li Item

Tuesday, November 15, 2022

තිහේදී... -හත්වෙනි කොටස

ඔහොම ගෙවුණු මගේ අතිශය ශෘංගාරාත්මක, රහසිගත, දෙබිඩි ජීවිත අත්දැකීම්වලින් බොහොම ටිකයි මම මෙහෙම postsවල ලියන්න තෝරා ගන්නේ. නැති නම් එහෙම ‘නිදිගෙ පංච තන්තරේ’ මකුණා පොත පරද්දන එකක් වෙයි.

එහෙම ලියන්න හිතාගෙන ඉන්න ටික වුණත් පොඩි නෑ!

එහෙම වුණත්, මගෙ sex life එක හරහා ‘බොහෝ දෙනා කතා නොකරන පැති’ ගැන තරමක් දුරට හරි කතා කෙරෙනවයි කියලයි මට හිතෙන්නේ...ඉතිං ඒ නිසා... තමයි මමත් විවෘතවම, සභ්‍ය භාෂාවෙන් (සමහරු අසභ්‍යයි කියන) කරුණු කතා කරන්නේ, No Nut නොවැම්බරයේදී.

අපි ගොඩ දෙනෙක් නං තවමත් අවුරුදු දෙදහස් පන්සීයකටත් එහා යුගයෙ ඉන්නවා වගෙයි.

No Nut කතන්දරය ඇදල ගත්තේ නිකම්ම නිකං නෙවෙයි. අපි ගොඩ දෙනෙක් නං තවමත් අවුරුදු දෙදහස් පන්සීයකටත් එහා යුගයෙ ඉන්නවා වගෙයි. වෙන හුඟක් රටවල එහෙම නෙවෙයි. අලුත් සංකල්ප හොයා ගන්නවා. එව්වා ක්‍රියාවටත් නංවනවා.

එහෙම දෙයක් ගැන මේ විස්තරය ලියා තියෙන්නේ හිතවත් සංජේ රණවක, fb එකට. මං මෙතනට ගන්නේ ටිකයි. ළඟක හිට සංජේත් blog රචකයෙක් හෙවත් ‘බොග දාන්නෙක්’ වෙලා ඉන්නේ Geekdom.lk අඩවිය ලියන්න පටන් අරගෙන.

‘... 2010 - 2011 වසරේ දී Raddit කියන සමාජ මාධ්‍ය හරහා තරුණයින් පිරිසක් එකතු වෙලා පොඩි සංස්කෘතික අංගයක් ලෝකයට හඳුන්වලා දෙනවා. ඒ තමයි 'No Nut November (නෝ නට් නොවැම්බර්)' කියන්නේ. ගැහැනු ළමයින්ට නම් මේ සංස්කෘතික අංගය අදාළ නැහැ. මේ දවසත් හරියට ගැහැනු ළමයිගේ No Bra Day වගේ.

මේක ආරම්භ කරපු කාලේ ඉඳලා තියෙන්නේ 100ක්, 200ක් වගේ පොඩි පිරිසක්. හැබැයි කාලයත් එක්ක මේක ව්‍යාප්ත වෙන්න අරන් සමාජ මාධ්‍ය හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකතු වුණා. අද වෙද්දි ලෝකයේ බොහෝ රටවල තරුණයන් අතර ප්‍රසිද්ධ සංස්කෘතිකාංගයක් වෙලා කිව්වොත් හරි.

මේ කාලේ මොකක්ද වෙන්නේ?

ඇත්තටම කිව්වොත් නොවැම්බර් මාසය පුරාවටම කිසිදු ලිංගික ක්‍රියාකාරකමක නොයෙදී ඉන්න එක තමා මේ සංස්කෘතික අංගයේ අරමුණ වෙන්නේ. ඒ කියන්නේ ස්වයං වින්දනය (masturbation), ලිංගික එක්වීම් (Sex) සහ ශුක්‍රාණු විසර්ජනය (ejaculation) කිරීම නවත්වන එක වගේ දේවල් කරනවා. තරුණයෙක් ස්වයංව තමන්ගේ ලිංගික ක්‍රියාකාරකම් පාලනය කරගන්නවා කිව්වත් හරි...’

ඔහොම ‘කෙළෙස් තවන සංස්කෘතිකාංගයක්’ හරි අපේ රටට හඳුන්වල දෙන්න ගියොත්... ඒ ගැන කතා කරන්නත් කලින්ම- කියන අයව අල්ලාලා; කටු සැමිටියෙන් තලාලා දඬු කදේ ගහන්න පටන් ගන්නවා බුදු ෂුවර්!
පේනවනේ ටීචර්ලට සාරියම අන්දවලා තියන්න වලි කාපු හැටි, අපේ මුර දේවතාවුන්නාන්සේලා!

මල් ආසනයක් උඩින් තව තවත් මල් තැන්පත් කෙරෙනවා. කුණු ගොඩකටනෙ තව තවත් කුණු වීසි කෙරෙන්නෙ. දන්නවද, ඒ වගේමයි, මේ ලියන දේවල් සම්බන්ධයෙනුත් කරුණු-කාරණා සිද්ධ වෙන්නේ. මේ ලියන මට නං!

ඒකට සමූහ අපහරණයක් කියන එක අසාධාරණයි කියල- දිගින් දිගට හිතද්දී...

මං යමක් ගැන ලියන්න ගත්තාම, තව තවත් අදාළ කරුණු දාහක් එකතු වෙනවා හිතවතුන්ගෙන්; ප්‍රතිචාරවලින් හා අහම්බෙනුත්. එතකොට ඒවායෙනුත් චුට්ට චුට්ට හරි මගෙ postsවලටත් ගන්න හිතෙනවා. හැබැයි ඒ නිසා හිතාදර පාඨක ඔබට අසාධාරණයක් වෙන්න දෙන්නත් හොඳ නෑනෙ. එහෙම වෙලාවට පෝස්ටුව ටිකක් දිගට ලියවෙනවා, මගෙ කතන්දරේ කීමත් අඩු නොකර.

ඒකට කමක් නෑ නේද?

මං කිව්වෙ, “යාළුකියල කතා කරන උංගෙ කිසි යාළුකමක් නෑ කියලා. දේමිත්තයා උගෙ යාළුවෙකුට නිදි සෙට් කරලා, අන්තිමේ සමූහ අපහරණයක් කරලා තියෙන්නෙ. (තරහ වෙන්ඩ එපා නිදි එහෙම කිව්වට. මට දැනුණු පොල්ලෙන් ගහනව වගේ ඇත්ත මං කිව්වෙ). මට හිතෙන්නෙ ඔය වගේ අපහරණ ඉස්සර කාලෙ සුලභයි, මොක ද ස්පා වගේ දේවල් ඒ කාලෙ තිබුණෙ නැති නිසා, සමකාමී නොවුණත් පිරිමි අතට අහුවෙන හැම කෙනෙක්ම යොදාගත්තා කියල තේරෙනවා, තමන්ගෙ උවමනාවන් ඉෂ්ට කරගන්න. ඒකයි ඔය දේමිත්තයත්, නිදිගෙ මානසික අවශ්‍යතාව හරියට තේරුම් නොගත්තෙ. මොකද, උගෙ උවමනාව තියෙන්නෙ වෙන දේකට.’
‘තිහේදී... -පස්වෙනි කොටස’ට comment එකක් එවමින් ‘ඩ්‍රැකීගේ අඩවියේ’ හිතවත් ‘ඩ්‍රැකී’ කියා තිබුණා.

‘සමූහ අපහරණයක්’.

මගෙ සම්බන්ධයෙන් නම්, ඒකට සමූහ අපහරණයක් කියන එක අසාධාරණයි කියල- දිගින් දිගට හිතද්දී මට දැනුණා ඩ්‍රැකී. දේමිත්ත වැරැද්දක් කළාය, කියලවත් ‘සමූහ අපහරණයක්’ වුණාය කියලවත් කියන්නේ කොහොමද- මගෙත් අනුමැතිය එයාලට දුන්නුකොට. ඊට පස්සෙත් ඒ වැඩේම සිද්ද වුණුකොට?
මට මතක් වෙන විදිහට මාව අපහරණය කෙරිලා තියෙන්නේ හතර වතාවයි.
1. අවුරුදු හයටත් කලින්
ෂර්ලි වෙතින් අපයෝජනය වීම
2. ගෙදරින් පැන ගිය ගමනේදී
විලියම් අයියාට ගොදුරු වීම
3.
රණවකගේ බලහත්කාරය
4. ඩග්ලස්ගේ
පිම්පිකම නිසා විකිණෙන්නට වීම

ඩ්‍රැකී මහත්තයෝ, මාත් ‘පොල්ලෙන් ගහනවා වගේ’ මගෙ පැත්තෙන් ඇත්ත කියනවට ඔයා තරහ ගන්නේ නැහැ නේද?

ඉතිං, අර තුන් යහළුවන් ගැන කියනවා නං...
මගෙ වැඩිම ආකර්ශණයක් ලද මිතුරා; දේමිත්ත, මාව එයාලගේ ගෙදරටත් එක් කර ගෙන ගියා.
වැරදි දෙයකට, අසම්මත දෙයකට අවස්ථාවක් උදා කර ගන්න හෙම නෙවෙයි. හිතවත්කම වැඩි නිසා. එයාගේ පවුලේ අයට මාව අඳුන්නල දෙන්න. ඒ ගෙදර හැමෝමත් මාව පිළිගත්තේ හරිම ආදරෙන්.

එයාලා හරිම සරල; ගැමිකම තිබුණු උදවිය!

ඊට පස්සෙයි ඒ විසඳුමේ විදිහට, ටිකෙන්-ටික මගෙ ලෝකය දෙකට බෙදෙන්න පටන් ගත්තේ.

“මම අපේ මදාවි හාදයව නං දැන් අතෑරලා දාලයි ඉන්නේ. හදන්න බෑ! ඔය ළමයාට ඇහැකියි නං අපේ එකාටත් උගන්නන්නකො ටිකක් ඔය වගේ තැන්පත්ව හැදෙන්න.” එහාට ගිය වෙලාවක දේමිත්තලගෙ තාත්තා මට කිව්වම... මම ඉවසගෙන හිටියේ පොළොව පලාගෙන මකබෑ වෙන්න බැරිවයි.  

හොඳ තැන්පත්!
සාන්ත දාන්ත අහිංසක බෝ පැලේ!! එයාල දෙබිඩි මගේ හැබෑ විදිහ දැනගෙන හිටියා නං... ආයේ ඒ පැත්ත පළාතකට මේ නසරානියව වැද්ද ගන්න එකක් නෑ.

ඒ වගේ කෙරුණු මගෙ දෙබිඩි රංගනයේ සාර්ථකත්වය කොච්චරද කියනවා නං, දේමිත්තගේ සියලුම සහෝදර සහෝදරියන් මගෙ හිතවතුන් වුණා. දේමිත්ත නැති වෙලා දැන් අවුරුදු 26ක්. ගිය සුමානෙත් එයාගේ මල්ලී කෙනෙක් බිරිඳත් එක්ක අපේ ගෙදර ඇවිත් ගියා. (ඒ මල්ලිට පළමු රැකියාව හොයලා දුන්නෙත් මං. එයාලා blogs නොකියවන හින්දා වෙන්නැති, සමුගෙන යද්දී- වෙනද වගේම ගරු-සරුවෙන් මට වැඳලා එහෙම ගියේ.)

මගේ හෘදය සාක්ෂිය ඒ වගේ වෙලාවලදි මට ගොඩාරියක් වද දෙනවා.
(අද ඉන්න ගොඩක් දෙනාට නං සාක්කියක් තියා හෘදයක්වත් නැති පාටයිනෙ.) ‘උඹට ඔය තරම් සැලකිලි ලබන්න වටිනවද. ඒ තරමට උඹ හොඳයිද?’ මගෙ යටිහිත කෑ ගගහා ඇහුවා. / අහනවා.

ඔහොම නොලැබිය යුතු තරමේ ගරු-සරු කිරීම් ලැබෙනකොට මටත් පොඩ්ඩක් හරි වෙනස් නොවී ඉන්න බැරි වුණා. මොකද කරන්නේ... මං විසඳුමක් හෙව්වා; ලැබුණා. ඊට පස්සෙයි ඒ විසඳුමේ විදිහට, ටිකෙන්-ටික මගෙ ලෝකය දෙකට බෙදෙන්න පටන් ගත්තේ.

එක කොටසක හිටියේ අපේ පවුලේ අය, අසල්වැසියෝ, නෑදෑ හිත මිත්‍රයෝ හා සාමාන්‍ය සමාජ සබඳතා සහිත උදවිය. අනෙක් අර්ධය එහෙම පිටින්ම වගේ වෙන් වුණේ මගෙ රහසිගත ලිංගික සගයන්ටයි. මේ විදිහට වචනවලින් කියන්න ලේසි වුණාට, එහෙම බෙදා වෙන් කරන එක එච්චර ලේසි කෙරුවාවක් වුණේ නෑ. (ආදර පූජාසනේ posts කියවපු අයට මතක ඇතිනෙ, මගෙ සම්‍යක් ප්‍රයෝග, තායම්-මායම් එහෙම. ඒ වගේ ශිල්ප දැනගෙන උන්නු එක තමයි, ඒ වැඩේදි මට පහසුවක් වුණේ.)

ඉතිං මගේ ඒ ලෝක දෙකේම ඉතාම කලාතුරකින් හරි සැරි සරන්නට ඉඩ ලබා ගත්තේ නං දෙතුන් දෙනෙක් විතරමයි.

ඒ නිසාමයි, මට උදව් කරන- මාව ආරක්ෂා කරන- අදටත් මගෙ වටේ ඉන්න හිත-මිතුරන් ඔය දෙවෙනි අර්ධ ගෝලයේ සාමාජිකයන්ව නොදන්නේ. දෙවෙනි බාගේ සාමාජිකයන් පළමුවෙනි එකේ අයව නොදන්න එකත් ඒ වගේමයි.
මං දෙවෙනි ගණයේ හිත-මිතුරන්ව වුණත් හම්බ වෙන්න යොදා ගත්තේ හැකිතාක් සීමා සහිතව, තනි තනිවයි. වැඩි හවුල්කාරයන් පිරිසක් එකතුවෙන
Threesomeවලට වගේම Gangbangවලටත් මගෙ එච්චර කැමැත්තක් තිබ්බෙ නැතිකමත් ඒකට හේතුවක්.

මං වගේ පුඟුලෙක් නොකිව්වත් ඒවා එදා හිට ලෝකේ තිබුණා / තියෙනවා / තියේවි!

කොච්චර වුණත් හිටි ගමන් මගෙන් අමු තකතිරු වැඩත් කෙරෙනවනෙ. අර සීමා නොතකා, එක දවසක් අපි යන ‘දවසේ trip’ එකකට- මං එයාලටත් අඬ ගැහුවා.

අනේ! ඒකෙදි එයාලගෙන් කියවුණු ගොබ්බ කතන්දර... dry jokes... (මං මටම ටොකු හත-අටක් ඇණ ගත්තු දවසක් ඒ. මගෙන් ලොකු මෝඩකමක් සිද්ද වුණාම මං එහෙම කරගන්න පුරුද්දක් තිබ්බා. අනෙක, පාන්දර ඇහැරෙන්න ඕනි වෙලාවට. තුනට නං නින්දට යන මොහොතේ ටොකු තුනයි.) ඒ විතරකුත් නෙවෙයි, එදා තමයි මං දැන ගත්තේ ‘ඒ තුන් දෙනාටම’ සිංදු කියන්නත් බැරි බව. (දෙන්නෙක් xxපාලගේම පුත්තු වුණත් ‘ගායන ජානය’ ඒ ගොල්ලන්ට ඇවිත් නෑ!)

ඉන් පස්සේ කවම කවරදාකවත් ඒ ලෝක දෙකේ අයව mix කෙරෙන දේවල් මගෙ අතින් වුණේ නෑ. රෑ වැටුණු වළේ දවල්ටත් වැටෙන්න ඕනියැ?

Threesome වගේම Gangbang ගැන කියද්දී ‘මගෙ එච්චර කැමැත්තක් තිබ්බෙ නැතිකමත් ඒකට හේතුවක්.’ කියලා ලේසියෙන්ම ලුහුටලා යන්න හැදුවත්, මගේ හිත ඒකට ඉඩ දෙන්නෙ නෑ.
‘දැන-දැනම ඔහොම දේවල් ගැන ලෙස්සල යන්න හදනවා නේද නිමලෝ?’ සාධාරණ ප්‍රශ්නයක්! එහෙම හිතුණු නිසයි මෙහෙම කියන්නේ. නැතුව ඒ ක්‍රම pramote කරන්න හෝ ඒවා කරන්නැයි කාවවත් පොළඹවන්න හෝ එහෙම නෙවෙයි. මං වගේ පුඟුලෙක් නොකිව්වත් ඒවා එදා හිට ලෝකේ තිබුණා / තියෙනවා / තියේවි!

දෙන්නෙකුට වැඩි පිරිසක් සහභාගී කර ගැනෙන ඒ ‘රති කෙළි’වලට, ඔය උඩින් කිව්වා වගේ- ඉංගිරිසි වචන දුන්නාම තමයි ඒවා අලුත් වගේ පෙනෙන්නේ. හැබැයි, මේ එකක්වත් ලෝකෙට අලුත් ඒවා නෙවෙයි කියලා repeat කරනවා. ඒත් සැකයි නං ‘කජුරාවෝ කැටයම්’ ගැන පොඩ්ඩක් හොයලා බැලුවම ඇති!

ඒ වගේමයි, ගියවර post එකේදී කියවුණානෙ ‘බක රජතුමාගේ අන්තඃපුරයේ හිටි බිසෝවරුන් 16,000ක්’ ගැන.

ඒ විස්තරේත් මතක තියාගෙන කියවන්නකෝ ‘කාම සූත්‍ර’ පොතේ 94 පිටුවෙන් ගත්තු මේ චුට්ට.

එවිට රජු යම් වාසකයක් ගන්නේ ද එය හිමි ස්ත්‍රියට එදින වාරය පැමිණි බව...

‘රජු දිවා සයනයෙන් අවදි වූ පසු, වාරය අනුව දිනපතා රජුගේ යහන් ගැබට ස්ත්‍රීන් යැවීම භාර වාසපාලිකාව, එදිනට වාරය පැමිණ ඇති ස්ත්‍රිය, යම්කිසි හේතුවකින් වාරය ඉක්මුණ ස්ත්‍රිය, ඍතුමත්ව සිටින ස්ත්‍රිය යන අයගේ සේවිකාවන් ද ඔවුන්ගේ වාස්ක* සහ තම තමන්ගේ මුදු** තබා ඔවුන් විසින් එවන ලද විලවුන් රජු වෙත පැමිණ විය යුතුය. සේවිකාවෝ තම හිමිදූන්ගේ හසුන් රජුට දන්වති. එවිට රජු යම් වාසකයක් ගන්නේ ද එය හිමි ස්ත්‍රියට එදින වාරය පැමිණි බව වාසපාලිකාව විසින් දැන්විය යුතුය.

*-වාස්ක: රජු වෙත යාමට නියමිත දිනය සඳහන් සලාකය
**-මුදු: මුද්‍රා’

(බිසෝවරුන්ට රජතුමා එක්ක සැතපෙන්නට යන්න සලාක (කූපන්) පවා නිකුත් කෙරිලා!)

එහෙම එක පුරුෂයෙකුට 16,000 නෙවෙයි 1,000ක් බිසෝවරුන් විතරයි ඉන්නේ කියලා ගණන් හැදුවොත්... දවසට එක්කෙනා නං, 1,000 ÷ (අවුරුද්දට දින) 365 = ... උත්තරය ඔයාලම හොයා ගන්නකො.
එහෙම බලනකොට නං රජ- මැති- ඇමතිවරු- ප්‍රභූවරු අතරේ ඒ කාලේ හිටං ‘Gangbang හෙවත් සමූහ රති ක්‍රීඩා’ තිබුණා වෙන්නම ඕනි.

ඉඳහිට හරි ඒ සෙල්ලම්වලටත් වැටෙන්න කලින්ම, මේ ලියන හාදයා ඒවායේ අන්තරායකර බවත් වටින්-ගොඩින් දැනගෙනයි හිටියේ. ඒ දැනීම ශාස්ත්‍රාලයීය එකකුත් වුණා, පොට්ට chance එකක් වැදීමෙන්!

1979 විතර ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවට සම්බන්ධ වෙන්න ඉඩ ලැබීමෙනුයි ඒ වාසනාව උදා වුණේ. ඒකෙ වැඩ සටහන්වලට ගියාම මගෙ කටකාරකම කැපිල පෙනුණා. නායකත්ව ගුණාංග ඉස්මතු කෙරුණා. සන්නිවේදන හැකියාව හා කථිකත්වය ඔප වැටුණා.

තරුණ පෙළට වැඩ සටහන් සැලසුම්කොට ඒවා ක්‍රියාවට නැංවීමත් තරුණයන් විසින්ම කළ යුතුය- කියන සංකල්පයයි තජකයේ තිබ්බේ. ඒ නිසා ජනගහණ වර්ධනය, මානව ලිංගිකත්වය- ප්‍රජනනය හා පවුල් සැළසුම, පරිසර සංරක්ෂණය වගේ විෂයයන් රැසක් ගැන අපට ගැඹුරින් කියා දුන්නා. අප ලවාම දේශන පවත්වන්නත් කටයුතු කෙරුණා. ඔන්න ඔතැනදී මං වහන්සේව තෝරා ගැනුණේ නායකත්වය, සන්නිවේදනය, මානව ලිංගිකත්වය හා ලිංගාශ්‍රිත රෝග (STD) විෂයයන් ගැන දැනුම බෙදා දෙන්නයි.

ඉතා සාර්ථකව තමන්ගේ දැනුම් කන්ද...

‘සන්නිවේදකයෙක් අයිස් කන්දක් වගේ විය යුතුයි; කියන්න යනවා වගේ හත් ගුණයක් කරුණු දැනගෙන සිටිය යුතුයි’ කියන කාරණය ඉස්මුඳුනෙන්ම පිළිගන්න එකෙක්නෙ මං. අනෙක මගෙ දැනුම් පිපාසය.

ඉතිං මගෙ ගැන හුඟක් දන්න දයාබර ඔයාලට හිතා ගන්න ඇහැකියිනේ, ඊළඟට වෙච්ච දේ. ඒකරාශී වුණු දැනුම් කන්දක්!
ඉතිං මේ දවල් මිගෙල් වහන්සේ, තරුණ වැඩ සටහන්වලදී ඉතා සාර්ථකව තමන්ගේ දැනුම් කන්ද අන්‍යයන්ට බෙදා දුන්නා. රෑ දනියෙල් ‘අවසර කල් රහස් තැන්වලදී’ අර දැනුම් කන්ද අතිසාර්ථක ලෙසින් ප්‍රායෝගිකව යොදා ගත්තා.

ඒ අත්දැකීම් ඉතාම ප්‍රබල විදිහට මතක ගබඩාවෙන් එළියට ඇවිදින් අකුරුවලට පෙරළෙන අතරේ...

‘මාතලන්’ අඩවියෙන් කියෙව්වා ‘රෝන්ග් ජෙනරේසොන්ට එදිරිව ඕල්ඩ් ජෙනරේසොන්’ post එකයි comments ටිකයි. මේ තියෙන්නේ එක කමෙන්ටුවකින් කොටහක්.

මේකෙන් කියවෙන්නේ කැන්ගරු දේශයට ගිය සරණාගතයන් ගැනයි.

‘... මං මුලින් කිව්වනෙ සියලු දේම ආන්ඩුවෙන් නොමිලෙ ලැබිලා අතේ සල්ලිත් ගැවසෙනකොට එයාලට ලිංගික අවශ්‍යතාත් ඇති වුනා. සමහරුන්ගෙ අඹු දරුවො උපන් රටවල. බොහොමයක් තරුණ මිනිස්සු. කලිසම් අස්සෙ තිබුනෙ ඉටිපන්දම් හඳුන්කූරූත් නෙවෙයි හොඳට ෆන්ක්ෂන් වෙන අවයව. මේ නිසා මෙයාලා ඒ අවශ්‍යතා හොයන්න ගත්තා. භාෂා ප්‍රශ්නෙ නිසා ගැටලුත් මතු උනා.
උඩ ලියපු ඡේදෙට කලින් ලිව්වේ මේ අනවසර සංක්‍රමනිකයො ඕස්ට්‍රේලියාවේ සමාජෙට හුරු කරන හැටිනෙ. එතකොට ලිංගික නිදහස උපරිම ඇති ඕස්ට්‍රේලියාවේ සෙක්ස් කරන හැටි කියලා දෙන්නෙ නැත්ද කියලා ප්‍රශ්නයක් මේක කියවන ඔයාලට එනවා ඇතිනෙ.

පොඩි පොඩි ප්‍රශ්න එන්න ගත්තාම ඒකත් කියලා දෙන්න පටන් ගත්තා. කටකාර හැඩකාර අවුරුදු 26 ක් උන කෙලී තමයි මේ කොටස මේ ගොල්ලන්ට කියලා දෙන්නෙ. මේ සියල්ල ලාබාල කෙලී කිසිම ගේමක් නැතුව කියලා දෙනකොට අරුන් විතරක් නෙවෙයි මාත් අහන් උන්නෙ පුදුමෙන්.

කෙලී ඒක කියන්නෙ මෙහෙම "ගනිකා වෘත්තිය නීත්‍යානුකූල ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 7 න් තුනක විතරයි. නීත්‍යානුකූල ප්‍රාන්ත තුන බ්‍රිස්බන් (ක්වීන්ස්ලන්ත) මෙල්බර්න් (වික්ටෝරියා) සිඩ්නි (නිව් සවුත් වේල්ස්) වල විතරයි. ඇඩිලේඩ්, පර්ත්, ටස්මේනියා, ඩාවින් වල ගනිකා වෘත්තිය තහනම්."

ඇගේ කැමැත්තෙන් තොරව ලිංගිකව එක් උනොත් ඒත් රේප්. එක් ක්‍රියාවකට පැමිණ වෙනත්...

"නීත්‍යානුකූල ප්‍රාන්ත වලත් ආන්ඩුව දැඩි සීමා පනවනවා. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තේ නීත්‍යානුකූල ගනිකා නිවාස 12 ක් තියනවා. සෑම සේවා සපයන්නියක්ම සති දෙකකට වරක් අනිවාර්‍යය සමාජරෝග වෛද්‍ය පරීක්ෂනයකට යන්න ඕනා සහ ඒ සහතිකය ළඟ තබා ගන්න ඕන. කිසිම සේවා සපයන්නියක් බලෙන් රඳවා ගන්න බෑ. ඒ වගේම එක සේවා මුරයක ඉන්න පුලුවන් උපරිම 8ක්. මේ කොන්දේසි කඩ කලොත් සේවා ආයතනයෙ ලොක්කට ජීවිතාන්තය තෙක් සිර දඩුවම් "

"මේ ගනිකා නිවාසයකදි උනත් කොන්ඩමයක් නැතුව මොනම ලිංගික කටයුත්තක්වත් කරන්න සේවා සපයන්නියකට බෑ. "කොන්ඩමයක් නැතුව කරමුද" කියලා සේවාදායකයා සර්විස් ප්‍රොවයිඩර්ගෙන් ඇහුවොත්...... එයා බෑ කියනවා, එතන ඉඳන් නැවත නැවත ඇහුවොත් හෝ කොන්ඩමයක් නැතුව මොකක් හෝ බලහත්කාරයෙන් කලොත් ඒක එතන ඉඳන් ස්ත්‍රී දූෂනයක් වෙනවා." කෙලී ඔහොම කියනවා.

"ඕස්ට්‍රේලියාවේදි ඕනෑම කාන්තාවක් සමග ලිංගික ක්‍රියාවක නියැලේ නම් ඒ කාන්තාව no කියන මොකක්වත් කරන්න උඹලට බෑ. No කිව්වොත් ඒක no මයි. ඒක පස්සෙ ok වෙන්නෙ නෑ. No කියලා කිව්වට පස්සෙ කැමැත්තෙන් කාන්තාවක් ආවත් ඊට පස්සෙ එතැන් සිට මොකක් කලත් ඒකත් ස්ත්‍රී දූෂනයක්." කෙලී කියයි අපි අහයි.

"තවත් එකක් තමන්ගේම බිරිඳ ඇතුළු ඕනෑම කාන්තාවක් සමග ලිංගිකව එක්වේ නම් ඒ කාන්තාව ඕනෑම මොහොතක ලිංගික ක්‍රියාව නතර කරන්න යැයි ඉල්ලුවොත් වහාම එය නවත්තන්න ඕන. දිගටම කලොත් ඒත් රේප්. තමන්ගෙ බිරිඳ එක්ක උනත් ඇගේ කැමැත්තෙන් තොරව ලිංගිකව එක් උනොත් ඒත් රේප්. එක් ක්‍රියාවකට පැමින වෙනත් ක්‍රියාවක් ඇගේ කැමැත්ත නැතුව කලොත් ඒත් රේප්...’

ඒ ඕස්ට්‍රේලියාවේ.
තවමත් ලංකාවේදී නම් කසාද සහතිකේ ගත්තට පස්සේ පිරිමි ගෘහ මූලිකයාට ඕනි විදිහටයි සේරම වැඩ සිද්ද වෙන්නේ.
මිෂනරි පොසිසන් තමයි හැම එකකදීම!

ඉතිං, ආයෙමත් මගෙ කතාවට යනවා නං- දේමිත්තලගෙ ගෙදරට ගියා වගෙ රජීවලගේ ගෙදරටත් මාව යැවුණා. හැබැයි එළිපිට නෙවෙයි, හොරෙන්.

“හෙට අපේ ගෙදර කවුරුවත් නෑ. ඔයාට එන්න පුළුවනිනේ...” ගෙදර කවුරුන්වත් නැතිවෙන දවස්වල රජීව කලින්ම මාව හම්බ වෙලා, booking එක දාගත්තා.
මතකයිද? එයා ගැන කියද්දී මම පාවිච්චි කළානෙ වචනයක්. ‘කාමුක ආත්මාර්ථකාමීකම’.
ඒ හින්දද මංදා, ඒ කිසිම දවසක රජීව එයාගේ ‘බොක්කවල් දෙක’ට ඒ විත්තියක් කලින් කිව්වෙත් නැත්තේ. ‘එක්ක කතත් බොක්ක වෙනයි’ කියන්නේ ඒ නිසා වෙන්නැති.

පාළු අඳුරේ තම-තමන්ගේ වාරය එනතුරු කල් මරද්දී එයාලා නොවැරදීම යක්කු පිච්චුවා. එහෙම සූස්ති අදින්න පුරුදු වුණු අය...

පස්සේ කාලෙක කියවන්න ලැබුණු දෙයක්; මේ.

කණ්ඩායමක් විදිහට sex කරන්න නම් ආත්මාභිමානය/ ආත්ම විශ්වාසය තියෙන කෙනෙක් වෙන්න ඕනිලු. එහෙම දේකදී කෙනෙකුගේ ආත්මාර්ථකාමී හැඟීමත් තරමක් දුරට හරි තුනී වෙනවලු. මං වහන්සේ කොහොමද කියා හිතනවා නං ‘ලු’ අකුරු දෙක අයින් කරගෙන කියෙව්වම හරි!  

අම්මම්මෝ....දෙබරෙකට ගල් ගහන්නේ මෝඩයෙක් නෙව. මාත්, තව දුරටත් මෝඩයා නොවී ඒ කතාව එතැනින් break කරලා රජීව ළඟටම.....

රජීවව වෙනම study කරන්න වුණත් වටින කැරැක්ටර් එකක්!

අම්මා හොර අරක්කු ජාවාරම්කාරියක් නිසා රජීවලට හොඳට සල්ලි තිබ්බ. නමුත් එයා අනිත් අයට සිගරට් එකක්වත් අරං  දෙනවා මං දැකල නෑ. රජීවට හිටියේ වැඩිමල් සහෝදරයෙක් විතරයි. සහෝදරයන් දෙන්නා අතරේ ලොකු බැඳීමක් තිබුණා වගෙත් නෙවෙයි.

දේමිත්තලා අතරෙන් හොඳටම; ජැන්ඩියටම ඇන්දේ රජීව. කිට මැරීම පැත්තෙනුයි, පෞරුෂය පැත්තෙනුයි දෙකෙන්ම තෙවෙනියා- සුපුන්.

මාව හම්බ වෙන්න ඇවිත්, නෙරළු තුරු ගොන්න යට පාළු අඳුරේ තම-තමන්ගේ වාරය එනතුරු කල් මරද්දී එයාලා නොවැරදීම යක්කු පිච්චුවා. එහෙම සූස්ති අදින්න පුරුදු වුණු අය හෙරොයින්වලට හැරෙන්නෙ නෑ කියලයි, මට අහන්න ලැබිලා තිබ්බේ. ඒ කතාව ඇත්ත නෙවෙයි කියලා මට ඒත්තු ගියේ මේ තුන් දෙනා නිසා.

එදා අපි කට්ටියම හිටියේ දේමිත්තලගේ ගෙදර. මං එයාගේ ගෙදර කට්ටියත් එක්ක කතාබහ කරමින් සාලයේ... ඒ තුන්දෙනා හිටියේ ගෙයින් එළියේ, සිමෙන්ති පඩිය උඩ සුපුරුදු තිප්පොළක වාඩි වෙලා. එතැන යහමින් වැහිලා තිබ්බේ, වැට මායිමේ අන්දර වැටිය හින්දා.

“යාළු, බඩ්ඩක් පෙන්නන්න එන්න.” දේමිත්ත සාලයට ඇවිදින් මට රහසෙන් කිව්වා. එතකොට රෑ හතහමාරට විතර ඇති.
“අයියා නිමල් අයියටත් සිගරැට් පුරුදු කරන්නද හදන්නේ.” දේමිත්තගේ නංගි ඇහුවා.
“කට... කට. තමුසෙ හදන්නේ තාත්තව අවුස්සවන්නද?” අඩු සද්දෙන් කියන ගමන් දේමිත්ත මට ඇහැක් ගැහුවා. මමත් එයා පස්සෙන් ගෑටුවා.
“මේක මාරයි නිමල්.” සුපුන් කිව්වේ කොඳුරමින්.

හැම විජ්ජාවටම වැඩියෙන් ලොකුයි ගැලවිජ්ජාව!

ඊයම් කොළයක් උඩට, මොනවද කුඩු වගයක් දාලා- ඊට යටින් පත්තුවෙන ගිනි කූරක් අල්ලනකොට නැඟෙන දුමාරය එයාලා ඉරුවා; කඩදහියක්ද කොහෙද හීනියට රෝල් කරලා හදා ගත්තු පොඩි බටයකින්. පස්සෙයි මං දැන ගත්තේ ඒ හෙරොයින් විත්තිය.

එයාල තුන් දෙනාත් හිටියා මහරගම පළමු කුඩුකාරයන් අතරේ. (ඒ කුඩ්ඩන් සේරමලා දැන් එලෝ ගිහිනුත් ඉවරයි!) දේමිත්ත වැඩි-වැඩියෙන් අරක්කුවලට ඇබ්බැහි වුණු නිසාද කොහෙද ඒ වසංගතයෙන් බේරුණා. අනිත් දෙන්නා ඒකට බිලි වුණා.

හැම විජ්ජාවටම වැඩියෙන් ලොකුයි ගැලවිජ්ජාව!
එතකොටත් මං ඒ ආප්තොපදේශය දන්නවා. ඒ නිසා වෙන්නැති මට එයාලගෙන් ඈත් වෙන්න හිතුණේ. ඒ වගේමයි, දේමිත්ත ළඟ තිබුණු දහඩිය ගන්ධයත් වෙනස් වෙන්න අරං... හෙරොයින් නිසා එහෙම වෙනවද... ඒවා පෙරමෝනවලටත් බලපෑම් කරනවද?

පෙරමෝන ගැන කොළඹ ගමයා හෙවත් අජිත් ධර්ම මහත්තයා ‘තිහේදී 4’ පෝස්ටුවට මෙහෙම කියා එවල තිබුණා. පාටි වල හොඳටම දාඩිය දාගෙන නටනකොට හෝ නටල ඉවර වුනාම තමයි සමහර කෙල්ලෝ සෙට් වුනේ ඒ දවස්වල.’ අජිත්ගේ තව කමෙන්ටුවකින් මතු වුණු 'අපයෝජනයට ලක්වුණු ළමයිනුත් ඒ දිශානතියට යොමු වෙන කතාව' පිළිබඳව අද කතා කරන්නංය කියල මං කිව්වා. ඒත් මේ post එක තවත් දික් කරන්න බෑ, දෙයියනේ. මෙච්චරත් දිග වැඩියිද මංදා.

ඒ කතන්දරේ ලබන කොටසෙන්ම කියවමු, නේද...

45 comments:

  1. මම කොමෙන්ටු දාන ඒවා අපහු දාල මොන ඇණයක් වෙයිද දන්නේ නැහැ. අපේම යාලු අනොව්වරු පස්සේ භාවිතා කරන්නෙත් ඕවම තමයි.😀

    ReplyDelete
    Replies
    1. ලිව්වොත් ලිව්වා නෙව අජිත් මහත්තයෝ!

      Delete
    2. මේ කොමෙන්ටු දාන එකෙත් පොඩි ප්‍රශ්නයක් තියනවා නිදි. මම මෙපමණ කල් කතා කලේ අඩෝ, මචං , නිදියා , උඹ වගේ කියලනේ. අර ෆොටෝ එකත් දැම්මට පස්සේ මීටර් වුනේ ලලනාවක් සේ සිටිය කෙනෙක් වත්ද කියල. ඉතින් අපි කාන්තා උදවියගේ බ්ලොග් වල ටිකක් ගරු සරුවනේ කතා කරන්නේ. දැන් ටිකක් අවුල් ඒ නිසා කොහොමද ආමන්ත්‍රණය කළ යුත්තේ කියල. ඒ නිසා ඔයා කියන වචනය භාවිතා කරනවා.

      Delete
    3. අපෝ එහෙම කරන්න අවශ්‍ය කෙනෙක් නොවේ.

      Delete
    4. අජිත්, අතීතයේ ඔහෙ හිටි විලියම් කියලා එක්කෙනෙක් 'රෝසමලට වෙන නමක් කිව්වත්...' වගේ මොකක්ද කතාවක් කියල තියෙනවලු නේද?

      අසංග, ස්තුතියි!

      Delete
    5. මචං ලා. ඒක හරි . වයිෆ් කීවෙත් ඒකමයි. එයා සැහැල්ලුවෙන් නම් ඕන ඇමතීමක් භාර ගන්නේ අවුලක් නැහැ නේද කියල.

      Delete
  2. //ඉතිං මගෙ ගැන හුඟක් දන්න දයාබර ඔයාලට හිතා ගන්න ඇහැකියිනේ, ඊළඟට වෙච්ච දේ//
    ආයෙ මොනවද ඉතිං අහගෙන ඉන්න එවුවන්ට වැඩියෙනුත් එක්ක කාරනා තේරෙන්න ඇති.

    ReplyDelete
  3. https://www.healthline.com/health/mens-health/blue-balls

    ReplyDelete
  4. මේ අර කුණුහරුප කවි ලියන වයසක මෑන් නේද?

    ReplyDelete
    Replies
    1. අඩුගානෙ උන්දැ ලියන්නෙ තමන්ගෙ නමින්. තමන්ගෙ නමින් ඉදිරිපත් වෙන්ඩ කොන්දක් නැති, ඇනෝ එන උං තමා නියම සදාචාරවත් මිනිස්සු.

      Delete
    2. ඉතින් ඔයි තමුසෙත් ඇවිත් තියෙන්නේ තමුසේගේ ඇත්ත නමෙන්ද?

      'නිදිගෙ පංච තන්තරේ' කියන්නෙත් ඇත්ත නමක්ද?

      නිකන් අනුන්ගේ කොමෙන්ට් අස්සේ හැමනෙන්නේ නැතුව පල වෙසිගේ පුතෝ.

      Delete
    3. මගෙ ඇත්ත නම ගම, මම මොනවද කරන්නෙ කියන එක බ්ලොග් කියවන අය දන්නවා. මම පෙනී හිටින දේ වෙනුවෙන් මගෙ ප්රොෆයිල් එකෙන් පෙනී හිටින්ඩ මට කොන්දක් තියෙනවා. ද්වේෂ සහගත කමෙන්ට් දාන්ඩ ඇනෝ එන්නෙ නියම නමින් හරි ප්රොෆයිල් එකෙන් හරි ඇවිත් එව්ව කියන්ඩ ලැජ්ජ නිසානේ. තමංගෙ ජීවිතේ අඩු පාඩු තියෙන උං තමයි අනුන්ට මඩ ගහල තමන්ගෙ මට්ටමට ගන්ඩ හදන්නෙ. එයිට ඉස්සර වෙලා තමන්ගෙ ජීවිතේ හරියට ජීවත් වෙලා ඉන්ඩ චීත්ත හාමි.

      Delete
    4. හා හා.. ඩ්‍රැකී. ශික්ෂාකාමී, තිරිහන් උතුමෙක් වෙන්ට ඇති ඔය. මම කියන එක දුරුවෙලා නිසා... නම කියන්ට පවා මැලිවෙන්නෙ ඒකයි 😄

      Delete
    5. උත්තර කිහිපයක් අනුපිළිවෙලට ලියන්න වෙලා.
      ඩ්‍රැකී, ඉස්සෙල්ලාම ස්තුතියි සහෝදර blog රචකයෙක් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන්.

      මේ ඇනෝ මහත්තයාම 'තිහේදී 3' කොටසට එවාපු ප්‍රශ්නයට මම ලියූ උත්තරය එතුමා දැකලා නැහැ වගෙයි. ඒ නිසයි ප්‍රශ්නය හා උත්තරය දෙකම මෙතනට ඔබන්නේ.

      //මේ අර කුණුහරප කවි කාරයා නේද. මුන්ගේ පවුල් වල උන් මේ කුණුහරප බලන්නේ නැද්ද දන්නේ නෑ//

      //ඔබෙ පළමු ප්‍රශ්නයට උත්තරය 'නෑ'. අපේ පව්ලේ ඉන්න වැඩිහිටියන් රට-ලෝකය ගැන දන්න උදවිය. මට රිසි දෙයක් ලියන්නටත්, ඔවුන්ට කැමති නං ඒවා ඉයවන්නටත් පුළුවන්. මටත් ඒ හැමෝටමත් ස්වාධීන ජීවිත තියෙනවා, අපි හැමෝම ඒ අයිතියට ගරු කරන අයයි, මහතාණෙනි!
      නම හෙළි කරන්නට එඩිතරවී නැති නිසයි මහතාණෙනි කියලා පුරුෂ ලිංග ආමන්ත්‍රණයකින් කිව්වේ- ලිංගය වෙනස් නං එහෙම ඇමතීම ගැන සමා වෙන්න, හොඳේ.//

      Delete
    6. ඇනෝ මහතාණෙනි. Blog ලිපි කියවන රසික ජනතාවට comments පළ කිරීමට අයිතියක් තිබෙන සෙයින්ම ඒවාට ප්‍රතිචාර දැක්වීමටත් අයිතියක් තිබෙයි, එබැවින් ඩ්‍රැකී මහතාටත් ඔබට මෙන්ම 'නිකන් හෝ අනුන්ගේ කොමෙන්ට් අස්සේ හැමනෙන්න'ට අයිතියක් තිබෙතියි සිතමි.
      (හැමනෙනවා වචනය සමහරුන්ට කුණුහරුප වචනයක් බැවින් එය භාවිත කිරීම ඔබගේ ගෞරවයට හානිකර විය හැකිය.)

      Delete
    7. ඩ්‍රැකී, නමී දෙන්නාටම ස්තුතියි.
      ඒ ඇනෝ තිරිහන් කෙනෙක් මෙන්ම නොමේරූවෙකුත් වගේ කියලයි මට හිතෙන්නේ, අපි එතුමාට සෙත් පතමු!
      සුඛී දීඝායුඛෝ භව! .

      Delete
    8. නමීයා අර විදිහෙ උත්තරයක් දුන්නම මාත් හිතුවෙ මමත්වය තුරන් කරගත් උත්තමයෙක් කියලයි. කුණුහරුප කවි ගැන විරෝධය දක්වන තැනැත්තා ම කුණුහරුප යැයි සම්මත වචන යොදාගෙන කමෙන්ට් කිරීම තමයි කදිම...! මම අවුරුදු දහයකට විතර කලින් හිටපු මානසිකත්වයේ තාම හිටියානම් මටත් එයාට කුණුහරුපෙන් ම පිළිතුරු දෙන්න තිබුණා.

      Delete
  5. ස්තූතියි නිදි ඉහත විග්‍රහයට. කියවීමෙන් අපේ මනසේ පරිධියත් පුළුල් වෙමින් පවතී.

    ReplyDelete
    Replies
    1. ලොකු ප්‍රශංසාවක් ඩ්‍රැකී, ස්තුතියි.

      Delete
    2. මං කිව්වෙ... ඔයා මේ ගැන කතා කරන විවෘත භාවය නිසා, මං මේ ගැන හිතන බලන විදිහ තව තවත් විවෘත සහ පුළුල් වෙනවා.

      Delete
    3. ඩ්‍රැකී, මං මෙහෙම ලිවීමේ එක අභිප්‍රාවක් ඔය. අපේම සීමා අතික්‍රමණය!

      Delete
  6. රජවරුට අච්චර ගණනින් හිටියට... ඒ හැමොත්එක්කලාම දිගටම රති කෙළියෙ යෙදෙන්න නැතිව ඇති. ඒ වගේම ඒ සමහර බිසෝවරුන්ට රජතුමාව එකසැරයක් විතරක් හමුවුණු අවස්ථා ගැනත් කතාවල සඳහන්ව තියෙනව.

    කොහොම උනත් ඔය බරගානින් බොහො පිරිසකගෙ පහස රජතුමා විඳින්න ඇති. රජවරුන්ට ඕකටම වෙන්උන වෙද්දුත් ඉඳල තියෙන නිසා... ඒ දේවලුත් ඔය රසවිඳ ගන්ට රජවරු යහමින් පාවිච්චි කරන්ට ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් නමී, අතීත වාජීකරණ බෙහෙත් ගැන විස්තරත් තියෙනවා නේන්නං.

      Delete
  7. අන්තඃපුර ගැන කතා කරපු වෙලාවේ, කතාවක් මතක් වුණා.

    ඔන්න අරාබි සුල්තාන් කෙනෙක්ගේ අන්තඃපුරයක කාන්තාවන් එකතු වෙලා වාසනා චක්‍රයක් කරකවනවා. හැමෝම කැරකෙන වාසනා චක්‍රයේ වේගය අඩු වෙමින් යද්දී ඒ දිහා බලන් ඉන්නෙ ගැහෙන පපුවට අත තියාගෙන.

    අන්තිමේ වාසනා චක්‍රය නතර වුණා. ප්‍රතිඵලය දැකපු ෆාතිමා කියන තරුණ ගෑණු ළමයා මූනත් අත්දෙකෙන් වහගෙන පැනලා දිව්වා.

    මැදිවියේ කාන්තාවක් කියනවා. “බලන්ඩකො... අදත් ෆාතිමා තේරුණේ. පිට පිට දවස් පහක් ම!...“

    තව කෙනෙක් කියනවා. “ඒකනෙ නේද? මට එහෙම ඔහොම උනානං මම වහ ටිකක් කනවා. කාටද පුළුවන්...?

    “කාටද පුළුවන් පිට පිට දවස් පහක් ම.... අන්තඃපුරේ වළං හෝදන්න?“

    ReplyDelete
    Replies
    1. අන්තඃපුරේ මොනවද බං වළං වලින් කරන්නෙ.

      Delete
    2. උයන එකනෙ යකො! බෝ හිතුවද, උං කන්නෙ බොන්නෙ නැතුව (එහෙම නැත්තං කඩෙං කාලා) සෙක්ස් කරනව කියල?

      Delete
    3. චැහ්... මං හිතුවෙ රාජකීය මුළුතැංගෙයින් උංටත් කන්න දෙනවයි කියල.

      Delete
    4. ඩ්‍රැකී, Praසන්ன කිව්වේ වෙනින් කතාවක්ද මන්දා.....

      Delete
  8. මේ පොස්ටු මාලාවට කොමෙන්ට් නොකරනවා කියලා ස්වයං වාරනයක් පනවාගෙන තිබුනත්. මේ නින්දිත ඇනෝ ප්‍රතිචාරය ගැන මුකුත් නොලියා ඉන්න බැරිවුනා. තමන්ගේ ජීවිත අන්දරයේ කාටවත් නොකියවු කාගෙන්වත් නොකි‍‍යවෙන දේවල් නිර්භිතව ලියන්න පුලුවන් වෙච්චි එකටම නිමල් අයියාට මගේ තුති මල් මිටක් එක්කම ප්‍රනාමය පුදනවා. අනුන්ගේ ජීවිත වල අහුමුලු හොයන එවායින් සතුටුවන චරිතවල ජීවිත බොහෝ සවුත්තුයි ඛේදනීයයි. ඔවුන්ට අනුකම්පා කරනවා ඇරෙන්නට වෙන කිසිවක් නෑ.

    ReplyDelete
    Replies
    1. මගේ ගෞරවය අසංගට...

      Delete
    2. අසංග මහත්තයෝ, මට ටෙලිෆෝන් කරලා මේ postsවලට comment නොකරන බවත්, ඊට හේතුත් කියලා තියෙද්දී නිහඬතාව බිඳිමින්, සහෝදර blog රචකයෙකුට සහාය පළ කරන එකට ගොඩක් ස්තුතියි.

      ඔයා ඇතුළු ගොඩ දෙනෙක් එහෙම තම සගයන් දිරිමත් කිරීම මට නම් මහමෙරක්!

      Delete
  9. තමන්ගේ ලිංගික ජීවිතය වගේ පුද්ගලික දෙයක් ලියනවා කියන්නේ ඒඑක මාරයි , හැමෝටම කරන්න අමාරුම දෙයක්.

    ReplyDelete
  10. මම උන්නෙ ශිශිර තාරකා මර නින්දෙ. හදිස්සියෙම පරිසරයේ කැළඹීමක් ඇති වුනා. බැලින්නං මේකට ඇනෝවෙක් වැඩල, අමුවෙන්ම, ලුණු-ඇඹුල් බණක් දෙසනවා.
    Jesus & Buddha
    මේ දවස්වල ටුවිටරේ මල්වෙඩි සන්දර්ශණේ බල බල හිටියෙ. "ප්‍රී ස්පීච්" රකින්න කියල ආපු ඊලොන් මස්ක් ගොයියා ආං ලවක්-දෙවක් නැතුව හතර වටේ නෙලනවා.

    ReplyDelete
    Replies
    1. යූ-ටියුබ් වීඩියෝවක් එබුවෙ නැහ්නං හිතට හරි නෑ කියල හිතුන, ඈ? කොකාගේ "සුද" පෙනෙන්නේ, ඉගිලෙන විටය.(මොන %&*#$ද මූ කියන්නෙ කියල හිතෙන අයට - සමරිය)

      Delete
    2. ආයු බොහෝ වේවා බස්සා මැතිඳුනි! සිසිර තාරකා නින්දෙන් ඇහැරුණේ අපෙත් වාසනාවට! ඉතිං..

      Delete
  11. ගොඩක් ස්තුතියි මුදියන්සේ මලයා, සාදරෙන් පිළිගන්නවා!

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්