ලීලා ශ්‍රෝඩර්ට පවුලේ බාලම දරුවන් තිදෙනාවත් එංගලන්තයට අරගෙන යන්නට වීසා ලැබේවි යැයි බලාපොරොත්තුවක්වත්..... (සමන්ති, දීපානි, දීපාල් එංගලන්තයට ගිහින්) |
‘නිමල්’ නම වගේමය. එහෙ උදවිය Nimal උච්චාරණය කළේ නිමොල් කියලාය.
ඉතිං සමන්තිගේ නමත් එහෙම එක-එක විදිහට
කියවෙන්නට ගත්තාම එයා කළේ නමේ අන්තිමට තිබුණු anthi කෑල්ල හළලා දැමීමය. Sam නම
කෙටිය; උච්චාරණයටත් ලෙහෙසිය.
දිසානායක පවුලේ හත්වෙනි දරුවා ලෙස 1967 දෙසැම්බර් 5 වෙනිදා උපන් දැරිවියට, ඇයගේ
ලොකු අයියා විදිහට ‘සමන්ති පද්මිණී දිසානායක’ කියලා නම තියද්දී, අනාගතයේ දවසක
මෙහෙම අලකලංචියක් සිදු වේවියැයි මට හිතුණේ නැත!
කොහොම හිතන්නද?
ඊට අවුරුදු 9කට පස්සේ 1976දී සමන්ති පද්මිණීගේ අම්මා; දිසානායක හේවගේ ගුණපාලගේ
බිරිය; රහුබැද්දේ විදානේලාගේ යසවතී හෙවත් ලීලාවතී එංගලන්තයට යැවෙයි කියලා
සාංකාවක්වත් පහළවී නොතිබුණුකොට-
එහෙම ගිහින්, එංගලන්තයේදී සැසිල් ෆෙඩ්‍රික් ශ්‍රෝඩර් හා විවාහවී ‘හිරු නොබසින
අධිරාජ්‍ය’යේ පුරවැසිකම ලබා එහේම පැලපදියම් වෙන බව හීනෙකින්වත්, නොහිතූකොට-
ඊළඟට (දිසානායක පවුලේ ලොකු දෝණියන්දෑ නෝනා; පුෂ්පා රංජනී දිසානායක වස බී සියදිවි නසා ගත්තාට පස්සෙ) ලීලා ශ්‍රෝඩර්ට
පවුලේ බාලම දරුවන් තිදෙනාවත් එංගලන්තයට අරගෙන යන්නට වීසා ලැබේවි යැයි බලාපොරොත්තුවක්වත්
නොතිබුණුකොට....
ජීවිතය එහෙමය!
ජීවිතය කියන්නේ අහම්බයන් ගොඩකි.
මේ පෝස්ටුවත් හරිම අහම්බයකි!!
අද
උදේ සමන්ති නංගිගේත්, ලොකු පුතු ඩ්රූගෙත් foto එක
දකිද්දී නං... |
ඊයේ; 12 වෙනිදා fb එකෙන් ‘Dhru Patelගේ
අම්මා’ මේ වතාවෙත් ‘බ්‍රයිට්න් මැරතන්’ එක දුවන බව දැකලා සුබ පතද්දීවත් මේ කාරණාව
ගැන ලියන්නට මගේ හිතේ තිබුණේ නැත. (ඩ්රූ කියන්නේ Samගේ ලොකු පුතාටය.)
නමුත් අද උදේ සමන්ති නංගිගේත්, ඩ්රූගෙත් foto එක දකිද්දී නං මේක ලියන්නට ඕනිම කියලා හිත කිව්වේය! මෙහෙම සහලේ ඥාතීන් ඉන්නා එක ගැන මං වහන්සේ ආඩම්බර වෙන්නට ඕනෑය කියලාත් හිතුණේය!!
අපේ ආච්චිගේ ‘යකඩ ගතිය’ එහෙම පිටින්ම වාගේ
Samට ලැබී ඇති බව මගේ විශ්වාසයයි.
‘... අපේ ගෙදර හැච්චෝ-බැච්චෝ-ඇටිකිච්චෝ සේරමත් පුළු-පුළුවන් විදිහට ඒ රාජකාරිය කරන්නට ඇවිත්ය. එයාලා හිස් බාල්දි, ජෝගු වගේ පුංචි දේවල්වල වැලි පුරවාගෙන ආවේ සෙල්ලමක් කරනවා වගෙය.
ඒ අස්සේ කොහෙද යන weසා පොළඟෙක් අපේ වැඩේ කඩාකප්පල් කරන්නට මාන බලමින් උන්නේය.
එතකොට සෑම්ට අවුරුදු හතවත් පිරිලා තිබුණේ නැතිය. සමන්ති නංගී ජෝගුවක් පුරවාගෙන වැලි ගෙනෙමින් හිටියදී අර වේsaවා එයාට දෂ්ට කළේය!
“අනේ දෙයියනේ.... සමන්ති නංගිව පොළ....” කවුදෝ අඳෝනා දෙන්නට කට ඇරියා විතරය.
“කට වහගන්නවා.... සමන්ති උඹත් කට ඇරියොත් බලාගෙනයි ..... මොකටද කලබල වෙන්නේ. සමා, බය නැතිව හිටහන්. පොඩි බේතක් කරවපු ගමන් හරි. දන්නවනෙ ලොකාගේ හැටි? ඇඬුවොත් නං උඹට හොඳ පාරක් දෙනවා.
ගමගේ අක්කේ... ඔයාලා සමන්ති නංගිව ළමා නිවාසෙට එක්ක යන්න.
ස්වර්ණා.... ටක් ගාලා සුනිලුත් එක්ක ගිහින් ඇලන් අක්කලාගේ දුවව එක්ක එන්න.
නිවාස වත්ත උඩින්ම දේවාල පාරට ළඟයිනේ......
ජීවත්වීම පවා අඩමාන වුණු Dhru උසස් අධ්‍යාපනයත් නිමාකොට, දැන්.... (පවන්, සෑම්, ඩ්රූ හා බිමල්) |
සෑම්ගෙන් ඒ යකඩ ගතිය Dhruටත් උරුමවී තියෙනවා වගෙය. (රංගන කණ්ඩම්බි හිතවතා මට පිදූ ‘Born Fighter’ අභිධානය සමන්ති නංගී, ඩ්රූ පුතා දෙන්නාටත් ගැළපෙයි. මං එහෙම කියන්නේ නිකම්ම නොවේ; හේතු ඇතිවය.
Dhru එංගලන්තයේ උපන් නිසාම ජීවිතය පවත්වාගෙන
යන්නට, ජීවිතය දිනන්නට අවස්ථාව ලද්දේය. ඩ්රූ උපන් විගස, ඔහු සාමාන්‍ය ජීවිතයකට
මුහුණ දෙනු ඇතැයි විශ්වාස නොකෙරිණි.
ඔහුගේ මොළයේ දියර උනන රෝගී තත්ත්වයක්
තිබිණි. සැත්කම් ගණනාවක් කෙරිණි. දිගටම ඒ දියර ඉනීම පවතින බැවින්ය, ඒ operations
සිදු කෙරුණේ. අන්තිමේදී, උනන දියරය ඉවත්
කෙරෙන සේ මොළයේ සිට ආමාශය දක්වා (සිරුර අභ්‍යන්තරයෙන්) කෘත්‍රිම නලයක් සවි කෙරිණි.
ජීවත්වීම පවා අඩමාන වුණු Dhru උසස් අධ්‍යාපනයත් නිමාකොට, දැන් ක්‍රීඩා ගුරුවරයෙකු
ලෙස සේවය කරයි. ඒ ගැන ඩ්රූම 2017 ජුලි 21 වෙනිදා කියලා තිබුණේ
මෙහෙමය.
‘Dhru Patel
21 July 2017 •
I know I posted
yesterday but...
Many of you know
when I was born, I was told I may not live a normal life, have trouble reading,
writing and speaking. I was told I might not be able to play any sports. There
was people who told me not to go to university because I would fail.
ඒත්
එය මර්දනය කර ගන්නටත් සෑම්ට හයිය තිබුණේය. (2015 මට කීමෝතෙරපි ප්‍රතිකාර දෙන
දිනවල) |
Mum, Dad, what you
have done for me and continue to do for me, there are no words to describe how
grateful I am. Endless amounts of support and love, thank you for everything,
without your support, none of this would have been possible.
You guys are the
real MVPs.’
සමන්ති නංගීත් අවුරුදු ගණනාවකට කලින්ම
පිළිකා රෝගයට ගොදුරු වුණාය. ඒත් එය මර්දනය කර ගන්නට සෑම්ට හයිය තිබුණේය.
සමන්ති නංගි නොදැනුවත්වම මාවත් සූදානම්
කරවලා තිබ්බා වගෙය. එයාට වැළඳුණු පිළිකාව ගැන අනුකම්පාවෙන් කෙරුණු කතන්දරවලට Sam
කන් දුන්නේ ආසාවකින් නොවේ.
“බලන්නකො ලොකූ, අපි දිසානායකලා නේද? කොච්චර දේවල්වලට මුහුණ දුන්නත්, අපි දැන් හොඳට
ඉන්නේ... සමහරු හිතන්නේ ‘පිළිකාවක් හැදුණාම සේරම ඉවරයි’ වගේ. I have to face! මං
ඒක කරනවාමයි... ඔයාලගෙන් වගේම බිමල්ලගෙනුත් හම්බ වෙන ආදරේ තමයි ලොකූ, මාව strong
කරන්නේ. අපි වගේ අයට අනුකම්පාව නෙවයිනෙ ඕනේ.... මට නං එහෙමයි!’
(සමා ඔව්වා කියන්නේ කැඩිච්චි සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙනි. කතා කරනවා කොහොම වෙතත්
Samට සිංහල කියවීම නං හොඳටම අමාරුය.)
පැය ගණනාවක් වුණත් කතා කරමින් හිනා වෙන්නට තරම්... (බිමල්ගේ පවුලේ අය හා...) |
හැමදාම වගේ උදේ පාන්දරින්ම fb එන මගේ
මිතුරෙක් සිටියි. එයාගේ වෝලයේ හැමදාම උදේට ‘කොරෝනා update’ තොරතුරක් තියෙනවාමය. ‘ඔය
පැත්තේ තත්ත්වේ කොහොමද නිමල් අයියේ’ කියලාත් මනුස්සයා සමහර විටෙක අහයි.
“යකෝ... ඔය විස්තර දැන ගත්තා කියලා මොකක්ද තමුසෙට වෙන හොඳේ.... ඒවා දැන ගත්තත්
නැතත් පුළුවන් තරම් පරෙස්සමින් උපදෙස් පිළිපැදලා ඉන්න එකනෙ තියෙන්නේ....”
හොඳ දේවල් සොයන්නට, දැන ගන්නට අපේ මනස සුසර
කර ගත්තාම අපට වැඩියෙන්ම ලැබෙන්නේ එහෙම newsය. ඒ ලෝක ස්වභාවයයි.
ඔබ මල් ආසනයක් වෙයි නම්, මොළේ කළඳක්වත් තියෙන මෙලෝ යකෙකු ‘ඒ පුදසුන’ මත තබා පර මල්
පූජා කරන්නේ නැත!
ඔබ කසළ ගොඩක් වෙනවා නම්, අහක යන කුණු-කන්දලුත් ඒ ගොඩට එකතු වෙන එක වෙනවාමය.
නමුත් අප නොසිතන ‘අහම්බයන්’ සිදු වෙන
අවස්ථාවන්ද තිබෙන්නට පුළුවන් බව අමතක නොකළ යුතුය.
එහෙම දෙයක් ගැන මට ලියන්නටත් සිදු විණි.
‘එයා ආවේය.
අහසෙන්ද, පොළොවෙන්ද,
මුහුදෙන්ද ආවේ කියලා නම් නොදන්නෙමි. ආවේ
මාරයාය!
අපේ බඩා මල්ලා විවාහ කරගෙන ඉන්නේ පිලිපීන ජාතික Pia ය. (2014 පීයා, මාකෝ, නිමල් හා දීපාල්) |
අපේ සුනිල් මල්ලීගේ බිරිය මල්ලිකාත්,
සමන්ති නංගිගේ සැමියා බිමලුත්,
අනිල් මල්ලීත් එකම හේතුවකින් දැනටම පරලෝකප්‍රාප්තවී
හමාරය. සමන්ති නංගීත්, මාත් ඒ
පෝලිමේමය. පිළිකාව එතරම්ම ලාබ වෙලාය!
...... මල්ලිකා අවුරුදු හතක්
පීඩා වින්දාය; බිමල් අවුරුදු
එකහමාරක් විතරය; අනිල් වසරකට
කිට්ටු කාලයකි.
පැරැණිම රෝගිණිය සමන්ති නංගිය. අවුරුදු හත-අටකටත් වඩා රෝගය යටපත්ව තිබී,
මාස කිහිපයකට කලින් ආයෙම මතු වුණේය.
මාත් අවුරුදු හයක ප්‍රතිකාරවලින් පස්සේ ඉන්නේ ‘රෙමිෂන්’
මට්ටමේය.
..... අපේ බඩා මල්ලා විවාහ කරගෙන ඉන්නේ පිලිපීන ජාතික Pia ය. “ලොකූ, උඹලගේ පවුලේ අය විතර
ස්ට්‍රෝන් කට්ටියක් මට නං මෙච්චර කාලෙකට හම්බවෙලා නැහැ. දැන් ඔයා..... සෑම්....
දන්නවද, මේ සැරේත් සෑම් ලන්ඩන්
මැරතන් එක දිව්වා. සෑම්ට කීමෝතෙරපි පටන්ගත් දවසෙත්
බැඩ්මින්ටන් ගහන්න ගියා. අනිල් අයියාත් හැම තිස්සෙම හිනා වේගෙන ඉන්නේ කොච්චර
අමාරුකම් තිබ්බත්.....” පීයා ළඟදී දවසක කිව්වාය.....
.... සමන්ති නංගී නැවත අසනීපවී ඉන්නා බව දැනගත්තාම නිමලුත්, මාර්කෝත් සමන්ති නැන්දාට කියූ දේවලට සෑම්
දීලා තිබ්බේ කදිම; ගීතවත් උත්තරයකි.
පීයා එය මට පෙන්නුවාම නම් නොහඬා
ඉන්නට බැරිවිණි. අනේ, සමාවෙන්න. මට තවමත් එය පරිවර්තනය කරන්නට හිත දෙන්නේ නැත. (සෑම්, මේවා පීයාගෙන් ඉල්ලා ගත්තේ ඔයාගේ අසනීපය
ආයෙමත් මතුවී තියෙන බව මට හංගාගෙන හිටි දවස්වලය!)’
කෙස්වැටිය තිබුණත් නැතත් මම - මමම නේදෝ - නැතිය වෙනසක් |
එදා පරිවර්තනය නොකළ ‘Samගේ වදන්’වල අදහස අදවත් ඡායානුවාදයක් ලෙස සිංහල බසින් ලියන්නට හිතාගෙනය.
‘කෙස්වැටිය තිබුණත් නැතත් මම
මමම නේදෝ - නැතිය වෙනසක්
ගණන් ගන්නේ, කවුද පිළිකා -
නොවෙමි ඒකට නටන කෙනෙකුත්
මගේ රිස්සට - මම කැමති ලෙස
ගෙවමි දිවියම සතුට විඳිමින්
සහනෙ ගෙන දෙයි - මිතුරු ඇසුරද
ප්‍රාණවත් කෙළි සෙල්ලමද මට!
ඇයි, දිවුම මට සුවැති හැඟුමක්
දෙවයි නැත, අමතක කරන්නේ!
කිසිම ලෙඩකට- නතු නැතිය මා
මට පමණි මා වග කියන්නේ
සොඳුරු හමුවට, සතුටු සාදෙට
පිළිසඳරකට වුව මාත් ඔට්ටුයි
අවුලකදි ගැටලුවකදීවත්
මගේ නම් වෙනසක් නොවේමැයි
සහය දෙන්නට සැරසිලා ඉමි
‘ලෙඩ’ට මා නැවතිය නොහැකි වෙයි’
එහෙම හිතේ හයියක් ඇතිව හිටි සමන්ති නංගි වඩාත් අසරණ වුණේ ඇයගේ හබියා; බිමල් මහේන්ද්‍ර භායි පටෙල්ටත් මුඛ පිළිකාව වැලඳී තිබෙන බව දැන ගත්තාමය. පවුලේ කටයුතුවලට කාලවේලාව මදි වෙන නිසා බැංකු කලමනාකාරියක ලෙස ලැබුණු උසස්වීම පවා බාර නොගෙන හිටි Sam, සැමියා වෙනුවෙන් රැකියාවටද තාවකාලිකව සමු දුන්නාය. බිමල්ගේ පවුලේ නෑදෑ-හිත මිතුරන්ගේත්, ඩ්රූ- පවන් දෙපුතුන්ගේත් උදව් හා ආශීර්වාද නොඅඩුව ලැබුණත් Bimal අකාලයේ වියෝ වුණේය.
සමන්ති නංගි ‘බ්‍රයිටන් මැරතන්’ තරගයට සහභාගි වන්නී අරමුදල් රැස් කිරීමකද යෙදෙන්නීය! |
ඒ කරුණ සපුරා ලමින් සමන්ති නංගි ‘බ්‍රයිටන් මැරතන්’ තරගයට සහභාගි වන්නී, අරමුදල් රැස් කිරීමකද යෙදෙන්නීය!
වෙනදාට Sam දුවන ‘ලන්ඩන් මැරතන් තරගය’ කොරෝනා උවදුර නිසා පැවැත්වෙන දිනය කල්
ගොසින්ය. පැවැත්වුණේ Brighton Marathon තරගයයි.
‘2021 Brighton Marathon
12 Sep
2021
I’m raising as much as I can to beat
cancer & Barclays Bank will match your donations!
In memory of
My Amazing Bim.
Cancer has claimed the lives of so many special people in my life, including my wonderful husband Bim. He was an amazing person, kind, caring and selfless. Cancer ripped our family apart & took away our happiness. I want to raise money so we can stop someone else going through the same suffering as us!
Cancer you are so cruel & callous.
You take away those who are so precious.
You don’t care about our pain or our
tears,
Or about the broken hearts & shattered
dreams.
We are certainly not giving up on our
hopes,
Nor are we about to give up on our fights.
I know one day we will be victorious,
Together we will find a cure for all
cancers!
මේ තරගයට මේ වතාවේ එංගලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් සහභාගි වෙලා. ඒ
Bolton West and Atherton කොට්ඨාශ නියෝජනය
කරන Chris Green මන්ත්‍රීතුමා. |
බොහෝ අගනා අයද ගෙනියන
ඔබට කම් නැත, අපේ කඳුළැල් වේදනාවන්-
බිඳෙන හදවත්- බොඳව යන සිහිනයන් ගැනවත්!
නමුදු සුබවාදීය අප සැම - තවම ඇත පැතුමන් පතාගෙන
දැනට පසුබැස සිටිනමුත් අප - දිනනවාමයි නැතිය කිසි සැක
එකට එකතුව මානවයො කැළ - සොයා ගනු ඇත
ඔබ මඩින ඔසු; පිළිකා නසන ඔසු!
Sam xx’
(ශ්‍රී ලංකාවේ අපට නුහුරු යෙදුමකි, මේ කතිර ගැහිල්ල. සමන්තිලා ලිපියක අගට
කතිරයක් ගහන්නේ ‘ඔයාට ආදරෙයි- love you’ කියලා හඟවන්නටලු.
අප කතිරය ගහන්නේ මනාපය පළ කරන්නටය. එහෙම මනාපය දෙන්නේ වැරදි මිනිසුන්ටම නිසා ඡන්ද
පොළේදී X ගැහීමේ වැරද්දකුත් නැතුවා වගෙය.)
ලන්ඩන් මැරතන් ධාවන තරග තියන්නේ දිනන අය තෝරා ගන්නම නෙවෙයි; උත්තම අරමුණු රාශියක් සපුරා ගන්නයි.
එහෙම අරමුණුවලින් යුතු ගොඩාරියක් කට්ටිය සද් චේතනාවලින් යුතුව මේ ධාවනයට එකතු වෙනවා.
1981 වසරේ, මලල ක්‍රීඩක Chris Brasherගේ මූලිකත්වයෙන් පටන් ගත්තු මේ තරගයට මේ වතාවේ එංගලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් සහභාගි වෙලා. ඒ Bolton West and Atherton කොට්ඨාශ නියෝජනය කරන Chris Green මන්ත්‍රීතුමා.
කොරෝනා
මර්දනය කරන්නට කෙරෙන එන්නත ගැනත් ‘තම-තමුන් වහන්සේලාගේ (පඩත්තල) නම්- පට්ටම් සේරම
දාලා පෝස්ටර් ගහන්නට තරම් විලි ලජ්ජාවක් නැති එවුන්’ ඉන්නා අපේ රටේ මෙහෙම අරමුදල්
රැස් කරන මැරතන් ඉසව්වක් තිබ්බොත්.......?
දුවන්නට කොහොම වෙතත් අරමුදලේ භාරකාරයන් වෙන්නට නම් අපේ රටේ ලොකු මහත්තැන්ලා පොර
කකා එනවා සැක නැත!
අම්මේ! ඔයා ගැන කොයි තරම් ආඩම්බර වෙන්න පුළුවන්ද? |
ඒ සමඟම Dhru ඉංග්‍රීසියෙන් සටහනකුත් තබා තිබිණි.
'කොච්චර අපූරු දවසක්ද අම්මේ! ඔයා ගැන කොයි තරම් ආඩම්බර වෙන්න පුළුවන්ද?
මමත් ඒකට ආවේ ඔයාගේ උදව්වට විතරක් නෙවෙයි අම්මෙ. මටත් කවදාවත්ම අමතක නොවෙන මතකයක් ගන්න; ඔයා යන පාරේම යන්නයි- සත්තයි!
කොහේ හරි ඉඳගෙන තාත්තා තවමත් ඔයා දිහා බලාගෙන ඉන්න බව මම දන්නවා, අම්මෙ.
ඔයා අද සම්පූර්ණ කළේ ඔයාගේ හතරවෙනි මැරතන් දිවුම. මොන දේවල් වුණත්, ඔයා පවුම් 1200ක්* පිළිකා සමාජ සත්කාරක කටයුතු වෙනුවෙන් එකතු කළා. පවුලක් විදිහට ඒක කොතරම් දෙයක්ද?
මෙතෙක් ඒ වෙනුවෙන් ආධාර කළ හැමෝටමත් ස්තුතියි!
ඔයා හැමෝටම පාර පෙන්වන පහන් තාරකාවක්, අම්මේ!
Dhru’
(*ඒ සටහන තියද්දී ලැබී තිබුණු පරිත්‍යාග දැන් ගණනින් ඉහළ යමින් තිබෙන්නේ.)
ඔව් Dhru, අම්මා විතරක් නෙවෙයි ඔයාත් එහෙමයි. මතකයිද අවුරුදු දෙකකට ඉස්සෙල්ලා; 2019 ඔක්තෝබර් 28 වෙනදා ඔයා fb එකේ පළ කරලා තිබ්බ මේ සටහන.
‘23 has been by far the most challenging year
but as my Dad once said, go and achieve your dreams/goals, that's exactly what
I've done!
ඩ්රූ 2019 ජුලි 25 වෙනිදා මැරතන් තරගයට සහභාගී වෙමින්... |
☑️ Started a new job teaching PE with a House Leader role
☑️ Raised £1500 for
Cancer Research in memory of my Dad.
23 you've taught me to be strong through the difficult times, let's see what 24 has in store!’
ආදරණීය තාත්තේ,
ඔයා මට කිව්වා 23 වෙනි අවුරුද්ද අභියෝගාත්මක අවුරුද්දක් වෙයි කියලා. ‘... යන්න. ගිහින් ඉලක්ක දිනා ගන්න!’ කියලත්. ඒකම තමයි තාත්තේ මම කළෙත්.
☑️ NQT; Newly Qualified Teacher -වසරක අභියෝගය ජය ගත්තා.
☑️ PE; Sports- Physical
Education -ගුරුවරයෙකු විදිහට රැකියාව පටන් ගත්තා.
☑️ තාත්තාව මතක් කරලා, පිළිකා පර්යේෂණ කටයුතු වෙනුවෙන් ස්ටර්ලින් පවුම් 1,500ක මුදලක් මේ (2019) වසරේදී එකතු කරලා දුන්නා.
ඔව් තාත්තේ, 23වෙනි අවුරුද්ද මට ඉගැන්නුවා කොහොමද අසීරු අවස්ථාවන්ට මුහුණ දෙමින් ශක්තිමත්ව නැඟී හිටින්නේ කියලා. බලමුකො, 24 අවුරුද්ද වෙනුවෙන් මොනවද එන්න තියෙන්නේ කියලත්!’
අද; 2021 සැප්තැම්බර් 17 වෙනිදා Sam මට කතා කළාය.
“අනේ ලොකූ, ඔයාගේ post එක මට කියවන්න බෑ, දුක හිතෙනවා..... Bim වෙනුවෙන් අපි හැමෝම
කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරනවා..... මේ අවුරුද්දේ දැනට ස්ටර්ලින් පවුම් 4,500ක්
එකතු වෙලා තියෙනවා. මොකද අපේ fund එකට වැටෙන හැම සල්ලියක්ම ‘බාක්ලේස් Bank’ එකෙන්
ඩබල් කරන නිසා. අපේ ටාර්ගට් එක තව පවුම් 250ක් එකතු කර ගන්න. එතකොට ඒකත් ඩබල්
වුණාම පන්දාහේ ඉලක්කය හරි යනවා.”
ඒ සමහර දේවල් මටත් අදාළ වුණත් ප්‍රධාන චරිත වෙන්නේ... |
Sam ලංකාවට ආවට පස්සේ මූණට මූණ ඉඳගෙන කතා කරලා- එයාගෙන් අවසර අරගෙනම ලියන්න දේවල් ගොඩාරියක් මගේ හිතේත් පිරිලා- ඉතිරිලා දොරේ ගලමින් තිබේ.
ඒ සමහර
දේවල් මටත් අදාළ වුණත් ප්‍රධාන චරිත වෙන්නේ එයාලනෙ. එහෙම වෙලාවක එයාල දැනුවත්ව ඒක
කරන එකනෙ නේද, මගේ යුතුකම.
කොහෙද, කොරෝනාවක් නිසා Sam විතරක් නෙවෙයි අපේ අම්මටත් අවුරුදු දෙකක් තිස්සෙම ලංකාවට
එන්න බලාගෙන
ඉන්නයි වෙලා තියෙන්නෙ.
ගතවෙමින් පවතින්නේ එතරම්ම අවිනිශ්චිත කාල වකවනුවකි. නමුදු ලෝකය හැමදාමත් මේ වගේමය; කොයි මොහොතේ, කාට, කුමක් වේදැයි කියන්නට හැකියාවක් ලොව කිසිවෙකුට නැත. අපි ඒ අනියත බව ගණනකට නොගනිමින් සිටින්නමෝ නොවෙමුද?
ඒ නිසාමදෝ කොරෝනා ඇවිත්, ඒ අවිනිශ්චිත බව අපේ මූණටම ඇනලා; මුහුණේ උලා පෙන්වා දෙමින් හිටියි.
‘.... නිසල
නැතේ- සසල වෙතේ
නොතිර සසර
සාගරේ
කුමට නැටුම්
කෙළි කවට සිනාදා//
මරුට නොමැත
කිසි විටෙකදි බාධා
ඔබට නොදන්වා
මරු මෙහි ආදා
යන්නට සිදු වන්නේ - ඉන්නට බැරි වන්නේ
නොතිර සසර සාගරේ....’
වාර ගණනාවක් ආශාවෙන් අසා ඇති මුත් ඒ ගීතයෙන් කියවෙන අරුත සිත රඳවාගෙන ඇත්තේ කීයෙන් කී දෙනෙක්ද?
ඉතිං... දෛවය මට කාරුණික වන්නේ නම් සමන්ති නංගිව මුහුණට මුහුණ හමුවී, එයාලා ගැනම පෝස්ටුවක්- දෙකක් අනාගතයේ දිනෙක ලියන්නෙමි෴
https://charlies-names.com/en/samantha/
ReplyDeleteSamantha means “name of God”, “God has heard” or “asked of God” (from Samuel) and “flower” (from ancient Greek “ánthos/ᾰ̓́νθος”). In Aramaic, Samantha means “listener” (from Syrian “šemʿanta”).
Deleteගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ!
Delete
ReplyDeleteThe common custom of placing "X" on envelopes, notes and at the bottom of letters to mean kisses dates back to the Middle Ages, when a Christian cross was drawn on documents or letters to mean sincerity, faith, and honesty.
https://en.wikipedia.org/wiki/Hugs_and_kisses
මෙච්චර දේවල් පුංචි කතිරයක තියේවි කියලා හිතලා තිබුණේවත් නෑනෙ!
Deleteතාම කියෙව්වෙ නෑ, අවුලක් නෑ නේද? හීනෙන් කතා කියවන එක හොඳ නෑ කියල අම්ම කියල තියනවා. පස්සෙ එඤ්ඤං.
ReplyDeletehttps://www.crimetraveller.org/2017/11/homicidal-sleepwalking/
Deleteමෙහෙම් හීනෙන් ඇවිදින සිදුවීමක් විල්කි කොලින්ස්ගේ
DeleteThe Moonstone (සිංහලෙන් පළවුණු පොත චන්ද්‍රකාන්ති මාණික්‍යය) පොතේ තිබුණා.
ආන්න ජංසන්, මම කැමතිම කතාවක්. මටත් කොහේදිද ඔය පරිවර්ත්නයේ කොල හැලිච්ච පොතක් ලැබිල තමා කතාවට වහ වැටුනෙ. මම නං කියන්නෙ ඔරිජිනල් පොත කියවන්න කියලයි, බට්ලර් උන්නැහේගෙ කතා රටාවෙ උත්ප්‍රහාසය නියම විදිහට රස විඳින්න ඇහැකි එතකොටයි. කොපි රයිට්ස් නෑ
Deletehttp://onlinebooks.library.upenn.edu/webbin/gutbook/lookup?num=155
මෙන්න මේකත් දාගන්න.
Deletehttps://appsource.microsoft.com/en-us/product/office/wa200001524?tab=overview
එතකොට අමාරු වචන වල තේරුම/සමාන වචන, වචනෙ හිලයිට් කලාම බලාගත්තෑකි.
මාත් තාම කියෝල ඉවර කලේ නෑ. කියවල ම මොක හරි ලියන්නං
ReplyDeleteයහපති!
Deleteආහ්... නිදි, අපේ පැත්තෙත් ඇවිත් යන්ඩ. එහෙ ගිණි ගන්නව.
ReplyDeleteනොගොහිං කෝමද මලේ? ගියා විතරක් නෙවෙයි මේන් මෙහෙම 'හණ' තියලත් ආවා!
Deleteඋපන් ගතිය වාගෙයි හොරකම උන්ට
ජනයා ඉපදිලා ඉන්නේ රැවටෙන්ට
රටක ඉන්නෙ පුරවැසියෝ නම් නිවට
උන්ට ලැබෙයි පාලකයොත් ගැලපෙන්ට
ආ... මං බැලුව උතුවන්කන්ද ගිණි තියල මේ යෝදය කොහෙ ගිහිං ද කියල.
ReplyDeleteඋතුවන්කන්ද විතරය... කොදෙව්වම ගිනි අරගෙන නෙව... මම්මලේ!
Deleteමම එංගලන්තේ අවුරුදු 25 විතර ඉනන්ව තවම් හොඳට සින්හල කියවන්න පුළුවන්නේ බං. සෑම් නංගිට මම ටියුෂන් දෙන්න ඕනේ. මචන් පිළිකාවක් කියන්න පවුලෙන් එන දෙයක් නම් නෙමේ. මම මේක මගේ සියාම පොතෙත් ලිව්වා දෙයක්. කන කෑම වලට අමතරව දැඩි චිත්ත පීඩා ටිඑබ්න කොටත් ස්ට්‍රෙස් එක වැඩි වෙන කොටත් පිළිකා හැදෙනවා කයල මම දැක තිබෙනවා. අර හැමෝටම උදව් කරලා හැමෝගෙම වැඩ කරන්න ගිහින් ස්ට්‍රෙස් වෙලා හෘදයාබාධ හැදිලා පිළිකා හැදිලා මැරුණු අය මම දැකල තියෙනවා. ඉතින් පව්. අනේ හොඳ අය කලින්ම යනවනේ කියල අපි දුක් වෙනවා. කන කෑම , ඉන්න තැන් , ස්ට්‍රෙස් එක ඔය තුන තමා අඩුවැඩි වශයෙන් බලපාන්නේ කියන එකයි මගේ හැඟීම
ReplyDeleteඕං අපි ඔය අනිත් අය වගේ ලිස්සල යන්නේ නැහැ හරිද. පෝස්ට් එක කියවල කොමෙන්ට් එකකුත් දැම්මා :)
Deletehttps://stanfordhealthcare.org/medical-conditions/cancer/cancer/cancer-causes.html
Deleteදැම්මා ලින්කුව, ඕං අපි ගියා😷
https://www.curetoday.com/view/dark-days-depression-may-precede-a-cancer-diagnosis-in-some-cases
Deleteඅජිත් මහත්තයෝ, Sam එංගලන්තයට ගියේ අවුරුදු දහසයට ඔන්න මෙන්න කියලා. ඊට පස්සේ එයාලා තුන් දෙනාම ඉස්කෝලේ ගියේ එහෙ, අපෙ ගෙදරදීත් dada එක්ක කතා කරන්න වුනෙත් ඉංග්‍රීසියෙන්. ඒ නිසා වෙන්නැති එයාලට සිංහල කියවීම අමතක වුණේ. එහෙම අය සිංහල කතා කරන්නෙත් හිතෙන් ට්‍රාන්ස්ලේට් කරමින්.... එතකොට තමා මරු!
Deleteසමන්ති නංගිට එංගලන්තයේදී කරපු tests වගයකට අනුව උපදෙස් දීලා තියෙන්නෙ (විශේෂයෙන් අපෙ පවුලේ ගැහැනු අයට) පිළිකා හැදෙන්නට වැඩි ඉඩක් තියෙන බව.
හැබැයි ඔයා කියනවා වගේ කරුණු රෝග හැදෙන්න බලපාන බව මමත් පිළිගන්නවා.
බස්සා, අජිත් මහත්තුරු දෙන්නාටම ස්තුතියි, හොඳේ.
මෙතන ස්ට්‍රෙස් කියන එකඟ මම ඒක විතරක් නෙමේ අදහස් කලේ depression එකත් එක්කම. මම දන්නා කාන්තාවෝ දෙන්නෙක් ඉන්නවා මෙහෙ. ළමයින්ගේ ශිෂ්‍යත්වේ (හොඳ ඉස්කෝලෙකට දාන්න , ලනක්වේ වගේම තමා ) ටියුෂන් ගෙනියනවා, රස්සාවට යනවා, ගෙදර අම්මට සනීප නැහැ , හස්බන්ඩ් පාඩම් කරනවා. පිළිකාවක් හැදුන. ළමය ශිෂ්‍යත්වේ පාස්. හස්බන්ඩ් ගේ විභාගෙත් ඉවරයි. අවුරු දෙකකින් විතර කීමෝ හෙමත් කරලා දැන් සනීපයි. දෙවෙනි එක්කෙනාට ළමයාගේ වැඩ විතරයි. එයාටත් හදුනා.ඒ එයටත් හොඳයි. තුන්වෙනි කෙනාට - බෝයි ෆ්‍රෙන්ඩ් දාල ගියා. රස්සාව නැති වුනා. කැන්සර් හැදුනා . එයට හොඳ වුනේ නැහැ.
ReplyDeleteහතරවෙනියා - අර පවුලේම අයට හැදෙනවා වගේ සීන් එකක් . එයාගේ අම්මට සහ අක්කට තිබුන. පවුලේ ලොකු ප්‍රශ්න නැහැ. නමුත් කෑම බීම පැත්තෙන් පරිස්සන් නැහැ. මගේ බිරිඳගේ යාළුවෙක්. එයා නැතිවුනා දැන් මාස දෙකකට කලින්. ඊයේ පෙරේද දැනගත්ත හස්බන්ඩ් ටත් කන්සර් එකක්. එතැන මට හිතෙන්නේ ලයිෆ් ස්ටයිල්. හරියට එක හේත්යුවක් කියන්න බැරි වුනත් longtime depression තියෙන අයට හැදෙනවා කියල මම දැකල තියනවා. කවුරුහරි සාම්පල අරගෙන පර්යේෂණ කරන්න ඕනේ දෙයක්.
එකඟයි, ස්ට්‍රෙස් කියන එක ප්‍රධාන සාධකයක්, ඒත් එකම සාධකය නොවෙන්න ඉඩ තියනවා.
DeleteSamට මුල් වතාවේ පිළිකාව හැදිලා ප්‍රතිකාර කරලා රෝගය එහෙම පිටින්ම යටපත් වෙලා තිබුණේ, නමුත් බිමල් අසනීප වෙලා දුර්වල වෙන්න ගත්ත ගමන්ම සමන්තිගේ රෝගය නැවත මතු වුණා. දැන් ඒක ආයෙමත් යට ගිහින්. Stress එක මිනිසුන්ව ලෙඩ ගොඩකට ඇදලා දාන බවයි මගෙත් දැනීම.
Deleteඅනිවාර්‍යයෙන්ම, ඒකයි මම මේ හිනා කතා සීරීස් එක පස්සෙ මෙච්චරම පන්නන්නෙ.
Deleteස්ට්‍රෙස් එක ලේ වල සීනී වගෙයි. ගාණට තියෙනෙ එක හොඳ උත්ප්‍රේරකයක්. හැබැයි වැඩි වුනොත් මලා!
https://www.healthline.com/health/can-stress-cause-cancer#theories
ReplyDeleteලින්ක් එකට ස්තුතියි!
Deleteහරිම inspiring. අපිට කියවන්න ලිව්වට ස්තුතියි, නිමල්.
ReplyDelete"අද වෙන තුරුමවත් සමන්ති නංගිට වැළඳී තිබුණු පිළිකාව කුමක්දැයි මා අසා නැත. එයාගෙන් මට කියවිලාත් නැත. එව්වා කතා නොකළාට, පැය ගණනාවක් වුණත් කතා කරමින් හිනා වෙන්නට; සතුටු වෙන්නට තරම් දේවල් අපේම පවුල්වල තිබේ". කොච්චර හොඳද. තව කෙනෙක් කතාකරන්න අකැමති හෝ අපහසුතාවයට පත්වෙයි කියලා දැන දැනම ඒ ගැනම කතාකරනවට වඩා ගොඩක් හොදයි. නිමල් කරන්නෙ pastoral care වගේ දෙයක්.
(සමන්ති ඉංග්‍රීසියෙන් ලියපු දේ නිමල් සිංහලට අරගෙන තියෙන විදිහ හරිම ලස්සනයි).
ගොඩක් ස්තුතියි Lotus. මේවා ලියද්දී මගේ ප්‍රධානම අරමුණක් වෙන්නෙත් කියවන කෙනෙකුටත් මේවායින් පළ-ප්‍රයෝජනයක් වේවා කියන එක.
Deleteප්‍රශංසාවටත් ස්තුතියි හොඳේ.
Dhru ගැන මොකුත් කියන්න බැරිවුනානෙ. Mum and son දෙන්නම එකවගේ inspiring. What a great story!!
ReplyDeleteමාත් එයාලා ගැන හරිම ආඩම්බරයි.
Deleteලිපිය දික්වෙන නිසා කිව්වේ නැතත්, කියන්නෙ සමන්ති නංගි හරිම වාසනාවන්තයි බිමල්ගේ වගේ family එකකට බැඳෙන්න. ඒ පවුලේ උදවිය තවමත් -දිගටම සෑම්ලා එක්කමයි.
ඔබව හදුනා ගැනීමට ආසයි.
ReplyDeleteස්තුතියි අනුරුද්ධ මහතාණෙනි, මෙන්න මගේ ඊමේල් ලිපිනය.
Deletemrnimaldissanayake@gmail.com
හදිස්සියෙන් ආවේ. කියවන්න වෙලා මදිය. පෝස්ට් එක හෙන දිගය. පසුවට අනිවා කියවමි😊
ReplyDeleteනිවාඩුවක් ලැබුනාම එන්නකෝ නවීන්! ස්තුතියි!
ReplyDelete