li Item

Tuesday, June 15, 2021

හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස

ක්‍රිකට් අයිඩියා එක නම් හොඳයි මචං.... හැබැයි, අන්තිමට අපි....

5. දිනනවා ෂුවර්

ක්‍රිකට් උණුසුම දිව්‍ය ලෝකෙටත් දැනිලා. ශක්‍ර දේවේන්ද්‍රයාට ඕනෙ වුණා ක්‍රිකට් තරගයක් සංවිධානය කරන්න. ඒත් ප්‍රශ්නේ - කාත් එක්කද මැච් එක ගහන්නේ?

අපායත් එක්ක ගහමු!මාතලී දිව්‍ය පුත්‍රයා යෝජනා කළා.

ශක්‍රයාත් එවෙලේම යම රජ්ජුරුවන්ට ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා, ක්‍රිකට් මැච් එක ගැන කියන්න.

අයිඩියා එක නම් හොඳයි මචං.... හැබැයි, අන්තිමට අපි ඔබතුමන්ලව පැරද්දුවා කියලා දෝෂාරෝපණේ කරන්න එහෙම ඔට්ටු නෑ!යම රජ්ජුරුවෝ කීවා.

එහෙම කොහොමද වෙන්නෙ යාළුවා. ඔක්කොම හොඳ ක්‍රිකටර්ස්ලා ඉන්නෙ දිව්‍ය ලෝකෙනේ... අපිව පරද්දන එක උඹලගෙ දවල් හීනයක් විතරයි!ශක්‍ර දේවේන්ද්‍රයාත් උත්තර දුන්නා.

ඔබතුමාට අමතක වෙලා...යම රජතුමා උත්තර දුන්නා. “... ඔක්කොම ක්‍රිකට් අම්පයර්ස්ලා ඉන්නේ අපායේ!

අමතක වුණා කියන්න. ‘හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස’ කියවනවා නං මෙන්න පාර, හොඳේ! 

6. අගමැති පුතා රට යයි

ඔන්න අගමැතිවරයෙක් හිටියා. අපරාදේ කියන්න බෑ හරිම චරිතවත් මනුස්සයා. එතුමාගේ ආර්යාවත් එහෙමයි. මේ ජෝඩුවට පුතෙකුත් හිටියා.

දැන් පුතා ලොකු ඉලන්දාරියෙක්.

මෙහෙ අධ්‍යාපනේ ඒ වගේ උත්තමයන්ට ඔබින්නේ නැතුව ඇති. ඒකලු රට යන්නෙ; ඒකනේ සම්ප්‍රදායත්....

මේ රටේ දේශපාලනේ කරන ලොකු උත්තමයන්ගේ දූලා පුතාලා කවුරුත් පාහේ වැඩිදුර ඉගෙන ගන්නේ පිටරට ගිහින්. ඇයි කියලා නං අහන්න එපා.

කිසිම රස්සාවකට පුහුණුවක්වත්, ජීවිතේට හැදියාවක්වත් ලබා නොදෙන මෙහෙ අධ්‍යාපනේ ඒ වගේ උත්තමයන්ට ඔබින්නේ නැතුව ඇති. ඒකලු රට යන්නෙ; ඒකනේ සම්ප්‍රදායත්.
ඉතිං ඔන්න මේ අගමැති පුතාත් රට යන්නයි ලෑස්තිය.

තාත්තා පුතාව ළඟටම අඬගහගත්තා.

බොහෝම සුවච, කීකෝරු පුත්‍ර රත්නයත් ඔන්න තාත්තා ළඟින්ම වාඩි වෙලා දිග ධර්ම දේශනාවකට කන් දෙන්නයි ලෑස්තිය.

මගේ රත්තරන් පුතේ, දැන් ඔයා රට යනවනේ....

ඔව් තාත්තේ.

ඒ රටේ.... ඇමරිකාවේ තියෙනවාලු මහ භයානක ලෙඩක්.... ඒඩ්ස් කියලා. පුතත් දැනටම අහලා ඇති මයෙ හිතේ....පුතාත් ඔළුව හොලවලා ඔව්කිව්වා.

ඒකනේ.... ඒක බෝ වෙන්නේ, ඒක හැදිලා තියෙන කවුරු හරි එක්ක ලිංගිකව සම්බන්ධකමක් ඇති කර ගත්තොත් විතරයිලුනෙ... ඉතිං මගේ රත්තරන් පුතා හොඳ පරෙස්සමෙන්; හොඳ කල්කිරියාවෙන් නොහිටියොත් මොකද වෙන්නේ.... මගෙ පුතාටත් ඒඩ්ස් හැදෙනවා.... තේරුණාද?”

පුතා ආයෙමත් ඔළුව වැනුවා.

මේ අගමැතිතුමා කතා කරනකොට අහන් ඉන්න අය නිශ්ශබ්දව අහගෙන ඉන්නවා නං, චියර් කරන්න ඕනෑ තැනදී හුරේදානවා නං උන්නැහේ ලේසියෙන් කතාව නවත්තන්නේ නෑ.

ඒකනෙ පුතේ...

පුතාගෙන් ඔය ලෙඩේ අපෙ කුස්සි අම්මට බෝ වෙනවා. එහෙම වුණොත් නම් පුතේ, කුස්සි අම්මගෙන් මටත්....

පුතා බැරි වෙලාවත් ඔය ජරා ලෙඩේ හදාගෙන ආවොත් එහෙම මොකද වෙන්නේ? පුතාගෙන් ඔය ලෙඩේ අපෙ කුස්සි අම්මට බෝ වෙනවා.

එහෙම වුණොත් නම් පුතේ, කුස්සි අම්මගෙන් මටත් ඔය ලෙඩේ බෝ වෙනවා.... බෝ වෙනවාමයි!
එතකොට ඉතිං පුතාලගේ අම්මටත් මගෙන් ඒඩ්ස් බෝ වෙනවමනේ.
පුතා ඒක ගැනත් හිතන්න ඕනි.... අම්මට ඔය ලෙඩේ බෝ වුණාම ඉතිං
, කොයියම්ම සක්කරයටවත් නවත්තන්න බෑ, පට ගාලා මුළු කැබිනට්ටුවටම ඕක පැතිරෙනවා....
අනේ
, රත්තරන් පුතේ.... කැබිනට්ටුවටම ඔය අසමජ්ජාති ලෙඩේ හැදෙනවා කියන්නෙ මුළු රටටම හැදෙනවා කියන එකනේ.
ඒ නිසා- ඔන්න රට
, ජාතිය, ආගම ගැන හිතලා- පුතා හෙම ඕක හදාගෙන එනවා නෙවෙයි..... හොඳද?”

අගමැති පුත්‍රයා ඒකටත් ඔළුව වනලා හාකිව්වා!

දැන් මෙහෙම ‘යාන්ස්’ හැදෙනවා අඩුයිද? මට නං ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න විදිහක් නෑ.
ඒ කාලේ නම් මට ගොඩක්ම යාන්ස් අහගන්න ලැබිලා තියෙන්නේ මළ ගෙවල්වලදී, නිඳි මරණ අතරේ.... එතකොට හත් දවසක් යනකල් ඒ ගෙදර දොර-ජනෙල් වහන්නෙත් නැහැනෙ.
ඒකට දැන්.... ෆියුනරල් පාලර් එකට යනවා, ‘එක ලකුණු කර ගන්න’වා, මෘත දේහයට ආචාර කරලා- ශෝක mood එකෙන් ටිකක් වෙලා රඟලා ආපහු එනවා.

ජීවතුන් අතර හිටිද්දීම අපෙන් වැඩිම දෙනෙකු ඉන්නේ තනි වෙලානිසා....

(හත් දවසක් කොහෙද? වැඩිම වුණොත් දවස් තුනයි. ඒකෙදිත් රෑ දහයට විතර පාලර් එක වහනවා!

ඉස්සර නං ‘මිනිය තනි කරන්න හොඳ නෑ’ කියනවනේ. දැන් ඒ කතා නෑ. ජීවතුන් අතර හිටිද්දීම අපෙන් වැඩිම දෙනෙකු ඉන්නේ ‘තනි වෙලා’ නිසා වෙන්ඩැති!)

ඉතිං, මරණය සිදු වෙලා තියෙන පවුලේ කට්ටියත් ලස්සන සුදු ඇඳුම් ඇඳලා, සැන්-පවුඩර් නාලා, (ගැහැනු කට්ටිය නං ෆුල් වේෂ නිරූපණයකුත් කරගෙන) ශෝකබරිතව සැදී-පැහැදී ඉන්නවා.... එන අමුත්තන්ට ආචාර-සමාචාර කරන්න.... තව කට්ටියක් තේ, කෝපි, බීම අල්ලන ඩියුටිය බාර අරගෙන.

එහෙම තැනක- යාන්ස් කියනවා තියා, හයියෙන් කතා කරන්නවත් මොකක්ද වගේ නෙවෙයිද, මං අහන්නේ?

‘නසරානියෝ!’
‘සිරිත්-විරිත් නොදන්න එවුන් ටිකක්!’
අපේ කට්ටිය මළ ගෙදරකට ගියාම එතැන ඉන්න අය කියනවා ඇති. මොකද, අපි නං එහෙම තැනකට වුණත් යන්නේ- කට්ටියම කතා වෙලා එකම වෙලාවක. ගියාට පස්සේ ශාලාවේ ඈත කොණකට වෙනවා රවුමට පුටුත් තියාගෙන.
ඒත් දැන් සිද්දවෙන වින්නැහිය තමයි ‘දේශපාලනේ’ එතැනට එන එක.

ඒකට වැරැද්දක් කියන්නත් බැහැනෙ. පැය විසි හතරකදී කොච්චර නං දේවල් අලුතෙන් සිදු වෙනවද? කොච්චර news ගලාගෙන එනවද? Deal ගහපුවා; පැළ කරපුවා; plan කරපුවා; අතේ රෝල්... ඔව්වා ගැන තම-තමන්ගේ මත පළ කරන්න හරිහමං වේදිකාවක් නැතිවයිනෙ අපේ අය වුණත් ඉන්නේ.... දෙනවා හිටු කියලා!

ඉතිං කොහෙද, හිනාවට ඉඩක්? නිකං ඇඟේ ලේ නරක් කර ගන්නවා!

මේ දැනුත් තමුන්නාන්සේලාගේ ලේ රත් වෙලා නං හෙම... ඔන්න ආයෙමත් හිනා වෙන්න හිනාපොතෙන්....

අනේ, ගොඩාරියක් කනගාටුයි මේ දැනුත් තමුන්නාන්සේලාගේ ලේ රත් වෙලා නං හෙම... ඔන්න ආයෙමත් ‘හිනා වෙන්න හිනා’ පොතෙන්....

7. අන්තිම ගෝත්‍රිකයා

ඒ යුරෝපීය සංචාරකයා අප්‍රිකානු මාර්ගෝපදේශකයෙකුත් සමඟ අප්‍රිකාවේ ඝන වනාන්තරයක් මැදින් යමින් සිටියේය.

ඉස්සර නම් මේ පැත්තෙන් යන්න බැහැලු නේද?” සංචාරකයා ඇසුවේය.

ඒ කිව්වේ සර්....

මේ හරියේ මිනී කන ගෝත්‍රයක මිනිස්සු හිටියාලුනෙ... උන් තවම ඉන්නවද දන්නෙ නෑ!

හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ෂුවර් සර්... එකෙක්වත් නෑ....මාර්ගෝපදේශකයා සහතික වූවේය.

එහෙත් සංචාරකයා ඒ කතාවෙන් සෑහීමට පත්වූ බවක් නොපෙනුණි.

තමුසෙ කොහොමද ඔච්චර සහතික කරල කියන්නේ? එකෙක්-දෙන්නෙක්වත් අහම්බෙන් හරි ඉතිරි වෙලා හිටියොත්?”

සර් කොහොමද දන්නේ.... ඒ ගෝත්‍රයෙන් ඉතිරි වෙලා හිටියේ එකම එකයි. අපි ඌව අල්ලාගෙන කෑවෙ ගිය සුමානෙනේ....

8. ඩබල් ටිප්

මේ සිද්ධිය වුණේ බොහොම ඉස්සර. ඒ දවස්වල අපේ රට එංගලන්තෙට යටත් වෙලයි තිබුණේ. අපෙ කළු සුද්දෝ ඉංගිරිසි කතා කරන්න ඉගෙන ගත්තට මොකද සුද්දන්ගේ අනිත් කෙරුවාවල් ගොඩක් දැනගෙන හිටියේ නෑ.

අපෙ ලොකුම කෙරුම්කාරයෙකුට ආරාධනාවක් ලැබුණා- එංගලන්තේ රැජනගේ විවාහ මංගලෝත්සවයට.

ඔහොම ඉන්න කාලේ, අපෙ ලොකුම කෙරුම්කාරයෙකුට ආරාධනාවක් ලැබුණා- එංගලන්තේ රැජනගේ විවාහ මංගලෝත්සවයට.

ලොක්කටත් හරි ආඩම්බරයි. ඇඳුම්-කැඩුම් පොදි බැඳගෙන මිනිහත් ගියා කියමුකෝ, එංගලන්තෙට.

රට-රටවල්වලින් එන අමුත්තන්ට ලොකු හෝටල්වල කාමර වෙන් කරලා තිබුණා. අපේ ලොක්කටත් තරු පහේ හෝටලයක නවාතැන් හම්බ වුණා, උඩ තට්ටුවක.
කාමරේට ගිහින් පොඩ්ඩ වේලාවකින්ම ලොක්කට ශරීර කෘත්‍යය කරන ඕනෑකමක් ඇති වුණා. ඉක්මනට සරමක් ඇඳගෙන මිනිහා ගියා ටොයිලට් එකට.

එයාගෙ ඇස් උඩ ගියා, ඒකෙ තියෙන ගැජට් දැකලා!

කාට කියන්නද- කාගෙන් කියලා අහගන්නද? එව්වා කොහොම වැඩ කරනවද කියල හිතා ගන්නවත් බෑ. දැන් අර ඕනෑකමත් හොඳටෝම වැඩියි. තවත් නං හිර කරගෙන ඉන්නම බෑ. ඒත් ඉතිං මොකේ වාඩි වෙලාද මේ බරෙන් නිදහස් වෙන්නෙ කියල දහ අතේ හිතුවත් වැඩක් වුණේ නෑ.

ලොක්කා මොකද කළේ.... ඕනෑ පුකක් කියලා, අතට ගත්තා මේස් එකක්....

... ඒක පිරෙන්නම බඩු හෑව්!

ම්හු! ජනේලයෙන් එහා පැත්තේ තවත් හෝටලයක්.

බරෙන් නිදහස් වුණාට මොකද, කොහොමද දැන් මේ මේස් එක පුරවලා තියෙන ජරාව වීසි කරන්නෙ... මිනිහා කාමරේ ජනේලය ගාවට ගියා, එළියටවත් වීසි කරන්න. ම්හු! ජනේලයෙන් එහා පැත්තේ තවත් හෝටලයක්.

අනිත් ජනේලේ ගාවට ගියා... ඒත් එහෙමමයි.

ඒ පැත්තට වීසි කරනවද- මේ පැත්තට වීසි කරනවද? දෙගිඩියාවෙ හිතුවා මිනිත්තුවක්. උත්තරයක් හිතට එන්නෙම නෑ.

ගඳ ගහන මේස් එක දිගටම අතේ තියාගෙන ඉන්නත් බෑ. ඕනෙ පුකක් කියලා මේස් එකෙන් අල්ලාගෙන, දෙතුන් පාරක් කරකවලා අත ඇරියා!

ජංජාලයයි!!!

වීසි වෙලා ගිය මේස් එක කාමරයේ තිබුණු විදුලි පංකාවේ රැඳුණා. ෆෑන් එක වේගයෙන් කැරකි-කැරකී තිබුණේ.

මේස් එකේ තිබුණු ජරාව ඔක්කොම එළියට වීසි වෙලා කාමරේ බිත්ති හතරේම.... ජරාව වරුසාවක් වැහැලා.... බිංදු බිංදු හැම තැනම; රටාවකට.... හිතලා කළා වගේ!

ලොක්කා ඉක්මනට ෆෑන් එක ඕෆ් කරල දැම්මා.

ගඳේ බෑ.
දැන් මොකද කරන්නේ... රූම් බෝයිව ගෙන්නන බෙල් එක ගැහුවා. විනාඩියෙන් මිනිහා එතැන.

ඉතිං කොල්ලා පවුම් දහය අතට ගත්තට මොකෝ, ඒ සැණින්ම සාක්කුවෙන් තවත් පවුම් දහයක් ඇදල ගත්තා.

කාමරේට ආපු ගමන්ම, රූම් බෝයි ගඳ උහුලගන්න බැරිව නහය වහ ගත්තා.

ලොක්කා මොකද කළේ, සාක්කුවෙන් ඇදල ගත්තා පවුම් දහයේ නෝට්ටුවක්. දික් කළා ඒක රූම් බෝයිට. කරුණාකරලා මේක කාටවත්ම කියන්න එපා. උඹට පුළුවන්ද මේ බිත්ති හතර සුද්ද කරලා දාන්න....එහෙම අහන ගමන්ම අපේ ලොක්කා පවුම් දහය රූම් බෝයිට දුන්නා.

ඒ කාලේ පවුම් දහය කියන්නේ ලොකු ගණනක්. ඉතිං කොල්ලා පවුම් දහය අතට ගත්තට මොකෝ, ඒ සැණින්ම සාක්කුවෙන් තවත් පවුම් දහයක් ඇදල ගත්තා.

ඊළඟට ඒ පවුම් විස්සම අපේ ලොක්කාට දික් කළා, මෙහෙම කියන ගමන්...

මම බිත්ති ටික නං සුද්ද කරලා දාන්නං... හැබැයි සර්, මේකත් අරන්- මට තරහ නැතිව කියලා දෙන්න ඕනි මෙහෙම- මේ වැඩේ කරන ක්‍රමේ...

9. අඩු මාසෙ උපත

ඇයට දරු ලාභයක් ලැබී තිබිණි. මේ බව ආරංචිවූ ඇගේ යෙහෙළියක් තෑගි-බෝගද රැගෙන මිතුරියත් දරුවාත් බැලීමට රෝහලට ගියාය.

අනේ, චූටි පැටියෙක්... ටෙක්ලා. බබා හරි චූටියිනෙ.... බර කීයද?” මිතුරිය ඇසුවාය.

රාත්තල් හතරයි!

බබා ඔච්චරවත් වුණා මදැයි. තවම අපි කසාද බැඳලත් මාස හතරයිනේ...  

අනේ.... හොඳටම මදි.... හොඳටම මදි. හරි නං බබෙක් රාත්තල් පහක්වත් වෙන්න ඕනි.

ඔව් අනේ. ඒ වුණාට බබා ඔච්චරවත් වුණා මදැයි. තවම අපි කසාද බැඳලත් මාස හතරයිනේ...ටෙක්ලා කීවාය.

මෙච්චර ඉක්මනින් ‘හිනා වෙන්න හිනා’ posts ලියවෙන්නට පටන් ගත්තේ කොරෝනා හින්දා බව දැනටමත් ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන රසික-රසිකාවියෝ දනිති. කොරෝනා නිසාත් යාන්ස් හැදෙයි!
එයින් එකක් ගෙඩිය පිටින්ම මෙතනට ඔබන්නටය හදන්නේ.
විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ මහතාගේ
fb එකෙන්ය මං මේක දැක්කේ! (ස්තුතියි ජනක!) 

‘සති දෙකක් පුරා ගෙදරට වී පොත් බලමින්, චිත්‍රපට නරඹමින් සිටිද්දී ඒවාද එපා වී පාරට වී සිටිද්දී 'එළෝළු, එළෝළූ' ගාමින් කරත්තයක් තල්ලු කරගෙන හාදයෙක් පැමිණියේ ය.

"මල්ලි රුපියල් දෙසීයක් දෙන්නං ඔහේට බැරිද ඕක මට දීලා ටිකක් වෙලා රූෆ් ටොප් එකට වෙලා මේ පොත බල බල ඉන්න. මං මේ කරත්තෙ වට දෙකක් විතර පාරෙ වටේ තල්ලු කරන් ගිහින් ගෙනත් දෙන්නං... නිකංම ඉඳලා එපා වෙලා බං තියෙන්නෙ..."

එවිට කරත්තය තල්ලු කරන් ආ හාදයා මෙසේ කීවේය:

මම සොෆ්ට් වෙයා ඉන්ජිනියර් කෙනෙක්. එහා පාරෙ ඉන්නෙ. මේ එළෝළු කරත්තෙ තල්ලු කරන් ආපු හාදයට මං රුපියල් පන්සීයක් දීලා....

"මාත් එළෝළු විකුණන කෙනෙක් නෙමෙයි අයියෙ. මම සොෆ්ට් වෙයා ඉන්ජිනියර් කෙනෙක්. එහා පාරෙ ඉන්නෙ. මේ එළෝළු කරත්තෙ තල්ලු කරන් ආපු හාදයට මං රුපියල් පන්සීයක් දීලා, මාස්ක් එක දාන්, මං වෙනුවට ඔෆිස් එකේ සූම් මීටිං එකට ඉන්න කියලා, මාත් මේ කම්මැලිකම යන්න 'එළෝළු එළෝළු' ගගා මේ කරත්තෙ පාරෙ වටේ තල්ලු කරනවා..."

(වට්සැප් වලින් ආවක් මට රිසි ලෙස සකසන ලදී. 😉)

මුහුණු පොතෙන් ගත්ත අද්‍යතන යුගයේ කතන්දරේකට පස්සේ, මෙන්න ‘හිනා වෙන්න හිනා’ පොතේ 24 වෙනි පිටුවට යනවා.

10. කවුරු වෙන්නද ඉන්නේ?

එල්ටීටීඊ එකට ළමා සොල්දාදුවන්  බඳවා ගැනීම නවත්තල නැහැල්ලු! බලහත්කාරයෙනුත් ළමයින්ව පැහැර ගෙන ගිහිල්ලා හමුදාවට බඳවා ගන්නවලු. කොහොම කරනවද නොදන්නවා වුණාට, ළමා සොල්දාදුවන් සෑහෙන ගණනක් හැමදාම කොටි කඳවුරුවලදී පුහුණු කරනවය කියලයි කියන්නේ.

දවසක් වේළුපිල්ලේ පිරභාකරන් ගියාලු ඔය පුහුණුවක් බලන්න. මේ ළමා සොල්දාදුවන් අතරේ බොහොම ලස්සන හුරුබුහුටි කොලු පැංචෙක් හිටියා. හුරුබුහුටිකම වගේම මිනිහගෙ දක්ෂකමත් කැපිලා පෙනුණා. පිරභාකරන්ටත් මේ බව නොපෙනුණා නෙවෙයි. මිනිහා අර ළමයා ඉන්න තැනට ගියා.

“පුතාගෙ නම මොකක්ද?”

“සිව කුමාර් සාමිනාදන් සර්!”

“පුතාගෙ තාත්තගේ නම දන්නවද?” ඊළඟට පිරභාහරන් ඇහුවා.

‘තමිල් ඊලාම් දේශයේ අතිගරු නායක වේළුපිල්ලේ පිරභාකරන් උතුමාණෝ!” කොල්ලා එහෙම කිව්වම පිරභාකරන්වත් කරකවල අතහැරිය වගෙයි.

පිරභාකරන්ගෙ ඇස්වලට කඳුළු පිරුණා. මෙච්චර පුංචි වයසේ, මේ වගේ ජාත්‍යාලයක් තියෙනවා නං-

“එතකොට පුතාගෙ අම්මගේ නම මොකක්ද?”

“තමිල් ඊලාම් දේශය!”

පිරභාකරන්ගෙ ඇස්වලට කඳුළු පිරුණා. මෙච්චර පුංචි වයසේ, මේ වගේ ජාත්‍යාලයක් තියෙනවා නං- මේ කොල්ලා ලොකු වෙනකොට කොහොමට හිටීවිද?

“සිව කුමාර්... පුතා වගේ දාහක් හිටිය නං මම මෙලහටත් දිනලා. මට ඕනෑ පුතා වගේ අය තමයි. මම කැමතියි පුතාගෙ අනාගතය වෙනුවෙන් ඕනෙම උදව්වක් කරන්න. පුතා අනාගතයේදී කවුරු වෙන්නද බලාගෙන ඉන්නේ?”

ළමා සොල්දාදුවා සීරුවෙන් සිටගෙන දෙතුන් පාරක් ඇසිපිය ගැහුවා. ඊට පස්සෙයි උත්තර දුන්නේ.

“අනාථයෙක් වෙන්න සර්!”

11. සීයාගෙ රහස

‘හොඳම සීයා’ තෝරා ගැනීමේ තරගයට ඉදිරිපත්වූ මහලු මිනිස්සු තිදෙනෙක් සතුටු සාමීචියේ යෙදෙන්නට පටන් ගත්හ.

“මට දැන් අසූවක්...තවම මට පුළුවන් පුවක් කෑල්ලක් දත්වලින් හපන්න. මං ජීවිතේට අඩි ගහල නෑ. මස් මාළු කටේ තියල නෑ... සිගරැට් සුරුට්ටු වුණත් එහෙමයි....” පළමුවැන්නා කිව්වේය.

“මම! ඊටත් එහා. මාත් ඔහේ වගෙම තමයි. ඒ වගේම කන-බොන ඒවාත් හොඳට හොයලා-බලලයි කෑවේ. ඇඟට ගුණ ඒවා.... ව්‍යායාමත් කළා. වේලාසන නිඳා ගත්තා, පාන්දර බ්‍රහ්ම මුහුර්තෙන් නැඟිට්ටා...” දෙවැන්නා විස්තර කළේය.

මං හොඳට කෑවා, හොඳට බිව්වා.... සිගරැට්- ගෑනු... ඒ විතරක් නෙවෙයි...

“ඔහෙට කොච්චර වයසයිද දැන්?” තුන්වැන්නා ඇසුවේය.

“අනූවයි!” උත්තර සැපයූ දෙවැන්නා තමන් පිළිබඳ විස්තර කියන්නැයි තුන්වැන්නාට ආරාධනාවක්ද කළේය.

“මම නං ඔහෙලා වගේ නෙවෙයි. අපේ තාත්තත් හොඳ සෙල්ලක්කාරයා... එයා මටත් කිව්වා, ජීවිතේ හොඳ සන්තෝසෙන් ඉන්න ඕනි නං- හොඳට කාලා-බීලා, කරන්න ඕනි දේවල් ඔක්කොම කරන්න ඕනැයි කියලා.”

තෙවැනි මහල්ලා එසේ කියද්දී අනිත් දෙදෙනාම විස්මයෙන් මුව අයාගත්හ.

“...ඉතිං, ඔහෙත් ඒවා කළාද?”

“නැතුව... මං හොඳට කෑවා, හොඳට බිව්වා.... සිගරැට්- ගෑනු... ඒ විතරක් නෙවෙයි, ක්ලබ් ගියා... නිඳා ගත්තේ පාන්දර- නැඟිට්ටේ හවස. ජීවිතේ හොඳට එන්ජෝයි කළා මිසක් වෙන දෙයක් හිතුවෙම නෑ, අපේ තාත්තා වගේම....”

“මගෙ අම්මෝ! ඔහේ ඔව්වා ඔක්කොම කරලත් අවුරුදු සීයකටත් වැඩිය ජීවත් වෙලා තියෙන එකනෙ පුදුමේ....” පළමුවෙනි මහල්ලාට ඉබේම කියැවිණි. එය ඇසුණු විගස තෙවෙනි මහල්ලා කඩා පැන්නේය.

“අවුරුදු සීයක්... පයිත්තියන්ද? තමුසෙට පේන්නෙ මට අවුරුදු සීයක් වගෙද... ඔහෙට අමු කැවිලා. මට තවම හතළිහයි!”

අදට ඇති නේද? පොතෙන් තව යාන්ස් ටිකක් ඊළඟ කොටසෙන්....

18 comments:

  1. මේක නං නියමයි, නිදි. මේ වකවානුවට නියමෙට ගැලපෙනවා. නිකම්ම විහිලුත් නෙමෙයි, පොඩි උත්ප්‍රහාස රසයකුත් තියනවා නෙව? හොඳට හිනාවුනා.😂

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ, මගේ පං ගොන්ඩිතකම හින්දා මම පුරුදු වෙලා ඉන්නේ විහිළුවක වුණත් යටි පෙළත් කියවන්න... හිනාවෙන ගමන්ම. ඒවා උගන්වන දේවල් ගොඩ....!

      Delete
  2. 😅😅😅
    අර ෆෑන් එකේ කතාව, පුතා රට යවපු තාත්තාට වුණා කියලායි අපි අහලා තියෙන යාන් එකේ තිබුණේ

    ReplyDelete
    Replies
    1. මේ කතාව ගොඩක් ඈතට අයත් එකක් වගෙයි රන්දිල්... අපේ රටේ හිටි දැඩි, නමුත් ඇත්තම කියන- වසුපැටි කතාවකට එහෙම ප්‍රසිද්ධ නායකයෙකුගේ නමක් එක්කයි මේ කතාව මම ඇහුවේ.
      මේවා කාලෙන් කාලෙට යාවත්කාලීන වෙනවා, අලුත් නම්-ගම් එක්ක. ඔයාට අහන්න ලැබෙන්නට ඇත්තේ එහෙම එකක් වෙන්නැති.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. 1. A Politician visited a village and asked what their needs were
    ”We have 2 basic needs, sir,” replied the villager.
    “Firstly, we have a hospital, but there’s no doctor.”

    On hearing this, the politician whipped out his cellphone, and after speaking for a while he reassured the village leader that the doctor would be there the next day. He then asked about the second problem.

    “Secondly sir, there is no cellphone coverage anywhere in this village.”


    2. What do you get if you ask a politician to tell 'the truth, the whole truth, and nothing but the truth'?
    3 different answers

    https://upjoke.com/politician-jokes

    ReplyDelete
    Replies
    1. කියන්න වදන් නෑ, Pra Jay මහත්තයෝ.... මේ කතන්දරේ කොච්චර කාලෝචිතද, අදට ගැලපෙනවද කියනවා නං මටත් හිතුණා (දන්නා ඉංගිරිසිය චුට්ට වුණත්) අනුවර්තනයක් කරන්න....
      කළා.... ඉක්මනින්ම එකත් මේ post එකකට දානවා.... ස්තුතියි ගොඩක්!

      ඔයා එවූ මේ link එකට (https://upjoke.com/politician-jokes) යන ඇත්තෙකුට වෙනම බ්ලොග් සයිට් එකකට දේවල් තියෙනවනේ!

      Delete
  5. "ඩබල් ටිප්" කතාව ගොතලා තිබුනේ සර් ජෝන් ට නේ.

    අර ඊලාම් කතාවේ, "අනාථයෙක්" කියන එකෙන් අදහස් කරන්නේ විදේශ රටකට refugee කෙනෙක් හැටියට යාමට සුදුසුකම් ලබා ගැනීම ගැන නේද?

    ඉස්සර කාලේ මළ ගෙවල් වල කෝපි බිබී, හිනා කතා කියා කියා ඉන්න කොට ඒක මළ ගෙයක්ද කියලත් අමතක වෙන අවස්ථා බොහොමයි. ඒ උනාට, කවුරුවත් ඒවාට ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. එහෙම උනොත්, රෑට නිදි මරන්න කවුරුවත් ඉන්නේ නැහැනේ!

    රටේ නායක කාරකාදීන් ගේ හිනා කතා අහලා එපා වෙලා ඉන්න වෙලාවේ ඔයාගේ "" හිනා වෙන්න හිනා"" කතා පෙලට ලොකු ඉල්ලුමක් තියේවි.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයෝ, පළමු කාරණය ගැන එකඟයි.

      දෙක නං මම තේරුම් ගත්තේ වෙන විදිහකට. LTTE කළ උපහාසයක් හැටියට. "තමුන්නාන්සේලාගේ පාලනයක් යටතේ ඔක්කොමලටම වෙන්නේ අනාථයෝ වෙන්නයි" කිව්වා වගේ.

      ඔයාගේ නිගමනයත් හරි. හිනා පෝස්ට් කියවන අය වැඩියි වගේ තමා!

      Delete
    2. මට නම් තේරුනේ ප්‍රභාකරන් කියන තාත්තා මැරිලා, ඊලම් දේශය කියන අම්ම නැතිවෙලා කොල්ල තමන් අනාථයෙක් වෙනවට කැමති බව.

      Delete
    3. මට මෙතෙක් කල්පනා නොවුණු දෙයකුත් දැන් පෙනෙනවා අජිත් මහත්තයෝ, යාන් එකක වුණත් 'විවිධ අරුත් සැපයීමේ හැකියාවක්' තියෙන හැටි...

      Delete
  6. Replies
    1. ඩ්රැකී, ඔයාට වැදුණේ ඒකද?
      ඒක ටිකක් පරණ කතාවක්....

      Delete
  7. Vegetable cart is the best,could even be true(given current situation)Wijebahu

    ReplyDelete
    Replies
    1. මේ කතාව මම මුලින්ම දැක්කේ ජනක ඉනිමංකඩ මහත්තයාගේ fb එකේ. ඊළඟට තව කිහිප දෙනෙක්මත් පොඩි- පොඩි වෙනස්කම් සහිතව අරන් තියෙනවා දැක්කා... එයාලගේ නම් එක්ක.
      රචකයා කවුද කියලා තේරුම් ගන්න බැරි තරමටම අවුල් වුණු නිසා නම යෙදීමෙන් වැළකුණේ.... හැබැයි අද කාලේ හපනෙක් තමයි ඒ කතාව නිර්මාණය කරලා තියෙන්නේ! කොහොමද දැන් ඉන්න අයගේ-අපේ වැඩ?

      Delete
  8. ඔය කතාව කියෙව්වා කොහේ හරි ජනක දාන්නත් කලින්. මතක නැහැ.

    ReplyDelete
  9. රාජ්‍ය නායක ජෝක් එකයි කෝවිඩ් එකයි ඇර අනිත් ඒවා දන්නේ නැහැ. LTTE එකයි මාස හතරේ එකටයි වැඩිය කැමතියි මම.බසු කියනවා වගේ මේ වෙලාවේ මේවා තමයි හොඳ

    ReplyDelete
    Replies
    1. අජිත්, ඔයාට ලංකාවේ කතා වැඩිය අහගන්න ඉඩ නොලැබී තියෙන එක පුදුමයක්ය, තරුණ කාලේ හිටියේ මෙහෙ නෙවෙයිනේ..

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්