මේකත් මඟුල් කතාවක් නං තමා. හැබැයි
වෙනත් මඟුලක්...... |
මේක වෙනම කතාවක්.
මේකත් මඟුල් කතාවක් නං තමා. හැබැයි වෙනත් මඟුලක්......
කිව්වට විශ්වාස කරන්න ආයුබෝවන්ලා, මේ පෝස්ටුව ලියන්න
හිතට වැටුණේ 2021 මාර්තු 11 වෙනිදා වෙච්චි දේවල් දෙකක් හින්දා. ‘අන්දොස් මංගල්ලේ -3’ post එකට අපේ හිතවත් Sam
Perera මහත්තයා කමෙන්ටුවක් එවලා තිබුණා, මෙහෙම.
‘මේ මංගල්ලේ මුකුත් දෝසයක් නැති නිසා ඒකට නම
දාන්න තිබුණේ අන්දොස් මංගල්ලේ කියලා නොවෙයි, un දොස් මංගල්ලේ
කියලයි.’
ඒ comment එකට මං මෙහෙම උත්තර ලිව්වා.
‘අනේ සෑම්!
ඔයා තමයි මට හරිම මාතෘකාව තෝරලා දුන්නේ.
සත්තයි! මට 'un දොස් මංගල්ලේ' හිතට ආවේ නැති
හැටි. හරිම ක්‍රියේටිව්!
ගොඩාරියක් ස්තුතියි!
පරක්කු වෙලා ඇවිත් වුණත් මසුරං වටිනා
දෙයක්නේ කිව්වේ. ආයෙමත්
ස්තුතියි!!’
කොටස් තුනකින් ලියලා publish කරලත් ඉවර
වෙච්චි posts මාලාවක නම දැන් ඉතිං
වෙනස් කරන්නයැ?
නොදන්නා අයට වුණත් ටැපලෙන්නේ නැහැනෙ! |
“නිමල් අයියට මාව අඳුරන්න පුළුවනිද?” එහා
පැත්තෙන් කතා කළ කෙනා ඇහුවා.
“මොකද මිනිහෝ බැරි.... ඊසි නේද?”
මේ කතන්දරේ කියන්න පහසුවටයි මං එයාට ‘ඊසි’
කියන නම පාවිච්චි කරන්නේ. එතකොට දන්නා අය විතරක් දන්නවා කවුරුන් ගැනද මේ කියන්නේ
කියලා. නොදන්නා අයට වුණත් ටැපලෙන්නේ නැහැනෙ, ‘ඊසි’ නම මතක තියා ගන්න ලේසි නිසා.
ඊසි හාදයා එදා මාත් එක්ක කතාව පටන්
ගනිද්දිම, මගේ මොළේ හරහා විදුලිය ධාරාවක් ඇදිලා ගියේ අකුණු කෙටිල්ලක් වගේ.... එයා
ප්‍රධාන චරිතය වුණු ‘මඟුල් කතාවක’ මටත් සුළු කොටසක් කරන්න වුණානෙ, අවුරුදු ගණනාවකට
කලින්.
හැබැයි ඒ කතාව ඔයාලට කියන්න නම් එදා වෙනකල්ම, මගේ හිතකවත් තිබ්බේ නැහැ, නැහැ,
නෑමයි ඕං.
ඒත් Sam Perera මහත්තයාගේ වෙඩි උණ්ඩයක් වගේ
සැර ‘un දොස් මංගල්ලේ’ කියන අපූරු නමත් මගෙ මොළ ගෙඩිය ඇතුළේ උණු-උණුවේ දුම් දමමින්
තිබිච්ච වෙලාවේ නිසා.... ඊසිගේ කතාවට, ඒ නම ගැළපෙනවා නේද කියලත් එක සැරේම click
වුණා.
ඒ
පැත්තට රට තල්ලු කරපු උත්තමයන් වහන්සේලා.... |
නීතිය තදේටම ක්‍රියාත්මක කෙරෙනවත් එක්ක!
හරි විදිහටම කියනවා නං, දැන්-දැන් ලංකාව පුරා මතුවෙන පොකුරුවලින් වැඩි හරියකට
‘පමුණුව පොකුරු’ නැත්තං ‘අවුරුදු රෙදි පොකුරු’ කියලයි කියන්න ඕනි.
ගිය මාසේ මුල හරියේ, පමුණුවේ අපට පාර-තොටේ
බැහැලා යන්න බැරි තරමට මිනිස් ගඟක් ගලමින් තිබුණේ. එච්චරට මිනිස්සු.... අත දරුවාගේ
හිට ඇවිදගන්න හැකි අසූවේ-අනූවේ අය පවා ලාබෙට රෙදි හොයමින් පමුණුව පාර දිගේ පොදි
කකා තෙරපුණේ ‘කොරෝනා’වට කොරන්න ඇහැකි මඟුලක් නැතැයි කියලා හිතාගෙන.
එව්වයේ දායකත්වය කොහොම වෙතත්, ඊයේ 2021 මැයි
හත් වෙනිදා මෙතෙක් නිල වශයෙන් වාර්තා වුණු වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙලා.
ඒ විතරක් නෙවෙයි. ඊයේ වෙද්දී කොරෝනා ආසාදිතව ලංකාවේ අලුත උපන් බිලිඳුන් ගණනත් හැත්තෑවක්ලු!
රටක්ම ඒ පැත්තට තල්ලු කරපු උත්තමයන් වහන්සේලා
චිරාත් කාලයක් නිදුක්- නිරෝගීව යහතින් වැජඹේවා!
දැන් ඉතිං ‘ආඳා යවා තබාලා වල්පොත ගත්තාසේ’
කරන්න දෙයක් නැතිකම ගැන, රටම තක්බීර් වෙලා බලාගෙන ඉන්න කාලේ උදා වෙලා. ඒ නිසයි,
සැහැල්ලු දෙයක්, දෙකක් ගැන මේ ටිකේ ලියන්න හිතුණෙත්. මගේ විශ්වාසයට අනුව ‘සිනහව,
සතුට, ප්‍රමෝදය හා සැහැල්ලුව’ කියන්නෙත් දිවිය අවුසදයක්නෙ මහතුනේ!
ඒ
මදිවාට ඊසිගේ අක්කලාත් අම්මා ඩුබායිවලම ඉන්නවට කැමතියිලු! |
හදිස්සියට අතින් කඩදාසි නවාගන්න වැඩ, පොත් ගැදර් කරන වැඩ, බිල්පත්වල නොම්මර ගහන
වැඩ වගේ වැඩත් ගොඩාරියයි.
ඊසි ගොයියා එයාගේ අම්මා ගැන එච්චර ප්‍රසාදයෙන්
නෙවෙයි හිටියේ. “අම්මට දැන් ලංකාව අල්ලන්නෙම නැතිව ගිහින්. ඩුබායිවලම ඉන්න තමයි
හිත. ආවත් මාසෙන්-දෙකෙන් ආපහු යනවා.... රට ගිහින් සෑහෙන කාලයක් වෙලත් තවම ඇති වෙලා
නෑ.”
ඒ මදිවාට ඊසිගේ අක්කලාත් අම්මා ඩුබායිවලම
ඉන්නවට කැමතියිලු!
“එතකොට අක්කලට පුළුවනිනේ අපේ ගෙදරටම වෙලා
ඉන්න.... මං විතරයි ගෙදර කියලා...”
“ඉතිං හොඳනේ මනුස්සයෝ!”
“අපෝ, නිමල් අයියා දන්නෑ අපේ පොඩි අක්කගෙ හැටි.... ඔයා එක්ක වුණත් හිනාවෙලා කතා
කරන්නේ එයාගේ වාසියට.... ඔයාව ෂේප් කරලා තියාගන්න හිතාගෙන... උන් සහෝදරියෝ නෙවෙයි
නිමල් අයියේ. මිනී මෝරු!”
ඊසිගේ පොඩි අක්කාත් ඉස්සර press එකක
බයින්ඩින් රස්සාවම කළ එකියකි. ඒ වෙද්දී එයා කොළ නවන, පොත් ගැදර් කරන, බිල් පොත්
සාදා දෙන වැඩ කොන්ත්‍රාත් ක්‍රමයට නිවසේ සිටම කරමින් සිටියාය. ඒ වැඩ බාර ගැනීමට-
බාර දීමට අපේ press එකට ආවාමය මං හඳුනා ගත්තේ. එහෙම පැමිණි වේලාවන්හිදී මට පෙනුණු
විදිහට නම් ඇය කුඩුකේඩු එකියක් නොවේ.
කොල්ලෙක්
වෙලා ඇඳුමකටවත් හරියට වියදං කරනවද, මෙයාලා වගේ... |
“තමුසෙගෙ හිතළු... එයා අම්මට බොරු කියන්නේ මොකටද මනුස්සයෝ, තමුසෙ ගැන...”
“ඇයි, පොඩි පුතා හැටියටයි; පවුලේ එකම කොල්ලා හැටියටයි මටනේ මහ ගේ අයිති වෙන්න
තියෙන්නෙ. තවම අපේ අම්මා කාටවත් ගෙදර ලියල දීලා නැහැනෙ.... පොඩි අක්කා කුරුමානං
අල්ලන්නෙ අම්මව රවට්ටගෙන ඒක එයාට ලියවගන්න.”
හැබැයි, ඊසි බලාගෙන හිටියේත් අම්මා ගෙදර
අයිතිය එයාට පවරන තෙක්ය.
“මූ මහ කුණා, නිමල් අයියේ. පේන්නැද්ද
කොල්ලෙක් වෙලා ඇඳුමකටවත් හරියට වියදං කරනවද.... දෙක තුනක් තියාගෙන පට්ට ගහනවා....
එයාලගේ පොඩි අක්කා වැඩියත්ම මූ එක්ක තරහ, ගෑනු හුටපටයක් හින්දා.”
Press එකේදිත් වැඩි දෙනෙකුගේ තෝම්බුව මගේ
ළඟට එන්නේ එයාලාගේම හිතවතුන්- හිතවතියන් හරහායි. ඒ විස්තර හාරලා අහන්නට ඕනෑ නැත.
කවුරුන් හෝ විස්තර කියද්දී ඕනෑකමින් අසාගෙන හිටීම විතරක් කළාම ඇතිය. කියන්නට අය
එමට සිටිති. නැත්තේ ඉවසීමෙන් ඒවා අහගෙන ඉන්නා උදවිය නෙව.
ආයතනයක කළමනාකාර ධුරය දරන විටෙක, පුද්ගලයන් ගැන පෞද්ගලික දේවල් පවා දැනගෙන හිටින
තරමට මෙහෙයවුම් කටයුතු ලේසිය.
“නිමල් අයියේ, තරහ නැතිව අපේ මල්ලිට පොඩ්ඩක්
අවවාද කරන්නකෝ.... ඔයා කියන දේවල් එයා අහනවත් එක්කනේ...” දවසක් press එකේදී ඊසිගේ
පොඩි අක්කා මට කීවාය.
“ඊසි පොඩි ළමයෙක්ය, අවවාද කරන්න?” මං කිව්වේ විහිළුවක් විදිහෙන්ය.
දැන්
කාලේ කොල්ලො-කෙල්ලො කොච්චර නං යාළුවෙලා... |
එහෙමය මට ඇගේ පැත්තෙන් විස්තර ලැබුණේ.
“අපේ මල්ලී පැටලිලා ඉන්න කෙල්ල අපේ ගෙදරමයි
බෝඩින් වෙලා ඉන්නේ. මල්ලිට ඕනි මක් කරලා හරි මාව ගෙදරින් යවාගන්න. අපේ මහත්තයත් මට
කියනවා ළමයිනුත් අරගෙන ගෙදරින් යමු කියලා.... ඒ වුණාට අයියෙ, අපි එහෙම කළොත් මේ
මෝඩයා අර කෙල්ලව කසාද බැඳලමයි නවතින්නේ... ඒකිට වෙන බෝඩිමක් හොයාගෙන යන කිව්වට
යන්නෙත් නෑ.”
“ඇයි ඉතිං ඔයාලා ඒ සම්බන්ධෙට ඔච්චර
අකමැති.... දැන් කාලේ කොල්ලො-කෙල්ලො කොච්චර නං යාළුවෙලා බඳිනවද?”
“කොහොමද නිමල් අයියෙ අපි ඒකට කැමති වෙන්නේ... ඒ කෙල්ල මෙයාට වැඩිය අවුරුදු
හත-අටක්ම වැඩිමල්නෙ.”
“හරි, හරි.. එහෙනං කෙල්ල ලස්සන ඇති මෙයා වහ වැටෙන්න....” මට කියැවිණි.
“මොන ලස්සනක්වත් නෑ.... කෝටු දරහැවක්... උන්
හරි කපටියි නිමල් අයියේ... මාතර පැත්තේ එවුන්නේ... අපේ හරකට ඉනා බේතක් කවලම තමයි!
ඒකි හිතන්නේ මේ මෝඩයව අල්ලගත්තම හෝමාගමින් ලොකු ගේකුත් අයිති වෙනවනේ කියලයි.”
ඒ ගැටළු ගැන කියද්දී අසාගෙන සිටීමෙන් විනා,
උපදෙස් දීමක් කිරීමෙන් උදව් වෙන්නට මට සිතුණේ නැත. ඒ කියවෙන දේවල්වලින් හැබෑ-බොරු
තේරුම් ගැනීම මට අසීරුවූ බැවිනි. නමුත් හැම පාර්ශ්වයෙන්ම මට තොරතුරු ගලා ඒම නම්
නිබඳවම; දිගින්-දිගටම සිදු වුණේය.
උන්ගෙ
ගමටම ගිහිල්ලයි මේකව හොයා ගත්තේ...! |
ඒ කතන්දරවලින් විශ්වාස කළ යුත්තේ කොයිකද?
ඊසිගේ කතාවද? පොඩි අක්කාගේ කතාවද? මිතුරන්ගේ
කතාද?
ඔහොම ඉන්නා අතරේය, හදිසියේම ඊසි හාදයා වැඩට නෑවිත් සිටියේ.
“අනේ නිමල් අයියේ, අපේ මල්ලී අරකිත් එක්ක
පැනල ගිහිල්ලා!” ඊසිගේ පොඩි අක්කා දුරකතනයෙන් හඬා වැටුණාය.
“ඔයාලගේ අම්මත් මේ දවස්වල ලංකාවට ඇවිත් නේද ඉන්නේ....”
“ඒක නේන්නං අයියේ. අම්මා ඒ කෙල්ලට හොඳටම බැන්නා. කාමරයෙනුත් යන්න කිව්වා... ඒ තරහට
තමයි මේ බූරුවා ඒකිත් එක්ක යන්න ඇත්තේ.... අනේ අයියේ... මල්ලී හදිසියෙවත් press
එකට ආවොත් අපිට කියනවද?”
සති දෙක තුනක් ගත වුණේය. ආයෙමත් වතාවක් දුරකතන
ඇමතුමකි.
“අපි මල්ලිව ගෙදර ගෙනාවා නිමල් අයියෙ... උන්ගේ ගමටම ගිහිල්ලයි මේ හරකව හොයා ගත්තේ...
අනේ නිමල් අයියෙ. බොස්ට මේවා කියන්නේ නැතිව ටිකක් ෂේප් කරනවද? නැතිනං මේ බූරුවට
රස්සාවකුත් නැතිව යනවනේ අයියේ....ටික දවසක් ගෙදර ඉන්න දීලා, මාසයක් විතර යද්දී
ආයෙම මිනිහව වැඩට එවන්නං....”
ඒ call එක ලැබිලා දවස් දෙක-තුනකින්ම ඊසිගේ
කතන්දරේ press එකේ හැමෝටම වගේ ආරංචි වෙලාත් තිබුණේ, පුදුම විදිහටය. ඒ කොහොම
කාගෙන්ද....
ඒත් මං නෙවෙයි ඒ ගැන දන්නා විත්තියක් කාටවත් පෙන්නුවේ. අනුන් කියන දෙයක් අහගෙන
ඉන්නවා මිස.... අර සම්පත්ගේ අකල් මරණේ වෙලාවේදී මොකුත්ම නොදන්නා බබෙකු වගේ හිටි විදිහට.
හෙණ
අහිංසක මනුස්සයෙක්.... ඇතුළට එන්නත් බයයි වගේ. |
“මාව හම්බ වෙන්න නං පාරේ ඉඳල හරි යනවද? මෙහාට එන්න එපැයි!”
“මම ඒ මිනිහට කිව්වා.... හෙණ අහිංසක මනුස්සයෙක් නිමල් අයියේ.... ඇතුළට එන්නත් බයයි
වගේ......”
ඒ ළමයා කීවා හරිය. Press එකට නෑවිත් හිටි
මනුස්සයා අහිංසක පාට තමාය. ඒත් ඊට කලින් මං දැක පුරුදු කෙනෙකුත් නෙවේ. මම ඔහු ළඟට
ගියෙමි; ඒ මනුස්සයාත් නිමල් දිසානායකව හඳුනන පාටක් නැත.
“ඇයි තාත්තේ?”
“අනේ සර්, මේ අච්චු කන්තෝරුවේ වැඩ කරන නිමල් අයියා මහත්තයව හම්බ වෙන්න කියලා.....”
එයා ඉස්සරහම හිටගෙන ඉන්නේ නිමල් බවවත් එයා නොදනී. “තාත්තේ, යමු ඇතුළට. මං තමයි
නිමල් අයියා.”
එතකොටත් press එකේ උකුසු ඇස් ජෝඩු හත-අටක්
හොරාට ගේට්ටුව අයිනේය. මටත් කලින් ඒ අහිංසකයා ඒ විත්තිය දැකලාය.
“අනේ රත්තරං මහත්තයෝ.... මගේ දූටයි තමුන්නාන්සේව හම්බ වෙන්න ඕනි. හන්දියේ කඩයක්
ඇතුළෙ එයා ඉන්නවා. අච්චු කන්තෝරුවේ අයට පෙනෙයි කියලා තමයි දුව මේ අහ ආවේ
නැත්තේ.... දැනුත් එයාලා මහත්තය අහ බලාගෙන ඉන්නෙ එබිකම් කර-කර....”
මං හැරී බලනකොට ඒ ඇස්ගෙඩි ඇතුළට ගිහිනුත් ඉවරය....!
“තාත්තගේ දුව මාව දන්නවද?”
ගිහිල්ලා
දුව ඉන්න කඩේ ඉස්සරහට වෙලා.... |
වෙසෙසා කිව යුතු නැත. මගේ පපුව පත්තු වුණේය.
“කවුද ඔය බෑනා?”
“සර් එයාව දන්නවා. මෙහෙ වැඩ කළේ..... ඊසි!”
“හරි....” පැටලිල්ල ළිහීගෙන එයි. දැන් කරන්නට
ඕනෑ මොකක්ද?
“... තාත්තා දැන් ආපහු හන්දිය ළඟට යන්න. ගිහිල්ලා දුව ඉන්න කඩේ ඉස්සරහට වෙලා ඉන්න.
මම විනාඩියෙන් එනවා, අපේ කන්තෝරුවේ අයට කියලා. තේරුණානෙ...”
“අනේ මහත්තයෝ.... නෑවිදින් ඉන්න එපා!” ඒ අසරණයා දොහොත් මුදුන් දීලා වැඳලාත්ය පිටත්
වුණේ.
විනාඩි දහයකට පිටතට යන බව කාර්යාලයේ අයට
දන්වා, මා යන විටත් අර මනුස්සයා සෝදිසියෙන් බලාගෙන ඉන්නවාය. එයාගේ දෝණියන්දෑ ගැන
ඊසිගේ පොඩි අක්කා කිව්වා හරිය. ඇය රූමතියක් නොවේ; කෙට්ටු, අවපැහැති යුවතියකි.
ඊසිත් එතරම් කඩවසම්; කැපී පෙනෙන හාදයෙක් නොවේ.
ඒත් මගේ මිම්මෙන් නං ඒ දෙන්නාගේ ඇති
නොගැළපීමකුත් නැත!
“අනේ නිමල් අයියේ.... එයා මට කියා-කියාම
හිටියේ නිමල් අයියට call එකක් දෙන්න ඕනියි කියලා, අපේ අහ ගියාට පස්සේ. ඒකට කලින්
එයාල අම්මලා එහාට ආවනේ....” ඇය කීවාය.
අමරණීය
පෙම්වත්තු බාධා ඉදිරියේ කිසිදා නොසැලෙති. |
ඒ සටනේදී ඊසි හාදයා කිසිම මැදිහත්වීමක් කරලා
නැතිය. මිනිහා ඒ ගති-සොබාවේ කෙනෙකි. මං නම් එහෙම අයට කියන්නේ කොන්ද පණ නැති
සෙවලයන් කියලාය.
“ඉතිං... ඉතිං...”
“අම්මලා අපේ අහට ඇවිදින්, ගමටම ඇහෙන්න මාව පලිච්චි කරලා එයාවත් වෑන් එකට දාගෙන
අරන් ආවා. එහෙම ඇවිත් දැන් දවස් හත-අටකටත් වැඩියි.... මම බලාගෙන හිටියේ එයා
හොරෙන්ම ගෙදරින් පැනලා හරි ආයෙම අපේ අහට එයි කියලා.... කොහෙද, අම්මට බයේ ඔහෙ
කරබාගෙන ඉන්නවා ඇති...” ඒ කෙල්ලත් අඬා වැටෙයි.
කඩේ මිනිස්සුත් එහෙන්-මෙහෙන් එබෙති.
“නංගි, ඇඬුවයි කියලා ප්‍රශ්න විසඳගන්න
බැහැනෙ. සමහරවිට එයාව වෙනින් කොහේ හරි නවත්තලා වෙන්නත් ඉඩ තියෙනවා නේද?” මට කල්පනා
වුණේ ඒකය.
ලුණුයි බතුයි වුණත් කාලා ඉන්නට ලෑස්ති අමරණීය පෙම්වත්තු බාධා ඉදිරියේ කිසිදා
නොසැලෙති. ඊසිටත් තාවකාලික බාධාවක් වෙලා වෙන්නැති.
“අනේ, එහෙමවත් වෙනවා නං එකක්.... මෙයා ඔතෑනි
වැඩියි නිමල් අයියේ.... අක්කයි අම්මයි සැර කළොත් ඒ පැත්තට වුණත් නැවෙන්න බැරි
නෑ... ඒකමයි මට බය.... මගේ බැංකු පොත, ෆෝන් එක එහෙමත් එයාගේ bag එකේ තිබුණේ.... ඒව
ඉල්ලා ගන්නවත්....”
“ඇයි නංගි, එව්වා එයාට දීලා තිබ්බේ.....”
අපූරු කතාවක් නිදි. එක හුස්මට කියෙව්වා, මොකක් කියන්නද මන්දා, ඒත් බොක්කටම වැදුනා.
ReplyDeleteමෙන්න මේකත් බලලා නරකද ඔය ප්‍රින්ටින් ප්‍රෙස් තාක්ෂණය ගැන පරණ පිංතූර සහිත පෝස්ට් එකක් ලිව්වොත්.
Stephen Fry: The History Of The First Printing Press | The Machine That Made Us | Timeline
https://www.papercut.com/discover/easy-printing/
Deleteස්තූතියි, නමුත් මම කැමති අපි ඉස්සර ප්‍රින්ට් කරපු පරණ විදිහ බලන්න. ගල් අච්චුව කියන මුල්ම පොටෝකොපි යන්තරේ පස්සෙ "අන්ඩ-ග්‍රවුන්ඩ්" ගියා නේද, විප්ලවේ කරන්න?
Deletehttps://en.m.wikipedia.org/wiki/Movable_type
Deleteමෙහෙමයිනේ. අච්චු කන්තෝරු වැඩේට යැවුණාට මම දැනගෙන හිටිය printing එකක් නෑ. මුලින්ම ඒක කියන්න එපැයි.
Deleteඅමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයට මම ගියේ එහි කළමනාකාරවරයා ඉවත් කළාම ඇතිවුණු අඩුව ටික දිනකට පුරවන්නයි. ඒ දවස් ගණන අවුරුදු හතක් විතර දික් වුණා.
එතැනින් අයින් වෙලා මාසයක්වත් යන්න කලින් මාව හොයාගෙන ගෙදරටම ආව මුද්‍රණාල හිමි හිතවතෙක් එතැන ප්‍රින්ටින් මැනේජර්කමට ඇරයුම් කළා. මම බැහැයි කිව්වා. 'මම offset ගැන මෙලෝ හසරක් දන්නෙ නැහැනෙ.' කියලත් කිව්වා.
'අයියට වැඩිය මම ඔයා ගැන දන්නවා. මට ඕනි එතැන සේවකයන් පරිපාලනේ කරලා හරියට වැඩ ටික කරවන්න පුළුවන් කෙනෙක්. ඔයාට ඒක කරන්න පුළුවන්. මේ චැලේන්ජ් එක අරගෙන බලන්න.' එයා කිව්වා.
කුමුදුලාල්ගේ උදව්වෙන් එයා වැඩ කරමින් හිටි press එකේ බොස්ටත් ඇත්තම කියලා මම එහාට ගිහින් වරුවක් offset කෙරෙන හැටි ගැන සේරම බලාගෙන, අලුත් රස්සාවට ගියා. අවුරුදු හතරක් එතැන. තවම ඒ ගැන නම් ලියලම නෑ.
ඊළඟ රැකියා ආරාධනයත් ආවේ එතැනින් ඉවත් වෙලා මාස කිහිපයක් යද්දී. එතැන අවුරුදු 13ක්. ඒත් ප්‍රින්ටින් මැනේජර්.
හැබැයි අදටවත් offset මැෂින් එකක on-off කරන සුවිච් තියෙන තැනවත් මම දන්නෙ නෑ!
අනෙක් අයට මම දන්නෙ නෑ. මට නම් මෙච්චර කල් ඇහැකි වෙලා තියෙනවා සමහර දේවල් නොදැන වුණත්, ඒවා කරන අයව හරියට මෙහෙයවන්න.
ඉතිං කොහොමද දෙයියනේ ප්‍රින්ටින් ගැන වෙනම පෝස්ටුවක් ලියන්නේ.
හැබැයි ඒ අත්දැකීම් ගැන වරින් වර අදාළ තැන්වලදී ලිව්වා.
මංජුලගේ මේරි නම් වූ මරියාට පැටලුනෙමි- කෙළින් සනා- ආවොත් නොයා බැරිය- නැණ ලැබ ගත්තෙමි- ගණිත ගැටේ- පතාගෙන ඇවිත්- යුවති කිරිල්ලී වගේ postsවලදී වැඩියෙන්ම. (මට මතක හැටියට, හොඳේ.)
අවුරුදු දෙකක් තිස්සේ කරුණුත් එකතු කරගෙන, ලියන්න ඉන්න දේවලුත් තියෙනවා මේ ගැන. ඒත් තවම නොලිව්වේ 'විලාසිනියකගේ ප්‍රේමය' පොතේ මුල්ම පිටපතක් හොයා ගන්න බැරි වුණු නිසා. ඒකෙන් මට මතක තොරතුරු වගයක් තහවුරු කර ගන්න තියෙනවා. Pra Jay මහත්තය එක්ක ආකයිව්ස් යන්න ලෑස්ති වෙලා හිටිද්දී තමයි කොරෝනා නිසා වැඩේ නැවතුණේ.බලමු ඉතිං....
බස්සා මහත්තයයි, Pra Jay මහත්තයයි වගේම (මතක හැටියට) පැතුම් හිතවතා එහෙමත් ප්‍රින්ටින් ගැන ලියන්න කියලා තියෙනවා.
මම නොදන්නවාට මොකෝ. දන්නා අයව දන්නා එකේ.... ඉස්සරහට බලමුකො, ජීවිත කතාව ලියලා ඉන්න ඕනිනේ ඉස්සෙල්ලාම.
@බස්සා
Deleteස්ටීවන් ෆ්රයිගේ පොත් නම් මරු. මං කැමතිම ලේඛකයෙක්. එයාගෙ පොත් දෙකක් තියෙනවා Mythos සහ Heroes කියලා. නියම පොත් දෙකක්.
ස්තූතියි මිතිල ඔත්තුවට. ස්ටීවන් අපූරු නළුවෙක් බව දැනගෙන හිටියත්, ඔහු ලේඛකයෙක් බව දැනන් උන්නෙ නෑ.
Deleteපෙම්වතා ආදරය කරන්නේ පෙම්වතියගේ බැංකු පොතට නම්, පෙම්වතිය ආදරය කරන්නේ පෙම්වතාට උරුම වෙන ගේ දොර ඉඩකඩම් වලට නම්, මේ ජෝඩුව නියමෙට ගැලපෙනවා.
ReplyDeleteමාතර අහ කතා විලාශය කියෙව්වාම මතක් උනේ "මේ දෑස කුමටද" චිත්‍රපටය මාතරදී "මේ දෑස මක්කටෙයි" කියලා ප්‍රචාරය කළා යැයි කියන විහිලු කතාව.
පමුණුව ලොක් ඩවුන් කරන්න උන එක ගැන නම් පුදුම වෙන්නේ නැහැ. අපේ අම්මා කිව්වේ, අවුරුදු දවස් වල මිනිස්සු පාන්දර හතර පහ වෙනකොටත් පමුනුවට යනවලු. ඒ වෙලාවටත් කඩ ඇරලා තියනවාද කියලා මට නම් පුදුම හිතුනා.
Sam, ඒ ජෝඩුව ගැන ඉතිරි ටිකත් කියනකල් ඉන්නකෝ....හැබැයි ඔයා හරි. ඒ දෙන්නා තකට-තක!
Deleteමම අහලා තියෙන විදිහට නං 'මේ දෑස මක්කටෙයි' ඇත්ත. අවුරුදු පනහකටත් එහානේ. ඒ film එක ආවේ 1972.
රෑ දොළහට පමුණුවේ කඩ ඇරලා නැහැ සෑම්. හැබැයි අවුරුද්දේ අනෙක් දවස්වල පාන්දර තුනේ විතර ඉඳලා පරණ පාර දෙපැත්තෙත්, පමුණුව පාරේ කොටසකත් දිගටම පේව්මන්ට්වල රෙදි තට්ටු දාගෙන, vanවල තියාගෙන රෙදි විකුනනවා කඩසාප්පු විවෘත කරනකල්. එයාලගේ වෙළෙඳාම උදේ අට විතර වෙනකල් විතරයි. හැබැයි ඒ හැමෝම ටෝච්, කාර් බැටරිවලින් විදුලිය අරගෙන ඇදපු ලයිට් වැල් එහෙම යොදාගෙන නියමෙට වැඩේ කරනවා. ඒ වෙලාවලට එන්නෙ දුර පලාත්වල පේමන්ට් වෙළෙන්දන් තමයි වැඩිපුරම.
අවුරුදු දවස්වල දුර ගම්වල අයත්, පවුල් පිටින් එකතු වෙලා වාහන කුලියට අරගෙන වට-වන්දනාවේ යනවා වගේ මහා රෑ පමුනුවට එනවා රෙදි ගන්න. එතකොට නං රෑ ජාමෙත් මෙහෙ සෙනඟ. හුඟ වතාවල නත්තලට- අවුරුද්දට දවස් දහයක් විතර තියා පමුණුවා පාර one line කරනවත් එක්ක.
උපදෙස් දෙන්නෙ නැතුව කෙනෙක්ගෙ ප්‍රශ්න අහගෙන ඉන්න එකනම් හොඳම දෙයක්. නමුත් මටනම් එපා වෙන්නෙ කාලයක් යනකොට ඔය ප්‍රශ්න කියන්න එන අය අපි ඉපදිලා ඉන්නෙම ඒගොල්ලන්ගෙ ප්‍රශ්න අහන්න කියලා හිතන්න ගන්න එකයි. රෑ දහයට එකොලහටත් කතා කරනවා, ෆෝන් එක තියන්න දෙන්නෙ නෑ පැය දෙක තුන කතාකරනවා. ඔක්කොටම වඩා ඔෆිස් එකෙ ඉන්න කෙනෙකුට ඔහොම උදව්වක් කලොත් දැක්ක තැන ප්‍රශ්න කතා කරන්න එනවා අපි හොදටම බිසි වෙලාවටත්. හැබැයි තමන්ට වැඩක් තියෙනවනම් I got work කියලා දුවනවා අපි හරියට ඒගොල්ලන්ට disturb කලා වගේ. මට නම් හිතාගන්න බැරිව ඉන්නෙ ඔය ඇහුම්කන් දෙන එක තමන්ටම වදයක් නොවී balance කරගෙන කරන්නෙ කොහොමද කියලා.
ReplyDeleteසමාවෙන්න, මේක දැක්කාම නං හිනා නොවී බැරිවුනා. ඔය සාවියෙ ආඳො එහෙම නැත්ද, උපදේසයක් ගන්න?
DeleteMr. බස්, ඒ මොකද හිනා ගියෙ.'නිමල් අය්යා මහත්තයා' අත්දැකීම් බහුල කෙනෙක් නිසා මම ඒ කමෙන්ට් එක දැම්මෙ අපිටත් යම් දෙයක් ඉගෙන ගන්න පුලුවන්නෙ නිමල් උත්තර දුන්නම. (ආඳො මොකටද?? අපි උපදෙස් ගන්නෙ real peoplesගෙන්).
Deleteබැස්ටියන්තුමාගෙ හැමදේටම තයිලය වන eelism ඕනෙනෑ ඕකට.මං සාමාන්‍යයෙන් හොද ඇහුම්කන්දෙන්නෙක්වීම, අදාල ප්‍රශ්න ඇහීම සහ වෘත්තිය නිසා ප්‍රශ්න කියන අය සෑහෙන්න ඉන්නවා. මට ඇනලයිස් කරන්න පුලුවන් ප්‍රශ්න ගැන මං කැමැත්තෙන් කතාකරනවා.හැබැයි මට පුලුවන් වෙලාවට විතරක්. නැත්නම් මං වෙලාවක් කියනවා. මාත් එක්ක කතාකරන එක ප්‍රයෝජනවත් ලෙස සලකන ප්‍රශ්න තියන අය මාව අනොයි නොකර දෙන්නටම පහසු වෙලාවට කතාකරනවා. අනිත් අය කතා නොකර ඉන්නවා.
Deleteමං කරුණු දෙකක් නෝටිස් කරල තියනව.
1.මං සමහරවෙලාවට ඒ ප්‍රශ්නසහගත අය එක්ක කතා කරන ගමන් මගෙ ප්‍රශ්නයක් මැදින් දාලා බලනවා මොකද වෙන්නෙ කියලා. ඒ අය ඒවා ඉක්මනට පැත්තකට දාලා තම ප්‍රශ්නය ආයිත් මතුකරනවා.
2. හුගක් අයට ඕනෙ කතාකරන්න විතරයි. විසදුමක් මං කිව්වාම ඒක ඇහුනෙනෑ වගේ ආයිත් ප්‍රශ්නෙ ගැන කතා කරනවා.
@ Lotus
Delete//හැබැයි තමන්ට වැඩක් තියෙනවනම් I got work කියලා දුවනවා//
ඒ තමා ආඳගෙ ක්‍රමවේදෙ. බැරි නං කෙලින්ම නෑ,බෑ කියන්න පුරුද්දක් නැති, අපේ "හොඳ හිත" තමයි ප්‍රශ්ණෙ. සමහරු "මම කරදර කරන කියල හිතන්න එපා", "සොරි, බුදියගෙනද හිටියෙ" වගේ පොලයිට් කතා කියල, එත් වගේ-වගක් නැතුව කියෝගෙන යනවා. විසඳුම- රිමොට් කන්ට්‍රෝල් එක අතට ගන්න. ඒකෙ තියනවා "මියුට්" කියල බටන් එකක්.
@ Pra Jay
Deleteස්තූතියි. මම දැනගෙන හිටියා ඔබතුමා "කොටයි" කියලා😂.
අර කරුණු 1 සහ 2 හොඳ නිරීක්ෂණයක්. මහිතේ ඕකට "මැක්කා වනාහී" තියරිය කියලයි කියන්නෙ. බොහෝ කාලෙකට ඉස්සර මගෙත් මිත්‍රයෙක් හිටියා ඔඅය වගේ: එයාට ප්‍රශ්ණයක් ආවම, හැමෝගෙන්ම අහල උපදෙස් ගන්නව. හැබැයි අන්තිමට කරන්නෙ උන්දැට ඕන එක.
මං කොටවුනත් උසවුනත් ඔබතුමාගෙ ලිස්සීම වලක්වන්න බෑනෙ
Deleteමට කියන්න දෙයක් ඉතිරි වෙලා නැති තරම්. ප්‍රශ්නේ මතු කළාට Lotusටත්, උත්තර දුන්නාට බස්සා, Pra Jay මහත්වරුන්ටත් ගොඩක් ස්තුතියි.
Deleteරස්සාවට නොකළත් අරයා-මෙයාගේ කතන්දරවලට නිතර කන්දෙන නිසාද මන්දා මට විස්තර එනවා හරි ගොඩක්... ප්‍රශ්නත් එහෙමයි. Pra කියනවා වගේ හුඟ අයට ඕනි අපේ විසඳුම් නෙවෙයි, එයාලා කියන දේ අහගෙන ඉන්න කෙනෙක් විතරයි.
බස්සා උන්නැහේ කියන්නැහේ මාත් හිතහොඳ කෙනෙක්. හැබැයි, ඕනි කරන වෙලාවට පෙනේ පුප්පනවා. කොච්චර සාර්ථකව ඒක කරනවද කියනවා නං මගේ ළඟම මිතුරන්වත් තවම දන්නෙ නෑ හරියටම මට කේන්ති ගිහින් තියෙන වෙලාව.
ඉතිං, 1985 ඉඳලා මම කොහොම කෙනෙකුට වුණත් මගේ ඇත්තම හැඟීම අනුව ප්‍රතිචාර දක්වනවා. 85 පළමු වතාවට එංගලන්තෙට ගියාම මම එහෙන් ඉගෙනගෙන ආවේ ඒකයි.
සමහරෙකුට ඒක odd.
අපි හම්බන්තොට යන දවසට, කලින්ම අපෙන් අහලා උදේට කෑම ලැහැස්ති කරලා දෙන්නේ සුජානි නංගී. මේ හයවෙනිදා උදෙත් එයා පාන්දරින් නැඟිටලා සුපිරි කිරිබතක්- මාළු ඇඹුල් තියල්- ලුණුමිරිස්- තම්බපු කඩල- මීකිරි-පැණි හෙම එක්ක පාතරාසය ලැස්ති කළේ 5 වෙනදා රාත්තිරියේම අහලයි. අපි ඒවා බුක්තිවිඳින අස්සේ සුජානි නංගි දවල්ටත් උයන්නද අහනවා.
එයාලගේ ගෙදරක් තියෙනවා දෙහිවල පැත්තේ. ඉගෙන ගන්න පුතාව එහෙ නවත්තලා තියෙන නිසා නිවාඩු දවස්වල එයාලා කොළඹ ඇවිත් යනවා. එක දවසක් හැන්දෑවේ එයාලගෙන් මට call එකක් ආවා. "අයියේ, සාන්තයි මායි කොළඹ එන ගමන්.... අපි ඔයාලගේ ගෙදරටත් ගොඩ වෙලා යන්නයි හිතුවේ."
"අනේ නංගි. අද නං මගේ මූඩ් එක හොඳටම බැහැලා ඉන්නේ. ඔයාලා අවොත් තේ එකක්වත් නොදී බෑ. මට එහෙම දෙයක්වත් කරගන්න හිත දෙන්නේ නැති නිසා අද මෙහෙ එන්න එපා!" මම කිව්වා. (සුජානිලා ගැන 'ඇස් පෑදේවා' posts දෙකේදී විස්තර ලිව්වා.)
දොස්තර හිතවතා අයස්මන්ත මහත්තයයි, නෙවිලුයි, ගවීනුයි, මර්විනුයි දැන් සිය දහස් වාරයක් කියලා ඉවරයි 'තමුසේ වගේ ජරා මිනිහෙක් ඕයි. හම්බන්තොට යන දවසක් ඇත්තන් එයාලම අහලා කෑම ලෑස්ති කරලා දෙන අර මිනිස්සුන්ට එන්න එපැයි කිව්වනේ.' කියලා.
වැඩියත්ම එහෙම කියන්නේ මාව අවුස්සන්නයි. එහෙම කියපු වෙලාවක් දෙකක 'ඔව් හලෝ. තමුසෙලට වුණත් එච්චරයි තමා!' කියලා මම කියලා තියෙනවා විහිළුවට වගේ.
එක මගේ හොඳම උපායක්. ඇත්ත කියනවා බොරුවක් වගේ.
ඔන්න Lotus 'නිමල් අයියා මහත්තයා'ගේ එක ක්‍රමයක්. කෙනෙක් ඕනිවට වඩා කාලය ගන්නවා නං, නිතරම නහයෙන් අඬනවා නං කියන්න ක්‍රමද නැත්තේ, සූකිරි වදන්වලින්.
"අනේ රත්තරනේ, ඔයා කියන ඔක්කොම දරාගෙන ඉන්න තරං හයියක් මට නැහැනෙ! දැනටම මට මාවත් එපාවෙලා වගේ."
තිස්සෙම නහයෙන් අඬන, නෙගටිව් දේවල්ම කතා කරන කිහිප දෙනෙකුටම මම කියලයි තියෙන්නේ "මගේ තත්වේ හැටියට හිත සතුටු වෙන දේවල් තමයි වැඩියෙන්ම අහන එක හොඳ!" කියලා. සාමාන්‍යයෙන් එහෙම ඉඟි නොතේරෙන අපේ අම්මා දෙවෙනි-තුන්වෙනි සැරේටත් එහෙම නඩු කියන්න ගන්නකොටම, මම (විශේෂ tone එකකින්) කියන්න ඕනේ "අම්මේ ප්ලීස්..." කියලා විතරයි. "සොරි, සොරි. ඔයා මට කියලනේ තියෙන්නේ. sad දේවල් කියන්න එපා කියලා' එයාට කියවෙනවා.
ඔය අගේට කියාදීලා තියෙන්නෙ, කොහොමද පොලයිට් විදිහට බෑ කියන්නෙ කියලා. අපේ සගිස්කුරුතියට තාමත් ඒක දිරවන්නෙ නෑ. ඒත් බැරි එකටත් හා කියල විඳෝනවට වඩා, ඒක හොඳ නැත්ද?
DeletePra Jay, බස්සා සහ නිමල් බොහොම ස්තුතියි, දිග උත්තර සහ ටිප්ස් වලට. Much appreciated. බලමු උත්සාහ කරලා. ඇහුම්කන් දීම හොඳ ගතිගුනයක් නිසා තමන්ටම වදයක් නොවී ඒක කරන්න තමයි ට්‍රයි කරන්නෙ. තුන්දෙනාගෙම උපදෙස් සමස්තයක් විදිහට assertive වෙන්න කියන එකනෙ. කිව්වත් වගේ අපේ සංස්කෘතිය ඇතුලෙ ඒක අපිට පුරුදු කරලා නැහැ. Assertiveness කියන එකට හරියන හොඳ සිංහල වචනයක්වත් නැහැනෙ.
Delete(ඉස්සර අපිත් එක්ක වැඩ කරපු ලන්කාවෙ කෙනෙක් හිටියා. එයාව කොරිඩෝ එකක එහෙම හම්බවෙලා විනාඩියක් දෙකක් කතා කරල යන්න හදන කොට එයා මඟ හරස්කරලා හිටගෙන දිගටම කතාකරනවා. Body language එක 'එහෙම යන්නෙ කොහොමද, මම තාම කතා කරලා ඉවර නැහැ'. ඉතින් කොහොමද 'eelism' කරන්නෙ, හී හී.
Pra Jay / Nidi, your customer
Deleteකවුන්සිලින්වල පලමු රුල් එක වෙන්නේ හොද ඇහුන්කම් දෙන්නෙකුවීමයි .....
ReplyDeleteඅනුන්ගේ පුරස්න ඇහුන්කම් දෙන්නාගේ පුරස්නවලට ඇහුන්කම් දෙන්නේ කවුද එතකොට?
අසංග, මෙහෙම හිතන්නකෝ. අනුන්ගේ ප්‍රශ්නවලට කන් දෙනවා කියන්නේ ඔහේ අහගෙන ඉඳීම විතරක් නෙවෙයිනේ. ඒවා විශ්ලේෂණය කරනකොට- ඉබේම මනුෂ්‍යත්වය තේරුම් යනවා; මානව චර්යාවන් වැටහෙන්න ගන්නවා; මිනිස්සු හිතන-වැඩ කරන විදිහත් අපට අවබෝධ වෙන්න ගන්නවා. ඒ වගේම අපේ හදවතත් සුසර වීමක් වෙනවා කියලයි මට හිතෙන්නේ. වඩාත් සංවේදී වීමක්...
ReplyDeleteඑහෙම වුණාම අපේ ප්‍රශ්න එච්චර වැඩි වෙන්නේ නැහැ නේද, අනුන්ට කියන්න තරම්.
මේ, ඔහොම ඇහුම්කන් දීමෙන් වෙන ලොකුම වාසිත් තියෙනවා. ඊයේ දවසේ විතරක් එක-එක්කෙනා call කරලා කියපුවයි, එවපු පණිවිඩවලිනුයි කාලෝචිත පොස්ට් එකකට විස්තර හම්බ වුණා. බොහෝ විට මේ post එකේ දෙවෙනි එකට පස්සේ ඒක ලියවෙයි!
මගේ එකම ප්‍රාර්ථනය මේ කතාව වත් මුල ඉඳල එක දිගට කියවගෙන යන්න ලැබෙන්න කියල. කොටහක් දෙකක් මිස් උනොත් බඩුම තමයි :)))
ReplyDeleteඅපේ ඔෆිස් එකෙත් ඇහුම්කන් දෙන එකෙකුට ඉන්නේ මං විතරද කොහෙද.. අනුන්ගේ ප්‍රශ්න අහලමද මංදා මටනම් එහෙම තව කෙනෙකුගේ උපදෙස් අදහස් අරං විසඳන්න තරම් ප්‍රශ්න එන්නෙත් නෑ. එක්කෝ එන ඒවා මම ම විසඳා ගන්නවා..
බලමුකෝ ඊසි ගේ ප්‍රශ්නේ මොකක්ද කියල :))
කමි, ප්‍රාර්ථනය ඉෂ්ට කරගන්න ලේසියි. තව එක කොටසයි මේ කතාවට තියෙන්නේ!
Deleteඔන්න එකත් කියවන්න... හොඳේ.
අපේ ගෙදර උදවියත් හැමදාම රෑට ටීවි එක ඉස්සරහට වෙලා එක එක පවුල් වල ප්‍රශ්න අහගෙන ඉන්නවා. අපේ ගෙදරින් ඒවට හොද විසදුම් යෝජනා කරත් උන් කරන්නෙම කෙන්ද කන්ද කරන වැඩ.
ReplyDeleteනැත්තං කොහොමද මිතිල ඒවා මෙගා වෙන්නේ?
Deleteමං මුකුත් ලියල නෑනෙ මෙතන...
ReplyDeleteඔව් නේන්නං, ඩ්රැකී. ඔය අකුරු කී කරලා විතරයිනේ.
Delete