැයි මේ සැරෙත් හාල් කිලෝ දහයක් විතර ආපහු උස්ස ගෙන
එන්න නං ලැහැස්ති කරන්න එපා. අපිට කැකිරියි, චව්-චවුයි බතුයි විතරක් කන්නත්
බෑ.”නෙවිල් ඉස්සෙල්ලාම බාල්දිය ඇද්දේය.
තමිරටත් එයින් පණ ඇවිදින්ය. “බලමුද නිමල් අයියගෙ මෙනු එක?”
“ඒක හොඳයි... උදේ වේල් දෙකක් අග්ගලා ගෙඩියක් කාලා තේ බීල
පිටත් වෙනවා. දවස් දෙකක් හබල පෙති. මොකද මේ සැරේවත්, අපි යන්තමට එළිය වැටෙනකොටම
ගමන පටන් ගන්නෝනි.” එදා සාකච්ඡාවට එන අයට සංග්‍රහ කරන්නට සූදානම් කර තිබුණු හබල
පෙති බෙදා දෙමින්, මම කිව්වෙමි.
ඒ අතරේ පළමු ප්‍රතික්ෂේපය. “වේල් දෙකක් සෝයා? අපෝ, සෝයා කන්න බෑ.”
“සෝයාවලට පුරුෂ ශක්තියත් අඩු වෙනවලු!”
“මචං හබල පෙතිත් එපා වගේ නේද?” දෙවෙනි ප්‍රතික්ෂේපයත්
කරළියට....
“තමුසෙලා කියන ඕනි මඟුලක් මම list එකට දාන්නං. හැබැයි,
මෙහෙම දේකුත් තියෙනවා හිතන්න. අපි දොළොස් දෙනෙකුට එක වේලකට පරිප්පු උයනවා නං ග්‍රෑම්
500ක් ඇති. අල උයනවා නං කිලෝ එකක් ඕනි. පොල් සම්බෝලයක් හදනවා නං ලොකු පොල් ගෙඩියක්
ඕන වෙනවා....” මගේ සිරසටත් යකා ආරූඪ වේගෙන එයි. මේ යක්ඛ පුත්‍රයන්ට මගේ තර්ක
නොතේරෙන්නේ ඇයි?
“බර අඩුයි කියල පරිප්පුම කන්න පුළුවන් කාටද... අපි මේ කන
පරිප්පු මදිවටද?”
“අනික මචං, බත්- බත්- බත්ම ගිලින්නත් බැහැනෙ නේද? එක වේලකට දෙකකට රොටි කමු.” ඒ
අස්සේ තවත් තකතිරු යෝජනාවකි.
මඟදී set වෙන අයට දන් දෙන්නත් එක්කයි
එයා බඩු list එක
හදන්නේ.... හදලා පොර නිකං යයි. (මෙහෙම පාරක නිකං යෑමත් අමාරුය!) |
“ඉතිං මොකෝ?”
“මම රොටිවලට පිටි අනල දෙනවා විතරයි ඔන්න. පුච්චන වැඩේ තමුන්නාන්සේලාට බාරයි. ඒ
වගේම රොටි තැටියක් හරි නන්ස්ටික් එකක් හරිත් ගෙනියන්න වෙනවා.”
ලැයිස්තුව හදද්දී මං බැලුවේ, ගෙනයා යුතු බර හැකිතාක් අඩු
කර ගන්නටය; බඩුවල පරිමාවත් අඩු කර ගන්නටය.
“මචංලා, දිසානායක කොහොම list එක හැදුවත් බූරුවෝ වගේ බර
උස්සගෙන යන්න වෙන්නෙ අපටමනෙ. පොර එක්ක මඟදී set වෙන අයට දන් දෙන්නත් එක්කයි එයා බඩු list එක
හදන්නේ.... හදලා පොර නිකං යයි. බලපංකෝ මම කියන්නෙ බොරුද කියලා.”
“ඔව්, ඔව්. නෙවිල් අයිය කියන්නෙ ඇත්ත. මිනිහට කා එක්ක හරි ප්‍රේමෙන් වෙළිලා, කන්න
නොදුන්නොත් හිතට මදි!”
“ඉවරද? ඇද්ද? ඔන්න කාට-කාටත් කියන්නේ, ගෙනියන බඩු ටික මම ගන්නවා. ඒවා බෙදල දුන්නම තම-තමන්ගේ බෑග්ස්වල තමයි උස්සගෙන යන්න වෙන්නේ...”
“එහෙම බැහැනේ මිස්ටර් දිසානායක. අපි ගෙනෙන ඇඳුම්....?”
“ඒක අහපු එකත් හොඳයි. බෑග්වලට දාන්න කලින් ඇඳුම් shopping බෑග්ස්වල ඔතන්න. මොකද
පාද යාත්‍රාවේ යන හැමෝටම එක වතාවක් හරි වැස්සට තෙමෙන්න වෙනවලු.”
“ඉතිං නිමල් අංකල්ලටත් එහෙම වුණාද?” ගවීනුත්, පසිඳුත් එක
විඩේටම එක ප්‍රශ්නයක් අසති.
“පහුගිය තුන් සැරේම එහෙම වුණා ගවීන්.”
“එතකොට කොහොමද අපේ ගෙනියන බඩු?”
“මං කියන්නේ ඇඳුම් bag එකට අමතරව- කාර්ගිල්ස්වල තියෙන බඩු දාන රෙදි බෑග්ස් දෙක-දෙක
ගනිමු කියලා. එකක් විතරක් ගත්තොත් මඟදී අඬු කැඩෙන්න පුළුවනි.... ඒක වෙන්නෑ එකක්
ඇතුළේ තව බෑගයක් දැම්මම.”
“අපොයි, bag එල්ලගෙන යද්දී අඬුවලට ඇඟිලි කැපෙනවා.”
“එහෙනං අප්පුහාමි, දෙමළ මිනිස්සු කරනව වගේ පෝර bag එකක බඩු සේරම දාලා ඔළුව උඩ
තියාගෙන යනවා. මගෙන් තහනමක් නෑ!”
“දිසානායක
වැඩක් plan කරනව
වගෙ නෙවෙයි මගේ වැඩ.” පීරිස්
රඟයි. “පේනවනෙ, සාදර
අනුග්‍රහය අයස්මන්ත පීරිස්ගෙන්... ටිං ටිං!” |
“අන්න එහෙම හොඳයි. අරින්ඩ එපා නබි!” අපේ පැරණි සගයන්ට සන්තෝසය.
ඇවිදීම පුහුණු වෙන අතරේ, වැඩි කතාබහක් නැති නමීට ‘නබි නායක’ කියා නමකුත් පට
බැඳිලාය. පාද යාත්‍රාවේ යෙදෙන අතරේ, එය ‘නමිනං’ වුණේය!
“විහිළු නෙවෙයි මචං. එක්කෙනෙකුට කිලෝ විස්සක් විතර
වැටෙයි නේද?” අයස්මන්ත පුරෝකතනයක....
“ගිය සැරේ එක්කෙනෙකුට කිලෝ දහයක් විතර වැටුණා....” මම
මතක් කළෙමි.
මේ වතාවේ එක්කෙනෙකුගේ බර සලාකය වුණේ කිලෝ පහමාරකි. මෙගා බෝතලයකට වතුර පුරවා ගත්තාම
කිලෝ හතහමාරකට කිට්ටුය.
ඒ පොල් ගෙඩිය නැතිවය. පොල් ගත්තේ අතරමඟින්ය.
මුල්ම ආරංචිය කිව්වේ, කුමනෙන් ඇතුළු වීමට දෙන්නේ ජුලි 18
බවයි. එය පසුව වෙනස් වුණේය.
“අයියේ, කුමනෙ entrance එකෙන් කට්ටිය ඇතුළු කරන්නෙ 22
වෙනිදලු.
අපි 20 හවස හම්බන්තොට ගිහිං, 21 උදෙන්ම එහෙන් පිටත් වෙමු. 20 රෑ කෑම
ශිරෝමි-අරුණලගේ ගෙදරින්.... උදේට තිස්සෙන් ප්‍රියන්ත ගන්න යනකොට කොඩී මිස් අපිට
උදේ කෑම හදලා දෙනවයි කිව්වා. ප්‍රියන්තලා දවල් කෑම හදයි... එතකොට අපිට කුඩුම්බිගලට
ගිහිං එහෙදී දවල්ට කාලා...”
“යකෝ, හරිම ෂෝක්නේ. හරි ලේසියි!”
“දිසානායක වැඩක් plan කරනව වගෙ නෙවෙයි මගේ වැඩ.” පීරිස් රඟයි. “පේනවනෙ, සාදර අනුග්‍රහය
අයස්මන්ත පීරිස්ගෙන්... ටිං ටිං!”
“එතකොට වාහනේ?”
“හම්බන්තොටින් van එකක් හොයා ගත්තා. නසාර් ඒකෙන්ම ඇවිත් අපි දහදෙනාව එක්ක යයි.
අපිව ඔකඳ දේවාලේ ගාවට දාලා නසාර් හම්බන්තොට යනවා. අපි කැලෙන් එළියට එනකොට නසාර්ව
කොච්චිපතානේ දේවාලේ ළඟට ගෙන්න ගන්නවා.”
“සේරම හරි, හොඳ විදිහට සිද්ද වුණොත්. 20 උදේ තමයි
පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන්නේ. ඊට පස්සේ....”
කෝඩුල පස් දෙනෙක්ම ඉන්න නිසා
ඔන්න ගලබැද්දට ආවා! ඊළඟට ලාහුගල මඟුල් මහ විහාරෙටත් යං! (foto- නමී) |
සියල්ලම සැලසුම් කළ ලෙසින් සිදු වුණේය.
අතහැර දමන්නට සිදු වුණේ පොතුවිල් ‘මුහුදු මහා විහාරය’ට යන ගමන විතරය. “කෝඩුලා පස්
දෙනෙක්ම ඉන්න නිසා ඔන්න ගලබැද්දට ආවා. ඊළඟට ලාහුගල මඟුල් මහ විහාරෙට යං. පරක්කු
නොවී ඊළඟට කුඩුම්බිගල යමු. අපිව බස්සලා නසාර් තනියෙන්ම ආපහු යන්නත් එපැයි. රෑ
වෙද්දී පාරට අලි බහිනවත් එක්ක...”
එහෙම කියමින් හිටියත් අපව බස්සවා, නසාර් පිටත් වුණේ හවස
පහටත් පස්සෙය.
“අවුරුදු දෙක තුනකට පස්සෙනේ පාද යාත්‍රාව කෙරෙන්නේ. Wild
Life ලොක්කොයි, තව එකේක ලොක්කොයි වැහි වැහැලා. අපේ බඩු ටික තියාගන්න නං ඉඩක් හරි
ගස්සල දෙනවයි කිව්වා. එක නාන කාමරයක් හරි තියෙන තැනක. අපි ගිහින් අර summer hut එක
ළඟ බිම නිඳා ගනිමු....” පීරිස් කිව්වේ මතුව තිබුණු තත්ත්වයට විසඳුමයි.
“එතකොට රෑට කෑම?”
එහෙදී රෑ කෑම උයා ගන්නට ඉඩක් නැත.
“හැබැයි, ප්‍රියන්තලට එපා කියද්දී බාල්දිය පිරෙන්නම බත් දාපුවා තියෙනවා. කිරට හදල
තිබුණු නිසා පරිප්පු නං කන්න හොඳ නෑ. මං හදාගෙන ආව මැලේ අච්චාරුවක් තියෙනවා. පපඩම්
බැදුමකුයි ඒකයි එක්ක බත් කමු තියෙන විදිහට.” මගේ යෝජනාව සම්මත වුණේ කෙණෙහිලි
නැතිවමය.
ගමනාරම්භයටත් පෙරාතුවම එක වේලක් නොඋයා හිටින්නට තීන්දු
වුණේ එහෙමය!
“එහෙනං ඉක්මනට wash එකක් දාගෙන ඔකඳ දේවාලෙට ගිහින් එමු.”
පීරිසුත්, මර්විනුත් ඒ සඳහාම සැරසී ගත්හ. මර්වින් දැන් නියමම කපු මහත්තයෙකි.
පීරිස් දමිළ බැතිමතෙකු වගේමය.
අපි නම් මොහොකටවත් නැති නසරානියෝ නෙව.
බානි, ඉබ්බා හා ඉන්දික තුන්දෙනා.... |
දේවාලය ඇතුළේ ඉන්න බවවත් නොතකමිනි; ඉන්දික දුවගෙන ආවේ. ඇවිදින් මාව බදා ගත්තේ.
2018 පාද යාත්‍රාවේ යද්දී අප හා මිතුරු වුණු නඩයේ උදවිය අපට යළි මුණ ගැහුණේ, දේවාල
බිමේදීය.
කතාබහෙන් එළි වුණේ අපේ දොස්තර මහත්තයාගේ ‘සර්ප්‍රයිස් කිරීම’ට තියෙන ආසාව මෙතනදීත්
ඉටු කරගත් බවයි.
මේ සාදර අනුග්‍රාහක ටිං ටිං භවතා, ඉන්දිකලා එක්ක මෙතනදී
හමුවීමට ගිවිස ගත් බවක් අපට කිව්වේ නැත. “එයාලත් ඉන්න එක වැඩිය හොඳයිනෙ නිමල්
අයියේ! විශේෂයෙන් ඔයාට.” පීරිස් එහෙම කරන්නට ඇත්තේ ගිය වතාවේ දිය ආරවල්- මඩවගුරු
තරණය කරද්දී ඉන්දික, සුජී දෙන්නා මං වහන්සේව උස්සාගෙන ගිය
හැටි සිහියට අරගෙන විය යුතුය.
මගේ ඉබි ගමන් වේගය නිසා එයාලටත් පරක්කු වෙද්දී ‘ඔයාලා යන්න’ කියා කිව්වත්,
එහෙම නොකළ නිසා විය යුතුය.
අපේ පළමුවෙනි පාද යාත්‍රාවේ යෙදුණු කාලයේ මං blogs ගැන දැනගෙන
හිටියේ නැත. 2018 තෙවෙනි ගමන එද්දී ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නට පටන් ගෙන මාස
කීපයකි. ඒ ගමන් තුනේම විස්තර අරගෙනය; ‘හරෝහරා’ පෝස්ටු 18ක්ම ‘රස මිහිරි කතා’ ලේබලය යටතේ ලිව්වේ.
හිතාදර රසික ඔබ ඒ පෝස්ටු කියවා නැති නම්, ඉඩකඩ ඇතොත් ඒවා කියවලා ඉන්නැයි ඔබට යෝජනා
කරන්නෙමි. (ඒවායේ ලියූ සවිස්තර කරුණු යළිදු මෙතැන නොලියන බැවිනි.)
හිච්චි, බානි, දෙනෙත්, හිරූ හැමෝමත් දැන් අප වට කරගෙනය.
“ඉන්දික, කෝ සුජී? ඉබ්බ ආවේ නැද්ද?”
“ඉබ්බා ආවා, මාමේ! එළියේ ඇති. සුජියට නිවාඩු ගන්න බැරි
වුණානෙ. නැත්තන් ඌත් එන්නමයි හිටියේ.”
“මේ සැරේ අපේ නඩේත් ලොකුයි සර්ලගෙ කට්ටිය වගේම, 13 දෙනෙක්.” හිච්චි පීරිස්ට
කිව්වේය- ඊළඟ ටික මටය. දෙන්නෙකු ඉදිරියට දමමිනි.
“මෙයාලගේ මල්ලිලත් ආවා.” දෙනෙත්ගේ මල්ලී ‘දෙව්ශාන්’(පොඩ්ඩා)ත්, හිරූගේ මල්ලී
‘තරූෂ’ත් අපට සිනා පා සෙනෙහස පෙන්වූහ.
දේවාලයෙන් පිටත වැල්ලේ ඉටි
රෙදි එළාගෙන... (foto- නමී) |
“හිච්චි, එහෙනං අපි උදේට ගේට්ටුව ළඟදි හම්බ වෙමු. අපේ
නඩේත් කෝඩුලා පස් දෙනෙක්ම ඉන්නවා... වටේම පෙන්නන්න ඕනිනෙ... අපි යන්නං.”
ඔවුන්ට සමු දුන් අපි දේවාලයෙන් පිටතට ආවෙමු.
දේවාල බිමේ වැල්ලේ ඉටි රෙදි එළාගෙන වැතිර ගත් බැතිමතුන්ය. ඒ කිට්ටුවෙන්ම කුඩා ළිපක ඒ ඒ නඩයේ
අයට ආහාර පිසින්නන්ය. අඳුර දැඩි වෙද්දී කැපී පෙනෙන්නේ ළිප් සිය ගණනක ගිනි දළු
සුළඟින් නටන විදියයි!
වැඩි වෙලාවක් ඒ අසිරිය බලමින් ඉන්නට ඉඩක් නැතිය. මර්වින්ලා තේ කඩයක් ළඟට රොක්
වෙති. “මහප්පේ, අපිත් යං.” ජයශංඛ කියයි.
තේ හදන තුරුමත් මගේ ඇස් දිව්වේ දමිළ බැතිමතුන්ගේ විචිත්‍ර
වර්ණවත් ඇඳුම් දිහාවටය. දීප්තිමත් රතු, කහ, කොළ ඇඳුම්... වේට්ටි, සාරි, ගවුම්,
ජටා... අනේ, ඒ සේරම නම් කරන්නට මං දන්නෙ නැත. එහෙම තැනකට ගිහිල්ලාම බලා ගන්නට
වටිනා බව විතරය මට කිව හැක්කේ.
තැන තැන අරුමෝසම් මාල, වළලු, අත් පළඳනා, සන්ග්ලාසස්, caps, ඉණ පටි විකුණන අයගෙ තට්ටුය. ගැටවර-ගැටවරියෝ ඒ තැන් වටා රොක් වෙමින්, සිනා නඟමින්, අරුමෝසම් බඩු තෝරති. ‘ලාබ රත්තරං දිළිසෙන....’ සුනිල් එදිරිසිංහ මගේ කණට කොඳුරනවා වගේ දැනෙයි.
“මට තව තේ එකක් ඕනෑ.” පීරිස් කියයි. “නිමල් අයියේ,
ඔයාටත්...” මට එකක් ඇති වුණත් තව තුන් දෙනෙකුටම ඕනෑ වුණේය.
“නිදි, මට sunglass එකක් අරං දෙනවකො.” ඒ අතරේ නමීගෙනුත් විහිළුවකි.
අපේ කිට්ටුවෙන්ම වාඩිවී සිටි ‘සාමි’ කෙනෙකුටත් තේවලින්
සංග්‍රහ කළ දොස්තර මහත්තයා දෙමළෙන් සංවාදයකය. විස්තර අපට කිව්වේ පස්සෙය.
“ඒ සාමිලගෙ නඩේ 110ක් ආවලු!”
110ක්? මට පෙනෙන්නේ ප්‍රායෝගික පැත්තයි. “එහෙම ආවට ඒ නඩේ අස්සේ ඇත්තෙ පොඩි පොඩි
groups ගොඩක් වෙන්නැති. එක කට්ටියක්වත් එච්චර ලොකු වළන්, සාස්පාන් ගෙනියන්නෙ
නැහැනෙ.”
“නිමල් අංකල්ට තව පොඩ්ඩෙන් ගෝනා අනිනවා ඊයෙ රෑ.” ගවීන් හිනාවෙමින් කියයි. |
“දැන් කරුවල වැටිලා නිසා හිඳෙන්නේ නැති ගල් කෙමවල් අට නං
බලන්න බැරි වෙයි!”
“ඔව් නිමලෝ... ඒක නෙවෙයි. අපි තේ බීපු කඩේට මං කිව්වා උදේට රොටි ටිකක් හදලා දෙන්න
කියලා. විස්සක් විතරක් දෙන්නං කිව්වා. ඒ ඇති වෙයි නේද?” මර්වින්ට ගණ දෙයියෝ
තන්වැසි නුවණ දීලාය.
“මදි හරියට, මම කුඩු කරගෙන ආව පිටිවලින් අග්ගලා ටිකක් හදමු. කවුරු හරි උදෙන්ම මට
පොල් ගෙඩියක් ගාලා දෙන්න වෙයි, ඔන්න. තේ එකකුත් ෂුවර් නෑ හැබැයි!”
එතනදී නං මට වැරදුණේය.
වන ජීවී එකේ හිතවතෙක් උදෙන්ම අපට තේ හදා දුන්නේය.
“නිමල් අංකල්ට තව පොඩ්ඩෙන් ගෝනා අනිනවා ඊයෙ රෑ.” ගවීන්
හිනාවෙමින් කියයි.
“නිඳාගෙන ඉද්දී?”
“නිඳාගෙන හිටිද්දී නෙවෙයි... ඔයා නිඳි මරගාතේ pump එකක් දාන්න ගියේ ගෝනෙක් හිටිය
තැනට...” තමිරගෙනුත් මුක්කුවකි.
“පාද යාත්‍රාවේ යන අයට සත්තු කරදර කරන්නේ නැහැල්ලුනේ... අනෙක ගෝනා මස් කන සතෙකුත්
නෙවෙයිනෙ.” මං දිනුම් පදය කිව්වේ එහෙමය.
ඔකඳ දේවාල බිමේ වැල්ලේ වැතිරී අඩ නින්දක් ලැබ, පාන්දරින්ම
නැඟිට මොනවා හෝ උයාගන්නා බැතිමතුන් උදෙන්ම සැරසෙන්නේ ගමන් ආරම්භ කරන්නටයි. ඒත් ඒ
හදිස්සිය ලොකු ලොක්කන්ට නැත. පහුගිය වතාවේ මෙන්ම බැතිමතුන්ට, මේ වතාවෙත්
සමාරම්භක උත්සවය හමාර වෙන තුරු
නොඉවසිල්ලෙන් ඉන්නට වුණේය!
ගේට්ටුව ඇරියා විතරය!
පැයක් විතරම ජන ගඟ නොකඩවා ගැලුවේය. අපිත් ඒ සැඩ පහර මැද්දේ වීමු!
බාගුරෙටම ගිහින් වැඩි වෙලාවක්
rest කරමු.
එහෙදීම රොටියක් කාලා... තේ හදලා... |
මං සූදානම්වී ආවේ පැයක් ගමනේ යෙදීමෙන් පසු විනාඩි දහයක්වත් විවේක ගන්නටය. වෙහෙස
දැනෙන විට විවේක නොගෙන ගියොත් අමාරුවේ වැටෙන බවය, මගේ විශ්වාසය වුණේ.
“අයියේ බාගුරෙටම ගිහින් වැඩි වෙලාවක් rest කරමු. එහෙදීම
රොටියක් කාලා... තේ හදලා...” පීරිස් යෝජනා කරයි.
“තේ නෙවෙයි මිනිහෝ. මට කල්පනා වෙන්නෙම මර්වින් ගැන. මර්වින් තනියමනෙ... මොනවා කර
ගනියිද දන්නෑ.”
“එයා එයි. මර්වින් බබෙක්යැ?” නෙවිලුත් කියයි. එහෙම
කිව්වත් මගේ හිතට හරි නැත. එකට ඇවිදිනුත්, උදේ පාන්දර කුමන පිවිසුම ළඟ මර්වින්ව
නවතා දමා එන්නටය අපට සිදු වුණේ!
අපේ නඩයේ අයගේ යහපත තකා මර්වින් එතැන නැවතුණේ කැමැත්තෙනි. ඒ...
මදැයි ඔටුවා වැඩේට එන්න බලන් හිටියා. වස්ගමු ගමන නොලිව්ව නිසා ගමනින් කැපුනා එහෙනම්..
ReplyDeleteවැරදි කල්පනාවක් අසංග මහත්තයො. //අපිත් එක්ක සති දෙක තුනක්වත් ඇවිදල පුරුදු වෙන්න ඉඩ තියෙන කෙනෙක් වෙන්නෝනි. සති දෙකක්වත් පේ වෙන්නත් ඕනි. // ඒ මූලික කරුණු දෙකක්. තව විස්තර ලියන්නන්කෝ.
Deleteහැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා, වස්ගමුව ගමනේදී දැක්ක දෙයක් තමයි ඔයා එච්චර කට්ට කන්න හැකි කෙනෙක් නෙවෙයි වගේ කියන එක. මං වැරදිද මන්දා....
බුකියෙ අනුර පල්ලෙමුල්ල පාද යාත්‍රාව ගැන දාල තිබ්බ ෆොටෝ ටික බලල මෙතෙන්ට එනකොට මේක.
ReplyDeleteමටත් ඔය ගමන යන්න ආසාවක් තියෙනව නිදිගෙ විස්තර කියෝල, ෆොටෝස් බලල.
ලොකු උනාමවත් යන්න ලැබෙන්නැතැයි. හැක්..
ප්‍රසන්න මහත්තයෝ, අපට ඔය ගමන යන්න හිතුනේ අනුන්ගේ විස්තර අහලා- ජාතික රූපවාහිනියට නිලාර් එන්. කාසිම් පූරක හැටියට කළ අපූරු වැඩසටහනක් දැකලයි.
Deleteපස්සේ ලක් දසුන් අඩවියේ විස්තරත් හම්බ වුණා. තව තව ලියවිලිත්. ඒ ගමන යන්න කලින් කරුණු හොයද්දී.
මගේ නං අදහස ආසාව තියේ නං, කැප වෙන්න හැකි නං ඕනිම කෙනෙකුට පාද යාත්‍රාවේ යත හැකියි කියන එක. මගේ ලියවිල්ල කියවන කෙනෙකුට ප්‍රායෝගික පැතිත් - අපේ අත්දැකීම්වලින් ගත හැකි පාඩමුත් වැටහේවි. ඊළඟට මේ සැරේ උගත් පාඩම් දෙක-තුනකුත් ලියවේවි.
මගේ අදහස නං, තව ලොකු නොවුණත් කාරී නෑ. 2023 වත් මේ ගමන යන්න. හැබැයි පුහුණුවක් වෙලා!
ඔයාට වෙනමම ස්තුතියි, අනුර පල්ලිමුල්ල මහතා ගැන කිව්වාට. අපූරු foto සිය ගණනාවක් දැක්ක. කීපයක් බාගත්තත් එක්ක ඊළඟ කොටසට.
මැංචෝසනුත් සාමි කෙනෙක්නෙ
ReplyDeleteබොලේ හැබෑට. එකම වචනෙන් සහමුලින්ම වෙනස් අයව හඳුන්වන හැටි! ඔව්ව ඉතිං කල්පනා වෙන්නේ Pra Jay මහත්තයා වගේ අයට තමයි.
Deleteමාව ගමනට එකතුකරගත් නිදි ඔබටත්, දොස්තර මහතාටත් මාගේ ශීර්ෂප්‍රණාමය 🙏!!
ReplyDelete- නමී
බුදුනේ... ජේසුනේ... නබි නායක තුමනේ...
Deleteගමනට ආවටත්, (ගොඩක් වෙලාවට මම එපා කියද්දීත් බලෙන් උදව් කරන්න හැදුවටත්), ටිකක් විතර අලි වංශේ වගේ හිටියටත් ස්තුතියි නමියෝ!
Deleteඒ කියන්නේ නමියා - ඇනෝ කෙනෙක් නෙමෙයිද ? ඇඟට ලේ ටිකක් ඉනුවා. 😆
Deleteදැන් නං ඇනෝලා නෙව වැඩි. ඒත් අජිත්, මේ ප්‍රශ්නයට නමීම තමයි උත්තර දෙන්න ඕනි. දෙයි මං හිතන්නේ.
Deleteඅනේ අජිත්තුමෝ... මං වහන්සේ ඇනෝ/ඇන වන කෙනෙක් වගේය 😂😂
Deleteසමහර වෙලාවට අපි ජිම් යන්න, ඇවිදින්න යන්න කම්මැලි හිතිලා ඉන්න කොට, නිමල් යම් ශාරීරික තත්ව තිබිලත් මේ කරන adventurous වැඩ මතක් කරලා මෝටිවේශන් ගන්න පුලුවන්. නිමල් හොඳ inspiration එකක්.
ReplyDeleteඅයස්මන්ත එවපු ඒ quote එකනම් ගොඩක් වටිනවා.
කෝ නමිනං ඉන්නවද මේ ෆොටෝස් වල.
Lotus, ගොඩක් ස්තුතියි අගය කිරීම ගැන.
Deleteමමත් ලෝකේ පුරාම ඉන්න වීරයන්ගෙන් ආභාෂය; අනුප්‍රාණය ලබනවා. එහෙම පණ ගහලා ඉන්දදී වටේම ඉන්න හිත මිතුරන් මාව තවත් උසි ගන්වමින් උදව් කරනවා... මේ post එකෙනුත් කිව්වා වගේ. ඉතිං කොහොමෙයි නිකං ඉන්නේ?
අයස්මන්ත මහත්තයා වගේම තවත් කිහිප දෙනෙක්ම ඔය වගේ quotes එවනවා, මාව දැනුවත් කරමින්.
DeleteLotus, නමිනං ඉන්න ෆොටෝ එකක් ඊළඟ කොටසට දාන්න තෝරාගෙන ඉන්නේ. එතකොට බලන්නකෝ.
හත්වෙනි (පාර කැඩිලා තියෙන තැනදී ගත්තු) foto ඒකෙ මටයි, අපේ චූටි පුතාටයි මැදින් ඉන්නේ නමී. හැබැයි එයාව බලා ගන්න නං මැන්චෝසන් සාමිගේ චීනක්කන්නාඩිය ඉල්ලා ගන්න වෙයි!
මොනවාද බං මේ සරම් ජාති ඇඳලා සාධු ලා වගේ නැත්නම් යන්න දෙන්නේ නැත්ද?
ReplyDeleteඑහෙම නීතියක් නෑ අජිත් මහත්තයෝ.
Deleteනමුත් ආරකින් එගොඩ වෙද්දී, පරම්පරා කුට්ටම දක්වාම කලිසමේ කකුල් නවන්න බැරිකම හින්දම මාත් සරමෙන් ගියාමයි දැනුණේ ඒකෙ තියෙන සැපේ.
මොකෝ සරම උස්සගෙන අන්නාසි වත්තක් මැදින් දුවන්න තියෙනවා නෙවෙයිනේ!
අපේ දොස්තර මහත්තයා නං ඔය කිට මැරුවේ, ඒක තෑගී දීලා- අන්දවලත් බලපු දමිළ අංගනාවකට උපහාර පිණිස වෙන්ටැති. (එහෙම ඇන්දුවේ තව කට්ටිය ඉන්න තැනකදී, දොස්තර මහත්තයාගේ ඇඳුම් ගලවන්න කියලලු!)
මගේ හිතාදර රසික- රසිකාවන්ට උත්තර දීලා ඉවර වුනාම, මම මේ පිටුවේ දකුණු පැත්තෙ උඩහට යනවා. මට උදව් කරන අය තීරුව බලන්න. එතැනින් හොයා ගන්න ඇහැකි නෙව අලුත් blog posts ගැන. අද එහෙම ගිය ගමන් Syndi365 අඩවියෙයි, සිතුවිලි සටහන් අඩවියෙයි දෙකේම දැක්කේ මහැදුරු සෙනරත් පරණවිතාන මහත්තයා ගැන ලිපියක්. 'අග්ගලා තියෙනවා නං....'
ReplyDeleteඒක කියෙව්වාම කවියක් ලියවුනා. ඒ කවිය මෙතනට ඔබන්නේ ඒ ලිපිය කියවන්නැයි ඔබෙන් ඉල්ලීමක් කරමින්: කවියට පස්සේ ඒ පෝස්ටුවට link එකත් දාන්නං..
පැරණි මිණි මුතු
මෙලෙස මතු කොට
වත්මනෙහි අයටත් බෙදනවට
බොහොම පිං- ආයුබෝ වේවා!
https://miduma.blogspot.com/2022/08/blog-post_3.html
https://devlindi.blogspot.com/2022/08/231.html
ReplyDelete