අ...ම්...මා... ම් මට වත්තුර ටිකක්..... |
“අ...ම්...මා... ම් මට වත්තුර ටිකක්.....”
දන්තුරේ බණ්ඩාරත් අවදියෙන් බව මිලින්ද වටහා ගත්තේය. ඒ ඔහුත් කාමරයට පැමිණි බැවිනි. වතුර ටිකක් පානය කළ ධනුෂ්ක නැවතත් ඇඳේ වැතිරුණේය.
ඔහුගේ උණ
බැස ගොස් තිබිණි!
********
“ඉඳා! මේක කියවලා බලපං...”
චන්ද්‍රාගේ
අතෙහි වූයේ ලිපියකි.
“කාටද?”
“අරගෙනම බලපංකො කාටද කියලා.....”
චන්ද්‍රා
කීවේ ඇස් කරකවමිනි. ඇයගේ මුහුණ ප්‍රමුදිතය. චන්ද්‍රාගෙන් පළ වෙන නැවුම්, කෙළිලොල් විලාසය පසුගිය මාස කිහිපය මුළුල්ලේම නොතිබුණු
එකකි. මාලතීට සැකයකුත් සිතුණත්, ඒ ගැන ඇසීමෙන් පලක් නොවෙන බව ඈ දනියි.
‘කීයටවත් කියනෙකක් නෑ! ලියුමම බලන්ඩ කියනව මිසක්....’ මාලතී ලිපිය අතට ගන්නට අදිමදි කරන බව දුටු චන්ද්‍රාම කතා
කළාය.
“චන්දන එවල තියෙන්නෙ!”
මාලතී තිගැස්සුණාය. “බැණලද අක්කා?”
“ඔච්චරටම ඕනි නං කියෝලා බලන එක නෙව. උඹට ගොඩක් ස්තුතියි
කියන්ඩලු! කෙලින්ම කියන්ඩ පරක්කු නොවිච්ච එක හොඳයිලු.... එයා හිත හදා ගත්තලු......”
මමත් හිටියේ දෙලොවක් අතරට මැදි වෙලා වගේ. |
“හිතේ තිබිච්චි ඒවා විතරක් නෙවෙයි, දැන් තියෙන ඒවාත් එක්ක ඔක්කොම තමයි මෝඩියේ මේකෙ ලියල
තියෙන්නෙ...”
චන්ද්‍රා ලිපිය වීසි කර දමා, ගස්සාගෙන පිට වී ගියාය.
ඒ අමනාපය මවාගත් එකක් බව වටහා ගැනීම මාලතීට අසීරු නැත. නැඟෙන කුතුහලය මැඩ
ගන්නට නම් ලිපිය කියවිය යුතුය. ඈ ලිපිය අහුලා ගත්තාය.
“... චන්ද්‍රා, මමත් හිටියේ දෙලොවක් අතරට මැදි වෙලා වගේ. වික්‍රම මට
මුලින්ම මාලතී ගැන යෝජනා කරලා තිබුණට මම වචනයක් දීලා තිබුණෙ නැහැ. අඩුම තරමින් ඒ
වෙනකොට මම මාලතීව තියා, එයාගෙ ෆොටෝ එකක්වත් දැකල තිබුණෙත් නෑ.
-ඒත් වික්‍රම එක්ක කතාබහ කරද්දී, ඔයා ගැන නම් නිතරම කියවෙලා තිබුණු නිසා, ඔයාගෙ ගතිගුණ- හැඩරුව ගැන මගේ හිතේ එක විදිහක චිත්‍රයක්
ඇඳිල තිබුණා.
-වරදවලා තේරුම් ගන්න එපා. මම අනුන්ගේ වස්තුවකට ආසා කරපු මිනිහෙක් හෙම
නෙවෙයි.
-මාලතී ගැන මගේ හිතේ තිබුණේ එච්චරටම තදබල හැඟීමක් නෙවෙයි. මට හිතෙන්නේ, අපි වගේ කර්කශ රස්සාවක් කරන; රළු විදිහට හැඩ ගැහිලා ඉන්න කෙනෙකුට මාලතී වගේ හුඟක්
අහිංසක කෙල්ලෙක්ව ගැළපෙන එකකුත් නැහැය කියලයි.
වික්‍රමට ඔයාගෙ හිතේ තිබුණු ඉඩ එහෙමම තියෙද්දී, මටත් පුංචි ඉඩක් දෙන්න ඔයාට පුළුවන් නම්.... |
-කොහොම හරි මට හිතෙනවා වික්‍රමට ඔයාගෙ හිතේ තිබුණු ඉඩ එහෙමම තියෙද්දී, මටත් පුංචි ඉඩක් දෙන්න ඔයාට පුළුවන් නම්.... වික්‍රමගේ
තැන මට දෙන්නය කියල මම ඉල්ලන්නෙ නෑ! ඒත් චන්ද්‍රා, ඔයාගෙත් අනාගතය ගැන හිතලා- මගේ අනාගතේ ගැනත් හිතන්න
කැමතියි නම්..... අපි දෙන්නම එකතු වෙලා
අපේ අනාගතේ ගැන හිතමු!”
මාලතී ලිපියේ ඉතිරි කොටස කියවූයේ නැත.
‘චන්ද්‍රක්කා’ යැයි කියමින් මාලතී සතුටින් දුවගෙන එද්දී, චන්ද්‍රා පේර ගසට පිටදී නිල්වන් අහස ගැබ දෙස බලා
සිටියාය.
********
පෙර දින රාත්‍රියේ ඇද හැළුණු වැස්සේ සලකුණු තවමත් මැකී ගොස් නොමැත. හාත්පස
කඳුකරයේ ඇත්තේ තෙත් බවකි. හමන සුළං රොද පවා සිසිල්ය. පරිසරයේ නවමු බව වැඩි කරන්නට
මෙන් සිඟිති කුරුල්ලෝ කිචි-බිචි සංගීතය සපයමින් සිටිති. දිය ඇල්ල පේර සේම ප්‍රාණවත්ව
සරුවට ගලා හැළෙයි.
ගල් කුළ මත වාඩි වූ ධනුෂ්ක අවට සිසාරා බැලුවේය. මිලින්දත් මිතුරා අසලින්ම
වාඩි වූයේය.
අසල තණ පඳුරු අතරේ දම් පාටින් පිපී දිලෙන බිනර මලක් නෙත ගැටුණු ධනුෂ්ක ඇසි
පිය නොහෙළා ඒ දෙස බලා සිටියේය.
බිනර මලක් ගැන ‘එහෙම’ කියන්නට ගිහින් ‘නෝන්ඩි’ වෙන්නට සිදු වෙතැයි.... |
ඒ පොත පළවී සතියකිනි. මුතුවන් අකුරින් ලියැවී තිබුණු ඒ ලිපිය යුවතියක ලියූවකි. හැබැයි නිර්නාමිකය.
‘නිමල්, ඔයා නුවර පැත්තේ නේද දන්තුරේ වලව්ව තියෙන බව කියන්නෙ. ඒ හරියේ බිනර
මල් පිපෙනවද? ලංකාවට ආවේනික ශාඛයක් වෙන බිනර හැදෙන්නේ හෝර්ටන් තැන්න වගේ උසම
තැන්වල නේද?’ ඇය තර්කානුකූලව ප්‍රශ්න රැසක්ම අසා තිබිණි.
(එබඳු ලිපි රැසක් තවමත් ගෙදර
කොතැනක හරි ආරක්ෂිතව තිබෙතත්, තියෙන තැනය තවමත් මගේ මතකයට නොආවේ! එහෙම වුණා නං
ලිපියේ ඒ කොටසම මෙතැනට ඔබනවාමය!)
“නිමල්ගේ පොත කියවලා අපේ අක්කා එවපු ලියුම හම්බ වුණාද?” තජකයේ අපත් එක්ක හිටි ඩී.ඩී. පද්මසිරි පසු දවසක ඇහුවේ ඒ අතරේය. රහස හෙළි වුණේ ඒකෙන්ය. නිර්නාමිකව ලිපිය ලියා තිබුණේ කුසුම් දෙහිගස්පිටිය සොයුරියයි.
යමක් ලියද්දී කොතරම් පරෙස්සම් විය යුතුදැයි අදත් ‘රතු
එළි දල්වා’ මට සිහිපත් කරන්නේ ඒ ‘බිනර මල’ පිළිබඳ සඳහනයි!
“දැන් ඉතිං උඹලගේ අප්පච්චි ඔක්කොම දන්නවා!” මිලින්ද පළමුව කතා කළේය.
“..... අප්පච්චි දන්නවා කොයි වෙලේ හරි ලෙඩින් වැටිලා, උඹව
ඉක්මනටම මැරිල යන්න පුළුවන් බව. උඹ හරියට පුපුරන්න කිට්ටු ගිනි කන්දක් මුඳුනේ වාඩි
වෙලා ඉන්න එකෙක් වගේ බව උඹලගෙ අප්පච්චි දන්නවා..........”
පරිසරයේ සුන්දරත්වයෙන් වසඟ වී සිටි මිලින්ද සිතට නැඟුණු සිතිවිලිවලින් හඬ
නඟා කියුවේ පළමු වැකිය පමණි.
ඒකත් ලොකු සහනයක් මචං.... මට දැන් තියෙන ප්‍රශ්නේ.... |
“ඒකත් ලොකු සහනයක් මචං.... මට දැන් තියෙන ප්‍රශ්නේ අපෙ
අම්මට කොහොමද මේක කියන්නෙ කියලා.... ඊටත් එරන්දතී අක්කා.... උඹලගෙ අයියා! මේවා
කියලත් බෑ,
නොකියත් බෑ.”
“උඹ ඒ ගැන කරදර වෙන්න ඕන නෑ.... මමවත් හිතාගෙන හිටියේ නෑ
උඹලගෙ අප්පච්චිට ෆේස් කරන්නෙ කොහොමද කියලා. හැබැයි ධනුෂ්ක, මුල පටන් ගත්තට පස්සේ ඒක එච්චර අමාරු වුණේ නෑ! උඹලගෙ
අප්පච්චි අපෙ අයියත් එක්ක කතා කරලා හොඳ පිළිවෙලක් කරනවයි කිව්වා, මචං!”
ධනුෂ්ක සුසුමක් හෙළුවේය. ළය සැහැල්ලු විණියි ඔහුට සිතිණි.
“මම මාලතීටත් මේවා ඔක්කොම කියනවා........ දැනට එයා දන්නේ
බාගයයි.... මුල් ටික විතරයි! එදායින් පස්සේ එයා දිය ඇල්ලට ආවදවත් මන්දා. කොහොම හරි
එයාව හම්බ වෙලා මේවා එයාට කිව්වම මගෙ හිත නිදහස්.... ඊට පස්සෙ මට පුළුවන් හිතේ
බරක් නැතිව මැරෙන්න....”
“ඔක්කොම බලාපොරොත්තු අත් ඇරලා ඔය විදිහට කලකිරිලා හරි
යන්නෑ මචං. ඔය වාගේ වෙලාවක පොසිටිව් තින්කින් හරි වැදගත්.... උඹ දන්නවද?”
මටම ආඩම්බරය! 1996 කාලයේදීත් මා සුභවාදීව සිතන්නෙකුවී
සිටි බවට ඉහත වැකිය සාක්කිය. ඒ ගුණාංගය මට කොතරම් පිහිටවී තිබෙනවාද? 2013දී මට
ලැබුණු වැරදි බෝනස් එකෙන්; පිළිකා රෝගයෙන්;
මල්ටිපල් මයෙලෝමාවෙන් මිදී, මා දැන් ඉන්නේ රෙමිෂන්
අවදියේය. මේවා ලියන්නේ තවත් කෙනෙකුට සවියක් වෙන්නට හිතා ගෙනය. ජීවිතයට ප්‍රශ්න
එළඹෙන විට සාර්ථකව ඒවාට මුහුණ දීමේදී කෙනෙකුට අත්‍යවශ්‍ය වන දේ දැඩි චිත්ත
ශක්තියයි. කුඩා අවදියේ සිටම මට ඇවිත් තියෙන්නේ හැබෑම ප්‍රශ්න නේද? ඒවාට මුහුණ පෑවා
කියන්නේම fight ගොඩකි.
රංගන කණ්ඩම්බි හිතවතා 2019
අවුරුද්දේදී මට ලියලාම දුන් විදිහට මා ‘Born Fighter’ කෙනෙකු වී තියෙන්නෙත් එනිසාවත්ද?
ඇයගේ දඟකාර කෙහෙරැලි මෑත්කොට, ඒ
සුසිනිඳු කන් පෙත්තකට මුව ළංකොට.... |
ඒවා මොනවාදැයි මිලින්ද ඇසුවේ නැත.
‘අවසන් සුසුම් පොද නිසල වා තලයට මුදා හැර අජීවී මළකඳක් වන්නට මොහොතකට පෙර
හෝ ඒ රෝස පැහැති දෙතොල් මත තම උණුසුම් දෙතොල තබා නිමේෂයක මිහිරි හාදුවක් දෙන්නට
ඇත්නම්....
-ඇයගේ දඟකාර කෙහෙරැලි මෑත්කොට, ඒ සුසිනිඳු කන් පෙත්තකට මුව ළංකොට ඇයට ඇති ආදරය ගැන
කියන්නට ඇත්නම්.....
ඇයගේ හිස තම ළය මඬලට තදින් සිර
කරගෙන, ඒ නළල් තලයට හාදු වැස්සක් වස්සවන්නට ඇත්නම්.....!’
හිතේ තෙරපෙන එබඳු
අපේක්ෂාවන්ගෙන් එකක්වත් ධනුෂ්ක මිලින්දට හෙළි කළේ නැත.
මිලින්ද වචන අහුලමින් වෙනත් කල්පනාවක ගැලී සිටියේය.
“මයෙ කොල්ලා කැමති නං මාලතීව වලව්වටම කැන්දන් ආවත් කමක්
නැතෙයි කියන්ඩ පුතේ! මැරෙන්ඩ ඉන්න ටික දොහේ හරි ඒකා සන්තෝසෙන් ඉන්නවා දකින්ඩයි මට
ඕනා....” අප්පෝ එදා මිලින්දට කීවේ වැලපෙන තරමේ දුකකිනි.
ඒ පිළිබඳව ධනුෂ්කගේ ප්‍රතිචාරය කුමක් විය හැකිදැයි මිලින්දට සිතාගත නොහැකිය.
උඹත් හිතනවද මචං,
මම ඒ තරම්ම පාදඩ බල්ලෙක්ය
කියලා? |
“උඹත් හිතනවද මචං, මම ඒ තරම්ම පාදඩ බල්ලෙක්ය කියලා?”
මිලින්දගේ
කීම ඇසූ ධනුෂ්ක මුලදීම කෝප වූයේය. ක්‍රමයෙන් ඔහුගේ කෝපය නිවී යනතුරු මිලින්ද බලා
සිටියේ ඉවසිල්ලෙනි.
“මචං....! මං මාලතීට ඇත්තටම ආදරෙයි!
-ඒ ආදරේ එකම ඉලක්කේ ඒ අහිංසකීව මගෙ තුරුල්ලට ගන්න එකම නෙවෙයි මචං.... ඇත්ත!
මට පුළුවන්කමක් තියෙනව නං මම ආසයි තමා ඒ කෙල්ලව මගෙ තුරුල්ලට ගන්න.
-හැබැයි මේ තත්ත්වෙන්... මෙහෙම මාරාන්තික ලෙඩක් තියාගෙන මම කීයටවත් ඒක
කරන්නෑ මචං!
මාලතීවත් මාරයාට කැප කරන්න මම ලෑස්ති නෑ, මගෙ පව්කාර ජීවිතේ ඉතිරි ටික දවස වෙනුවෙන්!
කොච්චර දුකක් වුණත්, මගේ කාලකන්නිකම මම තනියම විඳ ගන්නවා.....
ඔව් මාලතී! ඔයා ඒකට පළි නෑ කෙල්ලෙ!!”
ධනුෂ්ක දෙදණ මත දෙඅත් නවා බැඳ ඒ උඩින් හිස තබා ගත්තේය.
කළු ගල් තලය මතට කඩා හැළුණු ධනුෂ්කගේ කඳුළු බිඳු ගලේ තෙතමනය ඇති කරවන්නට
අකැමැතිවා සේ කළු ගල මතම රැඳී තිබිණි.
********
එදින රාත්‍රී ධනුෂ්කට නැවතත් උණ ගැනී තිබිණි.
“මා... ලතී..... මාලතී! මා...ල...තී....!!!” ඔහුගේ මුවෙන් නැඟුණු සිහින් කෙඳිරිල්ලෙන් කියැවුණේ ඒ නම
පමණි.
ඒවා සැබෑවන්ද,
මායාවන්ද යනු ඔහු නොදත්තේය.... |
එහෙත් ඒවා සැබෑවන්ද, මායාවන්ද යනු ඔහු නොදත්තේය.
අප්පච්චි කඳුළු පිරි දෙනෙතින් ඔහු දෙස බලා සිටියි....
මිලින්ද අසහනයෙන් මෙන් එහා-මෙහා සක්මන් කරයි....
සිළිඳු මැණිකා වරින් වර ඔහුගේ නළලත මොනවදෝ ගල්වයි....
ආඬවනේ, පුංචි අප්පෝ! රාමන් වැළපෙයි...
‘මාලතී....’ ඔහුට කෙඳිරි ගෑවෙනු මතකය.
‘රාමන්ව යවමු!’ කවුදෝ කියයි.
‘මමත් යන්නම්!’ ඒ අප්පච්චිගේ කටහඬය.
ඊළඟට මිලින්ද....
‘නෑ මාමා, මම යන්නම් රාමන් එක්ක.’
-අප්පච්චිලා කොහෙද යන්න හදන්නේ? උඹල ඔක්කොමලා මාව දාල යන්නද හදන්නෙ මචං?-
හිතට හිතෙන දේවල් කියන්නට දිවට පණ නැත. එය නොසෙල්වෙයි. ඔහුට කළ හැක්කේ
කෙඳිරිගෑම පමණකි.
ඡායාවන් කිහිපයක්ම තමා මැදි කරගෙන සැරිසරන බව ඔහුට පෙනෙයි..... ඒ යාන්තමටය.
නෙතු පියන් පවා ඔහුට අකීකරුය. නෙත් හැර පැහැදිලිව දකින්නට අවශ්‍ය වුවත් ඊට පවා සවි
නැත. ධනුෂ්ක එසේම වැතිර සිටියේය!
දිගටම වැතිරී සිටියේය.........
... එවර කවුරුන්දෝ ඇඳ මතින් වාඩි වෙයි....
ඒ මුහුණ ඔහුගේ ළමැදට තුරුලු වෙද්දී දැනුණු සුමුදු පහසින්.... |
ආ, මාලතී ඔයා?
ඔයා කොහෙද මෙහෙ?
-ඔයා මොකද මගෙ මූණට වතුර ඉහින්නේ? වතුර නෙවෙයි... කඳුළු...
-ආ...ආ...ආ, ඔයා අඬනවා නේද මාලතී.... කෙල්ලෙ, ඔයාගෙ කඳුළුවලින් මාව තෙමෙයි!-
අප්‍රාණිකව සයනයේ වැතිර සිටින ධනුෂ්කට නිඳිමතය.
ඒ රාත්‍රියේ තවත් දෙනෙතක් නිඳි නොමැතිව, පැය ගණනාවක් මුළුල්ලේ අනිමිස ලෝචනයෙන් ඔහු දෙස බලා සිටි
බව ඔහු නොදත්තේය. අන්තිමේදී ඒ දෑස නිඳි බරින්ම පියැවී, ඒ මුහුණ ඔහුගේ ළමැදට තුරුලු වෙද්දී දැනුණු සුමුදු පහසින්
පිබිදුණු ඔහු, තවත් වතාවක් ‘මාලතී’
යයි කෙඳිරුවේය; කොඳුරා එහෙමම තද නින්දකට වැටුණේය.
********
නිශා කත ඇගේ සීතල අඳුරු සළුවෙන් මිහි තලයම වසාගෙන සිටියදී, කිසිදු බාධාවකින් තොරව ආලිංගන නිද්‍රාවකට පත් වී සිටින අවිහිංසක පෙම්වතුන් යුවලක් දැක ගන්නට අඹරෙහි දිදුලන තාරකාවෝ තරග වැදුණෝය!
ධනුෂ්කගේ තුරුලු කැදැල්ලෙහි සුවයත්; සුවඳත්; උණුසුමත් සොයා ආ යුවති කිරිල්ලිය සංසාරගත පුරුද්දෙන්ම ඒ උණුසුම් පහස
හඳුනාගෙන තිබිණි.
පහන් තාරකාවියගෙන් මේ අවිහිංසක සුපෙම්වතුන්ගේ ආනන්දනීය සංයෝගය පිළිබඳ පුවත
අසා- දැනගත් ළහිරු, පෙරඹරින් උදා වී; නැඟී ආවේ ඔවුන් දෙදෙනා දැක ගැනීමටමය. විවර වී තිබුණු ජනෙල් පියන් පත්
අතරින් ගලා ආ පළමු අරුණලු දහර එක එල්ලේම ඒ සයනය මතට පතිත විය.
පහන් තාරකාවියගෙන් මේ අවිහිංසක සුපෙම්වතුන්ගේ ආනන්දනීය සංයෝගය පිළිබඳ පුවත
අසා- දැනගත් ළහිරු.... |
ඇගේ මුව කමලෙහි රැඳී ඇති තෘප්තිමත් සිනහව දැක ගන්නට මෙන් තව-තවත් හිරු කිරණ
නොකඩවා ගලා ආයේය෴
පොතේ
කතන්දරයට ‘කුණ්ඩලිය’ ලකුණ යොදා අවසන් කළා වුණත්, මා ලියූ විස්තරවලින් තව
ඩිංගිත්තක් මේ පෝස්ටු මාලාවේ අවසන් එකට යෙදිය යුතුය.
‘යුවති කිරිල්ලී’ පොත කියවූ බොහෝ දෙනෙක් ලිපිවලින් මට ප්‍රතිචාර
දැක්වූහ. එයිනුත් වැඩිම දෙනෙක් රසිකාවියන්ය. (ඒ සමහරෙක ප්‍රේමාරාධානාවනුත් සැඟවී
තිබිණි.) උත්තර ලියා, ඒ පාඨක රසික-රසිකාවන්ට කාරුණික වෙන්නට ඕනෑයැයි ගොබ්බ- මොට්ට-
තකතීරු මට ඒ දවස්වල හිතුණේ නැතිය. (Hong Kong ගිහින් ආවාට පස්සේ වගේ. ඒ වංගියේ නම්
මං ජෝට උත්තර නොලිව්වේ ‘කඩුව වැනිල්ල’ නුහුරු නිසාය. මෙවර...)
එහෙම වුණේ මගේ හිත චාං-චඃ වෙලා තිබුණු හින්දාය.
මගේ හිත ඔද්දල් වෙන්නට හේතුව, යුවති කිරිල්ලී කියවූ
ආදරණීය කියවන්නන්ගෙන් වැඩි දෙනෙකු පොතේ අවසානය පටලවාගෙන තිබීමය!
ඒ හැමෝම වාගේ තේරුම් ගෙන තිබුණේ ධනුෂ්ක මියගිය ලෙසකි. ඒ
මදිවාට සමහරුන්ට මාලතීත් මිය ගිහින්ය.
පෙනුණේ වැඩි දෙනෙකුම අවසානය පටලවාගෙන.... |
‘... බොහොම පුංචි විසබීජයකින්;
වෛරස් එකකින් මේ ලෙඩේ හැදෙන්නේ.... ඒක ලේවලට ඇතුළු වුණාම අපේ ලේවල ඒ විසබීජේ
පැතිරෙනවා.... අන්තිමට අපිට උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් ඒක සනීප කර ගන්න බැරිව
යනවා.....
මොකද, අපේ ඇඟට විසබීජ ඇතුළු වුණාම ඒවා විනාශ කරන්න අපේම ලේවලට තියෙන පුළුවන්කම
නැති වෙලා යන නිසා....
ඔය විසබීජේ ඇඟේ තියෙන අයගෙන් සීයට පණහක් විතරම අවුරුදු ගණනාවක්; සමහර වෙලාවට
අවුරුදු දහයක්-පහළොවක් වුණත් කිසිම ලෙඩක් නැතිව වගේ ඉන්නවා...’ යනුවෙන්, මිලින්ද ලවා දන්තුරේ බණ්ඩාර අප්පොට
කියෙව්වේ ධනුෂ්කව දිග කාලයක් ජීවතුන් අතර තියන්නටය.
ඒඩ්ස් වෛරසය ශරීරගත වෙන හැම කෙනෙකුටම; එක්වරම ඒ රෝගය
නොවැලඳෙයි. ඒ වෙනවිටත් හෙළිවී තිබුණු විදිහට සමහරු රෝගී නොවී, රෝග වාහකයන් ලෙස දිගු
කලක් ජීවත්වී තිබුණෝය. මා සිතුවේ ධනුෂ්කවත් ඒ ගොඩට දාන්නටය.
සාමාන්‍ය උණ රෝගයකින් පීඩා විඳි ධනුෂ්ක, මරණ මංචකයේ යැයි
අප්පෝත්, මිලින්දත් සිතුවෝහ. ඔවුන් මාලතීව වලව්වට ගෙන්වා ගත්තේ ධනුෂ්කගේ අවසන්
මොහොත ප්‍රසන්න; සැනසිලිදායක එකක් කරවනු පිණිසය.
එසේ පැමිණි මාලතී, ධනුෂ්කට තුරුලුව- ඔහුගේ ළය මඬලෙහි මුහුණ හොවා සැතපී සිටි
පමණින්, ඇයට ඒඩ්ස් රෝගකාරක වෛරසය සම්ප්‍රේෂණය වන්නේ නැත; මිය යන්නට ඉඩක්ද නැත.
දැන් මම ඔබෙන් මෙසේ අසන්නෙමි. ‘ඔයාලට මොකද හිතෙන්නේ, පොත
ගැන?’
මෙතෙක් නොකියූ අදහසක් තිබෙනවා නම් දැන් එය මට කියනු මැනවි෴
මමත් හිතුවේ මිලින්ද මිය ගියා කියලයි. පොතේ, ඒක වචනයෙන් නොකිව්වාට, ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර තියනවානේ.
ReplyDelete//‘අවසන් සුසුම් පොද නිසල වා තලයට මුදා හැර අජීවී මළකඳක් වන්නට මොහොතකට පෙර හෝ ඒ රෝස පැහැති දෙතොල් මත තම උණුසුම් දෙතොල තබා නිමේෂයක මිහිරි හාදුවක් දෙන්නට ඇත්නම්....
-ඇයගේ දඟකාර කෙහෙරැලි මෑත්කොට, ඒ සුසිනිඳු කන් පෙත්තකට මුව ළංකොට ඇයට ඇති ආදරය ගැන කියන්නට ඇත්නම්.....
ඇයගේ හිස තම ළය මඬලට තදින් සිර කරගෙන, ඒ නළල් තලයට හාදු වැස්සක් වස්සවන්නට ඇත්නම්.....!’
හිතේ තෙරපෙන එබඳු අපේක්ෂාවන්ගෙන් එකක්වත් ධනුෂ්ක මිලින්දට හෙළි කළේ නැත.//
ඉතින් මාලතීව තුරුළු කරගෙන මිලින්ද මැරුණා කියන දුඛාන්තයෙන් කතාව ඉවර වෙනවා කියලා තමයි මටත් හිතුනේ!
මේක චිත්‍රපටියකට නැගුවානම්, කතාවේ අවසානය, නරඹන්නන්ට කැමති විදියකට හිතා ගන්න අවස්තාව ලැබෙන ආකාරයට නිමා කරන්න පුළුවන් නේද?
සෑම්, මේ කතාවෙන් film එකක් හදනවා නං, ඒ ගැන තීරණය කරන්න වෙන්නේ එහෙම දෙයක් නිර්මාණය කරන කෙනාටයිනේ.
Deleteමතකයිද 'පෙම්බර මධු' film එක? අවසානයන් දෙකක් තිබුණු ෆිලුම, සුගතපාල සෙනරත් යාපා මහතාගේ....
සරලයි වගේ පෙනෙන්න, ඒත් ටිකක් පැටලිලි සහිතව, බාගෙට හංගලා කියන ක්‍රමයට මගේ තියෙන කැමැත්තෙ විදිහටයි මම ඒ කාලේ පොත ලියල තියෙන්නෙ. ඒ මට හිතෙන විදිහ, හොඳේ.
මිය ගියා කියලා හිතුනෙ නැහැ, නමුත් තව එක වාක්‍යයක් අන්තිමට එකතු කලානම් සමහරවිට කාටවත් එහෙම හිතෙන එකක් නැහැ- දෙන්නම ඇස් ඇරල දෙන්නා දිහා බලගෙන ඉදලා ආයිත් තුරුලු වෙනවා වගේ එකක් (හී හී.. මගේ මෝඩ අදහස්). හැබැයි ධනුෂ්ක තව අවුරුදු කීපයක් ජීවත්වෙනවා කියලා නිමල්ට පෙන්නන්න ඕනෙ වුනත් ඒක platonic love එකක් වගේනෙ වෙන්නෙ ඒ දෙන්නට විවාහ සම්බන්ධතා පවත්වන්න බැරි නිසා.
ReplyDelete'යුවති කිරිල්ලිය සංසාරගත පුරුද්දෙන්ම ඒ උණුසුම් පහස හඳුනාගෙන තිබිණි' රසික රසිකාවියො හිතන්න ඇති මෙහෙම ලියන නිදි love bomb එකක් කියලා.
Lotus, දැන් නම් මට මතකයක් නැහැ. නමුත් වැඩිපුර ඉංග්‍රීසි films බලන නිසා පස්සේ දෙවෙනි කොටසක් ලියන්නත් හිතේ තිබුණා වෙන්නැති; ඔහොම අවිනිශ්චිත අවසානයක් ලිව්වේ.
Deleteඅන්තිම කාරණය ගැන නං වැඩිය මොකුත් කියන්න යාම හරි භයානකයි. හිතන නිදහස කාටත් තියෙනවානේ. නමුත්, එහෙම එක පාරටම තීරණවලට එනවාට මම නං හරිම අකමැතියි. "බය වෙන්නෙපා, ඔයා එකයි...." post එකේදී මගේ ඒ ගතිය ගැන ලිව්වා. අමතක නං, වෙලාව තියේ නං ගිහින් බලන්න ලේසි කරනවා, ඔන්න.
https://nidigepanchathanthare.blogspot.com/2020/05/blog-post_17.html
'අවිනිශ්චිත අවසානයක්' දුන්න එක හොඳයිනෙ. එතකොට හැමෝම තමන් කැමති විදිහට අවසානය හදාගන්නවනෙ. ධනුෂ්ක සහ මාලතී මියගියා කියලා හිතුව අය The Notebook වගේ අවසානයක් ගැන හිතන්න ඇති. උඩ කමෙන්ට් එකේ සෑම් මහත්තය කොච්චර නිර්මාණාත්මක වෙලාද කියනවානම් සයිඩ් සපෝර්ටර් වුනු මිලින්ද මියගියා කියලා හිතලා. ඒ ටිකට මිලින්දයි මාලතියි යාලු කරලානේ.
Deletelove bomb කියන වචනය ඇත්තටම හොඳම වචනයක් නෙවෙයි, හේතුව ඒ වචනය යොදාගන්නවා තමන්ට ඕනෙ විදිහට අනිත් අය හසුරුවන අරමුණ ඇතුව (manipulate) ආදරය පෙන්වන අයට. මේ දවස්වල කතාකරන එක ප්‍රසිද්ධ උදාහරණයක් තමයි හැරී කුමරුගෙ බිරිඳ මෙගන් කුමරිය. නිමල් එහෙම කෙනෙක් නෙවෙයිනෙ. (ලින්ක් එක දාපු පෝස්ට් එක මම බලලා ඇති, ආයිත් බලන්නම්).
ගොඩාරියක් ස්තුතියි Lotus!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteබොබැල්ලේ බිනරමල් ගැන සර්ච් කරලා බලන්න
ReplyDeleteබිනර මල් ප්‍රභේද ගොඩක් තියෙන බව දැනගත්තා. ස්තුතියි, ඔත්තුවට. ඒත් ඒ කාලේ අන්තර්ජාල පහසුකම් අපිට තිබුණේ නෑනෙ Pra Jay මහත්තයෝ.
Deleteඉතාම කෙටියෙන් කියනවානම් “පට්ට“. තව පොතක් ලියන්න මේ හොඳම කාලයයි.
ReplyDeleteචමී, ඔයාලා මේ කියවන්නෙත් ලොකු පොතක් තමා! බලමුකො!!
Delete