1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස

Sunday, June 16, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස

තොටිලි වැටෙන් පනින පුතා......................
‘තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇතී -
තොටිලි වැටෙන් පනින පුතා ඒ වැටවල් බිඳිනු ඇතී’

මතකයිද? නැති නම් ඔන්න තව ටිකක්.

‘බිතු සිතුවම් රූ මෙන් සිටි මිතුරෝ හෙට සතුරු වෙතී
උන් සදනා මළ පුඩුවල මගේ පුතා බැඳෙනු නැතී’

ඒ සිංදුව කිව්වේ අබේවර්ධන බාලසූරියයි. මගේ මතකය හරි නම් උන්නැහේ ජනප්‍රිය වුණේ ‘කවුරුදෝ අර කවුළුවෙන් - සිනාවී එබිකම් කරන්නේ - ඒ සිනාවෙන් මා වෙළන්නද - මා වෙළාගෙන මට තළන්නද - ඈ සිනා වෙන්නේ’ සිංදුව කිව්වාට පස්සෙය. 

කලා රිටෙකු වෙන ‘නිදි’ කලා ඉතිහාසය දන්නේ ටිකක් විතරය. ඒ ටිකට අනුව නම් ‘කවුරුදෝ...’ ගීතය තව දෙදෙනෙකුම ගයා තිබේ. ශාන්ති ගීතදේව හා සනත් නන්දසිරි!
සනත් නන්දසිරි (එතකොට විශාරද නොවේ.) අබේවර්ධන බාලසූරිය දෙන්නා අන්තිමේදී දෙමස්සිනෝ වුණෝය.)

කවුරුදෝ අර කවුළුවෙන් -  සිනාසී එබිකම් කරන්නේ - ඒ සිනාවෙන් මා වෙළන්නද.......
“බලපංකො බං අරයාගෙ ලස්සන” බතික් ගරාජයේ දොර පළුව ඇරගෙන පාරේ යන-එන අය දිහා බලාගෙන උන් ජයන්ති කිව්වාය. එවෙලේ නිහාමුලා ගෙදර හිටියේ නැත. නන්දනීත්, සෙනෙවිත්, ඈනුත් විතරක් නොවේ මමත් පාරට එබී බැලුවෙමි. 

“ඇත්තමයි ජයන්ති. ඌ නම් හරිම හැන්ඩියා.” ඈන් කට වරද්දා ගත්තාය.

“ඔව්මයි! මිනිහ හැමදාම වගේ දවල්ට මෙතනින් යනවා. ඈන්ට නං මැච් වෙනවා.... දාමුද ලයින් පාරක්?”

“අනේ... මෙඃ ජයන්ති. තමුසෙට වගේ මඟුල් පිස්සුවක් මට නැහැ. මට තව කල් තියෙනවා!” ඈන් ගස්සාගෙන නතර වුණේ දෙවෙනි තට්ටුවටම දුවලාය. පව්!

වී අලෙවි මණ්ඩලය තිබුණේ ඒ කිට්ටුවමය. ඩික්මන් රෝඩ් එකේ තැපැල් කන්තෝරුවට ඉස්සරහින් තිබුණු පාරේය. (නම ‘ලෙයාර්ඩ්ස් රෝඩ්’ය. හරියටම තහවුරු කරගත්තේ Pra Jay දැමූ කමෙන්ටුවෙනි. ස්තුතියි Pra!) අංකුර ගායක අබේවර්ධන බාලසූරිය සේවය කළේ ඒකෙය. ඔහු කවුදැයි වග; නම-ගම-තොරතුරු අප දැනගත්තේ ඊටත් පස්සේ කාලෙකය.

එතකොට දැන් තරම් ගුවන් විදුලි නාලිකා කොහෙන්ද?
එතකොට දැන් තරම් ගුවන් විදුලි නාලිකාවන්වත්, ගායක-ගායිකාවන්වත් කොහෙද? ඉතින් අප මේ, තරුණ ගායකයාට හැමදාම ‘නේත්‍ර පූජා’ පැවැත්තුවේ උද්දාමයෙනි; භක්තියෙනි. ‘රේඩියෝ එකේ සින්දු කියන එක්කෙනෙක්නේ!’

Flat එකේ දොර වහලා තිබුණත් ගරාජයේ දොර තිබුණේ බාගෙට ඇර දැමූ ගමන්ය. ඒ අප හින්දාය. 

බතික් වැඩ කෙරුණේ එතැනනේ. ලයිට් එකෙන් අඳුර නැති වුණත් වාතාශ්‍රය ලැබෙන්නේ නැහැ නොවැ. හැබැයි, ජයන්ති නිසා ගරාජයට සුළං හැමුවේ බාගෙටය. ඒ දූතිකාව දවසෙන් වැඩිම හරියක් ගෙව්වේ ගරාජයේ දොරට හේත්තුවීගෙන හින්දාය. එහෙම ඉන්නා ගමන් ජයන්ති, පාරේ යන-එන අය; කෙරෙන-කියන දේවල් සේරෝම ගැන අඛණ්ඩ විස්තරත් සජීවීව ප්‍රචාරය කරයි. ඒ නිහාමු ළඟ-පාතක නැති නම් විතරය.

අපරාදේ, ජයන්තිව යවන්න තිබුණේ ‘Radio Ceylon’ එකටය.

“නිමල්, සුරංගනී හාමු මට අලුත් ඩයි ජාතියක් ගැන කිව්වා. ඒකෙන්ලු අර ලස්සනම ලස්සන රෝස පාටයි, ලා නිල් පාටයි දෙක ගන්න පුළුවන්. හැබැයි ඒ ජාතිය දානවා නම් ඩයි බාත් එකේ ගොඩාක් වෙලා තියන්න ඕනෙලු.... තිබ්බ තරමට ඩයි එක fix වෙනවලු!” නිහාමු අරගෙන ආවේ අප හොයමින් හිටි ප්‍රශ්නයකට උත්තරයකි.

අප හොයමින් හිටි ලස්සනම ලස්සන ලා නිල් පාට රෙද්දකි මැද තියෙන්නේ........
නැප්තෝල්, නැප්තනිලයිඩ් ඩයි වර්ග දෙකෙන්ම ගන්නට බැරි ඉතාමත් සෞම්‍ය වර්ණ තුනක් අපේ කුහුල වඩවා තිබිණි. යාන්තමින් කොළ පාටකුත් කවලම් වගේ පෙනෙන ලා කහ (දාස්පෙතියා මල් ඒ පාටට තිබේ.), රෝස (බොම්බයි මොටයි පාට), ලා නිල. (අහස් නිල් පාට නොවේ. Turquoise Blue කිව්වේ ඒකටය.)

පළමුවෙනි ෆොටෝ එකේ වැඩියෙන්ම තියෙන්නේ මේ කියන 'රෝස' පාටය.

යමක් ඉගෙන ගන්නට නම් අනුන් කරන-කියන දේ ගැනත් විමසිල්ලෙන් ඉන්නා තරමට හොඳය. ඒ ධර්මතාව ඕනෑම ක්ෂේත්‍රයකට පොදුය. බ්ලොගය ලියන්නට පටන් ගත් අවදියේ දැනගෙන නොසිටි හුඟක් දේවල් මං ඉගෙනගත්තේ එහෙමය; හැකිතාක් බ්ලොග් අඩවිවල සැරිසරලාය. එතකොට කළ යුතු හැටි වගේම නොකළ යුතු හැටිත් හොයා ගන්නට පුළුවන්ය. අපරාදේ කියන්නට බැරිය. මට ගොඩාක් දේවල් කියලා දෙන්නටත් සහෝදර බ්ලොග් අඩවි රචකයන් කැමැතිය.

(ඔයාලා සේරටම ස්තුතියි හොඳේ. බ්ලොගයේ සමහර අටමඟුල් වැඩ කරලා දෙන කොල්ලන් කිහිප දෙනාටත් ස්තුතියි. නැතිනං හෙම කියාවි ‘නිමල් අංකල් අපිට thank කරන්නෙ නැද්ද කියලා. ඒ කවුරුන්වත් ඒවා කරලා දෙන්නේ සල්ලිවලට නොවේ, හිතවත්කමටය.)

රජිත වීරසූරියත් එහෙම එක්කෙනෙකි. ජුනි 13 රාත්තිරියේ ආවේ එහෙම වැඩ ටිකකටය. office එකේ ඉඳන් ගෙදර යන ගමන්මය. ඉතින්, යක්කු ගස් නඟින ජාමය කිට්ටුවී එහෙම එන මනුස්සයාටත් එක්කමය මං dinner එක හදලා තිබුණේ. ඩිනර් එක කියන්නත් ලජ්ජාය. මස් කරියක්, කිරට ඉවූ දෙල් මාළුවක් හා පොල් සම්බෝල. රෝස්පානුත් එක්ක.

(වමේ සිට ) සාලින්ද යුවල, රජිත, නුවන්, පසන් හා නුවන්ගේ බිරිය..........
වළඳන අතරේ රජිත ප්‍රශ්නයක් ඇහුවේය. “නිමල් අංකල් ලෙල්ලත් කනවද?”
“මොන ලෙල්ලක්ද?”

“ඔය කන්නේ. පාන් ලෙල්ල!” 
මෙහෙම කරුණු අහුලාගන්නා නිසා මම හොඳටම බැණුම් අසමි. ‘මූ ඉන්න තැන කතා කරන්නත් බයයි. අපි මොනවද කියන්නේ, මේකා ඊට පහුවදාම ඒක බ්ලොග් එකේ දානවා. #@#**....’ හිතවත්තු මට ආක්‍රෝශ පරිභව කරති.

රජිත අහංගම කොල්ලෙකි. පාසල් ගිහින් තියෙන්නේ ගාල්ලේ මහින්දෙටය. මට පෙනෙන්නේ IT ඔස්තාද් කෙනෙකු වගෙය. හැබැයි මං දන්නා තරමට නම් පොතක්-පත්තරයක් කියවන්නේ නැතිය; කියවන්නේ sms, මැසේජස් හා ට්විටර් පණිවුඩ විතරය. කියවන විදිහෙන් පෙනෙන්නේ ඒකත් බාගෙට වගේ උඩින්-පල්ලෙන් කියලයි. 

ගමේ උපන්නාට, ඉතින් කොහෙන්ද ගමේ සිංහල ඉගෙනගන්නේ? අද ඉන්නා ගොඩක් ගමේ-ගොඩේ කොල්ලන්ගේ-කෙල්ලන්ගෙ පොදු තත්ත්වය ඕකය. 
සුද්දන්ට ජාතකව ඒරෝප්පෙදී උපන්නා වගෙය.

මිනිහෝ, කෙසෙල් ගෙඩිවල නම් ලෙල්ල තියෙනවා................
“මිනිහෝ, කෙහෙල් ගෙඩියේ නම් ලෙල්ලක් තියෙනවා..... පාන් ගෙඩියේ මේ හරියට වැඩි දෙනෙක් කියන්නේ ලෙල්ල කියලා නෙවෙයි. වහල්ල! වාටිය කියලත් සමහරු කියනවා. 
තව අය නම් කියන්නේ පොත්ත.... ඒ මොනවා කිව්වත් ලෙල්ල නම් හරිම odd වගෙයි, මට නම්.” 

ඒ ගමන්ම පත-පොතින් ඉගෙනගත් කාරණයකුත් කියන්නට ඕනෑය. මට ඒක විශ්වාස වුණාට, පදනමක් නැති වෙන්නටත් ඉඩ තිබේ.

‘පාන් ගෙඩියේ වඩාත්ම පෝෂ්‍යදායී කොටස උඩින්ම තිබෙන දුඹුරු පැහැ වුණු කොටසය. පාන් පිපීමේදී ක්‍රියාකාරී වෙන ඊස්ට්, පාන් පිළිස්සෙන විට වැඩියෙන්ම එකතු වන්නේ පාන් ගෙඩියේ වහල්ලේය.’ එහෙම අහලා තියෙද්දී පාන් ‘ලෙල්ල’ අහක දාන්නේ ඇයි. 
ඉතාම කලාතුරකින් වුණත් පාන්, රෝස්පාන් කන වෙලාවක මං ඒ කොටස නම් නොකා ඉන්නේ නැත! සල්ලි යන එකක්යැ?    

“සල්ලි ටිකක් ගියත්, ඒවායින් ඩයි ටිකක් ගෙනත් දාලා බලමුද, නිහාමු?” මම ඇසුවෙමි.

“මං හෙට ගේන්නංකෝ.”

පාන් පිපෙන්නට යොදන යීස්ට්, පාන් පුළුස්සන විට...........
නම නං හරිද මන්දා. ප්‍රෝෂන් ඩයි කියලාය මට ඇහුණේත්, දිගටම කියැවුණේත්. ඒවායේ එක හොඳකුත් තිබිණි. රසායනික ද්‍රව්‍ය පාවිච්චි වුණේ හරිම අඩුවෙනි.

සමහරවිට දැන් වෙනත්-වෙනත් ඩයි වර්ග තිබෙනවා වෙන්නටත් ඉඩ තිබෙයි. මට ඒවා ගැන update වෙනවා තියා හිතන්නටවත් හිතෙන්නේ නැත. ඒ දුක හිතෙන නිසාය. 
ඉස්සර මගෙත් එක්ක සීරුවට; හැඩට වගේම ඉක්මනට නිර්මාණාත්මකවත් ඡන්ටින් එක හසුරුවලා wax කරන්නට තරගකාරයෙකු මට හමුවෙලා නැත.

ඉතාම හපන් කිහිප දෙනෙක්ම හිටියෝය. හැබැයි සීරුවට- පිළිවෙලකට කරන කෙනාට වේගය නැතිය. වේගය තියෙන කෙනාගේ වැඩවල ‘ලකයක්’ නැත.... ඔහොම ප්‍රශ්නය. අද මගේ ප්‍රශ්නයත් ගොඩක් ලොකු එකකි.... ඡන්ටින් එක නොවේ, මට කාබන් පෑනවත් අල්ලාගෙන එක ප්‍රමාණයේ අකුරු පෙළක් ලියාගන්නට බැරිය. 

සියලු සයන්ස්කාරයෝ නැසෙනසුලු එකේ මේ සයන්ස්කාරයා විතරක් වෙනස් වේවිද? (මා සාමාන්‍ය පෙළට කළේ විද්‍යා විෂයයන්ය.)

පියාණෙනී මා නැවත උපන්නොත් - අපාරවූ මේ සංසාරේ.......
ඉහතින් තියෙන ඡේදයේ, සීරුවට- පිළිවෙලකට වගේ වචන කොටද්දී අබේවර්ධන බාලසූරිය ගායකයාණන් ගැන තව චුට්ටක් කොටන්නට හිතෙයි.  ඒ එයාගේ පිළිවෙලක් ගැනය. ඒකට තරහ නැහැ නේද? නිදි සේරම කරන්නේ හිතා බලා වුණත්, හිතට වහල් වෙමිනි!

මේ කතාව තිබුණේ බන්දුල නානායක්කාරවසම් ‘දිවයින’ට ලියා තිබුණු සමරු සටහනකය. එයට අනුව ඒ දිනවල අබේ සංගීත සංදර්ශනවලට, බොහෝවිට ගියේ කුලරත්න ආරියවංශත් එක්කය. “.... බොහෝ විට අබේවර්ධන වේදිකාවට ගොඩවන විට ඇසෙමින් තිබුණේ මරු විකල්ලෙන් මෙන් කියන පට්ට කපිරිඤ්ඤා ගීතයකි. අබේවර්ධන ඒ ගීතයට පසු ගයන්නට ඉන්නේ ‘පියාණෙනී මා’ ගීතයයි. කුලේ මිතුරා ගැන දුක් වෙයි.

“උඹට පිස්සුද.... ඔය වගේ ස්ලෝ ටෙම්පෝ මෙලඩියක් මුලින්ම කියන්නෙපා.... අඩුගානෙ ‘තොටිල්ලෙ ලී වැටෙන් එහා’ එකෙන්වත් පටන් ගනින්.”
තුංමුනින් දහදිය හලාගෙන නටන ප්‍රේක්ෂකයන් දෙස බලමින් කුලේ කියයි.

තුංමුනින් දහඩිය හලාගෙන නටන ප්‍රේක්ෂකයන් ..................
“මං කීයටවත් මගේ පිළිවෙල වෙනස් කරන්නෙ නෑ. මං පියාණෙනී එකෙන්මයි පටන් ගන්නේ.....”

පිළිවෙලක් තිබුණු ප්‍රතිපත්තිගරුක, එඩිතර, අදීන මිනිස්සු අදත් අපේ බුහුමනට ලක්වෙති! සහෘද හදවත් තුළ අමරණීය වෙති!!

අබේවර්ධනලා, වික්ටර්ලා නැඟීගෙන එන කාලයේ සංගීත සංදර්ශනවල ගී ගයද්දී හැව්ලොක් park එකෙත් සංගීත සංදර්ශනයක් පැවැත්වුණේය. ඒකෙ ප්‍රචාරක වැඩවලදී කියැවුණේ ‘Rock Festival’ කියලාය.

ඒ එක්කම මට මතක් වුණේ කෝලිත-උපතිස්ස දෙන්නාය. ඒ දෙන්නා ‘ගිරග්ග-සමජ්ජ’ බලන්නට ගිය වග බණ පොතේ තිබිණි. මොන පුදුමයක්ද මන්දා, රොක් ෆෙස්ටිවල් කියූ ගමන්ම මගේ හිතට ආවේ ඒ ‘සැරියුත්-මුගලන් අගසව් දෙන්නා’ගේ කථාය. ‘රොක්’ කියන්නේත් ‘ගිර’ කියන්නෙත් පර්වතයටනේ. කවුද දැනං හිටියේ එහෙම ‘සංගීත ශෛලියක්’ ගැන.

රොක් ෆෙස්ටිවල් බුද්ධ කාලයේත් තිබුණා වගේය. ගිරග්ග-සමජ්ජ කිව්වේ....
 හැව්ලොක් පිටිය වටේම ටකරං ගැහුණේය. ඇතුළේ මොනවා වෙනවාදැයි පිටතට පෙනුණේ නැත. (දැන් තියෙන fb සාදවලත් ඒ වගේලු, නේද? එහෙම සාද තියලා හමාර වුණාම සැණකෙළි බිමේ සෑහෙන්නට ‘ලෙලි’ තියෙනවාලු!) පාන් ලෙලි නොවේ. දැන් ඉතින් කියපල්ලකෝ 'වදකාර ලෙලි' කතාව.

ඉස්සර මනුස්සයෙකුට ‘ඔය ලෙලිවලින්’ ලොකු කරදරයක් වුණාලු. ඉවසල-ඉවසලා බැරිම තැන මනුස්සයා මහ රෑ වත්ත මායිමේ රූස්ස ගහකට මුවා වෙලා බලාගෙන හිටියලු, වගකිව යුත්තන්ව අල්ලා ගන්න. එහෙම ඉන්නැද්දී, කළුවරේම ගහ මුවාවට ආවලු තරුණ ජෝඩුවක්.

දැන් දෙන්නා ප්‍රේමාලිංගනයක; සිපගන්නවා- කොඳුරනවා. ඒ අතරේ දෙන්නගෙම ඇඳුනුත් එක-දෙක ලිහිල් වෙනවා; ගැලවෙනවා. “ඇයි සුදෝ අපි දෙන්නාගේ ස්ථීර ප්‍රේමයට මේ තරම් බාධා වෙන්නේ. මොන කරුමෙකටද අපිට මෙහෙම හැංගිලා ප්‍රේමයේ පල නෙළන්න වෙලා තියෙන්නේ.” කොල්ලා සාක්කුවෙන් පුංචි පැකට් එකක් අදින ගමන් කිව්වාලු.

එහෙව් ලෙලි පැකටුත් අරගෙන හරි නැතිව හරි............
“පල නෙළුවට කමක් නැහැ #ත්තිගෙ පුතෝ, තෝ ආයේ එහෙම අපේ වත්තට ලෙලි දාලා අහුවුණොත් නම් තොගෙ  #%*#%*!” හැංගිලා හිටිය මනුස්සයා කිව්වලු. ( ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයෙන් හඳුන්වා දුන්  උපත් පාලන කොපු ‘ප්‍රීති’ය. ඒ නම යෝජනාකොට තිබෙන්නේ චින්තන ජයසේන හපනාය!)

එහෙම ලෙලි පැකටුත් අරගෙන හරි නැතිව හරි, හැන්දෑවේ ඉඳලාම කල්ලි පිටින් පිට්ටනිය පැත්තට ඇදෙන ජන කන්දරාව දිහා අප බලාගෙන හිටියේ පුදුමයෙනි. එයින් වැඩිම දෙනා බෙල්බොටම් කලිසම් හා ලොකු මල් මෝස්‌තර කමිස ඇඳගත්, කෙස්ස දිගට වවාගත් අයයි.

ඒ අතරේම දඩබඩ, දකඩ- බකඩ, දකඩං-බකඩාං සද්ද-බද්දත් ඇහෙන්නට පටන් ගත්තේය!

එදා මහ රෑ වෙනතුරුත් කන් පැළෙන තරමට සද්ද ඇහෙමින් තියෙද්දී, එහා-මෙහා යන මිනිසුන් හා තරුණ-තරුණියන් අඩු වේගෙන ගියේය. මට මතක විදියට නම් එතකොට දොළහට කිට්ටුය. ජයන්තිත්, සෙනෙවිත්, මාත් හිටියේ උඩම තට්ටුවේ ජනේලයට මුහුණ ඔබාගෙන පාරට එබීගෙනය; වල්පල් කතා කරමින්, කැකිරි පළමින්ය.

එයින් වැඩිම දෙනා බෙල්බොටම් කලිසම්, ලොකු මල් මෝස්‌තර කමිස ඇඳගත්, කෙස්ස වැවූ...
අපට මොන රොක් ෆෙස්ටිවල්ද? අප විනෝද වුණේ පාරේ යන-එන අයගේ විකාර බලමිනි. “අර බලනවලකෝ... මිනිහෙක් තනියම එනවා, වැනි-වැනී.” ඩික්මන් පාර දිගේ බීමත් මිනිහෙක් ආවේය; නැවතුණේය; උඩ බැලුවේය.

ඒ අපේ හිනා හඬ නිසා වෙන්නට ඇතිය. අප හිටියේ කාමරයේ ලයිට් නිවාගෙනය. මිනිහා අපව දකින්නට ඇත්තේ එච්චර පැහැදිලිව නොවෙන්නට ඇතිය. 

ඒත් අප දිහා බලාගෙන හිට, ඊළඟට ‘ෆ්ලයින් කිස්’ එවන්නට පටන් ගත්තේය. අපේ කැකිරි පැළිල්ල ඒ මනුස්සයාව තවත් ඇවිස්සුවා වෙන්නට ඇත. එහෙමම ඉඳගෙන විසූකදස්සන පෑවේය. වැඩියත්ම කාමුක ඒවාය.

ටිකකට පස්සේ මිනිහා පාරේ දෙපැත්තම බැලුවේය. පාර පාළුම පාළුය. 

පේව්මන්ට් එකෙන් ඈත්වී පාරට ආ මනුස්සයාට දැන් අපව වඩාත් හොඳට පෙනෙයි. නියම නාඩගම පටන් ගත්තේ එතකොටය. මිනිහා යටිකයට අත තියා, ඊළඟට වැලමිටෙන් අත නවා උරුක් කළේය! අසැබි ඉරියව්වක් මවා පෑවේය. දැන් අපට තවත් ජොලිය. මිනිහා අත වනයි; අපට පහතට බහින්න කියයි.

ඇත්තටම ඒ මනුස්සයා ප්‍රවීණ නළු විමල් කුමාර ද කොස්තාටත් වඩා අපූරුවට එදා අභිනය පෑවේය.

ලෝබ නැතිවම ඉගිලෙන හාදු එවන්නට පටන් ගත්තේය.....
ඉඟි-බිඟි පාමින් අපට පහතට එන්නැයි ඇඟෙව්වේය; කිව්වේය. අපිත් මිනිහාව තවත් ඇවිස්සුවෙමු! බැරිම තැන, හිටි ගමන්ම මිනිහා කලිසමේ ඉණ ලිහිල් කළේය; කලිසම පහත් කළේය; පුරුෂ නිමිත්ත එළියට ගත්තේය.

එතකොටම මට ආවේ යස කල්පනාවකි. “ජයන්ති.... ටක් ගාලා ගිහින් ඈන්ව කූද්දං වරෙන් බං....” මං එහෙම කිව්වා විතරය. ජයන්ති ඉගිල්ලුණාය; පහත තට්ටුවට දිව්වාය. ඈනුත් ජයන්තිත් නිඳාගත්තේ එකම තැනකය.

“ඉක්මනට වරෙන් බං.... මාර සීන් එක. මිස් වෙයි... මිස් වෙයි...”පඩි පෙළ නඟින දෙන්නාගේ අඩි හඬ අතරින්ම ජයන්ති කියනවා ඇහුණේය.

එහෙම කලබලයෙන් කඩා වැදුණු ජයන්තිත් ඈනුත් ජනේලයට එබුණෝය. එතකොටත් අර අසමජ්ජාතියා උඩ බලාගෙන; තුවක්කුව එළියේ දමාගෙන; හස්තය පාවිච්චි කරමින්; ස්වයං වින්දනයේ යෙදෙමින් හිටියේය.

......කෑ ගසාගෙන පිටුපස්සට පැන්නේ ඒ දසුනෙන්ම කුමරි බඹසර බිඳුණා වගෙය.
ඈන් කෑ ගසාගෙන පස්සට පැන්නේ ඒ දසුනෙන්ම කුමරි බඹසර බිඳුණා වැනිවය!

ඊළඟට....

29 comments:

  1. මම හිතන්නේ නමක් නැති වාසගම් දෙකක් තියෙන එකම ගායකයා මොහු වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. කොලොම්පුරේ, ඒක හින්දානේ නැසීගිය ගායක/විකට ශිල්පී ප්‍රෙඩී සිල්වා මහත්තයා, කවුරු හරි තරුණ ගායකයෙකුට (මේ කියන ගායකයාගේ නම මට මතක නැහැ. එයාගේ නමේ වාසගමක් ලෙස පිළිගතහැකි නමක් තිබිලා නැහැ.) "මල්ලි, අන්න අර ඉන්න එකාට වාසගම් දෙකක්ම තියනවා, උඹ එකක් ඉල්ලා ගනිං" කියලා අබේවර්ධන බාලසුරිය මහත්තයාව පෙන්නලා තියෙන්නේ! මේ සිද්ධිය මම බොහොම මෑතකදීත් කියෙව්වා. ඒක පත්තරේකද, බ්ලොග් එකකද කියලා මතක නැති නිසා හොයාගන්න බැරි උනා.

      Delete
    2. අසංග, ඔයාගේ කල්පනාව නිසා සෑම්ට 'උඩ දාපු බෝලයක්' ලැබිලා 'ඩෑෂ්' පාරක් ගහන්න.
      ඔයා කියන තොරතුර මාත් කියෙව්වා සෑම්, එත් කොතනදීද කියලා මතක් වෙන්නේ නැහැ.
      ඉතින් දෙන්නාටම ස්තුතියි, හොඳේ.

      Delete
    3. ප්‍රෙඩි සිල්වා කියන්න ඇත්තේ වාසගමක් නැති ප‍්‍රින්ස් උදයපි‍්‍රයන්තට වෙන්නැති

      Delete
    4. අසංගත් ඒ ආටිකල් එක කියවලා වගෙයි!

      Delete
  2. Replies
    1. කොටපු එකට මොනවා හරි වෙලාද කසුන්?

      Delete
    2. කසුන්,නයා මඟ එනවා පේනවා :-)

      Delete
    3. සිරිබිරිස් උන්නැහේ! කාලෙකින්.... ?

      Delete
  3. Layards Rd, Not De Fonseka Rd.

    ReplyDelete
    Replies
    1. මගේ අම්මෝ Pra Jay. වැරැද්ද පෝස්ට් එකේම හදනවා ඔයාට ස්තුතිවන්ත වෙවී.

      Delete
  4. පාං වලටත් ලෙලි තියනවා කියලානම් ඇහුවේ අදයි.
    රෝස් පාන් වල උඩ කළු වාටියට නම් මම කැමති නැහැ. නමුත් යට තියන 'තෙල් වාටිය' නම් 'නිකං කන්න' මරු .
    'හැව්ලොක් පිටිය මේ දිනවල බ්ලොග් ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වෙලානේ. 'රවී' ගේ නිදහස් සිතුවිලි එකෙත් ගිය සතියේ ඕක වටාවැටි කරලා 'ඇපොලෝ සර්කස්' පෙන්නපු හැටි කියලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඔත්තුවට ස්තුතියි සෑම්. රවිගේ නිදහස් සිතුවිලිත් කියවන්නම්.

      රජිතගෙන් තමයි මටත් පාන් ලෙලි කතාව ඉස්සෙල්ලාම ඇහුණේ.

      මට හොඳට මතකයි හැව්ලොක් පිටියෙ දැවැන්ත කූඩාරමක 'චීන සර්කස්' පෙන්නුවා. ඇපලෝද මන්දා. වැඩියත්ම මතක 1973 ජුලිවල දුවන්නේ නැතිව තිබුණු 'ගොපලු හඬ' film එකත් එක්ක 'චීන සර්කස්' වාර්තා චිත්‍රපටයක් පෙන්වන්න ගත්ත එක. ඊට පස්සේ ගොපලු හඬ දවස් 100ත් පැන්නුවද කොහෙද.

      Delete
    2. සෑම්, රවිගේ නිදහස් සිතුවිලි එකට ගියා. මටම ලැජ්ජයි. ඔයාට උත්තර දෙන්න කලින් එහෙ ගිහින් එන්නයි තිබුණේ. මං ගහ දන්නා අයට කොළ කඩා පාලානේ.

      Delete
    3. අපොයි මං කන්නේම නැති කෑල්ලක් තමයි ඔය කියන තෙල් වාටිය. දැන් කාලේ වාගේ වායු සමිකරනය කරපු සුපිරි බේකරි අවන්හල් තිබුනේ නෑනොවැ. ඉස්සර සිල්ලර කඩේ විකුණන පාන්ගෙඩිය බයිසිකලේ ලගේජ් පෙට්ටියේ තියන් ඇවිත් තියන්නේ කඩේ ලෑල්ල උඩ. පාන් බාගේ කපන්නෙත් කඩේ ලෑල්ල උඩ තියලා හැම ජරාවම ගෑවෙන්නේ ඔය කියන තෙල් වාටියේ තමයි. රසවැඩි වෙන්න එකත් එක හේතුවක් වෙන්නැති.

      Delete
    4. ඒකනේ ඒ කාලේ අපට අජීරණ ලෙඩ තිබුණේ නැත්තේ. අසංග, අපට නම් යකඩ කෑවත් දිරවනවා වගෙයි නේද?

      Delete
    5. තෙල් වාටිය තිබුනේ තැටි පාන් වල සහ රෝස් පාන් වල විතරයිනේ. තැටියේ මුල සහ අග ගෙඩි දෙකේ යටත්, එක පැත්තකත් තෙල් වාටි තිබුනානේ. තැටි පාං, අච්චු පාන්, සැන්ඩ්විච් පාන් හා රවුං පාන් කියලා ප්‍රභේද තිබුනා මතකද ?? "තැටි පාන්" වලට අපි පාන් ගත්ත බේකරි කාරයාට ඔරොප්පු කරන්න අපි කියන්නේ "මැටි පාන්" කියලයි. ඕක ඇහුන ගමන් මිනිහා පරල වෙනවා. මටත් සත තිස්පහට පාන් ගෙඩිය තිබුන කාලේ විතරක් නොවෙයි, පාන් කාඩ් එකත් හොඳට මතකයි.

      Delete
    6. සෑම්, මං හිතන්නේ තැටි පාන් කිව්වේ බාගෙට තැම්බූ පාන්වලට. ඒවා නැවත පෝරණුවට දාලා පුච්චනවද කොහෙද.

      Delete
  5. //‘Rock Festival’ කියලාය
    නිදි මේ 70 ගණන් වල මුල් කාලයේද

    ReplyDelete
    Replies
    1. ඔව් සිරිබිරිස් උන්නැහේ. 71න් පස්සේ වෙන්නම ඕනේ. කැරැල්ල හින්දයි මගේ ඉඳියාප්ප වෙළෙඳාම නැවතුණේ. බතික්වලට වැටුණේ ඊට පස්සේ. එහෙ අවුරුද්දක් විතර තමයි ඉඳුනේ.ඒ විදියට ගණන් බලද්දී 71-73 අතරම වෙන්න ඕනේ.

      Delete
  6. නිදී; කවුරුදො අර කවුලුවෙන් කිව්වේ ශාන්තී ගීත දේව. පස්සේ ඒක නැවත ගායනා කරලා විකුණුවා සනත් නන්දසිරි උන්නැහැ.කියලයි මටත් මතක.

    ඔබ කියන්න ට්‍රයි කරපු සිංදුව "කවුද ආවේ කවුද ආවේ?" සිංදුවද කියලත් මට වෙලාවකට හිතෙනවා. කතාව පටන් ගන්නම් එතනින්.

    ඒකාලෙ අබේ ලස්සන සිංදුවක් කිව්වා මතකද
    "මං නැති දා - මේ රට ඔබටයි . . //" කියලා.
    මට මතක ඔඅය සියල්ලම පාහේ ඔහු අතින් ගැයුනේ 70 දශකයේදී.
    ඒ කාලේ බොහෝ ගුවන් විදුලි නාට්‍යවලට කුසුම් පීරිස් නෝනා වගේම නිරංජලාත් හඬ කැව්වා.
    මට මතකයි අබේත් සමහර නාට්‍යවලට හඬ කැවීමට සහභාගී උනා කියලා. (දොස් නම් එකෙන්ම නිදොස් කල මැන!) ඔවුන් ප්‍රේම් ගේ ශනිදා සාදය හරහා ඔවුන් ගේ නැවුම් හඬ අපට සම්ප්‍රේශණයකලා.

    ඔබට මතකද නිදී "වජිරා" ඒකෙ වජිරාට හඬ අවදිකලේ නිරංජලා නේද?

    අබේ මියයන්නේ මේ ලෝකෙ කිසිම ගායෙකයකු මිය නොයා යුතු විදියට.ඒක මේ දිනවල රෝද පුටුවකට සීමා වී සිටින සුමින්ද සිරිසේනගේ කථාවටත් වඩා දුක් බරයි. අබේ මියයන්නේ කාලයක් කටහඬ නැතිව සිට!

    අබේ ගේ වියෝවෙන් මාස ගනනාවකට පසුව ඇය ආවා මා සේවය කල ආයතනයට දුක් බර සිනාවකින් මුව සරසාගෙන.
    මා සේවය කල ආයතනයට ඇය පැමිණ තිබුනේ ඇයගේ වීවා එලයිට් රථයේ කුඩා අඩුපාඩුවක් මග අරවා ගැනීමට.
    ඒ ශාලාව තරමක විශාල එකක්. අය වට පිට බලද්දීම: මා ඇය පිළිබඳව තරමක විමසිල්ලකින් සිටින බව දන ගන්නට ඇති. ඒ නිසානේ අය අහිංසක දුක්බර සිනහවකින් මාහට සංග්‍රහ කරණ්නට ඇත්තේ.
    මගේ ආසනය හා මේසය තිබුනේ මේ ශාලාවේ එක මුල්ලක. මගේ දකුණු පසින් සමන් අයියා. සමන් රත්න සේකර. ඔහුත් රසවතෙක්. මම ඔහුව ඇමතුවා . . !
    . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
    . . . . . . . . . . . . . . . . . . . . .
    "පොඩ්ඩක් හිටපං කො . . !"සමන් අයියා කිව්වා.

    මුළු ශාලාව ඇතුලටත් වැඩහල සිසාරාත් කතා කල හැකි ඇමතුම් පද්ධතිය තිබුනේ සමන් අයියා බාරයේ. මම සමන් අයියාට තමා ගැන යමක් පැවසූ බව ඇය දකින්නටත් ඇති.

    සමන් අයියා තමන්ගේ යටතේ හිටිය අන්තේවාසික කොල්ලෝ දෙතුන් දෙනෙකුට කතා කරණු මා දුටුවා. ඒත් තවමත් ප්‍රථිඵලය නිහඬ බවමයි.

    තවත් ටික වේලාවකින් පෙන් ඩ්‍රයිව් එකක සමන් අයියාට ලැබුනා.

    "කවුද ආවේ . . . .කවුද ආවේ . . . . . // " (අබේගේ ගැඹුරු හඬ)
    "ඔබට හොරා ඔබ හදේ රැඳී උන්
    මිනිස් රුවයි ආවේ . . . . . " (නිරංජලාගේ ලයාන්විත ප්‍රේමණීය හඬ)

    ගීතය ඇරඹිනි . . .

    මිනිස් හදක් නැති මහ මදුරක් විය
    තනි මිනිසෙකු වසනා . . . .
    පාලු මකන්නට ඒ මහ මැදුරට
    ආවෙමි දුර ඉන්නදලා . . . .

    ඇය දෑස් වසා ගෙන සිටිමින්ය . . .

    සදා නොදැල්වෙන මිණි පහනක් විය
    ඝනඳුර මැද රඳනා . . .
    සදා අවුළුවමි එවන් පහන් සිල
    රන්වන් රූ මවනා . . . . .

    ගීතය නිමාවිය.
    අත වූ පසුම්බියක රැඳි කුඩා අත්ලේන්සුව ඇය නෙතින් තෙත් විය. ඇයගේ මෝටර රිය හා සබඳි කටයුත්ත නිමාවී යන්නට නැගිට ගත්තීය.
    සෙමෙන් සෙමෙන් පියවර නගමින් පැමිණ මා අසල නැවතුණි.

    "බොහොම ස්තූතියි . . !"

    නිරංජලා මගේඅ ඇස් කෙවෙනි නොදකින්නට ඇති!


    ReplyDelete
    Replies
    1. සහතිකයි, ඔයාගේ කමෙන්ටුව කියවද්දී මගෙ නෙත් කෙවෙනිත් තෙමුණා!

      මං හිතුවේ අපට ඒ කාලේ අබේවර්ධන බාලසූරියව දැක්කාම දැනුණු ගතිය එච්චර දෙයක් නෙවෙයි කියලයි. දැන් නම් පුදුමයි. සතුටුයි. එච්චර වාසනාවන්ත වීම ගැන.
      ඒ ජෝඩුව මහරගමට ඉතාම නුදුරෙන් පදිංචි වෙලා හිටීම ගැනත් ටිකක් ආඩම්බරයි.

      මං දන්නා විදියටත් කවුරුදෝ අර ඉස්සෙල්ලාම කිව්වේ ශාන්ති ගීතදේව. හැබැයි එක මගේ මතිභ්රමයක් කියලයි හිතුනේ.
      මටම පුදුමයි, you tube එකේවත් 'තොටිල්ලෙ ලී වැටෙන්' තනි ගීතයක් විදිහට නැහැ.
      එයාලගෙ ඩුවට් කීයක් තියෙනවද අමරණීය. මළවුන්ගේ නගරයේ- කුඹුකේ ළිඳෙන් දිය නා- ඉසුරු දෙවිඳු වගේ.

      ජනක ඉනිමංකඩ මහත්මයා මං විදර්ශන ආයතනයේ වැඩ කරන කාලේ දවසක් කිව්වා 'අබේගේ' ගී තැටියක් ගැන. (ජනක ළඟ හොඳ ගී තැටි- ෆිල්ම්ස් ලොකු එකතුවක් තියෙනවා. මටත් ඒ දිනවල ඒවා ඉල්ලාගෙන එන්නත් ලැබුණා.)
      'අබේවර්ධන මහතාගේ' dvd එක ප්‍රසිද්ධියේ විකිණුවේ නැතිලු. හොරට ගහන නිසා. මං හිතන්නේ අවසන් dvd එක වෙන්නැති.

      කුසුම් පීරිස් තමයි නෙතලි නානායක්කාරගෙන් පස්සේ මුවන් පැලැස්සේ පෙම්වතිය වුණේ.
      හැබැයි අබේවර්ධන මහත්තයා ගුවන් විදුලි හඬ නළුවෙකු වුණු බවක් නම් මට මතක නැහැ, ගැමුණු විජේසූරිය, ලොයිඩ් වාකිෂ්ට, ශ්‍රී නිමල් පද්මකුමාර වගේ අය මිස.

      ඒ කාලේ දවල් එක හරි එකයි හතළිස්පහ හරි වගේ වෙලාවක රේඩියෝ එකේ කාන්තා වැඩ සටහනක් ගියා. ඒකෙත් කොටස් වශයෙන් තුරුණු පෙම් කතාවක් ප්‍රචාරය වුණා. ඒකෙත් නෙරංජලා සරෝජිනී, ෆීලික්ස් ඇන්ටන් දෙන්නා හිටියා. මතක හැටියට කුසුම් පීරිසුත්.

      මට නම් තවම මතකයි නෙරංජලා පීරිස් 'ගජමුතු' එකේ මුතු විදියට කියපු කවි. කරුණාරත්න අමරසිංහ මොරපාතොට අප්පොට හිටියේ. ධර්ම ශ්‍රී මුණසිංහ ලිව්වේ.
      ඉරුගල් නුවර ඉරහඳ පවතිනා තුරූ..... වගේ කවි.
      ධර්ම ශ්‍රී ඔය ටයිප් එකටමයි රූපවාහිනියේ 'රේඛා' ටෙලියටත් (චන්ද්‍රලේඛා පෙරේරා ලවා කියවූ) ජන කවි දෙක තුනක් දැම්මේ.

      වජිරා දිගටම අහන්න ලැබුනේ නැති නිසා එච්චර ලොකුවට ඉම්ප්‍රෙස් වුණේ නැහැ.

      ගොඩාක් ස්තුතියි, මගේ මතකයත් අවදි කළාට!

      Delete
    2. මේ දැන් මතක් වුණා, මල්කාන්ති නන්දසිරිත් හඬ නිලියක් නේද?

      Delete
  7. ඔව් සත්තකින්ම; මට වාසනාවක් ලබුනා එක් වරක් කරුණාරත්න අමරසිංහයන් එක්ක දොඩමළු වෙන්න ලැබුනා. ඒක උනේ එක් රාත්‍රියක ඔහුත් මමත් බස් රථයක යාබද අසුන් වල යන්න ලැබුනා.
    සත්තකින්ම නිදි ඒ මනුස්සයා එක්ක කත කිරීමමත් හඬ නළුවක් අසා සිටියා හා සමානයි.
    මම කැමතියි ඔබට මතක නම් පොඩ්ඩක් "ලන්දේසි දූපත" නාට්‍යය ගැන කතා කරණ්න.
    ශ්‍රී නිමල් පද්ම කුමාර මේ වැඩේට අතගහන්නේ පසු කාලීනව වගෙයි මතක. ඔබ අතින් ලියැවී නෑ ලියවිය යුතුම නමක්.

    "වික්ටර් මිගෙල්"

    ඔහු සත්‍ය ජීවිතය තුල ඩොමී ජයවර්ධණ වගේම අහිංසක මහත්මයෙක්. එහෙත් ඔහු ගුවන් විදුලිය හරහා අපට සම්ප්‍රේශ්නය කරණ හඬ පෞර්ෂය!?!?!?!?!?

    ඒ විතරක්ද ප්‍රවෘථි කියන උන්නැහැලගෙ තිබුනු පිරුණු පිරිමි හඬ!
    මට ඇහෙනවා ඇහෙනවා වගේ (මට මේ දැන් මුල් නම අමතකව ගියා!)
    ආ! හරි සිරිල් රාජපක්ෂ

    "වේලාව රාත්‍රී නමයයි !
    මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල දෙවන සේවයයි."

    සත්තකින්ම ඒ වගේ කාලයක්. මම ලියන්නම් පෝස්ටුවක්ම! ඔබ ඒය කොමෙන්ටුවලින් සවි බල ගන්වන්න!


    ReplyDelete
  8. මහත්තයෝ, අපි දෙන්නාගෙ අදහස් හුවමාරුවත් පොස්ට් එකක් වගේ වෙයිද මන්දා.

    මුලින්ම මුදලිනායක සෝමරත්න මහත්තයා ලියුව මුවන් පැලැස්ස ඊට පස්සේ ලිව්වේ වික්ටර් මිගෙල්. (වෙඩික්කාරයා, කදිරා...) එයාගේ නංගී තමයි රත්නාවලී කැකුණවෙල. (මැණිකේ) ගැමුණු විජේසූරිය වෙද මාමා, පිනා චරිත දෙකම කළා.

    ඔන්න ඔයා මට පම්පෝරි කතාවකටත් මුල පුරලා දුන්නා. ඕස්ට්‍රේලියාවේ හිටි අභාවප්‍රාප්ත ඩී.බී. කුරුප්පු මහත්තයා මං ලියු 'හිනා වෙන්න හිනා' පොත කියවලා, කරුණාරත්න අමරසිංහ මහත්තයාට මාව රෙක්මන්ඩ් කළා ගුවන් විදුලි වැඩ සටහනකට. පැය බාගෙක එකක්. මාව ඉන්ඒටර්විව් කරලා පොත ගැන කියලා, පොතෙන් කතාවකුත් කියෙව්වා තරුණ ලලනාවක් ලවා. වැඩ සටහනේ නම් නම් මතක නැහැ. නිෂ්පාදනය කළේ නාට්‍යවේදී රාජිත දිසානායක.

    ලන්දේසි දූපතේ නේද ජිල් ජෝනා සහ වැන්දබෝනා හිටියේ. ඒකත් මට අහන්න ඉඩ ලැබුනේ ඉතාම කලාතුරකින්.

    ඕවා තමයි මතක. හැබැයි කොනක් අහද්දී සමහර දේවල් ඉබේම එලියට එයි. ලියන්න පොස්ටුවක්. ඉතා රසවත් වේවි.

    බේරේ වැවෙන් ගොඩ ආ අද්භූත සතා ගැන 'සජීවී විස්තර ප්‍රචාරයෙන්' රට කැළඹුණු එක ගැනත් ලියන්න,ගුවන් විදුලි නාට්‍ය ගැන ලියනවා නම්.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඒ ගුලී ගෙ පොතක් නේද? ඩී.බී කුරුප්පු කියන්නේ ගොලුහදවතේ තරුනයාද මන්දා? පොත "ගුවනින් ගිය ගොඩයා!" ද?
      ඔව් ජිල්ජෝන් හා වැන්දබෝනා "ලුනුක් ගොරක! ලුනුක් ගොරක!!" කියමින් ගියේ ලන්දේසි දූපතේ තමයි. ඒක ලිව්වේ සමන් අතාවුදහෙට්ටි!
      ලියමු ලියමු. බලමු කොපමන අපේ කතාවට එකතුවේවිද කියලා. බොහොමත්ම ස්තූතියි!

      Delete
    2. 'බේරේ වැවේ' කතන්දරේ කියෙව්වා මිසක කොහෙද තිබුණේ කියලා අමතකයි. හැබැයි ලෝකේ එහෙම දේවල් වෙලා තියෙන්නේ දෙපාරක් නැතිනම් තුන්පාරක් විතරයි.

      ගුවනින් ගිය ගොඩයා එකේද තිබ්බේ කියලා නම් නිච්චි නැහැ. ඒ වැකිය කෙටුවත් හිත ඉඩ දුන්නේ නැහැ නිකම්ම ඉන්න. පොත් කාමරයට ගිහින් බැලුවා. තියෙනවනේ බොලේ. ගුලිගේ පොතේ 'කොළඹට යකා වැහුණු දා' කියලයි මාතෘකාව. වැඩේ වෙලා තියෙන්නේ 1960 මැයි 3 හවස. මේ උත්තරේ දීලා සේරම වැඩ නවත්තලා ආයෙම ඒක කියවන්නයි හදන්නේ!

      ඩී.බී කුරුප්පු කිව්වේ 'ගොළු හදවතේ' ප්‍රේම ත්‍රිකෝණයේ එක්කෙනෙක්. අනෙක් දෙන්නා පද්මා ලාලනී හා කරුණාසේන ජයලත්. පොතක් ඇතුලේ වැලලෙන්න ගිය ඒ කතාව පොත ගහන්නත් කලින්, මතු කරවීම ගැන අදටත් මට ආඩම්බරයි. ඒ විස්තර 'ආවොත් නොයා බැරිය' පෝස්ටුවලින් මං කිව්වා. http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_22.html http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_3.html http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_11.html ඉඩකඩ තියී නම් ගිහින් කියවා බලන්නකෝ!

      Delete
  9. මම හිතන්නෙ අපේ පැත්තෙ ඒකට කීවෙ පාන් ඔලුවකියල මම හිතන්නෙ.
    දැන් කන පාන් වලනම් එච්චරම කර කරල නෑ ඉස්සර ගෙනාපුවා එහෙම නෑ කලුම කලුයි. කන්න බෑ තිත්තයි.

    ReplyDelete
    Replies
    1. උත්තර දෙන්න පරක්කු වුණාට අමනාප වෙන්න එපා මධු. අපි පාද යාත්‍රාවේ ගිය නිසා සතියක්ම ගෙදර හිටියේ නැහැ.
      පාන් ඔළුව කියන යෙදුමත් ඔන්න ඔයාගෙන් ඉගෙන ගත්තා.
      ඉස්සර සමහර පාන් ගෙඩිවල ඔළුව විතරක් නෙවෙයි. යට පැත්තත් කන්න බැහැ සමහර වෙලාවට. කළු ගැහිලා තෙල් බේරිලා නිසා. ඒ අතින් බලද්දී දැන් ඒවා සියක් වාරයක් හොඳයි, ගණනත් සැරයිනේ.

      Delete