පෘථිවි ගෝලයේ එකේක පෙදෙස්වලින් ලබාගත් විවිධ පැල වර්ග 50,000ක්... ඔව්! ඊටත් වඩා ශාක සංඛ්‍යාවක් නිරිතදිග London ඉසව්වේ, අක්කර 300ක බිම් පෙදෙසක් පුරා පැතිරුණු මේ ‘රාජකීය උද්භිද උද්‍යානයේ’ තිබෙයි. එය ලෝකයේ විශාලම උද්භිද උද්‍යානයද, ලන්ඩනයේ වඩාත් ජනප්‍රිය ආකර්ෂණීය අංගයක්ද වෙයි.
“ඔහොම නෙවෙයි!
මෙහෙම...”
එහෙම කිව්වේ නීලියාය. අප Kew
Gardens එකේ ඇවිදිමින් යන අතරේ foto ගනිද්දීය, අරහෙම කියමින් නීලියා
අපව මෙහෙයවූයේ. “මගේ අම්මෝ! ලීලෝ- කට්ටියම මේ පැත්ත බලනවලා... මට මේ foto එක ලස්සනට
ගන්න.”
මේ
එක්කම යොදා තිබෙන්නේ, එහෙම අප මෙහෙයවමින් නීලියා 1985 කිව් උද්‍යානයේදී ගත් අපේ
ඡායාරූපයකි.
නීලියා 1985 කිව් උද්‍යානයේදී
ගත් අපේ ඡායාරූපය (අම්මා, අනිල්, සමන්ති, දීපාල්, දීපානි හා නිදි) |
මේ
ලියාගෙන යන posts මාලාව නොවරදවාම කියවන; හැම එකකටම commentsතුත් නොමඳව එවන D.G.M.
බස්සා මැතිසඳාණෝ ‘එංගලන්තයේ කිව් උද්‍යාන වර්ණණාව’ක් මගෙන් ලියැවෙතියි අපේක්ෂා කරති. උහු
එසේ සිතන්නෝ, සහේතුකවම වෙති. ඒ නිදිගෙ පංච තන්තරේ රචනා කරන නිදි නම් වූ කෙළෙඹි
පුත්‍රයා වන මා ‘මේ රාජකීය උයනෙහි අසිරි දුටුම්හ’යි වාගාඩම්බර දෙසා තුබූ බැවිනි.
එසේ වතුදු මේ ‘නිදි’යා ඒ ප්‍රයාමයේ යෙදුණෝ ඉතා ඈත අතීතයේ බැවින්, ඒ ගැන මතකය මඳහ; අල්පමාත්‍රවූ
මතක ශේෂයන් සහිතයහ.
‘බොට
එහෙම අමතක වෙලා තියෙන නිසා වඩා හොඳයි නේද, ඒ ගැන ලියන කොන්තරාත්තුව අජිත් මහත්තයට
පැවරුවොත්. ඊටත් අජිත් ඉන්නෙත් එංගලන්තෙ. සංචාර කරන්නත් රුසියා. 'Kew
Gardens' ගිහිං අලුතින් විස්තරයි ෆොටෝයි එහෙමත් post එකට එකතු කර
ගනීවි.’ අනේ ඇත්තමයි මං හිත-හිත උන්නේ එහෙම.
මගෙ හිතිවිල්ල අජිත් ධර්ම මහත්තයට පෙනිලම තමා!
උන්නැහේ
‘තිස් එකේදී 20’ පෝස්ටුවට comment එකක් එවල. (ඔව් අජිත්, ඔයා තමා. මෙන්න මේ විදිහට
කමෙන්ටුවක් එව්වේ ඔයා නේද?)
‘දැන්නම් නිදි මටත් එංගලන්ත ජීවිතේ ගැන ලියන්න හිතිලා තියෙන්නේ. අපි දෙන්නම එක
කාලයක ආව ගිය නිසා.’ ආවා ගියා විතරක්යැ. ඔය මහත්තයගේ පදිංචියත් එහෙ නෙව....
ඉතිං ලියමුකො දෙයියනේ!
අජිත්- අනේ හොඳ මහත්තය වගේ ඉක්මනින්ම ලියමු; ඉස්සෙල්ලම 'Kew Gardens' ගැන ලියමු, හොඳේ.
මගෙන්
ඒ ගැන ලියවෙන්නේ තව බොහොම ඩිංගයි. (කිව් ගාර්ඩ්න් කොහොමද Kew Gardens වුණේ කියලත් එතකොට තමුන්නැහෙම ලියනවා නේද?)
නීලියායි
අපේ චූටි නංගි දීපානියි දෙන්නා වශී වුණේ එහෙ තිබ්බ ‘රෝස’ මල්වලට. මගෙ අම්මෝ,
තිබිච්ච රෝස මල් කන්දරාව... පාටෙන්ද, හැඩයෙන්ද එකකට එකක් වෙනස් ප්‍රභේද ගොඩාරියයි.
එතකොට ලොකුම ඇත්තකුත් කියන්න එපැයි. Kew ගාර්ඩ්න්ස් එකේදි එදා ගත්තු foto අතරේ
තිබිච්ච ලස්සනම foto එක නීලියායි; චූටි නංගියයි රෝස වියනක් යටින් ඇවිදගෙන එන එක.
ඕනෑම
රෝස මලකට තියෙන්නේ 5න් බෙදෙන පෙති සංඛ්‍යාවක්ය කියලා ඔයාලත් දන්නවා නේද? (මම ඒ ගැන
කාලෙකට කලින්
ලිව්වත් එක්ක.)
‘ඒකිගේ පස්ස උඩ හත් දෙනෙකුට වාඩි වෙලා බූරුවා ගැහුවැකි.’ ආන්න ඒ කතාව මේ කොළවලට නං... |
“Please
Anil, හෙමින්.. හෙමින්... වින්ටර් කාලෙටත් මේවා ඇතුළේ රස්නෙ කන්ට්‍රෝල් කරන්න
පුළුවන් විදිහටයි මේ structures සේරම හදල තියෙන්නේ.” නීලියා කීවාය.
“මට පේන්නේ නීලියා, ලෝකෙ තියෙන තාක් තාල වර්ගෙ ගස් හැම එකක්ම මෙතන තියෙනවා වගෙ.”
“මේ රටවල හැටි එහෙම තමයි Anil. මේ වගේ දෙයක් කරද්දී perfect විදිහටම- 100%ක්ම
accurate විදිහටම ඒක කෙරෙනවා. You know, ලෝකෙට
විහිළුවක් වෙන්න මේ මිනිස්සු කැමති නෑ.”
1759
තරම් ඈත කාලෙකදී පටන් ගැනුණු; අක්කර තුන් සීයක පැතිරුණු උද්භිද උද්‍යානයක හැම තැනම
බලන්න නං කෙනෙකුට කී දවසක් එහාට යන්න වෙයිද?
මුළු
උද්‍යානයෙන්ම මගේ හිතට තදින්ම වැදුණේ, පොකුණක තිබුණු යෝධ නෙළුම් වගාවක්. (නෙළුම්මද
මන්දා, මම එහෙම කිව්වට.) ඒ වගාවේ මල් නෙවෙයි විශේෂත්වය; කොළ!
ඒ කොළය වටේටම උඩට ඉස්සුණු ගැට්ටකුත් තියෙනවා.
ලොකු
පස්සක් තියෙන අම්මණ්ඩියෙක් දැක්ක ගමන් ඉස්සර ගැමියන් කිව්ව කතාවක් ඔයාලටත් ඇහිල
තියෙනවද? ‘ඒකිගේ පස්ස උඩ හත් දෙනෙකුට වාඩි වෙලා බූරුවා ගැහුවැකි.’
ආන්න ඒ කතාව මේ කොළවලට නං හරියටම ගැලපෙනවා කිව්වැකි.
මේ කොළයක විෂ්කම්භය මීටර් 1.8 ඉඳලා මීටර් 2.2ක් දක්වා ප්‍රමාණයක් වෙන්න පුළුවනිලු!
එතකොටම තේරෙනවනේ මේ කොළයක සයිස් එකේ size එක.
ඒ වගෙමලු කොළයක හයියත්. කිලෝ ග්‍රෑම් 60- 70වක් විතර බරක් දරා ගැනීමේ හැකියාවත් මේ
නෙළුම් කොළේකට තියෙනවලු.
සමහර පතොක් ගස් ලස්සනේ
බැරි මල්වලිනුත් වැහිලා හිනා වගුරනවා... |
අච්චර
විසාල තැනක් ගැන... දවසක් තිස්සෙම ඇවිද ඇවිද බලපු තැනක් ගැන- මට මතක තියෙන්නේ
ඔච්චරයි කිව්වම කවුද අප්පච්චියේ හැබෑ ගන්නේ. හැබැයි ඒක තමයි ඇත්ත... ඉතිං එහෙව්
දුප්පත් මතකෙකින් කොහෙද බස්සා මහත්තයො- තමුන්නැහේ කියා තිබ්බ විදිහට උද්‍යාන
වරුණාවක් ලියන්නේ.
කමක් නෑ. මට විශ්වාසයි- අජිත් මහත්තයා එදා සහ අද එංගලන්තයේ ‘කිව් උයනේ’ තත්ත්වය
ගැන සවිස්තරාත්මක post එකක් ලියයි කියලා.
ඒ
විශ්වාසය තවත් වැඩි වුණා, මේ postsවල 21
වැන්නට අජිත් මහතා එවා තිබුණු comment එකකින්.
‘කිව් ගාඩ්න් කීවම මතක් වුණේ. 2004 සුනාමි
එකේදී මමයි යාලුවෝ ටිකකුයි ලංකාවට උදව් කළා. පස්සෙ දෙමාපියෝ නැති ළමයි ටිකකට;
20-25 විතර ශිෂ්‍යත්ව දුන්න. ඒකට එකතු වුන එක්කෙනක් මොනිකා ශෆර් ෆේර කියන ජර්මන්
කාන්තාව. එයා වැඩ කලේ කිව් ගාඩ්න් එකේ. එනිසා අපේ පවුලම නිකන් ඒක බලන්න එක්ක ගියා
කිහිප වතාවක්. තවමත් ලංකාවේ දරුවෙක්ව ස්පොන්සර් කරනවා. එයා ගොඩක් ලංකාවේ පීඑච්ඩී
ශිෂ්‍යයන් එයාගේ භාරයට ගන්නවා....’
ඉතිං,
අජිත්ට පුළුවන්නෙ මොනිකා ශපර්ගේත් උදව් ඇතිව Kew Gardens ගැන post එකක් නෙවෙයි,
පොතක්ම වුණත් ලියන්න! එහෙම නේද...
“නීලියා,
ඔයාට ගොඩාරියක් ස්තුතියි- මෙහාට එමුයි කියල යෝජනා කළාට... මාර ලස්සනයි.” දවස
අවසානයේ මං ලෝබ නැතිවම කිව්වා.
“ලස්සනයි
කිව්වේ Kew ගාර්ඩ්න්ස්ද, නැත්තං මමද?” නීලියාත් විහිළුවකින් උත්තර දුන්නා.
“ලොකා විතරක් නෙවෙයි නීලියා, මේකට නං මාත් ඔයාට thank කරනවා.” අනිලුත් මැද්දට
පැන්න එකෙන්, මට නීලියාගේ කතාවට උත්තර දෙන්න වුණේ නෑ.
“හැබැයි නීලියා ආන්ටි, අපි නං තරහයි, ඔන්න. ඔයා මේ සේරම තැන්වලට යමුයි කියන්නේ
ලොකාලා මෙහාට ආවට පස්සෙනේ...” සමන්තිත් කියපි!
“අනේ,
අනේ Sam. මේ කෙල්ලත් දැන් පො..ට..ක..ට එනව වගෙයි.”
“ඔව් නීලියා. එයාලාත් දැන් දැන් පොටකට එන්නයි හදන්නේ. අපේ සමන්තිට 18 ලබනවා මේ
අවුරුද්දේ අන්තිමට.” එතකොට නම් අපේ අම්මා නීලියාට කිව්වේ, පැරණි සුහදත්වය මතු කර
ගෙන. ඒත් අම්මා එහෙම කළේ, අපේ නංගිලා මල්ලිලා තුන් දෙනාට hint එකක් ගහන ගමන්.
1985 අවුරුද්ද සිදුවීම්වලින් ගහණ වුණු එකක් වගෙයිද? |
මොහොතකට එහෙම හිතුණත් එය පදනමකින් තොර සිතුවිල්ලක් වගෙයි. හරියාකාරයෙන්ම කියනවා
නම්, මගේ මුළු ජීවිතයම සිදුවීම්වලින් පිරුණු එකක්නෙ. විවිධාකාර හැල-හැප්පීම්වලින්,
අභියෝගවලින්, සුඛ දුක්ඛ සංවේදනා දෙවර්ගයම දනවන සිද්ධීන්ගෙන් සපිරුණු මගේ ජීවිතය,
මට නම් අතිශයින්ම රසබර එකක්.
ලෝකයේ
නිවස්නා බහුතරයකගේ ජීවිතත් එවැනි විශේෂතා බහුල රසබර ඒවා නොවෙයිද?
මට
එහෙම හිතුණේ, ටෙලිෆෝන් call එකක් ලැබුණු පසුවය.
“නිදිට කෙළවරක් නැතිව වෙලා තියෙන්නේ මහ
ගිනි විජ්ජුම්බරනේ!” Blog අඩවිය නිසාම හඳුනාගෙන මිතුරු වූ හිතවතෙක් පසුගිය දවසක ඇසුවේය.
“මට? මටත් වෙනසක් නෑ... අනිත් මිනිස්සුන්ට වගේම තමයි.” මට කියැවුණේ නිකම්මය.
“එහෙම කොහොමද කියන්නේ. ඔයාලට හරි ලස්සන dramatic දේවල්නේ දිගටම වෙන්නේ. ඔයාට
විතරක් නෙවෙයි, ඔයාලගේ පවුලේ අයටත්. අර මානෙල් නංගිට පොලිසි යන්න වෙච්ච සීන්කෝන්
එක වගේ... අන්විශ්වාසබල් තරං!”
“මෙහෙමයි
මහත්තයෝ. මට හිතෙන්නේ, අනෙත් මිනිස්සුන්ටත් මේ වගේ දේවල් ඕනි තරම් සිද්ද වෙනවා. එක්කෝ
එයාලට ඒවා මීටර් වෙන්නෙ නෑ. එව්වයෙ තියෙන විශේෂත්වය එයාලා දකින්නෙ නෑ... නැත්තං
යමක් සිද්ද වෙනවත් එක්කම- පට ගාලා අමතක වෙලා යනවා ඇති..” මම කීවෙමි.
“අනෙක, පරණ වෙච්චි දේවලුත් මතක තියෙනවා නං තමයිනෙ එව්වා link වෙන්නේ... එතකොට නේද
ඒවා ලස්සනට පේන්නෙ.” මම කීවෙමි.
ඒ
ටික කියන්නට හිතුණේ Kew Gardens ගියාට පස්සෙ සතියේ දවසක් ගැන ‘1985 මහපොළ දිනපොත’
මට මතක් කර දෙන දෙයක් නිසාය.
‘මානෙල්ගෙන් ලියුමක් ආවා. පවුල් සංවිධානේ වැඩේ හරි ගිහිං.’ දිනපොත කියයි!
එයා
‘පවුල් සංවිධානේ වැඩේ’ය කියා තිබුණේ චූට්ටක් විතර දිග කතාවක් හොඳටෝම සාරාංශගත කරලාය.
ලොකු
නංගී
සියදිවි හානි කර ගත්තාට පස්සේ මානිව ඉක්මනින්ම විවාහ කර දෙන්නට කටයුතු පිළියෙළ
විණි. 1983දී කසාදයට පා තබද්දී මානෙල්ට
අවුරුදු දහඅට සම්පූර්ණ වුණා විතරකි. එහෙම වුණත් ගාමිණීලගේ අම්මාත්- තාත්තාත්-
නෑදෑයනුත් බලාගෙන හිටියේ ඉක්මනින්ම මේ ජෝඩුවගේ දරු පැටියෙකුව හුරතල් කරන්නටය.
විවාහයෙන් අවුරුද්දක් යන්නටත් කලින් එයාලගේ නොඉවසිල්ල නප්පියටම නැඟ තිබිණි. එයාලගේ
විතරයැ, අපේ අම්මාගේත්...
‘අම්මට
දහයක් වුණාට දුවට තවම එකෙක්වත් නැත්තේ මෙයා වඳ...’ ගමේ-ගොඩේ වටේ-පිටේ ගොඩ වෙදුන්
හා වෙද හාමිනේලා පරීක්ෂණ නිරීක්ෂණ දෙකම හනික ඉවර කරලා, නිගමනයන්ටත් එළඹෙමිනි
උන්නේ.
පවුල් සංවිධානේ කියන්නේ
ළමයි හැදිල්ල නවත්තන එකට නෙවෙයි! |
“නෑ ලොකා. අපිටත් ඕනි. ඒත්...” මානෙල් තෙපර බෑවාය.
“එහෙනං කියන්න එපැයි. තමුසෙලා දෙන්නම බදාදා දවසක බුලර්ස් රෝඩ් එකේ පවුල් සංවිධාන
සංගමයෙ clinic එකට යනවා.”යි උපදේශය දුන්නා විතරකි. එයාලා පුදුම වූහ.
“පුදුම
වෙන්න දෙයක් නෑ. Family Planning එකේ මූලික අරමුණුවලින් එකක්
තමයි
හැම විවාහක යුවලක්ම පවුලක් බවට පත් කිරීම... අපි Youth එකෙන් රට
පුරා
ගිහිං කියල දෙන ඒවායින් එකක් ඒ. පවුල් සංවිධානේ කියන්නේ ළමයි හැදිල්ල නවත්තන එකට
නෙවෙයි...
මං සුනීතට
කියල
තියන්නං.
සුනීතා සේරම ඇරෙන්ජ් කරලා තියයි, ඩොක්ටර් ශ්‍රියානි බස්නායක මැඩම්වම හම්බ වෙන්න.
එහාට ගිහිං බලමුකෝ, ඉස්සෙල්ලම.”
එහාට
ගියාට පස්සේ; විධිමත් වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පස්සේ... උපදෙස් මාලාවක් සමඟ ප්‍රතිකාරත්
ලබා දී තිබිණි. එක ගමනකින්ම සුබ පල ලැබිලාය.
“...පවුල්
සංවිධානේ වැඩේ හරි ගිහිං ලොකා. බබා හම්බ වෙන්නේ ජනවාරි අග විතරලු. ඔයාලා ඉක්මනට
ආපහු ලංකාවට එනව නේද?” මානෙල් ලියුමකින් විස්තර දන්වා එවා තිබ්බේ, ඒ ප්‍රතිඵලත් මං
වහන්සේට දන්වමිනි.
“අනේ
මටත් ඉගිල්ලිලා හරි ලංකාවට යන්න ආසයි රංජි. තව පාරක් මම නැනා කෙනෙක් වෙන්නයි
යන්නෙ.” අම්මටත් සතුටුය. “ඉක්-ඉක්මන් කරලා ඔයා තව කීයක් හරි හොයා ගන්න බලන්න...
බනාසේලා ගෙදර යන්නෙ සතියට දවස් තුනයිනේ. අනිත් දවස් හතරට... අනිල්ට නං ඉතිං සුමානෙම
වැඩ තියෙනවනේ...”
ඩැඩා
මට අහමඩ්ලාගේ ගෙදර ගැන කිව්වේ එතකොටය.
සල්ලි
තණ්හාව මගේ ඉහටත් ගහල යැයි ඩැඩා හිතුවාවත්ද? අර දිගම දිග සාකච්ඡාවෙන් පස්සේ, මා
හැමදාම වැඩට යන්නට තැත් කිරීම ගැන ඒ මනුස්සයා කිසිම දෙයක් කීවේ නැත. ඊට අනුමැතියක්
හෝ විරුද්ධත්වයක් හෝ පෙන්නුවෙත් නැත. උදාසීනවම උන්නේය.
“ඩැඩා, අර ෆාමසිස්ට් කෙනෙකුගේ ගෙදර වැඩක්
තියෙනවයි කියල නේද ඔයා කලින් කිව්වේ?”
“නිමොල්,
ෆාමසිස්ට් ජෝලගේ ගෙදරත් වැඩක් තියෙනවා තමයි. ඒත් ඒකට ටික දවසක් යයිලු. So... let’s
go to meet Mr. Ahmad.”
අහමඩ්ව
අපේ ඩැඩා හඳුනා ගත්තේ කොහොමද කියා මං එදා හෙව්වේ නැත. පසුව මා ටිකෙන් ටික දැනුවත්
වුණු විදිහට නං අහමඩ්ලා මැද පෙරදිග රටකින් එංගලන්තයට පැමිණි උදවියයි. කඩවසම්
අහමඩ්ට රූමත් තරුණ බිරියකුත්, හරිම හුරතල් දරු සිඟිත්තෙකුත් විය. ඔවුනුත් සෑහෙන
වත්කමක් ඇති පවුලකි. හිටියේ flat එකකය.
උඹ Wallpaper අලවලා
ගෙයක් decorate කරලා නැහැයි කියල…
(Wallpapers ළා පාටින් යුතුය; මෝස්‌තර සහිතය; ඝන කඩදාසිය.) |
“Cecil, මෙයාගෙන් අහන්නකො බලන්න එයාගේ වයස කීයද කියලා.” සිඟිත්තාට නොදැනෙන
විදිහටය. එලිනා අපේ ඩැඩාට කිව්වේ.
“හලෝ
son... How old are you?” ඩැඩාත් ඇසුවේය.
පොඩිත්තා දකුණු අත උස්සා පෙන්නුවේය. ඔහු ඇඟිලි දෙකක් වකුටු කර නවාගෙන, තව එකක්
බාගෙට නවාගෙන හිටියේ අසීරුවෙනි.
“Oh, very clever. Two and half... is it correct?”
“Yeh!” පොඩි පැටියා අපේ ඩැඩාගේ උත්තරයෙන් සතුටු වී අත්පොඩි තැලුවේය.
“Nimal,
උඹ Wallpaper අලවලා ගෙයක් decorate කරලා නැහැයි කියල Cecil කියනවා. Doesn’t
matter... ඕනි නං ටිකක් අහක යයි. ඉස්සෙල්ලම දවසේ උඹ එනකොට මම half a day නිවාඩුවක්
දාලා ගෙදර ඉන්නං. එතකොට මට පුළුවනි වැඩේ කරන විදිහ උඹට කියල දෙන්න. It’s not
difficult. ලේසියි නිමල්... ඉවසිල්ලෙන්- සැලකිල්ලෙන් කරන්න විතරයි තියෙන්නේ. Yes,
එහෙම හොඳයි නේද සැසිල්...” අහමඩ් ඇසුවේය.
“ශ්‍රී
ලංකාවේ ගෙවල්වල නම් බිත්ති paint කරන එකලු මෙයාලා කරන්නේ.” ඩැඩා තෝල්ක මුදලිගේ job
එක කරද්දී මං වහන්සේ කළේ ‘ඔළු’ බාසාවෙන්
උත්තර දීමය.
එයින්
පස්සෙය මට මීටර් වුණේ. අපේ council ගෙදර බිත්තිවලටත් වෝල් පේපර්ස්ය, අලවලා තිබ්බේ.
බනාසේ ගෙදරත් එහෙමය... මම මතක් කළෙමි. රෝයිලගේ ගෙදර- සෝෆා කවර මැසූ ගෙදර... ඒ හැම
තැනකම එහෙමය. ඇයි ඒ?
à ඊළඟ කොටසට...
ලංකාවෙ පෝස්ටර් ගහන වැඩේ කරල තියෙනවනං ඔය වොල්පේපර් ඇලවිල්ල එච්චර අමාරු වෙන එකක් නෑ. හැක්..
ReplyDeleteමට තියෙන ප්‍රශ්නෙ ඕව ආපහු ගලවන්න පුලුවන්ද කියන එකයි.
ප්‍රසන්න ඇතුළු comments එවූ සියලු දෙනාටම ඉස්සෙල්ලම කියන්න ඕනි පිළිතුරු දෙන්න පමාවීම ගැන. ඒ ගැන කොච්චර දුක වුණත් එහෙම නොකර බැරි වුණේ, මේ වතාවෙත් අපි පාද යාත්‍රාවේ යෙදුනු නිසයි. 10 උදේ ගෙදරින් පිටත් වුණේ. ගෙදර ආවේ ඊයේ රෑ.
Deleteමේ සතියෙත් දවස් හතරක්ම යොදාගත් වැඩවලට හිර වෙනවා. ඒ නිසා පිළිතුරු පමා වෙනවට සමාව දෙන්න, හොඳේ.
ප්‍රසෝ, wallpaper ගැන කියන්නම්. මට පෝස්ටර් අලවලා නම් පුරුදු නෑ. හැබැයි 77 මැතිවරණයේදී ශ්‍රී ලංකා, UNP දෙපිලේම හිතවතුන් ඒ ඒ අයගේ පෝස්ටර් අලවන්න රාත්තිරියේ පිටත්ව ගියේ අපේ ගෙදරින්. දෙගොල්ලන්ටම පාප්ප හැදුවේ මං- එක හැළියක.
එහෙනං අපිට පාද යාත්‍රාව ගැන අලුත් පෝස්ට් එකක් බලාගන්න පුලුවං වෙයි ළඟදිම.
Deleteඅහා! එහෙනං ඒකයි මේ පමාව.😉
Deleteඒක නෙව බස්සා මහත්තයෝ.
Deleteප්‍රසන්න මහත්තයා කියනවා වගේ මේ වතාවේ ගමන ගැන කෙටියෙන් හරි ඉක්මනට ලියවෙයි වගේ... හිත කුයි කුයි ගාන්න අරං තියෙන්නේ.
+++++
ReplyDelete+++++ ස්තුතියි ඉයන්! +++++
Deleteෂා මරු නොවැ Kew Gardens එක. සෑ, සෑ කියල නොබල මාත් ගියා බලන්න.
ReplyDeletehttps://www.youtube.com/watch?v=ioG_Vfh0Kxw
ෂා මරුනෙ බස්සා මහත්තයෝ. විනාඩි හතක්වත් නොගොහින් කිව් ගාර්ඩ්න් බලන්න යන ගමන!
Deleteඅදත් එක හුස්මට කියවගෙන ගියා , දිග මදි වගේ දැනුණේ ......
ReplyDeleteමේ දවස්වල ගමන්- තව එකේක වැඩ හොඳටම. ලියාගන්න වෙලාව මදි ලලිත් මහත්තයෝ. මේ මාසෙම එහෙමයි.
Deleteලස්සනට ලියලා තියෙනවා නීමල් අංකල් ඔයාගේ ලියැවිලි හරිම රසවත් විදිරට සිදුවීම් පෙළක් එකට ගලපා කතාවක් ලෙස ලිවීමේ හැකියාව හදා ගන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් ද? ඒ අයි වලින් ලියන්න පටන් ගත්තා ඒත් කන්ටෙන්ට් හරියටම දෙන්නේ නැතුව හරියටම ලියැවෙන්නේ නිකන් වචන විතරයිනේ ඒකයි අවුල තියෙන්නෙ ඒක නෙවෙයි අංකල් නිමල් මොකද හිතන්නේ දීප්ත කුමාර අංකල් ලංකාවේ දේශපාලනය ගැන කරන මේ කෙටි වීඩියෝ එකේ කියන දේ ගැන?
ReplyDeletehttps://www.facebook.com/100064040615418/posts/pfbid02zJ6rwM85sS3f7czSZWpKKCMS3gY8y549LB6H9G2wsMWGXAbeQjfRXFqJvDrqXh13l/?app=fbl
මම හිතන්නේ හොඳ විවරණයක් කෙටියෙන් විස්තර කර තිබෙනවා. අභිෂේකා ප්‍රනාන්දු නමැති අපට වඩා අවුරුදු කීපයක් විතර වැඩිමල් යුවතිය ගැන ඔහුගේ විවරණය හොඳයි නේද? මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කල ලියන්න පුළුවන් ද?
පැසසුමට ගොඩක් ස්තුතියි!
Deleteමගෙ ලිවීමේ යම්කිසි සාර්ථකත්වයක් තියෙනවනම් ඒකෙ ගෞරවය එහෙම පිටින්ම අයිති වෙන්නේ මම කියවා ඇති පතපොත හා ලිපි-ලේඛන ලියූ උදවියටයි. ඔයාටත් හොඳින් ලියන්නට අවශ්‍ය නම් හැකිතාක් දේවල් විමසිල්ලෙන් කියවන්න කියන එකයි මගෙ උපදෙස.
දීප්තගේ ඒ කාලේ ලියවිලි පොත් ගොඩක් මුද්‍රනයටත් මන් දායක වෙලා තියෙනවා, කියවලාත් තියෙනවා. දැන් නං ඒවාට එච්චර වෙලාවක් නෑනෙ!
යකෝ මේ බස්සත් දාන ලෙඩ. අනේ කිව් ගාඩ්න් එක ගැන ඔයාම ලියන්න. මොනිකා එතනින් විශ්‍රාම ගිහින් සෑහෙන කාලයක්. මගේ ළඟ තියෙන පරණ පින්තුර දාල එකක් ලියන්නම්.ආයේ යන එක ගැන නම් කියන්න බහ. වෙලා තියෙන විධිහට තමයි. මොනිකගෙන් කෝකටත් අහන්නම් ඇතුලේ අපි නොදන්න විස්තර ටිකක්.
ReplyDeleteමම එහෙමට ලෙඩක් දැම්මෙ නෑ, අපේ හාංදුන්නේ. මම පහලින් කිව්වා වගේ "ටුවර් ගයිඩ්" එකක් වෙන්න ඕනෙ නෑ. අජිත්ට හිතෙනගේ, ඔබේ රටාවට ලිව්ව නම් හොඳටම ඇති.
Deleteමාත් එකඟයි බකුසුතුමාගේ මතයට අජිත් මහත්තයෝ. ලියමු ලියමු. ඔයාල මොකද මන්දා කම්මැලි. මේ වතාවෙත් පාද යාත්‍රා ගමන ගිහිං එන ගමන් මං නමීගෙන් ඇහුවා 'ලියනවා නේද' කියලා. ගමන යන්න කලින්ම මම උන්නැහෙට කිව්වා post එකක් ලියන එකත් හොඳයි නේද කියලා. හ්ම් කියපු මිනිහා ඊයේ එද්දි කියනවා 'බෑ වගේ' කියලා.
Deleteඅජිත් මහත්තයාව වගේම නමීවත් පටලවා ගන්නයි ඔය ඇත්ත එළියට දැම්මේ.
ඕගොල්ලන්ගෙ සංවාදය මැදට ආවට සොරි. මම අජිත්ගෙ 'ලක්ෂ පහ' පෝස්ට් එකත් කියෙව්වා. දැන් නමියත් "ඊයේ එද්දි කියනවා ‘බෑ වගේ‘ කියලා" කියෙව්වම හිතුනෙ අපි ගොඩක් වෙලාවට equanimity- උපේක්ශාසහගතවීම හා indifference-යම් දෙයක් කරන්න උනන්දුවක් නැති වීම පටලවා ගන්නවද කියලා. ගොඩක් ලංකාවෙ අය කියනවා මන් අහලා තියෙනවා 'බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ ලද දෙයින් සතුටු වෙන්නනෙ ඒ නිසා මේ ඇති' කියලා. බුදු හාමුදුරුවො අපිට උත්සාහ නොකර ඉන්න කියලා නෑ නේද. උත්සාහ කරලා, කරලා බැරි වුනොත් ලද දෙයින් සතුටු වෙන එක වෙනම කතාවක්. අනේ මංදා මට හිතුනු දේ කමෙන්ට් කලේ.
Deleteමට තියෙන්නේ නිදි කියන්නැහේ කම්මැලි කම නෙමේ. උපේක්ෂාව තමා ලෝටස් කියනවා වගේ. මම කැමති ඇත්ත ඇති හැටියේ මට පෙනෙන විධිහට ලියන්න. ඒක මේ ලෝකේ අමාරුයි. විශේෂයෙන් දැන් අමාරුයි . සිංහල බ්ලොග් වල වැඩි වශයෙන් මගේ බ්ලොග් එකේ එහෙම ලියන්න පුළුවන් කම තිබ්බ. දැන් ඒකත් බැහැ. අමාරුයි . එනිසා මට හිතිල තියෙන්නේ ෆේස්බුක් එකෙනුත් "තොලොන්ජි " වෙලා යන්න වෙලාවකට. ඒක මේ කෙනෙකුට විරුද්ධව හෝ කට්ටියකට විරුද්ධව හෝ ඇතිවුණු හැඟීමක් නෙමේ. මම හුඟක් දේ කරන්නේ මට සතුටක් එන විධිහට. ඒක නැති තැන රැඳී ඉන්න මගේ අකැමැත්තක් තියෙනවා. එපමණයි.
Deleteකරන දෙයින් සතුටක් නොලැබෙනවා නං.... ඒ point එකට නං මාත් එකඟයි, අජිත් මහත්තයෝ. ඒ ගැන කිසි දෙයක් කියන්න හිත දෙන්නේ නැහැ.
Delete//මම කැමති ඇත්ත ඇති හැටියේ මට පෙනෙන විධිහට ලියන්න...දැන් ඒකත් බැහැ//
Deleteපැහැදිලි නෑ. ඇයි බැරි? ෆේස්බුක් එකේ නං, දේශපාලන කල්ලි රිපෝට් කරලා, අල කරවනවා කියල අහල තියනවා. බ්ලොග් වල ඉකෝන්ට එක පාරක් එහෙම වුනා කියල දන්නවා.
ඉඩම් හිමි වැවිලිකාර අම්මණ්ඩි ගේ කතාව
මේ තියෙන්නෙ අනිත් ක්‍රමය. අර ප්‍රාජේ කියනව වගේ, අපි මේක සැහැල්ලුවෙන් ගමු. කැමැති වෙලාවට, ලියන්න හොඳයි කියලා හිතෙන දෙයක් දැක්කොත් ලියමු. කොහොමද ඒ අදහස?
මේ යන යුද්ධේ ගැන මොන හැඟීමක් වත් නැත්ද මන්ද. ඔහේ ඩෙෆා ඉන්නේ යුරෝපේ නම් නෙමේ. මේ දරුණු තත්වය කාටවත් තේරෙන්නේ නැහැ. මෙහෙ රූ ලට පක්ෂව මුකුත් ලියන්න බැහැ. ඔක්කොම පත්තර, ටෙලිවිෂන්, වෙබ් අඩවි එක ලයින් එකකට ගෙනල්ල තියෙන්නේ. අහවල් රටේ ඒවා තහනම්. ප්‍රජාතන්ත්‍රවාදය සහ භාෂණයේ නිදහස යුද්ධ කාලවල නැති බව දන්නේ නැත්ද? - අම්මණ්ඩි ගේ කතාව වගේ එකක් දැම්ම. බලන්නකෝ.
Delete//ඔහේ ඩෙෆා ඉන්නේ යුරෝපේ නම් නෙමේ.//
Deleteආයෙ අහලා යුරෝපේ නම් නෙමේ.🤣😂
අර ෆොටෝ එකේ නිදිද ඉස්සරහින් ඇලවෙලා ගඟ වෙලා ඉන්නේ
ReplyDeleteනෑ ඒ අනිල් ගඟ, ඊට එහායින් ඇල වෙලා ගලා බසින්නේ නිදි ගංගාව.
Deleteහරියට හරි!
Delete//අච්චර විසාල තැනක් ගැන....... මට මතක තියෙන්නේ ඔච්චරයි කිව්වම කවුද අප්පච්චියේ හැබෑ ගන්නේ//
ReplyDeleteඒ ගැන එච්චර හිතන්න එපා. "උද්‍යාන වරුණාව" කියල මම අදහස් කලේ සවිස්තර "ටුවර් ගයිඩ්" එකක් නෙමෙයි. දැන් නිදිට මතක ටික තියනවානෙ, අන්න ඒ ටිකයි වැදගත්. ඔබ දුටු ලන්ඩනය, පිටස්තරයෙක් ලෙස ඔබට හැඟුන දෙය( වැරදි වෙන්නත් ඇහැකි, ඒත් අවුලක් නෑ), පොඩි "පර්සනල් ටච්" එකක් සහිතව ලියන දේ තමයි වඩාත්ම සුන්දර. සමහරවිට හයිඩ්පාක් කෝනර් එකේ ඔබදුටු නන්නාදුනන් වයලීන වාදකයෙක් ගැන විස්තරක් වුනත්, ලියන විදිහ අනුව අපූරු අත්දැකීමක් වෙනවා. දෙවේලේ දකින කරමලය වගේ හැමදාම එංගලන්තය දකින අජිත්ට වඩා ඒක වෙනස් වයි කියලා මට හිතෙනවා. මම කියපු දේ තේරුනාද මන්දා?😉🤔
මේ පැත්තේ ආවොත් වෙලාවක් ගිහින් දෙන්නම බලන කෝණයෙන් ලිව්ව හැකිනේ. කෝ ඉතින් ඇනෝ කෙනෙක් නිසා බැහැනේ වැඩේ. ප්‍රා ගියාද මන්ද. ප්‍රා ලව්වා ලියා ගමු
Deleteහා! මම දැක්කා ඌරෙකුත් පියාඹනවා.😂
DeleteThis comment has been removed by the author.
Deleteමොකක් ගැනද ඇහුවෙ?
Deleteමම ලොකු ටුවරිස්ටි තැන්වලට වඩා ආස ලන්ඩන් (සහ වෙනත් නගරවල ) තියන ඉතා කුඩා pocket park උද්‍යාන. ඒවා අති විශාල සංඛ්‍යාවක් තියනව. ඔෆිස් වල වැඩකරන අය දවල් කෑම ගන්න, ටුවරිස්ට්ලා ස්නැක් එකක් කන්න ගිහිල්ලා වාඩිවෙලා ඉන්න පොඩි තැන්.
වෝටර්ස්ටෝන් එකේ පොත් කියවලා (එක දවසක් පැය ගාණක් පොත් කඩේ වාඩිවෙලා පොත් කියෙව්වා ) කන්න ගිය තැනක් මේ . පිකැඩිලි ලඟ
https://www.ianvisits.co.uk/articles/londons-pocket-parks-southwood-garden-w1-41315/
තව ආස එකක් තමයි. Manor houses, castles , estates වලට අයිති උද්‍යාන
විම්බ්ල්ඩන්වල තියන ලස්සන එකක්
https://www.wimbledon-village.com/item/cannizaro-park/
විම්බ්ල්ඩන්වල කැලේ කෑල්ලකුත් තියනවකියල දැනගත්තෙ ඒපාර තමයි. Wimbledon and Putney Commons
https://www.wpcc.org.uk/
(ලිව්වා ඇති නේද බැස්ටියන්තුමා.
මේ කාලෙ එයාර් ටිකට් ගාණ දැක්කාම ඕවා මතක්වෙනකොට දුකයි. ආයි යන්න පුලුවන්ද කියලා බොහොම සැකයි.)
//ලොකු ටුවරිස්ටි තැන්වලට වඩා ආස ....කුඩා pocket park උද්‍යාන. ඒවා අති විශාල සංඛ්‍යාවක් තියනව. ඔෆිස් වල වැඩකරන අය දවල් කෑම ගන්න, ටුවරිස්ට්ලා ස්නැක් එකක් කන්න ගිහිල්ලා වාඩිවෙලා ඉන්න පොඩි තැන්//
Deleteඉතිම් හත්තික්කා-ඉලව්වේ මම මේ පුන-පුනා කිව්වෙත් එහෙම තැන් වල දුටු දේ ගැන ලියන්න කියල තමා. නිදිට දුකලු "ෆුල් ටුවර් ගයිඩ්" එක ලියන්න මතක නැති එක ගැන.😉
Deleteදනටාත් එකේක විස්තර ලියා ඇති හැමටම තුති!
තවත් අයටත් තම තමන් ආගිය- ඇසූ දුටු තැන් හා දේවල්- අත්දකීම් ගැන ලියන්නට සිත් පහල වේවා. එයාලාව දිරි ගන්වන බස්සා මහතාගේ 'මෝටිවේෂන්'වලට ඔවුන්ගේ සවන් යොමු වේවා.
"මැතිසඳාණෝ" ...........සුරුස්.............ඤැක්,ඤුක්( තාප්පෙ හැපුන සද්දෙ..)
ReplyDeleteලංකාවේ නං ගොඩක් තාප්ප කැඩුවනේ බස්සා මහත්තයෝ- පහුගිය කාලේ. (මම නං එකට කැමතිත් එක්ක.)
Deleteලංකාවෙ තිබුන කිව් උද්‍යානය. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ කිව් පැසේජ්, කිව් රෝඩ් තමයි
ReplyDeletehttps://roar.media/english/life/srilanka-life/the-slave-island-that-we-have-forgotten
ප්‍රා ගියාද මන්ද. ප්‍රා ලව්වා ලියා ගමු - කොළඹ මැලියංතුමා
DeleteUP
DeletePra Jay මහත්තයෝ, ඔයාට අමතක වෙලා. තවමත් ලංකාවේ කිව් හැදෙනවා හිටි ගමන්.....
Delete🤗👌
ReplyDelete🤗👌 ස්තුතියි! 🤗👌
ReplyDeleteනිමල් දවස් හයක් තිස්සෙ එකම පෝස්ට් එකක් විතරක් දාලා තියෙන්නෙ මොකද- අම්මගෙ වැඩ වලට එහෙ මෙහෙ යන්න වෙලාද කියලා හිත හිත මම ආවා විතරයි, නිමල් කමෙන්ට්ස් වලට රිප්ලයි කරලා. "එහෙම නොකර බැරි වුණේ, මේ වතාවෙත් අපි පාද යාත්‍රාවේ යෙදුනු නිසයි". නිමල්ගෙන් අපිට ඉගෙන ගන්න තියෙන දෙයක් තමයි කොච්චර අමතර වැඩ වැටුනත් තමන්ගෙ routine එක වෙනස් නොකිරීම හා තමන් කලින් commit කරලා තියෙන වැඩ වලට ඒ විදිහටම සහබාගි වීම.
ReplyDeleteඔව් Lotus, පාද යාත්‍රා ගමනේදී අපි එකෙක්කෙනාගෙන් කෙරෙන වැඩ කොටසක් තියෙනවනේ. බැරි බැරි ගණනේ වුණත් ඒ යුතුකම් කරන්නමයි හිත. අනෙක අපේ නඩේ හිතවතුන් තමයි හරි නං කියන්න ඕනි මට එන්නෙපා කියලා- මොන? ලබන අවුරුද්දෙත් මාව පහසුවෙන්ම එක්ක යන්න plan ගහනවා දැන් හිටම.
Deleteඉදිරි දවස් කිහිපයක්ම වස්ගමුවේ යන සහෘදයන් පිරිසකටත් එකතු වෙන්න වෙලා තියෙන්නේ. එයාලා මෙයාලා තමයි ඔයාලා වගේම මට අනුප්‍රාණය දෙමින් මාව දිරි ගන්වන්නේ.
බ්‍රිතාන්‍ය දූපත් ගැන පිංතූර විතරක් දැකපු අපි මොනවා ලියන්නද ඉතිං.
ReplyDeleteඅපි දන්න රුවන්වැලිසෑය, කළුදිය පොකුණ, ජේතවන වෙහෙර, මිහින්තලේ පුදබිම වගේ ඒවා ගැන නං කියන්න තිබුනා බණ්ඩයියාගෙ මිරිදිය ගෙස්ට්හවුස් එක ගැනත් එක්කම එතකොටවත් ආපහු ලංකාව මතක් වෙයිද බලන්න.
මිරිදිය ගෙස්ට් හවුස් එකට යන පාර ඇහුව හැටි මතකයිද අපේ මර්වින් ලොක්කා? එහෙදිනේ සහීඩ් අයියා මගෙ උරහිස නැති කළේ. කොහොමද අනුර ඒවා අමතක වෙන්නේ.
Delete