ගුණසිරි කොළඹගේ මහත්තයා පළමු චිත්‍ර කතා
පත්තරේ ‘සතුට’ට වක්‍රාකාරව
දායක වී... |
අනෙක එයාලගේ නීති? ඒකයි මම ඒ වැඩේට නොගියේ.”
ඒ අවස්ථාව නොතකා හැරියද ගුණසිරි කොළඹගේ
මහත්තයා පළමු චිත්‍ර කතා පත්තරේ ‘සතුට’ට වක්‍රාකාරව දායක වී තිබේ.
“සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව කාලෙ
ඇඩ්වර්ටයිසින්කාරයො ගොඩක් වැටුණා. කොම්පැනිවලට වැඩ නැතිව ගියා. ඒ කාලෙනේ සන්ලයිට්
කෑල්ල සුදු කඩදහියක එතුවේ.... හඃ හඃ හා!
ඒ නිසා ආර්ටිස්ට්ලාටත් වැඩ අඩු වුණා.
එතකොට මම ඒ.ජේ.එන්. සෙනෙවිරත්න කොම්පැනියේ Creative Director. ඒකෙ Art Department
එකේ හිටිය සීනීයර් ආර්ටිස්ට් අනුර විජේවර්ධනවයි තව එක්කෙනෙක්වයි මම යැව්වා
ලේක්හවුස් එකට... අර චිත්‍ර කතා පත්තරේ පටන් ගන්න.”
“කොළඹගේ මහත්තයට අනිත් එක්කෙනාගෙත් නම මතකයි
නේද?” මං වහන්සේ එතුමාගේ කතාවට උල්පන්දම් දෙමින්, පෝර දැම්මේ එහෙමය.
“අනුර විජේවර්ධන... ම්... ම්... අනෙක්
එක්කෙනාාාා ගුණපාල හේමචන්ද්‍ර.”
ඒ අනුර විජේවර්ධනය ‘සතුට මංගල කලාපයේ මුල්
පිට කවරය’ සිතුවම් කළේ!
මේ තොරතුරු ගැන ගුණසිරි කොළඹගේ මහත්මාට ස්තුතිවන්ත වෙමින් ඒ මහතාට දැනට සමු
දෙන්නෙමි.
ඒත් මා එසේ කරන්නේ ඉතා ඉක්මනින්ම ‘පළමු ශ්‍රී ලංකේය සිංහල කෝපි මේස පොත’ ගැන
ලියද්දී එතුමාව ආපහු කැඳවා ගන්නට හිතාගෙනය.
ශ්‍රී ලංකාවේ පළ වුණු ‘පළමු චිත්‍ර කතා
පොත’ සුසිල් ප්‍රේමරත්නයන්ගේ ‘රන් දූපත’යි! |
ඒ වෙනුවෙන් කොළඹගේ මහත්තයාව contact කර ගන්නට බැලීමි. මහරගම, නාවින්නේ, පරණ පාරේ
(ආයුර්වේදය කිට්ටුව ඉන්නා) එතුමා ‘කටුනායක නිවාස අඩස්සියේ’ය.
“හරි වැඩේ නිමල්.... මායි අපේ වයිෆුයි දෙන්නා
අපේ දුවලගේ ගෙදර ආවා. වාහන දෙකක්ම තිබිලත් දැන් ඒවට තෙල් නෑ. ඉතිං අපට මෙහෙට වෙලා
ඉන්නයි වෙන්නේ තෙල් නැව් එනකල්.... කමක් නෑ. ඔයා ලියපු ටික ඊමේල් කරන්නකෝ.” 2022
ජුලි පළමුවෙනිදා කොළඹගේ මහත්තයා ටෙලිෆෝනයෙන් කීවේය.
එහෙම යවලා, වඩාත් නිරවුල් කරලා අනුමැතියත් ලබා ගෙනය, ඒ තොරතුරු ඔබට ඉදිරිපත්
කරන්නේ!
ඉතිං, ආයෙමත් ‘සතුට’ පත්තරේ වගතුගවලට යනවා
නම්, ඉස්සෙල්ලාම කියන්නට වෙන්නේ,1972 අගෝස්තු 29 වෙනිදා පළ වුණු එහි මංගල කලාපයේ
සැකැස්ම ගැනයි.
ටැබ්ලොයිඩ් size එකේ පත්තරයක් වුණු සතුටේ පිටු 16ක් තිබුණේය. එයින් 8ක් වර්ණ
පිටුය. අටක් තනි පැහැයෙනි.
දෙවෙනි පිටුවේ උඩ කොටසේ එඩ්වින් ආරියදාස ශූරීන්
ලියූ ‘චිත්‍ර කතාව විසි දහස් වසරක කතාවකි’ ලිපියට වෙන්වී තිබිණි.
යට භාගය ‘ගෙදර විනෝදයට මැජික්’ ලිපිය සඳහායි. ඒ ලිපිය කවුරුන් ලියූවක්දැයි සඳහනක්
නොවීම විශේෂ කරුණකි.
ආරියදාස මහත්තයාගේ ලිපියේ තිබුණු ‘... පැරණි ලෝකය පුරාම මේ චිත්‍ර කතා ක්‍රමය පැවති බවට ප්‍රබල
සාධක සැපයෙන චිත්‍ර කතා පොතක් දකුණු ඇමෙරිකාවේ මෙක්සිකෝවේ තිබී සොයා ගන්නා ලදී. මේ
චිත්‍ර කතා පොත අඳින ලද්දේ 1960 ටේ තරමි. එහි නම ‘ලියෙන්කෝ ද කැලැක්ස්’ය...’ යන සඳහනේ බරපතළ වැරැද්දක් සිදු වී තිබෙන්නට
ඇතැයි මේ පෝස්ටුවේ පළමු කොටසේදී මම කිව්වෙමි.
එහෙම කිව්වේ මේ වගේ විස්තර ගොඩාරියක් දැන් වාර්තාවී; තොරතුරු update වී
තියෙන හින්දාය!
අච්චු ගැහුණු මුල්ම චිත්‍ර කතාව විදිහට
වාර්තා වෙන්නේ 'Kinkin sensei eiga no yume' (Master Flashgold's
Splendiferous Dream) කියන ජපන් කතාවයි. |
ඊට සෑහෙන කාලෙකට පස්සෙයි, යුරෝපා රටවල චිත්‍ර කතා පැතිරෙන්න පටන් ගෙන තියෙන්නේ.
‘සතුට’ තෙවෙනි පිටුව වැය කරලා තිබුණේ අනුර
විජේවර්ධනගේ චිත්‍ර කතාවකට. චිත්‍රයි- කතාවයි දෙකම එයාගේ. ‘රත්තරං ඉල්ලම’ තමයි
කතාවේ නම.
‘කළුවරින් ආ මනාලිය’- හතරවෙනි පිටුවේ අඩංගු
වෙලා තිබුණු චිත්‍ර කතාව ඇන්දේ ගුණපාල හේමචන්ද්‍ර විසින්. හොල්මන් වර්ගයේ කතාවක්
වුණු ඒක කාගෙ රචනයක්ද කියලා දාන්න චිත්‍ර ශිල්පියාට අමතක වෙලා. (මගේ මතකය හරි නම්,
ඒ කතාව ගොඩාරියක් දිගට ඇදුණේ නෑ. කොටස් කීපයකින් හමාර වුණා. මට හිතුණේ ඒක මොකක්
හරි horrer ෆිලුමක කතාවක් කියලයි.)
මේ සතුට පත්තරේ පළ වෙන
කාලෙ, ලෝක සාහිත්‍යය ශ්‍රී ලංකාවේ ජනප්‍රියයි. උසස් සාහිත්‍ය කෘති ගොඩක්ම ඒ කාලෙ
වෙනකොට සිංහලට පරිවර්තනය වෙලත් ඉවරයි. හැබැයි ඒ හුඟක් සංක්ෂිප්ත පරිවර්තන, නැත්නං
අනුවාද. එහෙම වුණත්, ඒවාට තිබුණු නැඹුරුව ඉහළයි.
ඒ විත්තිය සතුටේ කර්තෘ බන්ධුල සමරසිංහ මහත්තයා සැලකිල්ලට ගත්ත බවයි, 5 වෙනි
පිටුවෙන් හෙළි වන්නේ. ‘ලෝ පතළ කෙටි කතා’ විශේෂාංගය යටතේ ඕ. හෙන්රිගෙ කෙටි කතාවක්
‘චිත්‍ර ශිල්පියා සහ පරණ පාන්’ නමින් ප්‍රභාත් කුමාර විසින් සකස්කොට ගමගේ විසින්
සිතුවම් කර තිබුණේ ඒ අනුවයි. ඒ කතාව ඒකාංගික චිත්‍ර කතාවක්; එක කොටසකින් හමාර වෙන.
පැරණි වෙන්න වෙන්න අගය
වැඩිවෙන එක ජාතියක් තමයි ජනශ්‍රැති හා ජනකතා.
මාව නං එව්වයින් පෝෂණය කළේ
අපේ ආච්චී; මඤ්ඤොක්කා
ආච්චී. (ආච්චියෙ, ඔයාට නිවන් දකින්න ඒ පිනම ඇති!)
ඒත් මව් කිරි බීපු; ඇස් දෙක පෙනෙන; නාඩි වැටෙන ඕනිම කෙනෙකුට නිකම්ම පෙනුණා... |
ඔයාලා blog ලිපි වගේම
comments හෙමත් කියවනවා නම් anonymesලා ගැන නොදැන ඉන්න විදිහක් නැහැ. එයාලා
comment කරන්නේ නමක් නැතිව. මං ඒකට කියන්නේ ‘නොනමින්’ කියල. තව සමහරුන් තමන්ගේ
නියම නම නැතිව ‘ආරූඪ නමකින්’ ප්‍රතිචාර දක්වනවා. එහෙම කරන්නට තරම් සාධාරණ හේතු
එයාලට ඇතිනෙ.
මම නම් මොනවා කිව්වත්- කෙරුවත් මගේ හැබෑ නමින්මයි ඒක කරන්නේ. සමහර විට මං වහන්සේගේ
මොට්ට එඩිතරකම හින්දද මන්දා, මං කරන- කියන දේවල වගකීම ගන්නත් මම පැකිළෙන්නෙ නෑ!
ඒ චූර්ණිකාව කිව්වෙ
‘සතුට මංගල කලාපයේ’ 7 වෙනි පිටුවට පෙරවදනක් වශයෙන්. ඒ පිටුවේ තිබ්බ කතාවේ නම ‘අළු
යට ගිනි’. කතාව හා චිත්‍ර වසන්ත යනුවෙනුයි කියා තිබුණේ. ඒත් මව් කිරි බීපු; ඇස්
දෙක පෙනෙන; නාඩි වැටෙන ඕනිම කෙනෙකුට නිකම්ම පෙනුණා, ඒ වසන්ත කියන්නේ කවුද කියලා.
ඒ පත්තරේම වෙනත් චිත්‍ර කතාවක් එක්ක සැසඳුවොත්, ඔන්න ඔයාලටම දැන ගත්තැකි කවුද ඒ
වසන්ත කියලා.
දන්නවැයි, මහරගමින් මං
වහන්සේ වගේ ‘විකලා කාරයන්’ බිහි වුණා වගේම, නියම කලාකාරයන් ගොඩකුත් බිහි වෙච්චි
බව?
මගේ මතය අනුව නම්
එයිනුත් ප්‍රතිභාපූර්ණ කලාකරුවක් තමයි හර්බට් රංජිත් පීරිස් කියන්නේ. හිටියේ මහරගම
ඇල්හේන පාරේ.
එයාත් චිත්‍ර ශිල්පියෙක්; වෙළෙඳ දැන්වීම් නිර්මාණය කළ කෙනෙක්; පොත් කංචුක
නිර්මාපකයෙක්; වගේම සිනමාකරුවෙක්. පස්සේ ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍ය ගණනාවකුත්
හැදුවා.
ඒ සේරෝටම වඩා පුදුමාකාර හිත හොඳ මනුස්සයෙක් හා අනුනට අත-හිත දෙන්නෙක්!
‘හා, හා. නිමලෝ- ඔය
ඇති!’ මගේ හිත කියනවා. ‘... ඒ අත්දැකීම් වෙනම post එකකින් ලියපං.’ ඔන්න මම හිතට
එකඟ වී, ඒකටත් කීකරු වෙනවා.
ඒ පිටු දෙකේ යට තීරුව ‘කැමිලස්ගෙ ගජමෑන්’ට. ඒ හාස්‍යමය චිත්‍ර කතාවේ කොටුවලින්... |
ඒ පිටු දෙකේ යට තීරුව
‘කැමිලස්ගෙ ගජමෑන්’ට.
ඒ හාස්‍යමය චිත්‍ර කතාවේ කොටුවලින් නිර්මිත කතාව කියන්නට කැමිලස් උදව් කරගෙන
තිබුණේත් ඒ කාලෙ ජනප්‍රිය ගීතවල කොටස් ගණනාවක්.
‘අහන්න මගෙ හොඳ පුංචි
පුතේ/ ඕ... අව්ව පායලා/ ආදරේ කරන්න දන්නෙ නෑ/ මදු මල ලෙස මුදු/ අම මාදරෙයි/ ලෝකය
පෙරළෙයි.../ සොඳුරී! ස්වාමී!! සුවිනීත මිහිරි සොඳුරී/ සංසාර ගමනේ තණ්හා ආශා/ මේ
දෑස මගේ පින්වන්තයි/ කෝ මාගෙ ජීවන ගීතේ/ (ඒ ගීතයේම තවත් කොටසක්) ඔය දෑස සැංගීලා
ආවේ/ අපි ආදරෙ කරමූ ආදරවන්තයො වාගේ/ ඉන්න බැහැ, මට ඉන්න බැහැ ඔබ දාලා’ තමයි ඒවා.
ඕනිම පත්තරේකට අරුත්බර
කතුවැකියකුත් තිබුණා ඒ කාලේ.
පත්තරේකට ලියන ලේඛකයන්ගේ
භාෂාව, ශෛලිය, ව්‍යාකරණ කොහොම වුණත් ‘කතුවැකිය’ නම් නිවැරදිවම ලියැවෙන්න ඕනෑ බවයි
මාත් හිතන්නේ. මොකද, එන්.එම්. පෙරේරා ටීචර් වගේ අය
අපට ඉගැන්නුවේ පත්තරෙනුත් සිංහල ඉගෙන ගන්න හැකිය කියලයි.
ඉතිං, සතුටේ කතුවැකිය පළ
වෙලා තිබුණේ 9 වෙනි පිටුවේ උඩ කෙළවරේ.
‘කර්තෘගෙන්
ශ්‍රවණයට වඩා සැණින් හැඟීම් පහළ වන්නේ දර්ශනයෙනි.
විශේෂයෙන්ම ගැටවරයන්ගේ මනස කෙරෙහි මෙය වැඩියක්ම බලපාන්නේය.
පුංචි දරුවාද මුලින්ම කරන්නේ යම් කිසිවක් ඇඳීමය. මේ නිසා
මනස හැඩ ගැස්සීමෙහිලා චිත්‍රය ප්‍රධාන වෙයි.
රූප කතා මගින් අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යය ආදි යුගයෙහි
පටන් පැවැත ආ නමුදු චිත්‍ර කතා කලාව අද තරම් මානව සංස්කෘතියෙහි ඉතා තදින් පැතිර
ගිය යුගයක් තවත් නැති තරමි. දියුණු රටවල චිත්‍ර කතා කලාව පාසල් ඉගෙනීමටද ඇතුළුවී
ඇත.
චිත්‍ර කතාව ලොකු කුඩා කාගෙත් විනෝදය
ඔස්සෙන් දැනුම වඩවන ප්‍රධානතම කලාව වී... |
චිත්‍ර කතාව ලොකු කුඩා කාගෙත් විනෝදය ඔස්සෙන් දැනුම වඩවන
ප්‍රධානතම කලාව වී ඇත්තේය. මේ අතින් අපේ රට තවම කෝඩුය. එය සපුරා ලමින් කාටත්,
විශේෂයෙන්ම ගැටවර පරපුරට සෑහෙන අන්දමට සතුට ගෙන දීමට අපේ බලාපොරොත්තුවයි.
විනෝද කතා මෙන්ම ගැඹුරු සාහිත්‍යයද ඉතා ලිහිල්ව එසේ සතුට
මුල්කොට ගෙන චිත්‍ර කතා මඟින් ඉදිරිපත් කරමු.
ලක්දිව පුවත්පත් ඉතිහාසයෙහි පළමුවන වරට චිත්‍ර කතා පුවත්පතක් බිහි කොට ඔබ හැමටම සතුට බෙදා දීමේ
සතුට විඳීම් වස් ඔබත් අපත් මේ මංගල අවස්ථාව මුල්කොට ගනිමු.
බන්ධුල සමරසිංහ’
9 ට පස්සේ තියෙන්නේ
10 නෙව?
පිළිවෙල වරද්දා ගන්න, අපි දැන් ඉන්න දේශපාලුවෝ නෙවෙයිනෙ... එහෙනං! උන්දැලට නං දවස්
වරදිනවා- ගණන් වරදිනවා- අමතක වෙනවා.... කෙළවරක් නෑ. අනෙ අනෙඃ, සතුට ගැන කියන
අස්සේ, මොකටද ලේ කෝප කරවන- අසමත්ජාති කඩප්පුලි එවුන් ගැන කතා කරන්නේ.
ඔන්න නැවැත්තුවා!
10 වනි පිටුවේ චිත්‍ර කතාවේ නම ‘අඳුරු සෙවණැලි’.
එස්.එම්. ජයසේකර ඇඳපු කතාවක්.
ලෙනාඩ් වුල්ෆ් මහත්තයා හම්බන්තොට රාජකාරි කරන කාලෙ අපූරු
අත්දැකීම් ගොඩකට මුහුණ දුන්නයි කියනවනේ. ඒවා එකතු කරගෙන උන්නැහේ 1913 ලිව්වා අපූරු
පොතක්. The
Village in the Jungle කියලා. (ඒ පොත ‘බැද්දෙගම’ නමින් සිංහලයට පරිවර්තනය වුණා
වගේම, 1981 අවුරුද්දේ චිත්‍රපටයකටත් නැඟුණා.) අන්න ඒ ඉංග්‍රීසි නවකතාව ඇසුරෙන්
තමයි සතුට මංගල කලාපයේ ‘සිලිඳු’ චිත්‍ර කතාව ඇඳලා තිබුණේ; ඩී.කේ. සිරිපාල චිත්‍ර
ශිල්පියා විසින්, 11 වෙනි පිටුවට. ඒ පිටුව වර්ණ එකක්.
“... චින්තාමනී චිත්තරපටිය මිනිස්සුන්ව පිස්සු වැට්ටේව්ව
කාලෙ, හැම දේටම චින්තාමනී කියල නම් දාන්න පටන් ගත්තා. චින්තාමනී සාරි, චින්තාමනී
කුඩ වගේ දේවල් විතරක් නෙවෙයි රංජි, චින්තාමනී කඩල කියල කඩල ජාතියකුත් විකුණන්න
ගත්ත.”
අපේ ආච්චී අතීතයේ පෙන්නාපු ඉන්දියානු ෆිලුමක් ගැන කියද්දී මට කියා දුන්නාය. එතැන
තිබුණු බිස්නස් ට්‍රික් එක වගේ දෙයක් සතුට
පත්තරෙනුත් අල්ලාගෙන තිබ්බේය.
කලින් කී ‘ට්‍රික්’ එක හෙවත් උපක්‍රමේ පාවිච්චියට ගෙන තිබ්බේ... |
ඒ පිටුවේ උඩ බාගේ තිබ්බේ විශේෂාංග ලිපියකි. ‘හෙළිදරව්ව’ විශේෂාංගය යටතේ ඇමෙරිකාවේ
නිදහසේ ප්‍රතිමාව ගැන තොරතුරුය, එහි පළ වුණේ.
යට බාගේය, මං කලින් කී ‘ට්‍රික්’ එක හෙවත් උපක්‍රමේ පාවිච්චියට ගෙන තිබ්බේ. මේ
එතැන දක්වා තිබුණු විස්තරයෙන් ටිකකි:
‘චිත්‍රකතා සම්පූර්ණ කිරීමේ
තරගය
ආධුනික චිත්‍ර ශිල්පීනටද තැනක් දීමට “සතුට” බලාපොරොත්තු
වෙයි. ඒ වෙනුවෙනි මේ තරගය පැවැත්වෙන්නේ. මේ තරගය මගින් ඔබේ හැකියාවන් දියණු කැරගත
හැකිය. ඒ අතරම මින් වනුයේ හැංගුණු දක්ෂ චිත්‍ර ශිල්පීනටද අත දීමකි. එයද “සතුට”ට
සතුටකි.
මේ තරගයේ ඔබ කළ යුත්තේ මේ ටිකය.
ඔබ ඇඳිය යුතු චිත්‍රයේ ප්‍රමාණය උස අඟල් 15ක් සහ පළල
අඟල් 10ක්ය. එය තුළ ඔබ ඇඳිය යුතු චිත්‍ර කතාවේ කොටසක් ඔබේ පහසුවට මෙහි මුල පුරා
ඇත. ඔබ කළ යුත්තේ එතැන සිට කතාව හදා,
චිත්‍ර ඇඳ පුරවා එවීමය. තනි පිටුවෙන් කතාව නිම විය යුතුය.....’
එහි දක්වා තිබුණු ආකාරයට, ඒ තරගයෙන් ජයගන්නා නිර්මාණය ‘සතුට’ පත්තරයේ පළ වෙන අතර
ජයග්‍රාහකයාට රුපියල් පනහක තෑග්ගක්ද හිමි වෙයි!
1972ත් 2022ත් අතර කාලය අවුරුදු පනහකි.
ශ්‍රී ලංකාවේ රුපියල් පනහට තිබුණු වටිනාකම අවුරුදු පනහක් තිස්සේ හිටු කියා down
the පල්ලම් ගිහින්ය. ඒ විස්තර හොයා බැලීම කොහොමට රසවත් ව්‍යායාමයක් වේවිද? මේ
තියෙන්නේ මට හමු වුණු දත්ත කිහිපයකි:
1970 වසරේදී රාත්තලේ පාන් ගෙඩියක මිල සත 35කි, සීනි
රාත්තලක් සත 72කි; වියලි මිරිස් කරල් රාත්තලක් රුපියල් 4.50කි; හාල්මැස්සන්
රාත්තලක් රුපියල් 2.40කි! කොණ්ඩය කැපීමේ ගාස්තුව සත 75කි!!
එදා 1972 සතුට මංගල කලාපයේ මිල සත පනහකි. ‘සතුට’ අද අච්චු ගැහෙනවා නං මිල කීයක්
වේවිද?
දැන් පාන් ගෙඩියක්- රාත්තලක් නොවේ; ගෙඩියක් නම් ගෙඩි
රුපියල් 190/-කි.
1970 වසරේදී රාත්තලේ පාන් ගෙඩියක මිල සත
35කි, සීනි
රාත්තලක් සත 72කි; වියලි
මිරිස් කරල් රාත්තලක් රුපියල් 4.50කි; හාල්මැස්සන්
රාත්තලක් රුපියල් 2.40කි! |
‘නිදිගෙ පංච තන්තරේ’ blog අඩවියේ ලියවෙන්නේ මං වහන්සේගේ ජීවිතයටත් සම්බන්ධ දේවල් ගැන විතරය. මේ ‘නිදි’ වැඩිම කාලයක් රස්සාව කරලා තියෙන්නේ printing ක්ෂේත්‍රයේය. එයිනුත් එක තැනක රැඳුණු දිගම කාලය අවුරුදු 13කි. ඒ රස්සාව මට අඬ ගහලා දුන්නු එකකි. එහෙම අඬ ගැහුවේ චිත්‍රකතාත්- පොතුත් හින්දාය! ඒ අතිනුත් මං චිත්‍ර කතාවලට ණයය.
ඒ ‘පුරාණයන්’ ඉදිරියේදී වෙනම posts විදිහට ලියන එකය,
හොඳ.
මේ පෝස්ටු ලියන මොට්ටයා ඇත්ත ඇති සැටියෙන් දකින්නටත්,
කොතරම් දුක්බර වුණත් ඒ ඇත්ත පිළිගන්නටත් සූදානම්ය. ඒ නිසාම චිත්‍රකතා ලෝලී පොහොසත්
මහත්තයෙකු අලුතින් චිත්‍රකතා පත්තරයක් පටන් ගන්නට කතා කළාම, ඉතා කරුණාවෙන් ඒ වැඩේ
නොකෙරෙන තැනට උපදෙස්ද දුන්නේය! (මට හිතෙන්නේ ඒ ගැන ඉක්මනින් ලියවේවි කියලාය.)
ඔන්න තව එකක්! ඒත් ඊට කලින් මේ ලියන එව්වා ඉවර කරලා
හිටපංකො නිදි!!!
හා හා හාාාාාා...! සතුට මංගල කලාපයේ 13 වෙනි පිටුවේ
නිර්මාණයට දායක වෙලා තියෙන්නෙත් ‘නායක’ලා දෙන්නෙකි. දිසානායකලා නොවේ; දසනායකලාය. ‘ගෝනුස්සෝ’
කතා රචනය පියරත්න දසනායකගෙනි. චිත්‍ර නන්ද දසනායකගෙනි.
14 වෙනි පිටුව කී දෙනෙකුගේ හිතට ඇල්ලුවාද කියලාය එදාත්
මට හිතුණේ. කතාවේ ප්‍රස්තුතය නං ප්‍රශස්ත එකක් විත්තියයි, නමෙන් පෙනුණේ. ‘ලෝකය..? ක්‍රිස්තු
වර්ෂ 30,000!’ චිත්‍ර කතාව ලියන්නට මේරි ද සිල්වාත්, අඳින්නට එස්. ගුණසේකරත් දායකත්වය
දීලාය. ඒ චිත්‍ර නං...
සදාචාරේ!! ඒ දවස්වල විතරක් නොවේ, තවමත් එහෙමය. අපි ඉතා සදාචාරවත්; ආඳා මාළු ඉරට්ටෙන් මිස අතින් නොකන තරමේ
සුසිල්වත් ජාතියක් වන්නෙමු!!! |
ඒ චිත්‍ර කතාවේ නිර්මාතෘවරුන් දෙන්නාම ඔවුනොවුන්ගේ නම් පවා සඟවන්නට ඇත්තේ කතාවේ
plot එක නිසා වෙන්නැති! මට හිතෙන්නේ එහෙමය- සදාචාරේ!! ඒ දවස්වල විතරක් නොවේ, තවමත්
එහෙමය. අපි ඉතා සදාචාරවත්; ආඳා මාළු ඉරට්ටෙන් මිස අතින් නොකන තරමේ සුසිල්වත්
ජාතියක් වන්නෙමු!!!
අපේ ජාතිය ගැන එහෙම විවේචනාත්මකව කිව්වත්,
විද්වතුන් කියන්නේ ‘ස්වභාවයෙන්ම මිනිසා කල්ලි
ගැහෙන්නට; රංචු ගැහෙන්නට කැමැතිය’ කියලයි.
දේශ, ජාති, ආගම්, කුල, පාට විදිහට මෙතරම්
බෙදිලා හිටියත්, අපට ඒකත් මදි තරම්ය!
ඉගෙන ගත්තු ඉස්කෝලේ, පදිංචිවී ඉන්නා පාරේ;
ගමේ; නගරයේ, රස්සාව කරන තැන වගේ තව-තව විදිවලටත් අපි බෙදෙන්නෙමු.
පහුගිය ටිකේ ඉන්ධන පිරවුම්හල්වලදී මේ තත්ත්වය හොඳටම මතු වෙමින් ආ බවත් ඔයාලට රහසක්
නෙවෙයි නේද? ‘මේ ෂෙඩ් එකෙන් තෙල් ගහන්න ඕනි මේ ඒරියා එකේ පදිංචිකාරයන්ට විතරයි!’ නොනිල
නීති පැනවිණි. එව්වා කොච්චර කාලයකට වලංගුව තිබ්බාද කියා හොයන්නට වටින කාරණය.
තමන්ගේ ආදරණීය පාඨකයනට ඔහොම බණ දෙසන මේ
මොට්ට ලියන්නාත්, ගමේකම ඉස්මතු කර ගන්නටය මේ තටමන්නේ.
ඒ තවමත් ඌට නොතේරෙන කාරණයක් ගැන කියමිනි;
‘තලංගම ජයසිංහ’ මහත්තයා ගැන. ඒ කාලයේත් තලංගම ජයසිංහ මහතා ලේක්හවුසියේ රාජකාරි
කළේය. ඒත් උන්නැහෙව ‘සතුට’ට තෝරාගෙන තිබුණේ නැත! එයා සතුටට චිත්‍ර කතාවක් අඳින්නට
ගත්තේ පස්සෙන් පහු කාලයකය.
ඒ කාලයේත් තලංගම ජයසිංහ මහතා ලේක්හවුසියේ
රාජකාරි කළේය... |
(හරියටම තැනත් එක්කම කියනවා නම්, ජාතසේ ඇතුළුවීමේ දොරටුව හරියේ තිබුණු) ‘මහරගම අම්බලම’ත් ඒ එක්කම අතුරුදහන් වුණේය! ඊට පස්සේ ‘මහරගම නගර සභා පිට්ටනිය’ත් විතැන් වුණේය.
‘සතුට’ මංගල කලාපයේ 16 වෙනි පිටුව තලංගම
මහත්තයාගේ චිත්‍ර කතාවකින් හැඩ වුණා නං!
අදටත් මට හිතෙයි.
ඒ පිටුවේ තිබ්බේ ‘මන්ඩු’ කතාවයි. මැටිල්ඩා ද සිල්වා මියගේ රචනයක් චිත්‍රණය කොට
තිබ්බේ ජී. සමරසිංහ ශිල්පියායි.
ඉතිං, මේ posts දෙක ලියන්නට මං වහන්සේට හිතුණේ; මගේ මතකයන් ඇවිස්සුණේ ජාලයේ සැරි සරද්දී ‘සතුට මංගල කලාපය’ හම්බ වුණාමය. ඒ ‘ඉපැරණි සිතුවම් එක මිටකට - හෙළ රූ’ අඩවියෙනි! එහාට ගිහිල්ලා බලන්නටම වටියි. ඒ තරමටම ඒ අඩවිය සරුසාරය.
‘සතුට මංගල කලාපය’ එහෙම පිටින්ම බාගත් මං,
ඒ අඩවියේ ‘දමිත් කුමාර මහතාගෙන්’ ඒවා මගේ post එකකට පාවිච්චි කරන්නදැයි ජුනි 24
වෙනිදා විමසා යැව්වේ- එහෙම නොකර හොඳ නැති නිසාය.
“... ඔබගේ
බ්ලොග් අඩවිය තුල සතුට පුවත්පත හෝ ඒ හා සම්බන්ධ තොරතුරු හෝ වෙනත් ඕනෑම තොරතුරක්
උපුටා ගැනීම පිළිබඳ ව මාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව දන්වා සිටිමි. ඔබට
ජය...” ජුනි 26 වෙනිදාම දමිත් මහත්තයාගෙන් උත්තර
ඇවිදින්ය.
සමහරුන්ට පතරංග ආසාවන් ඇතත්, සමහරුන්ට තියෙන්නේ ඉතාම පුංචි; හින්නිකිතර ආසාවන්ය! |
Sri Lankan Comics (ශ්‍රී ලංකා චිත්‍ර කතා) හා සුපිරි ගේ කොලම ඒ දෙකයි.
ඔබට එහෙම මං සලකුණු කියන්නට මට කල්පනා වෙන්නේ,
අප කවුරු-කවුරුන් තුළත් ගැලවෙන්නට බැරි තරං අතීත කාමයක් ගබඩා වෙලා තිබෙතියි මේ
අන්දොස්කාරයාට හිතෙන නිසාවෙනි. ඒකත් එක විදිහක ආසාවකි. සමහරුන්ට පතරංග ආසාවන්
ඇතත්, සමහරුන්ට තියෙන්නේ ඉතාම පුංචි; හින්නිකිතර ආසාවන්ය. එහෙම අයට සිල්ලර දෙයකින්
වුණත් මහමේරුවක් තරමේ සතුටක් ලැබිය හැකි වෙයි.
මට නං එහෙමය!
(නොකරපු මඟුලක් නැති මේ නිමල් දිසානායකයා කතාව ලියා- චිත්‍රත් ඇඳපු ‘මුව දඩයම’
චිත්‍ර කතාව ‘ජනතා’
පත්තරයේ පළවී තිබෙනවා දැක්කාම- ලජ්ජාවේ පණ ගියා වුණත්, ඌ හිතුවේ රටක්-රාජ්ජයක්
ලැබුණා කියලාය.)
මේ ගෙට ගෙවැදුණු දවසේ හිට, නිඳා ගන්නට
නිඳි යහනට ගොඩ වැදෙන විටත් මේ නිදිට චිත්‍ර කතාවක් මතක් වෙයි.
‘සඳ කුමරිය’ තීරු චිත්‍ර කතාවයි ඒ!
එය පළ වුණේ දිනපතා ලංකාදීප පත්තරේය. ඇන්දේ පුරවිජය ෆොන්සේකා මහත්තයාය.
(මට කතාවේ චරිතවල නම් මතක නැත.)
අභ්‍යවකාශගාමී තරුණයෙකු සිහිනයෙන් පෙම් බැඳගන්නේ ‘සඳ කුමරිය’ සමඟිනි. හඳට ගොඩ බසින
ඔහු ඇයගේ සයනාගාරයට පිවිසෙයි. රූමත් සඳ කුමරිය නිඳා සිටින්නී දුහුල් මදුරු දැලකින්
ආවරණය වුණු විසල් යහනකය.
ඒ කොටස දුටු දවසේ සිටම මොට්ට මටත් ඒ
පන්නයේ මදුරු දැලකින් වට වුණු; ඒ පන්නයේ විසල් ඇඳක සැතපෙන්නට ආසා හිතිණි.
එතකොට මං නිඳා ගත්තේ පැදුරකය.
රටටම ගිනි තියලා තමන් බේරෙන අදුරුමිෂ්ට; බියගුල්ලන්ට කොහෙදි වුණත්, හොඳට නින්ද යනවා ඇද්ද? |
“සුනිල්, මට මහල දෙන්න ඕනි, මේ ඇඳ වටේටම හිටින විදිහේ මදුරු දැලක්. විකුණන්න තියෙන
ඒවා මදි. අනෙක, කොහොමද... ඒ දැල එල්ලන්නේ...” අලුත් ගෙදරට double bed එකක්
ගෙනැල්ලා මම සුනිල්ට කිව්වෙමි.
“අයියට ඕනි විදිහට කරන්න නං ඇඳක් අලුතෙන් හදව ගන්නයි තිබ්බේ. දැන්... මෙහෙම කරමු. L ඈන්ගල් ටිකක් ගෙනල්ල ඇඳ වටේටම හතරැස් වට්ටුවක් ගහන්නං... ඒක වටේට උඩින් තියෙන frame එකට මදුරු දැල හයි කරනවා... එතකොට හරිනේ....” අයිඩියානන්ද පරම්පරාවේ දෙවෙනි මුණුබුරා එදා මගෙන් ඇහුවේය. “හැබැයි අයියේ... ඔයා කියන විදිහට ලෝබ නැතිව රැලි තියෙන හැටියට දැල මහන්න නං මදුරු දැල් රෙදි ගොඩක් ඕනි වෙයි.” කියලාත් දැනුම් දුන්නේය.
“තමුසෙ ඕනි දේවල්වල ලැයිස්තුවක් හදල
දෙනවකො...” මම කිව්වෙමි.
අපේ ලොකු
මලයණ්ඩි සුනිල් ඒ රාජකාරිය අපූරුවට කරලාත් දුන්නේය!
අදටත් මං වහන්සේ නිඳා ගන්නේ, එදා ‘සඳ කුමරිය’ සැතපී හිටි ඇඳ වගේ එහෙක ‘ෂපාන් එකේ’ය.
එහෙම ඇඳක් නැති වුණත් මට නං හොඳට නින්ද යයි. ඒ චිත්ත සමාදානය ඇති බැවිනි. රටට
ජාතියට- අරයාට මෙයාට ගිනි ගෙඩි දුන්නා යැයි හිතේ බරක් නැති බැවිනි.
රටටම ගිනි තියලා තමන් බේරෙන අදුරුමිෂ්ට;
බියගුල්ලන්ට කොහෙදි වුණත්, හොඳට නින්ද යනවා ඇද්ද?
‘කලුන්ගාහි ශාපය’ ඒ තරම් ලස්සනය. ස්තුතියි නමී! |
ඔව් ඔව්, නමී කිව්වේ ‘නමියගේ වීදිය’ blog
එක ලියන හාදයාටය; Blog අඩවිවලට උපරිම සප් එකක් දෙමින්, අලුතින් එන අයගේ links අපේ
අඩවිවල comments විදිහට පළ කරන්නාටය.
නමී ‘නිදිගෙ පංච තන්තරේ’ සැකැස්මටත් අලුතින් කෑලි-බෑලි ටිකක් හෙම එල්ලලා දුන්නේය;
spam වෙලා තියෙන comments ගැනත් කියා දුන්නේය.
ඉතිං, ඒ යක්ෂ පැටියා ඊයේ රෑ එකොළහට මට
call එකක් දුන්නේය.
එතකොට මං වහන්සේ හිටියේ, අර කියාගෙන ආ මගේ යහනාවේ සැතපී- සුපුරුදු ලෙසින් ඊස්ට්මන් colour ඉමිහිරි සිහින දකිමිනි. (මට
පෙනෙන්නේ පාට-පාට හීනය.)
“නිදි, මං අර Wild Boy වැඩේ ඉවර කරමින්
ඉන්නේ. තව ටිහකින් දාන්න පුළුවන්!” නමියා කීවේය.
මොන යකා වුණත් මගේ නින්ද කඩනකොට මට යකා
නඟියි. එහෙම මාව කේන්ති ගැස්සුවත්, අද උදෙන් එහාට ගොඩ වෙලා බලද්දී දැක්කේ නමී
තිතට; ලස්සනට job එක කරලා තියෙන විත්තියයි.
‘කලුන්ගාහි ශාපය’ ඒ තරම් ලස්සනය. නියමයි නමී!
මදැයි, දිගම දිග posts දෙකක් ලිව්වා. ඉතිං, දැනුත් මගේ සූජානම කොම්පියුටරේ නිවා දමා, අර ඇඳට ගොඩ වැදෙන්නටය෴
සතුට දැනෙන අතීතයකට සිත ගෙනගියා!
ReplyDeleteඑහෙම කරන්නට හැකි වීම සතුටක් Litseeker, ස්තුතියි!
Deletehttps://www.kannammacooks.com/chicken-chinthamani-recipe/
ReplyDeleteස්තුතියි Pra Jay, චින්තාමනී චිකන් දැක්කාම හිතුනා ඒ film ගැන හොයන්න. 1937 ආව film එකක්. ඉන්දියාවේ එක සිනමාහලක අවුරුද්දක්ම දිව්වලු. අශ්වතම්මා නිළිය තමයි චින්තාමනීට රඟපාලා තියෙන්නේ. Film ඒකෙ සිංදු 26 තිබුනලු.
Deletehttps://www.cinemaazi.com/film/chintamani-1937
https://comicbookhistorians.com/the-8-ages-of-comic-books/
ReplyDeletePlatinum Age (1897-1937), Golden Age (1938-1947), Atomic Age (1948-1955), Silver Age (1956-1969), Bronze Age (1970-1984), Dark or Copper Age (1985-1991), Extreme Age (1992-1998), Movie Age (1998 – 2016)
බුදාම්මෝ... එතන තියෙන විස්තර! බලන්න කියවන්න අවුරුද්දක් විතර ඕනි!
Deleteහෙහ්.හෙ එවන් භාරදුර කාර්යක් දීපු මනුස්පයට... පොඩි බාධාවක් කලාම මොකෑ😂
ReplyDeleteඒකාංගික චිත්‍ර කතාවලට තමා මගෙ වැඩි මනාපය...
හොඳා හොඳා නමී. හොඳ වෙලාවට මේ වතාවේ ජනාධිපති තෝරන එකට ඔබතුමාටත් මනාපයක් දෙන්න අවස්ථාව නැත්තේ.
Deleteමේකනම් ලස්සන ඒකාංගික ටෙලි නාට්ටියක් වගේ රසවත් සීන් එකක්
Deletehttps://www.facebook.com/633964325/videos/610346813853095/
ඔව්නේ! විහිලුත් තියෙනවනේ විවිධාකාරයේ.
Deleteෂහ් බලන් යනකොට අපේ නිදී අංකල් කියල කියන්නේ අති දක්ෂ චිත්‍ර කතා ශිල්පී පොරක් වගේ නේද? හරිම ආඩම්බරයි.
ReplyDeleteචිත්‍ර කතා ගැන වගේම ලංකාවේ සමාජය ගැන මගේ අවුරුදු විස්සකට වඩා වැඩි ජීවන අත්දැකීම් තුලින් මට නම් කියන්න තියෙන්නේ ඔය චිත්‍ර කතා වල ඩිෂුම් බුහා.... වගේ සද්ද බද්ද වගේම සාමාන්‍ය සමාජය තුළ පවා ලංකාවේ "කුඩු කරපන් වාහනේ..... අඩෝ ඕක අපේ පාරෙ රගනව ඔය වාහනෙන්" මෙන්න මේ වගේ මම දැක්ක පෝස්ට් ශෙයා වෙනවා මේ දවස් ටිකේ රට වැටිල තියන වෙලාවේ පාටි දාන අයට ,
ට්‍රිප් යන අයට එරෙහිව ,
සුපිරි වාහන වල සැපට යන අයට,
හොදටම බැනල එයාල ජොලි කරන්නෙ අපේ සල්ලි වලින් කියල.
ඕකුන්ට සහ ඕකුන්ගෙ ළමයිටත් හරියන්න එපා හෙනම ගහපන් කියල දාල තියනව .
ඒ ගැන කතාකරන්න හිතුනෙ ඒක නිසයි. මෙහෙමයි අපි ජීවත්වෙන මේ රටේ සරලවම කිව්වොත් එහා ගෙදර අය මොකද කරන්නෙ , එයාලට වරදින්නෙ කොතනද , කෙලවෙන්නෙ කොතනද කියල බලාගෙන ඉන්න බහුතරයක් ජීවත්වෙන රටක තමයි අපි ඉන්නෙ.
සමහර වෙලාවට දියුනු වෙන මනුස්සය බොහොම අමාරුවෙන් තමන්ගෙම බිස්නස් එකකින් අමාරුවෙන් ගොඩ යනකොට සමහර විට එයාට කියන්නෙ කුඩු විකුනනව ,
හොරකන් කරනව කියල අපේ බහුතරයක් .
ඒවගේම දියුනුවෙන්න හදද්දි සපෝට් එකක් දෙන්නෙ නැති බහුතරයක් දියුනු වුනාට පස්සෙ ලගට ඇවිත් උත්සහ කරන්නේම පිටිපස්සෙන් පිහියෙන් අනින්නමයි.
හැබැයි ඉතින් නරක වැඩ වලින් දියුනු වුන අයත් ඉන්නව ඒකට උගත්ද නූගත්ද කියල බේදයක් නෑ ඔය අන්තිම දූෂිත රාජපක්ෂ හොර පව්ල වගේ සහ, සජබ, එජාපයේ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ දේශපාලුවෝ ද ඇතුලත් අර 225හෙනුත් බහුතරයක්.
ඒක නිසා මමනම් හිතන්නෙ මේක අමාරු කාලයක් නමුත් එහෙම ජීවිතේ විදින්න පුලුවන් මිනිස්සු ඉන්න පුලුවන් නම් ඒ කියන්නෙම එයාල ගැන මටනම් ගොඩක් සතුටුයි. එයාට බැනල වැඩක් නෑ එයාල වගේ වෙන්න උත්සහ කරනව ඇරෙන්නට නිවැරැදි මාර්ගයෙන්.
නමුත් ඒ දේ හරි පාරෙ ගිහින් කරොත් පසු කාලයක්දී අපිටත් නන්දසේන ගොයියාට උනාවගේ වෙන්නෙ නැතිවෙයි.
නැත්තම් දැන් එයා රටින් රටට පනිනවා වගේ බයෙන් , සැකෙන් ජීවිතේ ඉතුරු කාලෙ මානසිකව කූඩුවක් ඇතුලෙ ජීවිතේ ගෙවන්න වෙයි.
ඒක නිසා මුලින්ම අනුන්ට හම්බෙන අපිට නොහම්බෙන දේවල් ගැන ඉරිසියාවක් ඇති නොකරගෙන අපිත් ඒ දේවල් ලබාගන්න කැපවීමෙන් වැඩ කරමු. මම හිතන්නේ ඒක තමයි සැබෑ system change එක කියලා මේ ගැන ඔබේ අදහස් මොනවද?
//මුලින්ම අනුන්ට හම්බෙන අපිට නොහම්බෙන දේවල් ගැන ඉරිසියාවක් ඇති නොකරගෙන අපිත් ඒ දේවල් ලබාගන්න කැපවීමෙන් වැඩ කරමු. මම හිතන්නේ ඒක තමයි සැබෑ system change එක// සීයට දෙසීයක් එකඟයි!!!
Deleteඅමතක වුණා.
Deleteඅතිදක්ෂ කොහොම වෙතත් චිත්‍ර ශිල්පයට මං කොච්චර අදක්ෂයිද කියල මමම ලිව්වා.
'මුව දඩයම චිත්‍ර කතාව' link එකට ගිහින් බලන්නකෝ!
Hi, since your are also involved the Sri Lankan Protests 2022, how much money you earn through the protests? Hope you got some substantial amount right?
ReplyDeleteI also supported from Facebook sharing few posts but I couldn't get any moneys so far for my effort. If you or anybody could explain how to collect my payments based on my works belongs to the protests? Do we need to submit records and any timesheets? Pls advice.
Refer this FYI
///අරගල ලොක්කන් තිදෙනෙකුගේ ගිණුම්වලට කෝටි හතරහමාරක්.. ලැබුනු විදිහ ඇහුවාම බැංකුවත් වටලනවා කියා තර්ජනය කරලා..
ගාලු මුවදොර අරගල භුමියේ රැඳී සිටින අරගලයේ ප්‍රධාන භූමිකාවක් දරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකු තම බැංකු ගිණුම්වලින් රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක් රැගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම පුද්ගලයන් තිදෙනා මෑතකදී ලංකා බැංකුවේ යුනියන් ප්ලේස් ශාඛාවේ නව ගිණුම් තුනක් අරඹා තිබේ. එම ගිණුම්වලට පසුගිය 15 වැනිදා රුපියල් ලක්ෂ 150 බැගින් රුපියල් ලක්ෂ 450ක මුදලක් විදේශයක සිට කිසියම් පුද්ගලයකු තැන්පත් කර ඇති බව වාර්තා වෙයි. එම මුදල තැන්පත් කිරීමෙන් ටික වේලාවකට පසු මෙම බැංකුවට අදාළ පුද්ගලයන් තිදෙනා සුදු පැහැති ප්‍රියස් මෝටර් රථයක පැමිණ ඇත.
ඔවුන් පැමිණ ගිණුම්වලින් සම්පූර්ණ මුදලම රැගෙන ගොස් තිබෙන අතර, සාමාන්‍ය ක්‍රියාවලිය අනුව මුදල් ලැබීමට හේතුව පිළිබඳ ප්‍රශ්න කළ බැංකු නිලධාරීන්ට ද ඔවුන් තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.
එලෙස තර්ජනය කර තිබෙන්නේ තමන් අරගලයේ බවත්, තමන්ට බාධා කළහොත් ඊළඟ දිනයේ බැංකුවත් වටලන බව පවසමිනි
•අශිකා ජයවීර
– අරුණ///
AnonymousJuly 18, 2022 at 10:03 PM
Deleteඔය කතාව ඇත්තක් වුනත් බොරුවක් වුනත් අරගලේ උන්ට කෝටි ගණන් සල්ලි ආවා කියන එක බොරුවක් නෙමෙයිනෙ, ඇත්තටම මිනිසුන් ඉක්මණින් ධනවත් බවට පත් කිරීමට සමත් වන බව පෙනෙන ව්‍යාපාර කීපයක් ලංකාවේ තියෙනවා, ඉන් පළමුවැන්න දේශපාලනය තමයි. අරගලය කියන්නේත් දේශපාලනයේ එක් ක්‍රියාවලියක්, ඒ නිසා ඒක හරහා ධනවත් වෙන එක වරදක් නෙවෙයි. යම් දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් කැපවී වැඩ කරලා ඕගනයිස් කරලා මිනිසුන් මෙහෙයවා උන්ගෙන වැඩ අරන් මුදල් හම්බ කර ගන්න පුළුවන්, මහන්සියට ප්‍රතිලාභයකුත් තියෙන්න ඕනේ නේ?
ලංකාවේ පහුගිය දශක හතරක් විතරක් ගත්තත් අරගලකරුවන්ගේ නායකයන්, කුඩා දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන වල පොලිටිකල් ක්‍රියාකාරීන්ගේ සිට ප්‍රධාන දේශපාලන ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වාම දේශපාලකයන් වේගයෙන් ධනවත් වන ආකාරය දැකිය හැකියි.
විශේෂයෙන් යුරෝපය ඔසී වැනි රටවලට සාපේක්ෂව ගත්තොත් ලංකාවේ දේශපාලනයට මිනිසුන් මෙතරම් උනන්දු වන්නට ද එය ප්‍රබල හේතුවක්. උදාහරණයක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වාහන බලපත්‍රය විකුණාගැනීමෙන් එකවර කෝටි ගණනක් සාක්කුවේ දමාගැනීමට මන්ත්‍රීවරුන් 225දෙනාටම අවස්ථාව ලැබේ. මේ අවස්ථාව එතරම් ම විශාල මට්ටමෙන් නොවුණත්, රාජ්‍ය විධායක නිලධාරීන් විශාල සංඛ්‍යාවකට ද හිමි වේ.
මීට අමතරව ගත්තොත් සෑහෙන අවදානම් සහගත ලෙස වුව, ඉක්මණින් ධනවත් විය හැකි අනෙක් ආකාරය මත්ද්‍රව්‍ය ජාවාරමයි. මුදල් පොළියට දීම, රජයේ කොන්ත්‍රාත්, කැළෑ කැපීම පමණක් නොව මංකොල්ලකෑම පවා තිබෙන්නේ ඒවාට පිටුපසින්, ඒ වගේම කළු සල්ලි සුදු කරන ජාවාරම් අතර ප්‍රධාන ස්ථානයක් ආගමික ස්ථානවලට හිමි වේ. විශේෂයෙන්ම මැතදී බහුතර ආගමිකයන් අතරින් පැනනැගුණු ඉවැන්ජලික ස්වරූපයේ ආගමික ආයතන අසීමිත ධනයක් සංකේන්ද්‍රණය කරගන්නා ආකාරය දක්නට ලැබේ. මෙම ආගමික ස්ථානවලට ලැබෙන පුණ්‍යාධාර විගණනයන්ට ලක්වන්නේ නැති සේම, මෙවැනි ස්ථාන මගින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ ද ධනකාමී ජීවන විලාසයකි. සමස්තයක් ලෙස මුළු සමාජයම ඉක්මණින් ධනවත් වීමේ ආසාවෙන් පෙළෙයි. ඒ වෙනුවෙන් තිබෙන පහසුම ක්‍රම දෙක දේශපාලනය හා මත්ද්‍රව්‍ය ජාවාරමයි. එනිසා මින් දේශපාලනයට අයත් උප ක්‍රියාවලියක් (ගාලු මුවදොර අරගල) හරහා කොටි ප්‍රකෝටි ගණනින් මුදල් හම්බ කරගැනීම සාමාන්‍ය දෙයක් බව පැහැදිලියි, එච්චරයි.
ඔබතුමාගේ දීර්ඝ අදහස් දැක්වීමට මට කියන්න තියෙන්නේ, කරුණු කීපයකි.
Delete1. අරගලයට සහාය පළ කළත්, පැය 68ක් වතුරෙන් පමණක් යැපී උපවාසයක නිරත වුණත්, ඒ කිසිවකින් මා ලද ගෙවීමක්, මුදලක් හෝ ප්‍රතිලාභයක් නැත. මා ඒවා බලාපොරොත්තු වූයේත් නැත. මා එවැන්නෙක් නොවේ.
(ඔබතුමා දිගටම මගේ බ්ලොගය කියවූ කෙනෙකු නම් මගේ වෘත්තීය ජීවිතයේදීත් මා කිසිම අල්ලසක්- කොමිස් මුදලක් ලබාගෙන නොමැති බව දැනටම දන්නවා ඇත.)
2. අරගලයේ නියුතු අයට මුදල් ලැබෙන්නට ඇතුවා නිසැකය- ද්‍රව්‍ය ආධාර මෙන්ම. ඔවුන් ඒවා යටි මඩි ගසා ගත්තේ ද යන්නය වැදගත්.
3. කෝටි 4 1/2 කතාවේ ඇත්තක් නැති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
https://www.lankahotnews.net/2022/07/ratta-konara-dilan.html
4. වඩාත් පැහැදිලි කිරීමක් ලෙස කිව යුත්තේ 'මල් ආසනයක් මතට මල් පුදනු ලැබේ. කසල ගොඩකට කසල දමනු ලැබේ.' කියලාය.
කෙසේ වෙතත් ඉතා උනන්දුවෙන්; කාලය හා ශ්‍රමය වැය කරමින් දිගු comments එවීමෙන්, ඔබ කරන්නේ සමාජයේ අදහසුත් අපට දැනගන්නට සැලස්වීමකි. ඒ ගැන බෙහෙවින්ම ස්තුතියි!
නිදී
ReplyDeleteඅරගලයට ඇවිත් ජීවිත අහිමි වෙච්ච අය යි විවිධ ආබාධ වෙච්ච අයයි පැත්තක ඉද්දි අරගලයෙ නියමුවො කියන මහත්තුරු වගේ පෙනී ඉන්න කාලකණ්ණි කම්බා හොරු ටිකක් නම් මිලියන ගානනක රටසල්ලි උපහාරයක් ලැබුව කියල ආරංචියි, අද උදේ ටී වී එකෙත් එහෙම කතාවක් කියනව ඇහුන ඕං
අහිංසක මිනිස්සුන්ගෙ දුක් කරදරයි ජීවිතයි විකුනල හම්බ කරන් කන එකත් අළුත්ම කලාවක් වේගන එන එකේ හැමෝම ටිකක් පරිස්සමින් කල්පනා කරල වැඩ කලොත් හොදයි වගේ…
ඇනෝ 11.41
Delete///අරගලයට ඇවිත් ජීවිත අහිමි වෙච්ච අය යි විවිධ ආබාධ වෙච්ච අයයි පැත්තක ඉද්දි අරගලයෙ නියමුවො කියන මහත්තුරු වගේ පෙනී ඉන්න කාලකණ්ණි කම්බා හොරු ටිකක් නම් මිලියන ගානනක රටසල්ලි උපහාරයක් ලැබුව කියල ආරංචියි, //
ඒකෙ ප්‍රශ්නයක් නෑ. උන්ට ඔයිටත් වඩා සල්ලි ලැබිලා තියෙනවා. ආයේ ඒක ගැන වාදයක් නෑ. අමුතුවෙන් ඔප්පු කිරිමක් අවශ්‍යත් නෑ. මොකෝ අර රාජපස්සලාට කියපු කතා ඔප්පු කරලාත් නෑනේ. ඔය අපි ඒක යසට විශ්වාස කරන්නෙ. ඉතිං ඇයි මේක විශ්වාස කරන්න බැරි? ඇත්තටම අපට අවශ්‍ය රාජපක්ෂ දූෂිත අසික්කිත නින්දිත පාලනය අවසන් කිරීමටයි එය දැන් සිදුව තියෙනවා මොනා කලත් හෙට රනිල් මහතාගේ ජය නියතයි.
ඔබතුමාගේ අනාවැකිය හරි ගියානේ. ඉතිං ඊට පස්සේ?
Deleteමෙවරත් කතරගමට පාද යාත්‍රාවේ ගිහින් හිටි නිසයි ඔයාලට උත්තර දෙන්න පමා වුණේ.
නිමල් සතුටේ 'සතුට' ලියන්න අරගෙන චිත්‍ර කතා පත්තර ගැනම කියන්නෙ ඇයි කියලා තේරුනේ දැන් (ටියුබ් ලයිට්). මොනවිදිහකින් හරි මේ කාලෙ සතුට (අනිත් සතුට) ගැන කතාකරන එක හොඳයි. දැක්කද ජ්‍යෝෆ්‍රී බේකන් වෙබ් අඩවියෙ තිබුනා 'එංගලන්තයේ Blitz හා ලන්කාවෙ අරගලය' ගැන ලස්සන පෝස්ට් එකක්.
ReplyDelete'ඇස් දෙක පෙනෙන; නාඩි වැටෙන ඕනිම කෙනෙකුට නිකම්ම පෙනුණා, ඒ වසන්ත කියන්නේ කවුද කියලා'. ඒ කවුද? අරාබි වසන්ත හිටියද ඒ කාලේ?
'රටටම ගිනි තියලා තමන් බේරෙන අදුරුමිෂ්ට; බියගුල්ලන්' නිදා ගැනීම කොහොම වෙතත්, තව මාසයක් දෙකක් යද්දි 'අනේ ඔබතුමාට මෙහෙම වුනේ අපි වගේ මෝඩ ජාතියක් නිසා' කියලා සමාව ඉල්ලලා, එයා පෝර්ට් එක ලඟ ඉඳලා මල් මාල දාලා පෙරහැරින් රටට ගෙනාවත් පුදුම වෙන්න දෙයක් නෑ.
ස්තුතියි Lotus!
Delete1. සතුට ගැන වෙනමම කතා කරන්නයි වෙන්නේ. මොකද මම කරන හැම දෙයක්ම සතුටෙන්- සතුට; තෘප්තිය උදෙසා කරන නිසා. Blog එක ලියන්නෙත්, ඔයාලා සමඟ comments වලින් සංවාදයේ යෙදෙන්නෙත් ලොකු සතුටක් ලබමින්.
2.වසන්ත කියන ආරූඪ නමකිනුයි ඒ චිත්‍ර කතාව ඇඳපු ප්‍රධාන ශිල්පියෙක් පෙනී සිටියේ- ඒ කතාවට විතරක්. අරාබි වසන්තලා නැතත් එහෙම වැඩ කරන අය ඒ කාලෙත් හිටියා. හැබැයි ඒ මිනිස්සුන්ට ප්‍රතිපත්ති තිබ්බා. තුටු දෙකට පීචං වුණේ නෑ.
3. ප්‍රභාකරන් කිව්වලුනේ සිංහලයාගේ සති දෙකේ මතක ශක්තිය ගැන! ඉතිං අපි බලා ඉඳිමු!
"ඔයාලා සමඟ comments වලින් සංවාදයේ යෙදෙන්නෙත් ලොකු සතුටක් ලබමින්": ඒකට නම් නිමල්ට සියයට දෙසීයක්, තුන්සීයක් විතර ක්‍රෙඩිට් එක දෙන්න ඕනෙ. හැම වෙලේම කමෙන්ට් කරන අයට ඉතාම සුහදව උත්තර දෙන, එකිනෙකාගෙ අදහස් එකිනෙකට වෙනස් කියන එක තේරුම් ගෙන, ගෞරවනීය ලෙස (arrogance නොපෙන්වා) උත්තර දෙන අය කීප දෙනා අතර එක්කෙනෙක් තමයි නිමල්.
Deleteපැසසුමට ස්තුතියි Lotus!
Deleteනියමයි පෝස්ට් එක. අර FB ගෲප් දෙකත් මසුරං. බොහොම පිං. ඔහොම යං.🙏👌
ReplyDeleteමං ඉතිං දිගටම young පක්ෂියෙක් තමා, බස්සා මහත්තයෝ!
Deleteඅරගලය හෑල්ලු කරනවා නෙමෙයි, ඒත් අද වෙන්නෙ මොකක්ද කියල දැණගෙන ඉන්න එක වැදගත්.
ReplyDeletehttps://w3lanka.blogspot.com/2022/07/blog-post_20.html
අරගලය කියලා කියන්නේ රනිල්ට රාජපක්ෂ කල්ලියේ බලය හුවමාරු කරගන්න සී අයි ඒ එක, රෝ එක සහ යුරෝපීය බුද්ධි අංශ විසින් ඉතාමත් හොඳින් සැලසුම් කර ලංකාවේ මුග්ධ ජනයා අන්දවා ක්‍රියාත්මක කරපු සැලසුම් සහගත ව්‍යාපෘතියක් විතරයි දැන් ඒක ඉවරයි දැන් ලංකාවේ ආර්ථිකය ගෝලීය නිදහස් වෙළද පොළ ආර්ථිකය සමග සම්බන්ධ වන වෙනත් සංකීර්ණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා ලංකාවේ.
Deleteනන්දි ගවසේන ගවයා වගේ ගොනෙක් නොවන බුද්ධිමත් නායකයෙක් වෙන ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා 2024 වෙනකම් ලංකාවේ බලයේ ඉන්නවා ඒකට ඇමරිකන් එක්සත් ජනපදය, යුරෝපීය රටවල් වලින් උපරිම සහය සහ ඉන්දියාවේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා බොලාට කොරන්න දෙයක් නෑ ගෙට වෙලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ වෙන කරන්න දෙයක් නෑ රනිල් මහතා ඉල්ලීමක් කලෝත් ඒ දේ ඔහුට කරදෙන්න පුළුවන් එච්චර තමයි ඉතින් ආයේ කෙහෙල් මල් අරගල කියලා පිස්සු කෙලින්න ගිහින් හමුදාව අතින් නිකරුණේ මැරුම් නොකා පරිස්සමින් ඉන්න කියලා දන්න කියන හැමෝටම කියන්න විතරයි තියෙන්නේ එච්චර තමයි ඉතින්
සමහර වෙලාවට 2o24 දීල ආයේ බලන්න පුළුවන් ඒකත් ඒ වෙලාවේ විදේශීය ඇජෙන්ඩා වලට ගැලපෙන විදියට අවශ්‍ය නායකත්වය ඒ ගොල්ලො තෝරාගෙන අපට ඉදිරිපත් කරාවි එච්චර තමයි ඉතින්
අපි ප්‍රේක්ෂකයන්ද ගොදුරුද කියා බලා හිඳිමු, නේද?
Delete