මගේ
හැබෑ ජීවිත කතාව මේ විදිහට කලාවක් ඇතිව නිදිගෙ පංච තන්තරේට ලියමින්... |
අරුණ දිසානායකගේ ආරාධනයෙන් පොසොන් ‘සෞඛ්‍යදාන Camp’ එකකට අනුරාධපුර ගිය
වෙලාවේ මල්වතු ඔයේ මාත් එක්ක නාන්න ගියේ...
එතැනදීනෙ, මං වහන්සේ සැඩ පාරට අහුවෙලා ගිලෙන්න ගියේ.
ග්ලබ්! ග්ලබ්!! ග්ලබ්- අම්මොහ් වෙද්දී ‘කිරිල්ලී’ මගේ පණ බේරා දුන්නේ. (කිරිල්ලී දැන්
ඉතාලියේය. අරුණ දිසානායක තවමත් අනුරාධපුරයේය. උපාලි විශ්‍රාමිකව මහරගමමය. මං
ඔයාලාට කියවන්නට මගේ හැබෑ ජීවිත කතාව මේ විදිහට කලාවක් ඇතිව නිදිගෙ පංච තන්තරේට
ලියමින් ඉන්නවාය.)
“කාවද උපාලි හම්බ වුණේ?”
මම ඇසුවෙමි.
“ජයන්ත කියලා එක්කෙනෙක්.
එයා නිලූකාලගෙ ගෙදරට එනවා. එහෙදී නිමල් අයියාට ජයන්තව මුණ ගස්සන්න පුළුවන්ය කියලා
නිලූකා මට කිව්වා.”
අද කතන්දරේ ගැටලු-
පැටලිලි- වංගු- links ගොඩක් තියෙනවා වගෙද දැනෙන්නේ? Sorry! එහෙම නොවෙන විදිහට කොණක
හිටලාම කියන්නංකො ඔන්න... එතකොට හරි යාවිනෙ.
මේ සිද්ද වීම් ටික පටන්
ගත්තේ ‘යුවති කිරිල්ලී’ පොත පළ කරලා ටික දවසකින්.
පොත කියෝපු හැමෝම එකතු වෙලා මං වහන්සේව උස්සල- උස්සල- උස්සලා මුරුංගා අත්තේ
මුඳුනෙන්ම තිබ්බා. අනේ, ඒ කවුරුන්වත් මට අහිතකින් එහෙම කළා හෙම නෙවෙයි.
දන්නැද්ද, ජාතියක් වශයෙන්ම අපි හරි දස්සයිනේ කෙනෙකු ඉදිරිපිටදී නුගුණ නොකියා ඉන්න;
නැති හොඳ කියලා වර්ණනා කරන්න. ඒ වගේම- කව්රු හරි නැති තැන එයාව පතුරු ගහන්නත් අපි
හරි දස්සයි කියන එකත් අමතක කරන්න බෑ.
(එකම එක්කෙනයි, මගෙ
කුළුඳුල් ග්‍රන්ථ රත්නය ගැන නිෂේධනීය ප්‍රතිචාරයක් directම මට ලබා දුන්නේ. ‘දහතුනේ
මාරකේදී’ සඳහන් වුණු මුදිත කරුණාමුනි. “නිමල් අයියා. ඔයාගේ ලේඛන
ශෛලියේ මොකක්දෝ අඩුවක් තියෙනවා වගෙයි මට නං දැනෙන්නේ.” මුදිත කිව්වේ ඒ වගේ දෙයක්.
අපරාදේ! මතු දවසක ඒවා මෙහෙම සටහන් කෙරෙයි කියලා දන්නවා නම්, ලියලා තියා ගන්නවත්
තිබ්බා.
‘කුමරි’ පත්තරෙන් හදපු රැල්ල ඒ වෙද්දී ‘සුනාමියක්’ වෙලයි තිබ්බේ. (foto- ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා) |
ඉතිං, හැමෝම මාව ‘මාර
නවකතාකාරයෙක්’ විදිහට වර්ණනා කරද්දී-
තකතිරු මාත් නියමෙටම ඇඳගත්තා. එක සැරයක් try කරලා, හරි ගියේ නැති වැඩකට, දෙවෙනි
සැරේටත් උත්සාහයක් දරන්න ඕනිය කියලා මට හිතුණේ, ඒ දවස්වල.
‘හරි ගියේ නැති වැඩේ’ තමයි ‘සුවඳ’ පත්තරේට නවකතාවක් ලියන එක.
1990 විතර
වෙද්දී ‘රස නිවසින් නිකුත් කෙරුණු පත්තර’ ලංකාවේ හැම අස්සක්- මුල්ලක් නෑරම
විකිණුණා. අසූව දශකය මැද හරියේදී බන්ධුල පද්මකුමාර මහත්තය ‘කුමරි’ පත්තරෙන් හදපු
රැල්ල ඒ වෙද්දී ‘සුනාමියක්’ වෙලයි තිබ්බේ.
මගේ මතකය හරි නම්, රස නිවසේ ‘බිරිඳ’, ‘සුවඳ’ පත්තර දෙකම ලක්ෂයක විතර අලෙවියක්
තිබුණු ඒවා වුණෙත් ඔය දවස්වල.
අදිතත් තල් දුන්න අරඹා අදින්නයි
විදිතත් හස්ති රාජයෙකුට විදින්නයි
බඳිතත් වරල මල් ගවසා බඳින්නයි
නසිතත් වංශ ලියෙකුට කල් බඳින්නයි-
කියල තමයි දස්කොන් අදිකාරම් උන්නැහෙ කවියකිනුත් උපදේශයක් දීලා තිබ්බේ... Try කරනවා
නං කරන්න ඕනි හොඳම දේකට. ඉතිං, මටත් ඕනෙ වුණේ ‘වැඩිම අලෙවියක් තියෙන පත්තරේකට’
නවකතාවක් ලියල නමක් හදාගන්න!
ඔන්න මාත් මල් පත්තරේකට ඔබින විදිහට, යොවුන් නවකතාවක මුල් කොටස් තුනක් විතර
ලිව්වා.
මිනිහා
ඒක පාර්ශ්විකව ‘හිතින් විතරක් පෙම් කරන්නම්’ කියාගෙන
ඉස්කෝලෙම කෙල්ලෙකුට love කරනවා! |
යමක් ලියද්දී
ප්‍රවේශය ඉතාම වැදගත්ය කියලා, මං එතකොටත් දැනගෙනයි හිටියේ. නැත්තං පටන් ගැන්මේදීම
කියවන්න එපා වෙනවා- කොච්චර අර්ථවත් වුණත්. මේ කාරණය මං ඉගෙන ගත්තේ කථනය කලාවක් බව ඉගෙන ගන්නා වැඩ මුළුවකදී.
ඉකොනොමැට්ටා කොහෙන්ද දන්නෑ, ඒ කාරණේ ඉගෙන ගත්තේ. අද (ඔක්තෝබර් 5) උදේ ඉකොනෝ
publish කරලා තිබ්බ ‘රටේ වත්කම් වැඩි වෙලා නැද්ද?’ post එක ඉකොනෝ පටන් ගෙන තිබ්බේ, දැන් අපේ රටේ හැම පුරවැසියෙකුම
රුපියල් ලක්ෂ දහයකටත් වැඩිය ණයකාරයෙක්ය කියන සිත් ගන්නා කාරණය කියමින්!
‘අප්‍රේල්
අවසාන වෙද්දී ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 23,310ක්. රටේ
ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට රුපියල් මිලියනයකට
වඩා වැටෙනවා.
මේ වගේ විශාල ණය කන්දක් ගොඩ ගැහිලා තියෙද්දී රටකට ගොඩ යන්න පුළුවන්ද? ...’
ඉතිං ඒ වගේ
ගුරූපදේශ ඔළුවේ තියාගෙන, ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි ගැළපෙන විත්තියත් මතකෙ
තියාගෙන ලියන්න පටන් ගත්තය කියමුකො...
කතාවේ
පළමුවෙනි කොටස පටන් ගත්තේ accident එකකින්.
(එතකොටයි මතක් වෙන්නේ. ඊට පහු කාලෙක ලියපු, යුවති කිරිල්ලී පටන් ගන්නෙත් අනපේක්ෂිත ඇබැද්දියකින්ය කියලා. අනේ හැබෑට, අද
වෙනකල් ඒ විත්තිය කල්පනා නොවුණු හැටි!)
මගෙ කතාවේ මුල, වැස්ස වෙලාවක්... ඉස්කෝලේ යන කුසල්, මෝටර් සයිකලේක හැප්පෙන නාකි
මනුස්සයෙකුව ඉස්පිරිතාලෙකට එක්කං ගිහිං උදව් කරනවා. ඒක පාසලට ආරංචි වෙලා, පාසල් රැස්වීමේදී
කොල්ලට උපහාරයක් පිදෙනවා. අම්මා, කුසල්ට හෙණ තැන!
කුසල්ගේ
කුසල් පළ දෙන තැන! |
කුසල්ගේ කුසල් පළ දෙන තැන!!
ඔය ටික ලියන්න
වුණත්- මං කුසල්ගේ ගෙදර පිහිටීම, ගෙදරට යන පාර එහෙමත් plan එකක ඇඳගෙනයි තිබ්බේ. මොකද
එහෙම දේවල් හිට වරද්දා ගත්තු නවකතා ඒ කාලේ පත්තරවල පළවුණු නිසා. පිටරටවල නං සරල
කතාවක වුණත් එහෙම වැරදි තියෙනවා නං publisher කෙනෙක් පළ කරන්න බාර ගන්නෙ
නැහැල්ලුනේ. (එච්චර දේවල් මතක තිබිලත්, මම කතා නායිකාවට දීලා තිබුණු නම මතක්
වෙන්නෙ නැති හැටි!) අර විදිහටම කෙල්ලගෙත්, ඉස්කෝලෙත් සවිස්තරාත්මක කටු සටහන් ගහලා
හෙම තියෙද්දියි- මං ජාවත්තට ගියේ.
එව්වත් උස්සගෙන නං නෙවෙයි, හොඳේ!
එතකොට ‘රස ප්‍රකාශන’
office එක තිබ්බේ ජාවත්තේ.
එදා මං හම්බ වුණේ චන්දි එස්. කොඩිකාර කතුවරියයි. චන්දි මගෙ විස්තරේට කන් දීලා, අත්
පිටපත කියවලා බැලුවා. බලලා හරිම ප්‍රියමනාප; ආචාරශීලී විදිහට හඬ අවදි කළා.
“නිමල්, ඔයාට
ලියන්න පුළුවන්. ලියල තියෙනවත් හොඳයි. හැබැයි අපි ආධුනික අයගෙන් නවකතාවක් බාර
ගන්නේ සම්පූර්ණයෙන්ම ලියලා තියෙනව නං විතරයි. ඔයා මේ කතාව ඔක්කොම ලියාගෙන එන්න,
එතකොට අපි තීරණය කරන්නං පත්තරේට කොටස් වශයෙන් දානවද කියලා...”
උඩ දාගෙන එහාට ගිය මං ආපහු ආවේ අකුළාගෙන. ඊට පස්සේ ඒ පත්තරේකට ලියන ආදර අන්දරයට
මගෙ හිතේ තිබිච්ච ආදරේ වාෂ්ප වෙලා ගිය නිසා, ඒ වැඩේ ‘ගබ්සා’ වුණා!
අනෙක ඒ කාලේ
මට තිබ්බ කඩි කුලප්පුවේ විදිහට, එක තැනක වාඩිවෙලා දිගට ලියනවා කියන එකත්... මං ‘යුවති
කිරිල්ලී’ වුණත් ලිව්වේ දවස් 21ක් වගේ කෙටි කාලෙකින්. ඉතිං හිතා ගන්නකො ‘Mr. කලබල’ගෙ කලබලේ තරම.
මිනිස්සු
මකුළුවන්ට බයයි, අකමැතියි. එහෙම එකකින් සුපිරි වීරයෙක්
හදන්න පුළුවන්ද... |
‘ස්ටෑන් ලී (Stan Lee) විසින්
ස්පයිඩර් මෑන් (Spider-Man) නිර්මාණය කරන අදහස
අරගෙන චිත්‍රකතා ප්‍රකාශකයෙකු හමුවෙන්න ගිය මුල් දවසේ සිදුවීමක් වරක් ඔහු විසින්
සාකච්ඡාවක් අතර කියනවා.
එහිදී චිත්‍රකතා
ප්‍රකාශකයා කියනවා ස්ටෑන්ට, මිනිස්සු මකුළුවන්ට බයයි, අකමැතියි.
එහෙම එකකින් සුපිරි වීරයෙක් හදන්න පුළුවන්ද කියලා. ඒ වගේ පොඩි කොල්ලෙක්ව සුපිරි
වීරයෙක් කරන්න පුළුවන්ද කියලත් අහනවා, ඒ වගේම පීටර් පාකර් නැත්නම් ස්පයිඩර් මෑන්ට
තියෙන ජීවිතයේ ප්‍රශ්න ගැන දැනගත්තාම සුපිරි වීරයෙකුට ප්‍රශ්න තියෙන්න පුළුවන්ද කියලත් කියනවා.
ස්ටෑන් එදා ඒ
කාර්යාලයෙන් පිට වෙලා යන්නේ බලාපොරොත්තු විරහිත කෙනෙක් විදිහට, හැබැයි
සැලැස්මක් එක්ක.. පස්සේ ඔහු කොහොම හරි ස්පයිඩර් මෑන් චිත්‍ර කතාවක කොටසක් සඟරාවකට
දාගන්නවා.
මාසයක් පමණ ගත
වෙද්දී කවුරුත්ම හිතපු නැති විදිහට ඒ කොටස
ජනප්‍රිය වෙනවා. ස්ටෑන් කියනවා...’
ඉතිං 'සුවඳේ' ඒ
සිද්ධිය වෙලා අවුරුදු දහයකට විතර පස්සේ, ‘යුවති කිරිල්ලී’ අච්චු ගැහුවේ මගේ
වියදමෙන්- මගේ ප්‍රකාශනයක් විදියටනේ. සල්ලි තියේ නං... වියදම් වෙන්නේ මගෙ අතින්
නම්...
දැන් නං ඒ වගේ දේවලට තියෙනවා නවීන කියමනක්. ‘ළිඳ මගේ නම්, මම ළිඳේ නම් කාටවත් ඇයි
වේදනා!’
කව්ද
යක්ෂයෝ නිලූකා. තමුසෙගෙ වසමෙ ඉන්න ඔක්කොම අංගනාවෝ... |
Press කෙරුවාවෙදී, ඔය කොන්ත නෝනගෙ වරිගයේ; සල්ලි තියෙන පොත් කර්තෘලා සෑහෙන දෙනෙකුව
දැක ගැනීමේ වාසනාව මටත් ලැබිල තියෙනවා.
කොහොමෙන් හරි, ‘යුවති කිරිල්ලී’ කියවපු නන්නාඳුනන පාඨකයන්ගෙන් පවා ලියුම් ගලන්න
ගත්තම ‘මගෙ හරි නොගිය වැඩේ’ ඔන්න ආයෙම මතකෙට ආවා.
‘පොත හොඳ නං,
මොකද වෙන්නේ ඒකම කොටස් වශයෙන් පත්තරේක දැම්මොත්?’ මං හිතුවා. ඒ වෙද්දී ‘රස ප්‍රකාශන’
ආයතනය මහරගම, වත්තේගෙදර පාරේ තැනකට මාරු වෙලත් තිබුණේ. මහ දුරක්යැ?
ඒ නිසාමයි, මම
‘ග්‍රාමසේවක උපාලි’ හිතවතාට මේ කොන්තරාත්තුව බාර දුන්නේ.
“උපාලි, මේ
පත්තර කන්තෝරුවේ කවුරු හරි දන්න- කියන කෙනෙක් ඉන්නවද කියලා බලමුද. එහෙම කව්රු හරි
හොයාගෙන එහාට යන එක වැඩිය හොඳයි වගේ...” (ලොකුකමකට කියනවා නොවේ. නිදිගෙ ජීවිත කාලය
තුළදීම එහෙම favourස් ගන්නට ගිහිං තියෙන්නේ හතර-පස් වතාවක් විතරය. හැබැයි අනන්ත වාර
ගණනාවක්; කිසිවකුගෙන් නොඉල්ලාම, නිදිට උදව්- ෆේවර්ස් ලැබී තියෙයි; තවමත් ලැබෙයි! ඒ
හැමටම මෙතැනදීත්; දැනුත් ස්තුති කරන්නෙමි!!)
“හරි නිමල්
අයියේ. මට ටික දවසක් දෙන්න. මගෙ වසමේ ඉන්නව දෙතුන්-දෙනෙක් ඔය වැඩේට...” කියමිනි
උපාලි වැඩේට බැස්සේ.
ඊට පස්සේ දවසක
ඇවිත්, ‘... එහෙදී නිමල් අයියාට
ජයන්තව මුණ ගස්සන්න පුළුවන්ය කියලා නිලූකා මට කිව්වා.’ කියලා කියව්වේ, එහි
resultsය.
“කව්ද යක්ෂයෝ නිලූකා. තමුසෙගෙ වසමෙ ඉන්න ඔක්කොම අංගනාවෝ මාත් දන්නවයි කියලද හිතං
ඉන්නේ?” මම ඇසුවෙමි.
නිලූකා
රේඛානිගෙන් ජයන්තට නියමම ‘කැරැක්ටර් සැටිපිකෙට්’ එකකුත්...
(ජයන්ත ගාල්ලගේ මහැදුරු සුනිල් ආරියරත්නයන් සමඟ) |
“ඉතිං..."
“ඒකේ act කරන නිලූකා රේඛානි....”
‘කෝපි කඩේ’ ඇතුළු ටෙලි
නාටක රැසක රඟපෑ / තවමත් රඟන, හඬ කැවීම් ශිල්පිනියක් ලෙසද කටයුතු කරන නිලූකාව,
උපාලි ජයරත්න හරහා මං වහන්සේ හඳුනා ගත්තේ එහෙමය.
“එයාලා මට හරි හිතවත්. ජයන්තව අඳුන ගන්න ඉස්සෙල්ල, අපි නිවාඩු වෙලාවක නිලූකලගේ
ගෙදරට ගිහිං එමු.”යි කී උපාලි මාව එහාට; පතිරගොඩට කැන්දාගෙනත් ගියේය.
“අනේ නිමල් අයියේ, ජයන්ත
අය්යා හරිම හොඳයි. මේ උපාලි අයියටත් වැඩිය අහිංසකයි. එයාට පුළුවන් ඕනිම උදව්වක්
ඔයාට කරයි.” නිලූකා රේඛානිගෙන් ජයන්තට නියමම ‘කැරැක්ටර් සැටිපිකෙට්’ එකකුත්
ලැබුණේය. ඊට කලින් ඉස්තරම්ම තේ පැන් සංග්‍රහයකුත් අපට... (ස්තුතියි නිලූකා!)
නිලූකාගේ කතාව ඇත්තය.
ජයන්ත ගාල්ලගේ තැන්පත්
මනුස්සයෙකියි හමු වුණු පළමු දවසෙම මට හිතුණේය.
“මෙහෙමයි... මම වැඩ
කරන්නේ සම්පත* පත්තරේනෙ. (*රස නිවසේ ජ්‍යෝතිෂ පත්තරය වුණේ ‘සම්පත’ය.) අපිට මේක
කරමු කියලා මිස්ටර් වඩුගේට කෙළින්ම කියන්න බෑ. ඒත් අපි අදහස දාලා උත්සාහයක් ගනිමු.
නිමල් එන්න වෙලාවක අපේ කන්තෝරුවට. එහෙ ඉන්නවා මගෙ තව යාළුවෙක්. එයාගෙනුත් අහමුකෝ
මොකක්ද මේකට කරන්න පුළුවන් කියල.” බොරු පම්පෝරි නොගැහූ ජයන්තගෙන් කියැවිණි.
ඒ යහළුවා කීර්ති එස්.
කුමාරය.
ජයන්ත හාල්මැස්සෙක් නං කීර්ති ඒකෙ අනිත් පැත්තය; තඩි තල්මහෙකු වගෙය. හතර රියන්;
ටිකක් මහත කීර්ති රැවුල වවාගෙන හිටියෙකි. ජයන්ත full shave හාදයෙකි. කටේ සද්දෙනුත්
ඒ දෙන්නා ඉන්නේ දෙකොණේය.
තරමක් හෙමින් කතා කරන- හිනැහෙන ජයන්ත වගේ නොවේ; කීර්ති සද්දෙට කතා කරයි; සද්දෙන්
හිනා වෙයි!
ඒ වගේම වචනවලින් මුහුණටම දමලා අනියි!!
ඒත්
ඒ හැම විටෙකම සල්ලි ගෙව්වේ කීර්තිමය.. (කීර්ති එස් කුමාර සිනමා සක්විති ගාමිණී
ෆොන්සේකා සමඟ) |
ඇත්තනෙ! කීර්ති කිව්වේ
ඇත්තකි. මගේ යෝජනාවේ තිබුණු ඔලමොට්ටලකම මට තේරුම් ගියේ එතකොටය.
“මෙහෙමයි, ඔයාගේ පොත අපි
කියවලා බලමු ඉස්සෙල්ලම. කියන තරමටම යකා කළුද කියලා දැනගෙන ඉන්න එපැයි! ලියන කොලිටිය
හොඳ නං ජයේ, අපි වඩුගේ බොස්ට මෙයා ගැන වචනයක් දාමු.” තේ වීදුරුව තොල ගාමින් කීර්ති
කිව්වේය.
තේ වීදුරුව ගැන කියන්නේ, කීර්ති එස්. කුමාරලා ගැන තවත් සුවිශේෂ කාරණයක් කියන්නට
ඉඩකඩ ගැනීමටය.
අද කාලේ සමහර මාධ්‍යවේදීන්
ගැන කියවෙන දේවල් සැබෑ නම්, ඔවුන් අයුතු වාසි බලාපොරොත්තු වෙන්නන්ය!
වත්තෙගෙදර පාරේ, සුරම්‍ය
මාවතේ ‘රස ප්‍රකාශන’ කන්තෝරුවට ටිකාක් එහායින් තිබුණු පුංචි කඩ පොඩිත්තකදීය, එදා
අප තේ බොමින් හිටියේ. එතැන තේ විකිණුවේ කීර්තිලාටම විතරක් වගෙය. සිල්ලර බඩුත්
තිබුණු ඒ කඩේදී අපට තේ බොන්නට වුණේ හිටගෙනමය. අපට වාඩි වෙන්නට පුටු කබලක්වත් එතැන
නොතිබුණු නිසාය, ඒ.
ඊට පස්සෙත් මං රස
කන්තෝරුවට ගිය ගොඩාරියක් දවස්වල ඒ තේ කඩේට යැවුණේය. “යං plain ටී එකක් ගහල එන්න!”
කීර්ති යෝජනා කරයි. සමහර විටෙක ජයන්තත් අපට එකතු වෙයි. ඒත් ඒ හැම විටෙකම සල්ලි
ගෙව්වේ කීර්තිමය.
මං සාක්කුවට අත යවන්නට සැරසෙනකොටම කීර්ති ඉදිරියට පනියි. “මුදලාලි, මට සිගරට්
එකකුත් ඕනි. මේකෙන් ගන්න...” කියමින් නෝට්ටුවක් දික් කරයි. පළමුවෙනි දවසේ මෙන්මය.
අපි
තමයි හොඳටම කළේ! |
“එහෙනං ජයේ, ඒක මට ගෙනැත් දියංකො කියෝල බලන්න.” කීර්ති එතැනදීම ජයන්තට යෝජනා කළේය.
“මම එද්දී පොත් දෙකක් ගෙනැත් තියෙන්නේ. මේ.”
“හරි! එහෙනං ඒකත් හරි!! මචං ජයේ... මට පෙනෙන්නේ නිමල් හොඳටම ready වෙලා ඇවිත්
තියෙන්නේ, අපට දැල එළන්න. හඃ හඃ හා...” නිදහසේ සිගරැට් දුම් වළලු අහසට යවමින්
සිනාසෙමිනි, කීර්ති කීවේ.
පසුව කියවුණු විදිහට, යුවති
කිරිල්ලී රසවත් පොතකියි කීර්තිටත් හැඟී තිබිණි.
“අපි මිස්ටර් වඩුගෙට
කියන්නං නිමල් ගැන. හැබැයි ගොයියො, මේ පොත පත්තරේට දාමු කියලා කිච වෙන්න නං මට බෑ...
අපි අලුත්ම කතාවක් ලියමු. මහ වැඩක් නෙවෙයිනෙ.
නිමල් ඊළඟ දවසේ එනකොට කොටස් දෙකක්වත් ලියාගෙන එන්න. දන්නවනෙ, පැහැදිලි අකුරෙන්-
තනි පිටුවේ. එක කොටසක් අපේ පත්තරේ එක පිටුවකට හරියන්න ලියන්න. Printing කරන
මනුස්සයෙකුට ඒවා අමුතුවෙන් කියල දෙන්න ඕනි නැහැනේ... එව්වත් අරගෙනම යං බොසාව හම්බ
වෙන්න...”
ඊළඟ වතාවේ හමු වුණාම කීර්ති කීවේය.
අනේ, ප්‍රශංසාවලින්
මිනිසුන් නොමඟ යන තරම; වල්මත් වෙන තරම. අද කාලේ නං ඕනෑම දවසක චුට්ට වෙලාවක් හෙවූ
ගමන්, එහෙව් කතාවක් දැන ගන්නට ඇහැකිය.
මොළ හතේ කරුම විස්ව
කරුමයෝ / තමන් බලයට ආ ගමන්ම ලෝකෙ හතර වටෙන්ම උදව් හම්බ වෙනවා යැයි අදහාගෙන හිටි
නරුමයෝ / අපි තමයි හොඳටම කළේ යැයි ‘චේතිය පම්පෝරි’ ගැසූවෝ / ලෝකෙම බය අපේ leaderට
යැයි පවසන්නෝ... එහෙම වල්මත් වූවන්ට හොඳම උදාහරණය.
උහු තමනුත් රැවටුණෝ වෙති; අනුන් රවටන්නෝත් වෙති!
සැලසුම්
ඇඳලා; සටහන් ලියලා මහන්සි වෙලා කතාවක් රචනා කළා
වගේ ලියන්නේ මොකටද? |
එදා ගෙදර එමින් ගමන්ම, මම රෝනියෝ කරන්නට ගන්නා ‘රළු කඩදාසි බණ්ඩලයක්’ ගෙදර
ගෙනාවෙමි.
ඒ එනකොටත් කතාවේ පටන්
ගැන්ම හිතේ ඇඳී අහවරය.
මධු සමයට ගිය යුවලක්... කුමරි බඹසර රැකගත් බව ඔප්පු කරන්නට අසමත් වුණු යුවතියක්... කුල සිරිත් සුරකින සම්ප්‍රදායික නැන්දම්මා කෙනෙක්... අම්මාට බෙහෙවින් කීකරු පුතෙක්...
1985 එංගලන්තයට ගිය
වෙලාවේ, එහෙ රූපවාහිනියෙන් බැලූ Dynasty (1981-1989), Dallas (1978-1990) වගේ සෝප්
ඔපෙරාවලට වහවැටී හිටි නිසාම ඒවායේ එන භාවාතිශය පැටලිලිත් මට බලපෑවා වෙන්නැතිය. ඒවා
ගුරු තන්හි තබාගෙන; අර කී චරිතත් කතාවට කැන්දාගෙන පළමු කොටස ලියන්නට, මට වැඩි
වෙලාවක් ගියේ නැත. වැඩි වෙලාවක් ගත කරන්නට වුණේ ලියූ කොටස polish කරමින්, පැහැදිලි
අකුරෙන් නැවත ලියන රාජකාරියටය.
එහෙම කරලා...
පොතක් ලියලා publish කරන එකත් ලේසි පහසු වැඩක් නෙමේ වගේ නෙහ්🤔
ReplyDeleteStoryboard සීන එක මොකක්ද නිදි මාමෙ🤔
ස්ටෝරි බෝඩ් ගැන - කතාවක් ලියන හැටි ගැන එහෙම ජාලයෙන් හොයල බලන්නකො නවීන්, එන තොරතුරු ගොඩ. ඔයාට වටනා විස්තර ගොඩක් හම්බ වෙයි! Publishing ගැනත්..
Deleteඅදවත් බලන්න ඕනි😁😁😁
Deleteතව එකක් පටං අරන්.
ReplyDeleteසසර කතර වගේ තමයි ප්‍රසෝ!
Deleteඅළුත් එකක් වගේ, පරණ කථාවල කොටස් ටිකත් හිමිහිට ලියන්න...
ReplyDeleteපරණ කතාවල එව්වාත් ලියනවා ලලිත්. ඒ අතරට මේවා ලියන්නේ, විවිධත්වයක් දෙන්නට වගේම ඒ කාලේ වෙච්ච දේවලින් කාට හරි පලක් වෙන්නත් එක්ක.
Deleteමට කලින් කියවපු ඒවා දැන් මතක වුනාට මේක මරු . මමත් අතින් ගෙවල පොතක් ගැහුවා නෙව
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමට කලින් කියවපු ඒවා දැන් මතක වුනාට මේක මරු . මමත් අතින් ගෙවල පොතක් ගැහුවා නෙව
ReplyDeleteඔව් ඔව්, ප්‍රථම ප්‍රේමය පොතේ දොරට වැඩුමෙදි නෙව අජිත් මහත්තයෝ, මට හුඟක් බ්ලොගර්ස්ල හඳුනාගන්න හම්බ වුණෙත්....
Deleteදස්කොන් දෙන්නෙ බෙල්ලම ගහල යන උපදෙස නෙ😂
ReplyDeleteඇත්ත. අද කාලේ බොහෝ මාධ්‍යවේදීන්... මස්කඩ කාරයින්ටත් අන්තයි
දස්කොන් උන්නැහේ හිස් ගැසුම් කෑවත් - කාලා තිබ්බ කෑම ගැන කියවෙන කවිත් මතක ඇතිනෙ නමී...රන් භාජනෙත් නොවිදීද විදිනා ගුල්ලා..../ විසැස් කමලාව රස පහස නොවිඳමා...
Deleteඅද ඉන්න මාධ්‍යවේදීන් ගැන නම් මට එච්චර අත්දැකීම් නෑ නමී.
ස්ටෝරිබෝඩ් දැක තිබ්බට ෆිල්ම්වල
ReplyDeleteකතා ලියන කලාව ගැන දන්නෙ නැත
මේ ලියවිල්ල දැක්කානං මීට පෙර
ඇඩමගෙ විත්ති තව විධිමත් වෙනව ඇත
ධනයක් වගෙයි වැඩිදුර දේ ඉගෙනීම
Deleteගෙන එයි ඒ අතර අප වෙත හික්මීම
පෙර බමුණෙක් මැරෙන මොහොතෙත් ඉගෙනීම
වෙනුවෙන් වෙහෙසුණා, එහෙමය මම තාම!
http://nidigepanchathanthare.blogspot.com/2018/11/blog-post_25.html
ඔය මුරුංගා අත්තේ තියෙන වැඩේ සමහර විට අපේ අතිනුත් වෙන්න පුලුහං... නොදැනුවත්වම හෝ.
ReplyDeleteඒත් දැන දැනම ඕක කරන්න අය කරන්නෙ අර මනුස්සයව ලොකු අමාරුවක දාන එක. බොහෝ විට ඒකෙ අදීනව විඳින්න වෙන්නෙ වටපිටාවේ ඉන්න පිරිසත් අතුලුවයි.
You ආර් 100% කැරට්, Mr. නමී.
Deleteකෝ මේ ප්‍රා. ජේතුමා.......
ReplyDeleteසිංහල නවකථාවලින් කියවන්නෙ අයිතිහාසික හෝ අතීතකාමය තියන ඒවා විතරයි.
Deleteපබ්ලිශින් / ප්‍රින්ටින් ගැන තියෙන්නෙ සීමිත අත්දැකීම්. එනිසා ++++++++++++++ හෝ හ්ම්ම්ම් ඇරෙන්න වෙන කියන්න තරම් දෙයක් නෑ.
+++++++++++++++++++++++
ReplyDeleteහ්ම්ම්ම්ම් ස්තුතියි Pra Jay! කියන්නට යමක් ඇතොත් දිගම දිග comments වුණත් ලියන්න තමුන්නැහේ කම්මැලි නැති විත්තිය පහුගිය දවස්වල දැක්කා.
Deleteකුසල්ට බැත හිදුනු කෙල්ල කුසලාද
ReplyDeleteකෙල්ලගෙ නම මතක් වෙන්නෙම නෑ චමී.... හැබැයි කුසලා නං නෙවෙයි. මට සමහර නම් පේන්න බෑ. කුසලාත් ඒ වගේ එකක්...
Deleteකෙල්ලගෙ ‘වී වේළෙන’ තැන...??????????????
Deleteනිදි....උබ කියන්න එපා බලමු කවුද දන්නේ කියලා ....
ජය ගන්න යට වයර් බ්‍රා එකක් දෙනු ලැබේ
ReplyDelete
Replies
නිදිගෙ පංච තන්තරේOctober 18, 2022 at 3:28 PM
එහෙම නං මෙන්ඩෝ, තමුන්නැහැගේ වයර් බ්‍රා එක දෙන්න වෙන්නේ (ටිකක් ඉහළින්) කමෙන්ට් කරලා තියෙන චමින්ද දිසානායක හිතවතාටයි.
එල ද බ්‍රා චමි
Delete"දන්නැද්ද, ජාතියක් වශයෙන්ම අපි හරි දස්සයිනේ කෙනෙකු ඉදිරිපිටදී නුගුණ නොකියා ඉන්න" තවත් කෙනෙක්ගෙ හිත නොරිදෙන විදිහට, diplomatically ඒ කෙනාගෙ අඩු පාඩුවක් පෙන්නලා දෙන්න අපි හුඟක් දෙනෙකුට හැකියාවක් නැතිවීමත් ඒකට හේතුවක්. අපේ අද්‍යාපන ක්‍රමය ඇතුලෙ ඒ වගේ peer feedback දෙන්න පුහුනුවක් ලැබෙන්නෙ නෑනෙ. වෘත්තීය ජීවිතේදි සමහරුන්ට ඒවා ඉගෙන ගන්න ලැබුනත් අපේ සමහරු තමන්ගෙ පරන පුරුදු වෙනස් කරගන්න පෙලඹෙන්නෙත් අඩුවෙන්. තව කෙනෙක්ගෙ අඩු පාඩුවක් කරුනාවෙන් පෙන්නලා දෙන්න නොහැකි වීම වගේම තමන්ගෙ අඩුපාඩුවක් පෙන්නලා දුන්නම පිලිගන්න බැරි වීම මට නම් හිතෙන්නෙ එකම කාසියෙ දෙපැත්ත වගේ (narcissistic ලක්ශන).
ReplyDeleteLotus,
Deleteඅගයමි ඔබේ විස්තර ඇති කමෙන්ටුව
වඩවයි, තව තවත් නිදිගේ උනන්දුව
අප අපටම දැක ගන්නට අපේ රුව
වේවා කැඩපතක්! blog ලිපි මා ලිව්ව
මෙච්චර හොද පොස්ට් එකක් ලියලා තියනකොට කොහමද එහම අහක බලාගෙන යන්නේ .....
ReplyDeleteඑල ද බ්‍රා
දවස් ගණනාවක්ම උණ හැදිලා හිටියේ. උත්තර දෙන්න බැරි වුණාට දුකයි ඉතිං.
Deleteකෙල්ලගෙ ‘වී වේළෙන’ තැන...??????????????
ReplyDeleteනිදි....උබ කියන්න එපා බලමු කවුද දන්නේ කියලා ....
ජය ගන්න යට වයර් බ්‍රා එකක් දෙනු ලැබේ
එහෙම නං මෙන්ඩෝ, තමුන්නැහැගේ වයර් බ්‍රා එක දෙන්න වෙන්නේ (ටිකක් ඉහළින්) කමෙන්ට් කරලා තියෙන චමින්ද දිසානායක හිතවතාටයි.
Delete