li Item

Tuesday, June 7, 2022

මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස

බෝට්ටුව කොහොම වෙතත්, අපව එල්ලන් ඉන්න තරමට ගහ හයියයි!

බෝට්ටුවක් කුලියට අරන් ඇලෙක්සැන්ඩ්රියාවට එනකං ගඟ පහළට එන්න හිතුණ. බෝට්ටුවට නැඟල තුන්වෙනි දවසෙ හිටි හැටියේම ගඟ ගලන්න පටන් ගත්ත.

සිය අවුරුද්දකට වතාවක් නයිල් ගඟ ගලන හැටි අහල ඇතිනෙ.
දෙගොඩ තළා ගොහිල්ලා
, ඊළඟ දවස වෙනකොට හැතැප්ම ගාණක් දුරට ගඟ දෑලේ මුළු රටම යට වෙලා. පස්වෙනි දවසේ පාන්දර හරස්කඩ අදින වෙලාවේ බෝට්ටුව පඳුරු ගොඩක පැටලෙන්න වාගෙ දැනුණ. හොඳට එළිය වැටුණහම බෝට්ටුව වටේටම තියෙන්නෙ කොට්ටම්බා ගස් ජාතියක්. ඒවගේ ගෙඩිත් පදමට ඉදිලා. පැණි බේරෙනවා.

නූලක ගලක් ගැට ගහල දියට දාල බැලුව අපි ඉන්නේ කොයි තත්ත්වේද කියල. පොළොවෙන් අඩි හැටකටත් වැඩිය ඉහළ. කොට්ටම්බා ගාල නිසා ඉස්සරහට පැදිල්ලකුත් නෑ- ආපහු යාමකුත් නෑ.
අටට නමයට විතර ඇති
, මම මේ වෙලාව කිව්වේ ඉර දිහා බලල හිතා ගත්තු හැටියට. හුළඟ අනහ කැරකුණ; බෝට්ටුව පැත්තකට ඇල වෙලා ගිලුණ. කලක් යනකං ආයිත් ඒක දකින්න හම්බ උණේ නෑ.

දෙය්යෝ අත ගැහැව්වා!
අපි ඔක්කොම බේරුණා. දන්න මිනිස්සු හය දෙනයි
, පොඩි එවුන් දෙන්නයි. ඔක්කොම ගහේ එල්ලුණා. බෝට්ටුව කොහොම වෙතත්, අපව එල්ලන් ඉන්න තරමට ගහ හයියයි.

මට ඔය ආර්.ඊ. රාස්ෆ් මහත්තයව චුට්ට වෙලාවකට හරි හම්බ වෙන්න තියෙනවා නං! මතකයිනෙ, උන්නැහේ තමයි The Singular Adventures of Baron Munchausen පොත ලිව්වේ. උන්නැහේ මේ පොත ලියද්දී- නයිල් ගඟ දෙගොඩ තළා යන හැටිත්, එතෙන්දී මැංචෝසන් සාමිතුමා ඇතුළු නඩය කොට්ටම්බා ගස්වල එල්ලිලා පණ බේරා ගත්තු හැටිත් මදිය නොකියන්නම පුම්බනවා.
මොන කෙහෙල්මලකටද ඒ විත්තිය මෙච්චර උඩ දාන්නෙ? සුමාන හයකුත් දවස් තුනක්ම ඒ නඩේ හිටියලු වවුලෝ වගේ එල්ලිලා. සුමාන 6 x දවස් 7 + දවස් 3 = දවස් 45 යි නෙව... දවස් 45 යි!

රාස්ෆ් මහත්තයාව මුලිච්චි වෙනවා නං, මම උන්නැහේට පෙන්නලා දෙනවා මෙහෙ තත්ත්වේ; සිරි ලංකාවේ හැටියට දවස් 45ත් කජ්ජක්ද කියලා.

කුජීතෙටම game එක කැරකිලා තියෙද්දිත්....

සේරෝම තුරුම්පු යට වෙලා; කුජීතෙටම game එක කැරකිලා තියෙද්දිත් අපේ උත්තමයන් වහන්සේලා, රෙදිත් ඇඳගෙන තවමත් යස අගේට බදාගෙන ඉන්න උජාරුව.... රටෙන් වැඩි හරියක් දවස් 60කටත් වැඩි කලක් තිස්සේ ‘පලයව්!’ කියද්දීත් එල්ලීගෙන ඉන්නේ.... අනේද කියන්නේ?
Xජ්ජ නැති රටේ - පනමට පොල් හැටේ කිව්වලුනේ.

ඔන්න, ඔන්න... නයිල් ගඟ ගලන කතන්දරේ...

... වවුලගෙ ගෙදර ගිය උදවියගෙ තාලෙට සුමාන හයකුත් දවස් තුනක්ම හිටිය. කන්න බොන්න හිඟ පාඩුවක් නෑ, එහෙන් කොට්ටම්බා ගෙඩි- මෙහෙන් ඇල්වතුර.

මෙහෙම හිටපු හතළිස් දෙවෙනි දවසේදී වතුර බහින්න පටන් ගත්ත, ගැලුවට වැඩිය ඉක්මනට. හතළිස් හයවෙනි දවසේ අපිට පොළොවේ පය ගහන්න වරං ලැබුණ. පළමුවෙන්ම දකින්න ලැබුණු සුබ ලකුණ තමා අපෙ ගිලිච්ච බෝට්ටුව. ගිලිච්ච තෙන ඉඳල යාර දෙසීයක් විතර එහායින් තිබුණ.

පලක් ඇති හැම දෙයක්ම අව්වෙන් වේලගෙන, බෝට්ටුවේ තිබිච්ච බඩුවලිනුත් අපට ඕනෑ දේවල් අතින් කටින් එල්ලගෙන අපි පිටත් උණා, ආපිට ගඟ පැත්තට යන්න. තාප්ප උඩින්, ගෙවල් උඩින් අපිව පාවෙලා ගිහිල්ල තියෙනවා- අඩුම ගාණෙ හැතැප්ම එකසිය පනහක්!

ළූණු සිවියකවත් ගනකම නැති සපත්තු දාගෙන පයින් කාල් ගාල, කාල් ගාල දවස් හතරකින් යාන්තං ගං ඉවුරට ඒ ගත්ත. අපට වෙච්ච හරිය එහෙ ආණ්ඩුකාරයට කිව්ව. උන්නැහේ ඕනෙ කරන අඩුවැඩිය හොයා දීල උන්නැහේගෙම බෝට්ටුවකින් අපව පිටත් කෙරුව. දවස් හයකට පස්සෙ ඇලෙක්සැන්ඩ්රියාවට ඇවිල්ල, අපි කොන්ස්තන්තිනෝපල් නුවරට නැවෙන් ගියා.

අන්තඃපුරේටත් මාව කැන්දන් ගියා. එසේ මෙසේ කෙනෙකුට ලැබෙන සැලකිල්ලක් නෙවෙයි ඒක.

මහ සිටාණෝ මාව බොහොම ඉහළින් පිළිගත්තා. අන්තඃපුරේටත් මාව කැන්දන් ගියා. එසේ මෙසේ කෙනෙකුට ලැබෙන සැලකිල්ලක් නෙවෙයි ඒක. ගිහිල්ල උන්නාන්සේම මාව අඳුන්නල කියල දුන්න.

ඩිටෝ සාමි තනි සිද්දියක් අල්ලගෙන එයාගෙ ජීවිත කතා පොතේ මහ දිග හෑල්ලක් ලියනව, මුළු ජීවිතේම ලෝකේ වටේ දුව පැන ඇවිදපු මිනිහෙක් කරන්න වාගෙ. කාලතුවක්කුවක උණ්ඩෙට අහු වෙලා ඒරොප්පෙන් ආසියාකරේට විසිවෙලා ගියත් මම නං නෑ ඒ ගැන කට ගහන්නෙ. මේ සාමිවරයා තුර්කියේ කාලතුවක්කුවකින් වෙඩිල්ලක් තියල කියවන තරං. මට මතක හැටියට උන්නැහේ කියන්නෙ මෙහෙමයි:

“මාළිගාව කිට්ටුව සිමොයිස් ගඟ අද්දර තුර්කිකාරයෝ හයි කරලා තිබුණ පිත්තලෙන් හදාපු කාලතුවක්කු පරුමානයක්. රාත්තල් එකොළොස් සීයක උණ්ඩයක් ඒකෙන් තියන්න පුළුවන්. මේකෙන් වෙන්නෙ මොකක්ද බලන්න වෙඩි තියන්නම හිතුණ මට. මේක කියාපු ගමන්ම වටේ හිටපු මිනිස්සු එකෙක් නෑර කුකුළා කැපුව වගේ වෙවුලන්න ගත්ත.
ඒ ගොල්ලෝ දිවුරල කිව්ව වෙඩිල්ලක් තිබ්බොත් මාළිගාව විතරක් නෙවෙයි, මුළු නගරෙම සුන්නද්දූලි වෙලා යයි කියල.

අන්තිමේදී බය ඩිංගක් අඩු වෙලා මට වෙඩි තියන්න ඉඩ දුන්න.

වෙඩි බේත්ම රාත්තල් තුන්සිය තිහකට වැඩිය ඕනැ උණා. කලින් කිව්ව වගෙ උණ්ඩේ බර රාත්තල් එකොළොස් සීයයි. ඉංජිනේරුවා පත්තු කරන්න වෙඩි බේත් අරගෙන ආවහම, අහළ පහළ හිටපු උදවිය කකුල් දෙකට වැඳ වැඳ දුවන්න උණා. මේකටම එක්ක ආපු ගෝලයව නවත්ත ගත්තෙත් මෙතන අවදානමක් නෑ කියල කනිපින්දන් කියලයි. මං කියන විදිහට වෙඩිල්ල පත්තු කරන්නෙ ඉංජිනේරුවා. එයාටත් රත් වෙලා. කාලතුවක්කුව පිටිපස්සේ ගල් බැම්මක් උඩට නැඟල මම සඟිඥාව දුන්න. බූමිකම්පාවක් වාගෙ පලාතම දෙදරුම් කෑවා. බඹ තුන්සීයකට එහාදී උණ්ඩේ තුනට කැඩුණ. කෑලි තුන මූදෙන් එගොඩ ගිහිං, කන්දෙ හැපිල ආපිට වීසි වෙලා මුළු වරායෙම වතුර උඩ පෙණ කන්දරාවක් නැග්ගෙව්ව.”

මේක තමයි මට මතක හැටියට ඩිටෝ සාමි කියන ලෝකෙම ලොකු කාලතුවක්කු කතාව. වැඩි කාලයක් නෑ, මම තුර්කියේ ඉන්දෙද්දී කවුද මට ඔය කතන්දරේ මතක් කළා, උන්නැහැගේ හිතේ හය්ය ගැන කියද්දී.

වීසි කරන්න අර අඳින කොටම චුට්ටක් අත ලිස්සල ගිහින් කාලතුවක්කුව වැටුණ හරියටම මූද මැද්දෙ!

ප්‍රංසකාරයෙකුට පරාද වෙන්න? අපොයි මට නං බෑ මැරූ තේකට.

මගෙ හැටිත් පෙන්නන්නං කියල ඔය කියාපු කාලතුවක්කුවම උස්සල කරේ තියාගෙන පැන්න මූදට. එහෙම්ම පීනුව එගොඩට. එගොඩ ඉඳන් මම ලෑස්ති උණේ තිබිච්ච තෙනටම ඒක වීසි කරලා දාන්න. අවාසනාවට වගේ, වීසි කරන්න අර අඳින කොටම චුට්ටක් අත ලිස්සල ගිහින් කාලතුවක්කුව වැටුණ හරියටම මූද මැද්දෙ! තාමත් ඒක එතන, ගොඩ ගැනුම් බොරු. මහ සිටාණන්ගේ යාළු මිත්තරයෙක් වෙලා හිටියත් වැඩක් උණේ නෑ. තුවක්කුව නැති වෙච්ච බව දැනගත්තු ගමන්, ඒකෙ අයිතිකාරය අණඥාවක් පිට කෙරුවා මගෙ බෙල්ල ගහල දාන්න. මගෙ විස්වාස සුල්තාන් දේවි කෙනෙක් මේ ආරංචිය මට හොරෙන්ම දන්නල, මාව මරන්න හොයන වෙලාවේ එයාගෙම කාමරේ මාව වසං කරගෙන හිටිය!

එදා රෑම පිටත් වෙන්න ඔන්න මෙන්න කියල තිබුණ නැවක නැඟිල පණ බේරගෙන වැනීසියට ආව.

මේ අන්තිමට කියපු කතාව කියන්න මගෙ ඒ තරංම කැමැත්තක් නෑ. ඒ හපන්කමට ගිහිල්ල පොඩ්ඩක් වැරදිල නොමැරී බේරුණේ අනූනමයෙන් නොවැ? ඒත් මට ඒකෙන් වෙච්ච අවනම්බුවක් නැති හින්ද, මොකටද හංගන්නේ කියලයි ඔහෙ කියා දැම්මේ.

නවවෙනි පිම්ම
බ්‍රිතාන්‍ය බලකොටුවකදී

ඒ ජිබ්රෝල්ටාව හතුරො වට කර ගත්තු කාලෙ. රොඩ්නි සාමි යටතේ එහෙ උදව්වට ගියා නැව් හමුදාවක්. මමත් ඔය එක්ක ගියා, මගෙ යාළුවා- එලියට් ජනරාල් මුණ ගැහෙන්න. මිනිහ තමා නගරෙ මෙච්චර කල් හතුරන්ගෙන් බේරගෙන හිටියේ. ඒකට එයාට ගරු නම්බුත් මදිය නොකියන්නම ලැබිල තියෙනව.

ටිකක් වෙලා ආගිය තොරතුරු දොඩල සන්තෝස වෙලා, මට හිතුණ බලකොටුවේ ආරස්සා කටයුතු බලන්න කියල. ඒ එක්කම හතුරන්ගේ කෙරුනුත් ටිකක් බලා ගන්න. ජනරාලුත් මා එක්ක ගියා. ඕන ඈතක අස්සක් මුල්ලක් ඇහේ තිබ්බා වගෙ බලා ගන්න පුළුවන් චීනක්කන්නාඩියක් මම ලන්ඩන් නුවරින් අරන් ගියා. මේක ඇහැට තියල බැලින්නං, එහා පැත්තෙ හතුරෝ අර අඳිනව රාත්තල් තිස් හයේ උණ්ඩයක් දාල වෙඩිල්ලක් මේ පැත්තට තියන්න. ජනරාල්ට කිව්වහම එයත් කන්නාඩියෙන් බලල කතන්දරේ තේරුම් ගත්ත.

කාලතුවක්කු දෙක අතරේ හරි මැදදී, උණ්ඩ දෙක එකට හැප්පුණ, හෙණ ගහන්න වාගෙ සැරේට.

උන්නැහැගේත් අවසර ඇතුව මම වහාම ගෙන්නුවා රාත්තල් හතළිස් අටේ උණ්ඩයක්. තුවක්කු සාස්තරේ මේ තරං කරල වරදින්න දෙයක් තියනවයැ? හරියටම එල්ලෙ බලල උණ්ඩෙ දාල තුවක්කුව ලෑස්ති කරල තිබ්බ.

මම හතුරන්ගෙ වැඩ බලාගෙන, තුවක්කුවට ගින්දර තියන්න ගිනිකූර ගහනවත් එක්කම- මෙහෙන් අපේ තුවක්කුව පත්තු කරන්න අණ දුන්න.

කාලතුවක්කු දෙක අතරේ හරි මැදදී, උණ්ඩ දෙක එකට හැප්පුණ, හෙණ ගහන්න වාගෙ සැරේට. හතුරන්ගෙ උණ්ඩේ ආපහු හැරුණ. ගිහින් වෙඩිල්ල පත්තු කරපු මිනිහව කලින්ම මරා දාපි, ඔළුව බඹ ගාණක් ඈතට වීසි කරලා. එතනින් ගියා බාබරි වෙරළට... යන පාරේදී තව දාසය දෙනෙකුට වග කියල. එතැන වරායේදී එක පෙළට තිබිච්ච නැව් තුනකම කුඹ ගස් කඩාගෙන යනකොට උණ්ඩෙ සැර තරමක්  බාල වෙලා. අන්තිමේදි වෙරළේ ඉඳන් යාර දෙසීයක් විතර ගොහින් දුප්පත් කුලීකාරයෙකුගෙ පැලේ වහලෙ හිල් කරගෙන බිමට පාත් උණා. කට බලියාගෙන උඩුබැල්ලෙන් පැලේ නිඳාගෙන හිටිය නාකි අම්මණ්ඩිගෙ ලොඹු කටේ ඉතුරු වෙලා තිබුණු දත් හතර පහත් ගලවල දාල, උණ්ඩෙ උන්දැගෙ උගුරෙ හිර වෙච්චි. උන්දැගෙ මනුස්සය ගෙදර ඇවිල්ල බොහොම දඬි පඬි ගහලයි, මේක උගුරෙන් අරං දැම්මේ.

අපේ උණ්ඩෙ එතැනින් නිකා හිටියෙ නෑ. අර උණ්ඩෙ ආපහු පන්නල, මම හිතාපු හැටියටම ගිහින් වෙඩිල්ල තියාපු තුවක්කුව එතැනින් ඉගිල්ලිල නැවේ පහළ තට්ටුවට වැටෙන්න වැඩේ කළා. තුවක්කුවත් වැටුණ වේගේ වැඩියි. නැවේ පතුල හිල් කරලයි නැවතුණේ. නැව වතුර පිරිල ගිලුණ. ඉස්පාඤ්ඤකාරයො දාහකට වැඩිය නැවත් එක්ක මූදේ!

ඇත්තටම මේක හිතුවට වැඩිය අපූරුවට සිද්ද උණා. මගේම හපන්කම නෙවෙයි. උගුල ඇටෙව්වේ නං මගෙ ඇමතිල්ලට තමා. මේ තරම් ලස්සනට කෙරුණේ පොඩි බැරි වීමකින්. වෙඩිල්ල පත්තු කරපු මිනිහ අතින් වැරදිල වැටිල තියෙනවා, ඕනෑ වගෙ දෙගුණයක් වෙඩි බේත්. එහෙම නොදැමෙන්න කවදාවත් හතුරන්ගේ උණ්ඩෙත් හරවල මේ විජ්ජාව කරන්න ලැබෙන්නෙ නෑ.

එදාම ඔක්කොම මුලාදෑනි එක්කහු වෙලා සාරෙට රෑ කෑමක් එහෙම සූදානං කරල....

මේ පුංචි වැඩේටම එලියට් ජනරාල් සූදානං උණා, මට හමුදාවේ ලොකු තානාන්තරයක් කර ගස්සන්න. ඔය ගරු නම්බුවලින් මට වැඩක් තියෙනවයැ? එදාම ඔක්කොම මුලාදෑනි එක්කහු වෙලා සාරෙට රෑ කෑමක් එහෙම සූදානං කරල මට බරට ස්තුති කෙරුව. ඒ ටික විතරක් මම බෑ නොකියා බාර ගත්ත.

මූණ ඉච්ඡාවට කියනව නෙවෙයි, ඉංගිරිසිකාරයන්ට මම කොතනත් අදිනවා. හොඳ නිර්බීත ජාතියක්නේ?

තව සුළු උදව්වක්වත් නොකර බලකොටුවෙන්  යන එක මගෙ හිතට මදි. සුමාන තුනකට විතර පස්සේ ඒකටත් මට වෙලාවක් ආවා.
පාදිරි කෙනෙක් වගෙ වෙස් මාරු කරගෙන, මහ රෑ යක්කු ගස් නඟින වෙලාවේ මම බලකොටුවෙන් ලිස්සුව. හතුරන්ගෙ මුරකාවල් මඟ ඇරගෙන උන්ගෙ කඳවුර මැද්දටම ඇදුණා. ඩියාටෝ කුමාරයාගෙ කූඩාරමට රිංගල බැලින්නං, එතැන බර රහස් සාකච්ඡාවක්, අණ දෙන නිලදාරියයි සෙසු මුලාදෑනියි එකතු වෙලා.

පහුවද උදේ පාන්දරම ඉංගිරිසි බලකොටුව පොඩි පට්ටම් කරන්නයි මේ ගොල්ලෝ මේ කැහැපොට කවන්නෙ. පාදිරි ඇඳුම මාව බේර ගත්ත. කතන්දරේ ඔක්කොම අහගෙන මට එතන ඉන්න ඒ ගොල්ලො ඉඩ ඇරිය. කුමන්තරණෙ හමාර කරල, එළි වෙන ජාමෙ හොඳ සෙල්ලමක් කරන්න හිතාගෙන, කවුරු කවුරුත් නිඳා ගන්න යනවත් මම බලාගෙන.

හාංකවිසියක් නොදන්නා මිනිහ වගේ බලා හිටිය. එකා දෙන්නා ටික ටික නින්දට වැටෙනව. මුරකාරයෝත් එක්ක හැම කෙනෙක්ම තුන් නින්දෙනුත් එහාට යනකල් ඉඳල මම පටන් ගත්ත මගෙ කටයුත්ත. කාලතුවක්කු එක එක බාල හැතැප්ම තුනක් විතර එහා මූදට වීසි කෙරුව. රාත්තල් විසි හතරේ, හතළිස් අටේ උණ්ඩ දාන තුවක්කු තුන් සීයකට වැඩියි. කිසි අත් උදව්වක් නැතුව කරපු මේ වැඩේ තමා, තුර්කියේදී කාල තුවක්කුව කර තියන් එගොඩට පීනුවාට පස්සෙ මට අහු වෙච්ච බරපතලම රාජකාරිය.

උන් කවුරුත් හිතුවෙ මුරකාරයන්ට පගාව දීලා, හතුරො ඇවිත් කරපු නස්පැත්තියක් කියල.

ඊළඟට කරත්ත සේරම ගෙනැත් කඳවුර මැද්දෙන් ගොඩ ගැහුව. රෝදවල සද්ද නඟිනවට කරත්ත ජෝඩුව, ජෝඩුව කිහිල්ලේ තියා ගෙනයි ගෙනාවේ. කරත්ත ගොඩ දිහාව බැලුවාම ගාම්බීර පෙනුමක්. ජිබ්රෝල්ටා ගල විතරම උහට. ගිනි කූරත් අරං වටපිට බැලින්නං යෝනකයෝ ඉස්පාඤ්ඤෙ ආක්කරමණේ කරපු කාලේ උන් හදාපු තාප්පෙක- අඩි විස්සක් විතර ඉහළින් තියෙනව ගිනිගල් පතුරක්. කාලතුවක්කු වල්ලක ආධාරෙන් ඕකෙන් ගිනි කූර පත්තු කරල, මේ ගොඩට ගිනි තිබ්බ.

හතුරන්ගේ වෙඩි බේත් කරත්ත එකක් නෑර කරත්ත ගොඩ උඩින් දැම්ම විත්තිය කියන්න බැරි උණ. ගිනි තියන්න කලියෙන් එක පාරටම ගිනි අල්ලන ජාති ඔක්කොම යටින් අඩුක් කරල හිටිය. ගිනි කූර පෙන්නනකොටම එතැන එක ගිනි ජාලවයි.

කාටවත් සැක හිතන්න ඉඩ තියන්න ඕනැය?
ඉස්සෙල්ලම අඬ තලන්න පටන් ගත්තෙ මම. කියන්න දෙයක් නෙවෙයිනෙ, කඳවුරේ හැමෝටම දෙලොව රත් වෙලා. උන් කවුරුත් හිතුවෙ මුරකාරයන්ට පගාව දීලා, හතුරො ඇවිත් කරපු නස්පැත්තියක් කියල. හතුරු බලකොටුවෙන් රෙජිමේන්තු හත අටක්වත් මේ වැඩේට එන්න ඇතිලු!

මේ වැටලීම ගැන විස්තර කරන එක ඉංගිරිසි මහත්තැන් කෙනෙක් කඳවුරේ හට ගත්ත ගින්නකින් හතුරන්ට වෙච්ච බරපතල අලාබයක් ගැන කියනවා.
ගින්නට මුළ මොකක්ද කියල උන්නැහැ කියන්න දන්නෙ නෑ.

කොහොමද දන්නෙ? තනි මම මගේ දෑතෙ වීරියෙන්ම එදා රෑ ජිබ්‍රෝල්ටාව ගලව ගත්තට කවදාවත් කට ඇරල මේ ගැන දෙඩුවේ නෑ. වෙන කාටවත් තියා එලියට් ජනරාල්ටවත් කිව්වෙ නෑ.
ඩියාටෝ කුමාරයයි පිරිවරයි දුවන්න උණා පණ අතට අරං. පාළොස් දොහක්ම පිම්ම අල්ලල පැරීසියට ගොහිල්ලයි පස්ස බැලුවේ.

මේ ගින්නෙන් ඒ ගොල්ල කොච්චර රත් උණාද කිව්වොත්,  තුන් මාසයක් යනකං ඇල් වතුරවත් පෙවෙන්නෙ නැතුව තිබුණ. කටුස්සෝ වගේ හුළං බිබී ජීවත් උණ.

මම පපුවට දහිරිය අරං පුපුරන්න ඉස්සෙල්ල උණ්ඩේ උස්ස ගත්ත! ගල් පොත්ත මුඳුනට දිව්ව ඒක අරගෙන.

ඔහොම ඔය ගිනි මැලේ ගහල මාස දෙකකින් විතර පස්සෙ දවසක එලියට් ජනරාලුයි, මමයි තේ බිබී ඉන්නව. පොඩි කාල තුවක්කු උණ්ඩයක් රිංගපි අපි ඉන්න කාමරේට.

(එදා කාල තුවක්කු විනාස කෙරුවට උන්ගෙ මේ පොඩි ජාතියේ තුවක්කු ඉවර කරන්න මට වෙලා තිබුණේ නෑ නොවැ!) මේසෙ උඩටමයි වැටුණේ.
ජනරාල් මොකද කරන්නෙ, පණ බයේ එළියට පැන ගත්ත. කාට උණත් කරන්න තියෙන්නෙ ඒ හරිය තමා.

මම පපුවට දහිරිය අරං පුපුරන්න ඉස්සෙල්ල උණ්ඩේ උස්ස ගත්ත! ගල් පොත්ත මුඳුනට දිව්ව ඒක අරගෙන. සතුරු කඳවුර දිහාට ඇහැ ගහල බැලින්නං, මූද අයිනේ පොඩි කඳු ගැටේක මිනිස්සු රංචුවක් ඉන්නව. මොකුත් ඇහැට නොදා බැලුවට උන් මක්ක කරනවද කියල තෝරාගන්න බෑ. චීනක්කන්නාඩිය දාල බැලුව තව හොඳට. අපෙ මුලාදෑනි දෙන්නෙක් එතැන. ජනරාල් කෙනෙකුයි කර්නල් කෙනෙකුයි. ඊයේ හැන්දෑවේ මාත් එක්ක එකට ඉඳල රෑ පාළොස් පැයට ඔත්තු බලන්න එහාට ඇදිච්ච දෙන්නනෙ මේ. හතුරන්ට අහු වෙලා! තව මොහොතෙන් පෝරකේට අරින්නයි උන්ගේ සූදානම.

උණ්ඩේ අතින් වීසි කරන්න බැරි තරම් ඈතයි මුන් ඉන්නෙ. අඬුව තියෙද්දී අත පුච්ච ගන්න ඕනැයැ. ගොලායත් මරන්න ඩේවිඩ් පාවිච්චි කරපු ඒ ගල් පටිය මා අතේ තියෙද්දී තවත් කල්පනා කරන්න දෙයක් තියෙනවය? උණ්ඩේ ගල් පටියට දාල වීසි කෙරුවා, හතුරෝ මැද්දට. වැටෙනවත් එක්කම පිපිරුව. හිරකාරයෝ දෙන්න ඇර අනිත් ඔක්කොම සුන්!

මේ දෙන්න බේරුණේත් ඉහළ එල්ලිලා හිටපු හින්දයි. උණ්ඩේ වැටෙනකොට දෙන්නගේ බෙල්ලට තොණ්ඩුව දාල, උඩ ඇරිය විතරයි. වෙලාවේ හොඳකම තමා. උණ්ඩ කෑල්ලක් ගිහිල්ලා පෝරකේ මුල වැදිච්ච තදට මිනිස්සු දෙන්න බිමට පාත් උණ.
පොළොව පෑගිච්ච හැටියේම අපේ ඔත්තුකාරයෝ දෙන්න බැලුව වටපිට මොකද මේ වේගෙන එන්නෙ කියලා. වදකයෝ ඔක්කොටම කලින් පණ ඇදල. දෙන්නට දෙන්න මරුවැල් ලිහවගෙන වැල්ලට දිව්ව. ඉස්පාඤ්ඤකාරයො දෙන්නෙක් හිටියා බෝට්ටුවක් පැද පැද.... ඒකට පැනගෙන උන් දෙන්න ලව්ව අපේ නැවක් ගාවට පද්දව ගත්තා.

ගිරීස්ම ඉර්තුවේ දවසක හවස් වරුවේ මම නනා හිටිය මාර්සේල්ස් නුවර කිට්ටුව මූදේ....

විනාඩි හතර පහකට පස්සේ, එලියට් ජනරාල්ට මම කතන්දරේ කියනකොට, මේ එල්ලුම් ගහෙන් කඩා වැටිච්ච දෙන්න ඇවිල්ල මාව බදාගෙන මට බොහොම ස්තුති කළා. අපිත් උන්නැහේලගෙ මාරකේ පැනපු එක ගැන සන්තෝස උණා. එයින් පස්සෙ එදා දවසම විනෝදෙන්!

ආයිත් දවසක මද්යදරණි මූදෙදි මාව නොමැරී බේරුණේ අපූරු විදිහකින්.

ගිරීස්ම ඉර්තුවේ දවසක හවස් වරුවේ මම නනා හිටිය මාර්සේල්ස් නුවර කිට්ටුව මූදේ- දැක්ක කෙනෙකුට නොනා යන්න හිත් දෙන්නෙ නෑ. ඔය නාන අතරේ විශාල මාළුවෙක් පිඹගෙන ආවා මා දිහාවට, හොඳටම කට බලියාගෙන. බලා ඉන්න වෙලාවකුත් නෙවෙයි, මඟ අරින්න කිසිම විදිහක් ඇත්තෙත් නෑ. මම එතැනම ඉඳන් පුළුවන් තරම් ගුලි ගැහුණ, කකුල් දෙකයි- අත් දෙකයි නවාගෙන. ඔය තාලේටම උගේ කට අස්සෙන් බඩ ඇතුළට ගියා.

එහෙම ගියාම මැංචෝසන් සාමිට දැනෙන්න ඇත්තේ කොහොමද? මාළුවාගේ බඩ ඇතුළේ එළියක්, ලන්තෑරුමක් තියෙන එකක්යැ? අතපය දිග ඇරලා ඉන්න ඉඩක් තියෙනවයැ? තනියට; කතාබහට කෙනෙක් ඉන්නවා කියලයැ....

ඔන්න ඔය වගේ මස්තබාල්දු ගතියකින් තමයි මේ ටිකේ නිදිගෙ පංච තන්තරේ ලියන්නාත් කල දවස ගෙවන්නේ.

රටේ හැමෝටම වගේ දැනෙන අවිනිශ්චිත- අසහනකාරී හැඟීම එහෙන්.
ශෝකාකූල හිතිවිලි මෙහෙන්. නෙවිල්ලගේ අම්මත් අන්තරා වුණානෙ, මැයි 27 හවස. ඒ ගැන නං අපි කාටත් තිබ්බේ දුකකට වඩා සැනසිලිදායක ගතියක්.
26 වෙනිදා හවසත් දොස්තර මහත්තයයි, නෙවිලුයි, මායි අපේ ගෙදරදී ඒ අම්මා ගැන කතා වුණා.

“මචං, දැන් අම්මා දවසටම තේ කෝප්පයක් විතර බොන්නේ. ඒකත් එක සැරේට නෙවෙයි. දහ දොළොස් වතාවකට... දවසටම බනිස් ගෙඩියක්වත් කන්නෙ නෑ....” නෙවිල් කිව්වේය.
“ඇඳේම ඉන්නකොට බඩගිනි වෙන එක එහෙම අඩු ඇති....”
“ඒ සේරටම වැඩිය පීරිස්, අම්මව හෝදවන්නවත් විදිහක් නැති වේගෙන එන්නෙ මචං. අතකින්වත් අල්ලන්න දෙන්නෙ නෑ. රිදෙනවයි කියලා බෙරිහන් දෙනවා. එයාගෙ මුළු ඇඟම රිදෙනවලු.”

ජීවිතය යනු හමුවීම් පමණක්ම නොවේ. වියෝවීම්ද ජීවිතයේම කොටසකි!

“බෙඩ් සෝර්ස් එහෙම නැහැ නේද?”

“නෑ පීරා. ඒත් දැන් දවසක දෙකක ඉඳලා අම්මගේ කකුල්වල දණිස්වලින් උඩ හරිය ඉදිමෙන්න අරං...” නෙවිල්ගෙන් එහෙම කියවුණාම නම්, අයස්මන්ත මහත්තයාට හීල්ලුණේය.
“මම හෙට රෑට එන්නං අම්මව බලන්න. හැබැයි රෑ දහයවත් වෙයි.... මට දැනෙන විදිහට නම් මචං, ඔය ලකුණු එච්චර හොඳ නෑ. ඔය තත්ත්වෙන් නම් අම්මා තව මාස දෙකක්වත් අල්ලං ඉන්න එකක් නෑ!”

දොස්තර මහත්තයාගෙන් ඒ අනාවැකිය කියවිලා දවසක් සපිරෙන්නටත් කලින් නෙවිල්ලා අම්මා මෙලොව හැර ගියාය.

ඒ ආරංචිය ලැබෙන්නට පැය බාගයකට පෙරය, තව මරණ තුනක් ගැන තොරතුරුත් මට ලැබුණේ. ඒවායින් දෙකක්ම මට වඩා ගොඩක් වයසින් අඩු අය ගැනයි. හිතවතුන්ගේ වියෝගයන් ගැන එකවිට; එක දිගට අසන්නට ලැබීම මොන තරම් අභාග්‍යයක්ද?

එහෙත් ජීවිතය යනු හමුවීම් පමණක්ම නොවේ. වියෝවීම්ද ජීවිතයේම කොටසකි!

“මං නැති දවසක අපේ චූටිව බලා ගන්නෙ කවුද ළමයෝ...” ඉස්සර හිටියයින් බාගයක්වත් නැති තරමට කෘශවී; වැහැරී; දුර්වලවී සිටියදීත් නෙවිල්ල අම්මා කියමින් සිටියාය. මැරෙන මොහොත තෙක්ම අම්මා හිතමින් හිටියේ එයා තමන්ගේ චූටි පුතාව රැකබලා ගනිමින් ඉන්නා බවයි. දාරක ස්නේහය එතරම්ම බලවත්ද?

මම ඒ මාතාවගේ මෘත දේහයට අවසන් සමාචාර නොදැක්වීමි. ඒ සඳහා සිත එකලස් කර ගැනීමට මට නොහැකි විණි.

මං සතියක්ම මළ ගෙදර නිදි වැරුවේ, No Parking තුවාලත් පිටින්මය. (ගෝඨා ගෝ ගමේ අරගල බිමේදී අහම්බෙන් මට සිදු වුණු ඒ අකරතැබ්බය දැනගත්තෝ මළ ගෙදරදී ‘නෝ පාර්කින්’ නමෙන් මා අභිෂේක කෙරුවෝහ. 
ඒ අස්සෙම ‘වෛරස් උණ’කුත් මට බැට දුන්නේය.
ඔය සේරම අතරේ මේ දවස්වල දවස තිස්සෙම කඩින්-කඩ චුරු-චුරු වැසිය. තෙතබරි දවස්වලට මා නම් හොඳටම අකැමතිය!

එහෙම තියෙද්දීය මේ පෝස්ටුව ඔබ වෙනුවෙන් කෙටුවේ.... ඉතිං, අදට මේ ඇති නෙව...

23 comments:

  1. යන්න වෙලාව එනකොට කාටත් යන්න වෙනව නිදි. ඒකට වයස ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
    නෙවිල්ගේ මවට නිවන් සුව පතමි !

    ReplyDelete
  2. //රටේ හැමෝටම වගේ දැනෙන අවිනිශ්චිත- අසහනකාරී හැඟීම//
    හ්ම්....🤔😒

    https://kolambagamaya.blogspot.com/2022/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ, ඉස්සෙලාම blog වට වන්දනාවේ ගිහිල්ලා ඉවර වෙලයි මේ මගේ ගෙපැලට ආවේ.
      Link එකකින් මතු කරවන්නට තරම් වටිනා,
      අජිත් මහත්තයාගේ ලිපිය හරිම සංවේදී එකක්, හද පාරවන මතකයන් අවුස්සන......

      Delete
  3. ඉස්සර ගල්බෝල දාල වෙඩි තිබ්බලු

    ReplyDelete
    Replies
    1. කොරෝනා කාලෙ කළ තවත් විපතක් තමයි ඒ......

      Delete
  4. මැන්චෝසං..., ජොන්ස්ටං F., බී. ජොන්සං.., ජස්ටිං T.., එකම අත්තෙ කුරුල්ලො වගේ.

    "මම ඒ මාතාවගේ මෘත දේහයට අවසන් සමාචාර නොදැක්වීමි. ඒ සඳහා සිත එකලස් කර ගැනීමට මට නොහැකි විණි". ඒකේ කිසිම වැරැද්දක් නෑ. තමන් හැමදාම ආදරෙන් කරුනාවෙන් සලකපු කෙනෙකුට අවසාන ගෞරවය නොදැක්වුවා කියලා ලොකු දෙයක් මිස් වෙන්නෙත් නෑ නේද (හදිසි මරනයක් නම් ඉතින් වෙනස්).

    ReplyDelete
    Replies
    1. හුඟක් වියෝවීම්වලදී මිනිස්සු පුරුදු විදිහටම මූණු බේරී කරගෙන ඉන්න, කෙඳිරිලි හඬින් මුමුනන්න ඔනියි කියලා තමයි තවම හිතන්නේ. කෙනෙකු පණ පිටින් හිටිද්දී කළ යුතු යුතුකම් නොකරපු නිසා වෙන්නැති ඒ වැඩි දෙනෙක් වැඩියෙන් දුක් වෙමින් රඟන්නේ....
      නෙවිල් කරපු තරමට නං දෙයක් මටවත් කරන්න බැහැ Lotus, මම කොච්චර බණ කිව්වත්.

      Delete
  5. කතාව රස වින්දාට අවසානයේ කියලා තියන නෙවිල්ගේ අම්මගේ මරණය ගැන කියෙව්වාම ඇතිවෙන්නේ ලොකු කනගාටුවක්. ඒ අම්මාට නිවන් සැප!

    මේ අස්සේ මට මතක් උනේ, ඔයාගේ බෙහෙත් එහෙම කොහොමද?? ඒවා හොයාගන්න තියනවාද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Sam මහත්තයෝ. පහුගිය දෙදොහේ ප්‍රතිකාර ගන්න හම්බආන්තොට ගිහින් හිටලා ඊයේ රාත්තිරියෙයි ආවේ. මම නම් ගියේ නොගිහින් බැරිකමට. දොස්තර මහත්තයා- නෙවිල් ඇතුළු හිතවතුන් ගොඩකට පිටු පාන්න බැරිකම නිසා.
      මට වඩා තරුණ- දිගු කලක් ජීවත් වීමට තියෙන රෝගීන්ට ඉඩ දීලා, අපි ඉවත් විය යුතු බවයි මගෙ නම් අදහස... දිගටම ප්‍රතිකාර ගැනීම වැරද්දක් විදිහට දැනෙන බව මම මට ප්‍රතිකාර කරන දොස්තර මහත්මියටත් කිව්වා. ඒකෙන් වුණේ එතුමිය මට depress ගතියක් තියෙනවය කියලා- තවත් වෛද්යවරයෙක් වෙතටත් යොමු කරවීමයි!
      මගේ ප්‍රතිකාර කරන දොස්තර මහත්මිය නම් කිව්වා 'ඔයා බෙහෙත් නොගෙන ඉන්න ඕනි නෑ, අපි අමාරුවෙන් හරි අපේ ලෙඩුන්ට බෙහෙත් හොයාගෙනයි තියෙන්නේ' කියලා.

      Delete
    2. පරක්කු උනත්, මේක //හම්බආන්තොට// දැක්කාම කලකට පෙර කියවපු බ්ලොගයක තිබුන තොරතුරක් මතක් උනා.

      සුනිල් කන්නංගර මහතා ලියාපු දිසාපති පන්හිඳ බ්ලොගයේ, හම්බන්තොට නම හැදීම සිදු වෙලා තියෙන්නේ හම්බ(මුස්ලිම්)යන් ආ නිසා (හම්බයන් + ආ + තොට) නොවන බවත්, හම්බාන් (ඒ නමින් හැඳින්වුන ඔරු විශේෂයක්) ආ තොට නිසා හම්බන්තොට වූ බවත් කියවූවා වාගේ මතකයි.

      ඒ බ්ලොගය නැවත කියවන්න ලැබුනොත් මේක ස්ථිර කරන්න පුළුවන්.

      Delete
  6. නෙවිල් ට මගේ සාතිශය සංවේගය පළ කල බව කියන්න. ඒ ටික කියවන්න කලින් වෙන කොමෙන්ට් එකක් දාන්න හිටියත් දැන් ඒක ලියන්න හිතෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. නෙවිල්ට කියන්නම්, අජිත්. ස්තුතියි!

      Delete
  7. අනේ නෙවිල් තුමාට මගේ සාතිසය සවේගයත් දන්වන්න. එතුමිය නිවන් සුව හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  8. පොස්ටුව සම්බන්ධව අදහසක් ඕනෙම නම් අවංකව, කෙලින්ම කියන්නම්. මැංචෝසන් චාරිකා නවත්වා වෙනත් post මාලාවක් ලියන්න. ඒවා ගොඩක් වැදගත් වෙයි කියවන්න එන අයට....
    කොලොම්පූර් අසන්ග සහ පෂා බතික් ගැනත් ලියන්ට කීව නෙ

    ReplyDelete
    Replies
    1. මමත් මේකම කියන්න ගිහිල්ල නිකන් හිටියා. මේ පෝස්ට්ස් මාලාව එන්ජෝයි කරන හුඟක් අය ඇති. මම නම් මේ සැරේ හා ගිය සැරෙත් කියෙව්වෙ නිමල් දාපු කොටස් විතරයි. පාඨකයින්ගෙ රසය විවිධ නිසා මුකුත් කියන්න හොඳ නෑ වගේම නිමල් මේ කතා මාලාව දාන්න තීරණය කල හේතුවකුත් ඇතිනෙ. නමුත් මගේ අදහසත් මේකමයි.

      Delete
    2. කෝ බහුතරේ පෙන්නන්න....... වෙන අයත් ඉදිරිපත් වෙන්න.

      Delete
    3. අදහසට එකගයි. ලෝටස් සේම මාත් කියවන්නේ නිදිගේ කොටස් පමණි.
      බතික් ගැන පොස්ටුවක් ලිවිමෙන් අඩුමතරමේ එකෙක් හරි මේ ව්‍යාපාරය කරන්නට පෙලබෙයි. ඉන් රටට ඇවැසි ඩොලරයක් හරි ලැබේවි.

      කොළොම්පුරේ අසංග

      Delete
    4. නමී, අසංග, Lotus.
      ඔයාලා තුන් දෙනාටම ස්තුතියි අවංක අදහස දැක්වීම වෙනුවෙන්.
      මේ posts මාලාවේ (පොතේ) රසවත් බව දැන්-දැන් අඩුවෙන් දැනෙන බව මාත් පිලිගන්නවා. ඒ නිසාමයි ඉක්මනටම ඉවර කරන්න බලාගෙන පොතේ අන්තර්ගතය වැඩියෙන් එක post එකකට දාන්නෙත්.
      ප්‍රතිචාර අඩු වුණත්, මේ දිනවලත් පිවිසුම්වල එතරම් අඩුවක් පෙන්වන්නේ නෑ. පසුගිය දින 11 ට පිවිසුම් 1050ක්.
      අනිත් අතට මේ පොත කියවාගෙන එන අයට අසාධාරණයක් වෙන නිසා මේ posts අතරමඟින් නැවත දමන්න හිත එකග කර ගන්න බැහැ. (මම මුලින් කළ තක්සේරුවේ වැරද්දට දඬුවම් විඳිය යුත්තේ මමයි.)
      බතික් ගැන නම් නෙවෙයි, තවත් ලියන්නට බොහෝ දේ ගබඩාවේ තියෙනවා. එව්වා ගැන ඉක්මනින් ලියන්නම්.
      මැංචෝසන් චාරිකා ඉවර වෙන්නට කලින්ම ඒක පටන් ගන්නම් ඔයාලගේ අදහසටත් ගරු කරලා. එහෙම හොඳයි නේද?

      Delete
    5. පිවිසුම්වල අඩුවක්වත්, ප්‍රතිචාරවල අඩුවක්වත් නෑ. එත් වඩා අර්ථවත් දේ විය යුතුයි කියන එකයි මගේ අදහස.

      Delete
    6. ජීවිතේ අරුත්බර වෙන්න ඕනි කියන එකත් එක්ක මාත් 100% ක් එකඟයි. හැබය් මට නං ඒ අස්සේ පොඩි බොළඳකමකුත්- සරලකමකුත් තියෙන්න ඕනි. එතකොටයි ගති. නැතිනං බෝරින් වගෙයි, නමී.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්