1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස

Sunday, December 2, 2018

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහතුන්වෙනි කොටස

දැන් අපි හැමෝම ඉන්නේ හැමදේම විකිණෙන ලෝකයකය. බූවල්ලන් වගේ අඬු විහිදා, ලොවම වෙලාගෙන ඉන්නා අනේකප්‍රකාර සමාගම්වලට ඕනෑ විදියට අප විකිණෙන බව; අප නැටවෙන බව අපට කල්පනා වෙන්නේ නැත.

බූවල්ලන් ලෙසින් අඬු විහිදා ...........
සමාගම්වලට ඕනෑ මොන උප්පරවැට්ටියක් දමලා හරි එයාලගෙ නිෂ්පාදන වැඩි- වැඩියෙන් විකුණා ගන්නටය. වැඩියෙන් ලාභ ලැබෙන්නේ එතකොටය. එතැනදී හුඟ වෙලාවට ඇත්ත යට ගැහෙයි. පාරිභෝගිකයන් මුළාවේ හෙළන්නට කටයුතු සිදු කෙරෙයි! වැරැදි තොරතුරු ප්‍රචාරය කරවාගන්නට ‘මීඩියාකාරයන්’ අල්ලා ගැනීම ‘හෝල්සේල්’ එකේ කෙරෙයි. 

මීඩියාවලට සම්බන්ධ අයට වැඩිය ‘වෛද්‍ය විශේෂඥයන්’ ලොකුය. එයාලාවත් සමාගම්වලින් සල්ලිවලට ගන්නවා නම්? ඊටත් ලොකු යැයි සැලකෙන මැති-ඇමතිවරුත් සමාගම්වල ඔඩොක්කුවලට වැටෙනවා නම්.

“පසුගිය සැප්තැම්බරයේ JAMA Internal Medicine ජර්නලයේ පළ කරනු ලැබූ පත්‍රිකාවක් මඟින් පෙන්වා දී තිබුණේ 1960 ගණන්වල සීනි සමාගම් විසින් සීනි හා හෘද රෝග අතර සබඳතාව අවප්‍රමාණය කිරීමට හාවර්ඩ් සරසවියේ පර්යේෂකයන්ට මුදල් ගෙවනු ලැබ ඇති බවයි. ඔවුන්ගේ උපක්‍රමය වී තිබුණේ එම චෝදනාව සීනිවල සිට මේදය දෙසට යොමු කිරීමයි. 

-මේ පත්‍රිකාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ අදට ද අප භාවිත කරන ආහාර පරිභෝජන නිර්දේශයන් මේ සීනි සමාගම්වල කටයුතු මඟින් හැඩ ගැස්වී තිබෙනවා විය හැකි බවයි. සමහර විශේෂඥයන් සැක පහළ කරන්නේ අද ලෝකයේ ඇති ස්ථුලතා ගැටලුවට මෙවැනි වැරදි තොරතුරු හේතු වන්නට ඇත් ද යන්නයි.”

ප්‍රකට විද්‍යා ලේඛක දමිත නිපුණජිත් ‘2018 නොවැම්බර් 21 - විදුසර’ පත්තරේට ලියා තිබුණු ‘ආහාර නිෂ්පාදන සමාගම්වලට කත් අදින පෝෂණ විද්‍යා පර්යේෂණ’ ලිපියෙනුයි මං උඩින් තිබුණු ඡේදය උපුටා ගත්තේ.

දමිත නිපුණජිත්ගේ...............
විද්‍යා ප්‍රබන්ධ මං කියවන්නට කැමැතිම ප්‍රවර්ගයක්. ඒවා හුඟ හරියක තියෙන්නේ අනාගත දැක්මක්. හිතන්නට, විශ්ලේෂණය කරන්නට, ඒ අනුසාරයෙන්  පුරෝකථන කරන්නට මේ විද්‍යා ලේඛකයන් ඉසිවරු. මං කියන්නේ ඇත්තද කියල දැනගන්න කැමැතියි නම් ආතර් සී. ක්ලාර්ක්ගෙ පොතක් කියවලා බලන්න. නැති නම් දමිතගේ පොතක් හරි!

මෑත අතීතයේ නිත්ත-නිරන්තරයෙන්ම නොවුණත්, හුඟ දවසට හුඟක් ඉස්පිරිතාලවල මට ගැවසෙන්න වුණා. එහෙම යන ඕනෑම කෙනෙකුට විමසිල්ලෙන් බැලුවොත් දැකගන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඉස්පිරිතාලේ ඇතුළේ නෙවෙයි. එළියේ. හැබැයි රෝහල් පරිශ්‍රයේ; කාර් පාක් එකේ වගේ තැන්වල. 

‘sales rep’ලා! ඒ වෙළඳ නියෝජිත මහත්වරුන් කරන්නේ එයාලගෙ රස්සාව. 

එයාලා දත කන්නේ, දොස්තර මහත්තුරු-නෝනලා ලවා එයාලගෙ කොම්පැනියේ drugs වැඩියෙන් නිර්දේශ කරවාගන්න. අලුත්-අලුත් බෙහෙත් වර්ග දොස්තරලාටත් හඳුන්වලා දෙන්න.

හැමදාම අලුතින් බෙහෙත් වර්ග නිපදවෙනවා. වෙළෙඳ පොළටත් එනවා. ඒත් එක-එක ලෙඩත් අපට ලෙඩ දානවා. මේ දවස්වල මට දැනෙන අතුරු ආබාධයත් ඒ වගෙයි. 

අත් දෙකේ ඇඟිලිත් හොකර-බොකර වෙලා.....
‘මස් පිඬු පෙරළෙනවා’ කියන එකද මන්දා හරි වචනේ. මේ ඉලව්ව කෙණ්ඩා පෙරළීමට වැඩිය වෙනස්. හිටි ගමන් මාංශ පේශි ඇඹරිලා, පැතලි වෙලා සමහර වෙලාවට ලෑල්ලක් වගෙත් වෙනවා. විශේෂයෙන්ම කකුල්වල, දණහිසෙන් පහළ. ඒ වගේමයි අත් දෙකේ ඇඟිලිත්. ඒවා හොකර-බොකර වෙලා නවන්නවත් බැරි විදියට කොර වෙනවා ටික වෙලාවකට.

“අයස්මන්ත මහත්තයෝ, ඇයි මෙහෙම වෙන්නේ?” මං උත්තර හෙව්වා. ඒක ඉතින් මගේ පුරුද්දට කෙරෙන කාරණයක්නේ. හැමදේම හාරලා-පාරලා හෙවිල්ල.

“හේතු නම් නිමල් අයියේ ගොඩක් තියෙන්න පුළුවන්! ඒත් මට තේරෙනවා ඕක ගොඩක් painful කියලා නම්. අපේ ඇඟේ මස්ල් එකකට ලේ සප්ලයි වෙන එක බ්ලොක් වෙනකොට ඒක රිදෙනවා. කැක්කුම ගන්නවා. 

-ඔයා දන්නවද ගැහැනු කෙනෙක් දරුවෙක් බිහි කරද්දී ඔය දරුණුම වේදනාව විඳින බව? හාර්ට් ඇටැක් එකකදීත් ඒ වගේ. ඒ දෙපාරම.... මුල් එකේදී ගර්භාෂයේ වටේ මස් පිඬුවලට ලේ සප්ලයි කෙරෙන එක බ්ලොක් වෙනවා. එකම හොඳේ ඒ වේදනාව දිගින් දිගට තියෙන්නේ නැති එක විතරයි. 

-හාර්ට් ඇටැක් එකේදී පපුවේ තියෙන මාංශ පේශිවලට තමයි ලේ සප්ලයි කෙරෙන එක නවතින්නේ. දිගටම එහෙම තිබුණොත් ලෙඩා මැරෙනවා!”

දරුවෙක් බිහි කරන වෙලාවේදී.....
හිටි ගමන් එහෙම රිදුම්-කැක්කුම් දැනුනත් මොනවා කරන්නද? දත කාගෙන ඉවසා ගන්නවා මිස?

පිළිකාවට ප්‍රතිකාර පටන් ගන්නා විටම මටත් දියවැඩියා බෙහෙත් ගන්නට සිදුවිණි. ඒකත් බෙහෙත්වල අතුරු ප්‍රතිඵලයක් වෙන්නැතිය. 

ඒ බව කියවුණු වහාම උපදෙස් වැලක්ම-වැල් ගොන්නක්ම මගේ වටේ එතීගෙන-එතීගෙන ගියේය. අරක එපා! මේක එපා!! ඔහොම.... ඔහොම. කියන්න ලෙහෙසිය. ඇට නැති දිව හොලවන්නට විතරය තියෙන්නේ. හැබැයි කිරීම අමාරුය. කරන්න වෙන්නෙත් මටමනේ. ඔන්න බැණුම් අහන්නට බලාගෙන ඇත්තක් කියන්නයි යන්නේ.

මේ ටික කියලා පීරිස් මහත්තයාගෙන් නම් හොඳට කන් පිරෙන්නම අහගෙන මට දැන් පුරුදුය!

හිටි ගමන් මට දොළදුක් හැදෙයි. ඉඹුල් කිරිබත් කන්නට, තෝසේ කන්නට, තැම්බූ මඤ්ඤොක්කා- පොල්සම්බෝලයක් හා කරවල කටු හොද්දක් එක්ක බුදින්නට.... ඉතින් හදාගන්නෙත් මංම නිසා මොන බාධකද? කවුරු තහංචි පනවන්නද? 

ඒත් ඒ මොනවා කෑවත් මගේ ලේ පරීක්ෂණ වාර්තා හොඳය! මෙන්න නිදිගෙ රහස් කෙම. අත් දුටුවයි! සත්තයි!! සහතිකයි!!!

මටත් වයිවාරන්න දොළදුක් හැදෙයි!
මේ පෝස්ටු මාලාවේ 8 වැන්නේදී කිව්වා මතකද මං මිදුල් පොඩ්ඩේ වවාගෙන ඉන්නා ජාති. එයින් දෙකක් මගේ පිහිටට එයි. එකක් ‘කිරාත’ය. 

වවනවා කිව්වාට ඒකට කිසිම සාත්තුවක් ඕනෑ නැත. හිටවන්න ඕනෑ එක පැලයකි. ඊට පස්සේ ඇට වැටෙමින් ගාලට වැවෙයි. ඒකෙන් කොළ පහ හයක් කන එක විතරය. කනවය කිව්වාට විකලා කන්න නම් මෙලෝ පුතයෙකුට බැරිය. ඒවා කල් කදුරු තිත්තය. කොහොඹවලටත් වඩා. මම කරන්නේ කොළ ටික එකතු කර සුරුට්ටුවක් සේ ඔතා ගිරියට තියා පහතට තල්ලු කිරීමය. පහුවදාට සීනි මට්ටම හොඳටම හොඳය!

අනෙක කෝවක්කාය. ඒක නම් තිත්ත නැත. කොළ සම්බෝලයක් විදියට හදා ගත්තාම මරේ මරුය. නැත්තං කොළ කැඳක් විදියට. වාරණය කර ඇති ජාති කනවා නං, තහංචි බිඳිනවා නං මං ඔය කෙම්වලින් එකක් හෝ කරනවාමය.

“බලපන් මචං, මූ වගේ බුවෙක් තව මේ ලෝකේ ඉන්නවද කියලා. මූ දොස්තරලවත් රවට්ටන ලස්සන.” පීරිස් බණියි. බොහෝවිට ඒ නෙවිල් හෝ මර්වින්, ගවීන්, දහනායක හෝ සුජානි වගේ කෙනෙක් එක්කය. හූමිටි තියන්නත් කවුරු හරි ඉන්නෙපැයි!

“මං දොස්තර මහත්තුරු රවට්ටනවයැ. චී චී, මගේ හිතකවත් නැහැ එහෙම චේතනාවක්. මං කරන්නේ සරීරය නිවැරැදි කර ගැනීමක්. ආපහු යථා තත්ත්වයට...”

දොස්තර මහත්තයාට යකා නඟින්නේ එතකොටය..........
ඒ වෙලාවට  නම් පීරිස්ට ගෞරවාර්ථ නාම පදයක් නොවරදවාම කියැවෙයි. ඒ එක්කම මං ස්ත්‍රී යෝනියකින් බිහිවුණු පුතෙක් බවත් මතක් වෙයි. හොඳටම කේන්ති ගිහින් නම් තව විශේෂණ පදත් එකතු වෙයි. 

එහෙම වෙලාවට නං මං කටක් අරින්නේ නැතිව ඉන්නවාය. අමාරුම දේ මගේ හිනාව තද කරගෙන ඉඳිල්ලය! අක්ෂි වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස් මහත්තයාගේ ‘ක්ෂණික කෝපය’ ස්ටාෆ් එකේ විතරක් නොව ඔහු සේවය කළ ඉස්පිරිතාල තියෙන හතර දිග් බාගේම අය දනිති.

“තෝ... තෝ... දන්නවද .......xxxx පුතෝ ඔය විදියෙන් තමුසෙ කරන්නේ මොකද්ද කියලා? අයියේ මං මේ ඔයාගෙ හොඳට කියන්නේ. තමුසේ ඔය කරගන්නේ හූනියමක්”

“මං දොස්තර කෙනෙක් නෙවෙයිනේ මහත්තයෝ! සාපෙ විතරයිනේ පාස්! ඔයා නම් ඉතින් A/L වලදී ලංකාවෙන්ම 39 වෙනියා වෙලා මෙඩිකල් කොලේජ් ගිය හපනා.... ඉතින් මට කියලා දෙන්න එපැයි.”

මගේ ටෝන් එක සාමකාමීය. ඔන්න පීරිස් නියුට්‍රල් වේගෙන එයි. “විහිලු නෙවෙයි මනුස්සයෝ. හොඳයි දන්නවද ඔයා ඔය කරන්නේ මොන වාගේ රැවටිල්ලක්ද කියලා. ඔයා විතරක්  නෙවෙයි, මුළු ලෝකෙම මිනිස්සු වැඩි දෙනෙක් කරන්නේ ඕක. 

-ලේවල සීනි අඩු කරන්න බෙහෙත් ගන්නවා කියන්නේ එක විදියක බොරුවක්. හිතන්නකෝ ගෙයක බිම කුණු පිරිලා තියෙනවා කියලා. මොකද අපි කරන්නේ. අර කුණු ටික අතුගාලා එළියට විසි කරනවා. 

-ඉන්සියුලින් ගන්නකොටත් ඒක කොස්සක් විදියට වැඩ කරනවා. හැබැයි කරන්නේ අතුගාලා එකතු කරන කුණු ටික පාපිස්ස යටින් හංගන එක. ඒක නිසා තමයි එන්න-එන්නම ගන්න ඉන්සියුලින් ඩෝස් එක ටිකෙන්-ටික වැඩි කරන්න වෙන්නේ! කාලයක් යද්දී වකුගඩු නරක් වෙන්න ගන්නෙත් ඒ නිසා.”

ඒ විදියට බලද්දී හොඳම දේ ඉවක්-බවක් නැතිව ඇතුළට කුණු පුරවා ගැනීමෙන් වැළකී හිඳීමය. මාත් ඉතින් පුළුවන් තරම් try කරනවාය. බැරි වෙලාවලුත් එනවාය.

ඉවක්-බවක් නැතිව ඇතුළට පටවා ගත්තාම ............
එකක් නම් පැහැදිලිය. ආහාර පාලනය හරියට කරද්දී මට දියවැඩියා බෙහෙත් ඕනෑම නැත. දැන් මා එව්වා ගන්නෙම නැත, අවුරුද්දකටත් වැඩි කාලයක්!

“පේනවනෙ. නිමල් අයියේ තමුසෙගෙ හොඳටයි කියන්නේ. කැන්සර් එකත් ගොඩක්ම කන්ට්‍රෝල් වෙයි, ෆාස්ටින් එක හරියට කරහන් බං!” 

මට හිතෙන්නේ Medical Research Institute එකේ රුධිර පරීක්ෂණ වාර්තාවලට අනුව ‘මල්ටිපල් මයෙලොමාව’ zero ලෙවල් එකටම වගේ පහත වැටී තියෙන්නෙත් මගේ මේ කෑම පාලන රටාවට පිං සිදු වෙන්නටය. පීරිස් මහත්තයෝ, ඔයාට ගොඩක් පිං, මාව මෙතැනට ඇද දැම්මාට! එහෙම පිං දෙන එක වෙනම දෙයකි. ඒත් මගේ කඩප්පුලිකම නිසා හිටි ගමන් මගේ අතින් තහංචි බිඳෙයි! 

හැමදාම පීරිස් හමුවුණු විගසම අහන්නේ “තමුසේ කෑවා නේද?” කියලාය. බොරු නොකියන හිංදා මාත් ඇත්තම කියනවාය. කියලා කන් දෙකම පිරෙන්න බැණුමුත් අහගන්නවාය. කොච්චර බැන්නත් ආයේ-ආයෙමත් මට කරුණු-කාරණා කියලාත් දෙනවාය. 

ඒ ඉතින් උන්නැහේගේ කරුණාවන්තකම හින්දාය! සකල මහා ජනයාට පතළ මහා කරුණාව කියන එකත් ඒ වාගේ වෙන්නැතිය.

ඒ අවවාද නම් කාටත් වටිනවාය. හැම හය දෙනකුගෙන්ම එක්කෙනෙකුට දියවැඩියාව රෝගය තියෙන නිසා; පිළිකාව වසංගතයක් වාගේ පැතිරෙමින් තියෙන නිසා; ඔය දෙකටම වැඩියෙන් භයානක තරබාරුව හැමෝටම වාගේ තියෙන නිසා මේ අවවාද ගැන දැනුම්වත්වී හිඳීම වටිනවාය. ඒවා නිසාම උග්‍ර වෙන තව-තව ලෙඩත් ගොඩාරියක් නෙව!

ඒ අවවාද නම්......
හැබැයි, ඒක කියන්නේ ඊළඟ කොටසට ගිහින්ය!

2 comments:

  1. එදා අයේෂ්මන්ත ආවට කතා කරන්න හම්බ උනේ නැහැනේ කට්ටිය වැඩි නිසා ... කිරාත සහ කෝවක්ක වැනි දේ වලින් ඇත්තටම රුධිර සීනි පාලනය කරනවා නම් අවුලක් නැහැ නමුත් වැරදිලාවත් මේවයෙ තියෙන මොනවා හරි සංඝටක හේතුවෙන් කරන රුධිර හෝ අනෙකුත් පරීක්ෂණ වලට False Results දුන්නොත් මොකද වෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඔයා හරි කණ්ඩා, කිරාත කෝවක්කා වගේ දේවල් ගැන දොස්තර මහත්තයා වුණත් මට බනිනවා. ඒත් මම නම් ඒවා වුණත් අසීමිත විදිහට පාවිච්චියට ගන්නේ නැහැ. සොබාවික අල, කොළ, පලා, මල්, මුල් කිසිවක් සීමිතව පාවිච්චියට ගැනීමේ වරදක් තියෙය කියල මට හිතෙන්නේ නැහැ.

      ඒ සේරටම වැඩියෙන් වෙනත් කාරණයකුත් තියෙනවා. 'නොපවතින කලට - පවතින ඔසු කුමට?' කියන එකත් මගේ හිතේ තදින් තියෙනවා.

      Delete